යෙදුමෙන් කියවන්න

1. කුසජාතකවණ‍්ණනා 531 අට‍්ඨකථා

1. කුසජාතකවණ‍්ණනා (531)

1. කුස ජාතකය (531)

ඉදං තෙ රට‍්ඨන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. එකො කිර සාවත්‍ථිවාසී කුලපුත‍්තො සාසනෙ උරං දත්‍වා පබ‍්බජිතො එකදිවසං සාවත්‍ථියං පිණ‍්ඩාය චරන‍්තො එකං අලඞ‍්කතඉත්‍ථිං දිස‍්වා සුභනිමිත‍්තග‍්ගාහවසෙන ඔලොකෙත්‍වා කිලෙසාභිභූතො අනභිරතො විහාසි දීඝකෙසනඛො කිලිට‍්ඨචීවරො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනීසන්‍ථතගත‍්තො. යථා හි දෙවලොකා චවනධම‍්මානං දෙවපුත‍්තානං පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි පඤ‍්ඤායන‍්ති, මාලා මිලායන‍්ති, වත්‍ථානි කිලිස‍්සන‍්ති, සරීරෙ දුබ‍්බණ‍්ණියං ඔක‍්කමති, උභොහි කච‍්ඡෙහි සෙදා මුච‍්චන‍්ති, දෙවො දෙවාසනෙ නාභිරමති, එවමෙව සාසනා චවනධම‍්මානං උක‍්කණ‍්ඨිතභික‍්ඛූනං පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි පඤ‍්ඤායන‍්ති, සද‍්ධාපුප‍්ඵානි මිලායන‍්ති, සීලවත්‍ථානි කිලිස‍්සන‍්ති, සරීරෙ මඞ‍්කුතාය චෙව අයසවසෙන ච දුබ‍්බණ‍්ණියං ඔක‍්කමති, කිලෙසසෙදා මුච‍්චන‍්ති, අරඤ‍්ඤරුක‍්ඛමූලසුඤ‍්ඤාගාරෙසු නාභිරමන‍්ති. තස‍්සපි තානි පඤ‍්ඤායිංසු. අථ නං භික‍්ඛූ සත්‍ථු සන‍්තිකං නෙත්‍වා “අයං, භන‍්තෙ, උක‍්කණ‍්ඨිතො”ති දස‍්සෙසුං. සත්‍ථා “සච‍්චං කිර ත්‍වං, භික‍්ඛු, උක‍්කණ‍්ඨිතොසී”ති තං පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “මා, භික‍්ඛු, කිලෙසවසිකො හොහි, මාතුගාමො නාමෙස පාපො, තස‍්මිං පටිබද‍්ධචිත‍්තතං විනොදෙහි, සාසනෙ අභිරම, මාතුගාමෙ පටිබද‍්ධචිත‍්තතාය හි තෙජවන‍්තොපි පොරාණකපණ‍්ඩිතා නිත‍්තෙජා හුත්‍වා අනයබ්‍යසනං පාපුණිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

ඉදං තෙ රට්ඨං යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කලකිරුණු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. සැවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් ශාසනයේ සෙනෙහස උපදවා (හෘදය-උරං) පැවිදි වූයේ, එක්දිනක් සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ එක් අලංකාර ස්ත්‍රියක දැක යහපත් නිමිති ගැනීම් වශයෙන් බලා, කෙළෙසින් මඩනා ලදුව ඇල්මෙන් තොරව වාසය කෙළේය. හේ දිගුවූ කෙස් නිය ඇත්තේ, වැහැරී ගිය සිවුරු දරන්නේ පඬුවන් පැහැයෙන් යුක්ත වුයේ, නහර ඉලුප්පුණු සිරුරක් ඇත්තේ විය. දේව ලෝකයෙන් චුතවන්නා වූ, දේවපුත්‍රයන්ගේ පූර්ව නිමිති පහක් ප්‍රකට වෙයි. මල්මාලාවෝ මිලාන වෙති වස්ත්‍ර කිළිටි වෙයි. ශරීරයේ දුර්නිමිති පහළ වෙයි. කිහිලි දෙකෙන් ඩහදිය වැගිරෙයි. දෙවියා දිව්‍ය ආසනයේ නො ඇලෙයි. එපරිද්දෙන් සසුනෙන් චුතවන ධර්මයක් මෙන් කලකිරුණු භික්‍ෂූන්ට පූර්ව නිමිති පහක් ප්‍රකට වෙයි. ශ්‍රද්ධා නැමැති පුෂ්පයෝ මිලාන වෙති. වස්ත්‍ර නැමැති ශීලය කිළිටි වෙයි. ශරීරයේ මකු බවින් නුගුණ පැතිරෙමින් විරූප බවට පැමිණෙයි. කෙළෙස් නැමැති ඩහදිය වැගිරෙයි. ආරණ්‍යයේ වෘක්‍ෂ මූලයේ ශූන්‍යාගාරයේ හිඳීමට සිත් නොඇලෙත්. ඔහුට ද එම නිමිති ප්‍රකට විය. ඉක්බිති භික්‍ෂූහු ඔහු ශාස්තෲන් සමීපයට පමුණුවා ස්වාමීනි, මේ භික්‍ෂුව කලකිරුණු ස්වභාව ඇත්තේ යයි දැක්වූහ. ශාස්තෲන් වහන්සේ, “මහණ, නුඹ කලකිරුණේ සත්‍යයදැ”යි විචාරා ස්වාමීනි, සත්‍යය යැයි කී කල්හි මහණ, කෙළෙස් වසඟයට නොයන්න. ස්ත්‍රිය නම් පව්කාරියකි. ඈ කෙරෙහි බඳනා ලද සිත දුරුකරව. ශාසනයේ ඇලෙන්න. ස්ත්‍රිය කෙරෙහි බැඳුනු සිත නිසා තේජස් වී වුන් තේජසින් පිරිහෙති. පෞරාණික පඬිවරු ස්ත්‍රිය කෙරෙන් තේජස් විරහිතව සිට නොයෙක් විපත්තියට පැමිණියාහු යයි වදාරා අතීතය ගෙනහැර පෙන්වීය.

අතීතෙ මල‍්ලරට‍්ඨෙ කුසාවතීරාජධානියං ඔක‍්කාකො නාම රාජා ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙසි. තස‍්ස සොළසන‍්නං ඉත්‍ථිසහස‍්සානං ජෙට‍්ඨිකා සීලවතී නාම අග‍්ගමහෙසී අහොසි, සා නෙව පුත‍්තං, න ධීතරං ලභි. අථස‍්ස නාගරා චෙව රට‍්ඨවාසිනො ච රාජනිවෙසනද‍්වාරෙ සන‍්නිපතිත්‍වා “රට‍්ඨං නස‍්සිස‍්සති, රට‍්ඨං නස‍්සිස‍්සතී”ති උපක‍්කොසිංසු. රාජා සීහපඤ‍්ජරං උග‍්ඝාටෙත්‍වා “මයි රජ‍්ජං කාරෙන‍්තෙ අධම‍්මකාරො නාම නත්‍ථි, කස‍්මා උපක‍්කොසථා”ති පුච‍්ඡි. “සච‍්චං, දෙව, අධම‍්මකාරො නාම නත්‍ථි, අපිච වංසානුරක‍්ඛකො පන වො පුත‍්තො නත්‍ථි, අඤ‍්ඤො රජ‍්ජං ගහෙත්‍වා රට‍්ඨං නාසෙස‍්සති, තස‍්මා ධම‍්මෙන රජ‍්ජං කාරෙතුං සමත්‍ථං පුත‍්තං පත්‍ථෙථා”ති. “පුත‍්තං පත්‍ථෙන‍්තො කිං කරොමී”ති? “පඨමං තාව එකං සත‍්තාහං චුල‍්ලනාටකං ධම‍්මනාටකං කත්‍වා විස‍්සජ‍්ජෙථ, සචෙ සා පුත‍්තං ලභිස‍්සති, සාධු, නො චෙ, අථ මජ‍්ඣිමනාටකං විස‍්සජ‍්ජෙථ, තතො ජෙට‍්ඨනාටකං, අවස‍්සං එත‍්තකාසු ඉත්‍ථීසු එකා පුඤ‍්ඤවතී පුත‍්තං ලභිස‍්සතී”ති. රාජා තෙසං වචනෙන තථා කත්‍වා සත‍්ත දිවසෙ යථාසුඛං අභිරමිත්‍වා ආගතාගතං පුච‍්ඡි – “කච‍්චි වො පුත‍්තො ලද‍්ධො”ති? සබ‍්බා “න ලභාම, දෙවා”ති ආහංසු. රාජා “න මෙ පුත‍්තො උප‍්පජ‍්ජිස‍්සතී”ති අනත‍්තමනො අහොසි. නාගරා පුන තථෙව උපක‍්කොසිංසු. රාජා “කිං උපක‍්කොසථ, මයා තුම‍්හාකං වචනෙන නාටකානි විස‍්සට‍්ඨානි, එකාපි පුත‍්තං න ලභති, ඉදානි කිං කරොමා”ති ආහ. “දෙව, එතා දුස‍්සීලා භවිස‍්සන‍්ති නිප‍්පුඤ‍්ඤා, නත්‍ථි එතාසං පුත‍්තලාභාය පුඤ‍්ඤං, තුම‍්හෙ එතාසු පුත‍්තං අලභන‍්තීසුපි මා අප‍්පොස‍්සුක‍්කතං ආපජ‍්ජථ, අග‍්ගමහෙසී වො සීලවතී දෙවී සීලසම‍්පන‍්නා, තං විස‍්සජ‍්ජෙථ, තස‍්සා පුත‍්තො උප‍්පජ‍්ජිස‍්සතී”ති.

අතීතයේ මල්ල රට කුසාවතී නම් රාජධානියේ ඔක්කාක නම් රජ දැහැමින් රාජ්‍යත්වය කෙළේය. ඔහුගේ දහසය දහසක් ස්ත්‍රීන්ගේ ජ්‍යෙෂ්ඨ තැනැත්තිය වූ සීලවතී නම් අගමෙහෙසියක් වූවාය. ඇය පුතකු හෝ දුවක නොලැබුවාය. ඉක්බිති ඒ නගර වැසියෝ ද, රට වැසියෝ ද, රජමිදුල දොරටුවේ රැස්ව රට නැසෙන්නේයයි රට විනාශ වන්නේයයි කියමින් උද්ඝෝෂණය කළහ. රජු සීමැදුරු කවුළුව විවර කොට, මා රාජ්‍යය කරවන කල්හි අධාර්මිකයෙක් නම් නැත. කුමක්හෙයින් උද්ඝෝෂණය කරන්නාහුදැයි විචාළේය. දේවයන් වහන්ස, සත්‍යයකි. අධාර්මිකයකු නැත. නමුත් වංශය රකින්නා වූ පුත්‍රයකු තොපට නොවේ. අන්‍යයන් රාජ්‍යය ගෙන විනාශ කරන්නාහුය. එහෙයින් දැහැමින් රාජ්‍යය කරන්නට සමත් පුතකු ප්‍රාර්ථනා කරන්නැයි පුතකු ප්‍රාර්ථනා කරන්නේ කුමක් කරම්ද? පළමුව එක් සතියක් කුඩා නාටකයක් ද, ධර්ම නාටකයක් ද කොට ඉදින් ඇය පුතකු ලබන්නේ නම් හොඳයි ඉදින් පුතකු නොලබන්නී නම් මධ්‍යම නාටකයකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ නාටකයක් ද, ඒකාන්තයෙන්ම මෙපමණ ස්ත්‍රීන් අතර එක් පින්වත් ස්ත්‍රියක් පුතකු ලබන්නීයැයි ඔවුන්ගේ වචනයෙන් රජු එසේ කොට සත්වන දවසේ සුවසේ සතුටුවී, පැමිණි පැමිණි අයගෙන් විචාළේය. කෙසේද? නුඹලා පුතකු ලැබුවේද, සියළු ස්ත්‍රීහු “නොලැබුවෙමු දේවයන් වහන්ස” යයි කීවාහුය. රජු ද මට පුතකු නො උපදී යයි නො සතුටු සිත් ඇත්තේ විය. නගරවැසියෝ නැවත එසේම උද්ඝෝෂණය කළහ. රජු; (නුඹලා) කුමක් නිසා උද්ඝෝෂණය කරවුද? මා විසින් ඔබලාගේ වචනයෙන් නාටක ද විසඳන ලදි. එක ස්ත්‍රියකවත් පුතකු නො ලබයි. දැන් කුමක් කරමුදැයි කීහ. දේවයන් වහන්ස, මෑලා දුශ්ශීල වන්නාහුය. පින් මදය. මෑලාට පුත්‍රලාභය පිණිස පින් නැත. නුඹලා මෑලා ඇතැමෙක් පුතකු නොලබන කල්හි උත්සාහයෙන් අඩු බවක් නොලබාවා. තොපගේ අග මෙහෙසිය වූ සීලවතී දේවිය සීල සම්පන්න වේ. ඇය විසඳවු. ඇය පුතකු ලබන්නීය.

සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “ඉතො කිර සත‍්තමෙ දිවසෙ රාජා සීලවතිං දෙවිං ධම‍්මනාටකං කත්‍වා විස‍්සජ‍්ජෙස‍්සති, පුරිසා සන‍්නිපතන‍්තූ”ති භෙරිං චරාපෙත්‍වා සත‍්තමෙ දිවසෙ දෙවිං අලඞ‍්කාරාපෙත්‍වා රාජනිවෙසනා ඔතාරෙත්‍වා විස‍්සජ‍්ජෙසි. තස‍්සා සීලතෙජෙන සක‍්කස‍්ස භවනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො “කිං නු ඛො”ති ආවජ‍්ජෙන‍්තො දෙවියා පුත‍්තපත්‍ථනභාවං ඤත්‍වා “එතිස‍්සා මයා පුත‍්තං දාතුං වට‍්ටති, අත්‍ථි නු ඛො දෙවලොකෙ එතිස‍්සා අනුච‍්ඡවිකො පුත‍්තො”ති උපධාරෙන‍්තො බොධිසත‍්තං අද‍්දස. සො කිර තදා තාවතිංසභවනෙ ආයුං ඛෙපෙත්‍වා උපරිදෙවලොකෙ නිබ‍්බත‍්තිතුකාමො අහොසි. සක‍්කො තස‍්ස විමානද‍්වාරං ගන‍්ත්‍වා තං පක‍්කොසිත්‍වා, “මාරිස, තයා මනුස‍්සලොකං ගන‍්ත්‍වා ඔක‍්කාකරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හිතුං වට‍්ටතී”ති සම‍්පටිච‍්ඡාපෙත්‍වා අපරම‍්පි දෙවපුත‍්තං “ත්‍වම‍්පි එතිස‍්සා එව පුත‍්තො භවිස‍්සසී”ති වත්‍වා “මා ඛො පනස‍්සා කොචි සීලං භින්‍දතූ”ති මහල‍්ලකබ්‍රාහ‍්මණවෙසෙන රඤ‍්ඤො නිවෙසනද‍්වාරං අගමාසි.

ඔහු මැනවැයි පිළිගෙන ඉන් සත්වෙනි දවසෙහි රජු සීලවතී දේවියට ධර්ම නාට්‍යයක් කොට විසඳන්නේය. මිනිස්සු එක්රැස් වෙත්වා’යි බෙරහඬ නංවා සත්වෙනි දිනයේ දේවිය. අලංකාරයෙන් සරහා රාජ මන්දිරයෙන් බස්සවා, විසඳීය. ඇයගේ සිල් තේජසින් ශක්‍රයාගේ භවන උණු විය. ඔහු මේ කිමෙක්දැයි, ආවර්ජනය කරන්නේ, දේවියට පුතකු ප්‍රාර්ථනා කරන බව දැන මා විසින් මැයට පුතකු දෙන්නට වටී, දිව්‍යලෝකේ මැයට සුදුසු පුත්‍රයෙකු ඇත්තේදැ’යි සොයන්නේ බෝධිසත්ත්වයන් දිටීය. ඔහු වනාහි එදින තව්තිසා භවනයේ ආයුෂ ක්‍ෂය කොට යළිත් දෙව්ලොව උපදිනු කැමැත්තේ විය. ශක්‍රයා ඔහුගේ විමන් දොරටුව ළඟට ගොස්, ඔහු කැඳවා නිදුකාණෙනි, ඔබ මිනිස්ලොවට ගොස් ඔක්කාක රජුගේ අගමෙහෙසියගේ කුසයෙහි පිළිසිඳ ගන්නට වටී යයි කැමති කරවා අනෙක් දේවපුත්‍රයෙකු වෙත ගොස් ඔබද මැයගේ පුතා වන්නේ යයි පවසා කිසිලෙසකින් හෝ ඇගේ ශීලය නොබිඳවායි, මහලු බමුණකු විලාශයෙන් රජ මැදුරට ගියේය.

මහාජනොපි න‍්හාතො අලඞ‍්කතො “අහං දෙවිං ගණ‍්හිස‍්සාමි, අහං දෙවිං ගණ‍්හිස‍්සාමී”ති රාජද‍්වාරෙ සන‍්නිපතිත්‍වා සක‍්කඤ‍්ච දිස‍්වා “ත්‍වං කස‍්මා ආගතොසී”ති පරිහාසමකාසි. සක‍්කො “කිං මං තුම‍්හෙ ගරහථ, සචෙපි මෙ සරීරං ජිණ‍්ණං, රාගො පන න ජීරති, සචෙ සීලවතිං ලභිස‍්සාමි, ආදාය නං ගමිස‍්සාමීති ආගතොම‍්හී”ති වත්‍වා අත‍්තනො ආනුභාවෙන සබ‍්බෙසං පුරතොව අට‍්ඨාසි. අඤ‍්ඤො කොචි තස‍්ස තෙජෙන පුරතො භවිතුං නාසක‍්ඛි. සො තං සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං නිවෙසනා නික‍්ඛමන‍්තිඤ‍්ඤෙව හත්‍ථෙ ගහෙත්‍වා පක‍්කාමි. අථ නං තත්‍ථ තත්‍ථ ඨිතා ගරහිංසු “පස‍්සථ, භො, මහල‍්ලකබ්‍රාහ‍්මණො එවං උත‍්තමරූපධරං දෙවිං ආදාය ගච‍්ඡති, අත‍්තනො යුත‍්තං න ජානාතී”ති. දෙවීපි “මහල‍්ලකො මං ගහෙත්‍වා ගච‍්ඡතී”ති න අට‍්ටීයති න හරායති. රාජාපි වාතපානෙ ඨත්‍වා “කො නු ඛො දෙවිං ගහෙත්‍වා ගච‍්ඡතී”ති ඔලොකෙන‍්තො තං දිස‍්වා අනත‍්තමනො අහොසි.

මහජනයා ද ස්නානය කර අලංකාර වූයේ ‘මම දේවිය ගෙන යන්නෙමි’යි ‘මම දේවිය ගෙන යන්නෙමි’යි රජදොරටුව වෙත රැස්වී, ශක්‍රයා ද දැක නුඹ කුමක් සඳහා ආවෙහිදැයි පරිභව කෙළේය. ශක්‍රයා; කුමක් නිසා නුඹ මට ගරහව්ද? ඉදින් මගේ සිරුර දිරාගිය නමුත් රාගය නොදිරයි. ඉදින් සීලවතිය ලබන්නෙම් නම් ඇය රැගෙන යෑමට ආවේ වෙමි යි පවසා තමන්ගේ ආනුභාවයෙන් සියළු දෙන ඉදිරියේ පෙනී සිටියේය. අන්‍යයෝ ඔහුගේ තේජසින් ඉදිරියේ සිටීමට නොහැකි විය. හෙතෙම සියළු අලංකාරයෙන් සැරසී රජ මැදුරෙන් නික්මෙන විට ම අතින් අල්ලාගෙන ගියේය. ඉක්බිති හේ ඒ ඒ තැන සිටියහු ගැරහීය. පින්වත් මහලු බමුණ, බලව් මෙබඳු උතුම් රූපශ්‍රීයෙන් යුතු දේවිය රැගෙන යයි. තමාගේ යුක්තිය නොදනියි. දේවියද මහල්ලා මා රැගෙන යයි යනු යයි පිළිකුල් නො කරයි. හැර නො යයි. රජු ද වාකවුළුවේ සිට කවරෙක් දේවිය ගෙන යයි දැයි බලන්නේ, එය දැක අසතුටට පත්විය.

සක‍්කො තං ආදාය නගරද‍්වාරතො නික‍්ඛමිත්‍වා ද‍්වාරසමීපෙ එකං ඝරං මාපෙසි විවටද‍්වාරං පඤ‍්ඤත‍්තකට‍්ඨත්‍ථරිකං. අථ නං සා “ඉදං තෙ නිවෙසන”න‍්ති පුච‍්ඡි. සො “ආම, භද‍්දෙ, පුබ‍්බෙ පනාහං එකො, ඉදානිම‍්හා මයං ද‍්වෙ ජනා, අහං භික‍්ඛාය චරිත්‍වා තණ‍්ඩුලාදීනි ආහරිස‍්සාමි, ත්‍වං ඉමිස‍්සා කට‍්ඨත්‍ථරිකාය නිපජ‍්ජාහී”ති වත්‍වා තං මුදුනා හත්‍ථෙන පරාමසන‍්තො දිබ‍්බසම‍්ඵස‍්සං ඵරාපෙත්‍වා තත්‍ථ නිපජ‍්ජාපෙසි. සා දිබ‍්බසම‍්ඵස‍්සඵරණෙන සඤ‍්ඤං විස‍්සජ‍්ජෙසි. අථ නං අත‍්තනො ආනුභාවෙන තාවතිංසභවනං නෙත්‍වා අලඞ‍්කතවිමානෙ දිබ‍්බසයනෙ නිපජ‍්ජාපෙසි. සා සත‍්තමෙ දිවසෙ පබුජ‍්ඣිත්‍වා තං සම‍්පත‍්තිං දිස‍්වා “න සො බ්‍රාහ‍්මණො මනුස‍්සො, සක‍්කො භවිස‍්සතී”ති අඤ‍්ඤාසි. සක‍්කොපි තස‍්මිං සමයෙ පාරිච‍්ඡත‍්තකමූලෙ දිබ‍්බනාටකපරිවුතො නිසින‍්නො අහොසි. සා සයනා උට‍්ඨාය තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ නං සක‍්කො “වරං තෙ, දෙවි, දදාමි, ගණ‍්හාහී”ති ආහ. “තෙන හි, දෙව, එකං පුත‍්තං මෙ දෙහී”ති. “දෙවි, තිට‍්ඨතු එකො පුත‍්තො, අහං තෙ ද‍්වෙ පුත‍්තෙ දස‍්සාමි. තෙසු පන එකො පඤ‍්ඤවා භවිස‍්සති විරූපවා, එකො රූපවා න පඤ‍්ඤවා. තෙසු කතරං පඨමං ඉච‍්ඡසී”ති? “පඤ‍්ඤවන‍්තං, දෙවා”ති. සො “සාධූ”ති වත්‍වා තස‍්සා කුසතිණං දිබ‍්බවත්‍ථං දිබ‍්බචන්‍දනං පාරිච‍්ඡත‍්තකපුප‍්ඵං කොකනුදඤ‍්ච නාම වීණං දත්‍වා තං ආදාය රඤ‍්ඤො සයනඝරං පවිසිත්‍වා රඤ‍්ඤා සද‍්ධිං එකසයනෙ නිපජ‍්ජාපෙත්‍වා අඞ‍්ගුට‍්ඨකෙන තස‍්සා නාභිං පරාමසි. තස‍්මිං ඛණෙ බොධිසත‍්තො තස‍්සා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සක‍්කොපි සකට‍්ඨානමෙව ගතො. පණ‍්ඩිතා දෙවී ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ජානි.

ශක්‍රයා ඇය රැගෙන නගර දොරටුවෙන් නික්ම දොරටුව සමීපයේ එක් ගෘහයක් මැවීය. විවෘත වන දොරටුව ප්‍රකට වන අටැස් දොරටුවක් වී. ඉක්බිති ඔහුගෙන් ඇය “මේ ඔබේ නිවෙසදැයි” විචාළාය. හෙතෙම, “එසේය සොඳුර”, පෙර මම එක්කෙනෙක්මි. දැන් අපි දෙදෙනෙකි. “මම පිඬු පිණිස හැසිර සහල් ආදිය රැගෙන එන්නෙමි. නුඹ, මේ දරමැස්සේ වැදහොවැ (නිදාගනුවයි) කියා, ඇගේ හිස්මුදුන අතින් පිරිමදිමින් දිව්‍ය ස්පර්ශය පතුරුවා එහි හිඳුවීය. ඇය දිව්‍ය ස්පර්ශයෙන් සිහිය නැති විය. ඉක්බිති හේ තමන්ගේ ආනුභාවයෙන් තව්තිසා භවනට ගෙනගොස් අලංකාර වූ විමානයේ, දිව්‍ය යහනාවේ හෙවීය. ඇය සත්වෙනි දිනයේ අවදිව, ඒ සම්පත් දැක, හෙතෙම බ්‍රාහ්මණයකු මනුෂ්‍යයකු නොව, ශක්‍රයා යයි දැනගත්තාය. ශක්‍රයා ද, එසමයේ පරසතු ගසක් මුල දිව්‍ය නළුවන් පිරිවරා හුන්නේ විය. ඇය ඔහු දැක යහනෙන් නැගිට ඔහුගේ සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිටියාය. ඉක්බිති ශක්‍රයා, “තිට වරයක් දෙන්නෙමි, දේවයනි, එය ගනුවයි” කීවේය. “එසේ වීනම් දේවයන් වහන්ස, මට පුත්‍රයෙක් දෙනු මැනවි.” “දේවිය, ඔබට මම එක පුතකු නොව දෙදෙනෙක් දෙන්නෙමි. ඔවුනතර එකකු ප්‍රඥාවන්තයෙකු වන්නේය. රූප සම්පත් නොවන්නේය. එකකු රූපසම්පත් ඇත්තෙකි. ප්‍රඥාව නොවන්නේය. ඔවුනතර කවරෙකු පළමුව කැමැත්තෙහිද?” දේවයන් වහන්ස, ප්‍රඥාවන්තයා දේවයිනියි, ඔහු යහපතැයි පවසා, ඇයට, කුසතණ ද, දිව්‍යවස්ත්‍ර ද, දිව්‍ය සඳුන් ද, දිව්‍ය පරසතු මල් ද, “කෝකනද” නම් වීණාවද දී, එය රැගෙන රජුගේ යහන් ගෘහයට වැද, රජු සමග එකම යහනාවක හොවා ඇඟිලි අගින් ඇගේ නාභිය පිරිමැද්දේය. එකෙණෙහි බෝධිසත්ත්වයෝ, ඇගේ කුසෙහි, පිළිසිඳ ගත්තේය. ශක්‍රයාද සිය මන්දිරයටම ගියේය. නුවණැති දේවිය ගැබෙහි පිහිටි බව දැනගත්තීය.

අථ නං පබුද‍්ධො රාජා දිස‍්වා, “දෙවි, කෙන නීතාසී”ති පුච‍්ඡි. “සක‍්කෙන, දෙවා”ති. “අහං පච‍්චක‍්ඛතො එකං මහල‍්ලකබ්‍රාහ‍්මණං තං ආදාය ගච‍්ඡන‍්තං අද‍්දසං, කස‍්මා මං වඤ‍්චෙසී”ති? “සද‍්දහථ, දෙව, සක‍්කො මං ගහෙත්‍වා දෙවලොකං නෙසී”ති. “න සද‍්දහාමි, දෙවී”ති. අථස‍්ස සා සක‍්කදත‍්තියං කුසතිණං දස‍්සෙත්‍වා “සද‍්දහථා”ති ආහ. රාජා “කුසතිණං නාම යතො කුතොචි ලබ‍්භතී”ති න සද‍්දහි. අථස‍්ස සා දිබ‍්බවත්‍ථාදීනි දස‍්සෙසි. රාජා තානි දිස‍්වා සද‍්දහිත්‍වා, “භද‍්දෙ, සක‍්කො තාව තං නෙතු, පුත‍්තො පන තෙ ලද‍්ධො”ති පුච‍්ඡි. “ලද‍්ධො මහාරාජ, ගබ‍්භො මෙ පතිට‍්ඨිතො”ති. සො තුට‍්ඨො තස‍්සා ගබ‍්භපරිහාරං අදාසි . සා දසමාසච‍්චයෙන පුත‍්තං විජායි, තස‍්ස අඤ‍්ඤං නාමං අකත්‍වා කුසතිණනාමමෙව අකංසු. කුසකුමාරස‍්ස පදසා ගමනකාලෙ ඉතරො දෙවපුත‍්තො තස‍්සා කුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි. සා දසමාසෙ පරිපුණ‍්ණෙ පුත‍්තං විජායි, තස‍්ස “ජයම‍්පතී”ති නාමං කරිංසු. තෙ මහන‍්තෙන යසෙන වඩ‍්ඪිංසු. බොධිසත‍්තො පඤ‍්ඤවා ආචරියස‍්ස සන‍්තිකෙ කිඤ‍්චි සිප‍්පං අනුග‍්ගහෙත්‍වා අත‍්තනොව පඤ‍්ඤාය සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පාපුණි.

ඉක්බිති ඇය රජු පිබිදුනු බව දැක කවරකු විසින් පමුණුවන ලද්දේදැයි විචාළේය. “දේවයන් වහන්ස, ශක්‍රයා විසින්ය.” “මම ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම එක් මහලු බමුණකු ඇය රැගෙන යනවා දුටුවෙමි. කුමක් නිසා මා රවටන්නෙහිද?” “රජතුමනි, අදහන්න. ශක්‍රයා මා රැගෙන දිව්‍යලෝකයට ගෙන යන ලදි.” “දේවයනි, නොඅදහන්නේ නම්.” ඉක්බිති ඔහුට ඇය ශක්‍රයා විසින් දෙන ලද කුසතණ පෙන්වා, අදහන්නැයි කීවාය. රජතුමා; කුසතණ නම්, ඕනෑම තැනකින් ලබාගත හැකි” යයි විශ්වාස නොකළේය. ඉක්බිති ඇය ඔහුට දිව්‍යවස්ත්‍ර ආදිය පෙන්වීය. රජතුමා ඒවා දැක, විශ්වාස කොට “සොඳුර, ශක්‍රයා ඔබව එහි පමුණුවා පුත්‍රයෙකු ලබන ලද්දේ ද, නැත්දැයි විචාළේය.” “මහරජ; ලබන ලද්දේය. මට ගැබක් පිහිටියේය.” ඔහු එය අසා සතුටු වූයේ, ඇයට ගැබ් පෙළහර දුන්නේය. ඇය දස මාසයක් ඇවෑමෙන්, පුත්‍රයෙකු වැදුවාය. ඔහුට වෙනත් නමක් නොතබා කුසතණ යන නම ම තැබූහ. කුස කුමාරයා පියවර තබන කල්හි, අනෙක් දේවපුත්‍රයා ද, ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. දස මසක් පිරිපුන් වූයේ පුතකු වැදුවාය. ඔහුට ජයම්පති යයි නම් කළහ. ඔවුහු මහත් යසසින් වැඩුණාහ. බෝධිසත්ත්වයෝ, ප්‍රඥාවන්ත වූයේ ගුරුවරයකුගේ සමීපයේ කිසිම ශිල්පයක් නොහදාරා, තමන්ගේ ප්‍රඥාවෙන් සියලු ශිල්පවල පරතෙරට පැමිණියේය.

අථස‍්ස සොළසවස‍්සකාලෙ රාජා රජ‍්ජං දාතුකාමො දෙවිං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, පුත‍්තස‍්ස තෙ රජ‍්ජං දත්‍වා නාටකානි උපට‍්ඨපෙස‍්සාම, මයං ජීවන‍්තායෙව නං රජ‍්ජෙ පතිට‍්ඨිතං පස‍්සිස‍්සාම, සකලජම‍්බුදීපෙ ඛො පන යස‍්ස රඤ‍්ඤො ධීතරං ඉච‍්ඡති, තමස‍්ස ආනෙත්‍වා අග‍්ගමහෙසිං කරිස‍්සාම, චිත‍්තමස‍්ස ජානාහි, කතරං රාජධීතරං රොචෙසී”ති ආහ. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “කුමාරස‍්ස ඉමං පවත‍්තිං ආරොචෙත්‍වා චිත‍්තං ජානාහී”ති එකං පරිචාරිකං පෙසෙසි. සා ගන‍්ත්‍වා තස‍්ස තං පවත‍්තිං ආරොචෙසි. තං සුත්‍වා මහාසත‍්තො චින‍්තෙසි – “අහං න රූපවා, රූපසම‍්පන‍්නා රාජධීතා ආනීතාපි මං දිස‍්වා ‘කිං මෙ ඉමිනා විරූපෙනා’ති පලායිස‍්සති ඉති නො ලජ‍්ජිතබ‍්බකං භවිස‍්සති, කිං මෙ ඝරාවාසෙන, ධරමානෙ මාතාපිතරො උපට‍්ඨහිත්‍වා තෙසං අච‍්චයෙන නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. සො “මය‍්හං නෙව රජ‍්ජෙනත්‍ථො, න නාටකෙහි, අහං මාතාපිතූනං අච‍්චයෙන පබ‍්බජිස‍්සාමී”ති ආහ. සා ගන‍්ත්‍වා තස‍්ස කථං දෙවියා ආරොචෙසි, දෙවීපි රඤ‍්ඤො ආරොචෙසි. රාජා අනත‍්තමනො හුත්‍වා පුන කතිපාහච‍්චයෙන සාසනං පෙසෙසි. සොපි පටිබාහතියෙව. එවං යාවතතියං පටිබාහිත්‍වා චතුත්‍ථවාරෙ චින‍්තෙසි – “මාතාපිතූහි සද‍්ධිං එකන‍්තෙන පටිපක‍්ඛභාවො නාම න යුත‍්තො, එකං උපායං කරිස‍්සාමී”ති.

ඉක්බිති ඔහුට සොළොස්වස් කාලයේ රජතුමා, රාජ්‍යය දෙනු කැමැත්තේ දේවිය අමතා, “සොඳුර, ඔබගේ පුතුට රාජ්‍යය පවරා දී නාටකයන්ට උපස්ථාන කරමු. ජීවත්වන කාලයේ ම ඔහු රාජ්‍යයේ පිහිටි බව බලන්නෙමු. මුළු දඹදිව් තලයේ ම යම් රජකෙනෙකුගේ දුවක් කැමැති වේද? ඇය මෙහි පමුණුවා ඔහුට අග්‍රමහේෂිකාව කරන්නෙමු. ඔහුගේ සිතිවිලි අදහස දැනගනුව. කවර රාජ දියණියක රුචි කරහිදැ”යි කීවේය. ඇය යහපතැයි පිළිගෙන, කුමාරයාට මේ පුවත දන්වා, සිත් දැනගෙන එවයි. එක් පරිවාර සේවිකාවක යැවීය. ඇය ගොස් ඔහුට ඒ පුවත දැන්වූවාය. එය අසා බෝසත් තෙමේ මෙසේ සිතුවේය. “මම රූප සම්පත් නොමැත්තෙක්මි. රූපසම්පන්න රාජ දියණියක් ගෙන එන ලද්දේ නමුත් මා දැක “මේ කිම විරූපී වූවකුය”යි පලායන්නීය. ඉක්බිති අපට ලජ්ජාවක් වන්නේය. මා ගෘහවාසයේ විසීමෙන් ඇති ඵලය කිම. මව්පියන්ට උපස්ථාන කොට ඔවුන්ගේ ඇවෑමෙන් නික්ම පැවිදි වන්නෙමි”යි යනු හෙතෙම “මට රජකමින් ඵලක් නැත. නාටකවලින්ද වැඩක් නැත. මම මව්පියන් ඇවෑමෙන් පැවිදි වන්නෙමි”යි කීවේය. ඇය එය අසා, අවුත් ඔහුගේ කථාව දේවියට දැන්වූවාය. දේවිය ද රජුට දැන්වූවාය. රජු එය අසා නොසතුටට පත්ව, නැවත කිහිප දිනක් ඇවෑමෙන් හස්නක් යැවීය. ඔහුත් ප්‍රතික්‍ෂේප කළේමය. මෙසේ තෙවෙනි වර දක්වා ප්‍රතික්‍ෂේප කොට සතරවෙනි වාරයේ මෙසේ සිතුවේය. මව්පියන් සමග කෙලින්ම ප්‍රතික්‍ෂේප කිරීම නුසුදුසුය.

සො කම‍්මාරජෙට‍්ඨකං පක‍්කොසාපෙත්‍වා බහුං සුවණ‍්ණං දත්‍වා “එකං ඉත්‍ථිරූපකං කරොහී”ති උය්‍යොජෙත්‍වා තස‍්මිං පක‍්කන‍්තෙ අඤ‍්ඤං සුවණ‍්ණං ගහෙත්‍වා සයම‍්පි ඉත්‍ථිරූපකං අකාසි. බොධිසත‍්තානඤ‍්හි අධිප‍්පායො නාම සමිජ‍්ඣති. තං සුවණ‍්ණරූපකං ජිව‍්හාය අවණ‍්ණනීයසොභං අහොසි. අථ නං මහාසත‍්තො ඛොමං නිවාසාපෙත්‍වා සිරිගබ‍්භෙ ඨපාපෙසි. සො කම‍්මාරජෙට‍්ඨකෙන ආභතරූපකං දිස‍්වා තං ගරහිත්‍වා “ගච‍්ඡ අම‍්හාකං සිරිගබ‍්භෙ ඨපිතරූපකං ආහරා”ති ආහ. සො සිරිගබ‍්භං පවිට‍්ඨො තං දිස‍්වා “කුමාරෙන සද‍්ධිං අභිරමිතුං එකා දෙවච‍්ඡරා, ආගතා භවිස‍්සතී”ති හත්‍ථං පසාරෙතුං අවිසහන‍්තො නික‍්ඛමිත්‍වා “දෙව, සිරිගබ‍්භෙ අය්‍යා එකිකාව ඨිතා, උපගන‍්තුං න සක‍්කොමී”ති ආහ. “තාත, ගච‍්ඡ, සුවණ‍්ණරූපකං එතං, ආහරා”ති පුන පෙසිතො ආහරි. කුමාරො කම‍්මාරෙන කතං රූපකං සුවණ‍්ණගබ‍්භෙ නික‍්ඛිපාපෙත්‍වා අත‍්තනා කතං අලඞ‍්කාරාපෙත්‍වා රථෙ ඨපාපෙත්‍වා “එවරූපං ලභන‍්තො ගණ‍්හාමී”ති මාතු සන‍්තිකං පහිණි.

උපායක් කරන්නෙමියි ඔහු ජ්‍යෙෂ්ඨ රන්කරුවා කැඳවා, බොහෝ රන් දී, එක් ස්ත්‍රී රුවක් කරවවයි ඔහු යොදවා ඔහු ඉවත්ව ගිය කල්හි, වෙනත් රන් ගෙන තෙමේ ස්ත්‍රී රුවක් කළේය. බෝසතාණන්ගේ අදහස නම් සමෘද්ධ වේ. ඒ රන් රූපය දිවෙන් වර්ණනා කළ නොහැකි ස්වභාවයේ එකක් විය. ඉක්බිති බෝසත් තෙම හොඳින් පෙරවා සිරියහනේ තැබ්බවීය. හෙතෙම රන්කරු ජ්‍යෙෂ්ඨයා විසින් ගෙනඑන ලද, රූපය දැක ඔහුට ගර්හා කොට යව; අපගේ සිරියහන් ගබඩාවේ තබන ලද රූපය ගෙන එවයි කීවේය. හෙතෙම සිරියහන් ගැබට පිවිස, එය දැක කුමාරයා සමග අභිරමණයේ නිරතවීමට එක් දේව අප්සරාවියක් ආවා යයි අත දිගු කිරීමට නොහැක්කේ නික්ම, දේවයන් වහන්ස; සිරියහන් ගබඩාවේ ආර්යාව තනිවම සිටියාය. රැගෙන ඒමට සමීපවීමට නොහැක්කෙමියි කීවේය. දරුව යව; රන්වලින් මවන ලද රන්රුවකි. එය මා විසින් කරන ලද්දකි. එය රැගෙන එවයි යළිත් යැවීය. ඔහු ගෙනාවේය. කුමාරයා රන්කරු විසින් කරන ලද, රූපය රන්ගැබක තබා තමන් විසින් කරන ලද්ද අලංකාර කොට, රථයේ තබා මව සමීපයට යැව්වේය. “ඉදින් මෙබඳු වූ ස්ත්‍රියක් වන්නේ නම් මම ගිහිගෙය වාසය කරන්නෙමි”යි කීවේය.

සා අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා, “තාතා, මය‍්හං පුත‍්තො මහාපුඤ‍්ඤො සක‍්කදත‍්තියො අනුච‍්ඡවිකං කුමාරිකං ලභිස‍්සති, තුම‍්හෙ එවරූපං ලභන‍්තා ගණ‍්හිස‍්සථ, ඉමං රූපකං පටිච‍්ඡන‍්නයානෙ ඨපෙත්‍වා සකලජම‍්බුදීපං චරන‍්තා යස‍්ස රඤ‍්ඤො එවරූපං ධීතරං පස‍්සථ, තස‍්සෙතං දත්‍වා ‘ඔක‍්කාකරාජා තුම‍්හෙහි සද‍්ධිං ආවාහං කරිස‍්සතී’ති දිවසං වවත්‍ථපෙත්‍වා ආගච‍්ඡථා”ති ආහ. තෙ “සාධූ”ති තං ආදාය මහන‍්තෙන පරිවාරෙන නික‍්ඛමිත්‍වා විචරන‍්තා යං රාජධානිං පාපුණන‍්ති, තත්‍ථ සායන‍්හසමයෙ මහාජනස‍්ස සමොසරණට‍්ඨානෙ තං රූපකං වත්‍ථපුප‍්ඵාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා සුවණ‍්ණසිවිකං ආරොපෙත්‍වා තිත්‍ථමග‍්ගෙ ඨපෙත්‍වා අමච‍්චා සයං පටික‍්කමිත්‍වා ආගතාගතානං කථාසවනත්‍ථං එකමන‍්තෙ තිට‍්ඨන‍්ති. මහාජනො තං ඔලොකෙත්‍වා “සුවණ‍්ණරූපක”න‍්ති සඤ‍්ඤං අකත්‍වා “අයං මනුස‍්සිත්‍ථී සමානාපි දෙවච‍්ඡරපටිභාගා අතිවිය සොභති, කිං නු ඛො එත්‍ථ ඨිතා, කුතො වා ආගතා, අම‍්හාකං නගරෙ එවරූපා නත්‍ථී”ති වණ‍්ණෙන‍්තො පක‍්කමති. තං සුත්‍වා අමච‍්චා “සචෙ ඉධ එවරූපා දාරිකා භවෙය්‍ය, ‘අසුකා රාජධීතා විය අසුකා අමච‍්චධීතා වියා’ති වදෙය්‍යුං, අද‍්ධා ඉධ එවරූපා නත්‍ථී”ති තං ආදාය අඤ‍්ඤං නගරං ගච‍්ඡන‍්ති.

ඇය ඇමතියන් කැඳවා “දරුවනි; මගේ පුතා මහා පින්වන්තය. කුසලතා ඇත්තිය, සුදුසු කුමාරිකාවක ලබන්නේය. නුඹලා, මෙබඳු රූ ඇත්තියක ලබන්නේ නම් ගනිව්. මේ රූපය සැඟවුණු යානයේ තබා, මුළු දඹදිවම හැසිරෙන්නෝ යම් රජෙකුට, මෙබඳු රූ ඇති දුවක ලබහුද, ඔහුටම එය දී, ඔක්කාක රජ නුඹලා සමග ආවාහ-විවාහ කරන්නේ යයි දින නියමකොට එව්”යයි කීවේය. ඔවුහු යහපතැයි එය රැගෙන මහත් පිරිවරින් නික්ම, හැසිරෙන්නෝ යම් රාජධානියකට පැමිණෙත්ද? එහි සවස් කාලයේ මහජනයා එක්රැස්වන ස්ථානයේ රූපය වස්ත්‍ර මල් ආදියෙන් අලංකාරකොට රන්සිවිගෙයක නංවා තොටුපළ මාර්ගයේ තබා, තෙමේ ඉවත්වී, යන එන අයගේ කථා ඇසීමට එක්තැනක සිටිත්. මහජනයා එය බලා රන් රූපයක් යන හැඟීම නොකියා මේ මිනිස් ස්ත්‍රියක් හා සමාන වූ දිව්‍ය අප්සරාවක මෙන් අතිශයින් හොබනා වේ. කුමක් නිසා මෙහි සිටිනුයේදැයි, කොතනින් ආවේදැයි අපගේ නගරයේ මෙබඳු රූපයක් නැතැයි, වර්ණනා කරන්නේ නික්ම යති. ඒ අසා ඇමතියෝ ඉදින් මෙහි, මෙබඳු රූ ඇති දැරියෝ වන්නේ නම් අසවල් රාජ දියණිය මෙන්, අසවල් ඇමති දියණිය මෙන් වන්නේ යයි කියන්නාහුය. ඒකාන්තයෙන් මෙහි මෙබඳු රූපයක් නැතැයි එය රැගෙන වෙනත් නගරයකට යති.

තෙ එවං විචරන‍්තා අනුපුබ‍්බෙන මද‍්දරට‍්ඨෙ සාගලනගරං සම‍්පාපුණිංසු. තත්‍ථ මද‍්දරඤ‍්ඤො අට‍්ඨ ධීතරො උත‍්තමරූපධරා දෙවච‍්ඡරපටිභාගා, තාසං සබ‍්බජෙට‍්ඨිකා පභාවතී නාම. තස‍්සා සරීරතො බාලසූරියස‍්ස පභා විය පභා නිච‍්ඡරන‍්ති, අන්‍ධකාරෙපි චතුහත්‍ථෙ අන‍්තොගබ‍්භෙ පදීපකිච‍්චං නත්‍ථි, සබ‍්බො ගබ‍්භො එකොභාසොව හොති. ධාතී පනස‍්සා ඛුජ‍්ජා, සා පභාවතිං භොජෙත්‍වා තස‍්සා සීසන‍්හාපනත්‍ථං අට‍්ඨහි වණ‍්ණදාසීහි අට‍්ඨ ඝටෙ ගාහාපෙත්‍වා සායන‍්හසමයෙ උදකත්‍ථාය ගච‍්ඡන‍්තී තිත්‍ථමග‍්ගෙ ඨිතං තං රූපකං දිස‍්වා “පභාවතී”ති සඤ‍්ඤාය “අයං දුබ‍්බිනීතා ‘සීසං න‍්හායිස‍්සාමී’ති අම‍්හෙ උදකත්‍ථාය පෙසෙත්‍වා පඨමතරං ආගන‍්ත්‍වා තිත්‍ථමග‍්ගෙ ඨිතා”ති කුජ‍්ඣිත්‍වා “අරෙ කුලලජ‍්ජාපනිකෙ අම‍්හෙහි පුරිමතරං ආගන‍්ත්‍වා කස‍්මා ඉධ ඨිතාසි, සචෙ රාජා ජානිස‍්සති, නාසෙස‍්සති නො”ති වත්‍වා හත්‍ථෙන ගණ‍්ඩපස‍්සෙ පහරි, හත්‍ථතලං භිජ‍්ජමානං විය ජාතං. තතො “සුවණ‍්ණරූපක”න‍්ති ඤත්‍වා හසමානා තාසං වණ‍්ණදාසීනං සන‍්තිකං ගච‍්ඡන‍්තී “පස‍්සථෙතං මෙ කම‍්මං, මම ධීතාතිසඤ‍්ඤාය පහාරං අදාසිං, අයං මම ධීතු සන‍්තිකෙ කිමග‍්ඝති, කෙවලං මෙ හත්‍ථො දුක‍්ඛාපිතො”ති ආහ.

ඔවුහු මෙසේ සැරිසරන්නේ අනුපිළිවෙලින් මදුරට සාගල නුවරට පැමිණියහ. එහි මදු රජුගේ දූවරු අටදෙනා, උතුම් රූපශ්‍රීයෙන් යුක්ත වූයේ දිව්‍ය අප්සරාවෝ හා සමානය. ඈලා සියලු දෙනාට ම ජ්‍යෙෂ්ඨ වූ, ප්‍රභාවතී නම් වූවාය. ඇගේ සිරුරින් ළහිරු රශ්මිය මෙන් ප්‍රභාවයක් නික්මෙත්. අඳුරෙහිදී පවා සතර රියන් ගැබදී පවා පහන් ආලෝකයක් අවශ්‍ය නොවේ. සියලු ගැබ එකම ආලෝක ධාරාවකින් යුක්ත වෙයි. ඇගේ කිරි මව වනාහි, කුදුය. ඈ ප්‍රභාවතිය කවා පොවා ඇගේ හිස ස්නානය පිණිස වර්ණදාසීන් අටදෙනෙකු විසින් කල අටක් ගෙන්වාගෙන සවස් කාලයේ පැන් ඇති තැනට යති. තොටුපළෙ මාර්ගයේ තුබූ ඒ රූපකය දැක, ප්‍රභාවතී යන හැඟීමෙන් මේ දුර්විනීත තැනැත්තිය, හිස නාවන්නෙමියි අපව ජලය පිණිස යවා, පළමුව අවුත් තොටුපළ මාර්ගයේ සිටියා යැයි කිපී කුලයට ලජ්ජා කිරීමට පළමුව ඇවිත් සිටියාදැයි ඉදින් රජු දන්නේ නම්, අපව නසන්නේ යයි කියා අතින් කම්මුලට පහර දුන්නේය. අත්ල පැලෙන ප්‍රමාණයෙන් හටගත්තේ යයි කියා ඉක්බිති රන් පිළිමයක් යැයි දැන, සිනහසෙමින් වර්ණ දාසීන්ගේ සමීපයට යන්නී බලවු! මගේ වැඩ. මගේ දුවයයි යන හැඟීමෙන් පහරක් දුන්නෙමි. මගේ දුව සමීපයේ කුමක් මාහැඟිදැයි, හුදෙක් මගේ අත හිරි වැටුනේ යයි කීය.

අථ නං රාජදූතා ගහෙත්‍වා “ත්‍වං ‘මම ධීතා ඉතො අභිරූපතරා’ති වදන‍්තී කං නාම කථෙසී”ති ආහංසු. “මද‍්දරඤ‍්ඤො ධීතරං පභාවතිං, ඉදං රූපකං තස‍්සා සොළසිම‍්පි කලං න අග‍්ඝතී”ති. තෙ තුට‍්ඨමානසා රාජද‍්වාරං ගන‍්ත්‍වා “ඔක‍්කාකරඤ‍්ඤො දූතා ද‍්වාරෙ ඨිතා”ති පටිහාරෙසුං. රාජා ආසනා වුට‍්ඨාය ඨිතකොව “පක‍්කොසථා”ති ආහ. තෙ පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා “මහාරාජ, අම‍්හාකං රාජා තුම‍්හාකං ආරොග්‍යං පුච‍්ඡතී”ති වත්‍වා කතසක‍්කාරසම‍්මානා “කිමත්‍ථං ආගතත්‍ථා”ති පුට‍්ඨා “අම‍්හාකං රඤ‍්ඤො සීහස‍්සරො පුත‍්තො කුසකුමාරො නාම, රාජා තස‍්ස රජ‍්ජං දාතුකාමො අම‍්හෙ තුම‍්හාකං සන‍්තිකං පහිණි, තුම‍්හාකං කිර ධීතා පභාවතී, තං තස‍්ස දෙථ, ඉමඤ‍්ච සුවණ‍්ණරූපකං දෙය්‍යධම‍්මං ගණ‍්හථා”ති තං රූපකං තස‍්ස අදංසු. සොපි “එවරූපෙන මහාරාජෙන සද‍්ධිං විවාහමඞ‍්ගලං භවිස‍්සතී”ති තුට‍්ඨචිත‍්තො සම‍්පටිච‍්ඡි . අථ නං දූතා ආහංසු – “මහාරාජ, අම‍්හෙහි න සක‍්කා පපඤ‍්චං කාතුං, කුමාරිකාය ලද‍්ධභාවං රඤ‍්ඤො ආරොචෙස‍්සාම, අථ නං සො ආගන‍්ත්‍වා ආදාය ගමිස‍්සතී”ති. සො “සාධූ”ති වත්‍වා තෙසං සක‍්කාරං කත්‍වා විස‍්සජ‍්ජෙසි. තෙ ගන‍්ත්‍වා රඤ‍්ඤො ච දෙවියා ච ආරොචෙසුං. රාජා මහන‍්තෙන පරිවාරෙන කුසාවතිතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන සාගලනගරං පාපුණි. මද‍්දරාජා පච‍්චුග‍්ගන‍්ත්‍වා තං නගරං පවෙසෙත්‍වා මහන‍්තං සක‍්කාරමකාසි.

ඉක්බිති එතැනට රාජ දූතයෝ පැමිණ මගේ දුව නුඹට වඩා අතිශයින් රූපවත් යයි කියත්. කුමක් නම් කියහිද? මදු රජුගේ දියණිය ප්‍රභාවතී නම් වූවා, මේ රුව ඇගේ සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් අනර්ඝ නොවේ. ඔවුහු සතුටු සිතින් රාජ ද්වාරයට ගොස් ඔක්කාක රජුගේ දූතයෝ යැයි දොරටුවේ සිටිති යයි දැන්වූහ. රජු අසුනින් නැගිට සිටිවනම කැඳවූ යයි කීය. ඔවුහු පිවිස රජුට වැඳ මහරජතුමනි, අපගේ රජතුමා, නුඹ වහන්සේගේ සුවදුක් විචාරන්නේ යයි පවසා කරන ලද සත්කාර සම්මාන ඇත්තේ, කවර අර්ථයකට පැමිණියේදැයි විචාරා, අපගේ රජුගේ සිංහයකු වැනි කුස කුමාර නම් පුතණුවන්ට රජු රාජ්‍යය දෙනු කැමැත්තේ අපව නුඹලාගේ සමීපයට යැවීය. නුඹලාගේ දියනිය වූ ප්‍රභාවතිය ඔහුට දෙව් මෙයද රන් පිළිමය හා සමාන දියයුතු වස්තුවද ගන්න යයි ඒ රූපය ඔහුට දුන්හ. හෙතෙමේ ද මෙබඳු ආකාර වූ මහරජකු සමග විවාහ මංගල්‍යය්ක වන්නේ යයි සතුටු සිතැත්තෝ පිළිගත්තේය. ඉක්බිති ඔහුට දූතයෝ මෙසේ කීහ. මහරජ; අප විසින් ප්‍රමාද කරවීමට නොහැකිය. කුමාරිකාව ලබන ලද බව රජුට දැනුම් දෙන්නෙමු. ඉක්බිති ඔහු පැමිණ ඇය රැගෙන යන්නේ ය. ඔහු යහපතැයි පිළිගෙන ඔවුන්ට සත්කාර කොට පිටත් කෙළේය. ඔවුහු ගොස් රජුට ද, දේවියට ද දැන්වූහ. රජු මහත් පිරිවරින් කුසාවතී නුවරින් පිටත් වී අනුපිළිවෙලින් සාගල නුවරට පැමිණියේය. මදුරජු පෙර ගමන්කොට ඒ නගරයට පිවිසවා මහත් සත්කාර කෙළේය.

සීලවතී දෙවී පණ‍්ඩිතත‍්තා “කො ජානාති, කිං භවිස‍්සතී”ති එකාහද‍්වීහච‍්චයෙන මද‍්දරාජානං ආහ – “මහාරාජ, සුණිසං දට‍්ඨුකාමාම‍්හී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තං පක‍්කොසාපෙසි. පභාවතී සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා ධාතිගණපරිවුතා ආගන‍්ත්‍වා සස‍්සුං වන්‍දි. සා තං දිස‍්වා චින‍්තෙසි – “අයං කුමාරිකා අභිරූපා, මය‍්හං පුත‍්තො විරූපො. සචෙ එසා තං පස‍්සිස‍්සති, එකාහම‍්පි අවසිත්‍වා පලායිස‍්සති, උපායං කරිස‍්සාමී”ති. සා මද‍්දරාජානං ආමන‍්තෙත්‍වා, “මහාරාජ, සුණිසා මෙ පුත‍්තස‍්ස අනුච‍්ඡවිකා, අපිච ඛො පන අම‍්හාකං කුලපවෙණියා ආගතං චාරිත‍්තං අත්‍ථි, සචෙ අයං තස‍්මිං චාරිත‍්තෙ වත‍්තිස‍්සති, නෙස‍්සාමි න”න‍්ති ආහ. “කිං පන වො චාරිත‍්ත”න‍්ති. “අම‍්හාකං වංසෙ යාව එකස‍්ස ගබ‍්භස‍්ස පතිට‍්ඨානං හොති, තාව දිවා සාමිකං පස‍්සිතුං න ලභති. සචෙ එසා තථා කරිස‍්සති, නෙස‍්සාමි න”න‍්ති. රාජා “කිං, අම‍්ම, සක‍්ඛිස‍්සසි එවං වත‍්තිතු”න‍්ති ධීතරං පුච‍්ඡි. සා “ආම තාතා”ති ආහ. තතො ඔක‍්කාකරාජා මද‍්දරඤ‍්ඤො බහුං ධනං දත්‍වා තං ආදාය පක‍්කාමි. මද‍්දරාජාපි මහන‍්තෙන පරිවාරෙන ධීතරං උය්‍යොජෙසි.

සීලවතී දේවිය නුවණැති බැවින් කවරෙක් දනිහිද, කුමක් වන්නේද, එකක් දෙකක් ඇවෑමෙන් මදු රජුනට කීවාය. මහරජ, ලේලිය දකිනු කැමැත්තෙමි. ඔහු යහපතැයි පිළිගෙන කැඳවීය. ප්‍රභාවතී සියළු අලංකාරවලින් සැරසී දාසී සමූහයා පිරිවරා අවුත් නැන්දනිය වැන්දාය. ඇය මැය දැක, සිතීය, මේ කුමාරිකාව මනා රූ ඇත්තීය. මගේ පුතා විරූපී ය. ඉදින් මැය, ඔහු දකින්නේ නම් එක දවසකත් නො වැස පලා යන්නීය. උපායක් කරන්නෙමියි ඇය මදු රජුන් අමතා මහරජ; ලේලිය මගේ පුතාට සුදුසුය. තවද අපගේ කුල ප්‍රවේණිගතව වූ චාරිත්‍රයක් ඇත. ඉදින් මැය ඒ චාරිත්‍ර අනුව පවතින්නේ නම් ඇය ගෙනයන්නෙමියි කීවාය. ඔබගේ චාරිත්‍ර මොනවාද? අපගේ වංශයෙහි එක් ගැබක් පිහිටන තෙක් දිවා කාලයේ සැමියා බැලීමට නො ලබයි. ඉදින් මැය එසේ කරන්නේ නම් රැගෙන යන්නෙමියි. රජතුමා, දරුව, කිම හැකිවන්නේද? එසේ කිරීමට දුවගෙන් විචාළේය. ඇය එසේය පියාණනියි කීවාය. ඉක්බිති ඔක්කාක රජු මදු රජුට බොහෝ සම්පත් දී, දූතයන් පිටත් කළහ. මදු රජුද මහත් පිරිවරින් දුව පිටත් කෙළේය.

ඔක‍්කාකො කුසාවතිං ගන‍්ත්‍වා නගරං අලඞ‍්කාරාපෙත්‍වා සබ‍්බබන්‍ධනානි මොචෙත්‍වා පුත‍්තස‍්ස අභිසෙකං කත්‍වා රජ‍්ජං දත්‍වා පභාවතිං අග‍්ගමහෙසිං කාරෙත්‍වා නගරෙ “කුසරාජස‍්ස ආණා”ති භෙරිං චරාපෙසි. සකලජම‍්බුදීපතලෙ රාජානො යෙසං ධීතරො අත්‍ථි, තෙ කුසරඤ‍්ඤො ධීතරො පහිණිංසු . යෙසං පුත‍්තා අත්‍ථි, තෙ තෙන සද‍්ධිං මිත‍්තභාවං ආකඞ‍්ඛන‍්තා පුත‍්තෙ උපට‍්ඨාකෙ කත්‍වා පහිණිංසු. බොධිසත‍්තස‍්ස නාටකපරිවාරො මහා අහොසි, මහන‍්තෙන යසෙන රජ‍්ජං කාරෙසි. සො පභාවතිං දිවා පස‍්සිතුං න ලභති, සාපි තං දිවා පස‍්සිතුං න ලභති, උභින‍්නං රත‍්තිදස‍්සනමෙව හොති. තත්‍ථ පභාවතියා සරීරප‍්පභාපි අබ‍්බොහාරිකා අහොසි. බොධිසත‍්තො සිරිගබ‍්භතො රත‍්තිංයෙව නික‍්ඛමති.

ඔක්කාක රජු කුසාවතී නුවරට ගොස් නුවර අලංකාර කොට සියලු බන්‍ධන මුදා, පුතුට අභිෂේක කොට ප්‍රභාවතිය අගමෙහෙසිය කොට කුසරජුට පැමිණේවායි බෙරහඬ නැංවීය. සියලු දඹදිව වැසි රජවරු යමෙකුට දූවරු ඇත්ද, ඔවුහු කුසරජුට දූවරු යැවූහ. යමෙකුට පුත්තු සිටිත්ද ඔවුහු ඔහු සමග මිත්‍රභාවය කැමති වන්නාහු පුතුන් උපස්ථායකයින් කොට යැවූහ. බෝධිසත්ත්වයන්ගේ නාටක පිරිවර මහත් විය. මහත් යසසින් රාජ්‍යය කරවීය. ප්‍රභාවතිය ඔහු දවල් කාලයේ දැකීමට නො ලබයි. ඔහු ද, දවල් දැකීමට නො ලබයි. දෙදෙනාම රාත්‍රියේ දැකීම ම වෙයි. එහිද ප්‍රභාවතියගේ ශරීර ප්‍රභාවද බොහෝ පැතිරුණේ විය. බෝධිසත්ත්වයෝ ද සිරියහනින් රාත්‍රියේම නික්මෙයි.

සො කතිපාහච‍්චයෙන පභාවතිං දිවා දට‍්ඨුකාමො මාතුයා ආරොචෙසි. සා “මා තෙ තාත, රුච‍්චි, යාව එකං පුත‍්තං ලභසි, තාව ආගමෙහී”ති, පටික‍්ඛිපි. සො පුනප‍්පුනං යාචියෙව. අථ නං සා ආහ – “තෙන හි හත්‍ථිසාලං ගන‍්ත්‍වා හත්‍ථිමෙණ‍්ඩවෙසෙන තිට‍්ඨ, අහං තං තත්‍ථ ආනෙස‍්සාමි, අථ නං අක‍්ඛීනි පූරෙත්‍වා ඔලොකෙය්‍යාසි, මා ච අත‍්තානං ජානාපෙහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා හත්‍ථිසාලං අගමාසි. අථස‍්ස මාතා හත්‍ථිසාලං අලඞ‍්කාරාපෙත්‍වා පභාවතිං “එහි සාමිකස‍්ස හත්‍ථිනො පස‍්සාමා”ති තත්‍ථ නෙත්‍වා “අයං හත්‍ථී අසුකො නාම, අයං හත්‍ථී අසුකො නාමා”ති තස‍්සා දස‍්සෙසි. තත්‍ථ තං රාජා මාතු පච‍්ඡතො ගච‍්ඡන‍්තිං දිස‍්වා හත්‍ථිගොපකවෙසෙන හත්‍ථිඡකණපිණ‍්ඩෙන පිට‍්ඨියං පහරි. සා කුද‍්ධා “රඤ‍්ඤො කථෙත්‍වා තෙ හත්‍ථං ඡින්‍දාපෙස‍්සාමී”ති වත්‍වා දෙවිං උජ‍්ඣාපෙසි. රාජමාතා “මා අම‍්ම කුජ‍්ඣී”ති සුණිසං සඤ‍්ඤාපෙත්‍වා පිට‍්ඨිං පරිමජ‍්ජි. පුනපි රාජා තං දට‍්ඨුකාමො හුත්‍වා අස‍්සසාලාය අස‍්සගොපකවෙසෙන තං දිස‍්වා තථෙව අස‍්සඡකණපිණ‍්ඩෙන පහරි. තදාපි තං කුද‍්ධං සස‍්සු සඤ‍්ඤාපෙසි.

ඔහු කිහිප දිනක්ම ඇවෑමෙන් ප්‍රභාවතිය දවල් දකිනු කැමැත්තේ මවට දැන්වීය. ඇය, දරුව, එය රුචි නොකරව. යම්තාක් එක පුතකු ලබයිද එවිට පැමිණෙව. ප්‍රතික්‍ෂේප කළාය. ඔහු නැවත නැවත ඉල්ලීය. ඉක්බිති ඇය ඔහුට මෙසේ කීවාය. එසේනම් ඇත්හලට ගොස් ඇත්ගොව්වකු වේශයෙන් සිටුව. මම ඇය එතැනට පමුණුවන්නෙමි. එවිට ඇයව නෙත් පුරා දැකගත හැකිවන්නීය. තමන්ව නොපෙනී සිටුව. ඔහු යහපතැයි පිළිගෙන ඇත්හලට ගියේය. ඉක්බිති ඔහුගේ මව ඇත්හල අලංකාර කොට ප්‍රභාවතී එන්න, ස්වාමියාගේ ඇතුන් බලන්නෙමු. එහි පමුණුවා මේ අසවල් ඇතා මේ අසවල් ඇතා යයි ඇයට පෙන්වීය. ඉක්බිති රජු එහි ඇය මව පසුපසින් යනවා දැක ඇත්ගොව්වකු විලාශයෙන් අලිබෙට්ටකින් පිටට පහර දුන්නේය. ඇය කිපුණේ රජු ලවා ඔබේ අත සිඳවන්නෙමියි කියා දේවිය කෑගැසුවාය. රජ මව දරුව, නොකිපෙවයි ලේලිය අස්වසා පිට පිරිමැද්දාය. යළිත් ඇය දකිනු කැමැතිව අශ්ව ශාලාවේ අසරුවකු විලාශයෙන් ඇය දැක එසේම අශ්ව වසුරු පිඩකින් පහර දුන්නේය. එදින ද ඇය කිපුණේ නැන්දණිය අස්වැසුවාය.

පුනෙකදිවසෙ පභාවතී මහාසත‍්තං පස‍්සිතුකාමා හුත්‍වා සස‍්සුයා ආරොචෙත්‍වා “අලං මා තෙ රුච‍්චී”ති පටික‍්ඛිත‍්තාපි පුනප‍්පුනං යාචි. අථ නං සා ආහ – “තෙන හි ස‍්වෙ මම පුත‍්තො නගරං පදක‍්ඛිණං කරිස‍්සති, ත්‍වං සීහපඤ‍්ජරං විවරිත්‍වා තං පස‍්සෙය්‍යාසී”ති. එවඤ‍්ච පන වත්‍වා පුනදිවසෙ නගරං අලඞ‍්කාරාපෙත්‍වා ජයම‍්පතිකුමාරං රාජවෙසං ගාහාපෙත්‍වා හත්‍ථිපිට‍්ඨෙ නිසීදාපෙත්‍වා බොධිසත‍්තං පච‍්ඡිමාසනෙ නිසීදාපෙත්‍වා නගරං පදක‍්ඛිණං කාරාපෙසි. සා පභාවතිං ආදාය සීහපඤ‍්ජරෙ ඨත්‍වා “පස‍්ස තව සාමිකස‍්ස සිරිසොභග‍්ග”න‍්ති ආහ. සා “අනුච‍්ඡවිකො මෙ සාමිකො ලද‍්ධො”ති අත‍්තමනා අහොසි. තං දිවසං පන මහාසත‍්තො හත්‍ථිමෙණ‍්ඩවෙසෙන ජයම‍්පතිස‍්ස පච‍්ඡිමාසනෙ නිසීදිත්‍වා යථාධිප‍්පායෙන පභාවතිං ඔලොකෙන‍්තො හත්‍ථවිකාරාදිවසෙන චිත‍්තරුචියා කෙළිං දස‍්සෙසි. හත්‍ථිම‍්හි අතික‍්කන‍්තෙ රාජමාතා පභාවතිං පුච‍්ඡි – “දිට‍්ඨො තෙ, අම‍්ම, සාමිකො”ති. “ආම අය්‍යෙ, පච‍්ඡිමාසනෙ පනස‍්ස නිසින‍්නො හත්‍ථිමෙණ‍්ඩො අතිවිය දුබ‍්බිනීතො, මය‍්හං හත්‍ථවිකාරාදීනි දස‍්සෙසි, කස‍්මා එවරූපං අලක‍්ඛිකං රඤ‍්ඤො පච‍්ඡිමාසනෙ නිසීදාපෙසුං, නීහරාපෙහි න”න‍්ති? “අම‍්ම, රඤ‍්ඤො පච‍්ඡිමාසනෙ රක‍්ඛා නාම ඉච‍්ඡිතබ‍්බා”ති.

යළි දිනෙක ප්‍රභාවතිය බෝසතුන් දකිනු කැමැත්තේ නැන්දනිය අමතා ඔබට එය කිරීමට නුසුදුසුයයි ප්‍රතික්‍ෂේප කළෝ යළි යළිත් ඉල්ලීය. ඉක්බිති ඇය ඈට මෙසේ කීවාය. එසේ වීනම් හෙට මගේ පුතා නගරය ප්‍රදක්‍ෂිණා කරන්නේය. නුඹ සීමැදුරු කවුළුව විවරකොට ඔහුව බලන්නැයි. එසේද කියා දෙවන දවසේ නගරය අලංකාර කොට ජයම්පති කුමරු රජුගේ විලාශයෙන් අලංකාරකොට ඇතු පිට හිඳුවා, බෝධිසත්ත්වයන් පසුපස ආසනයේ වඩා හිඳුවා නගරයට ප්‍රදක්‍ෂිණා කරවා ප්‍රභාවතිය ද රැගෙන සීමැදුරු කවුළුවේ සිට ඔබගේ ස්වාමියාගේ ශ්‍රී සෞභාග්‍යය බලව යයි කීවාය. ඇය මට සුදුසු ස්වාමියෙකු ලබන ලද්දේ යයි සතුටු සිතැත්තේ විය. එ දවස බෝසත්හු ඇත් ගොව්වකු විලාශයෙන් ජයම්පති කුමරු පසුපස ආසනයේ වඩා හිඳුවා අභිප්‍රායෙන් ප්‍රභාවතී බලන්නේ අත් විකාර විලාශයෙන් සිතේ කැමැති පරිදි ක්‍රීඩාද දැක්වීය. ඇතාගෙන් ඉවත්ව ගිය කල්හි රජ මව ප්‍රභාවතියගෙන් විචාළාය. දරුව, නුම ස්වාමියා දුටුවේයද? ඇය එසේය ආර්යාවනි, පසුපස ආසනයේ හුන්නේ ඇත්ගොව්වා අතිශයින් දුර්විනීත වෙයි. මට අතපය විකාර ද දැක්වීය. කුමක් හෙයින් මේ ආකාර අවාසනාවන්තයකු රජුගේ පසුපස ආසනයේ වඩා හිඳුවාහුද. දරුව රජුගේ පසුපස ආසනයේ රැකවලකු නම් කැමති විය යුතුය ඇය සිතුවාය.

සා චින‍්තෙසි – “අයං හත්‍ථිමෙණ‍්ඩො අතිවිය නිබ‍්භයො, රාජානං ‘රාජා’තිපි න මඤ‍්ඤති, කිං නු ඛො එසොව කුසරාජා, අද‍්ධා හි එසො අතිවිය විරූපො එව භවිස‍්සති, තෙනෙව මං න දස‍්සෙන‍්තී”ති. සා ඛුජ‍්ජං කණ‍්ණමූලෙ ආහ – “අම‍්ම, ගච‍්ඡ තාව ජානාහි, කිං පුරිමාසනෙ නිසින‍්නකො රාජා, උදාහු පච‍්ඡිමාසනෙ”ති? “කථං පනාහං ජානිස‍්සාමී”ති. “සචෙ හි සො රාජා භවිස‍්සති, පඨමතරං හත්‍ථිපිට‍්ඨිතො ඔතරිස‍්සති, ඉමාය සඤ‍්ඤාය ජානාහී”ති. සා ගන‍්ත්‍වා එකමන‍්තෙ ඨිතා පඨමං මහාසත‍්තං ඔතරන‍්තං අද‍්දස, පච‍්ඡා ජයම‍්පතිකුමාරං. මහාසත‍්තොපි ඉතො චිතො ච ඔලොකෙන‍්තො ඛුජ‍්ජං දිස‍්වා “ඉමිනා නාම කාරණෙන එසා ආගතා භවිස‍්සතී”ති ඤත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “ඉමං අන‍්තරං පභාවතියා මා කථෙහී”ති දළ‍්හං වත්‍වා උය්‍යොජෙසි. සා ගන‍්ත්‍වා “පුරිමාසනෙ නිසින‍්නො පඨමං ඔතරී”ති ආහ. පභාවතී තස‍්සා වචනං සද‍්දහි.

මේ ඇත් පාලකයා අතිශය නිර්භීතය. රජු රජු යයිද නොසිතයි. මේ කුසරජු ඒකාන්තයෙන් අතිශය විරූපියකුම වන්නේය. ඒ නිසාම ඔහු මා නොදකින්නේය යනුයි. ඇය ටිකක් කණට ළංවී මෙසේ කීවාය. මෑණියනි, ඔබ කුසරජ මුල් ආසනේ හුන්නේද, නැතහොත් පසුපස ආසනයේ හුන්නේදැයි දන්නෙහිද? කෙසේ මම දැන ගන්නෙම්ද? ඉදින් ඔහු රජ වන්නේ නම්, පළමුව ඇත් පිට යන්නා බසින්නේය. මේ හැඟුමෙන් දැනගන්නේය. ඇය පැමිණ එකත්පසක හුන්නේ ම පළමුව බෝසත් බසිනවා දුටුවේය. පසුව ජයම්පති කුමරා. බෝධිසත්ත්වයෝද ඔබි-මොබ බලමින් කුදා දැක මේ නම් කරුණින් මැය පැමිණි බව වන්නේ යයි දැන හේ කැඳවා මේ අතරතුර ප්‍රභාවතියට කථා නොකළවයි දැඩිකොට නියෝග කළාය. ඇය ගොස් පළමු ආසනේ හුන්නා වූ පළමුව බැස්සේ යයි කීවාය. ප්‍රභාවතී ඇගේ වචනය ඇදහුවාය.

මහාසත‍්තොපි පුන දට‍්ඨුකාමො හුත්‍වා මාතරං යාචි. සා පටික‍්ඛිපිතුං අසක‍්කොන‍්තී “තෙන හි අඤ‍්ඤාතකවෙසෙන උය්‍යානං ගච‍්ඡාහී”ති ආහ. සො උය්‍යානං ගන‍්ත්‍වා පොක‍්ඛරණියං ගලප‍්පමාණං උදකං පවිසිත්‍වා පදුමිනිපත‍්තෙන සීසං ඡාදෙත්‍වා පුප‍්ඵිතපදුමෙන මුඛං ආවරිත්‍වා අට‍්ඨාසි. මාතාපිස‍්ස පභාවතිං උය්‍යානං නෙත්‍වා සායන‍්හසමයෙ “ඉමෙ රුක‍්ඛෙ පස‍්ස, සකුණෙ පස‍්ස, මිගෙ පස‍්සා”ති පලොභයමානා පොක‍්ඛරණීතීරං පායාසි. සා පඤ‍්චවිධපදුමසඤ‍්ඡන‍්නං පොක‍්ඛරණිං දිස‍්වා න‍්හායිතුකාමා පරිචාරිකාහි සද‍්ධිං පොක‍්ඛරණිං ඔතරිත්‍වා කීළන‍්තී තං පදුමං දිස‍්වා විචිනිතුකාමා හත්‍ථං පසාරෙසි. අථ නං රාජා පදුමිනිපත‍්තං අපනෙත්‍වා “අහං කුසරාජා”ති වත්‍වා හත්‍ථෙ ගණ‍්හි. සා තස‍්ස මුඛං දිස‍්වා “යක‍්ඛො මං ගණ‍්හී”ති විරවිත්‍වා තත්‍ථෙව විසඤ‍්ඤිතං පත‍්තා. අථස‍්සා රාජා හත්‍ථං මුඤ‍්චි. සා සඤ‍්ඤං පටිලභිත්‍වා “කුසරාජා කිර මං හත්‍ථෙ ගණ‍්හි, ඉමිනාවාහං හත්‍ථිසාලාය හත්‍ථිඡකණපිණ‍්ඩෙන, අස‍්සසාලාය අස‍්සඡකණපිණ‍්ඩෙන පහටා, අයමෙව මං හත්‍ථිස‍්ස පච‍්ඡිමාසනෙ නිසීදිත්‍වා උප‍්පණ‍්ඩෙසි, කිං මෙ එවරූපෙන දුම‍්මුඛෙන පතිනා, ඉමං ජහිත්‍වා අහං ජීවන‍්තී අඤ‍්ඤං පතිං ලභිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අත‍්තනා සද‍්ධිං ආගතෙ අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා “මම යානවාහනං සජ‍්ජං කරොථ, අජ‍්ජෙව ගමිස‍්සාමී”ති ආහං . තෙ රඤ‍්ඤො ආරොචෙසුං. රාජා චින‍්තෙසි – “සචෙ ගන‍්තුං න ලභිස‍්සති, හදයමස‍්සා ඵලිස‍්සති, ගච‍්ඡතු පුන තං අත‍්තනො බලෙන ආනෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා අථස‍්සා ගමනං අනුජානි. සා පිතුනගරමෙව අගමාසි.

රජු යළි දකිනු කැමැත්තේ වී මවට ආයාචනා කළේය. ඇය, වළක්වන්නට නොහැක්කී, එසේ වීනම් වෙනත් විලාශයකින් උයනට යන්නැයි කීවාය. හෙතෙම උයනට ගොස් පොකුණේ ගෙල වටක් ජලයට බැස, නෙලුම් කොළයෙන් හිස වසාගෙන, පිපුණු පියුමකින් මුහුණ ආවරණය කොට සිටියේය. ඇගේ මව ප්‍රභාවතිය උයනට පමුණුවා සවස් කාලයේ මේ ගස් බලන්න. පක්‍ෂීන් බලන්න. මුවන් බලන්නැයි පොළඹවාලමින් පොකුණු තෙරට පැමිණවූවාය. ඇය පස් පියුමින් ගැවසීගත් පොකුණ දැක ස්නානයට කැමැත්තේ, පිරිවර ස්ත්‍රීන් සමග පොකුණට බැස ක්‍රීඩා කරන්නී, ඒ පියුම දැක කඩාගනු කැමතිව අත දිගහැරියාය. ඉක්බිති රජු නෙලුම්පත ඉවතදා මම කුස යැයි ඇගේ අත අල්ලා ගත්තේය. ඇය ඔහුගේ මුහුණ දැක මා යකෙක් අල්ලා ගත්තේ යයි කෑගසා එතනම සිහි නැති වූවාය. ඉක්බිති රජ ඇගේ අත හැරියේය. ඇය සිහිය ලැබ, කුස රජු මගේ අත ගත්තේය. මොහු විසින් මා ඇත්හලේ දී, ඇත්පිඩුවලින්, අශ්ව ශාලාවේ අශ්ව බෙටිවලින් පහර දෙන ලදි. මොහුම ඇතාගේ පසුපස ආසනයේ හිඳුවා ලැජ්ජා ඇති කරවීය. මේ ආකාර අමනෝඥ ස්වාමියකුගෙන් ඇති වැඩේ කුමක්ද? මොහු අතහැර මම ජීවත්වන්නී වෙනත් සැමියකු ලබන්නෙමියි සිතා, තමා සමග ආවා වූ ඇමතියන් කැඳවා, මගේ යානවාහන පිළියෙල කරවු. අදම යන්නෙමියි කීවාය. ඔවුහු ඒ බව රජුට දැන්වූහ. රජ මෙසේ සිතුවේය. ඉදින් ඇයට යන්නට නොලැබෙන්නේ නම් ඇගේ හදවත පැලෙන්නීය. යනු ලැබේවා. නැවත ඇය තමන් බලයෙන් ගෙන එන්නෙමැයි සිතා, ඇගේ ගමනට අනුදැන සිටියේය. ඇය පියාගේ නගරයට ම ගියාය.

මහාසත‍්තොපි උය්‍යානතො නගරං පවිසිත්‍වා අලඞ‍්කතපාසාදං අභිරුහි. බොධිසත‍්තඤ‍්හි සා පුබ‍්බපත්‍ථනාවසෙන න ඉච‍්ඡි, සොපි පුබ‍්බකම‍්මවසෙනෙව විරූපො අහොසි. අතීතෙ කිර බාරාණසියං ද‍්වාරගාමෙ උපරිමවීථියා ච හෙට‍්ඨිමවීථියා ච ද‍්වෙ කුලානි වසිංසු. එකස‍්ස කුලස‍්ස ද‍්වෙ පුත‍්තා අහෙසුං. එකස‍්ස එකාව ධීතා අහොසි. ද‍්වීසු පුත‍්තෙසු බොධිසත‍්තො කනිට‍්ඨො. තං කුමාරිකං ජෙට‍්ඨකස‍්ස අදංසු. කනිට‍්ඨො අදාරභරණො භාතු සන‍්තිකෙයෙව වසි. අථෙකදිවසං තස‍්මිං ඝරෙ අතිරසකපූවෙ පචිංසු. බොධිසත‍්තො අරඤ‍්ඤං ගතො හොති. තස‍්ස පූවං ඨපෙත්‍වා අවසෙසෙ භාජෙත්‍වා ඛාදිංසු. තස‍්මිං ඛණෙ පච‍්චෙකබුද‍්ධො භික‍්ඛාය ඝරද‍්වාරං අගමාසි. බොධිසත‍්තස‍්ස භාතුජායා “චූළපතිනො අඤ‍්ඤං පූවං පචිස‍්සාමී”ති තං ගහෙත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස අදාසි. සොපි තං ඛණඤ‍්ඤෙව අරඤ‍්ඤතො ආගච‍්ඡි. අථ නං සා ආහ – “සාමි, චිත‍්තං පසාදෙහි, තව කොට‍්ඨාසො පච‍්චෙකබුද‍්ධස‍්ස දින‍්නො”ති. සො “තව කොට‍්ඨාසං ඛාදිත්‍වා මම කොට‍්ඨාසං දෙසි, අහං කිං ඛාදිස‍්සාමී”ති කුද‍්ධො පච‍්චෙකබුද‍්ධං අනුගන‍්ත්‍වා පත‍්තතො පූවං ගණ‍්හි. සා මාතු ඝරං ගන‍්ත්‍වා නවවිලීනං චම‍්පකපුප‍්ඵවණ‍්ණං සප‍්පිං ආහරිත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස පත‍්තං පූරෙසි, තං ඔභාසං මුඤ‍්චි. සා තං දිස‍්වා පත්‍ථනං පට‍්ඨපෙසි – “භන‍්තෙ, ඉමිනා දානබලෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ සරීරං ඔභාසජාතං හොතු, උත‍්තමරූපධරා ච භවෙය්‍යං, ඉමිනා ච මෙ අසප‍්පුරිසෙන සද‍්ධිං එකට‍්ඨානෙ වාසො මා අහොසී”ති. ඉති සා ඉමිස‍්සා පුබ‍්බපත්‍ථනාය වසෙන තං න ඉච‍්ඡි. බොධිසත‍්තොපි තං පූව තස‍්මිං සප‍්පිපත‍්තෙ ඔසීදාපෙත්‍වා පත්‍ථනං පට‍්ඨපෙසි – “භන‍්තෙ, ඉමං යොජනසතෙ වසන‍්තිම‍්පි ආනෙත්‍වා මම පාදපරිචාරිකං කාතුං සමත්‍ථො භවෙය්‍ය”න‍්ති. තත්‍ථ යං සො කුද‍්ධො ගන‍්ත්‍වා පූවං ගණ‍්හි, තස‍්ස පුබ‍්බකම‍්මස‍්ස වසෙන විරූපො අහොසි, පුබ‍්බපත්‍ථනාය සා ච තං න ඉච‍්ඡීති.

බෝසතුන් ද උයනින් නගරයට පැමිණ සරසන ලද මාළිගාවට නැංගේය. බෝසතුන්ද ඇය පෙර ප්‍රාර්ථනා කළ පරිද්දෙන් නොකැමැති විය. ඔහුද පූර්ව කර්මානුරූප බලයෙන් විරූපී විය. අතීතයේ බරණැස් නුවර ගම් දොර උඩවීදිය සහ යටවීදිය වශයෙන් කුල දෙකක් වාසය කළහ. එක් කුලයක පුත්තු දෙදෙනෙක් වූහ. එක් කුලයක එකම දියණියක් ද වූවාය. පුතුන් දෙදෙනා අතර බෝසත් තෙම කනිෂ්ඨය. ඒ කුමාරිකාව ජ්‍යෙෂ්ඨයාට ගෙනාවෝය. කනිෂ්ඨයා බිරිඳක නොමැතිව සොයුරා සමීපයේම වාසය කෙළේය. එකල්හි එක් දවසක් ඒ ගෙදර අතිරස කැවුම් පිසූහ. බෝසත් වනයට ගියේය. ඔහුගේ කැවුම ඉතිරි කොට ඉතිරි කැවුම් බෙදාගෙන කෑවෝය. එකෙණෙහි පසේ බුදුවරයෙක් පිඬු පිණිස ගෙදොරට වැඩම කළහ. බෝසතුන්ගේ සොයුරා, ජායා නම් බිරිඳ ලවා බාල සැමියාට අනෙක් කැවුමක් පිසින්නෙමියි “අර කැවුම ගෙන පසේ බුදුරදුන්ට පිළිගැන්වීය. හෙතෙමද එකෙණෙහිම අරණ්‍යයෙන් ආපසු ආවේය. ඉක්බිති ඔහුට ඇය මෙසේ කීවාය. ස්වාමිය; සිත පහදාගන්න. ඔබේ කොටස පසේ බුදුරදුන්ට දෙන ලදි. තෛම, ඔබේ කොටස කා, මගේ කොට දුන්නේය. “මම කුමක් කන්නෙම්”දැයි කිපුණේ. පසේ බුදුන් අනුව ගොස් පාත්‍රයෙන් කැවුම ගත්තේය. ඇය මව් ගෙදරට ගොස් අළුතින් උණුකරන ලද සපුමල් පාට ඇති, ගිතෙල් ගෙනවුත් පසේ බුදුරදුන්ගේ පාත්‍රය පිරෙව්වාය. උන්වහන්සේ ආලෝකයක් මුදාහල සේක. ඇය එය දැක ප්‍රාර්ථනාවක් කළාය. “ස්වාමීනි; උපනුපන් ආත්මභාවවල මගේ ශරීරය ආලෝකවත් වේවා! උත්තම රූපශ්‍රීයෙන් යුක්ත වෙමි. මට මේ අසත්පුරුෂයා සමග එකට වාසය කිරීමක් නොවේවා!” යනුවෙනි. මෙසේ ඇය පෙර ප්‍රාර්ථනා කළ පරිද්දෙන් ඔහුට අකමැති විය. බෝසත් තෙමේද ඒ කැවුම ඒ ගිතෙල් පාත්‍රයේ ගිල්වා ප්‍රාර්ථනාවක් කෙළේය. “ස්වාමීනි, මැය යොදුන් සියයක් දුර වසන්නී නමුත්, මැය ම ගෙනවුත් මගේ බිරිඳ බවට පත් කරන්නට සමර්ථ වේව!” යනුවෙනි. පෙර කර්ම විපාක බලයෙන් විරූප විය. ඕ තොමෝ ද ඔහු අකමැති විය.

සො පභාවතියා ගතාය සොකප‍්පත‍්තො අහොසි, නානාකාරෙහි පරිචාරයමානාපි නං සෙසිත්‍ථියො ඔලොකාපෙතුම‍්පි නාසක‍්ඛිංසු, , පභාවතිරහිතමස‍්ස සකලම‍්පි නිවෙසනං තුච‍්ඡං විය ඛායි. සො “ඉදානි සාගලනගරං පත‍්තා භවිස‍්සතී”ති පච‍්චූසසමයෙ මාතු සන‍්තිකං ගන‍්ත්‍වා, “අම‍්ම, අහං පභාවතිං ආනෙස‍්සාමි, තුම‍්හෙ රජ‍්ජං අනුසාසථා”ති වදන‍්තො පඨමං ගාථමාහ –

ඔහු ප්‍රභාවතී ගියවිට ශෝකයට පත්විය. නන් අයුරින් පරිවාර ස්ත්‍රීහු ඔහු නළවන්නාහු නමුදු, සෙසු ස්ත්‍රීහු ඔහු බැලීමට පවා නොහැකි වූහ. ප්‍රභාවතී නැති ඔහුගේ මුළු මන්දිරයම හිස් බවින් විනාශ වූයේ මෙන් විය. හෙතෙම දැන් සාගල නුවරට පැමිණියේ වන්නේ යයි අලුයම් කාලයේ මවගේ සමීපයට ගොස්, මෑණියනි; මම ප්‍රභාවතී ගෙන එන්නෙමි. නුඹ රාජ්‍යය අනුශාසනා කළ මැනවැයි ප්‍රකාශ කරමින් පළමු ගාථාව කීවේය.

“ඉදං තෙ රට‍්ඨං සධනං සයොග‍්ගං, සකායුරං සබ‍්බකාමූපපන‍්නං; ඉදං තෙ රජ‍්ජං අනුසාස අම‍්ම, ගච‍්ඡාමහං යත්‍ථ පියා පභාවතී”ති.

මෑණියනි! මේ රට ධනය සහිතය. හස්ති සේනාධියෙන් යුක්තය. පසුව රාජ කකුධ භාණ්ඩයන්ගෙන් යුක්තය. කැමතිවන තාක් සම්පත්වලින් යුක්තය. ඔබතුමියගේ මේ රජය ඔබතුමිය ම අනුශාසනා කළ මැනැවැ. මගේ ප්‍රියාව වන ප්‍රභාවතිය යම් තැනෙක්හිද මම එහි යමි.

තත්‍ථ සයොග‍්ගන‍්ති හත්‍ථියොග‍්ගාදිසහිතං. සකායුරන‍්ති සපඤ‍්චරාජකකුධභණ‍්ඩං. අනුසාස, අම‍්මාති සො කිර පුරිසස‍්ස රජ‍්ජං දත්‍වා පුන ගණ‍්හනං නාම න යුත‍්තන‍්ති පිතු වා භාතු වා අනිය්‍යාදෙත්‍වා මාතු නිය්‍යාදෙන‍්තො එවමාහ.

එහි සයොග්ගං යනු ඇත් ආදි වස්තු සහිත සකායුරං යනු පඤ්ච රාජ කකුධ භාණ්ඩ සහිතය. අනුසාස අම්මා යනු ඔහු වනාහි පිරිමියෙකුට රාජ්‍යය දී නැවත ආපසු ගැනීම නම් නුසුදුසුය. පියාට හෝ සොයුරාට හෝ පවරා නොදී මවට පවරා දෙමින් මෙසේ කීවේය.

සා තස‍්ස කථං සුත්‍වා “තෙන හි, තාත, අප‍්පමත‍්තො භවෙය්‍යාසි, මාතුගාමො නාම අපරිසුද‍්ධහදයො”ති වත්‍වා නානග‍්ගරසභොජනස‍්ස සුවණ‍්ණකරොටිං පූරෙත්‍වා “ඉදං අන‍්තරාමග‍්ගෙ භුඤ‍්ජෙය්‍යාසී”ති වත්‍වා උය්‍යොජෙසි. සො තං ආදාය මාතරං වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා “ජීවන‍්තො පුන තුම‍්හෙ පස‍්සිස‍්සාමී”ති වත්‍වා සිරිගබ‍්භං පවිසිත්‍වා පඤ‍්චාවුධං සන‍්නය‍්හිත්‍වා භත‍්තකරොටියා සද‍්ධිං කහාපණසහස‍්සං පසිබ‍්බකෙ කත්‍වා කොකනුදඤ‍්ච වීණං ආදාය නගරා නික‍්ඛමිත්‍වා මග‍්ගං පටිපජ‍්ජිත්‍වා මහබ‍්බලො මහාථාමො යාව මජ‍්ඣන‍්හිකා පණ‍්ණාස යොජනානි ගන‍්ත්‍වා භත‍්තං භුඤ‍්ජිත්‍වා සෙසදිවසභාගෙන පුන පණ‍්ණාස යොජනානි ගන‍්ත්‍වා එකාහෙනෙව යොජනසතිකං මග‍්ගං ඛෙපෙත්‍වා සායන‍්හසමයෙ න‍්හත්‍වා සාගලනගරං පාවිසි. තස‍්මිං පවිට‍්ඨමත‍්තෙයෙව තස‍්ස තෙජෙන පභාවතී සයනපිට‍්ඨෙ සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී ඔතරිත්‍වා භූමියං නිපජ‍්ජි. බොධිසත‍්තං කිලන‍්තින්‍ද්‍රියං වීථියා ගච‍්ඡන‍්තං අඤ‍්ඤතරා ඉත්‍ථී දිස‍්වා පක‍්කොසාපෙත්‍වා නිසීදාපෙත්‍වා පාදෙ ධොවාපෙත්‍වා සයනං දාපෙසි. සො කිලන‍්තකායො නිපජ‍්ජිත්‍වා නිද‍්දං ඔක‍්කමි.

ඇය ඔහුගේ කථාව අසා, “එසේ වීනම් දරුව, අප්‍රමාදී වන්න. ස්ත්‍රිය නම් අපිරිසිදු හදවතැකැ”යි පවසා නොයෙක් අනගි රසයෙන් යුක්ත රන්වන් පාට රොටි ආදිය පුරවා, මෙය අතරමගදී අනුභව කරන්නැයි පවසා පිටත් කළාය. හෙතෙම ඒවා රැගෙන මවට වැඳ, තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට ජීවත්වන්නා වූ නුඹව යළි දකින්නෙමියි කියා, සිරියහනට පිවිස පඤ්චායුධයෙන් සැරසී බත්, රොටිත් සමග කහවණු දහසක් පසුම්බියේ දමා, කෝකනද නම් වීණාව රැගෙන නගරයෙන් නික්ම මාර්ගයට පිවිස, මහත් බල ඇති මහත් වීර්ය ඇතිව මධ්‍යාහ්නය වනවිට යොදුන් පනහක් ගොස් බත් අනුභව කොට ඉතිරි දවසේ භාගයෙන් නැවත යොදුන් පනහක් ගොස් එක දවසින්ම යොදුන් සියයක් මාර්ගය ගෙවා සවස් කාලයේ නා, සාගල නගරයට පැමිණියේය. ඔහු පැමිණි විගසම බෝසතුන්ගේ තේජසින් ප්‍රභාවතීට යහනාවේ සිටීමට නොහැකිවන්නී බැස බිම හොත්තාය. බෝසතුන්, වෙහෙසට පත්ව වීථියේ යන්නා වූ, අන්‍ය ස්ත්‍රියක් දැක කැඳවා වඩා හිඳුවා පා සෝදා යහනක් දුන්නීය. හෙතෙම ක්ලාන්ත වූ කයෙන් නිදා ගත්තේය.

අථ සා තස‍්මිං නිද‍්දමුපගතෙ භත‍්තං සම‍්පාදෙත්‍වා තං පබොධෙත්‍වා භත‍්තං භොජෙසි. සො තුට‍්ඨො තස‍්සා සද‍්ධිං භත‍්තකරොටියා කහාපණසහස‍්සං අදාසි. සො පඤ‍්චාවුධං තත්‍ථෙව ඨපෙත්‍වා “ගන‍්තබ‍්බට‍්ඨානං මෙ අත්‍ථී”ති වත්‍වා වීණං ආදාය හත්‍ථිසාලං ගන‍්ත්‍වා “අජ‍්ජ මෙ ඉධ වසිතුං දෙථ, ගන්‍ධබ‍්බං වො කරිස‍්සාමී”ති වත්‍වා හත්‍ථිගොපකෙහි අනුඤ‍්ඤාතො එකමන‍්තෙ නිපජ‍්ජිත්‍වා ථොකං නිද‍්දායිත්‍වා පටිප‍්පස‍්සද‍්ධදරථො උට‍්ඨාය වීණං මුඤ‍්චිත්‍වා “සාගලනගරවාසිනො ඉමං සද‍්දං සුණන‍්තූ”ති වීණං වාදෙන‍්තො ගායි. පභාවතී භූමියං නිපන‍්නා තං සද‍්දං සුත්‍වාව “අයං න අඤ‍්ඤස‍්ස වීණාසද‍්දො, නිස‍්සංසයං කුසරාජා මමත්‍ථාය ආගතො”ති අඤ‍්ඤාසි. මද‍්දරාජාපි තං සද‍්දං සුත්‍වා “අතිවිය මධුරං වාදෙති, ස‍්වෙ එතං පක‍්කොසාපෙත්‍වා මම ගන්‍ධබ‍්බං කාරෙස‍්සාමී”ති චින‍්තෙසි.

ඉක්බිති ඇය ඔහු නිද්‍රාවට පත් කල්හි නොයෙක් අනර්ඝ රජ බොජුන් සකස් කර ඔහු පුබුදු කරවා බත් අනුභව කරවීය. ඔහු සතුටු වූයේ ඇයට බත් මුල සමග කහවනු දහසක් දුන්නේය. ඔහු පංචායුධය එතැනම තබා යායුතු තැනක් අපට ඇතැයි කියා වීණාව ගෙන ඇත්හලට ගොස් අද “මට මෙහි වාසය කිරීමට දෙවු. ඔබව ගාන්ධර්වයෙකු කරන්නෙමි”යි කියා ඇත්ගොව්වන් විසින් අනුදන්නා ලද්දේ එකත්පසක හිඳ ටික වේලාවක් නිදාසිට සංසිඳුණු සිතින් අවදි වී වීණාව මුදා, සාගගල නගරවාසීහු මේ ශබ්දය අසත්වායි, වීණාව වාදනය කරමින් ගායනා කෙළේය. ප්‍රභාවතී බිම හොත්තේ ඒ ශබ්දය අසා මේ අනෙකකුගේ වීණා හඬක් නොවේ. නිසැකයෙන්ම කුසරජු මා නිසා පැමිණි බව දැනගත්තාය. මදු රජුද ඒ ශබ්දය අසා අතිශය මිහිරි හඬින් වාදනය රකයි. හෙට මොහු කැඳවා මාගේ ගාන්ධර්වයකු කරන්නෙමියි සිතුවේය.

බොධිසත‍්තො “න සක‍්කා ඉධ වසමානෙන පභාවතී දට‍්ඨුං, අට‍්ඨානමෙත”න‍්ති පාතොව නික‍්ඛමිත්‍වා සායං භුත‍්තගෙහෙයෙව පාතරාසං භුඤ‍්ජිත්‍වා වීණං ඨපෙත්‍වා රාජකුම‍්භකාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්ස අන‍්තෙවාසිකභාවං උපගන‍්ත්‍වා එකදිවසෙනෙව ඝරං මත‍්තිකාය පූරෙත්‍වා “භාජනානි කරොමි ආචරියා”ති වත්‍වා, “ආම, කාරොහී”ති වුත‍්තෙ එකං මත‍්තිකාපිණ‍්ඩං චක‍්කෙ ඨපෙත්‍වා චක‍්කං ආවිඤ‍්ඡි, සකිං ආවිද‍්ධමෙව යාව මජ‍්ඣන‍්හිකාතික‍්කමා භමියෙව. සො නානාවණ‍්ණානි ඛුද‍්දකමහන‍්තානි භාජනානි කත්‍වා පභාවතියා අත්‍ථාය භාජනං කරොන‍්තො නානාරූපානි සමුට‍්ඨාපෙසි. බොධිසත‍්තානඤ‍්හි අධිප‍්පායො නාම සමිජ‍්ඣති, “තානි රූපානි පභාවතීයෙව පස‍්සතූ”ති අධිට‍්ඨාසි. සො සබ‍්බභාජනානි සුක‍්ඛාපෙත්‍වා පචිත්‍වා ගෙහං පූරෙසි. කුම‍්භකාරො නානාභාජනානි ගහෙත්‍වා රාජකුලං අගමාසි. රාජා දිස‍්වා “කෙනිමානි කතානී”ති පුච‍්ඡි. “මයා, දෙවා”ති. “අහං තයා කතානි ජානාමි, කථෙහි, කෙන කතානී”ති? “අන‍්තෙවාසිකෙන මෙ දෙවා”ති. “න තෙ සො අන‍්තෙවාසී, ආචරියො තෙ සො, ත්‍වං තස‍්ස සන‍්තිකෙ සිප‍්පං සික‍්ඛ, ඉතො පට‍්ඨාය ච සො මම ධීතානං භාජනානි කරොතු, ඉමඤ‍්චස‍්ස සහස‍්සං දෙහී”ති සහස‍්සං දාපෙත්‍වා “නානාවණ‍්ණානි ඉමානි ඛුද‍්දකභාජනානි මම ධීතානං දෙහී”ති ආහ.

බෝසතුන්ද මෙහි වාසය කිරීමෙන් ප්‍රභාවතිය දකිනු නොහැකිය. මේ සුදුසු තැන නොවේදැයි උදෑසනම නික්ම සවස වැළඳූ ගෙයිම උදේ ආහාරය ද වළඳා, වීණාව තබා රාජ කුඹල්කරුගේ නිවසට ගොස්, ඔහුගේ අතවැසියකු ලෙස සමීපයට ගොස් එකදිනකින්ම ගෙය මැටිවලින් පුරවා “ආචාර්ය; භාජන කරමියි” කියා, “යහපති; කරවයි” කී කල්හි, එක් මැටිපිඬක් චක්‍රයෙහි තමා චක්‍රය කරකැවීය. රෝදය කරකැවූ කල්හිම මැටි මැදට පැමිණ කැරකුණෝමය. හෙතෙම නොයෙක් වර්ණ ඇති කුඩා-ලොකු භාජන කරවා ප්‍රභාවතීට වැඩ පිණිස භාජනයක් කරන්නේ නොයෙක් රූප නිර්මාණය කළේය. බෝසතුන්ගේ අදහස සඵල වෙයි. ඒ රූප ප්‍රභාවතිම දකීවායි අධිෂ්ඨාන කළේය. ඔහු සියළු භාජන වියලා, පිසවා ගෙය පිරවීය. කුඹල්කරු ඒ භාජන රැගෙන රාජ මන්දිරයට ගියේය. රජතුමා, එම භාජන දැක කවරකු විසින් කරන ලද්දේදැයි විචාළේය. දේවයන් වහන්ස, මා විසින්ය. මම තා විසින් කරන බව දනිමි. කියව කවරකු විසින් ඒවා කරන ලද්දේද? මගේ අතවැසියකු විසින් කරවන ලද්දකි. ඔහු අතවැසියකු නොවේ. ඔබගේ ආචාර්යවරයා වේ. ඔබ ඔහුගේ සමීපයේ ශිල්ප හදාරන්න. මෙතැන් පටන් හෙතෙම මගේ දූවරුන්ට භාජන කරාවා. මොහුට ඒ සඳහා දහසක් දෙවයි, දහසක් දී මේ කුඩා භාජන මගේ දූවරුන්ට දෙන්නැයි කීවේය.

සො තානි තාසං සන‍්තිකං නෙත්‍වා “ඉමානි වො කීළනත්‍ථාය ඛුද‍්දකභාජනානී”ති ආහ. තා සබ‍්බා ආගමිංසු. කුම‍්භකාරො මහාසත‍්තෙන පභාවතියා අත්‍ථාය කතභාජනමෙව තස‍්සා අදාසි. සා ච භාජනං ගහෙත්‍වා තත්‍ථ අත‍්තනො ච මහාසත‍්තස‍්ස ච ඛුජ‍්ජාය ච රූපං පස‍්සිත්‍වා “ඉදං න අඤ‍්ඤෙන කතං, කුසරාජෙනෙව කත”න‍්ති ඤත්‍වා කුජ‍්ඣිත්‍වා භූමියං ඛිපිත්‍වා “ඉමිනා මය‍්හං අත්‍ථො නත්‍ථි, ඉච‍්ඡන‍්තානං දෙහී”ති ආහ. අථස‍්සා භගිනියො කුද‍්ධභාවං ඤත්‍වා “ඛුද‍්දකභාජනං කුසරඤ‍්ඤා කතන‍්ති මඤ‍්ඤසි, ඉදං තෙන න කතං, කුම‍්භකාරෙනෙව කතං, ගණ‍්හාහි න”න‍්ති අවහසිංසු. සා තෙන කතභාවං තස‍්ස ච ආගතභාවං තාසං න කථෙසි. කුම‍්භකාරො සහස‍්සං බොධිසත‍්තස‍්ස දත්‍වා “තාත, රාජා තෙ තුට‍්ඨො, ඉතො කිර පට‍්ඨාය රාජධීතානං භාජනානි කරෙය්‍යාසි, අහං තාසං හරිස‍්සාමී”ති ආහ.

හෙතෙම ඒවා ඈලා සමීපයට යොමුකොට මේ ඔබලාට සෙල්ලම් කිරීම පිණිස කුඩා භාජන යයි කීවේය. ඒ සියල්ලෝ ආහ. කුඹල්කරුවා බෝසතුන් විසින් ප්‍රභාවතිගේ ප්‍රයෝජනය පිණිස කරන ලද භාජනය ඇයටම දුන්නේය. ඇය භාජන ගෙන එහිදීම, තමාගේද, බෝසතුන්ගේද, කුදාගේ ද වූ රූප බලා මෙය අන්‍යයෙකු විසින් නොකරන ලද්දකි. කුස රජු විසින්ම කරන ලද්දැකැයි දැන, කිපී බිම දමා ගසා, මේවායින් මට ප්‍රයෝජනයක් නැත. කැමැති අයට දෙන්නැයි කීවාය. ඉක්බිති ඇගේ නැගණියෝ කිපුණු බව දැන කුඩා භාජන කුස රජු විසින් කරන ලද්දකැයි සිතහිද? මේවා ඔහු විසින් කරන ලද්දේ නොවේ. කුඹල්කරු විසින්ම කරන ලදි. ගන්නැයි ඇවිටිලි කළහ. ඇය ඔහු විසින් කරන ලද බවද, ඔහුගේ පැමිණි බවද, ඈලාට නොකීවාය. කුඹල්කරු දහසක් බෝසතුන්ට දී “දරුව, රජු ඔබට සතුටු විය. මෙතැන් පටන් රජ දූවරුන් සඳහා භාජන සාදන්න. මම ඈලාට ගෙන යන්නෙමියි” කීවේය.

සො “ඉධාපි වසන‍්තෙන න සක‍්කා පභාවතී දට‍්ඨු”න‍්ති තං සහස‍්සං තස‍්සෙව දත්‍වා රාජුපට‍්ඨාකස‍්ස නළකාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්ස අන‍්තෙවාසිකො හුත්‍වා පභාවතියා අත්‍ථාය තාලවණ‍්ටං කත්‍වා තත්‍ථෙව සෙතච‍්ඡත‍්තඤ‍්ච ආපානභූමිඤ‍්ච වත්‍ථං ගහෙත්‍වා ඨිතං පභාවතිඤ‍්චාති නානාරූපානි දස‍්සෙසි. නළකාරො තඤ‍්ච අඤ‍්ඤඤ‍්ච තෙන කතභණ‍්ඩකං ආදාය රාජකුලං අගමාසි. රාජා දිස‍්වා “කෙනිමානි කතානී”ති පුච‍්ඡිත්‍වා පුරිමනයෙනෙව සහස‍්සං දත්‍වා “ඉමානි නළකාරභණ‍්ඩානි මම ධීතානං දෙහී”ති ආහ. සොපි බොධිසත‍්තෙන පභාවතියා අත්‍ථාය කතං තාලවණ‍්ටං තස‍්සායෙව අදාසි. තත්‍රපි රූපානි අඤ‍්ඤො ජනො න පස‍්සති, පභාවතී පන දිස‍්වා කුසරඤ‍්ඤා කතභාවං ඤත්‍වා “ගණ‍්හිතුකාමා ගණ‍්හන‍්තූ”ති කුද‍්ධා භූමියං ඛිපි . අථ නං සෙසා අවහසිංසු. නළකාරො සහස‍්සං ආහරිත්‍වා බොධිසත‍්තස‍්ස දත්‍වා තං පවත‍්තිං ආරොචෙසි.

ඔහු මෙහිදීද වාසය කිරීමෙන් ප්‍රභාවතී දැකිය නොහැක. ඒ දහස ඔහුටම දී, රාජ උපස්ථායක වූ නළකාරගේ සමීපයට ගොස් එහි අතවැසියෙක්ව සිට, ප්‍රභාවතීගේ ප්‍රයෝජනය පිණිස විජිනිපතක් කරවා, එහිම සුදු කුඩයක් ද, උත්සව භූමියද වස්ත්‍රයක්ද ගෙන සිටි සේ, ප්‍රභාවතියට පෙනෙන සේ විවිධ රූප දැක්වීය. නළකරු ඇයටද අන්‍යයන්ටද තමා විසින් කරන ලද භාණ්ඩ ගෙන රජගෙදරට ගියේය. රජු දැක කවරකු විසින් මේවා කරන ලදදැයි විචාළේය. දේවයන් වහන්ස, මා විසිනි. මම, තා විසින් කරන ලද ඒවා දනිමි. කියව කවරකු විසින් කරවන ලද්දේ ද? දේවයන් වහන්ස මගේ අතවැසියකු විසිනි. ඔහු අතවැසි නොවේ. ඔබේ ගුරවරයා වේවා. ඔබ ඔහු ගේ සමීපයේ ශිල්ප ඉගෙන ගනුව. මෙතැන් පටන් ඔහු මගේ දූවරුන්ට මෙබඳු ආකාර රූප කරනු ලැබේවා! මේ ඔහුටද දහසක් දෙන්නැයි, දහසක් දී මේ අලංකාර භාණ්ඩ මගේ දූවරුන්ට දෙන්නැයි කීවේය. ඔහුද, බෝසතුන් විසින් ප්‍රභාවතීගේ අර්ථ පිණිස කරවන ලද විජිනිපත ඇයට ම දුන්නේය. එහි රූප ද වෙනත් ජනතාව නොදකියි. ප්‍රභාවතිය එය දැක කුසරජ විසින් කළ බැව් දැන ගනු කැමැත්තෝ ගනිත්වායි කිපී බිම දැමීය. අනිත් අය ඈට ඇවිටිලි කළහ. නළකාරයා දහසක් ගෙන බෝසතුන්ට ද, ඒ පුවත දැන්වීය.

සො “ඉදම‍්පි මය‍්හං අවසනට‍්ඨාන”න‍්ති සහස‍්සං තස‍්සෙව දත්‍වා රාජමාලාකාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අන‍්තෙවාසිකභාවං උපගන‍්ත්‍වා නානාවිධං මාලාවිකතිං ගන්‍ථිත්‍වා පභාවතියා අත්‍ථාය නානාරූපවිචිත්‍රං එකං චුම‍්බටකං අකාසි. මාලාකාරො තං සබ‍්බං ආදාය රාජකුලං අගමාසි. රාජා දිස‍්වා “කෙනිමානි ගන්‍ථිතානී”ති පුච‍්ඡි. “මයා, දෙවා”ති. “අහං තයා ගන්‍ථිතානි ජානාමි, කථෙහි, කෙන ගන්‍ථිතානී”ති? “අන‍්තෙවාසිකෙන මෙ , දෙවා”ති. “න සො අන‍්තෙවාසී, ආචරියො තෙ සො, ත්‍වං තස‍්ස සන‍්තිකෙ සිප‍්පං සික‍්ඛ, ඉතො පට‍්ඨාය ච සො මම ධීතානං පුප‍්ඵානි ගන්‍ථතු, ඉමඤ‍්චස‍්ස සහස‍්සං දෙහී”ති සහස‍්සං දත්‍වා “ඉමානි පුප‍්ඵානි මම ධීතානං දෙහී”ති ආහ. සොපි බොධිසත‍්තෙන පභාවතියා අත්‍ථාය කතං චුම‍්බටකං තස‍්සායෙව අදාසි. සා තත්‍ථ අත‍්තනො ච රඤ‍්ඤො ච රූපෙහි සද‍්ධිං නානාරූපානි දිස‍්වා තෙන කතභාවං ඤත්‍වා කුජ‍්ඣිත්‍වා භූමියං ඛිපි. සෙසා භගිනියො තං තථෙව අවහසිංසු. මාලාකාරොපි සහස‍්සං ආහරිත්‍වා බොධිසත‍්තස‍්ස දත්‍වා තං පවත‍්තිං ආරොචෙසි.

ඔහු මෙතන ද, මට වාසයට නුසුදුසු යයි ඔහුට ම දහසක් දී රජ මල්කරුගේ සමීපයට ගොස් අතවැසි භාවය හෙළිකොට, නොයෙක් ආකාරයෙන් විචිත්‍ර වූ මල් ගැටගසා ප්‍රභාවතිය පිණිස එක් කුඩා දරණුවක් කෙළේය. මල්කරු ඒ සියල්ල ගෙන රජමැදුරට පිවිසියේ රජු දැක කවුරුන් විසින් මේවා ගොතන ලද්දේ දැයි ඇසීය. මා විසින් දේවයන් වහන්ස’යි කීය. මා ඔබ ගේ ගෙතීම දනිමි. කියව කවුරුන් ගෙතුවේ ද? මගේ අතවැසියා විසින් ස්වාමීනි; ඔහු අතවැසියා නොවේ. ඔබගේ ආචාර්යවරයා වේවා. ඒ රජු ඔබ ඔහුගේ සමීපයේ ශිල්ප හදාරන්න. මෙතැන් පටන් හෙතෙම මගේ දූවරුන්ට මල් ගොතාවා. මේ දහසද ඔහුට දෙවයි, දහසක් දී මේ මල් මගේ දූවරුන්ට දෙවයි කීවේය. ඔහුද බෝසතුන් විසින් ප්‍රභාවතියට වැඩ පිණිස කරන ලද, විජිනිපත ඇයටම දුන්නේය. ඇය එහිදී තමාගේද, රජුගේ ද රූප සමග නොයෙක් ආකාර රූප දැක ඔහු විසින් කරන ලද බව දැන කිපී බිම හෙළීය. සෙසු නැගණියෝ ඇය අස්වැසූහ. මල්කරු ද දහසක් ගෙන බෝසතුන්ට දී ඒ පුවත දැන්වීය.

සො “ඉදම‍්පි මය‍්හං අවසනට‍්ඨාන”න‍්ති සහස‍්සං තස‍්සෙව දත්‍වා රඤ‍්ඤො සූදස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අන‍්තෙවාසිකභාවං උපගච‍්ඡි. අථෙකදිවසං සූදො රඤ‍්ඤො භොජනවිකතිං හරන‍්තො අත‍්තනො අත්‍ථාය පචිතුං බොධිසත‍්තස‍්ස අට‍්ඨිමංසං අදාසි. සො තං තථා සම‍්පාදෙසි, යථාස‍්ස ගන්‍ධො සකලනගරං අවත්‍ථරි. රාජා තං ඝායිත්‍වා “කිං තෙ මහානසෙ අඤ‍්ඤම‍්පි මංසං පචසී”ති පුච‍්ඡි. “නත්‍ථි, දෙව, අපිච ඛො පන මෙ අන‍්තෙවාසිකස‍්ස අට‍්ඨිමංසං පචනත්‍ථාය දින‍්නං, තස‍්සෙව සො ගන්‍ධො භවිස‍්සතී”ති. රාජා ආහරාපෙත්‍වා තතො ථොකං ජිව‍්හග‍්ගෙ ඨපෙසි, තාවදෙව සත‍්ත රසහරණිසහස‍්සානි ඛොභෙන‍්තං ඵරි. රාජා රසතණ‍්හාය බජ‍්ඣිත්‍වා සහස‍්සං දත්‍වා “ඉතො පට‍්ඨාය තව අන‍්තෙවාසිනා මම ච ධීතානඤ‍්ච මෙ භත‍්තං පචාපෙත්‍වා ත්‍වං මය‍්හං ආහර, සො මෙ ධීතානං හරතූ”ති ආහ. සූදො ගන‍්ත්‍වා තස‍්ස ආරොචෙසි. සො තං සුත්‍වා “ඉදානි මෙ මනොරථො මත්‍ථකං පත‍්තො, ඉදානි පනාහං පභාවතිං දට‍්ඨුං ලභිස‍්සාමී”ති තුට‍්ඨො තං සහස‍්සං තස‍්සෙව දත්‍වා පුනදිවසෙ භත‍්තං සම‍්පාදෙත්‍වා රඤ‍්ඤො භත‍්තභාජනානි පෙසෙත්‍වා රාජධීතානං භත‍්තකාජං සයං ගහෙත්‍වා පභාවතියා වසනපාසාදං අභිරුහි. සා තං භත‍්තකාජං ආදාය පාසාදං අභිරුහන‍්තං දිස‍්වා චින‍්තෙසි – “අයං අත‍්තනො අනනුච‍්ඡවිකං දාසකම‍්මකරෙහි කත‍්තබ‍්බං කරොති. සචෙ පනාහං කතිපාහං තුණ‍්හී භවිස‍්සාමි, ‘ඉදානි මං එසා රොචතී’ති සඤ‍්ඤී හුත්‍වා කත්‍ථචි අගන‍්ත්‍වා මං ඔලොකෙන‍්තො ඉධෙව වසිස‍්සති, ඉදානෙව තං අක‍්කොසිත්‍වා පරිභාසිත්‍වා මුහුත‍්තම‍්පි ඉධ වසිතුං අදත්‍වා පලාපෙස‍්සාමී”ති. සා ද‍්වාරං අඩ‍්ඪවිවටං කත්‍වා එකං හත්‍ථං කවාටෙ ලග‍්ගෙත්‍වා එකෙන හත්‍ථෙන අග‍්ගළං උප‍්පීළෙත්‍වා දුතියං ගාථමාහ –

හෙතෙම මෙතැන ද නොවසන තැනකැයි දහස ඔහුටම දී, අරක්කැමියා සමීපයට ගොස් අතවැසි බවට පත් විය. ඉක්බිති එක දවසක් අරක්කැමියා, රජුගේ ආහාර වර්ගය ගෙන යන්නේ තමන්ට වැඩ පිණිස පිසීමට බෝසතුන්ට ඇටමාංස දුන්නේය. හෙතෙම එය එසේ සම්පාදනය කළේය. ඒවායේ සුවඳ මුළු නගරය පුරා ම පැතිරුණි. රජු එය ආඝ්‍රාණය කොට, කිමෙක් ද, අප ගේ කුස්සියේ වෙනත් මසක් උයන්නේදැයි විචාළේය. නැත දේවයනි; අතවැසියාට ඇටමස් පිසීම පිණිස දෙන ලද්දේය. එය ඒ සුවඳ වන්නේය. රජු ගෙන්වා ගෙන ඉන් ටිකක් දිව අග තැබීය. එකෙණෙහි ම සත් දහසක් රස කළඹමින් පැතිරුණේය. රජු රස තෘෂ්ණාවෙන් බැඳී, දහසක් ඔහුට දී, මෙතැන් පටන් ඔබගේ අතවැසියා විසින් මට ද දූවරුන්ට ද බත් පිසවා, නුඹ මට රැගෙන එන්න. හෙතෙම මගේ දූවරුන්ට ගෙන ඒවායි කීවේය. අරක්කැමියා ඒ බව ඔහුට දැනුම් දුන්නේය. ඔහු එය අසා, දැන් මගේ මනදොළ මුදුන් පැමිණිායේය. දැන් මම ප්‍රභාවතිය දකින්නට ලබන්නෙමි’යි සතුටු වූයේ ඒ දහස ඔහුට ම දී දෙවන දිනයේ බත් සම්පාදනය කොට, රජුගේ බත් භාජන යවා රජ දූවරුන්ට බත් කද තෙමේ ම ගෙනගොස් ප්‍රභාවතිය වාසය කරන ප්‍රාසාදයට නැංගේය. ඔහු ඒ බත් කද රැගෙන ප්‍රාසාදයට නගිනු ඇය දැක මෙසේ සිතීය. මෙතෙම තමන්ට නුසුදුසු දාස කම්කරුවන් විසින් කළයුත්තක් කරයි. ඉදින් මම දින කීපයක් නිහඬව සිටින්නී නම් දැන් මෙතුමා මට කැමැති යන හැඟීමෙන් කිසියම් තැනකට පැමිණ මා දෙස බලමින් මෙහිම වසන්නේය. දැන් මම මොහුට ආක්‍රෝශ පරිභව කොට මොහොතක් වත් මෙහි විසීමට ඉඩ නොදී, පලවා හරින්නෙමියි ඇය දොර අඩක් විවරකොට එක අතක් කවුළුවෙන් අල්ලාගෙන එකකින් අගුල ගලවා, දෙවෙනි ගාථාව කීවාය.

“අනුජ‍්ජුභූතෙන හරං මහන‍්තං, දිවා ච රත‍්තො ච නිසීථකාලෙ; පටිගච‍්ඡ ත්‍වං ඛිප‍්පං කුසාවතිං කුස, නිච‍්ඡාමි දුබ‍්බණ‍්ණමහං වසන‍්ත”න‍්ති.

කුස රජතුමනි! ඔබ රෑ ද දවල් ද මධ්‍යම රාත්‍රියේ ද වක් සිතින් කදක් ගෙනෙමින් මහත් දුකක් විඳින්නේය. මෙහි වසන්නා වූ දුර්වර්ණ වූ ඔබ මම ප්‍රිය නො කරමි. එබැවින් වහාම කුසාවතී නගරයට ආපසු යන්න. ප්‍රභාවතී කීවාය.

තස‍්සත්‍ථො – මහාරාජ, ත්‍වං භත‍්තකාරකො හුත්‍වා උජුකෙන චිත‍්තෙන යොපි තෙ සීසං භින්‍දෙය්‍ය, තස‍්සපෙතං කම‍්මං න කරොසි, අනුජුභූතෙන පන චිත‍්තෙන මමත්‍ථාය එතං මහන‍්තං කාජං හරන‍්තො දිවා ච රත‍්තො ච නිසීථකාලෙ ච මහන‍්තං දුක‍්ඛං අනුභවිස‍්සසි, කිං තෙ තෙන අනුභූතෙන දුක‍්ඛෙන, ත්‍වං අත‍්තනො නගරං කුසාවතිමෙව පටිගච‍්ඡ, අඤ‍්ඤං අත‍්තනා සදිසිං අතිරසකපූවසණ‍්ඨානමුඛිං යක‍්ඛිනිං අග‍්ගමහෙසිං කත්‍වා රජ‍්ජං කාරෙහීති. නිච‍්ඡාමි දුබ‍්බණ‍්ණමහං වසන‍්තන‍්ති අහං පන තං දුබ‍්බණ‍්ණං දුස‍්සණ‍්ඨිතං ඉධ වසන‍්තං න ඉච‍්ඡාමීති.

එහි අර්ථය; මහරජ, නුඹ ස්වාමිකාරකයකු වී, සෘජු වූ සිතින්, යමෙක් ඔබ ගේ හිස බිඳින්නේද? ඔහුට කර්මයක් නොවීය. සෘජු වූ සිතක් නැත්තකු විසින්, මා පිණිස මෙබඳු කදක් රැගෙන යන්නේ දිවා රාත්‍රී දෙකෙහි, හිඳිනා කාලයේ මහත් දුකක් අනුභව කරන්නෙහි. කිමෙක් ද ඔබගේ මේ දුක් අනුභව කිරීමෙන්. නුඹ තමාගේ නගරය වූ කුසාවතියට ම යන්න. වෙනත් තමා හා සමීප වූ අතිරස කැවුම් කෑමේ ගිජුවූ මුවක් ඇති යකින්නක් අග මෙහෙසිය කොට රාජ්‍යය කරන්න. න ඉච්ඡාමි දුබ්බණ්ණ මහං වසන්තං යනු මම වනාහි ඒ දුර්වර්ණ වූ දුශ්චරිත කරන්නාහු මෙහි වාසය කිරීමට අකමැති වෙමි.

සො “පභාවතියා මෙ සන‍්තිකා කථා ලද‍්ධා”ති තුට‍්ඨචිත‍්තො තිස‍්සො ගාථා අභාසි –

හෙතෙම ප්‍රභාවතිය මා සමීපයේ කථාකරන ලද්දී යයි සතුටු සිතැත්තේ ගාථා තුනක් කීවේය.

“නාහං ගමිස‍්සාමි ඉතො කුසාවතිං, පභාවතී වණ‍්ණපලොභිතො තව; රමාමි මද‍්දස‍්ස නිකෙතරම‍්මෙ, හිත්‍වාන රට‍්ඨං තව දස‍්සනෙ රතො.

ප්‍රභාවතිය! මම මෙයින් නික්ම කුසාවතියට නොයමි. මම වූ කලී ඔබගේ රූසිරින් වර්ණයෙන් පොළඹවන ලද්දෙමි. තීගේ දර්ශනයෙහි ඇළුණෙක්ව මගේ රට හැර මදු රජුගේ සිත්කලු නිවසේ සිත් අලවා වාසය කරමි.

“පභාවතී වණ‍්ණපලොභිතො තව, සම‍්මූළ‍්හරූපො විචරාමි මෙදිනිං; දිසං න ජානාමි කුතොම‍්හි ආගතො, තයම‍්හි මත‍්තො මිගමන්‍දලොචනෙ.

එම්බා ප්‍රභාවතිය! මම තිගේ ශරීර වර්ණයෙන් පෙළඹී සිටිමි. කෙළෙස් වසයෙන් මුලා වී පොළොවෙහි හැසිරෙමි. මුවදෙනකට බඳු මදලස බැලුම් ඇත්තීය. තී විසින් මම මත් කරන ලද්දෙමි. කොහි සිට පැමිණියෙම්දැයි පැමිණි දිසාව වත් සිහි කරන්නට අපොහොසත් වෙමි.

“සුවණ‍්ණචීරවසනෙ, ජාතරූපසුමෙඛලෙ; සුස‍්සොණි තව කාමා හි, නාහං රජ‍්ජෙන මත්‍ථිකො”ති.

රනින් විසිතුරු කළ වස්ත්‍ර හඳින, රන්මුවා මෙවුල්දම් ඇති, මනාව වැඩුණු මධ්‍ය ප්‍රදේශ ඇති ප්‍රභාවතිය, තිට කැමති හෙයින් මම මෙහි ම වසමි. මට රජයෙන් ප්‍රයෝජනයක් නැත.

තත්‍ථ රමාමීති අභිරමාමි න උක‍්කණ‍්ඨාමි. සම‍්මූළ‍්හරූපොති කිලෙසසම‍්මූළ‍්හො හුත්‍වා. තයම‍්හි මත‍්තොති තයි මත‍්තොම‍්හි, තයා වා මත‍්තොම‍්හි. සුවණ‍්ණචීරවසනෙති සුවණ‍්ණඛචිතවත්‍ථවසනෙ. නාහං රජ‍්ජෙන මත්‍ථිකොති න අහං රජ‍්ජෙන අත්‍ථිකො.

එහි රමාමී යනු, මැනවින් ඇලෙමි. නොකළකිරෙමි. සම්මූළ්හරූපො යනු කෙලෙස් මලයෙන් මුළාවී සිට, තයම්හි මත්තො යනු තා කෙරෙහි මත් වූයෙම් හෝ ඔබට ම මත්වූයෙම් යනුයි. සුවණ්ණ වීරවසනෙ යනු රත්රන් ඔබ්බවන ලද වස්ත්‍ර වශයෙනි. නා’හං රජ්ජෙනමත්‍ථිකො යනු මට රාජ්‍යයෙන් අර්ථයක් නැත යනුයි.

එවං වුත‍්තෙ සා චින‍්තෙසි – “අහං එතං ‘විප‍්පටිසාරී භවිස‍්සතී’ති පරිභාසාමි, අයං පන රජ‍්ජිත්‍වාව කථෙති, සචෙ ඛො පන මං ‘අහං කුසරාජා’ති වත්‍වා හත්‍ථෙ ගණ‍්හෙය්‍ය, කො තං නිවාරෙය්‍ය, කොචි නො ඉමං කථං සුණෙය්‍යා”ති ද‍්වාරං ථකෙත්‍වා සූචිං දත්‍වා අන‍්තො අට‍්ඨාසි. සොපි භත‍්තකාජං ආහරිත්‍වා භත‍්තං වඩ‍්ඪෙත්‍වා රාජධීතරො භොජෙසි. පභාවතී “ගච‍්ඡ කුසරාජෙන පක‍්කභත‍්තං ආහරා”ති ඛුජ‍්ජං පෙසෙසි. සා ආහරිත්‍වා “භුඤ‍්ජාහී”ති ආහ. නාහං තෙන පක‍්කභත‍්තං භුඤ‍්ජාමි, ත්‍වං භුඤ‍්ජිත්‍වා අත‍්තනො ලද‍්ධනිවාපං ගහෙත්‍වා භත‍්තං පචිත්‍වා ආහර, කුසරඤ‍්ඤො ආගතභාවඤ‍්ච මා කස‍්සචි ආරොචෙසීති. ඛුජ‍්ජා තතො පට‍්ඨාය තස‍්සා කොට‍්ඨාසං ආහරිත්‍වා සයං භුඤ‍්ජති, අත‍්තනො කොට‍්ඨාසං තස‍්සා උපනෙති. කුසරාජාපි තතො පට‍්ඨාය තං පස‍්සිතුං අලභන‍්තො චින‍්තෙසි – “අත්‍ථි නු ඛො පභාවතියා මයි සිනෙහො, උදාහු නත්‍ථි, වීමංසිස‍්සාමි න”න‍්ති. සො පන රාජධීතරො භොජෙත්‍වා භත‍්තකාජං ආදාය නික‍්ඛන‍්තො තස‍්සා ගබ‍්භද‍්වාරෙ පාසාදතලං පාදෙන පහරිත්‍වා භාජනානි ඝට‍්ටෙත්‍වා නිත්‍ථුනිත්‍වා විසඤ‍්ඤී හුත්‍වා විය අවකුජ‍්ජො පති. සා තස‍්ස නිත්‍ථුනිතසද‍්දෙන ද‍්වාරං විවරිත්‍වා තං භත‍්තකාජෙන ඔත්‍ථතං දිස‍්වා චින‍්තෙසි – “අයං සකලජම‍්බුදීපෙ අග‍්ගරාජා මං නිස‍්සාය රත‍්තින්‍දිවං දුක‍්ඛං අනුභොති, සුඛුමාලතාය භත‍්තකාජෙන අවත්‍ථතො පතති, ජීවති නු ඛො, නො වා”ති. සා ගබ‍්භතො නික‍්ඛමිත්‍වා තස‍්ස නාසවාතං උපධාරෙතුං ගීවං පසාරෙත්‍වා මුඛං ඔලොකෙසි. සො මුඛපූරං ඛෙළං ගහෙත්‍වා තස‍්සා සරීරෙ පාතෙසි. සා තං පරිභාසිත්‍වා ගබ‍්භං පවිසිත්‍වා ද‍්වාරං අඩ‍්ඪවිවටං ථකෙත්‍වා ඨිතා ගාථමාහ –

මෙසේ කී කල්හි ඇය සිතුවාය. මම මේ විපිළිසර වන්නේය යනුයි. පරිභව කරමි. මෙතෙම බැඳුනේ ම කථා කරයි. ඉදින් මම “මම කුසරජ වේ යයි කියා අතිනත ගන්නේ නම්, කවරෙක් ඔහු වළක්වන්නේද? කවරෙක් අපගේ මේ කථාව අසන්නේදැයි, දොරටුව වසා, පිරිසිදු දෙය දී ඇතුළත සිටියේය. හෙතෙමේ ද බත් හොදි ගෙන බත් අනා රාජ දූවරුන්ට කැවීය. ප්‍රභාවතී යන්න. කුසරජ විසින් පිසින ලද බත් ගෙන එන්න යයි, කුදී යැවීය. ඇය ගෙනවුත් වළඳන්නැ’යි කීවාය. මම ඔහු විසින් පිසින ලද බත් අනුභව නොකරමි. ඔබ අනුභව කොට තමන්ගේ ලද කොටස ගෙන බත් පිස ගෙන එන්න. කුසරජුගේ පැමිණි බව කිසිවෙකුට නොදන්වන්න යයි, කුදිය එතැන් පටන් ඇගේ කොටස ගෙන්වාගෙන තෙමේ අනුභව කරයි. තමන්ගේ කොටස ඇයට පමුණුවයි. කුසරජු ද එතැන් පටන් ඇය බැලීමට නොලබන්නේ මෙසේ සිතුවේය. ප්‍රභාවතීට මා කෙරෙහි සෙනෙහසක් ඇත්ද? නැතහොත් නැත්ද, විමසන්නෙමියි. ඔහු රාජ දූවරුන් වළඳවා බත්හොදි රැගෙන නික්මෙන්නේ ඇගේ යහන්ගැබ ද්වාරයේ සඳලු තලයට පයින් පහර දී, භාජන ගටා ශබ්ද කර නිනව්වක් නැති සේ විසංඥ වූවකු මෙන් මුණින් අතට වැටුනේය. ඇය ඔහුගේ වැටුනු ශබ්දයෙන් දොර විවරකොට, ඇය බත්හොදි ආදියෙන් ඔද්දල් වී දැක මෙසේ සිතුවාය. මේ මුළු දඹදිව් තලයේ අගරජ, මා නිසා, දිවා-රාත්‍රී දුක් අනුභව කරයි. සියුමැලි බව නිසා බත් හොඳින් සමග මුණින් අතට වැටුනේය. ජීවත්වෙයි ද නැද්දැ යි, ඇය ගර්භයෙන් නික්ම ඔහු ගේ නාස් වාතය බැලීමට බෙල්ල දිගුකර පුළුල් කර මුඛය බැලුවාය. ඔහු කට පුරවා කෙල ගසා ඇගේ ශරීරයේ හෙළීය. ඇය ඔහුට කිපී ඔහුට පරිභව කොට ගැබට පිවිස දොර අඩක් විවර කොට වසා සිටියේ මේ ගාථාව කීවාය.

“අබ‍්භූති තස‍්ස භො හොති, යො අනිච‍්ඡන‍්තමිච‍්ඡති; අකාමං රාජ කාමෙසි, අකන‍්තං කන‍්තුමිච‍්ඡසී”ති.

පින්වත් කුසරජතුමනි, යමෙක් නො කැමැත්තාහු කැමති වන්නේ නම්, ඔහුට පිරිහීම වන්නේය. මා ඔබට අකමැති වන අතර ඔබ මා මැ පතන්නේය. දුටුවන් නො පහදනාසුළු ඔබ කෙරෙහි කාන්ති තැනැත්තියක වන මම කැමති නො වෙමි.

තත්‍ථ අබ‍්භූතීති අභූති, අවුඩ‍්ඪීති අත්‍ථො.

එහි අබ්භු යනු බොරුවයි. නොවැඩීම යන අර්ථයි.

සො පන පටිබද‍්ධචිත‍්තතාය අක‍්කොසියමානොපි පරිභාසියමානොපි විප‍්පටිසාරං අනුප‍්පාදෙත්‍වාව අනන‍්තරං ගාථමාහ –

ඔහු වනාහි පිළිබඳ සිතැත්තේ අක්‍රෝෂ කැමැත්තේ ද, පරිභව කැමැත්තේ ද, විපිළිසර බවක් ද, නූපදවාම අනතුරු ගාථාව කීවේය.

“අකාමං වා සකාමං වා, යො නරො ලභතෙ පියං; ලාභමෙත්‍ථ පසංසාම, අලාභො තත්‍ථ පාපකො”ති.

යම් මිනිසෙක් කැමති නො වන්නා වූ හෝ කැමති වන්නාහූ ප්‍රියාවක් ලබා ද, ඒ ලාභය මෙහිලා පසසමි. නො ලැබීම ලාමක දෙයකි.

සාපි තස‍්මිං එවං කථෙන‍්තෙපි අනොසක‍්කිත්‍වා ථද‍්ධතරවචනං වත්‍වා පලාපෙතුකාමා ඉතරං ගාථමාහ –

ඇය ද ඔහු එසේ කියන කල්හි ම සැකයක් නොපතා දැඩිවූ වචනයේ පිහිටා සත්‍ය පවසා, පලා යනු කැමැතිව ගාථාව කීවේය.

“පාසාණසාරං ඛණසි, කණිකාරස‍්ස දාරුනා; වාතං ජාලෙන බාධෙසි, යො අනිච‍්ඡන‍්තමිච‍්ඡසී”ති.

ඔබට මා අකමැතිය. ඔබට අකමැති මා ඔබ කැමැති වීම ලීවලින් තැනූ කිණිහිරකින් ගල්පර කැඩීමට ද දැලකින් සුළඟ වැළැක්වීමට ද තැත් කරන්නාක් වැනිය.

තත්‍ථ කණිකාරස‍්ස දාරුනාති කණිකාරකට‍්ඨෙන. බාධෙසීති බන්‍ධසීති.

එහි කණිකාරස්ස දාරුණා යනු කිණිහිරි ලීයකින් යනුයි. බාධෙසී යනු බදියි. වසාලයි යනු අර්ථයි.

තං සුත්‍වා රාජා තිස‍්සො ගාථායො අභාසි –

ඒ අසා රජු ගාථා තුනක් කීවේය.

“පාසාණො නූන තෙ හදයෙ, ඔහිතො මුදුලක‍්ඛණෙ; යො තෙ සාතං න වින්‍දාමි, තිරොජනපදාගතො.

මෘදු ලක්‍ෂණ ඇත්තිය! ඔබ නිසා මම අන් රටකින් මෙහි ආයෙමි. ඔබේ පිළිසඳර මාත්‍ර සුවයක් වත් මා නොලබන්නේ, මා කෙරෙහි ස්නේහය වැළැක්වීම පිණිස තිගේ හෘදය ගලක් වන්නේ ද?

“යදා මං භකුටිං කත්‍වා, රාජපුත‍්තී උදික‍්ඛති; ආළාරිකො තදා හොමි, රඤ‍්ඤො මද‍්දස‍්සන‍්තෙපුරෙ.

රජ දියණියනි! යම්විටක බැම හකුළුවා ඔබ මා දෙස බලයිද? එවිට මම මදු රජුගේ අන්තඃපුරයෙහි අරක්කැමි වෙමි.

“යදා උම‍්හයමානා මං, රාජපුත‍්තී උදික‍්ඛති; නාළාරිකො තදා හොමි, රාජා හොමි තදා කුසො”ති.

රජ දියණිය! ඔබ යම්කිසි විටක සිනාසෙමින් මා දෙස බලයිද එවිට මම කුසාවතී නුවර අගරජු වෙමි. කුස රජ කීය.

තත්‍ථ මුදුලක‍්ඛණෙති මුදුනා ඉත්‍ථිලක‍්ඛණෙන සමන‍්නාගතෙ. යොති යො අහං තිරොරට‍්ඨා ආගතො තව සන‍්තිකෙ වසන‍්තො පටිසන්‍ථාරමත‍්තම‍්පි සාතං න ලභාමි, සො එවං මඤ‍්ඤාමි, මයි සිනෙහුප‍්පත‍්තිනිවාරණාය නූන තව හදයෙ පාසාණො ඨපිතො. භකුටිං කත්‍වාති කොධවසෙන වලිවිසමං නලාටං කත්‍වා. ආළාරිකොති භත‍්තකාරකො. තස‍්මිං ඛණෙ අහං මද‍්දරඤ‍්ඤො අන‍්තෙපුරෙ භත‍්තකාරකදාසො විය හොමීති වදති. උම‍්හයමානාති පහට‍්ඨාකාරං දස‍්සෙත්‍වා හසමානා. රාජා හොමීති තස‍්මිං ඛණෙ අහං කුසාවතීනගරෙ රජ‍්ජං කාරෙන‍්තො රාජා විය හොමි, කස‍්මාසි එවං ඵරුසා, ඉතො පට‍්ඨාය මා එවරූපං කරි, භද‍්දෙති.

එහි මුදුලක්ඛණෙ යනු මෘදු වූ ස්ත්‍රී ලක්‍ෂයෙන් සමන්විත වූයේය. යො යනු යමෙක් මම. තිරොජන පදාගතා යනු දුරුරටක සිට ආවේ ඔබගේ සමීපයේ වාසය කරමින් පිළිසඳර කථාවක් තරම්වත් සත්පුරුෂ හඬක් නොලබමි. ඔහු මෙසේ සිතයි. මගේ උපන් ස්නේහය වැළැක්වීම පිණිස ඒකාන්තයෙන්ම හදවත ගලෙක තබන ලද්දේය. භුකුටිංකත්‍ව යනු ක්‍රෝධයෙන් නළල රැළිගන්වා, ආළාරිකො යනු බත්බැලයා එකෙණෙහි මම මදු රජුගේ අන්තඃපුරයේ බත් බැලකම් කරන දාසය මෙන් වෙමියි පවසයි. උම්භයමානා යනු සතුටු ආකාරයක් දක්වා සිනහසෙමින් රාජා හොමී යනු එකෙණෙහි මම කුසාවතී නගරයේ රාජ්‍යය කරමින්, රජ මෙන් වෙමි. කවරකු විසින් මෙසේ පරුෂ වූයෙහි මෙතැන් පටන් මෙබඳු ආකාරයක් නොකරව සොඳුර; යනුවෙනි.

සා තස‍්ස වචනං සුත්‍වා චින‍්තෙසි – “අයං අතිවිය අල‍්ලීයිත්‍වා කථෙති, මුසාවාදං කත්‍වා උපායෙන නං ඉතො පලාපෙස‍්සාමී”ති ගාථමාහ –

ඇය ඔහුගේ වචන අසා මෙසේ සිතුවාය. මෙතෙම අතිශය ඇල්මෙන් කථා කරයි. බොරුවක් කොට උපායෙන් ඔහුව මෙතනින් පලවා හරින්නෙමියි ගාථාවක් කීවාය.

“සචෙ හි වචනං සච‍්චං, නෙමිත‍්තානං භවිස‍්සති; නෙව මෙ ත්‍වං පතී අස‍්ස, කාමං ඡින්‍දන‍්තු සත‍්තධා”ති.

ඉදින් නිමිත්ත පාඨකයන්ගේ වචන සත්‍ය වී, මා සත්කඩකට කපතත්, ඔබතුමා මට සැමියා නො වන්නේමය. ප්‍රභාවතී කීය.

තස‍්සත්‍ථො – මහාරාජ, මයා “අයං කුසරාජා මය‍්හං පති භවිස‍්සති, න භවිස‍්සතී”ති බහූ නිමිත‍්තපාඨකා පුච‍්ඡිතා, තෙ “කාමං කිර මං සත‍්තධා ඡින්‍දන‍්තු, නෙව මෙ ත්‍වං පති භවිස‍්සසී”ති වදිංසූති.

එහි අර්ථය නම්; මහරජ, මේ කුසරජු මගේ ස්වාමියා වන්නේ නම් නො සිදුවන්නේය. බොහෝ නිමිති කියන්නෝ විචාරණ ලද්දේ, ඔවුහු ඒකාන්තයෙන් මා සත්කඩකට පැලේවා. ඔබ මගේ ස්වාමියා නො වන්නේ යයි කීවාහුය.

තං සුත්‍වා රාජා තං පටිබාහන‍්තො “භද‍්දෙ, මයාපි අත‍්තනො රට‍්ඨෙ නෙමිත‍්තකා පුච‍්ඡිතා, තෙ ‘අඤ‍්ඤත්‍ර සීහස‍්සරකුසරාජතො තව පති නාම අඤ‍්ඤො නත්‍ථී’ති බ්‍යාකරිංසු, අහම‍්පි අත‍්තනො ඤාණබලනිමිත‍්තෙන එවමෙව කථෙසි”න‍්ති වත්‍වා අනන‍්තරං ගාථමාහ –

ඒ අසා රජු, පිරිහෙන්නේ සොඳුර; මා විසින් ද තමා ගේ රටේ නිමිති කියන්නන් ගෙන් විචාරණ ලද්දේ, ඔවුහු අන්තැනක දී, සිංහ ස්වර ඇති කුසරජුට, ඔබ ස්වාමියා නම්, අන්‍යයෙක් නැතැයි ප්‍රකාශ කළහ. මම ද තමන්ගේ ඤාති නිමිති කියන්නා විසින් එය ම කියමියි කියා අනතුරුව ගාථාව කීවේය.

“සචෙ හි වචනං සච‍්චං, අඤ‍්ඤෙසං යදි වා මම; නෙව තුය‍්හං පතී අත්‍ථි, අඤ‍්ඤො සීහස‍්සරා කුසා”ති.

ඉදින් අනිත් නිමිත්ත පාඨකයන් ගේ හෝ මගේ වචනය සත්‍ය වන්නේ නම් සිංහස්වර ඇති කුස රජු හැර අන්‍ය වූවෙක් ඔබ ගේ සැමියා නො වන්නේමය. කුස රජු කීය.

තස‍්සත්‍ථො – යදි හි අඤ‍්ඤෙසං නෙමිත‍්තානං වචනං සච‍්චං, යදි වා මම වචනං සච‍්චං, තව අඤ‍්ඤො පති නාම නත්‍ථීති.

එහි අර්ථය නම්; ඉදින් අන්‍ය වූ නිමිති කියන්නන්ගේ වචන සත්‍යයකි. ඔබට වෙනත් හිමියෙක් නැත.

සා තස‍්ස වචනං සුත්‍වා “න සක‍්කා ඉමං ලජ‍්ජාපෙතුං වා පලාපෙතුං වා, කිං මෙ ඉමිනා”ති ද‍්වාරං පිධාය අත‍්තානං න දස‍්සෙසි. සොපි කාජං ගහෙත්‍වා ඔතරි, තතො පට‍්ඨාය තං දට‍්ඨුං න ලභති, භත‍්තකාරකකම‍්මං කරොන‍්තො අතිවිය කිලමති , භුත‍්තපාතරාසො දාරූනි ඵාලෙති, භාජනානි ධොවති, කාජෙන උදකං ආහරති, සයන‍්තො අම‍්බණපිට‍්ඨෙ සයති, පාතො වුට‍්ඨාය යාගුආදීනි පචති හරති භොජෙති, නන්‍දිරාගං නිස‍්සාය අතිදුක‍්ඛං අනුභොති. සො එකදිවසං භත‍්තගෙහද‍්වාරෙන ගච‍්ඡන‍්තිං ඛුජ‍්ජං දිස‍්වා පක‍්කොසි. සා පභාවතියා භයෙන තස‍්ස සන‍්තිකං ගන‍්තුං අවිසහන‍්තී තුරිතතුරිතා විය ගච‍්ඡති. අථ නං වෙගෙන උපගන‍්ත්‍වා “ඛුජ‍්ජෙ”ති ආහ.

ඇය ඔහුගේ වචන අසා මේ ලජ්ජාවට පත්වීමට හෝ පලායාමට හෝ නොහැකිය. මේ කිමෙක්ද? මට දොර වසා තමන් නොදක්වහි. හෙතෙමේ ද හොදි රැගෙන බැස, එතැන් පටන් ඇය දැකීමට නො ලබයි. බත්කම් කරන්නා අතිශය ක්ලාන්ත වෙයි. ආහාර පාලකයා දර පලයි. භාජන සෝදයි. භාජනයෙන් ජලය ගෙන එයි. නිදන්නේ ද, පිට උඩට කොට නිදයි. උදෑසන ම නැගිට කැඳ ආදිය පිසයි. ගෙන එයි. පානය කරවයි. දැඩි ඇල්ම නිසා අතිශය දුක් අනුභව කරයි. ඔහු එක දවසක් බත් ගෙදරින් යන්නා වූ කුදා දැක කැඳවීය. ඇය පභාවතීට බියෙන්, ඔහුගේ සමීපයට යන්නට පැකිලෙන්නේ හැංගී හැංගී මෙන් වෙව්ල වෙව්ලා යයි. ඉක්බිති හේ වේගයෙන් ළඟ පැමිණ කුදා යයි කීවේය.

සා නිවත‍්තිත්‍වා ඨිතා “කො එසො”ති වත්‍වා “තුම‍්හාකං සද‍්දං න සුණාමී”ති ආහ. අථ නං “ඛුජ‍්ජෙ ත්‍වම‍්පි සාමිනීපි තෙ උභොපි අතිවිය ථද‍්ධා, එත‍්තකං කාලං තුම‍්හාකං සන‍්තිකෙ වසන‍්තො ආරොග්‍යසාසනමත‍්තම‍්පි න ලභාමි, දෙය්‍යධම‍්මං පන කිං දස‍්සථ, තිට‍්ඨතු තාවෙතං, අපි මෙ පභාවතිං මුදුකං කත්‍වා දස‍්සෙතුං සක‍්ඛිස‍්සසී”ති ආහ . සා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. අථ නං “සචෙ මෙ තං දස‍්සෙතුං සක‍්ඛිස‍්සසි, ඛුජ‍්ජභාවං තෙ උජුකං කත්‍වා ගීවෙය්‍යකං දස‍්සාමී”ති පලොභෙන‍්තො පඤ‍්ච ගාථායො අභාසි –

ඇය නැවතී සිටියා මේ කවරෙක්දැයි කියා, ඔබගේ ශබ්දයක් නො අසමියි කීවේය. ඉන් ඇය, කුදාණෙනි, ඔබ ද, ස්වාමි දියණිය ද අතිශයින් රළුය. තදය. මෙපමණ කලක් ඔබලා ගේ සමීපයේ වාසය කරන්නේ නිරෝගී හසුන් මාත්‍රයක් නොලබමි. දිය යුතු වස්තුවක් කිම දක්වහු ද? සිටීවා. ප්‍රභාවතිය සියුමැලි කොට පෙන්වාදීමට හැකිවන්නහුදැයි කීවේය. ඇය යහපතැයි පිළිගත්තාය. ඉක්බිති ඔහුට, ඉදින් මට දැක්වීමට හැකිවන්නෙහි නම් ඔබගේ කුදු බව සෘජුකොට ග්‍රීවයක් දෙන්නෙමියි පොළඹවමින් ගාථා පහක් කීවේය.

“නෙක‍්ඛං ගීවං තෙ කාරෙස‍්සං, පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං; සචෙ මං නාගනාසූරූ, ඔලොකෙය්‍ය පභාවතී.

එම්බා කුදිය! තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා දෙස බලන්නී නම්, මම කුසාවතියට පැමිණ තිට රත්තරනින් ගෙළ පළඳනාවක් සාදා දෙන්නෙමි.

“නෙක‍්ඛං ගීවං තෙ කාරෙස‍්සං, පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං; සචෙ මං නාගනාසූරූ, ආලපෙය්‍ය පභාවතී.

එම්බා කුදිය! තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා කථා කරන්නී නම්, මම කුසාවතියට පැමිණ තිට රත්තරනින් ගෙළ පළඳනාවක් සාදා දෙන්නෙමි.

“නෙක‍්ඛං ගීවං තෙ කාරෙස‍්සං, පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං; සචෙ මං නාගනාසූරූ, උම‍්හායෙය්‍ය පභාවතී.

එම්බා කුදිය! තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මඳ සිනා පවත්වන්නී නම්, මම කුසාවතියට පැමිණ තිට රත්තරනින් ගෙළ පළඳනාවක් සාදා දෙන්නෙමි.

“නෙක‍්ඛං ගීවං තෙ කාරෙස‍්සං, පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං; සචෙ මං නාගනාසූරූ, පම‍්හායෙය්‍ය පභාවතී.

එම්බා කුදිය! තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මහ සිනා පවත්වන්නී නම්, මම කුසාවතියට පැමිණ තිට රත්තරනින් ගෙළ පළඳනාවක් සාදා දෙන්නෙමි.

“නෙක‍්ඛං ගීවං තෙ කාරෙස‍්සං, පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං; සචෙ මං නාගනාසූරූ, පාණීහි උපසම‍්ඵුසෙ”ති.

එම්බා කුදිය! තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය අත්වලින් මා ස්පර්ශ කරන්නී නම්, මම කුසාවතියට පැමිණ තිට රත්තරනින් ගෙළ පළඳනාවක් සාදා දෙන්නෙමි.

තත්‍ථ නෙක‍්ඛං ගීවං තෙති තව ගීවෙය්‍යං සබ‍්බසුවණ‍්ණමයමෙව කාරෙස‍්සාමීති අත්‍ථො. “නෙක‍්ඛං ගීවං තෙ කරිස‍්සාමී”තිපි පාඨො, තව ගීවාය නෙක‍්ඛමයං පිළන්‍ධනං පිළන්‍ධෙස‍්සාමීති අත්‍ථො. ඔලොකෙය්‍යාති සචෙ තව වචනෙන මං පභාවතී ඔලොකෙය්‍ය, සචෙ මං තාය ඔලොකාපෙතුං සක‍්ඛිස‍්සසීති අත්‍ථො. “ආලපෙය්‍යා”තිආදීසුපි එසෙව නයො. එත්‍ථ පන උම‍්හායෙය්‍යාති මන්‍දහසිතවසෙන පරිහාසෙය්‍ය. පම‍්හායෙය්‍යාති මහාහසිතවසෙන පරිහාසෙය්‍ය.

එහි නෙක්ඛං ගීවන්තෙ යනු, ඔබගේ බෙල්ල සර්ව ආකාරයෙන් ස්වර්ණ වර්ණයෙන් යුක්ත කරන්නෙමු යන අර්ථයි. නෙක්කං ගීවන්තෙ කරිස්සාමි යනු පෙළ පාඨයයි. ඔබගේ ග්‍රීවයෙහි නික්ම ගිය, පළඳනාව පළඳවන්නෙමි යන අර්ථයයි. ඔලොකෙය්‍ය යනු ඔබගේ වචනයෙන් මා ප්‍රභාවතී දෙස බලන්නේ. ඉදින් ඇය විසින් බැලීමට හැකිවන්නෙහිය යන අර්ථයයි. ආලෙපයා යනු මේ න්‍යායයි. මෙහි උම්හාසෙය්‍ය යනු මද සිනහ වශයෙන් පරිභාස කරන්නේය. පම්හාසෙය්‍ය යනු මහ සිනහ වශයෙන් මහ සිනහ යනුවෙන් පරිහාස කරන්නීය.

සා තස‍්ස වචනං සුත්‍වා “ගච‍්ඡථ තුම‍්හෙ, දෙව, කතිපාහච‍්චයෙන නං තුම‍්හාකං වසෙ කරිස‍්සාමි, පස‍්සථ මෙ පරක‍්කම”න‍්ති වත්‍වා තං කරණීයං තීරෙත්‍වා පභාවතියා සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්සා වසනගබ‍්භං සොධෙන‍්තී විය පහරණයොග‍්ගං ලෙඩ‍්ඩුඛණ‍්ඩම‍්පි අසෙසෙත්‍වා අන‍්තමසො පාදුකාපි නීහරිත්‍වා සකලගබ‍්භං සම‍්මජ‍්ජිත්‍වා ගබ‍්භද‍්වාරෙ උම‍්මාරං අන‍්තරං කත්‍වා උච‍්චාසනං පඤ‍්ඤපෙත්‍වා පභාවතියා එකං නීචපීඨකං අත්‍ථරිත්‍වා “එහි, අම‍්ම, සීසෙ තෙ ඌකා විචිනිස‍්සාමී”ති තං තත්‍ථ පීඨකෙ නිසීදාපෙත්‍වා අත‍්තනො ඌරුඅන‍්තරෙ තස‍්සා සීසං ඨපෙත්‍වා ථොකං කණ‍්ඩුයිත්‍වා “අහො ඉමිස‍්සා සීසෙ බහූ ඌකා”ති සකසීසතො ඌකා ගහෙත්‍වා තස‍්සා හත්‍ථෙ ඨපෙත්‍වා “පස‍්ස කිත‍්තකා තෙ සීසෙ ඌකා”ති පියකථං කථෙත්‍වා මහාසත‍්තස‍්ස ගුණං කථෙන‍්තී ගාථමාහ –

ඇය ඔහුගේ වචන අසා “දේවයන් වහන්ස, නුඹ යවු.” කීප දිනකින් නුඹගේ වසඟයට එන්නෙමි. බලවු! මගේ පරාක්‍රමය යයි පවසා, හේ කළ යුතු දේ තීරණය කොට ප්‍රභාවතිගේ සමීපයට ගොස්, ඇය වාසය කරන ඇතුල්ගැබ සෝදනා අයුරින් ඉවත් කිරීමට සුදුසු කැළිකසල කැබැල්ලකුදු ඉතිරි නොකොට, යටත් පිරිසෙයින් පාවහන් යුගලය පවා ඉවත් කොට සියලු ගැබ අතුගා, ගැබ දොරටුව එළිපත්ත අතර උස් ආසනයක් පනවා ප්‍රභාවතීට එක් පහත් ආසනයක් අතුරා, එන්න මෑණියනි; ඔබගේ හිසෙහි තඩින් ලේඬින් ඉවත් කරන්නෙමියි, ඇය එහි පුටුවක හිඳුවා, තමන්ගේ කලවා අතර, ඇගේ හිස තබා, ටිකක්, බිජු සොයා, අනේ මෑගේ හිසෙහි බොහෝ ලේඬින් යයි තම හිසින් ලේඬින් ගෙන ඇගේ අතෙහි තබා බලන්න; ඔබගේ හිසෙහි කොතරම් නම් ලේඬින් සිටිත්ද? යනාදි ප්‍රිය කථාවක් කියා, බෝසතුන්ගේ ගුණ වර්ණනා කරමින් මේ ගාථාව කීවේය.

“න හි නූනායං රාජපුත‍්තී, කුසෙ සාතම‍්පි වින්‍දති; ආළාරිකෙ භතෙ පොසෙ, වෙතනෙන අනත්‍ථිකෙ”ති.

මේ රජ දියනිය කුස රජු නිසා ස්වල්පමාත්‍ර සැපයකුදු නො වින්දේ යයි සිතමි. වේතනයෙන් ද ප්‍රයෝජන නැතිව අරක්කැමිව බැලමෙහෙ කරන්නා වූ මේ පුරුෂයා කෙරෙහි පිළිසඳර මාත්‍රයකුදු නො කරතැයි කුදිය කීවාය.

තස‍්සත්‍ථො – එකංසෙන අයං රාජපුත‍්තී පුබ‍්බෙ කුසාවතීනගරෙ කුසනරින්‍දස‍්ස සන‍්තිකෙ මාලාගන්‍ධවිලෙපනවත්‍ථාලඞ‍්කාරවසෙන අප‍්පමත‍්තකම‍්පි සාතං න වින්‍දති න ලභති, තම‍්බූලමත‍්තම‍්පි එතෙන එතිස‍්සා දින‍්නපුබ‍්බං න භවිස‍්සති. කිංකාරණා? ඉත්‍ථියො නාම එකදිවසම‍්පි අඞ‍්කං අවත්‍ථරිත්‍වා නිපන‍්නසාමිකම‍්හි හදයං භින්‍දිතුං න සක‍්කොන‍්ති, අයං පන ආළාරිකෙ භතෙ පොසෙ ආළාරිකත‍්තඤ‍්ච භතකත‍්තඤ‍්ච උපගතෙ එතස‍්මිං පුරිසෙ මූලෙනපි අනත්‍ථිකෙ කෙවලං තංයෙව නිස‍්සාය රජ‍්ජං පහාය ආගන‍්ත්‍වා එවං දුක‍්ඛං අනුභවන‍්තෙ පටිසන්‍ථාරමත‍්තම‍්පි න කරොති, සචෙපි තෙ, අම‍්ම, තස‍්මිං සිනෙහො නත්‍ථි, සකලජම‍්බුදීපෙ අග‍්ගරාජා මං නිස‍්සාය කිලමතීති තස‍්ස කිඤ‍්චිදෙව දාතුං අරහසීති.

ඒකාන්තයෙන් මේ රාජ දූතිකාව පෙර කුසාවතී නගරයේ කුස නිරිදුගේ සමීපයේ මල් සුවඳ විලවුන් අලංකාර වස්ත්‍ර ආදියෙන් අලංකාර වී ස්වල්ප මාත්‍රයකුදු සැපක් නම් නොවිඳියි. බුලත් කොලයක් වත් ඔහු විසින් මැයට නුදුන් විරූය. කුමන කරුණක් ද, ස්ත්‍රීහු නම් එක දිනක්වත් උකුලේ වැතිරී හොත්තා වූ හිමියාගේ හදවත (සිත) බිඳීමට නොහැකි වෙත්. මේ වනාහි ආළාරිකෙ භතෙ පොසෙ අරක්කැමි බව ද, ආහාර සැපයීම ද එළඹි කල්හි මේ පුරුෂයා කෙරෙහි මුදලින් අර්ථයක් නැති කල්හි හුදෙක් ඒ නිසා ම රාජ්‍යය හැර අවුත් මෙබඳු දුකක් අනුභව කරන කල්හි පිළිසඳර කථාවක්වත් නොකරයි. දරුව, ඉදින් ඔවුහු ඔහු කෙරෙහි සෙනෙහසක් නැති ද? මුළු දඹදිව අගරජ මා නිසා ක්ලාන්ත වේයයි ඔහුට කිසිවක් දීමට සුදුසු වේ යනුයි.

සා තං සුත්‍වා ඛුජ‍්ජාය කුජ‍්ඣි. අථ නං ඛුජ‍්ජා ගීවායං ගහෙත්‍වා අන‍්තොගබ‍්භෙ ඛිපිත්‍වා සයං බහි හුත්‍වා ද‍්වාරං පිධාය ආවිඤ‍්ඡනරජ‍්ජුම‍්හි ඔලම‍්බන‍්තී අට‍්ඨාසි. පභාවතී තං ගහෙතුං අසක‍්කොන‍්තී ද‍්වාරමූලෙ ඨත්‍වා අක‍්කොසන‍්තී ඉතරං ගාථමාහ –

ඇය එය අසා කුදට කිපුණි. ඉක්බිති හේ කුද බෙල්ලෙන් අල්ලාගෙන ඇතුල් ගැබෙහි දමා තෙමේ පිටත සිට දොර වසා, රැහැනෙහි එල්ලමින් කරකවමින් සිටියේය. පභාවතී ඇය ගැනීමට නොහැකි වන්නී, දොරමුල සිට අක්‍රෝෂ කරමින් තව ගාථාවක් කීවා ය.

“න හි නූනායං සා ඛුජ‍්ජා, ලභති ජිව‍්හාය ඡෙදනං; සුනිසිතෙන සත්‍ථෙන, එවං දුබ‍්භාසිතං භණ”න‍්ති.

ඒකාන්තයෙන් මේ කුද ගෙල සිඳීමක් නොවන්නේ ය. තියුණු ආයුධයකින් කපන්නා සේ මෙසේ දුර්භාෂිතතාවයයි.

තත්‍ථ සුනිසිතෙනාති සුට‍්ඨු නිසිතෙන තිඛිණසත්‍ථෙන. එවං දුබ‍්භාසිතන‍්ති එවං අසොතබ‍්බයුත‍්තකං දුබ‍්භාසිතං භණන‍්තී.

එහි සුනිසිතෙන යනු මනාලෙස සිටිමින් තියුණු ආයුධයකින්. එවං දුබ්භාසිතං යනු මෙසේ නොඇසිය යුතු ලෙස දුර්වචන කථා කරයි යනුවෙනි.

අථ ඛුජ‍්ජා ආවිඤ‍්චනරජ‍්ජුං ගහෙත්‍වා ඨිතාව “නිප‍්පඤ‍්ඤෙ දුබ‍්බිනීතෙ තව රූපං කිං කරිස‍්සති, කිං මයං තව රූපං ඛාදිත්‍වා යාපෙස‍්සාමා”ති වත්‍වා තෙරසහි ගාථාහි බොධිසත‍්තස‍්ස ගුණං පකාසෙන‍්තී ඛුජ‍්ජාගජ‍්ජිතං නාම ගජ‍්ජි –

ඉක්බිති කුද එල්ලෙන ලණු පොට ගෙන සිටියේ ම, “පින් නැති දුර්විනීත වූ ඔබගේ රුවට කුමක් කරන්නේ ද? කිම මා විසින් ඔබේ රුව කා දමා, යැපෙන්නෙමුයි” කියා ගාථා දහතුනකින් බෝධිසත්ත්වයන්ගේ ගුණ ප්‍රකාශ කරමින් කුදී ගර්ජනා කරන්නී නම් ගර්ජනා කෙළේය.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මහායසොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම මහත් යසස් ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මහද‍්ධනොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම මහා ධනවතෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මහබ‍්බලොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය! ප්‍රිය දර්ශන ඇත්තිය! හෙතෙම මහා බලැත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මහාරට‍්ඨොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම බොහෝ රටවල් ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මහාරාජාති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම මහා රජෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; සීහස‍්සරොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම සිංහස්වර ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; වග‍්ගුස‍්සරොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම ලීලායෙන් යුතු ස්වර ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; බින්‍දුස‍්සරොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම මනාව එක් වූ හඬ ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මඤ‍්ජුස‍්සරොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම සුන්දර ස්වර ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; මධුස‍්සරොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම මධුරස්වර ඇත්තෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; සතසිප‍්පොති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම සිය ගණන් ශිල්ප දන්නා කෙනෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; ඛත‍්තියොතිපි කත්‍වාන, කරස‍්සු රුචිරෙ පියං.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම අසම්භින්න ක්‍ෂත්‍රියයෙකැයි මෙනෙහි කොට ප්‍රිය කරව.

“මා නං රූපෙන පාමෙසි, ආරොහෙන පභාවති; කුසරාජාති කත්‍වාන, කරස‍්සු රුචිරෙ පිය”න‍්ති.

එම්බා ප්‍රභාවතිය! ඒ කුස රජතුමා තොප ගේ රූපයෙන් හෝ උස මහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය හෙතෙම කුස රජ යයි මෙනෙහි කොට ප්‍රිය කරව.

තත්‍ථ මා නං රූපෙන පාමෙසි, ආරොහෙන, පභාවතීති අරෙ පභාවති, මා ත්‍වං එතං කුසනරින්‍දං අත‍්තනො රූපෙන ආරොහපරිණාහෙන පමිනි, එවං පමාණං ගණ‍්හි. මහායසොති මහානුභාවො සොති එවං හදයෙ කත්‍වාන රුචිරෙ පියදස‍්සනෙ කරස‍්සු තස‍්ස පියං. ආනුභාවොයෙව හිස‍්ස රූපන‍්ති වදති. එස නයො සබ‍්බත්‍ථ. අපි ච මහායසොති මහාපරිවාරො. මහද‍්ධනොති මහාභොගො. මහබ‍්බලොති මහාථාමො. මහාරට‍්ඨොති විපුලරට‍්ඨො. මහාරාජාති සකලජම‍්බුදීපෙ අග‍්ගරාජා. සීහස‍්සරොති සීහසද‍්දසමානසද‍්දො. වග‍්ගුස‍්සරොති ලීලායුත‍්තස‍්සරො. බින්‍දුස‍්සරොති සම‍්පිණ‍්ඩිතඝනස‍්සරො. මඤ‍්ජුස‍්සරොති සුන්‍දරස‍්සරො. මධුස‍්සරොති මධුරයුත‍්තස‍්සරො. සතසිප‍්පොති පරෙසං සන‍්තිකෙ අසික‍්ඛිත්‍වා අත‍්තනො බලෙනෙව නිප‍්ඵන‍්නඅනෙකසතසිප‍්පො. ඛත‍්තියොති ඔක‍්කාකපවෙණියං ජාතො අසම‍්භින‍්නඛත‍්තියො. කුසරාජාති සක‍්කදත‍්තියකුසතිණසමානනාමො රාජා. එවරූපො හි අඤ‍්ඤො රාජා නාම නත්‍ථීති ජානිත්‍වා එතස‍්ස පියං කරොහීති ඛුජ‍්ජා එත‍්තකාහි ගාථාහි තස‍්ස ගුණං කථෙසි.

එහි මා නං රූපෙන පාමෙසි ආරොහෙත පභාවති යනු, ප්‍රභාවතිය; නුඹ මේ කුස රජු තමන්ගේ රූපය හා සමානව ආරෝහ-පරිණාහ වශයෙන් ප්‍රමාණයෙන්ම නොගනුව. මහායසො යනු මහානුභාව සම්පන්න භාවය වෙයි. මෙසේ හදවතේ පිහිටා, රුචිරෙ යනු ප්‍රිය දර්ශනීය වූ, කරස්සු යන ඔහුට ප්‍රිය කරවහි කියයි. සියළු තැන එම න්‍යාය වේ. මහා යසො යනු මහත් පිරිවර සහිතව. මහද්ධනො යනු මහත් භෝග සම්පත් ඇති. මහාබ්බලො යනු ඉමහත් එඩියෙන් පරාක්‍රමයෙන් යුතු. මහාරට්ඨො යනු විශාල රටකි. මහාරාජා යනු සියලු දඹදිව් තලයේ අග්‍රරාජ වේ. සීහස්සරො යනු සිංහයෙකුට සමාන ශබ්ද ඇති. වග්ගුස්සරො යනු ලීලාවෙන් යුතු ස්වරයයි. බින්‍දුස්සරො යනු මනාසේ උස් පහත් නොවූ හඬයි. මඤ්ජුස්සරො යනු සුන්දර ස්වරයයි. මධුරස්සරො යනු මාධූර්ය හඬින් යුතු ස්වරයයි. සතසිප්පො යනු අනුන් සන්තකයේ ශිල්ප නොහදාරා - තමන්ගේ ශක්තියෙන් උපදවාාගත් නොයෙක් සිය ගණන් ශිල්පීය ඥානයයි. ඛත්තියො යනු ඔක්කාක වශයෙන් උපන්. අවිච්ඡින්නව පැමිණි ක්‍ෂත්‍රියාය. කුසරාජා යනු ශක්‍රයා විසින් දෙන ලද කුසතණ හා සමාන නාමය ඇති රජතුමාය. මෙබඳු ආකාර වූ වෙනත් රජකු නොමැති බව දැන මෙතුමාට ප්‍රිය කරන්න යයි කුදිය මෙපමණ ගාථාවලින් ඔහුගේ ගුණ කථාව කළාය.

පභාවතී තස‍්සා වචනං සුත්‍වා “ඛුජ‍්ජෙ අතිවිය ගජ‍්ජසි, හත්‍ථෙන පාපුණන‍්තී සසාමිකභාවං තෙ ජානාපෙස‍්සාමී”ති ඛුජ‍්ජං තජ‍්ජෙසි. සාපි තං “අහං තං රක‍්ඛමානා පිතුනො තෙ කුසරාජස‍්ස ආගතභාවං නාරොචෙසිං, හොතු, අජ‍්ජ රඤ‍්ඤො ආරොචෙස‍්සාමී”ති මහන‍්තෙන සද‍්දෙන භායාපෙසි. සාපි “කොචිදෙව සුණෙය්‍යා”ති ඛුජ‍්ජං සඤ‍්ඤාපෙසි. බොධිසත‍්තොපි තං පස‍්සිතුං අලභන‍්තො සත‍්ත මාසෙ දුබ‍්භොජනෙන දුක‍්ඛසෙය්‍යාය කිලමන‍්තො චින‍්තෙසි – “කො මෙ එතාය අත්‍ථො, සත‍්ත මාසෙ වසන‍්තො එතං පස‍්සිතුම‍්පි න ලභාමි, අතිවිය කක‍්ඛළා සාහසිකා, ගන‍්ත්‍වා මාතාපිතරො පස‍්සිස‍්සාමී”ති. තස‍්මිං ඛණෙ සක‍්කො ආවජ‍්ජෙන‍්තො තස‍්ස උක‍්කණ‍්ඨිතභාවං ඤත්‍වා “රාජා සත‍්ත මාසෙ පභාවතිං දට‍්ඨුම‍්පි න ලභි, ලභනාකාරමස‍්ස කරිස‍්සාමී”ති මද‍්දරඤ‍්ඤො දූතෙ කත්‍වා සත‍්තන‍්නං රාජූනං දූතං පාහෙන‍්තො “පභාවතී, කුසරාජං ඡඩ‍්ඩෙත්‍වා ආගතා, ආගච‍්ඡන‍්තු පභාවතිං ගණ‍්හන‍්තූ”ති එකෙකස‍්ස විසුං විසුං සාසනං පහිණි. තෙ මහාපරිවාරෙන ගන‍්ත්‍වා නගරං පත්‍වා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ආගතකාරණං න ජානන‍්ති. තෙ “ත්‍වං කස‍්මා ආගතො, ත්‍වං කස‍්මා ආගතොසී”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං ඤත්‍වා කුජ‍්ඣිත්‍වා “එකං කිර ධීතරං සත‍්තන‍්නං දස‍්සති, පස‍්සථස‍්ස අනාචාරං, උප‍්පණ‍්ඩෙති නො, ගණ‍්හථ න”න‍්ති “සබ‍්බෙසම‍්පි අම‍්හාකං පභාවතිං දෙතු යුද‍්ධං වා”ති සාසනානි පහිණිත්‍වා නගරං පරිවාරයිංසු. මද‍්දරාජා සාසනං සුත්‍වා භීතතසිතො අමච‍්චෙ ආමන‍්තෙත්‍වා “කිං කරොමා”ති පුච‍්ඡි. අථ නං අමච‍්චා “දෙව , සත‍්තපි රාජානො පභාවතිං නිස‍්සාය ආගතා, ‘සචෙ න දස‍්සති, පාකාරං භින්‍දිත්‍වා නගරං පවිසිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා තං ගණ‍්හිස‍්සාමා’ති වදන‍්ති, පාකාරෙ අභින‍්නෙයෙව තෙසං පභාවතිං පෙසෙස‍්සාමා”ති වත්‍වා ගාථමාහංසු –

ප්‍රභාවතිය ඇගේ වචන අසා, කුදී කෙරෙහි අතිශයින් ගර්ජනා කරන්නෙහි, අතින් පහරදුන්නී ස්වාමියෙකු සහිත බව දන්නෙමියි, කුදීට තර්ජන කළාය. ඇය ද, ඒ මම ඔහු රකින්නේ, පියාට, ඒ කුසරජු ගේ පැමිණි බව නො දැන්වූවාය. වේවා! අද රජුට දැනුම් දෙන්නෙමියි, මහත් හඬින් බියට පත් කළාය. ඇය ද, කිසිවක් ඇසෙන්නී යයි කුදීට හැඟවීය. බෝසතුන්ද ඈ බැලීමට නොලබන්නේ මාස හතක් පුරා, නරක ආහාරයෙන් ද, දුක් සහගත නිදා ගැනීමෙන් ද. ක්ලාන්ත වන්නේ මෙසේ සිතීය. මට කවරෙක් ද, මේ අර්ථයෙන් සත්මසක් වසන්නේ, ඈ බැලීමට නොලබමි. “අතිශය නපුරු වී සාහසිකව ගොස් මව්පියන් බලන්නෙමි”යි, එකෙණෙහි ශක්‍රයා ආවර්ජනා කරන්නේ, ඔහුගේ උකටලී බව දැන රජු සත් මසකින් ප්‍රභාවතී දැකීමට නොලබයි. ලැබෙන ආකාරයක් කරන්නෙමි”යි, මදු රජුගේ දූතයන් කොට රජවරුන් සත්දෙනෙකු වෙත දූතයන් යවන්නේ, පභාවතී කුසරජු ඉවත් කොට පැමිණියාය. ඔබ පැමිණෙත්වා. පභාවතිය ගනිත්වායි, එකිනෙකාට වෙන වෙනම හස්න බැගින් යැවීය. ඔවුහු මහත් පිරිවරින් අවුත් නගරයට පැමිණියෝ, ඔවුනොවුන් ආවා වූ කාරණය නොදත් ඔවුහු “නුඹ කුමක් නිසා ආවෙහිද? නුඹ කුමක් නිසා ආවෙහිදැයි විචාරා” ඒ කාරණය දැන කිපී, එක දුවක සත් දෙනෙකුට දෙන්නී ද. මොහුගේ නොමනා හැසිරීම බලව. දැඩිසේ කිපුණේ ඇයව අපි ගනිමුයි, අපි සියළු දෙනාට ප්‍රභාවතී දේවා! යුද්ධ කරමුයි හස්නක් යවා නුවර පිරිවර නැංවූහ. මදු රජු හස්න අසා බියෙන් තැති ගත්තේ ඇමතියන් කැඳවා “කුමක් කරමුදැ”යි විචාළේය. ඉක්බිති ඔහුට ඇමතියෝ දේවයන් වහන්ස, රජවරුන් සත්දෙනෙක් ප්‍රභාවතී නිසා ආවෝය. ඉදින් නොපෙන්වයි ද? ප්‍රාකාරය බිඳ නගරයට පිවිස ජීවිතක්‍ෂයට පමුණුවා ඈ ගන්නෙමුයි කියති. ප්‍රාකාරයේ ආසන්නයේ ම ඔවුන්ට ප්‍රභාවතිය එවන්නෙමුයි කියා මේ ගාථාව කීවාය.

“එතෙ නාගා උපත්‍ථද‍්ධා, සබ‍්බෙ තිට‍්ඨන‍්ති වම‍්මිතා; පුරා මද‍්දන‍්ති පාකාරං, ආනෙන‍්තෙතං පභාවති”න‍්ති.

දේවයන් වහන්ස! මේ රජවරු සත්දෙන ඉතා තදපරුෂ පැවැතුම් ඇත්තාහු, හැම දෙනම සටනට යුද්ධයට සැදී පැහැදී සිටිත්. ඔවුන් ප්‍රාකාරයෙන් ඇතුළට එන්න පෙර ප්‍රභාවතිය ඔවුන් වෙත පමුණුවත්වා’යි ඇමතිවරු රජුට කීහ.

තත්‍ථ උපත්‍ථද‍්ධාති අතිථද‍්ධා දප‍්පිතා. ආනෙන‍්තෙතං පභාවතින‍්ති ආනෙන‍්තු එතං පභාවතින‍්ති සාසනානි පහිණිංසු. තස‍්මා යාව එතෙ නාගා පාකාරං න මද‍්දන‍්ති, තාව නෙසං පභාවතිං පෙසෙහි, මහාරාජාති.

එහි උපත්‍ථද්ධා යනු අතිශය දැඩිව දර්පිත වූ ආනෙත්තතං පභාවතිං යනු මේ ප්‍රභාවතිය ගෙනෙත්වායි හසුනක් යැවූහ. එහෙයින් යම්තාක් නාගයෝ ප්‍රාකාරය නොමඩිත් ද, ඒතාක් මහරජ; ප්‍රභාවතිය එවනු මැනවි. මහරජාණෙනි;

තං සුත්‍වා රාජා “සචාහං එකස‍්ස පභාවතිං පෙසෙස‍්සාමි, සෙසා යුද‍්ධං කරිස‍්සන‍්ති, න සක‍්කා එකස‍්ස දාතුං, සකලජම‍්බුදීපෙ අග‍්ගරාජානං ‘විරූපො’ති ඡඩ‍්ඩෙත්‍වා ආගතා ආගමනස‍්ස ඵලං ලභතු, වධිත්‍වාන නං සත‍්ත ඛණ‍්ඩානි කත්‍වා සත‍්තන‍්නං ඛත‍්තියානං පෙසෙස‍්සාමී”ති වදන‍්තො අනන‍්තරං ගාථමාහ –

ඒ අසා රජු ඉදින් මම එක් අයකුට ප්‍රභාවති එවන්නෙම් ද සෙස්සෝ යුද්ධ කරන්නාහ. එකෙකුට දෙන්නට නොහැකිය. සියලු දඹදිව් තලයේ අග්‍ර රජතුමා විරූප යයි හැර දමා ආවෝය. ආවා වූ ප්‍රතිඵල ලබාවා. පීඩා කොට, ඈ සත්කඩක් කොට, රජවරුන් සත්දෙනාට යවන්නෙමියි කියන්නේ අනතුරුව ගාථාව කීවේය.

“සත‍්ත බිලෙ කරිත්‍වාන, අහමෙතං පභාවතිං; ඛත‍්තියානං පදස‍්සාමි, යෙ මං හන‍්තුං ඉධාගතා”ති.

යම්කිසි කෙනෙක් මා නසන්නට මෙහි පැමිණියේ නම්, ඒ රජවරුන්ට ප්‍රභාවතිය කොටස් හතකට කපා දෙමි.

තස‍්ස සා කථා සකලනිවෙසනෙ පාකටා අහොසි. පරිචාරිකා ගන‍්ත්‍වා “රාජා කිර තං සත‍්ත ඛණ‍්ඩානි කත්‍වා සත‍්තන‍්නං රාජූනං පෙසෙස‍්සතී”ති පභාවතියා ආරොචෙසුං. සා මරණභයභීතා ආසනා වුට‍්ඨාය භගිනීහි පරිවුතා මාතු සිරිගබ‍්භං අගමාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔහුගේ ඒ කථාව මුළු නිවස්න පුරා ප්‍රකට විය. පිරිවර ජනතාව පැමිණ රජු ඇය සත්කඩක් කොට, රජවරු සත්දෙනාට යවන්නේ යයි, ප්‍රභාවතීට දැනුම් දුන්හ. ඒ අසා ඇය මරණ බියට පත්ව, අසුනින් නැගිට නැගනියන් විසින් පිරිවරන ලදුව මව ගේ සිරියහන් ගැබට පිවිසියාය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක –

“අවුට‍්ඨහි රාජපුත‍්තී, සාමා කොසෙය්‍යවාසිනී; අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි, දාසීගණපුරක‍්ඛතා”ති.

කෝසෙය්‍ය වස්ත්‍රවලින් සැරසී සිටි රන්වන් වූ රාජ දියණිය (ප්‍රභාවතී) සිය දාසීන් විසින් පිරිවරන ලදුව, මව වෙත යාම සඳහා අසුනින් නැගිට්ටාය.

තත්‍ථ සාමාති සුවණ‍්ණවණ‍්ණා. කොසෙය්‍යවාසිනීති සුවණ‍්ණඛචිතකොසෙය්‍යනිවසනා.

එහි සාමා යනු ස්වර්ණ වර්ණයයි. කෝසෙය්‍යවාසීනී යනු රන් ඔබ්බවන ලද වස්ත්‍ර පිරිවරා නිවස්නගත වූයේය.

සා මාතු සන‍්තිකං ගන‍්ත්‍වා මාතරං වන්‍දිත්‍වා පරිදෙවමානා ආහ –

ඇය මව සමීපයට ගොස් මවට වැඳ හඬා වැලපෙමින් මෙසේ කීවාය.

“තං නූන කක‍්කූපනිසෙවිතං මුඛං, ආදාසදන‍්තාථරුපච‍්චවෙක‍්ඛිතං; සුභං සුනෙත‍්තං විරජං අනඞ‍්ගණං, ඡුද‍්ධං වනෙ ඨස‍්සති ඛත‍්තියෙහි.

ඒකාන්තයෙන් පස්වැදෑරුම් කල්කවලින් සෙව්නා ලද මුව ඇති, කැටපතින් බලා සරසන ලද තරු පරදන බබළන සුදෝ සුදු දත් ඇති රජස් දූවිලි රහිත සුභ වූ නෙත්වලින් යුතු, මේ මගේ මුහුණ රජුන් විසින් වනයෙහි හැරපියා දමනලදුව තබන්නේ ය.

“තෙ නූන මෙ අසිතෙ වෙල‍්ලිතග‍්ගෙ, කෙසෙ මුදූ චන්‍දනසාරලිත‍්තෙ; සමාකුලෙ සීවථිකාය මජ‍්ඣෙ, පාදෙහි ගිජ‍්ඣා පරිකඩ‍්ඪිස‍්සන‍්ති.

අම්මේ! තද කළු පැහැයෙන් යුත්, සඳුන් කල්කයෙන් ඔපදැමූ කෙළවර වක් වූ මෘදු වූ, මගේ කෙස් කළඹනන සොහොන් මැද දී ගිජුලිහිණියෝ ඔවුන්ගේ පා වලින් එහෙ මෙහෙ ඇද දමනු ඇත.

“තා නූන මෙ තම‍්බනඛා සුලොමා, බාහා මුදූ චන්‍දනසාරලිත‍්තා; ඡින‍්නා වනෙ උජ‍්ඣිතා ඛත‍්තියෙහි, ගය‍්හ ධඞ‍්කො ගච‍්ඡති යෙනකාමං.

මෑණියනි! තඹවන් දිලිසෙන නිය ඇති, සඳුන් කල්ක ගල්වා පිරිමදින ලද මගේ අත් දෙක, රජුන් විසින් කපා දමන ලදුව, අමු සොහොනෙහි දැමීමෙන් කවුඩෝ ඩැහැගෙන ගොස් කෑලි කෑලි අනුභව කරනු ඇතැයි සිතමි.

“තෙ නූන තාලූපනිභෙ අලම‍්බෙ, නිසෙවිතෙ කාසිකචන්‍දනෙන; ථනෙසු මෙ ලම‍්බිස‍්සති සිඞ‍්ගාලො, මාතූව පුත‍්තො තරුණො තනූජො.

රන්වන් තල්ගෙඩි හා සමානව නො එල්ලෙන කසී සඳුන්වලින් ආලේපිත වූ, මාගේ පියයුරු ළපටි පුතකු මවගේ තනයේ එල්ලෙන්නා සේ මගේ පියවුරුවල සිවල්ලු එල්ලෙනු ඇත.

“තං නූන සොණිං පුථුලං සුකොට‍්ටිතං, නිසෙවිතං කඤ‍්චනමෙඛලාහි; ඡින‍්නං වනෙ ඛත‍්තියෙහී අවත්‍ථං, සිඞ‍්ගාලසඞ‍්ඝා පරිකඩ‍්ඪිස‍්සන‍්ති.

රන්වන් පළඳනාවෙන් සෙව්නා ලද ඉඟටිය සහිත මාගේ පුළුල් උකුල් තලය ක්‍ෂත්‍රියන් විසින් සිඳින ලදුව වනයේ දැමීමෙන් හිවල් සමූහයා එහෙ මෙහෙ අදින්නායි සිතමි.

“සොණා ධඞ‍්කා සිඞ‍්ගාලා ච, යෙ චඤ‍්ඤෙ සන‍්ති දාඨිනො; අජරා නූන හෙස‍්සන‍්ති, භක‍්ඛයිත්‍වා පභාවතිං.

බල්ලෝ ද, ගිජුලිහිණි, කවුඩු, සිවල් ආදීහු ද අනෙක් දළ ඇති සර්පයෝ ද, ඒකාන්තයෙන් දිරා නොගිය ප්‍රභාවතිය අනුභවකොට වෙහෙසෙන්නෝ යයි සිතමි.

“සචෙ මංසානි හරිංසු, ඛත‍්තියා දූරගාමිනො; අට‍්ඨීනි අම‍්ම යාචිත්‍වා, අනුපථෙ දහාථ නං.

දුර සිට පැමිණි ක්‍ෂත්‍රියෝ ඉදින් මස් ගෙන ගියාහුද මෑණියනි; ඇට ඉල්ලා අතරමග මහ වනයේ එය දවවු යයි ප්‍රභාවතිය හඬමින් කීවාය.

“ඛෙත‍්තානි අම‍්ම කාරෙත්‍වා, කණිකාරෙත්‍ථ රොපය; යදා තෙ පුප‍්ඵිතා අස‍්සු, හෙමන‍්තානං හිමච‍්චයෙ; සරෙය්‍යාථ මමං අම‍්ම, එවංවණ‍්ණා පභාවතී”ති.

මෑණියනි, ඒ දැවු තැන මල්වතු කොට කිණිහිරියා මල් රෝපණය කරවු. යම්දිනක හේමන්ත සෘතුවේ මල් වැඩෙන සමයේ එහි මල් පිපෙන්නේය. ප්‍රභාවතිය මෙබඳු වර්ණ ඇත්තී යයි මෑණියනි, ඔබ සිහිකරනු මැනවි.

තත්‍ථ කක‍්කූපනිසෙවිතන‍්තිල කක‍්කූපනිසෙවිතන‍්ති සාසපකක‍්කලොණකක‍්කමත‍්තිකකක‍්කතිලකක‍්කහලිද‍්දිකක‍්කමුඛචුණ‍්ණකෙහි ඉමෙහි පඤ‍්චහි කක‍්කෙහි උපනිසෙවිතං. ආදාසදන‍්තාථරුපච‍්චවෙක‍්ඛිතන‍්ති දන‍්තමයථරුම‍්හි ආදාසෙ පච‍්චවෙක‍්ඛිතං තත්‍ථ ඔලොකෙත්‍වා මණ‍්ඩිතං. සුභන‍්ති සුභමුඛං. විරජන‍්ති විගතරජං නිම‍්මලං. අනඞ‍්ගණන‍්ති ගණ‍්ඩපිළකාදිදොසරහිතං. ඡුද‍්ධන‍්ති අම‍්ම එවරූපං මම මුඛං අද‍්ධා ඉදානි ඛත‍්තියෙහි ඡඩ‍්ඩිතං වනෙ අරඤ‍්ඤෙ ඨස‍්සතීති පරිදෙවති. අසිතෙති කාළකෙ. වෙල‍්ලිතග‍්ගෙති උන‍්නතග‍්ගෙ. සීවථිකායාති සුසානම‍්හි. පරිකඩ‍්ඪිස‍්සන‍්තීති එවරූපෙ මම කෙසෙ මනුස‍්සමංසඛාදකා ගිජ‍්ඣා පාදෙහි පහරිත්‍වා නූන පරිකඩ‍්ඪිස‍්සන‍්ති. ගය‍්හ ධඞ‍්කො ගච‍්ඡති යෙනකාමන‍්ති අම‍්ම මම එවරූපං බාහං නූන ධඞ‍්කො ගහෙත්‍වා ලුඤ‍්ජිත්‍වා ඛාදන‍්තො යෙනකාමං ගච‍්ඡිස‍්සති.

එහි කක්කූපනිසේවිතං යනු අබ කල්කය, ලුණු කල්ක, මැටි කල්ක, ඇසළ කල්ක, බෝලිද්ද කල්ක, මුව චූර්ණකයයි. මේ ආකාර වූ පස් කල්කවලින් සෙව්නා ලද. ආදාස දන්තාථරු පච්චවෙක්ඛිතං යනු දන්තමය වූ කඩු මිටිවලින් යුක්ත වූයේ, එහි බලා සැරසුණු සුභං යනු යහපත් මුව ඇති විරජං යනු දූවිලිවලින් තොර නිර්මල. අනංගණ යනු ගඩු පිළිකාවලින් තොර ඡුද්ධං යනු මෑණියනි; මෙබඳු ආකාර වූ මගේ මුහුණ ඒකාන්තයෙන්, දැන් ක්‍ෂත්‍රියන් විසින් ඉවත දමන ලද්දේ. වනෙ යනු අරණ්‍යයෙහි වනයෙහි යනු අර්ථයි එහි සිටියි හඬයි අසිතෙ යනු කාල වර්ණයයි. වෙල්ලිතග්ගෙ යනු උඩ මුදුන් කෙළවර සිවිථිකායා යනු සොහොන් බිමේ. පරිකඩ්ඪයන්ති යනු මෙබඳු ආකාර වූ මගේ කෙස් මනුෂ්‍ය මාංශ කෑමට ගිජුවූවෝ පාවලින් පහර දී, ඒකාන්තයෙන් ඇද දමන්නාහ. ගය්හ ධංකො ගච්ඡති යේන කාමං යනු මෑණියනි; මගේ එබඳු ආකාර වූ බාහුව ඒකාන්තයෙන් කවුඩෝ ගෙනගොස් රස කර කර කමින් කැමැති තැනකට යන්නාහ.

තාලූපනිභෙති සුවණ‍්ණතාලඵලසදිසෙ. කාසිකචන්‍දනෙනාති සුඛුමචන්‍දනෙන නිසෙවිතෙ. ථනෙසු මෙති අම‍්ම මම සුසානෙ පතිතාය එවරූපෙ ථනෙ දිස‍්වා මුඛෙන ඩංසිත්‍වා තෙසු මෙ ථනෙසු අත‍්තනො තනුජො මාතු තරුණපුත‍්තො විය නූන සිඞ‍්ගාලො ලම‍්බිස‍්සති. සොණින‍්ති කටිං. සුකොට‍්ටිතන‍්ති ගොහනුකෙන පහරිත්‍වා සුවඩ‍්ඪිතං. අවත්‍ථන‍්ති ඡඩ‍්ඩිතං. භක‍්ඛයිත්‍වාති අම‍්ම එතෙ එත‍්තකා නූන මම මංසං ඛාදිත්‍වා අජරා භවිස‍්සන‍්ති.

තාලුපනිභෙ යනු රන්වන් පාටගෙඩි සහිත තල් හා සමාන කාසික චන්‍දනෙනා යනු සියුමැලි සඳුන්වලින් සෙව්නා ලද්දා වූ ථන සුමෙ යනු මෑණියනි; මා සොහොනට වැටුණු කල්හි මෙබඳු ආකාර පියවුරු දැක මුඛයෙන් ඩැහැගෙන තමාගේ පුතකු මේ පියවුරුවල එල්ලෙන්නාක් මෙන් ඒකාන්තයෙන් සිවල්ලු එල්ලෙන්නාහ. සෝණි යනු කටී (තුනටිය) ප්‍රදේශයයි. සුකොට්ඨිතං යනු ගව හනුවෙන් පහරදී ඇද දමන ලද්දේය. අවත්‍ථං යනු ඉවත් කිරීමය. භක්ඛයිත්‍වා යනු මෑණියනි; මේ මෙපමණ තරම් මගේ මාංශ අනුභව කොට නොදිරූ වන්නේය.

සචෙ මංසානි හරිංසූති අම‍්ම සචෙ තෙ ඛත‍්තියා මයිං පටිබද‍්ධචිත‍්තා මම මංසානි හරෙය්‍යුං, අථ තුම‍්හෙ අට‍්ඨීනි යාචිත්‍වා අනුපථෙ දහාථනං, ජඞ‍්ඝමග‍්ගමහාමග‍්ගානං අන‍්තරෙ දහෙය්‍යාථාති වදති. ඛෙත‍්තානීති අම‍්ම මම ඣාපිතට‍්ඨානෙ මාලාදිවත්‍ථූනි කාරෙත්‍වා එත්‍ථ එතෙසු ඛෙත‍්තෙසු කණිකාරරුක‍්ඛෙ රොපය. හිමච‍්චයෙති හිමපාතාතික‍්කමෙ ඵග‍්ගුණමාසෙ. සරෙය්‍යාථාති තෙසං පුප‍්ඵානං සුවණ‍්ණචඞ‍්කොටකං පූරෙත්‍වා ඌරූසු ඨපෙත්‍වා මම ධීතා පභාවතී එවංවණ‍්ණාති සරෙය්‍යාථ.

සචෙ මංසානි හාරෙසුං යනු මෑණියනි, ඉදින් ඒ ක්‍ෂත්‍රියෝ මා කෙරෙහි පිළිබඳ සිතැත්තේ මගේ මස් හැරගෙන යන්නාහු ඉක්බිති නුඹ මගේ ඇටකටු ඉල්ලා. අනුපන්‍ථෙදහාථ නං යනු ඇවිදින මහා මාර්ගය අතර කෙණ්ඩා ආදිය දවවු යනුවෙන් පවසයි. ඛෙත්තානී යනු මෑණියනි; මා දවන ලද ස්ථානයේ මල්වතු ආදිය කරවා. එත්‍ථ යනු මේ ක්‍ෂේත්‍රවල කිණිහිරි ගස් රෝපණය කරව. හිමච්චයෙ යනු හිම වැටෙන සමයේ මැදින් මාසයේ. සරෙය්‍යථ යනු ඒ මල්වලට කුඩා පෙට්ටියක් පුරවා පාරුහැල් ආදියෙහි තබා මගේ දියණි ප්‍රභාවතී මෙම වර්ණය යැයි සිහිපත් කරවු යනුවෙනි.

ඉති සා මරණභයතජ‍්ජිතා මාතු සන‍්තිකෙ විලපි. මද‍්දරාජාපි “ඵරසුඤ‍්ච ගණ‍්ඩිකඤ‍්ච ගහෙත්‍වා චොරඝාතකො ඉධෙව ආගච‍්ඡතූ”ති ආණාපෙසි. තස‍්ස ආගමනං සකලරාජගෙහෙ පාකටං අහොසි. අථස‍්ස ආගතභාවං සුත්‍වා පභාවතියා මාතා උට‍්ඨායාසනා සොකසමප‍්පිතා රඤ‍්ඤො සන‍්තිකං අගමාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ ඇය මරණ බියෙන් තැති ගත්තී මව ගේ සමීපයේ විලාප දුන්නාය. මදු රජ ද, පොරවක් ද, යගදාවක් ද ගෙන්වාගෙන චෞර ඝාතකයා මෙහි පැමිණෙත්වායි අණ කෙළේය. ඔහුගේ පැමිණීම මුළු රාජ මන්දිරයේ ම ප්‍රකට විය. ඉක්බිති ඔහුගේ පැමිණි බව අසා, ප්‍රභාවතියගේ මව අසුනින් නැගිට ශෝකාකූලව රජුගේ සමීපයට ගියාය. ඒ අදහස ප්‍රකට කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“තස‍්සා මාතා උදට‍්ඨාසි, ඛත‍්තියා දෙවවණ‍්ණිනී; දිස‍්වා අසිඤ‍්ච සූනඤ‍්ච, රඤ‍්ඤො මද‍්දස‍්සන‍්තෙපුරෙ”ති.

ක්‍ෂත්‍රිය දේව වර්ණනීය වූ දෙවඟනකට බඳු වර්ණ ඇති ඇගේ මව ආසනයෙන් නැගිට රජු වෙත ගියාය. මදු රජුගේ ඉදිරියේ තුබූ පොරව ද හිස තබා කපන කොටය ද දැක වැළපෙමින් මෙසේ කීවාය.

තත්‍ථ උදට‍්ඨාසීති ආසනා උට‍්ඨාය රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා අට‍්ඨාසි. දිස‍්වා අසිඤ‍්ච සූනඤ‍්චාති අන‍්තෙපුරම‍්හි අලඞ‍්කතමහාතලෙ රඤ‍්ඤො පුරතො නික‍්ඛිත‍්තං ඵරසුඤ‍්ච ගණ‍්ඩිකඤ‍්ච දිස‍්වා විලපන‍්තී ගාථමාහ –

එහි උදට්ඨාසි යනු අසුනින් නැගිට රජුගේ සමීපයට ගොස් සිටියාය. දිස්වා අසිඤ්ච සූණඤ්ච යනු ඇතුල් පුරයේ අලංකාර වූ භූමි භාගයේ රජුගේ ඉදිරියෙන් නික්මුණු (තුබුණු) පොරවද, යගදාවද දැක විලාප දෙන්නී ගාථාව කීවාය.

“ඉමිනා නූන අසිනා, සුසඤ‍්ඤං තනුමජ‍්ඣිමං; ධීතරං මද‍්ද හන‍්ත්‍වාන, ඛත‍්තියානං පදස‍්සසී”ති.

කෘශ වූ මධ්‍ය ප්‍රදේශ ඇති මනා සංයම වූ ශරීරය ඇති මගේ දුව ඒකාන්තයෙන් මේ අසිපතින් කපා නසා ක්‍ෂත්‍රියන්ට දෙන්නේ ද?

තත්‍ථ අසිනාති ඵරසුං සන්‍ධායාහ. සො හි ඉමස‍්මිං ඨානෙ අසි නාම ජාතො. සුසඤ‍්ඤං තනුමජ‍්ඣිමන‍්ති සුට‍්ඨු සඤ‍්ඤාතං තනුමජ‍්ඣිමං.

එහි අසිනා යනු පොරව ආදිය කීහ. (එය) ඔහු, මේ ස්ථානයේ අසි (කඩුව) නමින් හැඳින්වේ. සුසඤ්ඤං තනුමජ්ඣමං යනු සියුමැලි බවින් යුතු ශරීරය යනුයි.

අථ නං රාජා සඤ‍්ඤාපෙන‍්තො ආහ – “දෙවි, කිං කථෙසි, තව ධීතා සකලජම‍්බුදීපෙ අග‍්ගරාජානං ‘විරූපො’ති ඡඩ‍්ඩෙත්‍වා ගතමග‍්ගෙ පදවලඤ‍්ජෙ අවිනට‍්ඨෙයෙව මච‍්චුං නලාටෙනාදාය ආගතා, ඉදානි අත‍්තනො රූපං නිස‍්සාය ඊදිසං ඵලං ලභතූ”ති. සා තස‍්ස වචනං සුත්‍වා ධීතු සන‍්තිකං ගන‍්ත්‍වා විලපන‍්තී ආහ –

ඉක්බිති රජු ඇයව සනසමින් මෙසේ කීවේය. දේවිය, කුමක් කියහිද? ඔබගේ දියණිය සකල දඹදිව් තලයේ අගරජු විරූපී යයි ඉවතලා ගිය මගෙහි, පියවරක් පාසා අවිවාදයෙන් ම මාරයා නළලේ කොටාගෙන ආවාය. දැන් තමන්ගේ රුව නිසා ඊර්ෂ්‍යාඵලය ලබාවායි යනුයි. ඇය ඔහුගේ වචන අසා දුව සමීපයට ගොස් වැලපෙමින් මෙසේ කීවාය.

“න මෙ අකාසි වචනං, අත්‍ථකාමාය පුත‍්තිකෙ; සාජ‍්ජ ලොහිතසඤ‍්ඡන‍්නා, ගච‍්ඡසි යමසාධනං.

ඔබට හිත කැමතිව මා කිව් වචනය නො පිළිගත්තෙහිය. ඒ ඔබ ලෙයින් වැකුණු සිරුර ඇත්තීය. මාරයාගේ රාජ භවනට යන්නෙහිය.

“එවමාපජ‍්ජතී පොසො, පාපියඤ‍්ච නිගච‍්ඡති; යො වෙ හිතානං වචනං, න කරොති අත්‍ථදස‍්සිනං.

යමෙක් යහපත දකින්නා වූ හිතවතුන්ගේ බස් නො පිළිගෙන සිටීනම්, නො පිළිපදීනම්, ඔහු හෝ ඇය මෙසේ ව්‍යසනයට පත් වන්නේය.

“සචෙ ච අජ‍්ජ ධාරෙසි, කුමාරං චාරුදස‍්සනං; කුසෙන ජාතං ඛත‍්තියං, සුවණ‍්ණමණිමෙඛලං; පූජිතං ඤාතිසඞ‍්ඝෙහි, න ගච‍්ඡසි යමක‍්ඛයං.

දියණියනි, රන්මිණි මෙවුල් දරන්නා වූ ඔබ දැනුදු කුස රජු නිසා උපන් මනා දැකුම් ඇති පුතකු ලබන්නේ නම්, (කුස රජු සැමියා වශයෙන් පිළිගන්නේ නම්) මරණයෙන් මිදෙන්නීය. නෑ සමූහයා විසින් පිළිගන්නේ ය.

“යත්‍ථස‍්සු භෙරී නදති, කුඤ‍්ජරො ච නිකූජති; ඛත‍්තියානං කුලෙ භද‍්දෙ, කින‍්නු සුඛතරං තතො.

සුන්දර වූ දියණියනි, යම් කුස රජ මාළිගාවෙක බෙර වැයීමාදී තූර්යනාද පවතී ද? මංගල හස්තියා කුඤ්චනාද කෙරේ ද? ඊට වැඩි සුවයක් කොයින් ද?

“අස‍්සො ච සිසති ද‍්වාරෙ, කුමාරො උපරොදති; ඛත‍්තියානං කුලෙ භද‍්දෙ, කින‍්නු සුඛතරං තතො.

ආදරණීය දියණියනි, යම් කුස රාජ මැදුරක මංගල අශ්වයා හේසාරව පවත්වයි ද? මනාව හික්මුණු ගන්ධර්ව කුමාරයෙක් දොරකඩ සිට නොයෙක් තූර්ය භාණ්ඩ වයත් ද? ඊට වැඩි සතුටක් කොයින් ද?

“මයූරකොඤ‍්චාභිරුදෙ, කොකිලාභිනිකූජිතෙ; ඛත‍්තියානං කුලෙ භද‍්දෙ, කින‍්නු සුඛතරං තතො”ති.

සොඳුරු දියණියනි, මොණරුන් හා කොස්ලිහිණියන් විසින් කරන ලද හඬ ඇති, කොවුලන් විසින් මනාව පවත්වන ලද නාද ඇති කුසරාජ මැදුරට වඩා වෙන සැපතක් කොයින්ද?

තත්‍ථ පුත‍්තිකෙති තං ආලපති. ඉදං වුත‍්තං හොති – අම‍්ම, ඉධ කිං කරිස‍්සසි, සාමිකස‍්ස සන‍්තිකං ගච‍්ඡ, මා රූපමදෙන මජ‍්ජීති එවං යාචන‍්තියාපි මෙ වචනං න අකාසි, සා ත්‍වං අජ‍්ජ ලොහිතසඤ‍්ඡන‍්නා ගච‍්ඡසි යමසාධනං, මච‍්චුරාජස‍්ස භවනං ගමිස‍්සසීති. පාපියඤ‍්චාති ඉතො පාපතරඤ‍්ච නිගච‍්ඡති. සචෙ ච අජ‍්ජ ධාරෙසීති, අම‍්ම, සචෙ ත්‍වං චිත‍්තස‍්ස වසං අගන‍්ත්‍වා කුසනරින්‍දං පටිච‍්ච ලද‍්ධං අත‍්තනො රූපෙන සදිසං චාරුදස‍්සනං කුමාරං අජ‍්ජ ධාරයිස‍්සසි. යමක‍්ඛයන‍්ති එවං සන‍්තෙ යමනිවෙසනං න ගච‍්ඡෙය්‍යාසි. තතො යම‍්හි ඛත‍්තියකුලෙ අයං විභූති, තම‍්හා නානාභෙරිසද‍්දෙන චෙව මත‍්තවාරණකොඤ‍්චනාදෙන ච නින‍්නාදිතා කුසාවතීරාජකුලා කිං නු සුඛතරං දිස‍්වා ඉධාගතාසීති අත්‍ථො. සිසතීති හසති. කුමාරොති සුසික‍්ඛිතො ගන්‍ධබ‍්බකුමාරො. උපරොදතීති නානාතූරියානි ගහෙත්‍වා උපහාරං කරොති. කොකිලාභිනිකූජිතෙති කුසරාජකුලෙ සායං පාතො පවත‍්තනච‍්චගීතවාදිතූපහාරං පටිප‍්ඵරන‍්තී විය කොකිලෙහි අභිනිකූජිතෙ.

එහි පුත්තිකෙ ඇයට ආමන්ත්‍රණය කරයි. මෙසේ ද කියන ලද්දේ වෙයි. මෑණියනි, මෙහි කුමක් කරන්නෙහිද? ස්වාමියාගේ සමීපයට යන්න. හැඬීමෙන් පීඩාවට පත් නොවෙව. මෙසේ ඉල්ලන්නී නමුත් මගේ වචනය නොකළාය. සා අජ්ජා ලෝහිත සතුඡන්නා ගඤ්ඡිසි යම සාධනං මාර රජුගේ භවනයට යන්නෙහි. පාපියඤ්ච යනු මෙතැනින් පාපතරයන් ද පහව යයි. සචෙ ත්වං අම්ම ධාරෙසී යනු දරුව, ඉදින් නුඹ සිත් වසඟයට නොගොස්, කුස නිරිඳු නිසා ලබන ලද තමාගේ රූපය හා සමාන මනෝඥ දර්ශන ඇති කුමරකු දරන්නෙහි ය. යමක්ඛයං යනු මෙසේ ඇතිකල්හි යම නිවෙස්නට නොයන්නෙහි ය. තතො යනු යම් ක්‍ෂත්‍රිය කුලයෙක මේ විභූතිය, ඒ නොයෙක් භේරි නාදයෙන් ද, මත් වූ ඇතුන්ගේ කුඤ්චනාදයෙන් ද නින්නාද දෙන්නේ කුසාවතියට අයත් රාජ කුලයෙන් කුමන හෝ සැපදායක දෙයක් දැක මෙහි පැමිණියේ ය යන අර්ථයයි. හසිසති යනු හේෂාරවයයි. කුමාරො යනු මැනවින් උගත් ගාන්ධර්ව කුමාරයෙකි. උපරෝදතී යනු නොයෙක් තූර්ය භාණ්ඩ ගෙන උපහාර කරයි. කෝකිලාභිනිකූජිතෙ යනු කුසරජ කුලයේ, සවස; උදේ පවත්වන ලද නැටුම් ගැයුම් වැයුම් ආදි උපහාර පුද කරන්නාක් මෙන් කොවුලන් විසින් මැනවින් පතුරුවන ලද නාද රටා ඇත්තේ යනුයි.

ඉති සාපි එත‍්තකාහි ගාථාහි තාය සද‍්ධිං සල‍්ලපිත්‍වා “සචෙ අජ‍්ජ කුසනරින්‍දො ඉධ අස‍්ස, ඉමෙ සත‍්ත රාජානො පලාපෙත්‍වා මම ධීතරං දුක‍්ඛා පමොචෙත්‍වා ආදාය ගච‍්ඡෙය්‍යා”ති චින‍්තෙත්‍වා ගාථමාහ –

මෙසේ ඇය මෙපමණ ගාථාවලින් ඇය හා කථා කොට, ඉදින් අද කුසරජ මෙහි, වෙහි නම් මේ සත් රජුන් පලවා හැර මගේ දුව, දුකෙන් මුදා රැගෙන යන්නේ යයි සිතා ගාථා කීවාය.

“කහං නු ඛො සත‍්තුමද‍්දනො, පරරට‍්ඨප‍්පමද‍්දනො; කුසො සොළාරපඤ‍්ඤාණො, යො නො දුක‍්ඛා පමොචයෙ”ති.

සතුරන් මඩින්නා වූ, අන් රටවල් යටත් කරගන්නා වූ, මහත් ප්‍රඥා ඇති ඒ කුස රජු හැර වෙනත් අයෙක් අප මේ දුකින් මුදන්නට සමත් නො වේ. ඔහු කොහි ද?

තත්‍ථ සොළාරපඤ‍්ඤාණොති උළාරපඤ‍්ඤො.

එහි සොළාරපඤ්ඤාණො යනු උදාර ප්‍රඥාවයි.

තතො පභාවතී “මම මාතු කුසස‍්ස වණ‍්ණං භණන‍්තියා මුඛං නප‍්පහොති, ආචික‍්ඛිස‍්සාමි තාවස‍්සා තස‍්ස ඉධෙව ආළාරිකකම‍්මං කත්‍වා වසනභාව”න‍්ති චින‍්තෙත්‍වා ගාථමාහ –

ඉක්බිති ප්‍රභාවතිය මගේ මවට කුස රජු ගේ වර්ණය ප්‍රකාශ කරමින් මුහුණ ප්‍රභාවත් නොවේ යයි කියන්නෙම් ඒ තාක් ඇගේ මෙහි දී ඔහුගේ අරක්කැමි කොට වාසය කරන බව යයි සිතා ගාථාවක් කීවාය.

“ඉධෙව සො සත‍්තුමද‍්දනො, පරරට‍්ඨප‍්පමද‍්දනො; කුසො සොළාරපඤ‍්ඤාණො, යො තෙ සබ‍්බෙ වධිස‍්සතී”ති.

යමෙක් අප දුකින් මුදන්නේ ද? සතුරන් මඩින්නා වූ රටවල් යටත් කරගන්නා වූ, මහත් වූ ප්‍රඥා ඇති ඒ කුස රජු මෙහි ම සිටී යයි ප්‍රභාවතී කීවාය.

අථස‍්සා මාතා “අයං මරණභයභීතා විප‍්පලපතී”ති චින‍්තෙත්‍වා ගාථමාහ –

ඉක්බිති ඇයගේ මව මේ මරණ බියෙන් තැති ගත්තී විකල්ප දොඩවන්නී යයි සිතා ගාථාවක් කීවාය.

“උම‍්මත‍්තිකා නු භණසි, අන්‍ධබාලා පභාසසි; කුසො චෙ ආගතො අස‍්ස, කිං න ජානෙමු තං මය”න‍්ති.

තී උමතුවෙන් දොඩවන්නී ද? නැතිනම් මෝඩකමින් කථා කරන්නේ ද? කුස රජු මෙහි ආයේ නම් කුමන කරුණක් නිසා අපි නො දන්නෙමු ද?

තත්‍ථ අන්‍ධබාලාති සම‍්මූළ‍්හා අඤ‍්ඤාණා හුත්‍වා. කිං න ජානෙමූති කෙන කාරණෙන තං න ජානෙය්‍යාම. සො හි අන‍්තරාමග‍්ගෙ ඨිතොව අම‍්හාකං සාසනං පෙසෙය්‍ය, සමුස‍්සිතද‍්ධජා චතුරඞ‍්ගිනීසෙනා පඤ‍්ඤායෙථ, ත්‍වං පන මරණභයෙන කථෙසීති.

එහි බාලා යනු මුළා වී සිහිවිකල්වී කිං න ජානෙමු යනු කවර කරුණකින් එය නොදනින්නෙමු ඔහු අතරමග සිටියේ අප ගේ හස්න යවන්නේ ය. ඔසවන ලද කොඩි චතුරංගනී බලසේනාව ප්‍රකට කරවවු. නුඹ වනාහි මරණ බිායෙන් කථා කෙළෙහි යනු අර්ථයයි.

සා එවං වුත‍්තෙ “න මෙ මාතා සද‍්දහති, තස‍්ස ඉධාගන‍්ත්‍වා සත‍්ත මාසෙ වසනභාවං න ජානාති, දස‍්සෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා මාතරං හත්‍ථෙ ගහෙත්‍වා සීහපඤ‍්ජරං විවරිත්‍වා හත්‍ථං පසාරෙත්‍වා දස‍්සෙන‍්තී ගාථමාහ –

ඇය එසේ කී කල්හි මගේ මව නො අදහයි. ඔහු මෙසේ පැමිණි සත්මසක් වාසය කරන බව නොදනියි දක්වන්නෙමි. ඔහුට, යයි සිතා මව අතින් අල්ලාගෙන සිංහ කවුළුව විවර කොට අත දිගුකර දක්වමින් ගාථාව කීවාය.

“එසො ආළාරිකො පොසො, කුමාරීපුරමන‍්තරෙ; දළ‍්හං කත්‍වාන සංවෙල‍්ලිං, කුම‍්භිං ධොවති ඔණතො”ති.

කුමරියන් ගේ ඇතොවුර මැද දැඩි ලෙස කැසපට බැඳගෙන වලන් හෝදන්නේ කුස රජු යයි ප්‍රභාවතිය කීවාය.

තත්‍ථ කුමාරීපුරමන‍්තරෙති වාතපානෙ ඨිතා තව ධීතානං කුමාරීනං වසනට‍්ඨානන‍්තරෙ නං ඔලොකෙහි. සංවෙල‍්ලින‍්ති කච‍්ඡං බන්‍ධිත්‍වා කුම‍්භිං ධොවති.

එහි කුමාරී පුරමන්තරෙ වාකවුළුව අසල සිටි ඔබේ දූ කුමරිය වසන තැන බලව. සංවෙල්ලිං යනු කැසපටෙන් බැඳ සැළිය සෝදයි යනුයි.

සො කිර තදා “අජ‍්ජ මෙ මනොරථො මත්‍ථකං පාපුණිස‍්සති, අද‍්ධා මරණභයතජ‍්ජිතා, පභාවතී, මම ආගතභාවං කථෙස‍්සති, භාජනානි ධොවිත්‍වා පටිසාමෙස‍්සාමී”ති උදකං ආහරිත්‍වා භාජනානි ධොවිතුං ආරභි. අථ නං මාතා පරිභාසන‍්තී ගාථමාහ –

ඔහු වනාහි එදින අද මගෙ මනදොළ මස්තකප්‍රාප්ත වන්නේ ය. ඒකාන්තයෙන් මරණ බියෙන් තැතිගත් ප්‍රභාවතිය මගේ පැමිණි බව කියන්නීය. භාජන සෝදා පිළියෙල කරන්නෙමි යි ජලය ගෙනවුත් භාජන සේදීමට පටන් ගත්තේ ය. ඉක්බිති ඇයට මව පරිභාස කරමින් ගාථාව කීවාය –

“වෙණී ත්‍වමසි චණ‍්ඩාලී, අදූසි කුලගන්‍ධිනී; කථං මද‍්දකුලෙ ජාතා, දාසං කයිරාසි කාමුක”න‍්ති.

තී වේණි කුලයෙහි (බලපොතු වියන කුලය) උපන්නියක් ද? නැතිනම් සැඩොලියක් ද? කුල දූෂක ස්ත්‍රියක් ද? මදුරජ කුලයෙහි උපන්නා වූ තී කෙසේ නම් තම ස්වාමියා දාසයකු කරන්නෙහි ද? මව ඇසුවාය.

තත්‍ථ වෙණීති තච‍්ඡිකා. අදූසි කුලගන්‍ධිනීති උදාහු ත්‍වං කුලදූසිකා. කාමුකන‍්ති කථං නාම ත්‍වං එවරූපෙ කුලෙ ජාතා අත‍්තනො සාමිකං දාසං කරෙය්‍යාසීති.

එහි වෙණී යනු වඩුවැඩ කරන්නීයි. ආදූසිකුල ගන්‍ධිනී යනු නැතහොත් ඔබ කුල දූෂිකාවකි. කාමුකං යනු කෙසේ නම් ඔබ මෙබඳු ආකාර කුලයක උපන්නී ද, තමන්ගේ ස්වාමියාට දාසිකම් කරන්නෙහි යනුයි.

තතො පභාවතී “මම මාතා ඉමස‍්ස මං නිස‍්සාය එවං වසනභාවං න ජානාති මඤ‍්ඤෙ”ති චින‍්තෙත්‍වා ඉතරං ගාථමාහ –

ඉක්බිති ප්‍රභාවතී මගේ මව, මා නිසා ඔහු මෙසේ වසන බව නොදනී යයි සිතා ඉතිරි ගාථාව කීවාය.

“නම‍්හි වෙණී න චණ‍්ඩාලී, න චම‍්හි කුලගන්‍ධිනී; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසී”ති.

මෑණියනි, මම වෙණි කුලයෙහි උපන්නියක් නො වෙමි. සැඩොලියක් ද නොවෙමි. කුල දූෂ්‍ය ස්ත්‍රියක් ද නො වෙමි. මෙතෙම වනාහි ඔක්කාක පුත්‍ර කුස රජ වන්නේ ය. ඔහු දාසයෙකැයි ඔබ සිතන්නේ ද? ප්‍රභාවතී කීවා ය.

තත්‍ථ ඔක‍්කාකපුත‍්තොති, අම‍්ම, එස ඔක‍්කාකපුත‍්තො, ත්‍වං පන “දාසො”ති මඤ‍්ඤසි, කස‍්මා නං අහං “දාසො”ති කථෙස‍්සාමීති.

එහි ඔක්කාක පුත්තො යනු දරුව, මේ ඔක්කාක වංශික පුත්‍රයෙකි. නුඹ වනාහි දාසයෙකි. මෙහි කුමක් නිසා ඔහුට මම දාසයකු යයි කියන්නෙම්ද?

ඉදානිස‍්ස යසං වණ‍්ණෙන‍්තී ආහ –

දැන් ඔහුගේ යසස වර්ණනා කරමින් කීවාය.

“යො බ්‍රාහ‍්මණසහස‍්සානි, සදා භොජෙති වීසතිං; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසි.

මෑණියනි! යම්කිසි ඔක්කාක පුත්‍රයෙක් දිනපතා සමණ බමුණන් විසිදාහක් වළඳවයි ද? ඔහු නම් මේ කුස රජය. ඔහු ඔබ දාසයෙකැයි සිතන්නේ ද?

යස‍්ස නාගසහස‍්සානි, සදා යොජෙන‍්ති වීසතිං; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසි.

මෑණියනි! දිනපතා විසි දහසක් ඇතුන් කාර්යයෙහි යොදවන ඔක්කාක රාජ පුත්‍රයෙක් වේ ද, මේ ඒ කුස රජය. ඔබ ඔහු දාසයෙකැයි සිතන්නේ ද?

“යස‍්ස අස‍්සසහස‍්සානි, සදා යොජෙන‍්ති වීසතිං; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසි.

මෑණියනි! විසි දහසක් අශ්වයින් යමෙක් දිනපතා යොදවත් ද? මේ ඒ කුස රජය. ඔක්කාක රජුගේ පුත්‍රයා ය. ඔබ දාසයෙකැයි සිතන්නේ ද?

“යස‍්ස රථසහස‍්සානි, සදා යොජෙන‍්ති වීසතිං; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසි;

මෑණියනි! යමෙකු ගේ රිය විසි දහසක් හැමදාම යොදවන්නේ ද? ඔහු නම් මේ ඔක්කාක රජුගේ පුතා වන කුස රජු ය. ඔබ ඔහු දාසයෙකැයි සිතන්නේ ද?

යස‍්ස උසභසහස‍්සානි, සදා යොජෙන‍්ති වීසතිං; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසි.

මෑණියනි! යමෙකු ගේ විසි දහසක් වෘෂභයන් දිනපතා යොදවා ද? ඔක්කාක රජු ගේ පුත්‍ර වූ ඔහු නම් මේ කුස රජුය. ඔබ ඔහු දාසයෙකැයි සිතන්නේ ද?

“යස‍්ස ධෙනුසහස‍්සානි, සදා දුහන‍්ති වීසතිං; ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ, ත්‍වං නු දාසොති මඤ‍්ඤසී”ති.

මෑණියනි! යමෙකු ගේ දෙනුන් විසිදහසක් දිනපතා කිරි දොවද්ද, ඔහු නම් මේ ඔක්කාක රාජ පුත්‍ර වූ කුස රජුය. ඔබ ඔහු දාසයෙකැයි සිතන්නේ ද?

එවං තාය පඤ‍්චහි ගාථාහි මහාසත‍්තස‍්ස යසො වණ‍්ණිතො. අථස‍්සා මාතා “අයං අසම‍්භිතා කථං කථෙති, අද‍්ධා එවමෙත”න‍්ති සද‍්දහිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. සො වෙගෙන පභාවතියා සන‍්තිකං ගන‍්ත්‍වා “සච‍්චං කිර, අම‍්ම, කුසරාජා ඉධාගතො”ති. “ආම තාත, අජ‍්ජස‍්ස සත‍්ත මාසා අතික‍්කන‍්තා තව ධීතානං ආළාරිකත‍්තං කරොන‍්තස‍්සා”ති. සො තස‍්සා අසද‍්දහන‍්තො ඛුජ‍්ජං පුච‍්ඡිත්‍වා යථාභූතං සුත්‍වා ධීතරං ගරහන‍්තො ගාථමාහ –

මෙසේ ඇය විසින් ගාථා සයකින් බෝසතුන්ගේ කීර්තිය වර්ණනා කර කී, කල්හි ඉක්බිති ඔහුගේ මව මැය සිදුනොවීය. යුත්තක් ප්‍රකාශ කරන්නී යයි, ඒකාන්තයෙන් ඇය මෙසේ යයි අදහා, රජු ගේ සමීපයට ගොස් මෑණියනි, ඇත්තට ම කුස රජ මෙහි පැමිණියේදැයි දරුව එසේය. අද ඔහුට සත්මසක් ඇවෑමෙන් ඔබේ දුව අරක්කැමි කටයුතු කරන්නීය. ඔහු ඇයව නොඅදහන්නේ කුදීගෙන් විචාළේය. ඇය තතු පරිදි කීවාය. ඒ අසා රජ, දුවට ගරහමින් මෙම ගාථාව කීවේ ය.

“තග‍්ඝ තෙ දුක‍්කටං බාලෙ, යං ඛත‍්තියං මහබ‍්බලං; නාගං මණ‍්ඩූකවණ‍්ණෙන, න තං අක‍්ඛාසිධාගත”න‍්ති.

අනුවණ තැනැත්තිය, මහත් බල ඇති ක්‍ෂත්‍රිය කුලයට තී මහත් වරදක් කර ඇත්තීය. මැඩියකුගේ වෙසින් ආ නාගයකු මෙන් මහත් බලැති ක්‍ෂත්‍රිය රජු ආ බව නො කීයෙහි ද, එබැවිනි. රජු කීය.

තත්‍ථ තග‍්ඝාති එකංසෙනෙව.

එහි තග්ඝා යනු එකහෙළාම.

සො ධීතරං ගරහිත්‍වා වෙගෙන තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා කතපටිසන්‍ථාරො අඤ‍්ජලිං පග‍්ගය‍්හ අත‍්තනො අච‍්චයං දස‍්සෙන‍්තො ගාථමාහ –

ඔහු දුවට ගර්හා කොට වේගයෙන් ළඟට ගොස් කරන ලද පිළිසඳර කථා ඇත්තේ ඇඳිලි බැඳ තමා ගේ ඇල්ම දක්වමින් ගාථාවක් කීවේය.

“අපරාධං මහාරාජ, ත්‍වං නො ඛම රථෙසභ; යං තං අඤ‍්ඤාතවෙසෙන, නාඤ‍්ඤාසිම‍්හා ඉධාගත”න‍්ති.

මහරජ; අපරාධයකි. ඉවසීමෙන් අපට සමාව දෙනු මැන. අප්‍රසිද්ධ වේශයෙන් මෙහි පැමිණි නුඹවහන්සේ හඳුනා ගැනීමට නොහැකි වීම අපගෙන් වරදක් වී නම් එයට ක්‍ෂමා කරන සේක්වා. කුස රජුට සැල කෙළේය.

තං සුත්‍වා මහාසත‍්තො “සචාහං ඵරුසං වක‍්ඛාමි, ඉධෙවස‍්ස හදයං ඵලිස‍්සති, අස‍්සාසෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා භාජනන‍්තරෙ ඨිතොව ඉතරං ගාථමාහ –

ඒ අසා බෝසත්හු ඉදින් මම ඵරුෂ වචන කියමි ද, මෙහි දී ඔහුගේ හදවත පැලෙන්නේය. ඔහු අස්වසාලන්නෙමි යයි සිතා භාජන අතර සිට සෙසු ගාථාව ද කීය.

“මාදිසස‍්ස න තං ඡන‍්නං, යොහං ආළාරිකො භවෙ; ත්‍වඤ‍්ඤෙව මෙ පසීදස‍්සු, නත්‍ථි තෙ දෙව දුක‍්කට”න‍්ති.

දේවයිනි! යම්බඳු අරක්කැමියකු වසයෙන් මා මෙහි පැමිණියේ ද? එය මා වැන්නකුට නුසුදුසුය. ඔබ මට පහත් වුව මැනවි. ඔබගෙන් මට නපුරක් සිදු වූයේ නැත.

රාජා තස‍්ස සන‍්තිකා පටිසන්‍ථාරං ලභිත්‍වා පාසාදං අභිරුහිත්‍වා පභාවතිං පක‍්කොසාපෙත්‍වා ඛමාපනත්‍ථාය පෙසෙතුං ගාථමාහ –

රජු ඔහු ගේ පිළිසඳර කථාව ලැබ ප්‍රාසාදයට නැග ප්‍රභාවතිය කැඳවා ක්‍ෂමාව ලැබීමට මෙය කීවේය.

“ගච‍්ඡ බාලෙ ඛමාපෙහි, කුසරාජං මහබ‍්බලං; ඛමාපිතො කුසො රාජා, සො තෙ දස‍්සති ජීවිත”න‍්ති.

නුවණැත්තිය යව! මහත් බලැති කුසරජු සමා කරගත මැනවි. සමා කරන ලද කුස රජ තෙමේ තිට ජීවිත දානය දෙන්නේ ය.

සා පිතු වචනං සුත්‍වා භගිනීහි චෙව පරිචාරිකාහි ච පරිවුතා තස‍්ස සන‍්තිකං අගමාසි. සොපි කම‍්මකාරවෙසෙන ඨිතොව තස‍්සා අත‍්තනො සන‍්තිකං ආගමනං ඤත්‍වා “අජ‍්ජ පභාවතියා මානං භින්‍දිත්‍වා පාදමූලෙ නං කලලෙ නිපජ‍්ජාපෙස‍්සාමී”ති සබ‍්බං අත‍්තනා ආභතං උදකං ඡඩ‍්ඩෙත්‍වා ඛලමණ‍්ඩලමත‍්තං ඨානං මද‍්දිත්‍වා එකකලලං අකාසි. සා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්ස පාදෙසු නිපතිත්‍වා කලලපිට‍්ඨෙ නිපන‍්නා තං ඛමාපෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඇය පිය වචන අසා නැගනියන් ද, පරිවාරක ස්ත්‍රීන් ද පිරිවරා ඔහු සමීපයට ගියාය. ඔහු වනාහි අරක්කැමි විලාශයෙන් සිටියේ, ඇය තම සමීපයට පැමිණි බව අසා දැන අද ප්‍රභාවතී ගේ මානය බිඳ ඇය පාමුල මඩෙහි හොවන්නෙමියි තමන් ගෙනෙන ලද සියලු ජලය බිම දමා, කල මණ්ඩලය (ගොයම් පාගන) පිරිමැද එක ම මඩගොඩක් කෙළේය. ඇය ඔහුගේ සමීපයට ගොස් පාමුල වැටී මඩ මත්තෙහි හොවමින් ඔහුගෙන් ක්‍ෂමාව අයදුවාය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“පිතුස‍්ස වචනං සුත්‍වා, දෙවවණ‍්ණී පභාවතී; සිරසා අග‍්ගහී පාදෙ, කුසරාජං මහබ‍්බල”න‍්ති.

දෙවඟනකට බඳු පැහැය ඇති ප්‍රභාවතිය, පියාගේ වචනය අසා මහ බලැති කුස රජු පාමුල සිරසින් වැටී කුස රජුගේ දෙපා අල්ලා සමාව ගත්තීය.

තත්‍ථ සිරසාති සිරසා නිපතිත්‍වා කුසරාජානං පාදෙ අග‍්ගහෙසීති. ගහෙත්‍වා ච පන නං ඛමාපෙන‍්තී තිස‍්සො ගාථායො අභාසි –

එහි සිරසා යනු හිසින් බිම වැටී කුස රජුගේ පාමුල වැටුණාය. පා අගින් ගෙන ඔහුගෙන් ක්‍ෂමාව ගත්තී ගාථා තුනක් කීවාය.

“යාමා රත්‍යො අතික‍්කන‍්තා, තාමා දෙව තයා විනා; වන්‍දෙ තෙ සිරසා පාදෙ, මා මෙ කුජ‍්ඣ රථෙසභ.

දේවයන් වහන්ස! යම් මේ රාත්‍රීහු ඉක්ම ගියාහු ද? ඒ රාත්‍රීහු නුඹ වහන්සේ ගෙන් වෙන්ව ඉක්ම ගියාහුය. රථෙශ්වරයන් වහන්ස! නුඹ වහන්සේ ගේ පා සිරසින් වඳිමි. මට නො කිපෙනු මැනවි.

“සබ‍්බං තෙ පටිජානාමි, මහාරාජ සුණොහි මෙ; න චාපි අප‍්පියං තුය‍්හං, කරෙය්‍යාමි අහං පුන.

මහරජ! මෙතෙක් කල් මම ඔබවහන්සේට අප්‍රිය වූවක් ම කෙළෙමි. එය සත්‍ය වසයෙන් මම පිළිගනිමි. මින්පසු නුඹ වහන්සේට අප්‍රිය වන කිසිවක් නොකරන බවට පොරොන්දු වෙමි.

“එවං චෙ යාචමානාය, වචනං මෙ න කාහසි; ඉදානි මං තාතො හන‍්ත්‍වා, ඛත‍්තියානං පදස‍්සතී”ති.

මහරජතුමනි! මෙසේ යදින්නා වූ මාගේ වචනය තමුන්නාන්සේ නො කරන්නාහු නම්, පිය රජු දැන් මා මරා රජවරුන්ට කොටස දෙන්නේ ය.

තත්‍ථ රත්‍යොති රත‍්තියො. තාමාති තා ඉමා සබ‍්බාපි තයා විනා අතික‍්කන‍්තා. සබ‍්බං තෙ පටිජානාමීති, මහාරාජ, එත‍්තකං කාලං මයා තව අප‍්පියමෙව කතං, ඉදං තෙ අහං සබ‍්බං පටිජානාමි, අපරම‍්පි සුණොහි මෙ, ඉතො පට‍්ඨායාහං පුන තුය‍්හං අප‍්පියං න කරිස‍්සාමි. එවං චෙති සචෙ එවං යාචමානාය මම ත්‍වං වචනං න කරිස‍්සසීති.

එහි රත්‍යා යනු රාත්‍රීහුය. තා ඉමා යනු මේ ඒ සියල්ලම ඔබ හැර ඉක්මවා යති. සච්චංතෙ පටිජානාමි යනු මහරජ, මෙපමණ කලක් මා විසින් ඔබව අප්‍රිය කරන ලද්දේද? දැන් මම ඔබ ගැන සත්‍යය දැනගතිමි. තවද අසනු මැනවි. මෙතැන් පටන් මම යළිත් ඔබව අප්‍රිය නොකරන්නෙමි. එවඤ්චෙ යනු ඉදින් මෙසේ ආයාචනා කරන්නේ ද මගේ වචනය ඔබ නො කරන්නේය.

තං සුත්‍වා රාජා “සචාහං ‘ඉමං ත්‍වඤ‍්චෙව ජානිස‍්සසී’ති වක‍්ඛාමි, හදයමස‍්සා ඵලිස‍්සති, අස‍්සාසෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා ආහ –

ඒ අසා රජතුමා ඉදින් මම ඔබ ගැන දන්නේ යයි කියම්ද? ඇයගේ හදවත පැලෙන්නේය. ඇය අස්වසාලන්නෙමියි සිතා මෙසේ කීය.

“එවං තෙ යාචමානාය, කිං න කාහාමි තෙ වචො; විකුද‍්ධො ත්‍යස‍්මි කල්‍යාණි, මා ත්‍වං භායි පභාවති.

මෙසේ යාචනා කරන්නා වූ තීගේ වචනය කුමක් නිසා නො කරම් ද? සොඳුර, තිට නො කිපියෙක් වෙමි.

“සබ‍්බං තෙ පටිජානාමි, රාජපුත‍්ති සුණොහි මෙ; න චාපි අප‍්පියං තුය‍්හං, කරෙය්‍යාමි අහං පුන.

ප්‍රභාවතිය, බිය නොවව! රාජ දියණිය මගේ වචනය අසව. මම තිට නො කියෙමි. එහෙත් තීට අප්‍රිය දේ කළ බව මම පිළිගනිමි. නැවත මම තිට අප්‍රිය දනවන්නක් නො කරමි.

“තව කාමා හි සුස‍්සොණි, පහු දුක‍්ඛං තිතික‍්ඛිසං; බහුං මද‍්දකුලං හන‍්ත්‍වා, නයිතුං තං පභාවතී”ති.

ප්‍රභාවතිය! මදු රජ කුලයට විත් තී බලහත්කාරයෙන් ගෙන යන්නට මට පුළුවන්කම ශක්තිය තිබියදීත්, තී කැමැත්තෙන් මම බොහෝ දුක් වින්දෙමි. ඉවසීමි.

තත්‍ථ කිං න කාහාමීති කිංකාරණා තව වචනං න කරිස‍්සාමි. විකුද‍්ධො ත්‍යස‍්මීති විකුද‍්ධො නික‍්කොපො තෙ අස‍්මිං. සබ‍්බං තෙති විකුද‍්ධභාවඤ‍්ච ඉදානි අප‍්පියකරණඤ‍්ච උභයං තෙ ඉදං සබ‍්බමෙව පටිජානාමි. තව කාමාති තව කාමෙන තං ඉච‍්ඡමානො. තිතික‍්ඛිසන‍්ති අධිවාසෙමි. බහුං මද‍්දකුලං හන‍්ත්‍වා නයිතුං තන‍්ති බහුමද‍්දරාජකුලං හනිත්‍වා බලක‍්කාරෙන තං නෙතුං සමත්‍ථොති.

එහි කිං න කාහාමි යනු කුමන කරුණක් නිසා ඔබේ වචනය නොකරන්නෙමි ද? විකුද්ධො ත්‍යස්මි යනු, නොකිපුණෝ කෝප රහිත වූයේ, ඔබ කෙරෙහි වෙමි. සච්චන්තෙ යනු නොකිපුණු බව ද, දැන් අප්‍රිය කාරණාව ද යන දෙක ම ඔබගේ සත්‍යයම බව අවබෝධ කරගනිමි. තව කාමා යනු ඔබගේ කැමැත්තෙන් එය කැමැති වන්නේ. තිකික්ඛිස්සං යනු ඉවසමි. පහුමද්දකුලං හන්ත්‍වා යනු මදු රාජකුලය නසා බලහත්කාරකමින් ඇය රැගෙන යන්නට සමර්ථ වේ.

අථ සො සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො පරිචාරිකං විය තං අත‍්තනො පරිචාරිකං දිස‍්වා ඛත‍්තියමානං උප‍්පාදෙත්‍වා “මයි කිර ධරමානෙයෙව මම භරියං අඤ‍්ඤෙ ගහෙත්‍වා ගමිස‍්සන‍්තී”ති සීහො විය රාජඞ‍්ගණෙ විජම‍්භමානො “සකලනගරවාසිනො මෙ ආගතභාවං ජානන‍්තූ”ති වග‍්ගන‍්තො නදන‍්තො සෙළෙන‍්තො අප‍්ඵොටෙන‍්තො “ඉදානි තෙ ජීවග‍්ගාහං ගහෙස‍්සාමි, රථාදයො මෙ යොජෙන‍්තූ”ති අනන‍්තරං ගාථමාහ –

ඉක්බිති ඔහු ශක්‍ර දිව්‍යරාජයාගේ පරිවාරක මෙන් එය තමන්ගේ පිරිවර ලෙස දැක, ක්‍ෂත්‍රිය මානය උපදවා මා කෙරෙහි දැරීමෙන් ම මගේ බිරිඳ අන්‍යයෝ ගෙන යන්නෝ යයි සිංහයෙකු මෙන් රාජ අංගනයේ විරාජමාන වන්නේ සියලු නගරවාසීහු මගේ පැමිණීම දැනගනීවායි ඝෝෂා කරන්නේ පිළිවෙලින් හිතන්නේ සෙලවෙන්නේ අත්පොළසන් දෙන්නේ දැන් ඔබව පණපිටින් අල්ලා ගන්නෙමියි, මට රථ ආදිය පිළියෙල කරාවායි අනතුරු ගාථාව කීවේය.

“යොජයන‍්තු රථෙ අස‍්සෙ, නානාචිත‍්තෙ සමාහිතෙ; අථ දක‍්ඛථ මෙ වෙගං, විධමන‍්තස‍්ස සත‍්තවො”ති.

නොයෙක් අලංකාරයෙන් යුත් විසිතුරු කරන ලද, මනාව හික්මුණු අසුන් යෙදූ රියක් සූදානම් කරනු. එවිට සතුරන් නසන්නා වූ මාගේ ශක්තිය බලවු යයි කුස රජු කීය.

තත්‍ථ නානාචිත‍්තෙති නානාලඞ‍්කාරවිචිත‍්තෙ. සමාහිතෙති අස‍්සෙ සන්‍ධාය වුත‍්තං, සුසික‍්ඛිතෙ නිබ‍්බිසෙවනෙති අත්‍ථො. අථ දක‍්ඛථ මෙ වෙගන‍්ති අථ මෙ පරක‍්කමං පස‍්සිස‍්සථාති.

එහි නානාචිත්තෙ යනු නොයෙක් විචිත්‍රාලංකාරයෙන් යුක්ත වූ. සමාහිතෙ යනු අශ්වයන් සඳහා කියන ලද මනාසේ හික්මුණු මැදහත්ව කලකිරීමෙන් යන අර්ථයයි. අථ දක්ඛථ මෙ වේගං යනු අනතුරුව මගේ බලපරාක්‍රමය බලන්නෙහු යනුයි.

සත‍්තූනං ගණ‍්හනං නාම මය‍්හං භාරො, ගච‍්ඡ ත්‍වං න‍්හත්‍වා අලඞ‍්කරිත්‍වා පාසාදං ආරුහාති තං උය්‍යොජෙසි. මද‍්දරාජාපිස‍්ස පරිහාරකරණත්‍ථං අමච‍්චෙ පහිණි. තෙ තස‍්ස මහානසද‍්වාරෙයෙව සාණිං පරික‍්ඛිපිත්‍වා කප‍්පකෙ උපට‍්ඨපෙසුං. සො කතමස‍්සුකම‍්මො සීසංන‍්හාතො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො අමච‍්චාදීහි පරිවුතො “පාසාදං අභිරුහිස‍්සාමී”ති දිසා විලොකෙත්‍වා අප‍්ඵොටෙසි. ඔලොකිතඔලොකිතට‍්ඨානං විකම‍්පි. සො “ඉදානි මෙ පරක‍්කමං පස‍්සිස‍්සථා”ති ආහ. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා අනන‍්තරං ගාථමාහ –

සත්ත්වයන්ගේ ගැනීම යනු මගේ වගකීමයි. යන්න නුඹ නාගෙන සැරසී ප්‍රාසාදයට නගිනු. ඔහු පිටත් කෙළේය. මදු රජුගේ ද, පරිහරණය කිරීම සඳහා යන අර්ථයි. ඇමතියන් යැවිණි. ඔවුහු ඒ කුස්සියේ දොරටුව ළඟ සිාට තිරය වටකොට පනික්කයන් (ඇඳුම් අඳින්නන්) එළඹ වූහ. හෙතෙම කරන ලද කෙස්කම් ඇත්තේ, හිසේ පටන් ස්නානය කළේ සියලු අලංකාරවලින් සැරසුණේ, ඇමතියන් විසින් පිරිවරන ලද්දේ, ප්‍රාසාදයට නැග දිශා, අනුදිශා බලා අත්පුඩි ගැසුවේය. බලනවිට ද ඒ ඒ තැන් කම්පාකරනු හෙතෙම දැන්මගේ පරාක්‍රමය බලවු යයි කීවේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“තඤ‍්ච තත්‍ථ උදික‍්ඛිංසු, රඤ‍්ඤො මද‍්දස‍්සන‍්තෙපුරෙ; විජම‍්භමානං සීහංව, ඵොටෙන‍්තං දිගුණං භුජ”න‍්ති.

මදු රජ මැදුරෙහි සිංහයකු මෙන් අත පය දිගහැර ප්‍රාණවත්ව කථා කරන්නා වූ ද, අත්පොළසන් දෙන්නා වූ ද කුස රජු දෙස අන්තඃපුර ස්ත්‍රීහු දොර ජනෙල් හැර බැලූහ.

තස‍්සත්‍ථො – තඤ‍්ච තත්‍ථ විජම‍්භන‍්තං අප‍්ඵොටෙන‍්තං රඤ‍්ඤො අන‍්තෙපුරෙ වාතපානානි විවරිත්‍වා ඉත්‍ථියො උදික‍්ඛිංසූති.

එහි අර්ථය; එහිදී එය අතපය දිගහරින, නොතළන රජු ගේ අන්තඃපුරේ වාකවුළුව විවරකොට ස්ත්‍රීහු බැලූහ.

අථස‍්ස මද‍්දරාජා කතආනෙඤ‍්ජකාරණං අලඞ‍්කතවරවාරණං පෙසෙසි. සො සමුස‍්සිතසෙතච‍්ඡත‍්තං හත්‍ථික‍්ඛන්‍ධං ආරුය‍්හ “පභාවතිං ආනෙථා”ති තම‍්පි පච‍්ඡතො නිසීදාපෙත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය පරිවුතො පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා පරසෙනං ඔලොකෙත්‍වා “අහං කුසරාජා, ජීවිතත්‍ථිකා උරෙන නිපජ‍්ජන‍්තූ”ති තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා සත‍්තුමද‍්දනං අකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති ඔහු මද්ද රජු කරන ලද ශ්‍රේෂ්ඨ කාරණයට, අලංකාර කරන ලද උතුම් ඇතකු යැවීය. හෙතෙම ඔසවන ලද සුදු කුඩ සහිත ඇතා පිට නැගී ප්‍රභාවතී ගෙනෙව් යයි ඇය ද පසුපස වඩා හිඳුවා චතුරංගනී සේනාව පිරිවරන ලද්දේ නැගෙනහිර දොරටුවෙන් නික්ම සතුරු සේනාව බලා මම කුසරජ වෙමි. පණපිටින් උරහිසින් හොවත්වායි, තුන්වරක් සිංහනාද කොට සතුරන් මර්දනය කෙළේය. එම අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“හත්‍ථික‍්ඛන්‍ධඤ‍්ච ආරුය‍්හ, ආරොපෙත්‍වා පභාවතිං; සඞ‍්ගාමං ඔතරිත්‍වාන, සීහනාදං නදී කුසො.

ඉක්බිති කුස රජු හස්ති රාජයකු පිට නැගී, ප්‍රභාවතිය ද නංවාගෙන යුද බිමට ගොස් සත් රජුන් හමුවේ සිංහනාද කළේය.

“තස‍්ස තං නදතො සුත්‍වා, සීහස‍්සෙවිතරෙ මිගා; ඛත‍්තියා විපලායිංසු, කුසසද‍්දභයට‍්ටිතා.

ඒ කුස රජු ගේ සිංහ නාදය අසා, සිංහයකුගේ හඬ ඇසූ සෙසු මුවන් මෙන් රජවරු ඒ මේ අත පලා ගියහ.

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඡින්‍දන‍්ති, කුසසද‍්දභයට‍්ටිතා.

ඇතරුවෝ ද අසරුවෝ ද පාබල හමුදා භටයෝ ද කුස හඬින් බියපත් වූවාහූ ඔවුනොවුන් සිඳ ගත්හ.

“තස‍්මිං සඞ‍්ගාමසීසස‍්මිං, පස‍්සිත්‍වා හට‍්ඨමානසො; කුසස‍්ස රඤ‍්ඤො දෙවින්‍දො, අදා වෙරොචනං මණිං.

ඒ යුද බිමෙහි දී කුස රජුගේ පරාක්‍රමය දැක තුටු සිත් ඇති ශක්‍රයා වේරෝචන නම් මැණිකක් රජුගේ ගෙළ පැළඳවීය.

“සො තං විජ‍්ඣිත්‍වා සඞ‍්ගාමං, ලද‍්ධා වෙරොචනං මණිං; හත්‍ථික‍්ඛන්‍ධගතො රාජා, පාවෙක‍්ඛි නගරං පුරං.

කුස රජු යුද්ධය දිනා වේරෝචන නම් මැණික පැළඳ ඇතු පිටින්ම නගරයට ගියේය.

“ජීවග‍්ගාහං ගහෙත්‍වාන, බන්‍ධිත්‍වා සත‍්ත ඛත‍්තියෙ; සසුරස‍්සූපනාමෙසි, ඉමෙ තෙ දෙව සත‍්තවො.

සත් රජුන් පණපිටින් අල්ලා ගත් කුස රජු, මොව්හු ඔබගේ සතුරෝ වෙති’යි මයිලණු වූ මදු රජුට භාර දුන්නේය.

“සබ‍්බෙව තෙ වසං ගතා, අමිත‍්තා විහතා තව; කාමං කරොහි තෙ තයා, මුඤ‍්ච වා තෙ හනස‍්සු වා”ති.

මේ සියල්ලෝ ම ඔබගේ වසඟයට පැමිණියාහුය. ඔබට කැමැත්තක් කරනු මැනවි. මොවුන් නැසීම හෝ මිදීම ඔබ සතු කාර්යයකි.

තත්‍ථ විපලායිංසූති සතිං පච‍්චුපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තා විපල‍්ලත්‍ථචිත‍්තා භිජ‍්ජිංසු. කුසසද‍්දභයට‍්ටිතාති කුසරඤ‍්ඤො සද‍්දං නිස‍්සාය ජාතෙන භයෙන උපද‍්දුතා මූළ‍්හචිත‍්තා. අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඡින්‍දන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං ඡින්‍දන‍්ති මද‍්දන‍්ති. “භින්‍දිංසූ”තිපි පාඨො. තස‍්මින‍්ති එවං බොධිසත‍්තස‍්ස සද‍්දසවනෙනෙව සඞ‍්ගාමෙ භින‍්නෙ තස‍්මිං සඞ‍්ගාමසීසෙ තං මහාසත‍්තස‍්ස පරක‍්කමං පස‍්සිත්‍වා තුට‍්ඨහදයො සක‍්කො වෙරොචනං නාම මණික‍්ඛන්‍ධං තස‍්ස අදාසි. නගරං පුරන‍්ති නගරසඞ‍්ඛාතං පුරං. බන්‍ධිත්‍වාති තෙසඤ‍්ඤෙව උත‍්තරි සාටකෙන පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා. කාමං කරොහි තෙ තයාති ත්‍වං අත‍්තනො කාමං ඉච‍්ඡං රුචිං කරොහි, එතෙ හි තයා දාසා කතායෙවාති.

එහි විපලායිංසූ යනු සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වන්නේ විපිළිසර වූ සිත් ඇත්තේ බිඳී ගියහ. කුස සද්දභයට්ටිතා යනු කුසරජු ගේ ශබ්දය නිසා හටගත් බියෙන් හටගත්තා වූ මංමුළා ඇත්තෝ. අඤ්ඤමඤ්ඤස්ස ඡින්‍දන්ති යනු ඔවුනොවුහු සිඳගනිති. මර්දනය වෙති. භින්‍දින්සු යනු පෙළ පාඨයයි. තස්මිං යනු මෙසේ බෝසතුන්ගේ ශබ්දය ශ්‍රවණය කිරීමෙන් බිඳීගියේ, ඒ සංග්‍රාම මූලයෙහි ඒ බෝධිසත්ත්වයන්ගේ පරාක්‍රමය බලා සතුටුවූ සිත් ඇති ශක්‍රයා වේරෝචන නම් මාණික්‍ය ඛන්ධය ඔහුට දුන්නේය. නගරං පුරං යනු නගර සංඛ්‍යාත පුරයයි. බන්‍ධිත්‍වා යනු ඔවුන්ගේ උතුරු සළුවෙන් ම පසුපස බැඳ දමා. කාමං කරොහිතෙ තයා යනු නුඹ තමන්ට කැමැති දෙයක් රුචි දෙයක් කරව. මොවුහු ඔබ විසින් දාසයන් බවට පත්කරන ලදහ.

රාජා ආහ –

රජතුමා කීවේය.

“තුය‍්හෙව සත‍්තවො එතෙ, න හි තෙ මය‍්හ සත‍්තවො; ත්‍වඤ‍්ඤෙව නො මහාරාජ, මුඤ‍්ච වා තෙ හනස‍්සු වා”ති.

මහරජ, මේ පිරිස ඔබගේ ම සතුරෝ වෙති. මොව්හු මාගේ සතුරෝ නොවෙති. තමුන්නාන්සේ ම අපගේ අධිපතිය. මහරජ, ඔබවහන්සේ ම මොවුන් නැසීම හෝ මිදීම කරව.

තත්‍ථ ත්‍වඤ‍්ඤෙව නොති, මහාරාජ, ත්‍වංයෙව අම‍්හාකං ඉස‍්සරොති.

එහි ත්‍වඤ්ඤෙව නො යනු මහරජ, ඔබ ම අපගේ අධිපතියා වේ.

එවං වුත‍්තෙ මහාසත‍්තො “කිං ඉමෙහි මාරිතෙහි, මා තෙසං ආගමනං නිරත්‍ථකං හොතු, පභාවතියා කනිට‍්ඨා සත‍්ත මද‍්දරාජධීතරො අත්‍ථි, තා නෙසං දාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගාථමාහ –

මහාසත්ත්වයන් මෙසේ කී කල්හි මේ ක්‍ෂත්‍රිය මිතුරන් විසින් ඔවුන්ගේ ගමන නිරර්ථක නො වේවා! ප්‍රභාවතිගේ කනිෂ්ඨ වූ මදු රජුගේ දියණිවරු සත් දෙනෙක් වෙති. ඔවුහු මොවුන්ට දෙවන්නෙමියි සිතා ගාථාවක් කීවේය.

“ඉමා තෙ ධීතරො සත‍්ත, දෙවකඤ‍්ඤූපමා සුභා; දදාහි නෙසං එකෙකං, හොන‍්තු ජාමාතරො තවා”ති.

දේවයිනි! නුඹ ගේ මේ දිව්‍ය කන්‍යාවන් බඳු දූවරු සත් දෙනෙක් වෙති. මේ දූවරු සත් දෙනා මේ සත් රජවරුන්ට දී ඔවුන් ඔබ ගේ බෑණාවරුන් කරගන්න.

අථ නං රාජා ආහ –

ඒ අසා මදු රජු තමාගේ දියණිවරුන් දීමට කැමැත්තෙන් මෙසේ කීවේය.

“අම‍්හාකඤ‍්චෙව තාසඤ‍්ච, ත්‍වං නො සබ‍්බෙසමිස‍්සරො; ත්‍වඤ‍්ඤෙව නො මහාරාජ, දෙහි නෙසං යදිච‍්ඡසී”ති.

අපගේ ද ඔවුන්ගේ ද අධිපතියා ඔබයි. ඒ දූවරුන්ට ද අධිපතියා ඔබයි. යම් දුවක යමෙකුට දෙනු කැමැත්තෙහි නම් ඔබ ම ඇය ඔහුට දෙනු මැනවි.

තත්‍ථ ත්‍වං නො සබ‍්බෙසන‍්ති, මහාරාජ කුසනරින්‍ද, කිං වදෙසි, ත්‍වඤ‍්ඤෙව එතෙසඤ‍්ච සත‍්තන‍්නං රාජූනං මමඤ‍්ච ඉමාසඤ‍්ච සබ‍්බෙසං නො ඉස‍්සරො. යදිච‍්ඡසීති යදි ඉච‍්ඡසි, යස‍්ස වා යං දාතුං ඉච‍්ඡසි, තස‍්ස තං දෙහීති.

එහි ත්‍වං නො සබ්බෙසං යනු කුස නිරිඳු මහරජ, කුමක් කියහිද? ඔබතුමා ඒ අය ගේ ද, සියළු සතුන් ගේ ද මගේ ද මේ සියළු දෙනාගේ ද රජු වේ. අපගේ අධිපතියා වේ. යදිච්ඡසි යනු යමෙකුට යමක් කැමැති වේද ඔවුන්ට ඒ අය දෙන්න.

එවං වුත‍්තෙ සො තා සබ‍්බාපි අලඞ‍්කාරාපෙත්‍වා එකෙකස‍්ස රඤ‍්ඤො එකෙකං අදාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා පඤ‍්ච ගාථායො අභාසි –

ඔහු ඒ සියල්ලෝ ම අලංකාර ලෙස සරසා එක එක රජ කෙනාට එක එකා බැගින් දුන්නේ ය.

“එකමෙකස‍්ස එකෙකං, අදා සීහස‍්සරො කුසො; ඛත‍්තියානං තදා තෙසං, රඤ‍්ඤො මද‍්දස‍්ස ධීතරො.

ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ ගාථා පහක් වදාළ සේක. එකල්හි කුස රජු මදු රජුගේ දූවරුන් සත් දෙන එක එක රජුට එක එකී බැගින් දුන්හ.

“පීණිතා තෙන ලාභෙන, තුට‍්ඨා සීහස‍්සරෙ කුසෙ; සකරට‍්ඨානි පායිංසු, ඛත‍්තියා සත‍්ත තාවදෙ.

ඒ රජවරු සත් දෙන ස්ත්‍රී ලාභය නිසා කුස රජු කෙරෙහි තුටු සිත් ඇතිව, තම තමන්ගේ රටවලට ගියහ.

“පභාවතිඤ‍්ච ආදාය, මණිං වෙරොචනං සුභං; කුසාවතිං කුසො රාජා, අගමාසි මහබ‍්බලො.

මහ බලැති කුස රජු වේරෝචන මැණික පැළඳ, ප්‍රභාවතිය ද කැඳවාගෙන කුසාවතී රාජධානියට ගියේය.

“ත්‍යස‍්සු එකරථෙ යන‍්තා, පවිසන‍්තා කුසාවතිං; සමානා වණ‍්ණරූපෙන, නාඤ‍්ඤමඤ‍්ඤාතිරොචිසුං.

එකම රියෙහි යමින් කුසාවතියට පිවිසෙන්නා වූ ඒ දෙදෙන පැහැයෙන් ද, රූපයෙන් ද, ලස්සනින් ද සමාන වූවාහු ඔවුනොවුන් එකිනෙකා ඉක්මවා නො ගියහ.

“මාතා පුත‍්තෙන සංගච‍්ඡි, උභයො ච ජයම‍්පතී; සමග‍්ගා තෙ තදා ආසුං, ඵීතං ධරණිමාවසු”න‍්ති.

කුස රජුගේ මව් සිය පුත්‍රයා පිළිගත්තීය. ඒ අඹුසැමි දෙදෙන එතැන් පටන් ජීවිතාන්තය දක්වා සංවර්ධනය වූ කුසාවතියෙහි එකට වාසය කළහ.

තත්‍ථ පීණිතාති සන‍්තප‍්පිතා. පායිංසූති ඉදානි අප‍්පමත‍්තා භවෙය්‍යාථාති කුසනරින්‍දෙන ඔවදිතා අගමංසු. අගමාසීති කතිපාහං වසිත්‍වා “අම‍්හාකං රට‍්ඨං ගමිස‍්සාමා”ති සසුරං ආපුච‍්ඡිත්‍වා ගතො. එකරථෙ යන‍්තාති ද‍්වෙපි එකරථං අභිරුය‍්හ ගච‍්ඡන‍්තා. සමානා වණ‍්ණරූපෙනාති වණ‍්ණෙන ච රූපෙන ච සමානා හුත්‍වා. නාඤ‍්ඤමඤ‍්ඤාතිරොචිසුන‍්ති එකො එකං නාතික‍්කමි. මණිරතනානුභාවෙන කිර මහාසත‍්තො අභිරූපො අහොසි සුවණ‍්ණවණ‍්ණො සොභග‍්ගප‍්පත‍්තො, සො කිර පුබ‍්බෙ පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතනිස‍්සන්‍දෙන බුද‍්ධපටිමාකරණනිස‍්සන්‍දෙන ච එවං තෙජවන‍්තො අහොසි. සංගච‍්ඡීති අථස‍්ස මාතා මහාසත‍්තස‍්ස ආගමනං සුත්‍වා නගරෙ භෙරිං චරාපෙත්‍වා මහාසත‍්තස‍්ස බහුං පණ‍්ණාකාරං ආදාය පච‍්චුග‍්ගමනං කත්‍වා සමාගච‍්ඡි. සොපි මාතරා සද‍්ධිංයෙව නගරං පදක‍්ඛිණං කත්‍වා සත‍්තාහං ඡණකීළං කීළිත්‍වා අලඞ‍්කතපාසාදතලං අභිරුහි. තෙපි උභො ජයම‍්පතිකා සමග‍්ගා අහෙසුං, තතො පට‍්ඨාය යාවජීවං සමග‍්ගා සම‍්මොදමානා ඵීතං ධරණිං අජ‍්ඣාවසිංසූති.

එහි පීණිතා යනු සතුටින් සන්තර්පණය වී. පායිංසු යනු දැන් අප්‍රමාණ වන්නෙමු යයි කුසරජු විසින් අවවාද දී ගියහ. අගමාසී යනු දින කීපයක් වාසය කොට අපගේ රටට යන්නෙමුයි නෑදෑයන් විචාරා ගියෝය. ඒකරථෙ සන්තා යනු දෙදෙනා ම එකම රථයක නැග යන්නෝය. සමානාවණ්ණ රූපෙනා යනු වර්ණයෙන් ද රූපයෙන් ද සමාන වී නාඤ්ඤමඤ්ඤමති රොචයුං යනු එකෙකු අනිකා නොඉක්මවයි. මාණික්‍ය රත්නානුභාවයෙන් බෝසත්හු මනා රූ ඇත්තේ විය. ස්වර්ණ වර්ණයෙන් සෞභාග්‍යයට පැමිණියේය. සංගඤ්ජි යනු ඉක්බිති ඔහුගේ මව බෝසතුන්ගේ ආගමනය අසා නුවර බෙරහඬ නංවා බෝසතුන්ට බොහෝ පඬුරු රැගෙන පෙරගමන්කොට එළඹියේය. ඔහු ද, මව සමග ම නගරය ප්‍රදක්‍ෂිණා කොට සත්දිනක් සැණකෙළි ක්‍රීඩා කොට අලංකාර වූ ප්‍රාසාද තලයට නැංගේය. ඒ යුවතිපති දෙපොළ සමගිව විසූහ. එතැන් පටන් දිවි ඇති තෙක් සමගියෙන් සතුටු සිතින් කල්ගත කළෝ මිහිකත පාලනය කළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, කනිට‍්ඨො ආනන්‍දො, ඛුජ‍්ජා ඛුජ‍්ජුත‍්තරා, පභාවතී රාහුලමාතා, පරිසා බුද‍්ධපරිසා, කුසරාජා පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමකළ සේක. සත්‍යය අවසානයේ කළකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල මව්පියවරු මහරජ කුලය වූහ. කනිෂ්ඨයා ආනන්ද වේ. කුදී, ඛුජ්ජුත්තරාවමය. ප්‍රභාවතිය රාහුල මාතාව විය. සෙසු පිරිස බුදු පිරිසයි. කුසරජු වනාහි සම්මා සම්බුද්ධ වූ මම ම වෙමි යි වදාළ සේක.

කුසජාතකවණ‍්ණනා පඨමා.

කුස ජාතකය නිමි.