1. චුල‍්ලහංසජාතකං
1. චුල‍්ලහංසජාතකං.
1. චුල්ලහංස ජාතකය
3825. සුමුඛ අනුපචිනන‍්තා පක‍්කමන‍්ති විහඞ‍්ගමා, ගච‍්ඡ තුවම‍්පි මා කඞ‍්ඛි නත්‍ථි බද‍්ධෙ සහායතා.
3825. සුමුඛය, ස්නේහවශයෙන් නො බලන්නා වූ හංසයෝ බැහැර යෙති. තෝ ද යව, බලාපොරොත්තු නො වව. පාසයෙහි බැඳුණු තැනැත්තා කෙරෙහි යහළු බවෙක් නැතැ යි හංසරාජ තෙම කීයේ ය.
3826. ගච‍්ඡෙවාහං න වා ගච‍්ඡෙ න තෙන අමරො සියං, සුඛිතං තං උපාසිත්‍වා දුක‍්ඛිතං තං කථං ජහෙ.
3826. හංසරාජය, මම යන්නෙම් හෝ වේවා නො යන්නෙම් හෝ වේවා. එයින් නොමැරෙන්නෙක් නො වෙමි. සුවපත් වූ ඔබ ඇසුරු කොට දුකට පැමිණියා වූ ඔබ කෙසේ හැරදමා යන්නෙම් ද?
3827. මරණං වා තයා සද‍්ධිං ජීවිතං වා තයා විනා, තදෙව මරණං සෙය්‍යො යඤ‍්චෙ ජීවෙ තයා විනා.
3827. මෙහි ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන් ව ජීවත්වීම හෝ වන්නේ ය. ඉදින් යම් ලෙසෙකින් ඔබගෙන් වෙන් ව ජීවත්වන්නේ නම් එයට වඩා මරණය උතුමි.
3828. නෙස ධම‍්මො මහාරාජ යං තං එවං ගතං ජහෙ, යා ගති තුය‍්හං සා මය‍්හං රුච‍්චතෙ විහගාධිප.
3828. මහරජ, මෙසේ විපතට පත් වූ ඔබ අත්හැරීම ය යන යමක් ඇද්ද එය සත්පුරුෂ ධර්‍මයෙක් නො වේ. පක්‍ෂිරාජය, ඔබට යම් දෙයක් වේ නම් එය මට ද රුචි ය.
3829. කා නු පාසෙන බුද‍්ධස‍්ස ගති අඤ‍්ඤා මහානසා, සා කථං චෙතයානස‍්ස මුත‍්තස‍්ස තව රුච‍්චති.
3829. සුමුඛය, පාසයෙන් බැඳුණහුට මුළුතැන්ගෙය හැර අන් කවර ගතියෙක් ද? සිතියහැකි නුවණැත්තා වූ පාස විරහිත තට එය කෙසේ නම් රුචි වේ ද?
3830. කං වා ත්‍වං පස‍්සසෙ අත්‍ථං මම තුය‍්හඤ‍්ච පක‍්ඛිම, ඤාතීනං වාවසිට‍්ඨානං උභින‍්නං ජීවිතක‍්ඛයෙ.
3830. පියාපත් ඇති සුමුඛය, මාගේ ද තොපගේ ද යන දෙදෙනාගේ ජීවිත විනාශය ඇති කල්හි අප දෙදෙනාට හෝ සෙසු නෑයන්ට හෝ කවර නම් යහපතක් හෝ දක්නෙහි ද?
3831. යං නු කඤ‍්චනදෙපිච‍්ඡ අන්‍ධෙන තමසා ගතං, තාදිසෙ සඤ‍්චජං පාණං කමත්‍ථමභිජොතයෙ.
3831. රන්වන් පියාපත් දෙක ඇති සුමුඛය, අන්‍ධයකු විසින් අඳුරෙහි කරනලද්දක් මෙන් ඔබ විසින් යම් ප්‍රාණත්‍යාගයෙක් කරන ලද්දේ ද, එහි ලා ඔබ කිනම් ප්‍රයෝජනයක් දක්නහු ද?
3832. කථන‍්නු පතතං සෙට‍්ඨ ධම‍්මෙ අත්‍ථං න ඛුජ‍්ඣසෙ, ධම‍්මො අපචිතො සන‍්තො අත්‍ථං දස‍්සෙති පාණිනං.
3832. පක්‍ෂිරාජය, කෙසේ නම් ධර්‍මයෙහි අර්‍ත්‍ථය නො දන්නෙහි ද, ධර්‍මය තෙම පුදනලද්දේ ම සත්‍වයනට දියුණුව පෙන්වයි.
3833. සොහං ධම‍්මං අවෙක‍්ඛන‍්තො ධම‍්මා චත්‍ථං සමුට‍්ඨිතං, භත‍්තිඤ‍්ච තයි සම‍්පස‍්සං නාවකඞ‍්ඛාමි ජීවිතං.
3833. ඒ මම ධර්‍මය ද ධර්‍මයෙන් සිදුවන යහපත ද දක්නෙමි. ඔබ කෙරෙහි භක්තිය දකිමින් ජීවිතය බලාපොරොත්තු නො වෙමි.
3834. අද‍්ධා එසො සතං ධම‍්මො යො මිතෙතා මිත‍්තමාපදෙ, නච‍්චජෙ ජීවිතස‍්සාපි හෙතු ධම‍්මං අනුස‍්සරං.
3834. යම් මිත්‍රයෙක් ධර්‍මය සිහි කරමින් ජීවිතය හේතුකොට ගෙන ද විපතේ දී මිත්‍රයා නො හරී නම් ඒකාන්තයෙන් ම එය සත්පුරුෂ ධර්‍මයෙකි.
3835. ස‍්වායං ධමෙමා ච තෙ චිණ‍්ණො භත‍්ති ච විදිතා මයි, කාමං කරස‍්සු මය‍්හෙතං ගච‍්ඡෙවානුමතො මයා.
3835. ඒ මේ සත්පුරුෂධර්‍මය ද නුඹ විසින් පුරුදු කරන ලදී, මා කෙරෙහි භක්තිය ද ප්‍රකට කරනලදී. මළපුඩුවෙහි බැඳුණු මට මේ වැද්දා කැමැත්තක් කෙරේවා, නුඹ මා විසින් අනුදන්නාලද්දේ යව.
3836. අපි ත්‍වෙවං ගතෙ කාලෙ යං බද‍්ධං ඤාතීනං මයා, තයා තං බුද‍්ධිසම‍්පන‍්න අස‍්ස පරමසංවුතං.
3836. තවද මෙසේ පාසයෙහි බැඳී කල්ගිය කල්හි ඤාතීන් උදෙසා මා විසින් කිරීමට බැඳී පවත්නා යම් යුතුකමෙක් වේ ද, ඤාණවන්තය එය නුඹ විසින් පිරිමැසිය හැකි වන්නේ ය.
3837. ඉච‍්චෙවං මන‍්තයන‍්තානං අරියානං අරියවුත‍්තිනං, පච‍්චදිස‍්සථ නෙසාදො ආතුරානමිවන‍්තකො.
3837. ආර්‍ය්‍ය පැවතුම් ඇති උතුම් වූ හංසයන් දෙදෙනා මෙසේ කථා කරමින් සිටිය දී ම ගිලනුන්ට මාරයා මෙන් වැද්දා පෙනුණේ ය.
3838. තෙ සත‍්තුං අභිසංචික‍්ඛ දීඝරත‍්තං හිතා දිජා, තුණ‍්හීමාසිත්‍ථ උභයො න ච සඤ‍්චෙසුමාසනා.
3838. බොහෝ කලක් හිතවත් වූ ඒ පක්‍ෂීන් දෙදෙනා සතුරු වැද්දා දැක නිශ්ශබ්ද වූහ. අසුනෙන් නො සෙල්වුණාහ.
3839. ධතරට‍්ඨෙ ච දිස‍්වාන සමුඩ‍්ඪෙන‍්තෙ තතො තතො, අභික‍්කමථ වෙගෙන ද‍්විජසත‍්තු ද‍්විජාධිපෙ.
3839. පක්‍ෂීන්ට සතුරු වූ වැදි තෙම මරණ භයින් ඒ මේ අත උඩට පනින හංසයන් දැක ඔවුන් වෙත වේගයෙන් ළංවීය.
3840. සො ච වෙගෙනභික‍්කම‍්ම ආසජ‍්ජ පරමෙ දිජෙ, පච‍්චකම‍්පිත්‍ථ නෙසාදො බද‍්ධා ඉති විචින‍්තයං.
3840. ඒ වැදි තෙම වේගයෙන් පැමිණ ඒ උතුම් පක්‍ෂිරාජයන් වෙත එළඹ බැඳුණහු ය යි, සිතමින් කම්පිත විය.
3841. එකඤ‍්ච බද‍්ධමාසීනං අබද‍්ධඤ‍්ච පුනාපරං, ආසජ‍්ජ බද‍්ධමාසීනං පෙක‍්ඛමානමදීනවං.
3841. මළපුඬුවෙහි බැඳි හුන්නා වූ එකකු ද නැවත නො බැඳී ආදීනව බලමින් බැඳූණහු සමීපයෙහි හුන් අනෙකකු ද දැක්කේ ය.
3842. තතො සො විමතො යෙව පණ‍්ඩරෙ අජ‍්ඣභාසථ, පවද‍්ධකායෙ ආසීනෙ දිජසඞ‍්ඝගණාධිපෙ.
3842. එහෙයින් හෙතෙම හටගත් විමති ඇත්තේ ම පක්‍ෂි සමූහයාට අධිපති වූ හොඳින් වැඩුණු සිරුරු ඇති එක්ව හුන්නා වූ ඒ ශ්වේතහංසයන් දෙදෙනාට මෙසේ කී ය.
3843. යන‍්නු පාසෙන මහතා බද‍්ධො න කුරුතෙ දිසං, අථ කස‍්මා අබද‍්ධො ත්‍වං බලී පක‍්ඛී න ගච‍්ඡසි.
3843. මේතෙම යම් හෙයෙකින් මහත් වූ පුඬුවෙහි බැඳුණේ වේ ද එහෙයින් දිශාවකට පලායෑම නො කෙරෙයි. එහෙත් බලවත් පියාපත් ඇති නො බැඳුණු තෝ කුමක් නිසා නො යන්නෙහි දැ යි ඇසී ය.
3844. කින‍්නු තායං දිජො හොති මුත‍්තො බද‍්ධං උපාසසි, ඔහාය සකුණා යන‍්තී කිං එකො අවහීයසි.
3844. මිදුණා වූ තෝ බැඳුණා වූ මොහු සමීපයෙහි හිඳින්නෙහි ය. තට මේ පක්‍ෂියා කවරෙක් ද? අනික් පක්‍ෂීහු මොහු හැර යත්. තනි නුඹ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
3845. රාජා මෙසො දිජාමිත‍්ත සඛා පාණසමො ච මෙ, නෙව නං විජහිස‍්සාමි යාව කාලස‍්ස පරියායං.
3845. පක්‍ෂීන්ගේ සතුරු වූ වැදි පුත්‍රය, මෙතෙමේ මාගේ රජ ය. ප්‍රාණසම යහළුවා ය. මරණය පැමිණෙන තුරු මම මොහු අත් නො හරින්නෙමි.
3846. කථං පනායං විහගො නාද‍්දසා පාසමොඩ‍්ඩිතං, පදං හෙතං මහන‍්තානං බොද‍්ධුමරහන‍්ති ආපදං.
3846. මේ පක්‍ෂිරාජ තෙම අටවනලද මලපුඬුව කෙසේ නම් නො දැක්කේ ද? උසස් බවට පත්වූවන් විසින් විපත්ති දැනීම නම් වූ කාරණය දැනගන්නට වටනේ ය.
3847. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ‍්ඛයෙ, අථ ජාලඤ‍්ච පාසඤ‍්ච ආසාජ‍්ජපි න බුජ‍්ඣති.
3847. යම් කලෙක්හි පිරිහීමෙක් වේ ද, ජීවිත විනාශය පැමිණියා වූ ඒ කාලයෙහි පුරුෂ තෙමේ දැලට ද මළපුඬුවට ද ළංව සිටියත් නො දැනගනී.
3848. අපි ත්‍වෙව මහාපඤ‍්ඤ පාසා බහුවිධා තතා, ගුළ‍්හමාසජ‍්ජ බජ‍්ඣන‍්ති අථෙවං ජීවිතක‍්ඛයෙ.
3848. මහාප්‍රාඥය, යළි එක් කරුණක් ඇත. අටවනලද්දා වූ මළපුඬු බොහෝ වෙති. එසේ ද වුවත් මෙසේ ජීවිත විනාශය පැමිණි කල්හි සැඟැවුණු මළපුඬුවට පැමිණ බැඳෙත් යයි වැද්දා කීයේ ය.
3849. අපිනායං තයා සද‍්ධිං සම‍්භාසස‍්ස සුඛුද්‍රයො, අපි නො අනුමඤ‍්ඤසි අපි නො ජීවිතං දදෙ.
3849. වැද්දාණෙනි, නුඹ සමග වූ මේ සම්භාෂණය සැපවූ විපාක ඇත්තක් වන්නේ නම් අපට යෑමට අවසර දෙන්නෙහි ය. අපගේ ජීවිතය ද දෙන්නෙහි යයි සුමුඛ තෙම කීයේ ය.
3850. න චෙව මෙ ත්‍වං බද‍්ධොසි නපි ඉච‍්ඡාමි තෙ වධං, කාමං ඛිප‍්පමිතො ගන‍්ත්‍වා ජිව ත්‍වං අනිඝො චිරං.
3850. නුඹ මා විසින් නො බඳනා ලද්දෙහි ය. තොපගේ වධය ද මම නො කැමැත්තෙමි. මෙයින් නික්ම කැමැති තැනකට වහා ගොස් බොහෝ කලක් නිරුපද්‍රැත ව ජීවත් වව යි වැද්දා කීයේ ය.
3851. න වාහමෙතං ඉච‍්ඡාමි අඤ‍්ඤත්‍රෙතස‍්ස ජීවිතා, සචෙ එකෙන තුට‍්ඨොසි මුඤ‍්චෙතං මඤ‍්ච භක‍්ඛය.
3851. මොහුගේ ජීවිතයෙන් වෙන් ව මම ජීවත්වීම නො කැමැත්තෙමි. ඉදින් නුඹ එකකුගෙන් තුටුවෙහි නම් මොහු මුදවා මා කව.
3852. ආරොහපරිණාහෙන තුල්‍යස‍්මා වයසා උභො, න තෙ ලාභෙන ජිනත්‍ථි එතෙන නිමිනා තුවං.
3852. අපි දෙදෙන උස මහතින් ද වයසින් ද සම වෙමු. මේ මාරුකිරීමෙන් නුඹට ලාභයෙන් අඩුවක් නැත්තේ ය.
3853. තදිඞ‍්ඝ සමවෙක‍්ඛස‍්සු හොතු ගිද‍්ධි තවාස‍්මසු, මං පුබ‍්බෙ බන්‍ධ පාසෙන පච‍්ඡා මුඤ‍්ච දිජාධිපං.
3853. එහෙයින් සලකාබලව, අප කෙරෙහි තොපගේ ආසාවක් වේ නම් පළමු ව මා පාසයෙන් බඳුව. පසුව පක්‍ෂි රාජයා මුදාලව.
3854. තාවදෙව ච තෙ ලාභො කතස‍්ස යාචනාය ච, මිත‍්ති ච ධතරට‍්ඨෙහි යාවජීවාය තෙ සියා.
3854. එපමණෙකින් ම තොපට ලාභය ද වන්නේ ය. මාගේ ඉල්ලීම ද කරන ලද්දේ වෙයි. හංසයන් සමග දිවි ඇති තාක් මෛත්‍රිය ද තට වන්නේ ය යි සුමුඛ තෙම කී ය.
3855. පස‍්සන‍්තු නො මහාසඞ‍්ඝා තයා මුත‍්තං ඉතො ගතං, මිත‍්තාමච‍්චා ච භත‍්තා ච පුත‍්තදාරා ච බන්‍ධවා.
3855. පක්‍ෂිරාජය, (තොපගේ ඇවිටිල්ල නිසා මුදන ලද බැවින්) තා විසින් මුදනලද්දා වූ මෙතැනින් ගිය මේ පක්‍ෂියා මිත්‍රාමාත්‍යයෝ ද ස්වාමීහු ද අඹු දරුවෝ ද නෑයෝ ද යන මහත් සමූහයා දකිත්වා.
3856. න ච තෙ තාදිසා මිත‍්තා බහුන‍්නං ඉධ විජ‍්ජති, යථා ත්‍වං ධතරට‍්ඨස‍්ස පාණසාධාරණො සඛා.
3856. යම්සේ නුඹ ධෘතරාෂ්ට්‍ර නම් පක්‍ෂි රාජයාහට ප්‍රාණය හා සම යහළුවා වෙහි ද, එබඳු යහළුවෝ බොහෝ දෙනකුන්ට නැත.
3857. සො තෙ සහායං මුඤ‍්චාමි හොතු රාජා තවානුගො, කාමං ඛිප‍්පමිතො ගන‍්ත්‍වා ඤාතිමජ‍්ඣෙ විරොචථ.
3857. ඒ ඔබගේ යහළුවා මුදමි. ඒ පක්‍ෂිරාජ තෙම ඔබ අනුව යන්නෙක් වේවා. වහා ම මෙයින් ගොස් නෑ සමූහයා මැද රුචි පරිදි බබළව යි වැද්දා කී ය.
3858. සො පතීතො පමුත‍්තෙන භත‍්තුනා භත‍්තුගාරවො, අජ‍්ඣභාසථ වක‍්කඞ‍්ගො වාචං කණ‍්ණසුඛං භණං.
3858. මුදනලද ස්වාමියා කරණකොටගෙන ප්‍රමුදිත වූ ස්වාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන්නා වූ වචන කියමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.
3859. එවං ලුද‍්දක නන්‍දස‍්සු සහ සබ‍්බෙහි ඤාතිභි, යථාහමජ‍්ජ නන්‍දාමි මුත‍්තං දිස‍්වා දිජාධිපං.
3859. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, වැදි පුත්‍රය, ඔබ ද සියලු නෑයන් සමග එසේ ම තුටු වව.
3860. එහි තං අනුසික‍්ඛාමි යථා තුවම‍්පි ලච‍්ඡසෙ, ලාභං යථායං ධතරට‍්ඨො පාපං කිඤ‍්චි න දක‍්ඛති.
3860. නුඹ යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමේත් කිසියම් නපුරක් නො දක්නේ ද, එලෙස මම තට අනුශාසනා කරමි. මා සමග එව.
3861. ඛිප‍්පමන‍්තෙ පුරං නෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙහි නො උභො, අබද‍්ධෙ පකතීභූතෙ කාජෙ උභයතෙ ඨිතෙ.
3861. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වව.
3862. ධතරට‍්ඨා මහාරාජ හංසාධිපතිනො ඉමෙ, අයං හි රාජා හංසානං අයං සෙනාපතීතරො,
3862. මහරජ, මොහු වනාහි ධෘතරාෂ්ට්‍ර නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා හංස සේනාපති වෙයි.
3863. අසංසයං ඉමං දිස‍්වා හංසරාජං නරාධිපො, පතීතො සුමනො විත‍්තො බහුං දස‍්සති තෙ ධනං.
3863. රජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැත්තෙක් ව සතුටු වූයේ නිසැක ව ම නුඹට බොහෝ ධනය දෙන්නේ ය කියා සුමුඛ නම් හංසයා කීයේ ය.
3864. තස‍්ස තං වචනං සුත්‍වා කම‍්මනා උපපාදයි, ඛිප‍්පමන‍්තෙපුරං ගන‍්ත්‍වා රඤ‍්ඤො හංසෙ අදස‍්සයි. අබද‍්ධෙ පකතීභූතෙ කාජෙ උභයතො ඨිතෙ.
3864. ඔහුගේ ඒ වචනය අසා වැදි තෙම කායකර්‍මයෙන් එය සම්පාදනය කෙළේ ය. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි හංසයන් දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වී ය.
3865. ධතරට‍්ඨා මහාරාජ හංසාධිපතිනො ඉමෙ, අයං හි රාජා හංසානං අයං සෙනාපතීතරො.
3865. මහරජ, මොහු වනාහි ධතරට්ඨ නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අන්‍යයා හංස සේනාපති ය.
3866. කථං පනිමෙ විහගා තව හත්‍ථත්‍ථමාගතා, කථං ලුද‍්දො මහන‍්තානං ඉස‍්සරෙමිධමජ‍්ඣගා.
3866. මේ පක්‍ෂීහු කෙසේ නම් තොපගේ අතට පත්වූහු ද? වැදි තෙම කෙසේ නම් මහත්බවට පත් මේ හංසයන්ගේ අයිතිකරුවා වී ද?
3867. විහිතා සන‍්ති මෙ පාසා පල‍්ලලෙසු ජනාධිප, යං යදායතනං මඤ‍්ඤෙ දිජානං පාණරොධනං.
3867. මහරජ, පක්‍ෂීන්ගේ ජීවිත විනාශය සිදු කරන්නා වූ යම් යම් තැන් තිබේ නම් ඒ ඒ තැන්වල පිහිටි මඩ වගුරුවල මා විසින් මළ පුඬු යොදනලදී.
3868. තාදිසං පාසමාසජ‍්ජ හංසරාජා අබජ‍්ඣථ, තං අබද‍්ධො උපාසීනො මමායං අජ‍්ඣභාසථ.
3868. හංසරාජ තෙම ළංවැ එබඳු මළ පුඬුවෙක බැඳුණේ ය. නොබැඳුණු මේ සේනාපති හංස තෙමේ ඒ බැඳුණු හංසයා සමීපයෙහි වූයේ මට මෙසේ කී ය.
3869. සුදුක‍්කරං අනරියෙහි දහතෙ භාවමුත‍්තමං, භත‍්තුරත්‍ථෙ පරක‍්කන‍්තො ධම‍්මෙ යුත‍්තො විහඞ‍්ගමො.
3869. ස්වාමියාගේ යහපත පිණිස උත්සාහ කරන්නා වූ ධර්‍මයෙහි යෙදුණා වූ පක්‍ෂි තෙම අප වැනි අනාර්‍ය්‍යයන් විසින් නො කටහැකි වූ තමන්ගේ උතුම් අදහස ප්‍රකාශ කෙළේ ය.
3870. අත‍්තනායං චජිත්‍වාන ජීවිතං ජීවිතාරහො, අනුත්‍ථුනන‍්තො ආසීනො භත‍්තු යාචිත්‍ථ ජීවිතං.
3870. ජීවත්වීමට සුදුසු වූ මේ හංස තෙම තම දිවි හැරපියා ස්වාමියාගේ ගුණ වණමින් ළඟ හිඳගෙන ස්වාමියාගේ ජීවිතය මගෙන් ඉල්ලී ය.
3871. තස‍්ස තං වචනං සුත්‍වා පසාදමහමජ‍්ඣගං, තතො නං පාමුවිං පාසා අනුඤ‍්ඤාසිං සුඛෙන ච.
3871. ඔහුගේ ඒ වචනය අසා මම ප්‍රසාදයට පැමිණියෙමි. එහෙයින් ඔහු මළපුඬුවෙන් මිදුවෙමි. ඥාතීන් සමග සුවසේ වසන්නට අනුදත්තෙමි.
3872. සො පතීතො පමුත‍්තෙන භත‍්තුනා භත‍්තුගාරවො, අජ‍්ඣභාසථ වක‍්කඞ‍්ගො වාචං කණ‍්ණසුඛං භණං.
3872. මුදනලද ස්වාමියා කරණකොටගෙන ප්‍රමුදිත වූ ස්වාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන වචන කියමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.
3873. එවං ලුද‍්දක නන්‍දස‍්සු සහ සබ‍්බෙහි ඤාතිභි, යථාහමජ‍්ජ නන්‍දාමි මුත‍්තං දිස‍්වා දිජාධිපං.
3873. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ තුටු වෙම් ද, වැදිපුත්‍රය, ඔබ සියලු නෑයන් සමග එසේ තුටු වව.
3874. එහි තං අනුසික‍්ඛාමි යථා ත්‍වම‍්පි ලච‍්ඡසෙ, ලාභං යථායං ධතරට‍්ඨො පාපං කිඤ‍්චි නදක‍්ඛති.
3874. නුඹ යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමේත් කිසියම් නපුරක් නොදක්නේ ද, එලෙස මම තට අනුශාසනා කරමි. මා සමග එව.
3875. ඛිප‍්පමන‍්තෙපුරං ගන‍්ත්‍වා රඤ‍්ඤො දස‍්සෙහි නො උභො, අබද‍්ධෙ පකතීභූතෙ කාජෙ උභයතො ඨිතෙ.
3875. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තඃපුරයට ගෙනගොස් රජුට පෙන්වව.
3876. ධතරට‍්ඨා මහාරාජ හංසාධිපතිනො ඉමෙ, අයං හි රාජා හංසානං අයං සෙනාපතීතරො.
3876. මහරජ, මොහු වනාහි ධතරට්ඨ නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා නම් හංස සේනාපති ය.
3877. අසංසයං ඉමං දිස‍්වා හංසරාජං නරාධිපො, පතීතො සුමනො විත‍්තො බහුං දස‍්සති තෙ ධනං.
3877. මහරජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැති ව සතුටු වූයේ නිසැක ව ම නුඹට බොහෝ ධනය දෙන්නේ ය. කියා මේ සුමුඛ හංසයා කීයේ ය.
3878. එවමෙතස‍්ස වචනා ආනීතාමෙ උභො මයා, එත්‍ථෙව හි ඉමෙ අස‍්සු උභො අනුමතා මයා.
3878. මෙසේ මොහුගේ වචනයෙන් මේ දෙදෙන මා විසින් ගෙන එන ලද්දාහු වෙති. මේ මානස නම් විලෙහිදී ම මොහු දෙදෙන චිත්‍රකූට පර්‍වතයට යනු පිණිස මා විසින් අනුදන්නා ලද්දාහ.
3879. සොයං එවං ගතො පක‍්ඛි දිජො පරමධම‍්මිකො, මාදිසස‍්ස හි ලුද‍්දස‍්ස ජනයෙය්‍යාථ මද‍්දවං.
3879. මෙසේ සතුරන් අතට පත් පරම ධාර්මික වූ ද්විජ නමි වූ ඒ මේ පක්‍ෂී තෙම මා වැනි වැද්දකුගේ පවා මෛත්‍රිය පහළ කෙළේ ය.
3880. උපායනං හි තෙ දෙව නාඤ‍්ඤං පස‍්සාමි එදිසං, සබ‍්බසාකුණිකගාමෙ තං පස‍්ස මනුජාධිප.
3880. දේවයන් වහන්ස, මේ වනාහි ඔබ වහන්සේට ගෙනෙන ලද තුටුපඬුරෙකි. මුළු වැදිගමෙහි මෙබඳු අනෙක් පඬුරක් නො දකිමි. නරශ්‍රේෂ්ඨ වූ මහරජ එය බලනු මැනවි.
3881. දිස‍්වා නිසින‍්නං රාජානං පීඨෙ සොවණ‍්ණයෙ සුභෙ, අජ‍්ඣභාසථ වක‍්කඞ‍්ගො වාචං කණ‍්ණසුඛං භණං.
3881. හංසරාජ තෙම රන්මුවා යහපත් පුටුවෙහි හුන් ඒ සකුල නම් රජු දැක කනට සුව එළවන්නා වූ බස් බෙණෙමින් මෙසේත් කී ය.
3882. කච‍්චිනු භොතො කුසලං කච‍්චි භොතො අනාමයං, කච‍්චි රට‍්ඨමිදං ඵීතං ධම‍්මෙන මනුසිස‍්සති.
3882. පින්වත් රජුට යහපත් ද? පින්වතාට ආරෝග්‍යය තිබේ ද? කිම, සමෘද්ධ වූ මේ රට දැහැමින් අනුශාසනා කරන්නෙහි ද?
3883. කුසලඤ‍්චෙව මෙ හංස අථො හංස අනාමයං, අථො රට‍්ඨමිදං ඵීතං ධම‍්මෙන මනුසිස‍්සති.
3883. හංස රාජය, මට යහපති. යළි මට ආරෝග්‍යය ද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුශාසනා කරනු ලැබේ ය යි රජ තෙමේ කී ය.
3884. කච‍්චි භොතො අමච‍්චෙසු දොසො කොචි න විජ‍්ජති, කච‍්චින‍්නු තෙ තවත්‍ථෙසු නාවකඞ‍්ඛන‍්ති ජීවිතං.
3884. කිම, පින්වත්හුගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැද්ද? කිම, ඔවුහු ඔබගේ යුද්ධාදී කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙද්ද?
3885. අථොපි මෙ අමච‍්චෙසු දොසො කොචි න විජ‍්ජති, අථොපි තෙ මමත්‍ථෙසු නාවකඞ‍්ඛන‍්ති ජීවිතං.
3885. මාගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැත. වැළි ඔවුහු මාගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙති.
3886. කච‍්චි තෙ සාදිසී භරියා අස‍්සවා පියභාණිනි, පුත‍්තරූපයසූපෙතා තව ඡන්‍දවසානුගා.
3886. කිම, ඔබගේ බිරිය සමාන ජාති ඇත්තී ද? අවවාදක්‍ෂම ද? ප්‍රිය තෙපුල් කියන්නී ද? දරු සම්පතින් හා රූපයෙන් ද යසසින් ද සමන්‍විත ද? ඔබගේ අදහස් අනුව පවතින්නී ද?
3887. අථො මෙ සාදිසී භරියා අස‍්සවා පිය්‍යාණිනී, පුත‍්තරූපයසූපෙතා මම ඡන්‍දවසානුගා.
3887. මාගේ බිරිය සමාන ජාති ඇත්තීය. අවවාදක්‍ෂම ය. ප්‍රිය තෙපුල් කියන්නී ය. දරු සම්පතින් හා රූපයෙන් ද යශසින් ද මාගේ අදහස් අනුව පවත්නීය.
3888. භවං තු කච‍්චි නු මහාසත‍්තුහත්‍ථත්‍ථතඞ‍්ගතො, දුක‍්ඛමාපජ‍්ජි විපුලං තස‍්මිං පඨමමාපදෙ.
3888. කිමෙක් ද පින්වතා වනාහි මහා සතුරාගේ අතට හසුවූයේ ඒ පළමු විපතෙහි දී දැඩි දුකට පත්වී ද?
3889. කච‍්චියං නාපතිත්‍වාන දණ‍්ඩෙන සමපොඨයි, එවමෙතෙසං ජම‍්මානං පාකතිකං භවති තාවදෙ.
3889. කිමෙක් ද, මේ වැද්දා පැන නොයන්නට දණ්ඩකින් පෙළුයේ ද? මෙසේ කිරීම මේ නීචයන්ගේ ඒ වේලාවෙහි ස්වභාව ය.
3890. ඛෙමමාසි මහාරාජ එවමාපදි සංසති, න චායං කිඤ‍්චිරස‍්මාසු සතතූව සමපජ‍්ජථ.
3890. මහරජ, මෙසේ විපත්තිය පැමිණි කල්හි නිර්‍භය වීමි. මෙතෙම අප කෙරෙහි සතුරකු මෙන් නො පිළිපන්නේ යැ.
3891. පච‍්චකම‍්පිත්‍ථ නෙසාදො පුබ‍්බෙව අජ‍්ඣභාසථ, තදායං සුමුඛොයෙව පණ‍්ඩිතො පච‍්චහාසථ
3891. මහරජ, මේ වැදිතෙම පළමු කොට අප දැක මඳක් පසුබට විය. ඉන්පසු කථා කෙළේ ය. එවිට මේ පණ්ඩිත වූ සුමුඛ තෙම පිළිතුරු දුන්නේ ය.
3892. තස‍්ස තං වචනං සුත්‍වා පසාදමයමජ‍්ඣගා, තතො මං පාමුචී පාසා අනුඤ‍්ඤාසි සුඛෙන ච,
3892. ඔහුගේ ඒ වචනය අසා මෙතෙම පැහැදුණේ ය. ඉන්පසු මා පාසයෙන් මිදුවේ ය. සුවසේ චිත්‍රකූටයට ගොස් වසන්නට ද අනුදත්තේ ය.
3893. ඉදම‍්පි සුමුඛෙනෙව එතදත්‍ථාය චින‍්තිතං, භොතො සකාසෙ ආගමනං එතස‍්ස ධනමිච‍්ඡතා.
3893. පින්වත් ඔබ වෙත මේ පැමිණීම ද මොහුට ධනය ලබාදෙනු කැමැති වූ සුමුඛයා විසින් ම මොහු සඳහා ම සිතන ලද්දෙකැ යි හංස රාජයා කීයේ ය.
3894. ස‍්වාගතඤ‍්චෙවිදං භවතං පතීතොචස‍්මි දස‍්සනා, එසො අපි බහුං විත‍්තං ලභතං යාවතිච‍්ඡති.
3894. පින්වතුන්ගේ මේ පැමිණීම යහපත් පැමිණීමෙකි. ඔබ දැක්මෙන් මම සොම්නස් වීමි. මෙතෙමේ ද යම්තාක් ධනය කැමති වේ නම් ඒ තාක් බොහෝ ධනය ලබන්නේ ය.
3895. සන‍්තප‍්පයිත්‍වා නෙසාදං භොගෙහි මනුජාධිපො, අජ‍්ඣභාසථ වක‍්කඞ‍්ගං වාචං කණ‍්ණසුඛං භණං.
3895. රජ තෙම සම්පතින් වැද්දා සතප්වා මිහිරි වදන් කියමින් හංස රාජයාට මෙසේ කීයේ ය.
3896. යං බලු ධම‍්මධීනං වසො වත‍්තති කිඤ‍්චනං, සබ‍්බත්‍ථිස‍්සරියං භවතං පසාසථ යදිච‍්ඡථ.
3896. හංසරාජය, යම්කිසිවක් මා වසයෙහි පවතී ද ඒ සියල්ල මම ධර්‍මයට අයත් කොට හෙවත් ධර්‍මපූජා වශයෙන් දෙමි. ඒ සියල්ලෙහි අධිපති බව පින්වතාට වේවා. රුචි පරිදි අනුශාසනා කරනු මැනවි.
3897. දානත්‍ථං උපභොත‍්තුං වා යඤ‍්චඤ‍්ඤං උපකප‍්පති, එතං දදාමි වො විත‍්තං ඉස‍්සෙරං විස‍්සජාමි වො.
3897. දානයට හෝ පරිභෝගයට හෝ අන්කිසි යමකට හෝ කැමැත්තේ නම් එය කරව. ඒ සම්පත ඔබට දෙමි. මාගේ අධිපති භාවය ඔබට පවරා දෙමි යි රජ කී ය.
3898. යථා ච ම්‍යායං සුමුඛො අජ‍්ඣහාසෙය්‍ය පණ‍්ඩිතො, කාමසා බුද‍්ධිසම‍්පන‍්නො තං ම්‍යාස‍්ස පරමප‍්පියං.
3898. ඉදින් මේ පණ්ඩිත වූ බුද්ධිසම්පන්න සුමුඛයාත් තම කැමැත්තෙන් යමක් කියන්නේ නම් එය මට ඉතා ප්‍රිය වන්නේ ය යි රජ කීයේ ය.
3899. අහං ඛලු මහාරාජ නාගරාජාරිවන‍්තරං, පටිවත‍්තුං න සක‍්කොමි න මෙ සො විනයො සියා.
3899. මහරජ, මම වනාහි මහගල් පව් දෙකක් අතරට වූ ඇත් රජකු මෙන් ඔබ අතර කථා කරන්නට නො හැක්කෙමි. එසේ කථා කරන්නෙම් නම් එය හික්මීම ද නො වන්නේ ය.
3900. අම‍්හාකඤ‍්චෙව යො සෙට‍්ඨො ත්‍වඤ‍්ච උත‍්තමසත‍්තවො, භූමිපාලො මනුස‍්සින්‍දො පූජා බහූහි හෙතුහි.
3900. අපගේ සයානූදහසක් හංසයන්ට ශ්‍රේෂ්ඨ වූ යම් ඒ හංස රාජයෙක් වේ ද, හෙ තෙමේ ද පෘථිවිය පාලනය කරන්නා වූ මිනිසුන්ට අධිපති වූ උතුම් කෙනකු වන ඔබ ද යන දෙදෙනා බොහෝ හේතූන් නිසා පිදිය යුත්තෝ ය.
3901. තෙසං උභින‍්නං භණතං වත‍්තමානෙ විනිච‍්ඡයෙ, නාන‍්තරං පටිවත‍්තබ‍්බං පෙස‍්සෙන මනුජාධිප.
3901. නර ශ්‍රේෂ්ඨ මහරජතුමනි, ඔවුන් දෙදෙනා කථා කරද්දී විනිශ්චය පවත්නා විට මෙහෙකරු වූ මා විසින් අතර තුර කථා නො කළයුතු ය.
3902. ධමෙමන කිර නෙසාදො පණ‍්ඩිතො අණ‍්ඩජො ඉති, නහෙව අකතත‍්තස‍්ස නයො එතාදිසො සියා.
3902. වැදි තෙම ඇතිසැටියෙන් ම පණ්ඩිත වූ පක්‍ෂියෙකැ යි කීසේ ය. පුරුදු නොකළ සිතැත්තකුට මෙබඳු ප්‍රඥාවක් නො වන්නේ ම ය.
3903. එවං අග‍්ගපකතිමා එවං උත‍්තමසත‍්තවො, යාවතත්‍ථි මයා දිට‍්ඨා නාඤ‍්ඤං පස‍්සාමි එදිසං.
3903. මෙතෙම මෙසේ උතුම් ස්වභාව ඇත්තෙකි. මෙසේ උතුම් සත්‍වයෙකි. මා විසින් දක්නාලද යම්තාක් පක්‍ෂීහු ඇද්ද, ඔවුනතර මෙබඳු අන් පක්‍ෂියකු නො දකිමි.
3904. තුට‍්ඨොස‍්මි චො පකතියා වාක්‍යෙන මධුරෙන ච, එසො චාපි මම ඡන්‍දො චිරං පස‍්සෙය්‍ය වො උභො.
3904. යහළු හංසරාජය, මම (පළමු කොට ම) ඔබ දැක්මෙන් ප්‍රකෘතියෙන් තුටුවූයෙම් වෙමි. දැන් ඔබගේ මිහිරි වචනයෙන් සතුටු වූයෙම් වෙමි. ඔබ දෙදෙනා (මෙහි ම වාසය කරවාගෙන) බොහෝ කලක් බලන්නෙමි යි යන මෙය ද මගේ කැමැත්ත වේ.
3905. යං කිච‍්චං පරමෙ මිත‍්තෙ කතරස‍්මාසු තං තයා, පත‍්තා නිස‍්සංසයං ත්‍යම‍්භා භත‍්තිරස‍්මාසු යා තව.
3905. මහරජ, උතුම් මිත්‍රයකු කෙරෙහි කටයුතු යමක් වේ ද, ඔබ විසින් ඒ සියල්ල අප කෙරෙහි කරනලදී. අප කෙරෙහි ඔබගේ යම් බඳු භක්තියක් වේ ද, ඒ භක්තියෙන් අපි නිසැක ව ම ඔබ සමග සහ වාසයට පැමිණියමෝ වෙමු.
3906. අදුඤ‍්ච නූන සුමහා ඤාතිසඞ‍්ඝස‍්සමන‍්තරං, අදස‍්සනෙන අස‍්මාකං දුක‍්ඛං බහුසු පක‍්ඛිසු.
3906. බොහෝ පක්‍ෂීන් කෙරෙහි අප නො දැක්මෙන් දුකෙක් උපන්නේ ද, තෙල අපගේ, ඥාති සමූහයාගේ මහත් දුබල බවෙකි.
3907. තෙසං සොකවිඝාතාය තයා අනුමතා මයං, තං පදක‍්ඛිණතො කත්‍වා ඤාතී පස‍්සෙ මරින්‍දම.
3907. මහරජ, ඔවුන්ගේ ශෝකය දුරු කිරීම පිණිස ඔබ විසින් අනුදන්නාලද අපි ඔබ ප්‍රදක්‍ෂිණා කොට නෑයන් දක්නෙමු.
3908. අද‍්ධාහං විපුලං පීතිං භවතං වින්‍දාමි දස‍්සනා, එසො චාපි මහා අත්‍ථො ඤාතිවිස‍්සාසනා සියා.
3908. මම පින්වත්හුගේ දැක්මෙන් ඒකාන්තයෙන් ම මහත් ප්‍රීතියක් විඳිමි. යම් නෑයන් දැක්මෙක් වේ නම් මෙය ද මහත් අභිවෘද්ධියක් වේ යයි හංස තෙම කීයේ ය.
3909. ඉදං වත්‍වා ධතරට‍්ඨා හංසරාජා නරාධිපං, උත‍්තමජවමත‍්තාය ඤාතිසඞ‍්ඝමුපාගමුං.
3909. ධතරට්ඨ නම් වූ හංස රාජයෝ රජුට මෙය කියා මහත් ජවයෙන් නෑ සමූහයා වෙත එළැඹියහ.
3910. තෙ අරොගෙ අනුප‍්පත‍්තෙ දිස‍්වාන පරමෙ ද‍්විජෙ, කෙකාතිමකරුං හංසා පුථු සද‍්දො අජායථ.
3910. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දැක හංසයෝ කෙ, කෙ, යන රාවය කළහ. එයින් මහත් ශබ්දයෙක් හටගති.
3911. තෙ පතීතා පමුත‍්තෙන භත‍්තුනා භත‍්තුගාරවා, සමන‍්තා පරිකරිංසු අණ‍්ඩජා ලද‍්ධපච‍්චයා.
3911. මළපුඬුවෙන් මිදුණා වූ ස්වාමියා කරණකොට ගෙන තුටු සිත් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමි ගෞරවය ඇත්තාහු ‘පක්‍ෂීහු පිහිටලද්දෝ ය’ යි ඔහු හාත්පස පිරිවරාගත්හ.
3912. එවං මිත‍්තවතං අත්‍ථා සබ‍්බෙ හොන‍්ති පදක‍්ඛිණා, හංසා යථා ධතරට‍්ඨා ඤාතිසඞ‍්ඝමුපාගමුත‍්ති.
3912. මෙසේ කල්‍යාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේ ය. ධතරට්ඨ නම් වූ හංසයෝ යම් සේ නෑ සමූහයා වෙතට පැමිණියාහු ද එමෙනැ යි වදාළසේක.
චුල‍්ලහංසජාතකං.
චූලහංස ජාතක යි.