1 - 6 අට්ඨකථා
1 - 6
1 - 6
තස්මාති යස්මා ජාතිආදිකං දුක්ඛං එතං පුග්ගලං අන්වෙති, තස්මා. තංකාරණා තංහෙතූතිආදීසුපි එසෙව නයො. යස්මා වුත්තප්පකාරදුක්ඛං එතං අන්වෙති, තංහෙතු. යස්මා අන්වෙති තප්පච්චයා, යස්මා අන්වෙති තංනිදානන්ති එවං පදයොජනා කාතබ්බා. හෙතූතිආදීනි කාරණවෙවචනානි. කාරණඤ්හි තෙන තස්ස ඵලං හිනොති පවත්තතීති හෙතු. තං තං පටිච්ච ඵලං එති පවත්තතීති පච්චයො. “හන්ද නං ගණ්හථා”ති දස්සෙන්තං විය අත්තනො ඵලං නිදෙතීති නිදානං.
තස්මා යනු යම්හෙයකින් ජාතිය මුල්කරගත් දුක් ඒ පුද්ගලයා වෙත එයි ද එහෙයිනි. තං කාරණා තං හෙතු යනාදියෙහි ද මෙම නයයි. යම්හෙයකින් කියන ලද ආකාර වූ දුක් මේ සත්ත්වයා ලුහුබැඳ එයි ද ඒ හේතුවෙනි. යම්හෙයකින් ලුහුබැඳ එයි ද, එය ප්‍රත්‍ය කොටගෙන ලුහුබැඳ එයි ද එම නිදානයෙනි. යනුවෙන් පදයෝජනාව කළ යුතුයි. හෙතු යනාදිය කාරණ පර්යාය වචන යි. කාරණය වනාහි ‘එයින් එම ඵලය ඇතිවේ’ නුයි, ‘පවතීනු’යි හේතු නමි. ඒ ඒ ඵලය උදෙසා ‘ඒනුයි, පවතීනු’යි පච්චයො පච්චය නමි. ‘වහා මොහු ගනිවු’ යැයි දක්වන්නාක් මෙන් තමාගේ ඵලය දක්වානුයි නිදානං නිදාන නමි.
“තංකාරණාති අකාරණනික්කාරණපටිසෙධො. තංහෙතූති අහෙතුමහාභූතහෙතුපටිසෙධො. තප්පච්චයාති අප්පච්චයෙන සද්ධිං අසාධාරණපච්චයපටිසෙධො . තංනිදානාති අනිදානෙන සහ ආගමාධිගමනිදානපටිසෙධො”ති එවමෙකෙ වණ්ණයන්ති. එතං ආදීනවං සම්පස්සමානොති එතං වුත්තප්පකාරං උපද්දවං විපස්සනාඤාණෙන සම්මා පස්සමානො දක්ඛමානො.
තං කාරණා යනු නිෂ්කාරණ බව ප්රතිෂේධ කිරීමයි. තං හෙතු යනු අහේතුක බව, මහාභූත හේතු නොවන බව වැලැක්වීමයි. තං පච්චයා යනු හේතු රහිත බව හා සමග පොදු නොවූ ප්‍රත්‍ය සහිත බව වැලැක්වීමයි. තං නිදානා යනු නිදානයක් මුල් හේතුවක් නොමැති බව හා සමග ආගමාධිගමයෙහි නිදානයක් (මුල් හේතුවක් ඇති බව) වැලැක්වීම යැයි, මෙසේ ඇතැමෙක් අර්ථ දක්වති. එතං ආදීනවං සම්පස්සමානො යනු මෙසේ කියන ලද ආකාරයෙන් තමාට ඇතිවන උපද්‍රව විදසුන් නුවණින් මැනවින් බලමින් දකිමින්.
සදාති මූලපදං. පුන සදාති අත්ථපදං. සදාති සබ්බදිවසෙ. සබ්බදාති සබ්බස්මිං කාලෙ. සබ්බකාලන්ති පුබ්බණ්හාදිසබ්බකාලං. නිච්චකාලන්ති දිවසෙ දිවසෙ. ධුවකාලන්ති අබ්බොච්ඡින්නකාලං. සතතන්ති නිරන්තරං. සමිතන්ති එකීභූතං. අබ්බොකිණ්ණන්ති අඤ්ඤෙන අසම්මිස්සං. පොඞ්ඛානුපොඞ්ඛන්ති පටිපාටියා ඝටිතං “පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතං උපට්ඨාතී”තිආදීසු (සං· නි· 5.1115) විය. උදකූමිකජාතන්ති නිබ්බත්තඋදකඌමිතරඞ්ගං විය. අවීචීති අවිරළං. සන්තතීති අනුපච්ඡින්නං. සහිතන්ති ඝටිතං එකීභූතං වා “සහිතං මෙ, අසහිතං තෙ”තිආදීසු (දී· නි· 1.202) විය. ඵස්සිතන්ති ඵුසිතං “නිවාතෙ ඵුසිතග්ගලෙ”තිආදීසු විය. පුරෙභත්තං පච්ඡාභත්තන්ති ද්වෙ පදානි දිවාකාලවිභාගවසෙන. පුරිමං යාමං මජ්ඣිමං යාමං පච්ඡිමං යාමන්ති තීණි රත්තිවිභාගවසෙන. කාළෙ ජුණ්හෙති අඩ්ඪමාසවසෙන. වස්සෙ…පෙ… ගිම්හෙති තීණි උතුවසෙන. පුරිමෙ වයොඛන්ධෙ…පෙ… පච්ඡිමෙ වයොඛන්ධෙති තීණි වයොවිභාගවසෙන වුත්තානීති ඤාතබ්බං.
සදා යනු මූල පදයයි. පුන සදා යනු අර්ථ පදයයි. සදා යනු සදහටම ය. සබ්බදා යනු සදාකාලයටම ය. සබ්බකාලං පෙරවරු ආදී සියලු කාලයෙහි ය. නිච්චකාලං දිනපතායි. දවසින් දවස ය. ධුවකාලං යනු අවිච්ඡින්නවයි. සතතං නිරන්තරයෙනි. සමිතං එක දිගටම ය. අබ්බොකිණ්ණං අනිකක් සමග අසම්මිශ්‍රව යි. පොංඛානුපොංඛං පිළිවෙලින් එකින් එක ගෙතීමෙනි. ‘පොංඛානුපොංඛං අවිරාධිතං උපට්ඨාති’ (පිළිවෙල නොසිඳ උපස්ථාන කරයි.) ආදියෙහි මෙනි. උදකොමිකාජාතං යනු දියෙහි හටගත් රළ පෙළක් මෙනි. අවීචි යනු අවිරලවයි. සන්තති යනු නොකඩවා යි. සහිතං යනු එක්කොට ගලපන ලදුවයි. ‘සහිතම්මෙ අසහිතන්තෙති’ (මට ගැලපෙන දෙය ඔබට නොගැලපෙයි.) යනාදියෙහි මෙනි. ඵුස්සිතං යනු නිවහනක් මෙන් ආවරණ සහිතවයි. ඵුස්සිතග්ගලෙ (දොරඟුල් දැමූ) යනාදියෙහි මෙනි. පුරෙ භත්තං පච්ඡා භත්තං යන දෙපදය දිවාකාලයේ කාලය - විකාලය හැඳින්වීම් වශයෙනි. පුරිමයාමං මජ්ඣිමයාමං පචඡීමයාමං යන තුන රාත්‍රී භාග වශයෙනි. කාලෙ ජුණ්හෙ යනු අඩ මස් වශයෙනි. වස්සෙ -පෙ- හෙමන්තෙ - ගිම්හෙ යන තුන ඍතු වශයෙනි. පුරිමෙ වයො ඛන්ධෙ -පෙ- පච්ඡිමෙ වයො ඛන්ධෙ යන තුන වයස් තුන - බාල, තරුණ, මහලු යනුවෙන් දක්වන ලදැයි දතයුතුයි.
සතොති චතූහි කාරණෙහි සතො. “කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො”තිආදීනි “එවං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙය්යා”ති පරියොසානානි වුත්තත්ථානෙව. අපි ච සත්තත්තා සතොති තීසු වත්ථූසු සත්තභාවෙන වා තයො කිලෙසෙ පටික්කමාපෙතුං සත්තිභාවෙන වා සතත්තා සතො. සන්තත්තාති කිලෙසොපක්කිලෙසෙ පලාපෙත්වා ඨානෙන ච ආරම්මණෙන ච පමොචෙත්වා සන්තත්තා සතො. සමිතත්තාති ඉට්ඨඵලදායකපුඤ්ඤෙන ච අනිට්ඨඵලදායකපාපෙන ච සමිතත්තා සතො. සන්තධම්මසමන්නාගතොති සප්පුරිසධම්මෙ භජනතො බුද්ධාදිඅරියපුග්ගලෙ සෙවනතො සන්තධම්මසමන්නාගතත්තා සතො.
සතො යනු කයෙහි, කය අනුව බලන, කායානුපස්සනා සතිපට්ඨානය වඩමිනි. ‘මෙසේ සමුච්ඡේද වශයෙන් කාමයන් දුරු කරන්නේය’යි අවසන් කරමින් ‘සතො’ යනාදිය කියන ලද්දේමය. තවද සත්තත්තා සතො යනු ත්‍රිවිධ වස්තුවෙහි ඇලීම් හේතුවෙන් හෝ ත්‍රිවිධ ක්ලේශයන් ඉවත් කිරීමට ශක්තිමත් හෙයින් හෝ සත්තත්තා සතො යි කියන ලදී. සන්තත්තා යනු ක්ලේශ උපක්ලේශයන් පලවා හැර සිටීමෙන් ද අරමුණුවලින් සිත මුදවාගෙන සිටීමෙන් ද ශාන්ත සන්සුන් බවට පැමිණියේනුයි, සතො ‘සතො’යි කියන ලදී. සමිතත්තා යනු ඉෂ්ට ඵල දායක වූ පිනෙන් ද, අනිෂ්ට ඵල දායක පවින්දැයි යන පින් පවු දෙකම සන්සිඳවූ හෙයින් සතො සතොයි කියන ලදී. සන්ත ධම්මසමන්නාගතො යනු සත්පුරුෂ දහම් ඇසුරු කිරීමෙන් ද බුද්ධාදී ආර්ය පුද්ගලයන් සේවනය කිරීමෙන් ද ලබාගත් ශාන්ත ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින් සතො යි කියන ලදී.
වත්ථුකාමෙ පරිජානිත්වාති එතෙ වුත්තප්පකාරෙ තෙභූමකෙ වත්ථුකාමෙ තීරණපරිඤ්ඤාය ජානිත්වා. පහායාති කිලෙසකාමෙ පහානපරිඤ්ඤාය පරිච්චජිත්වා. පජහිත්වාති ඡඩ්ඩෙත්වා. කිං කචවරං විය පිටකෙනාති? න හි, අපි ච ඛො තං විනොදෙත්වා තරිත්වා විජ්ඣිත්වා නීහරිත්වා. කිං බලිබද්දමිව පතොදෙනාති ? න හි, අථ ඛො තං බ්යන්තිං කරිත්වා විගතන්තං කරිත්වා. යථාස්ස අන්තොපි නාවසිස්සති, අන්තමසො භඞ්ගමත්තම්පි, තථා තං කරිත්වා. කථං පන තං තථා කතන්ති? අනභාවං ගහෙත්වා අනු අභාවං ගමෙත්වා. සමුච්ඡෙදප්පහානෙන යථා සමුච්ඡින්නා හොති, තථා කරිත්වාති වුත්තං හොති. එස නයො කාමච්ඡන්දනීවරණාදීසු.
වත්ථුකාමෙ පරිජානිත්වා යනු මෙසේ ඉහත විස්තර කළ පරිදි ත්‍රෛභූමික වස්තුකාමයන් පිළිබඳව තීරණ පරිඥාවෙන් පිරිසිඳ දැන, පහාය කෙලෙස් කාමයන් ප්‍රහාණ පරිඥාවෙන් අත්හැර. පජහිත්වා යනු ඉවත්කර, කූඩයකින් කුණුකසල ඉවත් කරන්නාක් මෙන්ද නැත. ඒ කෙලෙස් දුරුකර, අත්හැර, විඳහැර, බැහැර හැර, කෙවිටෙන් ගවයකු එළවන්නාක් මෙන් ද නැත. තව ද එම කෙලෙස් අවසන්කොට, බැහැර බවට පත්කොට, යටත් පිරිසෙයින් ගතිමාත්රයක් හෝ ඉතිරි නොවන සේ කොට, කෙසේ නම් වනාහි ඒ ආකාරයෙන් නසන ලද්දේ වේ ද අනභාවං ගමෙත්වා යනු අනු+අභාවං, නැවත නූපදනා බවට පමුණුවා, සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් යම්සේ මුලිනුපුටා දමන ලද්දේ ද, එසේ කොටැයි කී නියායි. කාමච්ඡන්ද නීවරණාදියෙහි ද මේ නයයි.
කාමොඝන්තිආදීසු පඤ්චකාමගුණිකරාගො අවසීදනට්ඨෙන “කාමොඝො”ති වුච්චති. භවොඝොති රූපාරූපභවෙසු ඡන්දරාගො ඣානනිකන්ති ච. දිට්ඨොඝොති සස්සතදිට්ඨාදිසහගතා භවෙ පත්ථනායෙව, දිට්ඨොඝො භවොඝෙ එව සමොධානං ගච්ඡති. අවිජ්ජොඝො චතූසු සච්චෙසු අඤ්ඤාණං. තත්ථ කාමගුණෙ අස්සාදතො මනසි කරොතො අනුප්පන්නො ච කාමොඝො උප්පජ්ජති, උප්පන්නො ච කාමොඝො සංවඩ්ඪති. මහග්ගතධම්මෙ අස්සාදතො මනසි කරොතො අනුප්පන්නො ච භවොඝො උප්පජ්ජති, උප්පන්නො ච සංවඩ්ඪති. තෙභූමකධම්මෙසු චතුවිපල්ලාසපදට්ඨානභාවෙන අනුප්පන්නො ච අවිජ්ජොඝො උප්පජ්ජති, උප්පන්නො ච සංවඩ්ඪතීති වෙදිතබ්බො. වුත්තනයපච්චනීකතො සුක්කපක්ඛො විත්ථාරෙතබ්බො.
කාමොඝො යනාදියෙහි, පංචකාම ගුණික රාගය අදහස් වේ. ‘එහි ගිලෙති’යි යන අර්ථයෙන් කාමය ඕඝයකැයි කියනු ලැබේ. භවොඝො යනු රූපාරූප භවයන් කෙරෙහි පවත්නා ඡන්ද රාගයයි. ධ්‍යානයන් කෙරෙහි පවත්නා බලවත් කැමැත්ත ද භවෝඝයයි. දිට්ඨොඝො යනු ශාස්වත දෘෂ්ටි ආදියෙන් යුතු භවය පිළිබඳව පවත්නා ප්‍රාර්ථනාවමයි. මෙසේ දිට්ඨෝඝය සහ භවෝඝය එක්වීමට පත්වෙයි. අවිජ්ජොඝො අවිජ්ජොඝය වනාහි චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. එහි පංචකාම ගුණයන් ආශ්වාදනය කිරීමෙන්, එහි ආශ්වාද කිරීමෙන්, නූපන් කාමෝඝය උපදියි. උපන් කාමෝඝය වර්ධනය වේ. මහද්ගත ධර්මයන් ආශ්වාදනයෙන්, සිහිකිරීමෙන් නූපනා වූ ද භවෝඝය උපදියි. උපන්නා වූ භවෝඝය ද වර්ධනය වේ. ත්‍රෛභූමික ධර්මයන්හි සතර විපර්යාසයන් පදනම්කොට ඇති බැවින් නූපන්නා වූ ද අවිජ්ජෝඝය උපදියි. උපන්නා වූ ද අවිජ්ජෝඝය වැඩේ යැයි දතයුතුයි. ඉහත පැවසූ ක්‍රමයට ප්රතිපක්ෂ වශයෙන් යහපත් පක්ෂය විස්තර කළ යුතුයි.
අප්පණිහිතවිමොක්ඛං පටිපන්නො කාමොඝං, අනිමිත්තවිමොක්ඛං පටිපන්නො භවොඝං, සුඤ්ඤතවිමොක්ඛං පටිපන්නො අවිජ්ජොඝඤ්ච තරෙය්ය. පඨමමග්ගවසෙන තරෙය්ය, දුතියමග්ගවසෙන උත්තරෙය්ය, තතියමග්ගවසෙන පතරෙය්ය, චතුත්ථමග්ගවසෙන සමතික්කමෙය්ය, ඵලවසෙන වීතිවත්තෙය්යාති. අථ වා “කාමොඝවසෙන තරෙය්ය, භවොඝවසෙන උත්තරෙය්ය, දිට්ඨොඝවසෙන පතරෙය්ය, අවිජ්ජොඝවසෙන සමතික්කමෙය්ය, සබ්බොඝවසෙන වීතිවත්තෙය්යා”ති එවමෙකෙ වණ්ණයන්ති.
(ප්‍රණිධි හෙවත් තෘෂ්ණා රහිත) අපණිහිත විමෝක්ෂය වෙතට පිළිපන්නේ කාමෝඝය ද, අනිමිත්ත (නිමිති රහිත) විමෝක්ෂයට පිළිපන්නන් භවෝඝය ද සුඤ්ඤත (ශුන්‍යතා හෙවත් නිර්වාණ) විමෝක්ෂයට පිළිපන්නේ අවිජ්ජෝඝය ද තරෙය්ය තරණය කරන්නේ ය. පළමු ආර්ය මාර්ග වශයෙන් තරෙය්ය තරණය කරන්නේය. දෙවැනි ආර්ය මාර්ග වශයෙන් උත්තරෙය්ය එතෙර වන්නේ ය. තෙවැනි ආර්ය මාර්ග වශයෙන් පතරෙය්ය ප්‍රතරණය (පූර්ණ වශයෙන් තරණය) කරන්නේය. සිවුවන ආර්ය මාර්ග වශයෙන් සමතික්කමෙය්ය අතික්‍රමණය කරන්නේය. ඵල වශයෙන් වීතික්කමෙය්ය ඉක්මවන්නේය. නැතහොත් කාමෝඝ වශයෙන් තරෙය්ය තරණය කරන්නේය. භවෝඝ වශයෙන් උත්තරෙය්ය එතෙර වන්නේ ය. දිට්ඨොඝ වශයෙන් පතරෙය්ය පූර්ණ වශයෙන් තරණය කරන්නේ ය. අවිජ්ජෝඝය වශයෙන් සමතික්කමෙය්ය අතික්‍රමණය කරන්ය. සිවු ඕඝ වශයෙන් ම වීතිවත්තෙය්ය ඉක්මවන්නේය යනුවෙන් ද ඇතැමෙක් අර්ථ දක්වති.
ගරුකන්ති න සල්ලහුකං. භාරිකන්ති භාරභණ්ඩං එත්ථ ඨපයන්තීති භාරිකං. උදකං සිත්වාති උදකං සිඤ්චිත්වා. ඔසිඤ්චිත්වාති අතිරෙකං සිඤ්චිත්වා. ඡඩ්ඩෙත්වාති පාතෙත්වා. ලහුකායාති සල්ලහුකාය. ඛිප්පන්ති සීඝං. ලහුන්ති තංඛණං. අප්පකසිරෙනෙවාති නිදුක්ඛෙනෙව. පාරං වුච්චති අමතං නිබ්බානන්ති සක්කායඔරතො පාරභූතං පාරං. තණ්හාවානතො නික්ඛන්තං නිබ්බානං කථීයති. යොසොති යො එසො. සබ්බසඞ්ඛාරසමථොතිආදි සබ්බං නිබ්බානමෙව. යස්මා හි තං ආගම්ම සබ්බසඞ්ඛාරවිප්ඵන්දිතානි සමන්ති වූපසමන්ති, තස්මා “සබ්බසඞ්ඛාරසමථො”ති වුච්චති. යස්මා චෙතං ආගම්ම සබ්බෙ උපධයො පටිනිස්සට්ඨා හොන්ති, සබ්බා තණ්හා ඛීයන්ති, සබ්බෙ කිලෙසරජ්ජා විරජ්ජන්ති, සබ්බං දුක්ඛං නිරුජ්ඣති, තස්මා “සබ්බූපධිපටිනිස්සග්ගො, තණ්හක්ඛයො, විරාගො, නිරොධො”ති වුච්චති. යා පනෙසා තණ්හා භවෙන භවං, ඵලෙන වා සද්ධිං කම්මං විනති සංසිබ්බතීති කත්වා වානන්ති වුච්චති, තතො නික්ඛන්තං වානතොති නිබ්බානං. පාරං ගච්ඡෙය්ය නිමිත්තවසෙන එකතො වුට්ඨානගොත්රභුඤාණෙන නිබ්බානපාරං පාපුණෙය්ය. අධිගච්ඡෙය්ය නිමිත්තපවත්තෙහි උභතොවුට්ඨානමග්ගඤාණෙන නිබ්බානපාරං විසෙසෙන පාපුණෙය්ය. ඵුසෙය්ය නිබ්බානාරම්මණඵලචිත්තවසෙන නිබ්බානපාරං ඵුසෙය්ය. සච්ඡිකරෙය්ය ගුණවසෙන ඵුසිත්වා පච්චවෙක්ඛණඤාණෙන නිබ්බානපාරං පච්චක්ඛං කරෙය්ය. අථ වා “පඨමමග්ගෙන පාරං ගච්ඡෙය්ය, දුතියෙන අධිගච්ඡෙය්ය, තතියෙන ඵුසෙය්ය, චතුත්ථෙන සච්ඡි කරෙය්යා”ති එවමෙකෙ වණ්ණයන්ති. යොපි පාරං ගන්තුකාමොති යො කොචි විපස්සනාඤාණෙ ඨිතො පුග්ගලො නිබ්බානපාරං ගන්තුකාමො, සොපි අවස්සං තත්ථ ගමිස්සතීති පාරගූ. වුත්තඤ්හෙතං – “ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහී”තිආදි . පුබ්බභාගෙ අජ්ඣාසයවසෙන විපස්සනායොගෙන ච, සොපි පාරගූ නාම. යොපි පාරං ගච්ඡතීති යොපි මග්ගසමඞ්ගී නිබ්බානපාරං ගච්ඡති, සොපි පාරගූ නාම. යොපි පාරං ගතොති යොපි මග්ගෙන කිච්චං නිට්ඨාපෙත්වා ඵලෙ ඨිතො නිබ්බානපාරඞ්ගතො, සොපි පාරගූ නාම.
ගරුකං යනු සැහැල්ලු නොවූ, භාරිකං බර වූ බඩු මෙහි තබන ලද්දේනුයි භාරික වූ, උදකං සිත්වා ජලය ඉස, උස්සිඤ්චිත්වා මනාව දිය ඉවතලා, ඡඩ්ඪෙත්වා හැරදමා, ලහුකායා යනු සැහැල්ලු වූ (නැවෙන්) ඛිප්පං වේගයෙන් වහා ලහුකං සැණෙකින් අප්පකසිරෙනෙව යනු නිරායාශයෙන්ම පාරං වුච්චති අමතං නිබ්බාණං යනු ස්වකාය නමැති මෙතෙර සිට එතෙර වීම වාණ නම් වූ තණ්හාවෙන් නික්මීම, නිවන යැයි කියනු ලැබේ. යොසො යනු යම් ඒ ‘සබ්බසංඛාර සමථො’ (සියලු සංස්කාරයන්ගේ සංසිදීම) යැයි යමක් කියන ලද ද ඒ සියල්ලම නිවනම වන්නේය. යම්හෙයකින් ඒ නිවනට පැමිණීමෙන් සියලු සංස්කාරයන්ගෙන් හටගන්නා සියලු කම්පාවෝ සන්සිඳෙත් ද, මනාව සන්සිඳෙත් ද එහෙයින් සබ්බ සංඛාර සමථො යනු සබ්බ සංඛාර සමථ යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ නිවනට පැමිණීමෙන් සියලු උපධීහු දුරුවෙත් ද සියලු තණ්හාවෝ ක්ෂය වෙත් ද සියලු කෙලෙස් කිලුටු පහ වේද සියලු දුක් නිරුද්ධ වේද එහෙයින් නිවනට සබ්බූපධිපටිනිස්සග්ගො සබ්බූ පධිපටිනිස්සග්ග යැයි ද තණ්හක්ඛයො තණ්හක්ඛය යැයි ද විරාගො විරාග යැයි ද නිරොධො නිරෝධ යැයි ද කියනු ලැබේ. ඒ මේ තණ්හාව එක් භවයක් හා සමග තවත් භවයක් ද ඵලය හා සමග කර්මය ද දවටති යි, වියති යි යන අරුතින් වාණ යැයි කියනු ලැබේ. ඒ වාණ නම් තණ්හාවෙන් නික්මුණු බවට, නිවන නම් පරතෙරට යන්නේය. නිමිති වශයෙන් හුදකලාව නැගී සිටි ගෝත්‍රභූ ඤාණයෙන් නිවන නම් පරතෙරට පැමිණෙන්නේය. අවබෝධ කරන්නේය. නිමිති පැවතීම් යන දෙ අංශයෙන් උපන් මාර්ග ඤාණයෙන් නිවන නම් පරතෙරට විශේෂයෙන් පැමිණෙන්නේය. ස්පර්ශ කරන්නේය. නිබ්බාණාරම්මණ (නිවන අරමුණු කොට ඇති) ඵල සිත් වශයෙන් නිවන නම් පරතෙර ස්පර්ශ කරන්නේ ය. සච්ඡිකරෙය්ය යනු ගුණ වශයෙන් ස්පර්ශ කොට ප්රත්යවේක්ෂා ඤාණයෙන් නිවන නම් පරතෙර ප්රත්යක්ෂ කරන්නේය. නැතහොත් පළමු ආර්ය මාර්ගයෙන් පාරං ගච්ඡෙය්ය පරතෙර යන්නේය. දෙවන මාර්ගයෙන් අධිගච්ඡෙය්ය අවබෝධ කරන්නේය. තෙවන මාර්ගයෙන් ඵස්සෙය්ය ස්පර්ශ කරන්ය. සිවුවැන්නෙන් සච්ඡිකරෙය්ය සාක්ෂාත් කරන්නේ යැයි යනුවෙන් ද ඇතැමෙක් අර්ථ වර්ණනා කරති. යොපි පාරං ගන්තුකාමො යනු යම්කිසි විදසුන් නුවණෙහි පිහිටියා වූ ආර්ය පුද්ගලයෙක් තෙමේ, නිවන් පරතෙරට යනු කැමති වේද, හෙතෙමේද අවශ්‍යයෙන් ම එහි යන්නේ ය. යන අරුතින් ‘පාරගූ’ නම් වේ. කියන ලදමැයි:- ‘මම ජාතියෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, පරිදේවයෙන් ද, දුකෙන් ද, දොම්නසින් ද, උපායාසයෙන් ද එතෙර වූයෙමි’ ආදී වශයෙනි. පූර්වභාගයේ (ආරම්භයෙහි) පැවති අදහස් වශයෙන් ද (පසුව) විදසුන් භාවනාව වැඩීම් වශයෙන් ද එම යෝගාවචරයා ද ‘පාරගූ’ නම් වේ. යොපි පාරං ගච්ඡති යනු යමෙක් ආර්ය මාර්ගයන්ගෙන් යුතුව නිවන් නමැති පරතෙරට යයි ද, ඔහු ද පාරගූ නම් වේ. යොපි පාරං ගතො යනු යමෙක් ආර්ය මාර්ගයේ කටයුතු නිමවා, ඵලයෙහි සිටියේ නිවන් නමැති පරතෙරට ගියේ වේ ද, ඔහු ද පාරගූ නම් වේ.
තං ජිනවචනෙන දස්සෙතුං “වුත්තම්පි හෙතං භගවතා – තිණ්ණො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො”තිආදිමාහ. අභිඤ්ඤාපාරගූති අධිගතෙන ඤාණෙන ඤාතපරිඤ්ඤාය නිබ්බානපාරං ගන්තුකාමො ගච්ඡති, ගතොති පාරගූ. පරිඤ්ඤාපාරගූති සබ්බධම්මානං තීරණපරිඤ්ඤාය සමතික්කමිත්වා වුත්තනයෙන පාරගූ. පහානපාරගූති සමුදයපක්ඛිකානං කිලෙසානං පහානපරිඤ්ඤාය සමතික්කමිත්වා වුත්තනයෙන පාරගූ. යො හි සබ්බධම්මං පරිජානාති, සො තීහි පරිඤ්ඤාහි පරිජානාති ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤායාති. තත්ථ කතමා ඤාතපරිඤ්ඤා? සබ්බධම්මං ජානාති “ඉමෙ අජ්ඣත්තිකා, ඉමෙ බාහිරා, ඉදමස්ස ලක්ඛණං, ඉමානි රසපච්චුපට්ඨානපදට්ඨානානී”ති, අයං ඤාතපරිඤ්ඤා. කතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා ලබ්භමානවසෙන සබ්බධම්මං තීරෙති “අනිච්චතො දුක්ඛතො රොගතො”තිආදිනා (සං· නි· 3.122), අයං තීරණපරිඤ්ඤා. කතමා පහානපරිඤ්ඤා? එවං තීරයිත්වා අග්ගමග්ගෙන ධම්මෙසු ඡන්දරාගං පජහති, අයං පහානපරිඤ්ඤාති. ඉමා පරිඤ්ඤායො සන්ධාය “සො අභිඤ්ඤාපාරගූ පරිඤ්ඤාපාරගූ පහානපාරගූ”ති ආහ.
එය බුද්ධ වචනයෙන් ම දක්වනු සඳහා ‘වුත්තම්පි හෙතං භගවතා තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො’ (භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදමැයි :- බ්‍රාහ්මණ තෙමේ එතෙර වූයේ, පරතෙරට ගියේ ගොඩ වී සිටියි.) යනාදිය දක්වන ලදී. අභිඤ්ඤා පාරගූ අවබෝධ කරගත් ඤාණයෙන්, පිරිසිඳ දත් නුවණින් නිවන් පරතෙරට යනු කැමති වෙති යි, යෙති යි, ගියහ යි, පාරගූ නම් වේ. පරිඤ්ඤා පාරගූ යනු සියලු ධර්මයන්ගේ ස්වභාවය තීරණ පරිඥාවෙන් මනාව ඉක්මවා ඉහත පැවසූ පරිද්දෙන්ම පාරගූ නම් වේ. පහාන පාරගූ යනු සමුදය සංඛ්‍යාත තෘෂ්ණා පක්ෂයෙහි වූ ක්ලේශයන් ප්‍රහාණ පරිඥාවෙන් මනාව ඉක්මවා, ඉහත පැවසූ නයින් ම පාරගූ නම් වේ. යමෙක් සියලු ස්වභාවයන් මනාව පිරිසිඳ දනියි ද, ඔහු ත්‍රිවිධ පරිඥාවන් ඤාත පරිඥාවෙන්, තීරණ පරිඥාවෙන් හා ප්‍රහාණ පරිඥාවෙන් පිරිසිඳ දනියි. එහි ‘ඤාත පරිඥා’ යනු කවරේ ද? සියලු ස්වභාවයන් පිළිබඳව, මොහු අභ්‍යන්තර ස්වභාවයෝ ය. මොහු බාහිර ස්වභාවයෝ ය. මෙය මෙහි ලක්ෂණයි. මොහු මෙහි කෘත්‍ය, පච්චුපට්ඨාන, පදට්ඨාන (ආසන්න කාරණය හෙවත් පදනම) යෝ යැයි දනියි ද, මේ ඤාත පරිඥාවයි. එහි තීරණ පරිඥාව යනු කවරේද? මෙසේ ධර්මයන් පිළිබඳව දැනගෙන, ඒ ධර්මයන් පහළ වීමේ දී සියලු ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තීරණය කරයි ද, මේ තීරණ පරිඥාවයි. ප්‍රහාණ පරිඥාව යනු කවරේ ද? මෙසේ සියලු ධර්මයන් පිළිබඳව තීරණය කර, ආර්ය මාර්ගයෙන් ඡන්දරාගය දුරුකරයි ද, මේ ප්‍රහාණ පරිඥාවයි. මේ පරිඥාවන් සඳහා සො අභිඤ්ඤා පාරගූ පරිඤ්ඤා පාරගූ පහාන පාරගූ යි (හේ අභිඥා පාරගූය. පරිඤ්ඤා පාරගූය. පහාන පාරගූ යයි) කීහු.
භාවනාපාරගූති භාවනාය කොටිං පත්වා මග්ගවසෙන නිබ්බානපාරං ගතො. සච්ඡිකිරියාපාරගූති ඵලනිබ්බානවසෙන සච්ඡි කිරියාඵලනිබ්බානපාරං ගතො. සමාපත්තිපාරගූති අට්ඨන්නං සමාපත්තීනං පාරං පත්තො. සබ්බධම්මානන්ති පඤ්චක්ඛන්ධාදිසබ්බධම්මානං. සබ්බදුක්ඛානන්ති ජාතිදුක්ඛාදිසබ්බදුක්ඛානං. සබ්බකිලෙසානන්ති කායදුච්චරිතාදිසබ්බකිලෙසානං. අරියමග්ගානන්ති සොතාපත්තිමග්ගාදිචතුන්නං අරියමග්ගානං . නිරොධස්සාති නිබ්බානස්ස. සබ්බසමාපත්තීනන්ති සබ්බාසම්පි අට්ඨන්නං රූපාරූපසමාපත්තීනං. සොති සො අරියො. වසිප්පත්තොති වසීභාවප්පත්තො. අථ වා කන්තභාවං ඉස්සරියභාවං නිප්ඵන්නභාවං පත්තො. පාරමිප්පත්තොති පාරමීති අවසානං නිට්ඨානං, උත්තමභාවං වා තං පත්තො. කත්ථ පත්තොති ආහ “අරියස්මිං සීලස්මි”න්තිආදි. තත්ථ අරියස්මිං සීලස්මින්ති නිද්දොසෙ සීලස්මිං. අරියස්මිං සමාධිස්මින්ති නිද්දොසෙ සමාධිස්මිං. අරියාය පඤ්ඤායාති නිද්දොසාය පඤ්ඤාය. අරියාය විමුත්තියාති නිද්දොසාය ඵලවිමුත්තියා. පුරිමෙන වාචාකම්මන්තාජීවා ගහිතා, දුතියෙන වායාමසතිසමාධයො ගහිතා, තතියෙන විතක්කසම්මාදිට්ඨියො ගහිතා, චතුත්ථෙන තංසම්පයුත්තා සෙසධම්මා ගහිතාති වෙදිතබ්බා.
භාවනා පාරගූ යනු භාවනාවෙහි කෙළවරට පත්ව, මාර්ග වශයෙන් නිවන් නම් පරතෙරට ගියේයි. සච්ඡිකිරියා පාරගූ යනු ඵල නිබ්බාණ වශයෙන් ප්රත්යක්ෂ කිරීමෙන් නිවන් ඵලයෙහි පරතෙරට ගියේ යි. සමාපත්ති පාරගූ යනු සමාපත්ති අටෙහි පරතෙරට පත්වූයේ යි. සබ්බ ධම්මානං යනු පංචස්කන්ධාදී සියලු ධර්මයන්ගේයි. සබ්බදුක්ඛානං යනු ඉපදීමේ දුක ආදී සියලු දුක්ඛයන්ගේයි. සබ්බකිලෙසානං යනු කාය දුශ්චරිතාදී සියලු කෙලෙසුන්ගෙනි. අරිය මග්ගානං යනු සෝවාන් ආදී සතර ආර්ය මාර්ගයන්ගේයි. නිරොධස්ස යනු නිර්වාණයේ යි. සබ්බ සමාපත්තීනං යනු සියලුම රූපාරූප සමාපත්ති අටෙහි ය. සො යනු ඒ ආර්ය පුද්ගල තෙමේයි. වසිප්පත්තො යනු වශීභාවයට (පලපුරුදු බවට) පත්වූයේ යි. නැතහොත්, කාන්තභාවයට - ඉසුරුමත් බවට, නිසසල බවට පත් වූයේයි. පාරමී පත්තො යනු පාරමී යනු අවසානයට, නිෂ්ඨාවට හෝ උත්තම භාවයට පැමිණියේයි. කවර විෂයයෙක්හි (උත්තම භාවයට) පැමිණියේ ද? යන්නට පිළිතුරු දෙමින්, ආර්ය වූ සීලයෙහි යනාදිය කියන ලදී. එහි අරියස්මිං සීලස්මිං නිදොස් වූ සීලයෙහි ය. අරියස්මිං සමාධිස්මිං නිදොස් වූ සමාධියෙහි යි. අරියාය පඤ්ඤාය නිදොස් වූ ප්‍රඥාවෙහි ය. අරියාය විමුත්තියා නිදොස් වූ ඵල විමුත්තියෙහි යි. මුල් කරුණින් (සීලයෙන්) වාචා, කම්මන්ත, ආජීවය යන අංග ත්‍රයය ගන්නා ලදී. දෙවැන්නෙන් (සමාධියෙන්) වායාම, සති, සමාධි යන අංගත්රයය ගන්නා ලදී. තෙවැන්නෙන් (ප්‍රඥාවෙන්) විතක්ක සම්මා දිට්ඨිය ගන්නා ලදී. සිවුවැන්නෙන් (විමුත්ති) එය හා සම්ප්‍රයුක්ත වූ සෙසු ධර්මයෝ (සම්මා ඤාණ, සම්මා විමුත්ති) ගන්නා ලදහ යි දතයුතුයි.
අන්තගතොති මග්ගෙන සඞ්ඛාරලොකන්තං ගතො. අන්තප්පත්තොති තමෙව ලොකන්තං ඵලෙන පත්තො. කොටිගතොති මග්ගෙන සඞ්ඛාරකොටිං ගතො. කොටිප්පත්තොති තමෙව කොටිං ඵලෙන පත්තො. පරියන්තගතොති මග්ගෙන ඛන්ධායතනාදිලොකපරියන්තං පරිච්ඡෙදං පරිවටුමං කත්වා ගතො. පරියන්තප්පත්තොති තමෙව ලොකං ඵලෙන පරියන්තං කත්වා පත්තො. වොසානගතොති මග්ගෙන අවසානං ගතො. වොසානප්පත්තොති ඵලෙන අවසානං පත්තො. තාණගතොති මග්ගෙන තායනං ගතො. තාණප්පත්තොති ඵලෙන තායනං පත්තො. ලෙණගතොති මග්ගෙන නිලීයනං ගතො. ලෙණප්පත්තොති තං ඵලෙන නිලීයනං පත්තො. සරණගතොති මග්ගෙන පතිට්ඨං ගතො. සරණප්පත්තොති ඵලෙන සරණං පත්තො . අභයගතොති මග්ගෙන නිබ්භයං ගතො. අභයප්පත්තොති ඵලෙන නිබ්භයං නිබ්බානං පත්තො. අච්චුතගතොති චුතිවිරහිතං නිබ්බානං මග්ගෙන ගතො. අච්චුතප්පත්තොති තං ඵලෙන පත්තො. අමතගතොති මරණරහිතං නිබ්බානං මග්ගෙන ගතො. අමතප්පත්තොති තං ඵලෙන පත්තො. නිබ්බානගතොති තණ්හාවානතො නික්ඛන්තං නිබ්බානං මග්ගෙන ගතො. නිබ්බානප්පත්තොති තමෙව ඵලෙන පත්තො. සො වුට්ඨවාසොති සො අරහා දසසු අරියවාසෙසු වසි පරිවසි වුට්ඨො වුට්ඨාති ච වුට්ඨවාසො. චිණ්ණචරණොති සීලෙන සහ අට්ඨසු සමාපත්තීසු චිණ්ණවසීති චිණ්ණචරණො. ගතද්ධොති සංසාරද්ධානං අතික්කන්තො. ගතදිසොති සුපිනන්තෙනපි අගතපුබ්බං නිබ්බානදිසං ගතො. ගතකොටිකොති අනුපාදිසෙසනිබ්බානකොටිං ගතො හුත්වා ඨිතො. පාලිතබ්රහ්මචරියොති රක්ඛිතබ්රහ්මචරියො. උත්තමදිට්ඨිප්පත්තොති උත්තමං සම්මාදිට්ඨිං පත්තො. පටිවිද්ධාකුප්පොති අකුප්පං අචලනං අරහත්තඵලං පටිවිජ්ඣිත්වා ඨිතො. සච්ඡිකතනිරොධොති නිරොධං නිබ්බානං සච්ඡිකත්වා ඨිතො.
අන්තගතො යනු සංස්කාර ලෝකයේ අන්තයට ගියේයි. අන්තප්පත්තො එම ලෝකාන්තය නමැති නිවනට ඵලයෙන් පත් වූයේයි. කොටිගතො යනු ආර්ය මාර්ගයෙන් සංස්කාරයන්ගේ කෙළවරට ගියේයි. කොටිප්පත්තො යනු එම කෙළවරට ම ඵලයෙන් පත්වූයේයි. පරියන්තගතො යනු ආයතනාදී ලෝකයේ පර්යන්තයට පිරිසුන් බවට මාර්ගාන්තයට ගියේයි. පරියන්තප්පත්තො යනු එම ලෝකයම ඵලයේ කෙළවර කොට ගියේයි. වොසානගතො යනු මාර්ගයෙන් අවසානයට ගියේයි. වොසානප්පත්තො යනු ඵලයෙන් අවසානයට පත්වූයේයි. තානගතො යනු මාර්ගයෙන් රක්ෂා ස්ථානයට ගියේයි. නානාප්පත්තො යනු ඵලයෙන් රක්ෂා ස්ථානයට ගියේයි. ලෙනගතො යනු මාර්ගයෙන් රැකවරණයට ගියේයි. ලෙනප්පත්තො යනු ඵලයෙන් රැකවරණයට ගියේයි. සරණගතො මාර්ගයෙන් අචල ප්‍රතිෂ්ඨාවට ගියේයි. සරණප්පත්තො යනු ඵලයෙන් අචල ප්‍රතිෂ්ඨාවට පැමිණියේයි. අභයගතො මාර්ගයෙන් නිර්භය ස්ථානයට ගියේ යි. අභයප්පත්තො ඵලයෙන් අභය ස්ථාන නැමති නිවනට පත්වූයේයි. අච්චුතිං ගතො යනු මාර්ගයෙන් වුති රහිත නිර්වාණයට ගියේයි. අච්චුතිප්පත්තො යනු එයට ම ඵලයෙන් පත්වූයේයි. අමත ගතො යනු මාර්ගයෙන් අමෘත වූ නිවනට ගියේයි. අමතප්පත්තො යනු එයට ම ඵලයෙන් පත්වූයේයි. නිබ්බාණ ගතො යනු වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නිකුත්, නිවනට ආර්ය මාර්ගයෙන් ගියේ යි. නිබ්බාණප්පත්තො යනු එම නිවනටම ඵලයෙන් පත්වූයේ යි. යො වුත්ථවාසො යනු ‘ඒ රහතුන් වහන්සේ දස වැදෑරුම් ආර්ය වාසයන්හි වුසූහ’යි ‘දිගුකල් වුසූහ’යි ‘වැස නිම කළහ’යි ‘වුත්ථවාස’ නම් වෙති. චිණ්ණචරණො යනු ශීලය හා සමග වූ අටවැදෑරුම් සමාපත්තීන්හි බොහෝ කල් වුසූහ’යි බොහෝකල් හැසිරුණහයි, චිණ්ණචරණ නම් වෙති. ගතද්ධො යනු සංසාර මාර්ගය ඉක්මවූහ. ගතදිසො යනු සිහිනෙනුදු පෙර නොගිය විරූ නිවන නම් දිශාවට ගියහ. ගත කොටිකො යනු අනුපාදිසේස නිර්වාණයේ කෙළවරට පැමිණ සිටියහ. පාලිත බ්රහ්මචරියො යනු රක්නා ලද බඹසර ඇත්තාහ. උත්තම දිට්ඨි පත්තො යනු උතුම් වූ සම්මා දිට්ඨියට පත්වූවාහුය. පටිවිද්ධාකුප්පො යනු අකෝප්‍ය වූ අචල වූ අර්හත්ඵලය අවබෝධ කර සිටියාහ. සච්ඡිකත නිරෝධො යනු නිරෝධය, නිර්වාණය සාක්ෂාත් කර සිටියාහ.
දුක්ඛං තස්ස පරිඤ්ඤාතන්ති තිවිධං දුක්ඛං තෙන සමතික්කමිත්වා පරිච්ඡින්නං. අභිඤ්ඤෙය්යන්ති සභාවලක්ඛණාවබොධවසෙන සොභනෙන ආකාරෙන ජානිතබ්බං. අභිඤ්ඤාතන්ති අධිකෙන ඤාණෙන ඤාතං. පරිඤ්ඤෙය්යන්ති සාමඤ්ඤලක්ඛණාවබොධවසෙන කිච්චසමාපන්නවසෙන ච බ්යාපිත්වා පරිජානිතබ්බං. පරිඤ්ඤාතන්ති සමන්තතො ඤාතං. භාවෙතබ්බන්ති වඩ්ඪෙතබ්බං. සච්ඡිකාතබ්බන්ති පච්චක්ඛං කාතබ්බං. දුවිධා හි සච්ඡිකිරියා පටිලාභසච්ඡිකිරියා ආරම්මණසච්ඡිකිරියා චාති.
දුක්ඛං තස්ස පරිඤ්ඤාතං යනු ත්‍රිවිධ දුඃඛය ඔවුන් විසින් සමතික්‍රමණය කර, පිරිසිඳ දක්නා ලදී. අභිඤ්ඤෙය්යං යනු ස්වාභාව, ලක්ෂණ අවබෝධ කිරීම් වශයෙන් ශෝභන වූ ආකාරයෙන් දතයුතු ස්වභාවයයි. අභිඤ්ඤාතං යනු අධික වූ ඥානයෙන් දන්නා ලදී. පරිඤ්ඤෙය්යං සාමාන්‍ය ලක්ෂණ අවබෝධ කරගැනීම් වශයෙන් ද, කෘත්‍යයෙහි නියැලීම් වශයෙන් ද පලපුරුදු ලැබීමෙන් පිරිසිඳ දතයුතු ස්වභාවයයි. පරිඤ්ඤාතං යනු සකලා කාරයෙන්ම දන්නා ලදී. භාවෙතබ්බං වැඩිය යුතු දෙයයි. සච්ඡිකාතබ්බං ප්රත්යක්ෂ කරගත යුතු දෙයයි. සාක්ෂාත් කරගැනීම දෙවැදෑරුම්ය. ප්රතිලාභ සාක්ෂාත් කරණය හා ආරම්මණ සාක්ෂාත් කරණය යනුවෙනි.
උක්ඛිත්තපලිඝොති එත්ථ පලිඝොති වට්ටමූලිකා අවිජ්ජා. අයඤ්හි දුක්ඛිපනට්ඨෙන “පලිඝො”ති වුච්චති. තෙනෙස තස්සා උක්ඛිත්තත්තා “උක්ඛිත්තපලිඝො”ති වුත්තො. සංකිණ්ණපරිඛොති පරිඛා වුච්චති පුනබ්භවදායකො භවෙසු ජායනවසෙන චෙව සංසරණවසෙන ච “ජාතිසංසාරො”ති ලද්ධනාමානං පුනබ්භවක්ඛන්ධානං පච්චයො කම්මාභිසඞ්ඛාරො. සො හි පුනප්පුනං උප්පත්තිකරණවසෙන පරික්ඛිපිත්වා ඨිතත්තා “පරිඛා”ති වුච්චති. තෙනෙස තස්සා සංකිණ්ණත්තා විකිණ්ණත්තා “සංකිණ්ණපරිඛො”ති වුත්තො. අබ්බූළ්හෙසිකොති එසිකාති වට්ටමූලිකා තණ්හා. අයඤ්හි ගම්භීරානුගතට්ඨෙන “එසිකා”ති වුච්චති. තෙනෙස තස්සා අබ්බූළ්හත්තා ලුඤ්චිත්වා ඡඩ්ඩිතත්තා “අබ්බූළ්හෙසිකො”ති වුච්චති. නිරග්ගළොති අග්ගළං වුච්චන්ති ඔරම්භාගජනකානි කාමභවෙ උප්පත්තිපච්චයානි ඔරම්භාගියානි. එතානි හි මහාකවාටං විය නගරද්වාරං චිත්තං පිදහිත්වා ඨිතත්තා “අග්ගළ”න්ති වුච්චන්ති . තෙනෙස තෙසං නිරග්ගළත්තා භින්නත්තා “නිරග්ගළො”ති වුත්තො. අරියොති නික්කිලෙසො පරිසුද්ධො. පන්නද්ධජොති පාතිතමානද්ධජො. පන්නභාරොති ඛන්ධභාරකිලෙසභාරඅභිසඞ්ඛාරභාරපඤ්චකාමගුණභාරා පන්නා ඔරොපිතා අස්සාති පන්නභාරො. අපි ච ඉධ මානභාරස්සෙව ඔරොපිතත්තා “පන්නභාරො”ති අධිප්පෙතො. විසංයුත්තොති චතූහි යොගෙහි සබ්බකිලෙසෙහි ච විසංයුත්තො. ඉධ පන මානයොගෙනෙව විසංයුත්තත්තා “විසංයුත්තො”ති අධිප්පෙතො.
උක්ඛිත්ත පලිඝො යනු මෙහි ‘පලිඝ’ යනු සසර වටට මුල් වූ අවිද්‍යාවයි. එය වනාහි උදුරා දැමීම අපහසු හෙයින් පලිඝ නමි. ඒ රහතුන් වහන්සේ විසින් අවිද්‍යාව උදුරා දමන ලද හෙයින් නිවනට උක්ඛිත්ත පලිඝ යැයි කියන ලදහ. සංකිණ්ණ පරිඛො යනු පරිඛා නම් පුනර්භවය ඇතිකරවන, භවයන්හි ඉපදවීම් වශයෙන් මෙන්ම සැරිසැරීම් වශයෙන් ද ජාති සංසාරය යැයි නම් ලද පුනර්භව ස්කන්‍ධයනට ප්‍රත්‍යය වූ කර්‍මාභිසංස්කාරය යි, එය වනාහි පුන පුනා උත්පත්ති ඇතිකිරීම් වශයෙන් වටකොට සිටි බැවින් ‘පරිබා’ යැයි කියනු ලැබේ. ඒ (රහතුන් වහන්සේ විසින්) මේ (කර්මාභි සංස්කාරය) විහිදුවාලන ලද හෙයින්, විසුරුවා හරින ලද හෙයින්, ‘සංකිණ්ණ පරිඛ’ යැයි කියන ලදහ. අබ්බූළ්හෙසිකො යනු එසිකා නම් සසර පැවැත්මට මුල් වූ තණ්හාවයි. මේ තණ්හාව වනාහි ගැඹුරුය. උදුරා දැමීම අපහසු හෙයින් ‘ඒසිකා’ (ඉන්ද්රඛීල) යැයි කියනු ලැබේ. මොවුන් විසින් ඒ තණ්හාව උදුරා දමන ලද හෙයින්, උගුලා හරන ලද හෙයින් ‘අබ්බූළ්හෙසික’ යැයි කියනු ලබති. නිරග්ගලො යනු ‘අග්ගල’ නම් පහළ භවයෙහි උපදවන, කාම භවයෙහි උත්පත්තියට හේතුවන ඕරම්භාගිය සංයෝජන ධර්ම පසයි. මේ (සංයෝජනයෝ) නගර දොරක් වසා සිටි මහත් දොරබාවක් සෙයින් අවුරා සිටි හෙයින් අග්ගල යැයි කියනු ලබති. ඒ රහතුන් වහන්සේ විසින් ඒ සංයෝජනයන් අඟුල් හැර සිඳලන ලද හෙයින් ‘නිරග්ගල’ යැයි කියන ලදහ. අරියො යනු නිකෙළෙස් වූවාහුය. පිරිසිදු වූවාහුය. පන්නද්ධජො යනු හෙළන ලද මාන නමැති ධජ ඇත්තාහ. පන්නභාරො යනු ස්කන්ධභාර- කෙළෙස් භාර - අභිසංස්කාර භාර - පංචකාම ගුණ භාරයන් මොවුන් විසින් මුදාහරින ලදහ’යි බහාතබන ලදහයි, ‘පන්නභාර’ නම් වෙති. තවද මෙහි මාන භාරයම බහා තබන ලද හෙයින් ‘පන්නභාර’ නම් වෙතියි අභිප්‍රේතයි. විසංයුත්තො යනු චතුර්යෝගයන් කෙරෙන් ද සියලු කෙලෙසුන් කෙරෙන් ද විසංයුක්ත වූහ. මෙහි වනාහි මාන යෝගය කෙරෙන් ම දුරු වූ බැවින්, ‘විසංයුත්ත’ නම් වෙතියි අභිප්‍රේතයි.
එත්තාවතා ථෙරෙන මග්ගෙන කිලෙසෙ ඛෙපෙත්වා නිරොධසයනවරගතස්ස ඛීණාසවස්ස නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා විහරණකාලො දස්සිතො. යථා හි ද්වෙ නගරානි එකං චොරනගරං, එකං ඛෙමනගරං. අථ එකස්ස මහායොධස්ස එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය “යාවිමං චොරනගරං තිට්ඨති, තාව ඛෙමනගරං භයතො න මුච්චති. චොරනගරං අනගරං කරිස්සාමී”ති සන්නාහං කත්වා ඛග්ගං ගහෙත්වා චොරනගරං උපසඞ්කමිත්වා නගරද්වාරෙ උස්සාපිතෙ එසිකත්ථම්භෙ ඛග්ගෙන ඡින්දිත්වා සද්ධිං ද්වාරබාහාහි කවාටං භින්දිත්වා පලිඝං උක්ඛිපිත්වා පාකාරං භින්දන්තො පරිඛං සංකිරිත්වා නගරසොභනත්ථාය උස්සාපිතෙ ධජෙ පාතෙත්වා නගරං අග්ගිනා ඣාපෙත්වා ඛෙමනගරං පවිසිත්වා උපරිපාසාදමාරුය්හ ඤාතිගණපරිවුතො සුරසභොජනං භුඤ්ජෙය්ය. එවං චොරනගරං විය සක්කායො, ඛෙමනගරං විය නිබ්බානං, මහායොධො විය යොගාවචරො. තස්සෙවං හොති “යාව සක්කායවට්ටං වට්ටති, තාව ද්වත්තිංසකම්මකාරණෙහි අට්ඨනවුතිරොගෙහි පඤ්චවීසතිමහබ්භයෙහි ච පරිමුච්චනං නත්ථී”ති. සො මහායොධො විය සන්නාහං සීලසන්නාහං කත්වා පඤ්ඤාතිණ්හඛග්ගං ගහෙත්වා ඛග්ගෙන එසිකත්ථම්භෙ විය අරහත්තමග්ගෙන තණ්හෙසිකං ඡින්දිත්වා, සො යොධො සද්වාරබාහකං නගරකවාටං විය පඤ්චොරම්භාගියසංයොජනග්ගළං උග්ඝොටෙත්වා, සො යොධො පලිඝං විය අවිජ්ජාපලිඝං උක්ඛිපිත්වා, සො යොධො පාකාරං භින්දන්තො පරිඛං විය කම්මාභිසඞ්ඛාරපාකාරං භින්දන්තො ජාතිසංසාරපරිඛං සංකිරිත්වා, සො යොධො නගරසොභනත්ථාය උස්සාපිතෙ ධජෙ විය මානද්ධජෙ පාතෙත්වා සක්කායනගරං ඣාපෙත්වා, සො යොධො ඛෙමනගරං පවිසිත්වා උපරිපාසාදෙ සුරසභොජනං භුඤ්ජන්තො විය නිබ්බානනගරං පවිසිත්වා අමතනිරොධාරම්මණං ඵලසමාපත්තිසුඛං අනුභවමානො කාලං වීතිනාමෙති. වුත්තඤ්හෙතං භගවතා (අ· නි· 5.71) –
මෙපමණෙකින් (සැරියුත්) තෙරුන් වහන්සේ විසින් ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමෙන් සියලු කෙලෙස් ගෙවා නිවන නම් උතුම් සයනයට පැමිණි රහතුන් වහන්සේගේ නිවන් අරමුණු කොට ඇති ඵල සමවතට පැමිණ වෙසෙන අවස්ථාව දක්වන ලදී. යම්සේ වනාහි නගර දෙකක් වේ ද එකක් සොරුන්ගේ නගරයෙකි. අනික ක්ෂේම වූ (නිරුපද්‍රිත) නගරයෙකි. එවිට එක් මහා යෝධයෙකුට මෙවැනි සිතක් ඇතිවේ. ‘යම්තාක් මේ සොරුන්ගේ නගරය පවතියි ද ඒ තාක් මේ ක්ෂේම නගරය සොර බියෙන් නොමිදේ. ‘සොර නගරය විනාශ කරන්නෙමි’යි යනුවෙනි. ඉක්බිති සන්නාහ සන්නද්ධව, කඩුවක් ගෙන සොර නුවරට පැමිණ, නගර ද්වාරයේ ඔසවන ලද ඉන්ද්රඛීලයත් කඩුවෙන් සිඳ දමා, දොර බා සමග නගරද්වාරය ද බිඳ, දොරපොලු උගුලුවා දමා, පවුර බිඳිනුයේ දියඅගල විසුරුවා, නුවර අලංකාරයට ඔසවා තුබූ ධජ පහත හෙළා, නුවර ම ගින්නෙන් දවා, ක්ෂේම නගරයට පිවිස ප්‍රාසාදයේ මතුමහලට නැග, ඤාති සමූහයා පිරිවරාගෙන ඉතා රසවත් භෝජන අනුභව කරන්නේ ද, මෙසේ (මේ උපමාවේ එන) සොර නගරය සත්කාය (ශරීරය) වැනිය. ක්ෂේම නගරය නිවන වැනි ය. යෝගාවචරයා මහා යෝධයකු වැනිය. ඔහුට මෙසේ සිතේ. ‘යම්තාක් මේ ස්වකාය වෘත්තය (සිය කය පිළිබඳ අග් මුල් නැති වටයි) පවතී ද, ඒතාක් දෙතිසක් වධ බන්ධනයන්ගෙන් ද, අටානූවක් රෝගයෙන් ද පස්විසි මහ භයින් ද මිදීමක් නම් නැත.’ ඔහු මහා යෝධයකු මෙන් සීල නමැති සන්නාහයෙන් සන්නද්ධව, ප්‍රඥාව නමැති කඩුව ගෙන, කඩුවෙන් ඉන්ද්‍රඛීලයන් මෙන් අර්හත් මාර්ගයෙන් තණ්හාව නමැති ඉන්ද්‍රඛීලය සිඳ දමයි. ඒ යෝධයා දොර බා සහිත නගර දොරටුව මෙන් ඕරම්භාගිය සංයෝජන පස නමැති දොර අගුල උගුලා දමයි. ඒ යෝධයා දොර පොල්ල මෙන් අවිද්‍යා පලිඝය බිඳ දමයි. ඒ යෝධයා ප්‍රාකාර බිඳිමින් දිය අගල මෙන් කර්‍මාභිසංස්කාරය බිඳිමින්, ජාති සංසාර නමැති දිය අගල වනසයි. ඒ යෝධයා නගරය ශෝභමාන කිරීමට ඔසවා තිබූ ධජයන් මෙන් මාන නමැති ධජය පහත හෙළයි. ස්වකාය නමැති නගරය ගිනිලා, ඒ යෝධයා ක්ෂේම නගරයට පිවිස මතු මහලට නැගී ඉතා රසවත් බොජුන් අනුභව කරන්නාක් මෙන් නිවන නමැති නගරයට පිවිස, අමෘත මහා නිර්වාණය අරමුණු කොට ඇති ඵලසමවත් සුව අනුභව කරමින් කල්යවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද මැයි:-
“කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අවිජ්ජා පහීනා හොති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො හොති.
‘මහණෙනි, භික්ෂු තෙමේ කෙසේනම් උක්ඛිත්තපලිඝ (උදුරා දැමූ දොරගුලු ඇත්තේ) වේද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුවගේ අවිද්‍යාව ප්‍රහීණ කරන ලද්දේ ද, සිඳින ලද මුල් ඇත්තේ ද, කරටියෙන් කපන ලද තල්ගසක් මෙන් කරන ලද්දේ ද, නැවත නොවැඩෙන සේ කරන ලද්දේ ද, මතු නො-උපදින සේ කරන ලද්දේ ද, මහණෙනි! මෙසේ වනාහි භික්ෂු තෙමේ ‘උක්ඛිත්ත පලිඝ’ නම් වේ.
“කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සංකිණ්ණපරිඛො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො පොනොභවිකො ජාතිසංසාරො පහීනො හොති…පෙ… එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සංකිණ්ණපරිඛො හොති.
‘මහණෙනි! කෙසේ නම් භික්ෂු තෙමේ සංකිණ්ණ පරිඛ නම් වේද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුවගේ පුනර්භවය ඇතිකරන ජාති සංසාරය ප්‍රහීණ කරන ලද්දේ ද -පෙ- මහණෙනි! මෙසේ ඒ භික්ෂු තෙමේ සංකිණ්ණ පරිබ (විසුරුවන ලද කර්මාභිසංඛාර නමැති පරිඛා ඇත්තේ) වේ.’
“කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අබ්බූළ්හෙසිකො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො තණ්හා පහීනා හොති…පෙ… එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අබ්බූළ්හෙසිකො හොති.
‘මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙමේ අබ්බූල්හේසික (උදුරන ලද තණ්හා නැමති ඉන්ද්රඛීල ඇත්තේ) වේද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුවගේ තණ්හාව ප්‍රහීණ කරන ලද්දේ වේද -පෙ- මහණෙනි! මෙසේ ඒ භික්ෂු තෙමේ අබ්බූල්හේසික නම් වේ.’
“කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු නිරග්ගළො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති…පෙ… එවං ඛො, භික්ඛවෙ, භික්ඛු නිරග්ගළො හොති.
‘මහණෙනි! කෙසේ නම් භික්ෂු තෙමේ නිරග්ගල (හරන ලද අගුල් ඇත්තෙක්) වන්නේ ද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුවගේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කරන ලද්දේ ද -පෙ- මහණෙනි, මෙසේ භික්ෂු තෙමේ නිරග්ගල (උගුලා දැමූ අගුල් ඇත්තෙක්) වන්නේය.’
“කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති (අ· නි· 5.71).
‘මහණෙනි! කෙසේ නම් භික්ෂු තෙමේ ආර්ය නම් ද පන්නද්ධජ (පහත හෙලූ මාන ධජ ඇත්තෙක්) නම් ද ‘පන්නභාර’ (බහා තැබූ කෙලෙස් බර ඇත්තෙක්) නම් ද විසංයුක්ත (මිදුණු සිත් ඇත්තෙක්) නම් ද වන්නේද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුවගේ අස්මි මානය ප්රහීනය වූයේ ද? උදුරා දැමූ මුල් ඇත්තේ වේ ද, කරටිය කැපූ තල්ගසක් මෙන් කරන ලද්දේ ද, මතු නොවැඩෙන තත්ත්වයට පත්කරන ලද්දේ ද, මහණෙනි! මෙසේ භික්ෂු තෙමේ ආර්ය නම් ද, පන්නධජ (බිම හෙලූ ධජ ඇත්තේ) නම් ද, පන්නභාර (බහා තැබූ බර ඇත්තේ) නම් ද, විසංයුක්ත නම් ද වන්නේය.
“එවං විමුත්තචිත්තං ඛො, භික්ඛවෙ, භික්ඛුං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා අන්වෙසං නාධිගච්ඡන්ති ‘ඉදංනිස්සිතං තථාගතස්ස විඤ්ඤාණ’”න්ති (ම· නි· 1.246).
මහණෙනි! මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව (ඇතුළතින්) පිරික්සා බැලීමට සක්දෙවිඳු, බඹුන් හා මහ බඹු ඇතුළු දෙවියෝ නො සමත් වෙති. මෙම (විෂයය) තථාගතයන් වහන්සේගේ විඤ්ඤාණය ඇසුරුකොට පවතින්නෙකි.
පඤ්චඞ්ගවිප්පහීනොති කාමච්ඡන්දාදිපඤ්චඞ්ගානි විවිධෙහි උපායෙහි පජහිත්වා ඨිතො. වුත්තඤ්හෙතං –
පංචංග විප්පහීනො යනු කාමච්ඡන්ද ආදී පංච (නීවරණ) අංගයන් විවිධාකාර උපායයන්ගෙන් දුරුකර සිටියේ යි. කියන ලද මැයි.
“කථඤ්චාවුසො, භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති? ඉධාවුසො, භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති, ථිනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. එවං ඛො, ආවුසො, භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොතී”ති (දී· නි· 3.348, 360).
‘මහණෙනි! කෙසේනම් භික්ෂු තෙමේ පංචංගයන් දුරුකොට සිටියේ වේද? මහණෙනි, මේ සසුනෙහි යෙදුණු භික්ෂුවගේ කාමච්ඡන්දය ප්‍රහීණ කරන ලද්දේ වේද, ව්‍යාපාදය ද ථිනමිද්ධය ද උද්ධච්චකුක්කුච්චය ද විචිකිච්ඡාව ද ප්‍රහීණ කරන ලද්දේ වේද, මහණෙනි! මෙසේ භික්ෂු තෙමේ පංචංගයන් ප්‍රහීණ කොට සිටියේ වේ.’
ඡළඞ්ගසමන්නාගතොති ඡන්නං අඞ්ගානං පූරෙත්වා ඡසු ද්වාරෙසු රූපාදිආරම්මණෙ පටිඝානුනයං වජ්ජෙත්වා උපෙක්ඛාවසෙන සතො සම්පජානො හුත්වා විහරණවසෙන ඡළඞ්ගානි පූරෙත්වා පරිපුණ්ණං කත්වා ඨිතත්තා “ඡළඞ්ගසමන්නාගතො”ති වුත්තො. වුත්තඤ්හෙතං –
ඡළංගසමන්නාගතො යනු සදොරෙහි රූපාදී අරමුණු පිළිබඳව පවත්නා ගැටීම් හා ඇලීම් දුරලා උපේක්ෂා වශයෙන් සිහි ඇතිව, සාවධානව විසීම් වශයෙන් ෂඩංගයන් සම්පූර්ණ කොට සිටි බැවින් ඡළංග සමන්නාගත යැයි කියන ලදී. කියන ලදමැයි:-
“කථඤ්චාවුසො, භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති? ඉධාවුසො, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා…පෙ… ඝානෙන ගන්ධං ඝායිත්වා, ජිව්හාය රසං සායිත්වා, කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා, මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. එවං ඛො, ආවුසො, භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොතී”ති (දී· නි· 3.348, 360).
‘මහණෙනි! කෙසේ නම් භික්ෂු තෙමේ ඡළංග සමන්නාගත වේද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුව ඇසින් රූප දැක සතුටු නොවන්නේම ය. නො සතුටු ද නොවේ. උපේක්ෂා සහගතව සිහියෙන් සාවධානව වෙසේ. කණින් ශබ්ද අසා -පෙ- නාසයෙන් ගඳසුවඳ ආඝ්‍රාණය කොට -පෙ- දිවෙන් රස විඳ -පෙ- කයින් පහස ලැබ -පෙ සිතින් ධර්මය (ස්වභාව සිද්ධිය) දැන සතුටු නොවන්නේම, නොසතුටු ද නොවේ. උපේක්ෂා සහගතව සිහියෙන් සාවධානව වෙසේ. මහණෙනි! මෙසේ භික්ෂු තෙමේ ඡළංග සමන්නාගත වේ.’
එකාරක්ඛොති සතිආරක්ඛෙන එකො උත්තමො ආරක්ඛො අස්සාති එකාරක්ඛො. වුත්තඤ්හෙතං –
එකාරක්ඛො යනු සිහිය ආරක්ෂා කරගැනීම් වශයෙනි. ඒක සංඛ්‍යාව නොව, උතුම් වූ ආරක්ෂාව යමෙකුට වේද හේ ‘ඒකාරක්ඛ’ නමි. කියන ලදමැයි;
“කථඤ්චාවුසො, භික්ඛු එකාරක්ඛො හොති? ඉධාවුසො, භික්ඛු සතාරක්ඛෙන චෙතසා සමන්නාගතො විහරති. එවං ඛො, ආවුසො, භික්ඛු එකාරක්ඛො හොතී”ති (දී· නි· 3.348, 360).
‘මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙමේ ‘ඒකාරක්ඛ’ වේ ද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂු තෙමේ සිහිය ආරක්ෂා කරගත් සිතින් වෙසේ ද, මහණෙනි! මෙසේ භික්ෂු තෙමේ ‘ඒකාරක්ඛ’ නම් වේ.
චතුරාපස්සෙනොති පඤ්ඤාය පටිසෙවනපරිවජ්ජනවිනොදනපජහනානං වසෙන චතුන්නං අපස්සයානං ඉතො චිතො ච අපරිවත්තමානානං වසෙන චතුරාපස්සෙනො, තෙසං පාපුණිත්වා ඨිතො. වුත්තඤ්හෙතං –
චතුරපස්සෙනො යනු ප්‍රඥාවෙන් ප්රතිසේවන, පරිවර්ජන, විනෝදන, පජහන යනාදී වශයෙන් සතර වැදෑරුම් අපශ්රයන්ගේ, එනම් ඔබිනොබ නොපෙරලී සිටීම් වශයෙන් ‘චතුර පස්සේන’ නම් වේ. ඒ සිවු අපශ්රයනට මනාව පැමිණ සිටියේයි. කියන ලද මැයි.
“කථඤ්චාවුසො, භික්ඛු චතුරාපස්සෙනො හොති? ඉධාවුසො, භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති. සඞ්ඛායෙකං විනොදෙති, සඞ්ඛායෙකං පජහතී”තිආදිනා (දී· නි· 3.348, 360) නයෙන විත්ථාරෙතබ්බං.
‘මහණෙනි! කෙසේ නම් භික්ෂුව ‘චතුරපස්සෙන’ වේද? මහණෙනි! මේ සසුනෙහි භික්ෂුව එක් කරුණක් විමසා බලා සේවනය කරයි. එක් කරුණක් විමසා බලා දුර හරියි. එක් කරුණක් විමසා බලා බැහැර කරයි. එක් කරුණක් විමසා බලා අත්හරියි’ යන ආදී නයින් විස්තර කළ යුතුයි.
පණුන්නපච්චෙකසච්චොති “ඉදමෙව දස්සනං සච්චං, ඉදමෙව සච්ච”න්ති එවං පාටිඑක්කං ගහිතත්තා පච්චෙකසඞ්ඛාතානි දිට්ඨිසච්චානි පණුන්නානි නිහටානි පහීනානි අස්සාති පණුන්නපච්චෙකසච්චො.
පණුන්න පච්චෙක සච්චො මේ දර්ශනයම සත්‍යයයි. මෙය ම සත්‍යයයි යනුවෙන් මෙසේ වෙන වෙනම ගන්නා ලද බැවින් ප්රත්යෙක නම් වූ ශාස්වත ආදී දෘෂ්ටි සත්‍යයන් බැහැර කරන ලදැයි, ඉවත් කරන ලදැයි, ප්‍රහීණ කරන ලදැයි යන අරුතින් එම භික්ෂු තෙමේ ‘පණුන්න පච්චේක සච්ච’ නම් වේ.
සමවයසට්ඨෙසනොති එත්ථ අවයාති අනූනා. සට්ඨාති විස්සට්ඨා. සම්මා අවයා සට්ඨා එසනා අස්සාති සමවයසට්ඨෙසනො. සම්මා විස්සට්ඨසබ්බඑසනොති අත්ථො. කෙවලීති පරිපුණ්ණො. වුසිතවාති වුසිතබ්රහ්මචරියො, ගරුසංවාසෙ අරියමග්ගෙපි දසසු අරියවාසෙසුපි වුසිතවන්තො. උත්තමපුරිසොති ඛීණකිලෙසත්තා විසෙසපුරිසො ආජඤ්ඤපුරිසො. පරමපුරිසොති උත්තමපුරිසො, පරමං වා පටිලාභං පත්තත්තා උත්තමං පත්තබ්බං අරහත්තපටිලාභං පත්තො අනුත්තරපුඤ්ඤක්ඛෙත්තභූතො උත්තමපුරිසො, තෙනෙවත්ථෙන පරමපුරිසො. අනුත්තරං සමාපත්තිං සමාපජ්ජිතුං අමතං පටිලාභං පත්තත්තා පරමපත්තිප්පත්තො. අථ වා “ඝරාවාසෙ ආදීනවං සඤ්ජානිත්වා සාසනපවිසනවසෙන උත්තමපුරිසො. අත්තභාවෙ ආදීනවං සඤ්ජානිත්වා විපස්සනාපවිසනවසෙන පරමපුරිසො. කිලෙසෙ ආදීනවං සඤ්ජානිත්වා අරියභූමන්තරං පවිට්ඨො පරමපත්තිප්පත්තොති එවමෙකෙ වණ්ණයන්ති.
සමවය සට්ඨෙසනො යන මෙහි, අවය යනු අනූනය යන අර්ථයි. සට්ඨ යනු විසුරුවා හරින ලදැයි යන අර්ථයි. මොහු විසින් මනාසේ නොඅඩුව, ඒෂණයන් (සෙවීම්) හරනා ලදී නුයි ‘සමවය සට්ඨෙසන’ නම් වේ. මනාසේ විසුරුවා හරින ලද සියලු ඒෂණයන් (සෙවීම්) ඇත්තේය යන අරුති. කෙවලී යනු පිරිපුන් වූයේයි. වුසිතවා යනු වැස නිම වූ බඹසර ඇත්තේයි. ගරු සංවාස (ගුරුන් හා සම විසීම්) යෙහි ද ආර්ය මාර්ගයෙහිද දස ආර්ය වාසයන්හි ද වැස නිමවූයේයි. උත්තම පුරිසො යනු ක්ෂය කරන ලද කෙලෙස් ඇති බැවින් විශේෂ පුරුෂයෙක් උත්තම පුරුෂයෙක් වූයේයි. පරමපුරිසො යනු උත්තම පුරුෂයාට ම මේ නමෙකි. උතුම් ප්‍රතිලාභයට පැමිණි හෙයින්, පරම ප්‍රාප්තියට පත්වූයේ යි, උතුම් වූ පරම වූ පැමිණිය යුතු වූ අර්හත්ව ප්‍රතිලාභයට පැමිණියේ යි. අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ උතුම් පුරුෂයෙක් වේ. ඒ අර්ථයෙන්ම පරම පුරුෂයෙක් ද වේ. අනුත්තර වූ (නිරෝධ) සමාපත්තියට සමවැදීමට, අමෘත ප්‍රතිලාභයට පත් වූ බැවින් පරමප්පත්තිපත්තො පරම පත්තිපත්ත නම් වේ. නැතහොත් ‘ගෘහ වාසයේ’ (ගිහිගෙයි) ආදීනව දැන හඳුනාගෙන විදසුන් භාවනාවට පිවිසීම් වශයෙන් පරම පුරුෂ වූයේයි. කෙලෙස්හි ආදීනව අවබෝධ කරගෙන විශේෂ වූ ආර්ය භූමියට පිවිසියේ, පරම ප්‍රාප්තියට පැමිණියේය’ යනුවෙන් ඇතමෙක් අය පවසති.
නෙවාචිනතීති කුසලාකුසලානං පහීනත්තා තෙසං විපාකං න වඩ්ඪෙති. නාපචිනතීති ඵලෙ ඨිතත්තා න විද්ධංසෙති. අපචිනිත්වා ඨිතොති පටිප්පස්සද්ධිපහානෙ ඨිතත්තා කිලෙසෙ විද්ධංසෙත්වා ඨිතො. ඉතො පරං තීහිපි පදෙහි මග්ගඵලවසෙනෙව යොජෙතබ්බං. නෙව පජහතීති පහාතබ්බාභාවෙන කිලෙසෙ න පජහති. න උපාදියතීති තණ්හාමානදිට්ඨීහි ගහෙතබ්බාභාවතො තෙහි න ගණ්හාති. පජහිත්වා ඨිතොති චජිත්වා ඨිතො. නෙව සංසිබ්බතීති තණ්හාවසෙන නෙව සංසිබ්බති. න උස්සිනෙතීති මානවසෙන න උක්කංසති. විසිනිත්වා ඨිතොති තණ්හාසංසීවනං අකත්වා ඨිතොති එවමෙකෙ වණ්ණයන්ති. නෙව විධූපෙතීති කිලෙසග්ගිං න නිබ්බාපෙති. න සන්ධූපෙතීති කිලෙසග්ගිං න ජාලාපෙති. විධූපෙත්වා ඨිතොති තං නිබ්බාපෙත්වා ඨිතො.
නෙව ආචිනාති යනු කුසලාකුසලයන් ප්‍රහීණ කරන ලද බැවින් එහි විපාක රැස් නොකරයි. න අපචිහාති යනු ඵලයෙහි සිටි හෙයින් විපාක විනාශ නොකරයි. අපචිනිත්වා ඨිතො යනු පටිප්පස්සද්ධි (මුළුමනින්ම බහා තැබීම්) ප්රහාණයෙහි පිහිටි හෙයින්, කෙලෙස් විද්වංසනය කර සිටියේයි. මින්පසුව එන පදපත්රයෙන් මාර්ගඵල වශයෙන් ම යෙදිය යුතුයි. නෙව පජහති යනු පහ කළයුතු ක්ලේශයක් නැති බැවින් කෙලෙස් දුරු නො කරයි. න උපාදියති තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ගතයුත්තක් නොමැති හෙයින් ගැනීමක් නොකරයි. පජහිත්වා යනු දුරුකර, අත්හැර සිටියේයි. නෙවසං සිබ්බති යනු තණ්හා වශයෙන් නොබැඳයි. න උස්සිනෙති යනු මාන වශයෙන් ද උසස්කොට නොතකයි. විසිබ්බෙත්වා ඨිතො යනු තෘෂ්ණා බන්ධනය නොකර සිටියේ වේ, යනුවෙන් ඇතමෙක් අර්ථ කියති. නෙව විධූපෙති යනු කෙලෙස් ගිනි නොනිවයි. න සන්ධූපෙති කෙලෙස් ගිනි නොදල්වයි. විධූපෙත්වා ඨිතො කෙලෙස් ගිනි නිවා සිටියේ වේ.
අසෙක්ඛෙන සීලක්ඛන්ධෙනාති සික්ඛිතබ්බාභාවෙන අසෙක්ඛෙන වාචාකම්මන්තාජීවසීලක්ඛන්ධෙන සීලරාසිනා සමන්නාගතත්තා ඨිතො, අපරිහීනභාවෙන ඨිතො. සමාධික්ඛන්ධෙනාති වායාමසතීහි සම්පයුත්තෙන සමාධිනා. විමුත්තික්ඛන්ධෙනාති ඵලවිමුත්තිසම්පයුත්තක්ඛන්ධෙන. විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙනාති පච්චවෙක්ඛණඤාණෙන. සච්චං සම්පටිපාදියිත්වාති චතුඅරියසච්චං සභාවවසෙන සකසන්තානෙ සම්පාදියිත්වා පටිවිජ්ඣිත්වා ඨිතො. එජං සමතික්කමිත්වාති කම්පනතණ්හං අතික්කමිත්වා. කිලෙසග්ගින්ති රාගාදිකිලෙසග්ගිං. පරියාදියිත්වාති ඛෙපෙත්වා නිබ්බාපෙත්වා. අපරිගමනතායාති සංසාරෙ අගමනභාවෙන පුනාගමනාභාවෙනාති අත්ථො. කටං සමාදායාති ජයග්ගාහං ගහෙත්වා. මුත්තිපටිසෙවනතායාති සබ්බකිලෙසෙහි මුච්චිත්වා රූපාදිආරම්මණසෙවනවසෙන. අථ වා සබ්බකිලෙසෙහි මුත්තඵලසමාපත්තිසෙවනවසෙන. මෙත්තාය පාරිසුද්ධියාති උපක්කිලෙසමුත්තාය පරිසුද්ධභාවෙ ඨිතාය මෙත්තාය ඨිතො. කරුණාදීසුපි එසෙව නයො.
අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන නැවත හික්මවිය යුතු නොවන හෙයින් ශෛක්ෂ්ය නොවූ වාචා, කම්මන්ත, ආජීව යන සීල ස්කන්ධයෙන් යුතුව සිටියේයි, ශීල භාවනාවෙන් සමන්විතව සිටියේ යි. අපරිහීන භාවයෙන් සිටියේයි. සමාධික්ඛන්ධෙන යනු වායාම, සති යන අංගයන්ගෙන් යුක්ත වූ සමාධියෙනි. විමුත්තික්ඛන්ධෙන යනු විමුත්තියෙන් යුක්ත වූ ස්කන්ධයෙනි. විමුත්තිඤාණ දස්සනක්ඛන්ධෙන යනු ප්රත්යවේක්ෂණා ඤාණයෙනි. සච්චං සම්පටිපාදයිපවා යනු චතුරාර්ය සත්‍යය ස්වභාව වශයෙන් ස්වකීය සන්තානයෙහි අවබෝධ කරගෙන, ප්‍රතිවේධ කරගෙන සිටියේයි. මෙසේ සමතික්කමිත්වා යනු යම් බඳු තණ්හාවක් වේ ද එය ඉක්මවා, කිලෙසග්ගිං යනු රාගාදී කෙලෙස් ගිනියි. පරියාදයිත්වා යනු ගෙවා දමා, ක්ෂය කර, අපරිගමනතාය යනු සංසාරයෙහි ගමන් නැති බැවින්, නැවත ඒමක් නැති බැවින් යන අර්ථයි. කථං සමාදාය යනු නය ග්රහණයෙන් ගෙන, මුත්තිපටිසෙවනතාය යනු සියලු කෙලෙසුන්ගෙන් මිදී රූපාදී අරමුණු වශයෙනි. නැතහොත් සියලු කෙලෙසුන් විදාරණ විමුක්තිඵල සමාපත්ති සේවනය කිරීම් වශයෙනි. මෙත්තාය පාරිසුද්ධියා යනු කිලිටි, බාධාවලින් මිදුණු, පිරිසිදුභාවයෙහි පිහිටි, මෛත්‍රියෙහි පිහිටියේයි. කරුණා දියෙහි ද මෙම නයයි.
අච්චන්තපාරිසුද්ධියාති අතික්කන්තපරිසුද්ධභාවෙන පරිසුද්ධියා අන්තං පාපුණිත්වා ඨිතො. අතම්මයතායාති තණ්හාදිට්ඨිමානා “තම්මයා”ති වුච්චන්ති. තෙසං අභාවො අතම්මයතා, තාය තණ්හාදිට්ඨිමානවිරහිතතාය ඨිතො. වුත්තඤ්හෙතං –
අච්චන්ත පාරිසුද්ධියා යනු සසර කෙළවර ඉක්ම වූ පාරිශුද්ධ භාවයෙන් පාරිශුද්ධත්වයේ කෙළවරට පැමිණ සිටියේයි. අතම්මයතාය යනු තෘෂ්ණාව, මිසදිටු බව හා මානය යන තුන ‘තම්මය’ නම් වේ. ඒවායෙන් දුරු වූ බව ‘අතම්මයතා’ නම් වේ. ඒ තෘෂ්ණා, දෘෂ්ටි, මානයන් කෙරෙන් තොරව සිටියේයි. කියන ලදමැයි,
“සො තාදිසො ලොකවිදූ සුමෙධො, සබ්බෙසු ධම්මෙසු අතම්මයො මුනී”ති (අ· නි· 3.40). එත්ථාපි තණ්හාමානදිට්ඨිවිරහිතොති අත්ථො. විමුත්තත්තාති සබ්බකිලෙසෙහි මුත්තභාවෙන. සන්තුස්සිතත්තාති යථාලාභයථාබලයථාසාරුප්පසන්තොසවසෙන සන්තුට්ඨභාවෙන ඨිතො.
‘සො තාදිසො ලෝකවිදූ සුමෙධො - සබ්බෙසු ධම්මෙසු අතම්මයො මුනී (ඒ තාදී වූ ලෝකවිදූ වූ මනා නුවණැති මුනීන්ද්රයන් වහන්සේ සියලු ධර්මයන්හි තණ්හා මාන දෘෂ්ටි විරහිත වූහ.) යන මෙහිද අතම්මයො යනු තණ්හා, මාන, දෘෂ්ටි විරහිත වූයේය යන අර්ථයි. විමුත්තත්තා යනු සියලු කෙලෙසුන්ගෙන් මිදුණු බැවිනි. සන්තුසිතත්තා යනු යථාලාභ, යථාබල, යථා සාරුප්‍ය යන සන්තෝෂයන්ගේ වශයෙන් සන්තුෂ්ටි භාවයෙහි සිටියේයි.
ඛන්ධපරියන්තෙති එකචතුපඤ්චක්ඛන්ධානං තීහි පරිඤ්ඤග්ගීහි ඣාපෙත්වා අන්තෙ අවසානෙ ඨිතො , නත්ථි එතස්ස අන්තොති වා පරියන්තං, තස්මිං පරියන්තෙ. ධාතුපරියන්තාදීසුපි එසෙව නයො. අයං පන විසෙසො – ධාතුපරියන්තෙති අට්ඨාරසන්නං ධාතූනං පරියන්තෙ. ආයතනපරියන්තෙති ද්වාදසන්නං ආයතනානං. ගතිපරියන්තෙති නිරයාදිපඤ්චන්නං ගතීනං. උපපත්තිපරියන්තෙති සුගතිදුග්ගතීසු නිබ්බත්තියා. පටිසන්ධිපරියන්තෙති කාමරූපාරූපභවෙසු පටිසන්ධියා . භවපරියන්තෙති එකවොකාරචතුපඤ්චසඤ්ඤාඅසඤ්ඤානෙවසඤ්ඤානාසඤ්ඤාකාමරූපඅරූපභවානං. සංසාරපරියන්තෙති ඛන්ධධාතුආයතනානං අබ්බොච්ඡින්නපවත්තියා. වට්ටපරියන්තෙති කම්මවිපාකකිලෙසවට්ටානං පරියන්තෙ. අන්තිමෙ භවෙති අවසානෙ උපපත්තිභවෙ. අන්තිමෙ සමුස්සයෙ ඨිතොති අවසානෙ සමුස්සයෙ සරීරෙ ඨිතො. අන්තිමදෙහධරොති අන්තිමං අවසානදෙහං සරීරං ධාරෙතීති අන්තිමදෙහධරො. අරහාති ආරකත්තා අරීනං, අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවා අරහා.
ඛන්ධපරියන්තෙ යනු ඒක - චතු - පංච ස්කන්ධයන් ත්‍රිවිධ පරිඥාවන් මගින් දවා අන්තයෙහි, අවසානයෙහි සිටියේයි. ධාතු පරියන්තාදියෙහි ද මේ නයයි. මේ වනාහි විශේෂ යි. ධාතු පරියන්තෙ යනු අටළොස් ධාතූන්ගේ පර්යන්තයෙහියි. ආයතන පරියන්තෙ යනු දොළොස් ආයතනයන්ගේ පර්යන්තයෙහිය. ගතිපරියන්තෙ යනු නිරයාදී පංචගතීන්ගේ අවසානයෙහි ය. උප්පත්ති පරියන්තෙ යනු සුගති දුගති දෙකේ ඉපදීමේ පර්යන්තයෙහි ය. පටිසන්ධි පරියන්තෙ යනු කාම, රූප, අරූප භවයන්හි ප්‍රතිසන්ධියේ අවසන්හි ය. භව පරියන්තෙ යනු ඒකවොකාර, චතුවෝකාර, පංචවෝකාර, සඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන, කාම, රූප, අරූපාදී භවයන්ගේ අන්තයෙහිය. සංසාර පරියන්තෙ යනු ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ නොසිඳී පැවැත්වීමේ අවසන්හිය. වට්ට පරියන්තෙ යනු කර්ම විපාක, ක්ලේශ වෘත්තයන්ගේ (සංසාර) පර්යන්තයෙහි, අන්තිමභවෙ යනු අවසාන උත්පත්ති භවයෙහි, අන්තිම සමුස්සයෙ ඨිතො යනු අවසාන වූ අන්තිම ශරීරයෙහි සිටියේයි. අන්තිම දෙහධරො යනු අන්තිම වූ අවසාන වූ දේහය, ශරීරය දරනුයේනුයි ‘අන්තිම දේහධර’ නම් වේ. අරහා යනු කෙලෙස් සතුරන්ගෙන් දුරු වූ බැවින්, සංසාර චක්‍රයෙහි අරයන් (ගරාදි) සිඳලූ බැවින්, ප්රත්යලාභයට සුදුසු වූ හෙයින්, රහසින්වත් පවු නොකරන බැවින් අර්හත් නම් වේ.
තස්සායං පච්ඡිමකොති තස්ස ඛීණාසවස්ස අයං සමුස්සයො අත්තභාවො අවසානො. චරිමොති අප්පො මන්දො චරිමො ආලොපො, චරිමං කබළං විය. පුන පටිසන්ධියා නත්ථිභාවං සන්ධාය “ජාතිමරණසංසාරො, නත්ථි තස්ස පුනබ්භවො”ති ආහ. ජනනං ජාති, මරන්ති තෙනාති මරණං, ඛන්ධාදීනං අබ්බොච්ඡින්නා සංසාරපවත්ති ච තස්ස ඛීණාසවස්ස පුන නත්ථීති වුත්තං ගාථං නිගමෙන්තො ආහ තෙනාහ භගවා –
තස්සාය පච්ජිමකොටි යනු ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේගේ මේ අවසාන ආත්මභවයයි. චරිමො යනු අල්ප වූ, මඳ වූ, ‘චරිමො ආලොපො’, ‘චරිමං කබලං’ (අවසාන බත් පිඩ) යනාදියෙහි මෙන් අවසන් ශරීරයයි. නැවත පිළිසිඳ ගැනීමක් නොමැති හෙයින් ‘ජාති මරණ සංසාරො නත්ථි තස්ස පුනබ්භවො’ (ජාති මරණාදී සංසාරය, පුනර්භවය ඔහුට නැත)යි කියන ලදී. ඉපදීම, ජනනය ජාති නමි. මෙය හේතුකොට මැරේනුයි මරණං මරණ නමි. ස්කන්ධාදීන්ගේ නොසිඳීමෙන් සසර පැවැත්ම ද නැවත ඒ රහතුන් වහන්සේට නැතැයි කියන ලද බව නිගමනය කරමින් දක්වන ලදී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළහ.
“තස්මා ජන්තු…පෙ… නාවං සිත්වාව පාරගූ”ති.
‘තස්මා ජනතු -පෙ- නාවං සිත්වාව පාරගූ’ - යනුවෙනි.
ඉමස්මිං සුත්තෙ යං අන්තරන්තරා න වුත්තං, තං පාඨානුසාරෙන ගහෙතබ්බං.
මේ සූත්‍රයෙහි අතරතුර යමක් නොපවසන ලද ද, ඒ පාඨානුසාරයෙන් (සෙසු පදයන්ගේ අනුසාරයෙන්) ගතයුතුයි.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
කාමසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පළමු කාමසූත්ර නිර්දේශ වර්ණනාව නිමියේ ය.