3. 1
3. 1.
3. 1.
වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ අථොපි වෙ සච්චමනා වදන්ති, වාදං ච ජාතං මුනි නො උපෙති තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි.
ඇතැම් (අන්‍යතීර්ථ) කෙනෙක් ඒකාන්තයෙන් විරුද්ධ සිත් ඇත්තාහු මැ (බුදුනට හා සඟනට) උපවාද කෙරෙති (-නුගුණ කියති.) යළි (ඔවුන් ගෙන් ඇසූ) අන් කෙනෙක් ඒකාන්තයෙන් ‘සැබැවැ’ යන සිත් ඇත්තහු මැ උපවාද කෙරෙත්. බුද්ධමුනි තෙම අභූතයෙන් උපන් (තෙල ආක්‍රෝශ)වාදයට ද නො පැමිණෙයි. එහෙයින් මුනි තෙම කිසි තැනෙක්හි රාගාදි ඛීල (හුල්) නැත්තේ වේ.
වදන්ති වෙ දුට්ඨමනාපි එකෙති - එකෙ තිත්ථියා දුට්ඨමනා පදුට්ඨමනා විරුද්ධමනා පටිවිරුද්ධමනා ආහතමනා පච්චාහතමනා ආඝාතිතමනා පච්චාඝාතිතමනා වදන්ති උපවදන්ති භගවන්තං ච භික්ඛුසඞ්ඝං ච අභූතෙනාති ‘වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ.’
වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ - ඇතැම් තීර්ත්ථක කෙනෙක් දූෂිත සිත් ඇත්තාහු ප්‍රදූෂිත සිත් ඇත්තාහු විරුද්ධ සිත් ඇත්තාහු කෝපයෙන් පහළ සිත් ඇත්තාහු ගැටුණු සිත් ඇත්තාහු බුදුනට ද සඟනට ද අභූතයෙක් (බොරුවෙන්) කියති, උපවාද කෙරෙත් නුයි ‘වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ’ යනු වේ.
අථොපි වෙ සච්චමනා වදන්තීති - යෙ තෙසං තිත්ථියානං සද්දහන්තා ඔකප්පෙන්තා අධිමුච්චන්තා සච්චමනා සච්චසඤ්ඤිනො භූතමනා භූතසඤ්ඤිනො තථමනා තථසඤ්ඤිනො යාථාවමනා යාථාවසඤ්ඤිනො අවිපරීතමනා අවිපරීතසඤ්ඤිනො වදන්ති උපවදන්ති භගවන්තඤ්ච භික්ඛුසඞ්ඝං ච අභූතෙනාති ‘අථොපි වෙ සච්චමනා වදන්ති.’
අථොපි වෙ සච්චමනා වදන්ති - ඒ තොටුවන්ගේ බස් හදහන ගුණවශයෙන් බැසගත් පැහැදීමෙන් ඉවසන යම් කෙනෙක් වෙත් ද, ඔහු සැබැවැ යන සිත් ඇත්තාහු සැබැවැයි හඟනාහු වූයෙකැ යන සිතැත්තාහු වූයෙකැ යි හඟනාහු අවිපරීත සිතැත්තාහු අවිපරීත වැ හඟනාහු නිශ්චල සිතැත්තාහු නිශ්චල වැ හඟනාහු නිශ්චය වූ සිතැත්තාහු නිශ්චයෙන් හඟනාහු බුදුනට ද සඟනට ද අභූතයෙන් බෙණෙති. උපවාද කෙරෙත් නුයි ‘අථොපි වෙ සච්චමානා වදන්ති’ යනු වේ.
වාදං ච ජාතං මුනි නො උපෙතීති - සො වාදො ජාතො හොති සඤ්ජාතො නිබ්බත්තො අභිනිබ්බත්තො පාතුභූතො, පරතොඝොසො අක්කොසො උපවාදො භගවතො ච භික්ඛුසඞ්ඝස්ස ච අභූතෙනාති ‘වාදං ච ජාතං.’ මුනි නො උපෙතීති - ‘මුනී’ති මොනං වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, තෙන ඤාණෙන සමන්නාගතො මුනි මොනප්පත්තො - පෙ - සඞ්ගජාලමතිච්ච සො මුනි. යො වාදං උපෙති, සො ද්වීහි කාරණෙහි වාදං උපෙති: කාරකො කාරකතාය වාදං උපෙති අථවා වුච්චමානො උපවදියමානො කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති අකාරකොම්හීති. යො වාදං උපෙති, සො ඉමෙහි ද්වීහි කාරණෙහි වාදං උපෙති. මුනි ද්වීහි කාරණෙහි වාදං න උපෙති: අකාරකො මුනි අකාරකතාය වාදං න උපෙති. අථවා වුච්චමානො උපවදියමානො න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථියති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති අකාරකොම්හීති. මුනි ඉමෙහි ද්වීහි කාරණෙහි වාදං න උපෙති න උපගච්ඡති න ගණ්හාති න පරාමසති න අභිනිවිසතීති ‘වාදඤ්ච ජාතං මුනි නො උපෙති.’
වාදං ච ජාතං මුනි නො උපේති - ඒ ආක්රොශවාදය බුදුනට ද සඟනට ද අභූතයෙන් උපන්නේ හටගත්තේ නිපන්නේ මොනොවට නිපන්නේ පහළ වූයේ මෙරමා බසින් වූයේ උපවාද වූයේ වේ නුයි ‘වාදං ච ජාතං’ යනු වෙයි. මුනි නො උපේති - ‘මුනි’ යනු: (2. 8. සුත්තනිද්දෙසය බලන්න) යමෙක් උපවාදයට පැමිණේ නම්, හෙතෙම දෙ කරුණෙකින් උපවාදයට පැමිණෙයි: කාරක (=කළ දොස ඇතියේ) කාරක බැවින් උපවාදයට පැමිණෙයි. නොහොත් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. උපවාදයට පැමිණෙනුයේ මේ දෙ කරුණෙන් පැමිණෙයි. බුද්ධමුනි තෙම දෙ කරුණෙකින් උපවාදයට නො පැමිණෙයි: අකාරක වූ මුනි අකාරක බැවින් උපවාදයට නො පැමිණෙයි, නොහොත් (අන්‍යයන් විසින් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ නො කිපෙයි, පූති නො වෙයි, තද නො වෙයි, කෝපයත් දෝසයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මුනි තෙම මේ දෙ කරුණෙන් උපවාදයට නො පැමිණෙයි, නො එළැඹෙයි, පරාමර්ශ නො කෙරෙයි, නො පිවිසේ නුයි ‘වාදං ච ජාතං මුනි නො උපේති’ යනු වේ.
තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චීති - ‘තස්මා’ති තස්මා තං කාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා මුනිනො ආහතචිත්තතා ඛිලජාතතාපි නත්ථි, පඤ්චපි චෙතොඛිලා නත්ථි. තයොපි ඛීලා නත්ථි: රාගඛීලො දොසඛීලො මොහඛීලො නත්ථි න සංවිජ්ජති නූපලබ්භති පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. කුහිඤ්චීති - කුහිඤ්චි කිම්හිචි කත්ථචි, අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වාති ‘තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චී’ති.
තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයයෙන් ඒ නිදානයෙන් මුනිහුගේ කෝපයෙන් පහළ සිතැති බවෙක් ප්රතිඝඛීල (-හුල්) හටගත් බවෙක් නැති. චෙතොඛීල පස ම නැති. රාග දෝස මෝහ යන ඛීල තුන ම නැත්තේයි. නත්ථි - අවිද්‍යමාන වෙයි, නො ලැබෙයි ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ සැහැල්ලු වූයේ උපතට නො සුදුසු වූයේ නුවණගින්නෙන් දැවුණේ වෙයි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි දු කිසිවෙක්හි දු කිසි තැනෙක්හි දු නුයි තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ අථොපි වෙ සච්චමනා වදන්ති, වාදං ච ජාතං මුනි නො උපෙති තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චී”ති.
“වදන්ති වෙ -පෙ- නත්ථි ඛීලො කිහිඤ්චි” යී.