යෙදුමෙන් කියවන්න

2. 2

2. 2.

2. 2.

ඉච‍්ඡානිදානා භවසාතබද‍්ධා තෙ දුප‍්පමුඤ‍්චා න හි අඤ‍්ඤමොක‍්ඛා, පච‍්ඡා පුරෙ වාපි අපෙක‍්ඛමානා ඉමෙව කාමෙ පුරිමෙව ජප‍්පං.

කාමතෘෂ්ණාව නිදාන කොට ඇති භවසුඛයෙහි බැඳුණු, යලි අනාගතයෙහි හෝ අතීතයෙහි හෝ වස්තුකාමයන් කැමැති වන, මේ ප්‍රත්‍යුත්පන්න කාමයන් හෝ යට දැක්වූ අතීතානාගතකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කරන ඒ සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ. අනෙකක්හු විසින් නො මැ මුදනු හැක්කාහු වෙත්.

ඉච‍්ඡානිදානා භවසාතබද‍්ධාති - ඉච‍්ඡා වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං ගෙධො පළිගෙධො සඞ‍්ගො පඞ‍්කො එජා මායා ජනිකා සඤ‍්ජනිකා සඤ‍්ජනනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්ති වනං වනථො සන්‍ථවො ස‍්නෙහො අපෙක‍්ඛා පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත‍්තං, රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා, ජප‍්පා පජප‍්පා අභිජප‍්පා ජප‍්පනා ජප‍්පිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං පුච‍්ඡඤ‍්චිකතා සාදුකම්‍යතා, අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සම‍්පත්‍ථනා, කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා, රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා, ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං, දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලං තණ‍්හාසමුද‍්දො, අභිජ‍්ඣා විසමලොභො අකුසලමූලං.

ඉච්ඡානිදානා භවසාතබද්ධා - ‘ඉච්ඡා’ යි තෘෂ්ණාව කියනු ලබා: යම් රාගයෙක් සංරාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගෙධයෙක් පරිගෙධයෙක් සඞ්ගයෙක් පඞ්කයෙක් එජාවක් මායාවක් (සසර උපදවන) ජනිකාවක් සංජනනියක් සීවනියක් (බැඳීමෙක්) ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් (බඳනා හෙයින්) සූත්‍රයෙක් (රූපාදියෙහි පතළ හෙයින්) විසතාවක් අයූහනය කරවීමෙක් ද්විතීයාවක් ප්‍රණිධියක් භවනෙත්තියක් (ගහනහෙයින්) වනයෙක් වනථයෙක් තෘෂ්ණාසන්ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් (අරමුණෙහි බඳනා හෙයින්) ප්‍රතිබන්‍ධුයෙක් ආශාවක් ආශංසනාවක් ආශංසිත බවෙක් රූපාශාවක් ශබ්දාශාවක් ගන්ධාශාවක් රසාශාවක් ස්ප්‍රෂ්ටව්‍යාශාවක් ලාභාශාවක් ධනාශාවක් පුත්‍රාශාවක් ජීවිතාශාවක්, (තෘෂ්ණා වශයෙන්) ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලොල් බවෙක් ලෞල්‍යාකාරයෙක් ලෞල්‍යසමඞ්ගී බවෙක් පුච්ඡඤ්චික (නඟුට සලන = ලාභයෙහි සැලෙන) බවෙක් මධුරකාම්‍යතාවක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් කැමැතිවන ආකාරයෙක් ප්‍රාර්‍ත්‍ථනාවක් පිහායනයෙක් සම්ප්‍රාර්ථනාවක්, කාමතෘෂ්ණාවක් භවතෘෂ්ණාවක් විභවතෘෂ්ණාවක් රූප (භව) තෘෂ්ණාවක් අරූපතෘෂ්ණාවක් නිරොධතෘෂ්ණාවක්, රූප (යෙහි) තෘෂ්ණාවක් ශබ්දතෘෂ්ණාවක් ගන්ධතෘෂ්ණාවක් රසතෘෂ්ණාවක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාවක් ධර්‍මතෘෂ්ණාවක්, (තෘෂ්ණා) ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතාවක් විවිධෙච්ඡාවක්, දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යාවක් විෂමලොභයෙක් අකුශලමූලයෙක් වේ ද එය යි.

ඉච‍්ඡානිදානාති - ඉච‍්ඡානිදානා ඉච‍්ඡාහෙතුකා ඉච‍්ඡාපච‍්චයා ඉච‍්ඡාකාරණා ඉච‍්ඡාපභවාති ඉච‍්ඡානිදානා.

ඉච්ඡානිදානා - ඉච්ඡාව නිදාන කොට ඇත්තාහු ඉච්ඡාව හේතු කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රත්‍යය කොට ඇත්තාහු ඉච්ඡාව කාරණ කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඉච්ඡානිදාන’ නම් වෙත්.

භවසාතබද‍්ධාති - එකං භවසාතං: සුඛා වෙදනා, ද‍්වෙ භවසාතානි: සුඛා ච වෙදනා ඉට‍්ඨං ච වත්‍ථු. තීණි භවසාතානි: යොබ‍්බඤ‍්ඤං ආරොග්‍යං ජීවිතං. චත‍්තාරි භවසාතානි: ලාභො යසො පසංසා සුඛං. පඤ‍්ච භවසාතානි: මනාපිකා රූපා මනාපිකා සද‍්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට‍්ඨබ‍්බා. ඡ භවසාතානි: චක‍්ඛුසම‍්පදා සොතසම‍්පදා ඝානසම‍්පදා ජිව‍්හාසම‍්පදා කායසම‍්පදා මනොසම‍්පදා. භවසාතබද‍්ධාති - සුඛාය වෙදනාය සත‍්තා බද‍්ධා ඉට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං, යොබ‍්බඤ‍්ඤෙ බද‍්ධා, ආරොග්‍යෙ බද‍්ධා, ජීවිතෙ බද‍්ධා, ලාභෙ බද‍්ධා, යසෙ බද‍්ධා, පසංසායං බද‍්ධා, සුඛෙ බද‍්ධා, මනාපිකෙසු රූපෙසු බද‍්ධා, මනාපිකෙසු සද‍්දෙසු - ගන්‍ධෙසු - රසෙසු මනාපිකෙසු ඵොට‍්ඨබ‍්බෙසු බද‍්ධා, චක‍්ඛුසම‍්පදාය බද‍්ධා, සොතසම‍්පදාය බද‍්ධා, ඝාන - ජිව‍්හා - කාය - මනොසම‍්පදාය බද‍්ධා, විබද‍්ධා ආබද‍්ධා ලග‍්ගා ලග‍්ගිතා පළිබද‍්ධාති ‘ඉච‍්ඡා නිදානා භවසාතබද‍්ධා’.

භවසාතබද්ධා - සුඛවේදනාව එක් භවසාතයෙක, සුඛවේදනාව ද ඉෂ්ටවස්තුව දැයි භවසාත දෙකෙක. යෞවනය ආරෝග්‍යය හා ජීවිතය (ජීවිතේන්‍ද්‍රිය පවත්නා බව) දැයි භවසාත තුනෙක. ලාභ යැ යශස් යැ ප්‍රශංසා යැ සුඛ යැයි භවසාත සතරකෙ, මනාපික (මනවඩන) රූප යැ මනාපික ශබ්ද යැ මනාපික ගන්‍ධ යැ මනාපික රස යැ මනාපික ස්ප්‍රෂ්ටව්‍ය යැයි භවසාත පසෙක, චක්ෂුඃසම්පත් යැ ශ්‍රොතසම්පත් යැ ඝ්‍රාණසම්පත් යැ ජිහ්වාසම්පත් යැ කායසම්පත් යැ මනස්සම්පත් යැයි භවසාත සයෙකි. භවසාතබද්ධා - සුඛවේදනාවෙන් ඉෂ්ටවස්තුයෙහි සත්ත්‍වයෝ බඳනා ලද්දාහ, යෞවනයෙහි බද්ධයහ, ආරෝග්‍යයෙහි බද්ධයහ, ජීවිතයෙහි - ලාභයෙහි - යශස්හි - ප්‍රශංසායෙහි - සුඛයෙහි බද්ධයහ, මනාපිකරූපයන්හි බද්ධයහ, මනාපික ශබ්ද - ගන්‍ධ - රස - මනාපික ස්ප්‍රෂ්ටව්‍යයන්හි බද්ධයහ, චක්ෂුඃසම්පත්හි බද්ධයහ, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්හි බද්ධයහ, වෙසෙසින් බැඳුණාහ. හාත්පසින් බැඳුණාහ, ලග්න වූහ, ලගිත වූහ, පරිබද්ධ වූවාහු නුයි ‘ඉච්ඡානිදානා භවසාතබද්ධා’ යනු වේ.

තෙ දුප‍්පමුඤ‍්චා න හි අඤ‍්ඤමොක‍්ඛාති - තෙ වා භවසාතවත්‍ථු දුප‍්පමුඤ‍්චා, සත‍්තා වා එත‍්තො දුම‍්මොචයා. කථං තෙ භවසාතවත්‍ථු දුප‍්පමුඤ‍්චා? සුඛා වෙදනා දුප‍්පමුඤ‍්චා, ඉට‍්ඨං වත්‍ථු දුප‍්පමුඤ‍්චං, යොබ‍්බඤ‍්ඤං දුප‍්පමුඤ‍්චං, ආරොග්‍යං දුප‍්පමුඤ‍්චං, ජීවිතං දුප‍්පමුඤ‍්චං, ලාභො දුප‍්පමුඤ‍්චො, යසො දුප‍්පමුඤ‍්චො, පසංසා දුප‍්පමුඤ‍්චා, සුඛං දුප‍්පමුඤ‍්චං, මනාපිකා රූපා දුප‍්පමුඤ‍්චා, මනාපිකා සද‍්දා - ගන්‍ධා - රසා ඵොට‍්ඨබ‍්බා දුප‍්පමුඤ‍්චා, චක‍්ඛුසම‍්පදා දුප‍්පමුඤ‍්චා, සොත - ඝාන - ජිව‍්හා - කාය - මනොසම‍්පදා දුප‍්පමුඤ‍්චා, දුම‍්මොචයා දුප‍්පමොචයා දුන‍්නිවෙඨයා දුබ‍්බිනිවෙඨයා, දුත‍්තරා දුප‍්පතරා දුස‍්සමතික‍්කමා දුබ‍්බිනිවත‍්තා. එවන‍්තෙ භවසාතවත්‍ථු දුප‍්පමුඤ‍්චා.

තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා - භවයෙහි ආස්වාදවස්තු වූ ඒ ධර්‍මයෝ හෝ දුකසේ හළ යුත්තාහ. සත්ත්‍වයෝ මැ හෝ තෙල භවසාත වස්තුහු කෙරෙන් දුර්මොචයෝ යි. ඒ භවයෙහි සාතවස්තුහු දුකසේ හළ යුත්තාහ කිසෙයින යත්: සුඛවේදනාව දුකසේ මිදිය යුත්තී යැ, ඉෂ්ටවස්තුව දුකසේ හළ යුතු යැ, යෞවනය - ආරෝග්‍යය - ජීවිතය - ලාභය - යශස් - ප්‍රශංසාව - සුඛය දුකසේ හළ යුතු යැ, මනාපික රූපයෝ දුස්ප්‍රමුව්‍යයෝ යැ, මනාපික ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ - ස්ප්‍රෂ්ටව්‍යයෝ දුස්ප්‍රමුව්‍යයහ, චක්ෂුස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, දුර්මොච යැ, දුර්නිවෙෂ්ට යැ, දුර්විනිවෙෂ්ට යැ, දුස්තර යැ, දුස්ප්‍රතර යැ, දුස්සමතික්‍රම යැ, දුර්විනිවර්‍ත යි. මෙසේ ඒ භවසාත වස්තූහු දුකසේ මිදියැ යුත්තාහ.

කථං සත‍්තා එත‍්තො දුම‍්මොචයා? සුඛාය වෙදනාය සත‍්තා දුම‍්මොචයා, ඉට‍්ඨස‍්මා වත්‍ථුස‍්මා දුම‍්මොචයා, යොබ‍්බඤ‍්ඤා දුම‍්මොචයා ආරොග්‍යා දුම‍්මොචයා, ජීවිතා දුම‍්මොචයා, ලාභා දුම‍්මොචයා, යසා දුම‍්මොචයා, පසංසාය දුම‍්මොචයා, සුඛා දුම‍්මොචයා, මනාපිකෙහි රූපෙහි දුම‍්මොචයා, මනාපිකෙහි සද‍්දෙහි - ගන්‍ධෙහි - රසෙහි - ඵොට‍්ඨබ‍්බෙහි දුම‍්මොචයා, චක‍්ඛුසම‍්පදාය දුම‍්මොචයා, සොත - ඝාන - ජිව‍්හා - කාය - මනොසම‍්පදාය දුම‍්මොචයා දුප‍්පමොචයා දුරුද‍්ධරා දුස‍්සමුද‍්ධරා දුබ‍්බුට‍්ඨාපයා දුස‍්සමුට‍්ඨාපයා දුන‍්නිවෙඨයා දුබ‍්බිනිවෙඨයා දුත‍්තරා දුප‍්පතරා දුස‍්සමතික‍්කමා දුබ‍්බිනිවත‍්තා. එවං සත‍්තා එත‍්තො දුම‍්මොචයාති ‘තෙ දුප‍්පමුඤ‍්චා’

සත්ත්‍වයෝ තෙල වස්තුයෙන් දුකසේ මිදියැ යුත්තාහු කිසෙයින යත්: සුඛවේදනායෙන් සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ, ඉෂ්ටවස්තුහු කෙරෙන් - යෞවනයෙන් - ආරොග්‍යයෙන් - ජීවිතයෙන් - ලාභයෙන් - යශසින් - ප්‍රශංසායෙන් - සුවයෙන් දුකසේ මිදිය යුත්තාහ, මනවඩන රූපයෙන් - ශබ්දයෙන් - ගන්‍ධයෙන් - රසයෙන් - ස්ප්‍රෂ්ටව්‍යයෙන් දුර්මොචයෝ යැ, චක්ෂුස්සම්පත්තියෙන් - ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් දුර්මෝචයෝ යැ, අතිශයින් නොමිදිය හැක්කාහ, නො නැඟිය හැක්කාහ, අතිශයින් නො නඟා සිටුවිය හැක්කාහ, දුර්නිවෙෂ්ටයෝ යැ, දුර්විනිවෙෂ්ටයෝ යැ, දුස්තරයෝ යැ, අතිශයින් දුස්තරයෝ යැ, නො ඉක්මවිය හැක්කාහ, නො නැවැත්විය හැක්කාහුයැ. මෙසේ සත්ත්‍වයෝ තෙල සාතවස්තු කෙරෙන් නො මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා’ යනු වේ.

න හි අඤ‍්ඤමොක‍්ඛාති - තෙ අත‍්තනා පලිපපලිපන‍්නා න සක‍්කොන‍්ති පරං පලිපපලිපන‍්නං උද‍්ධරිතුං.

න හි අඤ්ඤමොක්ඛා - ඔවුහු තමන් මහමඩෙහි ගැලුණාහු මහමඩෙහි ගැලුණු අනෙකක්හු නගාසිටුවන්නට නො හැකි වෙත්.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි බුදුන් විසින්:

“සො වත චුන්‍ද, අත‍්තනා පලිපපලිපන‍්නො පරං පලිපපලිපන‍්නං උද‍්ධරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සො වත චුන්‍ද, අත‍්තනා අදන‍්තො අවිනීතො අපරිනිබ‍්බුතො පරං දමෙස‍්සති විනෙස‍්සති පරිනිබ‍්බාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතී” ති එවම‍්පි න හි අඤ‍්ඤමොක‍්ඛා. අථවා නත්‍ථඤ‍්ඤො කොචි මොචෙතා. තෙ යදි මුඤ‍්චෙය්‍යුං, සකෙන ථාමෙන සකෙන බලෙන සකෙන විරියෙන සකෙන පරක‍්කමෙන සකෙන පුරිසත්‍ථාමෙන සකෙන පුරිසබලෙන සකෙන පුරිසවිරියෙන සකෙන පුරිසපරක‍්කමෙන අත‍්තනා සම‍්මාපටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං අන්‍වත්‍ථපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං පටිපජ‍්ජමානා මුඤ‍්චෙය්‍යුන‍්ති එවම‍්පි න හි අඤ‍්ඤමොක‍්ඛා.

“චුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ඒකාන්තයෙන් ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟාසිටුවන්නේ යැ යන මේ කාරණය නො වෙයි. චුන්දය, යමෙක්තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේ ත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මේ කරුණ නො වේ” යයි. මෙසේත් අනෙකක් හු විසින් නො මිදියැ හෙන්නාහ. නොහොත් මුදවන අන් කිසිවෙක් නැත. ඉඳින් ඔහු මිදෙන්නාහු නම්, ස්වකීය (ඥාන) ශක්තියෙන් ස්වකීය බලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පුරුෂශක්තියෙන් ස්වකීය පුරුෂබලයෙන් ස්වකීය පුරුෂවීර්‍ය්‍යයෙන් ස්වකීය පුරුෂපරාක්‍රමයෙන් තමා විසින් සම්‍යක්ප්‍රතිපදාවට අනුලොමප්‍රතිපදාවට අවිරුද්ධ ප්‍රතිපදාවට අන්වර්ථප්‍රතිපදාවට ධර්‍මානුධර්‍මප්‍රතිපදාවට පිළිපදනාහු මිදෙන්නාහු නුයි ‘න හි අඤ්ඤමොක්ඛා’ යනු වේ.

වුත‍්තම‍්පි හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:

1. “නාහං සහිස‍්සාමි පමොචනාය කථංකථිං ධොතක කිඤ‍්චි ලොකෙ, ධම‍්මං ච සෙට‍්ඨං අභිජානමානො එවං තුවං ඔඝමිමං තරෙසී”ති.

1. “ධෝතකය, මම් ලොව්හි කාඞ්ක්‍ෂා සහිත වූ කිසිවක්හු මුදන්නට නො හැකි වෙමි. (වෑයම් නොකරමි.) උත්තම ධර්‍මය විශිෂ්ටඥානයෙන් අවබෝධ කෙරෙමින් මෙසේ තෝ මේ චතුරෝඝය තරණය කෙරෙහි” යයි

එවම‍්පි න හි අඤ‍්ඤමොක‍්ඛා.

මෙසේ ත් අනෙකක්හු විසින් නො මැ මිදිය හැක්කාහ.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරනලද මැයි භාග්‍යවතුන් විසින්:

2. “අත‍්තනාව කතං පාපං අත‍්තනා සංකිලිස‍්සති, අත‍්තනා අකතං පාපං අත‍්තනාව විසුජ‍්ඣති; සුද‍්ධි අසුද‍්ධි පච‍්චත‍්තං නාඤ‍්ඤමඤඤෙ විසොධයෙ”ති.

2. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවුඅපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි. යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද, හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලාකුශලකර්‍මසඞ්ඛ්‍යත ශුද්ධිය ද අශුද්ධි ය ද කාරකසන්තානයෙහි - තමා කෙරෙහි විවා දනවයි. අනෙකෙක් අනෙකක්හු විශුද්ධ නො කෙරේ” යයි.

එවම‍්පි න හි අඤ‍්ඤමොක‍්ඛා.

මෙසේ ත් අනෙකක්හු විසින් නො මැ මිදියැ හෙන්නාහ.

වුත‍්තම‍්පි හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:

“එවමෙව ඛො බ්‍රාහ‍්මණ තිට‍්ඨතෙව නිබ‍්බානං තිට‍්ඨති නිබ‍්බානගාමි මග‍්ගො, තිට‍්ඨාමහං සමාදපෙතා. අථ ච පන මම සාවකා මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප‍්පෙකච‍්චෙ අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං ආරාධෙන‍්ති. එකච‍්චෙ නාරාධෙන‍්ති. එත්‍ථ ක්‍යාහං බ්‍රාහ‍්මණ කරොමි, මග‍්ගක‍්ඛායී බ්‍රාහ‍්මණ තථාගතො. මග‍්ගං බුද‍්ධො ආචික‍්ඛති. අත‍්තනා පටිපජ‍්ජමානා මුඤ‍්චෙය්‍යු”න‍්ති. එවම‍්පි න හි අඤ‍්ඤමොක‍්ඛාති ‘තෙ දුප‍්පමුඤ‍්චා න හි අඤ‍්ඤමොක‍්ඛා.’

“එසෙයින් මැ බමුණ, අමාමහනිවන ඇත් මැය. (පූර්‍වභාගවිදර්‍ශනාදියෙහි පටන්) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත. සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැය. එතෙකුදු වුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨාව වූ නිවන සම්පාදනය කෙරෙති. ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා (මොවුන් කෙරෙහි) බමුණ, මම් කුමක් කෙරෙම් ද, බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ. බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්. තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි මෙසේත් අනෙකක්හු විසින් නො මැ මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා’ යනු වේ.

පච‍්ඡා පුරෙ වාපි අපෙක‍්ඛාමානාති - පච‍්ඡා වුච‍්චති අනාගතං. පුරෙ වුච‍්චති අතීතං. අපි ච අතීතං උපාදාය අනාගතඤ‍්ච පච‍්චුප‍්පන‍්නඤ‍්ච පච‍්ඡා, අනාගතං උපාදාය අතීතඤ‍්ච පච‍්චුප‍්පන‍්නඤ‍්ච පුරෙ. කථං පුරෙ අපෙක‍්ඛං කරොති? එවංරූපො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. එවංවෙදනො අහොසිං -පෙ- එවංසඤ‍්ඤො අහොසිං -පෙ- එවංසංඛාරො අහොසිං -පෙ- එවංවිඤ‍්ඤාණො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. එවම‍්පි පුරෙ අපෙක‍්ඛං කරොති. අථ වා - ඉති මෙ චක‍්ඛු අහොසි අතීතමද‍්ධානං ඉති රූපාති, තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො එවම‍්පි පුරෙ අපෙක‍්ඛං කරොති. අථ වා - ඉති මෙ සොතං අහොසි අතීතමද‍්ධානං ඉති සද‍්දාති -පෙ- ඉති මෙ ඝානං අහොසි අතීතමද‍්ධානං ඉති ගන්‍ධාති -පෙ- ඉති මෙ ජිව‍්හා අහොසි අතීතමද‍්ධානං ඉති රසාති -පෙ- ඉති මෙ කායො අහොසි අතීතමද‍්ධානං ඉති ඵොට‍්ඨබ‍්බාති -පෙ- ඉති මෙ මනො අහොසි අතීතමද‍්ධානං ඉති ධම‍්මාති, තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො එවම‍්පි පුරෙ අපෙක‍්ඛං කරොති. අථවා යානිස‍්ස තානි පුබ‍්බෙ මාතුගාමෙන සද‍්ධිං හසිතලපිතකීළිතානි, තදස‍්සාදෙති තං නිකාමෙති තෙන ච විත‍්තිං ආපජ‍්ජති. එවම‍්පි පුරෙ අපෙක‍්ඛං කරොති.

පච්ඡා පුරෙ වාපි අපෙක්ඛාමානා - ‘පච්ඡා’ යි අනාගතය කියනු ලැබෙයි. ‘පුරෙ’ යි අතීතය කියනු ලැබේ. තවද අතීතය නිසා අනාගතයත් ප්‍රත්‍යුත්පන්නයත් ‘පච්ඡා’ නමැ, අනාගතය නිසා අතීතයත් ප්‍රත්‍යුත්පන්නයත් ‘පුරෙ’ නමැ. කිසෙයින් අතීතයෙහි අපේක්‍ෂා කෙරෙයි යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙකිම් වීමි යි ඒ අතීතරූපාරම්මණයෙහි තෘෂ්ණාව එළවයි. මෙබඳු වේදනා ඇතියෙකිම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙකිම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙකිම් වීමි ... මෙබඳු විඥාන ඇතියෙකිම් වීමි අතීත කලැ’ යි එහි තෘණ්හාව එළවයි. මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරෙයි. නොහොත් අතීතයෙහි මාගේ ඇස මෙබඳු විය, රූපයෝ මෙබඳු වූහ යි ඒ චක්‍ෂු රූපයන්හි විඥානය (ජවනචිත්තය) ඡන්‍දරාගයෙන් ඇලුණේ වෙයි. ඒ ජවනවිඥානය ඡන්‍දරාගයෙන් බැඳුණු හෙයින් ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වෙයි. එය තෘෂ්ණාවශයෙන් අභිනන්‍දනය කරණුයේ මෙසේත් අතීතයෙහි අපේක්‍ෂාව කෙරෙයි. නොහොත් අතීතයෙහි මාගේ කන මෙබඳු විය, ශබ්දයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ ඝ්‍රාණය මෙබඳු විය, ගන්‍ධයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ දිව මෙබඳු විය, රසයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ කය මෙබඳු විය, පහස්හු මෙබඳු වූහ යි ... අතීතකාලයෙහි මාගේ මනස මෙබඳු විය, ධර්‍මයෝ මෙබඳු වූහ යි ඒ මනොධර්‍මයන්හි ජවනවිඥානය ඡන්‍දරාගයෙන් බැඳුණේ වෙයි. විඥානය ඡන්‍දරාගයෙන් බැඳුණු හෙයින් ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරෙයි. නොහොත් පෙර ඔහුගේ මාගම සමග යම් ඒ හසිතලපිත ක්‍රීඩිතයෝ වූවාහු ද, එය ආස්වාදනය කෙරෙයි. එය කැමැති වෙයි. යළි එයින් සතුටට පැමිණෙයි. මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරේ.

කථං පච‍්ඡා අපෙක‍්ඛා කරොති? එවංරූපො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ‍්ඤො සියං -පෙ- එවංසංඛාරො සියං -පෙ- එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං සමන‍්නානෙති. එවම‍්පි පච‍්ඡා අපෙක‍්ඛං කරොති. අථවා - ඉති මෙ චක‍්ඛු සියා අනාගතමද‍්ධානං ඉති රූපාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. චෙතසො පණිධානප‍්පච‍්චයා තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො එවම‍්පි පච‍්ඡා අපෙක‍්ඛං කරොති. අථවා - ඉති මෙ සොතං සියා අනාගතමද‍්ධානං ඉති සද‍්දාති -පෙ- ඉති මෙ ඝානං සියා අනාගතමද‍්ධානං ඉති ගන්‍ධාති -පෙ- ඉති මෙ ජිව‍්හා සියා අනාගතමද‍්ධානං ඉති රසාති -පෙ- ඉති මෙ කායො සියා අනාගතමද‍්ධානං ඉති ඵොට‍්ඨබ‍්බාති -පෙ- ඉති මෙ මනො සියා අනාගතමද‍්ධානං ඉති ධම‍්මාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. චෙතසො පණිධානප‍්පච‍්චයා තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො එවම‍්පි පච‍්ඡා අපෙක‍්ඛං කරොති. අථවා - ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. චෙතසො පණිධානප‍්පච‍්චයා තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො එවම‍්පි පච‍්ඡා අපෙක‍්ඛං කරොතීති පච‍්ඡා පුරෙ චාපි අපෙක‍්ඛමානා.

කිසෙයින් අනාගතයෙහි අපේක්‍ෂාව කෙරෙයි යත්: අනාගතකාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව යි ඒ අනාගතරූපයෙහි තෘෂ්ණාව එළවයි. මෙබඳු වේදනා ඇති වෙම්ව ... මෙබඳු සංඥා ඇති වෙම්ව යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව යි ... අනාගතයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව යි එහි තෘෂ්ණාව එළවයි. මෙසේත් අනාගතයෙහි අපේක්‍ෂාව කෙරෙයි. නොහොත් අනාගතයෙහි මට මෙබඳු ඇසෙක් වේවා, මෙබඳු රූපයෝ වෙත්ව යි නො ලැබුණු චක්ෂූරූපයන්ගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන එය තෘෂ්ණා වශයෙන් අභිනන්‍දනය කෙරෙයි. එය අභිනන්‍දනය කරනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරෙයි. නොහොත් අනාගතයෙහි මට මෙබඳු කනෙක් වේවා, මෙබඳු ශබ්දයෝ වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු ඝ්‍රාණයෙක් වේවා, මෙබඳු ගන්‍ධයෝ වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු දිවක් වේවා, මෙබඳු රසයෝ වෙත්වයි ... අනාගතයෙහි මට මෙබඳු කයෙක් වේවා, මෙබඳු පහස්හු වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු මනසෙක් වේවා, මෙබඳු ධර්‍මයෝ වෙත්ව’යි නො ලත් අරමුණු ලැබීම පිණිස සිත පිහිටුවයි. චිත්තප්‍රණිධානප්‍රත්‍යයෙන් ඒ අරමුණට සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරෙයි නොහොත් මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවන්‍යතරයෙක් වන්නෙමි යි නො ලත් අරමුණු ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම් කරුණෙන් ඊට සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරේ නුයි ‘පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා’ යනු වේ.

ඉමෙව කාමෙ පුරිමෙව ජප‍්පන‍්ති - “ඉමෙව කාමෙ”ති පච‍්චුප‍්පන‍්නෙ පඤ‍්චකාම ගුණෙ ඉච‍්ඡන‍්තා සාදියන‍්තා පත්‍ථයන‍්තා අභිජප‍්පන‍්තා. පුරිමෙව ජප‍්පන‍්ති - අතීතෙ පඤ‍්චකාම ගුණෙ ජප‍්පන‍්තා පජප‍්පන‍්තා අභිජප‍්පන‍්තාති - ‘ඉමෙව කාමෙ පුරිමෙව ජප‍්පං’.

ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං - ‘ඉමෙව කාමෙ’ යනු: ප්‍රත්‍යුත්පන්න පඤ්චකාමගුණයන් කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු රුචි වන්නාහු වෙසෙසින් ගුණ කියන්නාහු; පුරිමෙව ජප්පං - අතීතපඤ්චකාමගුණයන් (ගුණවශයෙන්) කියන්නාහු ප්‍රකාරයෙන් කියන්නාහු වෙසෙසින් කියන්නාහු නුයි ‘ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ඉච‍්ඡානිදානා භවසාතබද‍්ධා තෙ දුප‍්පමුඤ‍්චා න හි අඤ‍්ඤමොක‍්ඛා, පච‍්ඡා පුරෙ වාපි අපෙක‍්ඛමානා ඉමෙව කාමෙ පුරිමෙව ජප‍්ප”න‍්ති.

“ඉච්ඡානිදානා -පෙ- පුරිමෙව ජප්පං” යි.