දකරක්ඛසපඤ්හො
6076. සචෙ වො වුය්හමානානං සත්තන්නං උදකණ්ණවෙ, මනුස්සබලිමෙසානො නාමං ගණ්හෙය්ය රක්ඛසො; අනුපුබ්බං කථං දත්වා මුඤ්චෙසි දකරක්ඛිනො.
6076. ඉදින් තොප සත්දෙන මහත් වූ ගැඹුරු දියෙකැ ගමන් ගන්නා කලැ මිනිස් බිලි අපේක්ෂායෙන් එක් දිය රකුසෙක් නැව ගන්නේ නම් අනුපිළිවෙළින් දිය රකුසාට කෙසේ කවුරුන් දී තමා මුදන්නෙහි ද?
6077. මාතරං පඨමං දජ්ජං භරියං දත්වාන භාතරං, තතො සහායං දත්වාන පඤ්චමං දජ්ජං බ්රාහ්මණං; ඡට්ඨාහං දජ්ජමත්තානං නෙව දජ්ජං මහොසධං.
6077. පළමුව වැදූ මව දෙන්නෙමි. (දෙවනුව) නන්දා දේවිය දී ( තුන්වැනිව ) මලණුවන් ද, ඉක්බිති යහළුවාද දී පස්වැනිව කේවට්ට බමුණා දෙන්නෙමි. සවැනිව මම තමන් ද දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො දෙන්නෙමි.
6078. පොසෙතා තෙ ජනෙත්තී ච දිඝරත්තානුකම්පිකා, ඡම්භී තයි පදුට්ඨස්මිං පණ්ඩිතා අත්ථදස්සිනී; අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොචයි.
6078. (තලතා දේවී) තොපගේ මව තොප පෝෂණය කළා ය. බොහෝ කල් අනුකම්පා ඇත්තී ය. ඡම්හී නම් බ්‍රාහ්මණයා තොප කෙරෙහි කිපුණු කලැ නුවණැති අර්‍ත්‍ථදර්ශී මවු තොමෝ අන්‍යයකු ඉදිරිපත් කොටැ තොප වධයෙන් මිදුවා ය.
6079. තං තාදිසං පාණදදිං ඔරසං ගබ්භධාරිණිං, මාතරං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
6079. එසේ ප්‍රාණය දුන් ළෙහි හොවා හැදූ දසමසක් කුසැ දැරූ මෑණියන් කිනම් දොසෙකින් දිය රකුසාට දෙන්නහු ද?
6080. දහරාවිය අලඞ්කාරා ධාරෙති අපිළන්ධනං දොවාරිකෙ අනීකට්ඨෙ අතිවෙලං පජග්ඝති.
6080. තරුණ කතක සේ නො පැළඳිය යුතු ආභරණ පළඳින්නී ය. දොරටුපල්ලන් හා සෙබළුන් හා සමඟ බොහෝ කොටැ මහහඬින් සිනාසෙන්නී ය.
6081. තතොපි පටිරාජානං සයං දූතානි සාසති, මාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
6081. තවද අසල්වැසි රජුනට (මා කී ලෙස හඟවා) තොමෝ මැ දූතයන් යවන්නී ය. මම ඒ දෝෂය හේතු කොට ගෙන දියරකුසාට මව බිලිකොටැ දෙන්නෙමි.
6082. ඉත්ථිගුම්බස්ස පවරා අච්චන්තපියවාදිනි, අනුග්ගතා සීලවතී ඡායාව අනපායිනී.
6082-6083. ස්ත්‍රී සමූහයාට නායක වූ අතිශයින් ප්‍රියවාදී වූ ළදරු කල පටන් අනුව ගියා වූ සිල්වත් වූ සෙවනැල්ල සේ අත් නොහැර පවත්නා වූ ක්‍රෝධ නො කරනසුලු නුවණැති පණ්ඩිත වූ අර්‍ත්‍ථදර්ශී වූ උබ්බරිය (නන්දා දේවිය) කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
6083. අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිනී, උබ්බරිං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
6084. ඛිඩ්ඪාරතිසමාපන්නං අනත්ථවසමාගතං, සා මං සකානං පුත්තානං අයාචං යාචතෙ ධනං,
6084. කාමසම්භෝගයෙහි ඇලුණු කෙලෙස් වසඟයටපත් මගෙන් ඕ තොමෝ මගේ දරුවනට අයත් නො ඉල්විය යුතු ධනය ඉල්ලන්නී ය.
6085. සොහං දදාමි සාරත්තො බහුං උච්චාවචං ධනං. සුදුච්චජං චජිත්වාන පච්ඡා සොචාමි දුම්මනො; උබ්බරිං තෙන දොසෙන දජ්ජාමි දකරක්ඛිනො.
6085. ඒ මම අතිශයින් ඇලුණෙම් බොහෝ කුදුමහත් ධනය දෙන්නෙමි. නො දියයුතුදේ දී පසුව දොම්නසින් ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරිය දියරකුසාට දෙන්නෙමි.
6086. යෙනාවිතා ජානපදා ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
6086. යමකු විසින් තොපගේ ජනපද වැසියෝ වඩනා ලද්දෝ ද, බැහැර සිටි තෙපි රජයට පමුණුවන ලද්දහු ද, බැහැරි රාජ්‍යයන් ගෙන් බොහෝ ධනය පැහැර ගෙනෙන ලද්දේ ද,
6087. ධනුග්ගහානං පවරං සූරං තිඛිණමන්තිනං, භාතරං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
6087. ධනුර්ධරයනට අග්‍ර වූ, ශුර වූ, තීක්ෂණමන්ත්රී නම් ඒ සහෝදරයා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
6088. මයොචිතා ජානපදා ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
6088. මා විසින් ජනපද වැසියෝ වඩන ලද්දෝ ය. මොහු රජගෙට ගෙනෙන ලදහ. බොහෝ වූ ධනය පර දෙසින් ගෙනෙන ලද්දේ ය.
6089. ධනුග්ගහානං පවරො සූරො තිඛිණමන්ති ච, මයායං සුඛිතො රාජා අතිමඤ්ඤති දාරකො.
6089. මම ධනුර්ධරයනට උතුම්ය, ශූරයෙමි. තියුණු නුවණ ඇත්තෙමි, මා විසින් මේ රජ සුඛිත කරන ලද්දේ ය යි ඒ තරුණ තෙම මා ඉක්මවා හඟියි.
6090. උපට්ඨානම්පි මෙ අය්යෙ න සො එති යථා පුරෙ, භාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
6090. ආර්‍ය්‍යාවනි, හෙතෙම පෙරැ සේ මට උපස්ථානයට ද නො එයි, ඒ දෝෂය හේතුකර ගෙනැ සහෝදරයා දිය රකුසාට දෙන්නෙමි.
6091. එකරත්තෙන උභයො තුවං ච ධනුසෙඛවා, උභො ජාතෙත්ථ පඤ්චාලා පහායා සුසමාවයා.
6091-6092. තෙපි ද, මේ ධනුශෙඛර කුමාරයා ද යන දෙදෙන ම එක්මැ රැයෙක මේ නගරයෙහි මැ උපන් පඤ්චාලයෝ ය. සම වයස්හි යහළුවෝ වූහ. හේ ජනපද චාරිකායෙහි නොහැර පසුගමන් කෙළේ යැ, තොප හා සමාන සුව දුක් ඇත්තේ යැ. දිවා රාත්‍රි උත්සාහවත් වැ සියලු කටයුත්තෙහි නිරත ය. කවර දෝෂයෙකින් යහළුවා දිය රකුසාට දෙන්නෙහිද?
6092. චරියා තං අනුබන්ධිත්ථො එකදුක්ඛසුඛො තව, උස්සුක්කො තෙ දිවාරත්තිං සබ්බකිච්චෙසු ව්යාවටො; සහායං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
6093. චරියාය අයං අය්යෙ පජග්ඝිත්ථො මයා සහ, අජ්ජාපි තෙන වණ්ණෙන අතිවෙලං පජග්ඝති.
6093. ආර්‍ය්‍යාවනි, මේ තෙම කුඩා කලැ මා සමග හැසිරෙන කල්හි මහහඬින් සිනාසුනේ යැ, අද ද පෙරැ සේ මා සමග සීමා ඉක්මවා මහහඬින් සිනාසෙයි.
6094. උබ්බරියාපි මෙ අය්යෙ මන්තයාමි රහොගතො, අනාමන්තා පවිසති පුබ්බෙ අප්පටිවෙදිතො.
6094. ආර්‍ය්‍යාවනි, නන්දා දේවිය සමග රහෝගත වැ මන්ත්‍රණයෙහි යෙදෙන විටද කලින් නො දන්වා නො විමසා ඇතුළු ගබට ද පිවිසෙයි.
6095. ලද්ධවාරො කතොකාසො අහිරිකං අනාදරං, සහායං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
6095. වාරය ලදුයෙමි. කළ අවකාශ ඇත්තෙමි යි ලජ්ජා නැති ආදර නැති යහළුවා ඒ දෝෂයෙන් මම දියරකුසාට දෙන්නෙමි.
6096. කුසලො සබ්බනිමිත්තානං රුදඤ්ඤූ ආගතාගමො, උප්පාදෙ සුපිනෙ යුත්තො නිය්යාණෙ ච පවෙසනෙ.
6096. සියලු නිමිත්තෙහි දක්ෂවූ සතුන්ගේ හඬ දන්නා වූ උගත් ආගම ඇති චන්ද්‍ර සූර්ය්ය ග්‍රහණ උල්කාපාත දික්දාහ ආදි උත්පාතයන් හා ස්වප්නයන්හි ඉෂ්ටානිෂ්ට ඵල දැනීමෙහි යෙදුණු ගෙන් පිටවීමෙහි හා ගෘහප්රවේශයෙහි ද ශුභාශුභ කීමෙහි දක්ෂ වූ,
6097. පද්ධො භුම්මන්තලික්ඛස්මිං නක්ඛත්තපදකොවිදො, බ්රාහ්මණං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
6097. භූමියෙහි හා අන්තරීක්ෂයෙහි ද ගුණදොස් කීමට සමර්ත්ථ වූ නක්ෂත්රපදයෙහි ඵලාඵල දැන්මෙහි දක්ෂ වූ පුරෝහිත බමුණා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නෙහි ද?
6098. පරිසායම්පි මෙ අය්යෙ මීලයිත්වා උදික්ඛති, තස්මා අජ්ජ භමුං ලුද්දං දජ්ජාහං දකරක්ඛිනො.
6098. ආර්‍ය්‍යාවනි, මේ තැනැත්තා පිරිස් මැද ද මා දෙසැ ඇස දල්වා බලයි. එනිසා රෞද්‍ර වූ බැම නැගීම් ඇති බ්‍රාහ්මණයා මම දිය රකුසාට දෙන්නෙමි.
6099. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං, වසුන්ධරං ආවසසි අමච්චපරිවාරිතො.
6099. ඇමතියන් විසින් පිරිවරනලද තෙපි සමුදුර සිසාරා ඇති මහා සාගරයට කුණ්ඩලාභරණ වූ සකලවිධ සම්පත්තීන් දරන පෘථිවියෙහි වාස කරන්නහු ය.
6100. චාතුරන්තො මහාරට්ඨො විජිතාවී මහබ්බලො, පථව්‍යා එකරාජාසි යසො තෙ විපුලංගතො.
6100. සතර මහාසාගරය හිම්කොට ඇති මහරටක් ඇත්තහු යැ, දිනූ සඞ්ග්‍රාම ඇත්තහු යැ, මහාබල ඇත්තහු යැ, මුළුලොවට අසහාය රජ වව. ඔබගේ කීර්තිය මහත් බවට ගියේය.
6101. සොළසිත්ථිසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, නානාජනපදා නරියො දෙවකඤ්ඤූපමා සුභා.
6101. පැළඳි මිණිකොඬොල් ඇති දිව්‍යකන්‍යාවන් හා සමාන විවිධ ජනපදයනට අයත් යහපත් ස්ත්‍රීහු සොළොස් දහසක් වෙති.
6102. එවං සබ්බඞ්ගසම්පන්නං සබ්බකාමසමිද්ධිනං, සුඛිතානං පියං දීඝං ජීවිතං ආහු ඛත්තිය.
6102. මහරජ, මෙසේ සුඛිතයන්ගේ සර්වාඞ්ග සම්පූර්ණ වූ සකලවිධ කාමයන්ගෙන් සමෘද්ධියට පත් ජීවිතය දීර්ඝ වූයේ ද ප්‍රිය යැ යි පණ්ඩිතයෝ කියත්.
6103. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජසි දුච්චජං.
6103. එසේ ඇති කලැ, ඔබ කිනම් කරුණක් නිසා කුමක් හේතුකැර ගෙන පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි ජීවිතය හැරැපියන්නහු ද?
6104. යතොපි ආගතො අය්යෙ මම හත්ථං මහොසධො, නාභිජානාමි ධීරස්ස අනුමත්තම්පි දුක්කතං.
6104. ආර්‍ය්‍යාවනි, මහෞෂධ පණ්ඩිත තෙම යම් දවසක මා වෙත පැමිණියේ ද එතැන් පටන් ඒ නුවණැත්තාගේ කුඩා වූ වරදකුදු නො දනිමි.
6105. සචෙ ච කිස්මිචි කාලෙ මරණං මෙ පුරෙ සියා, පුත්තෙ ච මෙ පපුත්තෙ ච සුඛාපෙය්ය මහොසධො.
6105. ඉදින් කිසි කලෙකැ මාගේ මරණය ප්‍රථමයෙන් සිද්ධ වේ ද, මහෞෂධ පණ්ඩිත තෙම මාගේ දරුමුණුබුරන් සුවපත් කරන්නේ ය.
6106. අනාගතං පච්චුප්පන්නං සබ්බමත්ථං විපස්සති, අනාපරාධකම්මන්තං න දජ්ජං දකරක්ඛිනො.
6106. අනාගත වර්තමාන සකලාර්ත්ථයන් මනාව දකී. නිරපරාධී ක්‍රියා ඇති තැනැත්තා දිය රකුසාට නො දෙමි.
6107. ඉදං සුණොථ පඤ්චාලා චූළනීයස්ස භාසිතං, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජති දුච්චජං.
6107. පඤ්චාලරට වැසියනි, චූලනී රජුගේ මේ වචන අසත්වා. මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි තම දිවි හරියි.
6108. මාතු භරියාය භාතුච්ච සඛිනො බ්රාහ්මණස්ස ච, අත්තනො චාපි පඤ්චාලො ඡන්නං චජති ජීවිතං.
6108. පඤ්චාල රජ මවගේ ද, බිරිඳගේ ද, සොහොයුරාගේ ද, යහළුවාගේ ද, පුරෝහිත බ්‍රාහ්මණයාගේ ද, තමාගේ ද යන සදෙනාගේ දිවි පණ්ඩිතයන් සඳහා හැරැයෙයි.
6109. එවං මහත්ථිකා පඤ්ඤා නිපුණා සාධුචින්තනී, දිට්ඨධම්මෙ හිතත්ථාය සම්පරායෙ සුඛාය ච.
6109. සූක්ෂම වූ ප්‍රඥා තොමෝ මෙසේ මහත් අර්ත්ථ ඇත්තී ය. යහපත් චින්තා ඇත්තී ය. මෙලොව හිත පිණිස ද, පරලෝ සුව පිණිස ද පවත්නී ය.
දකරක්ඛසපඤ්හො.
උදකරාක්ෂස ප්රශ්නය යි.
6110. භෙරි උප්පලවණ්ණාසි පිතා සුද්ධොදනො අහු, මාතා ආසි මහාමායා අමරා බිම්මසුන්දරී.
6110. උත්පලවර්ණා තොමෝ එකලැ භේරී පරිබ්‍රාජිකාව වූවා ය. සුද්ධෝදන රජ පියා විය. මායා බිසව මව ද බිම්බා දේවී අමරා දේවී ද වූවා ය.
6111. සුවො අහොසි ආනන්දො සාරිපුත්තොසි චූළනී, මහොසධො ලොකනාථො එවං ධාරෙථ ජාතකං.
6111. ආනන්ද ස්ථවිර සුව පෝතක විය. ශාරීපුත්‍ර ස්ථවිර චූලනී බ්‍රහ්මදත්ත රජ විය. මහෞෂධ පණ්ඩිත තෙම මෙකලැ ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ය යි මෙසේ ජාතකය දරවු.
මහාඋම්මග්ගජාතකං නවමං.
නවවැනි මහාඋම්මග්ග ජාතක යි.