යෙදුමෙන් කියවන්න

නිරයකණ‍්ඩං අට‍්ඨකථා

නිරයකණ‍්ඩං

නිරය කාණ්ඩය

තතො රාජා “අහං අවස‍්සං දෙවලොකං ගමිස‍්සාමි, නිරයං තාව පස‍්සිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අනන‍්තරං ගාථමාහ –

ඉක්බිති රජතුමා මම අවශ්‍යයෙන්ම දෙලොවට ගෙන යනු ලබන්නේය. ඒ අතර අපායද දැකබලා ගන්නෙමියි සිතා ඉක්බිති මේ ගාථාවද කීවේය.

“නිරයෙ තාව පස‍්සාමි, ආවාසෙ පාපකම‍්මිනං; ඨානානි ලුද‍්දකම‍්මානං, දුස‍්සීලානඤ‍්ච යා ගතී”ති.

නිරයෙ තාව පස්සාමි ආවාසෙ පාපකම්මිනං, ඨානාති ලුද්දකම්මානං දුස්සීලනඤ්ච යාගතී

පව්කම් කළවුන් වෙසෙන නියරද දරුණු පව් කළවුන් වෙසෙන තැන්ද දුස්සීලයන් අකුසල විපාකයෙන් වෙසෙන තැන්ද ඇතොත් ඒ නරකයන් පළමුවෙන් දකිනු කැමැත්තෙමියි කීහ.

තත්‍ථ යා ගතීති යා එතෙසං නිබ‍්බත‍්ති, තඤ‍්ච පස‍්සාමීති.

එහි යාගතීති ඔවුන් උපන් තැන් බලන්නෙමි යනුයි.

අථස‍්ස වෙතරණිං නදිං තාව දස‍්සෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති රජුට වේතරණී නදිය දැක්වීය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;

“දස‍්සෙසි මාතලි රඤ‍්ඤො, දුග‍්ගං වෙතරණිං නදිං; කුථිතං ඛාරසංයුත‍්තං, තත‍්තං අග‍්ගිසිඛූපම”න‍්ති.

දස්සෙසි මාතලී රඤ්ඤො දුග්ගං වෙතරණි නදිං, කුථන්තිං ඛාර සංයුත්තං තත්තං අග්ගිසිඛූපමන්ති

මාතලී දෙව්පුත් තෙමේ නිමි රජහට කැකෑරෙමින් පැසෙන රත්වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙන් යුත් වේතරණී නදිය දැක්වීය.

තත්‍ථ වෙතරණින‍්ති භික‍්ඛවෙ, මාතලි රඤ‍්ඤො කථං සුත්‍වා නිරයාභිමුඛං රථං පෙසෙත්‍වා කම‍්මපච‍්චයෙ උතුනා සමුට‍්ඨිතං වෙතරණිං නදිං තාව දස‍්සෙසි. තත්‍ථ නිරයපාලා ජලිතානි අසිසත‍්තිතොමරභින්‍දිවාලමුග‍්ගරාදීනි ආවුධානි ගහෙත්‍වා නෙරයිකසත‍්තෙ පහරන‍්ති විජ‍්ඣන‍්ති විහෙඨෙන‍්ති. තෙ තං දුක‍්ඛං අසහන‍්තා වෙතරණියං පතන‍්ති. සා උපරි භින්‍දිවාලප‍්පමාණාහි සකණ‍්ටකාහි වෙත‍්තලතාහි සඤ‍්ඡන‍්නා. තෙ තත්‍ථ බහූනි වස‍්සසහස‍්සානි පච‍්චිංසු. තෙසු පජ‍්ජලන‍්තෙසු ඛුරධාරාතිඛිණෙසු කණ‍්ටකෙසු ඛණ‍්ඩාඛණ‍්ඩිකා හොන‍්ති. තෙසං හෙට‍්ඨා තාලක‍්ඛන්‍ධප‍්පමාණානි පජ‍්ජලිතඅයසූලානි උට‍්ඨහන‍්ති. නෙරයිකසත‍්තා බහුං අද‍්ධානං වීතිනාමෙත්‍වා වෙත‍්තලතාහි ගළිත්‍වා සූලෙසු පතිත්‍වා විද‍්ධසරීරා සූලෙසු ආවුණිතමච‍්ඡා විය චිරං පච‍්චන‍්ති. තානි සූලානිපි පජ‍්ජලන‍්ති, නෙරයිකසත‍්තාපි පජ‍්ජලන‍්ති. සූලානං හෙට‍්ඨා උදකපිට‍්ඨෙ ජලිතානි ඛුරධාරාසදිසානි තිඛිණානි අයොපොක‍්ඛරපත‍්තානි හොන‍්ති. තෙ සූලෙහි ගළිත්‍වා අයපොක‍්ඛරපත‍්තෙසු පතිත්‍වා චිරං දුක‍්ඛවෙදනං අනුභවන‍්ති. තතො ඛාරොදකෙ පතන‍්ති, උදකං පජ‍්ජලති, නෙරයිකසත‍්තාපි පජ‍්ජලන‍්ති, ධූමොපි උට‍්ඨහති. උදකස‍්ස පන හෙට‍්ඨා නදීතලං ඛුරධාරාහි සඤ‍්ඡන‍්නං. තෙ “හෙට‍්ඨා නු ඛො කීදිස”න‍්ති උදකෙ නිමුජ‍්ජිත්‍වා ඛුරධාරාසු ඛණ‍්ඩාඛණ‍්ඩිකා හොන‍්ති. තෙ තං මහාදුක‍්ඛං අධිවාසෙතුං අසක‍්කොන‍්තා මහන‍්තං භෙරවං විරවන‍්තා විචරන‍්ති. කදාචි අනුසොතං වුය‍්හන‍්ති, කදාචි පටිසොතං. අථ නෙ තීරෙ ඨිතා නිරයපාලා උසුසත‍්තිතොමරාදීනි උක‍්ඛිපිත්‍වා මච‍්ඡෙ විය විජ‍්ඣන‍්ති. තෙ දුක‍්ඛවෙදනාප‍්පත‍්තා මහාවිරවං රවන‍්ති. අථ නෙ පජ‍්ජලිතෙහි අයබළිසෙහි උද‍්ධරිත්‍වා පරිකඩ‍්ඪිත්‍වා පජ‍්ජලිතඅයපථවියං නිපජ‍්ජාපෙත්‍වා තෙසං මුඛෙ තත‍්තං අයොගුළ‍්හං පක‍්ඛිපන‍්ති.

එහි වෙතරණින්ති මහණෙනි, මාතලී දිව්‍යපුත්‍රයා රජුන්ගේ කතාව අසා අපාය දෙසට රථය පදවා පළමුව කර්මවිපාක හේතුවෙන් ඍතු භේද ඇත්තා වූ වෙතරණී ගංගාව පෙන්වීය. එහි යමපල්ලෝ දිලිසෙන කඩු, කිනිසි, හෙල්ල, තෝමර, මුගුරු ආදි ආයුධ ගෙන නිරයෙහි සිටි සතුන්ට පහර දෙන්නාහුය. ආයුධවලින් විදින්නේය. පෙළන්නේය. ඔවුහු ඒ දුක විඳීමට අපොහොසත් වේතරණි ගංගාවට වැටෙන්නෝය. එහි මතුපිට තෝමර ප්‍රමාණයේ කටු ඇති වේවැල්වලින් ගැවැසුණෝය. ඔව්හු එහි අවුරුදු සියදහස් ගණනක් ඉතා තියුණු මුවහත් ඇති උල්කටු ඇනීමෙන් ඇඟ මස් කඩ කඩව යන්නෝ මහත් දුක් විඳිති. යටින් තල්කඳන් හා සමාන යවුල් පැන නගින්නේය. නිරයෙහි උපන් සත්ත්වයෝ බොහෝ දින ගණන් එකී වේවැල් ඇමිණී උල් මත පතිත වී විනිවිද ගිය උල් ශරීරයෙන් මතුවී උල්වල ඇමිණි මසුන් මෙන් බොහෝ කල් දුක් විඳිති. උල්වලට යටින් ලෝදිය මත ලෝහමය නෙළුම්පෙති ඇත්තේය. පසුව ඔවුහු වැල් මත පතිත වී මහත් දුක් විඳිති. එසේම ලොහොදියෙහි වැටෙති. උණු ලොහොදිය මෙන් සත්ත්වයෝ ද පැසෙති. දුම් නැගෙයි. ගංගාවෙහි පතුලෙහි සියුම් මුවත් ඇති ආයුධය. ඔව්හු ගංපතුලෙහි කිනම්දැයි පතුලට ගිලෙති. එවිට එහි වූ සියුම් ආයුධවලින් කඩකඩව කැපී යන්නේ ය. ඔහු එම මහත් දුක ඉවසීමට නොහැකිව මහත්කොට හඬා වැලපෙමින් සැරිසරන්නෝය. කිසියම් විටෙක උඩට ඉල්පෙති. කිසියම්විටෙක යට යති. එසේම ගඟ දෙපස ඉවුරේ සිටින යමපල්ලෝ කඩු හෙල් තෝමර ආදියෙන් ගසා මසුන් මෙන් තුවාල කෙරෙති. ඔව්හු දුක්වේදනාවෙන් පීඩාවට පැමිණ මහත් හඬ නගමින් වැලපෙති. ඉක්බිති ඔව්හු රත්වූ යකඩ කොකුවලින් උඩට ගෙන තුවාලකොට ගිනිගෙන දිලෙන යකඩ පොළොවෙහි රුවා මුඛයෙහි රත්වූ යකඩ ගුලි දමති.

ඉති නිමිරාජා වෙතරණියං මහාදුක‍්ඛපීළිතෙ නෙරයිකසත‍්තෙ දිස‍්වා භීතතසිතො සඞ‍්කම‍්පිතහදයො හුත්‍වා “කිං නාමෙතෙ සත‍්තා පාපකම‍්මං අකංසූ”ති මාතලිං පුච‍්ඡි. සොපිස‍්ස බ්‍යාකාසි. තමත්‍ථං පකාසෙන‍්තො ආහ –

මෙසේ රජතුමා වේතරණී ගංගාවෙහි මහත් දුකින් පෙලෙන සත්ත්වයින් දැක බියෙන් තැතිගෙන මේ සත්ත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි මාතලී දෙව්පුතුගෙන් ඇසීය. ඔහු පැහැදිලිව ඒ බව දක්වමින් මෙසේ කීහ.

“නිමී හවෙ මාතලිමජ‍්ඣභාසථ, දිස‍්වා ජනං පතමානං විදුග‍්ගෙ; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා වෙතරණිං පතන‍්ති.

නිමී හවෙ මාතලිං අජ්ඣභාසථ, දිස්වා ජනං පතමානං විදුග්ගෙ, භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනූ මච්ඡා කිමකංසු පාපං, යෙමෙ ජනා වෙතරණිං පතන්තීති,

නිමි රජතෙමේ ඒකාන්තයෙන් ඉතා යා නොහැකි නිරයෙහි වැටෙන ජනයා දැක මාතලී දෙව්පුත් හට මෙසේ කීය. එම්බා මාතලී රථාචාර්යය, මට මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලිය, තොප විචාරමි. යම් මේ මනුෂ්‍යයෝ ඇද්ද ඔව්හු කිනම් පව්කම් කොට වෙතරණී නරකයෙහි වැටෙද්දැයි ඇසුවාහුය.

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො වියාකාසි මාතලී දේවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්කාස ජනතො

මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කළේය. පාපකර්ම පිළිබඳ විපාක දන්නා ඔහු නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.

“යෙ දුබ‍්බලෙ බලවන‍්තා ජීවලොකෙ, හිං සන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මා; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, තෙමෙ ජනා වෙතරණිං පතන‍්තී”ති.

යෙ දුබ්බලෙ බලවන්තො ජීවලොකෙ, හිංසන්ති රොසෙන්ති සුපාපධම්මා, තෙ ලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තෙ වෙ ජනා වෙතරණිං පතන්ති

මිනිස්ලොව පහත් ස්වභාව ඇති බලවත් යම් කෙනෙක් දුබලයන්ට පීඩා කෙරෙද්ද නන් අයුරින් අක්‍රොශ පරිභව කෙරෙද්ද ඔවුහු පව් රැස්කොට ඒකාන්තයෙන් වෙතරණී නරකයට වැටෙති.

තත්‍ථ වින්‍දතීති අහං අත‍්තනො අනිස‍්සරො හුත්‍වා භයසන‍්තකො විය ජාතො. දිස‍්වාති පතමානං දිස‍්වා. ජානන‍්ති භික‍්ඛවෙ, සො මාතලි සයං ජානන‍්තො තස‍්ස අජානතො අක‍්ඛාසි. දුබ‍්බලෙති සරීරබලභොගබලආණාබලවිරහිතෙ. බලවන‍්තාති තෙහි බලෙහි සමන‍්නාගතා. හිංසන‍්තීති පාණිප‍්පහාරාදීහි කිලමෙන‍්ති. රොසෙන‍්තීති නානප‍්පකාරෙහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසන‍්ති ඝටෙන‍්ති. පසවෙත්‍වාති ජනෙත්‍වා, කත්‍වාති අත්‍ථො.

එහි වින්‍දතීති යනු මම තමාම අසරණ භාවයට පැමිණ බිය අයත් කරගත්තා යනුයි. දිස්වාති (නිරයෙහි) වැටෙන අය දැක යනුයි. ජානන්ති මහණෙනි, ඒ මාතලී දෙව්පුත් තමා දන්නා බැවින් නොදන්නා වූ (නිමි රජතුමාට) තැනැත්තාට කීවේය යනුයි. දුබ්බලෙහි ශාරිරික ශක්තිය, සම්පත්, පෞරුෂය යන බලයන් නැති බවයි. බලවන්තොති ඒ බලයන්ගෙන් යුතු අයයි. භිස්සන්තීති අතින් පයින් (වෙනත් දේවලින්) පහරදීමෛන් සිහිසන් නැතිවීමයි. රොසෙන්තීති නොයෙක් ආකාරයෙන් පරිභව කිරීමයි. පසවෙත්‍වාති දැනගැනීමට සලස්වා යනුයි.

එවං මාතලි තස‍්ස පඤ‍්හං බ්‍යාකරිත්‍වා රඤ‍්ඤා වෙතරණිනිරයෙ දිට‍්ඨෙ තං පදෙසං අන‍්තරධාපෙත්‍වා පුරතො රථං පෙසෙත්‍වා සුනඛාදීහි ඛාදනට‍්ඨානං දස‍්සෙත්‍වා තං දිස‍්වා භීතෙන රඤ‍්ඤා පඤ‍්හං පුට‍්ඨො බ්‍යාකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ මාතලී දෙව්පුත් ඔහුගේ ගැටළු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී වෙතරණී තීරයෙහි රජු දුටු දේ අන්තරධාන කොට රථය ඉදිරියට පදවා බලුකැණහිල් ආදීන් විසින් නිරි සතුන් හපාකන තැන් දක්වා ඒවා දුටු කල්හි බියට පත් රජු ඇසූ දේද පැහැදිලි කළේය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;

“සාමා ච සොණා සබලා ච ගිජ‍්ඣා, කාකොලසඞ‍්ඝා අදන‍්ති භෙරවා; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිංමකංසු පාපං, යෙමෙ ජනෙ කාකොලසඞ‍්ඝා අදන‍්ති.

සාමා ච සොණා සබලාච ගිජ්ඣා, කාකොළ සංඝාච අදෙන්ති භෙරවා, භයං හිමං වින්‍දති සූත දිස්මා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යයිමං ජනං කාකොළං අදෙන්තී ති

රතු පැහැති බල්ලෝ ද, කබර පැහැති බල්ලෝ ද, ගිජුලිහිණියෝ ද, භයානක කපුටු රැළ ද මස්කඩා කති. මේ දැක මට භය උපදී. එම්බා සාරථිය, ඔබ විචාරමි. කවුඩන් විසින් ගනු ලබන මේ නිරිසත්තු කුමන පාපකර්මයක් කළාහු ද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

මෙසේ ඇසූ කල පාපකර්මයන්හි විපාක දන්නා මාතලී දිව්‍ය රථාචාර්යයා නොදන්නා නිමි රජුට මෙසේ පැහැදිලි කර දුන්නේය.

“යෙ කෙචිමෙ මච‍්ඡරිනො කදරියා, පරිභාසකා සමණබ්‍රාහ‍්මණානං; හිං සන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මා, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං; තෙමෙ ජනෙ කාකොලසඞ‍්ඝා අදන‍්තී”ති.

යෙකෙචිමෙ මච්ඡරිනො කදරියා, පරිභාසකා සමණා බ්‍රහ්මණානං, හිංසෙන්ති රොසෙන්ති සුපාපධම්මා, තෙ ලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තයිමං ජනං තාකොලා අදෙන්තීති

ඉතො පරෙසු පඤ‍්හෙසු චෙව බ්‍යාකරණෙසු ච එසෙව නයො. තත්‍ථ සාමාති රත‍්තවණ‍්ණා. සොණාති සුනඛා. සබලා චාති කබරවණ‍්ණා ච, සෙතකාළපීතලොහිතවණ‍්ණා චාති එවං පඤ‍්චවණ‍්ණසුනඛෙ දස‍්සෙති. තෙ කිර මහාහත්‍ථිප‍්පමාණා ජලිතඅයපථවියං නෙරයිකසත‍්තෙ මිගෙ විය අනුබන්‍ධිත්‍වා පිණ‍්ඩිකමංසෙසු ඩංසිත්‍වා තෙසං තිගාවුතප‍්පමාණං සරීරං ජලිතඅයපථවියං පාතෙත්‍වා මහාරවං රවන‍්තානං ද‍්වීහි පුරිමපාදෙහි උරං අක‍්කමිත්‍වා අට‍්ඨිමෙව සෙසෙත්‍වා මංසං ලුඤ‍්චිත්‍වා ඛාදන‍්ති. ගිජ‍්ඣාති මහාභණ‍්ඩසකටප‍්පමාණා ලොහතුණ‍්ඩා ගිජ‍්ඣා. එතෙ තෙසං කණයසදිසෙහි තුණ‍්ඩෙහි අට‍්ඨීනි භින්‍දිත්‍වා අට‍්ඨිමිඤ‍්ජං ඛාදන‍්ති. කාකොලසඞ‍්ඝාති ලොහතුණ‍්ඩකාකගණා. තෙ අතිවිය භයානකා දිට‍්ඨෙ දිට‍්ඨෙ ඛාදන‍්ති. යෙමෙ ජනෙති යෙ ඉමෙ නෙරයිකසත‍්තෙ කාකොලසඞ‍්ඝා ඛාදන‍්ති, ඉමෙ නු මච‍්චා කිං නාම පාපං අකංසූති පුච‍්ඡි. මච‍්ඡරිනොති අඤ‍්ඤෙසං අදායකා. කදරියාති පරෙ දෙන‍්තෙපි පටිසෙධකා ථද‍්ධමච‍්ඡරිනො. සමණබ්‍රාහ‍්මණානන‍්ති සමිතබාහිතපාපානං.

මසුරු (අනුන්ට යමක් නොදෙන) අනුන් දෙන දේ වළක්වන, පහත් ගති ඇති යම්කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කෙරෙද්ද හිංසා ආක්‍රොශ කෙරෙද්ද දරුණු පාපකර්ම ඇති ඔහු පව් රැස්කොට නිරයට යන්නාහුය. ඒ මේ නිරිසතුන්ගේ මස්කවුඩෝ කඩ කඩා කන්නෝ යැයි මාතලී කීය. මෙයින් අන්‍ය වූ ප්‍රශ්න විසඳීමෙහිලා මෙම න්‍යායම අනුගමනය කළ බව දතයුතු. එහි සාමාති රත්පැහැයෙන් යුතු බවයි. සොණාති බල්ලෝ යනුයි. සබලාචාති කබර පැහැයෙන් යුතු බවයි. සුදු, කළු, පිඟුවන් පැහැ ආදී වූ වර්ණ පසකින් යුතු බල්ලන් දැක්වේ. උන් මහ ඇතුන් පමණ වේ. ගිනියම් වී දිළිසෙන යකඩ පොළොවෙහි මුවන් පසුපස ලුහුබැඳ මස්පිඬු ඩැහැගෙන උන්ගේ ගවු තුනක් පමණ වූ සිරුර යපොළොවෙහි හොවා මහත්සේ හඬ නගමින් දෙගාත්වලින් පපුව පැහැර ඇට ඉතුරුකොට මස් ඇද ඇද කඩා කන්නේය. ගිජ්ඣති ලොකුගැල් සදිසි ගිජුළිහිණියෝය. ලෝහතුඩු ඇති උන්, උන්ගේ තෝමර වැනි තුඩුවලින් ඇට බිඳ ඇටමිදුළු කන්නෝය. කාකොළ සංගාතිලොහො තුඩු ඇති කවුඩෝය. උන් ඉතාම භයානකය. දුටු දුටුවන්ට තුඩින් අනින්නෝය. යයිමං ජනන්ති මේ නියත නිරිසත්තු කාක ආදීන් විසින් කනු ලබන්නෝය. මේ මිනිස්සු කිනම් පව්කම් කළෝදැයි ඇසීය. මච්ඡරිනොති අන්‍යයන්ට කිසිවක් නොදුන්නෝය. තදරියාති අනුන් දෙන දේ වළක්වන්නේය. ඔහු තද මසුරු අය වෙති. සමණ බ්‍රාහ්මණානන්ති සමාහිත වූ බැහැර කරන ලද පව් ඇත්තේය.

“සජොතිභූතා පථවිං කමන‍්ති, තත‍්තෙහි ඛන්‍ධෙහි ච පොථයන‍්ති; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා ඛන්‍ධහතා සයන‍්ති.

සජොනිභූතා පඨවිං කමන්ති, තස්සෙහි ඛන්‍ධෙහිච පොසයන්ති, භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙන මච්ඡා කිමකංසු පාපං, යමෙ ජනා බන්‍ධහතා සයන්තීති

ගිනිදැල් සහිත වූ යපොළොවෙහි ගිලෙති. රත්වූ මුගුරුවලින් තැලෙති. සාරථිය, මට මෙය දැකීමෙන් භය උපදී. එම්බා මාතලී නම් දේවසාරථිය, යමුරුවලින් තැලෙන නිරිසත්තු සයනය කෙරෙද්ද, මේ සත්ත්වයෝ පාපකර්මයක් කළාහුද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

මෙසේ ඇසූ කල්හි මාතලී දෙව්පුත් පාපකර්ම විපාක නොදන්නා නිමි රජුව පාපකර්මයන්හි විපාක පැහැදිලි කළේය.

“යෙ ජීවලොකස‍්මි සුපාපධම‍්මිනො, නරඤ‍්ච නාරිඤ‍්ච අපාපධම‍්මං; හිං සන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මා, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං; තෙමෙ ජනා ඛන්‍ධහතා සයන‍්තී”ති.

යෙ ජීව ලොකස්මිං සුපාපධම්මිනො, නරංච නාරිංචආතාප ධම්මං, හිංසන්ති රොසෙන්ති සුපාපධම්මා, තෙ ලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තෙ මෙ ජනා බන්‍ධහතා සයන්ති

මිනිස්ලොව ඉතා පහත් ස්වභාව ඇති යම් කෙනෙක් නිවැරැදි පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ආක්‍රෝශ පරිභව කෙරෙද්ද, භායනක පව්කම් ඇති ඔව්හු පව් රැස්කොට නිරයට යති. යමුගුරුවලින් තැලෙමින් යපොළොවෙහි වැටී සිටින්නෝ ඒ පව්කම් කළ නිරිසත්තුය.

තත්‍ථ සජොතිභූතාති පජ‍්ජලිතසරීරා. පථවින‍්ති පජ‍්ජලිතං නවයොජනබහලං අයපථවිං. කමන‍්තීති අක‍්කමන‍්ති. ඛන්‍ධෙහි ච පොථයන‍්තීති නිරයපාලා අනුබන්‍ධිත්‍වා තාලප‍්පමාණෙහි ජලිතඅයක‍්ඛන්‍ධෙහි ජඞ‍්ඝාදීසු පහරිත්‍වා පාතෙත්‍වා තෙහෙව ඛන්‍ධෙහි පොථයන‍්ති, චුණ‍්ණවිචුණ‍්ණං කරොන‍්ති. සුපාපධම‍්මිනොති අත‍්තනා සුට‍්ඨු පාපධම‍්මා හුත්‍වා. අපාපධම‍්මන‍්ති සීලාචාරාදිසම‍්පන‍්නං, නිරපරාධං වා.

එහි සජොනිභූතාති දිලිසෙන ශරිර ඇති බවයි. පඨවින්ති ගිනිගෙන දිලෙන නවයොදුන් ගණබහුල මහ යකඩ පොළවයි. කමන්තීති ඉක්මවා යාමයි. (කිඳාබැස උඩට ඒමයි) බන්‍ධෙහිච පොථයන්තීත යනු යමපල්ලන් විසින් ලුහුබැඳ ගොස් තල්කඳන් සමාන ගිනිගෙන දිලිසෙන යකඩ පොලුවලින් කෙණ්ඩවලට ගසා ඇදවැටුණු කල්හි සිරුරු පුරාද පහර දෙති. සුණු විසුණු කෙරෙති. සුපාපධම්මිනොති තමන් විසින් සිදුකළ පාපධර්මයි. අපාපධම්මන්ති ශීලාචාර ගුණයන්ගෙන් හා නිරපරාධී භාවයෙන් යුතු බවයි.

“අඞ‍්ගාරකාසුං අපරෙ ඵුණන‍්ති, නරා රුදන‍්තා පරිදඩ‍්ඪගත‍්තා; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිං මකංසු පාපං, යෙමෙ ජනා අඞ‍්ගාරකාසුං ඵුණන‍්ති.

අංගාරකාසුං අපරෙථුනන්ති, නරා රූ දන්තා පරිදඩ්ඪගත්තා, භයංහි මං වින්‍දති සුත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිමකංසු පාපං, යෙත්‍වෙ ජනා අංගාරං ථුනන්තීති

හාත්පසින් දැවෙන ශරීර ඇති හඬන වැලපෙන සමහර මිනිසුන් අඟුරු වළට වැටෙති. සාරථිය, මේ දුටු මට බිය උපදී. මෙසේ අඟුරුවලින් දැවීමට මේ මිනිසුන් කිනම් පාපයක් කළහුදැයි මට කියන්න.

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

ඔහු විසින් එසේ අසන ලද කල්හි මාතලී දෙව්පුත් තමන් එම විපාක දන්නා බැවින් නොදන්නා වූ නිමි රජතුමාට පැහැදිලි කරදුන්නේය.

“යෙ කෙචි පූගාය ධනස‍්ස හෙතු, සක‍්ඛිං කරිත්‍වා ඉණං ජාපයන‍්ති; තෙ ජාපයිත්‍වා ජනතං ජනින්‍ද, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං; තෙමෙ ජනා අඞ‍්ගාරකාසුං ඵුණන‍්තී”ති.

යෙ කෙචි පුගාය තනස්ස හෙතු, සක්ඛිං කරිත්‍වා ඉණං ජාපයන්ති, තෙ ජාපයිත්‍වා ජනතං ජතින්‍ද, තෙ ලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තෙමෙජනා අංගාරකාසුං ථූනන්තීති

යම්කිසි කෙනෙක් සම්මාදම් කළ ධනය තමා විසින් වියදම් කොට අසවලාට මෙපමණ නයට දුන්නේය. අසවල් දෙයට මෙපමණ වියදම් කළේයැයි බොරු කියා ද රජතුමනි, ඔවුන් සිදුකළා වූ එම පහත් අකුසල කර්මය නිසා මෙසේ අඟුරුවලින් දැවෙති.

තත්‍ථ අඞ‍්ගාරකාසුන‍්ති සම‍්ම මාතලි, කෙ නාමෙතෙ අපරෙ වජං අපවිසන‍්තියො ගාවො විය සම‍්පරිවාරෙත්‍වා නිරයපාලෙහි ජලිතඅයගුළෙහි පොථියමානා අඞ‍්ගාරකාසුං පතන‍්ති. තත්‍ර ච නෙසං යාව කටිප‍්පමාණා නිමුග‍්ගානං මහතීහි අයපච‍්ඡීහි ආදාය උපරිඅඞ‍්ගාරෙ ඔකිරන‍්ති, අථ නෙ අඞ‍්ගාරෙ සම‍්පටිච‍්ඡිතුං අසක‍්කොන‍්තා රොදන‍්තා දඩ‍්ඪගත‍්තා ඵුණන‍්ති විධුනන‍්ති, කම‍්මබලෙන වා අත‍්තනො සීසෙ අඞ‍්ගාරෙ ඵුණන‍්ති ඔකිරන‍්තීති අත්‍ථො. පූගාය ධනස‍්සාති ඔකාසෙ සති දානං වා දස‍්සාම, පූජං වා පවත‍්තෙස‍්සාම, විහාරං වා කරිස‍්සාමාති සංකඩ‍්ඪිත්‍වා ඨපිතස‍්ස පූගසන‍්තකස‍්ස ධනස‍්ස හෙතු. ජාපයන‍්තීති තං ධනං යථාරුචි ඛාදිත්‍වා ගණජෙට‍්ඨකානං ලඤ‍්ජං දත්‍වා “අසුකට‍්ඨානෙ එත‍්තකං වයකරණං ගතං, අසුකට‍්ඨානෙ අම‍්හෙහි එත‍්තකං දින‍්න”න‍්ති කූටසක‍්ඛිං කරිත්‍වා තං ඉණං ජාපයන‍්ති විනාසෙන‍්ති.

එහි අංගාරකාසුන්ති යහළු මාතලිය, කුමන පාපයක් නිසා මොවුහු ගාලෙහි බැඳ සිටින ගවයින් මෙන් කොටුවී හාත්පසින් පිරිවැරූ යමපල්ලන් විසින් ගිනිගෙන දිලියෙන ආයුධවලින් පහරදෙනු ලන්නෝ අඟුරු මස වැටෙන්නෝ ද? එසේම ඔව්හු යම්තාක් කටිය (උකුල) දක්වා උඩට ආ කල්හි මහත් යකඩ පෙට්ටියෙන් එළියට ගෙන අඟුරු මතුයෙහි සිටීමට නොහැක්කෝ හැම අතින්ම දැවුණු ශරිර ඇති හඬා වැලපෙන්නෝ ය. ථුනන්ති යනු කර්මය නිසා හෝ තමන් විසින් තමාගේ හිසමත අඟුරු දමා ගනී. ථුනන්ති මතුයෙහි වැටේ වගුරුවා ගනී යන අර්ථය ඇත්තේය. පූගායතස්සාති ඉඩ ලැබුණු කල්හි දානයක් හෝ දෙමි. පූජාවක් හෝ පවත්වමි. විහාරයක් හෝ කරමියි සම්මාදම් කොට තබන ලද සමිතියක් හෝ කණ්ඩායමක අයත් ධනයක් සම්බන්ධවයි. ජාපයන්තීති ඒ ධනය කැමැති පරිදි පරිභෝග කොට සමිති නායකයින් (නොහොත්) පිරිසේ නායකයන්ට අත්ලස් දී (රවටා) අසවල් දෙයට මෙපමණ වැය කෙළෙමි. අසවලාට අපි විසින් මෙපමණ දෙන ලදී. බොරු සාක්ෂි කියා ඉණං ජාපයන්ති ඒ ණය විනාශ කෙරෙති යනුයි. (මෙහි ඉණං යන වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන ණය නොව සම්මාදන් කර එක්කල මුදල් සඳහා යෙදී ඇත. සම්මාදන් මුදල් පරිභෝගයට ගැනීමෙන් අනුන්ට ණය වේ. ඒ නිසා එම මුදල්ද ණය මුදල් ලෙස සැලකේ.

“සජොතිභූතා ජලිතා පදිත‍්තා, පදිස‍්සති මහතී ලොහකුම‍්භී; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා අවංසිරා ලොහකුම‍්භිං පතන‍්ති.

සජොතිභූතා ජලිතා පදිත්තා, පදිස්සතී මහතී ලොහ කුම්භී, භයංහිමං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිම කංසු පාපං, යෙමෙ ජනා අවංසිරා ලොහකුම්භිං පතන්තීති

ඇවිලගත් දිලියෙන ගිනිදැල් සහිත මහත් ලෝදිය සැළිය පෙනේ. රථාචාර්යය, ඔබගෙන් අසන්නේ, යටිකුරු වූ හිස් ඇති යම් මේ නිරිසත්තු ලෝ සැළියට වැටෙන්නේ කුමන පාපයක් කළ නිසා ද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

මෙසේ ඇසූ කල්හි එම පාපකර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව් රියදුරු නොදත් නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.

“යෙ සීලවන‍්තං සමණං බ්‍රාහ‍්මණං වා, හිංසන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මා; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, තෙමෙ ජනා අවංසිරා ලොහකුම‍්භිං පතන‍්තී”ති.

යෙ සීලවං සමයං බ්‍රාහ්මණාංවා, හිංසන්ති රොසෙන්ති සුපාපධම්මිනො, තෙ ලුද්දකම්මා පසංවෙත්‍වා පාපං, තෙ මෙ ජනා අවංසිරා ලොහකුම්හං පතන්ති

ඉතා අධම වූ යම්කෙනෙක් සිල්වත් මහණ බමුණන්ට හිංසා කෙරෙද්ද, පරිභව කෙරෙද්ද, දරුණු පව්කම් ඇති ඔව්හු පාපය මේරීයාමේ විපාක වශයෙන් හිස් යටිකුරුව නිරයට වැටෙති.

තත්‍ථ පදිත‍්තාතිආදිත‍්තා. මහතීති පබ‍්බතප‍්පමාණා කප‍්පෙන සණ‍්ඨිතලොහරසෙන සම‍්පුණ‍්ණා. අවංසිරාති භයානකෙහි නිරයපාලෙහි උද‍්ධංපාදෙ අධොසිරෙ කත්‍වා ඛිපියමානා තං ලොහකුම‍්භිං පතන‍්ති. සීලවන‍්තන‍්ති සීලආචාරගුණසම‍්පන‍්නං.

එහි පදිත්තාති යනු ගිනිගෙන දිලිසෙන ස්වභාවයයි. මහනීති පර්වතයක තරම් වූ මහත් ලෝදිය සැලියකින් යුක්ත බවයි. අවංසිරාති භයානක යමපල්ලෝ පා උඩුකුරු කොට, හිස යටිකුරු කොට නිරිසතුන් ඒ මහත් ලෝදිය සැලියට හෙළති යනුයි. සීලවන්ති - ආචාර උණ සම්පන්න සිල්වතුනුයි.

“ලුඤ‍්චන‍්ති ගීවං අථ වෙඨයිත්‍වා, උණ‍්හොදකස‍්මිං පකිලෙදයිත්‍වා; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා ලුත‍්තසිරා සයන‍්ති.

ලුඤ්චෙන්ති ගීවං අථ වෙඨයිත්‍වා, උණ්හොදකස්මිං පකිලෙ දයිත්‍වා, භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනලුත්තසිරා සයන්තීති

එසේම ගිනිගෙන දිලිසෙන යොතින් ගෙල වෙළා උණු ලෝදියෙහි දමා තෙමා ගෙළ සිඳති. මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා, දෙව් රියැදුර, මේ නිරිසතුන් සිඳින ලද හිස් ඇතිව වැටෙන්නේ මොහු කිනම් පාපකරීම කළ නිසාදැයි ඔබගෙන් අසමි.

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

මෙසේ ඇසූ කල්හි පාපකර්ම විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා ඔහුට (නිමි රජුට) මෙසේ කීවේය.

“යෙ ජීවලොකස‍්මි සුපාපධම‍්මිනො, පක‍්ඛී ගහෙත්‍වාන විහෙඨයන‍්ති තෙ; විහෙඨයිත්‍වා සකුණං ජනින්‍ද, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං; තෙමෙ ජනා ලුත‍්තසිරා සය”න‍්ති.

යෙ ජීවලොකස්මිං සුපාප ධම්මිනො, පක්ඛී ගහෙත්‍වා විහෙඨයත්තී, තෙ හෙඨියිත්‍වා සකුණං ජනින්‍ද, තෙ ලුද්දකාමා පසවෙත්‍වා පාපං

සත්ත්ව ලෝකයෙහි ඉතා අධම ස්වභාව ඇති යම් කෙනෙක් පක්‍ෂීන් අල්ලාගෙන පිහාටු ගලවා ගෙල සිඳ මරත් ද මහරජ එසේ කිරීමෙන් දරුණු පව්කම් කරන ඔහු පව් රැස්කොට නරකයට පැමිණෙති. එසේ පැමිණි ඔව්හු හිස් සිඳිනු ලැබ මෙසේ වැතිර සිටිති.

තත්‍ථ ලුඤ‍්චන‍්තීති උප‍්පාටෙන‍්ති. අථ වෙඨයිත්‍වාති ජලිතලොහයොත‍්තෙහි අධොමුඛං වෙඨයිත්‍වා. උණ‍්හොදකස‍්මින‍්ති කප‍්පෙන සණ‍්ඨිතලොහඋදකස‍්මිං. පකිලෙදයිත්‍වාති තෙමෙත්‍වා ඛිපිත්‍වා. ඉදං වුත‍්තං හොති – සම‍්ම මාතලි, යෙසං ඉමෙ නිරයපාලා ජලිතලොහයොත‍්තෙහි ගීවං වෙඨෙත්‍වා තිගාවුතප‍්පමාණං සරීරං ඔනාමෙත්‍වා තං ගීවං සම‍්පරිවත‍්තකං ලුඤ‍්චිත්‍වා ජලිතඅයදණ‍්ඩෙහි ආදාය එකස‍්මිං ජලිතලොහරසෙ පක‍්ඛිපිත්‍වා තුට‍්ඨහට‍්ඨා හොන‍්ති, තාය ච ගීවාය ලුඤ‍්චිතාය පුන සීසෙන සද‍්ධිං ගීවා උප‍්පජ‍්ජතියෙව. කිං නාමෙතෙ කම‍්මං කරිංසු? එතෙ හි මෙ දිස‍්වා භයං උප‍්පජ‍්ජතීති. පක‍්ඛී ගහෙත්‍වාන විහෙඨයන‍්තීති මහාරාජ, යෙ ජීවලොකස‍්මිං සකුණෙ ගහෙත්‍වා පක‍්ඛෙ ලුඤ‍්චිත්‍වා ගීවං වෙඨෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ඛාදන‍්ති වා වික‍්කිණන‍්ති වා, තෙ ඉමෙ ලුත‍්තසිරා සයන‍්තීති.

එහි ලුඤ්චෙන්තීති උඩට එසවීමයි. අථවෙඨයිත්‍වාති ගිනිගෙන දිලිසෙන යකඩ යොත්වලින් යටිකුරුව (එල්බෙන සේ) වෙළා යනුයි. උණ්හොදකස්මින්ති (සැළියෙහි) ඇති ලෝදියෙහි යනුයි. පකිලෙදයිත්‍වා (උණු ලෝදියේ) තෙමා බැහැරට විසිකොට යනුයි. මෙසේ කියන ලද්දේ, යහලු මාතලී රියදුර, යම්සේ මේ යමපල්ලෝ දිළියෙන අයෝමය යොතින් (නිරිසතුන්ගේ) බෙල්ල වෙලා තුන්ගව් පමණ වූ සිරුර පහළට නවා එම නිරිසතාගේ බෙල්ල සම්පූර්ණයෙන් සිඳ දමා දිළියෙන යකඩ කූරුවලින් ගෙන ගිනිගෙන දිලිසෙන ලෝකුඹු නිරයෙහි දමා තුටු පහටු වෙති. ඔවුන්ගේ ගෙළ සිඳි කල්හි තවත් හිස සමග ගෙලක් හටගනී. මෙසේ වීමට කරන ලද අකුශල කර්මය කුමක් ද, මේ තත්ත්වය දැක මා තුළ මහත් බියක් හටගනී. පක්ඛි ගහෙත්‍වාන විහෙඨයන්තීති මහරජ, මෙලොව යම් කෙනෙක් පක්‍ෂීන් අල්වාගෙන පියපත් (පිහාටු) උදුරා දමා මරණයට පමුණුවා මස් අනුභව කරන්නේ හෝ විකුණන්නේ හෝ වේද ඒ කියන මස් වැද්දෝ බෙලි කපනු ලැබ මෙසේ හොවින්නෝය.

“පහූතතොයා අනිගාධකූලා, නදී අයං සන්‍දති සුප‍්පතිත්‍ථා; ඝම‍්මාභිතත‍්තා මනුජා පිවන‍්ති, පීතඤ‍්ච තෙසං භුස හොති පානි.

පහූතතොයා අනිඛාත කූලා, නදී අයං සන්දති සුපතිත්‍ථා, ඝම්මාභිතත්තා මනුජා පිවන්ති, පිවතංච තෙසං භුසං හොතිපාණි

දිය බහුල වූ නොගැඹුරු ඉවුරු ඇති මේ නදිය මනාකොට ගලා බසී. ග්‍රීෂ්මයෙන් තැවුණු නිරිසත්තු පැන් බොති. ඔවුන් බොන පැන් බොල්බවට පත්වේ.

“භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, පීතඤ‍්ච තෙසං භුස හොති පානි.

භයංහිමං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිම කංසු පාපං, [missing pali]

මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා, දෙව් රියැදුර, මෙසේ වීමට මේ සත්ත්වයෝ කිනම් පාපකර්මයක් කළාහුද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ ඇසූ කල්හි මාතලී දෙව් රියැදුරු නොදත් රජහට එම කර්ම විපාකයට හේතුව මෙසේ දක්වාලීය.

“යෙ සුද‍්ධධඤ‍්ඤං පලාසෙන මිස‍්සං, අසුද‍්ධකම‍්මා කයිනො දදන‍්ති; ඝම‍්මාභිතත‍්තාන පිපාසිතානං, පීතඤ‍්ච තෙසං භුස හොති පානී”ති.

යෙ සුදධ්ධඤ්ඤං ලොපෙන මිස්සං, අසුද්ධ කම්මා කයිනො දදන්ති, ඝම්මාභිතත්තානං පිපාසිතානං, පිවතංච තොසං භුසං හොතිපානි

මෙලොව යම්කිසි පාපකාරි පුද්ගලයෙකු ධාන්‍ය බොල් හා මුසුකොට මිලට ගන්නා තැනැත්තාට දෙන්නේද, ග්‍රීෂ්මයෙන් තැවුණු ඔවුන් පැන් බොනු කැමැතිව බොන කල්හි එම පැන් බොල්බවට පත්වේ. (වාෂ්ප වී යයි)

තත්‍ථ අනිගාධකූලාති අගම‍්භීරතීරා. සුප‍්පතිත්‍ථාති සොභනෙහි තිත්‍ථෙහි උපෙතා. භුස හොතීති වීහිභුසං සම‍්පජ‍්ජති. පානීති පානීයං. තස‍්මිං කිර පදෙසෙ පහූතසලිලා රමණීයා නදී සන්‍දති, නෙරයිකසත‍්තා අග‍්ගිසන‍්තාපෙන තත‍්තා පිපාසං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තා බාහා පග‍්ගය‍්හ ජලිතලොහපථවිං මද‍්දන‍්තා තං නදිං ඔතරන‍්ති, තඞ‍්ඛණඤ‍්ඤෙව තීරා පජ‍්ජලන‍්ති, පානීයං භුසපලාසභාවං ආපජ‍්ජිත්‍වා පජ‍්ජලති. තෙ පිපාසං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තා තං ජලිතං භුසපලාසං ඛාදන‍්ති. තං තෙසං සකලසරීරං ඣාපෙත්‍වා අධොභාගෙන නික‍්ඛමති. තෙ තං දුක‍්ඛං අධිවාසෙතුං අසක‍්කොන‍්තා බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති. සුද‍්ධධඤ‍්ඤන‍්ති වීහිආදිසත‍්තවිධං පරිසුද‍්ධධඤ‍්ඤං. පලාසෙන මිස‍්සන‍්ති පලාසෙන වා භුසෙන වා වාලුකාමත‍්තිකාදීහි වා මිස‍්සකං කත්‍වා . අසුද‍්ධකම‍්මාති කිලිට‍්ඨකායවචීමනොකම‍්මා. කයිනොති “සුද‍්ධධඤ‍්ඤං දස‍්සාමී”ති කයිකස‍්ස හත්‍ථතො මූලං ගහෙත්‍වා තථාරූපං අසුද‍්ධධඤ‍්ඤං දදන‍්ති.

එහි අනිඛාතකුලාති නොගැඹුරු ඉවුරයි. සුපතිත්‍ථාති මනා වූ තොටුපලින් යුක්ත බවයි. භුයංහොතීති බොල් වන්නේය යනුයි. (වීහිභුසං සමපජ්ජති) පාණීති පැන් යනුයි. එම ප්‍රදේශයේ බොහෝ වූ දිය දහරා ඇති රමණීය ගංගාවක් ගලාබසී. නිරිසත්තු ගිනි රශ්මියෙන් තැවෙන්නෝ පිපාසය දරා ගැනීමට නොහැකිව දෙඅත් බැදි වැළපෙමින් බබලන ලොහො තලය මැඩගෙන එම නදියට බසින්නාහුය. එකෙණෙහිම ඉවුර ගිනිගෙන දැවෙන්නේය. ජලය ද බොහෝ සෙයින් බොල් වී ගොස් (වාෂ්ප වී) දිදුලන්නේය. ඔව්හු පිපාසය දරාගත නොහී බබලන වාෂ්පය උරා බොන්නෝය. එම වාෂ්පය ඔවුන්ගේ මුළු සිරුර දවමින් අධෝ භාගයෙන් නික්මෙන්නේය. ඔහු වේදනාව දරාගත නොහී දෙඅත් ගසමින් හඬන්නාහුය. සුදධ්ධඤ්ඤංති වී ආදී සත්වැදෑරුම් පිරිසිදු ධාන්‍යය ය. පලාපෙන මිස්සන්ති බොල් වැලි පස් ආදිය මිශ්‍ර කොට යනුයි. අසුද්ධ කම්මාති අපිරිසිදු කාය වාග්, මනෝ කර්මයන්ය. කයිනොති පිරිසිදුව ධාන්‍ය දෙමියි විකිණී ගන්නාගෙන් (බඩු මිලදී ගන්නා තැනැත්තාගෙන්) අත්පිට මුදල් ලබාගෙන එබඳු වූ අශුද්ධ ධාන්‍ය විකිණීමයි.

“උසූහි සත‍්තීහි ච තොමරෙහි, දුභයානි පස‍්සානි තුදන‍්ති කන්‍දතං; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා සත‍්තිහතා සයන‍්ති.

උසුහි සත්තිහිච තොමහරෙහි, දුභයානි පස්සාති තුදන්ති කන්‍දිතං, භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා සත්තිහතා සයන්තීති

ඊ, අඩයටි, තෝමර යන මෙයින් හඬා වැලපෙන නිරිසතුන්ගේ උභය පාර්ශ්වය විදිත්. මෙය දුටු මට බිය උපදී. මේ නිරිසතුන් අඩයටි ආදී ආවුධවලින් නැසෙමින් වැදහෝනේ කුමන පාපකර්ම කළ නිසාදැයි මාතලිය මම ඔබෙන් විචාරමි.

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ ඇසූ කල්හි එම පාප කර්මයන්හි විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ කීවේය.

“යෙ ජීවලොකස‍්මිං අසාධුකම‍්මිනො, අදින‍්නමාදාය කරොන‍්ති ජීවිකං; ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං, අජෙළකඤ‍්චාපි පසුං මහිංසං; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, තෙමෙ ජනා සත‍්තිහතා සයන‍්තී”ති.

යෙ ජීව ලොකස්මිං අසාධු කමමිනො, අදින්නමාදාය කරොන්ති ජීවිකං, ධඤ්ඤං, ධනං, රජතං ජාතරූපං, අජෙළකං චාපි පසුං මහීසං, තෙලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තෙමෙ ජනා සත්ති හතා සයන්ති

සත්ත්ව ලෝකයෙහි කිසියම් පාපකාරී තැනැත්තෙක් ධන ධාන්‍ය රන් රිදී යනාදියද එළු, බැටළු, ගව, මහිස යනාදී සතුන්ද හිමියන් විසින් නොදෙනු ලැබුවත් හොරෙන් ගෙන ජීවිකාව කෙරෙන්ද, එම මහත් පව්කම් ඇති ඔව්හු පව් රැස්කොට නිරයට යති. එම නිරිසත්තු ආයුධවලින් නැසෙන්නාහු වෙත්.

තත්‍ථ දුභයානීති උභයානි. තුදන‍්තීති විජ‍්ඣන‍්ති. කන්‍දතන‍්ති කන්‍දන‍්තානං. ඵරුසා නිරයපාලා අරඤ‍්ඤෙ ලුද‍්දා මිගං විය සම‍්පරිවාරෙත්‍වා උසුආදීහි නානාවුධෙහි ද‍්වෙ පස‍්සානි තුදන‍්ති, සරීරං ඡිද‍්දාවඡිද‍්දං පුරාණපණ‍්ණං විය ඛායති. අදින‍්නමාදායාතිපරසන‍්තකං සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකං සන්‍ධිච‍්ඡෙදාදීහි චෙව වඤ‍්චනාය ච ගහෙත්‍වා ජීවිකං කප‍්පෙන‍්ති.

එහි දුභයානීති දෙපැත්ත යනුයි. තුදන්තීති විඳිනු ලැබීමයි. කන්‍දතන්ති වේදනාවෙන් කෑගසන්නවුන්ට නපුරු යමපල්ලෝ කැලයෙහි වැද්දන් මුව ආදීන්ට හාත්පසින් වටකොට ඊතල ආදී නොයෙක් ආයුධවලින් දෙපැත්තෙන්ම අනින්නාහුය. එවුන්ගේ සිරුරු කැඩි කැඩී ගොස් පරනැළක් මෙන් විනාශ වන්නේය. අදින්නමාදායාති පරසන්තක වූ සවිඥානක, අවිඥානක වස්තු පැහැරගෙන වංචනිකව දිවි ගෙවන්නාහුය යනුයි.

“ගීවාය බද‍්ධා කිස‍්ස ඉමෙ පුනෙකෙ, අඤ‍්ඤෙ විකන‍්තා බිලකතා සයන‍්ති; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා බිලකතා සයන‍්ති.

ගීවාය බද්ධා කිස්ස ඉමෙ පුනෙකෙ, අඤ්ඤෙ විකත්තා බිලකතා පුනෙකෙ, භයං හි මං වින්‍දති සූතදිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජන බිල කතා සයන්ති

මේ නිරි සතුන්ගෙන් තවත් කෙනෙක් බෙල්ලෙන් බඳනා ලද්දේය. වෙනත් කෙනෙකු කැබැලිවලට කපන ලද්දේය. එසේම සමහරු යපොළොවෙහි මස් ගොඩවල් බවට පත්කරන ලද්දෝය. සාරථිය, මේවා දැක්මෙන් මට භය උපදී. දේව සාරථිය මේ නිරිසතුන් මෙසේ වීමට කළ පාපකර්මය කුමක්ද? එසේම මස් කරන ලද්දේ කුමන පව්කම් නිසාද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

මාතලී දෙව්පුත් එසේ ඇසූ එම පව්කම්වල විපාක නොදන්නා නිමි රජතුමාට පව්කම්වල විපාක දැන ඒවා පැහැදිලි කර දුන්නේ ය.

“ඔරබ‍්භිකා සූකරිකා ච මච‍්ඡිකා, පසුං මහිංසඤ‍්ච අජෙළකඤ‍්ච; හන‍්ත්‍වාන සූනෙසු පසාරයිංසු, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං; තෙමෙ ජනා බිලකතා සයන‍්තී”ති.

ඔරබ්භිකා සූකරිකාච මච්ඡිකා, පසුං මහිසඤ්ච අජෙළකඤ්ච, හනත්‍වාන සූනෙසු පසාරයිංසු, තෙලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තෙ මෙ ජනා බිලකතා සයන්ති

එළුවන් මරා, ඌරන් මරා, මසුන් මරා දිවි පවත්වන්නා වූ ද ඔව්හු එළු බැටළුවන් මරා මස්කොට මස්ලොඹුවල විකිණීමට කොටස් වශයෙන් තැබුවාහු ද ඒ දරුණු පව්කම් ඇත්තෝ පව් රැස්කොට නරකයට යෙති. ඒ නිරිසත්තු කොටස් කළ මස් බවට පත්ව හොවිති.

තත්‍ථ ගීවාය බද‍්ධාති මහන‍්තෙහි ජලිතලොහයොත‍්තෙහි ගීවාය බන්‍ධිත්‍වා ආකඩ‍්ඪිත්‍වා අයපථවියං පාතෙත්‍වා නානාවුධෙහි කොට‍්ටියමානෙ දිස‍්වා පුච‍්ඡි. අඤ‍්ඤෙ විකන‍්තාති අඤ‍්ඤෙ පන ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින‍්නා. බිලකතාති ජලිතෙසු අයඵලකෙසු ඨපෙත්‍වා මංසං විය පොත්‍ථනියා කොට‍්ටෙත්‍වා පුඤ‍්ජකතා හුත්‍වා සයන‍්ති. මච‍්ඡිකාති මච‍්ඡඝාතකා. පසුන‍්ති ගාවිං. සූනෙසු පසාරයිංසූති මංසං වික‍්කිණිත්‍වා ජීවිකකප‍්පනත්‍ථං සූනාපණෙසු ඨපෙසුං.

එහි ගීවාය බද්ධාති (ගෙලෙන් බැඳ යනුයි) මහත් වූ ගිනිගෙන දිලිසෙන ලොහො යොත්වලින් ගෙල බැඳ ඇදගෙන ගොස් ලොහො පොළොවෙහි හොවා නොයෙක් ආයුධවලින් කපන කොටන අයුරු දැක (රජතුමා) මෙසේ අසයි. අඤ්ඤෙ විතත්තාති අන්‍යයන් (යමපල්ලන්) විසින් ඒ නිරිසතු කඩ කඩව කපනු ලැබේ යනුයි. බිලත්තාති (කොටස් හෙවත් කැබැලි කළේය යනුයි) වෙනත් පලකයක තබා මස් කපන්නා සේ කඩුවෙන් කපා (මස්) ගොඩක් කරන ලදුව හොවී. මච්ඡතාති යනු මසුන් මරන්නෝය. කෙවුලෝය. පංසුති යනු ගවයින්ය. සුනෙසු පසාරයිංසූති යනු (මස් ලොඹුවල (මස් එල්ලන කොකුවල) එල්ලා තැබීය යනුයි. මස් විකුණා ජීවත්වීම සඳහා මස්ලොඹුවල එල්ලා තැබීම යනුයි.

“රහදො අයං මුත‍්තකරීසපූරො, දුග‍්ගන්‍ධරූපො අසුචි පූති වාති; ඛුදාපරෙතා මනුජා අදන‍්ති, භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා; පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං; යෙමෙ ජනා මුත‍්තකරීසභක‍්ඛා.

රහදො අයං මුත්ත කරීසපූරො, දුගෙන්‍ධරූත්‍ථො අසූචි පූතිවායති, ඛුධා පරෙතා මනුජා අදෙන්ති, භයං හි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනාමුත්ත කරීස භක්ඛාති

මළ මූත්‍රවලින් පිරුණු මේ විල දුඟඳ හමන්නේය. සාදුකින් පෙළෙන නිරිසතුන් ඒවා අනුභව කරති. මෙය දැකීමෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබගෙන් අසන්නේ මේ නිරිසතුන් මළමූත්‍ර අනුභව කරන්නේ කුමන පාපයක් නිසා ද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසි ජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ වූ විපාක විඳීමට හේතු වූ කරුණු දන්නා වූ මාතලී දෙව්පුත් නොදන්නා වූ නිමිරජුට මෙසේ පැහැදිලි කර දුන්නේය.

“යෙ කෙචිමෙ කාරණිකා විරොසකා, පරෙසං හිංසාය සදා නිවිට‍්ඨා; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, මිත‍්තද‍්දුනො මීළ‍්හමදන‍්ති බාලා”ති;

යෙකෙචිමෙ කාරණිකා විරොසකා, පරෙසං හිංසාය සදා නිවිට්ඨා, තෙ ලුද්දකම්මං පසවෙත්‍වා පාපං, මිත්තද්දුනො මීළ්හමදෙන්ති බාලාති, රහදො අයං ලෝහිතපුබ්බපූරො, දුග්ගන්‍ධරූපො අසූචි පූති වයති

යම්කිසි කෙනෙක් අත්පා කැපීම ආදියෙන් අනුන්ට වදහිංසා කිරීමෙහි නියුතු, මිතුරන්ට ද්‍රෝහි වූ ඔහු පව් රැස්කොට නිරයෙහි ඉපිද අසූචි අනුභව කරති.

තත්‍ථ ඛුදාපරෙතා මනුජා අදන‍්තීති එතෙ නෙරයිකා සත‍්තා ඡාතකෙන ඵුට‍්ඨා ඛුදං සහිතුං අසක‍්කොන‍්තා පක‍්කුථිතං ධූමායන‍්තං පජ‍්ජලන‍්තං කප‍්පෙන සණ‍්ඨිතං පුරාණමීළ‍්හං පිණ‍්ඩං පිණ‍්ඩං කත්‍වා අදන‍්ති ඛාදන‍්ති. කාරණිකාති කාරණකාරකා. විරොසකාති මිත‍්තසුහජ‍්ජානම‍්පි විහෙඨකා. මිත‍්තද‍්දුනොති යෙ තෙසඤ‍්ඤෙව ගෙහෙ ඛාදිත්‍වා භුඤ‍්ජිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා සයිත්‍වා පුන මාසකහාපණං නාම ආහරාපෙන‍්ති, ලඤ‍්ජං ගණ‍්හන‍්ති, තෙ මිත‍්තදූසකා බාලා එවරූපං මීළ‍්හං ඛාදන‍්ති, මහාරාජාති.

එහි ඛුධාපරෙතා මනුජා අදෙන්තීති යනු (බඩගින්නෙන් පෙළෙන ජනයා අනුභව කරති) මෙහි නිරිසතුන් බඩගින්නෙන් පෙළෙන්නෝය. ඔහු ක්‍ෂුධාව ඉවසා ගත නොහී පැහැදිලිවම දුම් දමමින් දිළියෙන අසූචි පිඬු පිඬුකොට කා දමති. කාරණිකාති යනු නිරය පාලකයෝය. විරො සකාති යනු මිත්‍ර සහෘදයන්ට වෙහෙස කරන්නෝය. මිත්තද්දුනොති (මිත්‍ර ද්‍රෝහියා යනුයි) මේ ගෙදරදී කා බී පනවන ලද අසුන්වල සැතපී සිට නැවත රන්මසු කහවනු පැහැරගෙන යති. වංචනික ලෙස ගනිති. මහරජ, ඒ මිත්‍රද්‍රෝහී වූ අඥානයෝ මෙබඳු වූ අසූචි අනුභව කරති යනුයි.

“රහදො අයං ලොහිතපුබ‍්බපූරො, දුග‍්ගන්‍ධරූපො අසුචි පූති වාති; ඝම‍්මාභිතත‍්තා මනුජා පිවන‍්ති, භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා; පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං; යෙමෙ ජනා ලොහිතපුබ‍්බභක‍්ඛා.

[missing pali] සම්මාභි තත්තා මනුජා පිවන්ති, භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙව සාරථී, ඉමෙනු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා ලෝහිත පුබ්බභක්ඛාති

ලේ සැරව පිරුණු දුගඳ වූ මේ විල අපවිත්‍රය. දුර්ගන්‍ධය. අසූචි ගඳ හමයි. ග්‍රීෂ්මයෙන් තැවුණු සත්ත්වයෝ ඒවා බොති. එය දැකීමෙන් මට භය උපදී. මාතලී දේවසාරථිය, මේ නිරිසත්තු මෙසේ ලේ සැරව අහරකොට ගැනීම කළ පාපය කුමක්දැයි ඔබගෙන් විචාරමි.

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

මෙසේ ඇසූ කල්හි එම පාප කර්මවිපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ කීය.

“යෙ මාතරං වා පිතරං වා ජීවලොකෙ, පාරාජිකා අරහන‍්තෙ හනන‍්ති; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, තෙමෙ ජනා ලොහිතපුබ‍්බභක‍්ඛා”ති.

යෙ මාතරං වා පිතරං වා ජීවලොකෙ, පාරාජික අරහන්තෙ හනත්ති, තෙ ලුද්ද කම්මා පසවෙත්‍වා පාපං, තෙමෙ ජනො ලෝහිත පුබ්බ භක්ඛා

යමෙක්, මේ ලෝකයෙහි ගිහිව සිට මව හෝ පියා හෝ රහතන් හෝ මරත්ද, දරුණු එම පව්කම් කළ ඔහු පව් මෝරා යෑමෙන් නිරයට පැමිණ මෙසේ ලේ සැරැව අනුභව කරති.

තත්‍ථ ඝම‍්මාභිතත‍්තාති සන‍්තාපෙන පීළිතා. පාරාජිකාති පරාජිතා ජරාජිණ‍්ණෙ මාතාපිතරො ඝාතෙත්‍වා ගිහිභාවෙයෙව පාරාජිකං පත‍්තා. අරහන‍්තෙති පූජාවිසෙසස‍්ස අනුච‍්ඡවිකෙ. හනන‍්තීති දුක‍්කරකාරකෙ මාතාපිතරො මාරෙන‍්ති. අපිච “අරහන‍්තෙ”ති පදෙන බුද‍්ධසාවකෙපි සඞ‍්ගණ‍්හාති.

එහි ඝම්මා හිතත්තාති යනු තාපයෙන් පෙළුනෝයි. පාරාජිතාති පරාජය වූවෝ යනුයි. ගිහිව සිට මව්පියන් මරා පාරාජිකා වූවෝය. අරහන්තෙති පූජා ලැබීමට සුදුසුවූම උතුමෝය. (මෙහිදී රහතන් වහන්සේලා අනුන්ගේ පූජා ලැබීමට මිස හිංසාවට හෝ ගැරහීමට නුසුදුසු බව කියවේ.) හනන්තීති ඉතා දරුණු තැනැත්තෝව මව්පියන් මරත් යනුයි. එසේම, අරහන්තෙති යන පදයෙන් බුද්ධශ්‍රාවකයින් ද ඇතුළත් වේ.

අපරස‍්මිම‍්පි උස‍්සදනිරයෙ නිරයපාලා නෙරයිකානං තාලප‍්පමාණෙන ජලිතඅයබළිසෙන ජිව‍්හං විජ‍්ඣිත්‍වා ආකඩ‍්ඪිත්‍වා තෙ සත‍්තෙ ජලිතඅයපථවියං පාතෙත්‍වා උසභචම‍්මං විය පත්‍ථරිත්‍වා සඞ‍්කුසතෙන හනන‍්ති. තෙ ථලෙ ඛිත‍්තමච‍්ඡා විය ඵන්‍දන‍්ති, තඤ‍්ච දුක‍්ඛං සහිතුං අසක‍්කොන‍්තා රොදන‍්තා පරිදෙවන‍්තා මුඛෙන ඛෙළං මුඤ‍්චන‍්ති. තස‍්මිං රාජා මාතලිනා දස‍්සිතෙ ආහ –

තව ද උස්සද නිරයෙහි යමපල්ලෝ තල්ගස් හා සමාන ගිනිගෙන දිලිසෙන ලෝහ බිලි කොකුවලින් දිව විද ඇදගෙන ගොස් ඒ සතුන් ගිනියම් වූ ලොහො පොළොවෙහි ගෙරිසමක් දිගහරින්නා සේ හොවා තියුණු ආයුධවලින් පහර දෙන්නෝය. ඔවුහු ගොඩ දැමූ මසුන් මෙන් සැලෙන්නෝය. ඒ දුක් ඉසිලීමට නොහැකිව මුවින් කෙල වගුරුවති. එවේලෙහි රජතුමා මාතලිට එය පෙන්වා මෙසේ ඇසීය.

“ජිව‍්හ ච පස‍්ස බළිසෙන විද‍්ධං, විහතං යථා සඞ‍්කුසතෙන චම‍්මං; ඵන්‍දන‍්ති මච‍්ඡාව ථලම‍්හි ඛිත‍්තා, මුඤ‍්චන‍්ති ඛෙළං රුදමානා කිමෙතෙ.

ජීව්හඤ්ච පස්ස බලිසෙන විද්ධං, විහතං යථා සංකුසත්තෙ චම්මං, ඵන්‍දන්ති මච්ඡාව ඵලම්හි ඛිත්තා, මුඤ්චන්ති ඛෙලං රුදමානා කිමෙතෙ

බිලි කොකුවලින් විදින ලද සිය ගණන් උල් ගැසූ සමක් මෙන්, දිව බලනු මැනවි. ඔව්හු ලොහො පොළොවේ හෙලනු ලැබ මසුන් මෙන් ගැහෙති. හඬමින් කෙළ වගුරුවති.

“භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා වඞ‍්කඝස‍්තා සයන‍්තී”ති.

භයංහි මං වින්‍දති සූතදිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථී, ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා වංකඝස්තා සයන්ති

සාරථිය, මෙය දැකීමෙන් මට භය උපදී. මාතලී දේවසාරථිය, මෙසේ වක් වූ බිලිකොකු ගිලීමට මේ නිරිසත්තු කළ පාපය කුමක්ද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ අසන ලද පාපකර්ම විපාක නොදන්නා වූ නිමි රජතුමාට, එම කර්මවිපාකවලට හේතු වන්නා වූ මාතලී දෙව්පුත් මෙසේ ප්‍රකාශ කළේය.

“යෙ කෙචි සන්‍ධානගතා මනුස‍්සා, අග‍්ඝෙන අග‍්ඝං කයං හාපයන‍්ති; කූටෙන කූටං ධනලොභහෙතු, ඡන‍්නං යථා වාරිචරං වධාය.

යෙකෙචි සන්‍ථාත ගතා මනුස්සා, අග්ඝෙන අග්ඝං කයං හාපයන්ති, කූටෙන කූටං ධනං ලොභ හේතු, ඡන්නං යථා වාරි වරං වධාය

බඩු මිල නියම කරන ස්ථානවල (බලධාරි) කිසියම් කෙනෙක්, ඒ ඒ දේවල් අගය කිරීමේ දී (බිල නියම කිරීමේදී වෙළඳුන්ගේ ලාභය අඩුවන ලෙස මිල නියම කෙරෙත් ද වස්තු ලෝභයෙන් ඇමෙන් වැසුණු බිලිය ගෙන මසකු මරන්නා සේ හොර කිරුම් මිණුම් ආදිය කෙරෙත් ද

“න හි කූටකාරිස‍්ස භවන‍්ති තාණා, සකෙහි කම‍්මෙහි පුරක‍්ඛතස‍්ස; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, තෙමෙ ජනා වඞ‍්කඝස‍්තා සයන‍්තී”ති.

නහි කූට කාරිස්ස භවන්ති තාණා, සකෙහි කම්මෙහි පුරක්ඛතස්ස, තෙ ලුද්දකම්ම පසවෙත්‍වා පාපං, තෙමෙ ජනා වංක ඝස්තාසයන්තිතී

ස්වකීය කර්මය පෙරටු කරගත් එබඳු කූටකම් කරන්නා හට රැකෙන තැනක් නැත. ඒ දරුණු පව්කම් ඇත්තා පව් රැස්කොට අපායට යති. ඒ මේ නිරිසත්තු ගිලින ලද බිලිකොකු ඇතිව හොවිති කීය.

තත්‍ථ කිමෙතෙති කිංකාරණා එතෙ. වඞ‍්කඝස‍්තාති ගිලිතබළිසා. සන්‍ධානගතාති සන්‍ධානං මරියාදං ගතා, අග‍්ඝාපනකට‍්ඨානෙ ඨිතාති අත්‍ථො. අග‍්ඝෙන අග‍්ඝන‍්ති තං තං අග‍්ඝං ලඤ‍්ජං ගහෙත්‍වා හත්‍ථිඅස‍්සාදීනං වා ජාතරූපරජතාදීනං වා තෙසං තෙසං සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකානං අග‍්ඝං හාපෙන‍්ති. කයන‍්ති තං හාපෙන‍්තා කායිකානං කයං හාපෙන‍්ති, සතෙ දාතබ‍්බෙ පණ‍්ණාසං දාපෙන‍්ති, ඉතරං තෙහි සද‍්ධිං විභජිත්‍වා ගණ‍්හන‍්ති. කූටෙන කූටන‍්ති තුලාකූටාදීසු තං තං කූටං. ධනලොභහෙතූති ධනලොභෙන එතං කූටකම‍්මං කරොන‍්ති. ඡන‍්නං යථා වාරිචරං වධායාති තං පන කම‍්මං කරොන‍්තාපි මධුරවාචාය තථා කතභාවං පටිච‍්ඡන‍්නං කත්‍වා යථා වාරිචරං මච‍්ඡං වධාය උපගච‍්ඡන‍්තා බළිසං ආමිසෙන පටිච‍්ඡන‍්නං කත්‍වා තං වධෙන‍්ති, එවං පටිච‍්ඡන‍්නං කත්‍වා තං කම‍්මං කරොන‍්ති. න හි කූටකාරිස‍්සාති පටිච‍්ඡන‍්නං මම කම‍්මං, න තං කොචි ජානාතීති මඤ‍්ඤමානස‍්ස හි කූටකාරිස‍්ස තාණා නාම න හොන‍්ති. සො තෙහි කම‍්මෙහි පුරක‍්ඛතො පතිට‍්ඨං න ලභති.

එහි කිමෙතෙති මෙයට හේතුව කුමක්ද යනුයි. වංකඝස්තාති ගිලින ලද බිලිකොකු ඇත්තෝ යනුයි. සන්තාන ගතානි මිල නියම කිරීමෙහි කෙළ පැමිණි අය (ඒ පිළිබඳ විශේෂඥයෝ) මිල නියම කිරිමේ තනතුරෙහි (වන්නකු) තැබීය යනු අර්ථයි. අග්ඝෙන අග්ඝන්ති ඒ ඒ මිල නියම කිරිම් සඳහා ඇත් අස් ආදී සතුන්ගෙන් හෝ රන් රිදී මසු කහවනුවලින් හෝ අල්ලස් ලබාගෙන දැන දැනම අගය අඩුකොට මිළ නියම කරත්. කයන්ති එසේ වංචනිකව අගැයීම් කිරීම නිසා මිලදී ගන්නා අයගේ ලාභයද නැති කරන්නේය යනුයි. (අල්ලස් නොදුන් කල්හි) සියයකට මිල නියම කළ යුතු දෙය පනහක් කොට මිල නියම කරයි. ඉතිරි පනහ දෙදෙනා එක්ව බෙදා ගනී. කූටෙන කූටන්ති තරාදියෙන් කිරීම ආදී ඒ ඒ මිනුම් සම්බන්ධ වංචනික ක්‍රියා කරත් යනුයි. ධනලොභහෙතුත ධන ලෝභයෙන් මෙබඳු වංචනික ක්‍රියා කරත් යනුයි. ඡන්නං යථාවාරිචරං වධායති එසේ පව්කම් කරන්නෝ මිහිරි කථාවෙන් එසේ කළ බව යටපත් කොට යම්සේ බිලි වැද්දෙකු බිලීබෑමට යන්නේ බිලිකටුව ඇමයෙන් වසා මාළුවන (රවටා) මරන්නා සේ මෙසේ ඇස්වසා එම වංචාවන් කරත්. නහිකූට කාරිස්සාති මම රහසින් කළ වැරැදි දේ කිසිවෙකුත් නොදනිති යැයි සිතුවත් වංචාකාරයාට පිහිටක් නම් නැත. ඔහු එම (වංචනික) ක්‍රියාව හේතුවෙන් කිසිදු පිහිටක් නොලබති.

“නාරී ඉමා සම‍්පරිභින‍්නගත‍්තා, පග‍්ගය‍්හ කන්‍දන‍්ති භුජෙ දුජච‍්චා; සම‍්මක‍්ඛිතා ලොහිතපුබ‍්බලිත‍්තා, ගාවො යථා ආඝාතනෙ විකන‍්තා; තා භූමිභාගස‍්මිං සදා නිඛාතා, ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතා.

නරියො ඉමා සම්පරිභින්න ගත්තා, පග්ගය්හ කන්‍දන්ති භුජෙ දුජච්චා, සම්මක්ඛිතා ලොහිතපුබ්බ ලිත්තා, ගාවො යථා ආඝාතනෙ විකත්තා, තා භූමිභාගස්මිං සදා නිඛාතා, ඛන්‍ධානි වත්තන්ති සජොති භූතා

(යමපල්ලන් විසින්) කැපූ ශරීර ඇති මේ ස්ත්‍රීහු හිස අත් බැඳගෙන හඬති. ලේ සැරව තැවරුණු ශරීර ඇති ඔව්හු ගවමස් මඩුවෙහි කැපූ ගෙරින් මෙන් යපොළොවෙහි ඉඟටිය පමණ ගිලීගින්නෙන් දිලියෙන පර්වත කඳන් වැනි යකඩ කඳන් ඔවුන්ගේ ශරීර ඉක්මවා ගමන් කරති.

“භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමා නු නාරියො කිමකංසු පාපං, යා භූමිභාගස‍්මිං සදා නිඛාතා; ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතා.

භයංහි මං වින්‍දති සූතදිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථී, ඉමා නු තරියො කිමකංසු පාපං, යන භූමි භාගස්මිං සදා නිඛාතා, ඛන්‍ධාති වත්තන්ති සජොතිභූතාති.

සාරථිය, මේ දැක්මෙන් මට භය උපදී. පින්වත් දෙව සාරථිය, හැමකල්හිම ගිනිදැල් සහිත යපොළොවෙහි, ඉඟ තෙක් ගිලී සිටින දේ ස්ත්‍රීන්ගේ සිරුරු පසා කරගෙන යකදන් ගමන් කරන්නේය. මේ ස්ත්‍රීහු කිනම් පව්කම් කළෝ ද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ ඇසූ කල්හි පාපකර්මවල විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.

“කොලිත්‍ථියායො ඉධ ජීවලොකෙ, අසුද‍්ධකම‍්මා අසතං අචාරුං; තා දිත‍්තරූපා පති විප‍්පහාය, අඤ‍්ඤං අචාරුං රතිඛිඩ‍්ඩහෙතු; තා ජීවලොකස‍්මිං රමාපයිත්‍වා, ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතා”ති.

කොලනියායො ඉධ ජීවලොකෙ, අසුද්ධ කම්මා අසතං අචාරුං, තා දින්නරූපා පති විප්පහාය, අඤ්ඤං අචාරුං රතිඛිඩ්ඩහෙතු, තා ජීවලොකස්මිං රමාපයිතිං, ඛන්‍ධානි වත්තන්ති සජොතිභූතාති

මේ ලෝකයෙහි ඇතැම් කුලස්තීහු අපිරිසිදු (කාය වාග් මනඃ) කර්ම ඇත්තියෝ වූහ. සංයමයෙන් තොරව ක්‍රියා කළහ. අසංවරව හැසිරුණේය. සැමියන්ගෙන් වෙන්ව අනාචාරීව හැසිරුණේය. වෙනත් වෙනත් රති ක්‍රීඩාවන්හි යෙදුණේය. ඔව්හු නිරයට පැමිණියාහු, ඔවුන්ගේ සිරුරු ඉක්මවා පවත වැනි යකදන් ඔවුන්ගේ සිරුරු ඉක්මවා යන්ය.

තත්‍ථ නාරීති ඉත්‍ථියො. සම‍්පරිභින‍්නගත‍්තාති සුට‍්ඨු සමන‍්තතො භින‍්නසරීරා. දුජච‍්චාති දුජ‍්ජාතිකා විරූපා ජෙගුච‍්ඡා. ආඝාතනෙති ගාවඝාතට‍්ඨානෙ. විකන‍්තාති ඡින‍්නසීසා ගාවො විය පුබ‍්බලොහිතලිත‍්තා හුත්‍වා . සදා නිඛාතාති නිච‍්චං ජලිතඅයපථවියං කටිමත‍්තං පවෙසෙත්‍වා නිඛණිත්‍වා ඨපිතා විය ඨිතා. ඛන්‍ධාතිවත‍්තන‍්තීති සම‍්ම මාතලි, තා නාරියො එතෙ පබ‍්බතක‍්ඛන්‍ධා අතික‍්කමන‍්ති. තාසං කිර එවං කටිප‍්පමාණං පවිසිත්‍වා ඨිතකාලෙ පුරත්‍ථිමාය දිසාය ජලිතඅයපබ‍්බතො සමුට‍්ඨහිත්‍වා අසනි විය විරවන‍්තො ආගන‍්ත්‍වා සරීරං සණ‍්හකරණී විය පිසන‍්තො ගච‍්ඡති. තස‍්මිං අතිවත‍්තිත්‍වා පච‍්ඡිමපස‍්සෙ ඨිතෙ පුන ච තාසං සරීරං පාතු භවති. තා දුක‍්ඛං අධිවාසෙතුං අසක‍්කොන‍්තියො බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති. සෙසදිසාසු වුට‍්ඨිතෙසු ජලිතපබ‍්බතෙසුපි එසෙව නයො. ද‍්වෙ පබ‍්බතා සමුට‍්ඨාය උච‍්ඡුඝටිකං විය පීළෙන‍්ති, ලොහිතං පක‍්කුථිතං සන්‍දති. කදාචි තයො පබ‍්බතා සමුට‍්ඨාය පීළෙන‍්ති. කදාචි චත‍්තාරො පබ‍්බතා සමුට‍්ඨාය තාසං සරීරං පීළෙන‍්ති. තෙනාහ “ඛන්‍ධාතිවත‍්තන‍්තී”ති.

එහි නරියොති යනු ස්ත්‍රීහුය. සම්පරි භින්නගත්තාති හාත්පසින්ම සිඳී බිඳී ගිය සිරුරු ඇති බවයි. දුජච්චාති උපතින් පහත් වූ විරූප වූ පිළිකුල් ස්වභාවයයි. විකත්තාති හිස් සිඳිනු ලැබූ ගෙරින් මෙන් ලේ සැරව තැවරී සිටි බවයි. නිඛාතාති නිතරම ගිනිගෙන දැවෙන පොළොවෙහි කටිය දක්වා ගිලීගොස් සිටියා සේ වීමයි. යහළු මාතලිය, කාන්තාවන්ගේ සිරුරු ඉක්මවා මේ ලොහොකඳන් ගමන් කෙරෙත් යනුවෙන් මෙයින් කියවේ. එවිට ඔවුන්ගේ සිරුරු තැලී පොඩිවී යයි නැතහොත් එම නිරයේ නිරිසතුන් පාපකර්මයට අනුව යොදුන් ගණන් උස මහත ශරීර ඇති බැවින් තල්කඳන් සමාන ලෝහ කඳන් ඔවුන්ගේ සිරුරු සිදුරු කොටගෙන යන බවද මෙයින් කියවේ. ඔවුන් ඉහත කී ලෙස කටිය දක්වා ලොහො පොළොවෙහි වැළලී සිටින විට පෙර දිගින් ගිනියම් වූ දිළියෙන යකඩ පර්වතයක් නැගීසිට (මතුවී) හෙනහඬ මෙන් හඬ දෙමින් අවුත්, එම සිරුර පසාරු කරගෙන ගොස් කුඩුකර දමයි. එසේ ලෝහ දණ්ඩ ඉක්ම ගිය කල්හි එම සිරුර නැවතත් හටගනී. ඒ දුක ඉවසාගැනීමට බැරිව එම ස්ත්‍රීහු හිස අත්ගසමින් වැළපෙති. අනෙකුත් දිසාවලද පර්වතයන් නැගීසිට නිරිසතුන්ට පීඩා කිරීම මේ වූ න්‍යායෙන්ම දතයුතු. පර්වත දෙකක් මුණගැසුණු තැන උක්පැණි සිඳින යන්ත්‍රයකට අසුවූ උක්දණ්ඩක් සේ තැලී පොඩි වී යති. ලේ වැගිරෙයි. කිසිවිටෙක පර්වත තුනක් හෝ හතරක් නැගීසිට ඔවුන්ගේ සිරුරු තළා දමයි. එනිසා බන්‍ධානිවත්තන්තීති යැයි දැක්වීය.

කොලිත්‍ථියායොති කුලෙ පතිට‍්ඨිතා කුලධීතරො. අසතං අචාරුන‍්ති අසඤ‍්ඤතකම‍්මං කරිංසු. දිත‍්තරූපාති සඨරූපා ධුත‍්තජාතිකා හුත්‍වා. පති විප‍්පහායාති අත‍්තනො පතිං පජහිත්‍වා. අචාරුන‍්ති අගමංසු. රතිඛිඩ‍්ඩහෙතූති කාමරතිහෙතු චෙව ඛිඩ‍්ඩාහෙතු ච. රමාපයිත්‍වාති පරපුරිසෙහි සද‍්ධිං අත‍්තනො චිත‍්තං රමාපයිත්‍වා ඉධ උපපන‍්නා. අථ තාසං සරීරං ඉමෙ ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතාති.

කොලනියො යනු කුල ගෙවල්වල සිටින කුල දූවරුය. අසතං අචාරුන්ති මෙහි අසංවර (දුශ්ශීල) කාය වාග් ක්‍රියාවන්හි යෙදුනෝය යනුයි. දත්තරූපාති යනු අනුන් රැවටීමෙන් (කපටිකමින්) හා දුරාචාරයෙන් යුතු බවයි. විප්පහායති (අත්හැර දැමීමයි) තමන්ගේ ස්වාමිපුරුෂයාද හැරදමා යනුයි. අසතං අචාරුන්ති ගියෝය යනුයි. රතිබිඩ්ඩහෙතූති කාමාශා හේතුවෙන් ද (නිතරම විනෝදකාමී) කෙළිලොල් බැවින්ද යුතුවීම යනුයි. රමාපෙත්‍වාති පර පුරුෂයන් කෙරෙහි තමන්ගේ හිත බැඳීමේ හේතුවෙන් මෙම නරකයෙහි උපන්නෝය. ඉන්පසු ඔවුන්ගේ සිරුරු මෙසේ කඳ කොටස් වශයෙන් පමණක් උඩට ඇතිව (ගිනිගෙන) දිලිසෙමින් පවතින්නේය යනුයි.

“පාදෙ ගහෙත්‍වා කිස‍්ස ඉමෙ පුනෙකෙ, අවංසිරා නරකෙ පාතයන‍්ති; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන‍්ති.

සමහර කෙනෙකුගේ පා අල්ලා හිස යටිකුරු කොට නරකයෙහි හෙළන්නාහ. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, මේ නිරිසත්තුන් හිස යටිකුරු කොට නරකයෙහි හෙළන්නේ ඔවුන් මිනිස් ලොව දී කුමන පාපකර්මයක් කළ නිසාදැයි ඔබගෙන් විමසමි.

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ විමසූ කල්හි පාපකර්මවල විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.

“යෙ ජීවලොකස‍්මිං අසාධුකම‍්මිනො, පරස‍්ස දාරානි අතික‍්කමන‍්ති; තෙ තාදිසා උත‍්තමභණ‍්ඩථෙනා, තෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන‍්ති.

යෙ ජීව ලොකස්මිං අසාධු කම්මිනො, පරස්ස දාරානි අතික්කමන්ති, තෙ තාදිසා උත්තම භණ්ඩථෙනා, තෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති

මිනිස්ලොව අකුසල කර්ම කරන්නා වූ යම් කෙනෙක් පරදාර සේවනයෙහි යෙදෙත් ද, එවැන්නෝ උතුම් බඩු සොරා ගන්නෝය. නරකයට පැමිණි මේ නිරි සත්තු යටිකුරු හිස් ඇත්තෝව නරකයට හෙළනු ලබති.

“තෙ වස‍්සපූගානි බහූනි තත්‍ථ, නිරයෙසු දුක‍්ඛං වෙදනං වෙදයන‍්ති; න හි පාපකාරිස‍්ස භවන‍්ති තාණා, සකෙහි කම‍්මෙහි පුරක‍්ඛතස‍්ස; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ව පාපං, තෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන‍්තී”ති.

[missing pali]

එම නිරිසත්තු අවුරුදු බොහෝ ගණනක් නරකයෙහි දුක් විඳිති. තමන් කළ අකුසල කර්ම පෙරටු කරගත් පව්කාරයාට ආරක්‍ෂා වීමට තැනක් නැත. දරුණු පව්කම් කළ ඔව්හු එම පාපකර්ම විපාක දෙන අවස්ථාවට පැමිණි කල්හි හිස් යටිකුරු කොට නරකයට හෙළනු ලබත්.

තත්‍ථ නරකෙති ජලිතඅඞ‍්ගාරපුණ‍්ණෙ මහාආවාටෙ. තෙ කිර වජං අපවිසන‍්තියො ගාවො විය නිරයපාලෙහි නානාවුධානි ගහෙත්‍වා විජ‍්ඣියමානා පොථියමානා යදා තං නරකං උපගච‍්ඡන‍්ති, අථ තෙ නිරයපාලා උද‍්ධංපාදෙ කත්‍වා තත්‍ථ පාතයන‍්ති ඛිපන‍්ති. එවං තෙ පාතියමානෙ දිස‍්වා පුච‍්ඡන‍්තො එවමාහ. උත‍්තමභණ‍්ඩථෙනාති මනුස‍්සෙහි පියායිතස‍්ස වරභණ‍්ඩස‍්ස ථෙනකා.

එහි නරකෙති යනු ගිනිගෙන දිලෙන අඟුරුවලින් පිරි මහා ආවාටයක් වූ අපායයි. එය වනාහි මස් මඩුව කරා දක්කා ගෙන යන ගවයෙකු මෙන් යමපල්ලන් විසින් නොයෙක් ආයුධවලින් තලා පෙළා කපා කොටා ගෙන එන ලබන නිරිසත්තු පා උඩුකුරු කොට යමපල්ලන් විසින් එහි හෙළනු ලැබේ. මෙසේ වැටෙනු ලබන්නන් දැක විචාළ කල්හි මෙසේ කීවේය. උත්තම භණ්ඩඓනාති මිනිසුන්ට ඉතා ප්‍රිය කරන උතුම් බඩු සොරකම් කිරීමයි.

එවඤ‍්ච පන වත්‍වා මාතලිසඞ‍්ගාහකො තං නිරයං අන‍්තරධාපෙත්‍වා රථං පුරතො පෙසෙත්‍වා මිච‍්ඡාදිට‍්ඨිකානං පච‍්චනට‍්ඨානං නිරයං දස‍්සෙසි. තෙන පුට‍්ඨො චස‍්ස වියාකාසි.

මෙසේ කියා මාතලී රියදුරු එම නරකය අතුරුදන්කොට රිය ඉදිරියට දක්වා මිසදිටුවන් පැසෙන නිරය පෙන්වාලීය. එම නිරය ගැන ඇසූ කල්හිද විස්තර කර දුන්නේය.

“උච‍්චාවචාමෙ විවිධා උපක‍්කමා, නිරයෙසු දිස‍්සන‍්ති සුඝොරරූපා; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං, යෙමෙ ජනා අධිමත‍්තා දුක‍්ඛා තිබ‍්බා; ඛරා කටුකා වෙදනා වෙදයන‍්ති.

උච්චාවාචා මෙ විවිධා උපක්කමා, නිරයෙසු දිස්සන්ති සුදොරරූපා, භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, ඉමෙනු මච්ඡා කිමකංසු පාපං, යෙ මෙ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා, ඛරා කටුකා වේදනා වෙදියන්ති

දරුණු ස්වභාව ඇති නොයෙක් (වද වේදනා) ගෙන දෙන උපක්‍රමයෝ අපායෙහි දක්නට ලැබේ. ඒ දැකීමෙන් මට බිය උපදී. මාතලී දිව්‍ය රථාචාර්ය ඔබගෙන් අසමි. මෙබඳු අතිමහත් දුක් වේදනා විඳීමට මේ සත්ත්වයෝ කිනම් පාපකර්මයක් කළාහුද?

“තස‍්ස පුට‍්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පාපකම‍්මානං, ජානං අක‍්ඛාසිජානතො.

තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී, විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො

එසේ ඇසූ කල්හි, පාපකර්ම විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.

“යෙ ජීවලොකස‍්මිං සුපාපදිට‍්ඨිනො, විස‍්සාසකම‍්මානි කරොන‍්ති මොහා; පරඤ‍්ච දිට‍්ඨීසු සමාදපෙන‍්ති, තෙ පාපදිට‍්ඨිං පසවෙත්‍ව පාපං; තෙමෙ ජනා අධිමත‍්තා දුක‍්ඛා තිබ‍්බා, ඛරා කටුකා වෙදනා වෙදයන‍්තී”ති.

යෙ ජීව ලොකස්මිං සුපාප දිට්ඨිනො, විස්සාස කම්මානි කරොන්ත මොහා, පරංච දිට්ඨීසු සමාද පෙන්ති, තෙ පාපදිට්ටි පසවෙත්‍වා පාපං, තෙමෙ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා, ඛර කටුකා වේදනා වෙදයන්ති

මිනිස්ලොව යම්කිසි කෙනෙක් මෝහය නිසා බලවත් වූ පාප දෘෂ්ටි ඇත්තේ වැරැදි වූ (මිථ්‍යා) දෘෂ්ටියෙහි පිහිටා (පාප) කම කරන්නෝද එසේම අන්‍යයෝ ද එම මිථ්‍යාදෘෂ්ටියට යොමු කරවන්නාහුද ඒ ඔවුන්ගේ පාප දෘෂ්ටිය කර්ම විපාක බවට පත්වීමෙන් (නිරයට පැමිණ) තියුණු රළු කටුක දුක් වේදනා විඳිති.

තත්‍ථ උච‍්චාවචාමෙති උච‍්චා අවචා ඉමෙ, ඛුද‍්දකා ච මහන‍්තා චාති අත්‍ථො. උපක‍්කමාති කාරණප‍්පයොගා. සුපාපදිට‍්ඨිනොති “නත්‍ථි දින‍්න”න‍්තිආදිකාය දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියා සුට‍්ඨු පාපදිට‍්ඨිනො. විස‍්සාසකම‍්මානීති තාය දිට‍්ඨියා විස‍්සාසෙන තන‍්නිස‍්සිතා හුත්‍වා නානාවිධානි පාපකම‍්මානි කරොන‍්ති. තෙමෙති තෙ ඉමෙ ජනා එවරූපං දුක‍්ඛං අනුභවන‍්ති.

එහි උච්චාවචා මෙති යනු උස් පහත් බවයි. මෙහි කුදු මහත් යනු අර්ථයි. උපක්කමාති කරුණු හා ප්‍රයෝගයි. සුපාප දිට්ඨිනොති දීමෙහි ඵල නැත ආදී වශයෙන් දසවත්‍ථුක මිථ්‍යාදෘෂ්ටිය පදනම් කොටගෙන පාප දෘෂ්ටියෙහි එල්බ ගැනීමයි. විස්සාස කම්මානීති එම දෘෂ්ටියෙහි එල්බ ගැනීමෙන් එය ඇසුරුකොට පවතිමින් නොයෙක් ආකාරයේ පව්කම් කිරීමයි. තෙමෙති එබඳු වූ මිනිස්සු මෙබඳු වූ දුක් අනුභව කෙරෙත් යනුයි.

ඉති රඤ‍්ඤො මිච‍්ඡාදිට‍්ඨිකානං පච‍්චනනිරයං ආචික‍්ඛි. දෙවලොකෙපි දෙවගණා රඤ‍්ඤො ආගමනමග‍්ගං ඔලොකයමානා සුධම‍්මායං දෙවසභායං නිසීදිංසුයෙව. සක‍්කොපි “කිං නු ඛො, මාතලි, චිරායතී”ති උපධාරෙන‍්තො තං කාරණං ඤත්‍වා “මාතලි, අත‍්තනො දූතවිසෙසං දස‍්සෙතුං ‘මහාරාජ, අසුකකම‍්මං කත්‍වා අසුකනිරයෙ නාම පච‍්චන‍්තී’ති නිරයෙ දස‍්සෙන‍්තො විචරති, නිමිරඤ‍්ඤො පන අප‍්පමෙව ආයු ඛීයෙථ, නිරයදස‍්සනං නාස‍්ස පරියන‍්තං ගච‍්ඡෙය්‍යා”ති එකං මහාජවං දෙවපුත‍්තං පෙසෙසි “ත්‍වං ‘සීඝං රාජානං ගහෙත්‍වා ආගච‍්ඡතූ’ති මාතලිස‍්ස වදෙහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ජවෙන ගන‍්ත්‍වා ආරොචෙසි. මාතලි, තස‍්ස වචනං සුත්‍වා “න සක‍්කා චිරායිතු”න‍්ති රඤ‍්ඤො එකපහාරෙනෙව චතූසු දිසාසු බහූ නිරයෙ දස‍්සෙත්‍වා ගාථමාහ –

මාතලී දෙව්පුත් රජුට මිථ්‍යාදෘෂ්ටි ගත්තවුන් පැසෙන නිරය මෙසේ දැක්වීය. දෙව්ලෝ වැසි දෙවියෝද (නිමි) රජුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සුධර්මා දිව්‍ය සභාවෙහි රැස් වී සිටියෝය. සක්දෙවිඳු මාතලී දෙව්පුත් ප්‍රමාදය කරුණු සලකා බලන්නේ, මාතලී දෙව්පුත්තුමා සුවිශේෂ දූතයෙකු බව දැක්වීමට මහරජ, අසවල් පාප කර්ම කොට අසවල් නිරයේ පැසෙන්නේයැයි අපායන් නිමි රජතුමාට පෙන්වන බව දැක, නිමි රජුගේ ආයුෂ ගෙවෙනතුරුම අපායන් දැක්වුවත් අපායන් කෙළවර නොවන බව දැක, රජු ඉක්මණින් කැඳවාගෙන එන්න යැයි මාතලීට දන්වන ලෙස එක් මහත් ජව සම්පන්න ගමන් ඇති දෙව්පුතෙකු එහි යැවීය. එම දෙව්පුත් වහා එහි ගොස් දන්වා සිටියේය. මාතලී ඒ අසා බොහෝකල් යැවීම අපහසු නිසා එක් සැණෙකින්ම සිව්දිග ඇති සියලු නිරයන් රජුට දක්වා ගාථාවක් කීවේය.

“විදිතානි තෙ මහාරාජ, ආවාසං පාපකම‍්මිනං; ඨානානි ලුද‍්දකම‍්මානං, දුස‍්සීලානඤ‍්ච යා ගති; උය්‍යාහි දානි රාජීසි, දෙවරාජස‍්ස සන‍්තිකෙ”ති.

විදිතානි තෙ මහාරාජ ආවාසං පාපකම්මිනං, ඨානානි ලුද්දකම්මානං දුස්සීලංච යාගති, උය්‍යාභිදානි රාජීසි දෙවරාජස්ස සන්තිකෙති.

මහරජ, පව්කම් කළවුන් වසන තැන්ද දරුණු පව් කළවුන් සිටින තැන්ද දුස්සීල සත්ත්වයින් උපදිනා තැන් ද ඔබ විසින් දැකගනු ලැබීය. දේවයන් වහන්ස, දැන් (මේ නරකය දැක) සක්දෙව් රජු සමීපයට යෑම සුදුසුය.

තස‍්සත්‍ථො – මහාරාජ, ඉමං පාපකම‍්මීනං සත‍්තානං ආවාසං දිස‍්වා ලුද‍්දකම‍්මානඤ‍්ච ඨානානි තයා විදිතානි. දුස‍්සීලානඤ‍්ච යා ගති නිබ‍්බත‍්ති, සාපි තෙ විදිතා. ඉදානි දෙවරාජස‍්ස සන‍්තිකෙ දිබ‍්බසම‍්පත‍්තිං දස‍්සනත්‍ථං උය්‍යාහි ගච‍්ඡාහි, මහාරාජාති.

එහි අදහස නම් මේ පව් කළවුන්ගේ වසන තැන් දැක, දරුණු පව් කළවුන් වසන තැන්ද ඔබ විසින් දක්නා ලදී. දුස්සීලංච යාගති යම් තැනෙක දුස්සීලයෝ උපදිද්ද ඒ තැන්ද ඔබ විසින් දක්නා ලදී. දැන් සක්දෙව් රජුගේ දිව්‍ය සම්පත් දැකීමට (උග්‍යාහි) යමු යනුයි.

නිරයකණ‍්ඩං නිට‍්ඨිතං.

නිරය කාණ්ඩය නිමියේ ය.