දානකණ‍්ඩං නිට‍්ඨිතං
6210. තෙසං ලාලප‍්පිතං සුත්‍වා පුත‍්තස‍්ස සුණිසාය ච, කරුණං පරිදෙවෙසි රාජපුත‍්ති යසස‍්සිනී.
6210. පුතා යැ ලේලි යැ යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසතීදේවී තොමෝ බැගෑ ලෙස හැඬූ ය.
6211. සෙය්‍යො විසං මෙ ඛායිතං පපාතා පපතෙය්‍යහං, රජ‍්ජුයා බජ‍්ඣ මිය්‍යාහං කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං පබ‍්බාජෙන‍්ති අදූසකං.
6211.නිවැරැදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද? මා විසින් විස අනුභව කරන ලද්දේ නම් හෝ ප්‍රපාතයෙන් පනින්නෙම් නම් හෝ ගෙලවැල ලා මැරෙන්නෙම් නම් හෝ එයට වඩා උතුම් ය.
6212. අජ‍්ඣායකං දානපතිං යාචයොගං අමච‍්ඡරිං, පූජිතං පතිරාජෙහි කිත‍්තිමන‍්තං යසස‍්සසිනං; කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං පබ‍්බාජෙන‍්ති අදූසකං.
6212. ත්‍රිවේදයෙහි ද නානාශිල්පයන්හි ද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නො මසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
6213. මාතාපෙත‍්තිභරං ජන‍්තුං කුලෙජෙට‍්ඨාපචායිකං, කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං පබ‍්බාජෙන‍්ති අදූසකං.
6213. මවුපියන් පෝෂණය කරන කුලදෙටුවන් පුදන නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
6214. රඤ‍්ඤො හිතං දෙවහිතං ඤාතීනං සඛීනං හිතං, හිතං සබ‍්බස‍්ස රට‍්ඨස‍්ස කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං පබ‍්බාජෙන‍්ති අදූසකං.
6214. රජුට හිතැ’ති දෙවියනට හිතැ’ති නෑයනට හිතැ’ති යහළුවනට හිතැ’ති සියලු රටවැසියනට හිතැ’ති නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
6215. මධූනීව පලාතානි අම‍්බාව පතිතා ඡමා, එවං හෙස‍්සති තෙ රට‍්ඨං පබ‍්බාජෙන‍්ති අදූසකං.
6215. (යම්හෙයෙකින්) නිවැරැදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත් ද? (එකලැ) ඔබගේ රට මැස්සන් හැරැ දමා ගිය මධුපටල (මීවද) මෙන් ද ගිලිහී බිමැ වැටුණු අඹ මෙන් ද වන්නේය.
6216. හංසො නික‍්ඛිණපත‍්තොව පල‍්ලලස‍්මිං අනූදකෙ, අපවිද‍්ධො අමචෙචති එකො රාජ විහීයසි.
6216. මහරජ, දිය හිඳුණු විලෙක (මඩකඩිත්තෙකැ) පියාපත් හැලුණු හංසයකු මෙන් ඇමැතියන් විසින් හැරැ දැමූ තෙපි හුදෙකලා යැ, පීඩිත වන්නහු ය.
6217. තං තං බ්‍රූමි මහාරාජ අත්‍ථො තෙ මා උපච‍්චගා, මා තං සිවීනං වචනා පබ‍්බාජෙසි අදූසකං.
6217. මහරජ, තොපට එ කරුණ කියමි. ප්‍රයෝජනය නොහොත් අභිවෘද්ධිය (තොප) ඉක්මැ නො යේවා! සිවිරට වැසියන්ගේ බසට නිවැරැදි තැනැත්තා පිටුවහල් නො කරව.
6218. ධම‍්මස‍්සාපචිතිං කුම‍්මී සිවීනං විනයං ධජං, පබ‍්බාජෙමි සකං පුත‍්තං පාණා පියතරොහි මෙ.
6218. සොඳුර, මම සිවීන්ගේ ධජයක් බඳු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවාහල් කරමි. සිවීන්ගේ ප්‍රවේණිධර්‍මයට ගරු කරමි. මපුතු වනාහි ප්‍රාණයට ද වඩා මට ප්‍රියතර ය.
6219. යස‍්ස පුබ‍්බෙ ධජග‍්ගානි කණිකාරාව පුප‍්ඵිතා, යායන‍්තමනුයායන‍්ති ස‍්වාජ‍්ජෙකොව ගමිස‍්සති.
6219. පෙරැ යමකුගේ ධ්වජාග්‍ර පිපුණු කිණිහිරිගස් මෙන් යන්නහු අනුව යෙද්ද (ගියාහු ද) හේ අද හුදෙකලා වැ යන්නේ ය.
6220. යස‍්ස පුබ‍්බෙ ධජග‍්ගානි කණිකාරාවනානිව, යායන‍්තමනුයායන‍්ති ස‍්වාජ‍්ජෙකොව ගමිස‍්සති.
6220. පෙරැ යමකුගේ ධ්වජාග්‍රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනු වැ යෙද්ද (ගියාහු ද) හේ අද වනාහි හුදෙකලා වැ යන්නේ ය.
6221. යස‍්ස පුබ‍්බෙ අණීකානි කණිකාරාව පුප‍්ඵිතා, යායන‍්තමනුයායන‍්ති ස‍්වාජ‍්ජෙකොව ගමිස‍්සති.
6221. පෙරැ යමකුගේ ඇතුන් ආදී කොටැ ඇති සෙනඟ පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නහු අනු වැ යෙද්ද හේ අද හුදෙකලා වැ යෙයි.
6222. යස‍්ස පුබ‍්බෙ අණීකානි කණිකාරාවනානිව, යායන‍්තමනුයායන‍්ති ස‍්වාජ‍්ජෙකොව ගමිස‍්සති
6222. පෙරැ යමකුගේ ඇතුන් ආදී කොටැ ඇති සෙනඟ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනු වැ යෙද්ද හේ අද හුදෙකලා වැ යෙයි.
6223. ඉන්‍දගොපකවණ‍්ණාභා ගන්‍ධාරා පණ‍්ඩුකම‍්බලා, යායන‍්තමනුයායන‍්ති ස‍්වාජ‍්ජෙකොව ගමිස‍්සති.
6223. යමෙකුගේ පෙරැ ඉඳුගොව්වන්ගේ පැහැයට බඳු “ගන්‍ධාර” රටෙහි සාදන ලද රතුකම්බිලි පෙරවූ සෙනඟ යන්නහු අනු වැ යෙද්ද හේ (ගියාහු ද) අද හුදෙකලා වැ යෙයි.
6224. යො පුබ‍්බෙ හත්‍ථිනා යාති සිවිකාය රථෙන ච, ස‍්වාජ‍්ජ වෙස‍්සන‍්තරො රාජා කථං ගච‍්ඡති පත‍්තිකො.
6224. යමෙක් පෙර ඇතුපිටින් ද දෝලාවෙන් ද රියෙන් ද ගියේ නම් ඒ වෙස්සන්තර රජ තෙමේ අද කෙසේ නම් පයින් යා ද?
6225. කථං චන්‍දනලිත‍්තඞ‍්ගො නච‍්චගීතප‍්පබොධනො, ඛරාජිනං ඵරසුඤ‍්ච ඛාරිකාජඤ‍්ච භාහිති.
6225. සඳුන් ගැල්වුණු ශරීර ඇති ගී නැටුමෙන් පුබුදුවන වෙසතුරු රජ තෙමේ අද අඳුන්දිවිසම ද පොරොව ද තවුස් පිරිකර කද ද කෙසේ නම් ගෙනැ යන්නේ ද?
6226. කස‍්මා නාභිහරීයන‍්ති කාසාවා අජානානි වා පවිසන‍්තං බ්‍රහාරඤ‍්ඤං කස‍්මා චීරං න බජ‍්ඣරෙ.
6226. මහවනයට පිවිසෙනුවහට කාසාව වස්ත්‍ර හෝ අඳුන්දිවිසම් හෝ කවර හෙයින් නො ගෙන යද්ද? කවර හෙයින් වැහැරි (වාකචීර) නො බඳිද්ද?
6227. කථන‍්නු චීරං ධාරෙන‍්ති රාජපබ‍්බජිතා ජනා, කථං කුසමයං චීරං මද‍්දී පරිදහෙස‍්සති.
6227. රජ වැ සිට පැවිදි වූවෝ කෙසේ නම් වැහැරියෙන් කළ සිවුරු දරත් ද? කුසතණයෙන් කළ වැහැරි මද්‍රීදේවී කෙසේ හඳනී ද?
6228. කාසියානි ච ධාරෙත්‍වා ඛොමකොදුම‍්බරානි ච, කුසචීරානි ධාරෙන‍්ති කථං මද‍්දී කරිස‍්සති.
6228. කසීසළු ද ‘ඛොම’ රටෙහි ‘කොදුම්බර’ රටෙහි නිපන් සළු ද ධරා මද්‍රීදේවී කුසවැහැරි ධරනු කෙසේ නම් කරන්නී ද?
6229. වය‍්හාහි පරියායිත්‍වා සිවිකාය රථෙන ච, සා කථජ‍්ජ අනුච‍්චඞ‍්ගී පථං ගච‍්ඡති පත‍්තිකා.
6229. හිදොළුයෙන් ද සිවිකායෙන් ද රියෙන් ද මෙනුවර සිසාරා ඇවිද නිදොස් සිරුරු ඇති ඕ අද කෙසේ නම් පාගමනින් මහමඟ යා ද?
6230. යස‍්සා මුදුතලා හත්‍ථා චරණා ච සුඛෙධිතා, සා කථජ‍්ජ අනුච‍්චඞ‍්ගී වනං ගච‍්ඡති භීරුකා.
6230. යමකුගේ සුවසේ වැඩුණු මොළොක් අතුල්පතුල් ඇති හස්තපාදයෝ වෙත් ද, නිදොස් සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
6231. යස‍්සා මුදුතලා පාදා චරණා ච සුඛෙධිතා, පාදුකාහි සුවණ‍්ණාහි පීළමානාව ගච‍්ඡති; සා කථජ‍්ජ අනුච‍්චඞ‍්ගී පථං ගච‍්ඡති පත‍්තිකා.
6231. යමකට සුවසේ වැඩුණු මොළොක් අතුල්පතුල් ඇති අත්පා ඇද්ද, යම් ස්ත්‍රියක් රන් මිරිවැඩිසඟළින් යුතු වැ මිරිකෙමින් මැ යා ද, ප්‍රශස්ත අවයව ඇති ඕ අද කෙසේ නම් පාගමනින් මහමඟ යා ද?
6232. යාස‍්සු ඉත්‍ථි සහස‍්සස‍්ස පුරතො ගච‍්ඡති මාලිනී, සා කථජ‍්ජ අනුච‍්චඞ‍්ගී වනං ගච‍්ඡති එකිකා.
6232. පැළැඳි මල්දම් ඇති යම් ස්ත්‍රියක් දහසක් ස්ත්‍රීන්ට පෙරටු වැ යා ද, ප්‍රශස්ත ශරීර ඇති ඕ අද කෙසේ නම් එකලා වැ වනයට යා ද?
6233. යාස‍්සු සිවාය සුත්‍වාන මුහුං උත‍්තසතෙ පුරෙ, සා කථජ‍්ජ අනුච‍්චඞ‍්ගී වනං ගච‍්ඡති භීරුකා.
6233. යම් ස්ත්‍රියක් පෙරැ සිවල්දෙනකගේ හඬ අසා එකෙණෙහි තැතිගනී ද, අගරහිත සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
6234. යාස‍්සු ඉන්‍දස‍්ස ගොත‍්තස‍්ස උලූකස‍්ස පවස‍්සතො, සුත්‍වාන නදතො භීතා වාරුණීව පවෙධති: සා කථජ‍්ජ අනුච‍්චඞ‍්ගී වනං ගච‍්ඡති භීරුකා.
6234. යම් ස්ත්‍රියක් නාද කරන කෞෂිකගෝත්‍ර ඇති මහමුහුණුහුගේ හඬ අසා බිය වැ දේවතාවිෂ්ට යක්‍ෂදාසියක මෙන් වෙවුළා ද අනින්‍දිත ශරීර ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
6235. සකුණී හතපුත‍්තාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං සුඤ‍්ඤං ආගම‍්මිමං පුරං.
6235. හිස් වූ කැදැල්ල දැකැ, දරුවන් නට ලිහිණියක මෙන් මම දරුවන්ගෙන් හිස් වූ මෙ නිවෙසට අවුත් බොහෝ කලක් දුකින් සිතිවිලිපර වන්නමු.
6236. සකුණීහතපුත‍්තාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, කිසා පණ‍්ඩු භවිස‍්සාමි පියෙ පුත‍්තෙ අපස‍්සති.
6236. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් (වෙසතුරු මද්‍රී) ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
6237. සකුණී හත පුත‍්තාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, තෙන තෙන පධාවිස‍්සං පියෙ පුත‍්තෙ අපස‍්සතී.
6237. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තැන දිවැයන්නමු.
6238. කුරරී හතඡාපාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං සුඤ‍්ඤං ආගම‍්මිමං පුරං.
6238. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් නැසුණු උකුසුදෙනක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් දිගුකලක් සිතිවිලිපර වන්නමු.
6239. කුරරී හතඡාපාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, කිසා පණ‍්ඩු භවිස‍්සාමි පියෙ පුත‍්තෙ අපස‍්සතී.
6239. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ උකුසුදෙනක මෙන් ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
6240. කුරරී හතඡාපාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, තෙන තෙන පධාවිස‍්සං පියෙ පුත‍්තෙ අපස‍්සතී.
6240. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ ලිහිණියක මෙන් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තැන දිවැයන්නමු.
6241. සා නූන චක‍්කවාකීව පල‍්ලලස‍්මිං අනූදකෙ, චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං සුඤ‍්ඤං ආගම‍්මිමං පුරං.
6241. දිය සිඳී මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ මම දරුවන් නැති බැවින් හිස් වූ නිවසට අවුත් බොහෝ කලක් ඒකාන්තයෙන් දුකින් සිතිවිලිපර වන්නමු.
6242. සා නූන චක‍්කවාකීව පල‍්ලලස‍්මිං අනූදකෙ, කිසා පණ‍්ඩු භවිස‍්සාමි පියෙ පුත‍්තෙ අපස‍්සතී.
6242. දියසුන් මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
6243. සා නූන චක‍්කවාකීව පල‍්ලලස‍්මිං අනූදකෙ, තෙන තෙන පධාවිස‍්සං පියෙ පුත‍්තෙ අපස‍්සතී.
6243. දියසිඳුණු මඩෙහි සක්වා ලිහිණියෙක මෙන් මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තන්හි දිවැයන්නමු.
6244. එවං චෙ මෙ විලපන‍්තියා රාජපුත‍්තං අදූසකං, පබ‍්බාජෙසි වනං රට‍්ඨා මඤ‍්ඤෙ හෙස‍්සාමි ජීවිතං,
6244. මෙසේ වැලැපෙන මට අනදර කොට නිදොස් (වෙසතුරු) රජපුතු රටින් වනයට නෙරැපී යැ, මම මදිවි හෙළනෙමී සිතම්.
6245. තස‍්සා ලාලප‍්පිතං සුත්‍වා සබ‍්බා අන‍්තෙපුරෙ බහූ, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං සිවිකඤ‍්ඤා සමාගතා.
6245. ඇගේ වැලැපීම අසා රැස් වූ අන්තඃපුරයෙහි බොහෝ සිවි කන්‍යාවෝ හිසැ අත් බැඳැගෙන හැඬූහු.
6246. සාලාව සම‍්පමථිතා මාලුතෙන පමද‍්දිතා, සෙන‍්ති පුත‍්තා ච දාරා ච වෙස‍්සන‍්තරනිවෙසනෙ.
6246. වෙස්සන්තර මාලිගාවෙහි අඹුදරුවෝ ද පවනින් මඩනා ලදු වැ ඇලලගිය සල්වනයක් මෙන් ඇදැවැටෙති.
6247. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං වෙස‍්සන‍්තරනිවෙසනෙ,
6247. වෙස්සන්තර මාලිගාවෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6248. හත්‍ථාරූහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං වෙස‍්සන‍්තරනිවෙසනෙ.
6248. වෙස්සන්තර මාලිගාවෙහි අසරුවෝ ද ඇතරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද හිසැ අත් බැඳගෙන හැඬූහ.
6249. තතො රත්‍යා විවසනෙ සුරියස‍්සුග‍්ගමනං පති, අථ වෙස‍්සන‍්තරො රාජා දානං දාතුං උපාගමි.
6249. ඉක්බිති රාත්‍රිය අවසන්හි හිරු උදාවන වේලෙහි වෙසතුරු රජ දන් දෙන පිණිස පැමිණියේ යැ.
6250. වත්‍ථානි වත්‍ථකාමානං සොණ‍්ඩානං දෙථ වාරුණිං. භොජනං භොජනත්‍ථිනං සම‍්මා දෙථ පචෙච‍්ඡථ.
6250. වස්ත්‍ර කැමැත්තනට වස්ත්‍ර ද රහසොඬුනට මත්පැන් ද බොජුන් කැමැතියනට බොජුන් ද මැනැවින් දෙවයි (සැටදහසක් ඇමැතියනට එහි) පැමිණෙව යි කී.
6251. මා ච කඤ‍්චි වණිබ‍්බකෙ හෙඨයිත්‍ථ ඉධාගතෙ, තප‍්පෙථ අන‍්නපානෙන ගච‍්ඡන‍්තු පටිපූජිතා.
6251. මෙහි ආ කිසි යදියකු නො පෙළවු. ආහාරපානයෙන් පිණවවු. මා විසින් පුදනලදු වැ පෙරළා යෙත්වා!
6252. තෙසු මත‍්තා කිළන‍්තාව සම‍්පතන‍්තී වණිබ‍්බකා, නික‍්ඛමන‍්තෙ මහාරාජෙ සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6252. සිවිරට වර්ධනය කරන රජතුමන් නික්මෙන කල්හි ඔවුනතර වූ යදියෝ මත් වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් බිම ඇදැවැටෙති.
6253. අච‍්ඡෙච‍්ඡුං වත භො රුක‍්ඛං සබ‍්බකාමදදං දුමං, යථා වෙස‍්සන‍්තරං රට‍්ඨා පබ‍්බාජෙන‍්ති අදූසකං.
6253. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් නොයෙක් පල දරන රුකක් සිඳැලූහ.
6254. අච‍්ඡෙච‍්ඡුං වත භො රුක‍්ඛං නානාඵලධරං දුමං, යථා වෙස‍්සන‍්තරං රට‍්ඨා පබ‍්බාජෙන‍්ති අදූසකං.
6254. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් හැම කැමැතිදෑ දෙන රුකක් සිඳැලූහ.
6255. අච‍්ඡෙච‍්ඡුං වත භො රුක‍්ඛං සබ‍්බකාමරසාහරං, යථා වෙස‍්සන‍්තරං රට‍්ඨා පබ‍්බාජෙන‍්ති අදූසකං.
6255. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් සියලු කැමැති රස එළවන රුකක් සිඳැලූහ.
6256. යෙ වුද‍්ධා යෙ ච දහරා යෙ ච මජ‍්ඣිමපොරිසා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං; නික‍්ඛමන‍්තෙ මහාරාජෙ සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6256. සිවිරට වඩන මහරජ නික්මෙන කලැ බාල වූ ද වෘද්ධ වූ ද මධ්‍යම වූ ද යම් පුරුෂ කෙනෙක් ඇද්ද (එ හැම දෙන) හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6257. අතියක‍්ඛා වස‍්සවරා ඉත්‍ථාගාරඤ‍්ච රාජිනො, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං; නික‍්ඛමන‍්තෙ මහාරාජෙ සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6257. සිවිරට වඩන මහරජ නික්මැ යන කලැ භූතවිද්‍යාධරයෝ ද බීජෝද්ධරණ කළ අන්තඃපුර පාලකයෝ ද ඇතොවුරෝ ද රජවරු ද හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6258. ථියොපි තත්‍ථ පක‍්කන්‍දුං යා තම‍්හි නගරෙ අහු, නික‍්ඛමන‍්තෙ මහාරාජෙ සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6258. සිවිරට වඩන මහරජ නික්මැයන කලැ එනුවර යම් ස්ත්‍රීහු වූහු නම් ඔහු ද එහි හැඬූහ.
6259. යෙ බ්‍රාහ‍්මණා යෙ ච සමණා අඤ‍්ඤෙවාපි වණිබ‍්බකා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං අධම‍්මො කිර භො ඉති.
6259. බමුණු යැ මහණ යැ තවද ගුණකියන යදියෝ යැ යන යම් කෙනෙක් ඇද්ද එ හැමදෙන භවත්නි, අධර්‍මයෙකැ යි හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6260. යථා වෙස‍්සන‍්තරො රාජා යජමානො සකෙ පුරෙ, සිවීනං වචනත්‍ථෙන සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6260. වෙසතුරු රජ යම්සේ සිය නුවර දන් දෙනුයේ සිවිරට වැසියන්ගේ වදනින් සියරටින් නික්ම යා ද,
6261. සත‍්ත හත්‍ථිසතෙ දත්‍වා සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, සුවණ‍්ණකච‍්ඡෙ මාතඞ‍්ගෙ හෙමකප‍්පනවාසසෙ.
6261-62. සව්බරණින් සරසනලද රන්පොරොදු රන්කසුකම් කළ වස්ත්‍ර ඇති මහසිරුරැති, අඩයටි අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැඟි ඇතුන් සත්සියක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මෙ වෙසතුරු රජ සියරටින් නික්මැ යයි.
6262. අරූළ‍්හෙ ගාමණීයෙහි තොමරඞ‍්කුසපාණිහි, එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6263. සත‍්ත අස‍්සසතෙ දත්‍වා සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, ආජානීයෙ ච ජාතියා සින්‍ධවෙ සීඝවාහනෙ.
6263-6264. දුනුහී ධරන අසරුවන් නැඟි සව්බරණින් සදනලද වෙලෙවි ගමන් ඇති සින්දුදේශයෙහි උපන් ආජානේය (ස්වාමියාගේ අදහස දන්නා) අසුන් සත්සියක් දන් දී මෙ වෙසතුරු රජ සිය රටින් නික්මැ යයි.
6264. ආරූළ‍්හෙ ගාමණීයෙහි ඉල‍්ලියාචාපධාරිහි, එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6265. සත‍්ත රථසතෙ දත්‍වා සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යඝ‍්ගෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
6265-6266. දුනුහී ඵලකායුධ ගත් අත් ඇති රියසරුවන් නැඟි දිවිසමින් හා ව්‍යාඝ්‍රසමින් වට කළ සියලු අලංකාරයෙන් සරහන ලද නඟනලද ධ්වජ ඇති සන්නද්ධ රථ පන්සියක් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.
6266. අරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6267. සත‍්ත ඉත්‍ථිසතෙ දත්‍වා එකමෙකා රථෙ ඨිතා, සන‍්නද‍්ධා නික‍්ඛරජ‍්ජූහි සුවණ‍්ණෙන අලඞ‍්කතා.
6267-6268. රන්බරණින් සැදි, රන්පමුයෙන් (හවඩියෙන්) බඳනා ලද කසාවන් ලකර ඇති, කසාවන් වස්ත්‍ර ඇති, කසාවන් අබරණින් සරසන ලද විසල් ඇස් ගඬ ඇති, මඳසිනා පෙරදැරි කථා ඇති, මනා උකුළු ඇති, සිහිනිඟ ඇති සත්සියක් ස්ත්‍රීන් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
6268. පීතාලඞ‍්කාරා පීතවසනා පීතාභරණභූසිතා, ආළාරපඛුමා හසුලා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6269. සන‍්ත ධෙනුසතෙ දත්‍වා සබ‍්බා කංසූපධාරණා, එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6269. එකෙකි දෙන රිදීමුවා කිරිදෝනා බඳුන් සහිත වැ දෙනුන් සත්සියක් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
6270. සත‍්තදාසීසතෙ දත්‍වා සත‍්තදාසසතානි ච එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6270. සත් සියයක් දාසියන් ද සත් සියයක් දාසයන් ද දන්දී මෙ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.
6271. හත්‍ථි අස‍්සෙ රථෙ දත්‍වා නාරියො ච අලඞ‍්කතා, එස වෙස‍්සන‍්තරො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6271. ඇතුන් ද අසුන් ද රිය ද සරසනලද ස්ත්‍රීන් ද දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
6272. තදාසිං යං භිංසනකං තදාසි ලොමහංසනං, මහාදානෙ පදින‍්නම‍්හි මෙදිනී සමකම‍්පථ.
6272. මහදන් දුන් කල්හි මහපොළොව කම්පා විය. එකලැ බිහිසුණු බවෙක් විය. එකල ලොමුදහගැන්මෙක් විය.
6273. තදාසිං යං භිංසනකං තදාසි ලොමහංසනං, යං පඤ‍්ජලිකතො රාජා සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.
6273. යම් කලෙකැ ඇඳිලි බැඳි රජ සියරටින් නික්මැ ගියේ ද එකලැ බිහිසුණු බවෙක් විය. එකලැ ලොමුදහගැන්මෙක් වී.
6274. අථෙත්‍ථ වත‍්තතී සද‍්දො තුමුලො භෙරවො මහා, දානෙන තං නීහරන‍්ති පුන දානං අදා තුවං.
6274. ඉක්බිති “දන්දීම් හේතුවින් තොප රටින් නෙරති. ඒ තෙපි යළිදු දන් දුන්හු” යයි මහත් බිහිසුණු ඝෝෂයෙක් පවතී.
6275. තෙසු මත‍්තා කිලන‍්තා ච සම‍්පතන‍්ති වණිබ‍්බකා, නික‍්ඛමන‍්තෙ මහාරාජෙ සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6275. සිවීන්ගේ රට වඩන වෙසතුරු රජ (සියරටින්) නික්මෙන කලැ ඒ මහාජනකාය අතුරෙහි ගුණකියා යදනා යදියෝ මත් වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් ඇදවැටෙති.
6276. ආමන‍්තයිත්‍ථ රාජානං සඤ‍්ජයං ධම‍්මිනං වරං, අවරුද‍්ධසි මං දෙව වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං.
6276. දැහැමි රජුන් අතුරෙහි උතුම් වූ සඤ්ජය රජ ඇමතී: දේවයිනි තෙපි මා රටින් නෙරපියව. මම වඞ්කගිරියට යෙමි’ යි.
6277. යෙ හි කෙචි මහාරාජ භූතා යෙ ච භවිස‍්සරෙ, අතිත‍්තා යෙව කාමෙහි ගච‍්ඡන‍්ති යමසාධනං.
6277. මහරජතුමනි, යම් කෙනෙක් (අතීතයෙහි) වූහු ද (අනාගතයෙහි) වන්නාහු ද (වර්‍තමානයෙහි වෙත් ද) ඔහු හැම දෙන කාමයෙන් තෘප්ත නො වූවාහු මැ මරණයට යෙති.
6278. සොහං සකෙ අභිසසිං යජමානො සකෙ පුරෙ, සිවීනං වචනත්‍ථෙන සම‍්හා රට‍්ඨා නිරජ‍්ජහං.
6278. ඒ මම සියනුවරැ දන් දෙන්නෙම් තමාගේ නුවර වැසියන් පෙළීමි. ඒ මම සිවිරටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නෙමි.
6279. අඝං තං පතිසෙවිස‍්සං වනෙ වාළමිගාකිණ‍්ණෙ, ඛග‍්ගදීපිනිසෙවිතෙ අහං පුඤ‍්ඤානි කරොමි; තුම‍්හෙ පඞ‍්කම‍්හි සීදථ.
6279. කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනාලද වල්මුවන් ගැවැසිගත් මහවෙනෙහි විඳියැයුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කෙරෙමි. තෙපි කාමපඞ්කයෙහි (මඩෙහි) ගැලෙව.
6280. අනුජානාහි මං අම‍්ම පබ‍්බජ‍්ජා මම රුච‍්චති, සොහං සකෙ අභිසසිං යජමානො සකෙ පුරෙ. සිවීනං වචනත්‍ථෙන සම‍්හා රට‍්ඨා නිරජ‍්ජහං.
6280. මෑණියෙනි, මට (පැවිදි) අනුදනුව, මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සියනුවරැ දන් දෙන්නම් සියනුවරුන් පෙළීමි. ඒ මම සිවිරටවැසියන්ගේ වචන හේතුවින් සියරටින් නික්මෙන්නෙමි.
6281. අඝං තං පතිසෙවිස‍්සං වනෙ වාළමිගාකිණ‍්ණෙ, ඛග‍්ගදීපිනිසෙවිතෙ අහං පුඤ‍්ඤානි කරොමි; තුම‍්හෙ පඞ‍්කම‍්හි සීදථ.
6281. කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනාලද වල්මුවන් ගැවැසිගත් මහවෙනෙහි විඳියැයුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කෙරෙමි. තෙපි කාමපඞ්කයෙහි ගැලෙව.
6282. අනුජානාමි තං පුත‍්තං පබ‍්බජ‍්ජා තෙ සමිජ‍්ඣතු, අයඤ‍්ච මද‍්දී කල්‍යාණී සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; අච‍්ඡතං සහ පුත‍්තෙහි කිං අරඤ‍්ඤෙ කරිස‍්සති.
6282. පුත, පැවිදි අනුදනිමි. තොපගේ පැවිදි සමෘද්ධ වේවා, වැළිත් මනා උකුළු ඇති සිහිනිඟ ඇති යහපත් වූ මේ මද්‍රී දේවි දරුවන් හා සමග මෙහි මැ සිටීවා, වෙනෙහි කුමක් කරන්නී ද?
6283. නාහං අකාමා දාසිම‍්පි අරඤ‍්ඤං නෙතුමුස‍්සහෙ, සචෙ ඉච‍්ඡති අන්‍වෙතු සචෙ නිච‍්ඡති අච‍්ඡතු.
6283. නො කැමැත්තෙන් දාසියක ද වනයට ගෙනයන්නට මම උත්සාහ නො කෙරෙමි. ඉදින් ඕ කැමැති වූ නම් මා අනුව ඒවා, ඉදින් නො කැමැති වූ නම් සිටීවා.
6284. තතො සුණ‍්හං මහාරාජා යාචිතුං පටිපජ‍්ජථ, මා චන්‍දන සමාචාරෙ රජොජල‍්ලං අධාරයි.
6284. ඉක්බිති (පිය) මහරජ (පුතුගේ කථා අසා) ලෙහෙලිය යදනට පිළිපන්නේ යැ: රත්සඳුන් අලෙව් දුන් සිරුරෙහි රජස්දැලි නො දරව.
6285. මා කාසියානි ධාරෙත්‍වා කුසචීරමධාරයි, දුක‍්ඛො වාසො අරඤ‍්ඤස‍්මිං මා හි ත්‍වං ලක‍්ඛණෙ ගමි.
6285. කසීසළු ධරා කුසවැහැරි නො ධරව. වෙනෙහි වාසය දුකෙකි. සුන්‍දරලක්‍ෂණ ඇත්තිය, තෙපි නො යව.
6286. තමබ්‍රවී රාජපුත‍්ති මද‍්දි සබ‍්බඞ‍්ගසොභනා, නාහං තං සුඛමිච‍්ඡෙය්‍යං යං මෙ වෙස‍්සන‍්තරං විනා.
6286. සියලු අඟපසඟින් හොබනා මද්‍රී රාජදුහිතෘ තොමෝ (මයිලණු) රජහට මෙසේ කිවු: “වෙසතුරු රජුගෙන් වෙන් වැ මට යම් සුවයෙක් ලැබේ නම් මම ඒ සුව නො කැමැත්තමු”.
6287. තමබ්‍රවී මහාරාජා සිවීනං රට‍්ඨවඩ‍්ඪනො, ඉඞ‍්ඝ මද‍්දී නිසාමෙහි වනෙ යෙ හොන‍්ති දුස‍්සභා.
6287. සිවීන්ගේ රට වඩනා මහරජ ඇයට මෙසේ කී: එම්බා මද්‍රී දේවීනි, වනයෙහි නො ඉවසියැහැකි යම්බඳු දුඃඛයෝ වෙත් ද ඒ දුක් අසව.
6288. බහූ කීටා පටංගා ච මකසා මධුමක‍්ඛිකා, තෙපි තං තත්‍ථ හිංසෙය්‍යුං තං තෙ දුක‍්ඛතරං සියා.
6288. එහි කුඩා ප්‍රාණීහු යැ පළගැටියෝ යැ මදුරුවෝ යැ මීමැස්සෝ යැ යන මොහු බොහෝ වෙති. ඔහු ද එහි දී තොපට හිංසා කරන්නාහු යැ. එය තොපට අතිශයින් දුක් වන්නෙ යැ.
6289. අපරෙ පස‍්ස සන‍්තාපෙ නදීනුපනිසෙවිතෙ, සප‍්පා අජගරා නාම අවිසා තෙ මහබ‍්බලා.
6289. ගං ඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන අනෙක් සත්‍ව කෙනෙකුන් බලව. විෂ නැති පිඹුරු නමැති සර්‍ප කෙනෙක් ඇති. ඔහු මහත් බල ඇත්තාහ.
6290. තෙ මනුස‍්සං මිගං වාපි අපි මාසන‍්නමාගතං, පරික‍්ඛිපිත්‍වා භොගෙහි වසමානෙනන‍්ති අත‍්තනො.
6290. ඔහු තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැළින් වෙළා තමා වසයට ගනිති.
6291. අඤ‍්ඤෙපි කණ‍්හජටිනො අච‍්ඡා නාම අඝම‍්මිගා, න තෙහි පුරිසො දිට‍්ඨො රුක‍්ඛමාරුය‍්හ මුච‍්චති.
6291. හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නාලද පුරුෂයා ගසට නැඟ නො මිදෙයි.
6292. සඞ‍්ඝට‍්ටයන‍්තා සිඞ‍්ගානි තික‍්ඛග‍්ගානි පහාරිනො. මහිසා විචරන‍්නෙත්‍ථ නදිං සොතුම‍්බරං පති.
6292. මෙහි “සෝතුම්බර” ගංතෙරැ තියුණු අග ඇති අං ගටමින් පහර දෙන කුළුමීවෝ හැසිරෙති.
6293. දිස‍්වා මිගානං යූථානං ගවං සඤ‍්චරතං වනෙ, ධෙනූව වච‍්ඡගිද‍්ධාව කථං මද‍්දී කරිස‍්සසි.
6293. වනයෙහි හැසිරෙන මුවරැළ ගවරැළ දැකැ වස්සා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් (දරුවන් නො දක්නා) මද්‍රී කුමක් කරන්නී ද?
6294. දිස‍්වා සම‍්පතිතෙ ඝොරෙ දුම‍්මග‍්ගෙසු ප‍්ලවඞ‍්ගමෙ, අඛෙත‍්තඤ‍්ඤාය තෙ මද‍්දි භවිතන‍්තෙ මහබ‍්භයං.
6294. මද්‍රීදේවීනි, රුක්මතැ පනන විරූප වූ වඳුරන් දැකැ වනමඟ නො දන්නා තොපට මහත් භය වන්නෙ යැ.
6295. යා ත්‍වං සිවාය සුත්‍වාන මුහුං උත‍්තසසෙ පුරෙ, සා ත්‍වං වඞ‍්කං අනුප‍්පත‍්තා කථං මද‍්දී කරිස‍්සසි.
6295. යම් බඳු තෙපි පෙර සිවල්දෙනකගේ හඬ අසා පුනපුනා තැති ගතුව, ඒ තෙපි වඞ්කගිරියට පැමිණියහු කුමක් කරන්නවු ද?
6296. ඨිතෙ මජ‍්ඣන‍්තිකෙ කාලෙ සන‍්නිසින‍්නෙසු පක‍්ඛිසු, සනතෙව බ්‍රහාරඤ‍්ඤං තත්‍ථ කිං ගන‍්තුමිච‍්ඡසි.
6296. මධ්‍යාහ්න වේලෙහි පක්‍ෂීන් නිහඬ වැ සිටි කල්හි මහවනය නාද කරන්නාක් වැන්න. එහි කුමට යනු කැමැත්තවු ද?
6297. තමබ්‍රවී රාජපුත‍්ති මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා, යානි එතානි අක‍්ඛාසි වනෙ පටිභයානි මෙ; සබ‍්බානි අභිසම‍්භොස‍්සං ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6297. සර්‍වාඞ්ග ශෝභන වූ මද්‍රී රාජපුත්‍රී එ රජහට මෙසේ කිවු: වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහි ද, එ හැම ඉවසන්නමු. උතුමාණෙනි, යන්නමු මැ යි.
6298. කාසං කුසං පොටකිලං උසීරං මුඤ‍්ජබ‍්බබජං. උරසා පනුදහෙස‍්සාමි නාස‍්ස හෙස‍්සාමි දුන‍්නයා.
6298. කාශතෘණ යැ කුශතෘණ යැ පොටකිල තෘණ යැ සැවැන්න යැ මෘදු තෘණ යැ බබුස් තෘණ යැ යන මේ (ඉදිරියෙහි සිට) උරයෙන් දෙපසට කොට බැහැර කරන්නමු. මොහු (වෙසතුරු රජු) විසින් දුකසේ ගෙනයන්නක් නො වන්නෙමු.
6299. බහූහි වත චරියාහි කුමාරී වින්‍දතෙ පතිං, උදරස‍්සුපරොධෙන ගොහනුබ‍්බෙඨනෙන ච.
6299-6300. කුමාරී තොමෝ බොහෝ වූ ව්‍රතචර්‍ය්‍යායෙන් ස්වාමියකු ලබාගනී: (රූ සපුව වඩනු පිණිස) උපවාසයෙන් ද ගවහනුයෙන් උකුළුතලය තැළීමෙන් ද (උදරය) වෙළීමෙන් ද ගිනිපිදීමෙන් ද දියෙහි කිමිදීමෙන් ද යන මෙයිනි. ලොවැ වැන්දඹු බව අමිහිරි යැ, (එහෙයින් හිමියා සමග) යන්නමු මැ යි.
6300. අග‍්ගිස‍්ස පාරිචරියාය උදකුම‍්මුජ‍්ජනෙන ච, වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6301. අපිස‍්සා හොති අප‍්පත‍්තො උච‍්ඡිට‍්ඨමපි භුඤ‍්ජිතුං, යො නං හත්‍ථෙ ගහෙත්‍වාන අකාමං පරිකඩ‍්ඪති; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6301. යම් නීචජාතිකයෙක් ඒ වැන්දඹුව නො කැමැත්තෙන් අත ගෙන අදනේ වේ ද, හේ (පළමු) ඇයගේ ඉඳුල් බුදිනට පවා නො ලබනුයේ වෙයි.
6302. කෙසග‍්ගහණමුක‍්ඛෙපා භූම්‍යා ච පරිසුම‍්භනා, දත්‍වා ච නො පක‍්කමති බහුං දුක‍්ඛං අනප‍්පකං; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6302. (පරපුරුෂයා අස්වාමික ස්ත්‍රිය) එසවීමෙන් බිමැ හෙළා පයින් කෙස් මැඩ අවමන් කරයි. අනල්ප වූ බොහෝ දුක් දී ද ඉවත් වැ නො යයි. මහරජුනි, ලොවැ වැන්දඹු බව කටුක යැ එහෙයින් එකත්නෙන් යන්නමු.
6303. සුක‍්කච‍්ඡවී වෙධවෙරා දත්‍වා සුභගමානිනො, අකාමං පරිකඩ‍්ඪන‍්ති උලූකඤ‍්ඤෙව වායසා; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6303. (නහන සුණුයෙන් නැඟු) සුදුසිවි ඇති (එයින්) සුන්‍දරයම්හ’යි කළ මාන ඇති විධවාර්ථිකයෝ (වැන්දඹුව පතන්නෝ) අල්පමාත්‍ර ධනයක් දී කවුඩුවෝ මහමුහුණකු අදනා මෙන් නො කැමැත්තෙන් ඇදගනිති. මහරජුනි, ලොවැ විධවා භාවය කටුක යැ එහෙයින් යන්නමු මැ යැ.
6304. අපි ඤාතිකුලෙ ඵීතෙ කංසපජ‍්ජොතනෙ වසං, නෙවාතිවාක්‍යං න ලභෙ භාතූහි සඛිකාහි ච; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6304. රන්කැලුමින් බබළන ආඪ්‍ය වූ නෑකුලෙහි වසන්නී නමුදු සොහොයුරන් යෙහෙළියන් කෙරෙන් නින්‍දාබස් නො ලබන්නී නො වෙමි. මහරජුනි, ලොවැ විධවාත්‍වය කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
6305. නග‍්ගා නදී අනුදකා නග‍්ගා රට‍්ඨං අරාජිකං, ඉත්‍ථිපි විධවා නග‍්ගා යස‍්සාපි දස භාතරො; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6305. දිය නැති ගඟ නග්න යැ; රජ නැති රට නග්න යැ; යම් ස්ත්‍රියකට දසබෑ කෙනෙක් ඇත්තාහු නමුදු වැන්දඹු ස්ත්‍රී ද නග්න යැ. මහරජුනි, ලොවැ පතිශුන්‍යභාවය කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
6306. ධජො රථස‍්ස පඤ‍්ඤාණං ධූමො පඤ‍්ඤාණමග‍්ගිනො, රාජා රට‍්ඨස‍්ස පඤ‍්ඤාණං භත‍්තා පඤ‍්ඤාණමිත්‍ථියා; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6306. ධ්වජය රථයට සලකුණ යැ. ධූමය ගින්නට සලකුණ යැ, රජ රටට සලකුණ යැ, ස්වාමියා ස්ත්‍රියට සලකුණ යි. මහරජුනි, වේධව්‍යය ලොවැ කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
6307. යා දළිද‍්දී දළිද‍්දස‍්ස අඩ‍්ඪා අඩ‍්ඪස‍්ස කිත‍්තිමා, තං වෙ දෙවා පසංසන‍්ති දුක‍්කරං හි කරොති සා.
6307. යම් කීර්තිමත් ස්ත්‍රියක් දිළිඳු හිමිහට දිළිඳු වැ පොහොසත් හිමිහට පොහොසත් වැ කල් ගෙවා ද දෙවියෝ එකත්නෙන් ඇය පසසති. යම් හෙයකින් ඕ දුෂ්කරයක් කෙරේ ද එහෙයිනි.
6308. සාමිකං අනුබන්‍ධිස‍්සං සදා කාසායවාසිනී, පථව්‍යාපි අභෙජ‍්ජන‍්ත්‍යා නිච‍්ඡෙ වෙස‍්සන‍්තරං විනා; වෙධබ‍්බං කටුකං ලොකෙ ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.
6308. හැම කල්හි කසාවත් ධරමින් හිමියා පසුපස්හි යන්නමු. නො බෙදූ පොළොවෙහි ඉසුරු බව ද වෙසතුරු රජ හැර නො රිසියමු. මහරජුනි, ලෝකයෙහි වේධව්‍යය කටුක යැ. එහෙයින් යන්නමු මැ යැ.
6309. අපි සාගරපරියන‍්තං පහුවිත‍්තධරං මහිං, නානාරතනපරිපූරං නිච‍්ඡෙ වෙස‍්සන‍්තරං විනා.
6309. බොහෝ සම්පත් ධරන නොයෙක් රුවනින් පිරිපුන් මහසයුරු හිම් කොට ඇති මහපොළොව පවා වෙසතුරු රජ හැර නො කැමැත්තමු.
6310. කථන‍්නු තාසං හදයං සුඛරා වත ඉත්‍ථියො, යා සාමිකෙ දුක‍්ඛිතම‍්හි සුඛමිච‍්ඡන‍්ති අත‍්තනො.
6310. යම් ස්ත්‍රී කෙනෙක් හිමියා දුක්පත් කල්හි තමාට සුව කැමැති වෙත් නම් ඔවුන්ගේ හදවත කෙබඳු යැ, එවන් ස්ත්‍රීහු අතිශයින් ක්‍රෑර වෙත් මැ යි.
6311. නික‍්ඛමන‍්තෙ මහාරාජෙ සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ, තමහං අනුබන්‍ධිස‍්සං සබ‍්බකාමදදො හි මෙ.
6311. සිවීන්ගේ රට වඩන මහරජ නික්ම යන කල්හි මම ඔහු පසුපස්හි යන්නමු. හේ මට සියලු කැමැති සැපත් දෙනුයෙ මැ යි.
6312. තමබ්‍රවී මහාරාජා මද‍්දිං සබ‍්බඞ‍්ගසොභනං, ඉමෙ තෙ දහරා පුත‍්තා ජාලී කණ‍්හාජිනා චුභො; නික‍්ඛිප‍්ප ලක‍්ඛණෙ ගච‍්ඡ මයං තෙ පොසියාමසෙ.
6312.සඳමහරජ සර්‍වාඞ්ගශෝභන වූ ඒ මද්‍රීදේවියට මෙසේ කී: තොපගේ මේ ජාලි යැ කෘෂ්ණජිනා යැ යන දරු දෙදෙන ළදරු යැ. ඔවුන් මෙහි බහාතබා යව. අපි ඔවුන් පුස්නම්හ.
6313. තමබ්‍රවී රාජපුත‍්තී මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා, පියා මෙ පුත‍්තකා දෙව ජාලී කණ‍්හාජිනා චුභො; ත්‍යම‍්භං තත්‍ථ රමෙස‍්සන‍්ති අරඤ‍්ඤෙ ජීවසොකිනං.
6313. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රී රාජපුත්‍රී එ රජහට මෙසේ කිවු: දේවයිනි, මේ ජාලිය යැ කෘෂ්ණජිනා යැ යන දෙදරු සිඟිත්තෝ මට ප්‍රියයෝ යි. ඔහු ඒ අරනෙහි දී ජීවශෝකී (පහ නො වන ශෝක ඇති) අප සිත් අලවන්නාහ.
6314. තමබ්‍රවී මහාරාජා සිවීනං රට‍්ඨවඩ‍්ඪනො, සාලීනං ඔදනං භුත්‍වා සුචිං මංසූපසෙචනං; රුක‍්ඛඵලානි භුඤ‍්ජන‍්තා කථං කාහන‍්ති දාරකා.
6314. සිවිරට වඩන සඳමහරජු ඇයට මෙසේ කී: රසමසවුළෙන් යුතු පිරිසිදු ඇල්සහලේ බත් වළඳා පුරුදු දරුවෝ වන පලවැළ වළඳනු කෙසේ කරන්නාහු ද?
6315. භුත්‍වා සතඵලෙ කංසෙ සොවණ‍්ණෙ සතරාජිකෙ, රුක‍්ඛපත‍්තෙසු භුඤ‍්ජන‍්තා කථං කාහන‍්ති දාරකා.
6315. සියක් පලමින් කළ සියක් හිරි ඇඳි රන්තලියෙහි වළඳා පුරුදු දරුවෝ රුක්පත්හි වළඳනු කෙසේ කරන්නාහු ද?
6316. කාසියානි ච ධාරෙත්‍ථා ඛොමකොදුම‍්බරානි ච, කුසචීරානි ධාරෙන‍්තා කථං කාහන‍්ති දාරකා.
6316. කසීසළු කොමුපිළී කෝදුම්බරපිළී ධරා පුරුදු දරුවෝ කුසවැහැරි ධරනු කෙසේ කරන්නාහු ද?
6317. වය‍්හාහි පරියායිත්‍වා සිවිකාය රථෙන ච, පත‍්තිකා පරිධාවන‍්තා කථං කාහන‍්ති දාරකා.
6317. හිදොළුයෙන් ද සිවිකායෙන් ද රියෙන් ද සිසාරා ඇවිදැ පුරුදු දරුවෝ පාගමනින් ඔබමොබ දුවනු කෙසේ කරන්නාහු ද?
6318. කූටාගාරෙ සයිත්‍වාන නිවාතෙ ඵුස‍්සිතග‍්ගලෙ, සයන‍්තා රුක‍්ඛමූලස‍්මිං කථං කාහන‍්ති දාරකා.
6318. කුළුගෙහි පියූදොරගුළු ඇති නිවෙස්නෙහි නිදා පුරුදු දරුවෝ රුක්මුල්හි නිදනු කෙසේ කරන්නාහු ද?
6319. පල‍්ලඞ‍්කෙසු සයිත්‍වාන ගොනකෙ චිත‍්තසන්‍ථතෙ, සයන‍්තා තිණසන්‍ථාරෙ කථං කාහන‍්ති දාරකා.
6319. යහන්හි දික් ලොම් ඇති කළුකොඳුපලස්හි විසුතුරු ඇතිරියෙහි නිදා පුරුදු දරුවෝ තණ ඇතිරියෙහි නිදනු කෙසේ කරන්නාහු ද?
6320. ගන්‍ධකෙන විලිම‍්පිත්‍වා අගරූචන්‍දනෙන ච, රජොජල‍්ලානි ධාරෙන‍්තා කථං කාහන‍්ති දාරකා.
6320. අගිල් සඳුන් සුවඳ සුණුයෙන් විලෙවුන් කොට පුරුදු දරුවෝ රජස්දැලි ධරනු කෙසේ කරන්නාහු ද?
6321. චමරීමොරහත්‍ථෙහි විජිතඞ‍්ගා සුඛෙධිතා, දට‍්ඨා ඩංසෙහි මකසෙහි කථං කාහන‍්ති දාරකා.
6321. සුවසේ වැඩුණු සෙමෙරවලින් මොනරපිලින් පවන් සලනලද අඟපසඟ ඇති දරුවෝ මැසිමදුරුවන් විසින් ඩසිනලද්දාහු කුමක් කරන්නහු ද? (කෙසේ ඉවසන්නහු ද?)
6322. තමබ්‍රවී රාජපුත‍්තී මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා, මා දෙව පරිදෙවෙසි මා ච ත්‍වං විමනො අහූ; යථා මයං භවිස‍්සාම තථා හෙස‍්සන‍්ති දාරකා.
6322. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රී රජදූ ඒ සඳමහ රජහට මෙසේ කිවු: මහරජ නහමක් හඬව. තෙපි නහමක් දොම්නස්ව, අපි යම්සේ වමෝ ද දරුවෝ ද එසේ වෙති.
6323. ඉදං වත්‍වාන පක‍්කාමි මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා, සිවිමග‍්ගෙන අන්‍වෙසි පුත‍්තෙ ආදාය ලක‍්ඛණා.
6323. සකලාංගයෙන් හොබනා මද්‍රී දේවී මෙතෙපුල් කියා පිටත් වැ ගියා. (යන්නී දු) සුන්‍දරලක්‍ෂණ ඇති මද්‍රී දෙදරුවන් ගෙන සිවිරජහු යායුතු මඟින් ම ගියා (පහයින් බැස රියට නැංගා)
6324. තතො වෙස‍්සන‍්තරො රාජා දානං දත්‍වාන ඛත‍්තියො, පිතු මාතු ච වන්‍දිත්‍වා කත්‍වා ච නං පදක‍්ඛිණං.
6324. ඉක්බිති කැත්කුල උපන් වෙසතුරු රජ (පෙර දින) දන් දී මවුපියන් වැඳැ පැදකුණු කොට,
6325. චතුවාහිං රථං යුත‍්තං සීඝමාරුය‍්හ සන්‍දනං, ආදාය පුත‍්තදාරඤ‍්ච වඞ‍්කං පායාසි පබ‍්බතං.
6325. අසුන් සතර දෙනෙකුන් ඇති යොදනලද රියට යුහු වැ නැඟී අඹුදරුවන් ගෙන වඞ්කගිරිය බලා පිටත් වැ ගියේ යැ.
6326. තතො වෙස‍්සන‍්තරො රාජා යෙනාසි බහුකො ජනො, ආමන‍්ත ඛො තං ගච‍්ඡාම අරොගා හොන‍්තු ඤාතයො.
6326. ඉක්බිති වෙසතුරු මහරජ යම් තැනෙක බොහෝ ජනයා රැස් වී ද (එහි රිය මෙහෙයා) තොප දන්වා යම්හ. අපගේ නෑයෝ නීරෝග වෙත්වයි කී.
6327. ඉංඝ මද‍්දී නිසාමෙහි රම‍්මරූපංව දිස‍්සති, ආවාසො සිවිසෙට‍්ඨස‍්ස පෙත‍්තිකං භවනං මම.
6327. කොල, මද්‍රීදේවිය, බලව. සිවිරජහුගේ නිවාසය රමණීය වැ පෙනෙයි. ඒ මා පියපරපුරින් ආ භවන වෙයි.
6328. තං බ්‍රාහ‍්මණා අන්‍වගමුං තෙ තං අස‍්සෙ අයාචිසුං, යාචිතො පටිපාදෙසි චතුන‍්නං චතුරො හයෙ.
6328. බමුණෝ සතර දෙනෙක් ඔහු ලුහුබැඳැ ගියෝ ඔහු අසුන් ඉල්වූහ. අයදනාලද වෙසතුරු රජ සතර දෙනාට අසුන් සතර දෙනා සපයා දින.
6329. ඉඞ‍්ඝ මද‍්දී නිසාමෙහි චිත‍්තරූපංව දිස‍්සති, මිගා රොහිච‍්චවණ‍්ණෙන දක‍්ඛිණස‍්සා වහන‍්ති මං.
6329. එම්බා මද්‍රිය බලව. විසිතුරු රූපයක් මෙන් පෙනෙයි. (දෙව්පුත්හු) තිත්මුවවෙසින් අවුත් පුහුණු අසුන් මෙන් මා උසුලති.
6330. අථෙත්‍ථ පඤ‍්චමො ආග සො තං රථමයාචථ, තස‍්ස තං යාචිතොදාසි නචස‍්සුපහතො මනො.
6330. නැවත මෙ මඟැ පස්වැනි බමුණෙක් ආයෙ යැ. හෙ ඔහුගෙන් රථය ඉල්වී. අයදනා ලද්දේ ඔහට එය දින. ඔබගේ සිත නො පසුබට වී.
6331. තතො වෙස‍්සන‍්තරො රාජා ඔරොපෙත්‍වා සකං ජනං, අස‍්සාසයී අස‍්සරථං බ්‍රාහ‍්මණස‍්ස ධනෙසිනො.
6331. ඉක්බිති වෙසතුරු මහරජ අඹුදරුවන් බස්වා ධනය සොයන බමුණාට රථය දී අස්වැසී.
6332. ත්‍වං මද‍්දී කණ‍්හාජිනං ගණ‍්හ ලහුකා එසා කණිට‍්ඨිකා, අහං ජාලිං ගණ‍්හිස‍්සාමි ගරුකො භාතිකො හි සො.
6332. මද්‍රීදේවීනි, තෙපි කෘෂ්ණාජිනා ගනුව. මේ ළදැරිය නො බර යැ. මම ජාලිය කුමරු ගනිමි. ඒ මහදරු බර ඇතියෙ යි.
6333. රාජා කුමාරං ආදාය රාජපුත‍්තී ච දාරිකං, සම‍්මොදමානං පක‍්කාමුං අඤ‍්ඤමඤ‍්ඤපියංවදා.
6333. රජ තෙම කුමරු ද රජදූ දැරිය ද ගෙන ඔවුනොවුන් ප්‍රිය තෙපුල් බණනුවෝ සතුටු වෙමින් ගියහ.