3. සුධාභොජනජාතකං
3. සුධාභොජනජාතකං.
3. සුධාභෝජන ජාතකය
4016. නෙව කිණාමි නපි වික්කිණාමි න චාපි මෙ සන්නිචයො ච අත්ථි, සුකිච්ඡරූපං වතිදං පරිත්තං පත්ථොදනො නාලමයං දුවින්නං.
4016. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස්කළ ධනයෙක් ද නැත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
4017. අප්පම්භා අප්පකං දජ්ජා අනුමජ්ඣතො මජ්ඣකං, බහුම්භා බහුකං දජ්ජා අදානං නූපපජ්ජති.
4017. අල්පමාත්‍ර දැයින් අල්පමාත්රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
4018. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
4018. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි: දන් දෙව, වළඳ ද කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4019. මොඝඤ්චස්ස හුතං හොති මොඝඤ්චාපි සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං එකො භුඤ්ජති භොජනං.
4019. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සිස් වෙයි.
4020. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
4020. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4021. සච්චං තස්ස හුතං හොති සච්චඤ්චාපි සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං.
4021. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සත්‍ය වෙයි.
4022. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
4022. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව තමා ද වළඳ කරව. ආර්ය්යමාර්ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4023. සරඤ්ච ජුහති යො සො බහුකාය ගයාය ච, දොණෙ තිම්බරුතිත්ථස්මිං සීඝසොතෙ මහාවහෙ.
4023. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්පකරණී යැ ද්‍රෝණ තීර්‍ත්‍ථ යැ තිම්බරු තීර්‍ත්‍ථ යැ මහත් වූ ජලප්රවාහ ඇති ශීඝ්‍ර ශ්‍රෝතස් යැ යන මෙහි බලිකර්ම කෙරේ ද,
4024. අත්රචස්ස හුතං හොති අත්රචස්ස සමීහිතං අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං.
4024. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්‍ය්‍ය කරනලද වෙයි.
4025. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
4025. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේත් වළඳ කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4026. බලිසං හි සො නිග්ගිලති දීඝසුත්තං සබන්ධනං, අතිථිස්මිං යො නිසින්නස්මිං එකො භුඤ්ජති භොජනං.
4026. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්ඝසූත්රයක් ඇති බන්ධන සහිත වූ බිලියක් ගිලියි.
4027. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
4027. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4028. උළාරවණ්ණා වත බ්රාහ්මණා ඉමෙ අයඤ්ච වො සුනඛො කිස්ස හෙතු, උච්චාවචං වණ්ණනිභං විකුබ්බති අක්ඛාථ නො බ්රාහ්මණා කෙනු තුම්හෙ.
4028. මේ බ්‍රාහ්මණයෝ උදාරවර්‍ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් උස්පහත් පැහැසටහන් විකුර්වණ (නිර්මාණ) කෙරේ ද? බ්‍රාහ්මණයාණෙනි, අපට කියව, තෙපි කවරහු ද?
4029. චන්දො ච සුරියො ච උභො ඉධාගතා අයං පන මාතලි දෙවසාරථි, සක්කොහමස්මි තිදසානමින්දො එසො ච ඛො පඤ්චසිඛොති වුච්චති.
4029. සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ වූකලී දේවසාරථී වූ මාතලී වෙයි. මම තිදස්වැසි දෙවියනට අධිපති සක්දෙව්රජ වෙමි. තෙල තැනැත්තේ පඤ්චසිඛ යැ යි කියනු ලැබේ.
4030. පාණිස්සරා මුතිඞ්ගා ච මුරජාළම්බරානි ච, සුත්තමෙනං පබොධෙන්ති පටිබුද්ධො ච නන්දති.
4030. අත්තල නාදයෝ ද මිහිඟුබෙර හඬ ද මුරජ බෙර හඬ ද පණාබෙර හඬ ද නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
4031. යෙ කෙචිමෙ මච්ඡරිනො කදරියා පරිභාසකා සමණබ්රාහ්මණානං, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා නිරයං වජන්ති.
4031. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහණ බමුණන්ට පිරිහෙළා කථා කරන්නාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කාබුන් මරණින් මතු නිරයට යති යි.
4032. යෙ කෙචිමෙ සුග්ගතිමාසසානා ධම්මෙ ඨිතා සංයමෙ සංවිභාගෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා සුගතිං වජන්ති.
4032. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත දශශීලධර්මයෙහි ද සංවිභාග සංඛ්‍යාත දානධර්මයෙහි ද සිටියාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කායභේදයෙන් මතු සුගතියට යති යි.
4033. ත්වං නො ඤාති පුරිමාසු ජාතිසු සො මච්ඡරී රොසකො පාපධම්මො, තවෙව අත්ථාය ඉධාගතම්භා මා පාපධම්මො නිරයං අපත්ථ.
4033. තෙපි පූර්වජාතියෙහි අපගේ ඥාති යැ. ඒ තෙපි මසුරු වවු. රොස්පරොස් බස් ඇතියහු. පාපධර්ම ඇතියහු යැ. තොපට වැඩ සඳහා මැ මෙහි ආම්හ. පාපධර්ම ඇතියහු නිරයට නො යවු.
4034. අද්ධා හි මං වො හිතකාමා යං මං සමනුසාසථ, සොහං තථා කරිස්සාමි සබ්බං වුත්තං හිතෙසිහි.
4034. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුශාසනා කරවු ද, එහෙයින් ඒකාන්තයෙන් මැ තෙපි මට හිත කැමැත්තවු යැ. හිත කැමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නෙමි.
4035. එසාහමජ්ජෙව උපාරමාමි න චාපහං කිඤ්චි කරෙය්ය පාපං, න චාපි මෙ කිඤ්චි අදෙය්යමත්ථි න චාපි දත්වා උදකම්පහං පිබෙ.
4035. තෙල මම් අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවකුදු නො කරමි. (මෙතැන් පටන්) නො දියයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකුදු නො බොමි.
4036. එවඤ්ච මෙ දදතො සබ්බකාලං භොගා ඉමෙ වාසව ඛීයිස්සන්ති, තතො අහං පබ්බජිස්සාමි සක්ක හිත්වාන කාමානි යථොධිකානීති.
4036. සක්දෙව්රජුනි, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ භෝගයෝ ක්ෂය වන්නාහ. සක්දෙව්රජුනි, එකල්හි මම (වස්තුකාම ක්ලේශකාම විසින්) ශේෂ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නෙමි යි.
4037. නගුත්තමෙ ගිරිවරෙ ගන්ධමාදනෙ මොදන්ති තා දෙවවරාභිපාලිතා, අථාගමා ඉසිවරො සබ්බලොකගූ සුපුප්ඵිතං දූමවරසාඛමාදිය.
4037. පර්වතයන්ට අධිපති වූ ගන්ධමාදන නම් උතුම් පර්වතයෙහි සක් දෙවිඳුන් විසින් රක්නා ලද ඒ දිව්‍යස්ත්‍රීහු සන්තෝෂ වෙති. එවිට මුළුලොවැ යා හැකි ඍෂිවරයෙක් මනාව පිපීගිය ශාඛා පුෂ්පයක් ගෙන පැමිණියේ ය.
4038. සුචිං සුගන්ධං තිදසෙහි සක්කතං පුප්ඵුත්තමං අමරවරෙහි සෙවිතං, අලද්ධ මච්චෙහි වා දානවෙහි වා අඤ්ඤත්ර දෙවෙහි තදාරහං හිදං.
4038. දෙවියන් විසින් සත්කාර කරනලද්දා වූ ද, ශක්‍රයා විසින් සෙවුනා ලද්දා වූ ද, පිරිසුදු සුවඳැති මේ උතුම් මල දෙවියන් මිස මිනිසුන් විසින් හෝ අසුරයන් විසින් හෝ නොලද හැකිය. එය දෙවියන්ට ම සුදුසු වේ.
4039. තතො චතස්සො කනකත්තචූපමා උට්ඨාය නාරීයො පමදාධිපා මුනිං, ආසා ච සද්ධා ච තතො සිරී හිරි ඉච්චබ්රවුං නාරද දෙවබ්රාහ්මණං.
4039. ඉක්බිති රන්බඳු සිවිය ඇති ස්ත්‍රීන්හට අධිපතිවූ ආසාය, සද්ධාය, සිරි ය, හිරිය යන මේ ස්ත්‍රීහු සතරදෙන නැගිට නාරද දේව බ්‍රාහ්මණ නම් වූ මුනිවරයාට මෙසේ කීහ.
4040. සචෙ අනුද්දිට්ඨං තයා මහාමුනි පුප්ඵං ඉමං පාරිඡත්තස්ස බ්රහ්මෙ, දදාහි නො සබ්බගති තෙ ඉජ්ඣතු ත්වම්පි නො හොහි යථෙව වාසවො.
4040. මහා ඍෂි වූ බ්‍රාහ්මණය, ඉදින් ඔබ විසින් මේ පරසතු මල කිසිවකුට නො උදෙසනලද නම් අපට දෙනුමැනවි. ඔබ වහන්සේගේ සියලු අදහස් සමෘද්ධ වේවා. අපට ශක්‍ර තෙම යම් සේ වේ ද ඔබ වහන්සේ ද එසේ ම වෙත්වා.
4041. තං යාචමානාභිසමෙක්ඛ නාරදො ඉච්චබ්රවී සඞ්කලහං උදීරයි, න මය්හමත්ථත්ථි ඉමෙහි කොචිනං යා යෙව වො සෙය්යසී සා පිළය්හථ.
4041. නාරද තෙම ඒ මල දැක ඉල්ලන්නවුන්හට මෙසේ කීවේ ය. මහත් කලහ වැඩෙන කථාවක් ඇති විය. මට මේ මලින් කිසි වැඩක් නැත. නුඹලා අතුරින් යම් තැනැත්තියක් ගුණයෙන් ජ්‍යේෂ්ඨ වූ නම් ඕ පැළඳගන්නීය යි ඍෂි තෙම කීවේ ය.
4042. ත්වං නොත්තමොවාභිසමෙක්ඛ නාරද, යස්සිච්ඡසි තස්සං අනුප්පචෙච්ඡසු, යස්සා හි නො නාරද ත්වං පදස්සසි සා යෙව නො හොහිති සෙට්ඨසම්මතා.
4042. උතුම් නාරද ඍෂිවරය, නුඹවහන්සේ ම අප බලා අප අතුරින් යම් තැනැත්තියකට දෙනු කැමැත්තේ නම් ඈට දුන මැනැවි. නාරද ඍෂිවරය, නුඹ වහන්සේ අප අතුරින් යම් තැනැත්තියකට දෙන්නහු නම් අප අතුරින් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ සම්මත වන්නීය යි කීහ.
4043. අකල්ලමෙතං වචනං සුගත්තෙ කො බ්රාහ්මණො කො කලහං උදීරයෙ, ගන්ත්වාන භූතාධිපමෙව පුච්ඡථ සචෙ න ජානාථ ඉධුත්තමාධමං.
4043. මනා සිරුරැත්තිය, ඒ කීම නුසුදුසු ය. කවර නම් බ්‍රාහ්මණයෙක් කලහ ඇති කෙරේ ද? ඉදින් මෙහි තොප අතුරින් උත්තම වූ හෝ අධම වූ හෝ තැනැත්තිය කවරීදැ යි නොදන්නහු නම් භූතාධිපති වූ සක්දෙව්රජු වෙත ගොස් විචාරව යි ඍෂිතෙම කීයේ ය.
4044. තා නාරදෙන පරමප්පකොපිතා උදීරිතා වණ්ණමදෙන මත්තා, සකාසෙ ගන්ත්වාන සහස්සචක්ඛුනො පුච්ඡිංසු භූතාධිපං කානු සෙය්යසී.
4044. නාරද ඍෂිවරයා විසින් (කුසුම නො දෙමින්) ඉතා ම කුපිත කර වූ, සක්දෙවිඳුන්ගෙන් අසවැ යි කියනලද වර්‍ණමදයෙන් මත් වූ ඒ අප්සරාවෝ සක්දෙව්රජු සමීපයට ගොස් කවර නම් තැනැත්තියක් ශ්‍රේෂ්ඨ දැ යි විචාළහ.
4045. තා දිස්වා ආයත්තමනා පුරින්දදො ඉච්චබ්රවී දෙවවරො කතඤ්ජලී, සබ්බාව වො හොථ සුගත්තෙ සාදිසී කො නෙව භද්දෙ කලහං උදීරයි.
4045. දෙවියනට ශ්‍රේෂ්ඨ වූ දෙවියන් විසින් ඇඳිලි බඳනාලද ශක්‍ර තෙම උත්සුක වූ සිත් ඇති ඒ අප්සරාවන් දැක මෙසේ කීයේ ය. මනා සිරුරු ඇති අප්සරාවනි, තෙපි හැම දෙන ම සමානවවු. සුන්දර අප්සරාවරුනි, මෙසේ කවර කෙනෙක් කලහ වර්ධනය කළෝ ද? කියා යි.
4046. යො සබ්බලොකං චරකො මහාමුනි ධම්මෙ ඨිතො නාරදො සච්චනික්කමො, සො නො බ්රවී ගිරිවරෙ ගන්ධමාදනෙ ගන්ත්වාන භූතාධිපමෙව පුච්ඡථ සචෙ න ජානාථ ඉධුත්තමාධමං.
4046. සත්‍ය වූ පරාක්‍රම ඇති ධර්මයෙහි පිහිටි මුළු ලොව හැසිරෙන්නා වූ නාරද නම් යම් ඍෂිවරයෙක් වේ ද හේ තොප අතුරින් උත්තම හෝ අධම තැනැත්තිය කවර දැ යි නොදනිවු නම්, ශක්‍රයා වෙතට ගොස් අසව යි ගන්ධමාදන නම් උතුම් පර්වතයෙහි දී අපට කීයේ යයි ඒ අප්සරාවෝ කීහ.
4047. අසු බ්රහාරඤ්ඤචරො මහාමුනී නාදත්වා භත්තං වරගත්තෙ භුඤ්ජති, විචෙය්ය දානානි දදාති කොසියො යස්සා හි සො දස්සති සාව සෙය්යසී.
4047. උතුම් සිරුරැති දිව්යාංගනාවරුනි, තෙල මහවනයෙහි හැසිරෙන මහාමුනි තෙම අන්හට නොදී වළඳ නොකරයි. ඒ කෝසිය තාපස තෙම පරීක්ෂා කොට දන් දෙයි. හෙ තෙම තොපගෙන් යම් තැනැත්තියකට දෙන්නේ නම් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ වේ යයි ශක්‍ර තෙම කීයේ ය.
4048. අසූහි යො සම්මති දක්ඛිණං දිසං ගඞ්ගාය තීරෙ හිමවන්තපස්මනී, ස කොසියො දුල්ලභපානභොජනො තස්ස සුධං පාපය දෙවසාරථි.
4048. දෙව සාරථිය, යම් තාපසයෙක් දකුණු දිග ගං ඉවුරෙහි හිමවත් පාර්ශ්වයෙහි වාසය කෙරේ ද, ඒ කෝසිය තාපස තෙම දුර්ලභ ආහාර පාන ඇත්තේ ය. ඔහුට සුධාභෝජනය පමුණුව යි කීයේ ය.
4049. ස මාතලී දෙවවරෙන පෙසිතො සහස්සයුත්තං අභිරුය්හ සන්දනං, ස ඛිප්පමෙව උපගම්ම අස්සමං අදිස්සමානො මුනිනො සුධං අදා.
4049. දේවොත්තමයා විසින් යවනලද ඒ මාතලී දිව්‍යපුත්‍ර තෙම දහසක් අසුන් යෙදූ යානයට නැඟ වහා අසපුවට පැමිණ අදෘශ්‍යමාන වූයේ ඍෂිවරයාහට සුධාභෝජනය දුන්නේ ය.
4050. උදග්ගිහුත්තං උපතිට්ඨාතො හි මෙ පභඞ්කරං ලොකතමොනුදුත්තමං, සබ්බානි භූතානි අතිච්ච වාසවො කො නෙව මෙ පාණිසු කිං සුධොදහි.
4050. උදෑසන ගිනි දෙවියා පුදා ලෝකාන්ධකාරය දුරු කරන්නා වූ පහංකර වූ උතුම් හිරු වෙත එළඹ සිටි මාගේ අත්වල කවරෙක් සුධාභෝජනය බහාලී ද? කිම, සියලු භූතයන් ඉක්මවා සිටින ශක්‍ර තෙමේ ද?
4051. සංඛූපමං සෙතමතුල්යදස්සනං සුචිං සුගන්ධං පියරූපමබ්භුතං, අදිට්ඨපුබ්බං මම ජාතචක්ඛුහි කා දෙවතා පාණිසු කිං සුධොදහි.
4051. සක් ගෙඩියක් මෙන් සුදු වූ අසමාන වූ දැකුම් ඇති පිරිසුදු සුවඳවත් දැකුම්කලු වූ අද්භූත වූ පියවි ඇසින් නො දක්නා ලද විරූ සුධාභෝජනය කවර නම් දෙවියෙක් කවර හෙයින් මා අතැ තැබීදැ යි ඍෂිවරයා ප්‍රශ්න කෙළේ ය.
4052. අහං මහින්දෙන මහෙසි පෙසිතො සුධාභිහාසිං තුරිතො මහාමුනි, ජානාසි මං මාතලි දෙව සාරථි භුඤ්ජස්සු භත්තුත්තමං මා විචාරයි.
4052. මහර්ෂි වූ මහා මුනිවරය, මම වනාහි සක්දෙව් රජු විසින් මෙහෙයවන ලද්දෙම් වහා සුධාභෝජනය ගෙන ආයෙමි. මා දේවසාරථී වූ මාතලී බව දනුමැනවි. උතුම් බත වළඳනු මැනවි. ප්‍රපඤ්ච නො කරව.
4053. භුත්තා ච සා ද්වාදස හන්ති පාපකෙ ඛුදං පිපාසං අරතිං දරක්ලමං, කොධූපනාහඤ්ච විවාදපෙසුනං සීතුණ්හතන්දිඤ්ච රසුත්තමං ඉදං.
4053. වළඳන ලද්දා වූ ඒ සුධාභෝනය බඩගින්න ය, පිපාස ය, නො ඇල්ම ය, කායදරථ ය, ක්ලාන්තගති ය, කෝප ය, බද්ධ වෛර ය, විවාද ය, කේලාම් කීම ය, සීත ය, උෂ්ණ ය, අලස බව ය යන දොළොස් පාපධර්මයන් නසන්නේ ය.
4054. න කප්පති මාතලි මය්හ භුඤ්ජිතුං පුබ්බෙ අදත්වා ඉති මෙ වතුත්තමං, න චාපි එකාසනමරියපූජිතං අසංවිභාගී ච සුඛං න වින්දති.
4054. එම්බා මාතලිය, පළමුකොට නොදී වැළඳීම මට කැප නැත. මෙසේ මාගේ උතුම් ව්‍රතයෙක් ඇත. එකලා වැ වැළඳීම ආර්‍ය්‍යයන් විසින් නො පුදන ලද්දේ යැ. බෙදාගෙන නොවළඳන තැනැත්තේ දෙව් මිනිස් සුව නො විඳියි.
4055. ථිඝාතකා යෙචිමෙ පාරදාරිකා මිත්තද්දුනො යෙච සපන්ති සුබ්බතෙ, සබ්බෙව තෙ මච්ඡරීපඤ්චමාධමා තස්මා අදත්වා උදකම්පි නාස්මියෙ.
4055. ස්ත්‍රීන් නසන, පරදාරාවන් කරා යන මේ යම් කෙනෙකුත් වෙත් ද, මිත්‍රද්‍රෝහි යම් කෙනෙකුත් වෙත් ද, දැහැමි මහණ බමුණන්ට ආක්‍රෝශ කරන යම් කෙනෙකුත් වෙත් ද, මසුරු කම පස් වැනි කොට ඇති ඒ හැම දෙන අධමයෝ ය. එහෙයින් නොදී දිය පවා නො බොමි.
4056. යො හිත්ථියා චා පුරිසස්ස වා පන දස්සාමි දානං විදුසම්පවණ්ණිතං, සද්ධා වදඤ්ඤූ ඉධ වීතමච්ඡරා භවන්ති හෙතෙ සුචිසම්මසම්මතා.
4056. යම්බඳු මම ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ බුද්ධාදි පණ්ඩිතයන් විසින් වර්ණනා කරනලද දානය දෙම් ද එසේ මේ ලෝකයෙහි සැදැහැති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ පහව ගිය මසුරු මල ඇති මේ පුරුෂයෝ උතුම් යයි සම්මත වෙති.
4057. අතො මුතා දෙවවරෙන පෙසිතා කඤ්ඤා චතස්සො කනකත්තචූපමා, ආසා ච සද්ධා ච සිරී තතො භිරි තං අස්සමං ආගමුං යත්ථ කොසියො.
4057. ඉක්බිති සක්දෙව් රජු විසින් අනුදන්නාලදු වැ පිටත් කොට හරිනලද, ස්වර්ණයට බඳු සිරුරු සමින් හොබනා වූ ආශාය, ශ්‍රද්ධා ය, ශ්‍රී ය, භ්රී ය යන කන්‍යාවන් සතර දෙන යම් අසපුවෙක්හි කෝසිය (තවුස්) තෙම වෙසේ ද ඒ අසපුවට පැමිණියහ.
4058. තා දිස්වා සබ්බො පරමප්පමොදිතො සුභෙන වණ්ණෙන සිඛාරිවග්ගිනො, කඤ්ඤා චතස්සො චතුරො චතුද්දිසා ඉච්චබ්රවී මාතලිනො ච සම්මුඛා.
4058. ශෝභන වූ වර්ණයෙන් ගිනිසිළු මෙන් සතර දිශායෙහි සිටියා වූ, දක්ෂ වූ, ඒ දිව්‍යප්සරාවන් සතර දෙන දැක අතිශය ප්‍රීතියට පත් කෝසිය තවුස් තෙම මාතලී දිව්‍යපුත්‍රයා හමුවෙහි මෙසේ කීය.
4059. පුරිමං දිසං කා ත්වං පභාසි දෙවතෙ අලඞ්කතා තාරවරාව ඔසධී, පුච්ඡාමි තං කඤ්චනවෙල්ලිවිග්ගහෙ ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා.
4059. එම්බා දෙව්දුව, උතුම් ඕසධී තරුව මෙන් පෙරදිග බබුළුවන්නා වූ තෝ කිනම් වෙහි ද? රන්රුවකට බඳු සිරුරු ඇත්තිය, තී විචාරමි. තෝ කවර නම් දෙව්දුවක් වෙහිදැයි මට කියව.
4060. සිරාහං දෙවී මනුජෙසු පූජිතා අපාපසත්තූපනිසෙවිනී සදා, සුධාවිවාදෙන තවන්තිමාගතා තං මං සුධාය වරපඤ්ඤ භාජය.
4060. හැම කල්හි අලාමක සත්වයන් විසින් සෙවුනා ලබන්නා වූ මිනිසුන් කෙරෙහි පූජ්‍යත්වයට පත් මම ශ්‍රී නම් වෙමි. මහාප්‍රාඥය, සුධාභෝජනය පිළිබඳ විවාදයෙන් ඔබ සමීපයට ආමි. ඒ මට සුධාභෝජනය දුන මැනවි.
4061. යස්සාහමිච්ඡාමි සුධං මහාමුනි ස සබ්බකාමෙහි නාරො පමොදති, සිරීති මං ජානහි ජූහතුත්තම තං මං සුධාය වරපඤ්ඤ භාජය.
4061. මහාතාපසය, මම යමකුට සැප කැමතිවෙම් ද, ඒ මිනිස් තෙම සියලු කාමසම්පතින් තුටු වෙයි. හෝම කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨය, මා ශ්‍රී නමැයි දනුව. මහාප්‍රාඥ තාපසයාණනි, ඒ මට සුධාභෝජනය දුන මැනවැ යි කීවාය.
4062. සිප්පෙන විජ්ජාචරණෙන බුද්ධියා නරා උපෙතා පගුණා සකම්මුනා, තයා විහීනා න ලභන්ති කිඤ්චනං තයිදං න සාධු යදිදං තයා කතං.
4062. හස්තිශිල්පාදි ශිල්පඥානයෙන් ද වෙදත්‍රය සංඛ්‍යාත විද්‍යායෙන් හා ශීලයෙන් ද බුද්ධිමහිමයෙන් ද යුත් තමහට සුදුසු කෘෂි වණික් ආදී කර්ම ප්‍රගුණකොට ගත්තා වූ මනුෂ්‍යයෝ තීගෙන් තොර වූවාහු ස්වල්ප මාත්‍ර වූ හෝ කවර සැපයක් වත් නො ලබත් ද, තී විසින් කරන ලද මේ යමක් ඇත් නම් එය නො සුදුසු ය.
4063. පස්සාමි පොසං අලසං මහග්ඝසං සුදුක්කුලීනම්පි අරූපිමං නරං, තයානුගුත්තො සිරි ජාතිමං අපි පෙසෙති දාසං විය භොගවා සුඛී.
4063. තී විසින් රකිනු ලබන අලස වූ බොහෝ බුදිනසුලු නීචකුලීන වූ මිනිසෙක් වේ ද, සම්පතින් යුත් සුව දිවියක් ගෙවන කුලීනයෝත් ඔහුගේ දාසභාවයට පත් වෙති.
4064. තං තං අසච්චං අවිභජ්ජසෙවිනිං ජානාමි මූළ්හං විදුරානුපාතිනිං, න තාදිසී අරහති ආසනූදකං කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසි.
4064. ඒ ස්වභාව සත්‍යය නැති යුක්ති අයුක්ති විභාග නැති වැ සෙවුනා, පණ්ඩිතයන් පහත හෙළන්නා වූ මූඨ වූ තී හඳුනමි. තී වැන්නෝ අසුනක් පැනක් ලබනට වත් නො සුදුසු ය. සුධාභෝජනය ලැබීමට කොයින් සුදුසු වේ ද? මෙතැනින් යව. මට රුචි නො වෙහි යී (තවුසා කීය).
4065. කා සුක්කදාඨා පටිමුත්තකුණ්ඩලා චිත්තඞ්ගදා කම්බුවිමට්ඨධාරිනී, ඔසිත්තවණ්ණං පරිදය්හ සොභසි කුසග්ගිරත්තං අපිළය්හ මචජරිං.
4065. සුදු දත් ඇති පළඳනාලද කුණ්ඩලාභරණ ඇති විසිතුරු අඟුපලඳනා ඇති වෙසෙසින් මටකරනලද රන්මුවා අබරණ දරන තී වත්කළ දියදහරක් බඳු දිව දුහුලක් හැඳ කුසතණින් දැල්වුණු ගිනිසිළුවක් බඳු පත්‍ර සහිත හෝපලු කැනක් කනැ පැළඳ හොබනීය. තො කවරක් ද?
4066. මිගීව භන්තා සරචාපධාරිනා විරදිතා මන්දමිව උදික්ඛසි, කො තෙ දුතියො ඉධ මන්දලොචනෙ න භායසි එකිකා කානනෙ වනෙ.
4066. වැද්දකු විසින් විදිනලද පහර වැරද වූ බියපත් මුව දෙනකගේ මඳ බැල්ම මෙන් බලන්නෙහිය. මඳ බැලුම් ඇත්තිය, මෙහි තොපගේ කවර දෙවැන්නෙක් වේ ද? කානන නම් වූ වනයෙහි එකලා වූවා බිය නො වෙහි ද?
4067. න මෙ දුතියො ඉධමත්ථි කොසිය මසක්කසාරප්පභවම්භි දෙවතා, ආසා සූධාසාය තවන්තිමාගතා තං මං සුධාය වරපඤ්ඤ භාජය.
4067. කෝසිය තවුසාණනි, මෙහි මට දෙවැන්නෙක් නැත. මම් වනාහි තව්තිසා දෙව්ලොව උපන්නියක්මු. ආශා නම් වූ මම සුධාභෝජනය කෙරෙහි ආශාව හේතුකොටගෙන නුඹවහන්සේ සමීපයට ආමි. උතුම් ප්‍රඥා ඇති තාපසය, ඒ මට සුධාභෝජනය දුන මැනවි.
4068. ආසාය යන්ති වාණිජා ධනෙසිනො නාවං සමාරුය්හ පරෙන්ති අණ්ණවෙ, තෙ තත්ථ සීදන්ති අථොපි එකදා ජීනාධනා එන්ති විනට්ඨපාභතා.
4068. ධන සොයන වෙළෙන්දෝ ධනාශායෙන් නැව් නැග මහසයුරෙහි පරතෙරට යෙත්. ඔවුහු එහි ගිලෙති. වැළි ඇතැම් විට නැසුණු මාර්ගෝපකරණ ඇත්තාහු පිරිහුණු ධන ඇත්තෝ වන්නාහ.
4069. ආසාය ඛෙත්තානි කසන්ති කස්සකා වපන්ති බීජානි කරොන්තුපායසො, ඊතීනිපාතෙන අවුට්ඨිතාය වා න කිඤ්චි වින්දන්ති තතො ඵලාගමං.
4069. ගොවියෝ ආශායෙන් කෙත් සාති. බිජුවට වපුරති. උපාය වශයෙන් නොයෙක් දේ කරති. උවදුරු පැමිණීමෙන් හෝ වැසි නොලැබීමෙන් හෝ එයින් කිසි ප්‍රයෝජනයක් නො විඳිති.
4070. අථත්තකාරානි කරොන්ති භත්තුසු ආසං පුරක්ඛත්වා නරා සුඛෙසිනො, තෙ භත්තුරත්ථා අතිගාළ්භිතා පුන දිසා පනස්සන්ති අලද්ධ කිඤ්චනං.
4070. සැප සොයන්නා වූ මනුෂ්‍යයෝ ආශාව පෙරදැරි කොට ස්වාමිවරුන් පිණිස යුදබිම්හි වීර්‍ය්‍ය කරති. දැඩි වෙහෙස දරා ක්‍රියා කළ ඔහු නැවත කිසිවකුත් නොලබා පලායන්නාහ.
4071. ජහිත්ව ධඤ්ඤඤ්ච ධනඤ්ච ඤාතකෙ ආසාය සග්ගාධිමනා සුඛෙසිනො, තපන්ති ලූඛම්පි තපං චිරන්තරං කුම්මග්ගමාරුය්හ පරෙන්ති දුග්ගතිං.
4071. සැප සොයා ස්වර්ගාරෝහණය කරනු කැමැත්තෝ ධාන්‍ය ද ධනය ද නෑදෑයින් ද හැර ආශායෙන් බොහෝ කලක් මුළුල්ලේ රූක්ෂ වූ තපස් පවා රකිති. ඔවුහු කුමගට වැටී දුගතියට පැමිණෙති.
4072. ආසා විසංවාදිකසම්මතා ඉමෙ අසෙ සුධාසං විනයස්සු අත්තනි, න තාදිසී අරහති ආසනූදකං කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසි.
4072. මේ සත්වයෝ ආශාව නිසා රැවැටෙන්නාහ යි සම්මතව ඇත. ආශාවෙනි, තමා කෙරෙහි පවත්නා සුධාභෝජන ආශාව දුරුකරව. තී වැන්නෝ අසුන් හා ජලයවත් ලැබීමට සුදුසු නො වෙති. එබැවින් සුධාභෝජනය කොයින් ලැබේ ද? යව. තී මට නො රුස්නෙහි ය යි (තාපස තෙම කීය.)
4073. දද්දල්ලමානා යසසා යසස්සිනී ඡිඝඤ්ඤනාමව්හයනං දිසං පති, පුච්ඡාමි තං කඤ්චනවෙල්ලිවිග්ගහෙ ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා
4073. පරිවාර සම්පතින් දිලියෙමින් බටහිර දික්හි සිටින යසස් ඇති තී කිනම් වෙහි ද? රන්රුවකට බඳු සිරුර ඇත්තිය, ඒ කරුණ තොප විචාරමි. තෙපි එය මට කියව. කිනම් දේවතාවක් වෙහි ද?
4074. සද්ධාහං දෙවී මනුජෙසු පූජිතා අපාපසත්තූපනිසෙවිනී සදා, සුධාවිවාදෙන තවන්තිමාගතා තං මං සුධාය වරපඤ්ඤ භාජය.
4074. මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, මිනිසුන් කෙරෙහි සැම කල්හි පූජිත වූ, උසස් සත්වයන් විසින් සෙවුනාලද, මම සද්ධා නම් වෙමි. සුධාභෝජනය පිළිබඳ විවාදයෙන් නුඹ වහන්සේ වෙත ආමි. ඒ මට සුධාභෝජනය දුන මැනව.
4075. දානං දමං චාගමථොපි සංයමං ආදාය සද්ධාය කරොන්ති හෙකදා, ථෙය්යං මුසාකූටමථොපි පෙසුනං කරොන්ති හෙකෙ පුන විච්චුතා තාය.
4075. ඇතැම් කාලයෙක්හි සත්වයෝ තොප හා එක් වූවාහු දන් දීම ය, ඉන්ද්රියදමනය, පරිත්‍යාග ය, සිල් රැකීම ය, යන මේවා කරති. කිසි කලෙක්හි එම සත්වයෝ තීගෙන් වෙන් වූවාහු සොරකම ද බොරු කීම ද කූටකර්මය ද කේලාම් කීම ද කෙරෙත්.
4076. භරියාසු පොසො සදිසීසු පෙක්ඛවා සීලූපපන්නාසු පතිබ්බතාසුපි, විනෙත්වා ඡන්දං කුලධීතියාසුපි කරොති සද්ධං පන කුම්භදාසියා.
4076. සමාන ජාති ඇති සිල්වත් පතිව්රතා ගුණෝපේත කුල දුහිතෲන් වන භාර්ය්යාවන් කෙරෙහි ගිජු වූ පුරුෂ තෙම ඔවුන් කෙරෙහි ආශාව හැරදමා කුම්භදාසියගේ වචනය පවා අදහන්නේය.
4077. ත්වමෙව සද්ධෙ පරදාරසෙවිනී පාපං කරොසි කුසලම්පි රිඤ්චසි, න තාදිසි අරහසි ආසනූදකං කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසි.
4077. ශ්‍රද්ධාවෙනි, පුරුෂයා තීගේ වයසට පැමිණීමෙන් ම පරදාර සේවනය කරන හෙයින් තී පරදාර සේවනය කරන්නෙහි ය. පව් කරන්නෙහි ය. කුසල් හිස් කරන්නෙහි ය. තී වැන්නෝ අසුන් හා ජලය (පමණකුදු) ලැබීමට නො සුදුසු වෙති. සුධාභෝජනය කොයින් ලැබේ ද? යව. තී මට නො රුස්නෙහි ය යි (තවුසා කීය.)
4078. ජිඝඤ්ඤරත්තිං අරුණස්මිමූහතෙ යා දිස්සතී උත්තමරූපවණ්ණිනී, තථූපමා මං පටිභාසි දෙවතෙ ආචික්ඛ මෙ ත්වං කතමාසි අච්ඡරා.
4078. රාත්‍රි කාලයාගේ අවසන්හි අරුණෝද්ගමන වේලායෙහි උතුම් රූපයෙන් හා වර්ණයෙන් යුක්ත වූ යම් පූර්වදිශාවක් දක්නා ලැබේ ද, දෙව්දුව, තී එබඳුය යි මට වැටහෙ යි. තී කිනම් අප්සරාවක් දැ යි මට කියව.
4079. කාළා නිදාඝෙරිව අග්ගජාතිව අනිලෙරිතා ලොහිතපත්තමාලිනී, කා තිට්ඨසි මන්දමිවාවලොකයං භාසෙසමානාව ගිරං න මුඤ්චසි.
4079. නියං සමයෙහි පළමුව හටගත් සුළඟින් කම්පාවන්නා වූ ලේවන් කොළවලින් පිරිවැරුණු තළුවැලක් සේ මඳ බැල්මෙන් යුතුව කවර නම් තැනැත්තියක් සිටින්නේ ද? කථාකිරීමට කැමැත්ත දක්වන්නේ නමුදු වචන නො මුදන්නෙහි ය.
4080. හිරාහං දෙවී මනුජෙසු පූජිතා අපාපසත්තූපනිසෙවිනී සදා. සුධා විවාදෙන තවන්තිමාගතා සා තං න සක්කොමි සුධම්පි යාචිතුං කොපිනරූපා විය යාචනත්ථියා.
4080. තාපසයන් වහන්ස, මම වනාහි මිනිසුන් කෙරෙහි පූජිත වූ හැම කල්හි අලාමක සත්වයන් විසින් සෙවුනා ලද හිරි නම් දෙවඟන වෙමි. සුධා විවාදයෙන් ඔබ වෙත පැමිණි ඒ මම සුධාභෝජන ඉල්ලීමට ද නො හැක්කෙමි. ස්ත්‍රියගේ ඉල්ලීම වූකලී රහසඟ පෙන්වීම බඳු හෙයිනි.
4081. ධම්මෙන ඤායෙන සුගත්තෙ ලච්ඡසි එසො හි ධම්මො නහි යාචනා සුධා, තං තං අයාචන්තිමහං නිමන්තයෙ සුධාය යම්පිච්ඡසි තම්පි දම්මි තෙ.
4081. මනා සිරුරු ඇත්තිය, ස්වාභාවික ක්‍රමයෙන් සුධාභෝජනය ලබන්නෙහිය. ඉල්ලීමෙන් සුධාභෝජනය නො ලබන්නෙහිය. මේ වනාහි ස්වභාව ධර්මය වේ. එහෙයින් නො ඉල්ලන්නා වූ තිට මම සුධාභෝජනයෙන් නිමන්ත්‍රණය කරමි. එපමණක් නොව තී යමක් කැමති නම් එය ද තිට දෙමි.
4082. සා ත්වං මයා අජ්ජ සකම්හි අස්සමෙ නිමන්තිතා කඤ්චනවෙල්ලිවිග්ගහෙ තුවං හි මෙ සබ්බරසෙහි පූජියා තං පූජයිත්වාන සුධම්පි අස්මියෙ.
4082. ස්වර්ණරාශියකට බඳු ශරීර ඇත්තිය, ඒ නුඹ අද මා විසින් සිය අසපුවෙහි නිමන්ත්‍රණය කරන ලද්දෙහි ය, තී වනාහි මා විසින් හැම රසයෙන් පිදිය යුත්තී ය. තී පුදා මම ද සුධාභෝජනය වළඳන්නෙමි යි (තාපස තෙම කීය.)
4083. සා කොසියෙනානුමතා ජුතීමතා අද්ධා හිරි රම්මං පාවිසියස්සමං, උදඤ්ඤචන්තං ඵලමරියපූජිතං අපාපසත්තූපනිසෙවිතං සදා.
4083. අනුභාව සම්පන්න කෝසිය තවුසා විසින් අනුදන්නාලද ඒ හිරි නම් දිව්යාංගනා තොමෝ ඒ ඒ තැන්හි දිය ඇත්තා වූ, නොයෙක් පලතුරුවලින් ගැවසීගත්තා වූ, නීවරණ දෝෂයෙන් මිදුණු ධ්‍යානලාභීන් විසින් පුදනලද්දා වූ, අලාමක සත්වයන් විසින් සෙවුනා ලද, ආශ්රමයට පිවිසියා ය.
4084. රුක්ඛග්ගහණා බහුතෙත්ථ පුප්ඵිතා අම්බා පියාලා පනසා ච කිංසුකා, සොභඤ්ජනා ලොද්දමථොපි පද්මකා කෙකා ච භඞ්ගා තිලකා ච පුප්ඵිතා.
4084. මෙහි වනාහි මලින් හා පලින් සැදුම්ලත්, වෘක්ෂ සමූහයෝ බොහෝ වෙති. අඹ ය, මොර ය, කොස් ය, කෑල ය, මුරුංගා ය, ලොත් ය, පද්මක ය, කේතක ය, භංග ය, පිපියා වූ එරහැන්ද ය,
4085. සාලා කරෙරි බහුකෙත්ථ ජම්බුයො අස්සත්ථ නිග්රොධ මධුකා ච චෙතසා, උද්දාලකා පාටලිසින්ධුවාරිකා මනුඤ්ඤගන්ධා මුචලින්දකෙතකා.
4085. සල් ය, ලුණුවරණ ය, දඹ ය, ඇසතු ය, නුග ය, මී ය, හොමුවගු ය, ඇසළ ය, පලොල් ය, නික ය, මනා සුවඳැති මිදෙල්ල ය, පංචවිධ කේතකීවෘක්ෂ ය යන මොහු මෙහි බොහෝ වෙත්.
4086. හරෙණුනා වෙළුකා වෙණුතින්දුකා සාමාක නීවාරමථොපි චීනකා, මොචා කදලී බහුකෙත්ථසාලියො පවීහයො ආභුජිනො ච තණ්ඩුලා.
4086. අපරණ්ණ ගණයට අයත් හරේණුක (නම් ධාන්‍ය) ද වංසචොරක ද වල්මෑ ද තියඹරා ද බොඩහමු ද ඌරුහැල් ද යළි රජමෑ ද ඇටකෙහෙල් ද කෙහෙල් ද හැල් ද නොයෙක් වීවර්ග ද භුජපත්‍ර ද ස්වයංජාත සහල් ද මෙහි බොහෝ වෙති.
4087. තස්ස ච උත්තරෙ පස්සෙ ජාතා පොක්ඛරණී සිවා, අකක්කසා අපබ්භාරා සාධු අප්පටිගන්ධියා.
4087. ඒ අසපුවට උතුරු දෙසින් හටගත් යහපත් පොකුණෙක් ඇත. ඕ අකර්කශ ය. නො සුන් ඉවුරින් යුතු ය. සුවඳ දියෙන් සුවඳවත් ය.
4088. තත්ථ මච්ඡා සන්තිරතා ඛෙමිනො බහුභොජනා, සිඞ්ගු සවඞ්කා සකුලා සතවඞ්කා ච රොහිතා ආලිගග්ගරකාකිණ්ණා පාඨීනා කාකමච්ඡකා.
4088. ඒ පොකුණෙහි නිර්භය වූ ගොදුරු සුලභ වූ නිතොර වෙසෙන සිඞ්ගු ය, සවඞ්ක ය, සකුල ය, සතවංක ය, රෝහිත ය, ආලි ය, ගග්ගරක ය, පෙටි ය, කාකමච්ඡ ය යන මත්ස්‍යයෝ වෙති.
4089. තත්ථ පක්ඛී සන්තිරතා ඛෙමිනො බහුභොජනා, හංසා කොඤ්චා මයූරා ච චක්කවාකා ච කුක්කුභා කුණාලකා බහුචිත්රා සිඛණ්ඩී ජීවංජිවකා.
4089. එහි නිර්භය වූ සුලභ වූ ගොදුරු ඇති හංස ය, කොස් ළිහිණි ය, මොනර ය, සක්වාළිහිණි ය, ඇටිකුකුළු ය, කොවුල් ය, විසිතුරු පියාපත් ඇති බහුචිත්ර නම් පක්ෂි ය, ඔසවනලද මුදුන් ඇති මොනර ය, ජීවඤ්ජීවක ය යන පක්ෂීහු නිතර වෙසෙති.
4090. තත්ථ පානායමායන්ති නානාමිගගණා බහු, සීහා ව්යග්ඝා වරාහා ච අච්ඡකොකතරච්ඡයො.
4090. එහි බොහෝ වූ මෘග සමූහයෝ පැන් බීමට එති. එනම් සිංහයෝ ද, ව්‍යාඝ්‍රයෝ ද, ඌරෝ ද, වලස්සු ද, වෘකයෝ ද, කළුහිස්වලස්සු ද,
4091. පලාසාදා ච ගවජා මහිසා රොහිතා රුරූ, එණෙය්යා ච වරාහා ච ගණිනො නිඞ්කසූකරා.
4091. කඟවෙහෙණහු ද, ගවරු ද, මහිසයෝ ද, රෝහිත මෘගයෝ ද, රූරු මුවෝ ද, එණි මුවෝ ද, වරාහ නම් මුවෝ ද, ගෝන්නු ද සමූහ වශයෙන් ඇති නිංක නම් ඌරෝ ද,
4092. කදලිමිගා බහූ චෙත්ථ බිළාරා සසකණ්ණකා ඡමාගිරි පුප්ඵවිචිත්ර සන්ථතා දිජාභිඝුට්ඨා දිජසඞ්ඝසෙවිතා.
4092. කෙහෙල්මුවෝ ද, බළල්ලු ද සාවෝ ද කර්ණක මෘගයෝ ද එති. විසිතුරු මල් අතුරනලද භූමියෙහි වූ පිටිපහණ පක්ෂීන් විසින් ඝෝෂාකරනලද්දේ පක්ෂි සමූහයා විසින් සෙවුනාලද්දේ ද වෙයි.
4093. සා සුත්තවා නීලදුමාභිලම්බිතා විජ්ජු මහාමෙඝරිවානුපජ්ජථ, තස්සා සුසම්බන්ධ සිරං කුසාමයං සුචිං සුගන්ධං අජිනූපසෙවිතං අත්රිච්ඡකොච්ඡං හිරිමෙතදබ්රවි නිසීද කල්‍යාණි සුඛයිදමාසනං.
4093. මනා සිවි ඇති ඕ තොමෝ නිල්වන් වෘක්ෂශාඛාවන් පරාමර්ශනය කරමින් මහාමේඝයක් අතරින් දිස්වන විදුලියක් මෙන් පහළවූවා ය. හොඳින් සම්බන්ධ කළ ඌර්ධවභාග ඇති ඉතා කැමතිවිය යුතු කුශතෘණමය කොච්ඡ නම් අසුනක් පිරිසුදු සුවඳැති අඳුන්දිවිසමකින් සෙවුනාලදු ව පනවා, සුන්දරිය, මේ අසුන සුව වෙයි. මෙහි හිඳගනුව යි හිරි දෙව්දුවට තාපස තෙම කීය.
4094. තස්සා තදා කොච්ඡගතාය කොසියො යදිච්ඡමානාය ජටාජිනං ධරො, නවෙහි පත්තෙහි සයං සහූදකං සුධාභිහාසී තුරිතො මහාමුනි.
4094. කොච්ඡ නම් අසුනෙහි හුන් සුධාභෝජනය කැමැත්තා වූ ඒ හිරි නම් දෙව්දුවට දළමඬුලු අඳුන් දිවිසම් දරන කෝසිය මහතවුස් තෙම තමා විසින් එකෙණෙහි ගෙනෙනලද නෙළුම්පතින් දක්ෂිණොදකය සහිත සුධාභෝජනය වහා ගෙනවුත් එළවීය.
4095. සා තං පග්ගය්හ උභොගි පාණිහි ඉච්චබ්රවී අත්තමනා ජටාධරං, හන්දාහං එතරහි පූජිතා තයා ගච්ඡෙය්ය බ්රහ්මෙ තිදිවං ජිතාවිනී.
4095. ඕ තොමෝ එය දෑතින් පිළිගෙන තුටු සිත් ඇත්තී තවුසාට මෙසේ කීවාය. “දැන් මම නුඹ වහන්සේ විසින් ඒකාන්තයෙන් පුදන ලද්දෙමි. තවුසාණනි, ජයප්රාප්ත වූ මම දෙව්ලොවට යන්නෙමි” යී.
4096. සා කොසියානුමතා ජුතීමතා උදීරිතා වණ්ණමදෙන මත්තා, සකාසෙ ගන්ත්වාන සහස්සචක්ඛුනො අයං සුධා වාසව දෙහි මෙ ජයං.
4096. කෝසිය තවුසා විසින් අනුදන්නාලද අනුභාවසම්පන්න වූ වර්‍ණමදයෙන් මත් වූ ඒ හිරි නම් දෙව්දුව සක්දෙව්රජුගේ සමීපයට ගොස් “මේ සුධාභෝජනය වේ, මට දිනුම දෙව” යි කීවාය.
4097. තමෙන සක්කොපි තදා අපූජයි සහින්දා ච දෙවා සුරකඤ්ඤමුත්තමං, සා පඤ්ජලී දෙවමනුස්සපූජිතා නවම්හි කොච්ඡම්හි යදා උපාවිසි.
4097. ඇඳිලි බැඳගත් දෙව්මිනිසුන් විසින් පුදනලද ඒ හිරි නම් දෙව්දුව යම් කලෙක්හි අලුත් කොච්ඡ නම් අසුනෙහි හුන්නී ද එකල්හි ශක්‍ර තෙමේ ද ඒ උතුම් දෙවඟනට පූජා කෙළේ ය. ඉන්ද්රයා සහිත සෙසු දෙවියෝ ද (පරසතු මල් ආදියෙන්) ඇය පිදූහ.
4098. තමෙව සංසී පුනරෙව මාතලී සහස්සනෙත්තො තිදසානමින්දො, ගන්ත්වාන වාක්යං මම බ්රූහි කොසියං ආසාය සද්ධා සිරියා ච කොසිය හිරී සුධං කෙන මලත්ථ හෙතුනා.
4098. නැවත, දෙවියනට අධිපති වූ දහසක් නෙත් ඇති ශක්‍ර තෙම ඒ මාතලී දෙව්පුත්හට මෙසේ කීය. “මාතලිය, කෝසිය තවුසා වෙත ගොස් මාගේ මේ වචනය කියව. “කෝසිය තවුසාණනි, ආසා ය, සද්ධා ය, සිරි ය යන මොවුන් හැර හිරි දෙව්දුව කවර හේතුවකින් සුධාභෝජනය ලැබීදැ” යි අසව යි (කීය.)
4099. තං සුපලවත්ථං උදතාරයී රථං දද්දල්ලමානං උපකිරිය සාදිසං, ජම්බොනදීසං තපනෙය්ය සන්නිභං අලඞ්කතං කඤ්චනචිත්තසන්තිකං.
4099. මණ්ඩිත උපකරණයනට අනුකූල ව බබළන්නා වූ ගිනිසිළු බඳු දඹරන්මුවා රියහිස හා අටමඟලින් යුත් සරසනලද ඒ රිය සුවසේ ගමන් සඳහා පිළියෙළ කෙළේ ය.
4100. සුවණ්ණචන්දෙත්ථ බහූ නිපාතිතා හත්ථි ගවස්සා කිකිව්යග්ඝදීපියො, එණෙය්යකා ලඞ්ඝිමයෙත්ථ පක්ඛියො මිගෙත්ථ වෙළුරියමයා යුධායුතා.
4100. මේ රියෙහි රන්මුවා සඳරූ බොහෝ නෙළනලද යැ. රන්මුවා ඇත්-ගව-අස්-වනුරු-වග-දිවි-ඒණීමුව රූ නෙළන ලද යැ, මෙහි ඉගිලෙන සැහැවි ලිහිණි රූ ඇත. මෙහි වෙරළු මිණිමුවා මෘගයෝ යුද කෙරෙති.
4101. තත්ථස්සරාජහරයො අයොජයුං දසසතානි සුසුනාගසාදිසෙ, අලඞ්කතෙ කඤ්චනජාලුරච්ඡදෙ ආවෙළිකෙ සද්දගමෙ අසඞ්ගිතෙ.
4101. බලයෙන් තරුණ ඇතුන් හා සම වූ සරසනලද රන් දැල්මුවා උරසැදින් යුත්, ආවේලි නම් කර්ණාභරණ ඇති, කෙවිටි පහරක් නැති වැ ශබ්ද මාත්‍රයෙන් ම ගමන් කරනසුලු වූ, ශීඝ්‍රගාමී වූ නිල්වන් අස්රජුන් දහසක් ඒ රියෙහි යෙදූහ.
4102. තං යානසෙට්ඨං අභිරුය්හ මාතලී දසාදිසා ඉමා අභිනාදයිත්ථ, නභඤ්ච සෙලඤ්ච වනස්පතීනි ච සසාගරං පව්යථයිත්ථ මෙදිනිං.
4102. මාතලි නම් දිව්‍යපුත්‍ර තෙම ඒ උතුම් යානයට නැග මේ දශදිශාවන් ඒකනින්නාද කෙළේ ය. අහස ද, පර්වත ද, වනදෙටු ගස් ද සයුර සහිත පොළොව ද කම්පා කළේ ය.
4103. ස ඛිප්පමෙව උපගම්ම අස්සමං පාවාරමෙකංසකතො කතඤ්ජලී, බහුස්සුතං වද්ධං විනීතවන්තං ඉච්චබ්රවි මාතලි දෙවබ්රාහ්මණං.
4103. ඒ මාතලී නම් දිව්‍යපුත්‍ර තෙම වහා ම අසපුවට පැමිණ එකස් කොට පොරවනලද දිව්‍යවස්ත්‍ර ඇත්තේ බද්ධාඤ්ජලි වූයේ බහුශ්‍රුත වූ ගුණවෘද්ධ වූ විනීත පැවැත්මෙන් යුත් දෙවියන් සම බ්‍රාහ්මණයාහට මෙසේ කීය.
4104. ඉන්දස්ස වාක්යං නිසාමෙහි කොසිය දූතො අහං පුච්ඡති තං පුරින්දදො, ආසාය සද්ධා සිරියා ච කොසිය හිරී සුධං කෙන මලත්ථ හෙතුනා.
4104. කෝසිය තාපසයාණනි, ශක්‍රයාගේ වචනය අසනු මැනවි. මම ඔහුගේ දූතයෙමි. ශක්‍ර තෙම ඔබ විචාරයි. “කෝසිය තාපසයාණනි, ආසාවට ද ශ්රද්ධාවට ද ශ්‍රීයට ද වඩා කවර හේතුවකින් හිරි තොමෝ සුධාභෝජනය ලැබූ ද” යනු යි.
4105. අන්ධා සිරී මං පටිභාති මාතලී සද්ධා අනිච්චා පන දෙව සාරථි, ආසා විසංවාදිකසම්මතා හි මෙ හිරී ච අරියම්භි ගුණෙ පතිට්ඨිතා.
4105. මාතලිය, ශ්‍රී තොමෝ (ශිල්ප දන්නා නො දන්නා කවුරුනුත් සේවනය කරන හෙයින්) අන්ධ යැ යි මට වැටහෙයි. ශ්‍රද්ධා තොමෝ (ඒ ඒ වස්තූන් හැර වෙනත් වස්තූන්හි පිහිටන හෙයින්) අනිත්‍ය යැ යි මට වැටහෙයි. ආසාව වනාහි රැවටිලි ඇත්තී යැ යි සම්මත ය. හිරි තොමෝ වනාහි ආර්ය්යගුණයෙහි පිහිටියා යැ යි.
4106. කුමාරියො යාචිමා ගොත්තරක්ඛිතා ජිණ්ණා ච යා යා ච සභත්තුඉත්ථියො, තා ඡන්දරාගං පුරිසෙසු උග්ගතං හිරියා නිවාරෙන්ති සචිත්තමත්තනො.
4106. මාතලිය, ප්‍රවේණිධර්‍මය රක්නා වූ කුලගෙහි වැඩෙන කුමරියෝ ය, වැන්දඹු ස්ත්‍රීහු ය, ස්වාමිපුරුෂයන් යටතෙහි සිටින ස්ත්‍රීහු ය යන මේ ත්‍රිවිධ ස්ත්රීවර්ගයා ම පරපුරුෂයන් අරමුණු කොට තම සිතෙහි හටගත් ඡන්දරාගය හිරියෙන් වළකාලති.
4107. සඞ්ගාමසීසෙ සරසත්තිසංයුතෙ පරාජිතානං පතතං පලායිනං, හිරියා නිවත්තන්ති ජහිත්ව ජීවිතං තෙ සංපටිච්ඡන්ති පුනා හිරීමනා.
4107. ඊ පහරින් හා අඩයටි පහරින් යුත් යුදබිම්හි පරදිනවුන් ද වැටෙන්නවුන් ද පලායන්නවුන් ද අතර ලජ්ජායෙන් යුතුවූවාහු ජීවිතය හැරදමා නවතිත්. නැවත ඔවුහු තමන්ගේ ස්වාමියා මුදාගනිත්.
4108. වෙලා යථා සාගරවෙගචාරිණි හිරායං හි පාපජනං නිවාරණී, තං සබ්බලොකෙ හිරිමරියපූජිතං ඉන්දස්ස නං වෙදය දෙවසාරථි.
4108. සාගරවේගය වළකාලන වෙරළ මෙන් මේ හිරි තොමෝ ජනයා පවින් වළක්වන්නී ය. දෙවසාරථිය, ඒ හිරි තොමෝ මුළු ලෙව්හි පුදනලද්දී යැ යි ශක්‍රයාට කියව යි තාපසයා කීය.
4109. කො තෙ ඉමං කොසිය දිට්ඨිමොදහි බ්රහ්මා මහින්දො අථවා පජාපති, හිරායං දෙවෙසු හි සෙට්ඨසම්මතා ධීතා මහින්දස්ස මහෙසි ජායථ.
4109. කෝසිය තාපසය, මේ ලබ්ධිය ඔබගේ සිත්හි කවරෙක් පිහිටුවී ද? බ්‍රහ්මයා ද ශක්‍රයා ද නැතහොත් ප්‍රජාපති නම් දිව්‍ය පුත්‍රයා ද? මහර්ෂිය, ශක්‍රයාගේ දුහිතෘ වූ මේ හිරි තොමෝ දෙවියන් අතර ශ්‍රේෂ්ඨ යැ යි සම්මත වී යැ යි මාතලී දෙව්පිත් කීය.
4110. හන්දෙහිදානි තිදිවං සමක්කම රථං සමාරුය්හ මමායිතං ඉමං, ඉන්දො ච තං ඉන්දසගොත්ත කඞ්ඛති අජ්ජෙව ත්වං ඉන්දසහව්යතං වජ.
4110. කෝසිය තාපසයන් වහන්ස, එනු මැනවි. මේ දිවියෙන් ච්‍යුත වන නුඹ වහන්සේ මා විසින් ගෙනෙනලද මේ රියට නැග දෙව් ලොවට ගමන් කරන සේක්වා. ඉන්ද්රයාට සම ගෝත්‍ර ඇති තාපසයන් වහන්ස, ඉන්ද්‍ර තෙමේ ද ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. නුඹ වහන්සේ අද ම ඉන්ද්රයා හා එක්ව විසීමට යනු මැනවැ යි මාතලී දෙව්පිත් කීය.
4111. එවං සමිජ්ඣන්ති අපාපකම්මිනො අථො සුචිණ්ණස්ස ඵලං න නස්සති, යෙ කෙචි මද්දක්ඛු සුධාය භොජනං සබ්බෙව තෙ ඉන්දසහව්යතං ගතාති.
4111. පව්කම් නැත්තෝ මෙසේ පිරිසුදු වෙති. තවද, මනාව පුරුදු කරනලද කර්මයාගේ විපාකය නො නැසේ. යම් කෙනෙක් ශක්‍රයාගේ සුධාභෝජන දානය දුටුහු ද, ඒ සියල්ලෝ ම ශක්‍රයා සමග විසීමට ගියාහු ය.
4112. හිරී උප්පලවණ්ණාසි කොසියො දානපති භික්ඛු, අනුරුද්ධො පඤ්චසිඛො ආනන්දො ආසි මාතලී.
4112. හිරි දෙව්දූ උප්පලවණ්ණා මෙහෙණ යි. දානපති භික්ෂුව කෝසිය තවුස් විය. අනුරුද්ධ ස්ථවිර පංචසිඛ නම් දිව්‍යපුත්‍ර විය. ආනන්ද ස්ථවිර මාතලී රියැදුරු විය.
4113. සුරියො කස්සපො භික්ඛු මොග්ගල්ලානොසි චන්දිමා, නාරදො සාරිපුත්තොසි සම්බුද්ධො ආසි වාසවොති.
4113. සූර්ය්ය දිව්‍යපුත්‍ර නම් කස්සප භික්ෂු ය. චන්ද්‍ර දිව්‍යපුත්‍ර මොග්ගල්ලාන ස්ථවිර ය. නාරද ඍෂි නම් ශාරිපුත්‍ර ස්ථවිර ය. ශක්‍ර වූයෙම් සම්බුදු වූ මම වේදැ යි වදාළසේක.
සුධාභොජනජාතකං.
සුධාභෝජන ජාතක යි.