යෙදුමෙන් කියවන්න

2 – 5

2 – 5

2. 5.

පස‍්සාමි ලොකෙ පරිඵන්‍දමානං පජං ඉමං තණ‍්හාගතං භවෙසු, හීනා නරා මච‍්චුමුඛෙ ලපන‍්ති අවීතතණ‍්හා සෙ භවාභවෙසු.

කාමාදිභවයෙහි නොහොත් පුනපුනා භවයෙහි අවිගත තෘෂ්ණා ඇති හීන වූ කායදිකර්‍ම ඇති සත්ත්‍වයෝ මරණමුඛයෙහි වැලැපෙති, ලොවැ කාමාදිභවයෙහි තෘෂ්ණායෙන් මඩනා ලද තෘෂ්ණාදිස්පන්දනයෙන් පොපියනු වූ මේ සත්ත්‍වසමූහයා මම් මසැස් ආදියෙන් දකිම්.

පස‍්සාමි ලොකෙ පරිඵන්‍දමානන‍්ති - ‘පස‍්සාමී’ති මංසචක‍්ඛුනාපි පස‍්සාමි, දිබ‍්බචක‍්ඛුනාපි පස‍්සාමි, පඤ‍්ඤාචක‍්ඛුනාපි පස‍්සාමි, බුද‍්ධචක‍්ඛුනාපි පස‍්සාමි, සමන‍්තචක‍්ඛුනාපි පස‍්සාමි, දක‍්ඛාමි ඔලොකෙමි නිජ‍්ඣායාමි උපපරික‍්ඛාමි. ලොකෙති - අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ.

පස්සාමි ලෝකේ පරිඵන්දමානං - ‘පස්සාමි’ යනු: මසැසිනුදු බලමි, දිවැසිනුදු බලමි, පැනැසිනුදු බලමි, බුදුඇසිනුදු බලමි, සමතැසිනුදු බලමි, දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, විමසමි. ‘ලෝකේ’ යනු: අපාය ලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්ධලොකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි.

පරිඵන්‍දමානන‍්ති - තණ‍්හාඵන්‍දනාය ඵන්‍දමානං දිට‍්ඨිඵන්‍දනාය ඵන්‍දමානං කිලෙසඵන්‍දනාය ඵන්‍දමානං පයොගඵන්‍දනාය ඵන්‍දමානං විපාකඵන්‍දනාය ඵන්‍දමානං දුච‍්චරිතඵන්‍දනාය ඵන්‍දමානං, රත‍්තං රාගෙන ඵන්‍දමානං දුට‍්ඨං දොසෙන ඵන්‍දමානං මූළ‍්හං මොහෙන ඵන්‍දමානං විනිබද‍්ධං මානෙන ඵන්‍දමානං පරාමට‍්ඨං දිට‍්ඨියා ඵන්‍දමානං වික‍්ඛෙපගතං උද‍්ධච‍්චෙන ඵන්‍දමානං අනිට‍්ඨාගතං විචිකිච‍්ඡාය ඵන්‍දමානං ථාමගතං අනුසයෙහි ඵන්‍දමානං, ලාභෙන ඵන්‍දමානං අලාභෙන ඵන්‍දමානං යසෙන ඵන්‍දමානං අයසෙන ඵන්‍දමානං පසංසාය ඵන්‍දමානං නින්‍දාය ඵන්‍දමානං සුඛෙන ඵන්‍දමානං දුක‍්ඛෙන ඵන්‍දමානං ජාතියා ඵන්‍දමානං ජරාය ඵන්‍දමානං ව්‍යාධිනා ඵන්‍දමානං මරණෙන ඵන්‍දමානං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි ඵන්‍දමානං, නෙරයිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං තිරච‍්ඡානයොනිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං පෙත‍්තිවිසයිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං මානුසිකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං ගබ‍්භොක‍්කන‍්තිමූලකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං ගබ‍්භට‍්ඨිතිමූලකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං ගබ‍්භවුට‍්ඨානමූලකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං ජාතස‍්සුපනිබන්‍ධකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං ජාතස‍්ස පරාධෙය්‍යකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං අත‍්තූපක‍්කමමූලකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං පරූපක‍්කමමූලකෙන දුක‍්ඛෙන ඵන්‍දමානං දුක‍්ඛදුක‍්ඛෙන ඵන්‍දමානං සංඛාරදුක‍්ඛෙන ඵන්‍දමානං විපරිණාමදුක‍්ඛෙන ඵන්‍දමානං, චක‍්ඛුරොගෙන දුක‍්ඛෙන ඵන්‍දමානං සොතරොගෙන දුක‍්ඛෙන ඵන්‍දමානං ඝානරොගෙන දුක‍්ඛෙන ජිව‍්හාරොගෙන දුක‍්ඛෙන කායරොගෙන දුක‍්ඛෙන කණ‍්ණරොගෙන දුක‍්ඛෙන මුඛරොගෙන දුක‍්ඛෙන දන‍්තරොගෙන දුක‍්ඛෙන කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච‍්ඡිරොගෙන මුච‍්ඡාය පක‍්ඛන්‍දිකාය සූලාය විසූචිකාය කුට‍්ඨෙන ගණ‍්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද‍්දුයා කණ‍්ඩුයා කච‍්ඡුයා රඛසාය විතච‍්ඡිකාය ලොහිතෙන පිත‍්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්‍දලෙන පිත‍්තසමුට‍්ඨානෙන ආබාධෙන සෙම‍්හසමුට‍්ඨානෙන ආබාධෙන වාතසමුට‍්ඨානෙන ආබාධෙන සන‍්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක‍්කමිකෙන ආබාධෙන කම‍්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ‍්හෙන ජිඝච‍්ඡාය පිපාසාය උච‍්චාරෙන පස‍්සාවෙන ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙන දුක‍්ඛෙන මාතුමරණෙන දුක‍්ඛෙන පිතුමරණෙන දුක‍්ඛෙන භාතුමරණෙන දුක‍්ඛෙන භගිනිමරණෙන දුක‍්ඛෙන පුත‍්තමරණෙන දුක‍්ඛෙන ධීතුමරණෙන දුක‍්ඛෙන ඤාතිව්‍යසනෙන දුක‍්ඛෙන භොගව්‍යසනෙන දුක‍්ඛෙන රොගව්‍යසනෙන දුක‍්ඛෙන සීලව්‍යසනෙන දුක‍්ඛෙන දිට‍්ඨිව්‍යසනෙන දුක‍්ඛෙන ඵන්‍දමානං සම‍්ඵන්‍දමානං විප‍්ඵන්‍දමානං වෙධමානං පවෙධමානං සම‍්පවෙධමානං පස‍්සාමි දක‍්ඛාමි ඔලොකෙමි නිජ‍්ඣායාමි උපපරික‍්ඛාමීති - පස‍්සාමි ලොකෙ පරිඵන්‍දමානං.

පරිඵන්දමානං - තෘෂ්ණාස්පන්දනයෙන් පොපියනු = සැලෙනු වු, දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙනු වූ, ක්ලෙශස්පන්දනයෙන් සැලෙනු වූ, ප්‍රයොගස්පන්දනයෙන් සැලෙනු වූ, විපාකස්පන්දනයෙන් සැලෙනු වූ, දුශ්චරිතස්පන්දනයෙන් සැලෙනු වූ, රාගයෙන් රක්ත වැ සැලෙනු වූ ද්වේෂයෙන් ද්විෂ්ට වැ සැලෙනු වූ මෝහයෙන් මූඪ වැ සැලෙනු වූ මානයෙන් අරමුණෙහි බැඳී සැලෙනු වූ දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වැ සැලෙනු වූ ඖද්ධත්‍යයෙන් වික්ෂෙපයට පැමිණ සැලෙනු වූ විචිකිත්සායෙන් සන්නිට්ඨානයට නො පැමිණ සැලෙනු වූ අනුශයයන්ගෙන් ස්ථිර බවට පැමිණ සැලෙනු වූ ලාභයෙන් සැලෙනු වූ, අලාභයෙන් - යශසින් - අයශසින් - ප්‍රශංසායෙන් - නින්‍දායෙන් - සුඛයෙන් - දුඃඛයෙන් සැලෙනු වූ, ජාතියෙන් සැලෙනු වූ, ජරායෙන් - ව්‍යාධියෙන් මරණයෙන් - සෝක-පරිදේව-දුක් - දොම්නස්-උපායාසයන්ගෙන් සැලෙනු වූ, නිරෑදුකින් සැලෙනු වූ, තිරිසන්යොන්හි දුකින් - ප්‍රේතවිෂයයෙහි වූ දුකින් - මිනිස්ලොවැ වූ දුකින් සැලෙනු වූ, ගර්‍භාවක්‍රාන්තිමූලික දුකින් - ගර්‍භස්ථිතිමූලක දුකින් -ගර්‍භව්‍යුත්ථානමූලක දුකින් සැලෙන වූ, උපන්නහු පිළිජග්නාදුකින් - උපන්නහු පරා අයත් කොට ඇති දුකින් - ආත්මොපක්‍රමමූලක දුකින් - පරොපක්‍රමමූලකදුකින් - දුඃඛදුඃඛ සඞ්ඛ්‍යාත කායිකචෛතසිකදුඃඛවෙදනායෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම දුඃඛයෙන් සැලෙනු වූ, චක්ෂූරොගදුඃඛයෙන් සැලෙනු වූ, ශ්‍රෝත්‍රරෝග දුඃඛයෙන් - ඝ්‍රාණරොගදුඃඛයෙන් - ජිහ්වාරොගදුඃඛයෙන් - කායරොගදුඃඛයෙන් - කර්‍ණරොගදුඃඛයෙන් - මුඛරොගදුඃඛයෙන් - දන්තරොගදුඃඛයෙන්, කාසයෙන් ශ්වාසයෙන් පීනසයෙන් දාහයෙන් ජ්වරයෙන් කුක්ෂිරොගයෙන් මූර්ඡායෙන් ලොහිතාතීසාරයෙන් ආමශූලයෙන් මහා විරෙචනයෙන් කුෂ්ටයෙන් ගණ්ඩයෙන් ශ්වේතකුෂ්ටයෙන් ශොෂව්‍යාධියෙන් අපස්මාරයෙන් දද්‍රැ (=දද)යෙන් කණ්ඩුතියෙන් මහාකණ්ඩුතියෙන් නියපහරින් හටගත් රෝගයෙන් විතස්තිකායෙන් (=අතුල්පතුල් පැළීමෙන්) රක්තපිත්තයෙන් මධුමෙහයෙන් අර්‍ශසින් රත්පිළිකාරොගයෙන් භගන්දරායෙන් පිතින් උපදනා රෝගයෙන් සෙමින් උපදනා රෝගයෙන් වයින් උපදනා රෝගයෙන් සාන්නිපාතික රෝගයෙන් ඍතුපරිණාමයෙන් උපදනා රෝගයෙන් විෂම වූ ස්ථානනිෂද්‍යාදියෙන් උපදනා රෝගයෙන් වධබන්‍ධනාදි උපක්‍රමයෙන් උපදනා රෝගයෙන් කර්‍මවිපාකයෙන් උපදනා රෝගයෙන් ශීතයෙන් උෂ්ණයෙන් ජිඝත්සායෙන් පිපාසායෙන් උච්චාර(=මළකිස)යෙන් ප්‍රස්‍රාව (=මූකිස)යෙන් මදුරු වා අවු දික්දැපහසින් වූ දුකින් මව මළ දුකින් පියා මළ දුකින් බෑයන් මළ දුකින් බූන් මළ දුකින් පුතුන් මළ දුකින් දූන් මළ දුකින් නෑයන්ගේ වැසනින් වූ දුකින් භෝගව්‍යසනයෙන් වූ දුකින් රෝගව්‍යසන දුකින් ශීලව්‍යසන දුකින් දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙනුවහු පුනපුනා සැලෙනුවහු වෙසෙසින් සැලෙනුවහු වෙවුළනුවහු වෙසෙසින් වෙවුළනුවහු පුනපුනා වෙවුළනුවහු බලමි දක්මි අවලෝකන කෙරෙමි සිතමි විමසමි නුයි - ‘පස්සාමි ලෝකේ පරිඵන්දමානං’ යනු වේ.

පජං ඉමං තණ‍්හාගතං භවෙසූති - ‘පජා’ති සත‍්තාධිවචනං, තණ‍්හාති රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා තණ‍්හානුගතං තණ‍්හානුසටං තණ‍්හාපත‍්තං තණ‍්හාපරිපතිතං අභිභූතං පරියාදින‍්නචිත‍්තං; භවෙසූ’ති කාමභවෙ රූපභවෙ අරූපභවෙති ‘පජං ඉමං තණ‍්හාගතං භවෙසු’.

පජං ඉමං තණ්හාගතං භවෙසු - ‘පජා’ යනු: සත්නට නමෙකි. තණ්හා යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. තෘෂ්ණාවට පිවිසි තෘෂ්ණාවෙන් වැසුණු තෘෂ්ණාවට පැමිණි තෘෂ්ණාවෙන් හෙළන ලද මඩනා ලද්දහු හාත්පසින් ගන්නාලද සිත් ඇතියහු; භවෙසු - කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි නුයි: ‘පජං ඉමං තණ්හාගතං භවෙසු’ යනු වේ.

හීනා නරා මච‍්චුමුඛෙ ලපන‍්තී’ති - ‘හීනා නරා’ති හීනෙන කායකම‍්මෙන සමන‍්නාගතාති හීනා නරා, හීනෙන වචීකම‍්මෙන සමන‍්නාගතාති හීනා නරා, හීනෙන මනොකම‍්මෙන සමන‍්නාගතා - - හීනෙන පාණාතිපාතෙන සමන‍්නාගතා - හීනෙන අදින‍්නාදානෙන - හීනෙන කාමෙසු මිච‍්ඡාචාරෙන - හීනෙන මුසාවාදෙන - හීනාය පිසුනාය වාචාය - හීනාය ඵරුසාය වාචාය - හීනෙන සම‍්ඵප‍්පලාපෙන - හීනාය අභිජ‍්ඣාය - හීනෙන ව්‍යාපාදෙන - හීනාය මිච‍්ඡාදිට‍්ඨියා - හීනෙහි සංඛාරෙහි - හීනෙහි පඤ‍්චහි කාමගුණෙහි - හීනෙහි පඤ‍්චහි නීවරණෙහි - හීනාය චෙතනාය - හීනාය පත්‍ථනාය - හීනාය පණිධියා සමන‍්නාගතාති හීනා නිහීනා ඔමකා ලාමකා ඡත‍්තකා පරිත‍්තාති හීනා නරා. මච‍්චුමුඛෙ ලපන‍්තීති - ‘මච‍්චුමුඛෙ’ති මාරමුඛෙ මරණමුඛෙ මච‍්චුප‍්පත‍්තා මච‍්චුසම‍්පත‍්තා මච‍්චූපගතා මාරප‍්පත‍්තා මාරසම‍්පත‍්තා මාරූපගතා මරණප‍්පත‍්තා මරණසම‍්පත‍්තා මරණූපගතා ලපන‍්ති සල‍්ලපන‍්ති සොචන‍්ති කිලමන‍්ති පරිදෙවන‍්ති උරත‍්තාළිං කන්‍දන‍්ති සම‍්මොහං ආපජ‍්ජන‍්තීති ‘හීනා නරා මච‍්චුමුඛෙ ලපන‍්ති’.

හීනා නරා මච්චුමුඛෙ ලපන්ති - ‘හීනා නරා’ යනු: හීන වූ කායකර්‍මයෙන් යුක්ත වූවාහු නුයි හීනනරයෝ = සත්ත්‍වයෝ; හීන වූ වාක්කර්‍මයෙන් යුක්ත වූවාහු නුයි හීනනරයෝ, හීන වූ මනඃකර්‍මයෙන් යුක්ත වූවාහු - හීන වූ ප්‍රාණඝාතයෙන් යුක්ත වූවාහු - හීන වූ අදත්තාදානයෙන් - හීන වූ කාමමිත්ථ්‍යාචාරයෙන් - හීන වූ මෘෂාවාදයෙන් - හීන වූ පෛශුන්‍යවචනයෙන් - හීන වූ පරුෂවචනයෙන් - හීන වූ සම්ඵප්‍රලාපයෙන් - හීන වූ අභිධ්‍යායෙන් - හීන වූ ව්‍යාපාදයෙන් - හීන වූ මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් - හීන වූ සංස්කාරයන්ගෙන් - හීන වූ පඤ්චකාමගුණයන්ගෙන් - හීන වූ පඤ්චනීවරණයෙන් - හීන වූ චේතනායෙන් - හීන වූ ප්‍රාර්‍ථනායෙන් - හීන වූ ප්‍රණිධියෙන් යුක්ත වූවාහු නුයි හීන වූවාහු නිහීන වූවාහු ඔමක වූවාහු ලාමක වූවාහු අප්‍රත්‍යය වූවාහු පරිත්ත වූවාහු නුයි හීන වූ සත්ත්‍වයෝ; මච්චුමුඛෙ ලපන්ති - ‘මච්චුමුඛෙ’ යනු: මාරමුඛයෙහි මරණමුඛයෙහි මෘත්‍යු=මරු වෙත පැමිණියාහු, මරු වෙත සපැමිණියාහු මරුට උපගත වූවාහු, මරණයට පැමිණියාහු, සපැමිණියාහු, මරණොපගත වූවාහු කියති, පුනපුනා කියති, ශෝක කෙරෙති, වෙහෙසෙති, පරිදේවනා කෙරෙති, ළෙහි පැහැරැ හඬති. සම්මෝහයට පැමිණෙත් නුයි - ‘හීනා නරා මච්චුමුඛෙ ලපන්ති’ යනු වේ.

අවීතතණ‍්හා සෙ භවාභවෙසූ’ති - ‘තණ‍්හා’ති රූපතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා; භවාභවෙසූති - භවාභවෙ කම‍්මභවෙ පුනබ‍්භවෙ, කාමභවෙ කම‍්මභවෙ කාමභවෙ පුනබ‍්භවෙ, රූපභවෙ කම‍්මභවෙ රූපභවෙ පුනබ‍්භවෙ, අරූපභවෙ කම‍්මභවෙ අරූපභවෙ පුනබ‍්භවෙ, පුනප‍්පුනභවෙ පුනප‍්පුනගතියා පුනප‍්පුනඋප‍්පත‍්තියා පුනප‍්පුනපටිසන්‍ධියා පුනප‍්පුන අත‍්තභාවාභිනිබ‍්බත‍්තියා අවීතතණ‍්හා අවිගතතණ‍්හා අචත‍්තතණ‍්හා අවන‍්තතණ‍්හා අමුත‍්තතණ‍්හා අප‍්පහීනතණ‍්හා අප‍්පටිනිස‍්සට‍්ඨතණ‍්හාති ‘අවීතතණ‍්හා සෙ භවාභවෙසු’.

අවීතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ... ධර්‍ම තෘෂ්ණා යි. භවාභවෙසු - භව අභව සඞ්ඛ්‍යාතකාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්‍මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්‍මවෘත්ත විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්‍මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්‍මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තීයෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි පහ නො වූ තෘෂ්ණා ඇති අවිගත තෘෂ්ණා ඇති (තදඞ්ග විසින්) ත්‍යාග නො කළ තෘෂ්ණා ඇති (විෂ්කම්භණ විසින්) වමනය නො කළ තෘෂ්ණා ඇති (සමුච්ඡේද විසින්) නො මිදූ තෘෂ්ණා ඇති (ප්‍රතිප්‍රශ්‍රබ්ධි විසින්) අප්‍රහීණ තෘෂ්ණා ඇති (නිස්සරණ ප්‍රහාණ විසින්) අප්‍රතිනිඍෂ්ට තෘෂ්ණා ඇත් නුයි - ‘අවීතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පස‍්සාමි ලොකෙ පරිඵන්‍දමානං පජං ඉමං තණ‍්හාගතං භවෙසු, හීනා නරා මච‍්චුමුඛෙ ලපන‍්ති අවීතතණ‍්හා සෙ භවාභවෙසූ”ති.

“පස්සාමි -පෙ- භවාභවෙසු” යී.