යෙදුමෙන් කියවන්න

2. 4

2. 4.

2. 4.

තස‍්මා හී සික‍්ඛෙථ ඉධෙව ජන‍්තු යං කිඤ‍්චි ජඤ‍්ඤා විසමන‍්ති ලොකෙ, න තස‍්ස හෙතු විසමං චරෙය්‍ය අප‍්පඤ‍්හිදං ජීවිතං ආහු ධීරා.

යම් හෙයකින් සත්ත්‍ව තෙමේ ලෝකයෙහි යම්කිසි (නිරවශේෂ වූ) කායදුශ්චරිතාදි විෂමය (විෂම කරන හෙයින්) විෂමයෙකැයි දන්නේ නම්, එහෙයින් ඒ විෂම වූ කායකර්‍මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ යැ. යම් හෙයකින් ධීරයෝ මේ ජීවිතය අල්ප ය යි කියත් ද, එහෙයින් මේ ශාසනයෙහි මැ ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන්නේ යැ හෙවත් ත්‍රිවිධශික්ෂාව සමාදන් වැ පවත්නේ යි.

තස‍්මා හි සික‍්ඛෙථ ඉධෙව ජන‍්තූති - ‘තස‍්මා’ති තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තන‍්නිදානා එතං ආදීනවං පස‍්සමානො කාමෙසූති තස‍්මා; සික‍්ඛෙථාති - තිස‍්සො සික‍්ඛා: අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛා.

තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු - ‘තස්මා’ යනු: එහෙයින් ඒ කරුණෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් පස්කම්හි තෙල ආදීනවය දක්නේ නුයි තස්මා යනු වේ. ‘සික්ඛෙථ’ යනු: අධිශීලශික්‍ෂා යැ, අධිචිත්තශික්ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි ශික්‍ෂා තුනෙකි.

කතමා අධිසීලසික‍්ඛා? ඉධ භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. ඛුද‍්දකො සීලක‍්ඛන්‍ධො මහන‍්තො සීලක‍්ඛන්‍ධො, සීලං පතිට‍්ඨා ආදි චරණං සංයමො සංවරො මොක‍්ඛං කුසලානං ධම‍්මානං සමාපත‍්තියා. අයං අධිසීලසික‍්ඛා.

අධිශීලශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර වූ ද වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි. ශික්‍ෂාපදයන් - ශික්ෂාකොට්ඨාසයන් අතුරෙහි හික්මියැ යුතු සියලු ශික්‍ෂාව මොනොවට ගෙනැ හික්මෙයි. (සංඝාදිසෙසාදි සාවශෙෂ සඞ්ඛ්‍යාත) ක්ෂුද්‍රශීලස්කන්ධ යැ (පාරාජිකාදි නිරවශේෂ සඞ්ඛ්‍යාත) මහාශීලස්කන්ධ යැ යන ශීලය චාතුර්භූමකකුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවර යැ උත්තම යැ ප්‍රමුඛ යි. මෝ අධිශීලශික්‍ෂා නමු.

කතමා අධිචිත‍්තසික‍්ඛා? ඉධ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික‍්ඛන‍්ති ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහාණා දුක‍්ඛස‍්ස ච පහාණා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං අධිචිත‍්තසික‍්ඛා.

අධිචිත්තශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ වස්තුකාම - ක්ලෙශකාමයන්ගෙන් වෙන් ව මැ (ශෙෂනීවරණසඞ්ඛ්‍යාත) අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව මැ (අරමුණට සිත නගන) විතර්‍කය සමග පවත්නා වූ (අරමුණෙහි සිත හසුරුවන) විචාරය සමග පවත්නා වූ (නීවරණවිගමයෙන් වූ) විවේකයෙන් හෝ විවේකයෙහි උපන් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ස්වකීය අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සමාධිචිත්තයාගේ ශ්‍රේෂ්ඨ වූ උදය ඇති, හෙවත් (විතර්‍කවිචාරාභාවයෙන්) එකලා වැ සම්ප්‍රයුක්තධර්‍මයන් නඟාසිටුවන (භාවනාවෙන් ප්‍රහීණ හෙයින්) විතර්‍ක - විචාර රහිත වූ ප්‍රථමධ්‍යානසමාධියෙන් හෝ සම්ප්‍රයුක්තසමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනි දැහැනට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද ඉක්මැවීමෙන් විතර්‍කවිචාරයන් ද සන්හිඳුවීමෙන් ධ්‍යානොපෙක්ෂා ඇති වැ වාසය කරන්නේ ද වෙයි, (ස්මරණලක්ෂණ) සිහි ඇති වැ (අසම්මොහලක්ෂණ) නුවණ ද ඇති වැ නාමකායසම්ප්‍රයුක්ත වූ සැපය (ධ්‍යානයෙන් නැඟීසිටිය ද) රූපකායයෙන් විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ’යි ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කෙරෙත් නම්, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. පළමු උපචාරක්‍ෂණයෙහි මැ කායික සැපයත් කායික දුකත් ප්‍රහාණ කිරීමෙන් සොම්නස්දොම්නසුන් (=චෛතසික සැපදුක්) පළමු මැ අතුරුදහන් වීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාවෙන් උපදවන ලද ස්මෘතිපාරිශුද්ධිය (පිරිසිදුසිහි) ඇති සිවුවැනි දැහැනට පැමිණ වෙසේ. මෝ අධිචිත්තශික්ෂා නමු.

කතමා අධිපඤ‍්ඤාසික‍්ඛා? ඉධ භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධො’ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති, අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති, අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ‍්ඤාසික‍්ඛා.

අධිප්‍රඥා ශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ උදයව්‍යය ගාමිනී වූ ආර්‍ය්‍ය (නිර්දෝෂ) වූ නිර්‍වෙදපක්ෂයෙහි වූ මනා සේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්‍ණ වූයේ ප්‍රඥාවත් වෙයි. හෙතෙම ‘මේ දුකැ’යි තතු සේ දැනගනි. මේ දුක්සමුදය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’යි තතු සේ දැනගනී. මොහු ආස්‍රවයෝ යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවසමුදය යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවනිරෝධ යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’යි යැයි තතු සේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා නමු.

ඉමායො තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛෙය්‍ය, ජානන‍්තො සික‍්ඛෙය්‍ය, පස‍්සන‍්තො සික‍්ඛෙය්‍ය, පච‍්චවෙක‍්ඛන‍්තො සික‍්ඛෙය්‍ය, චිත‍්තං අධිට‍්ඨහන‍්තො සික‍්ඛෙය්‍ය, සද‍්ධාය අධිමුච‍්චන‍්තො සික‍්ඛෙය්‍ය, විරියං පග‍්ගණ‍්හන‍්තො සික‍්ඛෙය්‍ය, සතිං උපට‍්ඨපෙන‍්තො සික‍්ඛෙය්‍ය, චිත‍්තං සමාදහන‍්තො සික‍්ඛෙය්‍ය, පඤ‍්ඤාය පජානන‍්තො සික‍්ඛෙය්‍ය, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො සික‍්ඛෙය්‍ය, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො සික‍්ඛෙය්‍ය, පහාතබ‍්බං පජහන‍්තො සික‍්ඛෙය්‍ය, භාවෙතබ‍්බං භාවෙන‍්තො සික‍්ඛෙය්‍ය, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛෙය්‍ය, ආචරෙය්‍ය, සමාචරෙය්‍ය, සමාදාය වත‍්තෙය්‍ය.

මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් (වෙන වෙන මැ පුරන්නට) සිතමින් හික්මෙන්නේ යැ, (මේ ශික්‍ෂා යැයි) දනිමින් හික්මෙන්නේ යැ, දක්මින් හික්මෙන්නේ යැ, (දුටු සේ) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ, සිත නො සැලෙන සේ පිහිටුවමින් හික්මෙන්නේ යැ, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙන්නේ යැ, වීර්‍ය්‍යය දැඩි ව ගනිමින් හික්මෙන්නේ යැ, සිහි එළවමින් හික්මෙන්නේ යැ, සිත එකඟ කෙරෙමින් හික්මෙන්නේ යැ, නුවණින් දැනගනිමින් හික්මෙන්නේ යැ, (ස්වභාව ලක්‍ෂණයෙන්) දත යුතු දැය දනිමින් හික්මෙන්නේ යැ, (සාමාන්‍ය ලක්‍ෂණයෙන්) දත යුතු දැය හාත්පසින් දැනගනිමින් හික්මෙන්නේ යැ, හළ යුතු සමුදය දුරු කෙරෙමින් හික්මෙන්නේ යැ, වැඩිය යුතු මඟ වඩමින් හික්මෙන්නේ යැ, පසක් කළ යුතු නිවන පසක් කෙරෙමින් හික්මෙන්නේ යැ, (අධිශීලයෙහි) හැසිරෙන්නේ යැ, (අධිචිත්තයෙහි) මොනොවට හැසිරෙන්නේ යැ, (අධිප්‍රඥාව) මොනොවට ගෙන පවත්නේ යි.

ඉධාති - ඉමිස‍්සා දිට‍්ඨියා, ඉමිස‍්සා, ඛන‍්තියා, ඉමිස‍්සා රුචියා, ඉමස‍්මිං ආදායෙ, ඉමස‍්මිං ධම‍්මෙ, ඉමස‍්මිං විනයෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ, ඉමස‍්මිං පාවචනෙ, ඉමස‍්මිං බ්‍රහ‍්මචරියෙ, ඉමස‍්මිං සත්‍ථුසාසනෙ, ඉමස‍්මිං අත‍්තභාවෙ, ඉමස‍්මිං මනුස‍්සලොකෙ, තෙන වුච‍්චති ඉධාති. ජන‍්තූති - සත‍්තො නරො -පෙ- මනුජොති’ තස‍්මා හි සික‍්ඛෙථ ඉධෙව ජන‍්තු.’

ඉධ යනු: මේ බුදුරදුන් විසින් දක්නා ලදුයෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයෙහි, මේ ධර්‍ම-විනයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, මේ අත්බවෙහි, මේ මිනිස්ලොවැ; එයින් කියනු ලැබේ ‘ඉධ’ යි. ජන්තු යනු: සත්ත්‍ව නර... මනුජ නුයි ‘තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු’ යනු වේ.

යං කිඤ‍්චි ජඤ‍්ඤා විසමන‍්ති ලොකෙති - යං කිඤ‍්චීති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියනවචනමෙතං ‘යං කිඤ‍්චී’ ති. විසමන‍්ති ජඤ‍්ඤාති - විසමං කායකම‍්මං විසමන‍්ති ජානෙය්‍ය, විසමං වචීකම‍්මං විසමන‍්ති ජානෙය්‍ය, විසමං මනොකම‍්මං විසමන‍්ති ජානෙය්‍ය, විසමො පාණාතිපාතො විසමොති ජානෙය්‍ය, විසමං අදින‍්නාදානං විසමන‍්ති ජානෙය්‍ය, විසමො කාමෙසු මිච‍්ඡාචාරො විසමොති ජානෙය්‍ය, විසමො මුසාවාදො විසමොති ජානෙය්‍ය, විසමා පිසුනා වාචා විසමාති ජානෙය්‍ය, විසමා ඵරුසා වාචා විසමාති ජානෙය්‍ය, විසමො සම‍්ඵප‍්පලාපො විසමොති ජානෙය්‍ය, විසමං අභිජ‍්ඣං විසමන‍්ති ජානෙය්‍ය, විසමො ව්‍යාපාදො විසමොති ජානෙය්‍ය, විසමා මිච‍්ඡාදිට‍්ඨි විසමාති ජානෙය්‍ය, විසමා සඞ‍්ඛාරා විසමාති ජානෙය්‍ය, විසමා පඤ‍්ච කාමගුණා විසමාති ජානෙය්‍ය, විසමානි පඤ‍්ච නීවරණානි විසමාති ජානෙය්‍ය ආජානෙය්‍ය විජානෙය්‍ය පටිජානෙය්‍ය පටිවිජ‍්ඣෙය්‍ය; ලොකෙති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙති’ යං කිඤ‍්චි ජඤ‍්ඤා විසමන‍්ති ලොකෙ.’

යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ - ‘යං කිඤ්චි’ යනු: සියල්ලෙන් සියල්ල සියලු පරිද්දෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට ගැනීම් වචනයෙකි මේ. ‘යං කිඤ්චි’ යනු: විසමන්ති ජඤ්ඤා - විෂම වූ කායකර්‍මය විෂම යයි දන්නේ නම්, විෂම වූ වාක්කර්‍මය... මනඃකර්‍මය... විෂම වූ ප්‍රාණඝාතය විෂම යයි දන්නේ නම්, විෂම වූ අදත්තාදානය... කාමමිත්ථ්‍යාචාරය... මෘෂාවාදය... පෛශුන්‍යය... පරුෂවචනය... ප්‍රලාපවචනය... විෂම වූ අභිධ්‍යාව ... ව්‍යාපාදය... මිත්‍ථ්‍යාදෘෂ්ටිය... විෂම වූ කායසංස්කාරයෝ... විෂම වූ පඤ්චකාමගුණයෝ... විෂම වූ පඤ්චනීවරණයෝ විෂමයෝ යැ යි දන්නේ නම්, හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, මොනොවට දන්නේ නම්, ප්‍රතිවේධ කරන්නේ නම්; ලෝකේ අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ,’ යනු වේ.

න තස‍්ස හෙතු විසමං චරෙය්‍යාති - විසමස‍්ස කායකම‍්මස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස වචීකම‍්මස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස මනොකම‍්මස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස පාණාතිපාතස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස අදින‍්නාදානස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස කාමෙසු මිච‍්ඡාචාරස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස කාමෙසු මිච‍්ඡාචාරස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස මුසාවාදස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමාය පිසුනාය වාචාය හෙතු විසමං න චරෙය්‍ය, විසමාය ඵරුසාය වාචාය හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස සම‍්ඵප‍්පලාපස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමාය අභිජ‍්ඣාය හෙතු විසමං න චරෙය්‍ය, විසමස‍්ස ව්‍යාපාදස‍්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමාය මිච‍්ඡාදිට‍්ඨියා හෙතු විසමං න චරෙය්‍ය, විසමානං සංඛාරානං හෙතු විසමං න චරෙය්‍ය, විසමානං පඤ‍්චන‍්නං කාමගුණානං හෙතු විසමං න චරෙය්‍ය, විසමානං පඤ‍්චන‍්නං නීවරණානං හෙතු විසමං න චරෙය්‍ය, විසමාය චෙතනාය හෙතු විසමං න චරෙය්‍ය, විසමාය පත්‍ථනාය හෙතු විසමං න චරෙය්‍ය, විසමාය පණිධියා හෙතු විසමං න චරෙය්‍ය න ආචරෙය්‍ය න සමාචරෙය්‍ය න සමාදාය වත‍්තෙය්‍යාති - ‘න තස‍්ස හෙතු විසමං චරෙය්‍ය.’

න තස්ස හේතු විසමං චරෙය්‍ය - විෂම වූ කායකර්‍මය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, විෂම වූ වාක්කර්‍මය... මනඃකර්‍මය හේතු කොට... විෂම වූ ප්‍රාණඝාතය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, විෂම වූ අදත්තාදානය... කාමමිතථ්‍යාචාරය... මෘෂාවාදය... පෛශුන්‍යය... පරුෂවචනය... සම්පප්‍රලාපය... අභිධ්‍යාව... ව්‍යාපාදය... මිත්‍ථ්‍යාදෘෂ්ටිය... විෂම වූ සංස්කාරයන් හේතු කොට... විෂම වූ පඤ්චකාමගුණයන්... විෂම වූ පඤ්චනීවරණයන් හේතු කොට... විෂම වූ චේතනාව... විෂම වූ ප්‍රාර්‍ත්‍ථනාව... විෂම වූ ප්‍රණිධිය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, හාත්පසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ නුයි ‘න තස්ස හේතු විසමං චරෙය්‍ය’ යනු වේ.

අප‍්පඤ‍්හිදං ජීවිතං ආහු ධීරාති - ‘ජීවිත’න‍්ති ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං; අපිච, ද‍්වීහි කාරණෙහි අප‍්පකං ජීවිතං: ඨිතිපරිත‍්තතාය වා අප‍්පකං ජීවිතං, සරසපරිත‍්තතාය වා අප‍්පකං ජීවිතං. කථං ඨිතිපරිත‍්තතාය වා අප‍්පකං? අතීතෙ චිත‍්තක‍්ඛණෙ ජීවිත්‍ථ න ජීවති න ජීවිස‍්සති, අනාගතෙ චිත‍්තක‍්ඛණෙ ජීවිස‍්සති න ජීවතී න ජීවිත්‍ථ, පච‍්චුප‍්පන‍්නෙ චිත‍්තක‍්ඛණෙ ජීවති න ජීවිත්‍ථ න ජීවිස‍්සති.

අප්පඤ්භිදං ජීවිතං ආහු ධීරා - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්‍ද්‍රිය යි. තවද දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්ෂණය මඳබැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්‍යලක්ෂණ හෝ සම්පත්තීලක්ෂණ රසය මඳබැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ඨිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි? යත්: අතීත චිත්තක්ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගතචිත්තක්ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්‍තමාන චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.

1. “ජීවිතං අත‍්තභාවො ච සුඛදුක‍්ඛා ච කෙවලා, එකචිත‍්තසමායුත‍්තා ලහුසො වත‍්තතෙ ඛණො.

1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවය ද, (වෙදනාස්කන්ධ සඞ්ඛ්‍යාත) සුඛදුඃඛයෝ ද, (ධ්‍රැවසුඛශුභාත්මභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු (ජීවිතාදීන්ගේ) ක්‍ෂණය අල්පවශයෙන් පවත්නේ යැ.

2. චුල‍්ලාසීති සහස‍්සානි කප‍්පා තිට‍්ඨන‍්ති යෙ මරූ, න ත්‍වෙව තෙපි ජීවන‍්ති ද‍්වීහි චිත‍්තෙහි සංයුතා.

2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.

3. යෙ නිරුද‍්ධා මරන‍්තස‍්ස තිට‍්ඨමානස‍්ස වා ඉධ, සබ‍්බෙව සදිසා ඛන්‍ධා ගතා අප‍්පටිසන්‍ධිකා.

3. මෙ ලොවැ මළහු ගේ හෝ ජීවත් වන්නහු ගේ හෝ යම් ස්කන්‍ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (චුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ) ඒ සියලු මැ ස්කන්‍ධයෝ සදෘශයෝ ය, (නිරුද්ධ වූ ස්කන්‍ධයන් පෙරළා අවුත් ගැළැපීමක් නැති බැවින්) ගියාහු අප්‍රතිසන්ධිකයෝ යැයි කියනු ලැබෙත්.

4. අනන‍්තරා ච යෙ භග‍්ගා යෙ ච භග‍්ගා අනාගතා, තදන‍්තරෙ නිරුද‍්ධානං වෙසමං නත්‍ථි ලක‍්ඛණෙ.

4. යම් ස්කන්‍ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳීගියාහු ද, යම් අනාගත ස්කන්‍ධ කෙනෙකුන් බිඳීයන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්‍තමානස්කන්ධයන්ගේ ලක්‍ෂණයෙහි විෂම බවෙක් (නානාත්‍වයෙක්) නැති.

5. අනිබ‍්බත‍්තෙන න ජාතො පච‍්චුප‍්පන‍්නෙ ජීවති, චිත‍්තභඞ‍්ගා මතො ලොකො පඤ‍්ඤත‍්ති පරමත්‍ථියා.

5. නූපන් අනාගතස්කන්ධයෙන් නූපන්නේ යැ, ක්ෂණප්‍රත්‍යුත්පන්න වූ වර්‍තමානස්කන්ධයෙන් ජීවත් වෙයි, සත්ත්‍ව තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ නමැ, (මළේ යැ යන) ප්‍රඥප්තිය පරමාර්ත්ථ (-චිත්තභඞ්ග)ය ඇසුරු කොට ඇත්තී යැ.

6. යථා නින‍්නා පවත‍්තන‍්ති ඡන්‍දෙන පරිණාමිතා, අච‍්ඡින‍්නධාරා වත‍්තන‍්ති සළායතනපච‍්චයා.

6. ඡන්‍ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ. ෂඩායතනප්‍රත්‍යයයෙන් නුසුන් ධාරා ඇති වැ පවතිත්.

7. අනිධානගතා භග‍්ගා පුඤ‍්ජො නත්‍ථි අනාගතෙ, නිබ‍්බත‍්තා යෙව තිට‍්ඨන‍්ති ආරග‍්ගෙ සාසපූපමා.

7. බිඳුණු ස්කන්‍ධයෝ නිධානයට (=රැස් වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන් ගේ රැස් වීමෙක් නැති. හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්ෂණයෙහි උපන්නාහු මැ සිටිත්.

8. නිබ‍්බත‍්තානඤ‍්ච ධම‍්මානං භඞ‍්ගො තෙසං පුරක‍්ඛතො, පලොකධම‍්මා තිට‍්ඨන‍්ති පුරාණෙහි අමිස‍්සිතා.

8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්ධධර්‍මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ. නැසෙන පියවි ඇත්තාහු පැරැණි ස්කන්‍ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.

9. අදස‍්සනාතො ආයන‍්ති භඞ‍්ගා ගච‍්ඡන‍්ත්‍යදස‍්සනං, විජ‍්ජුප‍්පාදොව ආකාසෙ උප‍්පජ‍්ජන‍්ති වයන‍්ති චා”ති.

9. නො දක්නා තැනින් මැ පැමිණෙති. නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.

එවං ඨිතිපරිත‍්තතාය අප‍්පකං ජීවිතං.

මෙසේ ඨිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.

කථං සරසපරිත‍්තතාය අප‍්පකං ජීවිතං? අස‍්සාසූපනිබද‍්ධං ජීවිතං, පස‍්සාසුපනිබද‍්ධං ජීවිතං, අස‍්සාසපස‍්සාසූපනිබද‍්ධං ජීවිතං, මහාභූතුපනිබද‍්ධං ජීවිතං කබලීකාරාහාරූපනිබද‍්ධං ජීවිතං, උස‍්මූපනිබද‍්ධං ජීවිතං, විඤ‍්ඤාණූපනිබද‍්ධං ජීවිතං, මූලම‍්පි ඉමෙසං දුබ‍්බලං, පුබ‍්බහෙතූපි ඉමෙසං දුබ‍්බලා, යෙපි පච‍්චයා තෙපි දුබ‍්බලා, යාපි පභවිකා සාපි දුබ‍්බලා, සහභූපි ඉමෙසං දුබ‍්බලා, සම‍්පයොගාපි ඉමෙසං දුබ‍්බලා, සහජාපි ඉමෙසං දුබ‍්බලා, යාපි පයොජිකා සාපි දුබ‍්බලා, අඤ‍්ඤමඤ‍්ඤං නිච‍්චදුබ‍්බලා ඉමෙ, අඤ‍්ඤමඤ‍්ඤං අනවට‍්ඨිතා ඉමෙ, අඤ‍්ඤමඤ‍්ඤං පරිපාතයන‍්ති ඉමෙ, අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හි නත්‍ථි තායිතා, න චාපි ඨපෙන‍්ති අඤ‍්ඤමඤ‍්ඤං ඉමෙ, යොපි නිබ‍්බත‍්තකො සො න විජ‍්ජති.

කිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්: (නැහැසිදුරින් ඇතුළත පිවිසෙන වාත සඞ්ඛ්‍යාත) ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, අශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය, උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන්ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්‍වහෙතුහු ද දුබලයෝ යැ, ආරම්මණාදි සාධාරණ ප්‍රත්‍යයයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ එක් වැ උපන් රූපාරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ එක් වැ යෙදුණු අරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජ (=එක් සිතෙහි උපන්) ධර්‍මයෝ ද දුබලයෝ යැ, ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ, මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති, (මොවුන්ගේ) උත්පාදකධර්‍මයෙක් ද නැත්.

10. “න ච කෙනචි කොචි හායති භඞ‍්ගබ්‍යා ච ඉමෙහි සබ‍්බසො පුරිමෙහි පභාවිතා ඉමෙ යෙපි පභවකා තෙ පුරෙ මතා, පුරිමාපි ච පච‍්ඡිමාපි ච අඤ‍්ඤමඤ‍්ඤං න කදාචි මද‍්දසු”න‍්ති.

10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි, මේ සියලු මැ ස්කන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් බිඳීමට යා යුත්තාහු යැ, මේ වර්‍තමානස්කන්ධයෝ පූර්‍වහෙතුප්‍රත්‍යයයන් විසින් උපදවන ලද්දාහු ය, උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයයෝ පළමු වැ මළාහු යැ, පූර්‍වහෙතුප්‍රත්‍යයයෝ ද වර්‍තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නො දුටු විරූහ.

එවං සරසපරිත‍්තතාය අප‍්පකං ජීවිතං.

මෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.

අපිච චාතුම‍්මහාරාජිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස‍්සානං අප‍්පකං ජීවිතං පරිත‍්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත‍්තරං ජීවිතං අනද‍්ධනියං ජීවිතං න චිරට‍්ඨිතිකං ජීවිතං. තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම‍්මාණරතීනං දෙවානං -පෙ- පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං -පෙ- බ්‍රහ‍්මකායිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස‍්සානං අප‍්පකං ජීවිතං පරිත‍්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත‍්තරං ජීවිතං අනද‍්ධනියං ජීවිතං න චිරට‍්ඨිතිකං ජීවිතං. වුත‍්තම‍්පි චෙතං භගවතා:

තවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ජීවිතය ඉත්‍වර (අදීර්‍ඝ) යැ, ජීවිතය කල් නො පවත්නේ යැ, ජීවිතය අචිරස්ථායී යැ, ත්‍රයස්ත්‍රිංශත් දෙවියන්ගේ යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්‍මාණරතී දෙවියන්ගේ - පරනිර්‍මමිතවශවර්‍තති දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය නිසා මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, පරිත්ත යැ, මඳ යැ ක්‍ෂණික යැ ලහුක යැ ඉත්තර යැ අනද්ධනිය යැ අචිරස්ථායී වේ. වදාළේ මැ නු භාග්‍යවතුන් වහන්සේ විසින්:

“අප‍්පමිදං භික‍්ඛවෙ මනුස‍්සානං ආයු, ගමනීයො සම‍්පරායො, මන‍්තාය බොද‍්ධබ‍්බං, කත‍්තබ‍්බං කුසලං, චරිතබ‍්බං බ්‍රහ‍්මචරියං, නත්‍ථි ජාතස‍්ස අමරණං, යො භික‍්ඛවෙ චිරං ජීවති, සො වස‍්සසතං අප‍්පං වා භිය්‍යො වා.

“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ, බඹසර විසියැ යුතු යැ, උපන්හුගේ නො මැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම අවුරුදු සියයක් ජීවත්වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.

11. අප‍්පමායු මනුස‍්සානං හීළෙය්‍ය නං සුපොරිසො, චරෙය්‍යාදිත‍්තසීසොව නත්‍ථි මච‍්චුස‍්ස නාගමො.

11. මිනිසුන් ගේ ආයුස අල්ප යැ. සාධුපුරුෂ තෙම ඒ මඳ වූ ආයුසට ලජ්ජි වන්නේ යැ. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේ යැ. මරහු ගේ නොපැමිණීමෙක් නම් නැති.

12. අච‍්චයන‍්ති අහොරත‍්තා ජීවිතං උපරුජ‍්ඣති, ආයු ඛීයති මච‍්චානං කුන‍්නදීනංව ඔදකං.”

12. රෑදාවල්හු ඉක්මැ යෙති. ජීවිතේන්‍ද්‍රියය අභාවයට යෙයි. කුඩා නදීන්ගේ දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.

අප‍්පඤ‍්හිදං ජීවිතං ආහු ධීරාති - ‘ධීරා’ති ධිතිමාති ධීරා, ධිතිසම‍්පන‍්නා ති ධීරා, ධික‍්කිතපාපාති ධීරා. ධී වුච‍්චති පඤ‍්ඤා යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා මන‍්තා උපපරික‍්ඛා භූරි මෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි තාය පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා ධීරා. අපිච ඛන්‍ධධීරා ධාතුධීරා ආයතනධීරා පටිච‍්චසමුප‍්පාදධීරා සතිපට‍්ඨානධීරා සම‍්මප‍්පධානධීරා ඉන්‍ද්‍රියධීරා බොජ‍්ඣඞ‍්ගධීරා මග‍්ගධීරා ඵලධීරා නිබ‍්බාණධීරා. තෙ ධීරා එවමාහු: මනුස‍්සානං අප‍්පං ජීවිතං පරිත‍්තං ජීවිතං ථොකං ජීවිතං ලහුකං ජීවිතං ඉත‍්තරං ජීවිතං අනද‍්ධනියං ජීවිතං න චිරට‍්ඨිතිකං ජීවිතන‍්ති එවමාහංසු එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති ‘අප‍්පඤ‍්හිදං ජීවිතං ආහු ධීරා’ති.

අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා - ‘ධීරා’ යනු: ධෘතිමත් නුයි ධීරයෝ යැ, ධෘතිසම්පන්න නුයි ධීරයෝ යැ, ගරහන ලද පව් ඇත් නුයි ධීරයෝ යි. ප්‍රඥාව ‘ධී’ යයි කියනු ලැබෙයි; යම් ප්‍රඥාවක් දැනීම් ආකාරයෙක් අනිත්‍යාදිය විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් අනිත්‍යාදීන්ගේ සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිතබවෙක්, කුශල (=දක්‍ෂ)බවෙක් නිපුණබවෙක් විභාවනයෙක් සිතීමෙක් දැනීමෙක් උපපරීක්‍ෂාවක් (විස්තෘත හෙයින්) භූරීසඞ්ඛ්‍යාත ප්‍රඥාවක් කෙලෙසුන් නසන හෙයින් මෙධාවක් (ලක්ෂණප්‍රතිවෙධයට පමුණුවන හෙයින්) පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්ප්‍රජන්‍යයෙක් (නො දැමුණු සිත මාර්‍ගවීථියට නඟන හෙයින්) ප්‍රඥා නැමැති ප්‍රතෝදයෙක් (කෙවිටෙක්) ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වූවා ද, ඒ ප්‍රඥාවෙන් සමන්‍විත හෙයින් ධීරයෝ යි. තවද ස්කන්ධධීරයෝ යැ, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘති - ප්‍රස්ථාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නීර්‍වාණධීරයෝ යැ. ඒ ධීරයෝ මෙසේ කියති: මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ පරිත්ත යැ මඳ යැ ලහුක යැ ඉත්තර යැ අනද්ධනීය යැ අචිරස්ථායී යැ යි මෙසේ කීහු. මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ වහරත් නුයි ‘අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තස‍්මා හි සික‍්ඛෙථ ඉධෙව ජන‍්තු යං කිඤ‍්චි ජඤ‍්ඤා විසමන‍්ති ලොකෙ, න තස‍්ස හෙතු විසමං චරෙය්‍ය අප‍්පඤ‍්හිදං ජීවිතං ආහු ධීරා”ති.

“තස්මා හි -පෙ- ආහු ධීරා” යනු.