යෙදුමෙන් කියවන්න

1 - 2 අට‍්ඨකථා

1 - 2

1 - 2

තස‍්ස චෙ කාමයානස‍්සාති තස‍්ස පුග‍්ගලස‍්ස කාමෙ ඉච‍්ඡමානස‍්ස, කාමෙන වා යායමානස‍්ස. ඡන්‍දජාතස‍්සාති ජාතතණ‍්හස‍්ස. ජන‍්තුනොති සත‍්තස‍්ස. තෙ කාමා පරිහායන‍්තීති තෙ කාමා පරිහායන‍්ති චෙ. සල‍්ලවිද‍්ධොව රුප‍්පතීති අථ සො අයොමයාදිනා සල‍්ලෙන විද‍්ධො විය පීළීයති. ඉතො පරං වුත‍්තං වජ‍්ජෙත්‍වා අවුත‍්තෙසු යං යං අනුත‍්තානං, තං තදෙව කථයිස‍්සාමි.

තස්ස මෙ කාමයමානස්ස යනු ඒ කාම සම්පත් කැමතිවන පුද්ගලයාට නැතහොත් කාමයෙන් පිනායෑම කැමතිවන, ඡන්‍ද ජාතස්ස උපන් තණ්හා ඇති ජන්තුනො සත්ත්වයාට තෙ කාමා පරිහායන්ති ඉදින් ඒ කාමයෝ පිරිහී යත් නම්, සල්ලවිද්ධොව රුප්පතී එවිට ඔහු යකඩ කළ හුලකින් විදින ලද්දකු මෙන් පීඩාවට පත් වේ. මින්පසුව මුලින් පැවසූ පදයන්ගේ අර්ථ හැර නොපැවසූ පදයන්හි අර්ථයම කියන්නෙමි.

චක‍්ඛුපීණනං ආරම‍්මණං පාපුණනවසෙන යායති ගච‍්ඡති . දස‍්සනීයවසෙන පියත‍්තං ආරම‍්මණවසෙන අප‍්පාපෙතීති නිය්‍යති. සවනීයං හුත්‍වා කණ‍්ණසොතපීණනං ආරම‍්මණවසෙන පරිකඩ‍්ඪතීති වුය‍්හති. සරිතබ‍්බං හුත්‍වා චිත‍්තපීණනං ආරම‍්මණවසෙන ගහෙත්‍වා උපසංහරීයතීති සංහරීයති. යථාති ඔපම‍්මත්‍ථෙ නිපාතො. හත්‍ථිනා යායති ගච‍්ඡතීති හත්‍ථියානෙන වා, වාඉති විකප‍්පත්‍ථෙ. අස‍්සෙන යායති ගච‍්ඡතීති අස‍්සයානෙන වා. ගොයුත‍්තං වය‍්හාදියානං ගොයානං, තෙන ගොයානෙන. අජයානාදීසුපි එසෙව නයො. ඉට‍්ඨවසෙන ජාතො සඤ‍්ජාතො.

ඇස පිනවන අරමුණට පැමිණීම් වශයෙන් ‘යෙති’යි, පැමිණෙති’යි, ‘දර්ශනිය වශයෙන් ප්‍රිය කෙරෙතියි, ‘අරමුණු වශයෙන් සමීපයට පැමිණෙති’යි යන අරුතින් නීයති යනු වේ. ඇසිය යුත්තක්ව කණ, ශ්‍රෝතස පිනවීම ආරම්මණ වශයෙන් ඇදගනිති’යි යන අරුතින් ආයුහති යනු වේ. සිහිකළ යුත්තක්ව සිත පිනවීම, ‘ආරම්මණ වශයෙන් ගෙන එක්තැන් කරති යි, ‘ළඟට පමුණුවති’යි යන අරුතින් සංහරීයති යනු වේ. යථා යනු උපමාර්ථයේ නිපාතයකි. ‘ඇතු පිටින් යෙති’යි, ‘ගමන් කරති’යි යන අරුතින් හත්‍ථියානෙන යනු වේ. වා යනු විකල්පාර්ථයේ ‘හෝ’ යන නිපාතයයි. ‘අසු පිටින් යෙති’යි ගමන් කරති’යි යන අරුතින් අස්සයානෙන යනු වේ. ගවයකු යෙදූ, ගවයකු අදින යානයෙන් (රථය) ගෙනයානුයි. ගොයාගෙන ගෝයානයෙනි. අජ යානාදියෙහි ද මෙම නය වේ. කැමති ලෙසට උපන්නේ නුයි සඤ්ජාතො සඤ්ජාත නමි.

ආරම‍්මණපියත‍්තවසෙන නිබ‍්බත‍්තො අභිනිබ‍්බත‍්තො. ආරම‍්මණමනාපභාවෙන පාතුභූතො. අථ වා කාමරාගවසෙන ජාතො සඤ‍්ජාතො. කාමනන්‍දිවසෙන නිබ‍්බත‍්තො අභිනිබ‍්බත‍්තො. කාමතණ‍්හාවසෙන කාමසිනෙහවසෙන කාමච‍්ඡන්‍දවසෙන කාමපරිළාහවසෙන ච පාතුභූතොති වෙදිතබ‍්බො.

අරමුණ ප්‍රියත්වය අනුව උපන්නේ නුයි අභිනිබ්බත්තො අභිනිබ්බත්ත නමි. අරමුණට මනාප පහළ වූ හෙයින් පාතුභූතො පාතුභූත නමි. නැතහොත්, කාමරාග වශයෙන් හෝ උපන්නේ සඤ්ජාතො, සඤ්ජාත නමි. කාම නන්දි (සතුට) වශයෙන් උපන්නේ අභිනිබ්බත්තො අභිනිබ්බත්ත නමි. කාම ආශා වශයෙන්ද කාම ස්නේහ වශයෙන් ද කාමච්ඡන්‍ද වශයෙන් ද කාම පිරිතැවීම් (පරිදාහය) වගයෙන් ද පාතුභූතො පාතුභූත යැයි දතයුතුයි.

තෙ වා කාමා පරිහායන‍්තීති තෙ වත්‍ථුකාමාදයො පරිහායන‍්ති විගච‍්ඡන‍්ති. සො වා කාමෙහි පරිහායතීති එසො ඛත‍්තියාදිපුග‍්ගලො වත්‍ථුකාමාදිකාමෙහි පරිහායති විගච‍්ඡති “පුබ‍්බෙව මච‍්චං විජහන‍්ති භොගා, මච‍්චො ධනෙ පුබ‍්බතරං ජහාතී”ති (ජා· 1.5.2) එවමාදීසු විය. කථන‍්ති කෙන පකාරෙන. තිට‍්ඨන‍්තස‍්සෙවාති ධරන‍්තස‍්සෙව. තෙ භොගෙති තෙ වත්‍ථුකාමාදයො භොගෙ. රාජානො වාති පථබ්‍යාදිරාජානො. හරන‍්තීති ගහෙත්‍වා ගච‍්ඡන‍්ති, අපහරන‍්ති වා. චොරා වාති සන්‍ධිච‍්ඡෙදාදිකා. අග‍්ගි වාති දාවග‍්ගිආදි. දහතීති ඣාපෙති භස‍්මං කරොති. උදකං වාති ඔඝාදිඋදකං . වහතීති ගහෙත්‍වා මහාසමුද‍්දං පාපෙති. අප‍්පියා වාති අකන‍්තා අමනාපා. දායාදා හරන‍්තීති දායජ‍්ජවිරහිතා අස‍්සාමිකා හරන‍්ති. නිහිතං වාති නිධානං කත්‍වා ඨපිතං. නාධිගච‍්ඡතීති න වින්‍දති න පටිලභති, න පස‍්සතීති අත්‍ථො. දුප‍්පයුත‍්තාති විසමපයොගෙන යොජිතා කසිවාණිජ‍්ජාදිකම‍්මන‍්තා. භිජ‍්ජන‍්තීති භෙදං පාපුණන‍්ති, න පවත‍්තන‍්තීති අත්‍ථො. “භඤ‍්ජන‍්ති රථං අයානකා”තිආදීසු (ජා· 2.21.296) සම‍්භවො වෙදිතබ‍්බො.

තෙ කාමා පරිහායන්ති ඒ වස්තු කාමාදිය පිරිහීමට පත් වේ. ගිලිහීමට පත් වේ. සො වා කාමෙහි පරිහායති යනු මේ ක්‍ෂත්‍රියාදී පුද්ගලයා වස්තු කාමාදී කාමයන්ගෙන් පිරිහී යයි. ගිලිහී යයි. පුබ්බෙව මච්චං විජහන්ති භොගා මච්චො ධනෙ පුබ්බතරං ජහාතී’ති ‘පළමුකොට ම භෝගයෝ මිනිසා අත්හරිති. එයටත් වඩා පළමුව මිනිසා ධනය හැර යයි.’ යනාදියෙහි මෙනි. කථං යනු කවරාකාරයකින් ද? තිට්ඨන්තස්සෙව යනු ජීවත්ව සිටියදීම තෙ භොගෙ ඒ වස්තුකාමාදී භෝග සම්පත් රාජානොවා පෘථිවි පාලක රජවරු හෝ හරන්ති රැගෙන යති. පැහැර ගනිති. චොරාවා හන්දි සිඳින (ගෙවල් බිඳින) සොරු හෝ අග්ගවා යනු ලැව්ගිනි ආදියෙන් හෝ. දහති දවයි. හලු කරයි. උදකං වා’ ගං හෝ ආදී ජලය වහති ගසාගෙන ගොස් මහ මුහුදේ තැන්පත් කරයි. අප්පියා වා අකමැති අමනාප වූවෝ හෝ. හරන්ති දායාදා යනු උරුමයක්, හිමිකමක් නැත්තෝ දායාද කොට ගෙන යති. නිහිතං වා නිධන්කර තබන ලද ධනය හෝ නාධිගච්ඡතී ‘නො විඳිති යි, ‘නොලබති’යි, ‘නොදකිති’යි යන අර්ථයි. දුප්පයුත්තො යනු වරදවා යෙදූ කෘෂි වණික් ආදී කර්මාන්තයි. භිජ්ජන්ති යනු බිඳීමට පත්වෙති. නොපවතියි යන අර්ථයි. ‘භිජ්ජති තං අජානනතා’ (නොදැනීමෙන් ද විනාශ වෙයි.) යනාදියෙහි සම්භවය දතයුතුයි.

කුලෙ වා කුලඞ‍්ගාරො උප‍්පජ‍්ජතීති ඛත‍්තියාදිකුලෙ කුලඣාපකො කුලෙ අන‍්තිමපුරිසො නිබ‍්බත‍්තති . “කුලඞ‍්කරො”තිපි පාළි. යො තෙ භොගෙ විකිරතීති යො එසො කුලෙ පච‍්ඡිමකො තෙ හිරඤ‍්ඤාදිකෙ භොගෙ ඛෙපෙති. විධමතීති වියොගං කරොති, දූරෙ ඛිපති. විද‍්ධංසෙතීති නාසෙති අදස‍්සනං ගමෙති. අථ වා ඉත්‍ථිධුත‍්තො හුත්‍වා විකිරති. සුරාධුත‍්තො හුත්‍වා විධමති. අක‍්ඛධුත‍්තො හුත්‍වා විද‍්ධංසෙති. විකිරති වා උප‍්පන‍්නං ආයං අජානනෙන. විධමති විස‍්සජ‍්ජනමුඛං අජානනෙන. විද‍්ධංසෙති ඨපිතට‍්ඨානෙ ආරක‍්ඛං අසංවිධානෙනාති එවමාදිනා යොජෙතබ‍්බං.

කුලෙ ඝාතකො වා කුලබ්භාගෙ උප්පජජති යනු ක්‍ෂත්‍රියාදී කුල නසන්නා කුලයේ අවසන් පුරුෂයාව උපදියි. කුලෙ වා කුලගාරො යනු ද පාළි (පෙල)යි. යො තෙ භොගෙ විකිරති යනු යමෙක් අන්තිමයා වූයේ ද හේ තෙමේ, ඒ අමුරන් ආදී භෝගයන් ක්‍ෂය කරයි. විධමති යනු වියෝග කරයි. දුරු කරයි. විද්ධංසෙති යනු නසයි. මකා දමයි. නැතහොත් ස්ත්‍රී ලෝලියෙක්ව විකිරති භෝග විසුරුවයි. සුරාසොඬෙක්ව විධමති භෝග වනසා දමයි. දූකෙළින්නෙක්ව විද්ධංසෙති භෝග විනාශ කර දමයි. නැතහොත් විකිරති යනු උපන් අය ආදායම් නොදැනීමෙනි. විධමති යනු වියදම් කිරීමේ සුවය නොදැනීමෙනි. විද්ධංසෙති යනු ආරක්‍ෂා කරන්නන්ගේ අසංවිධානයෙන් තිබූ තැනින් දුරුවේ. මේ ආදිය සමග යෙදිය යුතුයි.

අනිච‍්චතායෙව අට‍්ඨමීති විනාසභාවො එව අට‍්ඨමො. හායන‍්තීති අදස‍්සනං යන‍්ති. පරිහායන‍්තීති න පුන පඤ‍්ඤායන‍්ති. පරිධංසෙන‍්තීති ඨානතො අපගච‍්ඡන‍්ති. පරිපතන‍්තීති පග‍්ඝරන‍්ති. අන‍්තරධායන‍්තීති අන‍්තරධානං අදස‍්සනං ගච‍්ඡන‍්ති. විප‍්පලුජ‍්ජන‍්තීති චුණ‍්ණවිචුණ‍්ණා හුත්‍වා අපගච‍්ඡන‍්ති.

අනිච්චතායෙව අට්ඨමී යනු අනිත්‍යතාවම භෝග විනාශයට අටවන හේතුවයි. හායන්ති යනු නො දක්නා බවට පැමිණෙති. පරිහායන්ති නැවත දක්නට නො ලැබෙති. පරිධංසන්ති යනු තුබූ තැනින් ඉවතට යති. පරිපටන්ති යනු වැගිරෙති. අන්තරධායන්ති යනු අතුරුදහන්වීමට, නොදැකීමට යති. විප්පලුජ්ජන්ති සුණු විසුණු වී පහවෙති.

තිට‍්ඨන‍්තෙව තෙ භොගෙති තෙසං ධනානං ඨිතකාලෙ “තිට‍්ඨන‍්තෙ නිබ‍්බුතෙ චාපී”ති එවමාදීසු (වි· ව· 806) විය. සොති සො භොගසාමිකො පුග‍්ගලො. චවති දෙවලොකතො. මරති මනුස‍්සලොකතො. විප‍්පලුජ‍්ජති නාගසුපණ‍්ණාදිලොකතො. අථ වා හායති ධඤ‍්ඤකොට‍්ඨාගාරවසෙන. පරිහායති ධනකොට‍්ඨාගාරවසෙන. පරිධංසති බලිබද‍්දහත්‍ථිඅස‍්සාදිවසෙන. පරිපතති දාසිදාසවසෙන. අන‍්තරධායති දාරාභරණවසෙන. නස‍්සති උදකාදිවසෙනාති එකෙ වණ‍්ණයන‍්ති.

තිට්ඨන්තෙව තෙ භොගෙ යනු ඒ ධනය තිබියදීම ‘තිට්ඨන්තෙ නිබ්බත්තෙ ච’ යනාදියෙහි මෙනි. සො ඒ භෝග හිමි පුද්ගලයා චවති යනු දෙව්ලොවින් නම් චුත වේ. මරති යනු මිනිස්ලොවදී නම් මැරෙයි. විප්පලුජ්ජති නාග සුපර්ණාදී ලෝකයන්ගෙන් නම් අතුරුදහන් වෙයි. නැතහොත් හායති යනු ධාන්‍ය කෝෂ්ටාගාර වශයෙන් ගෙවී ක්‍ෂය වෙයි. පරිහායති යනු ධන කෝෂ්ටාගාර වශයෙන් පිරිහේ. පරිධංසති යනු ඇත්, අස්, ගව ආදී සම්පත් වශයෙන් වැනසෙයි. පරිපටති යනු දැසි දස් වශයෙන් ඉවත්වී යයි. අන්තරධායති යනු බිරින්දන් පැහැර ගැනීම් (දාරාහරණ) වශයෙන් අතුරුදහන් වේ. නස්සති යනු ජලාදියෙන් නැසේ’ යනුවෙන් ද ඇතැමෙක් අර්ථ දක්වති.

අයොමයෙනාති කාළලොහාදිනිබ‍්බත‍්තෙන. සල‍්ලෙනාති කණ‍්ඩෙන. අට‍්ඨිමයෙනාති මනුස‍්සට‍්ඨිං ඨපෙත්‍වා අවසෙසෙන. දන‍්තමයෙනාති හත්‍ථිදන‍්තාදිනා. විසාණමයෙනාති ගොවිසාණාදිනා. කට‍්ඨමයෙනාති වෙළුකට‍්ඨාදිනා. විද‍්ධොති වුත‍්තප‍්පකාරසල‍්ලානං අඤ‍්ඤතරඤ‍්ඤතරෙන පහටො. රුප‍්පතීති විකිරති, විකාරං ආපජ‍්ජති. කුප‍්පතීති චලති, කොපං උප‍්පාදෙති. ඝට‍්ටීයතීති ඝට‍්ටිතො හොති. පීළීයතීති පීළිතො හොති, ලද‍්ධප‍්පහාරො කුප‍්පති. “තතියදිවසෙ සලාකං පවෙසෙත්‍වා ධොවනකාලෙ ඝට‍්ටීයති. ඛාරප‍්පදානෙ පීළීයති. පහාරධොවනෙ වා රුප‍්පති. තස‍්මිං දුක‍්ඛුප‍්පාදනෙ කුප‍්පති. සලාකපවෙසනෙ පීළීයති. ඛාරප‍්පදානෙ ඝට‍්ටීයතී”ති එවමෙකෙ වණ‍්ණයන‍්ති.

අයොමයෙන යනු කාල ලෝභයෙන් (යකඩින්) නිපද වූ සල්ලෙන යනු ඊතලයකින් අටඨිමයෙන යනු මිනිස් ඇට හැර සෙසු සත්ත්වයන්ගේ ඇටවලින් සෑදු දන්තමයෙන යනු ඇත්දත්වලින් සෑදූ විසානමයෙන යනු (සිඟුමුවා) ගව අං ආදියෙන් කළ හීයකින් කට්ඨමයෙන උණු ආදී දැවමුවා හීයකින්, විද්ධො යනු ඉහතින් කියන ලද ආකාරයේ හී අතුරින් එක් හීයකින් විදින ලදුයේ රුප්පති යනු විසිරෙයි. විකාරයට පත්වෙයි. කුප්පති යනු සසල වෙයි. කෝපය උපදවයි. ඝටීයති ගැටෙයි. පීළියති පෙළේ. පහර ලදුයේ කුප්පති කිපෙයි. තෙවන දින වෙදාගේ ලොහොකුර පිවිසවා සෝදන කල්හි ඝට්ටියති ගැටෙයි. ක්‍ෂාර (ලුණුදිය) දමා සෝදනවිට පීළීයති පෙළේ. නැතහොත්, ‘පහර ලද තැන සෝදන කල්හි රුප්පති විසිරේ. ඒ දුක උපදින කල්හි කුප්පති කිපෙයි. වෙද කූර පිවිසෙනවිට පීළීයති පෙළේ. කරදියෙන් සෝදනවිට දී ඝට්ටීයති ගැටේ, යනුවෙන් ඇතැමෙක් විස්තර කරති.

බ්‍යාධිතොති ලද‍්ධප‍්පහාරො හුත්‍වා පීළිතො. දොමනස‍්සිතොති දොමනස‍්සප‍්පත‍්තො. විපරිණාමඤ‍්ඤථාභාවාති පකතිභාවං ජහිත්‍වා අඤ‍්ඤථාභාවං උපනීතෙන, අන‍්තොසොසාදි සොකො ච වාචාවිප‍්පලාපො පරිදෙවො ච කායපීළනාදි දුක‍්ඛඤ‍්ච චිත‍්තපීළනාදි දොමනස‍්සඤ‍්ච භුසො ආයාසො උපායාසො ච. එතෙ වුත‍්තප‍්පකාරා සොකාදයො උප‍්පජ‍්ජන‍්ති සමුදාචාරං ගච‍්ඡන‍්ති.

ව්‍යථිතො පහර ලැබ පෙළෙනුයේ, දොමනස්සිතො යනු දොම්නසට පත්වුයේ විපරිණාමඤ්ඤථාභාවා යනු ප්‍රකෘති ස්වභාවය හැර වෙනස් වූ ආකාරයකට පත්වූවහු විසින්, ඇතුලතින් තැවීම් ආදී සොකො ශෝකය ද වදනින් විලාපකීම් ආදී පරිදෙවො පරිදේවයන් ද, කයින් පෙළීම ආදී දුක්ඛං දුක ද සිතින් පෙළීම ආදී දොමනස්සං දොම්නසට පත්වීම් ද, බොහෝ වූ වෙහෙස, උපායාසො උපායාසය ද විඳිනු ලැබේ. මෙසේ කියන ලද ආකාරයෙන් ශෝකාදිය උපදියි. පැළඹීමට යෙයි.