1 - 5 අට්ඨකථා
1 - 5
1 - 5
පඤ්චමගාථායං අයං සඞ්ඛෙපත්ථො – තං පුග්ගලං අබලඛ්යා කිලෙසා බලීයන්ති සහන්ති මද්දන්ති. සද්ධාබලාදිවිරහෙන වා අබලං තං පුග්ගලං අබලා කිලෙසා බලීයන්ති, අබලත්තා බලීයන්තීති අත්ථො. අථ වා තං කාමගිද්ධං කාමරත්තං කාමපරියෙසන්තඤ්ච සීහාදයො ච පාකටපරිස්සයා, කායදුච්චරිතාදයො ච අපාකටපරිස්සයා මද්දන්ති. තතො අපාකටපරිස්සයෙහි අභිභූතං තං පුග්ගලං ජාතිආදිදුක්ඛං භින්නං නාවං උදකං විය අන්වෙති.
පස්වන ගාථාවේ සංක්ෂිප්ත අර්ථය මෙසේ ය. ‘ඒ පුද්ගලයා දුර්වල බැවින් ක්ලේශයෝ ඔහු බලය යොදා යටපත් කරගනිති. දමනය කරති. මර්දනය කරති. ‘ශ්‍රද්ධා බල ආදියෙන් තොර වූ බැවින් හෝ දුර්වල වූ ඒ පුරුෂයා දුබල බැවින් බලාත්කාරයෙන් යටත් කරගනිති’යි යන අර්ථයි. ඉක්බිති ඒ කාමයට ගිජු වූ, කාමයෙහි ඇලුණු, කාමය සොයන්නහු සිංහාදී වූ ප්‍රකට අන්තරායයෝ ද කාය දුශ්චරිතාදී අප්‍රකට අන්තරායයෝ ද මර්දනය කරති. ඉක්බිති අප්‍රකට අන්තරායයන් විසින් මඬනා ලද ඒ පුද්ගලයා පසුපස ජාති ආදී දුක් එයි. බිඳී ගිය නැවක් තුළට ජලය වදනා සේය.
අබලාති නත්ථි එතෙසං බලන්ති අබලා, බලවිරහිතා. දුබ්බලාති මන්දපයොගාබලෙන කත්තබ්බකිච්චවිරහිතා . අප්පබලාති අප්පං පරිත්තං එතෙසං බලන්ති අප්පබලා, යුජ්ඣිතුං අසමත්ථා. අප්පථාමකාති අප්පො පරිත්තො ථාමො එතෙසං වායාමො උස්සාහොති අප්පථාමකා. හීනා නිහීනා පයොගහීනෙන. ඔමකා ථාමහීනෙන. ලාමකා පච්චයහීනෙන. ඡතුක්කා අජ්ඣාසයහීනෙන. පරිත්තා පත්තිහීනෙන. සහන්තීති මද්දන්ති ඝට්ටනං උප්පාදෙන්ති. පරිසහන්තීති සබ්බතො මද්දන්ති. අභිභවන්ති අපරාපරං උප්පත්තිවසෙන. අජ්ඣොත්ථරන්ති පුනප්පුනං උප්පත්තිවසෙන. පරියාදියන්ති සුස්සොසෙත්වා ඨානෙන. මද්දන්ති කුසලුප්පත්තිනිවාරණෙන.
අබලා යනු ‘මොවුනට බලයක් නැත්නු’යි අබල නම් වෙති. බලයෙන් තොර වූවාහුයි. දුබ්බලා යනු මද වූ ප්‍රයෝග (ප්‍රායෝගිකත්වයක්, කාර්යක්ෂම භාවයක්) ඇත්තාහුයි, බලයෙන් කළයුතු කටයුතු විරහිත වූවාහුයි. අප්පබලා අල්ප වූ, සුලු වූ බලයක් මොවුනට ඇත්නු’යි අප්පබල නම් වෙති. යෙදීමට (නියුතුවීමට අසමත් වූවාහු යි. ‘අප්පථාමා’ යනු අල්ප වූ සුලු වූ වීර්යයක්, වෑයමක්, උත්සාහයක් මොවුනට ඇත්නුයි අප්පථාප නමි. වීර්යයෙන් හීන වූවාහුයි, ප්‍රයෝග හීන වූ බැවින් ඔමකා ‘ඕමක’ (ප්‍රායෝගිකත්වයෙන් අවම) නම් වෙති. වීර්යය දුර්වල වූ හෙයින් ඡත්තක නම් වෙති. (එනම් හතු මෙන් පහසුවෙන් මඩිනු ලැබිය හැකි වෙති.) අදහස් හීන වූ බැවින් පරිත්තා යනු පරිත්ත (ලඝු) නම් වෙති. ශක්තියෙන් හීන වූ හෙයින් (කාය දුශ්චරිතාදී වූ අප්‍රකට අන්තරායයෝ) යටත් කරගනිති. මැඩගනිති. ගැටීම් උපදවති. පරිසහන්ති යනු සර්වප්රකාරයෙන් ම මැඩ ගනිති. අභිභවන්ති යනු ඒ ඒ භවයෙහි උත්පත්ති වශයෙන් අජ්ඣොත්ථරන්ති යනු නැවත නැවත උත්පත්ති වශයෙන් මැඩගනිති. පරියාදියන්තී යනු වියලවා (ක්ෂය කරවා) සිටීමෙන්, මද්දන්ති යනු කුසල් ඉපදීම වැළැක්වීමෙන් මඩිති.
සද්ධාබලන්ති සද්දහන්ති එතාය, සයං වා සද්දහති, සද්දහනමත්තමෙව වා එසාති සද්ධා. සා සද්දහනලක්ඛණා, ඔකප්පනලක්ඛණා වා, සම්පසාදනරසා උදකප්පසාදකමණි විය. පක්ඛන්දනරසා වා ඔඝුත්තරණො විය. අකාලුසියපච්චුපට්ඨානා, අධිමුත්තිපච්චුපට්ඨානා වා. සද්ධෙය්යවත්ථුපදට්ඨානා, සොතාපත්තියඞ්ගපදට්ඨානා වා. සා හත්ථවිත්තබීජානි විය දට්ඨබ්බා. අසද්ධියෙ න කම්පතීති සද්ධාබලං. වීරියබලන්ති වීරස්ස භාවො වීරියං, වීරානං වා කම්මං වීරියං, විධිනා වා නයෙන උපායෙන ඊරයිතබ්බං පවත්තයිතබ්බන්ති වීරියං. තං පනෙතං උපත්ථම්භනලක්ඛණඤ්ච පග්ගහණලක්ඛණඤ්ච වීරියං, සහජාතානං උපත්ථම්භනරසං, අසංසීදනභාවපච්චුපට්ඨානං, “සංවිග්ගො යොනිසො පදහතී”ති වචනතො (අ· නි· 4.113) සංවෙගපදට්ඨානං, වීරියාරම්භවත්ථුපදට්ඨානං වා. සම්මා ආරද්ධං සබ්බසම්පත්තීනං මූලන්ති දට්ඨබ්බං. කොසජ්ජෙ න කම්පතීති වීරියබලං. සතියා ලක්ඛණාදීනි වුත්තානෙව.
සද්ධාබලං යනු ‘මෙය කරණකොට ගෙන අදහතියි, ‘තමාම (තනිවම) යමක් කරණ කොටගෙන) අදහති’යි, මෙය හුදු ඇදහීම් මාත්‍රයකි’ යි හෝ ‘සද්ධා’ නමි. එය ඇදහීම ලක්‍ෂණකොට ඇත්තේය. විශ්වාස කිරීම හෝ ලක්ෂණ කොට ඇත්තේ ය. මනාකොට පැහැදවීම (රස) කෘත්‍යකොට ඇත්තේය. ජලය පහදවන මැණිකක් මෙනි. ශීඝ්‍ර චලනය (සැණෙකින් ක්‍රියාත්මක වීම) හෝ කෘත්‍යකොට ඇත්තේ ය. ඕඝයක් තරණය කිරීමේ දී නැවක් මෙනි. විචිකිච්ඡා ආදියෙන් නොකිළිටි බව පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේ ය. නැඹුරු බව වැටහීම් කරණ කොට ඇත්තේය. ඇදහිය යුතු බව පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. සෝතාපත්ති අංගය (විචිකිච්ඡා රහිත බව) හෝ පදට්ඨාන කොට ඇත්තේ ය. ‘මැනවින් මඬනා ලද (නිසැකයෙන් ඵලදාව ඇතිකරන) බිජුවට මෙනැ’යි දතයුතුය. ‘අවිශ්වාසයෙන් (සැකයෙන්) කම්පා නොවෙති’යි සද්ධාබලං සද්ධා බල නමි. විරිය බලං, විරිය බල යනු වීරයාගේ ස්වභාවය ‘විරිය’ (වීර්ය) නමි. වීරයන්ගේ කාර්යය හෝ විධිමත් නයින් (උපායයෙන්) කියවිය යුතු වූයේ, පැවැත්විය යුතු වූයේ හෝ විරිය (වීර්ය) නමි. ඒ මේ (වීර්යය) උපස්ථම්භනය (රුකුල්දීම) ලක්‍ෂණකොට ඇත්තේ ය. උත්සාහය ලක්‍ෂණකොට ඇත්තේ ද වේ. සහජාත (එක්ව උපන්) ධර්මයනට රුකුල්දීම කෘත්‍යකොට ඇත්තේය. ‘සංවිග්ගො යොනිසො පදහති’ (සංවේගයට පත්වූයේ නුවණින් වීර්ය කරයි.) යනු කී හෙයින් සංවේගය (කලකිරීම) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. වීර්යාරම්භයට වස්තු (ආශ්‍රය) වූ දෙය හෝ පදට්ඨාන කොට ඇත්තේ ය. මැනවින් අරඹන ලද්දේ සියලු සම්පතට මුල්වෙතැයි දතයුතුය. කුසීතකමින් කම්පා නොවෙති’යි විරිය බලං විරිය බල නම් වේ.
මුට්ඨස්සච්චෙ න කම්පතීති සතිබලං. සහජාතානි සම්මා ආධීයති ඨපෙතීති සමාධි. සො පාමොක්ඛලක්ඛණො අවික්ඛෙපලක්ඛණො වා, සහජාතානං ධම්මානං ආරම්මණෙ සම්පිණ්ඩනරසො න්හානියචුණ්ණානං උදකං විය, උපසමපච්චුපට්ඨානො, ඤාණපච්චුපට්ඨානො වා. “සමාහිතො යථාභූතං පජානාති පස්සතී”ති හි වුත්තං. විසෙසතො සුඛපදට්ඨානො නිවාතෙ පදීපච්චීනං ඨිති විය චෙතසො ඨිතීති දට්ඨබ්බො. උද්ධච්චෙ න කම්පතීති සමාධිබලං. පජානාතීති පඤ්ඤා. කිං පජානාති? “ඉදං දුක්ඛ”න්තිආදිනා (මහාව· 15) නයෙන අරියසච්චානි. සා යථාසභාවපටිවෙධලක්ඛණා, අක්ඛලිතපටිවෙධලක්ඛණා වා කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය, විසයොභාසනරසා පදීපො විය, අසම්මොහපච්චුපට්ඨානා අරඤ්ඤගතසුදෙසකො විය. අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං. හිරිබලං ඔත්තප්පබලන්ති අහිරිකෙ න කම්පතීති හිරිබලං. අනොත්තප්පෙ න කම්පතීති ඔත්තප්පබලං. අයං උභයවසෙන අත්ථවණ්ණනා හොති. කායදුච්චරිතාදීහි හිරීයතීති හිරී, ලජ්ජායෙතං අධිවචනං. තෙහි එව ඔත්තප්පතීති ඔත්තප්පං, පාපතො උබ්බෙගස්සෙතං අධිවචනං.
සිහියෙහි ලක්ෂණාදිය (ඉහතින්) පවසන ලද්දේ ය. මුළා වූ සිහියෙන් කම්පා නොවේනුයි සති බලං, සති බල නම් වේ. ‘සහජාත (එක්ව උපන්) ධර්මයන් මනාව ආධාරකොට ගනිති’යි, ‘පිහිටුවා ගනිති’යි සමාධි නම් වේ. එය (සමාධිය) ප්‍රමුඛත්වය ලක්‍ෂණකොට ඇත්තේ ය. අවික්‍ෂේපය (ඒකාග්‍රතාව) හෝ අවිසාර (නො විසුරුණු බව) හෝ ලක්‍ෂණකොට ඇත්තේ ය. සහජාත (එක්ව උපන්) ධර්මයන් පිළිබඳ අරමුණෙහි දී සම්පිණ්ඩනය (පිඬුකොට ගැනීම) කෘත්‍යකොට ඇත්තේ ය. (සඳුන්, කොකුම් ආදී) නහන සුවඳ කුඩුවලට (සුවඳ සුණු) ජලය මෙනි. උපසමය (සන්සිඳීම) වැටහීම් කාරණ කොට ඇත්තේ ය. ඥානය හෝ වැටහීම් කොට ඇත්තේ ය. ‘සමාහිතො යථාභූතං පජානාති පස්සති’ (සමාධියෙන් යුක්ත වූයේ තත් වූ පරිදි දනියි. දකියි.) යනුවෙන් කියන ලදී. විශේෂයෙන් සුඛය (සුවපහසු බව) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. සුළඟින් ආවරණය වූ තැනෙක පහන් සිළුවේ නිසල පැවැත්ම මෙන් සිතෙහි නිසල බව දතයුතුයි. ‘උද්ධච්චයෙන් කම්පා නොවෙති’යි සමාධිබලං සමාධි බල නමි. ‘විශේෂයෙන් දැනගන්නේ නු’යි පඤ්ඤා නම් වේ. කුමක් දැනගනී ද? ‘මේ දුකය.....’ යනාදී නයින් ආර්ය සත්‍යයන් දැනගනියි. එය යථා ස්වභාව (තත් වූ පරිදි අවබෝධ කිරීම) ප්‍රතිවේධය ලක්‍ෂණකොට ඇත්තේ ය. අක්ඛලිත පටිවේධය (නොපැකිලෙන) හෝ ලක්‍ෂණකොට ඇත්තේ වේ. දක්ෂ දුනුවායකුගේ දුන්නෙන් නිකුත් වූ ඊතලයක් (නිවැරදිව ඉලක්කය කරා යන්නා වැනිය.) මෙන් ප්රස්තුත විෂය කරාම යන්නේය. ප්රස්තුත විෂයය පහනක් මෙන් හෙළිපෙහෙළි කිරීම කෘත්‍යකොට ඇත්තේය. අසම්මෝහය (නොමුළා බව), නොමුලාව කැලෑ මං නිවැරදිව පෙන්වන්නෙකු මෙන් පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේය. අවිද්‍යාවෙන් කම්පා නොවේනුයි පඤ්ඤා බලං පඤ්ඤා බල නමි. අහිරික බවින් (ලැජ්ජා නැති බැවින්) කම්පා නොවේනුයි හිරිබලං හිරිබල නමි. අනොත්තප්පයෙන් (පව් කිරීමට නොබිය වන බැවින්) කම්පා (නොවේනුයි ඔත්තප්පබලං ඔත්තප්ප බල නම් වේ. මේ එම දෙපදයේ අර්ථ වර්ණනාවයි. කාය දුශ්චරිතාදියෙහි ලැජ්ජා වනුයේ ‘හිරි’ හිරි නමි. ලජ්ජාවට මේ අධිවචනයෙකි. ඒ කාය දුශ්චරිතාදිය සිදුකිරීමට බිය වේනුයි ඔත්තප්පං ඔත්තප්ප නමි. පාපයට බියවීමට තැති ගැනීමට මේ අධිවචනයෙකි.
තෙසං නානාකරණදීපනත්ථං – “සමුට්ඨානං අධිපති, ලජ්ජාදිලක්ඛණෙන චා”ති ඉමං මාතිකං ඨපෙත්වා අයං විත්ථාරකථා වුත්තා – අජ්ඣත්තසමුට්ඨානා හිරී නාම, බහිද්ධාසමුට්ඨානං ඔත්තප්පං නාම. අත්තාධිපති හිරී නාම, ලොකාධිපති ඔත්තප්පං නාම. ලජ්ජාසභාවසණ්ඨිතා හිරී නාම, භයසභාවසණ්ඨිතං ඔත්තප්පං නාම. සප්පතිස්සවලක්ඛණා හිරී නාම, වජ්ජභීරුකභයදස්සාවිලක්ඛණං ඔත්තප්පං නාම.
මේ දෙපදය වෙන්කර පැහැදිලි කරනු පිණිස සමුට්ඨාන, අධිපති හා ලජ්ජාදී ලක්ෂණයන් ද යන මේ මාතෘකා තබා, අනතුරුව මේ සවිස්තර කථාව කියන ලදී. ඇතුලතින් හටගන්නේ (සමුට්ඨාන) හිරි නම් වේ. බාහිරව (පිටතින්) හටගන්නේ ඔත්තප්ප නම් වේ. තමා අධිපති කොට උපන්නේ හිරි නම් වේ. ලෝකයා අධිපති කොට උපන්නේ ඔත්තප්ප නම් වේ. ලජ්ජා ස්වභාවයෙන් සිටියේ හිරි නම් වේ. එය ස්වභාවයෙන් සිටියේ ඔත්තප්ප නම් වේ. අප්‍රගල්භ (යටහත් පහත් පැවතුම් ඇති) ලක්ෂණය ඇත්තේ හිරි නම් වේ. වරදට බිය වන වරදෙහි බිය දක්වා ලක්ෂණය ඇත්තේ ඔත්තප්ප නම් වේ.
තත්ථ අජ්ඣත්තසමුට්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට්ඨාපෙති – ජාතිං පච්චවෙක්ඛිත්වා, වයං පච්චවෙක්ඛිත්වා, සූරභාවං පච්චවෙක්ඛිත්වා, බාහුසච්චං පච්චවෙක්ඛිත්වා. කථං? “පාපකරණං නාමෙතං න ජාතිසම්පන්නානං කම්මං, හීනජච්චානං කෙවට්ටාදීනං ඉදං කම්මං, මාදිසස්ස ජාතිසම්පන්නස්ස ඉදං කම්මං කාතුං න යුත්ත”න්ති එවං තාව ජාතිං පච්චවෙක්ඛිත්වා පාණාතිපාතාදිපාපං අකරොන්තො හිරිං සමුට්ඨාපෙති. තථා “පාපකරණං නාමෙතං දහරෙහි කත්තබ්බං කම්මං, මාදිසස්ස වයෙ ඨිතස්ස ඉදං කම්මං කාතුං න යුත්ත”න්ති එවං වයං පච්චවෙක්ඛිත්වා පාණාතිපාතාදිපාපං අකරොන්තො හිරිං සමුට්ඨාපෙති. තථා “පාපකම්මං නාමෙතං දුබ්බලජාතිකානං කම්මං, මාදිසස්ස සූරභාවසම්පන්නස්ස ඉදං කම්මං කාතුං න යුත්ත”න්ති එවං සූරභාවං පච්චවෙක්ඛිත්වා පාණාතිපාතාදිපාපං අකරොන්තො හිරිං සමුට්ඨාපෙති. තථා “පාපකම්මං නාමෙතං අන්ධබාලානං කම්මං, න පණ්ඩිතානං. මාදිසස්ස පණ්ඩිතස්ස බහුස්සුතස්ස ඉදං කම්මං කාතුං න යුත්ත”න්ති එවං බාහුසච්චං පච්චවෙක්ඛිත්වා පාණාතිපාතාදිපාපං අකරොන්තො හිරිං සමුට්ඨාපෙති. එවං අජ්ඣත්තසමුට්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට්ඨාපෙති. සමුට්ඨාපෙත්වා ච පන අත්තනො චිත්තෙ හිරිං පවෙසෙත්වා පාපකම්මං න කරොති. එවං අජ්ඣත්තසමුට්ඨානා හිරී නාම හොති. කථං බහිද්ධාසමුට්ඨානං ඔත්තප්පං නාම? “සචෙ ත්වං පාපකම්මං කරිස්සසි, චතූසු පරිසාසු ගරහප්පත්තො භවිස්සසි –
එහි අභ්‍යන්තරව හටගන්නා හිරිය කාරණා සතරකින් උපදියි. එනම්, තමාගේ ජාතිය පිළිබඳව සලකා බලා ද, වයස සලකා බලා ද, ශූරභාවය සලකා බලා ද තමාගේ බහුශ්‍රැතභාවය සලකා බලා දැයි යන කරුණු සතරෙකි. කෙසේද යත්, ‘පව්කම් කිරීම නම් උසස් කුලවතුනට සුදුසු වුවක් නොවේ. මසුන් මරන කේවට්ටාදී කරන ක්‍රියාවෙකි. ‘ඔබ වැනි උසස් කුලවතුන්ට මෙවැනි ක්‍රියා කිරීම නොහොබී’ යනුවෙන් තමාගේ ජාති සම්පන්නභාවය සිහිකර බලා, ප්‍රාණඝාතාදී පව්කම් නොකරනුයේ පව් කිරීමට ලජ්ජාව උපදවා ගනියි. එසේම ‘පව්කම් කිරීම නම් ළදරුවන් විසින් කළ යුත්තකි. ඔබ වැනි වැඩිහිටි වියෙහි සිටියකු විසින් මෙවැනි පව්කම් කිරීම නොහොබී’ යැයි වයස පිළිබඳව සිහිපත් කර බලා ප්‍රාණඝාතාදී පවු නොකරනුයේ ලැජ්ජාව උපදවා ගනියි. එසේම ‘පව්කම් නම් දුර්වල වූවන්ගේ ක්‍රියාවකි. ඔබ වැනි ශූරභාවයට පත්වූවකු විසින් මෙවැනි පාපකර්ම කිරීම නුසුදුසුය’යි මෙසේ තම ශූරභාවය සිහිපත් කර බලා ප්‍රාණඝාතාදී පවුකම් නොකරනුයේ ලජ්ජාව උපදවා ගනියි. එසේම ‘පව්කම් කිරීම නම් අඳබාලයන්ගේ ක්‍රියාවෙකි. පඬිවරුන්ගේ ක්‍රියාවක් නොවේ. ඔබ වැනි බහුශ්‍රැත පඬිවරුනට මෙවැනි ක්‍රියා සිදුකිරීම නොහොබී’ යැයි මෙසේ තම බහුශ්‍රැතභාවය සිහිපත් කිරීමෙන් පව්කම් නොකරනුයේ ලජ්ජාව උපදවා ගනියි. මෙසේ අභ්‍යන්තරව හටගන්නා හිරිය සිවු ආකාරයකින් උපදවා ගනියි. එසේ උපදවා ගෙන, යලිදු තමාගේ සිත තුළ පිහිටාගෙන පවුකම් නො කරයි. මෙසේ අභ්‍යන්තරයෙන් හටගන්නා පව් කිරීමට ඇති ලජ්ජාව හිරි නමි. ඔත්තප්ප සිතුවිල්ල කෙසේ බාහිරව හටගන්නේ ද? ඉදින් ඔබ පව්කම් කරතොත් සිවු පිරිස් අතර ගැරහීමට පත්වූවෙක් වන්නාහුය.
“ගරහිස්සන්ති තං විඤ්ඤූ, අසුචිං නාගරිකො යථා; වජ්ජිතො සීලවන්තෙහි, කථං භික්ඛු කරිස්සසී”ති. (ධ· ස· අට්ඨ· 1 කාමාවචරකුසල ධම්මුද්දෙසකථා) –
ගරහිස්සන්ති තං විඤ්ඤා අසුචී නාගරිකො යථා, විවජ්ජිතො සීලවන්තෙහි කථං භික්ඛු කරිස්සතී ති
‘නුවණැත්තෝ ඔහුට නගරවැසියෙකු අශූචි පිළිකුල් කරන්නාක් මෙන් ගරහති. සිල්වතුන් විසින් අත්හැරෙති. ඒ භික්ෂුව කෙසේ (මහණකම්) කරන්නේ ද?’
එවං පච්චවෙක්ඛන්තො හි බහිද්ධාසමුට්ඨිතෙන ඔත්තප්පෙන පාපකම්මං න කරොති, එවං බහිද්ධාසමුට්ඨානං ඔත්තප්පං නාම හොති.
මෙසේ සිහිපත් කරමින් බාහිර හටගන්නා වූ ඔත්තප්පය (බිය) නිසා පවුකම් නොකරයි. මෙසේ බාහිරව හටගන්නා (පවු නොකරන සිතුවිල්ල) ඔත්තප්ප නම් වේ.
කථං අත්තාධිපති හිරී නාම? ඉධෙකච්චො කුලපුත්තො අත්තානං අධිපතිං ජෙට්ඨකං කත්වා “මාදිසස්ස සද්ධාපබ්බජිතස්ස බහුස්සුතස්ස ධුතඞ්ගධරස්ස න යුත්තං පාපකම්මං කාතු”න්ති පාපං න කරොති. එවං අත්තාධිපති හිරී නාම හොති. තෙනාහ භගවා “සො අත්තානංයෙව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරතී”ති (ධ· ස· අට්ඨ· 1 කාමාවචරකුසල ධම්මුද්දෙසකථා; අ· නි· 3.40).
කෙසේ අත්තාධිපති ධර්මය හරි නම් වේද? මේ සසුනෙහි කිසියම් කුලපුත්‍රයෙක් තමා අධිපතියකු, ජ්‍යෙෂ්ඨයකු කර, ‘ඔබ වැනි ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බහුශ්‍රැත වූ ධුතංගධරයෙකුට පව්කම් කිරීම නුසුදුසුය’යි සිතා පව්කම් නොකරයි. මෙසේ තමා ප්‍රධාන කරගත් (අත්තාධිපති) ධර්මය හිරි නමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘ඔහු තමාම අධිපති කරන්ගෙන අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය දේ බැහැරලයි. නිවැරදි ක්‍රියා වඩයි. පිරිසිදු වූ ආත්මභාවය පරිහරණය කරයි’ යනුවෙනි.
කථං ලොකාධිපති ඔත්තප්පං නාම? ඉධෙකච්චො කුලපුත්තො ලොකං අධිපතිං ජෙට්ඨකං කත්වා පාපකම්මං න කරොති. යථාහ –
ලෝකාධිපති ධර්මය ඔත්තප්ප නම් වූයේ කෙසේද? මේ සසුනෙහි කිසියම් කුලපුත්‍රයෙක් ලෝවැසි ජනයා ප්‍රධාන කරගෙන, ජ්‍යෙෂ්ඨ කරගෙන පව්කම් නොකරයි. යම්සේ කීහුද,
“මහා ඛො පනායං ලොකසන්නිවාසො, මහන්තස්මිං ඛො පන ලොකසන්නිවාසෙ සන්ති සමණබ්රාහ්මණා ඉද්ධිමන්තො දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනො, තෙ දූරතොපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චෙතසාපි චිත්තං ජානන්ති. තෙපි මං එවං ජානෙය්යුං ‘පස්සථ භො ඉමං කුලපුත්තං සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො වොකිණ්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම්මෙහී’ති. දෙවතාපි ඛො සන්ති ඉද්ධිමන්තිනියො දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනියො, තා දූරතොපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චෙතසාපි චිත්තං ජානන්ති. තාපි මං එවං ජානෙය්යුං ‘පස්සථ භො ඉමං කුලපුත්තං සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො වොකිණ්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම්මෙහී’ති. සො ඉති පටිසඤ්චික්ඛති ‘ආරද්ධං ඛො පන මෙ වීරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ග’න්ති. සො ලොකංයෙව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරතී”ති (ධ· ස· අට්ඨ· 1 කාමාවචරකුසල ධම්මුද්දෙසකථා; අ· නි· 3.40).
‘මේ ලෝක සන්නිවාසය වූ කලී ඉතා මහත්ය. ඒ ඉතා මහත් වූ ලෝක සන්නිවාසයෙහි ඍද්ධිමත්, දිවැස් ඇති, අනුන්ගේ සිත් දන්නා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙති. ඔවුහු ඉතා දුර වුවත් දකිති. සමීපයෙහි වූවත් දිස් නොවෙති. (නොදකිති.) තම සිතින් (පර) සිත් ‘ඔවුහු මා මෙසේ දැනගනිති’යි දැනගනිති. පින්වතුනි, බලවු! මේ කුලපුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම අවුත් පැවිදි වූයේ පවිටු අකුසල ධර්මයන්ගෙන් ගැවසී වාසය කරයි’ යනුවෙනි. එසේම සෘද්ධිමත්, දිවැස් ඇති, අනුන්ගේ සිත් දන්නා වූ දේවතාවෝ වෙති. ඔවුහු ඉතා දුර වුවත් දකිති. සමීප වූවත් නොපෙනෙති. තම සිතින් පර සිත් දැනගනිති. ඒ දෙවියෝ ද මා පිළිබඳව මෙසේ දැනගනිති. ‘පින්වතුනි, බලනු! මේ කුලපුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වී, පාපක අකුසල ධර්මයන්ගෙන් ගැවසී ගෙන වාසය කරයි’ යනුවෙනි. ඔහු මෙසේ ලෝකයාම අධිපති කරගෙන අකුසල් බැහැරලයි. කුසල් වඩයි. වැරදි කටයුතු අත්හැර නිවැරදි කටයුතු වර්ධනය කරගනියි. පිරිසිදු වූ ආත්මභාවය පරිහරණය කරයි. මෙසේ ලෝකාධිපති වූ ධර්මය ඔත්තප්ප නම් වේ.
එවං ලොකාධිපති ඔත්තප්පං නාම හොති. “ලජ්ජාසභාවසණ්ඨිතා හිරී, භයසභාවසණ්ඨිතං ඔත්තප්ප”න්ති එත්ථ පන ලජ්ජාති ලජ්ජනාකාරො, තෙන සභාවෙන සණ්ඨිතා හිරී. භයන්ති අපායභයං, තෙන සභාවෙන සණ්ඨිතං ඔත්තප්පං. තදුභයම්පි පාපපරිවජ්ජනෙ පාකටං හොති. එකච්චො හි යථා නාම එකො කුලපුත්තො උච්චාරපස්සාවාදීනි කරොන්තො ලජ්ජිතබ්බයුත්තකං එකං දිස්වා ලජ්ජනාකාරප්පත්තො භවෙය්ය හීළිතො, එවමෙව අජ්ඣත්තං ලජ්ජීධම්මං ඔක්කමිත්වා පාපකම්මං න කරොති. එකච්චො අපායභයභීතො හුත්වා පාපකම්මං න කරොති.
ලජ්ජා ස්වභාවයෙහි පිහිටියේ හිරි නම් වේ. භය ස්වභාවයෙහි පිහිටියේ ඔත්තප්ප නම් වේ. මෙහි වනාහි ලජ්ජා යනු ලජ්ජා ආකාරයයි. ඒ ස්වභාවයෙන් යුතු වූයේ හිරි නමි. භයං යනු අපාය භයයි. ඒ ස්වභාවයෙන් යුතු වූයේ ඔත්තප්ප නමි. මේ දෙකම පාපයන් දුරු කිරීමෙහි ප්‍රකට වේ. ඇතැමෙක් වනාහි යම්සේ හුදකලා වූ කුලපුත්‍රයෙක් තෙමේ මළ මුත්‍ර කරමින් සිටියේ ලජ්ජාවිය යුතු කෙනෙකු දැකීමෙන් ලජ්ජාවට පත්ව, හැකිලෙනුයේද එසේම අභ්‍යන්තර වශයෙන් ලජ්ජාවිය යුතු ස්වභාවය හැරපියා පව්කම් නොකරති.
තත්රිදං ඔපම්මං – යථා හි ද්වීසු අයොගුළෙසු එකො සීතලො භවෙය්ය ගූථමක්ඛිතො, එකො උණ්හො ආදිත්තො. තත්ථ පණ්ඩිතො සීතලං ගූථමක්ඛිතත්තා ජිගුච්ඡන්තො න ගණ්හාති, ඉතරං ඩාහභයෙන. තත්ථ සීතලස්ස ගූථමක්ඛනජිගුච්ඡාය අගණ්හනං විය අජ්ඣත්තං ලජ්ජීධම්මං ඔක්කමිත්වා පාපස්ස අකරණං, උණ්හස්ස ඩාහභයෙන අගණ්හනං විය අපායභයෙන පාපස්ස අකරණං වෙදිතබ්බං.
එහිලා මේ උපමාවයි. ‘යම්සේ වනාහි යකඩ ගුලි දෙකක් ඇත. ඉන් එකක් අසූචිවලින් වැකුණේ සීතල වූයේ ද, අනික රත් වී ගිනියම් වූයේ ද, එවිට නුවණැත්තා සීතල වූ යකඩ ගුලිය අශූචි වැකුණු හෙයින් පිළිකුල් කොට, අතට නොගනියි. අනික පිලිස්සීමේ බිය නිසා අතට නොගනියි.’ මේ උපමාවේ එන සීතල වූ අශූචි වැකි ගුලිය පිළිකුල නිසා අතට නොගන්නාක් මෙන් අභ්‍යන්තර ලජ්ජී ධර්මය ඉක්මවා පවු නොකිරීම දතයුතුයි. උණුසුම් වූ යකඩ ගුලිය ‘දැවෙති’යි යන බිය නිසා අතට නොගන්නාක් මෙන් අපාය දුකට බියෙන් පවු නොකිරීම දතයුතුයි.
“සප්පතිස්සවලක්ඛණා හිරී, වජ්ජභීරුකභයදස්සාවිලක්ඛණං ඔත්තප්ප”න්ති ඉදම්පි ද්වයං පාපපරිවජ්ජනෙ එව පාකටං හොති. එකච්චො හි ජාතිමහත්තපච්චවෙක්ඛණා සත්ථුමහත්තපච්චවෙක්ඛණා දායජ්ජමහත්තපච්චවෙක්ඛණා සබ්රහ්මචාරිමහත්තපච්චවෙක්ඛණාති චතූහි කාරණෙහි සප්පතිස්සවලක්ඛණං හිරිං සමුට්ඨාපෙත්වා පාපං න කරොති. එකච්චො අත්තානුවාදභයං පරානුවාදභයං දණ්ඩභයං දුග්ගතිභයන්ති චතූහාකාරෙහි වජ්ජභීරුකභාවදස්සාවිලක්ඛණං ඔත්තප්පං සමුට්ඨාපෙත්වා පාපං න කරොති. තත්ථ ජාතිමහත්තපච්චවෙක්ඛණාදීනි චෙව අත්තානුවාදභයාදීනි ච විත්ථාරෙත්වා කථෙතබ්බානි. එවං වුත්තං සත්තවිධං බලං යස්ස පුග්ගලස්ස නත්ථි, තෙ කිලෙසා තං පුග්ගලං සහන්ති…පෙ… පරියාදියන්ති මද්දන්තීති.
සප්පතිස්ස ලක්ඛණා හිරි, වජ්ජභීරුක භය දස්සාවී ලක්ඛණං ඔත්තප්පං (අප්රගල්හ (යටත් පහත් පැවතුම් ඇති, ගරු සරු ඇති) බව හිරි නමි. වරදෙහි බිය දන්නා ලක්ෂණ ඇති බව ඔත්තප්ප නමි.) මේ දෙක පාප දුරුකිරීමෙහිම ප්‍රකට වේ. ඇතැම්හු සිය කුලවත් බව සිහිපත් කිරීමෙන්, ශාස්තෲවරයාගේ මහත් බව සිහිපත් කිරීමෙන්, දායාද මහත් බව සිහිපත් කිරීමෙන්, සබ්‍රහ්මචාරීන්ගේ මහත් බව සිහිපත් කිරීමෙනැයි යන සිවු කාරණයෙන් අප්පගබ්භ ලක්ෂණ සහිත හිරිය ඉපදී පව්කම් නොකරති. ඇතැම්හු අත්තානුවාද භයින්, පරානුවාද භයින්, දඬුවම් භයින් සහ දුගතියට යෑමේ භයින් යන සිවු කරුණින් වරදට බිය වන ලක්ෂණ ඇති ඔත්තප්පය උපදවාගෙන පව්කම් නොකරති. මෙහිලා ජාති මහත්වය, කුලවත් බව සිහිකිරීම් ආදී සතරත්, අත්තානුවාද භයාදී සතරත් විස්තර කර කිවයුතු වේ. මෙසේ කියන ලද සත්වැදෑරුම් බලය යම් පුද්ගලයෙකුට නැත්තේ ද ඒ කෙලෙස්හු එම පුද්ගලයා යටත් කරගනිති. -පෙ- හාත්පසින් ගනිති. මැඩලති.
ද්වෙ පරිස්සයාති පාකටාපාකටවසෙන ද්වෙ එව උපද්දවා, න එකං, න තීණි. තෙ විභාගතො දස්සෙතුං “කතමෙ පාකටපරිස්සයා”තිආදිමාහ. තත්ථ කොකාති කෙකා. අයමෙව වා පාඨො. චොරාති චොරියකම්මෙහි යුත්තා. මාණවාති සාහසිකකම්මෙහි යුත්තා. කතකම්මාති සන්ධිච්ඡෙදාදිකතචොරිකකම්මා. අකතකම්මාති තං කම්මං කාතුං නික්ඛන්තා. එත්ථ අස්සූති භවෙය්යුන්ති අත්ථො. චක්ඛුරොගොති චක්ඛුස්මිං උප්පන්නරොගො, රුජතීති රොගො. චක්ඛුරොගොතිආදයො වත්ථුවසෙන වෙදිතබ්බා. නිබ්බත්තිතපසාදානඤ්හි රොගො නාම නත්ථි. කණ්ණරොගොති බහිකණ්ණරොගො. මුඛරොගොති මුඛෙ උප්පන්නරොගො. දන්තරොගොති දන්තසූලං. කාසොති ඛයරොගො. සාසොති ස්වාසො උග්ගාරරොගො. පිනාසොති බහිනාසිකාය රොගො. ඩාහොති අබ්භන්තරෙ උප්පජ්ජනකො උණ්හො. මුච්ඡාති සතිවිස්සජ්ජනකා. පක්ඛන්දිකාති ලොහිතපක්ඛන්දිකා අතිසාරො. සූලාති ආමසූලා කුච්ඡිවාතො. විසූචිකාති මහන්තො විරෙචනකො. කිලාසොති සබලො. සොසොති සුක්ඛනකො සොසබ්යාධි. අපමාරොති අමනුස්සග්ගාහො වෙරියක්ඛාබාධො. දද්දූති දද්දුපීළකා. කණ්ඩූති ඛුද්දකපීළකා. කච්ඡූති මහාකච්ඡු. රඛසාති නඛෙහි විලිඛිතට්ඨානෙ රොගො. “නඛසා”තිපි පාළි. විතච්ඡිකාති හත්ථතලපාදතලෙසු හීරං හීරං කත්වා ඵාලෙන්තො උප්පජ්ජනකරොගො. ලොහිතපිත්තන්ති සොණිතපිත්තං, රත්තපිත්තන්ති වුත්තං හොති. මධුමෙහොති සරීරබ්භන්තරෙ උක්කට්ඨරොගො. වුත්තඤ්හෙතං “අපි ච මධුමෙහො ආබාධො උක්කට්ඨො”ති (පාචි· 15).
ද්වෙ පරිස්සයා යනු ප්‍රකට, අප්‍රකට වශයෙන් උපද්‍රවයෝ දෙකක් ම වෙති. එකක් හෝ තුනක් නොවෙති. ඒ දෙක විභාග කර දැක්වීමට කතමෙ පාකට පරිස්සයා යනාදිය කීහු. (එහි කොකා යනු වෘකයෝය. මෙය අප පාඨයකි.) චොරා යනු සොරකම්හි නිරතයෝ ය. මානවා යනු සැහැසිකම්වලින් යුතු පුද්ගලයෝ ය. කතකම්මා ගෙවල් බිඳීම් ආදී සොරකම් කලාහුය. අකතකම්මා එවැනි කටයුතු නොකළ නමුදු කිරිමට නික්මුණු පුද්ගලයෝ ය. මෙහි අස්සූ යනු වන්නෝය යන අර්ථයි. (අස වීමෙහි ධාතුවෙන් නිපන් වර්තමාන කාලික ප්‍රථම පුරුෂ බහුවචන රූපයයි. ‘වෙති’ යනුයි.) චක්ඛු රොගො යනු ඇසෙහි උපන් රෝගයයි. ‘වේදනා දෙනුයේනු’යි රෝග නම් වේ. චක්ෂු රෝගාදිය වස්තු වශයෙන් දතයුතුයි. උපතින්ම චක්ඛු ආදී ප්රසාදයන් හීන වූ රෝගයක් නම් නැත. (උපතින්ම පංච ප්රසාදයන් දුබලවීම රෝගයක් නොවේ.) කණ්ණරොගො යනු පිට කණෙහි සෑදෙන රෝගයයි. මුඛරොගො මුවෙහි උපන් රෝගයි. දන්තරොගො යනු දත්මුල් රෝගයි. කාසො යනු ක්ෂය රෝගයයි. සාසො යනු ඇදුම හෙවත් මුහ රෝගයයි. පිනාසො යනු පිට නාසයේ රෝගයකි. ඔහො ශරීරයේ උපදින්නා වූ උණයි. මුච්ඡා මුසපත් වීමයි. පක්ඛන්දිකා ලෝහිත පක්ඛන්දිකා හෙවත් අතීසාර රෝගයයි. සූලා යනු ආමශූල නම් කුසේ රෝගයකි. විසූචිකා මහත් වූ විරේචනයයි. කිලාසො කුෂ්ට රෝගයයි. සොසො වියලි ඇදුම රෝගයයි. අපමාරො අපස්මාරයයි. හෙවත් අමනුෂ්‍යයකු, වෛරී යක්ෂයකු ආවේශ වීමයි. දද්දූ දද පිළිකායි. කණ්ඩු කුඩා දද පිළිකායි. කච්ඡු මහා කුෂ්ටයි. රඛසා නියවලින් හූරා දැමූ තැන් ඇති රෝගයයි. රක්ඛසා යන පාඨය ද පෙළෙහි යෙදේ. විතච්ඡිකා අත් පා තල තීරු තීරු ආකාරයෙන් පැළෙමින් උපදින රෝගයකි. ලොහිත පිත්තං ලේ පිතයි. රත් පිත යැයි කියන ලදී. මධුමෙහො යනු ශරීරාභ්‍යන්තරයේ හටගන්නා බලවත් රෝගයකි. ‘තවද මධුමේහය බලවත් (පහසුවෙන් සුවකළ නොහැකි) රෝගයකි’යි කියන ලදී.
අංසාති අරිසරොගො. පීළකාති ලොහිතපීළකා. භගං දාලයතීති භගන්දලා, වච්චමග්ගං ඵාලෙතීති අත්ථො. පිත්තසමුට්ඨානාති පිත්තෙන සමුට්ඨානං උප්පත්ති එතෙසන්ති පිත්තසමුට්ඨානා. තෙ කිර ද්වත්තිංස හොන්ති. සෙම්හසමුට්ඨානාදීසුපි එසෙව නයො. සන්නිපාතිකාති වාතපිත්තසෙම්හානං සන්නිපාතෙන එකීභාවෙන උප්පන්නා. ආබාධට්ඨෙන ආබාධා. උතුපරිණාමජාති උතුපරිණාමෙන. අච්චුණ්හාති සීතෙන උප්පජ්ජනකරොගා. විසමපරිහාරජාති අතිට්ඨානනිසජ්ජාදිනා විසමපරිහාරෙන ජාතා. ඔපක්කමිකාති වධබන්ධනාදිනා උපක්කමෙන ජාතා. කම්මවිපාකජාති බලවකම්මවිපාකසම්භූතා. සීතං උණ්හං…පෙ… සම්ඵස්සොති ඉමෙ පාකටා එව. ඉති වාති එවං වා. ඉමෙ වුච්චන්තීති නිගමෙන්තො ආහ.
‘අංසො’ යනු අර්ශස් රෝගයයි. පිළකා යනු ලේ පිළිකා රෝගයයි. ‘යෝනිය නොහොත් ගුදය පළති’යි භගන්දලා නමි. මළ මාර්ගය පළති’යි යන අර්ථයි. පිත්ත සමුට්ඨානා යනු ‘මේ (රෝගයගේ) හටගැනීම, උපත, පිතෙත් වෙති’යි පිත්ත සමුට්ඨාන නමි. ඔවුහු දෙතිසක් වෙති. සෙම්හ සමුට්ඨානා දියෙහිද මෙම නයයි. සන්නිපාතිකා යනු වා, පිත්, සෙම් ආදියේ එක්රැස් වීමෙන්, එකතු වීමෙන් උපන් රෝගයි. ‘රෝගයන් ඇති කරති’යි යන අර්ථයෙන් ආබාධා නමි. උතු පරිණාමජා යනු පරිණාමයට (වැඩීමට) පත් වූ අති උෂ්ණ, අති සීත ස්වභාවයෙන් උපදින රෝගයෝ යි. විසම පරිහාරජා යනු නුසුදුසු ස්ථානවල හිඳීම් ආදී විෂම දේ කිරීමෙන් උපන් රෝගයෝ යි. ඔපක්කමිකා වධ බන්ධනාදී උපක්‍රමයෙන් උපන් රෝගයෝයි. කම්ම විපාකජා යනු බලවත් කර්ම විපාකයන්ගෙන් හටගත් රෝගයෝයි. බලවත් කර්ම විපාකයෙන් හටගත් රෝග කෙරෙයි. සීත උණ්හං -පෙ- සම්ඵස්සා ඉති වා යනු මෙසේ හෝ මේ රෝගයන් ගැන කියනු ලැබෙති’යි නිගමනය කරමින් කියන ලදී.
කතමෙ පටිච්ඡන්නපරිස්සයාති අපාකටා අච්ඡාදිතඋපද්දවා කතමෙති පුච්ඡති. තත්ථ කායදුච්චරිතන්ති පාණාතිපාතඅදින්නාදානමිච්ඡාචාරචෙතනා වෙදිතබ්බා. වචීදුච්චරිතන්ති මුසාවාදපිසුණවාචාඵරුසවාචාසම්ඵප්පලාපචෙතනා වෙදිතබ්බා. මනොදුච්චරිතන්ති අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨියො වෙදිතබ්බා. කායෙ පවත්තං, කායතො වා පවත්තං, දුට්ඨු චරිතං, කිලෙසපූතිකත්තා වා දුට්ඨු චරිතන්ති කායදුච්චරිතං. වචීමනොදුච්චරිතෙසුපි එසෙව නයො.
කතමෙ පටිච්ඡන්න පරිස්සයා අප්‍රකට, වැසුණු උපද්‍රවයෝ කතමෙ යනු කවරහුද?යි විචාරයි. එහි කාය දුච්චරිතං යනු ප්‍රාණඝාත, අදින්නාදාන, මිථ්යාචාරී චේතනායි දතයුතුයි. වචී දුච්චරිතං මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්ඵලාප චේතනා යැයි දතයුතුයි. මනො දුච්චරිතං දැඩි ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය යන මොවුහු යැයි දතයුතුයි. කයෙහි පවතින, කයින් හෝ පවත්වන දුෂ්ට චරිත හැසිරීම, කෙලෙස්වලින් කිලිටි වූ බැවින් දුෂ්ට වූ චරිතය කාය දුච්චරිතං නම් වේ. වචී, මනෝ දුශ්චරිතයන් පිළිබඳව ද මේ නයයි.
කාමීයන්තීති කාමා, පඤ්ච කාමගුණා. කාමෙසු ඡන්දො කාමච්ඡන්දො. කාමයතීති වා කාමො, කාමො එව ඡන්දො, කාමච්ඡන්දො න කත්තුකම්යතාඡන්දො, න ධම්මච්ඡන්දො වා. කාමතණ්හාව එවංනාමිකා. කුසලධම්මෙ නීවරතීති නීවරණං, කාමච්ඡන්දො එව නීවරණං කාමච්ඡන්දනීවරණං. එවං සෙසෙසුපි. බ්යාපජ්ජති තෙන චිත්තං පූතිභාවං උපගච්ඡති, බ්යාපාදයති වා විනයාචාරරූපසම්පත්තිහිතසුඛාදීනීති වා බ්යාපාදො. ථිනනතා ථිනං. මිද්ධනතා මිද්ධං, අනුස්සාහසංහනනතා අසත්තිවිඝාතතා චාති අත්ථො. ථිනඤ්ච මිද්ධඤ්ච ථිනමිද්ධං. තත්ථ ථිනං අනුස්සාහනලක්ඛණං, වීරියවිනොදනරසං, සංසීදනපච්චුපට්ඨානං. මිද්ධං අකම්මඤ්ඤතාලක්ඛණං, ඔනහනරසං, ලීනභාවපච්චුපට්ඨානං, පචලායිකානිද්දාපච්චුපට්ඨානං වා. උභයම්පි අරතිතන්දීවිජම්භිතාදීසු අයොනිසොමනසිකාරපදට්ඨානන්ති.
පතනු ලබන්නේ නුයි කාමා නම් වේ. පංචකාම ගුණයෝ යි. කාමයන් කෙරෙහි ඇති කැමැත්ත කාමච්ඡන්දො කාමච්ඡන්දයයි. පතනු ලැබේනුයි කාමයි. කාමො කාමයම ඡන්දය වේනුයි කාමච්ඡන්දො, කාමච්ඡන්දයයි. කත්තුකම්‍යතා ඡන්ද (කරනු කැමති බව, ප්‍රාර්ථනාව) සංඛ්‍යාත කුසල චේතනාව නොවේ. කාම තණ්හාව ම මෙනම් වේ. කුසල්දහම් වළකනුයේනුයි නීවරණං නීවරණ නම් වේ. කාමච්ඡන්දයම නීවරණ වූයේ කාමච්ඡන්ද නීවරණං කාමච්ඡන්ද නීවරණ නම් වේ. සෙසු පදයන්හි අර්ථ ද මෙසේය. ‘එය කරණ කොටගෙන සිත ගැහැටට පත්වෙති’යි කිලිටි බවට පත්වෙති’යි හෝ වෛර කරති’ යි හෝ විනයගරුක ආචාරශීලී බව ද හිතසුව ආදිය ද නසති’ යි ව්‍යාපාද නම් වේ. කුසල් දහම් වලක්වන්නේ නුයි නීවරණ නම් වේ. ව්‍යාපාදයම නීවරණ වූයේ ව්‍යාපාද නීවරණං ව්‍යාපාද නීවරණ නම් වේ. සිතෙහි අකර්මණ්‍ය බව, මැනි බව ථීන යැයි. කයෙහි අකර්මණ්‍ය බව, මැලි බව මිද්ධ යි. උත්සාහ නොමැති (අලස) කමින් සම්පත් විනාශ වීමයි යන අර්ථයි. ථීනයත් මිද්ධයත් එක්වූයේ ථීනමිද්ධ ථීනමිද්ධ නමි. එහි ථීන යනු උත්සාහ නොමැති බව ලක්‍ෂණකොට ඇත්තේය. වීර්ය, ප්‍රඥාව දුරුකිරීම කෘත්‍ය කොට ඇත්තේය. පසුබට වීම පච්චුපට්ඨාන (වැටහීම් කාරණ) කොට ඇත්තේ ය. මිද්ධ යනු අකර්මණ්‍ය බව ලක්‍ෂණකොට ඇත්තේය. පසුබැස්වීම කෘත්‍යකොට ඇත්තේය. සැඟවෙන සුලුබව (වැටහීම්) කාරණා කොට ඇත්තේය. නැතහොත් නිදිබර බව හෝ පච්චුපට්ඨාන කොට ඇත්තේය. මේ දෙකම නොඇලීම, නිදිමත, ඈලිමැලි බව ආදියෙහි අයෝනිසෝ මනසිකාර (නුනුවණින් මෙනෙහි කිරීම) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය.
උද්ධතස්ස භාවො උද්ධච්චං. තං අවූපසමලක්ඛණං වාතාභිඝාතචලජලං විය, අනවට්ඨානරසං වාතාභිඝාතචලධජපටාකං විය, භන්තත්තපච්චුපට්ඨානං පාසාණාභිඝාතසමුද්ධතභස්මං විය , චෙතසො අවූපසමො අයොනිසොමනසිකාරපදට්ඨානං. චිත්තවික්ඛෙපොති දට්ඨබ්බං. කුච්ඡිතං කතං කුකතං, තස්ස භාවො කුක්කුච්චං. තං පච්ඡානුතාපලක්ඛණං, කතාකතානුසොචනරසං, විප්පටිසාරපච්චුපට්ඨානං, කතාකතපදට්ඨානං දාසබ්යං විය දට්ඨබ්බං . උද්ධච්චඤ්ච කුක්කුච්චඤ්ච උද්ධච්චකුක්කුච්චං. විගතා චිකිච්ඡාති විචිකිච්ඡා, සභාවං වා විචිනන්තො එතාය කිච්ඡති කිලමතීති විචිකිච්ඡා, සා සංසයලක්ඛණා, සංසප්පනරසා, අනිච්ඡයපච්චුපට්ඨානා, අනෙකංසග්ගාහපච්චුපට්ඨානා වා, අයොනිසොමනසිකාරපදට්ඨානා. පටිපත්තිඅන්තරායකරාති දට්ඨබ්බා.
විසිරුණු වභාවය උද්ධච්චං නම් වේ. එය අසහනය ලක්‍ෂණකොට ඇත. සුළං ගැටී සෙළවෙන ජලය මෙන් අනවට්ඨාන නිසලව නොසිටීම ලක්‍ෂණකොට ඇත. සුළං ගැටීමෙන් සැලෙන පතාක මෙන් භ්‍රාන්ත වූ බව පච්චුපට්ඨාන කොට ඇත. ගල් පහරින් උඩට නැගුණු අළු මෙන් සිතෙහි නොසන්සුන් බවයි. අයෝනිසෝ මනසිකාරය පදට්ඨාන කොට ඇත. එනම් චිත්ත වික්ෂේපයැයි දතයුතුයි. නින්දිතව කරන ලද්ද කුකත නමි. ඒ කුකත යන්නෙහි ස්වභාවය කුක්කුච්චං කුක්කුච්ච නමි. එය පශ්චාත්තාපය ලක්ෂණ කොට ඇත. කළ නොකළ දෙය (කළ අකුශල කර්ම හා නොකළ කුශල කර්මයන්) පිළිබඳව ශෝක කිරීම කෘත්‍යකොට ඇත. විපිළිසර බව පච්චුපට්ඨාන කොට ඇත. කළ නොකළ (අකුසල හා කුසල්) පදට්ඨාන කොට ඇත. උද්ධච්ච කුක්කුච්ච දෙක දාසත්වය (දාස බව) මෙනැයි ද දතයුතුයි. දුරු වූ විචිකිච්ඡාව (ප්‍රතිකාරයන් නැති බව) විචිකිච්ඡා නමි. ස්වභාවය හෝ සොයමින් ‘මෙයින් ගැහැට විඳිති’යි, දුකට පත්වෙති’යි, වෙහෙසට පත්වෙති’යි විචිකිච්ඡා නමි. එය සැක කිරීම ලක්‍ෂණකොට ඇත. සංසප්පනය (ඒ මේ අත වැනෙන සුලු බව) කෘත්‍ය කොට ඇත. නිශ්චය රහිත බව පච්චුපට්ඨාන (වැටහීම් කාරණ) කොට ඇත. නැතහොත් විචිකිච්ඡාව අනේකංසගාහය (නොයෙක්, නොයෙක් පැති ගැනීම) පච්චුපට්ඨාන කොට ඇත්තේ ය. අයෝනිසෝ මනසිකාරය (නුනුවණින් මෙනෙහි කිරීම) පදට්ඨාන කර ඇත. මෙය ප්‍රතිපත්තියට අන්තරායකර බව දතයුතුයි.
රජ්ජනලක්ඛණො රාගො. දුස්සනලක්ඛණො දොසො. මුය්හනලක්ඛණො මොහො. කුජ්ඣනලක්ඛණො කොධො, චණ්ඩික්කලක්ඛණො වා, ආඝාතකරණරසො, දූසනපච්චුපට්ඨානො. උපනන්ධනලක්ඛණො උපනාහො, වෙරඅප්පටිනිස්සජ්ජනරසො, කොධානුබන්ධභාවපච්චුපට්ඨානො. වුත්තඤ්චෙතං “පුබ්බකාලං කොධො, අපරකාලං උපනාහො”තිආදි (විභ· 891).
රඤ්ජනය (ඇලුම් කිරීම) ලක්‍ෂණකොට ඇත්තේ රාගො රාගයයි. සිත දූෂ්‍ය කරන ලක්ෂණය ඇත්තේ දොසො ද්වේෂයයි. මුළාවන ලක්ෂණය ඇත්තේ මොහො මෝහයයි. කිපෙන ලක්ෂණය ඇත්තේ කොධො ක්‍රෝධයයි. නැතහොත් සැඩපරුෂ බව ලක්‍ෂණකොට ඇත්තේය. සිත දූෂ්‍ය කරන ලක්ෂණ ඇත්තේ, සැඩපරුෂ බව ලක්‍ෂණකොට ඇත්තේ ක්‍රෝධයයි. එය ආඝාතය (වෛර බැඳීම) කෘත්‍යකොට ඇත්තේය. දූෂණය පච්චුපට්ඨාන කොට ඇත්තේ ය. වෛර බැඳීම් ලක්ෂණ ඇත්තේ උපනාහො උපනාහ යයි. වෛරය අත්නොහැරීම කෘත්‍යකොට ඇත්තේය. ක්‍රෝධය නොසිඳී පවත්නා බව පච්චුපට්ඨාන කොට ඇත්තේය. කියන ලද මැයි. ‘පුබ්බංකාලං කොධො අපරකාලං උපනාහො’ (පූර්ව කාලයේ ක්‍රෝධයයි. පසුකාලයේ උපනාහ යයි.) යනාදියයි.
පරගුණමක්ඛනලක්ඛණො මක්ඛො. තෙසං විනාසනරසො, තදච්ඡාදනපච්චුපට්ඨානො. යුගග්ගාහලක්ඛණො පළාසො, පරගුණෙහි අත්තනො ගුණානං සමීකරණරසො, පරෙසං ගුණප්පමාණෙන උපට්ඨානපච්චුපට්ඨානො.
අනුන්ගේ ගුණ මකන ලක්ෂණය ඇත්තේ මක්ඛො මක්ඛයයි. අනුන් ගුණ නැසීම කෘත්‍යකොට ඇත. අනුන් ගුණ වසාදැමීම පච්චුපට්ඨාන කොට ඇත. තරඟකාරි බව ලක්‍ෂණකොට ඇත්තේ පලාසො පලාසයයි. අනුන්ගේ ගුණ සමග තමාගේ ගුණ සමාන කිරීම කෘත්‍යකොට ඇත. අනුන්ගේ ගුණ ප්‍රමාණයට වඩා ඉහළින් නැගී සිටීම පච්චුපට්ඨාන කොට ඇත.
පරසම්පත්තිඛීයනලක්ඛණා ඉස්සා, තස්ස අක්ඛමනලක්ඛණා වා, තත්ථ අනභිරතිරසා, තතො විමුඛභාවපච්චුපට්ඨානා. අත්තනො සම්පත්තිනිගූහනලක්ඛණං මච්ඡරියං, අත්තනො සම්පත්තියා පරෙහි සාධාරණභාවං අක්ඛමනරසං, සඞ්කොචනපච්චුපට්ඨානං.
අනුන්ගේ සම්පත්තීන් අඩුකොට තැකීම ලක්‍ෂණකොට ඇත්තේ ඉස්සා ඊර්ෂ්‍යාවයි. එය නො ඉවසන බව ලක්‍ෂණකොට ඇත. එහි නොකැමති බව කෘත්‍යකොට ඇත. ඉන් ඉවත හැරවූ මුහුණ ඇති බව (දැකීමට නොකැමති බව) පච්චුපට්ඨාන කොට ඇත. තමාගේ සම්පත් සැඟවීම ලක්‍ෂණකොට ඇත්තේ මච්ඡෙරං මච්ඡේරයයි. තමාගේ සම්පත්තීන් අනුන්ට ද බෙදීයාම නො ඉවසීම කෘත්‍යකොට ඇත. හැකිලීම පච්චුපට්ඨාන කොට ඇත්තේය.
කතපාපපටිච්ඡාදනලක්ඛණා මායා, තස්ස නිගූහනරසා, තදාවරණපච්චුපට්ඨානා. අත්තනො අවිජ්ජමානගුණප්පකාසනලක්ඛණං සාඨෙය්යං, තෙසං සමුදාහරණරසං, සරීරාකාරෙහිපි තෙසං විභූතකරණපච්චුපට්ඨානං.
කළ පවු වසා දැමීම ලක්‍ෂණකොට ඇත්තේ මායා මායාවයි. එය සඟවන බව කෘත්‍යකොට ඇත. එය වසන් කිරීම පච්චුපට්ඨාන කොට ඇත. තමා තුළ අවිද්‍යමාන ගුණ ප්‍රකාශ කිරීම ලක්ෂණ කොට ඇත්තේ සාඨෙය්යං සාඨෙය්‍ය නමි.
චිත්තස්ස උද්ධුමාතභාවලක්ඛණො ථම්භො, අප්පතිස්සවවුත්තිරසො, අමද්දවපච්චුපට්ඨානො. කරණුත්තරියලක්ඛණො සාරම්භො, විපච්චනීකතාරසො, අගාරවපච්චුපට්ඨානො.
එම ගුණ මතු කොට පෙන්වීම කෘත්‍ය කොට ඇත්තේය. සිතේ උඩඟු බව ලක්‍ෂණකොට ඇත්තේ ථම්භො ථම්භයයි. නිගරු පැවැත්ම කෘත්‍ය කොට ඇත්තේ ය. අමද්දවය (දරදඬු බව) පච්චුපට්ඨාන කොට ඇත්තේය. එකටෙක කිරීම ලක්ෂණ කොට ඇත්තේ සාරම්භො සාරම්භයයි. විරුද්ධ බව කෘත්‍යකොට ඇත. අගෞරවය පච්චුපට්ඨාන කොට ඇත.
උණ්ණතිලක්ඛණො මානො, අහංකාරරසො, උද්ධුමාතභාවපච්චුපට්ඨානො. අබ්භුණ්ණතිලක්ඛණො අතිමානො, අතිවිය අහංකාරරසො, අච්චුද්ධුමාතභාවපච්චුපට්ඨානො.
ඉහළට නැඹුරු වූ බව ලක්‍ෂණකොට ඇත්තේ මානො මාන යයි. එය අහංකාරය කෘත්‍ය කොට ඇත. උඩඟු බව පච්චුපට්ඨාන කොට ඇත. අතිශයින්ම ඉහළට නැඹුරු වූ බව ලක්‍ෂණකොට ඇතේ අතිමානො අතිමානයයි. අතිශය අහංකාරය කෘත්‍යකොට ඇත. අතිශයින්ම උඩඟු බව පච්චුපට්ඨාන කොට ඇත.
මත්තභාවලක්ඛණො මදො, මදග්ගහණරසො, උම්මාදපච්චුපට්ඨානො . පඤ්චසු කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගලක්ඛණො පමාදො, වොස්සග්ගානුප්පදනරසො, සතිවිප්පවාසපච්චුපට්ඨානොති එවං ඉමෙසං ධම්මානං ලක්ඛණාදීනි වෙදිතබ්බානි. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන “තත්ථ කතමො කොධො”තිආදිනා විභඞ්ගෙ (විභ· 891) වුත්තනයෙනෙව වෙදිතබ්බො.
මත් වූ ලක්ෂණය මදො මදයයි. මද ග්‍රහණය කෘත්‍යකොට ඇත. උමතු බව පච්චුපට්ඨාන කොට ඇත. පංචකාම ගුණයන් වෙත සිත හැරුණු බව ලක්ෂණ කොට ඇත්තේ පමාදො ප්‍රමාදයයි. සිත හැරීමට ඉඩදීම කෘත්‍යකොට ඇත. සිහියෙන් වෙන්වීම පච්චුපට්ඨාන කොට ඇත. මෙසේ මේ ධර්මයන්ගේ ලක්ෂණාදිය දතයුතුයි. මේ දැක්වූයේ එම පදයන්ගේ සංක්ෂිප්ත අර්ථයයි.
විසෙසතො චෙත්ථ ආමිසගිද්ධො අත්තනා අලභන්තො අඤ්ඤස්ස ලාභිනො කුජ්ඣති, තස්ස සකිං උප්පන්නො කොධො කොධොයෙව. තදුත්තරි උපනාහො. සො එවං කුද්ධො උපනය්හන්තො ච සන්තෙපි අඤ්ඤස්ස ලාභිනො ගුණං මක්ඛෙති “අහම්පි තාදිසො”ති ච යුගග්ගාහං ගණ්හාති. අයමස්ස මක්ඛො ච පලාසො ච, සො එවං මක්ඛී පලාසී තස්ස ලාභසක්කාරාදීසු “කිං ඉමස්ස ඉමිනා”ති ඉස්සති පදුස්සති, අයමස්ස ඉස්සා. සචෙ පනස්ස කාචි සම්පත්ති හොති, තස්සා තෙන සාධාරණභාවං න සහති, ඉදමස්ස මච්ඡෙරං. ලාභහෙතු ඛො පන අත්තනො සන්තෙපි දොසෙ පටිච්ඡාදෙති, අයමස්ස මායා. අසන්තෙපි ගුණෙ පකාසෙති, ඉදමස්ස සාඨෙය්යං. සො එවං පටිපන්නො සචෙ පන යථාධිප්පායං ලාභං ලභති, තෙන ථද්ධො හොති අමුදුචිත්තො “න ඉදං එවං කාතබ්බ”න්ති ඔවදිතුං අසක්කුණෙය්යො, අයමස්ස ථම්භො. සචෙ පන නං කොචි කිඤ්චි වදති “න ඉදං එවං කාතබ්බ”න්ති, තෙන සාරද්ධචිත්තො හොති, භාකුටිකමුඛො “කො මෙ ත්ව”න්ති පසය්හභාණී, අයමස්ස සාරම්භො. තතො ථම්භෙන “අහමෙව සෙය්යො”ති අත්තානං මඤ්ඤන්තො මානී හොති. සාරම්භෙන “කෙ ඉමෙ”ති පරෙ අතිමඤ්ඤන්තො අතිමානී, අයමස්ස මානො ච අතිමානො ච. සො තෙහි මානාතිමානෙහි ජාතිමදාදිඅනෙකරූපං මදං ජනෙති, මත්තො සමානො කාමගුණාදිභෙදෙසු වත්ථූසු පමජ්ජති, අයමස්ස මදො ච පමාදො චාති වෙදිතබ්බං.
විස්තර වශයෙන් වනාහි ‘තත්ථ කතමො කොධො’ ආදී වශයෙන් විභංගයෙහි දැක්වූ පරිදි ම දතයුතුයි. මෙහි විශේෂ වශයෙන් - ආමිෂයට ගිජුව තමාට නොලැබී අන් කෙනෙකුට ලැබෙනවිට ලබන්නා කෙරෙහි කිපෙයි. ඔහුට එක්වරක් (පළමුවර) උපදිනුයේ කොධං ක්‍රෝධයයි. ඉන්පසුව උපදිනුයේ උපනාහො වෛරයයි. ඔහු මෙසේ කිපී වෛර බඳිනුයේ ම ලාභී වූ අන්‍යයාගේ සත්‍ය වශයෙන් ඇත්තා වූ ම ගුණ මකයි. ‘මම ද ඔහු හා සමාන වෙමි’යි තරඟ කරයි. මෙය ඔහුගේ මක්ඛො මකු බව ද පලාසො තරඟකාරී බව ද වේ. ඔහු මෙසේ අනුන්ගේ ගුණ මකමින්, අනුන් වෙත තරඟකාරී වෙමින් අනුන්ගේ ලාභ සත්කාරාදියෙහි ‘මොහුට මෙයින් කවර ප්‍රයෝජන ද?’ යනුවෙන් ඊර්ෂ්‍යා කරයි. ද්‍රෝහ කරයි. මෙය මොහුගේ ඉස්සා ඊර්ෂ්‍යාවයි. ඉදින් ඔහුට කිසියම් සම්පත්තියක් වේද එහි පොදු බවක් ඔහු නො ඉවසයි ද මෙය ඔහුගේ මච්ඡෙරං මසුරුකමයි. සිවුපස ලාභ හේතුවෙන් තමා කෙරෙහි ඇත්තා වූ ද දොස් වසාලයි ද, මෙය ඔහුගේ මායා මායාවයි. නොමැති ගුණ ප්‍රකාශ කිරීම සාඨෙය්යං කපටි බවයි. ඔහු මෙසේ පිළිපන්නේ, ඉදින් අදහස් පරිදි සිවුපස ලාභ ලබයි ද එයින් ථද්ධො දැඩි සිත් ඇත්තේ, මෘදු නො වූ සිතැත්තේ වේ. මෙය මෙසේ නොකළ යුතු යැයි අවවාද දීමට නොහැකිවන්නේ ද මෙය මොහුගේ ථම්භො ථම්භයයි. ඉදින් කිසිවෙක් ‘මෙය මෙසේ නොකළ යුතු’යැයි කිසිවක් කියයි ද, එයින් කෝප වූ සිතැතිව බැම හකුලාගත් මුහුණෙන් ‘ඔබ මගේ කවුද’යි දොස් කියයි. මෙය සාරම්භො එකටෙක කීමයි. මෙසේ වූ ස්ථම්භනයෙන් ‘මම ම උතුම්’ යැයි තමා පිළිබඳව සිතමින් මාන උපදවයි. එකටෙක කිරීමෙන් ‘මොවුහු කවුරුද’යි අන්‍යයන්ට අවඥා කෙරෙමින්, තමා උසස්කොට සළකනුයේ අතිමානී වේ. මෙසේ ඔහුගේ මානො මානය ද අතිමානො අතිමානය ද වේ. ඔහු මේ මාන, අතිමානයන් හේතුකොට ජාති මද ආදී අනේකවිධ වූ මද උපදවයි. මත් වූයේ ම පංචකාම ගුණාදී භේද ඇති කාම වස්තූන්හි පමා වේ. මෙය ඔහුගේ මදො මදයත්, පමාදො ප්‍රමාදයක් ලෙස දතයුතුයි.
සබ්බෙ කිලෙසාති සබ්බෙපි අකුසලා ධම්මා. උපතාපනට්ඨෙන විබාධනට්ඨෙන ච කිලෙසා. කිලෙසපූතිකත්තා දුච්චරිතා. කිලෙසදරථකරණට්ඨෙන දරථා. අන්තොඩාහාදිකරණට්ඨෙන පරිළාහා. සදා තාපනට්ඨෙන සන්තාපා. අකොසල්ලසම්භූතට්ඨෙන අභිසඞ්ඛරණට්ඨෙන ච සබ්බෙ අකුසලාභිසඞ්ඛාරා.
සබ්බ කිලෙසා යනු සියලුම ක්ලේශ ධර්මයෝ තැවීම් අරුතින් ද බාධා කිරීම් අරුතින් ද කෙලෙස්වලින් කිලිටි වූ බැවින් දුච්චරිතා දුශ්චරිත නම් වෙති. ‘කෙලෙස් දාහය ඇති කරති’යි යන අරුතින් දරථා දරථ නම් වෙති. ඇතුලත දැවීම් ආදිය කිරිම් අර්ථයෙන් පරිදාහා පරිදාහ නම් වෙති. සන්තාප, සිත්තැවුල් ඇතිකරන අරුතින් සන්තාපා සන්තාප නම් වෙති. ‘අකුසල වශයෙන් හටගත්හ’යි යන අර්ථයෙන් ද අභිසංඛාරණාර්ථයෙන් ද සබ්බෙ අකුසලාභිසංඛාරා සියල්ලෝම අකුසලාභිසංඛාර නම් වෙතියි යන අර්ථයි.
කෙනට්ඨෙනාති කෙන අත්ථෙන. අභිභවනාදිතිවිධං අත්ථං දස්සෙතුං “පරිසහන්තීති පරිස්සයා”තිආදිමාහ. පරිසහන්තීති දුක්ඛං උප්පාදෙන්ති අභිභවන්ති. පරිහානාය සංවත්තන්තීති කුසලානං ධම්මානං පරිච්චජනාය සංවත්තන්ති. තත්රාසයාති තස්මිං සරීරෙ අකුසලා ධම්මා ආසයන්ති නිවසන්ති උප්පජ්ජන්තීති අත්ථො. තෙ පරිස්සයාති කායදුච්චරිතාදයො උපද්දවා. කුසලානං ධම්මානං අන්තරායායාති උපරි වත්තබ්බානං සම්මාපටිපදාදිතො කොසල්ලසම්භූතානං ධම්මානං අන්තරධානාය අදස්සනත්ථාය සංවත්තන්ති. සම්මාපටිපදායාති සුන්දරාය පසට්ඨාය වා පටිපදාය, න මිච්ඡාපටිපදාය. අනුලොමපටිපදායාති අවිරුද්ධපටිපදාය, න පටිලොමපටිපදාය. අපච්චනීකපටිපදායාති න පච්චනීකපටිපදාය, අපච්චත්ථිකපටිපදාය. අන්වත්ථපටිපදායාති අත්ථඅනුගතාය පටිපදාය, උපරූපරි වඩ්ඪිතාය පටිපදාය. යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බාය පටිපදායාති වුත්තං හොති. “අත්තත්ථපටිපදායා”තිපි පාළි, තං න සුන්දරං. ධම්මානුධම්මපටිපදායාති ධම්මො නාම නවලොකුත්තරධම්මො. අනුධම්මො නාම විපස්සනාදි. තස්ස ධම්මස්ස අනුරූපා ධම්මපටිපදා ධම්මානුධම්මපටිපදා, තස්සා ධම්මානුධම්මපටිපදාය.
කෙනත්ථෙන යනු කවර අරුතකින් ද අභිභවනාදී ත්‍රිවිධ අර්ථ දැක්වීම පිණිස ‘පරිසහන්තී ති පරිස්සයා’ (ඉවසති’යි, විඳිති’යි පරිස්සය නම් වෙති) යන ආදිය කීහු. පරිසහන්ති යනු දුක් උපදවතියි, අභිභවනය කරති. පරිහාණාය සංවත්තන්ති කුසල් දහම් අත්හැරීම පිණිස හේතු වේ. තත්රාසයා යනු ඒ ශරීරයෙහි අකුසල් දහම් පවතියි. වෙසෙයි. උපදියි යන අර්ථයි. තෙ පරිස්සයා යනු කාය දුශ්චරිතාදී උපද්‍රවයෝ යි. කුසලානං ධම්මානං අන්තරායාය යනු ධාතු කිවයුතු සම්‍යක් ප්‍රතිපදා දී කුශල ස්වභාවයෙන් හටගත් ධර්මයන්ගේ අතුරුදහන්වීම පිණිස, නොපෙනී යෑම පිණිස පවතිත්. සම්මා පටිපදාය යනු සුන්දර වූ, ප්රශස්ත වූ, ප්‍රතිපදාවෙනි, මිථ්‍යා (වැරදි) පිළිවෙතින් නොවේ. අනුලෝම පටිපදාය යනු විරුද්ධ නොවූ ප්‍රතිපදාවෙනි. ප්‍රතිලෝම වූ ප්‍රතිපදාවෙන් නොවේ. අපච්චනික පටිපදාය යනු විරුද්ධ නොවූ සතුරු නොවූ ප්‍රතිපදාවෙනි. අනවත්ථ පටිපදාය අර්ථයට (වෘද්ධියට, වැඩීමට) අනුගත වූ ප්‍රතිපදාවෙනි. මතු මත්තෙහි වඩනා ලද ප්‍රතිපදාවෙනි. යම්සේ අර්ථය (වෘද්ධිය) වේද එසේ පිළිපැදිය යුතු ප්‍රතිපදාව (වුත්තං හොති) කී නියායයි. (අත්තත්ථපටිපදාය ආත්මාර්ථය (තමාගේ අභිවෘද්ධිය පිණිස) යන පාඨය ද පෙළෙහි එයි. එය අසුන්දරය. ධම්මානුධම්ම පටිපදාය යනු ධර්මය නම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි. අනුධර්ම නම් විදර්ශනාදී ඒ ධර්මයට අනුරූප ප්‍රතිපදාවයි. අනුධර්ම ප්‍රතිපදාවයි. ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව පිණිසයි.
සීලෙසු පරිපූරිකාරිතායාති පාතිමොක්ඛසීලෙසු පාරිපූරිං කත්වා ඨිතතාය. ඉන්ද්රියෙසු ගුත්තද්වාරතායාති “චක්ඛුනා රූපං දිස්වා”තිආදිනා (දී· නි· 1.213; අ· නි· 3.16; ම· නි· 2.24; චූළනි· මෙත්තගූමාණවපුච්ඡානිද්දෙස 18) නයෙන වුත්තෙසු මනච්ඡට්ඨෙසු ඉන්ද්රියෙසු සුගොපිතද්වාරභාවස්ස. භොජනෙ මත්තඤ්ඤුතායාති පටිග්ගහණාදීසු පමාණයුත්තතාය. අලංසාටකාදිං මුඤ්චිත්වා මිතභොජනතාය.
සීලෙසු පරිපූරකාරිතාය යනු ප්රාතිමෝක්ෂ ශීලයෙහි පරිපූර්ණ කොට සිටීම පිණිස, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය යනු ‘ඇසින් රූප දැක’ ආදී වශයෙන් කියන ලද මනස සයවැනි කොට ඇති ඉන්ද්රියයන්හි මනාසේ රක්නා ලද ද්වාර ඇති බව පිණිස, භොජනෙ මත්තඤ්ඤුතාය ප්රතිග්රහණාදියෙහි ප්‍රමාණයෙන් යුතු බැවින් අලංසාටකාදී (බමුණු) ක්‍රියාවලින් වෙන්ව, පමණ දත් බොජුන් ඇති බව පිණිස.
ජාගරියානුයොගස්සාති “දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහී”ති (අ· නි· 3.16; ම· නි· 2.24) එවමාදිනා නයෙන පඤ්ච ජාගරණධම්මෙ අනුයොගස්ස. සතිසම්පජඤ්ඤස්සාති සබ්බකම්මට්ඨානභාවනානුයුත්තානං සබ්බයොගීනං සබ්බදා උපකාරකස්ස සතිසම්පජඤ්ඤස්ස.
ජාගරියානුයොගස්ස යනු දවස තුළ සක්මනින් හා හිඳීමෙන් (වැලැක්විය යුතු ක්ලේශ ධර්මයන්ගෙන්) යන ආදී නයින් සද්ධින්ද්‍රියාදී පස්වැදෑරුම් පංච ඡාගරණ ධර්මයන්හි සාවධානව යෙදුණහුට, සතිසම්පජඤ්ඤස්ස සියලු කමටහන් භාවනාවන්හි අනුයුක්ත (සාවධානව යෙදුණා) වූ සියලු යෝගීන්ට සියලු කල්හි උපකාරී වූ සති සම්පජඤ්ඤයෙහි (සිහි ඇති බවෙහි)
සතිපට්ඨානානන්ති ආරම්මණෙසු ඔක්කන්තිත්වා පක්කන්දිත්වා උපට්ඨානතො පට්ඨානං, සතියෙව පට්ඨානං සතිපට්ඨානං. කායවෙදනාචිත්තධම්මෙසු පනස්සා අසුභදුක්ඛානිච්චානත්තාකාරගහණවසෙන සුභසුඛනිච්චත්තසඤ්ඤාපහානකිච්චසාධනවසෙන ච පවත්තිතො චතුධා පභෙදො හොති, තෙසං චතුන්නං සතිපට්ඨානානං.
සතිපට්ඨානානං යනු ආරම්මණයන්හි බැස එළඹ සිටින හෙයින් ‘පට්ඨාන’ නමි. සතිය ම පට්ඨාන වූයේ ‘සතිපට්ඨානං’. සතිපට්ඨාන නමි. කාය, වේදනා, චිත්ත, ධම්ම යන සිහි මගින් අශුභ, දුඃඛ, අනිත්‍ය, අනාත්ම යන සිවු ආකාරයන් ප්රහාණය කිරීම් වශයෙන් ශුභ, සුඛ, නිත්‍ය, ආත්ම සංඥාවන්ගේ ප්‍රහාණ කෘත්‍යය සාධනය කිරීම් වශයෙන් පවත්නා හෙයින් සිවු අයුරකින් ප්‍රභේද වේ. ඒ සතර සතිපට්ඨානයන්ගේ,
චතුන්නං සම්මප්පධානානන්ති පදහන්ති එතෙනාති පධානං, සොභනං පධානං සම්මප්පධානං, සම්මා වා පදහන්ති එතෙනාති සම්මප්පධානං, සොභනං වා තං කිලෙසවිරූපත්තවිරහතො, පධානඤ්ච හිතසුඛනිප්ඵාදකට්ඨෙන සෙට්ඨභාවාවහනතො, පධානභාවකරණතො චාති සම්මප්පධානං, වීරියස්සෙතං අධිවචනං. උප්පන්නුප්පන්නානං අනුප්පන්නුප්පන්නානඤ්ච චතුන්නං අකුසලකුසලානං පහානානුප්පත්තිඋප්පාදට්ඨිතිකිච්චසාධනවසෙන පවත්තිතො පනස්ස චතුධා පභෙදො හොති, තෙසං චතුන්නං සම්මප්පධානානං.
චතුන්නං සම්මප්පධානානං යනු ස්ථිර ලෙස පිහිටුවති. මෙයින් ප්රමුඛ වේනුයි, ශෝභන වූ ප්‍රධන් වීර්යය සම්‍යක් ප්රධානයයි. මෙය කරණකොට වීර්ය කරත්නුයි ‘පධාන’ නමි. ශෝභන වූ පධානය සම්මප්පධාන යයි. මෙය කරණ කොට මනාසේ වීය කෙරෙත්නුයි හෝ සම්මප්පධාන නමි. ශෝභන වූ ඒ (ප්‍රධාන වීර්යය) කෙලෙසුන්ගෙන් විරූපත්වයට පත්ව වසන්නහුට ප්‍රධාන වශයෙන් හිතසුව නිපදවන බැවින් ශ්‍රේෂ්ඨ භාවය ගෙනදීම් වශයෙන් ද ප්‍රමුඛත්වය ඇති කරන හෙයින් ද සම්මප්පධාන නම් වේ. මෙය වීර්යයට අධිවචනයකි. (සමානාර්ථවත් පදයකි.) පිළිවෙලින් උපන් නූපන් හා නූපන්-උපන් වශයෙන් සතරක් වූ අකුශල හා කුශලයන්ගේ ප්රහාණය අනුත්පාදය (නො ඉපදවීම) උත්පාදය (ඉපැදවීම) ස්ථිතිය (පැවැත්ම) යන සතරවැදෑරුම් කෘත්‍යයන් සාධනය කිරීම් වශයෙන් පවත්නා හෙයින් ප්‍රධාන වීර්යය පිළිබඳ ප්‍රභේදය සතර ආකාර වේ. එම සතර සම්‍යක් ප්රධානයන්ගේ ය.
චතුන්නං ඉද්ධිපාදානන්ති එත්ථ ඡන්දවීරියචිත්තවීමංසාසු එකෙකො ඉජ්ඣතීති ඉද්ධි, සමිජ්ඣති නිප්ඵජ්ජතීති අත්ථො. ඉජ්ඣන්ති වා එතාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති ඉද්ධි. පඨමෙන අත්ථෙන ඉද්ධියෙව පාදොති ඉද්ධිපාදො, ඉද්ධිකොට්ඨාසොති අත්ථො. දුතියෙන අත්ථෙන ඉද්ධියා පාදොති ඉද්ධිපාදො, පාදොති පතිට්ඨා අධිගමුපායොති අත්ථො. තෙන හි යස්මා උපරූපරිවිසෙසසඞ්ඛාතං ඉද්ධිං පජ්ජන්ති පාපුණන්ති, තස්මා පාදොති වුච්චති. තෙසං චතුන්නං ඉද්ධිපාදානං.
චතුන්නං ඉද්ධිපාදානං යනු මෙහි ඡන්ද වීර්ය චිත්ත වීමංස යන මොවුන් අතුරෙන් එක් එක් ධර්මයක් සිද්ධ වේනුයි ඉද්ධි ඉද්ධි නමි. ‘සමෘද්ධ වෙති’යි ‘නිපදවෙති’ යි යන අර්ථයි. නැතිනම් සමෘද්ධ වේනුයි හෝ මෙය කරණකොට සත්ත්වයන් සමෘද්ධ වූවත්, වූද්ධියට පත්වූවත්, උසස් බවට පත්වූවන් වෙති’යි හෝ ‘ඉද්ධි’ නමි. පළමු අර්ථයෙන් ඉද්ධි වූයේ ම පාද ද වේනුයි ඉද්ධිපාද නමි. සෘද්ධි කොට්ඨාසයේ යන අරුති. දෙවැනි අර්ථයෙන් සෘද්ධියට පාද වනුයේනුයි ‘ඉද්ධිපාද’ නමි. පාද යනු ප්‍රතිෂ්ඨාවයි. (පිහිටයි.) අධිගම උපායයි යන අර්ථයි. එහෙයින් මනාව මතු මතුයෙහි විශේෂ සංඛ්‍යාත ඍද්ධීන් උපදවති’යි, ඍද්ධීනට පැමිණෙති’යි යන අරුතින් ‘පාද’ යැයි කියනු ලැබේ. ඒ සතර සෘද්ධිපාදයන්ගේ ය.
සත්තන්නං බොජ්ඣඞ්ගානන්ති බොධියා, බොධිස්ස වා අඞ්ගාති බොජ්ඣඞ්ගා. ඉදං වුත්තං හොති, යා එසා ධම්මසාමග්ගී යාය ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානාය ලීනුද්ධච්චපතිට්ඨානායූහනකාමසුඛත්තකිලමථානුයොගඋච්ඡෙදසස්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතාය සතිධම්මවිචයවීරියපීතිපස්සද්ධිසමාධිඋපෙක්ඛාසඞ්ඛාතාය ධම්මසාමග්ගියා අරියසාවකො බුජ්ඣතීති කත්වා “බොධී”ති වුච්චති, බුජ්ඣතීති කිලෙසසන්තානනිද්දාය උට්ඨහති, චත්තාරි වා අරියසච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්ඡිකරොති, තස්සා ධම්මසාමග්ගිසඞ්ඛාතාය බොධියා අඞ්ගාතිපි බොජ්ඣඞ්ගා ඣානඞ්ගමග්ගඞ්ගාදීනි විය. යො පනෙස යථාවුත්තප්පකාරාය එතාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා අරියසාවකො “බොධී”ති වුච්චති, තස්ස බොධිස්ස අඞ්ගාතිපි බොජ්ඣඞ්ගා සෙනඞ්ගරථඞ්ගාදයො විය. තෙනාහු අට්ඨකථාචරියා “බුජ්ඣනකස්ස පුග්ගලස්ස අඞ්ගාති බොජ්ඣඞ්ගා”ති. තෙසං සත්තන්නං බොජ්ඣඞ්ගානං.
සත්තන්නං බොජ්ඣංගානං යනු චතුස්සත්යාවබෝධයෙහි හෝ එම අවබෝධය සඳහා වීර්ය වඩන්නාගේ අංගයයි. කියන ලද මැයි. ‘සා එසා ධම්ම සාමග්ගි..........බොධීති වුච්චති’ (යනුවෙන් ක්‍රියා කාරක සම්බන්ධය වේ.) කවරාකාර සාමග්රිතාවයක් ද යත්, ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි දී උපදින, සැඟවුණ උද්ධච්චය තුළ පිහිටීම හා රැස්කිරීම සිදුවන කාමසුඛ-අත්තකිලමථයන් සමග අනුයෝගය (යෙදීම) උච්ඡේද-ශාස්වත දෘෂ්ඨිනට පිවිසීම ආදී නොයෙක් උපද්‍රවයනට ප්රතිපක්ෂ වූ, සති-ධම්මවිචය-විරිය-පීති-පස්සද්ධි-සමාධි-උපෙක්ඛා යන ධර්මයන්ගේ යම් සාමග්‍රියක් (එක්වීමක්) විසින් ආර්ය ශ්‍රාවක තෙමේ බෝධනය කරනු ලැබේ යැයි සලකා බෝධි යැයි වහරනු ලැබේ ද, යම් සාමග්‍රියක් කරණකොට ක්ලේශ පරම්පරා නමැති නිද්‍රාවෙන් නැගී සිටී ද චතුරාර්ය සත්‍යයක් හෝ ප්‍රතිවේධ කෙරේ ද නිවනම හෝ ප්රත්යක්ෂ කෙරේ ද එම ධර්ම සාමග්‍රී සංඛ්‍යාත වූ බෝධියෙහි අංගයන් වෙතැයි ද බොජ්ඣංග නම් වෙති. ඣානංග මග්ගංග ආදිය මෙනි. තවද මේ ආර්ය ශ්‍රාවක තෙමේ කියන ලද ප්‍රකාර ඇති මේ ධර්ම සාමග්‍රිය විසින් බෝධනය කරනු ලැබේයැයි සලකා ‘බෝධි’ යැයි වහරනු ලැබේ ද ඔහුගේ අංගයන් වෙති’යි බොජ්ඣංග නම් වෙති. සේනංග ආදිය මෙනි. එහෙයින් අටුවාචාරීහු මෙසේ කීහ. ‘අවබෝධ කරගත් පුද්ගලයාගේ අංග වෙතැයි හෝ බොජ්ඣංග නමි’ යනුවෙනි. ඒ සත්ත බොජ්ඣංගයන්ගේයි.
අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති අරියොති තංතංමග්ගවජ්ඣකිලෙසෙහි ආරකත්තා අරියභාවකරත්තා අරියඵලපටිලාභකරත්තා ච අරියො. අට්ඨඞ්ගානි අස්සාති අට්ඨඞ්ගිකො. ස්වායං චතුරඞ්ගිකා විය සෙනා, පඤ්චඞ්ගිකං විය ච තූරියං අඞ්ගමත්තමෙව හොති, අඞ්ගවිනිමුත්තො නත්ථි. නිබ්බානං මග්ගති, කිලෙසෙ වා මාරෙන්තො ගච්ඡතීති මග්ගො, තස්ස අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස. ඉමෙසං කුසලානං ධම්මානන්ති වුත්තප්පකාරානං ලොකියලොකුත්තරකුසලධම්මානං. අන්තරායායාති ලොකුත්තරකුසලධම්මානං අන්තරායාය අන්තරධානාය ලොකියකුසලධම්මානං පරිච්චාගාය.
අරියස්ස අට්ඨංගික මග්ගස්ස යන මෙහි අරිය යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් ද ආර්යභාවය ඇතිකරන බැවින් ද (ආර්යඵල ප්‍රතිලාභය කරන බැවින් ද ‘ආර්ය’ යැයි කියනු ලැබේ. එහි අංග අටක් ඇත්තේනුයි අට්ඨංගික නමි. එය වතුරංග සේනාව මෙන් ද පංචංගික තූර්ය මෙන් ද අංග මාත්‍රයක් ම වේ. අංග විනිර්මුක්ත වූවක් නොමැත. ‘නිවන සොයති’ යි, ‘කෙලෙසුන් ද නසමින් යෙති’යි යන අරුතින් මග්ග නමි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ භාවනාවෙහි යෙදුණහුට (වඩන්නාට) ඉමෙසං කුසලානං ධම්මානං යනු ඉහත දක්වන ලද ලෝකෝත්තර කුසල ධර්මයන්ගේයි. අන්තරායාය යනු ලෝකෝත්තර ධර්මයන්ගේ අන්තරාය පිණිසය. අතුරුදහන් වීම පිණිසය. ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගේ අත්හැරීම පිණිසය.
තෙසු ලොකුත්තරකුසලධම්මානං උප්පජ්ජිතුං අප්පදානට්ඨෙන පරිස්සයා නාම. තෙ හි උප්පජ්ජිත්වා නිරුජ්ඣමානා උපද්දවං නාවහන්ති. තත්ථෙතෙති තස්මිං අත්තභාවෙ එතෙ. පාපකාති ලාමකා. අත්තභාවසන්නිස්සයාති අත්තභාවං උපනිස්සාය ආරම්මණං කත්වා උප්පජ්ජන්තීති අත්තභාවසන්නිස්සයා. දකෙති උදකෙ.
ඒ දෙක අතුරින් ලෝකෝත්තර ධර්මයන්ට ඉපදීමට නොදෙන අර්ථයෙන් පරිස්සයා පරිස්සය නමි. ඔවුහු වනාහි නිරුද්ධ වෙමින් උපද්‍රව ගෙන දෙති. එහි තෙ යනු ඒ ආත්මභාවයෙහි මේ, පාපකා ළාමක පාපධර්මයෝයි. අත්තභාව සන්නිස්සයා යනු ආත්මභාවය ඇසුරු කරමින්, එය අරමුණු කොට උපදිතියි එනම් වේ. ඇතැමෙක් ‘පරිස්සය’ යැයි කියති.
වුත්තං හෙතන්ති කථිතඤ්හි එතං. සාන්තෙවාසිකොති අන්තෙවාසිකසඞ්ඛාතෙන කිලෙසෙන සහ වසතීති සාන්තෙවාසිකො. සාචරියකොති සමුදාචරණසඞ්ඛාතෙන කිලෙසෙන සහ වසතීති සාචරියකො.
වුත්තං හෙතං යනු මෙය කියන ලදැයි යන අරුති. සාන්තෙ වාසිකො යනු ‘අන්තේවාසික’ යැයි කියන ලද කෙලෙසුන් සමග එක්ව වසති’යි යන අරුතින් ‘සාන්තේවාසික’ නම් වේ. සමුදාචරණ යැයි කියන ලද කෙලෙසුන් සමග එක්ව වසති යි යන අරුතින් සාචරියකො සාචරියක නමි. (ඇතුලත වසති’යි යන අරුතින් සාන්තේවාසික නමි. සිත ඇතුලත ශිෂ්‍යයකු මෙන් ඇවතුම් පැවතුම් ඇතිව, දුබලව පවතින කෙලෙස් අන්තේවාසික නමි. සමුදාචරණ - සං+උද්+ආ+චර ධාතුවයි. සමුදාචරණ යනු ප්රබලව, උසස් ලෙස පෙළඹීමයි. ආචාර්යවරයාගේ මෙන් පැවතුම් ඇතිව, පහසුවෙන් තමා යටත්කර ගැනීමට සමත් කෙලෙස්.)
චක්ඛුනා රූපං දිස්වාති චක්ඛුවිඤ්ඤාණෙන රූපං පස්සිත්වා. උපරි සොතෙන සද්දං සුත්වාතිආදීසුපි එසෙව නයො. උප්පජ්ජන්තීති සමුදාචරන්ති. සරසඞ්කප්පාති නානාරම්මණෙ සංසරණවසෙන උප්පන්නා පරිකප්පා. සංයොජනියාති ආරම්මණභාවං උපගන්ත්වා සංයොජනසම්බන්ධනෙන සංයොජනානං හිතා. ත්යස්සාති තෙ පාපකා අස්ස පුග්ගලස්ස. අන්තො වසන්තීති අබ්භන්තරෙ චිත්තෙ නිවසන්ති. අන්වාසවන්තීති කිලෙසසන්තානං අනුගන්ත්වා භුසං සවන්ති අනුබන්‍ධන‍්ති. තෙ නන්ති තං පුග්ගලං එතෙ අකුසලා ධම්මා. සමුදාචරන්තීති සම්මා ආචරන්ති පවත්තන්තීති අත්ථො.
චක්ඛුනා රූපං දිස්වා යනු චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක, මතු කියනු ලබන සොතෙනසද්දං සුත්වා යනාදියෙහි ද මේ ක්රමයම වේ. උප්පජ්ජන්ති යනු මනාකොට, උසස්ව හැසිරෙති. සරසංකප්පා යනු නානාවිධ අරමුණු කෙරෙහි හැසිරීම් වශයෙන් උපදින පරිකල්පනයි. සඤ්ඤොජනීයා යනු අරමුණු බවට පත් වූ සංයෝජනයන්ගේ සංවර්ධනයෙන්, සංයෝජනයන්ට හිත වූ ත්යාස්සා යනු (තෙ+අස්ස) යනු ඒ පවිටු කෙලෙස්හු මේ පුද්ගලයාගේ අන්තොවසන්ති යනු අභ්‍යන්තරයෙහි (සිතේ) වාසය කරති. අන්වාස්ස වසන්ති යනු සන්තානයට පිවිස, බොහෝසෙයින් ලුහුබැඳ වෙසෙති. එහෙයින් මේ අකුසල ධර්මයෝ එම පුද්ගලයා සමුදාචරන්ති යනු බලවත්ව හසුරුවති. ඔහු කෙරෙහි ප්‍රබල ලෙස පවතිති’යි යන අර්ථයි.
කිලිස්සනට්ඨෙන මලා. සත්තුඅත්ථෙන අමිත්තා. වෙරිඅත්ථෙන සපත්තා. හනනට්ඨෙන වධකා. පච්චාමිත්තට්ඨෙන පච්චත්ථිකා. අථ වා මලා සූරියස්සොපක්කිලෙසවලාහකා විය. අමිත්තා සූරියස්ස ධූමං විය. සපත්තා සූරියස්ස හිමං විය. වධකා සූරියස්ස රජං විය. පච්චත්ථිකා සූරියස්ස රාහු විය. “මලා සුවණ්ණස්ස මලං විය චිත්තප්පභානාසකා. අමිත්තා කාළලොහමලං විය චිත්තෙ සිනිද්ධභාවනාසකා, සපත්තා යුගනද්ධං යුජ්ඣන්තා සපත්තා විය චිත්තෙ පතිට්ඨිතධම්මධංසකා. වධකා මනුස්සඝාතකා විය ධම්මඝාතකා. පච්චත්ථිකා රඤ්ඤා උපගතස්ස විනාසො විය මොක්ඛමග්ගස්ස පටිසෙධකා”ති එවමෙකෙ වණ්ණයන්ති.
කිළිටි කරන අර්ථයෙන් මලා මලනම් වෙති. සතුරුය යන අර්ථයෙන් අමිත්තා අමිත්ත නම් වෙති. වෛරී අර්ථයෙන් සපත්තා සපත්ත නම් වෙති. නැසීමේ අර්ථයෙන් වධකා වධක නම් වෙති. පසමිතුරු අර්ථයෙන් පච්චත්ථිකා පච්චත්ථික නම් වෙති. නැතහොත් මලා යනු සූර්යයාට උපක්ලේශ වූ වලාකුළු මෙනි. අමිත්තා යනු සූර්යයාට දුම මෙනි. සපත්තා යනු සූර්යයාට පොළව මෙනි. වධකා යනු සූර්යයාට දූවිලි මෙනි. පච්චත්ථිකා යනු සූර්යයාට රාහු මෙනි. මලා යනු රන්වල මළ බැඳීම මෙන් සිතේ ප්‍රභාව නසන්නාහුය. අමිත්තා යනු යකඩ මළ මෙන් සිතේ සිනිඳු බව නසන්නාහුය. සපත්තා යනු මුහුණට මුහුණ දී යුධ කරන සතුරන් මෙන් සිතේ පිහිටි ධර්මයන් නසන්නාහුය. වධකා යනු මනුෂ්‍ය ඝාතකයන් මෙන් ධර්මය නසන්නාහුය. පච්චත්ථිකා යනු ජීවග්රහයෙන් අල්ලාගන්නා ලද රජෙකුගේ විනාශය මෙන් මෝක්ෂ මාර්ගය වළකන්නාහුය’ යනුවෙන් ඇතැමෙක් විවරණය කරති.
අනත්ථජනනොති න අත්ථං අනත්ථං, තං අනත්ථං උප්පාදෙතීති අනත්ථජනනො. කො සො? ලොභො. චිත්තප්පකොපනොති චිත්තස්ස පකොපනො චලනො, කුසලං නිවාරෙත්වා චිත්තං රුන්ධතීති අත්ථො. භයමන්තරතො ජාතන්ති අබ්භන්තරෙ අත්තනො චිත්තෙයෙව ජාතං, අනත්ථජනනාදිභයහෙතු. තං ජනො නාවබුජ්ඣතීති තං භයං බාලමහාජනො අවගන්ත්වා ඔතරිත්වා න ජානාති. අත්‍ථන්ති ලුද්ධො පුග්ගලො ලොකියලොකුත්තරඅත්ථං න ජානාති. ධම්මන්ති තස්ස හෙතුං. අන්ධතමන්ති බහලන්ධකාරං. යන්ති යස්මා, යං නරං වා. සහතෙති අභිභවති.
අනත්ථජනනො යනු අර්ථය නොවූයේ අනර්ථයයි. ඒ අනර්ථය උපදවන්නේය යන අරුතින් අනත්ථජනනා නමි. කොධො ක්‍රෝධයයි. ලොභො චිත්තප්පකොපනො යනු සිත අවුස්වන, සසල කරන, කුසල් වළක්වා සිත අවහිර කරතියි යන අර්ථයයි. භය මන්තරතො ජාතං යනු අභ්‍යන්තරයෙහි තමාගේ සිත තුළ ම උපදින, අනර්ථය ජනනය කිරීම් ආදී භයට හේතු වූ උපද්‍රවයෝ යි. තං ජනො නාව බුජ්ඣතී යනු අඥාන වූ මහජනයා ඒ උවදුරු හැඳිනගෙන එතෙරවීමට නොදනිති. අත්ථං යනු කුපිත වූ පුද්ගලයා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද හිතවැඩ නොදනියි. ධම්මං යනු අර්ථයට හේතුවයි. අන්ධත්තමං යනු ඝන අන්ධකාරයයි. යං යනු යම්හෙයකින්, නොහොත් යම් මිනිසෙක්, සහතෙ යනු අභිභවනය කරයි.
අජ්ඣත්තන්ති සකසන්තානෙ. උප්පජ්ජමානා උප්පජ්ජන්තීති පුබ්බන්තතො උද්ධං උප්පජ්ජමානා අහිතාය උප්පජ්ජන්ති දුක්ඛාය. තදුභයෙන අඵාසුවිහාරාය. අහිතායාති චෙතසිකදුක්ඛත්ථාය. දුක්ඛායාති කායිකදුක්ඛත්ථාය. අඵාසුවිහාරායාති තදුභයෙන න සුඛවිහාරත්ථාය. අථ වා “උප්පජ්ජමානා උප්පජ්ජන්තීති භවඞ්ගචලනතො පට්ඨාය යාව වොට්ඨබ්බනා, තාව උප්පජ්ජමානා නාම. වොට්ඨබ්බනං පන පත්වා අනිවත්තනභාවෙන උප්පජ්ජන්ති නාමා”ති එවමෙකෙ වණ්ණයන්ති.
අජ්ඣත්තං යනු ස්වකීය සන්තානයෙහි උප්පජ්ජමානා උප්පජ්ජන්ති යනු පූර්‍වාන්තයෙන් මතු වී උපදනාහ. අහිත පිණිස, දුක් පිණිස උපදිති. ඒ දෙකින්ම සැපයෙන් තොර විහරණය අදහස් වේ. අහිතාය යනු චෛතසික වශයෙන් දුක් බව පිණිස ය. දුක්ඛාය යනු කායික වශයෙන් දුක් බව පිණිස ය. අඵාසුවිහාරාය ඒ දෙකින් ම අපහසු විහරණය පිණිසය. නැතහොත් උප්පජ්ජමානා උප්පජ්ජන්ති යනු භවංග චලනයේ සිට වොත්ථපනය දක්වා වූ චිත්ත ක්ෂණ, ‘උප්පජ්ජමාන’ නමි. ‘වොත්‍ථපනයට පැමිණ නොනවත්නා බැවින් උප්පජ්ජන්ති නම් වෙති යි ඇතැමෙක් අර්ථ වර්ණනා කරති.
තචසාරංව සම්ඵලන්ති අත්තනො ඵලෙන නාසිතං තචසාරසඞ්ඛාතං වෙළු විය. අරතීති කුසලෙසු ධම්මෙසු උක්කණ්ඨිතතා. රතීති පඤ්චකාමගුණෙ අභිරති. ලොමහංසොති කණ්ටකසදිසො හුත්වා උද්ධග්ගලොමො. ඉතොනිදානාති අයං අත්තභාවො නිදානං පච්චයො එතෙසන්ති ඉතොනිදානා. ඉතොජාති ඉතො අත්තභාවතො ජාතා. ඉතො සමුට්ඨාය මනොවිතක්කාති යථා දීඝසුත්තකෙන පාදෙ බද්ධං කාකං කුමාරකා තස්ස සුත්තස්ස පරියන්තං අඞ්ගුලිං වෙඨෙත්වා ඔස්සජ්ජන්ති, සො දූරං ගන්ත්වාපි පුන තෙසං පාදමූලෙයෙව පතති, එවමෙව ඉතො අත්තභාවතො සමුට්ඨාය පාපවිතක්කා චිත්තං ඔස්සජ්ජන්ති.
තචසාරං ච සංඵලං තමාගේ ම ඵලයෙන් නැසුණා වූ උණ ගස මෙනි. අරති යනු කුසල් දහම්හි කළකිරුණු බවයි. රතී යනු පස්කම් ගුණයෙහි විශේෂ ඇල්ම (දැඩි ඇල්ම)යි. ලොමහංසො යනු කටුවක් මෙන් උඩුකුරුව නැමුණ රෝමයි. ඉතො නිදානා යනු මේ ‘ආත්මභාවය මොවුනට නිදාන වෙති’යි, ප්‍රත්‍ය වෙතියි ඉතෝනිදාන නම් වෙති. ඉතො ජාතා යනු මේ ආත්මභාවයෙන් උපන්නාහු යි. ඉතො සමුට්ඨාය මනො විතක්කා යනු යම්සේ දිග නූලකින් පය බැඳි කපුටෙකු දරුවෝ ඒ නූලේ කෙළවර ඇඟිල්ලේ වෙළාගෙන අත්හරිත් ද, කපුටා ඉතා දුර ගොස් පවා නැවත දරුවන්ගේ පාමුලම වැටේ ද එමෙන් ම මේ ආත්මභාවයෙන් නැගී පාප විතර්කයෝ සිත හැර යති.
“සාන්තෙවාසිකො”තිආදිකං පඨමසුත්තං කිලෙසෙන සහවාසං සන්ධාය වුත්තං. “තයොමෙ, භික්ඛවෙ, අන්තරාමලා”තිආදිකං දුතියං කුසලධම්මමලීනකරණවසෙන අත්ථානත්ථස්ස අජානනවසෙන ච. “තයො ඛො, මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා”තිආදිකං තතියං අත්තනො නිස්සයඝාතනවසෙන. “රාගො ච දොසො ච ඉතොනිදානා”තිආදිකං චතුත්ථං කිලෙසානං පතිට්ඨාදස්සනවසෙන වුත්තන්ති ඤාතබ්බං.
සන්තෙවාසිකො යනුවෙන් දක්වන ලද පළමු සූත්‍රය කෙලෙසුන් සමග එක්ව විසීම සඳහා කියන ලදී. තයො මෙ භික්ඛවෙ අන්තරා මලා යනුවෙන් දක්වන ලද ‘මහණෙනි, ඇතුලතින් කිලිටි වීම් තුනෙකි’ යන දෙවන සූත්‍රය කුසල්දහම් කිළිටි කිරීම් වශයෙන් ද අර්ථය හා අනර්ථයන් (වැඩ අවැඩ) නොදැනීම් වශයෙන් ද තයො ඛො මහාරාජ පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා යනුවෙන් (මහරජ, ධර්මත්රයක් පුරුෂයාගේ අභ්‍යන්තරයෙහි උපදනාහු) දක්වන ලද තුන්වැනි සූත්‍රය තමාගේ ආශ්‍රය නැසීම් වශයෙන් ද රාගො ච දොසොච ඉතො නිදානා යනුවෙන් (රාගය ද ද්වේෂය ද මේ ආත්මභාවය නිදානකොට ඇත්තාහුය.) දක්වන ලද සිවුවන සූත්‍රය කෙලෙසුන්ගේ ප්‍රතිෂ්ඨාව (පදනම) දැක්වීම් වශයෙන් ද කියන ලදැයි දතයුතුයි.
තතො තතො පරිස්සයතොති තම්හා තම්හා උපද්දවා. තං පුග්ගලන්ති වුත්තප්පකාරකිලෙසසමඞ්ගීපුග්ගලං. දුක්ඛං අන්වෙතීති දුක්ඛං අනු එති මාතු පච්ඡතො ඛීරපිවකො විය. අනුගච්ඡතීති සමීපං ගච්ඡති චොරඝාතකො විය වජ්ඣප්පත්තස්ස . අන්වායිකං හොතීති සම්පත්තං හොති ධම්මගන්ථිකාය පරිච්ඡෙදො විය. ජාතිදුක්ඛන්ති ජාතිසද්දස්ස තාව අනෙකෙ අත්ථා පවෙදිතා. යථා –
තතො පරිස්සයතො යනු ඒ උපද්‍රව හේතුවෙන්, තං පුග්ගලං යනු කියන ලද ආකාරයෙන් කෙලෙසුන්ගෙන් පිරි පුද්ගලයායි. දුක්ඛං අන්වෙති යනු දුක පසුපස ගමන් කරයි. මව පසුපස යන කිරි දරුවකු මෙනි. අනුගච්ඡති යනු වධයට පැමිණියකු (සොරෙකු) කරා යන වධකයකු මෙන් සමීපයට යයි. අන්වායිකං හොති යනු පැමිණියේ වේ. හිස ගසාදමන දංගෙඩිය ළඟට මෙන් දුක සමීපයට පැමිණේ. ජාති දුක්ඛං යන මෙහි ජාති ශබ්දයෙහි අනේක අර්ථයෝ දක්වන ලදහ. කෙසේද යත්:
භවො කුලං නිකායො ච, සීලං පඤ්ඤත්ති ලක්ඛණං; පසූති සන්ධි චෙවාති, ජාතිඅත්ථා පවෙදිතා.
භවො කුලං නිකායො ච සීලං පඤ්ඤත්ති ලක්ඛණං, පසූති සන්ධි චෙවාති ජාති අත්ථා පවෙදිතා
ජාති යන්නෙහි භවය, කුලය, නිකායය, සීලය, පඤ්ඤත්තිය, ලක්ඛණය, ප්‍රසූතිය, සන්ධියයි යන අර්ථයෝ දක්වන ලදහ.
තථා හිස්ස “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො”තිආදීසු (පාරා· 12; දී· නි· 1.31; ම· නි· 2.257) භවො අත්ථො. “අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙනා”ති (දී· නි· 1.303) එත්ථ කුලං. “අත්ථි, විසාඛෙ, නිගණ්ඨා නාම සමණජාතී”ති (අ· නි· 3.71) එත්ථ නිකායො. “යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමී”ති (ම· නි· 2.351) එත්ථ අරියසීලං. “තිරියා නාම තිණජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසී”ති (අ· නි· 5.196) එත්ථ පඤ්ඤත්ති. “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා”ති (ධාතු· 71) එත්ථ සඞ්ඛතලක්ඛණං. “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො”ති (දී· නි· 2.31; ම· නි· 3.207) එත්ථ පසූති. “භවපච්චයා ජාතී”ති (මහාව· 1; උදා· 1; ම· නි· 1.403; සං· නි· 2.53; විභ· 225; කථා· 450) ච, “ජාතිපි දුක්ඛා”ති (මහාව· 14; විභ· 190; දී· නි· 2.387; ම· නි· 2.373; සං· නි· 5.1081; පටි· ම· 2.30) ච එත්ථ පරියායතො පටිසන්ධික්ඛණො, නිප්පරියායතො පන තත්ථ තත්ථ නිබ්බත්තමානානං සත්තානං යෙ යෙ ඛන්ධා පාතුභවන්ති, තෙසං තෙසං පඨමපාතුභාවො ජාති නාම.
ඒ එසේමැයි. ‘එකම්පි ජාති ද්වෙපි ජාතියො’ (එක් ආත්මභාවයක් ද ආත්මභාව දෙකක්දැයි) යනාදියෙහි භවය යන අර්ථයයි. ‘අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන’ (කුලවාදය හේතුකොට බැහැර කරන ලද්දේ, හෙළා දකින ලද්දේ නොවේ.) යන තැන්හි කුලය යන අර්ථයයි. ‘අත්ථිවිසාඛෙ නිගණ්ඨා නාම සමණ ජාති’ (විශාඛාවෙනි. නිඝණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත.) යන තැන්හි නිකාය යන අර්ථයයි. ‘යතො’හං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි’ (නැගනියනි, මා ආර්ය ජාතියෙහි උපන් තැන් පටන්) යන තැන්හි ආර්ය ශීලය යන අර්ථයයි. ‘තිරියා නාම තිණ ජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසි’ (තිරියා නම් තෘණ වර්ගය නාභි ප්‍රමාණයෙන් ඉහළට නැග අහස වසා සිටියේ විය.) යන මෙහි ව්‍යවහාරය යන අර්ථයයි. ‘ජාති ද්වීහි ඛන්ධෙහි සංගහීතා’ (හටගැනීම ස්කන්ධ දෙකකින් සංගෘහීත වේ.) යන මෙහි සංඛත ලක්ෂණයයි. ‘සම්පති ජාතො ආනන්ද බෝධිසත්තො (ආනන්දය, උපන් කෙණෙහි ම බෝධිසත්ත්ව තෙමේ) යන මෙහි ප්‍රසූති අර්ථයයි. ‘භව පච්චයා ජාති, ජාතිපි දුක්ඛාති’ (භවය හේතු කොට ඉපදීම වේ. ‘ඉපදීම ද දුකකි.) යන තැන්හි පර්යාය (සම්මුති) වශයෙන් පටිසන්ධි ක්ෂණය අදහස් වේ. නිෂ්පරියාය (පරමාර්ථ) වශයෙන් ඒ ඒ තැන උපදින සත්ත්වයන්ගේ යම් යම් ස්කන්ධයෝ පහළ වෙත් ද ඒ ස්කන්ධයන්ගේ පළමු පහළවීමයි.
කස්මා පනෙසා ජාති දුක්ඛාති චෙ? අනෙකෙසං දුක්ඛානං වත්ථුභාවතො. අනෙකානි හි දුක්ඛානි. සෙය්යථිදං – දුක්ඛදුක්ඛං විපරිණාමදුක්ඛං සඞ්ඛාරදුක්ඛං පටිච්ඡන්නදුක්ඛං අප්පටිච්ඡන්නදුක්ඛං පරියායදුක්ඛං නිප්පරියායදුක්ඛන්ති.
මේ ජාතිය (ඉපදීම) දුකක් වනුයේ කවර හෙයින් ද? නොයෙක් ආකාර දුක්ඛයනට වස්තු වූ හෙයිනි. දුක් වනාහි බොහෝ ය. ඒ කෙසේද යත්, දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය, පටිච්ඡන්න දුක්ඛය, අපටිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිෂ්පරියාය දුක්ඛය යනුවෙනි.
තත්ථ කායිකචෙතසිකා දුක්ඛවෙදනා සභාවතො ච නාමතො ච දුක්ඛත්තා “දුක්ඛදුක්ඛ”න්ති වුච්චති.
මෙහි කායික චෛතසික දුක්ඛය වේදනා ස්වභාව වශයෙන් ද නාම වශයෙන් ද දුක් බැවින් ‘දුක්ඛ දුක්ඛ’ යැයි කියනු ලැබේ.
සුඛවෙදනා විපරිණාමෙන දුක්ඛුප්පත්තිහෙතුතො විපරිණාමදුක්ඛං. උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකා සඞ්ඛාරා උදයබ්බයපීළිතත්තා සඞ්ඛාරදුක්ඛං.
සුඛ වේදනාව, විපරිණාමයෙහිදී දුක්ඛ උත්පත්තියට හේතුවන බැවින් ‘විපරිණාම දුක්ඛ’ යැයි ද උපේක්ෂා වේදනාව අවශේෂ වූ ත්‍රෛභූමික සංඛාරයෝ ද ඇතිවීම හා නැතිවීමෙන් දැඩිසේ පෙළුණු බැවින් සංඛාර දුක්ඛ යැයි ද කියනු ලැබේ.
කණ්ණසූලදන්තසූලරාගජපරිළාහදොසමොහජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච්ඡිත්වා ජානිතබ්බතො උපක්කමස්ස ච අපාකටභාවතො පටිච්ඡන්නදුක්ඛං. අපාකටදුක්ඛන්තිපි වුච්චති.
කන් කැක්කුම, දත් කැක්කුම, රාගයෙන් උපන් පරිදාහය, ද්වේෂ මෝහ යන දෙකින් උපන් පරිදාහය යන කායික චෛතසික ආබාධ විචාරා දතයුතු වන බැවින් ද, උපක්‍රමයෙන් අප්රකටව පවත්නා බැවින් ද පටිච්ඡන්න (සැඟවුණු) දුක් වේ.
ද්වත්තිංසකම්මකාරණාදිසමුට්ඨානො ආබාධො අපුච්ඡිත්වාව ජානිතබ්බතො උපක්කමස්ස ච පාකටභාවතො අප්පටිච්ඡන්නදුක්ඛං. පාකටදුක්ඛන්තිපි වුච්චති.
දෙතිස් වධ බන්ධන ආදියෙන් හටගත් ආබාධ නොවිචාරාම දත හැකි බැවින් ද, උපක්රමයන් ප්රකටව පවත්නා බැවින් ද අප්පටිච්ඡන්න (නො සැඟවුණු) දුක් වේ.
ඨපෙත්වා දුක්ඛදුක්ඛං සෙසං දුක්ඛසච්චවිභඞ්ගෙ ආගතං ජාතිආදි සබ්බම්පි තස්ස තස්ස දුක්ඛස්ස වත්ථුභාවතො පරියායදුක්ඛං. දුක්ඛදුක්ඛං පන නිප්පරියායදුක්ඛන්ති වුච්චති.
දුක්ඛ දුක්ඛය හැර සෙසු දුක් සච්ච විභංගයෙහි (ඇතුලත්ව) ආයේය. ජාති ආදී සියල්ල ම ඒ ඒ දුක්ඛයට වස්තු වන බැවින් පරියාය (අනියත) දුක්ඛයකි. දුක්ඛ දුක්ඛය නිෂ්පරියාය (නියත) දුක්ඛයකි.
තත්රායං ජාති යං තං බාලපණ්ඩිතසුත්තාදීසු (ම· නි· 3.246 ආදයො) භගවතාපි උපමාවසෙන පකාසිතං ආපායිකං දුක්ඛං, යඤ්ච සුගතියම්පි මනුස්සලොකෙ ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං උප්පජ්ජති, තස්ස වත්ථුභාවතො දුක්ඛා.
මෙහි මේ ජාති හෙවත් ඉපදීම, බාල පණ්ඩිත ආදී සූත්‍රයන්හි දී භාග්‍යවතුන් වහන්සේ විසින් ද උපමා වශයෙන් දෙසන ලද යම් අපා දුකක් වේද, තවද, සුගති’ යැයි කියනු ලබන මිනිස්ලොව ද ගැබ පිළිසිඳ ගැනීම් ආදිය මුල්කරගත් යම් දුකක් උපදී ද එයට වස්තූන් විද්‍යමාන වන හෙයින් දුක්ඛ නම් වේ.
තත්රිදං ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං – අයඤ්හි සත්තො මාතුකුච්ඡිම්හි නිබ්බත්තමානො න උප්පලපදුමපුණ්ඩරිකාදීසු නිබ්බත්තති, අථ ඛො හෙට්ඨා ආමාසයස්ස උපරි පක්කාසයස්ස උදරපටලපිට්ඨිකණ්ටකානං වෙමජ්ඣෙ පරමසම්බාධෙ තිබ්බන්ධකාරෙ නානාකුණපගන්ධපරිභාවිතෙ අසුචිපරමදුග්ගන්ධපවනවිචරිතෙ අධිමත්තජෙගුච්ඡෙ කුච්ඡිප්පදෙසෙ පූතිමච්ඡපූතිකුම්මාසචන්දනිකාදීසු කිමි විය නිබ්බත්තති. සො තත්ථ නිබ්බත්තො දස මාසෙ මාතුකුච්ඡිසම්භවෙන උස්මනා පුටපාකං විය පච්චමානො පිට්ඨපිණ්ඩි විය සෙදියමානො සමිඤ්ජනපසාරණාදිවිරහිතො අධිමත්තං දුක්ඛං පච්චනුභොතීති, ඉදං තාව ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං.
එහි ගබ්භොක්කන්ති (මවුකුස පිළිසිඳීම්) ආදිය මුල්කොට ඇතිවන දුක් මෙසේ යි. ‘මේ සත්ත්වයා මවුකුස පිළිසිඳ ගනුයේ උපුල්, රත් පියුම්, හෙළ පියුම් ආදියෙහි නූපදියි. ආමාශයට යටින් ද පක්‍වාශයට උඩින්ද උදර පටලයට හා කොඳු ඇටයටත් දෙකට මැදි වූ, අතිශයින් බාධා සහිත වූ ඝන අන්ධකාර ඇති නානාප්‍රකාර කුණපවලින් පිරි අතිශයින් දුගඳ හමන, ඉතාමත් පිළිකුල් කටයුතු වූ කුස් පෙදෙස්හි කුණු වූ මසකු තුළ, පිළුණු කොමු පිඩක්ව (පිට්ටුවක්) තුළ, ගවරවළ ආදිය තුළ උපදින පණුවකු මෙන් උපදියි. එහි උපන් ඒ (සත්ත්ව) තෙමේ දසමසක් මවුකුස හටගන්නා උණුසුමින් තැම්බුම් උන්නක් මෙන් පැසෙමින්, පිටි පිඩක් (පිට්ටුවක්) මෙන් හුමාලයෙන් තෙත්වෙමින්, අත්පා හැකිලීම්, දිගහැරීම් ආදියෙන් තොරව අතිශයින් දුක් විඳියි. මෙය ගබ්භොක්කන්ති මූලකං දුක්ඛං ගබ්භොක්කන්තිය මුල්කොට ඇතිවන දුක නමි.
යං පන සො මාතු සහසා උපක්ඛලනගමනනිසීදනවුට්ඨානපරිවත්තනාදීසු සුරාධුත්තහත්ථගතො එළකො විය අහිතුණ්ඩිකහත්ථගතො සප්පපොතකො විය ච ආකඩ්ඪනපරිකඩ්ඪනඔධුනනද්ධුනනාදිනා උපක්කමෙන අධිමත්තං දුක්ඛං අනුභවති, යඤ්ච මාතු සීතුදකපානකාලෙ සීතනරකුපපන්නො විය උණ්හයාගුභත්තාදිඅජ්ඣොහරණකාලෙ අඞ්ගාරවුට්ඨිසම්පරිකිණ්ණො විය ලොණම්බිලාදිඅජ්ඣොහරණකාලෙ ඛාරාපටිච්ඡකාදිකම්මකාරණපත්තො විය තිබ්බං දුක්ඛං අනුභොති, ඉදං ගබ්භපරිහරණමූලකං දුක්ඛං.
ඒ සත්ත්ව තෙමේ මව වහා ඇකිලීම්, පැකිලීම්, ගමන් කිරීම්, හිඳගැනීම් නැගිටීම්, පෙරලීම් ආදිය කරනවිට, සුරාසොඬෙකුට හසු වූ එළු පැටවකු මෙන් ද අහිකුණ්ටිකයකු අතට පත් නයි පැටවකු මෙන් ද ඉදිරියට පසුපසට ඇදීම්, උඩු අතට යටි අතට ගැස්සීම් ආදී උපක්රමයන්ගෙන් අධිමාත්‍ර වූ යම් දුකක් අනුභව කරයි ද එසේම මව ශීතල දිය පානය කරන කල්හි සීත නිරයේ උපන්නෙකු මෙන් ද, උණු කැඳබත් ආදියක් අනුභව කරන කල්හි අඟුරු වැස්සකට හසුවූවකු මෙන් ද ලුණු ඇඹුල් ආදිය අනුභව කරන කල්හි සිරුර තීරු තීරු කොටපළා (කේඳිලා) කාඩි ගැල්වීම වැනි වධයට පත්වූවකු සෙයින් ද, තියුණු දුක් අනුභව කරයි ද, මෙය ගබ්භ පරිහරණමූලකං දුක්ඛං යනු ගැබ් පරිහරණය මුල්කොට ඇති දුකයි.
යං පනස්ස මූළ්හගබ්භාය මාතුයා මිත්තාමච්චසුහජ්ජාදීහිපි අදස්සනාරහෙ දුක්ඛුප්පත්තිට්ඨානෙ ඡෙදනඵාලනාදීහි දුක්ඛං උප්පජ්ජති, ඉදං ගබ්භවිපත්තිමූලකං දුක්ඛං.
යම්හෙයකින් මව මූඪගර්භ (ගබ්සා) ඇත්තියක් වුවහොත්, මිතුරන්, ලැදියන්, හිතවතුන් ආදීන් විසිනුදු දැකිය නොහැකි තරම් දුක් ඉපදීමට හේතු වූ කැපුම් පැළුම් ආදියෙන් යම් දුකක් උපදී ද, මෙය ගබ්භවිපත්තිමූලක (ගැබ විනාශවීමෙන් ඇතිවන) දුකයි.
යං විජායමානාය මාතුයා කම්මජෙහි වාතෙහි පරිවත්තෙත්වා නරකපපාතං විය අතිභයානකං යොනිමග්ගං පටිපාතියමානස්ස පරමසම්බාධෙන ච යොනිමුඛෙන තාළච්ඡිග්ගළෙන විය මහානාගස්ස නිකඩ්ඪියමානස්ස නරකසත්තස්ස විය ච සඞ්ඝාතපබ්බතෙහි විචුණ්ණියමානස්ස දුක්ඛං උප්පජ්ජති, ඉදං විජායනමූලකං දුක්ඛං.
ප්‍රසූති කාලයෙහි දී මවගේ කර්මජ වාතයෙන් පෙරලී අවුත් නරක ප්රපාතයක් වැනි අතිභයානක වූ යෝනි මාර්ගයට පිවිසවනු ලබනවිට ද අතිශය සම්බාධ සහිත වූ යෝනි මුඛයෙන් පිටතට නෙරපවනු ලබන විට ද යතුරු සිදුරකින් නික්මවනු ලබන මහ ඇතෙකුට මෙන් ද සංඝාත නිරයේ පර්වතවලින් සුණුවිසුණු කරන ලද නිරි සතෙකුට මෙන් ද යම් දුකක් උපදී ද, මෙය විජයානමූලකං දුක්ඛං වැදීම මුල්කර ගත් දුකයි.
යං පන ජාතස්ස තරුණවණසදිසසුඛුමාලසරීරස්ස හත්ථග්ගහණන්හාපනධොවනචොළපරිමජ්ජනාදිකාලෙ සූචිමුඛඛුරධාරාහි විජ්ඣනඵාලනසදිසං දුක්ඛං උප්පජ්ජති, ඉදං මාතුකුච්ඡිතො බහිනික්ඛමනමූලකං දුක්ඛං.
අලුත් වණයක් බඳු සුකුමාර ශරීරයක් ඇතිව උපන්නහුට අතින් අතට ගැනීම්, නැහැවීම්, සේදීම්, රෙදිවලින් පිරිමැදීම් ආදිය කරනවිට හිඳි තුඩු දැලිපිහි තල ආදියෙන් විඳීම්-පැළීම් ආදිය කරනවිට මෙන් යම් දුකක් විඳියි ද මෙය මවුකුසින් බහිනික්ඛමූලකං දුක්ඛං පිටතට නික්මෙනවිට ඇතිවන දුකයි.
යං පන තතො පරං පවත්තියං අත්තනාව අත්තානං වධෙන්තස්ස අචෙලකවතාදිවසෙන ආතාපනපරිතාපනානුයොගමනුයුත්තස්ස කොධවසෙන අභුඤ්ජන්තස්ස උබ්බන්ධන්තස්ස ච දුක්ඛං හොති, ඉදං අත්තූපක්කමමූලකං දුක්ඛං.
ඉන්පසු දිවිපැවැත්මෙහිදී තමා විසින් ම තමාට වධ දී ගැනීමෙන් අචේලක (නිගණ්ඨ) ව්‍රත ආදියෙන් ඇතුළතින්-පිටතින් සිරුර තවා ගන්නා විට ද ක්‍රෝධ වශයෙන් (තරහ වී) ආහාර නොගෙන සිටිනවිටද (සිරුර විද කොකුවලින්) එල්බ සිටිනවිට ද යම් දුකක් උපදී ද, මේ අත්තූපක්කම මූලකං දුක්ඛං තමාගේ ම උපක්‍රම මුල්කොට උපන් දුකයි.
යං පන පරතො වධබන්ධනාදීනි අනුභවන්තස්ස දුක්ඛං උප්පජ්ජති, ඉදං පරූපක්කමමූලකං දුක්ඛන්ති.
අනුන්ගේ වධබන්ධන විඳින්නාට යම් දුකක් උපදියි ද, මේ පරූපක්කම මූලකං දුක්ඛං අනුන්ගේ උපක්‍රම මුල්කොට ඇතිවන දුකයි.
ඉති ඉමස්ස සබ්බස්සාපි දුක්ඛස්ස අයං ජාති වත්ථුමෙව හොති, ඉදං ජාතිදුක්ඛං අන්වෙති.
මෙසේ දැක්වූ සියලුම දුක්ඛයන්ට මෙලොව උපතම (ජාති) වස්තු වේ. මෙය ජාති දුක්ඛං ඉපදීමේ දුක නමි.
ජරාදුක්ඛන්ති දුවිධා ජරා – සඞ්ඛතලක්ඛණඤ්ච ඛණ්ඩිච්චාදිසම්මතො සන්තතියං එකභවපරියාපන්නො ඛන්ධපුරාණභාවො ච, සා ඉධ අධිප්පෙතා. සා පනෙසා දුක්ඛා සඞ්ඛාරදුක්ඛභාවතො චෙව දුක්ඛවත්ථුතො ච. යං හිදං අඞ්ගපච්චඞ්ගසිථිලභාවතො ඉන්ද්රියවිකාරවිරූපතා යොබ්බනවිනාසබලූපඝාතසතිමතිවිප්පවාසපරපරිභවාදිඅනෙකපච්චයං කායිකචෙතසිකං දුක්ඛමුප්පජ්ජති, ජරා තස්ස වත්ථු. තෙනෙතං වුච්චති –
ජරා දුක්ඛං ජරාව දෙවැදෑරුම් වේ. සංඛත ලක්ෂණ වශයෙන් හා කැඩීම් වැටීම් ආදී වශයෙන් සම්මත වූ පැවැත්මෙහි එකම භවයකට අයත් වූ ස්කන්ධයන්ගේ දිරායෑම, පැරණිවීම වශයෙනි. මෙහිලා දෙවැනි කරුණ අභිප්‍රේතයි. (අදහස් වේ.) සංඛාර දුක් ඇතිකරන බැවින් මෙන් ම දුකට වස්තුවන බැවින් ද ඒ මේ ජරාව (දිරායෑම) දුකක්මය. අඟපසඟ ලිහිල්වීම, ඉඳුරන් විකෘති වීම, විරූපී බව, යොවුන් බව නැසීම, වීර්යය හීන වීම, සිහිකල්පනා නැතිකරන, අනුන්ගේ රොස් පරොස් ඇසීම් ආදී අනේකප්‍රකාර වූ හේතු නිසා කායික චෛතසික වූ යම් දුකක් වේද, එයට ආධාර (වස්තු) වනුයේ ජරාවයි. එහෙයින් කියන ලදී.
“අඞ්ගානං සිථිලභාවා, ඉන්ද්රියානං විකාරතො; යොබ්බනස්ස විනාසෙන, බලස්ස උපඝාතතො.
අංඟානං සිථිලීභාවා ඉන්ද්රියානං විකාරතො, යොබ්බනස්ස විනාසෙන බලස්ස උපඝාතකො
අතපය ආදී ශරීරාවයව ලිහිල් වීමෙන් ද ඉඳුරන් විකෘති වීමෙන් ද යොවුන් බව විනාශවීමෙන් ද බලය-ශක්තිය නැසීමෙන් ද
“විප්පවාසා සතාදීනං, පුත්තදාරෙහි අත්තනො; අප්පසාදනීයතො චෙව, භිය්යො බාලත්තපත්තියා.
විප්පවාසා සතාදීනං පුත්තදාරෙහි පත්තතො, අපසාදනියතො චෙව භීය්‍යො බාලත්තපත්තියා
සිහිකල්පනාදිය ඉවත යාමෙන් ද තමාගේම අඹුදරුවන්ට පවා අප්රියවීමෙන් ද බොහෝසෙයින් ළදරුවන්ගේ ස්වභාවයට පත්වීමෙන් ද,
“පප්පොති දුක්ඛං යං මච්චො, කායිකං මානසං තථා; සබ්බමෙතං ජරාහෙතු, යස්මා තස්මා ජරා දුඛා”ති. (විභ· අට්ඨ· 192; විසුද්ධි· 2.542);
පප්පොති දුක්ඛං යං මච්චො කායිකං මානසං තථා, සබ්බමෙතං ජරාහෙතු යස්මා තස්මා ජරා දුඛා
මනුෂ්‍ය තෙමේ යම් කායික වූ ද එසේම මානසික වූ ද යම් දුකකට පැමිණේ ද, ඒ සියලු දුක් ජරාවට පත්වීම හේතුකොට සිදු වේ. එහෙයින් ජරාව දුකකි.
ඉදං ජරාදුක්ඛං අන්වෙතීති සම්බන්ධො. බ්යාධීති විවිධං දුක්ඛං ආදහති විදහතීති බ්යාධි. බ්යාධයති තාපයති කම්පයතීති වා බ්යාධි.
මේ ජරා දුක පුද්ගලයා ලුහුබැඳ පැමිණේ යැයි සම්බන්ධ කළයුතුයි. ව්‍යාධී යනු විවිධ වූ දුක් ඇතිකරයි. ගෙනදෙයි නුයි ව්‍යාධි නමි. රෝගී කරයි. සෞඛ්‍යයට බාධා කරයි. කම්පිත කරයි යන අරුතින් ද ව්‍යාධි නමි.
මරණදුක්ඛන්ති එත්ථාපි දුවිධං මරණං සඞ්ඛතලක්ඛණඤ්ච, යං සන්ධාය වුත්තං “ජරාමරණං ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිත”න්ති (ධාතු· 71). එකභවපරියාපන්නජීවිතින්ද්රියපබන්ධවිච්ඡෙදො ච, යං සන්ධාය වුත්තං “නිච්චං මරණතො භය”න්ති (සු· නි· 581; ජා· 1.11.88). තං ඉධ අධිප්පෙතං. ජාතිපච්චයා මරණං උපක්කමමරණං සරසමරණං ආයුක්ඛයමරණං පුඤ්ඤක්ඛයමරණන්තිපි තස්සෙව නාමං. පුන ඛණිකමරණං සම්මුතිමරණං සමුච්ඡෙදමරණන්ති අයම්පි භෙදො වෙදිතබ්බො. පවත්තෙ රූපාරූපධම්මානං භෙදො ඛණිකමරණං නාම. තිස්සො මතො ඵුස්සො මතොති ඉදං පරමත්ථතො සත්තස්ස අභාවා, සස්සං මතං, රුක්ඛො මතොති ඉදම්පි ජීවිතින්ද්රියස්ස අභාවා සම්මුතිමරණං නාම. ඛීණාසවස්ස අප්පටිසන්ධිකා කාලකිරියා සමුච්ඡෙදමරණං නාම. බාහිරසම්මුතිමරණං ඨපෙත්වා ඉතරං සම්මුතිමරණඤ්ච ඉධ යථාවුත්තප්පබන්ධවිච්ඡෙදනභාවෙන සඞ්ගහිතං, දුක්ඛස්ස පන වත්ථුභාවතො දුක්ඛං. තෙනෙතං වුච්චති –
මරණ දුක්ඛං යනු මරණ දුකයි. මෙහිද මරණය දෙ-ආකාර වේ. ‘ජරාමරණං ද්වීහි ඛන්ධෙහි සංගහිතං’ (ජරා-මරණ යන දෙක ස්කන්ධ දෙකකින් සංගෘහිත වේ.) යනුවෙන් කියන ලද (සංඛත ලක්ඛණං) සංඛත ලක්ෂණය හා ‘නිච්චං මරණතො භයං’ (මරණයෙන් නිරතුරුව උපදින බිය) යනුවෙන් කියන ලද (එක භව පරියාපන්න ජීවිතප්පබන්ධ විච්ඡෙදො) එක් භවයකට අයත් ජීවිතේන්ද්රිය සම්බන්ධය බිඳී යාමයි. මෙහි අභිප්‍රේත වනුයේ (දෙවනුව කී) ජාති පච්චය (ඉපදීම හේතුකොට) සිදුවන මරණයයි. ඉපදීම හේතුකොට ඇතිවන මරණය, උපක්‍රම මරණය, සරස මරණය, (ස්වාභාවික මරණය) ආයුක්ඛය මරණය හා පුඤ්ඤක්ඛය මරණය යනු ද එයට ම නම් වේ. නැවත ක්ෂණික මරණය, සම්මුති මරණය හා සමුච්ඡේද මරණය යැයි මරණයේ ප්‍රභේද දතයුතුයි. පැවතියදීම (ජීවත්ව සිටියදීම) රූප අරූප ධර්මයන්ගේ ක්ෂණයක් පාසා බිඳීයාම ක්ෂණික මරණය නමි. ‘තිස්ස මළේය’, ‘ඵුස්ස මළේය’ යනු පරමාර්ථ වශයෙන් සත්ත්වයකු නැති හෙයින් ද ‘ශෂ්‍ය මළේය. ගස මළේය’ යනු ජීවිතේන්ද්රියක නැති හෙයින් ද සම්මුති මරණ නමි. රහතන් වහන්සේගේ ප්‍රතිසන්ධියක් නොමැතිව (කළුරිය කිරීම) පිරිනිවන්පෑම සමුච්ඡේද මරණ නමි. බාහිර සම්මුති මරණය හැර සෙසු සම්මුති මරණ ද, ඉහත දැක්වූ පරිදි බැඳීම් සිඳින බැවින් මෙහිදී සංග්‍රහ කර දැක්විණි. දුකට හේතු වතු වන බැවින් මරණය දුකකි. එහෙයින් මෙය කියන ලදී.
“පාපස්ස පාපකම්මාදි-නිමිත්තමනුපස්සතො; භද්දස්සාපසහන්තස්ස, වියොගං පියවත්ථුකං; මීයමානස්ස යං දුක්ඛං, මානසං අවිසෙසතො.
පාපස්ස පාප කම්මාදි නිමිත්තමනුපස්සතො, භද්දස්ස පසහන්තස්ස වියොගං පියවත්ථුකං, මීයමානස්ස යං දුක්ඛං මානසං අවිසෙසතො
“සබ්බෙසඤ්චාපි යං සන්ධි-බන්ධනච්ඡෙදනාදිකං; විතුජ්ජමානමම්මානං, හොති දුක්ඛං සරීරජං.
සබ්බෙසං වා පියං සන්ධි බන්ධනච්ඡෙදනාදිකං, විතුජ්ජමානමම්මානං හොති දුක්ඛා සරීරජං
“අසය්හමප්පතිකාරං, දුක්ඛස්සෙතස්සිදං යතො; මරණං වත්ථු තෙනෙතං, දුක්ඛමිච්චෙව භාසිත”න්ති. (විභ· අට්ඨ· 193; විසුද්ධි· 2.543);
අසය්හ මප්පතීකාරං දුක්ඛස්ස තස්සිදං යතො, මරණං වත්ථුතෙනෙදං දුක්ඛමිච්චෙව භාසිතං
පාපියාට පාපකර්මාදී නිමිති පෙනෙන විට ද පින්වතාට ප්‍රිය වස්තූන්ගේ වියෝගය ඉවසාගත නොහැකි වන විට ද මරණාවස්ථායෙහි දී අවිශේෂයෙන් යම් මානසික දුකක් වේද, සියල්ලන් හටම සන්ධි බන්ධනච්ඡේදනාදී වූ (අත් පා, අඟ පසඟ සිඳීම්) මර්මස්ථානයනට හානි කරන වධ වේදනාවන්ට භාජන වනවිට ද, පමණ කළ නොහැකි,
නො ඉවසිය හැකි, ප්‍රතිකාර නැති යම් ශාරීරික දුකක් වේද, මෙකී සියලු දුකට මේ මරණය යම් හෙයකින් වස්තු වේ ද, එහෙයින් මෙය දුකක්ම යැයි කියන ලදී.
සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛන්ති එත්ථ සොකාදීසු සොකො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස අන්තොනිජ්ඣානලක්ඛණො චිත්තසන්තාපො. දුක්ඛො පනස්ස දුක්ඛදුක්ඛත්තා චෙව දුක්ඛස්ස ච වත්ථුභාවතො. තෙනෙතං වුච්චති –
සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසදුක්ඛං යන මෙහි, ශෝකාදියෙහි සොකො ශෝකය නම්, ඤාති ව්‍යසනාදියෙන් හටගත්තා වූ ඇතුළත තැවීම් ලක්ෂණ ඇති චිත්ත සන්තාපයයි. එය (ඉහත කී) දුක්ඛ දුක්ඛය වන බැවින් ද දුක වස්තුකොට ඇති බැවින් ද ‘දුක්ඛ’ නමි. එහෙයින් කියන ලදී.
“සත්තානං හදයං සොකො, සල්ලං විය විතුජ්ජති; අග්ගිතත්තොව නාරාචො, භුසඤ්ච ඩහතෙ පුන.
සත්තානං හදයං සොකො විසසල්ලංව තුජ්ජති, අග්ගිතත්තොව නාරාචො භුසංව දහතෙ පුන
“සමාවහති ච බ්යාධි-ජරාමරණභෙදනං; දුක්ඛම්පි විවිධං යස්මා, තස්මා දුක්ඛොති වුච්චතී”ති. (විභ· අට්ඨ· 194; විසුද්ධි· 2.544);
සමාවහතිච ව්‍යාධි ජරාමරණං රොදනං, දුක්ඛඤ්ච විවිධං යස්මා තස්මා දුක්ඛොති වුච්චති
ශෝකය සත්ත්වයන්ගේ හදවත විෂ පෙවූ හීයකින් මෙන් පෙළයි. තවද ගින්නෙන් රත්කළ යකඩ හුලකින් මෙන් අතිශයින් දවයි. යම්හෙයකින් (එය) ව්‍යාධි, ජරා, මරණ, වැලපීම වැනි විවිධාකාර දුක් ගෙනදෙයි ද එහෙයින් ශෝකය දුකකැයි කියනු ලැබේ.
පරිදෙවො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස වචීපලාපො. දුක්ඛො පනස්ස සංසාරදුක්ඛභාවතො දුක්ඛවත්ථුතො ච. තෙනෙතං වුච්චති –
පරිදෙවො පරිදේව නම් ඤාති ව්‍යසනාදියෙන් පහරන ලද්දහුගේ වාග් ප්රලාපයයි. වැලපීමයි. (ඉහත කී පරිදි) සංඛාර දුක්ඛ වන බැවින් ද, දුකට වස්තු වන බැවින් ද දුක්ඛ නම් වන්නේය. එහෙයින් මෙය කියන ලදී.
“යං සොකසල්ලවිහතො පරිදෙවමානො, කණ්ඨොට්ඨතාලුතලසොසජමප්පසය්හං; භිය්යොධිමත්තමධිගච්ඡතියෙව දුක්ඛං, දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහා”ති. (විභ· අට්ඨ· 195; විසුද්ධි· 2.545);
යං සොකසල්ල විහතො පරිදෙවමානො, කණ්ඨොට්ඨ තාලුගල සොසජ මප්පසය්හං, භීය්යොධිමත්තමධිගච්ඡති යෙන දුක්ඛං, දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහ
‘යම් ශෝක නම් හුලෙන් පවරන ලදුව වැළපෙනුයේ බොහෝසෙයින් උගුර, තොල්, තල්ල වියලීමෙන් හටගත් නො ඉවසිය හැකි අපමණ දුකකට පත් වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පරිදේවය දුකෙකැයි වදාළ සේක.’
දුක්ඛං නාම කායපීළනලක්ඛණං කායිකං දුක්ඛං. දුක්ඛං පනස්ස දුක්ඛදුක්ඛත්තා චෙව මානසදුක්ඛාවහනතො ච. තෙනෙතං වුච්චති –
දුක්ඛං දුක නම් කය පෙළන ලක්ෂණ ඇති කායික දුකයි. ඉහත කී පරිදි දුක්ඛ දුක්ඛ වන බැවින් ද, කායික දුක් එළවන බැවින් ද, මානසික දුක් ඇතිකරන බැවින් ද දුක්ඛ නම් වන්නේ ය. එහෙයින් මෙය කියන ලදී.
“පීළෙති කායිකමිදං, දුක්ඛං දුක්ඛඤ්ච මානසං භිය්යො; ජනයති යස්මා තස්මා, දුක්ඛන්ති විසෙසතො වුත්ත”න්ති. (විභ· අට්ඨ· 196-197; විසුද්ධි· 2.546);
පීළෙති කායිකමිදං දුක්ඛං දුක්ඛං ච මානසං භීය්‍යො, ජනයති යස්මා තස්මා දුක්ඛන්ති විසෙසතො වුත්තං
යම්හෙයකින් මේ කායික දුක්ඛය (සත්ත්වයා) පෙළයි ද එමෙන් ම බොහෝසෙයින් මානසික දුක්ඛය ද දනවයි ද එහෙයින් විශේෂයෙන් ද දුකෙකැයි කියන ලදී.
දොමනස්සං නාම චිත්තපීළනලක්ඛණං මානසං දුක්ඛං. දුක්ඛං පනස්ස දුක්ඛදුක්ඛත්තා චෙව කායිකදුක්ඛාවහනතො ච. චෙතොදුක්ඛසමප්පිතා හි කෙසෙ පකිරිය කන්දන්ති, උරානි පතිපිසෙන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති, ඡින්නපපාතං පපතන්ති, සත්ථං ආහරන්ති, විසං ඛාදන්ති, රජ්ජුයා උබ්බන්ධන්ති, අග්ගිං පවිසන්ති, නානප්පකාරං දුක්ඛං අනුභවන්ති. තෙනෙතං වුච්චති –
දොමනස්සං දෝමනස්ස නම් සිත පෙළන ලක්ෂණ ඇති මානසික දුකයි. දුක්ඛ දුක්ඛ ස්වභාවයෙන් ද කායික දුක් එළවන හෙයින් ද දෝමනස්සය දුක්ඛ නමි. මානසික දුක්ඛයෙන් පෙළුණාහු කෙස් විසුරුවාගෙන ළෙහි අත් ගසති. පෙරළෙති. ඒ මේ අත පෙරළෙති. කඩතොලු ඇති ප්‍රපාතයට පනිති. සැතින් ඇනගනිති. වස විස කති. ගෙළ වැළලා ගනිති. ගිනි වදිති. මෙසේ නානාප්‍රකාර වූ දුක් විඳිති. එහෙයින් මෙය කියන ලදී.
“පීළෙති යතො චිත්තං, කායස්ස ච පීළනං සමාවහති; දුක්ඛන්ති දොමනස්සම්පි, දොමනස්සං තතො අහූ”ති. (විභ· අට්ඨ· 196-197; විසුද්ධි· 2.547);
පීළෙති යතො චිත්තං කායස්ස ච පපීළනං, සමාවහති දුක්ඛන්ති දොමනස්සං තතො අහූ
යම්හෙයකින් සිත පෙළයි ද කායික පීඩා පවා ගෙන එයි ද එහෙයින් දෝමනස්සය දුක්ඛ නම් විය.
උපායාසො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස අධිමත්තචෙතොදුක්ඛප්පභාවිතො දොසොයෙව. සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො එකො ධම්මොති එකෙ. දුක්ඛො පනස්ස සඞ්ඛාරදුක්ඛභාවතො චිත්තං පරිදහනතො කායස්ස විහනනතො ච. තෙනෙතං වුච්චති –
උපායාසො උපායාස නම් ඤාතිව්යසනාදිය හේතුකොට දැනෙන අතිමාත්‍ර මානසික දුකින් උද්දීප්ත ආයාසය (දැඩි වෙහෙස)මයි. සංස්කාර ස්කන්ධයට ඇතුලත් එක්තරා ධර්මයෙකැයි ඇතැමෙක් පවසති. උපායාසය ඉහත කී පරිදි සංඛාර දුක්ඛ වන හෙයින් ද සිත දවන, තවන බැවින් ද කායික වෙහෙස ඇතිකරන බැවින් ද දුක් වන්නේ ය. එනිසා මෙය කියන ලදී.
“චිත්තස්ස ච පරිදහනා, කායස්ස විහනනතො ච අධිමත්තං; යං දුක්ඛමුපායාසො, ජනෙති දුක්ඛො තතො වුත්තො”ති. (විභ· අට්ඨ· 198; විසුද්ධි· 2.548);
චිත්තස්ස පරිදහතා කායස්ස විසාදනා ච අධිමත්තං, යං දුක්ඛං උපායාසො ජනෙති දුක්ඛා තතොවුත්තො
අධිකව සිත දැවීමෙන් ද කය වෙහෙසීමෙන් ද අතිමාත්‍ර වූ යම් දුකක් දනවාද, එහෙයින් උපායාසය දුකෙකැයි කියන ලදී.
එත්ථ ච මන්දග්ගිනා අන්තොභාජනෙ පාකො විය සොකො, තික්ඛග්ගිනා පච්චමානස්ස භාජනතො බහි නික්ඛමනං විය පරිදෙවො, බහි නික්ඛන්තාවසෙසස්ස නික්ඛමිතුම්පි අප්පහොන්තස්ස අන්තොභාජනෙයෙව යාව පරික්ඛයා පාකො විය උපායාසො දට්ඨබ්බො.
මෙහි වනාහි ශෝකය මද ගින්නෙන් බඳුනක් තුළ පැසීම වැනියැයි ද පරිදේවය තද ගින්නෙන් පැසෙන බඳුනක වූ දෙය පිටතට උතුරායෑම වැනියැයි ද උපායාසය පිටතට නික්මීමට නොහැකි ඉතිරිය බඳුන තුළම සිඳී අවසන් වනතෙක් පැසීම වැනි යැයි ද දතයුතුයි.
නෙරයිකං දුක්ඛන්ති නිරයෙ පඤ්චවිධබන්ධනාදිකං දුක්ඛං අන්වෙති, තං දෙවදූතසුත්තෙන දීපෙතබ්බං. තෙනෙතං වුච්චති –
නෙරයිකං දුක්ඛං යනු නිරයෙහි පංචවිධ වධ බන්ධනාදී වූ දුක් (සත්ත්වයා) ලුහුබැඳ එයි. එය දේවදූත සූත්‍රය අනුව විස්තර කළ යුතුයි. එහෙයින් මෙය කියන ලදී.
“ජායෙථ නො චෙ නරකෙසු සත්තො, තත්ථග්ගිදාහාදිකමප්පසය්හං; ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨං, ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති”න්ති. (විභ· අට්ඨ· 191; විසුද්ධි· 2.541);
ජායෙථ නො චෙ නරකෙසු සත්තො, තත්ථග්ගිදාහාදිකමප්ප සය්හං, ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨං, ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති
ඉදින් සත්ත්ව තෙමේ නරකයෙහි නො උපදින්නේ නම්, එහි ගිනිගැනීම් ආදී නො ඉවසිය හැකි දුක් කොතැනක ප්‍රතිෂ්ඨාවක් ලබන්නේද? එහෙයින් (ශාක්‍ය) මුනීන්ද්රයන් වහන්සේ ජාතිය (ඉපදීම) දුකෙකැයි වදාළ සේක.
තිරච්ඡානයොනිකං දුක්ඛන්ති තිරච්ඡානෙසු කසාපතොදතාළනවිජ්ඣනාදිකං අනෙකවිධං දුක්ඛං අන්වෙති, තං බාලපණ්ඩිතසුත්තතො ගහෙතබ්බං. තෙනෙතං වුච්චති –
තිරච්ඡාන යොනිකං දුක්ඛං යනු තිරිසනුන් අතරෙහි කසයෙන්, කෙවිටෙන් තැළීම් විඳීම් ආදී අනේකප්‍රකාර දුක් පැමිණේ. මෙහිදී බාලපණ්ඩිත සූත්‍රයෙහි එන ලෙස ගතයුතුයි. එහි මෙසේ කියන ලදී.
“දුක්ඛං තිරච්ඡෙසු කසාපතොදදණ්ඩාභිඝාතාදිභවං අනෙකං; යං තං කථං තත්ථ භවෙය්ය ජාතිං, විනා තහිං ජාති තතොපි දුක්ඛා”ති. (විභ· අට්ඨ· 191; විසුද්ධි· 2.541);
දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද, දණ්ඩාභි ඝාතාදිභවං අනෙකං, යන්තං කථං තත්ථ භවෙය්ය ජාතිං, විනා තහිං ජාති තතොපි දුක්ඛං
තිරිසන් සතුන් අතර, කස-කෙවිටි-මුගුරු පහර ආදියෙන් ඇතිවන යම් දුකක් වේද එහි ඉපදීමෙන් තොරව එය කෙසේ සිදුවේද? එහෙයින් ද ඉපදීම දුකකි.
පෙත්තිවිසයිකං දුක්ඛන්ති පෙතෙසු පන ඛුප්පිපාස වාතාතපාදිනිබ්බත්තං දුක්ඛඤ්ච ලොකන්තරෙ තිබ්බන්ධකාරෙ අසය්හසීතාදිදුක්ඛඤ්ච අන්වෙති. තෙනෙතං වුච්චති –
පෙත්ති විසයිකං දුක්ඛං යනු ප්‍රේත ලෝකයෙහි සා පිපාසා අව් වැසි සුළං ආදියෙන් උපදනා දුක් ඇත. තියුණු අන්ධකාරය ඇති ලෝකන්තරික (අසුර නිකායෙහි) ඉවසිය නොහැකි ශීතාදී දුක් ද පැමිණෙයි. එහෙයින් මෙය කියන ලදී.
“පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසාවාතාතපාදිප්පභවං විචිත්තං; යස්මා අජාතස්ස න තත්ථ අත්ථි, තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ.
පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසං - වාතාතපාදිප්පභවං විචිත්තං, යස්මා අජාතස්ස න තත්ථ අත්ථි - තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ
ප්‍රේත ලෝකයෙහි සා පිපාසා, අව්වැසි සුළං ආදී විචිත්‍ර වූ නොයෙක් දුක්විඳිය යුතු වේ. එම ප්‍රේත ලෝකයේ නූපන්නහුට එබඳු දුකෙක් නැත. එහෙයින් බුදුහු ජාතිය (ඉපදීම) දුකෙකැයි වදාළහ.
“තිබ්බන්ධකාරෙ ච අසය්හසීතෙ, ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං; න තං භවෙ තත්ථ න චස්ස ජාති, යතො අයං ජාති තතොපි දුක්ඛා”ති. (විභ· අට්ඨ· 191; විසුද්ධි· 2.541);
තිබ්බන්ධකාරෙ ච අසය්හ සීතෙ - ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං, නතං භවෙ තත්ථ න චස්ස ජාති - යතො අයං ජාති තතොපි දුක්ඛං
ඝනාන්ධකාර සහිත වූ නො ඉවසිය හැකි ශීතයෙන් යුත් ලෝකාන්තරිකයෙහි, අසුර නිකායෙහි යම් දුකක් ඇති ද යම් ලෙසකින් ඉපදීමක් නැත්නම්, එම දුක නොවන්නේය. එහෙයින් ද මේ ඉපැදීම දුකකි.
මානුසිකං දුක්ඛන්ති මනුස්සෙසු වධබන්ධනාදිකං දුක්ඛං. ගබ්භොක්කන්තිමූලකං දුක්ඛන්ති “අයඤ්හි සත්තො මාතුකුච්ඡිම්හි නිබ්බත්තමානො න උප්පලපදුමපුණ්ඩරිකාදීසු නිබ්බත්තතී”තිආදිනා නයෙන යං ජාතිදුක්ඛං වුත්තං, ඉදං තාව ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං අන්වෙති. ගබ්භෙ ඨිතිමූලකං දුක්ඛන්ති යං පන “සො මාතු සහසා උපක්ඛලනගමනනිසීදනා”තිආදිනා නයෙන යං තිබ්බං දුක්ඛං වුත්තං, ඉදං ගබ්භෙ ඨිතිමූලකං දුක්ඛං අන්වෙති. ගබ්භා වුට්ඨානමූලකං දුක්ඛන්ති “යං පනස්ස මූළ්හගබ්භාය මාතුයා මිත්තාමච්චසුහජ්ජාදීහිපි අදස්සනාරහෙ දුක්ඛුප්පත්තිට්ඨානෙ”තිආදිනා නයෙන යං දුක්ඛං වුත්තං, ඉදං මාතුකුච්ඡිතො බහි නික්ඛන්තමූලකං දුක්ඛං අන්වෙති. තෙනෙතං වුච්චති –
මානුසකං දුක්ඛං යනු මිනිසුන් අතර ඇතිවන වධ බන්ධනාදී දුක්ය. ගබ්භොක්කන්තිමූලං දුක්ඛං යනු ‘මේ සත්ත්වයා මව්කුස උපදිනුයේ උපුල්, රත්පියුම්, හෙළ පියුම් ආදියෙහි නූපදියි’ යනාදී වශයෙන් යම් ජාති දුකක් ඉහත විස්තර කරන ලද්දේ ද, මේ ගැබ පිළිසිඳ ගැනීම මූලිකව ඇතිවන දුක පළමු කොට සත්ත්වයා ලුහුබැඳ එයි. ගබ්භට්ඨිති මූලකං දුක්ඛං යනු (සත්ත්වයා පිළිසිඳගත් පසු ඔහුගේ) ‘මවගේ වහා පය පැකිලීම්, ගමන් කිරීම්, හිඳීම් ආදී නයින් යම් තියුණු දුකක් කියන ලද ද, ඒ ගැබ පිහිටීම් මුල්කොට ඇතිවන දුක ද සත්ත්වයා ලුහුබැඳ එයි. ගබ්භවුට්ඨානමූලකං දුක්ඛං යනු ‘මව මූඩගර්භ වීමෙන් (ගබ්සා වීමෙන්) මිත්‍රාමාත්‍ය නෑ හිතමිතුරන් ආදීන් විසිනුදු දක්නට නොහැකි දුක් උපදින ස්ථානයකි. මෙසේ යම් දුකක් ඉහත කියන ලද ද, මේ මව්කුසින් පිටතට නික්මීම මුල් කරගත් දුක සත්ත්වයා පසුපස එයි. එහෙයින් මෙය කියන ලදී.
“යඤ්චාපි ගූථනරකෙ විය මාතුගබ්භෙ, සත්තො වසං චිරමතො බහි නික්ඛමනඤ්ච; පප්පොති දුක්ඛමතිඝොරමිදම්පි නත්ථි, ජාතිං විනා ඉතිපි ජාති අයඤ්හි දුක්ඛා.
යං චාපි ගූථනරකෙ විය මාතුගබ්භො, සත්තො වසං චිරමතො බහි නික්ඛමඤ්ච, පප්පොති දුක්ඛමතිඝොර මිදම්පි නත්ථි, ජාතිං විනා ඉතිපි ජාති අයංහි දුක්ඛා
මවුකුසේදී, ගූථ නිරයේ දී මෙන් සත්ත්වයා බොහෝ කලක් දුක් විඳ, ඉක්බිති ඉන් පිටතට නික්මීමේ දී ද යම් අතිශය බිහිසුණු දුකකට පත් වේද, ඉපදීමක් නැතොත් මෙය ද නොවන්නේ ය. එහෙයින් මේ ජාතිය (ඉපදීම) වනාහි දුකෙක්ම ය.
“කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි, අත්ථීධ කිඤ්චිරපි දුක්ඛමිදං කදාචි; නෙවත්ථි ජාතිවිරහෙ යදතො මහෙසි, දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාති”න්ති. (විභ· අට්ඨ· 191; විසුද්ධි· 2.541);
කිං භාසිතෙන බහුතා නනුයං කුහිඤ්චි, අත්ථීධ කිංචිදපි දුක්ඛමිදං කදාචි, නෙවත්ථි ජාති විරහෙ යදතො මහෙසී, දුක්ඛාති සබ්බ පඨමං ඉමමාහ ජාතිං
බොහෝ කොට පැවසීමෙන් කවර ප්‍රයෝජන ද? මේ ලෝකයෙහි කවර තැනෙකවත්, කවර කලෙකවත් මේ කවර හෝ දුකෙක් ඇත්නම්, ඒ කිසිවක් ඉපදීමක් නැත්නම් සිදුනොවනුයේ නොවේ ද? මෙසේ හෙයින් මහා මුනීන්ද්රයන් වහන්සේ සියල්ලටම ප්‍රථම මේ ඉපදීම දුකකැයි වදාළ සේක.
ජාතස්සූපනිබන්ධකං දුක්ඛන්ති ජාතස්ස උපනිබන්ධනං න්හානලෙපනඛාදනපිවනාදිජග්ගනදුක්ඛං අන්වෙති. ජාතස්ස පරාධෙය්යකං දුක්ඛන්ති පරස්ස අඤ්ඤස්ස ආයත්තං ඉස්සරියදුක්ඛං අන්වෙති. “සබ්බං පරවසං දුක්ඛ”න්ති හි වුත්තං. අත්තූපක්කමං දුක්ඛන්ති යං අත්තනාව අත්තානං වධෙන්තස්ස අචෙලකවතාදිවසෙන ආතාපනපරිතාපනානුයොගමනුයුත්තස්ස කොධවසෙන අභුඤ්ජන්තස්ස උබ්බන්ධන්තස්ස ච දුක්ඛං හොති, ඉදං අත්තූපක්කමං දුක්ඛං අන්වෙති. පරූපක්කමං දුක්ඛන්ති යං පරතො වධබන්ධනාදීනි අනුභවන්තස්ස උප්පජ්ජති, ඉදං පරූපක්කමං දුක්ඛං අන්වෙති. දුක්ඛදුක්ඛන්ති කායිකචෙතසිකා දුක්ඛා වෙදනා සභාවතො ච නාමතො ච දුක්ඛත්තා දුක්ඛදුක්ඛං, ඉදං දුක්ඛදුක්ඛං අන්වෙති. සඞ්ඛාරදුක්ඛන්ති උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකසඞ්ඛාරා උදයබ්බයපීළිතත්තා සඞ්ඛාරදුක්ඛං, ඉදං සඞ්ඛාරදුක්ඛං අන්වෙති. විපරිණාමදුක්ඛන්ති සුඛවෙදනා විපරිණාමදුක්ඛස්ස හෙතුතො විපරිණාමදුක්ඛං, ඉදං විපරිණාමදුක්ඛං අන්වෙති.
ජාතස්සූපනිබන්ධන දුක්ඛං යනු මෙලොව උපන්නහුට පෙකනිවැල බැඳීම, නෑවීම්, ආලේපන තැවරීම්, කැවීම්, පෙවීම් ආදී වශයෙන් හැදී වැඩීම් පිළිබඳ දුක් ලුහුබැඳ එයි. ජාතස්ස පරාධෙය්යතං දුක්ඛං යනු අනුන්ට අයත්ව පැවතීම් වශයෙන් පරාධීනතාව පිළිබඳ දුක ලුහුබැඳ එයි. අනුන්ට යටත්ව පැවතීම් පිළිබඳ සියලු දුක් යැයි කියන ලදී. අත්තපක්කමං දුක්ඛං යනු තමාම තමාට දුන් පමුණුවා ගන්නහුට ද, අවේලක ව්‍රතාදී වශයෙන් තැවීම්, පිරිතැවීම් සහිත අත්තකිලමථානු යෝගයෙහි යෙදෙන්නහුට ද, ක්‍රෝධ වශයෙන් නිරාහාරව සිටින්නහුට හා ගෙල වැළලා ගන්නහුට ද දුක් ඇති වේ. තමාගේ ම උපක්‍රමයෙන් ඇතිවන මෙම දුක් ඔහු කරා එයි. පරූපක්කම දුක්ඛං යනු අනුන්ගේ වධ බන්ධනාදියට ලක් වන්නහුට උපදින දුකයි. අනුන්ගේ උපක්‍රම නිසා ඇතිවන මෙම දුක පුද්ගලයා ලුහුබැඳ එයි. දුක්ඛ දුක්ඛං යනු කායික වූ ද චෛතසික වූ ද දුක් වේදනාව ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද ‘දුක්ඛ දුක්ඛ’ යැයි කියන ලදී. මේ දුක්ඛ දුක්ඛය පුද්ගලයා ලුහුබැඳ එයි. සංඛාර දුක්ඛං යනු උපේක්ෂා වේදනාව මෙන්ම සෙසු ත්‍රෛභූමික සංස්කාරයෝ ද ඇතිවීම, නැතිවීම හෝ ඉපදීම මරණාදියෙන් දැඩිව පෙළුණු බැවින් සංස්කාර දුක පුද්ගලයා ලුහුබැඳ එයි. විපරිණාම දුක්ඛං යනු සැප වේදනාව විපරිණාමයට පත්වීමේදී දුකට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ. මේ විපරිණාම දුක සත්ත්වයා ලුහුබැඳ එයි.
මාතුමරණන්ති මාතුයා මරණං. පිතුමරණන්ති පිතුනො මරණං. භාතුමරණන්ති ජෙට්ඨකනිට්ඨභාතූනං මරණං. භගිනිමරණන්ති ජෙට්ඨකනිට්ඨභගිනීනං මරණං. පුත්තමරණන්ති පුත්තානං මරණං. ධීතුමරණන්ති ධීතූනං මරණං. ඤාතිබ්යසනං දුක්ඛන්ති ඤාතීනං බ්යසනං, චොරරොගභයාදීහි ඤාතික්ඛයො, ඤාතිවිනාසොති අත්ථො. තෙන ඤාතිබ්යසනෙන ඵුට්ඨස්ස අජ්ඣොත්ථටස්ස අභිභූතස්ස උප්පන්නං දුක්ඛං ඤාතිබ්යසනං දුක්ඛං, තං ඤාතිබ්යසනං දුක්ඛං අන්වෙති. සෙසෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – භොගානං බ්යසනං භොගබ්යසනං, රාජචොරාදිවසෙන භොගක්ඛයො, භොගවිනාසොති අත්ථො. වුත්තනයෙන තං භොගබ්යසනං දුක්ඛං අන්වෙති. රොගබ්යසනන්ති රොගො එව බ්යසනං රොගබ්යසනං. රොගො හි ආරොග්යං බ්යසති විනාසෙතීති බ්යසනං, වුත්තනයෙන තං රොගබ්යසනං දුක්ඛං අන්වෙති. සීලබ්යසනං දුක්ඛන්ති සීලස්ස බ්යසනං සීලබ්යසනං, දුස්සීල්යස්සෙතං නාමං. වුත්තනයෙන තං සීලබ්යසනං දුක්ඛං අන්වෙති. සම්මාදිට්ඨිං විනාසයමානා උප්පන්නා දිට්ඨියෙව බ්යසනං දිට්ඨිබ්යසනං, වුත්තනයෙන තං දිට්ඨිබ්යසනං දුක්ඛං අන්වෙති. එත්ථ ච පුරිමානි ද්වෙ අනිප්ඵන්නානි, පච්ඡිමානි තීණි නිප්ඵන්නානි තිලක්ඛණාහතානි. පුරිමානි ච තීණි නෙව කුසලානි නාකුසලානි. සීලදිට්ඨිබ්යසනද්වයං අකුසලං.
මාතු මරණං යනු මවගේ මරණයයි. පිතුමරණං යනු පියාගේ මරණයයි. භාතු මරණං යනු ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ (වැඩිමල්, බාල) සොයුරන්ගේ මරණයයි. භගිනි මරණං ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ සහෝදරියන්ගේ මරණයයි. පුත්ත මරණං යනු පුතුන්ගේ මරණයයි. ධීතු මරණං යනු දූන්ගේ මරණයයි. ඤාතිව්‍යසන දුක්ඛං යනු ඤාතීන්ගේ වියෝවයි. සොර බිය, රෝග බිය ආදියෙන් ඤාතීන්ගේ ක්ෂය වීමයි. විනාශ වීමයි යන අර්ථයි. එසේ ඤාතීන්ගේ විනාශයෙන් පවරන ලද්දහුට, මැඩුනහුට, පෙළුණහුට ඇතිවන දුක ඤාති ව්‍යසන දුක්ඛයයි. ඒ ඤාති ව්‍යසන දුක පුද්ගලයා ලුහුබැඳ එයි. සෙසු පදයන්හි ද මෙම නයයි. මෙහි ඇති විශේෂ පද නම්, හොගව්යසනං යනු භෝගයන්ගේ විනාශයයි. රජ, සොර ආදී වශයෙන් භව භෝග සම්පත් ක්ෂයවීමයි. විනාශ වීමයි යන අර්ථයි. ඉහත පැවසූ පරිදිම ඒ භෝග ව්‍යසන දුඃඛය සත්ත්වයා ලුහුබැඳ එයි. රෝගය ම ව්‍යසනය, විපත වූයේනුයි රෝග ව්‍යසන රෝග ව්‍යසනයි. රෝගය වනාහී නිරෝගී බව විනාශ කෙරේනුයි ව්‍යසන වේ. ඉහත පැවසූ පරිදිම ඒ රෝග ව්‍යසන දුඃඛය පුද්ගලයා පසුපස එයි. සීලව්‍යසන දුක්ඛං යනු ශීලය විනාශවීම = සීල ව්‍යසනයි. දුසිල් බවට මේ නමෙකි. කී නයින්ම එම ශීල ව්‍යසන දුඃඛය (සත්ත්වයා) කරා එයි. ඉහත පැවසූ පරිදිම සීලය විනාශවීමෙන් ඇතිවන දුක ද පුද්ගලයා පසුපස එයි. සම්මා දිට්ඨිය විනාශ කරමින් උපදින දෘෂ්ටියම දිට්ඨි ව්යසනං දිට්ඨි ව්‍යසන නමි. පෙර පැවසූ පරිදි ම ඒ දිට්ඨි ව්‍යසන දුඃඛය පුද්ගලයා පසුපස එයි. මෙහි ද මුලින් පැවසූ ව්‍යසන දෙක අනිඡපන්නයෝය. පසුව පැවසූ ව්‍යසන තුන නිෂ්පන්නයෝ ය. ත්රිලක්ෂණය විනාශ කරන්නෝය. මුලින් දැක්වූ ව්‍යසන තුන කුසල හෝ අකුසල නොවේ. සීල, දිට්ඨි ව්‍යසන දෙක අකුසලයි.
යථාති ඔපම්මෙ. භින්නං නාවන්ති සිථිලබන්ධනං නාවං, ජජ්ජරීභූතං වා පදරුග්ඝාටිමං වා. දකමෙසින්ති උදකදායිං උදකප්පවෙසනිං. තතො තතො උදකං අන්වෙතීති තතො තතො භින්නට්ඨානතො උදකං පවිසති. පුරතොපීති නාවාය පුරිමභාගතොපි. පච්ඡතොපීති තස්සා පච්ඡිමභාගතොපි. හෙට්ඨතොපීති අධොභාගතොපි. පස්සතොපීති උභයපස්සතොපි. යං අන්තරන්තරා න වුත්තං, තං පාඨානුසාරෙන වෙදිතබ්බං.
යථා යනු උපමාව දැක්වීමේ නිපාතයි. භින්නනාවං යනු ලිහිල්ව බැඳී දිරාගිය හෝ පුවරු ගැලවී ගිය හෝ නැවයි. ඉවොදකං යනු ජලය ඇතුලට එන ජලය ඇතුලට පිවිසෙන්නාක් මෙනි. තතො තතො උදකං අන්වෙති යනු ඒ ඒ තැනින් බිඳී ජලය ඇතුලට පිවිසෙයි. පුරතොපිනාවාය යනු නැවේ ඉදිරිපසින් ද පච්ඡතොපි යනු එහි පසුපසින් ද හෙට්ඨතොපි යනු යටි පැත්තෙන් ද පස්සතො පි යනු දෙපසින්ම ද මේ අතරතුර යම් වචනයක අර්ථ නොපවසන ලද ද ඒ වචනයන්හි අර්ථ මේ අනුසාරයෙන් දතයුතුයි.
තස්මා කායගතාසතිආදිභාවනාය ජන්තු, සදා සතො හුත්වා වික්ඛම්භනසමුච්ඡෙදවසෙන රූපාදීසු වත්ථුකාමෙසු සබ්බප්පකාරම්පි කිලෙසකාමං පරිවජ්ජෙන්තො කාමානි පරිවජ්ජෙය්ය. එවං තෙ කාමෙ පහාය තප්පහානකරමග්ගෙනෙව චතුබ්බිධම්පි ඔඝං තරෙය්ය තරිතුං සක්කුණෙය්ය. තතො යථා පුරිසො ගරුකං නාවං උදකං සිඤ්චිත්වා ලහුකාය නාවාය අප්පකසිරෙනෙව පාරගූ භවෙය්ය පාරං ගච්ඡෙය්ය, එවමෙවං අත්තභාවනාවං කිලෙසූදකගරුකං සිඤ්චිත්වා ලහුකෙන අත්තභාවෙන පාරගූ භවෙය්ය. සබ්බධම්මපාරං නිබ්බානං ගතො භවෙය්ය, අරහත්තප්පත්තියා ගච්ඡෙය්ය අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බානෙනාති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
එහෙයින් සත්ත්ව තෙමේ කායගතා සති ආදී භාවනා විෂයයෙහි සියලු කල්හි සිහි ඇතිව, රූපාදී වස්තු කාමයන් කෙරෙහි පවත්නා සියලුම ආකාරයේ කෙලෙස් කාමය, විෂ්කම්භනය, සමුච්ඡේද වශයෙන් දුරුකරනුයේ කාමයන් දුරු කරන්නේය. මෙසේ ඒ කාමයන් අත්හැර, ඒ කාමයන් ප්රහාණය කරන ශෝකාපත්ති ආදී මාර්ගයෙන්ම චතුරෝඝය තරණය කරන්නේය. තරණය කිරිමට හැකිවන්නේය. යම්සේ පුරුෂයෙක් තෙමේ ජලයෙන් බර වූ නැව ඉස දමා (ජලය හිස් කර) සැහැල්ලු වූ නැවින් අල්ප වූ ආයාසයෙකින්ම (සුලු වෙහෙසකින් ම) තරණය කරනුයේ පරතෙරට යන්නේද, එසේම කෙලෙස් ජලයෙන් බර වූ ආත්මභාව නමැති නැව ඉසීමෙන් සැහැල්ලු වූ විට පරතෙරට පත්වන්නේය. ‘සියලු දහම්හි කෙළවරට, නිවනට ගියේ වන්නේය’, අර්හත්වයට පත්වන්නේ ය. ‘අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමෙනැ’යි මෙසේ අර්හත්වයට යොමුකිරීමෙන් දේශනාව නිම කළ සේක.