2. 7
2. 7.
2. 7.
උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො, යදත්තගරහී තදකුබ්බමානො න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො.
(ඵස්ස - ඵස්සසමුදයාදි) දෙ දෙ අන්තයන්හි ඡන්දරාගය දුරු කොට (චක්ඛුසම්ඵස්සාදි) ස්පර්ශය ත්‍රිවිධ පරිඥායෙන් දැන රූපාදියෙහි ගිජු නො වූ කළ නො කළ හෙයින් තමහට ගරහ උපදවන කායදුශ්චරිත කායසුචරිතාදිය නො කරන ධීර (ප්‍රාඥ) තෙම රූප ශබ්ද (ගන්ධරසස්ප්රෂ්ටව්ය) ආයතනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලේ.
උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දන්ති - ‘අන්තා’ති ද්වෙ අන්තා: ඵස්සො එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො. අතීතො එකො අන්තො, අනාගතො දුතියො අන්තො. සුඛා වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො. නාමං එකො අන්තො, රූපං දුතියො අන්තො. ඡ අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන්තො. සක්කායො එකො අන්තො, සක්කායසමුදයො දුතියො අන්තො. ඡන්දො’ති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං. උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දන්ති - උභොසු අන්තෙසු ඡන්දං විනෙය්ය පටිවිනෙය්ය පජහෙය්ය විනොදෙය්ය ව්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති ‘උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං. ‘
උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං - ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්ශය එක් අන්තයෙකැ, ස්පර්ශසමුදය දෙවැනි අන්තය යි. අතීතය අන්තයෙකැ, අනාගතය දෙවැනි අන්තය යි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක් වේදනාව දෙවැනි අන්තය යි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. ෂඩ් ආධ්යාත්මිකායතනයෝ එක් අන්තයෙකැ, ෂඩ් බාහිරායතනයෝ දෙවැනි අන්තය යි. සත්කාය එක් අන්තයෙකැ, සත්කායසමුදය දෙවැනි අන්තය යි. ඡන්ද නම්: පස්කම්ගුණයෙහි කාම සඞ්ඛ්‍යාත ඡන්දය කාමරාගය කාමනන්දිය කාමතෘෂ්ණාව කාමස්නෙහය කාමපරිදාහය කාමමූර්ඡාව කාමඅධ්යවසානය (-බැසගැනීම) කාමෞඝය කාමයෝගය කාමෝපාදානය කාමච්ඡන්දනීවරණය යි. උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං - දෙ දෙ අන්තයන්හි ඡන්දරාගය සන්හිඳුවන්නේ යැ, දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අභාවයට පමුණුවන්නේ නුයි ‘උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං’ යනු වේ.
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධොති - ‘ඵස්සො’ති චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනො සම්ඵස්සො අධිවචනසම්ඵස්සො පටිඝසම්ඵස්සො සුඛවෙදනීයො සම්ඵස්සො දුක්ඛවෙදනීයො සම්ඵස්සො අදුක්ඛමසුඛවෙදනීයො සම්ඵස්සො කුසලො ඵස්සො අකුසලො ඵස්සො අව්යාකතො ඵස්සො කාමාවචරො ඵස්සො රූපාවචරො ඵස්සො අරූපාවචරො ඵස්සො සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සො ලොකියො ඵස්සො ලොකුත්තරො ඵස්සො අතීතො ඵස්සො අනාගතො ඵස්සො පච්චුප්පන්නො ඵස්සො, යො එවරූපො ඵස්සො ඵුසනා සමඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඵස්සො.
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො - ‘ඵස්සො’ යනු: චක්ඛුසම්ඵස්ස යැ සෝත - ඝාන - ජිව්හා - කාය - මනෝසම්ඵස්ස යැ අධිවචන (-මනෝද්වාරික) සම්ඵස්ස යැ පටිඝ (පඤ්චද්වාරික) සම්ඵස්ස යැ සුඛවේදනීය - දුක්ඛවෙදනීය - අදුක්ඛමසුඛවෙදනීය සම්ඵස්ස යැ කුසල්සිත් සහගත පහස යැ අකුසල්සිත් සහගත - අව්‍යාකෘත සිත් සහගත - කාමාවචර සිත් සහගත - රූපාවචර - අරූපාවචර - ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - වර්තමාන පහස යැ යන මෙබඳු වූ පහස පහස්නා අයුර මොනොවට ස්පර්ශ කළ බව ‘ඵස්ස’ යී කියනු ලැබේ.
ඵස්සං පරිඤ්ඤායා’ති - ඵස්සං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
ඵස්සං පරිඤ්ඤාය - ස්පර්ශය ඥාතපරිඥා තීරණපරිඥා ප්‍රහාණපරිඥා යන තුන් පරිඥායෙන් දැන.
කතමා ඤාතපරිඤ්ඤා? ඵස්සං ජානාති: ‘අයං චක්ඛුසම්ඵස්සො, අයං සොතසම්ඵස්සො, අයං ඝානසම්ඵස්සො, අයං ජිව්හාසම්ඵස්සො, අයං කායසම්ඵස්සො, අයං මනොසම්ඵස්සො, අයං අධිවචනසම්ඵස්සො, අයං පටිඝසම්ඵස්සො, අයං සුඛවෙදනීයො ඵස්සො, අයං දුක්ඛවෙදනීයො ඵස්සො, අයං අදුක්ඛමසුඛවෙදනීයො ඵස්සො, අයං කුසලො ඵස්සො, අයං අකුසලො ඵස්සො, අයං අව්යාකතො ඵස්සො, අයං කාමාවචරො ඵස්සො, අයං රූපාවචරො ඵස්සො, අයං අරූපාවචරො ඵස්සො, අයං සුඤ්ඤතො ඵස්සො, අයං අනිමිත්තො ඵස්සො, අයං අප්පණිහිතො ඵස්සො, අයං ලොකියො ඵස්සො, අයං ලොකුත්තරො ඵස්සො, අයං අතීතො ඵස්සො, අයං අනාගතො ඵස්සො, අයං පච්චුප්පන්නො ඵස්සො’ති ජානාති පස්සති. අයං ඤාතපරිඤ්ඤා.
ඥාතපරිඥා කවරී ද යත්: මේ චක්ඛුසම්ඵස්ස යැ, මේ ශ්රෝත්රසංස්පර්ශ යැ, මේ ඝ්රාණසංස්පර්ශ යැ, මේ ජිහ්වාසංස්පර්‍ශ යැ, මේ කායසංස්පර්ශ යැ, මේ මනස්සංස්පර්‍ශ යැ, මේ අධිවචනසංස්පර්ශ යැ, මේ ප්රතිඝසංස්පර්ශ යැ, මේ සුඛවෙදනීයස්පර්ශ යැ, මේ දුඃඛවෙදනීයස්පර්ශ යැ, මේ උපෙක්ෂාවෙදනීයස්පර්ශ යැ, මේ කුශලස්පර්ශ යැ, මේ අකුශලස්පර්ශ යැ, මේ අව්යාකෘතස්පර්ශ යැ, මේ කාමාවචරස්පර්ශ යැ, මේ රූපාවචරස්පර්ශ යැ, මේ අරූපාවචරස්පර්ශ යැ, මේ ශුන්යස්පර්ශ යැ, මේ අනිමිත්තස්පර්ශ යැ, මේ අප්රණිහිතස්පර්ශ යැ, මේ ලෞකිකස්පර්ශ යැ, මේ ලොකොත්තරස්පර්ශ යැ, මේ අතීතස්පර්ශ යැ, මේ අනාගතස්පර්ශ යැ, මේ ප්රත්යුත්පන්නස්පර්ශ යැ’යි ස්පර්ශය දැනගනී. මෝ යැ ඥාතපරිඥා නම්.
කතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා ඵස්සං තීරෙති අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුතො අද්ධුවතො අත්තාණතො අලෙණතො අසරණතො අසරණීභූතතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සංඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො ව්යාධිධම්මතො මරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මතො සංකිලෙසිකධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති. අයං තීරණපරිඤ්ඤා.
තීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ස්පර්ශය ප්‍රකට කොට දනිමින් තීරණය කෙරෙයි (-සිතයි. කෙසේ ද?) අනිත්‍ය හෙයින් සිතයි, දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් අඝ (=දුක්) හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් පලෝක (බිඳෙන) හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව - භය - උපසර්ග - චඤ්චල - බිඳෙසනුලු - අධ්‍රැව - අත්‍රාණ - අලෙන - අශරණ - අශරණීභූත - සිස් - තුච්ඡ - ශුන්‍ය - අනාත්ම - ආදීනව - විපරිණාම - ස්වභාව - අසාර - අඝමූල - වධක - විභව - සාස්‍රව - හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත - මාරාමිෂ - ජාතිධර්ම - ජරාධර්ම - ව්යාධිධර්ම - මරණධර්ම - ශෝකපරිදේව දුඃඛදෞර්මනස්යොපායාසධර්ම - සංක්ලේශධර්ම - සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව හෙයින් නිස්සරණ හෙයින් තීරණය කෙරෙයි. මෝ යැ තීරණපරිඥා නම්.
කතමා පහානපරිඤ්ඤා? එවං තීරෙත්වා ඵස්සෙ ඡන්දරාගං පජහති විනොදෙති ව්යන්තිං කරොති අනභාවං ගමෙති. වුත්තං හෙතං භගවතා: “යො භික්ඛවෙ ඵස්සෙසු ඡන්දරාගො, තං පජහථ. එවං සො ඵස්සො පහීනො භවිස්සති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවං ගතො ආයතිං අනුප්පාදධම්මො”ති. අයං පහානපරිඤ්ඤා.
ප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් තීරණය කොට ස්පර්ශයෙහි ඡන්දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මේ වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, ස්පර්ශයන්හි ඡන්දරාගය දුරු කරවු. එවිට ඒ ස්පර්ශය ප්‍රහීණ වෙයි. උසුන් මුල් ඇතියේ (මුල්සුන්) තල්රුකක් මෙන් කරන ලදුයේ අභාවයට ගියේ මතු නූපදනා පියවි ඇතියේ වේ යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්.
ඵස්සං පරිඤ්ඤායා’ති - ඵස්සං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා; අනානුගිද්ධො’ති - ගෙධො වුච්චති තණ්හා “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” යස්සෙසො ගෙධො පහීණො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති අගිද්ධො. සො රූපෙ අගිද්ධො සද්දෙ අගිද්ධො ගන්ධෙ අගිද්ධො රසෙ අගිද්ධො ඵොට්ඨබ්බෙ අගිද්ධො කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසායං සුඛෙ චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු අගිද්ධො අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො.
ඵස්සං පරිඤ්ඤාය - ස්පර්ශය මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන; අනානුගිද්ධො - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලබා. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, යමක් හට තෙල ගේධය ප්‍රහීණ වූයේ සිඳුනා ලදුයේ සන්හුන්නේ දුරු කරන ලදුයේ පෙරළා උපදනට අභව්‍ය වූයේ මාර්ගඥාන ගින්නෙන් දවන ලදුයේ වේ ද, හෙතෙම ‘අගිද්ධ’ යයි කියනු ලැබේ. හේ රූපයෙහි ගිජු නො වූයේ, ශබ්දයෙහි - ගන්ධයෙහි - රසයෙහි - ස්පර්ශයෙහි ගිජු නො වූයේ, කුලයෙහි ගණයෙහි ආවාසයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසයෙහි, කාම - රූප - අරූපධාතුයෙහි, කාම - රූප - අරූපභවයෙහි, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤා - එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාර භවයෙහි, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නයෙහි, දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍ය ධර්මයන්හි ගිජු නො වූයේ නො ගෙතුණේ මුසපත් නො වූයේ නො බැඳුණේ පහ වූ - හරන ලද - වමනය කරන ලද - මුදන ලද - ප්‍රහීණ වූ - දුර ලන ලද තෘෂ්ණා ඇතියේ පහ වූ... දුර ලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො’ යනු වේ.
යදත්තගරහී තදකුබ්බමානො’ති - ‘යදා’ති යං; අත්තගරහීති - ද්වීහි කාරණෙහි අත්තානං ගරහති: කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති? ‘කතං මෙ කායදුච්චරිතං, අකතං මෙ කායසුචරිත’න්ති අත්තානං ගරහති. ‘කතං මෙ වචීදුච්චරිතං, අකතං මෙ වචීසුචරිත’න්ති අත්තානං ගරහති. ‘කතං මෙ මනොදුච්චරිතං, අකතං මෙ මනොසුචරිත’න්ති අත්තානං ගරහති. ‘කතො මෙ පාණාතිපාතො, අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතං මෙ අදින්නාදානං, අකතා මෙ අදින්නාදානා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතො මෙ කාමෙසු මිච්ඡාචාරො, අකතා කාමෙසු මිච්ඡාචාරා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතො මෙ මුසාවාදො, අකතා මෙ මුසාවාදා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතා මෙ පිසුනා වාචා, අකතා මෙ පිසුනාය වාචාය වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතා මෙ ඵරුසා වාචා, අකතා මෙ ඵරුසාය වාචාය වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතො මෙ සම්ඵප්පලාපො, අකතා මෙ සම්ඵප්පලාපා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතා මෙ අභිජ්ඣා, අකතා මෙ අනභිජ්ඣා’ති අත්තානං ගරහති. ‘කතො මෙ ව්යාපාදො, අකතො මෙ අව්යාපාදො’ති අත්තානං ගරහති. ‘කතා මෙ මිච්ඡාදිට්ඨි, අකතා මෙ සම්මාදිට්ඨි’ති අත්තානං ගරහති. එවං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති. අථවා සීලෙසු’ම්හි න පරිපූරකාරීති අත්තානං ගරහති. ඉන්ද්රියෙසු’ම්හි අගුත්තද්වාරොති අත්තානං ගරහති. භොජනෙ’ම්හි අමත්තඤ්ඤූති අත්තානං ගරහති. ජාගරියං අනනුයුත්තොම්හීති අත්තානං ගරහති. සතිසම්පජඤ්ඤෙන අසමන්නාගතොති අත්තානං ගරහති. අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති අත්තානං ගරහති. අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති අත්තානං ගරහති. අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති අත්තානං ගරහති. අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති අත්තානං ගරහති. අභාවිතානි මෙ පඤ්ච බලානීති අත්තානං ගරහති. අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති අත්තානං ගරහති. අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති අත්තානං ගරහති. දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති අත්තානං ගරහති. සමුදයො මෙ අප්පහීනොති අත්තානං ගරහති. මග්ගො මෙ අභාවිතොති අත්තානං ගරහති. නිරොධො මෙ අසච්ඡිකතොති අත්තානං ගරහති. එවං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති. එවං අත්තගරහිකං කම්මං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති ‘යදත්තගරහී තදකුබ්බමානො.’
යදත්තගරහී තදකුබ්බමානො - ‘යද’ යනු: යං. අත්තගරහී - කළ හෙයින් ද නො කළ හෙයින් දැයි දෙ කරුණෙකින් තමහට ගරහයි: කිසෙයින යත්: මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැයි තමහට ගරහයි. මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, වාක්සුචරිතය නො කරන ලදැයි ද - මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මනස්සුචරිතය නො කරන ලදැයි ද තමහට ගරහයි. මා විසින් ප්‍රාණඝාතය කරන ලද, ප්‍රාණඝාතයෙන් විරමණය නො කරන ලදැයි ද - අදත්තාදානය කරන ලද, අදින්නාදානවිරමණය නො කරන ලදැයි ද - මා විසින් කාමයෙහි වරදවා හැසිරෙන ලද, කාමමිත්ථ්යාචාරවිරමණය නො කරන ලදැයි ද - මෘෂාවාදය කරන ලද, මෘෂාවාදයෙන් විරමණය නොකරන ලදැයි ද - පිසුනුබස් කියන ලද, පිසුනුබසින් විරමණය නො කරන ලදැයි ද - පරොස්බස් කියන ලද, පරොස්බසින් විරමණය නො කරන ලදැහි ද - ප්රලාපබස් කියන ලද, ප්රලාපබසින් විරමණය නො කරන ලදැයි ද - අභිධ්‍යාව කරන ලද, අනභිධ්‍යාව නො කරන ලදැයි ද - ව්‍යාපාදය කරන ලද, අව්‍යාපාදය නො කරන ලදැයි ද, මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කරන ලද, සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැයි ද - තම හට ගරහයි. මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි. නොහොත් සිවුපිරිසුදුසිල් නො පුරනසුලු වෙමී තම හට ගරහයි. පසිඳුරන්හි නො පියූ දොර ඇත්මී - භෝජනයෙහි පමණ නො දන්මී - නිදි වැරීමෙහි නො යෙදුණෙමී - සිහිනුවණින් සමන්විත නො වෙමී තම හට ගරහයි. මා විසින් සතර සීවටන් අභාවිතහයි තම හට ගරහයි. සතර සම්‍යක්ප්‍රධානයෝ අභාවිතහයි - සතර ඍද්ධිපාදයෝ අභාවිතහයි - පඤ්චේන්ද්රියෝ අභාවිතහයි - පඤ්චබලයෝ - සප්තබෝධ්‍යඞ්ගයෝ - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිත යැයි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැයි - සමුදයය අප්‍රහීණ යැයි - මාර්ගය නො වඩනා ලදැයි - නිරෝධය ප්රත්යක්ෂ නො කරන ලදැයි තම හට ගරහයි. මෙසෙයින් කළ හෙයිනු දු නො කළ හෙයිනු දු තම හට ගරහා. මෙසේ ආත්මගර්හකකර්මය නො කරනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘යදත්තගරහී තදකුබ්බමානො’ යනු වේ.
න ලිප්පති දිට්ඨසුතෙසු ධීරොති - ‘ලෙපො’ති ද්වෙ ලෙපා: තණ්හා ලෙපො ච දිට්ඨිලෙපො ච -පෙ- අයං තණ්හාලෙපො -පෙ- අයං දිට්ඨිලෙපො ධීරොති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. ධීරො තණ්හාලෙපං පහාය දිට්ඨිලෙපං පටිනිස්සජිත්වා දිට්ඨෙ න ලිප්පති සුතෙ න ලිප්පති මුතෙ න ලිප්පති විඤ්ඤාතෙ න ලිප්පති න සංලිප්පති න උපලිප්පති. අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො’ති.
න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො - ‘ලෙප’ නම්: තණ්හාලෙප දිට්ඨිලෙප යැයි ලෙප දෙකකි: ... මේ තණ්හාලෙප යැ... මේ දිට්ඨිලෙප යි. ධීරො යනු: ධීර යැ...මේධාවී යැ. ධීර වූ පුරුෂ තෙම තෘෂ්ණාලේපය හැර පියා දිට්ඨිලෙපය දුරු කොට රූපායතනයෙහි නො ඇලෙයි. ශබ්දායතනයෙහි නො ඇලෙයි. ගන්ධරසස්ප්රෂ්ටව්යයතනයෙහි නො ඇලෙයි. මනායතනයෙහි නො ඇලෙයි. වෙසෙසින් නො ඇලෙයි. අලිප්ත - අසංලිප්ත - අනුපලිප්ත වූයේ බැහැර වූයේ නික්මුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා ඇති සිතින් යුක්ත ව වෙසේ නුයි ‘න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො යදත්තගරහී තදකුබ්බමානො න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො”ති.
“උභොසු -පෙ- දිට්ඨසුතෙසු ධීරො” යනු.