2. 3
2. 3.
2. 3.
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා අවදානියා තෙ විසමෙ නිවිට්ඨා, දුක්ඛූපනීතා පරිදෙවයන්ති කිං සු භවිස්සාම ඉතො චුතා සෙ.
ඔහු ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු වූවාහු යෙදුණාහු සම්මෝහයට පැමිණියාහු නිරයට යන්නාහු මසුරු වූවාහු හෝ බුද්ධාදීන්ගේ අවවාද නො ගන්නාහු කායවිෂමාදි විෂමයෙහි පිහිටියාහු මරණදුකට පැමිණියාහු ‘මෙයින් සැව පරලොව ගියමෝ කුමක් වනුමෝ හො’යි පරිදේවනා කෙරෙත්.
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හාති - “කාමා”ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. ගෙධො වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; කිලෙසකාමෙන වත්ථුකාමෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධාතිකාමෙසු ගිද්ධා. පසුතාති - යෙපි කාමෙ එසන්ති ගවෙසන්ති පරියෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ එසන්ති ගවෙසන්ති පරියෙසන්ති, -පෙ- සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- පරියෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පටිලභන්ති -පෙ- ඵොට්ඨබ්බෙ පටිලභන්ති තච්චරිතා -පෙ- තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පරිභුඤ්ජන්ති. -පෙ- ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජන්ති. තච්චරිතා -පෙ- තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යථා කලහකාරකො කලහපසුතො, කම්මකාරකො කම්මපසුතො, ගොචරෙ චරන්තො ගොචරපසුතො, ඣායී ඣානපසුතො, එවමෙවං යෙපි කාමෙ එසන්ති ගවෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා.
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා - ‘කාම’ නම් උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි. වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි ... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත් ... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. ගේධ යි තෘෂ්ණාව කියනු ලබා; යම් රාගයෙක් සංරාගයෙක් ... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු හාත්පසින් බැඳුණාහු නුයි ‘කාමෙසු ගිද්ධා’ යනු වේ. පසුතා - යම් කෙනෙක් කාමයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ඒ කාමයන් පිණිස හැසිරෙන්නාහු තද්බහුල වූවාහු තද්ගුරුක වූවාහු ඊට නැමුණාහු ඊට නැඹුරු වූවාහු ඊට බර වූවාහු එහි වැතුරුණාහු එය අධිපති කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ... ශබ්දයන් ... ගන්ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදාධිපත්‍ය කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ලබත් ද, (අත්පත් කෙරෙත් ද) ... ස්ප්‍රෂ්ටව්‍යයන් තෘෂ්ණාවශයෙන් ලබත් ද, තච්චරිත ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ; යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් ද, ... ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් ද, තච්චරිත වූවාහු ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම්සේ කලහ කරනුයේ කලහපසුත වේ ද, කර්මාන්ත කරනුයේ කම්මපසුත වේ ද, ගෝචරයෙහි හැසිරෙනුයේ ගොචරපසුත වේ ද, ධ්‍යාන ඇතියේ ඣානපසුත වේ ද, එසෙයින් මැ යම් කෙනෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ඒ පිණිස හැසිරෙත් නම්, එය බහුල කොට එය ගරු කොට ඊට නිම්න ව ඊට ප්‍රවණ ව ඊට බර ව එහි වැතිරැ එය අධිපති කොට වෙසෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ.
යෙපි තණ්හාවසෙන රූපෙ -පෙ- පරියෙසන්ති, සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- පරියෙසන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පටිලභන්ති සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පටිලභන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පරිභුඤ්ජන්ති, සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා.
යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ... පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ... සොයත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වෙත් නම්, එය අධිපති කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ප්රතිලාභ කෙරෙත් නම්, ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ප්රතිලාභ කෙරෙත් නම්, තච්චරිත... තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් නම්, ශබ්ද ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත් ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යි.
පමූළ්හාති - යෙභුය්යෙන දෙවමනුස්සා පඤ්චසු කාමගුණෙසු මුය්හන්ති පමුය්හන්ති සම්මුය්හන්ති සම්පමුය්හන්ති, මූළ්හා පමූළ්හා සම්මූළ්හා සම්පමූළ්හා, අවිජ්ජාය අන්ධීකතා, ආවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති - කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා.
පමූළහා - දෙවිමිනිස්හු බෙහෙවින් පස්කම්ගුණයෙහි මුළා වෙති, වෙසෙසින් මුළා වෙති, සර්වාකාරයෙන් මුළා වෙත්. මූඪ වූවාහු ප්‍රමූඪ වූවාහු සම්මූඪ වූවාහු සම්ප්‍රමූඪ වූවාහු අවිද්‍යාවෙන් අන්ධ කරන ලද්දාහු අවුරන ලද්දාහු (ඇවුරුණාහු නැවැතුණාහු) වැතුරුණාහු වැසුණාහු පිළිසන් වූවාහු පිහිකුළු වූවාහු නුයි ‘කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා’ යනු වේ.
අවදානියා තෙ විසමෙ නිවිට්ඨාති - ‘අවදානියා’ති අවංගච්ඡන්තී - තිපිඅවදානියා, මච්ඡරිනොපි වුච්චන්ති අවදානියා, බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්තීති අවදානියා. කථං අවංගච්ඡන්තීති අවදානියා? අවංගච්ඡන්තීති නිරයං ගච්ඡන්ති, පෙත්තිවිසයං ගච්ඡන්ති, එවං අවංගච්ඡන්තීති - අවදානියා. කථං මච්ඡරිනො වුච්චන්ති අවදානියා? පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං; යං එවරූපං මච්ඡරියං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං. අපි ච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං ගාහො, ඉදං වුච්චති මච්ඡරියං. ඉමිනා මච්ඡරියෙන අවදඤ්ඤුතාය සමන්නාගතා ජනා පමත්තා, එවං මච්ඡරිනො වුච්චන්ති අවදානියා. කථං බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්තීති අවදානියා? බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්ති න සුස්සූසන්ති න සොතං ඔදහන්ති නාඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, අනස්සවා අවචනකරා පටිලොමවුත්තිනො අඤ්ඤෙනෙව මුඛං කරොන්ති. එවං බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්තීති අවදානියාති - අවදානියා.
අවදානියා තෙ විසමෙ නිවිට්ඨා - ‘අවදානියා’ යනු: යටට (අපායට) යෙත් නුයි ද ‘අවදානිය’ නම් වෙත්: මසුරු වූවාහු ද ‘අවදානිය’ යි කියනු ලැබෙති. බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මඟ දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්: ‘අවං ගච්ඡන්ති’ (අපායට යෙති) යනු: නිරයට යෙති, තිරිසන්යෝනියට යෙති, ප්‍රේතවිෂයට යෙති; මෙසේ අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් මත්සරීහු (=මසුරෝ) ‘අවදානිය’ යි කියනු ලැබෙති යත්: මාත්සර්‍ය්‍ය පසෙක: ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. මෙ බඳු වූ යම් මසුරුකමක් මසුරුඅයුරක් මසුරුබවක් සිය සම්පත් සඟවනු කැමතිබවක් අනාර්‍ය්‍ය බවක් කටුක බැවින් සිත හකුළුවන බවක් සිත් නො ගත්බවක් වේ නම්, මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද පඤ්චස්කන්ධයෙහි මසුරුබව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ... ආයතනමාත්සර්‍ය්‍ය ද ‘මච්ඡරිය’ නම, ග්‍රාහය ද ‘මච්ඡරිය’ නමි. මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. මේ මාත්සර්‍ය්‍ය හේතුවෙන් බුදුවදන් නො දැනීමෙන් යුත් ජනයෝ ප්‍රමත්තයෝ යැ. මෙසෙයින් මත්සරීහු ‘අවදානිය’ යි කියනු ලැබෙත්. කිසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්? බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිති, නො අසනු කැමති වෙති, කන නො නමති, දැනීමට සිත නො එළවති, අවවාද නො අසන්නාහු බස් පිළිගෙන නො කරන්නාහු පිළිලොම් වැ පවත්නාහු මුහුණ වෙනතක නමත්. මෙසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්.
තෙ විසමෙ නිවිට්ඨාති - ‘විසමෙ’ති විසමෙ කායකම්මෙ නිවිට්ඨා, විසමෙ වචීකම්මෙ නිවිට්ඨා, විසමෙ මනොකම්මෙ නිවිට්ඨා, විසමෙ පාණාතිපාතෙ නිවිට්ඨා, විසමෙ අදින්නාදානෙ නිවිට්ඨා, විසමෙ කාමෙසු මිච්ඡාචාරෙ නිවිට්ඨා, විසමෙ මුසාවාදෙ නිවිට්ඨා, විසමාය පිසුනාය වාචාය නිවිට්ඨා, විසමාය ඵරුසාය වාචාය නිවිට්ඨා, විසමෙ සම්ඵප්පලාපෙ නිවිට්ඨා, විසමාය අභිජ්ඣාය නිවිට්ඨා, විසමෙ ව්යාපාදෙ නිවිට්ඨා, විසමාය මිච්ඡාදිට්ඨියා නිවිට්ඨා, විසමෙසු සංඛාරෙසු නිවිට්ඨා, විසමෙසු පඤ්චසු කාමගුණෙසු නිවිට්ඨා, විසමෙසු පඤ්චසු නීවරණෙසු නිවිට්ඨා විනිවිට්ඨා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති අවදානියා තෙ විසමෙ නිවිට්ඨා.
තෙ විසමෙ නිවිට්ඨා - ‘විසමෙ’ යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ මනඃකර්මයෙහි පිවිසියාහු, විෂම වූ ප්‍රාණඝාතයෙහි පිවිසියාහු, විෂම වූ අදත්තාදානයෙහි ... විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි ... විෂම වූ මෘෂාවාදයෙහි ...විෂම වූ පෛශූන්යවචනයෙහි ...විෂම වූ පරුෂවචනයෙහි ...විෂම වූ සම්ඵප්‍රලාපයෙහි ... විෂම වූ අභිධ්‍යායෙහි ... විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසියාහු, විෂම වූ කායාදි සංස්කාරයෙහි ... විෂම වූ පඤ්චකාමගුණයෙහි ... විෂම වූ පඤ්චනීවරණයෙහි පිවිසියාහු වෙසෙසින් පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු පිවිස සිටියාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු පරිබද්ධ වූවාහු නුයි ‘අවදානියා තෙ විසමෙ නිවිට්ඨා’ යනු වේ.
දුක්ඛූපනීතා පරිදෙවයන්තීති - ‘දුක්ඛූපනීතා’ති දුක්ඛප්පත්තා දුක්ඛසම්පත්තා දුක්ඛූපගතා, මාරප්පත්තා මාරසම්පත්තා මාරූපගතා, මරණප්පත්තා මරණසම්පත්තා මරණූපගතා; පරිදෙවයන්තීති - ලපන්ති සල්ලපන්ති සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති ‘දුක්ඛූපනීතා පරිදෙවයන්ති’.
දුක්ඛූපනීතා පරිදෙවයන්ති - ‘දුක්ඛූපනීතා’ යනු: දුකට පත් වූවාහු දුකට සැපත් වූවාහු දුකට පැමිණියාහු මරපත් වූවාහු මරසැපත් වූවාහු මාරොපගත වූවාහු මරණපත් වූවාහු මරණසැපත් වූවාහු මරණොපගත වූවාහු. පරිදෙවයන්ති යනු: බෙණෙති පුනපුනා බෙණෙති ශෝක කෙරෙති වෙහෙසෙති වැලැපෙති ළෙහි පැහැරැ හඬති මුළාවට පැමිණෙත් නුයි ‘දුක්ඛූපනීතා පරිදෙවයන්ති’ යනු වේ.
කිං සු භවිස්සාම ඉතො චුතා සෙති ඉතො චුතා කිං භවිස්සාම? නෙරයිකා භවිස්සාම? තිරච්ඡානයොනිකා භවිස්සාම? පෙත්තිවිසයිකා භවිස්සාම? මනුස්සා භවිස්සාම? දෙවා භවිස්සාම? රූපී භවිස්සාම? අරූපී භවිස්සාම? සඤ්ඤී භවිස්සාම? අසඤ්ඤී භවිස්සාම? නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සාම? භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානං? න නු ඛො භවිස්සාම අනාගතමද්ධානං? කින්නු ඛො භවිස්සාම අනාගතමද්ධානං? කථන්නු ඛො භවිස්සාම අනාගතමද්ධානං? කිං හුත්වා කිං භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානන්ති සංසයපක්ඛන්නා විමතිපක්ඛන්නා ද්වෙළ්හකජාතා ලපන්ති සල්ලපන්ති සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති’ කිං සු භවිස්සාම ඉතො චුතාසෙ.’
කිං සු භවිස්සාම ඉතො චුතා සෙ - ‘මෙයින් සැවැ (=මෙලොවින් චුත වැ) කුමක් වනුමෝ ද, නෙරිසත් වනුමෝ ද, තිරිසන්යෝනියෙහි උපදනුමෝද, මිනිස් වනුමෝ ද, දෙවි වනුමෝ ද, රූපභවයෙහි උපදනුමෝද, අරූපභවයෙහි උපදනුමෝද, සංඥීභවයෙහි උපදනුමෝද, අසංඥීභවයෙහි උපදනුමෝද, ඇපි අනාගතයෙහි වනුමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි (ක්ෂත්රියාදීන් අතුරෙන්) කුමක් වනුමෝ ද, අනාගතයෙහි (දීර්ඝ-හ්‍රස්වාදි සටහන් වශයෙන්) කෙසේ වනුමෝ ද, අනාගතයෙහි ඇපි (ක්ෂත්රියාදීන් අතුරෙන්) කුමක් වැ (බ්රහ්මණාදීන් අතුරෙන්) කුමක් වනුමෝ දැ’යි සැකයට පැමිණියාහු විමතියට පැමිණියාහු හටගත් සැක ඇත්තාහු බෙණෙති පුනපුනා බෙණෙති ශෝක කෙරෙති වෙහෙසෙති වැලැපෙති ළෙහි පැහැර හඬති මුළාවට පැමිණෙත් නුයි ‘කිං සු භවිස්සාම ඉතො චුතා සෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා අවදානියා තෙ විසමෙ නිවිට්ඨා, දුක්ඛූපනීතා පරිදෙවයන්ති කිං සු භවිස්සාම ඉතො චුතා සෙ”ති.
“කාමෙසු ගිද්ධා -පෙ- ඉතො චුතා සෙ” යී.