යෙදුමෙන් කියවන්න

නිරයකණ‍්ඩං නිට‍්ඨිතං

4743. අච‍්ඡෙරං වත ලොකස‍්මිං උප‍්පජ‍්ජන‍්ති විචක‍්ඛණා, යදා අහූ නිමිරාජා පණ‍්ඩිතො කුසලත්‍ථිකො.

4743. යම් කලෙකැ නුවණැ’ති කුසල් කැමැති නිමි නම් රජෙක් වී ද එ කලැ මෙ බඳු දක්‍ෂ පණ්ඩිතයෝ ලොවැ උපදිද්දැ යි කියා දෙවිමිනිස්සු අපට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකැ යි ගුණ කී හ.

4744. රාජා සබ‍්බවිදෙහානං අදා දානං අරින්‍දමො, තස‍්ස තං දදතො දානං සඞ‍්කෙප‍්පා උදපජ‍්ජථ. දානං වා බ්‍රහ‍්මචරියං වා කතමංසු මහප‍්ඵලං.

4744. සතුරන් දමනය කරන සියලු විදේහ රට වැසියන්ගේ රජ තෙමේ දන් දුනි. ඒ දන් දෙන රජහට මෙ බඳු අදහසක් පහළ විය. එනම් දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත් විපාක ඇත්තේ ද යනු යි.

4745. තස‍්ස සඞ‍්කප‍්පමඤ‍්ඤාය මඝවා දෙවකුඤ‍්ජරො, සහස‍්සනෙත‍්තො පාතුරහූ වණ‍්ණෙන නිහතං තමං.

4745. දෙවියනට අධිපති වූ නුවණැස් දහසක් ඇති සක්දෙවි රජ තෙමේ ඒ රජුගේ අදහස් දැනැ තමන්ගේ ශරීරාලෝකයෙන් අඳුරු දුරු කරමින් ඔහු හමුවෙහි පහළ විය.

4746. ස ලොමහට‍්ඨො මනුජින්‍දො වාසවං අවචා නිමි, දෙවතානුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො.

4746. ලොමුදහගත් ඒ නිමි රජ තෙමේ සක්දෙව් රජු දැකීමෙන් බිය පත් වැ මෙසේ කී ය: ඔබ දෙවියෙක් ද ගඳඹෙක් ද එසේ නැතහොත් පුරින්‍ද ද නම් වන සක්දෙව්රජ දැ යි.

4747. න ච මෙ තාදිසො වණ‍්ණො දිට‍්ඨො වා යදි වා සුතො, ආචික‍්ඛ මෙ ත්‍වං භද‍්දන‍්තෙ කථං ජානෙමු තං මයං.

4747. මෙ බඳු ශරීර වර්‍ණයෙක් මින් පෙරැ මා විසින් දක්නාලද හෝ අසනලද හෝ නො වෙයි. වහන්ස, තෙපි මට කියව. ඇපි තොප කෙසේ දනුමෝ ද?

4748. ස ලොමහට‍්ඨං ඤත්‍වාන වාසවො අවචා නිමිං, සක‍්කොහමස‍්මි දෙවින්‍දො ආගතොස‍්මි තවන‍්තිකො.

4748. ඒ සක්දෙව් රජ තෙමේ ආලෝකයට බියෙන් ලොමු දහගත් නිමි රජු දැනැ මෙසේ කී. මම සක්දෙව් රජ වෙමි. ඔබ වෙත ආයෙමි.

4749. අලොමහට‍්ඨො මනුජින්‍ද පුච‍්ඡ පඤ‍්හං යදිච‍්ඡසි. සො ච තෙන කතොකාසො වාසවං අවචා නිමි.

4749. මිනිසුන්ට අධිපති මහරජ මාගෙන් යම් පැනයක් අසනු කැමැත්තෙහි නම් එය භය නැති වැ අසනු මැනැවැ යි කී ය.

4750. පුච‍්ඡාමි තං මහාබාහු සබ‍්බභූතානමිස‍්සර, දානං වා බ්‍රහ‍්මචරියං වා කතමංසු මහප‍්ඵලං.

4750. (සක්දෙව් රජු විසින් කළ අවකාශ ඇති නිමි රජ තෙමේ සක්දෙව් රජුට මෙසේ කී:) මහත් වූ බාහු ඇති සියලු දෙවියනට අධිපති එම්බා සක්දෙව් රජ, ඔබ විචාරමි. දානය ද බ්‍රහ්මචර්‍ය්‍යය ද යන මේ දෙකින් කවර නම් ගුණ ධර්‍මයෙක් වෙසෙසින් මහත් විපාක ඇත්තේ ද?

4751. සො පුට‍්ඨො නරදෙවෙන වාසවො අවචා නිමිං, විපාකං බ්‍රහ‍්මචරියස‍්ස ජානං අක‍්ඛාසජානතො.

4751. රජු විසින් ඇසූ බ්‍රහ්මචර්‍ය්‍යා විපාක දන්නා සක්දෙව් රජ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී ය.

4752. හීනෙන බ්‍රහ‍්මචරියෙන ඛත‍්තියෙ උපපජ‍්ජති, මජ‍්ඣිමෙන ච දෙවත‍්තං උත‍්තමෙන විසුජ‍්ඣති.

4752. ලාමක බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් රජකුලයෙහි උපදී, මධ්‍යම බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දෙවිබවට පැමිණෙයි, උතුම් බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් පිරිසුදු වේ.

4753. නහෙතෙ සුලභා කායා යාවයොගෙන කෙනචි, යො කායෙ උපපජ‍්ජන‍්ති අනාගාරා තපස‍්සිනො.

4753. ගෙවල් නැති තපස් රක්නා යම් කෙනෙක් බ්‍රහ්මසමූහයෙහි උපදිද්ද දන් දෙන කිසිවකු විසින් ඒ බ්‍රහ්මසමූහයෝ නො ලබන්නාහු වෙති.

4754. දුදීපො සාගරො සෙලො මුචලින්‍දො භගීරසො, උසීනරො අට‍්ඨකො ච අස‍්සකො ච පුථුජ‍්ජනො,

4754. මහරජ, පෙරැ බරණැස් නුවර, දුදීප ය සාගර ය සේල ය මුචලින්‍ද ය භගීරස ය උසීර ය අට්ඨක ය අස්සක ය පුථුජ්ජන යැ යි යන,

4755. එතෙ චඤ‍්ඤෙ ච රාජානො ඛත‍්තියා බ්‍රාහ‍්මණා බහු, පුථු යඤ‍්ඤං යජිත්‍වාන පෙතං තෙ නාතිවත‍්තිසුං.

4755. මේ රජවරු ද සෙසු බොහෝ ක්‍ෂත්‍රියබ්‍රාහ්මණයෝ ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර භූමි සඞ්ඛ්‍යාත දෙව්ලොව ඉක්මවා නො පැවැත්තාහ.

4756. යෙ වෙ අදුතියා න රමන‍්ති එකිකා විවෙකජං යෙ න ලභන‍්ති පීතිං, කිඤ‍්චාපි තෙ ඉන්‍දසමානභොගා තෙ වෙ පරාධීනසුඛා වරාකා.

4756. හුදෙකලා වූ යම් කෙනෙක් නො ඇලෙද්ද යම් කෙනෙක් හුදෙකලා වැ විවේකයෙන් ඇති වූ සතුට නො ලබද්ද ඔහු ඉන්‍ද්‍රයා හට මෙන් සමාන සම්පත් ඇත්තාහු නමුදු ඒ පින්වත්හු අනුන් අයත් සුව ඇත්තාහු මැ වෙති.

4757. අද‍්ධා ඉමෙ අවත‍්තිංසු අනාගාරා තපස‍්සිනො, සත‍්තිසයො යාමහනු සොමයාගො මනොජවො,

4757-4758. ගෙවල් නැති සීලයෙන් හා තපසින් ද සමාපත්තියෙන් ද යුත් යාමහනු ය සෝමයාග ය මනෝජවය ය සමුද්ද ය මාඝ ය භරත ය ඉසිකාලිරක්ඛී ය යන මේ සත් ඍෂීහු ද අඞ්ගීරස ය කස්සප ය කිසවච්ඡ ය අකිත්ති ය යන මේ ඍෂීහු සතර දෙන ද සමග වූ එකොළොස් ඍෂිවරු ඒකාන්තයෙන් කාමාවචර දෙව්ලොව ඉක්මැවූහ හෙවත් බ්‍රහ්මලෝකයෙහි උපන්හ.

4758. සමුද‍්දො මාඝො භරතො ච ඉසිකාලිකරක‍්ඛියො, අංගීරසො කස‍්සපො ච කිසවච‍්ඡො අකිත‍්ති ච.

4759. උත‍්තරෙන නදී සීදා ගම‍්භීරා දුරතික‍්කමා, නළග‍්ගිවණ‍්ණා ජොතන‍්ති සදා කඤ‍්චනපබ‍්බතා.

4759. හිමවතට උතුරු දිගින් ගැඹුරු වූ ඉක්මැවිය නො හැකි සීදා නම් නදියක් විය. එහි දෙපස හැම කල්හි රන් පර්‍වතයෝ ඇවිළෙන ගිනි මෙන් දිලියෙති.

4760. පරූළ‍්හකච‍්ඡා තගරා රූළ‍්හකච‍්ඡා වනා නගා, තත්‍රාසුං දසසභස‍්සානි පොරාණා ඉසයො පුරෙ.

4760. ඒ ගඟෙහි වංක ස්ථානයන්හි නොහොත් ගඟ දෙපස තුවරලා ගස් ඇත. එහි දෙපස පර්‍වතයෝ මල්පල දරන වැඩුණු රුක්වලින් යුක්ත වූහ. ඒ මනහර දෙපසෙහි පෙරැ එක් කලෙක දස දහසක් පමණ පුරාණ ඍෂිවරයෝ වූහ.

4761. අහං සෙට‍්ඨොස‍්මි දානෙන සංයමෙන දමෙන ච, අනුත‍්තරං වතං කත්‍වා පකිරචාරී සමාහිතෙ.

4761. මම දානයෙන් උතුම් වීමි. සීලයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද නිරුත්තර වූ උතුම් ව්‍රත සමාදානයෙන් හුදකලා වැ උපචාර අර්‍පණා සමාධි ඇති දහසක් ඍෂිවරුන්ට බොහෝ කාලයක් උපස්ථාන කෙළෙමි.

4762. ජාතිමන‍්තං අජච‍්චං ච අහමුජ‍්ජුගතං නරං, අතිවෙලං නමස‍්සිස‍්සං කම‍්මබන්‍ධු හි මාතියා.

4762. ජාතියෙන් උසස් වූ ද උසස් නො වූ ද එක තාපසයකු කෙරෙහි වත් වෙනසක් නො කොටැ ඒ ඍජු භාවයට පැමිණි සිත් ඇති තාපස සමූහයන් නිතර වැන්දෙමි. සත්ත්‍වයෝ වනාහි කර්‍මබන්‍ධු වූවෝ වෙති.

4763. සබ‍්බෙ වණ‍්ණා අධම‍්මට‍්ඨා පතන‍්ති නිරයං අධො, සබ‍්බෙ වණ‍්ණා නිරුජ‍්ඣන‍්ති චරිත්‍වා ධම‍්මමුත‍්තමං.

4763. අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රිය ය බ්‍රාහ්මණ ය වෛශ්‍ය ය ශුද්‍ර ය යන සිව්පිරිස නරකයෙහි හිස යට කොටැ වැටෙති. සියලු සිවුපිරිස උතුම් ධර්‍මයෙහි හැසිරැ පිරිසිදු වෙති හෙවත් නිවන් දකිති.

4764. ඉදං වත්‍වාන මඝවා දෙවරාජා සුජම‍්පති, වෙදෙහං අනුසාසිත්‍වා සග‍්ගකායං අපක‍්කමි.

4764. සුජම්පතී නම් සක්දෙව් රජ තෙමේ මේ (උඩ සඳහන් පරිදි) කියා සැක ඇති වේදේහ රජුට අනුශාසනා කොටැ දෙව් ලොවට ගියේ ය.

4765. ඉමං භොන‍්තො නිසාමෙථ යාවන‍්තෙත්‍ථ සමාගතා, ධම‍්මිකානං මනුස‍්සානං වණ‍්ණං උච‍්චාවචං බහුං.

4765. යම් පමණ දේවතාවෝ සුධර්‍මා නම් දෙව්සබයෙහි රැස් වූහු ද පින්වත් දේවතාවෙනි දාන සීලාදී පින් කරන මිනිසුන්ගේ උස් පහත් විපාකයෝ බොහෝ ය. මා කියන ගුණ වර්‍ණනාව අසනු මැනැවි.

4766. යථා අයං නිමිරාජා පණ‍්ඩිතො කුසලත්‍ථිකො, රාජා සබ‍්බවිදෙහානං අදා දානං අරින්‍දමො.

4766. කුසල් කැමැති මේ නිමිරජ තෙමේ ඉතා නුවණැත්තේ වේ. සතුරන් හික්මවන සියලු විදේහ රට වැසියනට රජ වූ හෙ තෙමේ දන් දුන්නේ ය.

4767. තස‍්ස තං දදතො දානං සඞ‍්කප‍්පො උදපජ‍්ජථ, දානං වා බ්‍රහ‍්මචරියං වා කතමංසු මහප‍්ඵලං.

4767. ඒ දන් දෙන එරජුහට මෙ බඳු අදහසක් පහළ විය. එනම් දන් දීම ය බ්‍රහ්මචර්‍ය්‍ය ය යන මෙයින් කවර නම් ගුණ ධර්‍මයෙක් මහත් විපාක ඇත්තේ ද යනු යි. සක්දෙව් රජ තෙමේ කී ය.

4768. අබ‍්භුතො වත ලොකස‍්මිං උප‍්පජ‍්ජි ලොමහංසනො, දිබ‍්බො රථො පාතුරහූ වෙදෙහස‍්ස යසස‍්සිනො.

4768. ලෝකයෙහි ඒකාන්තයෙන් ලොමුදහගන්නා වූ දෙයක් පහළ විය. එනම් පිරිවර ඇති වේදේහ රජුට දිව්‍යරථයක් පහළ වී යයි මහාජනක තෙමේ කී ය.

4769. දෙවපුත‍්තො මහිද‍්ධිකො මාතලී දෙවසාරථි, නිමන‍්තයිත්‍ථ රාජානං වෙදෙහං මිථිලග‍්ගහං.

4769. මහත් දේවර්ධි ඇති දිව්‍ය රථාචාරී වූ මාතලී නම් දෙව්පුත් තෙමේ මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජුට දේවයන් වහන්ස රථයට නැංග මැනැවැ යි ආරාධනා කෙළේ ය.

4770. එහිමං රථමාරුය‍්හ රාජසෙට‍්ඨ දිසම‍්පති, දෙවා දස‍්සනකාමා තෙ තාවතිංසා සඉන්‍දකා සරමානා හි තෙ දෙවා සුධම‍්මායං සමච‍්ඡරෙ.

4770. දිසාවනට අධිපති දේවයන් වහන්ස, මේ රියට නැඟ එනු මැනැවි. සක්දෙව් රජ සහිත ඒ තව්තිසා වැසි දෙවියෝ ඔබ දක්නට කැමැත්තාහු වෙති ඔබ සිහි කරමින් මැ ඒ දෙවියෝ සුධර්‍මා නම් දෙව්සබයෙහි රැස් වැ සිටිති යි මාතලී දෙව්පුත් තෙමේ කී ය.

4771. තතො ච රාජා තරමානො වෙදෙහො මිථිලග‍්ගහො, ආසනා වුට‍්ඨහිත්‍වාන පමුඛො රථමාරුහි.

4771. ඉක්බිති මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජ තෙමේ ඉක්මනින් හුනස්නෙන් නැගිට අභිමුඛ වැ දෙව්රියට නැංගේ ය.

4772. අභිරූළ‍්හං එථං දිබ‍්බං මාතලී එතදබ්‍රවි, කෙන තං නෙමි මග‍්ගෙන රාජසෙට‍්ඨ දිසම‍්පති. යෙන වා පාපකම‍්මන‍්තා පුඤ‍්ඤකම‍්මා ච යෙ නරා.

4772. දෙව්රියට නැංග නිමි රජුට මාතලී දෙව්පුත් තෙමේ මෙය කී ය: දිසාවනට අධිපති දේවයන් වහන්ස, යම් මඟකින් ගොස් පව්කම් කළ සත්ත්‍වයෝ වෙසෙද්ද ඒ ස්ථානය දැක්ක හැකි ය. යම් මඟකින් ගොස් පින්කම් කළ සත්ත්‍වයෝ වෙසෙද්ද ඒ ස්ථානය දැක්ක හැකි ය. ඒ දෙමඟින් කවර මඟෙකින් ඔබ ගෙනයම් දැ යි මාතලී දෙව්පුත් තෙමේ ඇසී.

4773. උභයෙනෙව මං නෙහි මාතලී දෙවසාරථි, යෙන වා පාපකම‍්මන‍්තා පුඤ‍්ඤකම‍්මා ච යෙ නරා.

4773. මාතලී නමැති දිව්‍ය රථාචාර්‍ය්‍යය, පව්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් යම් මඟෙකින් ගොස් ඒ ස්ථානය දැක්ක හැකි ද පින්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් යම් මඟෙකින් ගොස් ඒ ස්ථානය දැක්ක හැකි ද ඒ දෙමඟින් මැ මා ගෙන යව යි නිමි රජ තෙමේ කී ය.

4774. කෙන තං පඨමං නෙමි රාජසෙට‍්ඨ දිසම‍්පති, යෙන වා පාපකම‍්මන‍්තා පුඤ‍්ඤකම‍්මා ච යෙ නරා.

4774. දිසාවනට අධිපති දේවයන් වහන්ස, පව්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් ඔවුන් යම් මඟෙකින් ගොස් දැක්ක හැකි ද පින්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් ඔවුන් යම් මඟෙකින් ගොස් දැක්ක හැකි ද මේ දෙමඟින් කවර මඟෙකින් ඔබ පළමු කොට ගෙන යන්නෙම් දැ යි මාතලී දෙව්පුත් ඇසී.

4775. නිරයෙ තාව පස‍්සාමි ආවාසෙ පාපකම‍්මිනං, ඨානානි ලුද‍්දකම‍්මානං දුස‍්සිලානං ච යා ගති.

4775. නිරයෙහි පව්කම් කළ සත්ත්‍වයන් වෙසෙන තැන් ද දරුණු පව් කළ සතුන් උපදින තැන් ද දුස්සීලයන් අකුසල විපාකයෙන් උපන් තැන් ද ඇතහොත් ඒ නරකයන් පළමු කොට දක්නට කැමැත්තෙමි යි නිමි රජ තෙමේ කී ය.

4776. දස‍්සෙසි මාතලී රඤ‍්ඤො දුග‍්ගං වෙතරණිං නදිං, කුථන‍්තිං ඛාරසංයුත‍්තං තත‍්තං අග‍්ගිසිඛූපමං.

4776. මාතලී දෙව්පුත් තෙමේ නිමි රජහට කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නො හැකි ලෝ දියෙන් යුත් වේතරණී නම් නදිය දැක් වී.

4777. නිමි හවෙ මාතලිං අජ‍්ඣභාසථ දිස‍්වා ජනං පතමානං විදුග‍්ගෙ, භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලී දෙවසාරථි ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා වෙතරණි පතන‍්ති.

4777. නිමි රජ තෙමේ ඒකාන්තයෙන් ඉතා යා නොහැකි නරකයෙහි වැටෙන ජනයා දැක මාතලී දෙව්පුත්හට මෙසේ කී: එම්බා මාතලී රථාචාර්‍ය්‍යය, මට මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලිය තොප විචාරමි. යම් මේ මනුෂ්‍යයෝ වෙද්ද ඔහු කිනම් පව්කම් කළාහු වේතරණී නරකයෙහි වැටෙද්දැ යි ඇසී.

4778. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාප කම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4778. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම පිළිබඳ විපාක දත් හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:

4779. යෙ දුබ‍්බලෙ බලවන‍්තො ජිවලොකෙ හිංසෙන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මා, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙ වෙ ජනා වෙතරණිං පතන‍්ති.

4779. මිනිස් ලොව ඉතා පහත් ස්වභාව ඇති බලවත් යම් කෙනෙක් දුබලයනට පීඩා කෙරෙද්ද නන් අයුරින් ආක්‍රෝශ පරිභව කෙරෙද්ද දරුණු ක්‍රියා ඇති ඔහු පව් රැස් කොට නිරතුරු ඒකාන්තයෙන් ඒ මිනිස්සු වේතරණී නම් නරකයට වැටෙති යි මාතලී දෙව්පුත් තෙමේ කී.

4780. සාමා ච සොණා සබලා ච ගිජ‍්ඣා කාකොළසඞ‍්ඝා ච අදෙන‍්ති භෙරවා; භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යයිමං ජනං කාකොළා අදෙන‍්ති.

4780. රත් පැහැති බල්ලෝ ද කබර පැහැති බල්ලෝ ද ගිජු ලිහිණියෝ ද භයානක කපුටු සමූහයෝ ද මස් කඩ කඩා කති. මේ දැක මට භය උපදී. එම්බා සාරථිය ඔබ විචාරමි. කවුඩන් කනු ලබන යම් මේ නිරිසත්තු කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.

4781. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4781. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:

4782. යෙ කෙචි මෙ මච‍්ඡරිනො කදරියා පරිභාසකා සමණබ්‍රාහ‍්මණානං හිසෙන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මො, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තයිමං ජනං කාකොළා අදෙන‍්ති.

4782. මසුරු බැවින් අනුන්ට නොදෙන, අනුන්ට දෙන දේත් වළකන හෙයින් මසුරු වූ ඉතා පහත් ස්වභාව ඇති යම් කිසි කෙනෙක් මහණ බමුණන්ට නින්‍දා පරිභව කෙරෙද්ද හිංසා ආක්‍රෝශ කෙරෙද්ද දරුණු පාපකර්‍ම ඇති ඔහු පව් රැස් කොට නිරයට යෙත්. ඒ මේ නිරිසතුන්ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කී.

4783. සජොතිභූතා පඨවිං කමන‍්ති තත‍්තෙහි ඛන්‍ධෙහි ච පොථයන‍්ති භයං හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලී දෙවසාරථී ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා ඛන්‍ධහතා සයන‍්ති.

4783. ගිනිදැල් සහිත වූ යපොළොව ආක්‍රමණය කෙරෙති, රත් වූ මුගුරුවලින් තැළෙති. සාරථිය, මට මෙය දැකීමෙන් භය උපදී. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබගෙන් අසමි: යමුගුරුවලින් තැලෙන නිරිසත්තු සයනය කෙරෙද්ද? මේ සත්ත්‍වයෝ කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි නිමි රජ ඇසී.

4784. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4784. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:

4785. යෙ ජීවලොකස‍්මිං සුපාපධම‍්මිනො නරඤ‍්ච නාරිඤ‍්ච අපාපධම‍්මං; හිංසෙන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මා තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍ථා පාපං තෙමෙ ජනා ඛන්‍ධහතා සයන‍්ති.

4785. මිනිස් ලොවැ ඉතා පහත් ස්වභාව ඇති යම් කෙනෙක් නිවැරැදි පුරුෂයකුට හෝ ස්ත්‍රියකට හිංසා ආක්‍රෝශ පරිභව කෙරෙද්ද භයානක පව්කම් ඇති ඔවුහු පව් රැස් කොට නිරයට යෙති. යමුගුරුවලින් තැළෙන යපොළොවෙහි සයනය කරන්නෝ ඒ මේ නිරිසත්තු ය යි මාතලී නම් දේවසාරථී කී.

4786. අඞ‍්ගකාසුං අපරෙ ථුනන‍්ති නරා රුදන‍්තා පරිදඩ‍්ඪගත‍්තා; භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා අඞ‍්ගාරකාසුං ථුනන‍්ති.

4786. හාත්පසින් දැවෙන ශරීර ඇති හඬන අනික් කෙනෙක් ගිනි අඟුරු වළට වැටෙති; (ඔවුන්ගේ ඇඟට ගිනි අඟුරු දමති). සාරථිය, මෙය දැක්මෙන් භය උපදී. සාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු මේ අඟුරු වළට වැටෙත් ද මේ සත්ත්‍වයෝ කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.

4787. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4787. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:

4788. යෙ කෙචි පූගායතනස‍්ස හෙතු සක‍්ඛිං කරිත්‍වා ඉණං ජාපයන‍්තී; තෙ ජාපයිත්‍වා ජනතං ජනින්‍ද තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙමෙ ජනා අඞ‍්ගාරකාසුං ථුනන‍්ති

4788. යම් කිසි කෙනෙක් සමූහයා සතු ධනය හේතු කොට ගෙන බොරු සාක්‍ෂි කියා ධනය පිළිබඳ ණය නසා ලද්ද, මහරජ ඔව්හු ජනසමූහය පිළිබඳ ණය මෙසේ බොරුවෙන් විනාශ කොට භයානක පව්කම් කරන්නාහු පව් රැස් කොට නිරයට යෙති. ඔව්හු අඟුරුවළට වැටීමෙන් කම්පා වෙති යි කී.

4789. සජොතිභූතා ජලිතා පදිත‍්තා පදිස‍්සති මහතී ලොහකුම‍්භී; භයං හි මං වින්‍දති සූත දිස‍්වා ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි යෙමෙ ජනා අවංසිරා ලොහකුම‍්භිං පතන‍්ති.

4789. ඇවිල ගත් දිලියෙන ගිනිදැල් සහිත මහත් ලෝ සැළිය පෙනේ. රථාචාර්‍ය්‍යය මෙය දැක්මෙන් භය උපදී. එම්බා සාරථිය, ඔබ විචාරමි: යටිකුරු වූ හිස් ඇති යම් මේ නිරිසත්තු ලෝ සැළියට වැටෙද්ද, මේ සත්ත්‍වයෝ කිනම් පව් කළාහු දැ යි ඇසී.

4790. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4790. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4791. යෙ සීලවං සමණං බ්‍රාහ‍්මණං වා හිංසෙන‍්ති රොසෙන‍්ති සුපාපධම‍්මිනො; තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙමෙ ජනා (අවංසිරා) ලොහකුම‍්භිං පතන‍්ති.

4791. මෙ ලොව ඉතා අධම ස්වභාව ඇති යම් කෙනෙක් සිල්වත් මහණ බමුණන්ට හිංසා ආක්‍රෝශ කෙරෙද්ද දරුණු පව්කම් ඇති ඔව්හු පව් රැස් කොට නරකයට යෙති. යටිකූර හිස් ඇති මේ ජනයෝ ලෝකුඹු නිරයට වැටෙති යි දේවසාරථී තෙම කී.

4792. ලුඤ‍්චෙන‍්ති ගීවං අථ වෙඨයිත්‍වා උණ‍්හොදකස‍්මිං පකිලෙදයිත්‍වා; භයං හි මං වින්‍දති සුත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා ලුත‍්තසිරා සයන‍්ති.

4792. තවද ගිනිගෙන දිලියෙන යොතින් ගෙළ වෙළා උණු ලෝදියෙහි දමා තෙමා ගෙළ සිඳිති. මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේව සාරථිය ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු සිඳින ලද හිස් ඇත්තෝ හොවිත් ද මොව්හු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.

4793. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4793. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය: පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.

4794. යෙ ජීවලොකස‍්මිං සුපාපධම‍්මිනො පක‍්ඛි ගහෙත්‍වාන විහෙඨයන‍්ති තෙ හෙඨයිත්‍වා සකුණං ජනින්‍ද තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙමෙ ජනා ලුත‍්තසිරා සයන‍්ති.

4794. සත්ත්‍වලෝකයෙහි ඉතා අධමස්වභාව ඇති යම් කෙනෙක් පක්‍ෂීන් අල්වා ගෙන පිහාටු ගලවා ගෙළ සිඳ මරත් ද මහරජ, එසේ කිරීමෙන් දරුණු පව්කම් කරන ඔව්හු පව් රැස් කොට නරකයට පැමිණෙති. සුන් වූ හිස් ඇති ඒ මේ නිරිසත්තු සයනය කරති යි කී ය.

4795. පහුත තොයා අනිඛාතකූලා නදී අයං සන්‍දති සූපතිත්‍ථා; ඝම‍්මාභිතත‍්තා මනුජා පිවන‍්ති පිවතඤ‍්ච තෙසං භුසං හොති පානි.

4795. දිය බහුල වූ නො ගැඹුරු ඉවුරු ඇති මනා තොට ඇති මේ නදිය ගලා බසී. ග්‍රීස්මයෙන් තැවුණු සත්ත්‍වයෝ පැන් බොති. ඔවුන් පානය කළ ජලය බොල් බවට පත් වේ.

4796. භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං පිවතඤ‍්ච තෙසං භුසං හොති පානි.

4796. සාරථිය මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේව සාරථිය, ඔබ විචාරමි: ඔවුන් බොන ඒ පැන් බොල් බවට පැමිණේ. මේ නිරිසත්තු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.

4797. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4797. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙළ නො දන්නා නිමි රජුට මෙසේ කී:

4798. යෙ සුද‍්ධධඤ‍්ඤං පලාපෙන මිස‍්සං අසුද‍්ධකම‍්මා කයිනො දදන‍්ති, ඝම‍්මාභිතත‍්තානං පිපාසිතානං පිවතඤ‍්ච තෙසං භුසං හොති පානි.

4798. මෙ ලොව අපිරිසිදු කර්‍මාන්ත ඇති හෙවත් පව් කරන යම් කෙනෙක් පිරිසුදු සප්තවිධ ධාන්‍යයෙන් යම් ධාන්‍යයක් බොල් හා මුසු කොට මිලයට ගන්නා තැනැත්තාහට දෙද්ද ග්‍රීෂ්මයෙන් තැවුණු පැන් බොනු කැමැති ඔවුන් බොන පැන් බොල් බවට පැමිණේ ය යි කී.

4799. උසූහි සත‍්තීහි ච තොමරෙහි දුභයානි පස‍්සානි තුදන‍්ති කන්‍දතං, භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා සත‍්තිහතා සයන‍්ති.

4799. ඊ අඩයටි තෝමර යන මෙයින් අඬන නිරිසතුන්ගේ උභය පාර්ශ්වය විදිත්. සාරථිය, මට වනාහි මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලී නම් සාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරි සත්තු අඩයටි ආදි ආවුදවලින් නැසුණෝ හොවිද්ද, මේ නිරිසත්තු කිනම් පව් කළාහු දැ යි ඇසී.

4800. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාප කම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4800. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4801. යෙ ජීවලොකස‍්මිං අසාධුකම‍්මිනො, අදින‍්නමාදාය කරොන‍්ති ජීවිකං, ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං අජෙළකං චාපි පසුං මහීසං තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙමෙ ජනා සත‍්තිහතා සයන‍්ති.

4801. පාපකර්‍ම ඇති යම් කෙනෙක් සත්ත්‍වලෝකයෙහි ධන ධාන්‍ය ය රන්රිදී ය එළුබැටළු ය ගවමහිස ය යන මෙයින් හිමියන් විසින් නුදුන් යම් දෙයක් සොර සිතින් ගෙන දිවි පවත්වද්ද, දරුණු පව්කම් ඇති ඔව්හු පව් රැස් කොට නිරයට යෙති. ඒ මේ නිරි සත්තු ආවුදවලින් නැසුණාහු හොවිත්.

4802. ගීවාය බද‍්ධා කිස‍්ස ඉමෙ පුනෙකෙ අඤ‍්ඤෙ විකත‍්තා බිලකතා පුනෙකෙ භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා බිලකතා සයන‍්ති.

4802. යළි මේ නිරිසතුන්ගෙන් ඇතැමෙක් බෙල්ලෙන් බඳනා ලදහ; සමහරු කඩ කඩ කොටැ කපා වෙන් කරන ලද; තවද සමහරු යපොළොවෙහි මස් ගොඩවල් බවට පත් කරන ලද. සාරථිය මෙය දැක්මෙන් මට භය උපදී. දේවසාරථිය, ඔබ විචාරමි: මේ නිරිසත්තු කිනම් පව් කළාහු ද, යම් මේ සත්ත්‍වයෝ මස් කරන ලද්දාහු හොවිද්ද මොව්හු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.

4803. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙව සාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4803. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4804. ඔරබ‍්භිකා සූකරිකා ච මච‍්ඡිකා පසුං මහිසඤ‍්ච අජෙළකඤ‍්ච හන‍්ත්‍වාන සුනෙසු පසාරයිංසු තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙමෙ ජනා බිලකතා සයන‍්ති.

4804. එළුවන් මරා ඌරන් මරා දිවි පවත්වන්නාවූ ද මසුන් මරා දිවි පවත්වන්නාවූ ද ඔවුහු ගව මහිස එළු බැටෙළුවන් මරා මස් කොට මස්ලොඹුවල විකිණීමට කොටස් වශයෙන් තැබූහු ද ඒ දරුණු පව්කම් ඇත්තෝ පව් රැස් කොටැ නරකයට යෙති. කොටස් කළ මස් බවට පත් ඒ මේ නිරිසත්තු හොවිති.

4805. රහදො අයං මුත‍්තකරීසපූරො දුග‍්ගන්‍ධරූපො අසුචි පූති වායති ඛුදා පරෙතා මනුජා අදෙන‍්ති භයං හි මං වින්‍දති සූත දිස‍්වා පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා මුත‍්තකරීසභක‍්ඛා.

4805. මල මුත්‍ර පිරුණු දුර්‍ගන්‍ධ වූ මේ විල දුගඳ හමයි. සාදුකින් පෙළෙන සත්ත්‍වයෝ එය අනුභව කරති. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු මලමූත්‍ර අනුභව කෙරෙද්ද ඔවුහු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.

4806. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4806. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.

4807. යෙ කෙචි මෙ කාරණිකා විරොසකා පරෙසං භිංසාය සදා නිවිට‍්ඨා තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං මිත‍්තද‍්දුනො මීළ‍්හමදෙන‍්ති බාලා රහදො අයං ලොහිතපුබ‍්බපූරො දුග‍්ගන්‍ධරූපො අසුචි පූති වායති.

4807. මේ යම්කිසි සත්ත්‍ව කෙනෙක් අත් පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්හට දරුණු වද දෙද්ද යහළුවන් වෙහෙසන අනුන්හට හිංසා පීඩා කිරීමෙහි නියුතු දරුණු පව් කරන්නාවූ මිතුරන්හට ද්‍රෝහ කරන අඥාන වූ ඔව්හු පව් රැස් කොට නරකයට පැමිණ අශුචි අනුභව කෙරෙතී කී.

4808. ඝම‍්මාභිතත‍්තා මනුජා පිවන‍්ති භයං හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා ලොහිතපුබ‍්බභක‍්ඛා.

4808. ලේ සැරව පිරුණු දුගඳ වූ මේ විල අපවිත්‍ර වූ දුර්‍ගන්‍ධය පතුරුවයි. ග්‍රීෂ්මයෙන් තැවුණු සත්ත්‍වයෝ එය බොති. සාරථිය, මෙය දැකීමෙන් මට භය උපදී. එම්බා දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරිසත්තු ලේ සැරව අහර කොට ඇත්තාහු ද ඔව්හු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.

4809. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4809. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4810. යෙ මාතරං වා පිතරං වා ජිවලොකෙ පාරාජිකා අරහන‍්තෙ හනන‍්ති. තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙමෙ ජනා ලොහිතපුබ‍්බභක‍්ඛා.

4810. යම් කෙනෙක් මේ සත්ත්‍වලෝකයෙහි ගිහි වැ සිට මව හෝ පියා හෝ රහතන් හෝ මරත් ද දරුණු පව්කම් ඇති ඔව්හු නරකයට යෙති. ඒ මේ නිරිසත්තු ලේ සැරව අනුභව කරන්නෝ වෙතියි කී ය.

4811. ජිව‍්හඤ‍්ච පස‍්ස ඛලිසෙන විද‍්ධං විහතං යථා සඞ‍්කුසතෙන චම‍්මං; ඵන්‍දන‍්ති මච‍්ඡාව ථලම‍්හි ඛිත‍්තා මුඤ‍්චන‍්ති ඛෙළං රුදමානා කිමෙතෙ.

4811. සිය ගණන් උල් ගැසූ සමක් මෙන් බිලියෙන් විදින ලද දිව බලනු මැනවි. ගොඩ දැමූ මසුන් මෙන් මේ සත්ත්‍වයෝ කවර හෙයින් සැලෙත් ද, හඬමින් කෙළ වගුරුවද්ද?

4812. භයං හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙමෙ ජනා වඞ‍්කඝස‍්තා සයන‍්ති.

4812. සාරථිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දෙවසාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු ගිලින ලද බිලී ඇත්තාහු හොවිත් ද මේ සත්තු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.

4813. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4813. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4814. යෙ කෙචි සන්‍ථානගතා මනුස‍්සා අග‍්ඝෙන අග‍්ඝං කයං හාපයන‍්ති කූටෙන කූටං ධනලොභහෙතු, ඡන‍්නං යථා වාරිචරං වධාය.

4814. බඩු මිල නියම කරන ස්ථානයෙහි නියුතු යම් කිසි මිනිස් කෙනෙක් ඒ ඒ දේ අගය කිරීම් වශයෙන් හෙවත් මිල ප්‍රමාණ කිරීම් වශයෙන් වෙළඳුන්ගේ ලාභයට හානි පමුණුවද්ද වස්තු ආශාවෙන් හොර කිරුම් මිනුම් ආදි කූට ක්‍රියායෙන් ඇමෙන් වැසූ බිලිය රැගෙන මසකු මරන්නට ළං වන්නා සේ තුලාකූට ආදිය කෙරෙද්ද,

4815. න හි කූටකාරිස‍්ස භවන‍්ති තාණා සකෙහි කම‍්මෙහි පුරක‍්ඛතස‍්ස, තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං තෙ මෙ ජනා වඞ‍්කඝස‍්තා සයන‍්ති.

4815. තමන්ගේ කර්‍මබලයෙන් ඉදිරිපත් කළ එ වැනි කූටකම් කරන්නාහට රැකෙන තැනක් නම් නැත. ඒ දරුණු පව්කම් ඇත්තාහු පව් රැස් කොට නරකයට යෙති. ඒ මේ නිරිසත්තු ගිලි බිලී ඇත්තෝ හොවිති යි කී.

4816. නරියො ඉමා සම‍්පරිභින‍්තගත‍්තා පග‍්ගය‍්හ කන්‍දන‍්ති භුජෙ දුජච‍්චා, සම‍්මක‍්ඛිතා ලොහිතපුබ‍්බලිත‍්තා ගාවො යථා ආඝාතනෙ විකත‍්තා තා භූමිභාගස‍්මිං සදා නිඛාතා ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතා,

4816. යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් මේ ස්ත්‍රීහු හිස අත් බැඳ ගෙන හඬති. ලේ සැරව තැවරුණු ශරීර ඇති වදබිමෙහි ගෙරින් මෙන් කැපූ ඔව්හු යපොළොවෙහි හැම කල්හි ඉගටිය පමණ ගැලුනාහු ගින්නෙන් දිලියෙන පර්‍වත වැනි යකඳන් ඉක්මවා පවතිත්.

4817. භයං හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමා නු නරියො කිමකංසු පාපං යා භූමිභාගස‍්මිං සදා නිඛාතා ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතා.

4817. සාරථිය, මේ දැක්මෙන් මට භය උපදී. එම්බා දෙව සාරථිය, ඔබ විචාරමි. යපොළොවෙහි හැම කල්හි ඉඟ තෙක් ගැලුණු ගිනිදැල් සහිත යම් ස්ත්‍රීහු යකඳන් ඉක්මැ පවත්නෝ ද මේ ස්ත්‍රීහු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.

4818. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාප කම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4818. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට (නිමිරජුට) ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.

4819. කොලිනියායො ඉධ ජිවලොකෙ අසුද‍්ධකම‍්මා අසතං අචාරුං තා දිත‍්තරූපා පතිවිප‍්පහාය, අඤ‍්ඤං අචාරුං රතිඛිඩ‍්ඩහෙතු තා ජීවලොකස‍්මිං රමාපයිත්‍වා ඛන්‍ධාතිවත‍්තන‍්ති සජොතිභූතා.

4819. මේ මිනිස් ලොවැ අපිරිසුදු ක්‍රියා ඇති සමහර කුල ස්ත්‍රීහු අසංයත පරිදි ක්‍රියා කළහ. ධූර්‍ත ස්වරූප ඇති ඔව්හු සිය සැමියා හැර පඤ්චකාම රති හා සෙසු ක්‍රීඩා පිණිස ද අන් සැමියන් හා සිත් පරිදි හැසුරුණාහ. ඔව්හු නිරයට පැමිණ ගිනිදැල් සහිත පර්‍වත වැනි යකඳන් ඉක්මවා පවතිත්.

4820. පාදෙ ගහෙත්‍වා කිස‍්ස ඉමෙ පුනෙකෙ අවංසිරා නරකෙ පාතයන‍්ති. භයං හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙ මෙ ජනා අවංසිරා නරකෙ පාතයන‍්ති.

4820. මේ සමහර කෙනකු පා අල්ලා හිස යටිකුරු කොට ගෙන නරකයෙහි හෙළන්නාහ. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරිසත්තු හිස යටිකුරු කොට නරකයෙහි හෙළනු ලබද්ද ඒ මොව්හු මිනිස් වූවාහු කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.

4821. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො.

4821. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4822. යෙ ජීවලොකස‍්මිං අසාධුකම‍්මිනො පරස‍්ස දාරානි අතික‍්කමන‍්ති, තෙ තාදිසා උත‍්තමභණ‍්ඩථෙනා තෙ මෙ ජනා අවංසිරා නරකෙ පාතයන‍්ති.

4822. මිනිස් ලොවැ අයහපත් කර්‍ම ඇති යම් කෙනෙක් පරදාරාවන් කෙරෙහි ඉක්මවා හැසිරෙද්ද එවැන්නෝ උතුම් බඩු සොරකම් කරන්නෝ ය. නරකයට පැමිණි ඒ මේ නිරිසත්තු යටිකුරු හිස් ඇත්තෝ වැ නරකයෙහි හෙළනු ලබති.

4823. තෙ වස‍්සපූගානි බහූනි තත්‍ථ නිරයෙ දුක‍්ඛං වෙදනං වෙදයන‍්ති, නහි පාපකාරිස‍්ස භවන‍්ති තාණා සකෙහි කම‍්මෙහි පුරක‍්ඛතස‍්ස තෙ ලුද‍්දකම‍්මා පසවෙත්‍වා පාපං. තෙ මෙ ජනා අවංසිරා නරකෙ පාතයන‍්ති.

4823. ඒ නිරිසත්තු බොහෝ වර්‍ෂ සමූහයන් මුළුල්ලෙහි නරකයෙහි දුක් විඳිති. තමන්ගේ කර්‍ම බලයෙන් ඉදිරිපත් කළ පව්කරුවාට ආරක්‍ෂාවීමට ස්ථාන නැත. දරුණු පව්කම් කළ ඔව්හු පව් රැස් කොට නරකයට යති. ඒ මේ පව් කළ නිරිසත්තු හිස් යටිකුරු කොට නරකයට හෙළනු ලබත් ය යි කී.

4824. උච‍්චාවචාමෙ විවිධා උපක‍්කමා නිරයෙසු දිස‍්සන‍්ති සුඝොරරූපා භයං හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලී දෙවසාරථි, ඉමෙ නු මච‍්චා කිමකංසු පාපං යෙ මෙ ජනා අධිමත‍්තා දුක‍්ඛා තිබ‍්බා ඛාරා කටුකා වෙදනා වෙදයන‍්ති.

4824. දරුණු ස්වභාව ඇති කුඩා මහත් කම්කටුලු නරකයෙහි පෙනේ. සාරථිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. මේ නිරිසත්තු ඉතා තියුණු රළු කටුක වූ දුක් වේදනා විඳිත්. මේ සත්ත්‍වයෝ කිනම් පව් කළාහු දැ යි ඇසී.

4825. තස‍්ස පුට‍්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම‍්මානං ජානං අක‍්ඛාසජානතො

4825. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:

4826. යෙ ජීවලොකස‍්මිං සුපාපදිට‍්ඨිනො විස‍්සාසකම‍්මානි කරොන‍්ති මොහා; පරඤ‍්ච දිට‍්ඨීසු සමාදපෙන‍්ති තෙ පාපාදිට‍්ඨි පසවෙත්‍වා පාපං තෙ මෙ ජනා අධිමත‍්තා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා වෙදනා වෙදයන‍්ති.

4826. මේ මිනිස් ලොවැ ඉතා ලාමක දෘෂ්ටි ඇති මෝහයෙන් විශ්වාසයට අනුව පව් කෙරෙද්ද අන්‍ය ජනයා ලවා ද මිථ්‍යාදෘෂ්ටිය සමාදන් කරවද්ද අධම දෘෂ්ටි ඇති ඔව්හු පව් රැස් කොට නරකයට යෙති. මේ නිරිසත්තු තියුණු රළු කටුක දුක් වේදනා විඳිති යි කී.

4827. විදිතානි තෙ මහාරාජ ආවාසං පාපකම‍්මිනං, ඨානානි ලුද‍්දකම‍්මානං දුස‍්සීලානඤ‍්ච යා ගති; උය්‍යාහිදානි රාජිසි දෙවරාජස‍්ස සන‍්තිකෙ.

4827. මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්තිස්ථානයෝ ද දුස්සීල සත්ත්‍වයන්ගේ උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස, දැන් (මේ නරකයෙහි දුක් දුටු ඉක්බිති) සක්දෙව් රජුහු ගේ දිව්‍යසම්පත් දක්නා පිණිස යනු මැනවි යි මාතලී කී.

නිරයකණ‍්ඩං නිට‍්ඨිතං.

නිරය කාණ්ඩය.