යෙදුමෙන් කියවන්න

2. 8

2. 8.

2. 8.

සඤ‍්ඤං පරිඤ‍්ඤා විතරෙය්‍ය ඔඝං පරිග‍්ගහෙසු මුනි නොපලිත‍්තො, අබ‍්බූළ‍්හසල‍්ලො චරමප‍්පමත‍්තො නාසිංසති ලොකමිමං පරං ච.

කාමසංඥාදිසංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධ පරිඥායෙන් දැන චතුරෝඝය තරණය කරන්නේ ය. එහෙයින් තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයන්හි නො ඇලුණු ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපුටා හළ රාගාදිශල්‍ය ඇතියේ අප්‍රමත්ත වැ හැසිරෙනුයේ (ස්වාත්මභාවාදි සඞ්ඛ්‍යාත) මෙලොවත් (පරාත්මභාවාදි සඞ්ඛ්‍යාත) පරලොවත් නො පතන්නේ යි.

සඤ‍්ඤං පරිඤ‍්ඤා විතරෙය්‍ය ඔඝන‍්ති - ‘සඤ‍්ඤා’ති කාමසඤ‍්ඤා ව්‍යාපාදසඤ‍්ඤා විහිංසාසඤ‍්ඤා නෙක‍්ඛම‍්මසඤ‍්ඤා අව්‍යාපාදසඤ‍්ඤා අවිහිංසාසඤ‍්ඤා රූපසඤ‍්ඤා සද‍්දසඤ‍්ඤා ගන්‍ධසඤ‍්ඤා රසසඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා ධම‍්මසඤ‍්ඤා, යා එවරූපා සඤ‍්ඤා සංජානනා සංජානිතත‍්තං, අයං වුච‍්චති සඤ‍්ඤා. සඤ‍්ඤං පරිඤ‍්ඤාති - සඤ‍්ඤං තීහි පරිඤ‍්ඤාහි පරිජානිත්‍වා ඤාතපරිඤ‍්ඤාය තීරණපරිඤ‍්ඤාය පහානපරිඤ‍්ඤාය. කතමා ඤාතපරිඤ‍්ඤා? සඤ‍්ඤං ජානාති ‘අයං කාමසඤ‍්ඤා අයං ව්‍යාපාදසඤ‍්ඤා අයං විහිංසාසඤ‍්ඤා අයං නෙක‍්ඛම‍්මසඤ‍්ඤා අයං අව්‍යාපාදසඤ‍්ඤා අයං අවිහිංසාසඤ‍්ඤා අයං රූපසඤ‍්ඤා අයං සද‍්දසඤ‍්ඤා අයං ගන්‍ධසඤ‍්ඤා අයං රසසඤ‍්ඤා අයං ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා අයං ධම‍්මසඤ‍්ඤා’ති ජානාති පස‍්සති. අයං ඤාතපරිඤ‍්ඤා.

සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං - ‘සඤ්ඤා’ යනු: කාමසංඥා යැ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ, රූපසංඥා යැ ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැ යන මෙ බඳු වූ හැඳිනීම හඳුනන අයුර හැඳිනගත්බව ‘සඤ්ඤා’ යී කියනු ලැබේ. සඤ්ඤං පරිඤ්ඤා - සංඥාව ඥාත තීරණ ප්‍රහාණ යන ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැන; එහි ඥාතපරිඥා කවරී ද යත්: මෝ කාමසංඥා යැ මෝ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ මෝ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැයි සංඥාව දැනගනී, දකී. මෝ යැ ඥාතපරිඥා නම්.

කතමා තීරණපරිඤ‍්ඤා? එවං ඤාතං කත්‍වා සඤ‍්ඤං තීරෙති: අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද‍්දවතො භයතො උපස‍්සග‍්ගතො චලතො පභඞ‍්ගුතො -පෙ- සමුදයතො අත්‍ථඞ‍්ගමතො අස‍්සාදතො ආදීනවතො නිස‍්සරණතො තීරෙති. අයං තීරණපරිඤ‍්ඤා.

තීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් සංඥාව ප්‍රකට කොට දැන අනිත්‍ය හෙයින් සිතයි. දුඃඛ - රෝග - ගණ්ඩ - ශල්‍ය - අඝ - ආබාධ - පර - පලෝක - ඊති - උපද්‍රව - භය - උපසර්‍ග - චල - පභඞ්ගු හෙයින් ... සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව - නිස්සරණ හෙයින් සිතයි. මෝ යැ තීරණපරිඥා නම්.

කතමා පහාණපරිඤ‍්ඤා? එවං ඤාතං කත්‍වා එවං තීරයිත්‍වා සඤ‍්ඤාය ඡන්‍දරාගං පජහති විනොදෙති ව්‍යන‍්තී කරොති අනභාවං ගමෙති. වුත‍්තම‍්පි හෙතං භගවතා: “යො භික‍්ඛවෙ සඤ‍්ඤාය ඡන්‍දරාගො, තං පජහථ. එවං සා සඤ‍්ඤා පහීනා භවිස‍්සති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවං ගතා ආයතිං අනුප‍්පාදධම‍්මා”ති. අයං පහානපරිඤ‍්ඤා. ‘සඤ‍්ඤං පරිඤ‍්ඤා’ති සඤ‍්ඤං ඉමාහි තීහි පරිඤ‍්ඤාහි පරිජානිත්‍වා; විතරෙය්‍ය ඔඝන‍්ති කාමොඝං භවොඝං දිට‍්ඨොඝං අවිජ‍්ජොඝං තරෙය්‍ය උත‍්තරෙය්‍ය පතරෙය්‍ය සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍යාති ‘සඤ‍්ඤං පරිඤ‍්ඤා විතරෙය්‍ය ඔඝං.’

ප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ප්‍රකට කොට දැන මෙ සෙයින් තීරණ කොට සංඥායෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, සංඥායෙහි ඡන්‍දරාගය දුරු කරවු එවිට ඒ සංඥාව ප්‍රහීණ වූවා වෙයි. උපුටා හළ මුල් ඇත්තී, තාලවස්තුවක් මෙන් කරන ලද්දී, අභාවයට පැමිණියා, මතු නූපදනා පියවි ඇති වන්නී යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්. ‘සඤ්ඤං පරිඤ්ඤා’ යනු: සංඥාව මේ ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැන; විතරෙය්‍ය ඕඝං - කාම - භව - දෘෂ්ටි - අවිද්‍යා ඕඝය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කරන්නේ යැ ඉක්මවන්නේ නුයි ‘සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං’ යනු වේ.

පරිග‍්ගහෙසු මුනි නොපලිත‍්තොති - ‘පරිග‍්ගහා’ති ද‍්වෙ පරිග‍්ගහා: තණ‍්හාපරිග‍්ගහො ච දිට‍්ඨිපරිග‍්ගහො ච - පෙ - අයං තණ‍්හාපරිග‍්ගහො -පෙ- අයං දිට‍්ඨිපරිග‍්ගහො. මුනීති - මොනං වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා - පෙ - අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, තෙන ඤාණෙන සමන‍්නාගතො මුනි මොනප‍්පත‍්තොති.

පරිග්ගහෙසු මුනි නොපලිත්තො - ‘පරිග්ගහ’ යනු: තෘෂ්ණාපරිග්‍රහ යැ දෘෂ්ටිපරිග්‍රහ යැයි පරිග්‍රහ දෙකෙකි... මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි. ප්‍රඥාව දැනගන්නා අයුර ... අමෝහය ධර්‍මවිචය සම්‍යග්දෘෂ්ටිය යැ. ඒ ඥානයෙන් යුක්ත වූ මුනි තෙම ‘මොනප්පත්ත’යි.

තීණි මොනෙය්‍යානි: කායමොනෙය්‍යං වචීමොනෙය්‍යං මනොමොනෙය්‍යං. කතමං කායමොනෙය්‍යං? තිවිධානං කායදුච‍්චරිතානං පහානං කායමොනෙය්‍යං. තිවිධං කායසුචරිතං කායමොනෙය්‍යං, කායාරම‍්මණෙ ඤාණං කායමොනෙය්‍යං, කායපරිඤ‍්ඤා කායමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො කායමොනෙය්‍යං, කායෙ ඡන්‍දරාගස‍්ස පහානං කායමොනෙය්‍යං, කායසංඛාරනිරොධො චතුත්‍ථජ‍්ඣානසමාපත‍්ති කායමොනෙය්‍යං. ඉදං කායමොනෙය්‍ය.

කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යැයි මෝනෙය්‍ය තුනෙකි. කායමෝනෙය්‍ය කවරැ? යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ. ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ. කය අරමුණු කොට අනිත්‍යාදිවශයෙන් පැවැති ඥානය කායමෝනෙය්‍ය යැ. කායපරිඥාව කායමෝනෙය්‍ය යැ. පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ. කයෙහි ඡන්‍දරාගය දුරු කිරීම කායමෝනෙය්‍ය යැ. කායසංස්කාර (=ආශ්වාසප්‍රශ්වාස)යන්ගේ නිරෝධය වූ චතුර්ත්ථධ්‍යානසමාපත්තිය කායමොනෙය්‍යය යි. මේ කායමෝනෙය්‍ය නමි.

කතමං වචීමොනෙය්‍යං? චතුබ‍්බිධානං වචීදුච‍්චරිතානං පහානං වචීමොනෙය්‍යං, වචීසුචරිතං වචීමොනෙය්‍යං වාචාරම‍්මණෙ ඤාණං වචීමොනෙය්‍යං, වාචාපරිඤ‍්ඤා වචීමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො වචීමොනෙය්‍යං, වාචාය ඡන්‍දරාගස‍්ස පහානං වචීමොනෙය්‍යං. වචීසංඛාරනිරොධො දුතියජ‍්ඣානසමාපත‍්ති වචීමොනෙය්‍යං. ඉදං වචීමොනෙය්‍යං.

වචීමොනෙය්‍ය කවරැ ? යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ. වාක්සුචරිතය - අනිත්‍යාදිවශයෙන් වාගාලම්බනයෙහි පැවැති ඥානය - ත්‍රිවිධ පරිඥාවශයෙන් වාක්පරිඥාව - පරිඥාසහගත මාර්‍ගය - වාක්හි ඡන්‍දරාගප්‍රහාණය - වාක්සංස්කාර (විතර්‍කවිචාර)යන්ගේ නිරෝධය වූ ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යි. මේ වචීමොනෙය්‍ය නමි.

කතමං මනොමොනෙය්‍යං? තිවිධානං මනොදුච‍්චරිතානං පහානං මනොමොනෙය්‍යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්‍යං, චිත‍්තාරම‍්මණෙ ඤාණං මනොමොනෙය්‍යං, චිත‍්තපරිඤ‍්ඤා මනොමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො මනොමොනෙය්‍යං, චිත‍්තෙ ඡන්‍දරාගස‍්ස පහානං මනොමොනෙය්‍යං, චිත‍්තසංඛාරනිරොධො සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති මනොමොනෙය්‍යං ඉදං මනොමොනෙය්‍යං.

මනෝමෝනෙය්‍ය කවරැ ? යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය - චිත්තාලම්බනයෙහි පැවැති ඥානය - චිත්තපරිඥාව - පරිඥාසහගත වූ මාර්‍ගය - චිත්තයෙහි ඡන්‍දරාගප්‍රහාණය - චිත්තසංස්කාරයන් (=සංඥාවෙදනාවන්)ගේ නිරෝධය වූ සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍යය යි. මේ මනෝමෝනෙය්‍ය නමි.

1. “කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං, මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු සබ‍්බප‍්පහායිනං.

1. කායදුශ්චරිතප්‍රහාණයෙන් කායමුනි වූ වාග්දුශ්චරිතප්‍රහාණයෙන් වාචාමුනි වූ මනොදුශ්චරිතප්‍රහාණයෙන් මනොමුනි වූ සර්‍වාකුශලප්‍රහාණයෙන් ඵලයෙහි සිටි හෙයින් මුනිභාවයෙන් යුක්ත වූවහු සියලු කෙලෙසුන් දුරු කළ හෙයින් ‘සබ්බප්පහායී’ යයි කියත්.

2. කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු නින‍්හාතපාපක”න‍්ති.

2. ... මාර්‍ගඥානයෙන් සියලු පව් ධොවනය කළ හෙයින් ‘නින්හාතපාපක’ යයි කියත්.

ඉමෙහි තීහි මොනෙය්‍යෙහි ධම‍්මෙහි සමන‍්නාගතා ඡ මුනිනො: අගාරමුනිනො අනගාරමුනිනො සෙඛමුනිනො අසෙඛමුනිනො පච‍්චෙකමුනිනො මුනිමුනිනොති. කතමෙ අගාරමුනිනො? යෙ තෙ අගාරිකා දිට‍්ඨපදා විඤ‍්ඤාතසාසනා, ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො? යෙ තෙ පබ‍්බජිතා දිට‍්ඨපදා විඤ‍්ඤාතසාසනා, ඉමෙ අනගාරමුනිනො. සත‍්ත සෙඛා සෙඛමුනිනො. අරහන‍්තො අසෙඛමුනිනො. පච‍්චෙකබුද‍්ධා පච‍්චෙකමුනිනො. මුනිමුනිනො වුච‍්චන‍්ති තථාගතා අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා.

මේ ත්‍රිවිධ මෞනෙයධර්‍මයන්ගෙන් සමන්‍විත වූ අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි ෂඩ්වීධමුනි කෙනෙක් වෙති. අගාරමුනිහු කවරහ යත්: ගිහිකම්හි යෙදුණු දුටු නිවන් ඇති දත් (ශික්ෂාමාත්‍රය සඞ්ඛ්‍යාත) තුන් සසුන් ඇත්තාහු අගාරමුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: පැවිදි වූ දුටුනිවන් ඇති දත් සසුන් ඇත්තාහු අනගාරමුනිහු යැ. සප්තශෛක්ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේබුදුහු පච්චෙකමුනිහු යැ. තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යැයි කියනු ලැබෙත්.

3. “න මොනෙන මුනි හොති මූළ‍්හරූපො අවිද‍්දසු, යො ච තුලංව පග‍්ගය‍්හ වරමාදාය පණ‍්ඩිතො.

3-4. සිස් පියවි ඇති අඥ (=නුවණ නැති) තෙනැත්තේ මෞනභාවයෙන් (=නො බිණීමෙන්) මුනි නම් නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව (=තරාදිය) ගෙන (අධිකය හැර ඌනය පුරන්නාක් මෙන්) ශීලසමාධ්‍යාදි උතුම් දැය ගෙන පව් දුරු කෙරේ ද, එ කරුණෙන් හෙතෙම මුනි නම් වෙයි. යමෙක් ස්කන්ධාදිලොකයෙහි ආධ්‍යාත්මික බාහ්‍යස්කන්ධාදි උභයාර්‍ත්‍ථයන් දනී නම් එ කරුණෙන් හේ මුනී යයි කියනු ලැබේ.

4. පාපානි පරිවජ‍්ජෙති ස මුනී තෙන සො මුනී, යො මුනාති උභො ලොකෙ මුනී තෙන පවුච‍්චති.”.

5. “අසතඤ‍්ච සතඤ‍්ච ඤත්‍වා ධම‍්මං අජ‍්ඣත‍්තං බහිද‍්ධා ච සබ‍්බලොකෙ, දෙවමනුස‍්සෙහි පූජිතො යො සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී”ති.

5. යමෙක් ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද සියලු ලෝකයෙහි කුශලාකුශල භේද වූ සාධූන්ගේ ද අසාධූන්ගේ ද ධර්‍මය (ප්‍රවිචයඥානයෙන්) දැන එහෙයින් මැ රාගාදිසඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ දෙවිමිනිසුන් විසින් පුදන ලදුයේ වේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම ‘මුනි’ යයි කියනු ලැබේ.

ලෙපාති - ද‍්වෙ ලෙපා: තණ‍්හාලෙපො ච දිට‍්ඨිලෙපො ච - පෙ - අයං තණ‍්හාලෙපො -පෙ- අයං දිට‍්ඨිලෙපො. මුනි තණ‍්හාලෙපං පහාය දිට‍්ඨිලෙපං පටිනිස‍්සජිත්‍වා පරිග‍්ගහෙසු න ලිප‍්පති න සංලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තො අසංලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පරිග‍්ගහෙසු මුනි නොපලිත‍්තො.

ලෙප නම්: තෘෂ්ණාලේප යැ දෘෂ්ටිලෙප යැයි ලෙප දෙකෙකි... ක්‍ෂීණාස්‍රව මුනි තෙම තෘෂ්ණාලේපය හැර දෘෂ්ටිලෙපය දුරු කොට තෘෂ්ණාදෘෂ්ටීන් ගත් වස්තුයෙහි නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි, නො යෙදෙයි, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා ඇති සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘පරිග්ගහෙසු මුනි නොපලිත්තො’ යනු වේ.

අබ‍්බූළ‍්හසල‍්ලො චරමප‍්පමත‍්තොති - ‘සල‍්ල’න‍්ති සත‍්ත සල‍්ලානි: රාගසල‍්ලං දොසසල‍්ලං මොහසල‍්ලං මානසල‍්ලං දිට‍්ඨිසල‍්ලං සොකසල‍්ලං දුච‍්චරිතසල‍්ලං. යස‍්සෙතෙ සල‍්ලා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති අබ‍්බූළ‍්හසල‍්ලො අබ‍්බූහිතසල‍්ලො උද‍්ධතසල‍්ලො සමුද‍්ධතසල‍්ලො උප‍්පාටිතසල‍්ලො සමුප‍්පාටිතසල‍්ලො චත‍්තසල‍්ලො වන‍්තසල‍්ලො මුත‍්තසල‍්ලො පහීනසල‍්ලො පටිනිස‍්සට‍්ඨසල‍්ලො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතීති ‘අබ‍්බූළ‍්හසල‍්ලො. ‘චරන‍්ති - චරන‍්තො විහරන‍්තො ඉරීයන‍්තො වත‍්තන‍්තො පාලෙන‍්තො යපෙන‍්තො යාපෙන‍්තො. අප‍්පමත‍්තොති - සක‍්කච‍්චකාරී සාතච‍්චකාරී අට‍්ඨිතකාරී අනොලීනවුත‍්තිකො අනික‍්ඛිත‍්තඡන්‍දො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ‘කථාහං අපරිපූරං වා සීලක‍්ඛන්‍ධං පරිපූරෙය්‍යං, පරිපූරං වා සීලක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුගණ‍්හෙය්‍ය’න‍්ති යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤං ච ආතප‍්පං පධානං අධිට‍්ඨානං අනුයොගො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසු. ‘කථාහං අපරිපූරං වා සමාධික‍්ඛන්‍ධං පරිපූරෙය්‍යං, පරිපූරං වා සමාධික‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුගණ‍්හෙය්‍යං -පෙ- කුසලෙසු ධම‍්මෙසු. ‘කථාහං අපරිපූරං වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙය්‍යං -පෙ- විමුත‍්තික‍්ඛන්‍ධං -පෙ- විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුගණ‍්හෙය්‍ය’න‍්ති යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤං ච ආතප‍්පං පධානං අධිට‍්ඨානං අනුයොගො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසු. ‘කථාහං අපරිඤ‍්ඤාතං වා දුක‍්ඛං පරිජානෙය්‍යං, අප‍්පහීනෙ වා කිලෙසෙ පජහෙය්‍යං, අභාවිතං වා මග‍්ගං භාවෙය්‍යං, අසච‍්ඡිකතං වා නිරොධං සච‍්ඡිකරෙය්‍යන‍්ති’ යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤං ච ආතප‍්පං පධානං අධිට‍්ඨානං අනුයොගො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසූති ‘අබ‍්බූළ‍්හසල‍්ලො චරමප‍්පමත‍්තො.’

අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො - ‘සල්ල’ නම්: රාගශල්‍ය යැ දොස - මෝහ - මාන - දිට්ඨි - සෝක - දුශ්චරිතශල්‍ය යැයි සප්ත ශල්‍ය කෙනෙකි. යමක්හු විසින් තෙල ශල්‍යයෝ ප්‍රහාණ කරන ලද්දාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු ඉපදීමට නුසුදුසු කරන ලද්දාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හෙතෙම බැහැර කළ ශල්‍ය (=හුල්) ඇත්තේ යැ, උපුටාහළ හුල් ඇත්තේ යැ, සිඳුනා ලද හුල් ඇත්තේ යැ, ත්‍යාග කළ - වමනය කළ - මුදන ලද - ප්‍රහාණ කළ - දුරු කළ - හුල් ඇත්තේ යැ, තෘෂ්ණා රහිත යැ, නිවුණේ යැ, සිහිල් වූයේ යැ, සුව විඳිනසුලු වූයේ උතුම් වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අබ්බූළ්හසල්ල’ නමි. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ ඉරියවු උපදවනුයේ ඉරියවු රක්නේ යැපෙනුයේ; අප්පමත්තො - කුසල් දහම්හි සත්කාර (සකස් කොට) කරනුයේ සතතභාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකිළැ කරනුයේ නො තැබූ ඡන්‍දය ඇතියේ නො තැබූ ධුර (නො පසුබස්නා සිත්) ඇතියේ ‘කෙසේ නම් මම නොපිරිපුන් ශීලස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් ශීලස්කන්‍ධය ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’ යි ඒ කුසල් දහම්හි යම් කත්තුකම්‍යතාඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් නො පසු බස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රජන්‍යයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන්වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් අප්‍රමාදයෙක් වේ ද, ‘කෙසේ නම් මම නො පිරිපුන් සමාධිස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් සමාධිස්කන්‍ධය ඒ ඒ තැන නුවණින් අනුගනිම් දෝ හො’ යි... නො පිරිපුන් ප්‍රඥාස්කන්‍ධය ... විමුක්තිස්කන්‍ධය... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පුරම් දෝ හෝ ... කෙසේ නම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ, අප්‍රහීණ වූ කෙලශයන් දුරු කෙරෙම් දෝ හෝ, නො වැඩූ මාර්‍ගය වඩම් දෝ හෝ, නො පසක් කළ නිරෝධය පසක් කෙරෙම් දෝ හෝ, යි කුසල්දහම්හි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් නො පසු බස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රජන්‍යයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් අප්‍රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො’ යනු වේ.

නාසිංසතී ලොකමිමං පරං චාති - ඉමං ලොකං නාසිංසති සකත‍්තභාවං, පරං ලොකං නාසිංසති පරත‍්තභාවං, ඉමං ලොකං නාසිංසති සකරූපවෙදනාසඤ‍්ඤාසංඛාරවිඤ‍්ඤාණං, පරං ලොකං නාසිංසති පරරූපවෙදනාසඤ‍්ඤාසංඛාරවිඤ‍්ඤාණං, ඉමං ලොකං නාසිංසති ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි, පරං ලොකං නාසිංසති ඡ බාහිරානි ආයතනානි, ඉමං ලොකං නාසිංසති මනුස‍්සලොකං, පරං ලොකං නාසිංසති දෙවලොකං, ඉමං ලොකං නාසිංසති කාමධාතු, පරං ලොකං නාසිංසති රූපධාතුං අරූපධාතු, ඉමං ලොකං නාසිංසති කාමධාතු රූපධාතු, පරං ලොකං නාසිංසති අරූපධාතුං, පුනගතිං වා උප‍්පත‍්තිං වා පටිසන්‍ධිං වා භවං වා සංසාරං වා වට‍්ටං වා නාසිංසති න ඉච‍්ඡති න සාදියති න පත්‍ථෙති න පිහෙති නාභිජප‍්පතීති ‘නාසිංසතී ලොකමිමං පරං චා’ති.

නාසිංසතී ලෝකමිමං පරං ච - ස්වාත්මභාවසඞ්ඛ්‍යාත මෙලොව නො පතයි. පරාත්මභාවසඞ්ඛ්‍යාත පරලොව නො පතයි. ස්වකීයරූපවෙදනාසංඥාසංස්කාරවිඥාන සඞ්ඛ්‍යාත මෙලොව, පරරූපවෙදනාසංඥාසංස්කාරවිඥාන සඞ්ඛ්‍යාත පරලොව, ආධ්‍යාත්මිකෂඩායතනසඞ්ඛ්‍යාත මෙලොව, බාහ්‍ය ෂඩායතනසඞ්ඛ්‍යාත පරලොව, මනුෂ්‍යලොක සඞ්ඛ්‍යාත මෙලොව, දිව්‍යලොක සඞ්ඛ්‍යාත පරලොව, කාමභව සඞ්ඛ්‍යාත මෙලොව, රූපාරූපභවසඞ්ඛ්‍යාත පරලොව, කාම - රූපභවසඞ්ඛ්‍යාත මෙලොව, අරූපභව සඞ්ඛ්‍යාත පරලොව නො පතයි. පෙරළා පඤ්චගතිය හෝ (සිවුයොනියෙහි) උපත හෝ පිළිසඳ හෝ කර්‍මභවය හෝ සසර හෝ ත්‍රෛභූමකවෘත්තය හෝ ආශංසන නො කෙරෙයි, නො කැමැති වෙයි, නො ඉවසයි, නො පතයි, නො ඉස්නේ වෙයි, අභිජල්පන නො කෙරේ නුයි ‘නාසිංසතී ලෝකමිමං පරඤ්ච’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සඤ‍්ඤං පරිඤ‍්ඤා විතරෙය්‍ය ඔඝං පරිග‍්ගහෙසු මුනි නොපලිත‍්තො, අබ‍්බූළ‍්හසල‍්ලො චරමප‍්පමත‍්තො නාසිංසතී ලොකමිමං පරං චා”ති.

“සඤ්ඤං පරිඤ්ඤා -පෙ- පරං ච” යී.

ගුහට‍්ඨකසුත‍්තනිද‍්දෙසො දුතියො.

දෙවැනි වූ ගුහට්ඨකසූත්‍රනිර්‍දෙශය යි.