2. මහාහංසජාතකං
2. මහාහංසජාතකං.
2. මහාහංස ජාතකය
3913. එතෙ හංසා පක්කමන්ති වක්කඞ්ගා භයමෙරිතා, හරිත්තච හෙමවණ්ණ කාමං සුමුඛ පක්කම.
3913. රන්වන් සිවිය ඇති හෙයින් ස්වර්ණ වර්ණ වූ සුන්දර වූ මුඛ ඇත්තා වූ සුමුඛ ය, බියෙන් තැතිගත් මේ හංසයෝ බැහැර යෙත්. නුඹ ද යව.
3914. ඔහාය මං ඤාතිගණා එකං පාසවසං ගතං, අනපෙක්ඛමානා ගච්ඡන්ති කිං එකො අවහිය්යසි.
3914. තනිව මළපුඬුවෙහි අසු වූ මා හැරදමා ඤාති සමූහයෝ අපේක්ෂා රහිත වූවාහු යෙත්. එකලා වූ තෝ කුමක් හෙයින් පසුබස්නෙහි ද?
3915. පතෙව පතතං සෙට්ඨ නත්ථි බද්ධෙ සහායතා, මා අනීඝාය හාපෙසි කාමං සුමුඛ පක්කම.
3915. ශ්‍රේෂ්ඨ පක්ෂිය, තෝ ද පැනයව. බැඳුණහු කෙරෙහි යහළුබවෙක් නැත. නිදුක් බැවින් නො පිරිහෙව. සුමුඛය, ඒකාන්තයෙන් බැහැර යව.
3916. නාහං දුක්ඛපරෙතොති ධතරට්ඨ තවං ජහෙ, ජීවිතං මරණං වා මෙ තයා සද්ධිං භවිස්සති.
3916. ධතරට්ඨනම් මහරජ, මම දුකින් පෙළුණෙමැ යි කියා ඔබ අත් නො හරිමි. මාගේ ජීවිතය හෝ මරණය හෝ ඔබ සමග වන්නේ ය.
3917. නාහං දුක්ඛපරෙතොති ධතරට්ඨ තවං ජහෙ, න මං අනරියසංයුත්තෙ කම්මෙ යොජෙතුමරහසි.
3917. ධතරට්ඨ නම් මහරජ, මම දුකින් පෙළුණෙමැ යි කියා ඔබ නො හරිමි. මිත්‍රද්‍රෝහි අනාර්‍ය්‍යයන්ගේ කාර්ය්යයෙක්හි මා යොදවන්නට නුසුදුස්සෙහි ය.
3918. සකුමාරො සඛාත්යස්මි සචිත්තෙ චස්මිං තෙ ඨිතො, ඤාතො සෙනාපති ත්යාහං හංසානං පවරුත්තම.
3918. හංසරාජය, මම ඔබ හා සමාන ව උපන් බැවින් සමාන කුමාර වෙමි. එක්ව වැඩුණු බැවින් යහළුවා ද වෙමි. ඔබ සිතැඟි පරිදි හැසිරෙන්නෙක් ද වෙමි. සෙන්පතියකු වශයෙන් ද ප්‍රකට වූයෙමි.
3919. කථං අහං විකත්ථිස්සං ඤාතිමජ්ඣෙ ඉතො ගතො, තං හිත්වා පතතං සෙට්ඨ කින්තෙ වක්ඛාමිතො ගතො ඉධ පාණං චජිස්සාමි නානරියං කත්තුමුසසහෙ.
3919. මෙයින් ගියා වූ මම නෑයන් මැද කෙසේ කියන්නෙම් ද, පක්ෂි ශ්‍රේෂ්ඨය, ඔබ හැර මෙයින් ගියා වූ මම ඤාතීන් විසින් විචාරන ලද්දෙම් ඔවුන්ට කුමක් කියම් ද? මෙහි ම පණ හරින්නෙමි. අනාර්‍ය්‍ය ක්‍රියාවක් කරන්නට උත්සාහ නො කරමි.
3920. එසො හි ධම්මො සුමුඛ යං ත්වං අරියපථෙ ඨිතො, යො භත්තාරං සඛාරං මං න පරිච්චත්තුමුස්සහෙ.
3920. සුමුඛය, ස්වාමි වූ ද යහළු වූ ද මා හැර යන්නට යම් හෙයකින් තෙපි උත්සාහ නො කරවු ද ඒ තෙපි ආර්‍ය්‍ය මාර්ගයෙහි පිහිටියහු ය. මෙය වනාහි පුරාතන ධර්මය වන්නේ ය.
3921. තං හි මෙ පෙක්ඛමානස්ස භයං න ත්වෙව ජායති, අධිගච්ඡසි ත්වං මය්හං එවම්භූතස්ස ජීවිතං.
3921. නුඹ දක්නා වූ මට වනාහි බියෙක් නොම උපදී. මෙසේ වූ මාගේ ජීවිතය ඔබ ලබාදුන්නහු ය.
3922. ඉච්චෙව මන්තයන්තානං අරියානං අරියවුත්තිනං, දණ්ඩමාදාය නෙසාදො ආපදී තුරිතො භුසං.
3922. ආර්‍ය්‍ය වූ ආර්‍ය්‍ය පැවතුම් ඇත්තා වූ හංසයන් මෙසේ මන්ත්‍රණය කරමින් සිටිද්දී ම වැදිපුත්ර තෙම දැඩි වූ මුගුරක් ගෙන වහා පැමිණියේ ය.
3923. තමාපතන්තං දිස්වාන සුමුඛො අපරිබ්රූහයි, අට්ඨාසි පුරතො රඤ්ඤො හංසො විස්සාසයං ව්යථං.
3923. එන්නා වූ ඒ වැද්දා දැක සුමුඛ තෙමේ “බිය නො වව” යි මහ හඬින් කී ය. සුමුඛ නම් හංස තෙම බියපත් වූ හංස රජුට විශ්වාසය ඇති කරවමින් හංස රජු ඉදිරිපිට සිටියේ ය.
3924. මා භායි පත්තං සෙට්ඨ නහි භායන්ති තාදිසා, අහං යොගං පයුඤ්ඡස්සං යුත්තං ධම්මූපසංහිතං. තෙන පරියාපදානෙන ඛිප්පං පාසා පමොක්ඛසි.
3924. පක්ෂි ශ්‍රේෂ්ඨය, බිය නො වව, තොප වැන්නෝ බිය නොවෙත්. මම දැහැමි වූ ස්ථානෝචිත උත්සාහයක් කරන්නෙමි. ඒ උත්සාහ කිරීමෙන් මළ පුඬුවෙන් වහා මිදෙන්නෙහි ය.
3925. තස්ස තං වචනං සුත්වා සුමුඛස්ස සුභාසිතං, පහට්ඨලොමො නෙසාදො අඤ්ජලිස්ස පණාමයි.
3925. ඒ සුමුඛයාගේ සුභාෂිත වූ ඒ වචන අසා හටගත් රෝමොද්ගමනය ඇති වැද්දා ඔහුට ඇඳිලි බැන්දේ ය.
3926. න මෙ සුතං වා දිට්ඨං වා භාසන්තො මානුසිං දිජො, අරියං බ්රුවානො වක්කඞ්ගො චජන්තො මානුසිං ගිරං.
3926. මිනිස් හඬ නිකුත් කරමින් නිදොස් ව මිනිස් බස් කියන පක්ෂියෙක් මින් පෙර මා විසින් නො දක්නා ලදී. නො අසන ලද්දේ ද වෙයි.
3927. කින්නු තායං දිජො හොති මුත්තො බද්ධං උපාසසි, ඔහාය සකුණා යන්ති කිං එකො අවහීයසි.
3927. (පාසයෙන්) මිදුණා වූ නුඹ, බැඳුණා වූ මොහු සමීපයෙහි හිඳින්නෙහි ය. තට මේ පක්ෂියා කවරෙක් වෙයි ද? අනිත් පක්ෂීහු මොහු හැරයෙත්. තනි නුඹ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
3928. රාජා මෙ සො දිජාමිත්ත සෙනාපච්චස්ස කාරයිං, තමාපදෙ පරිච්චත්තුං නුස්සහෙ විහගාධිපං.
3928. පක්ෂීන්ගේ සතුරු වූ වැද්දාණනි, මෙතෙම මගේ රජ ය. මම මොහුගේ සෙන්පති බව කරවීමි. ඒ පක්ෂිරාජයා විපතෙහි හැරපියන්නට උත්සාහ නොකරමි.
3929. මහාගණාය භත්තා මෙ මෙ එකො ව්යසනං අගා, තථා තං සම්ම නෙසාද භත්තායං අභිතො රමෙ.
3929. මහත් හංස සමූහයාගේ ද මාගේ ද ස්වාමි වූ මෙතෙම තනිව විපතට නො පැමිණේවා. යහළු වැදි පුත්‍රය, එය එසේ ම ය. මෙතෙම මාගේ ස්වාමියා වේ. මම මොහු සමීපයෙහි සිත් අලවා වෙසෙමි.
3930. අරියවත්තසි චක්කඞ්ග යො පිණ්ඩමපචායසි, චජාමි තෙ තං භත්තාරං ගච්ඡථූභො යථා සුඛං
3930. හංසය, යමෙක් ස්වාමියාගෙන් ලත් පිණ්ඩාහාරයට පුදන්නෙහි ද, ඒ නුඹ ආර්‍ය්‍යයන්ගේ පැවැත්මෙන් යුක්ත වෙහි. මම නුඹගේ ඒ ස්වාමියා හරිමි. දෙදෙන සුවසේ යවු.
3931. සචෙ අත්තප්පයොගෙන ඔහිතො හංසපක්ඛිනං, පතිගණ්හාම තෙ සම්ම එතං අභයදක්ඛිණං.
3931. මිත්‍රය, ඉදින් ඔබ විසින් ස්වකීය ප්‍රයෝජනය පිණිස හංසයන්ට හා වෙනත් පක්ෂීන්ට උගුල අටවන ලද්දේ නම් ඔබගේ මේ අභය දානය පිළිගනිමි.
3932. නො චෙ අත්තප්පයොගෙන ඔහිතො හංසපක්ඛිනං, අනිස්සරො මුඤ්චමම්භෙ ථෙය්යං කයිරාසි ලුද්දක.
3932. ඉදින් ඔබ විසින් තමන්ගේ ප්‍රයෝජනය සඳහා හංසයන්ට සහ වෙනත් පක්ෂීන්ට උගුල අටවන ලද්දේ නො වේ නම්, නුඹ අධිපති නො වෙහි ය. වැදිපුත්‍රය, අප මුදා හරින්නා වූ නුඹ සොරකමක් කරන්නෙහි ය.
3933. යස්ස ත්වං භතකො රඤ්ඤො කාමං තස්සෙව පාපය, තත්ථ සංයමනො රාජා යථාභිඤ්ඤං කරිස්සති.
3933. නුඹ යම් රජකුගේ බැළයෙක් වෙහි ද ඒකාන්තයෙන් ඔහු වෙතට ම අප පමුණුව. එහි දී ඇණවුම් සහිත රජ තෙම අභිමත වූවක් කරන්නේ ය(යි හංස සේනාපතියා කීයේ ය.)
3934. ඉච්චෙව වුත්තො නෙසාදො හෙමවණ්ණෙ හරිතතචෙ, උභො හත්ථෙහි සඞ්ගය්හ පඤ්ජරෙ අජ්ඣවොදහි.
3934. මෙසේ කියනු ලැබූ වැදි තෙම රන්වන් සිවි ඇති ස්වර්ණ වර්ණවූ ඒ හංස රාජයන් දෙදෙන දෙඅතින් අල්ලාගෙන මැදිරිවල තැබීය.
3935. තෙ පඤ්ජරගතෙ පක්ඛී උභො හස්සරවණ්ණිනෙ, සුමුඛං ධතරට්ඨඤ්ච ලුද්දො ආදාය පක්කමි.
3935. ප්‍රභාස්වර වූ වර්ණ ඇති සුමුඛ, ධතරට්ඨ යන ඒ පඤ්ජරගත පක්ෂීන් දෙදෙන ගෙන වැද්දා ගියේ ය.
3936. හරීයමානො ධතරට්ඨො සුමුඛං එතදබ්රවි, බාළ්හං භායාමි සුමුඛ සාමාය ලක්ඛණූරුයා අස්මාකං වධමඤ්ඤාය අථත්තානං වධිස්සති.
3936. ගෙන යනු ලබන්නාවූ ධතරට්ඨ නම් හංස තෙම සුමුඛ නම් හංසයාට මෙය කීය. එම්බා සුමුඛය, රන්වන් අලංකාර ඌරු යුග්මයක් ඇති (භාර්‍ය්‍යාවගේ) මරණයට දැඩිව බියවෙමි. අපගේ මරණය අසා ඕ තමාම නැසෙන්නී ය.
3937. පාකහංසා ච සුමුඛ සුහෙමා හෙමසුත්තවා, කොඤ්චී සමුද්දතීරෙව කපණා නූන රුච්ඡති.
3937. සුමුඛය, පාකහංස දුහිතෘ වූ රන්වන් මනා සිවිය ඇති සුහේමා නම් වූ ඕ තොමෝ (මුහුදෙහි වැටී ස්වාමියා මළ කල්හි) වෙරළෙහි සිට බැගෑපත්ව හඬන කොස්ළිහිණිදෙනක මෙන් හඬන්නීය යි සිතමි.
3938. එවං මහන්තො ලොකස්ස අප්පමෙය්යො මහාගණී, එකිත්ථිමනුසොචෙය්ය න ඉදං පඤ්ඤවකොමිව
3938. මෙසේ හංස ලෝකයාගේ ගෞරවයට සුදුසු වූ අප්‍රමේය ගුණ ඇති ගණ ප්‍රධාන වූ ඔබ එකම හංස ධේනුවක සඳහා ශෝක කරන්නහුය. මෙය නුවණැත්තකුට නොගැළපෙන්නෙකි.
3939. වාතො ව ගන්ධමාදෙති උභයං ඡෙකපාපකං, බාලො ආමකපක්කං ව ලොලො අන්ධො ව ආමිසං.
3939. මහරජ, සුගන්ධ දුර්ගන්ධ දෙකම (නොතෝරා) ගන්නා වූ වාතය මෙන් ද, (අඹ දඹ ඈ ඵලහරිත ගසක් යට හිඳ) පැසුණු නොපැසුණු විසින් විභාග නොකොට අතට අසුවූවක් ගෙන කන්නාවූ කුඩා ළමයකු මෙන් ද රස තෘෂ්ණායෙන් ආහාරයක් බුදින ලොල්වූ අන්ධයකු මෙන් ද,
3940. අවිනිච්ඡයඤ්ඤු අත්ථෙසු මන්දොව පටිභාසි මං, කිච්චාකිච්චං න ජානාසි සම්පත්තො කාලපරියායං.
3940. මරණාසන්න අවස්ථාව පැමිණියා වූ ඔබ යම් හෙයකින් කළයුත්ත නොකළයුත්ත නොදන්නහු ද, කාරණාකාරණයන්හි විනිශ්චය නොදන්නාහු ද, එහෙයින් ඔබ අන්ධ බාලයකු මෙන් මට වැටහෙයි.
3941. අඩ්ඪුම්මත්තො උදීරෙසි යො සෙය්යා මඤ්ඤසිත්ථියො, බහුසාධාරණා හෙතා සොණ්ඩානංව සුරාඝරං.
3941 යමෙක් ස්ත්‍රීහු උතුම් යයි හඟින්නේ නම් හෙතෙම අඩක් උමතු වූවකු මෙන් කථාකරන්නේ ය. මේ ස්ත්‍රීහු නම් සුරා සොඬුන්හට සුරා සැල මෙන් බොහෝ දෙනකුට සාධාරණ වෙති.
3942. මායා චෙසා මරිචී ච සොකො රොගො චුපද්දවො, ඛරා ච බන්ධනා චෙතා මච්චුපාසො ගුහාසයො තාසු යො විස්සසෙ පොසො සො නරෙසු නරාධමො.
3942. තවද මේ ස්ත්‍රීහු නම් (පුරුෂයන් රවටන හෙයින්) මායාවක් වැන්න. (අතට අසු නොවන හෙයින්) මිරිඟුවක් වැන්න. (තමන් ඇසුරු කරන්නවුනට ශෝකය හා කාශස්වාසාදී රෝගත් ඇතිකරන හෙයින්) ශෝක රෝගාදි උපද්‍රවයනට හේතුය, ක්රෝධාදීන් තද බැවින් කෲරය, අන්දු බන්ධනාදියට හේතුය. මේ ස්ත්‍රී නම් ශරීර ගුහාව ඇසුරු කරන්නා වූ මාර පාසය කි. එ බඳු ස්ත්‍රීන් කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාස කෙරේ නම් හේ මිනිසුන් අතුරෙහි අධම මිනිසෙකි. (සුමුඛයා කී ය).
3943. යං වුද්ධෙහි උපඤ්ඤාතං කො තං නින්දිතුමරහති, මහාභූතිත්ථියො නාම ලොකස්මිං උදපජ්ජිසුං.
3943. මාතුගාම සංඛ්‍යාත වූ යම් වස්තුවක් නුවණැත්තන් විසින් ම දක්නා ලද ද, ඒ ස්ත්‍රියට නින්දා කරන්නට කවරෙක් සුදුසු වේ ද? මහත් ගුණැති ස්ත්‍රීහු නම් ලෝකයෙහි පළමුකොට උපන්නාහුය.
3944. ඛිඩ්ඩා පණිහිතා ත්‍යාසු රති ත්‍යාසු පතිට්ඨිතා, බීජානි ත්‍යාසු රූහන්ති යදිදං සත්තා පජායරෙ තාසු කො නිබ්බිදෙ පොසො පාණමාසජ්ජ පාණහි.
3944. සුමුඛය, ඒ ස්ත්‍රීන් කෙරෙහි කායවචී ක්‍රීඩාවෝ ද පිහිටියාහ. ඒ ස්ත්‍රීන් කෙරෙහි පස්කම් ගුණයෙහි ආලය ද පිහිටි යේය. (බුදු පසේ බුදු ආදි) යම් සත්ව කෙනෙක් උපදිත් නම් ඒ බීජයෝ ද ඔවුන් කෙරෙහි ම වැඩෙති. දිවි හැරීමෙන් වුව ද කවර නම් පුරුෂයෙක් ඔවුන් කෙරෙහි කලකිරෙන්නේ ද?
3945. ත්වමෙව නඤ්ඤො සුමුඛ ථිනං අත්ථෙසු යුඤජසි, තස්ස ත්යාජ්ජ භයෙ ජාතෙ භීතෙන ජායතෙ මතී.
3945. සුමුඛය, අනෙකකු නොව නුඹ ම ස්ත්රීන්ගේ කටයුතුවල යෙදෙන්නෙහිය. ඒ නුඹට අද බිය ඇතිවූ කල්හි ඒ මරණ බිය නිසා ස්ත්රීන්ගේ අගුණ දැකීමෙහි තියුණු නුවණක් ඇතිවිය යි හඟිමි.
3946. සබ්බො හි සංසයං පත්තො භයං භීරූ තිතික්ඛති, පණ්ඩිතා ච මහත්තානො අත්ථෙ යුඤ්ජන්ති දුය්යුජෙ.
3946. ජිවිතසංසයට පත් සියලු දෙන ම ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතැතිව ඒ බිය ඉවසත්. පණ්ඩිත වූ, මහාත්මයෝ දුකසේ යෙදියයුතු අර්‍ත්‍ථයෙහි (වැඩවල) යෙදෙත්.
3947. එතදත්ථාය රාජානො සූරමිච්ඡන්ති මන්තිනං, පටිබාහති යං සූරො ආපදං අත්තපරියායං.
3947. මේ සඳහා රජවරු ශූර මන්ත්රියකු කැමතිවෙති. යම් හෙයෙකින් ශූරතෙමේ ස්වාමියාට පැමිණි ආපදාවන් වළකාලයි ද ආත්මාරක්ෂාවත් සිද්ධ කෙරේ ද එහෙයිනි.
3948. මා නො අජ්ජ විකන්තිංසු රඤ්ඤො සූදා මහානසෙ, තථාහි වණ්ණො පත්තානං ඵලං වෙළුංව තං වධි.
3948. (සුමුඛය,) අද රජුගේ අරක්කැමියෝ මුළුතැන්ගෙහිදී අප නොකපත්වා. යම්සේ හුණ ඵලය, හුණ ගස නසන්නේද, අපගේ පියාපත්වල වර්ණද එසේය. අපගේ විනාශයට (හේතුය) එසේ තා ද මා ද නො නසව.
3949. මුත්තො න ඉච්ඡි ඔඩ්ඩෙතුං බන්ධං උපාගමි, සොපජ්ජ සංසයං පත්තො අත්ථං ගණ්හාහි මා මුඛං.
3949. වැදි පුත්‍රයා විසින් මුදන ලද්දේ ද පියාඹා යන්නට නොකැමැති වූවෙහිය. තෙමේ ම බන්ධනයට එළැඹියෙහි. හෙද දැන් ජීවිත සැකයට පැමිණියේය. අප මිදෙන කරුණක් සිතා ගනුව. (ස්ත්රීන්ට නින්දා කිරීම පිණිස) මුව විවෘත නො කරව.
3950. සො තං යොගං පයුඤ්ජස්සු යුත්තං ධම්මූපසංහිතං, තවං පරියාපදානෙන මම පාණෙසනං චර.
3950. (යහළු සුමුඛය,) ඒ නුඹ පළමු කී දැහැමින් යුත් උත්සාහය යොදව. තොපගේ ඒ පිරිසිදු වූ උත්සාහයෙන් මාගේ ජීවිතය සෙවීම කරව (යි හංස රජ කීයේ ය.)
3951. මාභායි පතතං සෙට්ඨ නහි භායන්ති තාදිසා, අහං යොගං පයුඤ්ජිස්සං යුත්තං ධම්මූපසංහිතං, මම පරියාපදානෙන ඛිප්පං පාසා පමොක්ඛසි.
3951. පක්ෂිරාජය, බිය නොවව, ඔබ වැන්නෝ බිය නො වෙති. මම දැහැමින් යුත් සුදුසු උත්සාහයක් යොදන්නෙමි. මාගේ ඒ පිරිසුදු උත්සාහයෙන් වහා දුඃඛපාසයෙන් මිදෙන්නෙහිය. (සුමුඛයා කීයේ ය).
3952. ස ලුද්දො හංසකාජෙන රාජද්වාරං උපාගමි, පටිවෙදෙථ මං රඤ්ඤො ධතරට්ඨායමාගතො.
3952. ඒ වැදිතෙම හංසයන් රැගත් කදින් යුක්තව රජගෙදර දොරටුවට එළඹියේය. මා පැමිණි බව රජුට කියවු. මේ ධතරට්ඨ නම් හංස රජු ද ආයේය යි ද රජුට දන්ව වු (යි දොරටුපාලයාට කීයේ ය).
3953. තෙ දිස්වා පුඤ්ඤසඞ්කාසෙ උභො ලක්ඛඤ්ඤසම්මතෙ, ඛලු සඤ්ඤමනො රාජා අමච්චෙ අජ්ඣභාසථ.
3953. තමන්ගේ පිනට සරිලන, ශ්‍රේෂ්ඨය යි සම්මත ඒ හංසයන් දෙදෙන දැක සතුටු සිත් ඇති රජතෙම ඇමතියන්ට මෙසේ කීය.
3954. දෙථ ලුද්දස්ස වත්ථානි අන්නං පානඤ්ච භොජනං, කාමං කරො හිරඤ්ඤස්ස යාවන්තො එස ඉච්ඡති.
3954. මේ වැද්දාට වස්ත්‍ර ද, ආහාර පාන ද භෝජන ද දෙවු. මේ තෙම යම්තාක් කැමැත්තේ නම් ඒ තාක් අමුරන් දෙවු යි.
3955. දිස්වා ලුද්දං පසන්නත්තං කාසිරාජා තදාබ්රවි, යදායං සම්ම ඛෙමක පුණ්ණා හංසෙහි තිට්ඨති.
3955. කසී රජතෙම පහන් වූ ඒ වැද්දා දැක මෙසේ කීය. යහළු ඛේමක නම් වැද්දාණෙනි, ඉදින් අපගේ පොකුණ හංසයන්ගෙන් පිරීපවතී නම්,
3956. කථං රුචිං මජ්ඣගතං පාසහත්ථො උපාගමි, ඔකිණ්ණං ඤාතිසඞ්ඝෙහි නිමජ්ඣිමං කථං ගහි.
3956. මනා දැකුම් ඇති හංසයන් මැද සිටියා වූද හංසයන් විසින් පිරිවරන ලද්දා වූ ද මේ හංස රාජයා වෙතට මළ පුඬුව ගත් අත් ඇතිව ගියෙහි ද? මේ නුඹ, හංස රාජයා කෙසේ අල්ලාගත්තෙහි ද?
3957. අජ්ජ මෙ සත්තමා රත්ති ආදානානි උපාසතො, පදමෙතස්ස අන්වෙසං අප්පමත්තො ඝටස්සිතො.
3957. මොහු ගොදුරු ගන්නා තැන් සොයා යන්නා වූ මට අද සත්වැනි රැය ය. මම මොහුගේ පියවර සොයමින් චාටිපඤ්ජරයක් ඇසුරු කරමින් අප්‍රමාද වීමි.
3958. අථස්ස පදමද්දක්ඛිං චරතො අදනෙසනං, තත්ථාහං ඔදහිං පාසං එවෙතං දිජමග්ගහිං.
3958. ඉක්බිති ගොදුරු පිණිස හැසිරෙන්නා වූ මොහුගේ පියවර දැක්කෙමි. මම එහි පාසය බහාලීමි. මෙසේ මේ පක්ෂියා ගත්තෙමියි (වැද්දා කීයේ ය.)
3959. ලුද්ද ද්වෙ ඉමෙ සකුණා අථ එකොති භාසසි, චිත්තන්නු තෙ විපරියත්තං ආදු කින්නු ජිගිංසසි.
3959. එම්බල වැදිපුත්‍රය, මේ පක්ෂීහු දෙදෙනෙක් වෙති. එසේ ඇති කල්හි එකෙකැයි කියන්නෙහිය. කිම, තාගේ සිත පෙරළී ද? නැතහොත් අනෙකා අනිකකුට දෙනු කැමැත්තෙහිද?
3960. යස්ස ලොහිතකා තාළා තපනෙය්යනිභා සුභා, උරං සංහච්ච තිට්ඨන්ති සො මෙ බන්ධං උපාගමි.
3960. (මහරජ,) මේ පක්ෂියකුගේ රත් රන් වන් රේඛාවෝ බබළමින් ගෙල වටා ගොස් උදරයට හැපී සිටිද්ද, හෙතෙම මාගේ බන්ධනයට පැමිණියේ ය.
3961. අථායං භස්සරො පක්ඛී අබද්ධො බද්ධමාතුරං, අරියං බ්රුවානො අට්ඨාසි වජන්තො මානුසිං ගිරං.
3961. ඉක්බිති මේ ප්රභාස්වරවූ පක්ෂිතෙම නොබැඳුණේ, බැඳුණු ගිලන් වූ ස්වාමියා සනසමින් (ඉදිරියට පැමිණ) මා සමග මිනිස් තෙපුලෙන් කථාකරමින් සිටියේයයි (වැද්දා කීයේ ය.)
3962. අථ කින්නුදානි සුමුඛ හනුං සංහච්ච තිට්ඨසි, ආදු මෙ පරිසං පත්තො භයා භීතො න භාසසි.
3962. සුමුඛය, එසේ ඇතිකල්හි දැන් කුමක් හෙයින් හනු එකට තද කොට ගෙන සිටිනෙහි ද? කිමෙක් ද? මාගේ පිරිසට පැමිණියේ බියෙන් තැතිගත්තෙහි කථා නොකෙරෙහිදැ යි රජ ඇසී ය.
3963. නාහං කාසිපතී භීතො ඔගය්හ පරිසං තව, නාහං භයා න භාසිස්සං වාක්යං අත්ථස්මිං තාදිසෙ.
3963. කසීරටට අධිපති මහරජතුමනි, මම ඔබගේ පිරිසට වැද බියපත්වූයෙම් නොවෙමි. මම බියෙන් නො බෙණෙන්නෙම් ද නොවෙමි. කථාකළයුතු සුදුසු අවස්ථා යෙහි කථා කරමි යි සුමුඛයා කීයේ ය.
3964. න තෙ අභිසරං පස්සෙ න රථෙ නපි පත්තිකෙ, නාස්ස චම්මංව කීටං වා වම්මිතෙ ච ධනුග්ගහෙ.
3964. තට රැකවරණ කරගෙන සිටින පිරිසක් නොදකිමි. රිය ද නොදකිමි. පාබළ සෙනගක් ද නොදකිමි. ඊ පහර වළකාලන චර්මයක් ද නොදකිමි. චාටිකපාලයක් ද නොදකිමි. යුද ඇඳුමින් සැරැසුණු ධනුර්ධරයන් ද නොදකිමි.
3965. න හිරඤ්ඤං සුවණ්ණං වා නගරං වා සුමාපිතං, ඔකිණ්ණපරිඛං දුග්ගං දළ්හමට්ටාලකොට්ඨකං, යත්ථ පවිට්ඨො සුමුඛ භායිතබ්බං න භායසි.
3965. අමුරන්ද ස්වර්ණද නොදකිමි. දිය අගලකින් වටකරන ලද දුර්ගම වූ දැඩි අටලු හා කොටු ඇති යහපත්කොට තනනලද නගරයක්ද නොදකිමි. සුමුඛය, යම් තැනෙක්හි පැමිණියේ බිය විය යුත්තෙහි බිය නො වෙහි ද, එබඳු තැනක් නොදකිමි යි රජතෙම කීය.
3966. න මෙ අභිසරෙනත්ථො නගරෙන ධනෙන වා, අපථෙන පථං යාම අන්තලික්ඛෙ චරා මයං.
3966. මහරජ, මට රැකවරණය කරගෙන සිටින්නාවූ පිරිසෙන් ප්‍රයෝජනයක් නැත. නුවරින් හෝ ධනයෙන්ද ප්‍රයෝජනයක් නැත. අහසින් ගමන් කරන්නාවූ අපි අමාර්ගයෙහි මාර්ගය තනාගෙන යම්හ.
3967. සුතාව පණ්ඩිතා ත්යම්භා නිපුණා අත්ථචින්තකා, භාසෙමත්ථවතිං වාචං සච්චෙවස්ස පතිට්ඨිතො.
3967. අපි නුවණැත්තෝය, දක්ෂයෝය, කරුණු සිතන්නෝය යි ඔබ විසින් අසනලද්දමෝ වෙමු. ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටි කෙනෙක් වන්නහු නම් අර්ත්ථ සහිත වචනයක් කියන්නෙමි.
3968. කිඤ්ච තුය්හං අසච්චස්ස අනරියස්ස කරිස්සති, මුසාවාදිස්ස ලුද්දස්ස භණිතම්පි සුභාසිතං.
3968. සත්‍ය විරහිත වූ අනාර්‍ය්‍ය වූ බොරු කියන්නා වූ රෞද්‍ර ගති ඇති ඔබට කියනලද සුභාෂිතයක් වුවත් කවර නම් යහපතක් සලසා ද?
3969. තං බ්රාහ්මණානං වචනා ඉමං ඛෙමිං අකාරයි, අභයඤ්ච තයා ඝුට්ඨං ඉමායො දසධා දිසා.
3969. (මහරජ,) ඔබ බ්‍රාහ්මණයන්ගේ කීමෙන් මේ ඛේමි නම් පොකුණ කරවූවහුය. ඔබ විසින් මේ දශ දිශායෙහි ම අභය ද ප්‍රකාශ කරන ලදී.
3970. ඔගය්හ තෙ පොක්ඛරණිං විප්පසන්නොදකං සුචිං, පහූතඤ්චාදනං තත්ථ අභිංසාචෙත්ථ පක්ඛිනං.
3970. ඔබගේ පොකුණට බැස පිරිසිදු වූ ප්‍රසන්න ජලය ද බොහෝ වූ ආහාර ද ලබන්නාවූ පක්ෂීන්ට හිංසාවක් නැතැයි (ප්‍රකාශ කරනලදී.)
3971. ඉදං සුත්වාන නිග්ඝොසං ආගතම්හා තවන්තිකෙ, තෙ තෙ බද්ධස්මා පාසෙන එතං තෙ භාසිතං මුසා.
3971. මෙය අසා ඔබගේ සමීපයට (ඔබ විසින් කරවනලද පොකුණට) ආවෙමු. ඒ අපි ඔබගේ පාසයෙන් බැඳුණෙමු. මෙය ඔබ විසින් කියනලද බොරුවයි.
3972. මුසාවාදං පුරක්ඛත්වා ඉච්ඡාලොභඤ්ච පාපකං. උභොසන්ධිං අතික්කම්ම අසාතං උපපජ්ජති.
3972. මුසාවාදය පෙරදැරි කොට ලාමක වූ ඉච්ඡා සංඛ්‍යාත ලෝභය ද කොට දෙව් මිනිස් යන ප්රතිසන්ධි දෙක ඉක්මවා නිරයෙහි උපදින්නේය යි (සුමුඛයා රජුට ලජ්ජා ඉපදවීය.)
3973. නාපරජ්ඣාම සුමුඛ නපි ලොභා වමග්ගහිං, සුතා ච පණ්ඩිතාත්යත්ථ නිපුණාඅත්ථචින්තකා.
3973. එම්බා සුමුඛය, තොපට අපරාධ නොකරමු. ලෝභයෙන්ද තොප නොගත්තෙමි. තෙපි පණ්ඩිතයෝය, දක්ෂයෝය, අර්ත්ථචින්තකයෝ යි අසනලද්දේ ද වෙයි.
3974. අප්පෙවත්ථවතිං වාචං ව්යාකරෙය්යුං ඉධාගතා, තථා තං සම්ම නෙසාදො වුත්තො සුමුඛ මග්ගහි.
3974. මෙහි පැමිණියාවූ තෙපි අර්ත්ථ සහිත වචන ප්‍රකාශ කරන්නාහු නම් යෙහෙකැයි සිතුවෙමි. යහළු සුමුඛය, ඒ පිණිස මා විසින් කියන ලද වැද්දා තොප අල්ලා ගත්තේය.
3975. නෙව භීතා කාසිපති උපනීතස්මිං ජීවිතෙ, භාසෙමත්ථවතිං වාචං සම්පත්තා කාලපරියායං.
3975. කසී රජුනි, මරණයට ළංවූ කල්හි බියවූවමෝ ජීවිතාවසානයට පත්වූවමෝ අර්ත්ථවත් වචන කියන්නෙමු.
3976. යො මිගෙන මිගං හන්ති පක්ඛිං වා පන පක්ඛිනා, සුතෙන වා සුතං කිණෙ කිං අනරියතරං තතො.
3976. මනාව පුරුදු කරන ලද යමෙක් දීපක මුවකු කරණකොට ගෙන මුවකු නසයි ද, දීපක පක්ෂියකු කරණකොටගෙන පක්ෂියකු නසයිද, නිර්භයයයි ප්‍රසිද්ධ (දීපක මෘග සදෘශ) පියුම් විලකින් ධර්මකථිකයෙකැයි අසන ලද කෙනකුට හිංසා කරයිද, ඊට වඩා අනාර්‍ය්‍යවූ කුමක් ඇත් ද?
3977. යො ච අරියරුදං භාසෙ අනරියධම්මමවස්සිතො, උභො සො ධංසතෙ ලොකා ඉධචෙව පරත්ථ ච.
3977. යමෙක් අනාර්‍ය්‍ය ධර්මයෙහි පිහිටියේ ආර්‍ය්‍ය වචන කියයිද, හෙතෙම මෙලෝ පරලෝ යන උභය ලෝකයෙන් ම පිරිහෙන්නේය.
3978. න මජ්ජෙථ යසං පත්තො න ව්යථෙ පත්තසංසයං, වායමෙථෙව කිච්චෙසු සංවරෙ විවරානි ච.
3978. යමෙක් යසසට පැමිණ මත් නොවන්නේ ද ජීවිත සංසයට පැමිණි නමුදු චිත්ත පීඩාවට නො පැමිණෙන්නේ ද කටයුතුවල උත්සාහ කරන්නේ ද, තමන්ගේ සිදුරු වසන්නේ ද,
3979. යෙ වද්ධා අබ්භතික්කන්තා සම්පත්තා කාලපරියායං, ඉධ ධම්මං චරිත්වාන එවෙතෙ තිදිවං ගතා.
3979. ගුණවෘද්ධ වූ මරණකාලයට පැමිණියා වූ යම් කෙනෙක් මේ මිනිස් ලොව ඉක්මවද්ද, මෙලොව කුශලධර්මයෙහි හැසිර මෙසේ මොවුහු දෙව්ලොවට පැමිණියාහු වෙති.
3980. ඉදං සුත්වා කාසිපති ධම්මමත්තනි පාලය, ධතරට්ඨඤ්ච මුඤ්චාහි හංසානං පවරුත්තමං,
3980. කශීරජුනි, මෙය අසා තමන් කෙරෙහි ධර්මය රැකගනුව. ධතරට්ඨ නම් හංස රාජයා ද මුදාලව යි සුමුඛ කීයේ ය.
3981. ආහරන්තූදකං පජ්ජං ආසනඤ්ච මහාරහං, පඤ්ජරතො පමොක්ඛාමි ධතරට්ඨං යසස්සිනං.
3981. පා දෝනා දිය ද, පා ගල්වන තෙල් ද, මා ඇඟි අසුනක් ද ගෙනෙත්වා. යශස් ඇත්තා වූ ධතරට්ඨ නම් හංස රාජයා කූඩුවෙන් මුදන්නෙමි.
3982. තඤ්ච සෙනාපතිං ධීරං නිපුණං අත්ථචින්තකං, යො සුඛො සුඛිතො රඤ්ඤො දුක්ඛිතෙ හොති දුක්ඛිතො.
3982. යම් හංසයෙක් රජුගේ සැපතෙහි සුවපත්වූවේ ද, දුකෙහිදී දුඃඛිත වූයේ ද ප්‍රාඥවූ දක්ෂවූ යහපත සිතන්නාවූ ඒ සෙන්පතියා ද මුදන්නෙමි.
3983. එතාදිසා ඛො අරහන්ති පිණ්ඩමස්නාතු භත්තුනො, යථායං සුමුඛො රඤ්ඤො පාණසාධාරණො සඛා.
3983. යම් සේ මේ සුමුඛ තෙම හංස රජුගේ ප්‍රාණ සාධාරණ යහළුවා වේද, මෙබන්දෝ ස්වාමියාගේ ආහාරය අනුභව කරන්නට සුදුස්සෝ වෙති.
3984. පීඨඤ්ච සබ්බසොවණ්ණං අට්ඨපාදං මනොරමං, මට්ඨං කාසිකපත්ථින්නං ධතරට්ඨො උපාවිසි.
3984. සියල්ල ස්වර්ණමය වූ පා අටක් ඇති වැඩ අවසන් කළ කශීවස්ත්රයෙන් අතුරනලද පුටුවක ධතරට්ඨ නම් හංසරාජයා හිඳ ගත්තේ ය.
3985. කොච්ඡඤ්ච සබ්බසොවණ්ණං වෙය්යග්ඝපරිසිබ්බිතං, සුමුඛො අජ්ඣුපාවෙක්ඛි ධතරට්ඨස්ස අනන්තරං.
3985. සියල්ල ස්වර්ණමය වූ ව්‍යාඝ්‍රසමින් වටකොට මසනලද කොච්ඡ නම් පුටුවෙහි සුමුඛ තෙමේ ධතරට්ඨ හංසරාජයාට අනතුරුව හිඳගත්තේය.
3986. තෙසං කඤ්චනපත්තෙහි පුථු ආදාය කාසියො, හංසානං අභිහාරෙසුං අග්ගං රඤ්ඤො පවාසිතං.
3986. රජු විසින් පඬුරු පිණිස එවනලද ඒ උතුම් භෝජනය කශීරට වැසි බොහෝ දෙන ස්වර්ණභාජනවලින් ගෙනවුත් හංසයන්ට එළවූහ.
3987. දිස්වා අභිහටං අග්ගං කාසිරාජෙන පෙසිතං, කුසලො ඛත්තධම්මානං තතො පුච්ඡි අනන්තරා.
3987. ඉක්බිති කශී රජු විසින් යවනලදුව තමන් වෙත එළවනලද ඒ අග්‍ර භෝජනය දැක අනතුරුව, ක්ෂත්රියධර්මයන්හි දක්ෂ වූ හංස රජතෙම (එකින් එක) විචාළේ ය.
3988. කච්චි භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි රට්ඨමිදං ඵීතං ධම්මෙනමනුසිස්සති.
3988. පින්වත් රජුට යහපත්ද, භවත්හට ආරෝග්‍යය තිබේ ද, කිම, සමෘද්ධ වූ මේ රට දැහැමින් අනුශාසනා කරනු ලැබේ ද?
3989. කුසලඤ්චෙව මෙ හංස අථො හංස අනාමයං, අථො රට්ඨමිදං ඵීතං ධම්මෙනමනුසිස්සති.
3989. හංසරාජය, මට යහපති, යළි මට ආරෝග්‍යයද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුශාසනා කරනු ලැබේ.
3990. කච්චි භොතො අමච්චෙසු දොසො කොචි න විජ්ජති, කච්චින්නු තෙ තවත්ථෙසු නාවකඞ්ඛන්ති ජීවිතං.
3990. කිම භවත්හුගේ ඇමතියන් අතර කිසියම් දොසෙක් නැද්ද? කිම, ඔව්හු ඔබගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙද් ද?
3991. අථො පි මෙ අමච්චෙසු දොසො කොචි න විජ්ජති, අථො පි තෙ මමත්ථෙසු නාවකඞ්ඛන්ති ජීවිතං.
3991. මාගේ ඇමතියන් අතර කිසියම් දොසෙක් නැති. වැලි ඔව්හු මාගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියාකෙරෙති.
3992. කච්චි තෙ සාදිසී භරියා අස්සවා පියභාණිනී, පුත්තරූපයසූපෙතා මම ඡන්දවසානුගා.
3992. කිම ඔබගේ බිරිය සමාන ජාති ඇත්තී ද, අවවාදක්ෂම ද, ප්‍රිය තෙපුල් කියන්නී ද, දරු සම්පතින් රූපයෙන් හා යසසින් සමන්විත ද, ඔබගේ අදහස් අනුව පවත්නී ද?
3993. අථො මෙ සාදිසී භරියා අස්සවා පියභාණිනී, පුත්තරූපයසූපෙතා මම ඡන්දවසානුගා.
3993. මාගේ බිරිය සමාන ජාති ඇත්තියකි. අවවාදක්‍ෂමය. ප්‍රිය තෙපුල් කියන්නීය. දරු සම්පතින් රූපයෙන් හා යසසින් ද සමන්විතය. මාගේ අදහස් අනුව පවත්නීය.
3994. කච්චි රට්ඨං අනුප්පීළං අකුතොචි උපද්දවං, අසාහසෙන ධම්මෙන සමෙන මනුසිස්සති.
3994. කිම, රටවැසියා නො පෙළනු ලැබේ ද? කිසිවකිනුත් උවදුරෙක් නැද්ද? සාහසික නොවූ ඔබ විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරනු ලැබේ ද?
3995. අථො රට්ඨං අනුප්පීළං අකුතොචි උපදද්වං, අසාහසෙන ධම්මෙන සමෙන මනුසිස්සති.
3995. රටවැසියා නො පෙළනලදී. කිසිවකිනුත් උවදුරෙක් නැත. සාහසික නොවූ මා විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරනු ලැබේ.
3996. කච්චි සන්තො අපචිතා අසන්තො පරිවජ්ජිතා, නො චෙ ධම්මං නිරඞ්කත්වා අධම්මමනුවත්තසි.
3996. කිම, ඔබ විසින් ශීලාදි ගුණයුක්ත සත්පුරුෂයෝ පුදන ලද්දාහු ද? අසත්පුරුෂයෝ දුරුකරන ලද්දාහු ද? ධර්මය හැරදමා අධර්මය අනුව නොපවත්නෙහි ද?
3997. සන්තො ච මෙ අපචිතා අසන්තො පරිවජ්ජිතා, ධම්මමෙවානුවත්තාමි අධම්මො මෙ නිරඞ්කතො.
3997. මා විසින් ශීලාදි ගුණයුක්ත සත්පුරුෂයෝ පුදන ලද්දාහුය. අසත්පුරුෂයෝ දුරුකරන ලද්දාහුය. ධර්මය අනුව ම පවත්නෙමි. මා විසින් අධර්මය දුරුකරනලදී.
3998. කච්චි නානාගතං දීඝං සමවෙක්ඛසි ඛත්තිය, කච්චි න මත්තො මදනීයෙ පරලොකං න සන්තසි.
3998. මහරජ, කිමෙක්ද, ආයුෂ මඳ බව නො සලකන්නෙහි ද? කිමෙක් ද, මත්වියයුතු රූපාදි අරමුණෙහි මත් නො වන්නෙහි ද? කිමෙක් ද, පරලොවට බිය නැත්තෙහි ද?
3999. නාහං අනාගතං දීඝං සමවෙක්ඛාමි පක්ඛිම, ඨිතො දසසු ධම්මෙසු පරලොකං න සන්තසෙ.
3999. පක්ෂිරාජය, මම ආයුෂ මඳ බව සලකන්නෙමි. දශරාජ ධර්මයන්හි පිහිටියෙමි. පරලොවට බිය නො වන්නෙමි.
4000. දානං සීලං පරිච්චාගං අජ්ජවං මද්දවං තපං, අක්කොධං අවිහිංසඤ්ච ඛන්තිඤ්ච අවිරොධනං.
4000. දන්දීමය, සිල්රැකීමය, පරිත්‍යාගය, ඍජුබවය, මෘදුබවය, උපෝසථශීලසමාදාන සංඛ්‍යාත තපසය, මෛත්‍රී පූර්වභාග කොට ඇති අක්‍රෝධය, කරුණා පූර්‍වභාගකොට ඇති අවිහිංසාවය, අධි වාසනා සංඛ්‍යාත ක්ෂාන්තිය ය, එකඟබවය.
4001. ඉච්චෙතෙ කුසලෙ ධම්මෙ ඨිතෙ පස්සාමි අත්තනි, තතො මෙ ජායතෙ පීති සොමනස්සඤ්ඤචනප්පකං.
4001. මෙකී කුශල ධර්මයන් මා කෙරෙහි පිහිටියවුන් බලමි. මට එයින් ප්‍රීතියත්, මහත් සොම්නසත්, පහළ වන්නේය.
4002. සුමුඛො ච අචින්තෙත්වා විස්සජි ඵරුසං ගිරං, භාවදොසමනඤ්ඤාය අස්මාකායං විහඞ්ගමො.
4002. මේ සුමුඛ පක්ෂි තෙමේ ද මාගේ ගුණසමුදාය නොදැන සිත දූෂ්‍යවන බව නොසලකා මට පරොස් බස් කීයේ ය.
4003. සො කුද්ධො ඵරුසං වාචං නිච්ඡාරෙසි අයොනිසො, යානස්මාසු න විජ්ජන්ති න ඉදං පඤ්ඤවතාමිව.
4003. හෙතෙම කිපියේ නුනුවණින් පරොස් බස් පිට කෙළේය. අප කෙරෙහි යම් වරදක් නැත්තේ ද, එහෙයින් සුමුඛගේ මේ කීම නුවණැත්තකුගේ කීමක් මෙන් නො වැටහේයයි (රජතෙමේ කීයේය).
4004. අත්ථි මෙතං අතිසාරං වෙගෙන මනුජාධිප, ධතරට්ඨෙ ච බද්ධස්මිං දුක්ඛං මෙ විපුලං අහු.
4004. නරශ්‍රේෂ්ඨය, ධතරට්ඨ හංසරාජයා පාසයෙහි බැඳුණු කල්හි මට මහ දුකෙක් විය. ඒ දුක් වේගයෙන් මා විසින් එය පමණ ඉක්මවා කරනලද ප්‍රකාශයෙකි.
4005. ත්වං නො පිතාව පුත්තානං භූතානං ධරණීරිව, අස්මාකං අධිපන්නානං ඛමස්සු රාජකුඤ්ජර.
4005. ශ්‍රේෂ්ඨ මහරජතුමනි, ඔබ වනාහි දරුවන්ට පියා මෙන්ද, සත්වයන්ට පොළොව මෙන්ද, අපට උපකාරය. වරදට යටත් වූ අපට කමා කරනු මැනවි. (සුමුඛ තෙමෙ කීයේ ය).
4006. එතං තෙ අනුමොදාම යං භාවං න නිගූහසි, ඛීලං පභින්දසී පක්ඛී උජුකොසි විහඞ්ගම.
4006. එම්බා විහඞ්ගම වූ පක්ෂිය, නුඹ යම්හෙයකින් අදහස නොසඟවන්නෙහි ද, සිතෙහි හුල බිඳින්නෙහි ද, ඍජු වූයෙහි ද, එහෙයින් නුඹගේ මේ දෝෂය කමාකරමියි රජතෙම කීයේ ය.
4007. යං කිඤ්චි රතනං අත්ථි කාසිරාජනිවෙසනෙ, රජතං ජාතරූපඤ්ච මුත්තා වෙළුරියා බහු.
4007. කශීරජනිවෙස්හි යම්කිසි රත්න සමූහයක් නිදන්කොට ඇත්තේ ද, එනම් රිදී ද, රන් ද, මුතු ද, බොහෝ වෛඩූර්‍ය්‍ය ද,
4008. මණයො සඞ්ඛමුත්තඤ්ච වත්ථකං හරිචන්දනං, අජිනං දන්තභණ්ඩඤ්ච ලොහං කාලායසං බහුං, එතං දදාමි වො විත්තං ඉස්සෙරං විස්සජාමි වො.
4008. මිණිමුවා බඩු ද, සක් හා මුතු ද, කසීසළු ද, රත්සඳුන් ද, අඳුන් මුව සම් ද, දළමුවා බඩු ද, තඹලෝමුවා බඩු ද, කාල ලෝහමය බඩු ද බොහෝ ඇත. මේ වස්තුව ඔබට දෙමි. මේ මාගේ බරණැස් රජයේ ආධිපත්‍යය ඔබට පවරා දෙමි යි (රජතෙම කීය).
4009. අද්ධා අපචිතා ත්යම්හා සක්කතා ච රථෙසභ, ධම්මෙසු වත්තමානානං ත්වං නො ආචරියො භව.
4009. ශ්‍රේෂ්ඨ රජතුමනි, ඔබ විසින් අප පුදන ලද්දමෝ වෙමු. සත්කාර කරන ලද්දමෝ ද වෙමි. කුශල කර්මපථ ධර්මයන්හි පිහිටා ක්රියාකරන්නා වූ අපට ඔබ ආචාර්ය්ය වනු මැනව.
4010. ආචරියසමනුඤ්ඤාතා තයා අනුමතා මයං, තං පදක්ඛිණතො කත්වා ඤාතී පස්සෙමරින්දම.
4010. මහරජ, ආචාර්ය්ය වූ ඔබ විසින් අනුදන්නාලද අනුමත කරනුලැබූ අපි ඔබ පැදකුණු කොට නෑයන් දකිමු යි හංසරජ කීය.
4011. සබ්බරත්තිං චින්තයිත්වා මන්තයිත්වා යථා තථං, කාසිරාජා අනුඤ්ඤාසි හංසානං පවරුත්තමං.
4011. කශීරජතෙම මුළුරැයම, ඔවුන් සමග සුදුසු පරිදි චින්තනය කොට මන්ත්‍රණය කොට උතුම් වූ ඒ හංසයන්ට යෑම පිණිස අනුදත්තේය.
4012. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, පෙක්ඛතො කාසිරාජස්ස භවනා තෙ විගාහිසුං.
4012. ඉන්පසු රාත්‍රිය ඇවෑමෙන් හිරු උදාවන වේලෙහි එදෙස බලාසිටි කසීරජුගේ භවනයෙන් ඒ හංසයෝ අහසට නැංගාහ.
4013. තෙ අරොගෙ අනුප්පත්තෙ දිස්වාන පරමෙ දිජෙ, කෙ කෙති මකරුං හංසා පුථුසද්දො අජායථ.
4013. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දැක, හංසයෝ කෙ කෙ යන රාවය කළහ. එයින් මහත් ශබ්දයක් හටගති.
4014. තෙ පතීතා පමුත්තෙන භත්තුනා භත්තුගාරවා, සමන්තා පරිකරිංසු අණ්ඩජා ලද්ධපච්චයා.
4014. මළ පුඬුවෙන් මිදුණා වූ ස්වාමියා කරණ කොටගෙන තුටු සිත් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමිගෞරවය ඇත්තාහු “පක්ෂීහු පිහිට ලද්දෝය” යි ඔහු හාත්පස පිරිවරා ගත්හ.
4015. එවං මිත්තවතං අත්ථා සබ්බෙ හොන්ති පදක්ඛිණා, හංසා යථා ධතරට්ඨා ඤාතිසඞ්ඝමුපාගමුන්ති.
4015. මෙසේ කල්‍යාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේය. ධතරට්ඨ නම් වූ හංසයෝ යම් සේ නෑ සමූහයා වෙතට පැමිණියාහු ද එමෙනැයි වදාළසේක.
මහාහංසජාතක යි.
මහාහංස ජාතක යි.