යෙදුමෙන් කියවන්න

3. සාමජාතකං

3. සාමජාතකං

3. සාම ජාතකය

4618. කො නු මං උසුනා විජ‍්ඣි පත‍්තං උදහාරකං, ඛත‍්තියො බ්‍රාහ‍්මණො වෙස‍්සො කො මං විද‍්ධා නිලීයසි.

4618. දිය ගෙන යන්නට ප්‍රමාද වූ මට ඊයෙන් විද්දේ කවරෙක් ද? රජ, බමුණු, වෙළඳ යන ආදී සිවු පිරිසෙන් කවරෙක් මට විදෑ සැඟවුණේ දැයි සාම කුමාර තෙමේ ඇසී ය.

4619. න මෙ මංසානි ඛජ‍්ජානි චම‍්මෙනත්‍ථො න විජ‍්ජති, අථ කෙන නු වණ‍්ණෙන විද‍්ධෙය්‍යං මං අමඤ‍්ඤථ.

4619. මාගේ මස් කෑ යුතු නො වේ. සමින් ද වැඩෙක් නැත. එසේ ඇති කල මට කවර කරුණෙකින් විදියයුතු ය යි සිතූහු දැයි කී ය.

4620. කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තෙ කථං ජානෙමු තං මයං, පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි කිං මං විද‍්ධා නිලීයසි.

4620. නුඹ කවරෙක් හෝ වෙහි ද? කවරෙකුගේ පුතෙකු හෝ වෙහි දැයි අපි කෙසේ තා දනිමු ද? යහළුව, මා විචාරන ලද්දේ කියව. කවර හෙයින් මා විදැ සැඟැවුණෙහි දැයි සාම කුමාර තෙමේ ඇසීය.

4621. රාජාහමස‍්මි කාසීනං පිලියක‍්ඛොති මං විදූ, ලොභා රට‍්ඨං පහත්‍වාන මිගමෙසං චරාමහං.

4621. කසීරට රජ නම් මම වෙමි. පිළියක් නමින් මා දනිති. මස් ලොබින් රට හැර මුවන් සොයමින් හැසිරෙමි.

4622. ඉස‍්සත්‍ථෙචස‍්මි කුසලො දළ‍්හධම‍්මොති විස‍්සුතො, නාගොපි මෙ න මුඤ‍්චෙය්‍ය ආගතො උසුපාතනං.

4622. දුනු සිප්හි ද දක්‍ෂ වෙමි. සහස්සත්‍ථාම නම් දුන්න නඟන්නට පිළිවන් බැවින් දළ්හධම්ම ය යි ප්‍රකට ය. මාගේ ඊ පහරට පැමිණි ඇතා ද නැ මිදේ ය යි පිළියක් රජ කී ය.

4623. ත්‍වඤ‍්ච තස‍්ස වා පුත‍්තොසි කථං ජානෙමු තං මයං, පිතුනො අත‍්තනො චාපි නාමගොත‍්තං පවෙදය.

4623. තෙපි ද කවරකුගේ පුතෙක් දැයි අපි තොප කෙසේ දනිමු ද? පියාණන්ගේ හෝ තමන්ගේ නාමගෝත්‍ර කියන්නැ යි රජ තෙමේ කී ය.

4624. නෙසාදපුත‍්තො භද‍්දන‍්තෙ සාමො ඉති මං ඤාතයො, ආමන‍්තයිංසු ජීවන‍්තං ස‍්වාජ‍්ජෙවාහං ගතො සයෙ.

4624. මහරජ, තොපට යහපතක් වේවා! මම වනාහි වැදි පුතෙක් වෙමි. ජීවත් වන නෑයෝ ‘සාම’ කියා මා ඇමතූහ. අද ඒ මම මෙසේ මරුමුවට පැමිණියෙම් සයනය කරමි.

4625. විද‍්ධොස‍්මි පුථුසල‍්ලෙන සවිසෙන යථා මිගො, සකම‍්හි ලොහිතෙ රාජ පස‍්ස සෙමි පරිප‍්ලුතො.

4625. මහරජ, විස සහිත මහත් ඊයකින් මුවෙකු මෙන් විදින ලද්දෙම් වෙමි. බලනු මැනැවැ. තම ලේ විලෙහි ගැලුණේ හොවිමි.

4626. පටිචම‍්මගතං සල‍්ලං පස‍්ස විහාමි ලොහිතං, ආතුරො ත්‍යානු පුච‍්ඡාමි කිං මං විද‍්ධා නිලීයසි.

4626. ඊතලය වම් පසින් ඇතුළු වී දකුණැලයෙන් නික්මිණි. ලේ වමාරමි. මා කවර හෙයින් විදැ සැඟැවුණෙහි දැයි තොප විචාරමි.

4627. අජිනම‍්හි හඤ‍්ඤතෙ දීපි නාගො අන‍්තෙහි හඤ‍්ඤතෙ, අථ කෙන නු වණ‍්ණෙන විද‍්ධෙය්‍යං මං අමඤ‍්ඤථ.

4627. සම නිමිති කොට අඳුන් දිවියා නසනු ලැබෙයි, දළ නිමිති කොට ඇතා නසනු ලැබෙයි. එසේ නම් මා විදිය යුත්තෙකු මෙන් කවර හෙයින් සිතී දැයි සාම කුමාරයා ඇසීය.

4628. මිගො උපට‍්ඨිතො ආසි ආගතො උසුපාතනං, තං දිස‍්වා උබ‍්බිජ‍්ජි සාම තෙන කොධො මමාවිසි.

4628. පින්වත, ඊ පහරට පැමිණි මුවෙක් ඉදිරියෙහි සිටියේ ය. තොප දැක්මෙන් මුවා භය වී ගියේය. එයින් මට තරහ උපනැ යි රජ තෙමේ කී ය.

4629. යථො සරාමි අත‍්තානං යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං, න මං මිගා උත‍්තසන‍්ති අරඤ‍්ඤෙ සාපදානිපි.

4629. යම් කලෙක සිට තමන් සිහි කෙරෙම් ද යම් කලෙක සිට නුවණැති බවට පැමිණියෙම් ද , මේ තාක් වනයෙහි චණ්ඩ වූ වන මුවෝ ද මා දැක භය නො වෙති.

4630. යතො නිධිං පරිහරිං යතො පත‍්තොස‍්මි යොබ‍්බනං, න මං මිගා උත‍්තසන‍්ති අරඤ‍්ඤෙ සාපදානිපි.

4630. යම් කලෙක පටන් වැහැරි සිවුරු පරිහරණය කෙරෙම් ද යම් කලෙක පටන් තරුණ බවට පැමිණියෙම් ද මේතාක් චණ්ඩ මෘගයෝ ද මා දැක භය නො වෙති.

4631. භීරූ කිම‍්පුරිසා රාජ පබ‍්බතෙ ගන්‍ධමාදනෙ, සම‍්මොදමානා ගච‍්ඡාම පබ‍්බතානි වනානි ච; අථ කෙන නු වණ‍්ණෙන උත‍්ත්‍රසෙ සො මිගො මමං.

4631. මහරජ, ගන්‍ධමාදන පර්‍වතයෙහි භය ජනක කිම්පුරුසයෝ ද වෙති. පර්‍වතයන්හි ද වනාන්තරයන්හි ද ඔවුන් සමග සතුටින් ගමන් කරමු. එසේ ඇති කළ කවර හෙයින් ඒ මුවා මා දැක බිය වන්නේ දැයි සාම කුමර තෙම ඇසීය.

4632. න තද‍්දසා මිගො සාම කින‍්තාහං අලිකං භණෙ, කොධලොභාභිභූතොහං උසුං තෙ තං අවස‍්සජිං.

4632 එම්බා සාම කුමරුනි, මුවා තොප නො දැක්කේ යැ. මම ඔබට කවර හෙයින් බොරු කියම් ද? ක්‍රෝධයෙන් ද ලෝභයෙන් ද මඬනා ලද සිත් ඇති මම ඒ ඊය තොපට විද්දෙමි යි රජතුමා කී ය.

4633. කුතො නු සම‍්ම ආගම‍්ම කස‍්ස වා පහිතො තුවං, උදහාරො නදිං ගච‍්ඡ ආගතො මිගසම‍්මතං.

4633. යහළුව, කවර තැනෙකින් හෝ අවුත් දිය ගෙනෙන්නට ගඟට යව යි කවරෙකු විසින් හෝ එවූ තෙපි මුවන්ගේ ය යි සම්මත මේ විලට ආවහු දැයි ඇසීය.

4634. අන්‍ධා මාතා පිතා මය‍්හං තෙ භරාමි බ්‍රහාවනෙ, තෙසාහං උදහාරකො ආගතො මිගසම‍්මතං.

4634. මහරජ, මාගේ මව්පියෝ අන්‍ධයෝ ය. මේ මහා වනයෙහි සිට මම ඔවුන් පෝෂණය කරමි. ඔවුන්ට දිය ගෙනයන මම මේ මිගසම්මත නම් විලට ආයෙමි යි සාම කුමාරයා කී ය.

4635. අත්‍ථි තෙසං උසාමන‍්තං අථ සාහස‍්ස ජීවිතං, උදකස‍්ස ච අලාභෙන මඤ‍්ඤෙ අන්‍ධා මරිස‍්සරෙ.

4635. ඒ මාගේ මව්පියන්ට භෝජන පමණක් ඇත. එකල්හි සදවසක් දිවි පවත්නේ ය. ඒ අඳ මව්පියෝ දිය නො ලැබීමෙන් මැරෙන්නාහු යැ යි සිතමි.

4636. න මෙ ඉදං තථා දුක‍්ඛං ලබ‍්භාහි පුමුනා ඉදං, යඤ‍්ච අම‍්මං න පස‍්සාමි තං මෙ දුක‍්ඛතරං ඉතො.

4636. මට මේ දුක එබඳු දුකක් නම් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතු ය. මෑණියන් නො දකිමි යන යම් දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි.

4637. න මෙ ඉදං තථා දුක‍්ඛං ලබ‍්භාහි පුමුනා ඉදං, යඤ‍්ච තාතං න පස‍්සාමි තං මෙ දුක‍්ඛතරං ඉතො.

4637. මෙය මට එවැනි දුකක් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතුය. පියාණන් නො දකිමි යන මේ දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි .

4638. සා නූන කපණා අම‍්මා චිරරත‍්තාය රුච‍්ඡති, අඩ‍්ඪරත‍්තෙ ච රත‍්තෙ වා නදීව අවසුච‍්ඡති.

4638. ඒ මාගේ බැගෑපත් මෑණියෝ ඒකාන්තයෙන් මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියැලෙන්නාහ.

4639. සො නූන කපණො තතො චිරරත‍්තාය රුච‍්ඡති, අඩ‍්ඪරත‍්තෙ ච රත‍්තෙ වා නදීව අවසුච‍්ඡති.

4639. ඒ මාගේ බැගෑපත් පියාණෝ ඒකාන්තයෙන් මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියැලෙන්නාහ.

4640. උට‍්ඨානපාරිචරියාය පාදං සම‍්බාහනස‍්ස ච, “සාම තාතා” ති විලපන‍්තා හිණ‍්ඩිස‍්සන‍්ති බ්‍රහාවනෙ.

4640. මහරජ, දිවා රෑ නැගී සිටි වීර්‍ය්‍යයෙන් ඔවුනට මෙහෙ කිරීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උවටැන් කෙළෙමි. ඔහු පුතා සාම යැයි වැළපෙමින් මේ වනයෙහි ඇවිදිනාහු ය.

4641. ඉදම‍්පි දුතියං සල‍්ලං කම‍්පෙති හදයං මම. යඤ‍්ච අන්‍ධෙ න පස‍්සාමි මඤ‍්ඤෙ හෙස‍්සාමි ජීවිතං.

4641. ජීවිතය හැර දමන්නෙම් වන යමෙක් වේ ද අඳ මව්පියන් නො දකිමි යි යන යමක් ඇද්ද මේ දෙවෙනි ශෝක උල මා හද කම්පා කෙරේ යි සාම කුමරා කීය.

4642. මා බාළ‍්හං පරිදෙවෙසි සාම කල්‍යාණදස‍්සන, අහං කම‍්මකරො හුත්‍වා භරිස‍්සං තෙ බ්‍රහාවනෙ.

4642. සාම නම් කල්‍යාණ දර්‍ශනය දැඩි කොට නො වැලපෙව මම කටයුතු කරන්නෙක් වැ මේ මහ වෙනෙහි තොප මව්පියනට උපස්ථාන කළාක් මෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කොට රැක බලාගන්නෙමි.

4643. ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො දළ‍්හධම‍්මොති විස‍්සුතො, අහං කම‍්මකාරො හුත්‍වා භරිස‍්සං තෙ බ්‍රහාවනෙ.

4643. ධනුශිල්පයෙහි ද මම දක්‍ෂයෙක්මී. දළ්හධර්‍මය යි ප්‍රකට වූ මම කටයුතු කරන්නෙක් වැ මේ මහ වන මැද නුඹ මෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කිරීමෙන් රැක බලාගන්නෙමි.

4644. මිගානං විඝාසමන්‍වෙසං වනමූල ඵලානි ච, අහං කම‍්මකරො හුත්‍වා භරිස‍්සං තෙ බ්‍රහාවනෙ.

4644. සිංහාදී වන මුර්‍ගයන් කා ඉතිරි කළ මස් ද වනයෙහි අල මුල් ද පලවැල ද සොයා මම කටයුතු කිරීමෙන් මහ වන මැද නුඹ මෙන් නුඹගේ මව්පියන් රැකබලා පෝෂණය කරන්නෙමි.

4645. කතමං තං වනං සාම යත්‍ථ මාතා පිතා තව, අහං තෙ තථා භරිස‍්සං යථා තෙ අභරී තුවං.

4645. පින්වත් සාමය, නුඹගේ ඒ මව්පියෝ කවර තැනෙක වෙසෙත් ද ඒ කවර වනයක් ද? නුඹ මව්පියන් පෝෂණය කළේ යම් සේ ද මම ද එසේ පෝෂණය කරන්නෙමි යි රජ තෙමේ කී ය.

4646. අයං එකපදී රාජ යො යං උස‍්සීසකෙ මම, ඉතො ගන‍්ත්‍වා අඩ‍්ඪකොසං තත්‍ථ තෙසං අගාරකං; තත්‍ථ මාතා පිතා මය‍්හං තෙ භරස‍්සු ඉතො ගතො.

4646. මහරජ, මාගේ හිස පැත්තෙන් යම් ඒක පදික මගෙක් වේ ද මේ මඟින් ගොස් ශබ්ද ඇසෙන දුර පමණින් බාගයක් හෙවත් අඩ හඬසනක් පමණ දුර යම් තැනක් වේ ද මව්පියන් වෙසෙන ගෙය එහි ය. මේ මඟින් එහි ගොස් ඔවුන් පෝෂණය කරන්න යි සාම කුමාරයා කී ය.

4647. නමො තෙ කාසිරාජත්‍ථු නමො තෙ කාසිවඩ‍්ඪන, අන්‍ධා මාතා පිතා මය‍්හං භරස‍්සු බ්‍රහාවනෙ.

4647. කසී රජතුමනි, ඔබට මාගේ නමස්කාරය වේවා! කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබට නමස්කාර වේවා! මාගේ මව්පියෝ අන්‍ධයෝය. මහවනයෙහි ඔවුන් පෝෂණය කරව.

4648. අඤ‍්ජලිං තෙ පග‍්ගණ‍්හාමි කාසිරාජ නමත්‍ථු තෙ, මාතරං පිතරං මය‍්හං වුත‍්තො වජ‍්ජාසි වන්‍දනං.

4648. කසී රජතුමනි, ඔබට ඇඳිලි බඳිමි. ඔබට නමස්කාර වේවා! මා කියන ලදුයේ මව්පියනට මා වැන්ද බව කියනු මැනව යි සාම කුමාරයා කී ය.

4649. ඉදං වත්‍වාන සො සාමො යුවා කල්‍යාණදස‍්සනො, මුච‍්ඡිතො විසවෙගෙන විසඤ‍්ඤි සමපජ‍්ජථ.

4649. තරුණ කල්‍යාණ දර්‍ශන ඇති ඒ සාම කුමාර තෙමේ මෙ බස කියා විෂවේගයෙන් සිහිමුළා වූයේ විසංඥ බවට පැමිණියේය.

4650. ස රාජා පරිදෙවෙසි බහුං කාරුඤ‍්ඤසංහිතං, අජරාමරො වහං ආසිං අජ‍්ජෙතං ඤාසි නො පුරෙ; සාමං කාලකතං දිස‍්වා “නත්‍ථි මච‍්චුස‍්ස නාගමො”.

4650. ඒ රජ තෙමේ මම මෙපමණ කල් ජරා මරණ නැත්තෙක් යැ යි සිතීමි. අද කලුරිය කළ සාම කුමරු දැක කිසිවෙකුටත් මරුගේ නො පැමිණීමක් නැත යි දැන ගතිමි. මින් පෙර එසේ නො දැක්කෙමි. කරුණා සහගත වැ බෙහෙවින් වැලපුණේ ය.

4651. යස‍්සු මං පතිමන‍්තෙති සවිසෙන සමප‍්පිතො, ස‍්වාජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිහාසති.

4651. විෂ සහිත ඊයෙන් විඳිනු ලැබූ යමෙක් මා සමග දැන් කථා කෙළේ ද හේ තෙමේ මෙබඳු මරණයකට පැමිණි කළ කිසිවකුදු කථා නො කෙරේ.

4652. නිරයං නූන ගච‍්ඡාමි එත්‍ථ මෙ නත්‍ථි සංසයො, තදාහි පකතං පාපං චිරරත‍්තාය කිබ‍්බිසං.

4652. එකල මා කළ පාපය බොහෝ කල් දුක් විඳීමට සමර්‍ත්‍ථ දරුණු වූ කර්‍මයෙකි. ඒකාන්තයෙන් මම නරකයට යමි. මෙහි මට සැකයෙක් නැත.

4653. භවන‍්ති තස‍්ස වත‍්තාරො ගාමෙ කිබ‍්බිසකාරකො, අරඤ‍්ඤෙ නිම‍්මනුස‍්සම‍්හි කො මං වත‍්තුමරහති.

4653. පව් කරන තැනැත්තා හට අපරාධ කරුවෙකැ යි ගමෙහි නින්‍දා කරන්නෝ වෙති. මිනිසුන් නැති මේ වනයෙහි මට නින්‍දා කරන්නට කවරෙක් සුදුසු වේ ද?

4654. සාරයන‍්ති හි කම‍්මානි ගාමෙ සංගච‍්ඡ මානවා, අරඤ‍්ඤෙ නිම‍්මනුස‍්සම‍්හි කො නු මං සාරයිස‍්සති.

4654. ගම්හි මිනිස්සු එක් වැ කළ කම් සිහි කරවති නොහොත් චෝදනා කරති. මිනිසුන් නැති මේ වනයෙහි මට කවරෙක් චෝදනා කරන්නේ දැයි පිළියක් රජ වැලපුණේ ය.

4655. සා දෙවතා අන‍්තරහිතා පබ‍්බතෙ ගන්‍ධමාදනෙ, රඤ‍්ඤොව අනුකම‍්පාය ඉමා ගාථා අභාසථ.

4655. එකල ‘බහුසෝදරී නමැති දේවතා තොමෝ ගන්‍ධමාදන පර්‍වතයෙහි අතුරුදහන් වූවා රජහට ම අනුකම්පාවෙන් මේ ගාථා කියූ.

4656. ආගුං කරි මහාරාජ අකරා කම‍්මදුක‍්කටං, අදූසකා පිතා පුත‍්තා තයො එකූසුනා හතා.

4656. මහරජ, රජතෙම මහත් අපරාධයක් කෙළේය. කෙළේ ඉතා ලාමක පහත් ක්‍රියාවකි. නිදොස් මව්පිය දෙදෙනා ද පුතා ද යන මේ තිදෙන එක හී පහරින් නසන ලදහ.

4657. එහි තං අනුසික‍්ඛාමි යථා තෙ සුගතී සියා, ධම‍්මෙනන්‍ධෙ වනෙ පොස මඤ‍්ඤෙහං සුගතී තයා.

4657. මහරජ, මෙහි එනු මැනවි. යම්සේ ඔබට සුගතියක් වන්නේ නම් එසේ ඔබට අනුශාසනා කරමි. මහවනයෙහි ඒ අඳ මව්පියන් සාම කුමරු මෙන් දැහැමින් පෝෂණය කිරීමෙන් රැක බලාගනු. ඔබ එසේ කළ කල සුගතියට යන්නහු යයි මම සිතමි යි දෙවිඳු කියූ.

4658. ස රාජා පරිදෙවිත්‍වා බහුං කාරුඤ‍්ඤසංහිතං, උදකකුම‍්භමාදාය පක‍්කාමි දක‍්ඛිණාමුඛො.

4658. ඒ පිළියක් රජ තෙමේ කරුණා සහගත වැ (සොවින්) බොහෝ වැලැපැ, දිය කළය රැගෙන දකුණු දිග බලා නික්ම ගියේ යැ.

4659. කස‍්ස න එසො පදසද‍්දො මනුස‍්සස‍්සෙව ආගතො, නෙසො සාමස‍්ස නිග‍්ඝොසො කො නු ත්‍වමසි මාරිසං.

4659. මෙහි ආ මිනිසකුගේ වැනි මේ පියවර ශබ්දය කවරකුගේ ද මේ පා ශබ්දය සාම කුමාරයාගේ ද? ඒ ශබ්දය නම් නො වේ. පින්වත, මෙහි ආ තොප කවරහු ද?

4660. සන‍්තං හි සාමො වජති සන‍්තං පාදානි ඤත‍්තති, නොසො සාමස‍්ස නිග‍්ඝොසො කො නු ත්‍වමසි මාරිස.

4660. සාම කුමරු සන්සුන් ලෙස එයි. සන්සුන් වැ පා තබයි. මේ ශබ්දය නම් සාම කුමරුගේ නො වේ. පින්වත, මෙහි ආ තෙපි කවරහු දැයි දුකුල පණ්ඩිත නම් වන සාම කුමරුගේ අන්‍ධ පියා ඇසී ය.

4661. රාජාහමස‍්සමි කාසීනං පිළියක‍්ඛොති මං විදූ, ලොභා රට‍්ඨං පහත්‍වාන මිගමෙසං චරාමහං.

4661. පින්වත, මම කසීරට වැසියන්ගේ රජ වෙමි. පිළියක් රජ නමින් මා දනිති. මස් ලොබින් රට හැර අවුත් මම මුවන් සොයමින් හැසිරෙමි.

4662. ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො දළ‍්හධම‍්මොති විස‍්සුතො, නාගොපි මෙ න මුඤ‍්චෙය්‍ය ආගතො උසුපාතනං.

4662. ධනුශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හධර්‍ම ය යි ද ප්‍රසිද්ධය. මාගේ ඊ පහරට පැමිණි ඇතෙක් ද එයින් නො මිදේ යැ යි රජ තෙමේ කීය.

4663. ස‍්වාගතන‍්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස‍්සරොසි අනුප‍්පත‍්තො යං ඉධත්‍ථි පවෙදය.

4663. මහරජ, ඔබට යහපත් පැමිණීමක් වේවා. තවද ඔබට අයහපත් පැමිණීමක් නො වේවා. මෙහි පැමිණියේ අපට අධිපති වෙහි ය. මෙහි කැමති යමක් ඇත් නම් එය පිළිගනු මැනවි.

4664. තින්‍දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද‍්දකප‍්පානි භුඤ‍්ජ රාජ වරං වරං.

4664. විලිකුන් තිඹිරි ද මොර ද මී ද මිහිරි එරමිණිය ද යන කුඩා ඵල වර්‍ග මෙහි බොහෝ ය. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කළ මැනවි.

4665. ඉදම‍්පි පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, තතො පිව මහාරාජ සචෙ ත්‍වං අභිකඞ‍්ඛසි.

4665. පර්‍වත ගුහාවෙන් ගෙනා මේ සිහිල් පැන් වෙයි. ඉඳින් මහරජ, තෙපි කැමැත්තාහු නම් බොනු මැනව යි පිළිසඳර කථා වශයෙන් පැවසී ය.

4666. නාලං අන්‍ධා වනෙ දට‍්ඨුං කො නු මෙ ඵලමාහරී, අනන්‍ධස‍්සෙවයං සම‍්මා නිවාපො මය‍්හ ඛායති.

4666. අන්‍ධයෝ වනයෙහි මේ ඵල වර්‍ග දක්නට නො හැක්කෝ වෙති. මෙය ගෙනාවේ කවරෙක් ද? මේ යහපත් පලතුරු රැස් කිරීම අඳ නො වූවකුගේ කටයුත්තක් මෙන් මට වැටහේ යැ යි රජ තෙමේ කීය.

4667. දහරො යුවා නාතිබ්‍රහා සාමො කල්‍යාණදස‍්සනො, දීඝස‍්ස කෙසා අසිතා අථො සූනග‍්ගවෙල‍්ලිතා.

4667. තරුණ යෞවන ඉතා නො මහත් සාම කුමාරයා යහපත් දැකුම් ඇත්තෙකි. තව ද ඔහුගේ දිගු කාළවර්‍ණ කෙස් මස් කොටන කති අග මෙන් නැමුණේ ය.

4668. සො භවෙ ඵලමාහත්‍වා ඉතො ආදා කමණ‍්ඩලුං, නදිං ගතො උදහාරො මඤ‍්ඤෙ න දූරමාගතො.

4668. ඒ සාම කුමාරයා පලවැල ගෙනවුත් තබා මෙයින් කමඬලාව රැගෙන දිය ගෙනෙන්නට මිගසම්මත ගඟට ගියේ දැන් ළඟ ම ඇතැ යි හඟිමි යි පණ්ඩිත තෙමේ කී ය.

4669. අහං තං අවධිං සාමං යො තුය‍්හං පරිචාරකො, යං කුමාරං පවෙදෙථ සාමං කල්‍යාණදස‍්සනං.

4669. තොප මෙහෙ කරන යමෙක් වේ ද යහපත් දැකුම් ඇති සාම යැ යි යම් කුමාරයකු හට කියන්නාහු ද ඒ කුමරු මුවෙකු යි සිතා මම විද මැරීමි.

4670. දීඝස‍්ස කෙසා අසිතා අථො සූනග‍්ගවෙල‍්ලිතා, තෙසු ලොහිතලිත‍්තෙසු සෙති සාමො මයා හතො.

4670. ඔහුගේ දික්වූ කේශ කලාපය කාළවර්‍ණය. සූන නම් මස් කොටන කැති අග මෙන් වක් වූ කෙසඟ ඇත. ලේ තැවරුණු ඒ දිගු නිල් කේශ කලාපයෙහි වැතිර මා විසින් මැරූ සාම කුමාර තෙමේ වැලිතලාවෙහි හොත්තේ යයි පිළියක් රජ තෙමේ කී ය.

4671. කෙන දුකූලමන‍්තෙසී “හතො සාමො”ති වාදිනා, “හතො සාමා”ති සුත්‍වාන හදයං මෙ පවෙධති.

4671. එම්බා දුකුල පණ්ඩිතයෙනි, සාම කුමාරයා නැසුවේ යයි කියන කවරෙකු හා කථා කරන්නහු ද? සාම කුමාරයා නසන ලදැයි අසා මාගේ හෘදය කම්පා වේ.

4672. අස‍්සත්‍ථස‍්සෙව තරුණං පවාළං මාලුතෙරිතං, “හතො සාමො”ති සුත්‍වාන හදයං මෙ පවෙධති.

4672. සුළඟින් කම්පා වන ඇසතු ළපල්ලක් මෙන් සාම කුමාරයා නසන ලදැයි අසා මා හද වෙව්ල යි, පාරිකා නම් අන්‍ධ මව් කී ය.

4673. පාරිකෙ කාසිරාජායං සො සාමං මිගසම‍්මතෙ, කොධසා උසුනා විජ‍්ඣි තස‍්ස මා පාපමිච‍්ඡිම‍්හා.

4673. එම්බා පාරිකාවෙනි, ඒ මේ කසීරජ මිගසම්මත නම් ගං ඉවුරෙහි දී මුවා මරමි යි ක්‍රෝධ සිතින් සාම කුමාරයාට ඊයකින් විද්දේය. රජුට අපි පව් සිතිවිලි නො කැමැත්තෝ වෙමු යි පණ්ඩිත තෙමේ කීය.

4674. කිච‍්ඡා ලද‍්ධො පියො පුත‍්තො යො අන්‍ධෙ අභරී වනෙ, තං එකපුත‍්තං ඝාතිම‍්භි කථං චිත‍්තං න කොපයෙ.

4674. දුකසේ ලැබූ යම් ප්‍රිය පුතෙක් අන්‍ධ අප වනයෙහි දී රැක බලා පෝෂණය කෙළේ ද ඒ එක මැ පිය පුතු මැරූ ඔහු කෙරෙහි කෙසේ නම් සිත කෝප නො කෙරෙම් දැයි මව් ඇසුය.

4675. කිච‍්ඡා ලද‍්ධො පියො පුත‍්තො යො අන්‍ධො අභරී වනෙ, තං එකපුත‍්තං ඝාතිම‍්භි අක‍්කොධං ආහු පණ‍්ඩිතා.

4675. දුකෙන් ලැබූ යම් ප්‍රිය පුත්‍ර යම් කුමාරයෙක් මහවනයෙහි අඳ මව්පියන් පෝෂණය කෙළේ නම් ඒ එක මැ පුතු නැසූ කලැ ද ක්‍රෝධ නො කිරීම මැනව යි දුකුල පණ්ඩිත තෙමේ කී ය.

4676. මා බාළ‍්හං පරිදෙවෙථ “හතො සාමා”ති වාදිනා, අහං කම‍්මකරො හුත්‍වා භරිස‍්සාමි බ්‍රහාවනෙ.

4676. පින්වත්නි, සාම කුමරු නැසිනැ යි කීමෙන් දැඩි කොට නො වැළපුන මැනවි. මම උපස්ථායකයෙක් වැ මේ මහවනයෙහි තොප පෝෂණය කරන්නෙමි.

4677. ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො දළ‍්හධම‍්මොති විස‍්සුතො, අහං කම‍්මකරො හුත්‍වා භරිස‍්සාමි බ්‍රහාවනෙ.

4677. මම ධනුශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හධර්‍ම ය යි ප්‍රසිද්ධ මම උවැටන් කරන්නෙක් වැ මේ මහවනයෙහි තොප පෝෂණය කොට රැකබලා ගන්නෙමි යි රජ තෙමේ කී ය.

4678. මිගානං විඝාසමන්‍වෙසං වනමූල ඵලානි ච, අහං කම‍්මකරො හුත්‍වා භරිස‍්සාමි බ්‍රහාවනෙ.

4678. සිංහාදී වන මෘගයන් කා දැමූ මස් ද අල මුල් පලවැල ද සොයමින් මම උපස්ථායකයෙක් වැ මේ මහවනයෙහි තොප දෙදෙනා පෝෂණය කිට රැක බලා ගන්නෙමි යි රජ තෙමේ කීය.

4679. නෙස ධම‍්මො මහාරාජ නෙතං අම‍්හෙසු කප‍්පති, රාජා ත්‍වමසි අම‍්හාකං පදෙ වන්‍දාම තෙ මයං.

4679. මහරජ, මේ ස්වභාව ධර්‍මයක් නොවේ. මෙය අපහට නො හොබී. ඔබ අප රජ තුමා ය. අපි ඔබ පා වඳිමු යි කීහ.

4680. ධම‍්මං නෙසාද භණථ කතා අපවිතී තයා, පිතා ත්‍වමසි අම‍්හාකං මාතා ත්‍වමසි පාරිකෙ.

4680. පින්වත් වැදි පුතුනි, ඔබ දහම් දෙසන්නාහු ය. සත්කාර ද කරන ලදී. දුකුල පණ්ඩිතයෙනි අද පටන් ඔබ මාගේ පියාණෝ ය. එම්බා පාරිකාවෙනි, ඔබ ද මාගේ මෑණියෝ ය යි රජ තෙමේ කී ය.

4681. නමො තෙ කාසිරාජත්‍ථු නමො තෙ කාසිවඩ‍්ඪන, අඤ‍්ජලිං තෙ පගණ‍්හාම යාව සාමානුපාපය.

4681. කසී රජතුමනි, ඔබට නමස්කාර වේවා! කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබතුමන්ට නමස්කාර වේවා! ඔබට ඇඳිලි බඳිමි. සාම කුමාරයා යම් තැනක වේ ද එතැනට අප පමුණුවනු මැනවි.

4682. තස‍්ස පාදෙ පමජ‍්ජන‍්තා මුඛඤ‍්ච භුජදස‍්සනං, සංසුම‍්භමානා අත‍්තානං කාලමාගමයාමසෙ.

4682. ඔහුගේ පා පිරිමදිමින් දැකුම්කලු මුහුණු පිරිමැද බලා ලං කොට ඔහු සමග මරණයට පත්වන්නෙමු යි ඒ අඳ මව්පියෝ කීහ.

4683. බ්‍රහා වාළමිගාකිණ‍්ණං ආකාසන‍්තං පදිස‍්සති, යත්‍ථ සාමො හතො සෙති චන්‍දොව පතිතො ඡමා.

4683. නැසුණු සාම කුමාරයා යම් තැනෙක බිම වැටුණු චන්‍ද්‍රයා මෙන් සයනය කරයි ද එ පෙදෙස චණ්ඩ මෘගයන් ගැවසී ගත් ඉතා උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනෙයි.

4684. බ්‍රහා වාළමිගාකිණ‍්ණං ආකාසන‍්තං පදිස‍්සති, යත්‍ථ සාමො හතො සෙති සුරියොව පතිතො ඡමා.

4684. නැසුණු සාම කුමාරයා යම් තැනෙක බිම වැටුණු සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයා මෙන් හොත්තේ ද එ පෙදෙස චණ්ඩ වනමෘගයන් ගැවසී ගත් ඉතා උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනෙයි.

4685. බ්‍රහා වාළමිගාකිණ‍්ණං ආකාසන‍්තං පදිස‍්සති, යත්‍ථ සාමො හතො සෙති පංසුනා පතිකුණ‍්ඨිතො

4685. යම් තැනෙක නැසුණු සාම කුමාරයා පසින් වැකුණේ හෝ වී ද එ පෙදෙස වල් මෘගයන්ගෙන් ගැවසීගත් උස් භුමියෙකි. අහස් කෙළවර මෙන් පෙනේ.

4686. බ්‍රහා වාළමිගාකිණ‍්ණං ආකාසන‍්තං පදිස‍්සති, යත්‍ථ සාමො හතො සෙති ඉධෙව වසථ අස‍්සමෙ.

4686. සාම කුමාරයා යම් තැනෙක නැසුණේ ද එතැන වන මෘගයන් ගැවසීගත් ඉතා උස් ප්‍රදේශයකි. එය අහස් කෙළවර මෙන් පෙනේ. එහෙයින් මේ අසපුවෙහි මැ වාසය කරන්න යි රජ තෙමේ කී ය.

4687. යදි තත්‍ථ සහස‍්සානි සතානි නහුතානි ච, නෙවම‍්හකාං භයං කොචි වනෙ වාළෙසු විජ‍්ජති.

4687. මහරජ, සීයක්, දාහක්, දසදාහක් ද වන මෘගයෝ ඇත්තාහු මේ වනයෙහි අපට මෙතෙක් සිදුවන භයක් ඔවුන්ගෙන් නැත යි ඔහු කීහ.

4688. තතො අන්‍ධානමාදාය කාසිරාජා බ්‍රහාවනෙ, හත්‍ථෙ ගහෙත්‍වා පක‍්කාමි යත්‍ථ සාමො හතො අහු.

4688. ඉක්බිති කසීරජ තෙමේ මහවන්යෙහි අන්‍ධ වූ ඔවුන්ගේ අත් අල්වා ගෙන සාම කුමරු නැසුණේ යම් තැනක නම් එ තැනට ගියේය.

4689. දිස‍්වාන පතිතං සාමං පුත‍්තකං පංසුකුණ‍්ඨිතං, අපවිද‍්ධං බ්‍රහාරඤ‍්ඤෙ චන්‍දංව පතිතං ඡමා.

4689. මහවනයෙහි හැරදැමූ මිහිමත වැටුණු සඳමඬල මෙන් විත් කා ඇදවැටුණු පස් වැකුණු සාම නම් පුත්‍රයා දැකැ,

4690. දිස‍්වාන පතිතං සාමං පුත‍්තකං පංසුකුණ‍්ඨිතං, අපවිද‍්ධං බ්‍රහාරඤ‍්ඤෙ සුරියංව පතිතං ඡමා.

4690. වනයෙහි හැරදැමූ බිම හුනු හිරුමඬල මෙන් පසින් ගැවසුණු සාම නම් තම ප්‍රිය පුතා දැකැ

4691. දිස‍්වාන පතිතං සාමං පුත‍්තකං පංසුකුණ‍්ඨිතං, අපවිද‍්ධං බ්‍රහාරඤ‍්ඤෙ කරුණං පරිදෙවයුං.

4691. මහවනයෙහි හැරදැමූ බිම වැටුණු පස් වැකුණු සාම නම් ප්‍රිය පුත්‍රයා දැක හැඳින ගෙන දැඩි ශෝකයෙන් හැඩුහ.

4692. දිස‍්වාන පතිතං සාමං පුත‍්තකං පංසුකුණ‍්ඨිතං, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං “අධම‍්මො කිර භො” ඉති.

4692. මහවනයෙහි වැටුණු පස් වැකුණු ශරීර ඇති තම ප්‍රිය සාම නම් පුතා දැකැ පින්වත, අධර්‍මය දැන් ලෝකයෙහි පවතී ය යි හිස අත් බැඳගෙන මව්පියෝ හැඬූහ.

4693. බාළ‍්හං ඛොසි තුවං සුත‍්තො සාමකල්‍යාණදස‍්සන, යො අජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිභාසසි.

4693. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බොහෝ කොට නිදියෙහි ද?

4694. බාළ‍්හං ඛොසි තුවං මත‍්තො සාමකල්‍යාණදස‍්සන, යො අජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිභාසසි.

4694. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බලවත් වැ මත් වෙහි ද?

4695. බාළ‍්හං ඛොසි ත්‍වං පමත‍්තොසි සාම කල්‍යාණදස‍්සන, යො අජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිභාසසි.

4695. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, විශේෂයෙන් ප්‍රමාද වෙහි ද?

4696. බාළ‍්හං ඛොසි තුවං කුද‍්ධො සාමකල්‍යාණදස‍්සන, යො අජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිභාසසි.

4696. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, දැඩි වැ කිපුනෙහි ද?

4697. බාළ‍්හං ඛොසි තුවං දිත‍්තො සාමකල්‍යාණදස‍්සන, යො අජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිභාසසි.

4697. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල්හි කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති සාමය, දැඩි එඩි ඇති වෙහි ද?

4698. බාළ‍්හං ඛො ත්‍වංසි විමනොසි සාමකල්‍යාණදස‍්සන, යො අජ‍්ජෙවං ගතෙ කාලෙ න කිඤ‍්චි මභිභාසසි.

4698. යහපත් දැකුම් ඇති සාම නම් පුත, නුඹ බෙහෙවින් අපගත සිත් අත්තෙහි ය. යමෙක් අද මෙසේ කලුරිය කළ කල්හි කතාබස් නො කෙරෙයි ද එමෙනි.

4699. ජටං වලිතං පඞ‍්කගතං කොදානි සණ‍්ඨපෙස‍්සති, සාමො අයං කාලකතො අන්‍ධානං පරිචාරකො.

4699. අඳ මව්පියන්ට ඇත පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් අවුල් වූ මඩ තැවරුණු දළමඬුලු සෝදා පිළියෙළ කරන්නේ ද?

4700. කො චෙ සම‍්මජ‍්ජනාදාය සම‍්මජ‍්ජිස‍්සති අස‍්සමං, සාමො අයං කාලකතො අන්‍ධානං පරිචාරකො.

4700. අඳ මව්පියන්ට ඇත පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. අද කවරෙක් නම් හමදනා මුස්න රැගෙන ආශ්‍රමය හමදී ද?

4701. කොදානි නභාපයිස‍්සති සීතෙනුණ‍්හොදකෙන ච, සාමො අයං කාලකතො අන්‍ධානං පරිචාරකො.

4701. අඳ මව්පියන්ට අත් පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. සිහිල් වූ උණු ජලයෙන් දැන් කවරෙක් නම් නහවන්නේ ද?

4702. කොදානි භොජයිස‍්සති වනමූලඵලානි ච, සාමො අයං කාලකතො අන්‍ධානං පරිචාරකො.

4702. අඳ මව්පියන්ට අත් පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් වනමුල් පලවැල අනුභව කරවන්නේ දැයි (අඳ මව්පියෝ වැලපුනාහ.)

4703. දිස‍්වාන පතිතං සාමං පුත‍්තකං පංසුකුණ‍්ඨිතං, අට‍්ටිතා පුත‍්තසොකෙන මාතා සච‍්චමභාසථ:

4703. මිගසම්මත නම් ගං වෙරෙළෙහි වැටුණු මැටි තැවරුණු ශරීර ඇති සාම නැමැති ප්‍රිය පුත්‍රයා දැක පුත්‍ර ශෝකයෙන් බලවත් පීඩාවට පත් මව් තොමෝ සත්‍ය ක්‍රියා කළාය;

4704. යෙන සච‍්චෙනයං සාමො ධම‍්මචාරී පුරෙ අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4704. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර ධර්‍මයෙහි හැසුරුණේ වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයා ගේ විෂ නැසේවා:

4705. යෙන සච‍්චෙනයං සාමො බ්‍රහ‍්මචාරී පුරෙ අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4705. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4706. යෙන සච‍්චෙනයං සාමො සච‍්චවාදී පුරෙ අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4706. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා සත්‍ය වචන ඇත්තෙක් වීද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4707. යෙන සච‍්චෙනයං සාමො මාතා පෙත‍්තිභරො අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4707. යම් සත්‍යයෙකින් සාම කුමාරයා මව්පියන්ට උපස්ථාන කෙළේ ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4708. යෙන සච‍්චෙනයං සාමො කුලෙ ජෙට‍්ඨාපචායිකො, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4708. යම් සත්‍යයෙකින් සාම කුමාරයා කුලදෙටුවන් පිදී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4709. යෙන සච‍්චෙනයං සාමො පාණා පියතරො මම, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4709. යම් සත්‍යයෙකින් සාම කුමාරයා පණටත් වඩා මට ප්‍රිය වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4710. යං කිඤ‍්චිත්‍ථි කතං පුඤ‍්ඤං මය‍්හං චෙව පිතුච‍්ච තෙ, සච‍්චෙන තෙන කුසලෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4710. මා විසින් ද තොපගේ පියාණන් විසින් ද යම්කිසි පිනක් කරන ලද ද ඒ කුශල නම් වූ සත්‍යය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.

4711. දිස‍්වාන පතිතං සාමං පුත‍්තකං පංසුකුණ‍්ඨිතං, අට‍්ටිතො පුත‍්තසොකෙන පිතා සච‍්චමභාසථ:

4711. මිගසම්මත ගං වෙරළෙහි වැටුණු පස් තැවරුණු සාම නම් පුතු දැක පුත්‍ර ශෝකයෙන් අතිශයින් පෙළුණු පිය තෙමේ මෙසේ සත්‍යක්‍රියා කෙළේය:

4712. යෙන සච‍්චෙනයං සාමො ධම‍්මචාරී පුරෙ අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4712. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර ධර්‍මයෙහි හැසුරුණේ වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා:

4713. යෙන සච‍්චෙනයං සාමො බ්‍රහ‍්මචාරි පුරෙ අහු, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4713. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4714. යෙන සච‍්චෙනයං සාමො සච‍්චවාදී පුරෙ අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4714. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා සත්‍ය වචන ඇත්තෙක් වීද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4715. යෙන සච‍්චෙනයං සාමො මාතාපෙත‍්තිභරො අහූ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4715. යම් සත්‍යයෙකින් සාම කුමාරයා මව්පියන්ට උපස්ථාන කෙළේ ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4716. යෙන සච‍්චෙනයං සාමො කුලෙ ජෙට‍්ඨාපචායිකො, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4716. යම් සත්‍යයෙකින් සාම කුමාරයා කුලදෙටුවන් පිදී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4717. යෙන සච‍්චෙනයං සාමො පාණා පියතරො මම, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4717. යම් සත්‍යයෙකින් සාම කුමාරයා පණටත් වඩා මට ප්‍රිය වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.

4718. යං කිඤ‍්චත්‍ථි කතං පුඤ‍්ඤං මය‍්හං ච මාතුයා ච තෙ, සච‍්චෙන තෙන කුසලෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4718. තොපගේ මව විසින් ද මා විසින් ද කළ යම් පිනක් ඇත්ද ඒ කුශල සත්‍යය බලයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා යි සත්‍යක්‍රියා කෙළේ ය.

4719. සා දෙවතා අන‍්තරහිතා පබ‍්බතෙ ගන්‍ධමාදනෙ, සාමස‍්ස අනුකම‍්පාය ඉමං සච‍්චමභාසථ.

4719. ගන්‍ධමාදන පර්‍වතයෙහි අන්තර්‍ධාන වූ දේවතා තොමෝ සාම කුමාරයාට අනුකම්පාවෙන් මේ සත්‍යක්‍රියා කළාය:

4720. පබ‍්බත්‍යාහං ගන්‍ධමාදනෙ චිරරත‍්තනිවාසිනී, න මෙ පියතරො කොචි අඤ‍්ඤො සාමා න විජ‍්ජති. එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4720. ගන්‍ධමාදන පර්‍වතයෙහි මම බොහෝ කල් මුළුල්ලෙහි සිට වෙසන්නී වෙමි. සාම කුමරු ට වඩා අතිශයින් ප්‍රියවන අන් කිසිවෙක් මට නැත. මේ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.

4721. සබ‍්බෙ වනා ගන්‍ධමයා පබ‍්බතෙ ගන්‍ධමාදනෙ, එතෙන සච‍්චවජ‍්ජෙන විසං සාමස‍්ස හඤ‍්ඤතු.

4721. ගන්‍ධමාදන පර්‍වතයෙහි සියලු මැ වෘක්‍ෂයෝ සුවඳින් යුත් වෙති. ඒ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.

4722. තෙසං ලාලප‍්පමානානං බහුං කාරුඤ‍්ඤසංහිතං, ඛිප‍්පං සාමො සමුට‍්ඨාසි යුවා කල්‍යාණදස‍්සනො.

4722. ඔවුන් දුකින් වැලැපෙමින් හඬද්දී යහපත් දැකුම් ඇති තරුණ සාම කුමාරයා වහාම නැගී සිටියේ ය.

4723. සාමො හමස‍්මි භද‍්දං වො සොත්‍ථිනාම‍්හි සමුට‍්ඨිතො, මා බාළ‍්හං පරිදෙවෙථ මඤ‍්ජුනාභිවදෙථ මං.

4723. සාම නම් මම වෙමි. ඔබට යහපතක් වේවා! විෂ බැස ගියෙන් මම සුවසේ නැගී සිටිමි. බලවත් සේ නො වැළපෙනු මැනව මිහිරි බස් තෙපලනු මැනව යි සාම කුමාරයා කී ය.

4724. ස‍්වාගතන‍්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස‍්සරොසි අනුප‍්පත‍්තො යං ඉධත්‍ථි පවෙදය.

4724. මහරජ, ඔබට මෙහි යහපත් පැමිණීමක් වේවා! ඔබගේ අයහපත් පැමිණීමක් නො වේවා! මෙහි පැමිණි ඔබ අපට අධිපති ය . මෙහි ඔබ කැමති යමක් ඇත්නම් අනුභව කළ මැනවි.

4725. තින්‍දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද‍්දකප‍්පානි භුඤ‍්ජ රාජ වර වරං.

4725. විලිකුන් මිහිරි තිඹිරි හා මොර ද මිහි ද එරමිණිය ද යන ඵල බොහෝ ය. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කළ මැනවි.

4726. අත්‍ථි මං පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, තතො පිව මහාරාජ සචෙ ත්‍වං අභිකඞ‍්ඛසි.

4726. කඳුරැළියෙන් ගෙනා සිහිල් පැන් ඇත. ඉඳින් මහරජ, ඔබ කැමැත්තහු නම් බොනු මැනවි. බෝසත් තෙමේ රජු සමග පිළිසඳර කථා වශයෙන් පැවසීය.

4727. සම‍්මුය‍්හාමි පමුය‍්හාමි සබ‍්බා මුය‍්හන‍්ති මෙ දිසා, පෙතං තං සාම අද‍්දක‍්ඛිං කොනු ත්‍වං සාම ජීවසි.

4727. සාම කුමාරයෙනි, මම මුළා වෙමි. බෙහෙවින් මුළා වෙමි. මට සියලු දිශා මුළා වී වැටහෙති. පරලොව පත් ඔබ දිටිමි. දැන් ජීවත් වෙහි. කෙසේ දිවි ලදුයෙහි දැයි රජ තෙමේ ඇසී ය.

4728. අපි ජීවං මහාරාජ පුරිසං ගාළ‍්හවෙදනං, උපනීතමනසඞ‍්කප‍්පං ජීවන‍්තං මඤ‍්ඤතෙ මතං.

4728. මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති භාවාඞ්ගයට පැමිණි සිත් හසර ඇති පුරුෂයා ජීවත් වන්නහු මළහ යි ලෝවැසි තෙමේ දනිති.

4729. අපි ජීවං මහාරාජ පුරිසං ගාළ‍්හවෙදනං, තං නිරොධගතං සන‍්තං ජීවන‍්තං මඤ‍්ඤතෙ මතං.

4729. මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති නිරුද්ධ වූ ආශ්වාස ප්‍රශ්වාස ඇති පුරුෂයා ජීවත් වන්නාහු මළහ යි ලෝවැසි තෙමේ දනිති.

4730. යො මාතරං වා පිතරං වා මච‍්චො ධම‍්මෙන පොසති, දෙවාපි නං තිකිච‍්ඡන‍්ති මාතාපෙත‍්ති භරං ජනං

4730. යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේ ද මව්පියන් පෝෂණය කරන ඒ ඒ ජනයාට දෙවියෝ ද පිළියම් කරති.

4731. යො මාතරං වා පිතරං වා මච‍්චො ධම‍්මෙන පොසති, ඉධ චෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ ච මොදති.

4731. යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේ ද මෙලෙව්හි ද ඔහු පසසත්. පරලෙව්හි ස්වර්‍ගයෙහි සතුටු වන්නේ ය යි සාම කුමාරයා කී ය.

4732. එස භිය්‍යො පමුය‍්හාමි සබ‍්බා මුය‍්හන‍්ති මෙදිසා, සරණං තං සාම ගච‍්ඡාමි ත්‍වඤ‍්ච මෙ සරණං භව.

4732. ඒ මම බොහෝ සෙයින් මුළාවෙමි. සියලු දිශා මට නො වැටහෙති. සාම කුමාරයිනි, තොප සරණ යෙමි තෙපි ද මට පිහිට වව.

4733. ධම‍්මං චර මහාරාජ මාතාපිතුසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4733. මහරජ, මව්පියන් පෝෂණය කිරීමෙහි ධර්‍මයෙහි හැසිරුණ මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4734. ධම‍්මං චර මහාරාජ පුත‍්තදාරෙසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4734. මහරජ, අඹුදරුවන් කෙරේ ද දැහැමින් වසනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4735. ධම‍්මං චර මහාරාජ මිත‍්තාමච‍්චෙසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4735. මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4736. ධම‍්මං චර මහාරාජ වාහනෙසු බලෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4736. මහරජ, රථවාහන කෙරෙහි ද සේනා කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4737. ධම‍්මං චර මහාරාජ ගාමෙසු නිගමෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4737. මහරජ, ගම් නියම්ගම් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4738. ධම‍්මං චර මහාරාජ රට‍්ඨෙසු ජනපදෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4738. මහරජ, රටෙහි ද ජනපදයන්හි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4739. ධම‍්මං චර මහාරාජ සමණබ්‍රාහ‍්මණෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4739. මහරජ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4740. ධම‍්මං චර මහාරාජ මිගපක‍්ඛීසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4740. මහරජ, සිව්පාවුන් කෙරෙහි ද පක්‍ෂීන් කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4741. ධම‍්මං චර මහාරාජ ධම‍්මො චිණ‍්ණො සුඛාවහො, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිසස‍්සි.

4741. මහරජ, ධර්‍මයෙහි හැසුරුණ මැනවි. පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙන්නේ වේ. මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.

4742. ධම‍්මං චර මහාරාජ ධම‍්මො චිණ‍්ණො සුඛාවහො, ඉධ ධම‍්මං චරිත්‍වාන ස ඉන්‍දා දෙවා සබ්‍රහ‍්මකා; සුචිණ‍්ණෙන දිවං පත‍්තා මා ධම‍්මං රාජ පමාදොති.

4742. මහරජ, ධර්‍මයෙහි හැසිරුණ මැනවි. පුරුදු පුහුණු කළ ධර්‍මය සැප ගෙන දෙන්නේ වේ. ශක්‍රයා සහිත වූ දෙවියෝ ද බ්‍රහ්මයා සහිත වූ බ්‍රහ්මයෝ ද මැනැවින් පුරුදු කළ ධර්‍මය හේතු කොට ගෙන දෙව්ලොවට පැමිණියහ. මහරජ, ධර්‍මයෙහි නො පමා වනු මැනව යි සාම කුමාරයා පිළියක් රජුට දශරාජ ධර්‍ම දේශනා කෙළේය.

සාමජාතකං තතියං.

තෙවන සාම ජාතක යි.