2. 6
2. 6.
2. 6.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ, එතම්පි දිස්වා අම්මො චරෙය්ය භවෙසු ආසත්තිමකුබ්බමානො.
සිඳීගිය දහර ඇති දියත්තෙක්හි පොපියන (සැලෙන) මසුන් මෙන් මාගේ යැයි ගන්නා ලද වස්තුයෙහි පොපියන සත්ත්වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනවය ද දැක මමායන රහිත වැ කාමාදිභවයෙහි නො ඇලෙමින් හැසිරෙන්නේ යි.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ’ති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ - ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද, දෘෂ්ටිමමත්වය දැයි මමත්ව (ආලය) දෙකෙකි:
කතමං තණ්හාමමත්තං? යාවතා තණ්හාසංඛාතෙන සීමකතං මරියාදීකතං ඔධිකතං පරියන්තකතං පරිග්ගහිතං මමායිතං ඉදං මමං එතං මමං එත්තකං මමං එත්තාවතා මමං මම රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ජනපදො කොසො ච කොට්ඨාගාරං ච කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති. යාවතා අට්ඨසතතණ්හාවිචරිතං, ඉදං තණ්හාමමත්තං.
තෘෂ්ණාමමත්ව කවරැ? යත්: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධි කරන ලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද; ‘මාගේ රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්ධයෝ යැ රසයෝ යැ පහස්හු යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටළු යැ හූරුකුකුළු යැ ඇත්අස්ගවවෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශතතෘෂ්ණාවිචරිතයෙක් වේ ද, මේ යැ තෘෂ්ණාමමත්ව නම්.
කතමං දිට්ඨිමමත්තං? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං ‘යාථාවත’න්ති ගාහො යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි, ඉදං දිට්ඨිමමත්තං.
දෘෂ්ටිමමත්ව කවරැ ? යත්: (‘රූපං අත්තනෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (‘නත්ථි දින්නං’ යනාදීන් පැවැති) දශවස්තුක මිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, (‘සස්සතෝ ලෝකෝ’ යනාදි නයින් පැවැති) දශවස්තුක අන්තග්රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගත යෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශූකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිත්ථ්යාස්මභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් මිත්ථ්යාග්රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම්තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ යැ දෘෂ්ටිමමත්ව නම්.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ’ති මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි ඵන්දන්ති, අච්ඡින්දන්තෙපි ඵන්දන්ති, අච්ඡින්නෙපි ඵන්දන්ති, මමායිතං ච වත්ථුං විපරිණාමසඞ්කිනොපි ඵන්දන්ති, විපරිණමන්තෙපි ඵන්දන්ති, විපරිණතෙපි ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්ති. එවං ඵන්දමානෙ සම්ඵන්දමානෙ විප්ඵන්දමානෙ වෙධමානෙ පවෙධමානෙ සම්පවෙධමානෙ පස්සථ දක්ඛථ ඔලොකෙථ ඣායථ උපපරික්ඛථාති ‘මමායිතෙ පස්සථ ඵන්දමානෙ.’
මමායිතෙ පස්සථ ඵන්දමානෙ - මාගේ යැයි ගත් වස්තුව අසිඳ ගනිතියි සැක ඇති ව ද සැලෙති. අසිඳුනා කල්හි දු සැලෙති. අසිඳගත් කල්හි දු සැලෙත්. තවද මමායිත වස්තුව පෙරැළෙයි යන සැක ඇති ව ද සැලෙති. පෙරැළෙන කල්හි දු සැලෙති. පෙරැළුණු කල්හි දු සැලෙති, අතිශයින් සැලෙති, විවිධ ව සැලෙති, බියෙන් වෙවුළති, තැති ගනිති, ලොමුදහ ගනිත්. මෙසෙයින් සැලෙන විසැලෙන වෙවුළන තැති ගන්නා ලොමුදහ ගන්නා සත්ත්වයන් බලවු, දකිවු සිතවු විමසවු. එහෙයින් ‘මමායිතෙ පස්සථ ඵන්දමානෙ’ යනු වේ.
මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ’ති - යථා මච්ඡා අප්පොදකෙ පරිත්තොදකෙ උදකපරියාදානෙ කාකෙහි වා කුලලෙහි වා බලාකාහි වා යෙහි වා තෙහි පරිපාතියමානා උක්ඛිපියමානා ඛජ්ජමානා ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්ති, එවමෙවං පජා මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි ඵන්දන්ති, අච්ඡින්දන්තෙපි ඵන්දන්ති, අච්ඡින්නෙපි ඵන්දන්ති, මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනොපි ඵන්දන්ති, විපරිණමන්තෙපි ඵන්දන්ති, විපරිණතෙපි ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්තීති ‘මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ.’
මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ - මඳ වූ කැලැඹුණු සිඳුණු දියෙහි කවුඩන් හෝ උස්සන් හෝ කොකුන් හෝ අන්‍ය පක්ෂි කෙනකුන් හෝ විසින් වෙහෙසනු ලබන නඟනු ලබන කනු ලබන (එහෙයින් ම) සැලෙන විසැලෙන වෙවුළන අතිශයින් වෙවුළන තැති ගන්නා මසුන් මෙන් මේ සත්ත්වයෝ මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇති ව සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙති, මමායිත වස්තුව විපරිණාම (=පෙරැළෙන) සැක ඇති ව... පෙරැළෙන කල්හි ... පෙරැළුණු කල්හි දු සැලෙති, විසැලෙති, වෙවුළති, තැතිගනිති, ලොමුදහ ගනිත් නුයි ‘මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ’ යනු වේ.
එතම්පි දිස්වා අමමො චරෙය්යාති - එතං ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා මමත්තෙසූති - එතම්පි දිස්වා; අමමො චරෙය්යා’ති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං. දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං දිට්ඨිමමත්තං. තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා චක්ඛුං අමමායන්තො සොතං අමමායන්තො ඝානං අමමායන්තො ජිව්හං අමමායන්තො කායං අමමායන්තො මනං අමමායන්තො රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ ධම්මෙ කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අමමායන්තො අගණ්හන්තො අපරාමසන්තො අනභිනිවිසන්තො චරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති ‘එතම්පි දිස්වා අමමො චරෙය්ය. ‘
එතම්පි දිස්වා අමමො චරෙය්ය - මමත්වයෙහි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත (=ප්‍රකට) කොට නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්ය’ යනු වේ. ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි මමත්ව දෙකෙකි... තෘෂ්ණාමමත්වය හැරැපියා, දෘෂ්ටිමමත්වය දුරු කොට, ඇස තෘෂ්ණාදෘෂ්ටි විසින් ආලය නො කරනුයේ කන... නැහැය... දිව... කය... සිත මමායන (=ආලය) නො කරනුයේ, රූප ශබ්ද ගන්ධ රස පහස් දහම් කුලය ගණයා ආවාසය ලාභය යසස පැසැසුම සුවය සිවුර පිඬුවා සෙනසුන ගිලන්පස බෙහෙත්පිරිකර, කාම - රූප - අරූපධාතුව, කාම - රූප - අරූප භවය, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය, එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය ප්‍රත්‍යුත්පන්නය රූපායතනය, ශබ්දායතනය ගන්ධරසස්ප්රෂ්ටව්යායතනය ධර්මායතනය ආලය නො කරනුයේ නො ගන්නේ පරාමර්ශ නො කෙරෙමින් නො බස්මින් හැසිරෙන්නේ යැ... යපනය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්ය’.
භවෙසු ආසත්තිමකුබ්බමානො’ති - ‘භවෙසූ’ති කාමභවෙ රූපභවෙ අරූපභවෙ; ආසත්ති වුච්චති තණ්හා යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ‘භවෙසු ආසත්තිමකුබ්බමානොති’ - ඡන්දං පෙමං රාගං ඛන්තිං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානොති ‘භවෙසු ආසත්තිමකුබ්බමානො.’
භවෙසු ආසත්තිමකුබ්බමානො - ‘භවෙසු’ යනු: කාම - රූප - අරූප භවයෙහි; ‘ආසත්ති’ යී තෘෂ්ණාව කියනු ලබා. රාගය සංරාගය... අභිධ්‍යාව ලොභඅකුශලමුලය යි. ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු: ඡන්දය ප්‍රේමය රාගය කැමැත්ත නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“මමායිතෙ පස්සථ ඵන්දමානෙ මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ, එතම්පි දිස්වා අම්මො චරෙය්ය භවෙසු ආසත්තිමකුබ්බමානො”ති.
“මමායිතෙ -පෙ- ආසත්තිමකුබ්බමානො” යී.