මණිකණ‍්ඩො
5537. ඉදඤ‍්ච මෙ මණිරතනං පස‍්ස ත්‍වං දිපදුත‍්තම, ඉත්‍ථීනං විග‍්ගහා චෙත්‍ථ පුරිසානඤ‍්ච විග‍්ගහා.
5537. (පූර්‍ණක) නරදේවයනි තෙපි මාගේ මේ මිණි රුවන බලව. මෙහි ස්ත්‍රීන්ගේ රූප ද පුරුෂයන්ගේ රූප ද ඇත.
5538. මිගානං විග‍්ගහා චෙත්‍ථ සකුණානඤ‍්ච විග‍්ගහා, නාගරාජෙ සුපණ‍්ණෙ ච මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5538. මුවන්ගේ රූප ද පක්‍ෂීන්ගේ රූප ද පැනෙයි. නාගයන් ද ගුරුළන් ද මැණිකෙහි නිමැවුණු (පැණෙන) අසිරි බලව.
5539. හත්‍ථානීකං රථානීකං අස‍්සෙ පත‍්ති ධජානි ච, චතුරඞ‍්ගිනිං ඉමං සෙනං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5539. මිණිරුවනෙහි නිමැවුණු හස්ති සේනා, රථ සේනා, අශ්ව සේනා, ධජ වලින් යුත් (සැදුම් ලත්) පාබළ සේනා යන චතුරඞ්ගිනී සේනා බලව.
5540. හත්‍ථාරුහෙ අනීකට‍්ඨෙ රථිකෙ පත‍්තිකාරිකෙ, බලග‍්ගානි වියූළ‍්හානි මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5540. ඇතරුවන්, අසරුවන්, රියැදුරන්, පාබළ සෙබළුන් යන සේනා සමූහය මැණිකෙහි නිමැවුණු අසිරි බලව.
5541. පුරං උද‍්දාපසම‍්පන‍්නං බහුපාකාරතොරණං, සිඞ‍්ඝාටකෙසු භූමියො මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5541. උස්වූ පදනම් ඇති බොහෝ පවුරු හා තොරණ ඇති පුරය ද සිවුමංසල හා ළගන්නා භූමිභාග ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5542. එසිකා පරිඛායො ච පලිඝං අග‍්ගලානි ච, අට‍්ටාලකෙ ච ද‍්වාරෙ ච මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5542. ඉන්‍ද්‍රඛීලය ද දිය අගල ද නුවර දොර කවුළු ද අටලු ද දොරකොටු ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5543. පස‍්ස තොරණමග‍්ගෙසු නානාදිජගණා බහූ, හංසා කොඤ‍්චා මයූරා ච චක‍්කවාකා ච කුක‍්කුභා.
5543-5544. තොරණ‘ගෙහි (තොරණ මුදුනැ) හංසයන් කොස් ළිහිණින් මොනරුන් සක්වාළිහිණින් ඇටිකුකුළන් කළුකොවුලන් විසිතුරු පියාපත් ඇති කොවුලන් හා ජීවංජීවක පක්‍ෂීන් යන බොහෝ පක්‍ෂීන්ගේ (රූ සටහන්) ඇත. නොයෙක් වර්‍ගයනට අයත් පක්‍ෂීන් ගැවසී ගත් අයුරු මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5544. කුණාලකා බහූ චිත්‍රා සිඛණ‍්ඩී ජීවඤ‍්ජීවකා, නානාදිජගණාකිණ‍්ණං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5545. පස‍්ස නගරං සුපාකාරං අබ‍්භුතං ලොමහංසනං, සමුස‍්සිතධජං රම‍්මං සුවණ‍්ණවාලුකසන්‍ථතං.
5545. මැනැවින් ගොඩ නැගූ පවුරු ඇති අසිරිමත් වූ ලොමුදහගන්නා වූ නඟන ලද ධජ ඇති මනස්කාන්ත වූ රන්වැලි අතුළ නගරය බලව.
5546. පස‍්ස ත්‍වං පණ‍්ණසාලායො විභත‍්තා භාගසොමිතා, නිවෙසනෙ නිවෙසෙ ච සන්‍ධිබ්‍යුභෙ පථද‍්ධියො.
5546. (ඒ නගරයෙහි) කොටස් විසින් බෙදූ ආපන ශාලා ද නිවාස ද ගෙබිම් ද ගෘහසන්‍ධි ද කුදුමහත් වීථි ද බලව.
5547. පානාගාරෙ ච සොණ‍්ඩෙ ච සූණා ඔදනියාඝරා, වෙසී ච ගණිකායො ච මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5547. සුරාසැල් ද සුරාසොඬුන් ද අඞ්ගානි ද මුළුතැන් ගෙවල් ද වෙසඟනන් ද ගණිකාවන් ද යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5548. මාලාකාරෙ ච රජකෙ ගන්‍ධිකෙ අථ දුස‍්සිකෙ, සුවණ‍්ණකාරෙ මණිකාරෙ මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5548. මල්කරුවන් රජකයන් විලවුන් වෙළෙන්ඳන් රෙදි වෙළෙඳුන් රන්කරුවන් මැණික්කරුවන් යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5549. ආළාරියෙ ච සූදචෙ නටනට‍්ටකගායකෙ, පාණිස‍්සරෙ කුම‍්භථූනිකෙ මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5549. බත් පිසන්නවුන් ද මාළු පිසන්නවුන් ද නළුවන් හා ගායකයන් ද අත්තල ගසන්නන් හා කළබෙර වයන්නන් ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5550. පස‍්ස භෙරි මුතිඞ‍්ගා ච සඞ‍්ඛා පණවදෙණ‍්ඩිමා, සබ‍්බඤ‍්ච තාළාවචරං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5550. මහබෙර මිහිඟුබෙර සක් ගැටබෙර පනාබෙර ද සියලු තූර්‍ය්‍ය විශේෂ ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5551. සම‍්මතාලඤ‍්ච වීණඤ‍්ච නච‍්චගීතං සුවාදිතං, තුරියතාළිතසංඝුට‍්ඨං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5551. කුළුතාලම් ද, වීණා ද, නැටුම් ගැයුම් හා තූර්‍ය්‍යවාදන ද, තූර්‍ය්‍යවාදන ප්‍රතිරාව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5552. ලඞ‍්ඝිකා මුට‍්ඨිකා චෙත්‍ථ මායාකාරා ච සොභියා, චෙතාලිකෙ ච ජල‍්ලෙ ච මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5552. කරනම් ගසන්නෝ යැ, මුට්ඨිමල්ලවයෝ යැ, ඉන්‍ද්‍රජාලිකයෝ ය, නගරය හොබවන ස්ත්‍රී පුරුෂයෝ යැ යන මොවුන් ද සොහොන් ගොව්වන් හා කරනෑවැමියන් මැණිකෙහි නිර්මිත ඇසිරිය බලව.
5553. සමජ‍්ජා චෙත්‍ථ වත‍්තන‍්ති ආකිණ‍්ණා නරනාරිහි, මඤ‍්චාතිමඤ‍්චෙ භූමියො මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5553. ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසුණා වූ මැසි පිට මැසි බඳින ලද කෙළිබිම් ද වෙයි. එහැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5554. පස‍්ස මල‍්ලෙ සමජ‍්ජස‍්මිං පොඨෙන‍්තෙ දිගුණං භුජං, නිහතෙ නිහතමානෙ ච මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5554. මුෂ්ටිමල්ලයන්ගේ රඟමඬලෙහි අධිකව අත්පොළසන් දෙන්නන් ද, ජයග්‍රාහකයන් ද, පරාජිතයන් ද මැණිකෙහි නිර්මිත අයුරු බැලුව මැනැවි.
5555. පස‍්ස පබ‍්බතපාදෙසු නානාමිගගණා බහූ, සීහව්‍යග‍්ඝවරාහා ච අච‍්ඡකොකතරච‍්ඡයො.
5555. බලව, පර්‍වත පාමුලැ සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද ඌරෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිසැති වලස්සු ද බොහෝ වෙසෙති.
5556. පලසතා ච ගවජා ච මහිසා රොහිතා රුරූ, එණෙය්‍යා ච වරාහා ච ගණිනො නිඞ‍්කසූකරා.
5556. කගවේණෝ ගවරු මීමෝ රෝහිත මුවෝ රූරුමුවෝ ඒනිමුවෝ ඌරෝ ගෝන්නු යන මෘගයෝ ද,
5557. කදලිමිගා බහු චිත්‍රා බිළාරා සසකණ‍්ණකා, නානාමිගගණාකිණ‍්ණං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5557. කෙසෙල් මුවෝ ද, (තවත්) ඉතා විසිතුරු මෘගයෝ (ජාතිහු) ද වලබළල්ලු ද සාවෝ ද මීමින්නෝ ද මෙහි වෙති. නොයෙක් මෘගසමූහයාගෙන් ගැවසුණුසේ මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5558. නජ‍්ජායො සුපතිත්‍ථායො සොණ‍්ණවාලුකසන්‍ථතා, අච‍්ඡා සවන‍්ති අම‍්බූනි මච‍්ඡගුම‍්බනිසෙවිතා.
5558. මැනැවින් (සකස්කළ) තොටුපළ ඇති රන්වන් වැලි අතුළ මත්ස්‍ය සමූහයාගෙන් ගැවසීගත් පිවිතුරු ජලය ඇති ගංගාවෝ ගලා බසිත්.
5559. කුම‍්භීලා මකරා චෙත්‍ථ සුංසුමාරා ච කච‍්ඡපා. පාඨීනා පාවුසා මච‍්ඡා වලජා මුඤ‍්චරොහිතා.
5559. (ගඟෙහි) කිඹුල්ලු යැ මෝරු යැ ශිශුමාර යැ කැස්බෝ යැ පෙටියෝ ය ලූල්ලු යැ වලයෝ යැ මොද මස්සු යැ රේමස්සු ය යන මේ සත්ත්‍වයෝ ද ඇත.
5560. නානාදූමගණාකිණ‍්ණා නානාදිජගණායුතා, වෙළුරියඵලකරොදායො මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5560. නානා වෘක්‍ෂ රාශියෙන් යුක්ත, නානාවිධ පක්‍ෂිගණයා ඇති, වෛඩූර්‍ය්‍ය පාෂාණයන්හි හැපී හඬ නගන ගංගාවෝ (මෙහි) ඇතියහ. එ හැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5561. පස‍්සෙත්‍ථ පොක‍්ඛරණියො සුවිභත‍්තා චතුද‍්දිසා, නානාදිජගණාකිණ‍්ණා පුථුලොමනිසෙවිතා.
5561. මෙහි (මාණික්‍යයෙහි) මනා ලෙස බෙදුණු සිව් දිගුන් ඇති, නොයෙක් පක්‍ෂි සමූහයා ගැවසීගත්, නොයෙක් මත්ස්‍ය වර්‍ගයා ද වෙසෙන තඩාගයෝ ද වෙත්. එය බලව.
5562. සමනොදකසම‍්පන‍්නං මහිං සාගරකුණ‍්ඩලං, උපෙතං වනරාජෙහි මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5562. හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5563. පුරතො විදෙහෙ පස‍්ස ගොයානියෙ ච පච‍්ඡතො, කුරුයො ජම‍්බුදීපඤ‍්ච මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5563. පෙරදිග පූර්‍වවිදේහය ද පැසුළුදිග අපරගෝයානය ද, (උතුරු දිගෙහි) උතුරුකුරු දිවයින ද, (දකුණෙහි) දඹදිව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5564. පස‍්ස චන්‍දාඤ‍්ච සුරියඤ‍්ච ඔභාසෙන‍්තෙ චතුද‍්දිසා, සිනෙරුං අනුපරියන‍්නෙ මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5564. සතර දිසා ආලෝක කරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5565. සිනෙරුං හිමවන‍්තඤ‍්ච සාගරඤ‍්ච මහිද‍්ධිකං, චත‍්තාරො ච මහාරාජෙ මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5565. මහමෙර ද, හිමාලය ද, සයුර ද මහත් අනුභාව ඇති සතරවරම් දෙවිරජවරුන් ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5566. ආරාමෙ වනගුම‍්බෙ ච පාටියෙ ච සිලුච‍්චයෙ, රම‍්මෙ කිම‍්පුරිසාකිණ‍්ණෙ මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5566. ආරාම ද වනලැහැබ් ද ගල්තලා ද කිඳුරන් ගැවසුන සිත් ගන්නා පර්‍වත ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5567. ඵාරුසකං චිත‍්තලතං මිස‍්සකං නන්‍දනං වනං, වෙජයන‍්තඤ‍්ච පාසාදං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5567. ඵාරුසක චිත්‍රලතා මිස්සක නන්‍දන යන වනයන් (උයන්) ද, විජයොත්පහය ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
5568. සුධම‍්මං තාවතිංසඤ‍්ච පාරිච‍්ඡත‍්තඤ‍්ච පුප‍්ඵිතං, ඵරාවණං නාගරාජං මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5568. සුධර්‍මා නමැති දෙව් සබය ද තව්තිසා දෙව්ලොව ද (මල්) පිපුණු පරසතු රුක ද එරාවණ ඇතු ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
5569. පස‍්සෙත්‍ථ දෙවකඤ‍්ඤායො නභා විජ‍්ජුරිවුග‍්ගතා, නන්‍දනෙ විචරන‍්තියො මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5569. අහසින් මතු වූ විදුලිය වැනි දෙවඟනන් බලව. නන්‍දන වනයෙහි හැසිරෙන දෙවඟනන් මාණික්‍යයෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
5570. පස‍්සෙත්‍ථ දෙවකඤ‍්ඤායො දෙවපුත‍්තපලොභිනී, දෙවපුත‍්තෙ චරමානෙ මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5570. දිව්‍යපුත්‍රයන් පොළඹවන දිව්‍යාංගනාවන් බලව. හැසිරෙන දෙව්පුතුන් මැණිකෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
5571. පරොසහස‍්සපාසාදෙ වෙළුරියඵලකත්‍ථතෙ, පජ‍්ජලන‍්තෙන වණ‍්ණෙන මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5571. වෙරළුමිණි මුවා පුවරු අතුළ දීප්තිමත් පැහැයෙන් යුක්ත වූ දහසකට අධික දිව්‍යප්‍රාසාද මාණික්‍යයෙහි නිර්මිත අයුරු බලව.
5572. තාවතිංසෙ ච යාමෙ ච තුසිතෙ චාපි නිම‍්මිතෙ, පරනිම‍්මිතාභිරතිනො මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.
5572. තව්තිසා යාම තුසිත නිර්‍මාණරති පරනිර්මිත වසවර්ති යන දෙව්ලෝහි දෙවියන් මාණික්‍යයෙහි මැවී ඇති අයුරු බැලුව මැනැවැ.
5573. පස‍්සෙත්‍ථ පොක‍්ඛරණියො විප‍්පසන‍්නොදිකා සුචි, මන්‍දාලකෙහි සංඡන‍්තා පදුමුප‍්පලකෙහි ච.
5573. අතිශයින් පවිත්‍ර ප්‍රසන්න ජලය ඇති හෙල්මැල්ලෙන් හා පියුම් උපුලින් ගැවැසි පොකුණු බැලුව මැනැවි.
5574. දසෙත්‍ථ රාජියො සෙතා දස නීලා මනොරමා, ඡ පිඞ‍්ගලා පණ‍්ණරසා හළිද‍්දා ච චතුද‍්දසා.
5574. මාණික්‍යයෙහි සුදුහිරි දසයක් ද සිත්ගන්නා නිල්හිරි දසයක් ද, පිඟුවන්හිරි සයක් හා පසළොසක් ද, කසාවන්හිරි තුදුසක් ද වෙයි.
5575. වීසතිං තත්‍ථ සොවණ‍්ණා වීසතිං රජතාමයා, ඉන්‍දගොපකවණ‍්ණාභා තාව දිස‍්සන‍්ති තිංසති.
5575. රන්පැහැ හිරි විස්සක් ද රිදීපැහැ හිරි විස්සක් ද රත් ඉඳුගොව්වන් පැහැ බඳු හිරි තිසක් ද මාණික්‍යයෙහි ඇත.
5576. දසෙත්‍ථ කාළියො ඡ ච මඤ‍්ජෙට‍්ඨා පණ‍්ණවීසති, මිස‍්සා බන්‍ධුකපුප‍්ඵෙහි නීලුප‍්පලවිචිත‍්තිතා.
5576. මාණික්‍යයෙහි කළු හිරි දසයක් හා සයක් ද මදටිය පැහැ හිරි විසිපහක් ද වේ. කළුපැහැ හා මදටියපැහැහිරි බඳුවදමලින් හා නිලුපුලින් මුසු වැගියෙන් විචිත්‍රිත ය.
5577. එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං අච‍්චිමන‍්තං පභස‍්සරං, ඔධිසුඞ‍්කං මහාරාජ පස‍්ස ත්‍වං දිපදුත‍්තම.
5577. දෙපා ඇතියනට උතුම් රජතුමනි, මේ හැම අංගයන්ගෙන් හෙබි රැස් ඇති පැහැ විහිදෙන පරදුව බලව. (දූකෙළියෙහි යමෙක් දිනා ද ඔහුට අයත් වන්නේ ය.)