යෙදුමෙන් කියවන්න

පෙක‍්ඛනකණ‍්ඩො

5602. එහි දානි ගමිස‍්සාම දින‍්නො නො ඉස‍්සරෙන මෙ, මමෙවත්‍ථං පටිපජ‍්ජ එස ධම‍්මො සනන‍්තනො.

5602. ස්වාමියා විසින් තෙපි මට දෙනලද්දාහු යැ. එව දැන් යමු. මාගේ ම අභිවෘද්ධිය පතා පිළිපදින්න (ක්‍රියා කරන්න). මෙය සනාතන ධර්‍මයෙකි. (පෙර සිට පවත්නා නැණවතුන්ගේ ස්වභාවය යි.)

5603. ජානාමි මාණව තයාහමස‍්මි දින‍්නොහමස‍්මි තව ඉස‍්සරෙන, තීහඤ‍්ච තං වාසයෙමු අගාරෙ යෙනද‍්ධුනා අනුසාසෙමු පුත‍්තෙ.

5603. මාණවකය, තා විසින් මම ලබන ලදිමි යි දනිමි. ස්වාමීහු විසින් මම තොපට දෙන ලද්දෙමි. දරුවන්ට අනුශාසනා පිණිස යම් පමණ කල් යේ ද එ පමණ (කල්) තුන් දිනක් අපගේ නිවසේ වසමු.

5604. තං මෙ තථා හොතු වසෙමු තීහං කුරුතං භවං අජ‍්ජ ඝරෙසු කිච‍්චං, අනුසාසතං පපුත‍්තදාරෙ භවජ‍්ජ යථා තයි පච‍්ඡා සුඛී භවෙය්‍ය.

5604. තොප කියන ලෙස සියල්ල මට සිදුවේවා. තුන් දවසක් ගෙදර වසමු. පින්වත් තෙමේ, අද ගෘහයේ අනුශාසනා කෙරේවා. තොප ගිය පසු දරුවන්ට සෙත් ලැබෙන්නේ යම් ලෙසකින් නම් එසේ අනුශාසනා කෙරේවා.

5605. සාධූති වත්‍වාන පහූතකාමො පක‍්කාමි යක‍්ඛො විධුරෙන සද‍්ධිං, තං කුඤ‍්ජරාජඤ‍්ඤහයානුචිණ‍්ණං පාවෙක‍්ඛි අන‍්තොපුරමරියසෙට‍්ඨො.

5605. මහාභෝග ඇති යක්‍ෂ තෙම යහපතැයි කියා විධුර පඬිතුමා සමග පිටත් වී. උසස් පැවතුම් ඇති යක්‍ෂතෙමේ ඇතුන් ද අසුන් ද හැසිරෙන අන්තඃපුරයට පිවිසියේ ය.

5606. කොඤ‍්චං මයූරඤ‍්ච පියඤ‍්ච කෙතං උපාගමී තත්‍ථ සුරම‍්ම රූපං, පහූතභක‍්ඛං බහු අන‍්නපානං මසක‍්කසාරං විය වාසවස‍්ස.

5606. කොඤ්චය, මයූරය, පියකේතය යන නම් ඇති තුන් ප්‍රාසාදයෝ වෙති. ඒ පහයන් අතරෙන් අතිශය මනෝහර වූ ද බොහෝ ආහාරපාන ඇත්තා වූ ද ශක්‍රයාගේ භවන වැනි වූ ද තමා වෙසෙන පහයට එළැඹියේ ය.

5607. තත්‍ථ නච‍්චන‍්ති ගායන‍්ති අව‍්හයන‍්ති වරා වරං, අච‍්ඡරා විය දෙවෙසු නාරියො සමලඞ‍්කතා.

5607. එහි දෙව්ලෝහි දෙවඟනන් මෙන් සරසන ලද ස්ත්‍රීහු උතුම් වූ නෘත්‍ය ගීත වාද්‍යයෙන් ඔවුනොවුන්ට ස්පර්ධා කෙරෙති.

5608. සමඞ‍්ගි කත්‍වා පමදාහි යක‍්ඛං අන‍්නෙන පානෙන ච ධම‍්මපාලො, අත‍්තත්‍ථමෙවානුවිචින‍්තයන‍්තො පාවෙක‍්ඛි භරියාය තදා සකාසෙ.

5608. දහම්රක්නා බෝසත් තෙම එදවසැ යක්‍ෂයා මාගමුන් හා ආහාරපානයෙන් ද සමග කොට ස්වකීය අර්‍ත්‍ථය මැ මෙනෙහි කරමින් භාර්‍ය්‍යාව වෙත එළඹියේ ය.

5609. තං චන්‍දනගන්‍ධරසානුලිත‍්තං සුවණ‍්ණජම‍්බොනදනික‍්ඛසාදිසං, භරියංවචා එහි සුණොහි භොති පුත‍්තානි ආමන‍්තය තම‍්බනෙත‍්තෙ.

5609. සඳුන් ගඳ කලල් තවර කළ ජාම්බොනද ස්වර්‍ණ සදෘග ශරීර ඇත්තා වූ බිරිඳ අමතා, පින්වතිය, එව. මාගේ කීම අහන්න. තඹපැහැති නෙත් ඇත්තිය, මාගේ දරුවන් කැඳවයි කීය.

5610. සුත්‍වාන වාක්‍යං පතිනො අනුජ‍්ජා සුනිසං වච තම‍්බනඛී සුනෙත‍්තං, ආමන‍්තය වම‍්මධරානි චෙතෙ පුත‍්තානි ඉන්‍දීවරපුප‍්ඵසාමෙ.

5610. අනුජ්ජා තොමෝ හිමිහු බස් අසා, නිලුපුල්වන් නෙත් ඇති චේතාවෙනි, ආභරණවලින් විභූෂිත මාගේ දරුවන් කැඳවන්නැ යි තඹපැහැති නිය හා මනා ඇස් ඇති යෙහෙළියට කීවා ය.

5611. තෙ ආගතෙ මුද‍්ධනි ධම‍්මපාලො චුම‍්බිත්‍වා පුත‍්තෙ අවිකම‍්පමානො, ආමන‍්තයිත්‍වාන අවොච වාක්‍යං දින‍්නාහං රඤ‍්ඤා ඉධ මාණවස‍්ස.

5611. මහබෝසතාණන් වහන්සේ තමා වෙත පැමිණි දරුවන්ගේ හිස සිඹැ (දරුවෙනි) රජතුමා විසින් මේ මාණවකයාට මම දෙන ලද්දෙමි යි කීහ.

5612. තස‍්සජ‍්ජහං අත‍්තසුඛී විධෙය්‍යො ආදාය යෙනිච‍්ඡති තෙන ගච‍්ඡති, අහං ච වො සාසිතුං ආගතොස‍්මි කථං අහං අපරිත‍්තාය ගච‍්ඡෙ.

5612. ඔහුට අයිති මම, අද මා සතු සැප ඇත්තෙක් වූයෙමි. එහෙත් පසුව ඔහුට යටත් වෙමි. හේ මා රැගෙන කැමැති මගෙකින් යන්නට පළමු (තොපට) අනුශාසනා කරන්නට ආවෙමි. (තොපගේ) ආරක්‍ෂාව නො සලසා කෙසේ මම යන්නෙම් ද?

5613. සචෙ වො රාජා කුරුඛෙත‍්තවාසී ජනසන්‍ධො පුච‍්ඡෙය්‍ය පහූතකාමො, කිමාභිජානාථ පුරෙ පුරාණං කිං වො පිතා අනුසාසෙ පුරත්‍ථා.

5613. ජනයා පාලනය කරන, බොහෝ සම්පත් ඇති කුරුරට රජ, පෙර සිදුවූ කෙබඳු පැරණි දේ තෙපි දන්නහු ද? පියා තොපට කවර අනුශාසනාවක් කෙළේදැ යි තොප පුළුවුස්නේ නම් මෙසේ මා දුන් අවවාද කියවු.

5614. සමාසනා හොථ මයාව සබ‍්බෙ කොනීධ රඤ‍්ඤො අබ‍්භතිකො මනුස‍්සො තමඤ‍්ජලිං කරිය වදෙථ එවං මාහෙව දෙව නහි එස ධම‍්මො, වියග‍්ඝරාජස‍්ස නිභීනජච‍්චො සමාසනො දෙව කථං භවෙය්‍ය.

5614. තෙපි සියල්ලෝ මා හා සම අසුන් ගනිත්වා යි රජ තොපට කීවේ නම්, රජකුලයෙහි කවරෙක් රජු හා සමානාසනික වේදැ යි රජුට ඇඳිලිබැඳ කියවු. දේවයන් වහන්ස, මෙලෙස නො කියන්නේ මනා ය. මෙය (රජතුමා හා සමව අසුන් ගැනුම) අපේ පාරම්පරික චාරිත්‍රය නො වෙයි. දේවයන් වහන්ස, සිංහ රාජයකු, නීච ජාතියෙහි වූ සිවලකු හා සමව අසුන් ගැනුම කෙසේ වන්නේ දැ යි.

පෙක‍්ඛනකණ‍්ඩො.

පෙක්ඛන කාණ්ඩ යි.