යෙදුමෙන් කියවන්න

4. කුණාලජාතකං

4. කුණාලජාතකං.

4. කුණාල ජාතකය

එවමක‍්ඛායති, එවමනුසූයති; සබ‍්බොසධධරණීධරෙ නෙකපුප‍්ඵමාල්‍යචිත‍්තෙ ගජගවජමහිසරුරුචමරපසදඛග‍්ගගොකණ‍්ණසීහව්‍යග‍්ඝදීපිඅච‍්ඡකොකතරච‍්ඡඋද‍්දාරකකදලිමිගබිළාරසසකණ‍්ණකානුචරිතෙ ආකිණ‍්ණනෙලමණ‍්ඩලමහාවරාහනාගකුලකණෙරුසඞ‍්ඝාධිවුත්‍ථෙ ඉස‍්සමිගසාඛමිගසරභමිගඵණිමිග වාතමිගපසදමිගපුරිසලලුකිම‍්පුරිසයක‍්ඛරක‍්ඛස නිසෙවිතෙ අමජ‍්ජමඤ‍්ජරීධරබ්‍රහට‍්ඨපුප‍්පපුප‍්ඵිතග‍්ගනෙකපාදපගණවිතතෙ කුරරචකොරවාරණමයුරපරාභූතජීවඤ‍්ජීවකචෙලාවක

එය (එම කුණාල වනෂණ්ඩය) මෙබඳු යැ යි කියනු ලැබේ. මෙබඳු යැ යි අසනු ලැබේ. සකලෞෂධයෙන් යුක්ත වූ පොළෝ තලය ඇති (ඵලජනක වූ ද පිළන්ධනූපග වූ ද) නොයෙක් පුෂ්පයෙන් සමලංකෘත වූ ඇත්තු ය, ගවරු ය, මහීෂයෝ ය, රන්වන් මුවෝ ය, සෙමරු ය, පසදමුවෝ ය, කඟවෙහෙණු ය, ගෝන්නු ය, සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, වෘකයෝ ය, කළුහිස් වලස්සු ය, උද්දාරක නම් මුවෝ ය, කෙසෙල් මුවෝ ය, බළල්ලු ය, සසකණ්ණකයෝ ය යන මොවුන්ගේ නිරතුරු හැසිරීමෙන් යුත්, ගැවසීගත් ඇත්පොවු මඩුල්ලෙන් යුත් මහඇතුන් ද දසවැදෑරුම් ඇත්කුලයෙහි ඇතුන් හා ඇතින්නන් සමූහයා ද වාසය කරන්නා වූ, කාලසිංහ ය, ශාඛාමෘග ය, සරභමෘග ය, එණිමෘග ය, මහාවාතමෘග ය, චිත්‍රමෘග ය, වඩවාමුඛයක්‍ෂිණීහු ය, කිඳුරු ය, යක්‍ෂ ය, රකුසු ය යන මොවුන් විසින් නිති සෙවුනාලද, මල් කැකුළින් හා මල් පොකුරින් ද සුපිපි මලින් හා අතුඅග (පමණක්) පිපුණු මලින් ද යුත් නන් වැදෑරුම් ගස් සමූහයෙන් පැතිරීගත්තා වූ, උකුසු ඇටිකුළු ඇත්කඳළිහිණි මොනර කොවුල් ජිවඤ්ජීවක චේලාවක

භිඞ‍්කාරකරවීකමත‍්තවිහඞ‍්ගසතසම‍්පඝුට‍්ඨෙ අඤ‍්ජනමනොසිලාහරිතාල හිඞ‍්ගුලකහෙමරජතකනකානෙකධාතුසතවිනද‍්ධපතිමණ‍්ඩිතප‍්පදෙසෙ එවරූපෙ ඛලු භො රම‍්මෙ වනසණ‍්ඩෙ කුණාලො නාම සකුණො පටිවසති අතිවිය චිත‍්තො අතිවිය චිත‍්තපත‍්තච‍්ඡදනො. තස‍්සෙව ඛලු භො කුණාලස‍්ස සකුණස‍්ස අඩ‍්ඪුඩ‍්ඪානි ඉත්‍ථිසහස‍්සානි පරිචාරිකා දිජකඤ‍්ඤායො. අථ ඛලු භො ද‍්වෙ දිජකඤ‍්ඤායො කට‍්ඨං මුඛෙන ඩසිත්‍වා තං කුණාලං සකුණං මජ‍්ඣෙ නිසීදාපෙත්‍වා උඩ‍්ඩෙන‍්ති මා නං කුණාලං සකුණං අද‍්ධානපරියායපථෙ කිලමථො උබ‍්බාහෙය්‍යාති. පඤ‍්චසතා දිජකඤ‍්ඤායො හෙට‍්ඨතො හෙට‍්ඨතො ඩෙන‍්ති සචායං කුණාලො සකුණො ආසනා පරිපටිස‍්සති මයං තං පක‍්ඛෙහි පටිග‍්ගහෙස‍්සාමාති. පඤ‍්චසතා දිජකඤ‍්ඤායො උපරූපරි ඩෙන‍්ති මා නං කුණාලං සකුණං ආතපො පරිතාපීති. පඤ‍්චසතා දිජකඤ‍්ඤායො උභතො පස‍්සෙන ඩෙන‍්ති මා නං කුණාලං සකුණං සීතං වා උණ‍්හං වා තිණං වා රජො වා වාතො වා උස‍්සාවො වා උපප‍්ඵුසීති. පඤ‍්චසතා දිජකඤ‍්ඤායො පුරතො පුරතො ඩෙන‍්ති මා නං කුණාලං සකුණං ගොපාලකා වා පසුපාලකා වා තිණහාරකා වා කට‍්ඨහාරකා වා වනකම‍්මිකා වා කට‍්ඨෙන වා කඨලාය වා පාණිනා වා (පාසාණෙන වා) ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා සක‍්ඛරාය වා පහාරං අදංසු. මායං කුණාලො සකුණො ගච‍්ඡෙහි වා ලතාහි වා රුක‍්ඛෙහි වා සාඛාහි වා ථම‍්භෙහි වා පාසාණෙහි වා බලවන‍්තෙහි වා පක‍්ඛීහි සඞ‍්ගා මෙසීති. පඤ‍්චසතා දිජකඤ‍්ඤායො පච‍්ඡතො පච‍්ඡතො ඩෙන‍්ති සණ‍්හාහි සඛිලාහි මඤ‍්ජූහි මධුරාහි වාචාහි සමුදාචරන‍්තියො මායං කුණාලො සකුණො ආසනෙ පරියුක‍්කණ‍්ඨිති. පඤ‍්චසතා දිජකඤ‍්ඤායො දිසො දිසං ඩෙන‍්ති නෙකරුක‍්ඛවිවිධවිකතිඵලමාහරන‍්තියො මායං කුණාලො සකුණො ඛුදාය පරිකිලමිත්‍ථාති. අථ ඛලු භො තා දිජකඤ‍්ඤායො තං කුණාලං සකුණං ආරාමෙනෙව ආරාමං උය්‍යානෙනෙව උය්‍යානං නදීතිත්‍ථෙනෙව නදීතිත්‍ථං පබ‍්බතසිඛරෙනෙව පබ‍්බතසිඛරං අම‍්බවනෙනෙව අම‍්බවනං ජම‍්බූවනෙනෙව ජම‍්බූවනං ලබුජවනෙනෙව ලබුජවනං නාළිකෙරසඤ‍්චාරියෙනෙව නාළිකෙරසඤ‍්චාරියං ඛිප‍්පමෙව අභිසම‍්භොන‍්ති රතත්‍ථාය. අථ ඛලු භො කුණාලො සකුණො තාහි දිජකඤ‍්ඤාහි දිවසං පරිබ‍්බූළ‍්හො එවං අපසාදෙති, නස‍්සථ තුම‍්හෙ වසලියො විනස‍්සථ තුම‍්හෙ වසලියො චොරියො ධුත‍්තියො අසතියො ලහුචිත‍්තායො කතස‍්ස අප‍්පතිකාරිකායො අනිලො විය යෙන කාමඞ‍්ගමායොති.

හිඞ්කාර කරවික යන සිය ගණන් මත් විහඟුන්ගේ නාදයෙන් මනහර වූ, අඳුන් මනෝසිලා හිරියල් හිඟුල් හෙම රිදී කනක යන නොයෙක් සියගණන් වර්‍ණධාතු රාජීන් පැතිරීමෙන් අලංකෘත වූ පෙදෙස් ඇති මෙබඳු රම්‍ය වනලැහැබෙක්හි අතිශයින් චිත්‍ර වූ අතිශයින් විචිත්‍ර වූ පියාපත් ඇති කුණාල නම් පක්‍ෂියෙක් වෙසෙයි. භවත්නි, ඒ කුණාල පක්‍ෂියාට පරිචාරිකා වූ පක්‍ෂිකන්‍යාවෝ තුන් දහස් පන්සියයක් වෙති. වැලි දු, පක්‍ෂිකන්‍යාවන් දෙදෙනෙක් මුවින් දඬුකඩක් ඩැහැගෙන ඒ කුණාල පක්‍ෂියා ඒ මත හිඳුවාගෙන “අතරමගදී ඒ කුණාල පක්‍ෂියාට ගමන් වෙහෙසින් බාධාවක් නො වේවා” පියාසර කරති. “ඉදින් මේ කුණාල පක්‍ෂියා අසුනෙන් පෙරැළි වැටෙන්නේ නම් අපි අපගේ පියාපත්වලින් ඔහු පිළිගනුම්හ” යි පන්සියයක් පක්‍ෂිකන්‍යාවෝ යටින් පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා සූර්‍ය්‍යතාපයෙන් නො තැවේව”යි පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ මත්තෙහි පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා ශීතය හෝ උෂ්ණය හෝ තෘණ හෝ දූවිලි හෝ වාතය හෝ පිනිබිඳු හෝ ස්පර්‍ශ නො කෙරේව”යි පන්සියයක් පක්‍ෂිකන්‍යාවෝ දෙපසින් පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා ගොපල්ලෝ හෝ පශුපාලකයෝ හෝ තණ ගෙනයන්නෝ හෝ දර ගෙනයන්නෝ හෝ වන කාර්මිකයෝ හෝ කාෂ්ඨයෙන් වේවයි කැබිලිත්තෙන් වේවයි අතින් වේවයි (ගලින් වේවයි) මැටි කැටයෙන් වේවයි දණ්ඩෙන් වේවයි අවියෙන් වේවයි බොරළු කැටින් වේවයි පහර නො දෙත්වා යී ද ඒ කුණාල පක්‍ෂියා පැළෑටි සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්‍ෂීන් සමග හෝ එක් නො වේවා” යී ද පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ ඉදිරියෙන් පියාසර කරති. “මේ කුණාල පක්‍ෂියා අසුනෙහි උකටලීව නො සිටීවා” යි මටසිලිටි වූ ප්‍රියංකර වූ මිහිරි වදනින් පරිවරණය කරමින් පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ පිටුපසින් පියාසර කරති. “මේ කුණාල පක්‍ෂි තෙම කුසගින්නෙන් ක්ලාන්ත නො වේව” යි පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ නොයෙක් වෘක්‍ෂයන්ගෙන් විවිධ පලවැළ ගෙනෙමින් දිගින් දිගට පියාසර කෙරෙත්. වැලි දු භවත්නි, ඒ පක්‍ෂි කන්‍යාවෝ අරමින් අරමට උයනින් උයනට ගංතොටින් ගංතොටට කඳුමුදුනින් කඳුමුදුනට අඹවනයෙන් අඹවනයට දඹවනයෙන් දඹවනයට දෙල්වනයෙන් දෙල්වනයට පොල්උයනින් පොල්උයනට සිත් ඇලවීම පිණිස ඒ කුණාල පක්‍ෂියා වහා පමුණුවත්. ඉක්බිති භවත්නි, ඒ කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දවස මුළුල්ලේ ඔසවාගෙනයන ලද්දේ නමුත් “නීච තෙනැත්තියනි, තෙපි නොපෙනී යව, නීච වූ සොර වූ සල්ලාල වූ සිහි නැත්තා වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ කළ උපකාර නො සලකන්නා වූ සුළඟ මෙන් කැමති යම් ඒ තැනකට යන්නා වූ තෙපි වැනසෙව” යි මෙසේ බැහැර කෙරෙයි.

තස‍්සෙව ඛලු භො හිමවතො පබ‍්බතරාජස‍්ස පුරත්‍ථිමදිසාභාගෙ සුසුඛුමසුනිපුණගිරිප‍්පභවා හරිතූපයන‍්තියො උප‍්පලකුමුදපදුමනලිනසතපත‍්තසොගන්‍ධිකමන්‍දාලවසම‍්පතිවිරූළ‍්හසුචිගන්‍ධම- නුඤ‍්ඤපාවකප‍්පදෙසෙ කුරවකමුචලින්‍දකෙතකවෙතසවඤ‍්ජුලපුන‍්නාගවකුලතිලකපියකහසනසලසාළල චම‍්පකාසොකනාගරුක‍්ඛතිරීටභුජපත‍්තලොද‍්දචන්‍දනොඝවනෙ, කාළාගළුපදමකපියඞ‍්ගුදෙවදාරුකචොචගහණෙකකුධකුටජඅඞ‍්කොලකච‍්චිකාරකණිකාරකණ‍්ණකාරකණවෙර කොරණ‍්ඩකොවි ළා රකිංසුකයොධිනවමල‍්ලිකමනඞ‍්ගණමනවජ‍්ජභණ‍්ඩිසුරුචිරභගිනිමාලාදිමාල්‍යධරෙ ජාතිසුමනමධුගන්‍ධිකධනුකාරිතාළීසතගරඋසීරකොට‍්ඨකච‍්ඡවිතතෙ, අතිමුත‍්තකසඞ‍්කුසුමිතලතාවිතතපතිමණ‍්ඩිතප‍්පදෙසෙ, හංසපිලවකාදාම‍්බකාරණ‍්ඩවාභිනදිතෙ, විජ‍්ජාධරසිද‍්ධසමණතාපසගණාධිවුත්‍ථෙ වරදෙවයක‍්ඛරක‍්ඛසදානවගන්‍ධබ‍්බකින‍්නරමහොරගානුචිණ‍්ණප‍්පදෙසෙ එවරූපෙ ඛලු භො රම‍්මෙ වනසණ‍්ඩෙ පුණ‍්ණමුඛො නාම ඵුස‍්සකොකිලො පටිවසති අතිවිය මධුරගිරො විලසිතනයනමත‍්තක‍්ඛො.

භවත්නි, ඒ හිමවත් පර්‍වතරාජයාගේ ම පූර්‍ව දිශාභාගයෙහි ඉතා මටසිලිටි ඉතා සුන්‍දර පර්‍වතයන් ප්‍රභව කොට ඇති (කුණාල විලට) ගලා බස්නා වූ නිල්වන් නදීහු ඇත්තාහ. (එහි) නිලුපුල් ය කුමුදු ය පියුම් ය හෙළපියුම් ය පිරිපුන් සියපත් පියුම් ය සෙව්වන්‍දිය මන්‍දාරව ය යන (මෙකී) අභිනව ජාත (පුෂ්ප) සුගන්‍ධයෙන් මනහර වූ පවිත්‍ර ප්‍රදේශ ඇති, කරවු ය මිදෙල්ල ය වැටකේ ය හොමුවඟු ය හෝපලු ය දොඹ ය මුහුළු ය ඇසළ ය හෙළපියාය පියාය සල්ය සලලය සපුය අසෝකය නාරුක් ය රිටිගස් ය භුජපත්‍ර (අළුගස්) ය ලොත් ය සඳුන් ය යන වෘක්‍ෂසමූහයෙක් ගැවැසීගත් වනය ඇති, කළුඅගිල් ය පද්මක ය ප්‍රියඞ්ගු ය (පුවඟු) දෙව්දුරු ය කෙසෙල් ය යන මෙයින් ගහන වූ, කුඹුක් ය කෙළිඳ ය රුක්අඟුන ය කච්චිකාර ය රුක්කිණිහිරි ය වැල්කිණිහිරි ය කණවේර (කරවීර) ය කුරණ්ඩක ය කොබෝලීලය කෑලය යූථිකා (සීනිද්ද) ය යොහොඹුය නොකිලිටි නිදොස් වූ භණ්ඩි නම් පුෂ්පය අතිශයින් රුසිරු වූ භගිනිමාලා නම් පුෂ්පය යනාදි මල් දරන්නා වූ, දෑසමන් ය මධුගන්‍ධික ය දුනුපළොල් ය තලිස් ය තුවරලා ය සුවඳහොට ය කොට්ටක ය යන මෙයින් යුත් දෙණිවලින් ගැවැසීගත්, යොහොඹුවැලින් හා මනාව පිපුණු (මල් ඇති) සෙසු නොයෙක් වැලින් ද සැරසුණු පෙදෙස් ඇති, හංස මහවවුල් විල්ලිහිණි දියකිරල යන පක්‍ෂීන් විසින් පවත්වනලද මිහිරි නාද ඇති, විද්‍යාධර සිද්ධ ශ්‍රමණ තවුස් සමූහයන් වාස කළා වූ, උතුම් දෙව් යකු රකුස් අසුර ගදඹ කිඳුරු මහොරගයන් හැසිරෙන පෙදෙස් ඇති, මෙබඳු මනරම් වනලැහැබෙක්හි භවත්නි, අතිශයින් මිහිරි නාද ඇති, මනෝඥ වූ මඳ රත් පැහැ යුතු ඇස් ඇති, පූර්‍ණමුඛ නම් වූ ඵුස්ස කොකිල (පරපුටු කොවුලෙක්) යෙක් වෙසෙයි.

තස‍්සෙව ඛලු භො පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස අඩ‍්ඪුඩ‍්ඪානි ඉත්‍ථිසතානි පරිචාරිකා දිජකඤ‍්ඤායො. අථ ඛලු භො ද‍්වෙ දිජකඤ‍්ඤායො කට‍්ඨං මුඛෙන ඩසිත්‍වා තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං මජ‍්ඣෙ නිසීදාපෙත්‍වා උඩ‍්ඩෙන‍්ති, මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං අද‍්ධානපරියායපථෙ කිලමථො උබ‍්බහෙත්‍ථාති. පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො හෙට‍්ඨතො හෙට‍්ඨතො ඩෙන‍්ති, සචායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො ආසනා පරිපතිස‍්සති මයං තං පක‍්ඛෙහි පටිග‍්ගහෙස‍්සාමාති. පඤ‍්ඤාය දිජ කඤ‍්ඤායො උපරූපරි ඩෙන‍්ති, මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ආතපො පරිතාපීති. පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො උභතො පස‍්සෙන ඩෙන‍්ති, මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං සීතං වා උණ‍්හං වා තිණං වා රජො වා වාතො වා උස‍්සාවො වා උපප‍්ඵුසීති. පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො පුරතො පුරතො ඩෙන‍්ති, මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ගොපාලකා වා පසුපාලකා වා තිණහාරකා වා කට‍්ඨහාරකා වා වනකම‍්මිකා වා කට‍්ඨෙන වා කඨලාය වා පාණිනා වා (පාසාණෙන වා) ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා සක‍්ඛරාහි වා

භවත්නි, ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලාට පරිචාරිකා වූ පක්‍ෂි කන්‍යාවෝ තෙසිය පනස් දෙනෙක් වෙති. එකල්හි පක්‍ෂි කන්‍යාවෝ දෙදෙනෙක් මුවින් දඬු කඩක් ඩැහැගෙන ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල පක්‍ෂියා එය මැද හිඳුවා “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල පක්‍ෂියා අතරමග දී ගමනින් පීඩා නො විඳීව” යි පියාසර කරති. “ඉදින් මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අසුනෙන් ගිලිහී වැටෙන්නේ නම් අපි (අපගේ) පියාපත්වලින් ඔහු පිළිගන්නෙමු” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් යටින් පියාසර කරති. “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අව්වෙන් නො තැවේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස් දෙනෙක් මත්තෙහි පියාසර කරති. “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා සීතල හෝ උණුසුම හෝ තණ හෝ දූලි හෝ පවන හෝ පින්න හෝ ස්පර්‍ශ නො කෙරේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස් දෙනෙක් දෙපසින් පියාසර කරති. “ගොපල්ලෝ හෝ පසුපාලකයෝ හෝ තණ ගෙනයන්නෝ හෝ දර ගෙනයන්නෝ හෝ වන කාර්මිකයෝ හෝ කැටින් වේවයි කැබිලිත්තෙන් වේවයි අතින් වේවයි (පහණින් වේවයි) මැටි කැටයෙන් වේවයි දණ්ඩෙන් වේවයි සැතින් වේවයි බොරළුයෙන් වේවයි

පහාරං අදංසු. මායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො ගච‍්ඡෙහි වා ලතාහි වා රුක‍්ඛෙහි වා සාඛාහි වා ථම‍්භෙහි වා පාසාණෙහි වා බලවන‍්තෙහි වා පක‍්ඛීහි සංගාමෙසීති. පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො පච‍්ඡතො පච‍්ඡතො ඩෙන‍්ති සණ‍්හාහි සඛිලාහි මඤ‍්ජූහි මධුරාහි වාචාහි සමුදාචරන‍්තියො, මායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලං ආසනෙ පරියුක‍්කණ‍්ඨිති. පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො දිසොදිසං ඩෙන‍්ති, නෙකරුක‍්ඛවිවිධවිකතිඵලමාහරහන‍්තියො මායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො ඛුදාය පරිකිලමිත්‍ථාති. අථ ඛලු භො තා දිජකඤ‍්ඤායො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ආරාමෙනෙව අරාමං උය්‍යානෙනෙව උය්‍යානං නදීතිත්‍ථෙනෙව නදීතිත්‍ථං පබ‍්බතසිඛරෙනෙව පබ‍්බතසිඛරං අම‍්බවනෙනෙව අම‍්බවනං ජම‍්බූවනෙනෙව ජම‍්බූවනං ලබුජවනෙනෙව ලබුජවනං නාළිකෙරසඤ‍්චාරීයෙනෙව නාළිකෙරසඤ‍්චාරියං ඛිප‍්පමෙව අභිසම‍්භොන‍්ති රතත්‍ථාය. අථ ඛලු භො පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තාහි දිජකඤ‍්ඤාහි දිවසං පරිබ‍්බූළ‍්හො එවං පසංසති සාධු සාධු භගිනියො එථ ඛො භගිනියො තුම‍්හාකං පතිරූපං කුලධීතානං යං තුම‍්හෙ භත‍්තාරං පරිචරෙය්‍යාථාති.

ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට පහර නො දෙත්වා” යි ද, “මේ පූර්‍ණමුඛ කොකිලයා පැළෑටි සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්‍ෂීන් සමග හෝ දුඃඛ ස්පර්‍ශ වශයෙන් එක් නො වේවා” යී ද (අදහසින්) පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් ඉදිරියෙන් පියාසර කරති. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල තෙම අසුනෙහි උකටලී නො වේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් මටසිලුටු මනෝඥ මිහිරි වදනින් පරිචරණය කෙරෙමින් පසුපසින් පියාසර කරති. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා කුසගින්නෙන් ක්ලාන්ත නො වේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් නොයෙක් ගස්වලින් විවිධ පලවැළ ගෙනෙමින් දිගින් දිගට පියාසර කරත්. තව ද, ඒ පක්‍ෂි කන්‍යාවෝ ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අරමින් අරමට උයනින් උයනට ගංතොටින් ගංතොටට කඳුමුදුනින් කඳුමුදුනට අඹ වනයෙන් අඹ වනයට දෙල් වනයෙන් දෙල් වනයට පොල් වනයෙන් පොල් වනයට සිත් ඇලවීම පිණිස වහා පමුණුවත්. භවත්නි, එකල්හි ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොවුල් තෙම ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දිවා කල්හි පිරිවරන ලද්දේ “නැගණිවරුනි, (බුහුනනි,) ඉතා මැනව, ඉතා මැනව, බුහුනනි, යම්හෙයකින් තෙපි (තොපගේ) සැමියා සෙවුනාහු ද තෙල තොප බඳු කුලදූන්හට සුදුස්සෙකැ” යි මෙසේ පසසයි.

අථ ඛලු භො පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලෙ යෙන කුණාලො සකුණො තෙනුපසඞ‍්කමි. අද‍්දසංසු ඛො කුණාලස‍්ස සකුණස‍්ස පරිචාරිකා දිජකඤ‍්ඤායො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං දූරතොව ආගච‍්ඡන‍්තං, දිස‍්වාන යෙන පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං එතදවොචුං. අයං සම‍්ම පුණ‍්ණමුඛ, කුණාලො සකුණො අතිවිය ඵරුසො අතිතිවියඵරුසවාචො අප‍්පෙවනාම ත්‍වම‍්පි ආගම‍්ම පියවාචං ලභෙය්‍යාමාති. අප‍්පෙවනාම භගිනියොති වත්‍වා යෙන කුණාලො සකුණො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා කුණාලෙන සකුණෙන සද‍්ධිං පටිසම‍්මොදිත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තං කුණාලං සකුණං එතදවොච: කිස‍්ස ත්‍වං සම‍්ම කුණාල, ඉත්‍ථීනං සුජාතානං කුලධීතානං සම‍්මා පටිපන‍්නානං මිච‍්ඡා පටිපන‍්නොසි. අමනාපභාණීනම‍්පි කිර සම‍්ම කුණාල, ඉත්‍ථීනං මනාපභාණිනා භවිතබ‍්බං කිමඞ‍්ගං පන මනාපභාණීනන‍්ති. එවං වුත‍්තෙ කුණාලො සකුණො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං එවං අපසාදෙසි. තස‍්ස ත්‍වං සම‍්ම ජම‍්ම වසල, විනස‍්ස ත්‍වං සම‍්ම ජම‍්ම වසල කොනු තයා වියත‍්තො ජායාජිනෙනාති. එවං අපසාදිතො ච පන පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තතො හෙව පටිනිවත‍්ති.

භවත්නි, ඉක්බිති ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා කුණාල පක්‍ෂියා යම් තැනෙක ද එතැනට එළඹියේ ය. කුණාල පක්‍ෂියාගේ පරිචාරක පක්‍ෂි කන්‍යාවෝ එන්නා වූ ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා දුරදී ම දුටහ. දැක පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා යම් තැනෙක ද එහි එළඹියහ. එළඹ ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලාට මෙසේ කීහු. “යහළු පූර්‍ණමුඛය, මේ කුණාල පක්‍ෂියා ඉතා පරුෂය. ඉතා රළු වදන් ඇත්තේ ය. ඔබ ඇසුරට පැමිණ හෝ ප්‍රිය වචන ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි. බුහුනනි, එය මැනවැ යි කියා කුණාල පක්‍ෂියා යම් තැනෙක්හි ද එතැනට එළඹියේ ය. එළඹ කුණාල පක්‍ෂියා සමග පිළිසඳර කොට එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා ඒ කුණාල පක්‍ෂියාට මෙසේ කීය. “යහළු කුණාලය, මනාසේ පිළිපදනා වූ සමානජාති ඇති කුලදෝණි වූ ඉතිරින්ට තෙපි කවරහෙයින් වරදවා පිළිපදනහු ද? යහළු කුණාලය, අමනාප බස් බණන ඉතිරින්හට ද මනාප බස් ඇත්තකු විය යුතු ය. මනාප බස් ඇත්තන් ගැන කියනු කිම?” යි. මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට මෙසේ නොසතුට පළ කෙළේ ය. “ලාමක අදහස් ඇති යහළු නීචය, තෝ මෙතැනින් යව. ලාමක අදහස් ඇති යහළු නීචය, තෝ වැනසෙව. ගැහැනුන් විසින් පරදවනලද තට වඩා වියතෙක් අන් කවරෙක් දැ” යි. මෙසේ ගරහන ලද ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා එයින් ම නැවතුනේ ය.

අථ ඛලු භො පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස අපරෙන සමයෙන න චිරස‍්සෙව (අච‍්චයෙන) ඛරො ආබාධො උප‍්පජ‍්ජ, ලොහිතපක‍්ඛන්‍දිකා බාළ‍්හා වෙදනා වත‍්තන‍්ති මාරණන‍්තිකා. අථ ඛලු භො පුණ‍්ණමුඛස‍්ස, ඵුස‍්සකොකිලස‍්ස පරිචාරිකානං දිජකඤ‍්ඤානං එතදහොසි. ආබාධිකො ඛො අයං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො අප‍්පෙවනාම ඉමම‍්හා ආබාධා වුට‍්ඨභෙය්‍යාති. තං එකකං අදුතියං ඔහාය යෙන කුණාලො සකුණො තෙනුපසඞ‍්කමිංසු. අද‍්දසා ඛො කුණාලො සකුණො තා දිජකඤ‍්ඤායො දූරතොව ආගච‍්ඡන‍්තියො, දිස‍්වාන තා දිජකඤ‍්ඤායො එතදවොච: කහං පන තුම‍්හං වසලියො භත‍්තාති. ආබාධිකො ඛො සම‍්ම කුණාල පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො, අප‍්පෙවනාම තම‍්හා ආබාධා වුට‍්ඨහෙය්‍යාති. එවං වුත‍්තෙ කුණාලො සකුණො තා දිජකඤ‍්ඤායො එවං අපසාදෙසි. නස‍්සථ තුම‍්හෙ වසලියො, විනස‍්සථ තුමෙභ වසලියො, චොරියො ධුත‍්තියො අසතියො ලහුවිත‍්තායො කතස‍්ස අප‍්පටිකාරිකායො අනිලො විය යෙන කාමඞ‍්ගමායොති. වත්‍වා යෙන පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ත පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං එතදවොච: හං සම‍්ම පුණ‍්ණමුඛාති, හං සම‍්ම කුණාලාති, අථ ඛලු භො කුණාලො සකුණො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං පක‍්ඛෙහි ච මුඛතුණ‍්ඩෙන ච පරිග‍්ගහෙත්‍වා වුට‍්ඨාපෙත්‍වා නානාභෙසජ‍්ජානි පායාපෙසි. අථ ඛලු භො පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස සො අබාධො පටිප‍්පස‍්සම‍්භිති.

භවත්නි, ඉක්බිති ඊට පසු නොබෝ කලකින් ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට ලෝහිත පක්ඛන්‍දිකා නම් (ලේ අතීසාරය) දරුණු ආබාධයෙක් හටගත්තේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. එකල ඒ පූර්‍ණමුඛ නම් ඵුස්ස කොකිලයාගේ පරිචාරක පක්‍ෂි කන්‍යාවන්ට මේ අදහස විය. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. මේ තෙම මේ ආබාධයෙන් නැගිටින්නේ දෝහෝ යි සැක සහිත යැ”යි (ඒ පක්‍ෂි කන්‍යාවෝ) ඔහු තනිව එකලා ව (එහි) හැරදමා කුණාල පක්‍ෂියා යම් තැනෙක්හි ද එහි එළඹියහ. කුණාල පක්‍ෂියා එන්නා වූ ඒ පක්‍ෂි කන්‍යාවන් දුරදී ම දුටුවේ ය. දැක ඒ පක්‍ෂි කන්‍යාවන්ට මෙසේ කීය. “නීච තැනැත්තියනි, තොපගේ සැමියා කොහි දැ” යි. “යහළු කුණාලය, ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. ඒ ආබාධයෙන් නැගිටීම සැක සහිත යැ” යි (ඔවුහු කීහ.) මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන්ට මෙසේ නො සතුට පැවසී ය. “නීච තෙනැත්තියනි, තෙපි මෙතැනින් යවු. නීච වූ සෙර වූ ධූර්‍ත වූ සිහි නැත්තා වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ කළ උපකාරයට ප්‍රත්‍යුපකාර නො කරන්නා වූ පවන මෙන් කැමති යම් ඒ තැනෙකට යන්නා වූ තෙපි වැනසෙවු” යි මෙසේ කියා පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා යම් තැනෙක්හි ද එහි එළඹියේ ය. එළඹ ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට “යහළු පූර්‍ණමුඛය, ජීවත්වෙහි” දැ යි කීය. “යහළු කුණාලය, ජීවත්වෙමි” යි හේ කීය. භවත්නි, ඉක්බිති කුණාල පක්‍ෂියා ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා පියාපත්වලින් හා මුවතුඬින් ගෙන නඟාසිටුවා නොයෙක් බෙහෙත් පෙවී ය. භවත්නි, ඉන්පසු පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාගේ ඒ ආබාධය සන්හිඳුණේ යයි.

අථ ඛලු භො කුණාලො සකුණො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ගිලානා වුට‍්ඨිතං අචිරවුට‍්ඨිතං ගෙලඤ‍්ඤා එතදවොච. දිට‍්ඨා මයා සම‍්ම පුණ‍්ණමුඛ කණ‍්හා ද‍්වෙපිතිකා පඤ‍්චපතිකාය ඡට‍්ඨෙ පුරිසෙ චිත‍්තං පටිබද‍්ධන‍්තියා යදිදං කවන්‍ධෙ පීඨසප‍්පිම‍්භීති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං.

වැලිදු භවත්නි, ගිලන් බැවින් නැගී සිටි ගිලන් බැවින් මිදුණු නොබෝ කල්ඇති ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට මෙසේ කීය. යහළු පූර්‍ණමුඛය, පියවරුන් දෙදෙනකු ඇති සැමියන් පස්දෙනකු ඇති කණ්හා නම් ස්ත්‍රිය සවැනි පුරුෂයකු වූ හිස සුන් සිරුර ඇතියකු බඳු පිළකු කෙරෙහි සිත් බඳින්නී මා විසින් දක්නා ලද, මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.

4114. අථජ‍්ජුනො නකුලො භීමසෙනො යුධිට‍්ඨිලො සහදෙවොච රාජා, එතෙ පතී පඤ‍්චමතීච‍්ච නාරී අකාසී ඛුජ‍්ජවාමනකෙන පාපන‍්ති.

4114. ඉක්බිති අර්ජුන ය, නකුල ය, භීමසේන ය, යුධිෂ්ඨිර ය, සහදේව ය යන රජවරුන් වූ මේ සැමියන් පස්දෙන ඉක්මවා ස්ත්‍රියක් කුදු මිට්ටකු සමග ලාමක වූ අනාචාර කර්‍මයක් කළා ය.

දිට‍්ඨා මයා සම‍්ම පුණ‍්ණමුඛ සච‍්චතපාවී නාම සමණී සුසාන මජ‍්ඣෙ වසන‍්තී චතුත්‍ථභත‍්තං පරිණාමයමානා තුලාපුත‍්තකෙන පාපමකාසි.

යහළු පූර්‍ණමුඛය, සච්චතපාවී නම් ශ්‍රමණියක් සොහොන මැද වසන්නී සිව්වැනි බත ද ප්‍රතික්‍ෂේප කරන්නී රන්කරු පුතකු සමග අනාචාර කර්‍මය කළා ය. (ඕ) මා විසින් දක්නාලදු.

දිට‍්ඨා මයා සම‍්මා පුණ‍්ණමුඛ කාකාතී නාම දෙවී සමුද‍්දමජ‍්ඣෙ වසන‍්තී භරියා වෙනතෙය්‍යස‍්ස නටකුවෙරෙන පාපමකාසි. දිට‍්ඨා මයා සම‍්ම පුණ‍්ණමුඛ කුරුඞ‍්ගදෙවී නාම ලොමසුන්‍දරී එළකමාරකං කාමයමානා ඡළඞ‍්ගකුමාරධනන‍්තෙවාසිනා පාපමකාසි.

යහළු පුණ්ණමුඛය, කාකාතී නම් දේවී මුහුද මැද වසන්නී ගුරුළකුගේ බිරිය වූවා ගන්‍ධර්‍වයකු සමග අනාචාර කර්‍මයක් කළා ය. ඕ මා විසින් දක්නා ලදු. යහළු පුණ්ණමුඛය, ලෝමසුන්‍දරී නම් කුරඞ්ගදේවි තොමෝ එළකමාරික නම් තෙනැත්තහු කැමති වන්නී ඡළඞ්ග කුමාරයා හා ධනන්තෙවාසික නම් අතවැස්සා ද සමග අනාචාර ක්‍රියාවක් කළා ය, (ඕ) මා විසින් දක්නා ලදු.

4115. එවං හෙතං මයා ඤාතං බ්‍රහ‍්මදත‍්තස‍්ස මාතරං, ඔහාය කොසලරාජං පඤ‍්චාලචණ‍්ඩෙන පාපමකාසි.

4115. (යම් තෙනැත්තියක්) කොසොල් රජ හැරදමා පඤ්චාල චණ්ඩ සමග අනාචාර කර්‍මය කළා ද, බඹදත් රජුගේ මව පිළිබඳ වූ තෙල කරුණ මා විසින් දන්නා ලද්දේ ය.

4116. එතා ච අඤ‍්ඤා ච අකංසු පාපං තස‍්මාහං ඉත්‍ථීනං න විස‍්සසෙ නප‍්පසංසෙ, මහී යථා ජගති සමානරත‍්තා වසුන්‍ධරා ඉතරීතරා පතිට‍්ඨා සබ‍්බංසහා අඵන්‍දනා අකුප‍්පා තථිත්‍ථියො තායො න විස‍්සසෙ නරො.

4116. මේ ස්ත්‍රීහු ද අන් ස්ත්‍රීහු ද ලාමක ක්‍රියාව කළාහු ය. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි. ඔවුන්ට නො පසසමි. යම්සේ ජගතී නම් වූ පෘථිවි තොමෝ සමාන ඇලුම් ඇත්තී ද, ධනය උසුලන්නී ද, හීන ප්‍රණීත සියල්ලන්ට ම පිහිටවන්නී ද, සියල්ල ඉවසන්නී ද නො සැලෙන්නී ද, නො කිපෙන්නී ද, ස්ත්‍රීහු ද එසේ වෙති. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.

4117. සීහො යථා ලොහිතමංසභොජනො වාළමිගො පඤ‍්චහත්‍ථො සුරුද‍්දො, පසය‍්හ ඛාදී පරහිංසනෙ රතො තථිත්‍ථියො තයො න විස‍්සසෙ නරො.

4117. ලේ මස් බුදින, (මුඛය ගාත් සතරය යන) අත් පසක් ඇති, ඉතා දරුණු ව්‍යාල මෘග වූ සිංහයා යම්සේ පරහිංසාවෙහි ඇලුණේ බලාත්කාරයෙන් අල්වාගෙන කන්නේ වේ ද, ස්ත්‍රීහු ද එසේ වෙත්. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.

න ඛලු භො සම‍්ම පුණ‍්ණමුඛ වෙසියො නාරියො ගමනියො, නහෙතාව බන්‍ධකියො නාම වධිකායො නාම එතායො, යදිදං වෙසියො නාරියො ගමනියොති. චොරා විය වෙණිකතා මදිරා විය දිද‍්ධා වාණිජා විය වාචාසන්‍ථුතියො ඉස‍්සසිඞ‍්ගමිව විපරිවත‍්තායො උරගමිව දුජිව‍්හායො සොබ‍්බමිව පටිච‍්ඡන‍්නා පාතාලමිව දුප‍්පූරා රක‍්ඛසී විය දුත‍්තොසා යමොචෙකන‍්තභාරියෙ සිඛිරිව සබ‍්බභක‍්ඛා නදීරිව සබ‍්බවාහිනී අනිලො විය යෙන කාමඤ‍්චරා නෙරුවිය අවිසෙසකරා විසරුක‍්ඛො විය නිච‍්චඵලිතායොති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං.

එම්බා යහළු පුණ්ණමුඛය, මොහු වේසීහු, නාරීහු, ගණිකාවෝ පමණක් නො වෙති. යම් මේ වේසීහු ය, නාරීහු ය, ගණිකාවෝ යයි (නාමයෝ) කියනු ලැබෙත් ද, ඔහු බන්‍ධකී නමුදු වෙති. වධිකා (සැමියන් නසන්නෝ) නමුදු වෙත්. මොවුහු (බඳනා ලද හිස් වැසුම් ඇති) සොරුන් වැන්න. විෂ යෙදූ සුරා වැන්න. පැසසුම් කරන වදන් ඇත්තාහු (පණ්‍ය වස්තුවෙහි අගුණ වසා ගුණ ම කියන) වෙළඳුන් වැන්න. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන සිතැත්තෝ ය. උරගයකු මෙන් (මුසාවාදී බැවින්) දෙදිව් ඇතියහ. (පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් (වස්ත්‍රාභරණාදියෙන්) වැසී සිටිනාහු ය. (මහසයුරෙහි) පාතාලය මෙන් (සිත) පිරවීමට දුෂ්කරයහ. (මසට ම ගිජු රකුසියක මෙන් තුටු කිරීමට දුෂ්කරයහ. යමයා මෙන් (කිසිවකු නො හැර) ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය. ගින්න මෙන් සියල්ල භක්‍ෂණය කරන්නෝ ය. (සියල්ලන් ම සේවනය කරන්නෝ ය.) නදිය මෙන් සියල්ල උසුලාගෙන යන්නෝ ය. (සියල්ලන් භජනය කරන්නෝ ය.) පවන මෙන් කැමති තැනෙක හැසිරෙන්නෝ ය. (හිමවතැ) නේරු පර්‍වතය මෙන් (කිසිවකුට) වෙනසක් නො කරන්නෝ ය. විෂ රුකක් මෙන් නිති පල දරන්නෝ ය. (නිතර රමණීය ලෙස පෙනෙන්නෝ ය.) මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.

4118. යථා චොරො යථා දිද‍්ධො වාණිජොව විකත්‍ථනී, ඉස‍්සසිඞ‍්ගමිවාවට‍්ටා දුජිව‍්හා උරගො යථා.

4118. (ස්ත්‍රීහු නම්) සොරකු මෙන් ද, විෂ මිශ්‍ර සුරාවක් මෙන් ද, (විකිණිය යුතු දෑහි අගුණ වසා ගුණ ම පවසන) වෙළඳකු මෙන් ද වෙති. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන්නෝ ය. (බොරු කියන හෙයින්) සර්‍පයකු මෙන් දෙදිව් ඇත්තෝ ය.

4119. සොබ‍්භමිව පටිච‍්ඡන‍්නා පාතාගමිව දුප‍්පූරා, රක‍්ඛසී විය දුත‍්තොසා යමොවෙකන‍්තහාරියො යථා සිඛී නදී වාහො අනිලො කාමචාරවා.

4119. (පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් ප්‍රතිච්ඡන්නයහ. (මහමුහුදෙහි) පාතාලය මෙන් දුෂ්පූරයහ. යමයා මෙන් ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය. ගින්න මෙන් ද, සියල්ල උසුලාගෙන (ගසා ගෙන) යන නදිය මෙන් ද වෙති. වාතය මෙන් කැමති තැන හැසිරෙන්නෝ වෙති.

4120. නෙරූව අවිසෙසා ච විසරුක‍්ඛො විය නිච‍්චඵලා, නාසයන‍්ති ඝරෙ භොගං රතනානන‍්තකරිත්‍ථියොති.

4120. (හිමවතෙහි) නෙරු පර්‍වතය මෙන් (වෙතට පැමිණි හැම පුරුෂයන්) එකසේ දකිති. (කිම්පක්ක) නම් විෂ රුක මෙන් නිති පල ඇත්තන් ලෙස පැනෙති. (සැමියා විසින් දුකසේ සපයන ලද) රත්නයන්ට අන්තරායකාරී ස්ත්‍රීහු ගෙහි භොගය නසත්.

චත‍්තාරිමානි සම‍්ම පුණ‍්ණමුඛ යානි පරකුලෙ න වාසෙතබ‍්බානි. ගොණං ධෙනුං යානං භරියං, චත‍්තාරි එතානි පණ‍්ඩිතො යානි ඝරා න විප‍්පවාසයෙ.

යහළු පුණ්ණමුඛය, අන්කුලයෙක්හි නො වැසැවිය යුතු යම් සතරෙක් වෙත් ද, ගොනු ය, දෙන ය, යාන ය, බිරිය ය යන මේ සතර නුවණැත්තේ සිය ගෙයින් වෙන් කොට වාස නො කරන්නේ ය.

4121. ගොණං ධෙනුඤ‍්ච යානඤ‍්ච භරියං ඤාතිකුලෙ න වාසයෙ, භුඤ‍්ජන‍්ති රථං අයානකා අතිවාහෙන හනන‍්ති පුඞ‍්ගවං දොහෙන හනන‍්ති වච‍්ඡකං භරියා ඤාතිකුලෙසු දුස‍්සතීති.

4121. ගොනා ද දෙන ද යානය ද බිරිය ද යන සතර නෑ කුලයෙක්හි නො වැසැවිය යුත්තේ ය. රියක් නැත්තෝ රිය පරිභෝග කෙරෙති. අධික බර වහනය කරවීමෙන් ගවයා නසති. අධික දෙවීමෙන් වසුපැටියා නසති. නෑකුලයන්හි දී බිරිය දූෂණය කරනු ලබයි.

ඡ ඉමානි සම‍්ම පුණ‍්ණමුඛ යානි වත්‍ථූනි කිච‍්චෙ ජාතෙ අනත්‍ථාචරානි භවන‍්ති.

යහළු පුණ්ණමුඛය, යම් වස්තුවක් වැඩක් ඇති කල්හි අනර්‍ත්‍ථකර වේ ද එබඳු වස්තු සයෙකි.

4122. අගුණං ධනු ඤාතිකුලෙ ච භරියා පාරං නාවා අක‍්ඛභග‍්ගඤ‍්ච යානං, දූරෙ මිත‍්තො පාපසහායකො ච කිචෙච ජාතෙ අනත්‍ථචාරිනී භවන‍්ති.

4122. දුනුදිය රහිත දුන්න ද, නෑ කුලයෙහි වූ බිරිය ද, පරතීරයෙහි වූ නැව ද, කඩ ඇණය බුන් යානය ද, දුර සිටුනා මිතුරා ද, පවිටු මිතුරා ද යන සය වැඩක් පැමිණි කල්හි ප්‍රයෝජනවත් නො වෙති.

අට‍්ඨහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථි සාමිකං අවජානාති: දළිද‍්දතා ආතුරතා ජිණ‍්ණතා සුරාසොණ‍්ඩතා මුද‍්ධතා පමත‍්තතා සබ‍්බකිච‍්චෙසු අනුවත‍්තිතා සබ‍්බධනමනුප‍්පදානෙන, ඉමෙහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ අඅට‍්ටහි ඨානෙහි ඉත්‍ථි සාමිකං අවජානාති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං.

යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය කරුණු අටෙකින් සැමියා පහත් කොට සිතයි. දිළිඳුබව ය, ගිලන්බව ය, මහලුබව ය, සුරාසොඬබව ය, මෝඩබව ය, ප්‍රමත්තබව ය, හැම කිසෙහි අනුව පවත්නා බව ය, සියලු ධනය දීමෙන් දැ යි යන මේ අට කරුණෙන් යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය සැමියා අවමන් කොට සිතයි. මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.

4123. දළිද‍්දං ආතුරඤ‍්චාපි ජිණ‍්ණං සුරාසොණ‍්ඩකං, පමත‍්තං මුද‍්ධපත‍්තඤ‍්ච රත‍්තං කිච‍්චෙසු හාපනං සබ‍්බකාමප‍්පදානෙන අවජානන‍්ති සාමිකන‍්ති.

4123. දිළින්දා ද රෝගියා ද මහල්ලා ද සුරාසොඬහු ද ප්‍රමත්ත වූවහු ද මුළාවට පැමිණි (තමා කෙරෙහි) ඇලුණහු ද කෘත්‍යයන් පිරිහෙළීම කරන්නහු ද සියලු කැමති දෑ දීමෙන් ද (ස්ත්‍රීහු) සැමියාට අවමන් කෙරෙත්.

නවහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථි පදොසමාහරති. ආරාමගමනසීලා ච හොති උය්‍යානගමනසීලා ච හොති නදීතිත්‍ථගමනසීලා ච හොති ඤාතිකුලගමනසීලා ච හොති පරකුලගමනසීලා ච හොති ආදාසදුස‍්සමණ‍්ඩනානුයොගමනුයුත‍්තසීලා ච හොති මජ‍්ජපායිනි ච හොති නිල‍්ලොකනසීලා ච හොති පද‍්වාරට‍්ඨායිනී ච හොති. ඉමෙහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ නවහි ඨානෙහි ඉත්‍ථි පදොසමාහරතීති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං.

යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය නව ආකාරයකින් (ස්වාමියා කෙරෙහි) ද්වේෂය එළවන්නී ය. (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට යන සුලු ද, උයනට යනසුලු ද, ගංතොටට යනසුලු ද, නෑදෑගෙවලට යනසුලු ද, (සන්‍දිට්ඨ සම්භක්ත ආදී) අන් ගෙවලට යනසුලු ද, කැටපතින් බලමින් වස්ත්‍රාභරණාදියෙන් සැරසීමෙහි යෙදෙනසුලු ද, මත්පැන් බොන්නී ද, (කවුළු ආදියෙන්) බලනසුලු ද, (අඟ පසඟ දක්වමින්) දොරකඩ සිටිනසුලු ද වෙයි. යහළු පුණ්ණමුඛය, මේ නව කරුණෙන් ස්ත්‍රිය සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නී ය. මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වේ.

4124. ආරාමසීලා ච උය්‍යානං නදී ඤාතිපරකුලං, දුස‍්සමණ‍්ඩනමනුයුත‍්තා යාචිත්‍ථි මජ‍්ජපායිනි.

4124. යම් ස්ත්‍රියක් (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට ද, උයනට ද, ගංතොටට ද, නෑකුලයට ද, අන් කුලවලට ද යන ස්වභාව ඇත්තී ද, වස්ත්‍රාදියෙන් සැරසීමෙහි යෙදුනී ද, මත්පැන් පානය කරන්නී ද,

4125. යා ච නිල‍්ලොකනසීලා යා ච පද‍්වාරට‍්ඨායිනී, නවහෙතෙහි ඨානෙහි පදොසමාහරන‍්තිත්‍ථියොති.

4125. යම් ස්ත්‍රියක් (කවුළු ආදියෙන් නිතර) බලනසුලු ද, යම් ස්ත්‍රියක් (අඟ පසඟ පෙන්වමින්) දොරකඩ සිටින්නී ද මේ නව කරුණින් ස්ත්‍රීහු සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නෝ යි.

චත‍්තාළීසාය ඛලු සම‍්ම පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථි පුරිසං අච‍්චාවදති. විජම‍්භති විනමති විලාසති විලිඛති විලජ‍්ජති නඛෙන නඛං ඝට‍්ටෙති පාදෙන පාදං අක‍්කමති කට‍්ඨෙන පඨවිං ලිඛති දාරකං උල‍්ලංඝෙති ඔලංඝාපෙති කීළති කීළාපෙති චුම‍්බති චුම‍්බාපෙති භුඤ‍්ජති භුඤ‍්ජාපෙති දදති ආයාචති කතමනුකරොති උච‍්චං භාසති නීචං භාසති අවිවිච‍්චං භාසති විවිච‍්චං භාසති නච‍්චෙන ගීතෙන වාදිතෙන රොදිතෙන විලසිතෙන විභූසිතෙන ජග‍්ඝති පෙක‍්ඛති කටිං චාලෙති ගුය‍්හභණ‍්ඩකං සඤ‍්චාලෙති ඌරුං විවරති ඌරුං පිදහති ථනං දස‍්සෙති කච‍්ඡං දස‍්සෙති නාභිං දස‍්සෙති අක‍්ඛිං නිඛණති භමුකං උක‍්ඛිපති ඔට‍්ඨං පලිඛති ජිව‍්හං නිල‍්ලාලෙති දුස‍්සං මුඤ‍්චති දුස‍්සං පටිබන්‍දති සිරසං මුඤ‍්චති සිරසං බන්‍ධති ඉමෙහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ චත‍්තාළීසාය ඨානෙහි ඉත්‍ථි පුරිසං අච‍්චාවදති.

යහළු පුණ්ණමුඛය, කරුණු සතලිසකින් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය. විජෘම්භනය කරයි. නැමෙයි, (ගමනාදි ඉරියව්වලින්) ලීලා දක්වයි, ඉරි අඳියි, ලජ්ජාවෙයි, නියෙන් නිය ගටයි, පයින් පය ඇක්මෙයි, දඬුවෙන් පොළොවෙහි ලියයි, දරුවකු ගෙන ඔසොවයි, පහතට වඩයි, (ඒ දරුවා) සිඹියි, (දරුවා ලවා) සිඹීම කරවයි, (තොමෝ) බුදියි, (දරුවා ලවා) කවයි, (දරුවකුට කිසිවක්) දෙයි, (පසුව එය) ඉල්වයි, (දරුවා කළ දෑ) අනුව කරයි, උස් හඬින් කියයි, පහත් හඬින් කියයි, මහසෙනග මැද (අපටිච්ඡන්න ව) කියයි, තනිව (පටිච්ඡන්න ව) කියයි, නැටීමෙන්, ගී කීමෙන්, වාදිතයෙන්, හැඬීමෙන්, සැරසීමෙන්, ආභරණ පැළඳීමෙන් නිමිති දක්වයි, මහත් හඬින් සිනාසෙයි, බලයි, කටිය සොලවයි, රහස් පියස සොලවයි, කලවය විවෘත කරයි, කලවය වසයි, පියයුරු පෙන්වයි, කිසිල්ල පෙන්වයි, නැබ පෙන්වයි, ඇස් සාරයි (පොඩි කරයි), බැම ඔසොවයි, තොල හපයි, දිව ලෙලවයි, වස්ත්‍රය මුදයි, වස්ත්‍රය නැවත හඳියි, කේශ බන්‍ධනය ලිහයි, කේශ බන්‍ධනය බඳියි, යහළු පුණ්ණමුඛය, මේ සතලිස් කරුණින් ස්ත්‍රී පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය යි.

පඤ‍්චවීසාය ඛලු සම‍්ම පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථි පදුට‍්ඨා වෙදිතබ‍්බා භවති. සාමිකස‍්ස පවාසං වණ‍්ණෙති පවුත්‍ථං න සරති ආගතං නාභිනන්‍දති අවණ‍්ණං තස‍්ස භණති වණ‍්ණං තස‍්ස න භණති අනත්‍ථං තස‍්ස චරති අත්‍ථං තස‍්ස න චරති අකිච‍්චං තස‍්ස කරොති කිච‍්චං තස‍්ස න කරොති පරිදහිත්‍වා සයති පරම‍්මුඛි නිපජ‍්ජති පරාවත‍්තකජාතා ඛො පන හොති කුඞ‍්කුමියජාතා දීඝං අස‍්සසති දුක‍්ඛං වෙදයති උච‍්චාරපස‍්සාවං අභිණ‍්හං ගච‍්ඡති විලොමං ආචරති පරපුරිසසද‍්දං සුත්‍වා කණ‍්ණසොතවිවරමොදහති නිහතභොගා ඛො පන හොති පටිවිස‍්සකෙහි සන්‍ථවං කරොති නික‍්ඛන‍්තපාදා ඛො පන හොති විසිඛානුචාරිනී අතිචාරිනී ඛො පන හොති සාමිකෙ අගාරවා පදුට‍්ඨමනසඞ‍්කප‍්පා අභිණ‍්හං ද‍්වාරෙ තිට‍්ඨති කච‍්ඡානි අඞ‍්ගානි ථනානි දස‍්සෙති දිසොදිසං ගන‍්ත්‍වා පෙක‍්ඛති. ඉමෙහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ පඤ‍්චවීසාය ඨානෙහි ඉත්‍ථි පදුට‍්ඨා වෙදිතබ‍්බා භවති.

යහළු පුණ්ණමුඛය, පස්විසි කරුණෙකින් කිපුණු ස්ත්‍රී දතයුත්තී වෙයි. සැමියාගේ ප්‍රවාසය (අන් තැනෙක විසීම) වර්‍ණනා කරයි, ප්‍රවාසයට ගියහු නො සිහි කරයි, (යළි) පැමිණියහුට නො සතුටු වෙයි, ඔහුගේ අගුණ කියයි, ඔහුගේ ගුණ නො කියයි, ඔහුගේ අනර්‍ත්‍ථය පිණිස හැසිරෙයි, ඔහුගේ අර්‍ත්‍ථය පිණිස නො හැසිරෙයි, ඔහුගේ නො කළයුතු කිස කරයි, කළයුතු කිස නො කරයි, දැඩි ලෙස හැඳ පෙරව නිදයි, විමුඛ ව නිදයි, ඒ මේ අත පෙරළෙන්නී කලහ කරන්නී වෙයි, දීර්‍ඝව ආශ්වාස කරයි, දුක් වේදනා පවසයි, නිතර මල මූ සඳහා (බැහැර) යයි, විලොම් ව හැසිරෙයි, පරපුරුෂයකුගේ හඬ අසා කන් සිදුර එළවයි (ඇහුම්කන් දෙයි), භොග විනාශ කරන්නී වෙයි, අසල්වැසියන් සමග (කෙලෙස් වශයෙන්) සන්‍ථවය කරයි, (සොර සැමියාගේ උපධාරණය පිණිස) නික්මුණු පා ඇත්තී වීථි සංචාරයෙහි යෙදුනී වෙයි, සිය සැමියා කෙරෙහි අගෞරවයෙන් ප්‍රදුෂ්ට සිත් ඇත්තී (සැමියා) ඉක්මවා හැසිරෙන්නී වෙයි, නිතර දොරකඩ සිටියි, කිසිලි ද අවයව ද පියයුරු ද දක්වයි, දිගින් දිග ගොස් බලයි, යහළු පුණ්ණමුඛය, මේ පස්විසි කරුණින් කිපුණු ස්ත්‍රී දතයුතු වේ යි.

භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං.

මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.

4126. පවාසමස‍්ස වණ‍්ණෙති ගතං නානුසොචති, දිස‍්වා පතිං ආගතං නාභිනන්‍දති භත‍්තාරවණ‍්ණං න කදාචි භාසති එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

4126. ඔහුගේ (සැමියාගේ) පිටත වාසය වනයි. බැහැර ගියහු (සැමියා) අනුව ශෝක නො කරයි. ගෙට පැමිණි (සැමියා) දැක සතුටුවීම නො කරයි. කිසි විටෙක සැමියාගේ ගුණ නො කියයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.

4127. අනත්‍ථං තස‍්ස චරති අසඤ‍්ඤතා අත්‍ථඤ‍්ච හාපෙති අකිච‍්චකාරිණී, පරිදහිත්‍වා සයති පරම‍්මුඛී එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

4127. සංයම නැත්තී ඔහුගේ අනර්‍ත්‍ථය පිණිස හැසිරෙයි. නො කළයුතු දෑ කරන්නී අර්‍ත්‍ථය ද නසයි. දැඩි කොට හැඳ විමුඛ ව නිදයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.

4128. පරාවත‍්තජාතා ච භවති කුඞ‍්කුමී දීඝඤ‍්ච අස‍්සසති දුක‍්ඛවෙදිනී, උච‍්චාරපස‍්සාවමභිණ‍්හගච‍්ඡති එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

4128. ඔබ මොබ පෙරළී කලබල කරන්නී වෙයි. දීර්‍ඝ ලෙස ආශ්වාස කරන්නී දුක් වේදනා ඇත්තී යැ යි කියයි. නිතර මලමූකිස පිණිස යයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.

4129. විලොමමාචරති අකිච‍්චකාරිණී සද‍්දං නිසාමෙති පරස‍්ස භාසතො, හතභොගා ච කරොති සන්‍ථවං එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

4129. විලොම් ව හැසිරෙයි. නො කළමනා කිස කරන්නී වෙයි. කථා කරන පරපුරුෂයන්ගේ ශබ්දය අසයි. නසන ලද භොග ඇත්තී ක්ලේශ සන්‍ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ ය.

4130. කිච‍්ඡෙන ලද‍්ධං කසිරෙනාභතං ධනං විත‍්තං විනාසෙති දුකෙඛන සම‍්භතං, පටිවිස‍්සකෙහි ච කරොති සන්‍ථවං එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

4130. දුකසේ ලද, දුකසේ ගෙනනලද ධනය ද, දුකසේ රැස්කරනලද වස්තුව ද විනාශ කරයි. අසල්වැසියන් සමග ක්ලේශ සන්‍ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.

4131. නික‍්ඛන‍්තපාදි විසිඛානුචාරිනී නිච‍්චං ස සාමිම‍්භි පදුට‍්ඨමානසා, අතිචාරිනී හොති තථෙවගාරවා එතෙ පදුට‍්ඨා භවන‍්ති ලක‍්ඛණා.

4131. (සොර සැමියන් සෙවීම පිණිස) බැහැර කරනලද පා ඇත්තී ය. වීථි සංචාරය කරන්නී ය. නිතර සිය සැමියා කෙරෙහි ප්‍රදූෂ්‍ය වූ සිත් ඇත්තී (සිය) සැමියා ඉක්මවා හැසිරෙයි. එසේ ම ගෞරව නැත්තී වෙයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.

4132. අභික‍්ඛණං තිට‍්ඨති ද‍්වාරමූලෙ ථනානි කච‍්ඡානි ච දස‍්සයන‍්ති, දිසොදිසං පෙක‍්ඛති භන‍්තවිත‍්තා එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

4132. පියොවුරු සහ කිසිලි පෙන්වමින් නිතර දොරළඟ සිටී. භ්‍රාන්ත වූ සිත් ඇත්තී දිශානුදිශාවන් බලයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.

4133. සබ‍්බා නදී වඞ‍්කගතී සබ‍්බෙ කට‍්ඨමයා වනා, සබ‍්බිත්‍ථියො කරෙ පාපං ලභමානෙ නිවාතකෙ.

4133. සියලු නදීහු වක් වූ ගමන් ඇත්තාහ. සියලු වනයෝ කාෂ්ටමයහ. රහස් තැනක් ලද කල්හි සියලු ස්ත්‍රීහු පව් කරන්නාහ.

4134. සචෙ ලභෙථ ඛණං වා රහො වා නිවාතකං චාපි ලභෙථ තාදිසං, සබ‍්බාව ඉත්‍ථි කරෙය්‍යු නො පාපං අඤ‍්ඤං අලත්‍ථ පීඨසප‍්පිනාපි සද‍්ධිං.

4134. ඉදින් මන්ත්‍රණය කිරීමට සුදුසු අවකාශයක් හෝ එබඳු රහස් තැනක් හෝ ලැබේ නම් සියලු ස්ත්‍රීහු ම අන් පුරුෂයකු නො ලද කල්හි පිළකු සමග හෝ පාපකර්‍මය (අනාචාරය) කෙරෙත් මැ නු.

4135. නරානමාරාමකරාසු නාරිසු අනෙකචිත‍්තාසු අනිග‍්ගහාසු ච, සබ‍්බත‍්තනාපීතිකරාපි චෙ සියා න විස‍්සසෙ තිත්‍ථසමා හි නාරියො.

4135. මිනිසුන්ගේ සිත් ඇලුම් කරන්නා වූ නොයෙක් දෙනා කෙරෙහි පිහිටි සිත් ඇත්තා වූ නිග්‍රහයෙන් හික්මවාලිය නො හැක්කා වූ මේ ස්ත්‍රීහු (මිනිසුන් විසින්) මුළු හිතින් තුටු කරවනු ලබන්නාහු නමුත් වේශ්‍යාවෝ වෙත් ද (එහෙයින් ස්ත්‍රීන් කෙරෙහි) විශ්වාස නො කරන්නේ ය. ස්ත්‍රීහු වනාහි තීර්‍ත්‍ථ සම වෙත්.

4136. යං වෙ දිස‍්වා කණ‍්ඩරීකින‍්තරානං සබ‍්බිත්‍ථියො න රමන‍්ති අගාරෙ, තං තාදිසං මච‍්චං චජිත්‍වා භරියා අඤ‍්ඤං දිස‍්වා පුරිසං පීඨසප‍්පිං.

4136. කණ්ඩරී රජ ය, කින්නරා දෙවි ය යන මොවුන්ගේ යම් නො ඇල්මෙක් වී ද, එය දැක සියලු ස්ත්‍රීහු ඒකාන්තයෙන් ගෘහයෙහි (ස්වකීය) ස්වාමිවරුන් කෙරෙහි නො ඇලෙති යි දත යුතු ය. ඒ එසේ මැ යි. අන්‍ය වූ පිළු පුරුෂයකු (පීඨසප්පි) දැක එබඳු රජු හැර භාර්‍ය්‍යාව පාපකර්‍මය (අනාචාරය) කළා යැ යි කීයේ ය.

4137. බකස‍්ස ච පාවාරිකස‍්ස රඤ‍්ඤො අච‍්චන‍්තකාමානුගතස‍්ස භරියා, අචාචරි බද‍්ධවසානුගස‍්ස කං වාපි ඉත්‍ථි නාතිචරෙ තදඤ‍්ඤං.

4137. අත්‍යන්තයෙන් කැමැත්ත අනුව පැවැත්තා වූ බක නම් රජුගේ ද පාවාරික නම් රජුගේ ද භාර්‍ය්‍යා වූ පංචපාපා තොමෝ තම සිත බැඳුණු තම වසයෙහි සිටි පණිවිඩකරුවකු සමීපයෙහි ලාමක සේ හැසිරුනීය. (එහෙයින්) ස්ත්‍රී එයින් අන්‍ය වූ කවර නම් පුරුෂයකු ඉක්මවා නො හැසිරෙන්නී ද?

4138. පිඞ‍්ගියානී සබ‍්බලොකිස‍්සරස‍්ස රඤ‍්ඤො පියා බ්‍රහ‍්මදත‍්තස‍්ස භරියා, අවාචරී බද‍්ධවසානුගස‍්ස තං වාපි සා නාජ‍්ඣගා කාමකාමිනී.

4138. මුළු ලොවට අධිපති වූ බඹදත් රජුගේ පිඞ්ගියානී නම් භාර්‍ය්‍යාව තම වසඟයෙහි සිටියකු (අස්ගොව්වකු) සමග අනාචාරයෙහි හැසුරුනී ය. කාමයන් පතන්නා වූ ඕ තොමෝ එය ද (අස්ගොව්වා ද අගමෙහෙසුන් තනතුර ද යන දෙක ම) නො ලැබුවා ය.

4139. ඛුද‍්දානං ලහුචිත‍්තානං අකතඤ‍්ඤුන දූභිනං, නාදෙවසත‍්තො පුරිසො ථිනං සද‍්ධාතුමරහති.

4139. බඳනාලද සොරුන් කෙරෙහි පවා ඇලෙන ලාමක වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ අකෘතඥ වූ ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ සිල්වත් ස්වභාවය භූතාවිෂ්ට නො වූ පුරුෂයෙක් නො අදහන්නේ ය.

4140. න තා පජානන‍්ති කතං න කිච‍්චං න මාතරං පිතරං භාතරං වා, අනරියා සමතික‍්කන‍්තධම‍්මා සස‍්සෙව චිත‍්තස‍්ස වසං වජන‍්ති.

4140. ඒ ස්ත්‍රීහු කළ දෑ නො දනිත්. කළ යුතු දෑ නො දනිත්. මව හෝ පියා හෝ සහෝදරයා හෝ නො දනිත්. ලජ්ජාවිරහිත වූ ඉක්ම වූ ගුණදම් ඇති ඔවුහු තම චිත්තයාගේ වසඟයට ම යෙත්.

4141. චිරානුවුත්‍ථම‍්පි පියං මනාපං අනුකම‍්පකං පාණසමම‍්පි සන‍්තං, ආවාසු කිච‍්චෙසු ච නං ජහන‍්ති තස‍්මානං ඉත්‍ථීනං න විස‍්සසාමි.

4141. බොහෝ කාලයක් එක්ව විසුවා වූ ප්‍රිය වූ මනාප වූ අනුකම්පා ඇති ප්‍රාණ සම වූ ඒ ස්වාමියා ආපදාපන්න අවස්ථාවන්හි ද කටයුත්තක් පැමිණි කල්හි ද හැරදමති. එබැවින් මම ස්ත්‍රීන්ගේ ස්වභාවය විශ්වාස නො කරමි.

4142. ථිනං හි චිත‍්තං යථා වානරස‍්ස කන‍්තප‍්පකන‍්තං යථා රුක‍්ඛඡායා, චලාවලං හදයං ඉත්‍ථියානං චක‍්කස‍්ස නෙමි විය පරිවතත‍්ති.

4142. ස්ත්‍රීන්ගේ සිත වනාහි වඳුරාගේ සිත මෙනි. උස් පහත් භේදයක් නැතිව වැටෙන ගස් සෙවණ මෙන් ස්ත්‍රීන්ගේ සිත එක තැනෙක නො පිහිටයි. ගමන්කරන රථචක්‍රයාගේ නිම්වළල්ල මෙන් (ස්ත්‍රීන්ගේ සිත) නොයෙක් අරමුණට පෙරළෙයි.

4143. යදා තා පස‍්සන‍්ති සමෙක‍්ඛමානා ආදෙය්‍යරූපං පුරිසස‍්ස විත‍්තං, සණ‍්හාහි වාචාහි නයන‍්ති මෙතං කම‍්බොජකා ජලජෙනෙව අස‍්සං.

4143. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් දකිත් ද එවිට කාම්බෝජ වැසියන් දියෙහි හටගත් සෙවෙලින් අසකු අල්වාගන්නා මෙන් මෘදු වචනයෙන් ඒ පුරුෂයා තම වසයට ගනිත්.

4144. යදා න පස‍්සන‍්ති සමෙක‍්ඛමානා ආදෙය්‍යරූපං පුරිසස‍්ස විත‍්තං, සමන‍්තතො තං පරිවජ‍්ජයන‍්ති තිණ‍්ණො නදීපාරගතොව කුල‍්ලං.

4144. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් නො දකිත් ද (එවිට) ගඟ තරණය කළ, ගඟින් එතෙර වූ තෙනැත්තා පසුර අත්හරින්නා මෙන් ඒ පුරුෂයා හාත්පසින් දුරු කෙරෙත්.

4145. සිලෙසූපමා සිඛීරිව සබ‍්බභක‍්ඛා තික‍්ඛමායා නදීරිව සීඝසොතා, සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච නාවා යථා ඔරකුලං පරඤ‍්ච

4145. (පුරුෂයන්ගේ සිත් අලවන හෙයින්) ලාටු බඳු වූ ද, සියල්ල භක්‍ෂණය කරන හෙයින් ගින්න බඳු වූ ද, (වේගයෙන් ගලා යන දිය පහර ඇති නදීන් මෙන්) ශීඝ්‍ර (තියුණු) මායා ඇති මේ ස්ත්‍රීහු එගොඩ මෙගොඩ දෙක ම සේවනය කරන්නා වූ නැවක් මෙන් ප්‍රිය වූවහු ද අප්‍රිය වූවහු ද සේවනය කෙරෙත්.

4146. න තා එකස‍්ස න ද‍්වින‍්නං ආපණොව පසාරිතො, යො තා මය‍්හන‍්ති මඤ‍්ඤෙය්‍ය වාතං ජාලෙන බාධයෙ

4146. ඒ ස්ත්‍රීහු එකකුට (අයිති) නො වෙති. දෙදෙනකුට ද නො වෙති. විවෘත කරනලද සල්පිළක් බඳු ය. යමෙක් ඒ ස්ත්‍රීන් මගේ යැ යි සිතන්නේ නම් හෙතෙම දැලින් සුළඟ වැළැක්ම ද කරන්නේ ය.

4147. යථා නදී ච පත්‍ථො ච පානාගාරං සභා පපා, එවං ලොකිත්‍ථියො නාම වෙලා තාසං න විජ‍්ජති.

4147. ගංගාව ද මාර්‍ගය ද සුරාපානශාලාව ද සභාව ද පැන් හල ද යන මොහු යම්සේ වෙත් ද, ලෝකයෙහි ස්ත්‍රීහු ද එබඳු වෙත්. ඔවුනට මර්‍ය්‍යාදාවක් (සීමාවක්) නැත.

4148. ඝතාසනසමාහෙතා කණ‍්හසප‍්පසිරූපමා, ගාවො බහි තිණස‍්සෙව ඔමසන‍්ති වරං වරං.

4148. මේ ස්ත්‍රීහු වනාහි ගින්න හා සම වෙති. කෘෂ්ණ සර්‍පයකුගේ හිසට බඳු උපමා ඇත්තාහ. (තණ කෑ තැන් අත්හැර) පිටත අලුත් අලුත් තණ සොයා යන ගෙරින් සේ ස්ත්‍රීහු උතුම් පුරුෂයකු (ධන නැත්තහු හැරදමා ධනවතකු) සොයති.

4149. ඝතාසනං කුඤ‍්ජරං කණ‍්හසප‍්පං මුද‍්ධාභිසිත‍්තං පමදා ච සබ‍්බා, එතෙ නාරො නිච‍්චයත‍්තො භජෙථ තෙසං භවෙ දුබ‍්බිදූ සච‍්චභාවො.

4149. ගින්න ද ඇතා ද කෘෂ්ණසර්‍පයා ද රජු ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් මනුෂ්‍ය තෙම සිහි ඇත්තෙක් ව සේවනය කරන්නේ ය. ඒකාන්තයෙන් ඔවුන්ගේ ඇති තතු දැනගැනීම දුෂ්කර ය.

4150. නාච‍්චන‍්තවණ‍්ණා න බහූනි කන‍්තා න දක‍්ඛිණා පමදා සෙවිතබ‍්බා, න පරස‍්ස භරියා න ධනස‍්ස හෙතු එතිත්‍ථියො පඤ‍්ච න සෙවිතබ‍්බා.

4150. විශිෂ්ට රූ ඇත්තී ද බොහෝ දෙනාට ප්‍රිය තෙනැත්තී ද නෘත්‍ය ගීතයන්හි දක්‍ෂ වූ ස්ත්‍රිය ද අනෙකකුගේ භාර්‍ය්‍යාව ද සේවනය නො කටයුත්තී ය. ධන හේතුවෙන් ද සේවනය නො කටයුත්තී ය. මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නො කටයුත්තාහු වෙති යි කුණාල පක්‍ෂියා කීය.

අථ ඛලු භො ආනන්‍දො ගිජ‍්ඣරාජා කුණාලස‍්ස සකුණස‍්ස ආදිමජ‍්ඣකථාපරියොසානං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

භවත්නි, ඉක්බිති ආනන්‍ද නම් ගිජුලිහිණි රජ කුණාල පක්‍ෂි රාජයාගේ කථාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන එවේලෙහි මේ ගාථාවන් කීය.

4151. පුණ‍්ණම‍්පි චෙමං පඨවිං ධනෙන දජ‍්ජත්‍ථියා පුරිසො සම‍්මතාය, ලද‍්ධා ඛණං අතිමඤ‍්ඤෙය්‍ය තම‍්පි තාසං වසං අසතීනං න ගච‍්ඡෙ.

4151. ඉදින් යම් පුරුෂයෙක් ධනයෙන් සම්පූර්‍ණ වූ පෘථිවිය සම්මත වූ යම් ස්ත්‍රියකට දෙයි ද, ඕ ඉඩක් ලැබ ඒ පුරුෂයා ද ඉක්මවන්නී ය. එහෙයින් එබඳු ස්මෘති විරහිත ස්ත්‍රීන්ගේ වසයට නො යන්නේ ය.

4152. උට‍්ඨාහකඤ‍්චෙපි අලීනවුත‍්තිං කොමාරභත‍්තාරං පියං මනාපං, ආවාසු කිච‍්චෙසු ච නං ජහන‍්ති තස‍්මා හි ඉත්‍ථීනං න විස‍්සසාමි.

4152. උත්සාහවත් නො පසුබට පැවතුම් ඇති ප්‍රිය වූ මන වඩන තුරුණු වියෙහි සිටි සැමියා පවා විපත්වලදී ද ඇවැසි කටයුත්තක් පැමිණි කල්හි ද (ස්ත්‍රීහු) යම් හෙයකින් හැර දමත් ද එහෙයින් ස්ත්‍රීන්ගේ (සදාචාර ස්වභාවය) විශ්වාස නො කරමි.

4153. න විස‍්සසෙ ඉච‍්ඡති මන‍්ති පොසො න විස‍්සසෙ රොදති මෙ සකාසෙ, සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච නාවා යථා ඔරකුලං පරඤ‍්ච.

4153. (මෝ තොමෝ) මා කැමති වන්නී යැ යි පුරුෂ තෙම ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. මා සමීපයෙහි හඬා යයි ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. යම් හෙයකින් එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මේ ස්ත්‍රීහු ප්‍රිය අප්‍රිය දෙදෙන ම සේවනය කෙරෙත් ද එහෙයිනි.

4154. න විස‍්සසෙ සාඛපුරාණසන්‍ථතං න විස‍්සසෙ මිත‍්තපුරාණචොරං, න විස‍්සසෙ රාජා සඛා මමන‍්ති න විස‍්සසෙ ඉත්‍ථි දසන‍්නමාතරං.

4154. පැරණි කොළ ඇතිරිය විශ්වාස නො කරන්නේ ය. පැරණි මිතුරකු වූ හොරා විශ්වාස නො කරන්නේ ය. මගේ යහළුවෙකැ යි රජු විශ්වාස නො කරන්නේ ය. දස දෙනකුන්ගේ මව වුව ද ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය.

4155. න විස‍්සසෙ රාමකරාසු නාරිසු අච‍්චන‍්තසීලාසු අසඤ‍්ඤතාසු, අච‍්චන‍්තපෙමානුගතස‍්ස භරියා න විස‍්සසෙ තිත්‍ථසමා හි නාරියො.

4155. බාලයන් විසින් ඇලුම් කරනු ලබන, ඉක්මවන ලද සිල් ඇති, අසඤ්ඤත වූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නො කටයුතු ය. අත්‍යන්ත ප්‍රේමයෙන් යුතු තෙනැත්තහුගේ භාර්‍ය්‍යාව ද විශ්වාස නො කටයුතු ය. ස්ත්‍රීහු තීර්‍ත්‍ථ සම වෙත් ද එහෙයිනි.

4156. හනෙය්‍යු ඡින්‍දෙය්‍යුම‍්පි ඡෙදයෙය්‍යුං කණ‍්ඨම‍්පි ඡෙත්‍වා රුධිරං පිබෙය්‍යුං, මා දීනකාමාසු අසඤ‍්ඤතාසු භාවං කරෙ ගඞ‍්ගතිත්‍ථුපමාසු.

4156. (යම් හෙයකින් කිපුණා වූ හෝ අන් පුරුෂයන් කෙරෙහි ඇලුණා වූ හෝ ස්ත්‍රීහු) සැමියා නසන්නාහු සිඳින්නාහු සිඳවන්නාහු බොටුව සිඳ ලේ බොන්නාහු වෙත් ද එහෙයින් ලාමක අදහස් ඇති සංයම නැති ගංගා තීර්‍ත්‍ථ බඳු ස්ත්‍රීන් කෙරෙහි ස්නෙහ නො කරන්නේ ය.

4157. මුසා තාසං යථා සච‍්චං සච‍්චං තාසං යථා මුසා, ගාවො බහි තිණස‍්සෙව ඔමසන‍්ති වරං වරං.

4157. ඒ ස්ත්‍රීන්ගේ බොරුව සත්‍යය මෙනි. සත්‍යය බොරුව මෙනි. තණ බිමෙන් පිටත් තැන්හි හොඳ හොඳ තණ සොයන ගවයන් මෙන් (ඔවුහු) අන් පුරුෂයන් සොයත්.

4158. ගතෙනෙතා පලොභෙන‍්ති පෙක‍්ඛිතෙන මිහිතෙන ච, අථොපි දුන‍්නිවත්‍ථෙන මඤ‍්ජුනා භණිතෙන ච.

4158. මේ ස්ත්‍රීහු ගමනින් ද බැල්මෙන් ද මඳ සිනාවෙන් ද නපුරු කොට වස්ත්‍ර හැඳීමෙන් ද මිහිරි වදන් බිණීමෙන් ද (පුරුෂයන්) පොලොබවත්.

4159. චොරියො කඨිනාභෙතා වාළා ච ලපසක‍්ඛරා, න තා කිඤ‍්චි න ජානන‍්ති යං මනුස‍්සෙසු වඤ‍්චනං.

4159. මේ ස්ත්‍රීහු සෙරහ. තද සිත් ඇත්තාහ. දුෂ්ටයහ. හකුරු මෙන් මිහිරි වදන් ඇත්තාහ. මිනිසුන් අතර යම් වංචාවක් ඇත් නම් (එයින්) ඔවුන් නො දන්නා කිසිවක් නැත.

4160. අසා ලොකිත්‍ථියො නාම වෙලා තාසං න විජ‍්ජති, සාරත‍්තා ච පගබ‍්භා ච සිඛී සබ‍්බඝසො යථා

4160. ලෝකයෙහි ලාමක වූ මේ ස්ත්‍රීහු නම් හැම කල්හි රාගයෙන් ඇලුණාහු ය. කායප්‍රගල්භාදියෙන් යුක්ත වූවාහු ය. සියල්ල භක්‍ෂණය කරන (දවන) ගින්න මෙන් සියල්ල වනසනසුලු ය. ඔවුනට සීමාවෙක් නැත.

4161. නත්‍ථිත්‍ථිනං පියො නාම අප‍්පියොපි න විජ‍්ජති, සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච නාවා යථා ඔරකූලංපරඤ‍්ච.

4161. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මොවුහු ප්‍රියයා ද අප්‍රියයා ද සේවනය කෙරෙත්.

4162. නත්‍ථිත්‍ථිනං පියො නාම අප‍්පියොපි න විජ‍්ජති, ධනත‍්තා පතිවෙල‍්ලන‍්ති ලතාව දුමනිස‍්සිතා

4162. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. ගස ඇසුරු කරන්නා වූ වැල මෙන් ධන හේතුවෙන් (පුරුෂයා) වැළඳගනිත්.

4163. හත්‍ථිබන්‍ධං අස‍්සබන්‍ධං ගොපුරිසඤ‍්ච චණ‍්ඩාලං, ඡවඩාහකං පුප‍්ඵඡඩ‍්ඩකං සධනමනුපතන‍්ති නාරියො.

4163. ස්ත්‍රීහු නම් ඇත්ගොව්වා ද අස්ගොව්වා ද ගොපල්ලා ද සැඬොලා ද සොහොන්ගොව්වා ද කසළශෝධකයා ද යන මොවුන් අතුරින් කවරකු වුව ද සධනයා (ධන ඇත්තා) කරා යෙත්.

4164. කුලපුත‍්තම‍්පි ජහන‍්ති අකිඤ‍්චනං ඡවකසමසදිසම‍්පි, අනුගච‍්ඡන‍්ති අනුපතන‍්ති ධනහෙතු හි නාරියොති.

4164. ස්ත්‍රීහු ධනය නැති කුලපුත්‍රයා ද හැරදමති. ධනය ඇති සැඬොලා අනුව ද යෙත්. යම් හෙයකින් ස්ත්‍රීහු ධනහේතුවෙන් ම පුරුෂයා අනුව යෙත් ද, එහෙයිනි.

අථ ඛලු භො නාරදො දෙවබ්‍රාහ‍්මණො ආනන්‍දස‍්ස ගිජ‍්ඣරාජස‍්ස ආදිමජ‍්ඣකථාපරියොසානං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

භවත්නි, ඉක්බිති නාරද දේවබ්‍රාහ්මණ තෙම ආනන්‍ද නම් ගිජුලිහිණි රජුගේ කථාව පිළිබඳ මුල මැද අග දැන එවේලෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.

4165. චත‍්තාරො මෙ න පූරෙන‍්ති තෙ මෙ සුණාථ භාසතො, සමුද‍්දො බ්‍රාහ‍්මණො රාජා ඉත්‍ථි චාපි දිජම‍්පති.

4165. පක්‍ෂිරාජය, මේ සතර දෙනෙක් තෘප්ත නො වෙති. එය ප්‍රකාශ කරන මාගේ වචනය අසව. සමුද්‍රය ද බ්‍රාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය).

4166. සරිතා සාගරං යන‍්ති යා කාචි පඨවිංසිතා, තා සමුද‍්දං න පූරෙන‍්ති ඌනත‍්තා හි න පූරති.

4166. පොළොව ඇසුරු කළා වූ යම්කිසි ගංගාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් හෙයින්) ඌනව ම පවත්නා නිසා නො පිරෙයි.

4167. බ්‍රාහ‍්මණො ච අධීයාන වෙදමක‍්ඛානපඤ‍්චමං, භිය්‍යොපි සුතමිච‍්ඡෙය්‍ය ඌනත‍්තා හි න පූරති.

4167. බ්‍රාහ්මණය ඉතිහාසය පස්වැනි කොට ඇති වේදය හදාරා මත්තෙහි දු ඉගෙනීමට කැමති වන්නේ ය. හෙ ද (අදහස මහත් බැවින්) ඌනව ම වෙසෙන හෙයින් නො පිරෙයි.

4168. රාජා ච පඨවිං සබ‍්බං සසමුද‍්දං සපබ‍්බතං, අජ‍්ඣාවසං විජිනිත්‍වා අනන‍්තරතනොචිතං පාරං සමුද‍්දං පත්‍ථෙති ඌනත‍්තා හි න පූරති.

4168. රජ ද මුහුදු සහිත වූ පර්‍වත සහිත වූ අනන්තරත්නයෙන් යුක්ත වූ මුළු පොළොව දිනා (නොයෙක් රත්නයෙන් පූර්‍ණ ව) වෙසේ ද, එහෙත් මුහුදින් එතෙර ද පතයි. (හෙ ද තෘෂ්ණා මහත්ත්‍වයෙන් යුතු හෙයින්) ඌන හේතුවෙන් ම නො පිරෙයි.

4169. එවමෙකාය ඉත්‍ථියා අට‍්ඨට‍්ඨ පතිනො සියා, සුරා ච බලවන‍්තා ච සබ‍්බකාමරසාහරා කාරෙය්‍ය නවමෙ ඡන්‍දං ඌනත‍්තා හි න පූරති.

4169. එපරිද්දෙන් ම එක ස්ත්‍රියකට ශූර වූ ද බලවත් වූ ද සියලු කාමරසයන් ගෙනදෙන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටිත් ද, එසේ වුවත් නවවැන්නකු කෙරෙහි ආශා කරන්නී ය. (කාමතෘෂ්ණා මහත්ත්‍වයෙන් යුතු හෙයින්) ඌන බැවින් නො පිරෙයි.

4170. සබ‍්බිත්‍ථියො සිඛිරිව සබ‍්බභක‍්ඛා සබ‍්බිත්‍ථියො නදීරිව සබ‍්බවාහිනී, සබ‍්බිත්‍ථියො කණ‍්ටකානං ව සාඛා සබ‍්බිත්‍ථියො ධනහෙතු වජන‍්ති.

4170. සියලු ස්ත්‍රීහු ගින්න මෙන් සියල්ල කාදමන්නෝ ය (වනසන්නෝ ය). සියලු ස්ත්‍රීහු ගංගාව මෙන් සියල්ල වහනය කරන්නෝ ය. සියලු ස්ත්‍රීහු කටුගස්වල අතු වැනි වෙති. සියලු ස්ත්‍රීහු ධනහේතුවෙන් පරපුරුෂයන් කරා යෙත්.

4171. වාතඤ‍්ච ජාලෙන නරො පරාමසෙ ඔසිඤ‍්චියා සාගරමෙකපාණිනා, සකෙන හත්‍ථෙන හනෙය්‍ය ඝොසං යො සබ‍්බභාවං පමදාසු ඔස‍්සජෙ.

4171. යම් පුරුෂයෙක් ස්ත්‍රීන් කෙරෙහි සිය රහස් ප්‍රකාශ කෙරේ ද (ඒ රහස් අනුන් හා නො බැණ ස්ත්‍රීන් වෙත රැකුණහොත්) ඒ පුරුෂ තෙම දැලෙන් වාතය රඳවන්නේ ය. එක අත්ලෙන් සයුරු දිය හිස් කරන්නේ ය. සිය එක අතින් (ඒ අතට ම ගසා) හඬ නගන්නේ ය.

4172. චොරීනං බහුබුද‍්ධිනං යාසු සච‍්චං සුදුල‍්ලභං, ථිනං භාවෙ දුරාජානො මච‍්ඡස‍්සෙවොදකෙ ගතං.

4172. යම් හෙයෙකින් ස්ත්‍රීන් කෙරෙහි සත්‍යය ඉතා දුර්‍ලභ වේ ද, චෞර වූ බහුබුද්ධික වූ ස්ත්‍රීන්ගේ අදහස දියෙහි මසුන්ගේ ගමන් මග මෙන් දැනගැනීම දුෂ්කර ය.

4173. අනලා මුදුසම‍්භාසා දුප‍්පූරා තා නදීසමා, සීදන‍්ති නං විදිත්‍වාන ආරකා පරිවජ‍්ජයෙ.

4173. (ගිහි ධර්‍මවලින්) මෙතෙකින් පමණ යැ යි කීමක් නැති, මොළොක් වචන ඇති, කෙලෙස් රතියෙන් පිරවිය නො හැකි ඒ ස්ත්‍රීහු නදී සමයහ. ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැ යි දැන දුරින් ම දුරුකටයුතු ය.

4174. ආවට‍්ටනී මහාමායා බ්‍රහ‍්මචරියවිකොපනා, සීදන‍්ති නං විදිත්‍වාන ආරකා පරිවජ‍්ජයෙ.

4174. අනුන් මෝහනය කරන්නා වූ මහාමායා ඇති, බඹසර නසන්නා වූ ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැ යි දැන දුරින් ම දුරු කළ යුත්තාහ.

4175. යඤ‍්චෙතා උපසෙවන‍්ති ඡන්‍දසා වා ධනෙන වා, ජාතවෙදොව සණඨානං ඛිප‍්පං අනුදහන‍්ති නන‍්ති.

4175. මේ ස්ත්‍රීහු ප්‍රියසංවාස වශයෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙත් ද (තමා) පහස ලත් ලත් තැන දවන ගින්න මෙන් වහා ඔහු විනාශයට පමුණුවත් ය යි කීය.

අථ ඛලු භො කුණාලො සකුණො නාරදස‍්ස දෙවබ්‍රාහ‍්මණස‍්ස ආදිමජ‍්ඣකථාපරියොසානං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

භවත්නි, ඉක්බිති කුණාල පක්‍ෂ තෙම නාරද නම් දේවබ්‍රාහ්මණයාගේ කථාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන ඒ වේලායෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙළේ ය.

4176. සල‍්ලපෙ නිසිතබග‍්ගපාණිනා පණ‍්ඩිතො අපි පිසාචදොසිනා, උග‍්ගතෙජඋරගම‍්පි ආසිදෙ එකො එකාය පමදාය නාලපෙ.

4176. නුවණැත්තෝ තියුණු මුවහත් කඩුගත් ඇත් ඇත්තකු සමග කථා කරන්නේ ය. කිපුණු පිශාචයකු සමග කථා කරන්නේ ය. උග්‍ර තේජස් ඇති සර්‍පයකු වෙත හිඳිනේ ය. (එහෙත්) හුදෙකලා වූයේ හුදෙකලා වූ ස්ත්‍රියක සමග කථා නො කරන්නේ ය.

4177. ලොකචිත‍්තමථනා හි නාරියො නච‍්චගීතභණිතම‍්භිතාවුධා, බාධයන‍්ති අනුපට‍්ඨිතස‍්සතිං දීපරක‍්ඛසිගණාව වාණිජෙ.

4177. නැටීම ය ගී කීම ය බිණීම ය සිනාව ය යන මේවා අවි කොට ඇති ඒ ස්ත්‍රීහු වනාහි ලෝකයාගේ සිත් මඩින්නාහ. යක්‍ෂද්වීපයෙහි මිනිසුන් පොළඹවා ගෙන කාදමන රකුසියන් මෙන් එළඹ සිටි සිහි නැත්තහු විනාශ කෙරෙත්.

4178. නත්‍ථි තාසං විනයො න සංවරො මජ‍්ජමංසනිරතා අසඤ‍්ඤතා, තා ගිලන‍්ති පුරිසස‍්ස පාභතං සාගරෙව මකරං තිමිඞ‍්ගලො

4178. ඔවුන්ගේ හික්මීමෙක් නැත. සංවරයෙක් ද නැත. මත්පැනෙහි හා මස්කෑමෙහි ගිජු සංයම විරහිත ඒ ස්ත්‍රීහු මහ සයුරෙහි මෝරකු ගිලින තිමිඞ්ගල නම් මත්ස්‍යයා මෙන් පුරුෂයා දුකසේ සපයනලද ධනය වනසත්.

4179. පඤ‍්චකාම ගුණසාතගොචරා උද‍්ධතා අනියතා අසඤ‍්ඤතා, ඔසරන‍්ති පමදා පමාදිනං ලොණතොයවතියංව ආපගා.

4179. පස්කම්සුව විඳීම ගොදුරු කොට ඇත්තා වූ උඩඟු වූ අස්ථිර සිත් ඇත්තා වූ සංයත නො වූ ස්ත්‍රීහු ගංගාවන් ඇදගන්න සාගරය මෙන් ප්‍රමාද වූවහු සිය වසයට ගනිත්.

4180. යං නරං උපරමන‍්ති නාරියො චන්‍දසාව රතියා ධනෙනවා, ජාතවෙදසදිසම‍්පි තාදිසං රාගදොසවතියො ඩහන‍්ති නං.

4180. ස්ත්‍රීහු ප්‍රේමයෙන් හෝ පංචකාමරතියෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් මිනිසකුට ඇලුම් කෙරෙත් ද, රාග ද්වේෂයන්ගෙන් යුක්ත වූ ඒ ස්ත්‍රීහු (ගුණසම්පත්තියෙන් යුක්ත හෙයින්) ගින්නක් මෙන් දිලියෙන එබඳු පුරුෂයා විනාශ කරත්.

4181. අඩ‍්ඪං ඤත්‍වා පුරිසං මහද‍්ධනං ඔසරන‍්ති සධනා සහන‍්තනා, රත‍්තචිත‍්තං අතිවෙඨයන‍්ති නං සාලං මාලුවලතාව කානනෙ.

4181. ආඪ්‍ය වූ මහත් ධනය ඇති පුරුෂයා දැන සිය ධනයෙන් ද ආත්මපරිත්‍යාගය කරන්නක මෙන් ද එළැඹෙත්. රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු වෙනෙහි සල්ගස වැළඳගත් මාළුවා වැල මෙන් අතිශයින් වෙළාගනිත් (වැළඳගෙන පෙළත්.)

4182. තා උපෙන‍්ති විවිධෙන ඡන්‍දසා චිත්‍රබිම‍්බමුඛියො අලඞ‍්කතා, ඌහසන‍්ති පහසන‍්ති නාරියො, සම‍්බරොව සතමායකොවිදා.

4182. සැරසීමෙන් විසිතුරු කරනලද ශරීර හා මුඛ ඇති, අලංකෘත වූ, සියගණන් මායාවන්හි දක්‍ෂ වූ ඒ ස්ත්‍රීහු මායාකාරයකු මෙන් හෙවත් සම්බර නම් අසුරයා මෙන් නොයෙක් ආකාර ඇල්මෙන් පැමිණෙත්. මහත් කොට සිනාසෙත්. මදහස කෙරෙත්.

4183. ජාතරූපමණිමුත‍්තභුසිතා සක‍්කතා පතිකුලෙසු නාරියො, රක‍්ඛිතා අතිවරන‍්ති සාමිකං දානවංව හදයන‍්තරස‍්සිතා.

4183. රන් මිණි මුතුවලින් සැරසුණු පතිකුලයන්හි සත්කාර කරනලද ස්ත්‍රීහු රක්නාලද වුවත් සැමියා ඉක්මවා හැසිරෙත්, හෘදයාභ්‍යන්තරයෙහි ආරක්‍ෂිත වූ ස්ත්‍රිය අසුරයා ඉක්ම පැවැත්තී ද එමෙනි.

4184. තෙජවාපි හි නරො විචක‍්ඛණො සක‍්කතො බහුජනස‍්ස පූජිතො, නාරීනං වසගතො න භාසති රාහුනා උපගතොව චන්‍දිමා.

4184. බොහෝ දෙනා විසින් සත්කාර කරන ලද පුදනලද නුවණැති තේජස්වී පුරුෂ තෙමේ ද ස්ත්‍රී වසයට ගියේ රාහු වසයට ගිය සඳ මෙන් නො බබළයි.

4185. යං කරෙය්‍ය කුපිතො දිසො දිසං දුට‍්ඨචිත‍්තො වසමාගතං අරි තෙන භිය්‍යො ව්‍යසනං නිගච‍්ඡති නාරීනං වසගතො අපෙක‍්ඛවා.

4185. කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමා වසයට පැමිණි සතුරකුට යමක් කරන්නේ ද, ස්ත්‍රී වසයට ගිය තෘෂ්ණා සහිත පුරුෂ තෙම එයට වඩා බොහෝ වූ විපතකට පැමිණෙයි.

4186. කෙසලූනනඛඡින‍්නතජ‍්ජිතා පාදපාණිකසදණ‍්ඩතාළිතා, හිතමෙව උපගතා හි නාරියො තා රමන‍්ති කුණපෙව මක‍්ඛිකා.

4186. හිසකේ ඇද කැඩීමෙන්, නියවලින් සීරීමෙන්, තර්‍ජනය කරනලද්දා වූ, අත් පා කස දඬුවලින් තළන ලද්දා වූ ඒ ස්ත්‍රීහු කුණපයෙහි ම ඇලෙන මැස්සන් මෙන් හීනයා වෙත ම එළඹියාහු ඇලෙත්.

4187. තා කුලෙසු විසිඛන‍්තරෙසු වා රාජධානිනිගමෙසු වා පුන, ඔඩ‍්ඩිතං නමුචිපාසවාකරං චක‍්ඛුමා පරිවජ‍්ජයෙ සුඛත්‍ථිකො.

4187. කුලයන්හි හා වීථි අතර ද රාජධානිවල හා නියම් ගම්වල ද (කෙලෙස්) මරහු විසින් අටවනලද මලපුඬුවක් වැනි වූ ද දැලක් වැනි වූ ද ඒ ස්ත්‍රීන් නුවණැස් ඇති දෙලෝ සුව කැමති මිනිස් තෙම දුරු කරන්නේ ය.

4188. ඔස‍්සජිත්‍ව කුසලං තපොගුණං යො අනරියචරිතානිමාචරි, දෙවතාහි නිරයං නිමිස‍්සති ඡෙදගාමි මණියං ව වාණිජො.

4188. යමෙක් දෙව් මිනිස් සුව ගෙනදෙන්නා වූ තවුස් ගුණය අතහැර අනාර්‍ය්‍ය වූ කාමසේවනය කෙරේ ද, හෙතෙම දෙව්ලොවින් (පෙරළී) නිරයට යෙයි. (මහඟු මිණිරුවන් දී) නො වටනා කදා මිණක් ගන්නා (ලාමක) වෙළෙන්දකු මෙනි.

4189. සො ඉධ ගරහිතො පරත්‍ථ ච දුම‍්මතී උපගතො සකම‍්මුනා, ගච‍්ඡති අනියතො ගලාගලං දුට‍්ඨගද්‍රභරතොව උප‍්පථෙ.

4189. (ස්ත්‍රී වසයට ගිය) ඒ අනුවණ තෙනැත්තා මෙලෝ පරලෝ දෙකෙහි ම ගර්හිත වූයේ, ස්වකර්‍මයෙන් විපාක විඳීමට එළඹියේ මෙතෙක් කලැයි අනියත වූයේ දෙව් මිනිස් දෙලොවින් ගිලිහී අපායට ම යයි. කුළු ගදුබුවකු යොදනලද රිය නො මඟෙහි ම යනු මෙනි.

4190. සො උපෙති නිරයං පතාපනං සත‍්තිසිම‍්බලිවනඤ‍්ච ආයසං ආවසිත්‍වා තිරච‍්ඡානයොනියං පෙතරාජවිසයං න මුඤ‍්චති.

4190. ස්ත්‍රී වසයට ගිය ඒ තෙනැත්තා අතිශයින් තැවීම් ඇත්තා වූ නිරයට ද අයෝමය කටුවලින් යුත් කටුඉඹුල්වන නම් වූ නිරයට ද පැමිණේ. එහි වැස තිරිසන් යෝනිය ද ප්‍රේතවිෂය ද කාලකඤ්ඡක නම් අසුරවිෂය ද නො ඉක්මවයි.

4191. දිබ‍්බඛිඩ‍්ඩරතියො න නන්‍දනෙ චක‍්කවත‍්තිචරිතඤ‍්ච මානුසෙ, නාසයන‍්ති පමදා පමාදිනං දුග‍්ගතිඤ‍්ච පටිපාදයන‍්ති නං.

4191. ප්‍රමදාවෝ ප්‍රමාදයෙන් යුත් පුරුෂයන්ගේ නන්‍දනෝද්‍යානයෙහි දිව්‍ය ක්‍රීඩාවන්හි ඇල්ම ද මනුෂ්‍ය ලෝකයෙහි චක්‍රවර්තී රාජසම්පත්තිය ද නසත්. ඒ පුරුෂයන්ට දුගති දුක ද සලසත්.

4192. දිබ‍්බඛිඩ‍්ඩරතියො න දුල‍්ලභා චක‍්කවත‍්තිචරිතඤ‍්ච මානුසෙ, සොණ‍්ණව්‍යම‍්භනිලයා ච අච‍්ඡරා යෙ චරන‍්ති පමදාහනත්‍ථිකා.

4192. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට දිව්‍යක්‍රීඩාවන්හි ඇල්ම ද මිනිස් ලොවෙහි සක්විති සැපත ද රන්මුවා විමන් වැසි දෙවඟනෝ ද දුලබ නො වෙති.

4193. කාමධාතුසමතික‍්කමා ගති රූපධාතුයා භවො න දුල‍්ලභො, වීතරාගවිසයූපපත‍්තියා යෙ චරන‍්ති පමදාහනත්‍ථිකා.

4193. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද, (ඔවුනට) කාමධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූපභවය පිළිබඳ (උත්පත්ති වශයෙන් වූ) ගතිය ද වීතරාගීන්ට විෂය වූ ශුද්ධාවාසයන්හි උත්පත්තිය ද දුලබ නො වේ.

4194. සබ‍්බදුක‍්ඛසමතික‍්කමං සිවං අච‍්චන‍්තං අචලිතං අසඞ‍්ඛතං, නිබ‍්බුතෙහි සුචිහී න දුල‍්ලභං යෙ චරන‍්ති පමදාහනත්‍ථිකා.

4194. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට නිවනලද කෙලෙස් ගිනි ඇති පිරිසුදුවූවන් විසින් ලදහැක්කා වූ හැම දුක් ඉක්මවාලන්නා වූ, නිර්‍භය වූ වෙනස් නො වන්නා වූ කෙලෙසුන්ගෙන් අකම්ප්‍ය වූ හේතුප්‍රත්‍යයෙන් සකස් නො වූ නිර්‍වාණය දුර්‍ලභ නො වේ.

4195. කුණාලො හං තදා ආසිං උදායී ඵුස‍්සකොකිලො, ආනන්‍දො ගිජ‍්ඣරාජාසි සාරිපුත‍්තො ච නාරදො පරිසා බුද‍්ධපරිසා එවං ධාරෙථ ජාතකන‍්ති.

4195. එකල මම කුණාල නම් වීමි. උදායී ඵුස්සකොකිල නම් විය. ආනන්‍ද (ස්ථවිර තෙම) ගිජුලිහිණි රජ විය. සාරිපුත්ත (ස්ථවිර තෙම) නාරද නම් විය. පිරිස බුදුපිරිස ම ය. මෙසේ මේ ජාතකය දරව යී (වදාළ සේක.)

කුණාලජාතකං.

කුණාල ජාතක යි.