රාජවසතිකණ්ඩං
5615. සො ච මිත්තෙ අමච්චෙ ච ඤාතයො සුහදං ජනෙ, අලීනමනසඞ්කප්පො විධුරො එතදබ්රවි.
5615. නො සැඟවුණ (පැහැදිලි) සිතුවිලි ඇති විධුර පඬිතුමා මිතුරන්ට, ඇමැතියන්ට, නෑයන්ට සහ සුහදයන්ට (හිතවතුන්ට) මෙය කීය:
5616. එථය්යො රාජවසතිං නිසීදිත්වා සුණොථ මෙ, යථා රාජකුලං පත්තො යසං පොසො නිගච්ඡති.
5616. ආර්‍ය්‍යයෙනි, එවු එපරිද්දෙන් රජකුලයට පත් පුරුෂයා යම්සේ සම්පතට පැමිණේ ද, මා කියන රාජපරිචර්ය්යාව (රජමැදුරේ සේවය) මා සමීපයේ සිට අසවු.
5617. නහි රාජකුලං පත්තො අඤ්ඤාතො ලභත්ත යසං, නාසූරො නපි දුම්මෙධො නප්පමත්තො කුදාචනං.
5617. අප්‍රකට තැනැත්තා ද අදක්ෂ තැනැත්තා ද අඥාන තැනැත්තා ද මුළා වූ සිහි ඇති තැනැත්තා ද රජ මැදුරට පැමිණ කිසි කලෙක යශස් නො ලබයි.
5618. යදාස්ස සීලං පඤ්ඤඤ්ච සොචෙය්යඤ්චාධිගච්ඡති, අථ විස්සසතෙ ත්යම්හි ගුය්හඤ්චස්ස න රක්ඛති.
5618. යම් කලෙක රජතුමා සේවකයාගේ ආචාර සම්පත්තිය ඥාන සම්පත්තිය හා පවිත්‍රතාව වටහා ගනී ද, එකලැ ඔහු විශ්වාස කරයි. සඟවාලියයුතු රහස පවා නො සඟවා කියයි.
5619. තුලා යථා පග්ගහිතා සමදණ්ඩා සුධාරිතා, අජ්ඣිට්ඨො න විකම්පෙය්ය ස රාජවසතිං වසෙ.
5619. යම්සේ මැනැවින් ධරනලද ඔසවාලූ තුලාව (තරාදිය) සමදණ්ඩ වැ සිටී ද එසේ මැ රාජ නියෝග ලද සේවකයා නො සැලේ ද හෙතෙම රජකුලෙහි වසන්නේ යැ (රජගෙහි සේවාවට නිසිවෙයි.)
5620. තුලා යථා පග්ගහිතා සමදණ්ඩා සුධාරිතා, සබ්බානි අභිසම්භොන්තො ස රාජවසතිං වසෙ.
5620. යම්සේ මැනවින් ධරන ලද ඔසවාලූ තුලාව සමදණ්ඩ වැ සිටී ද, එසෙයින් සියලු රාජකාර්ය්යය කරන හේ රජකුලෙහි වසන්නේ ය.
5621. දිවා වා යදි වා රත්තිං රාජකිච්චෙසු පණ්ඩිතො, අජ්ඣිට්ඨො න විකම්පෙය්ය ස රාජවසතිං වසෙ.
5621. නුවණැත්තේ රාජකාර්‍ය්‍යයෙහි දවලහි හෝ රාත්‍රියෙහි හෝ මෙහෙයන ලදුයේ නො සැලේ නම් හේ රජගෙහි වසන්නේ ය.
5622. දිවා වා යදි වා රත්තිං රාජකිච්චෙසු පණ්ඩිතො, සබ්බානි අභිසම්භොන්තො ස රාජවසතිං වසෙ.
5622. නුවණැත්තේ රාජකෘත්‍යයෙහි යෙදුනේ දහවල් හෝ රාත්‍රියෙහි හෝ සියල්ල සම්පාදනය කරන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
5623. යො චස්ස සුකතො මග්ගො රඤ්ඤො සුප්පටියාදිතො, න තෙන වුත්තො ගච්ඡෙය්ය ස රාජවසතිං වසෙ.
5623. රජතුමා සඳහා යම් මාර්ගයක් මනාව පිළියෙළ කරන ලද ද ඒ මාර්ගයෙන් යව යි (රජතුමා විසින් කියන ලද ද) ඒ මගෙහි නො යන්නේ ය.
5624. න රඤ්ඤො සමකං භුඤ්ජෙ කාමභොගෙ කුදාචනං, සබ්බත්ථ පච්ඡතො ගච්ඡෙ ස රාජවසතිං වසෙ.
5624. රජතුමාට සමාන ලෙස පස්කම් සැප කිසිවිටෙක නො විඳින්නේ ය. හැම තන්හි එයට වඩා අඩුතරමින් කම්සැප විඳින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5625. න රඤ්ඤො සදිසං වත්ථං න මාලං න විලෙපනං, ආකප්පං සරකුත්තිං වා න රඤ්ඤො සදිසමාචරෙ; අඤ්ඤං කරෙය්ය ආකප්පං ස රාජවසතිං වසෙ.
5625. රජතුමාට සමාන අයුරින් වස්ත්‍ර නො ඇඳීම, මල්මාලා නො දැරීම සහ විලෙවුන් නො ගැල්වීම ද කරන්නේ ය. ඉරියව් පැවැත්වීම හා ශබ්ද කිරීම ද රජතුමාට සමාන නොවන ලෙසින් අනිත් ආකාරයකින් කරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5626. කීළෙ රාජා අමච්චෙහි භරියාහි පරිවාරිතො, නාමච්චො රාජභරියාසු භාවං කුබ්බෙථ පණ්ඩිතො.
5626. රජතුමා ඇමතියන් හා භාර්ය්යාවන් පිරිවරා (යම් විටෙක) ක්‍රීඩා කරන්නේ ද එවිට ඥානසම්පන්න ඇමැති රජතුමාගේ බිරියන් විශ්වාස නො කරන්නේ ය. (ඔවුන් හා විශ්වාසයට නො යන්නේ ය.)
5627. අනුද්ධතො අචපලො නිපකො සංවුතින්ද්රියො, මනො පණිධිසම්පන්තො ස රාජවසතිං වසෙ.
5627. අහංකාර රහිත ව චපල පැවැතුම් නැත්තෙක් ව මුහුකුරා ගිය ප්‍රඥා ඇත්තෙක් ව සංවෘත ෂඩින්ද්රිය ඇත්තෙක් ව රජගෙහි වසන්නේ ය.
5628. නාස්ස භරියාහි කීළෙය්ය න මන්තෙය්ය රහොගතො, නාස්ස කොසා ධනං ගණ්හෙ ස රාජවසතිං වසෙ.
5628. රජතුමාගේ බිරියන් හා ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගත ව (ඔවුන් හා) සාකච්ඡා නො කරන්නේ ය. ඔහුගේ (රජතුමාගේ) භාණ්ඩාගාරයෙන් ධනය හොරකම් නො කරන්නේ ය. ඒ පුද්ගල තෙම රජගෙහි වසන්නේ ය. (රජුගේ සමීපවාසයට සුදුස්සෙක් වන්නේ ය.)
5629. න නිද්දන්තං බහුං මඤ්ඤෙ න මදාය සුරං පිවෙ, නාස්ස දායෙ මිගං හඤ්ඤෙ ස රාජවසතිං වසෙ.
5629. අධික නිද්රෝපගතයෙක් නො වන්නේ ය. මත්වීම පිණිස සුරා නො බොන්නේ ය. ඔහුගේ අභය ස්ථානයන්හි (අභයභූමිවලැ) වෙසෙන මුවන් නො මරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5630. නාස්ස පීඨං න පල්ලඞ්කං න කොච්ඡං න නාගං රථං, සම්මතොම්භීති ආරූහෙ ස රාජවසතිං වසෙ.
5630. මම කාර්මිකයෙක් වෙමි යි රජතුමාගේ පුටුවට, ඇඳට, සිංහාසනයට, ඇතු පිටට, රථයට නො නඟින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5631. නාතිදූරෙ භවෙ රඤ්ඤො නාච්චාසන්නෙ විචක්ඛණො, සමෙක්ඛං චස්ස තිට්ඨෙය්ය සන්දිස්සන්තො සභත්තුනො.
5631. නැණවත් සේවකයා රජතුමාට දුර තැනක හෝ ඉතා සමීප තැනක හෝ නො සිට රජතුමා කරන දෙය බලමින් සිය ස්වාමියාට පෙනෙන තැන සිටිනේ ය.
5632. න වෙ රාජා සඛා හොති න රාජා හොති මෙථුනො, ඛිප්පං කුජ්ඣන්ති රාජානො සූකෙනක්ඛීව ඝට්ටිතං.
5632. රජ එකැතින් ම මිතුරෙක් නො වේ. රජතුමා තමාට සමාන ද නො වේ. ඇසට වැටුණ වීනන්ඩුව ඇසේ පියවි ගතිය වහා හරනා සේ රජවරු වහා කිපෙති.
5633. න පූජිතො මඤ්ඤමානො මෙධාවී පණ්ඩිතො නරො, ඵරුසං පතිමන්තෙය්ය රාජානං පරිසං ගතං.
5633. රජතුමා විසින් මම පුදන ලද්දේ වෙමි යි සිතා නැණවත් පණ්ඩිත මනුෂ්‍යයා (සේවකයා) පිරිස්මැදට ගිය රජතුමාට පරුෂ බසින් කතා නො කරන්නේ ය.
5634. ලද්ධද්වාරො ලභෙද්වාරං නෙව රාජූසු විස්සසෙ, අග්ගීව යතො තිට්ඨෙය්ය ස රාජවසතිං වසෙ.
5634. ලද දොර ඇත්තේ (දොරටුපාලයකු වූයේ) නමුදු අවසර ලබා ම පිවිසෙන්නේ ය. රජුන් විශ්වාස නො කරන්නේ ය. ගින්න සමීපයේ (සිටින කලෙක) මෙන් සිහියෙන් සිටින්නේ ය.
5635. පුත්තං වා භාතරං සං වා සම්පග්ගණ්හාති ඛත්තියො, ගාමෙහි නිගමෙහි වා රට්ඨෙ ජනපදෙහි වා තුණ්හී භූතො උපෙක්ඛෙය්ය න භනෙ ඡෙකපාපකං.
5635. රජතුමා සිය පුතාට හෝ සිය සහෝදරයාට හෝ ගම් වලින් හෝ නියම්ගම්වලින් හෝ ජනපදවලින් හෝ කිසිවක් දෙමි යි සේවකයන් සමග කියා ද එකලැ සේවකයා තුෂ්ණීම්භූත ව මධ්‍යස්ථ වන්නේ ය. ගුණාගුණ (හොඳ නරක) නො කියන්නේ ය.
5636. හත්ථාරූහෙ අනීකට්ඨෙ රථිකෙ පත්තිකාරකෙ, තෙසං කම්මාවදානෙන රාජා වඩ්ඪෙති වෙතනං න තෙසං අන්තරා ගච්ඡෙ ස රාජවසතිං වසෙ.
5636. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සේනාවන්හි කාර්ය්යයන් හා ඔවුන්ගේ හැසිරීම් අනුව රජතුමා වේතන වැඩිකරයි නම් සේවකයා ඔවුන්ගේ ලාභයට අන්තරාය නො කරන්නේ ය.
5637. චාපොවූනූදරො ධීරො වංසො වාපි පකම්පියො, පටිලොමං න වත්තෙය්ය ස රාජවසතිං වසෙ.
5637. යම් සේවකයෙක් නැණවත් ද දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද නො මේරු උණගසක් සේ චලනය වේ ද රජතුමාට විරුද්ධ පැවැතුම් නැත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5638. චාපොවූනුදරො අස්ස මච්ඡොවස්ස අජිව්හවා, අප්පාසී නිපකො සූරො ස රාජවසතිං වසෙ.
5638. (යමෙක්) දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද (දිව ඇතත්) දිව නැත්තකු සෙයින් මාළුවකු මෙන් වූයේ අල්ප වූ කථා ඇත්තේ ද ස්වල්ප වශයෙන් බුදින සුලු වේ ද දක්ෂ ද ශූර ද හේ රජගෙහි වසන්නේ ය.
5639. න බාළ්හං ඉත්ථිං ගච්ඡෙය්ය සම්පස්සං තෙජසඞ්ඛයං, කාසං සාසං දරං බල්යං ඛීණමෙධො නිගච්ඡති.
5639. යමෙක් (සිය) තෙද පිරිහීයාම දකිමින් ස්ත්‍රීන් කරා යළි යළිත් නො යන්නේය එසේ යන නුවණ පිරිහුණු පුද්ගලයා කාශස්වාසයනට ද කාය පීඩාවට ද කය දුබලවීමට ද පත් වේ.
5640. නාතිවෙලං පභාසෙය්ය න තුණ්හී සබ්බදා සියා, අවිකිණ්ණං මිතං වාචං පත්තෙ කාලෙ උදීරයෙ.
5640. රජුන් සමීපයේ සිට පමණට වඩා කතා නො කරන්නේ ය. හැමකල නිහඬ නො වන්නේ ය. සුදුසු වේලාවෙහි නො විසිරුණ ප්‍රමාණවත් කතා කරන්නේ ය.
5641. අක්කොධනො අසංඝට්ඨො සච්චො සණ්හො අපෙසුනො, සම්ඵං ගිරං න භාසෙය්ය ස රාජවසතිං වසෙ.
5641. නො කිපෙන සුලු වූ අන්‍යයන් හා නො ගැටෙන්නා වූ සත්‍ය වූ සියුම් වූ ප්‍රියශූන්‍ය නො වූ කතා ඇත්තෙක් වන්නේ ය. හිස් වචන නො කියන්නේ ය. හේ රාජභවනයෙහි වසන්නේ ය.
5642. මාතාපෙත්තිභරො අස්ස කුලෙජෙට්ඨාපචායිකො, හිරිඔත්තප්පසම්පන්නො ස රාජවසතිං වසෙ.
5642. (යමෙක්) මවුපියන් පෝෂණය කරන්නේ ද කුලදෙටුවන් පුදන්නේ ද හිරි ඔතප් ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
5643. විනීතො සිප්පවා දන්තො කතත්තො නියතො මුදු, අප්පමත්තො සුචි දක්ඛො ස රාජවසතිං වසෙ.
5643. (යමෙක්) ආචාරසම්පන්න වූයේ ද ශිල්ප ඇත්තේ ද හික්මවාගත් ඉඳුරන් ඇත්තේ ද සිය ජීවිතය ගුණවත් කරගත්තේ ද නො සැලෙන ස්වභාව ඇත්තේ ද මාන රහිත ද අප්‍රමාද ව (නුමුළා සිහි ඇති ව) ක්‍රියා කරනුයේ ද පිරිසුදු වූයේ ද උවටැන් කිරීමට දක්ෂවූයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5644. නිවාතවුත්ති වද්ධෙසු සප්පතිස්සො සගාරවො, සුරතො සුඛසම්භාසො ස රාජවසතිං වසෙ.
5644. (යමෙක්) වැඩිහිටියන් කෙරේ යටහත් පැවතුම් ඇත්තේ ද සාදර සගෞරව වූයේ ද සුවච පැවැතුම් ඇත්තේ ද මොළොක් වදන් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5645. ආරකා පරිවජ්ජෙය්ය සහිතුං පහිතං ජනං, භත්තා රඤ්ඤෙවුදික්ඛෙය්ය අනඤ්ඤස්ස ච රාජිනො.
5645. රහස් සෙවීමට අන් රජුන් විසින් එවන ලද ජනයා දුරින් දුරු කරන්නේ ය. තමාගේ රජු ම ස්වාමියා ලෙස සලකන්නේ ය. අන් රජකු සමීපයෙහි නො වසන්නේ ය.
5646. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, සක්කච්චං පයිරුපාසෙය්ය ස රාජවසතිං වසෙ.
5646. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් මැනැවින් ඇසුරු කරනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5647. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, සක්කච්චං අනුවාසෙය්ය ස රාජවසතිං වසෙ.
5647. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් (පෙහෙවස් සමාදන් වී) අනුව වසනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5648. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, තප්පෙය්ය අන්නපානෙන ස රාජවසතිං වසෙ.
5648. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් ආහාරපාන දීමෙන් සන්තර්පණය කෙරේ ද හේ රජගෙහි වසන්නේ ය.
5649. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, ආසජ්ජ පඤ්ඤෙ සෙවෙථ ආකඞ්ඛං වුද්ධිමත්තනො.
5649. සිල්වත් වූ බහුශ්‍රුත වූ පණ්ඩිත වූ මහණ බමුණන් වෙත පැමිණ සිය අභිවෘද්ධිය අපේක්ෂාවෙන් ඇසුරු කරන්නේ ය.
5650. දින්නපුබ්බං න හාපෙය්ය දානං සමණබ්රාහ්මණෙ, න ච කිඤ්චි නිවාරෙය්ය දානකාලෙ වණිබ්බකෙ.
5650. පෙරසිට මහණ බමුණන්ට දුන් දන නො පිරිහෙළන්නේ ය. දෙන කලැ එතැනට පැමිණි යාචකයන් දැකැ (ඔවුනට දෙන දීමනා) කිසිවක් නො වළක්වන්නේ ය.
5651. පඤ්ඤවා බුද්ධිසම්පන්නො විදානවිධිකොවිදො, කාලඤ්ඤූ සමයඤ්ඤූ ච ස රාජවසතිං වසෙ.
5651. යමෙක් වීමංසක ප්‍රඥාවෙන් යුක්ත ද බුද්ධි සම්පන්න ද කාර්ය්යයන් සංවිධානය කිරීමේ බුහුටි වේ ද දන් දීම සිල්රැකීම ආදියට යෝග්‍ය කාලය දන්නේ ද සී සෑම වැපිරීම ආදිය සඳහා යෝග්‍ය කාලය දන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
5652. උට්ඨාතා කම්මධෙය්යෙසු අප්පමත්තො විචක්ඛණො, සුසංවිහිතකම්මන්තො ස රාජවසතිං වසෙ.
5652. නොපමා වූ බුද්ධිමත් වූ යමෙක් තම කටයුතු කිරීමේ උත්සාහ ඇත්තේ ද කාර්ය්ය සංවිධානයේ මනා දක්ෂ බව ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
5653. ඛලං සාලං පසුං ඛෙත්තං ගන්තා චස්ස අභික්ඛණං මිතං ධඤ්ඤං නිධාපෙය්‍ය මිතඤ්ච පාචයෙ ඝරෙ.
5653. (යමෙක්) කලවිටට ශාලාවට ගවශාලාවට හා කුඹුරට නිතර යන්නේ ය. මනින ලද (ප්‍රමාණය දැන) ධාන්‍ය අටුවල තැන්පත් කරන්නේ ය. ගෘහයේ (ප්‍රයෝජනය සඳහා) මැන (පමණට) පිසන්නේ ය.
5654. පුත්තං වා භාතරං සං වා සීලෙසු අසමාහිතං, අනඞ්ගවා හි තෙ බාලා යථා පෙතා තථෙව තෙ; චොලඤ්ච නෙසං පිණ්ඩඤ්ච ආසීනානං ව දාපයෙ.
5654. සීලයන්හි නො පිහිටි සිය පුතකු හෝ සොහොයුරකු හෝ අධිපති තැන්හි (අධිපති තනතුරකැ) නො තබන්නේ ය. අඥාන වූ ඔවුහු අඞ්ග සමාන (සොහොවුරු) නොවෙති. ගුණ සිරුර රහිත වන බැවින් ඔවුහු මළවුන් වැන්න. (කැඳවීමක් නැති ව) අවුදින් හුන්නවුන්ට රෙදි කඩක් හා ආහාර පමණක් දෙවන්නේ ය.
5655. දාසෙ කම්මකරෙ පෙස්සෙ සීලෙසු සුසමාහිතෙ, දක්ඛෙ උට්ඨානසම්පන්නෙ ආධිපච්චස්මිං ඨාපයෙ.
5655. දක්ෂවූ ද උත්සාහවත් වූ ද මනාව සීලයන්හි පිහිටියා වූ දාසයන් කම්කරුවන් හා පණිවිඩකරුවන් ද ආධිපත්‍යයෙහි පිහිටු වන්නේ ය.
5656. සීලවා ච අලොලො ච අනුරත්තො චස්ස රාජිනො, ආවී රහො හිතො තස්ස ස රාජවසතිං වසෙ.
5656. යමෙක් සිල්වත් ද ලෝභ රහිත ද රහසිගත වත් ප්‍රකට වත් රජතුමාට හිතවත්වේ ද හේ රජගෙහි වසන්නේ ය.
5657. ඡන්දඤ්ඤූ රාජිනො අස්ස චිත්තට්ඨො චස්ස රාජිනො, අසඞ්කුසකවත්තිස්ස ස රාජවසතිං වසෙ.
5657. යමෙක් රජතුමාගේ කැමැත්ත දන්නේ ද රජතුමාගේ චිත්තාරාධනය කෙරේ ද රජතුමාට විරුද්ධ නො වූ පැවැතුම් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5658. උච්ඡාදයෙ ච නහාපයෙ ධොවෙ පාදෙ අධොසිරං, ආහතොපි න කුප්පෙය්ය ස රාජවසතිං වසෙ.
5658. (යමෙක් රජතුමාගේ) ඇඟ උලා නාවනුයේ ද යටිකුරු කළ හිස ඇතිව (බිම බලාගෙන) පා සෝදනුයේ ද, පහර ලදුවත් නො කිපේ ද, හේ රජගෙහි වසන්නේ ය.
5659. කුම්භම්පි පඤ්ජලිං කුරියා වායසං වා පදක්ඛිණං, කිමෙව සබ්බකාමානං දාතාරං ධීරමුත්තමං.
5659. අභිවෘද්ධිය තකා වතුර කළය දැක ඇඳිලි බැඳීම ද කවුඩකු දැක ප්රදක්ෂිණාව ද කෙරේ නම් කැමැති හැම දෙය දෙන්නා වූ ඥානවත් ශ්‍රේෂ්ඨ රජතුමා දුටු විට කියනු කිම? (ඒකාන්තයෙන් හරසර දැක්විය යුත්තේම ය.)
5660. යො දෙති සයනං වත්ථං යානං ආවසථං ඝරං, පජ්ජුන්නොරිව භූතානි භොගෙහි මභිවස්සති.
5660. යමෙක් සයනාසන වස්ත්‍ර යානා සහ වාසස්ථාන දෙන්නේ ද සත්ත්වයන්ට මේඝය මෙන් සම්පත් නමැති මහවැසි වස්වන රජතුමාට අභිවාදන කටයුතු.
5661. එසය්යො රාජවසති වත්තමානො යථා නරො, ආරාධයති රාජානං පූජං ලභති භත්තුසු.
5661. ආර්‍ය්‍යයෙනි, මා විසින් රාජවසතිය (රාජසේවකයන්ගේ පැවැත්ම) මෙසේ කියන ලදී. මෙ පරිදි යම් මිනිසෙක් රජු සතුටු කෙරේ නම් හෙතෙම ස්වාමීන්ගෙන් සැලැකිලි ලබන්නේ ය යි (විධුර පඬිතුමා අනුශාසනා කෙළේ ය.)