යෙදුමෙන් කියවන්න

9. සම‍්බුලාජාතකවණ‍්ණනා 519 අට‍්ඨකථා

9. සම‍්බුලාජාතකවණ‍්ණනා (519)

9. සම්බුලා ජාතකය (519)

කා වෙධමානාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මල‍්ලිකං දෙවිං ආරබ‍්භ කථෙසි. වත්‍ථු කුම‍්මාසපිණ‍්ඩිජාතකෙ (ජා· 1.7.142 ආදයො) විත්‍ථාරිතමෙව. සා පන තථාගතස‍්ස තිණ‍්ණං කුම‍්මාසපිණ‍්ඩිකානං දානානුභාවෙන තං දිවසඤ‍්ඤෙව රඤ‍්ඤො අග‍්ගමහෙසිභාවං පත්‍වා පුබ‍්බුට‍්ඨායිතාදීහි පඤ‍්චහි කල්‍යාණධම‍්මෙහි සමන‍්නාගතා ඤාණසම‍්පන‍්නා බුද‍්ධුපට‍්ඨායිකා පතිදෙවතා අහොසි. තස‍්සා පතිදෙවතාභාවො සකලනගරෙ පාකටො අහොසි. අථෙකදිවසං ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, මල‍්ලිකා දෙවී කිර වත‍්තසම‍්පන‍්නා ඤාණසම‍්පන‍්නා පතිදෙවතා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙසා වත‍්තසම‍්පන‍්නා පතිදෙවතායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

කා වෙධමානා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මල්ලිකා දේවිය අරභයා දේශනා කළ සේක. කථා වස්තුව කුම්මාස පිණ්ඩික ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. ඇය තථාගතයන් වහන්සේට පිට්ටු පිඬු තුනක් දීමේ අනුහසින් එදවසම රජුගේ අගමෙහෙසිය බවට පත් වී පළමුව නැගිටීම් ආදී වූ පස් වැදෑරුම් යහගුණයන්ගෙන් යුක්ත වූවා නුවණැතිව බුදුරදුන්ට උපස්ථාන කරන්නියකද ස්වාමියා දෙවි කොට සලකන බව සියළු නගරයෙහි ප්‍රකට විය. ඉක්බිති එක් දවසක දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, මල්ලිකා දේවිය වනාහි වත් සම්පන්න වූවා ස්වාමියා දෙවිකොට සලකන්නීය යනුවෙනි. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහු දැයි විමසා මෙනම් වූවෙකැනැයි කී කල්හි මහණෙනි, මෝ තෙමෝ ස්වාමියා දෙවිකොට සැළකුවේ දැන් පමණක් නොවේ. පෙරද ස්වාමියා දෙවිකොට සැළකුවාම යයි ප්‍රකාශ කර අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තස‍්ස රඤ‍්ඤො සොත්‍ථිසෙනො නාම පුත‍්තො අහොසි. තං රාජා වයප‍්පත‍්තං උපරජ‍්ජෙ පතිට‍්ඨපෙසි, සම‍්බුලා නාමස‍්ස අග‍්ගමහෙසී අහොසි උත‍්තමරූපධරා සරීරප‍්පභාසම‍්පන‍්නා, නිවාතෙ ජලමානා දීපසිඛා විය ඛායති. අපරභාගෙ සොත්‍ථිසෙනස‍්ස සරීරෙ කුට‍්ඨං උප‍්පජ‍්ජති, වෙජ‍්ජා තිකිච‍්ඡිතුං නාසක‍්ඛිංසු. සො භිජ‍්ජමානෙ කුට‍්ඨෙ පටිකූලො හුත්‍වා විප‍්පටිසාරං පත්‍වා “කො මෙ රජ‍්ජෙන අත්‍ථො, අරඤ‍්ඤෙ අනාථමරණං මරිස‍්සාමී”ති රඤ‍්ඤො ආරොචාපෙත්‍වා ඉත්‍ථාගාරං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛමි. සම‍්බුලා බහූහි උපායෙහි නිවත‍්තියමානාපි අනිවත‍්තිත්‍වාව “අහං තං සාමිකං අරඤ‍්ඤෙ පටිජග‍්ගිස‍්සාමී”ති වත්‍වා සද‍්ධිඤ‍්ඤෙව නික‍්ඛමි. සො අරඤ‍්ඤං පවිසිත්‍වා සුලභමූලඵලාඵලෙ ඡායූදකසම‍්පන‍්නෙ පදෙසෙ පණ‍්ණසාලං කත්‍වා වාසං කප‍්පෙසි. රාජධීතා තං පටිජග‍්ගි. කථං? සා හි පාතො වුට‍්ඨාය අස‍්සමපදං සම‍්මජ‍්ජිත්‍වා පානීයපරිභොජනීයං උපට‍්ඨපෙත්‍වා දන‍්තකට‍්ඨඤ‍්ච මුඛධොවනඤ‍්ච උපනාමෙත්‍වා මුඛෙ ධොතෙ නානාඔසධානි පිසිත්‍වා තස‍්ස වණෙ මක‍්ඛෙත්‍වා මධුරමධුරානි ඵලාඵලානි ඛාදාපෙත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා හත්‍ථෙසු ධොතෙසු “අප‍්පමත‍්තො හොහි දෙවා”ති වත්‍වා වන්‍දිත්‍වා පච‍්ඡිඛණිත‍්තිඅඞ‍්කුසකෙ ආදාය ඵලාඵලත්‍ථාය අරඤ‍්ඤං පවිසිත්‍වා ඵලාඵලානි ආහරිත්‍වා එකමන‍්තෙ ඨපෙත්‍වා ඝටෙන උදකං ආහරිත්‍වා නානාචුණ‍්ණෙහි ච මත‍්තිකාහි ච සොත්‍ථිසෙනං න‍්හාපෙත්‍වා පුන මධුරඵලාඵලානි උපනාමෙති. පරිභොගාවසානෙ වාසිතපානීයං උපනෙත්‍වා සයං ඵලාඵලානි පරිභුඤ‍්ජිත්‍වා පදරසන්‍ථරං සංවිදහිත්‍වා තස‍්මිං තත්‍ථ නිපන‍්නෙ තස‍්ස පාදෙ ධොවිත්‍වා සීසපරිකම‍්මපිට‍්ඨිපරිකම‍්මපාදපරිකම‍්මානි කත්‍වා සයනපස‍්සං උපගන‍්ත්‍වා නිපජ‍්ජති. එතෙනුපායෙන සාමිකං පටිජග‍්ගි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුට සොත්‍ථිසේන නම් පුත්‍රයෙකු වීය. රජු සුදුසු වයසට පත් ඔහු යුවරජු තනතුරෙහි පිහිටුවීය. ඔහුගේ අගමෙහෙසිය සම්බුලා නම් වූවාය. උතුම් රූපශ්‍රීය දරන්නීය. උසස් ශරීර වර්ණ ඇත්තීය. සුළඟ රහිත තැන පහන් සිළුවක් මෙන් හැඟේ. මෑත කාලයෙහි සොත්‍ථිසේන රජුගේ සිරුරෙහි කුෂ්ටයක් උපන්නේය. වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නට නොහැකි වූවාය. හෙතෙම කුෂ්ටයෙන් හටගත් බිබිල බිඳෙනකල්හි පිළිකුල් සහගත වූයේ විපිළිසර වී මට රාජ්‍යයෙන් කවර අර්ථයක්ද වනයෙහි අනාථ වූවෙකුගේ මරණයෙන් මැරෙන්නෙමියි රජුට දන්වා ස්ත්‍රී සමූහයා අතහැර නික්මුණේය. සම්බුලා දේවියද බොහෝ උපායයන්ගෙන් වලක්වනු ලබන්නීද නොනැවතීම මම ඒ ස්වාමියා වනයෙහිදී රැකබලා ගන්නෙමියි කියා ඔහු සමගම නික්මුනේය. හෙතෙම වනයට පිවිස අලමුල් ඵලාපලයන් පහසුවෙන් ලද හැකි සෙවන හා ජලය ඇති පෙදෙසක පන්සලක් කර වාසය කළේය. රජ දුවණිය ඔහු පෝෂණය කළාය. කෙසේද? උදෑසනම නැගිට අසපුව හැමඳ පිවයුතු පරිහරණය කළ යුතු වතුර එළවා තබා දැහැටි හා මුවදෝනා පැන් ගෙනවුත් තබා මුහුණ සේදූ කල්හි නොයෙක් බෙහෙත් පිස ඔහුගේ වණයන්හි ගල්වා මිහිරි මිහිරි වූ ලොකු කුඩා ගෙඩි කවා කට සෝදවා අත් සේදූ කල්හි දේවයන් වහන්ස, අප්‍රමාදී වෙහි යයි කියා වැඳ පැසද සාරන අලවංගුවද කෙක්කද ගෙන ඵලාඵල සඳහා වනයට පිවිස ඵලාඵලයන් ගෙනවුත් පසෙක තබා කළයෙන් දිය ගෙනවුත් නොයෙක් චූර්ණයන්ගෙන්ද මැටිවලින්ද සොත්‍ථිසේන රජු නහවා නැවත මිහිරි ඵලාඵල පිළිගැන්වීය. පරිහරණය කර අවසානයෙහි කටසෝදන පැන් පිළිගන්වා තොමෝද ඵලාඵල වළදා පා ඇතිරිල්ල සූදානම් කර ඔහු එහි හොත් කල්හි ඔහුගේ පාදයන් සෝදා හිස පිළිබඳ පිරියම්ද පය පිළිබඳ පිරියම්ද කර යහන් පසට එළඹ හොත්තේය. මේ ක්‍රමයෙන් සිය සැමියා පෝෂණය කළාය.

සා එකදිවසං අරඤ‍්ඤෙ ඵලාඵලං ආහරන‍්තී එකං ගිරිකන්‍දරං දිස‍්වා සීසතො පච‍්ඡිං ඔතාරෙත්‍වා කන්‍දරතීරෙ ඨපෙත්‍වා “න‍්හායිස‍්සාමී”ති ඔතරිත්‍වා හලිද‍්දාය සරීරං උබ‍්බට‍්ටෙත්‍වා න‍්හත්‍වා සුධොතසරීරා උත‍්තරිත්‍වා වාකචීරං නිවාසෙත්‍වා කන්‍දරතීරෙ අට‍්ඨාසි. අථස‍්සා සරීරප‍්පභාය වනං එකොභාසං අහොසි. තස‍්මිං ඛණෙ එකො දානවො ගොචරත්‍ථාය චරන‍්තො තං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා ගාථාද‍්වයං ආහ –

ඇය එක් දවසක් වනයේ ඵලාපල ගෙන එන්නී එක් ගිරිකඳුරක් දැක පැස හිසින් බහා තබා ගඟුලැල්ලෙහි ඉවුරෙහි තබා නාන්නෙමියි බැස කහ ඇඟ උලා මනාව සෝදන ලද සිරුර ඇතියේ ගොඩට විත් වැල්කැල (පට්ටාවලින් කළ වස්ත්‍රය) හැඳ කඳුරැලි ඉවුරෙහි සිටියාය. ඉක්බිති ඇයගේ ශරීර ශෝභාවෙන් වනය එකට කාන්තිමත් වීය. එකෙණෙහි එක් අසුරයෙක් ගොදුරු පිණිස හැසිරෙන්නේ ඇය දැක පිළිබඳ සිත් ඇත්තේ වී ගාථා දෙකක් කීවේය.

“කා වෙධමානා ගිරිකන්‍දරායං, එකා තුවං තිට‍්ඨසි සංහිතූරු; පුට‍්ඨාසි මෙ පාණිපමෙය්‍යමජ‍්ඣෙ, අක‍්ඛාහි මෙ නාමඤ‍්ච බන්‍ධවෙ ච.

කා වෙධමානා ගිරිකන්දරාය, එකාතුවං තිට්ඨසි සඤ්ඤතූරු, පුට්ඨාසි මෙ පාණිපමෙය්‍ය මජ්ඣෙ, අක්ඛාහි මෙ නාමඤ්ච බන්‍ධවෙ ච

1. කඳුරැල්ලෙහි වෙව්ලන සිරුරෙන් යුතුව පිරුණු වටොර ඇති හුදකලාව සිටින තී කවරීද? මිටින් ගත හැකි මධ්‍යභාගය (ඉඟ) ඇති තැනැත්තිය, මවිසින් විමසන ලද්දී වෙහිය. මය තිගේ නමද නෑයන්ද කියව.

“ඔභාසයං වනං රම‍්මං, සීහබ්‍යග‍්ඝනිසෙවිතං; කා වා ත්‍වමසි කල්‍යාණි, කස‍්ස වා ත්‍වං සුමජ‍්ඣිමෙ; අභිවාදෙමි තං භද‍්දෙ, දානවාහං නමත්‍ථු තෙ”ති.

2. මනා වූ මධ්‍ය ප්‍රදේශය ඇති තැනැත්තිය, සිංහයන්ගෙන් හා ව්‍යාඝ්‍රයන්ගෙන් සෙවුනා වූ සිත්කළු වනය කාන්තිමත් කරමින් තී කවරීද? සුන්දරිය තී කවරෙකුගේද? සොඳුරිය ඔබට වඳිමි. මම අසුරයෙක් වෙමි. ඔබට නමස්කාර වේවා යනුයි.

තත්‍ථ කා වෙධමානාති න‍්හානමත‍්තතාය සීතභාවෙන කම‍්පමානා. සංහිතූරූති සම‍්පිණ‍්ඩිතූරු උත‍්තමඌරුලක‍්ඛණෙ. පාණිපමෙය්‍යමජ‍්ඣෙති හත්‍ථෙන මිනිතබ‍්බමජ‍්ඣෙ. කා වා ත්‍වන‍්ති කා නාම වා ත්‍වං භවසි. අභිවාදෙමීති වන්‍දාමි. දානවාහන‍්ති අහං එකො දානවො, අයං නමක‍්කාරො තව අත්‍ථු, අඤ‍්ජලිං තෙ පග‍්ගණ‍්හාමීති අවච.

එහි කා වෙධමානා යනු ස්නානය කර අවසන් වූ මොහොතේම වූ හෙයින් සීතලෙන් වෙව්ලන්නා වූ. සඤ්ඤතුරු යනු පිරුණු වටොර ඇති උතුම් වූ කලවා ඇත්තිය, පාණිපමෙය්‍ය මජ්ඣෙ යනු අතින් මිනිය හැකි මධ්‍යම ප්‍රදේශ (ඉඟ) ඇත්තිය. කාවාත්‍වං යනු එම්බල තී කවරීද? අභිවාදෙමි වඳිමි. දානවාහං යනු මම එක් අසුරයෙක් වෙමි. මේ නමස්කාරය ඔබට වේවා! මම ඔබට ඇඳිලි බඳිමියි කීවේය.

සා තස‍්ස වචනං සුත්‍වා තිස‍්සො ගාථා අභාසි –

ඇය ඔහුගේ වචනය අසා ගාථා තුනක් කීවාය.

“යො පුත‍්තො කාසිරාජස‍්ස, සොත්‍ථිසෙනොති තං විදූ; තස‍්සාහං සම‍්බුලා භරියා, එවං ජානාහි දානව; අභිවාදෙමි තං භන‍්තෙ, සම‍්බුලාහං නමත්‍ථු තෙ.

3. කසී රජුගේ යම් පුත්‍රයෙක් වීද ඔහු සොත්‍ථිසේන යයි ඔහු දනිත්. මම ඔහුගේ බිරිඳ වූ සම්බුලාවෝ වෙමි. අසුරය එසේ දනුව.

“වෙදෙහපුත‍්තො භද‍්දන‍්තෙ, වනෙ වසති ආතුරො; තමහං රොගසම‍්මත‍්තං, එකා එකං උපට‍්ඨහං.

4. සම්බුලා නම් වූ මම ඔබට වඳිමි. යහපත් තැනැත්ත, ඔබට නමස්කාර වේවා! පින්වත, වේදේහ පුත්‍රයා රෝගී වූයේ වනයෙහි වෙසෙයි.

“අහඤ‍්ච වනමුඤ‍්ඡාය, මධුමංසං මිගාබිලං; යදාහරාමි තං භක‍්ඛො, තස‍්ස නූනජ‍්ජ නාධතී”ති.

5. මම රෝගයේ පෙළුනු ඔහුට හුදකලාව තනි වූ ඔහුට උපස්ථාන කරමි. මම වනයෙහි හැසිර මැස්සන් නැති මී වදද මෘගයන් විසින් කා ඉතිරි කළ මස්ද යම්කලෙක හැරගෙන එමිද එය ඔහුට ආහාරය වේ. අද එය ඔහුට නොලැබ ඒකාන්තයෙන් තැවෙයි යයි සිතමි.

තත්‍ථ වෙදෙහපුත‍්තොති වෙදෙහරාජධීතාය පුත‍්තො. රොගසම‍්මත‍්තන‍්ති රොගපීළිතං. උපට‍්ඨහන‍්ති උපට‍්ඨහාමි පටිජග‍්ගාමි. “උපට‍්ඨිතා”තිපි පාඨො. වනමුඤ‍්ඡායාති වනං උඤ‍්ඡෙත්‍වා උඤ‍්ඡාචරියං චරිත්‍වා. මධුමංසන‍්ති නිම‍්මක‍්ඛිකං මධුඤ‍්ච මිගාබිලමංසඤ‍්ච සීහබ්‍යග‍්ඝමිගෙහි ඛාදිතමංසතො අතිරිත‍්තකොට‍්ඨාසං. තං භක‍්ඛොති යං අහං ආහරාමි, තං භක‍්ඛොව සො මම සාමිකො. තස‍්ස නූනජ‍්ජාති තස‍්ස මඤ‍්ඤෙ අජ‍්ජ ආහාරං අලභමානස‍්ස සරීරං ආතපෙ පක‍්ඛිත‍්තපදුමං විය නාධති උපතප‍්පති මිලායති.

එහි වේදෙහ පුත්තො යනු විදේහයෙහි රජදුවගේ පුත්‍රයා. රොගසම්මත්තං යනු රෝගයෙන් පෙළුනා වූ. උපට්ඨහිං යනු උපස්ථාන කරමි. පෝෂණය කරමි. උපට්ඨිතා යයිද පෙළ වෙයි. වනමුඤ්ජාය යනු වනයෙන් රැස්කර, අහර පිණිස හැසිරීමෙහි නිරත වී. මධුමංස යනු මැස්සන් නැති මීවදද මෘගයන් විසින් කා ඉතිරි කළ මස්ද, සිංහ ව්‍යාඝ්‍ර ආදී මෘගයන් විසින් කන ලද මස්වලින් ඉතිරි වූ කොටස. තං භක්ඛො යනු මම යමක් ගෙන එමිද එයම කන හෙතෙම මගේ සැමියාය. තස්ස නූනජ්ජා යනු අද ආහර නොලබන ඔහුගේ ශරීරය අව්වෙහි දමන ලද පියුමක් මෙන් නාධතී යනු තැවෙයි. මැලවෙයි.

තතො පරං දානවස‍්ස ච තස‍්සා ච වචනපටිවචනගාථායො හොන‍්ති –

අනතුරුව අසුරයාගේද ඇයගේද වදන් පිළිවදන් ගාථාවෝ වෙති.

“කිං වනෙ රාජපුත‍්තෙන, ආතුරෙන කරිස‍්සසි; සම‍්බුලෙ පරිචිණ‍්ණෙන, අහං භත‍්තා භවාමි තෙ.

6. සම්බුලාවනි, රෝගී වූ රාජපුත්‍රයා වනයෙහි ඇසුරින් කවරක් කරන්නෙහිද මම ඔබට ස්වාමියා වෙමි.

“සොකට‍්ටාය දුරත‍්තාය, කිං රූපං විජ‍්ජතෙ මම; අඤ‍්ඤං පරියෙස භද‍්දන‍්තෙ, අභිරූපතරං මයා.

7. ශෝකයෙන් දුකට පත් වූ දුගී බැවින් යුක්ත වූ මට කවරනම් රූපයක් පවතීද? පින්වත, මට වඩා අතිශයින් රූපත් වූ අනිකෙකු සොයව.

“එහිමං ගිරිමාරුය‍්හ, භරියා මෙ චතුස‍්සතා; තාසං ත්‍වං පවරා හොහි, සබ‍්බකාමසමිද‍්ධිනී.

8. මට භාර්යාවෝ සාරසියයක් වෙති. එව. මේ පර්වතයට නැග සියළු කාම සම්පත්තීන්ගෙන් සමෘද්ධ වූවා ඈලාට ප්‍රධාන වෙව.

“නූන තාරකවණ‍්ණාභෙ, යං කිඤ‍්චි මනසිච‍්ඡසි; සබ‍්බං තං පචුරං මය‍්හං, රමස‍්ස‍්වජ‍්ජ මයා සහ.

9. සැබවින්ම තාරකාවන් හා සමාන වර්ණය ඇත්තිය, සිතින් යමක් කැමැත්තෙහි නම් ඒ සියල්ල මට අධිකව ඇත. අද මා සමග රමණය කරව.

“නො චෙ තුවං මහෙසෙය්‍යං, සම‍්බුලෙ කාරයිස‍්සසි; අලං ත්‍වං පාතරාසාය, පණ‍්හෙ භක‍්ඛා භවිස‍්සසි.

10. සම්බුලාවනි, ඉදින් ඔබ මගේ මෙහෙසි බව නොකරන්නෙහි නම් ඔබ මගේ උදේ ආහාරය සඳහා කෑයුතු දෙය වන්නෙහි යයි සිතමි.

“තඤ‍්ච සත‍්තජටො ලුද‍්දො, කළාරො පුරිසාදකො; වනෙ නාථං අපස‍්සන‍්තිං, සම‍්බුලං අග‍්ගහී භුජෙ.

11. ජටා සතක් ඇති නපුරු වූ පිටතට නික්මුණ දළ ඇති මිනිසුන් කන්නා වූ ඒ අසුරයා වනයෙහිදී පිහිටක් නොදක්නා වූ ඒ සම්බුලා දේවිය අතින් ගත්තේය.

“අධිපන‍්නා පිසාචෙන, ලුද‍්දෙනාමිසචක‍්ඛුනා; සා ච සත‍්තුවසං පත‍්තා, පතිමෙවානුසොචති.

12. නපුරු වූ කෙලෙස්හි ලොල් වූ ඇස් ඇති පිසාචයා විසින් යටත් කරන ලද සතුරාගේ වසඟයට ගිය ඇය ස්වාමියා අනුවම ශෝක කරයි.

“න මෙ ඉදං තථා දුක‍්ඛං, යං මං ඛාදෙය්‍ය රක‍්ඛසො; යඤ‍්ච මෙ අය්‍යපුත‍්තස‍්ස, මනො හෙස‍්සති අඤ‍්ඤථා.

13. රකුසා යම් හෙයකින් මා කන්නේ නම් එය මට මෙබඳු දුකක් නොවන්නේය. යම් හෙයකින් මගේ ආර්ය පුත්‍රයාගේ සිත අන් පරිද්දකින් වන්නේ නම් (එය මට මීට වඩා දුකකි.)

“න සන‍්ති දෙවා පවසන‍්ති නූන, න හි නූන සන‍්ති ඉධ ලොකපාලා; සහසා කරොන‍්තානමසඤ‍්ඤතානං, න හි නූන සන‍්ති පටිසෙධිතාරො”ති.

14. දෙවියෝ නැත. ඒකාන්තයෙන් දුරු රට වෙසෙතෙයි සිතමි. මෙහි ලෝකපාලක දෙවියෝ නැත්තාහ. සැහැසිකම් කරන්නා වූ අසංවර වූවන් වලක්වන්නෝ නැත්තාහ යයි (සිතමි)

තත්‍ථ පරිචිණ‍්ණෙනාති තෙන ආතුරෙන පරිචිණ‍්ණෙන කිං කරිස‍්සසි. සොකට‍්ටායාති සොකාතුරාය. “සොකට‍්ඨායා”තිපි පාඨො, සොකෙ ඨිතායාති අත්‍ථො. දුරත‍්තායාති දුග‍්ගතකපණභාවප‍්පත‍්තාය අත‍්තභාවාය. එහිමන‍්ති මා ත්‍වං දුරත‍්තාම‍්හීති චින‍්තයි, එතං මම ගිරිම‍්හි දිබ‍්බවිමානං, එහි ඉමං ගිරිං ආරුහ. චතුස‍්සතාති තස‍්මිං මෙ විමානෙ අපරාපි චතුස‍්සතා භරියායො අත්‍ථි. සබ‍්බං තන‍්ති යං කිඤ‍්චි උපභොගපරිභොගවත්‍ථාභරණාදිකං ඉච‍්ඡසි, සබ‍්බං තං නූන මය‍්හං පචුරං බහුං සුලභං, තස‍්මා මා කපණාම‍්හීති චින‍්තයි, එහි මයා සහ රමස‍්සූති වදති.

එහි පරිචිණ්ණෙන යනු ඒ රෝගියා ඇසුරු කිරීමෙන් කුමක් කරන්නෙහිද? සොකට්ටාය යනු ශෝකයෙන් දුකට පත් වූ. සොකට්ඨාය යනුද පෙළයි. ශෝකයෙහි සිටි යන අර්ථයි. දුරත්තාය යනු දුකට පත් බැගෑපත් බවට පත් ආත්මභාව ඇති. එහි මං යනු ඔබ දුකට පත් වූවා වෙමියි නොසිතුව. පර්වතයෙහි තෙල මගේ දිව්‍ය විමානයයි. එව මේ පර්වතයට නගුව. චතුස්සතානි යනු ඒ මගේ විමානයෙහි අන්‍ය වූ සාරසියයක් භාර්යාවරු ඇත. සබ්බන්තං යනු උපභෝග පරිභෝග වස්ත්‍ර ආභරණ ආදී යම්කිසිවක් කැමැත්තෙහිද ඒ සියල්ල ඒකාන්තයෙන් මට පචුරං බොහෝය සුලභය. එහෙයින් බැගෑපත් වූවා වෙමියි නොසිතව. එව මා සමග රමණය කරවයි කියයි.

මහෙසෙය්‍යන‍්ති, “භද‍්දෙ, සම‍්බුලෙ නො චෙ මෙ ත්‍වං මහෙසිභාවං කාරෙස‍්සසි, පරියත‍්තා ත්‍වං මම පාතරාසාය, තෙන තං බලක‍්කාරෙන විමානං නෙස‍්සාමි, තත්‍ර මං අසඞ‍්ගණ‍්හන‍්තී මම ස‍්වෙ පාතොව භක‍්ඛා භවිස‍්සසී”ති එවං වත්‍වා සො සත‍්තහි ජටාහි සමන‍්නාගතො ලුද‍්දකො දාරුණො නික‍්ඛන‍්තදන‍්තො තං තස‍්මිං වනෙ කිඤ‍්චි අත‍්තනො නාථං අපස‍්සන‍්තිං සම‍්බුලං භුජෙ අග‍්ගහෙසි. අධිපන‍්නාති අජ‍්ඣොත්‍ථටා. ආමිසචක‍්ඛුනාති කිලෙසලොලෙන. පතිමෙවාති අත‍්තනො අචින‍්තෙත්‍වා පතිමෙව අනුසොචති. මනො හෙස‍්සතීති මං චිරායන‍්තිං විදිත්‍වා අඤ‍්ඤථා චිත‍්තං භවිස‍්සති. න සන‍්ති දෙවාති ඉදං සා දානවෙන භුජෙ ගහිතා දෙවතුජ‍්ඣාපනං කරොන‍්තී ආහ. ලොකපාලාති එවරූපානං සීලවන‍්තීනං පතිදෙවතානං පාලකා ලොකපාලා නූන ඉධ ලොකෙ න සන‍්තීති පරිදෙවති.

මහෙසෙය්‍යං යනු සොඳුර, සම්බුලාවෙනි ඉදින් ඔබ මගේ අගමෙහෙසිය බව නොකරන්නෙහිද ඔබ මගේ උදය ආහාරය බවට පිළියෙල වූවාය. එහෙයින් ඔබ බලහත්කාරයෙන් විමානයට ගෙන යන්නෙමි. එහිදී මට සංග්‍රහ නොකරන්නී නම් හෙට උදයේම මගේ ආහාරය වන්නෙහිය. තඤ්ච යනු එසේ කියා ජටා සතකින් යුක්ත වූ දරුණු වූ පිටතට නික්මුණ දත් ඇති හෙතෙම ඒ වනයෙහි තමාට කිසියම් පිහිටක් නොදක්නී වූ ඒ සම්බුලාව අල්ලා ගත්තේය. අධිපන්නා යනු මැඩ ගත්තී. ආමිස චක්ඛුනා යනු කෙලෙස් වලින් ලොල් වූවහු විසින්. පතිමෙව යනු තමා ගැන නොසිතා ස්වාමියා ගැන සිතා ශෝක කරයි. මනො භෙස්සති මා පැමිණෙනු කල්ගත වීම දැක සිත අන් පරිද්දෙන් වන්නේ ගන්නා ලද ඇය දෙවියන් කෝප කරවීම කරන්නී මෙසේ කීවාය. ලොකපාලා යනු මෙබඳු වූ සිල්වත් ඇත්තියන්ට දෙවියන්ගේ පාලකයෝ ලෝකපාලකයෝ වෙති. එබඳු අය මේ ලොව නොවෙත්මැයි හඬයි.

අථස‍්සා සීලතෙජෙන සක‍්කස‍්ස භවනං කම‍්පි, පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා වජිරං ආදාය වෙගෙන ගන‍්ත්‍වා දානවස‍්ස මත්‍ථකෙ ඨත්‍වා ඉතරං ගාථමාහ –

ඉක්බිති ඇයගේ සිල් තෙදින් ශක්‍රයාගේ භවනය කම්පා විය. පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වූ අයුරක් දැක්වීය. ශක්‍රයා මෙනෙහි කරනුයේ ඒ කරුණ දැන වජ්‍රායුධය ගෙන වේගයෙන් අවුත් දානව අසුරයාගේ මත්තෙහි සිට වෙනත් ගාථාවක් කීවේය.

“ඉත්‍ථීනමෙසා පවරා යසස‍්සිනී, සන‍්තා සමා අග‍්ගිරිවුග‍්ගතෙජා; තඤ‍්චෙ තුවං රක‍්ඛසාදෙසි කඤ‍්ඤං, මුද‍්ධා ච හි සත‍්තධා තෙ ඵලෙය්‍ය; මා ත්‍වං දහී මුඤ‍්ච පතිබ‍්බතායා”ති.

15. මැය කීර්ති ඇති ශාන්ත වූ සම පැවැත්ම ඇති ගින්න මෙන් උගු තේජස් ඇති තැනැත්තියකි. ස්ත්‍රීන් අතර උතුම් තැනැත්තියකි. යක්‍ෂය, ඔබ ඒ කන්‍යාව කන්නෙහි නම් තොපගේ මුදුන සත්කඩකට පැලෙන්නේය. තෝ මැය නොදවව. ඇය මුදව. ඇය පතිවෘතාවකි.

තත්‍ථ සන‍්තාති උපසන‍්තා, අථ වා පණ‍්ඩිතා ඤාණසම‍්පන‍්නා. සමාති කායවිසමාදිවිරහිතා. අදෙසීති ඛාදසි. ඵලෙය්‍යාති ඉමිනා මෙ ඉන්‍දවජිරෙන පහරිත්‍වා මුද‍්ධා භිජ‍්ජෙථ. මා ත්‍වං දහීති ත්‍වං ඉමං පතිබ‍්බතං මා තාපෙය්‍යාසීති.

එහි සන්තා යනු උපශාන්ත වූවා. නැතහොත් පණ්ඩිත වූවා. නුවණින් යුක්ත වූවා. සමා යනු කායික විසමාචාරාදිය නැති. අදෙසි යනු කන්නෙහි නම්. ඵාලෙය්‍ය යනු මගේ මේ ශක්‍රයාගේ වජ්‍රායුධයෙන් පහර දෙන ලද්දේ බිඳෙන්නහුය. මා ත්‍වං දහි පතිවත රක්නා වූ මැය නොතවව යනුයි.

තං සුත්‍වා දානවො සම‍්බුලං විස‍්සජ‍්ජෙසි. සක‍්කො “පුනපි එස එවරූපං කරෙය්‍යා”ති චින‍්තෙත්‍වා දානවං දෙවසඞ‍්ඛලිකාය බන්‍ධිත්‍වා පුන අනාගමනාය තතියෙ පබ‍්බතන‍්තරෙ විස‍්සජ‍්ජෙසි, රාජධීතරං අප‍්පමාදෙන ඔවදිත්‍වා සකට‍්ඨානමෙව ගතො. රාජධීතාපි අත්‍ථඞ‍්ගතෙ සූරියෙ චන්‍දාලොකෙන අස‍්සමං පාපුණි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා අට‍්ඨ ගාථා අභාසි –

දානවයා ඒ අසා සම්බුලාවන් නිදහස් කළේය. ශක්‍රයා නැවතද මෙබන්දක් කරන්නේය යයි සිතා දානවයා දිව්‍යමය හැකිල්ලකින් බැඳ නැවත නොපැමිණීම පිණිස තෙවන පර්වතය අතර මුදා හැරියේය. අප්‍රමාදවාදයෙන් රජදුවණියට අවවාද කර සිය තැනටම ගියේය. රජදුවද හිරු අස්තයට ගියකල්හි සඳුගේ ආලෝකයෙන් අසපුවට පැමිණියාය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථා අටක් දේශනා කළ සේක.

“සා ච අස‍්සමමාගච‍්ඡි, පමුත‍්තා පුරිසාදකා; නීළං පළිනං සකුණීව, ගතසිඞ‍්ගංව ආලයං.

16. පුරුෂයන් කන්නා වූ දානවයාගෙන් මිදුන ඕ තොමෝ ආහාර ගෙන එන්නා වූ කිරිල්ලිය කැදැල්ලට පැමිණෙන්නාක් මෙන්ද, නික්මගිය වසුපැටියා ඇති ගවහලකට දෙනක මෙන්ද අසපුවට පැමිණියාය.

“සා තත්‍ථ පරිදෙවෙසි, රාජපුත‍්තී යසස‍්සිනී; සම‍්බුලා උතුමත‍්තක‍්ඛා, වනෙ නාථං අපස‍්සන‍්තී.

17. රාජදුහිතෘ වූ කීර්තිමත් ඒ සම්බුලා දේවිය වනයෙහිදී හිමියා නොදක්නී ශෝකයෙන් උපන් උණුසුමින් රත්වූ ඇස් ඇත්තී වැළපුනාය.

“සමණෙ බ්‍රාහ‍්මණෙ වන්‍දෙ, සම‍්පන‍්නචරණෙ ඉසෙ; රාජපුත‍්තං අපස‍්සන‍්තී, තුම‍්හංම‍්හි සරණං ගතා.

18. (මම) ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද උසස් හැසිරීමෙන් යුත් සෘෂිවරුන්ද වඳිමි. රාජපුත්‍රයා නොදක්නී වූ මම නුඹවහන්සේලාගේ සරණ ගියා වෙමි.

“වන්‍දෙ සීහෙ ච බ්‍යග‍්ඝෙ ච, යෙ ච අඤ‍්ඤෙ වනෙ මිගා; රාජපුත‍්තං අපස‍්සන‍්තී, තුම‍්හංම‍්හි සරණං ගතා.

19. සිංහයන්ද ව්‍යාඝ්‍රයන්ද වනයෙහි ඇති අන් මෘගයන්ද වඳිමි. රාජපුත්‍රයා නොදක්නී වූ මම ඔබලාගේ සරණ ගියා වෙමි.

“තිණා ලතානි ඔසඣො, පබ‍්බතානි වනානි ච; රාජපුත‍්තං අපස‍්සන‍්තී, තුම‍්හංම‍්හි සරණං ගතා.

20. තණකොළ වර්ගද වැල්වර්ගද ඖෂධ වර්ගද පර්වතයන්ද වනයන්ද (ඒවායේ අධිගෘහිත දෙවිවරුන්) වඳිමි. රාජපුත්‍රයා නොදක්නී වූ මම ඔබලාගේ සරණ ගියා වෙමි.

“වන්‍දෙ ඉන්‍දීවරීසාමං, රත‍්තිං නක‍්ඛත‍්තමාලිනිං; රාජපුත‍්තං අපස‍්සන‍්තී, තුම‍්හංම‍්හි සරණං ගතා.

21. නැකැත් නම් මල්මාලා ඇති නිලුපුල් මල් හා සමාන පැහැ ඇති රාත්‍රිය වඳිමි. රාජපුත්‍රයා නොදක්නී වූ මම ඔබලාගේ සරණ ගියා වෙමි.

“වන්‍දෙ භාගීරථිං ගඞ‍්ගං, සවන‍්තීනං පටිග‍්ගහං; රාජපුත‍්තං අපස‍්සන‍්තී, තුම‍්හංම‍්හි සරණං ගතා.

22. ගංගාවන්ගේ (ජලය) පිළිගන්නා වූ භාගීරථී ගංගාව වඳිමි. රාජපුත්‍රයා නොදක්නී වූ මම ඔබලාගේ සරණ ගියා වෙමි.

“වන්‍දෙ අහං පබ‍්බතරාජසෙට‍්ඨං, හිමවන‍්තං සිලුච‍්චයං; රාජපුත‍්තං අපස‍්සන‍්තී, තුම‍්හංම‍්හි සරණං ගතා”ති.

23. මම උස් වූ මුදුන් ඇති හිමාලය නැමති පර්වතරාජ ශ්‍රේෂ්ඨයා වඳිමි. රාජපුත්‍රයා නොදක්නී මම ඔබලාගේ සරණ ගියා වෙමි.

තත්‍ථ නීළං පළිනං සකුණීවාති යථා සකුණිකා මුඛතුණ‍්ඩකෙන ගොචරං ගහෙත්‍වා කෙනචි උපද‍්දවෙන සකුණපොතකානං පළිනත‍්තා පළිනං සකුණිනීළං ආගච‍්ඡෙය්‍ය, යථා වා ගතසිඞ‍්ගං නික‍්ඛන‍්තවච‍්ඡකං ආලයං සුඤ‍්ඤං වච‍්ඡකසාලං වච‍්ඡගිද‍්ධිනී ධෙනු ආගච‍්ඡෙය්‍ය, එවං සුඤ‍්ඤං අස‍්සමං ආගච‍්ඡීති අත්‍ථො. තදා හි සොත්‍ථිසෙනො සම‍්බුලාය චිරමානාය “ඉත්‍ථියො නාම ලොලා, පච‍්චාමිත‍්තම‍්පි මෙ ගහෙත්‍වා ආගච‍්ඡෙය්‍යා”ති පරිසඞ‍්කන‍්තො පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා ගච‍්ඡන‍්තරං පවිසිත්‍වා නිසීදි. තෙනෙතං වුත‍්තං. උතුමත‍්තක‍්ඛාති සොකවෙගසඤ‍්ජාතෙන උණ‍්හෙන උතුනා මන්‍දලොචනා. අපස‍්සන‍්තීති තස‍්මිං වනෙ නාථං අත‍්තනො පතිං අපස‍්සන‍්තී ඉතො චිතො ච සන්‍ධාවමානා පරිදෙවෙසි.

එහි නීළං එලින සකුණීව යනු යම්සේ කිරිල්ලිය මුවතුඩින් ගොදුරු ගෙන කිසියම් උපද්‍රවයක් නිසා කුරුළු පැටවුන් පලාගිය බැවින් කිරිල්ලිය හිස් වූ කැඳැල්ලට පැමිණේද යම්සේ ගවහලෙන් නික්මුන වසුපැටියා ඇති හිස් වූ ගවහලට වසුපැටියා පිළිබඳ බැඳීම් ඇති ධේනුව පැමිණෙන්නේද මෙසේ හිස් වූ අසපුවට පැමිණියාය යන අර්ථයි. එකල්හි සොත්‍ථිසේන තෙමේ සම්බුලාවෝ ප්‍රමාද වනවිට ස්ත්‍රීහු නම් ලොල් වූවාහුය. මගේ පසමිතුරෙකු හෝ ගෙන පැමිණෙන්නේ යයි සැක කරමින් පන්සලෙන් නික්මී ගස් අතරට පිවිස හුන්නේය. එහෙයින් මෙය කියන ලදි. උතුමත්තක්ඛා යනු ශෝක වේගය නිසා හටගත් උණුසුමින් රතු වූ ඇස් ඇති. අපස්සන්තී යනු ඒ වනයෙහි පිහිට වූ තමාගේ ස්වාමියා නොදක්නී ඔබිනොබ දුවන්නී හඬයි.

තත්‍ථ සමණෙ බ්‍රාහ‍්මණෙති සමිතපාපබාහිතපාපෙ සමණෙ බ්‍රාහ‍්මණෙ. සම‍්පන‍්නචරණෙති සහ සීලෙන අට‍්ඨන‍්නං සමාපත‍්තීනං වසෙන ච සම‍්පන‍්නචරණෙ ඉසෙ වන්‍දෙති එවං වත්‍වා රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හාකං සරණං ගතා අම‍්හි. සචෙ මෙ සාමිකස‍්ස නිසින‍්නට‍්ඨානං ජානාථ, ආචික‍්ඛථාති පරිදෙවෙසීති අත්‍ථො. සෙසගාථාසුපි එසෙව නයො. තිණා ලතානි ඔසඣොති අන‍්තොඵෙග‍්ගුබහිසාරතිණානි ච ලතානි ච අන‍්තොසාරඔසධියො ච. ඉමං ගාථං තිණාදීසු නිබ‍්බත‍්තදෙවතා සන්‍ධායාහ. ඉන්‍දීවරීසාමන‍්ති ඉන්‍දීවරීපුප‍්ඵසමානවණ‍්ණං. නක‍්ඛත‍්තමාලිනින‍්ති නක‍්ඛත‍්තපටිපාටිසමන‍්නාගතං. තුම‍්හංම‍්හීති රත‍්තිං සන්‍ධාය තම‍්පි අම‍්හීති ආහ. භාගීරථිං ගඞ‍්ගන‍්ති එවංපරියායනාමිකං ගඞ‍්ගං. සවන‍්තීනන‍්ති අඤ‍්ඤාසං බහූනං නදීනං පටිග‍්ගාහිකං. ගඞ‍්ගාය නිබ‍්බත‍්තදෙවතං සන්‍ධායෙවමාහ. හිමවන‍්තෙපි එසෙව නයො.

එහි සමණෙ බ්‍රාහ්මණෙ යනු සමනය කළ පව් ඇති බහාතබන ලද පව් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද උසස් වූ චරණයෙන් යුත් සෘෂිවරුන්ද වඳියි. මෙසේ කියා රාජපුත්‍රයා නොදක්නී ඔබලාගේ සරණ ගියේ වෙමියි ඉදින් මගේ ස්වාමියා සිටින තැන දැක දනිව් කියව් යයි හැඬුවාය යන අර්ථයි. සෙසු ගාථාවන්හිදීද මේ වූම පිළිවෙල වේ. තිණාලතානි ඔසධෙය්‍යා යනු ඇතුළත අරටුවක් නැති පිටත හරය ඇති තණකොළද වැල්ද ඇතුලත සාරය ඇති ඹෟෂධද. මේ ගාථාව තෘණ ආදියෙහි උපන් දෙවිවරු අරභයා කීවාය. ඉන්‍දීවරී සාමං නිලුපුල් මල් හා සමාන පැහැ ඇති. තුම්හම්හි යනු රාත්‍රිය අරභයා ඔබද සරණ යමියි කීවාය. භාගීරථී යනු මෙබඳු වූ පර්යාය නම් ඇති ගංගාව. සවන්තිනං යනු අනිකුත් බොහෝ ගංගාවන් පිළිගන්නා වූ ගංගාවෙහි උපන් දේවතාවා අරභයාම කීවාය. හිමවත පිළිබඳවද මේම පිළිවෙල වෙයි.

තං එවං පරිදෙවමානං දිස‍්වා සොත්‍ථිසෙනො චින‍්තෙසි – “අයං අතිවිය පරිදෙවති, න ඛො පනස‍්සා භාවං ජානාමි, සචෙ මයි සිනෙහෙන එවං කරොති , හදයම‍්පිස‍්සා ඵලෙය්‍ය, පරිග‍්ගණ‍්හිස‍්සාමි තාව න”න‍්ති ගන‍්ත්‍වා පණ‍්ණසාලද‍්වාරෙ නිසීදි. සාපි පරිදෙවමානාව පණ‍්ණසාලද‍්වාරං ගන‍්ත්‍වා තස‍්ස පාදෙ වන්‍දිත්‍වා “කුහිං ගතොසි, දෙවා”ති ආහ. අථ නං සො, “භද‍්දෙ , ත්‍වං අඤ‍්ඤෙසු දිවසෙසු න ඉමාය වෙලාය ආගච‍්ඡසි, අජ‍්ජ අතිසායං ආගතාසී”ති පුච‍්ඡන‍්තො ගාථමාහ –

මෙසේ වැලපෙන්නා වූ ඇය දැක සොත්‍ථිසේන මෙසේ සිතීය. මැය ඉමහත් ලෙස වැලපෙයි. මැගේ සිතැඟි මම නොදනිමි. ඉදින් මා කෙරෙහි සෙනෙහසින් මෙසේ කරයි නම් මැයගේ හදවතද පැලෙන්නේය. පළමුව ඇය පරීක්‍ෂා කරන්නෙමියි ගොස් පන්සල දොරටුවෙහි හුන්නේය. ඇය වැළපෙමින් පන්සල දොරටුවට ගොස් ඔහුගේ පාදයන් වැඳ දේවයන් වහන්ස, කොහි ගියේ වෙහිදැයි කීවාය. ඉක්බිති හෙතෙම ඇයට කියනුයේ ඔබ වෙනත් දිනයන්හි මේ වේලාවට නොපැමිණියෙහිය. අද ඉතා සවස් වී පැමිණියා වෙහි යයි විමසමින් ගාථාවක් කීවාය.

“අතිසායං වතාගඤ‍්ඡි, රාජපුත‍්ති යසස‍්සිනි; කෙන නුජ‍්ජ සමාගච‍්ඡි, කො තෙ පියතරො මයා”ති.

24. කීර්ති ඇති රජදුවණියනි, ඔබ ඉතා සවස් වී පැමිණියාය. අද කවරෙකු හා එක්වූවාද? මට වඩා ඔබට අතිශයින්ම ප්‍රිය වූවේ කවරෙක්ද?

අථ නං සා “අහං, අය්‍යපුත‍්ත, ඵලාඵලානි ආදාය ආගච‍්ඡන‍්තී එකං දානවං පස‍්සිං, සො මයි පටිබද‍්ධචිත‍්තො හුත්‍වා මං හත්‍ථෙ ගණ‍්හිත්‍වා ‘සචෙ මම වචනං න කරොසි, ඛාදිස‍්සාමි ත’න‍්ති ආහ, අහං තාය වෙලාය තඤ‍්ඤෙව අනුසොචන‍්තී එවං පරිදෙවි”න‍්ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති ඇය ඔහුට කියනුයේ ආර්ය පුත්‍රය, මම ඵලාඵල ගෙන එන්නී එක් අසුරයෙකු දිටීමි. හෙතෙම මා පිළිබඳව සිත් ඇත්තේ වී මා අතින් ගෙන ඉදින් මගේ වචනය නොකරහි නම් තී කන්නෙමියි කීවේය. මම ඒ වේලාවෙහි ඒ අනුවම ශෝක කරමින් මෙසේ වැළපුනෙමි කියා ගාථාවක් කීවාය.

“ඉදං ඛොහං තදාවොචං, ගහිතා තෙන සත‍්තුනා; න මෙ ඉදං තථා දුක‍්ඛං, යං මං ඛාදෙය්‍ය රක‍්ඛසො; යඤ‍්ච මෙ අය්‍යපුත‍්තස‍්ස, මනො හෙස‍්සති අඤ‍්ඤථා”ති.

25. ඒ සතුරා විසින් අල්ලාගන්නා ලද මම ඔහුට මෙය කීවෙමි. යම් හෙයකින් රක්‍ෂයා මා කන්නේ නම් එය මට දුකක් නොවේ. යම්හෙයකින් මගේ ස්වාමියාගේ සිත අන් පරිද්දකින් වන්නේ නම් (එය මට ඊට වඩා දුකක් වන්නේය) යනුවෙනි.

අථස‍්ස සෙසම‍්පි පවත‍්තිං ආරොචෙන‍්තී “තෙන පනාහං, දෙව, දානවෙන ගහිතා අත‍්තානං විස‍්සජ‍්ජාපෙතුං අසක‍්කොන‍්තී දෙවතුජ‍්ඣාපනකම‍්මං අකාසිං, අථ සක‍්කො වජිරහත්‍ථො ආගන‍්ත්‍වා ආකාසෙ ඨිතො දානවං සන‍්තජ‍්ජෙත්‍වා මං විස‍්සජ‍්ජාපෙත්‍වා තං දෙවසඞ‍්ඛලිකාය බන්‍ධිත්‍වා තතියෙ පබ‍්බතන‍්තරෙ ඛිපිත්‍වා පක‍්කාමි, එවාහං සක‍්කං නිස‍්සාය ජීවිතං ලභි”න‍්ති ආහ. තං සුත්‍වා සොත්‍ථිසෙනො, “භද‍්දෙ, හොතු, මාතුගාමස‍්ස අන‍්තරෙ සච‍්චං නාම දුල‍්ලභං, හිමවන‍්තෙ හි බහූ වනචරකතාපසවිජ‍්ජාධරාදයො සන‍්ති, කො තුය‍්හං සද‍්දහිස‍්සතී”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති අනික් තොරතුරුද පවසන්නී දේවයන් වහන්ස, ඒ දානවයා විසින් ගන්නා ලද මම තමා නිදහස් කරවන්නට නොහැකි වන්නී දෙවියන්ට හඬ ගා කීම කළෙමි. අනතුරුව වජ්‍රායුධය ගත් අත් ඇති ශක්‍රයා අවුත් අහසෙහි සිටියේ අසුරයා තැති ගන්වා මා නිදහස් කරවා ඔහු දිව්‍යමය හැකිල්ලකින් බැඳ තෙවන පර්වතය අතර දමා ගියේය. මෙසේ මම ශක්‍රයා නිසා ජීවිතය ලැබූවෙමියි කීවාය. ඒ අසා සොත්‍ථිසේන කියනුයේ සොඳුර, එසේ වේවා! මාගමුන් අතර ඇත්තක් නම් දුලබය. හිමවතෙහි බොහෝ වනචාරී තාපස විද්‍යාධර ආදීහු වෙති. කවරෙක් නම් ඔබගේ වචනය අදහන්නේදැයි කියා ගාථාවක් කීවේය.

“චොරීනං බහුබුද‍්ධීනං, යාසු සච‍්චං සුදුල‍්ලභං; ථීනං භාවො දුරාජානො, මච‍්ඡස‍්සෙවොදකෙ ගත”න‍්ති.

26. සොර සිත් ඇති, බොහෝ අදහස් ඇති යම් මේ ස්ත්‍රීන් අතර සත්‍ය වචනය දුර්ලභය. ජලයෙහි මත්ස්‍යයාගේ ගමන මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගැනීම අපහසුය.

සා තස‍්ස වචනං සුත්‍වා, “අය්‍යපුත‍්ත, අහං තං අසද‍්දහන‍්තං මම සච‍්චබලෙනෙව තිකිච‍්ඡිස‍්සාමී”ති උදකස‍්ස කලසං පූරෙත්‍වා සච‍්චකිරියං කත්‍වා තස‍්ස සීසෙ උදකං ආසිඤ‍්චන‍්තී ගාථමාහ –

ඇය ඔහුගේ වචනය අසා ස්වාමීනි, මම එය අදහමින් මගේ සත්‍යානුභාවයෙන් පිළියම් කරන්නෙමි යි කියා වතුර කලයක් පුරවා සත්‍යක්‍රියා කර ඔහුගේ හිසෙහි වතුර වත් කරන්නී ගාථාවක් කීවාය.

“තථා මං සච‍්චං පාලෙතු, පාලයිස‍්සති චෙ මමං; යථාහං නාභිජානාමි, අඤ‍්ඤං පියතරං තයා; එතෙන සච‍්චවජ‍්ජෙන, බ්‍යාධි තෙ වූපසම‍්මතූ”ති.

27. යම් සේ මම ඔබට වඩා අන් ඉතා ප්‍රිය වූවෙක් නොදනිමි යයි මේ මාගේ සත්‍යය රකීවා. අනාගතයෙහිද රකින්නේය. මේ සත්‍ය වචනය කරණ කොටගෙන ඔබගේ රෝගය සංසිඳේවා යනුවෙනි.

තත්‍ථ තථා-සද‍්දො “චෙ මම”න‍්ති ඉමිනා සද‍්ධිං යොජෙතබ‍්බො. ඉදං වුත‍්තං හොති – යථාහං වදාමි, තථා චෙ මම වචනං සච‍්චං, අථ මං ඉදානිපි පාලෙතු, ආයතිම‍්පි පාලෙස‍්සති, ඉදානි මෙ වචනං සුණාථ “යථාහං නාභිජානාමී”ති. පොත්‍ථකෙසු පන “තථා මං සච‍්චං පාලෙතී”ති ලිඛිතං, තං අට‍්ඨකථායං නත්‍ථි.

එහි තථා යන ශබ්දය චෙ මමං යන මෙය සමග යෙදිය යුතුය. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ මම කියමිද එසේම ඒකාන්තයෙන් මගේ වචනය ඇත්තයි දැනුදු මා ආරක්ෂා කෙරේවා. අනාගතයෙහිදීද රකින්නේය. දැන් මගේ වචනය අසව්. යථාහං නාභිජානාමි යනු ඇතැම් පොතක තථා මං සච්ච පාලෙති යයි ලියන ලදි. එය අටුවාවෙහි නැත.

එවං තාය සච‍්චකිරියං කත්‍වා උදකෙ ආසිත‍්තමත‍්තෙයෙව සොත්‍ථිසෙනස‍්ස කුට‍්ඨං අම‍්බිලෙන ධොතං විය තම‍්බමලං තාවදෙව අපගච‍්ඡි. තෙ කතිපාහං තත්‍ථ වසිත්‍වා අරඤ‍්ඤා නික‍්ඛම‍්ම බාරාණසිං පත්‍වා උය්‍යානං පවිසිංසු. රාජා තෙසං ආගතභාවං ඤත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා තත්‍ථෙව සොත්‍ථිසෙනස‍්ස ඡත‍්තං උස‍්සාපෙත්‍වා සම‍්බුලං අග‍්ගමහෙසිට‍්ඨානෙ අභිසිඤ‍්චාපෙත්‍වා නගරං පවෙසෙත්‍වා සයං ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා උය්‍යානෙ වාසං කප‍්පෙසි, රාජනිවෙසනෙයෙව ච නිබද‍්ධං භුඤ‍්ජි. සොත්‍ථිසෙනොපි සම‍්බුලාය අග‍්ගමහෙසිට‍්ඨානමත‍්තමෙව අදාසි, න පුනස‍්සා කොචි සක‍්කාරො අහොසි, අත්‍ථිභාවම‍්පිස‍්සා න අඤ‍්ඤාසි, අඤ‍්ඤාහෙව ඉත්‍ථීහි සද‍්ධිං අභිරමි. සම‍්බුලා සපත‍්තිදොසවසෙන කිසා අහොසි උපණ‍්ඩුපණ‍්ඩුකජාතා ධමනීසන්‍ථතගත‍්තා. සා එකදිවසං සොකවිනොදනත්‍ථං භුඤ‍්ජිතුං ආගතස‍්ස සසුරතාපසස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං කතභත‍්තකිච‍්චං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සො තං මිලාතින්‍ද්‍රියං දිස‍්වා ගාථමාහ –

ඇය විසින් මෙසේ සත්‍යක්‍රියා කර ජලය ඉස්ස කල්හිම සොත්‍ථිසේනගේ කුෂ්ටරෝගය ඇඹුලින් සෝදන ලද තඹවල කිළිටි මෙන් එකෙනෙහිම ඉවත් වීය. ඔවුහු කිහිප දිනක් එහිම වාසය කර වනයෙන් නික්මී බරණැස් නුවරට පැමිණ උයනට පිවිසියාහුය. රජු ඔවුන් පැමිණි බව දැන උයනට ගොස් එහිදීම සොත්‍ථිසේනට සේසත ඔසවා සම්බුලාදේවිය අගමෙහෙසී තනතුරෙහි අභිෂේක කර නුවරට පිවිසවා තමා තවුස් පැවිද්දෙන් පැවිදි වී උයනෙහි වාසය කළේය. රජමාළිගයෙහිම නිතර අනුභව කළේය. සොත්‍ථිසේන රජු සම්බුලාවනට අගමෙහෙසි තනතුර පමණක්ම දුන්නේය. නැවත කිසිදු සත්කාරයක් නොවීය. ඇයගේ ඇති බවක් හෝ නොසිතීය. අන් ස්ත්‍රීන් සමගම සතුටු වීය. සම්බුලා දේවිය සපත්නී ක්‍රෝධයෙන් කෙට්ටු වූවාය. සුදුමැලි වූවා නහර ඉල්පී ගිය සිරුර ඇත්තී වූවාය. ඇය එක් දිනයක ශෝකය සන්සිඳුවනු පිණිස ආහාර අනුභව කරන්නට පැමිණි මාමණ්ඩිය වූ තාපසයාගේ සමීපයට ගොස් කරන ලද බත්කිස ඇති ඔහුට වැඳ එකත්පස්ව හුන්නාය. හෙතෙම මැලවුන ඉඳුරන් ඇති ඇය දැක,

“යෙ කුඤ‍්ජරා සත‍්තසතා උළාරා, රක‍්ඛන‍්ති රත‍්තින්‍දිවමුය්‍යුතාවුධා; ධනුග‍්ගහානඤ‍්ච සතානි සොළස, කථංවිධෙ පස‍්සසි භද‍්දෙ සත‍්තවො”ති.

28. යම්බඳු වූ මහත් ඇත්තු සත්සියයක් ද දරන ලද ආයුධ ඇති දුනු දරන්නෝ එක්දහස් හයසියයක්ද රෑ දවල් මෙනුවර රකිත්. යහපත් තැනැත්තිය, කෙබඳු වූ සතුරන් දකින්නෙහිද?

යන ගාථාව කීවේය.

තස‍්සත්‍ථො – භද‍්දෙ, සම‍්බුලෙ යෙ අම‍්හාකං සත‍්තසතා කුඤ‍්ජරා, තෙසඤ‍්ඤෙව ඛන්‍ධගතානං යොධානං වසෙන උය්‍යුත‍්තාවුධා, අපරානි ච සොළසධනුග‍්ගහසතානි රත‍්තින්‍දිවං බාරාණසිං රක‍්ඛන‍්ති. එවං සුරක‍්ඛිතෙ නගරෙ කථංවිධෙ ත්‍වං සත‍්තවො පස‍්සසි. භද‍්දෙ, යස‍්සා තව සාසඞ‍්කා සප‍්පටිභයා අරඤ‍්ඤා ආගතකාලෙපි පභාසම‍්පන‍්නං සරීරං, ඉදානි පන මිලාතා පණ‍්ඩුපලාසවණ‍්ණා අතිවිය කිලන‍්තින්‍ද්‍රියාසි, කස‍්ස නාම ත්‍වං භායසී”ති පුච‍්ඡි.

එහි අර්ථය නම් සොඳුරිය සම්බුලාවනි, යම්බඳු වූ සත්සියයක් ඇත්තුද ඔවුන් පිට නැගි යෝධයන් වශයෙන් ආයුධ දරන්නා වූ වෙනත් දුනු දරන්නන් එක්දහස් හයසියයක්ද රෑ දවල් අපගේ බරණැස් නගරය රකිත්. මෙසේ මනාව රක්නා වූ නගරයෙහි ඔබ කෙබඳු සතුරන් දක්නෙහිද? සොඳුරිය, යම්බඳු වූ ඔබගේ සැක සහිත බවක්ද? බිය සහිත බවක්ද? වනයෙන් පැමිණි කල්හි කාන්තිමත් වූ ශරීරය දැන් මැලවූයේ පඬුවන් වූ වියලි කොළ හා සමාන වූයේ අතිශයින් ක්ලාන්ත වූ ඉඳුරන් ඇත්තෙහිය. ඔබ කවරෙකුට නම් බිය වෙහිද

සා තස‍්ස වචනං සුත්‍වා “පුත‍්තො තෙ, දෙව, මයි න පුරිමසදිසො”ති වත්‍වා පඤ‍්ච ගාථා අභාසි –

ඇය ඔහුගේ වචනය අසා දේවයන් වහන්ස, ඔබගේ පුත්‍රයා මා කෙරෙහි පෙර සේ නොවන්නේ යයි කියා ගාථා පහක් කීවාය.

“අලඞ‍්කතායො පදුමුත‍්තරත‍්තචා, විරාගිතා පස‍්සති හංසගග‍්ගරා; තාසං සුණිත්‍වා මිතගීතවාදිතං, න දානි මෙ තාත තථා යථා පුරෙ.

29. පියාණනි, (ඔබගේ පුතු වූ සොත්‍ථිසේන තෙමේ) පියුම් ගැබක මෙන් පැහැපත් මතුපිට සම ඇති අලංකාර ලෙස සැරසුනු සිහින් ඉඟ ඇති හංසයන්ගෙන් මෙන් මිහිරි ස්වර ඇති ස්ත්‍රීන් දකියි. ඈලාගේ මිහිරි ගී හා වාදනයන් අසා දැන් පෙර පරිදි මා කෙරෙහි නොපවතී.

“සුවණ‍්ණසංකච‍්චධරා සුවිග‍්ගහා, අලඞ‍්කතා මානුසියච‍්ඡරූපමා; සෙනොපියා තාත අනින්‍දිතඞ‍්ගියො, ඛත‍්තියකඤ‍්ඤා පටිලොභයන‍්ති නං.

30. පියාණනි, රනින් කරන ලද තනපට දරන්නා වූ මනා සිරුරු ඇති සරසන ලද මිනිස් දෙවඟනන් හා සමාන වූ නින්දා නොකරන අවයව ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවෝ සොත්‍ථිසේනට ප්‍රියයහ. ඒ ක්‍ෂත්‍රිය කන්‍යාවෝ ඔහු පොළඹවත්.

“සචෙ අහං තාත තථා යථා පුරෙ, පතිං තමුඤ‍්ඡාය පුනා වනෙ භරෙ; සම‍්මානයෙ මං න ච මං විමානයෙ, ඉතොපි මෙ තාත තතො වරං සියා.

31. පියාණනි, ඉදින් මම පෙර යම් සේ වීද එසේ වනයෙහි නැවත ආහාර පිණිස හැසිරී ඒ ස්වාමියා පෝෂණය කරන්නේ නම් මට ගෞරව කරන්නේය. මට අවමන් නොකරන්නේය. පියාණනි, මෙයට වඩා මට එය උතුම් වන්නේය.

“යමන‍්නපානෙ විපුලස‍්මි ඔහිතෙ, නාරී විමට‍්ඨාභරණා අලඞ‍්කතා; සබ‍්බඞ‍්ගුපෙතා පතිනො ච අප‍්පියා, අබජ‍්ඣ තස‍්සා මරණං තතො වරං.

32. යම් හෙයකින් ආහාර පානයන් බොහෝකොට සූදානම් කර ඇති ගෘහයෙහි නොයෙක් ආභරණවලින් සැරසුන සියළු අංගයන්ගෙන් යුත් ස්ත්‍රිය ස්වාමියාට අප්‍රිය වන්නේ නම් ඇයට ගෙල වැල ලා මරණය ඊට වඩා උතුම් වේ.

“අපි චෙ දලිද‍්දා කපණා අනාළ‍්හියා, කටාදුතීයා පතිනො ච සා පියා; සබ‍්බඞ‍්ගුපෙතායපි අප‍්පියාය, අයමෙව සෙය්‍යා කපණාපි යා පියා”ති.

33. තවද දිළිඳු වූ බැගෑපත් වූ නැළියක් හෝ සහල් නැත්තා වූ පැදුරම දෙවෙනි කොට ඇති ස්ත්‍රියක් වේද, ඇය ස්වාමියාට ප්‍රිය වූවාද සියළු අංගයන්ගෙන් යුත් අප්‍රිය වූ තැනැත්තියට වඩා දිළිඳු වූවා නමුත් යම් තැනැත්තියක් ප්‍රිය වූවාද ඇයම උතුම් වේ යනුයි.

තත්‍ථ පදුමුත‍්තරත‍්තචාති පදුමගබ‍්භසදිසඋත‍්තරත‍්තචා. සබ‍්බාසං සරීරතො සුවණ‍්ණපභා නිච‍්ඡරන‍්තීති දීපෙති. විරාගිතාති විලග‍්ගසරීරා, තනුමජ‍්ඣාති අත්‍ථො. හංසගග‍්ගරාති එවරූපා හංසා විය මධුරස‍්සරා නාරියො පස‍්සති. තාසන‍්ති සො තව පුත‍්තො තාසං නාරීනං මිතගීතවාදිතාදීනි සුණිත්‍වා ඉදානි මෙ, තාත, යථා පුරෙ, තථා න පවත‍්තතීති වදති. සුවණ‍්ණසංකච‍්චධරාති සුවණ‍්ණමයසංකච‍්චාලඞ‍්කාරධරා. අලඞ‍්කතාති නානාලඞ‍්කාරපටිමණ‍්ඩිතා. මානුසියච‍්ඡරූපමාති මානුසියො අච‍්ඡරූපමා. සෙනොපියාති සොත්‍ථිසෙනස‍්ස පියා. පටිලොභයන‍්ති නන‍්ති නං තව පුත‍්තං පටිලොභයන‍්ති.

එහි පදුමුත්තරත්තචා යනු පියුම් ගැබ හා සමාන උතුම් සිවිය ඇති. සියළුම ස්ත්‍රීන්ගේ සිරුරුවලින් රන්වන් පැහැය නික්මෙයි යයි දක්වයි. විරාගිතා යනු සැරසූ සිරුර ඇති හෝ සිහින් ඉඟ ඇති යන අර්ථයි. හංස ගග්ගරා යනු මිහිරි හඬ ඇති හංසයන් වැනි මෙබඳු ස්ත්‍රීන් දකී. තාසං යනු ඒ ඔබගේ පුත්‍රයා ඒ ස්ත්‍රීන්ගේ මිහිරි ගීතයන් වාදනයන් ආදිය අසා පියාණනි, දැන් මා කෙරෙහි පෙර පරිදි නොපවතී යයි කියයි. සුවණ්ණ සංකච්ච ධරා යනු රනින්ම කරන ලද තනපට හා අබරණ දරන්නා වූ. අලංකතා යනු නොයෙක් ආභරණයන්ගෙන් සැරසුනා වූ. මානුසියච්ඡරූපා යනු මිනිස්මය අප්සරාවන් උපමා කර ඇති. සෙනොපියා යනු සොත්‍ථිසේන රජුට ප්‍රිය වූ. පටිලොභයන්ති නං යනු ඔබගේ පුත්‍රයා පොළඹවත්.

සචෙ අහන‍්ති, තාත, යථා පුරෙ සචෙ අහං පුනපි තං පතිං තථෙව කුට‍්ඨරොගෙන වනං පවිට‍්ඨං උඤ‍්ඡාය තස‍්මිං වනෙ භරෙය්‍යං, පුනපි මං සො සම‍්මානෙය්‍ය න විමානෙය්‍ය, තතො මෙ ඉතොපි බාරාණසිරජ‍්ජතො තං අරඤ‍්ඤමෙව වරං සියා සපත‍්තිදොසෙන සුස‍්සන‍්තියාති දීපෙති. යමන‍්නපානෙති යං අන‍්නපානෙ. ඔහිතෙති ඨපිතෙ පටියත‍්තෙ. ඉමිනා බහුන‍්නපානඝරං දස‍්සෙති. අයං කිරස‍්සා අධිප‍්පායො – යා නාරී විපුලන‍්නපානෙ ඝරෙ එකිකාව අසපත‍්ති සමානා විමට‍්ඨාභරණා නානාලඞ‍්කාරෙහි අලඞ‍්කතා සබ‍්බෙහි ගුණඞ‍්ගෙහි උපෙතා පතිනො ච අප‍්පියා හොති, අබජ‍්ඣ ගීවාය වල‍්ලියා වා රජ‍්ජුයා වා බන්‍ධිත්‍වා තස‍්සා තතො ඝරාවාසතො මරණමෙව වරතරන‍්ති. අනාළ‍්හීයාති අනාළ‍්හා. කටාදුතීයාති නිපජ‍්ජනකටසාරකදුතියා. සෙය්‍යාති කපණාපි සමානා යා පතිනො පියා, අයමෙව උත‍්තමාති.

සචෙ අහං යනු පියාණනි, ඉදින් මම පෙර පරිදි නැවත කුෂ්ට රෝගය නිසා වනයට පිවිසි ඒ සැමියා එසේම වනයෙහිදී පෝෂණය කරන්නේ නම් නැවතද ඔහු මා ගරු කරන්නේය. අවමන් නොකරන්නේය. ඒ මේ බරණැස් නුවර රාජ්‍යයටද වඩා ඒ වනයම උතුම් වන්නේය යි සමාන ස්වාමි බව පිළිබඳ ද්වේශයෙන් වියලෙන්නෙමියි දක්වයි. යමන්නපානෙ යනු යම් හෙයකින් ආහාරපානයන් ඔහිතෙ යනු තබන ලද පිළියෙල කරන ලද මෙයින් බොහෝ ආහාරපාන ඇති ගෙයක් දක්වයි. ඇගේ අදහස මෙයයි. යම් ස්ත්‍රියක් නිවසෙහි බොහෝ ආහාරපාන ඇති කල්හිද පුතුන් නැතිව හුදකලා වූවා හා සමාන වූවා. විමට්ඨාභරණා යනු නොයෙක් ආභරණයන්ගෙන් අලංකාර කරන ලද්දී සියළු ගුණාංගයන්ගෙන් යුක්ත වූවා නමුදු ස්වාමියාට අප්‍රිය වූවාද අබජ්ක්‍ධ බෙල්ලෙහි වැලකින් හෝ රැහැණින් හෝ බැඳ මරණයම ඒ ගෙයි වාසය කිරීමට වඩා උතුම් වේ යනුයි. අනාළහියා යනු නැළියක් හෝ සහල් නැති. කටාදුතියා යනු හෝනා පැදුරම දෙවනකොට ඇති. සෙය්‍යා යනු යම් තැනැත්තියක් බැගෑපත් වූවාද ස්වාමියාට ප්‍රිය වේනම් මෝතොමෝම උතුම් තැනැත්තියක යයි යනුවෙනි.

එවං තාය අත‍්තනො පරිසුස‍්සනකාරණෙ තාපසස‍්ස කථිතෙ තාපසො රාජානං පක‍්කොසාපෙත්‍වා “තාත, සොත්‍ථිසෙන තයි කුට‍්ඨරොගාභිභූතෙ අරඤ‍්ඤං පවිසන‍්තෙ තයා සද‍්ධිං පවිසිත්‍වා තං උපට‍්ඨහන‍්තී අත‍්තනො සච‍්චබලෙන තව රොගං වූපසමෙත්‍වා යා තෙ රජ‍්ජෙ පතිට‍්ඨානකාරණමකාසි, තස‍්සා නාම ත්‍වං නෙව ඨිතට‍්ඨානං, න නිසින‍්නට‍්ඨානං ජානාසි, අයුත‍්තං තෙ කතං, මිත‍්තදුබ‍්භිකම‍්මං නාමෙතං පාපක”න‍්ති වත්‍වා පුත‍්තං ඔවදන‍්තො ගාථමාහ –

ඇය විසින් මෙසේ තමාගේ වියලෙන කරුණු තාපසයාට කී කල්හි තාපසයා රජු කැඳවා දරුව සොත්‍ථිසේනය, කුෂ්ට රෝගයෙන් මඩනා ඔබ වනයට පිවිසෙන කල්හි ඔබ සමග වනයට පිවිස ඔබට උපස්ථාන කරන්නී තමාගේ සත්‍යක්‍රියා බලයෙන් ඒ රෝගය සන්සිඳුවා යම් තැනැත්තියක් ඔබ රාජ්‍යයෙහි පිහිටීමට අවශ්‍ය කරුණු කළාද ඔබ ඇයගේ සිටි තැන හෝ හුන් තැන දන්නෙහිද ඔබ විසින් නුසුදුස්සක් කරන ලදි. ඔබ මිත්‍රද්‍රෝහී වූවෙහිය. මෙය පවිටු ක්‍රියාවෙකැයි කියා පුත්‍රයාට අවවාද කරමින් ගාථාවක් කීවේය.

“සුදුල‍්ලභිත්‍ථී පුරිසස‍්ස යා හිතා, භත‍්තිත්‍ථියා දුල‍්ලභො යො හිතො ච; හිතා ච තෙ සීලවතී ච භරියා, ජනින්‍ද ධම‍්මං චර සම‍්බුලායා”ති.

34. යම් ස්ත්‍රියක් ස්වාමි පුරුෂයාට හිතැති වූවාද එබඳු ස්ත්‍රිය අතිශයින් දුර්ලභය. යම් ස්වාමිපුරුෂයෙක් ස්ත්‍රියට බැතිමත් වේද එබඳු පුරුෂයාද අතිශයින් දුර්ලභය. ඔබගේ භාර්යාව වූ සම්බුලා තොමෝ හිතැති වූවාය. සිල්වත්ය. රජතුමනි, සම්බුලාවන් කෙරෙහි දැහැමිව හැසිරෙව.

තස‍්සත්‍ථො – තාත, යා පුරිසස‍්ස හිතා මුදුචිත‍්තා අනුකම‍්පිකා ඉත්‍ථී, යො ච භත‍්තා ඉත්‍ථියා හිතො කතගුණං ජානාති, උභොපෙතෙ සුදුල‍්ලභා. අයඤ‍්ච සම‍්බුලා තුය‍්හං හිතා චෙව සීලසම‍්පන‍්නා ච, තස‍්මා එතිස‍්සා ධම‍්මං චර, කතගුණං ජානිත්‍වා මුදුචිත‍්තො හොහි, චිත‍්තමස‍්සා පරිතොසෙහීති.

එහි අර්ථය දරුව, යම් ස්ත්‍රියක් ස්වාමි පුරුෂයාට හිතවත්ද, මොළොක් වූ සිත් ඇත්තීද අනුකම්පා කරන්නීද එවැනි ස්ත්‍රියද යම් පුරුෂයෙක් ස්ත්‍රියට බැතිමත්ද හිත ඇත්තේද කළගුණ දන්නේද මේ දෙදෙනාම දුර්ලභය. මේ සම්බුලා තොමෝ ඔබට හිතවත් වූවාය. සිල්වත් වූවාද වේ. එහෙයින් මැය කෙරෙහි දැහැමිව හැසිරෙව. කළගුණ දැන මෘදු වූ සිත් ඇත්තේ වෙහි. මැගේ සිත සන්තෝෂ කරව යනුවෙනි.

එවං සො පුත‍්තස‍්ස ඔවාදං දත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. රාජා පිතරි ගතෙ සම‍්බුලං පක‍්කොසාපෙත්‍වා, “භද‍්දෙ, එත‍්තකං කාලං මයා කතං දොසං ඛම, ඉතො පට‍්ඨාය සබ‍්බිස‍්සරියං තුය‍්හමෙව දම‍්මී”ති වත්‍වා ඔසානගාථමාහ –

හෙතෙම මෙසේ පුත්‍රයාට අවවාද දී නැගිට ගියාය. රජු පියා ගිය කල්හි සම්බුලා දේවිය කැඳවා සොඳුර, මෙතෙක් කල් මා කළ දෝෂය ඉවසව. මෙතැන් පටන් සියළු සම්පත් ඔබටම දෙමියි කියා අවසාන ගාථාව කීවේය.

“සචෙ තුවං විපුලෙ ලද‍්ධභොගෙ, ඉස‍්සාවතිණ‍්ණා මරණං උපෙසි; අහඤ‍්ච තෙ භද‍්දෙ ඉමා රාජකඤ‍්ඤා, සබ‍්බෙ තෙ වචනකරා භවාමා”ති.

35. සොඳුර, ඉදින් ඔබ බොහෝකොට ලබන ලද සම්පත් ඇතිකල්හිද ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූවාම මරණයට පැමිණෙන්නෙහිය. මමද මේ රාජකන්‍යාවෝද යන සියල්ලෝම ඔබගේ වචනය කරන්නමෝ වෙමු.

තස‍්සත්‍ථො – භද‍්දෙ, සම‍්බුලෙ සචෙ ත්‍වං රතනරාසිම‍්හි ඨපෙත්‍වා අභිසිත‍්තා අග‍්ගමහෙසිට‍්ඨානවසෙන විපුලෙ භොගෙ ලභිත්‍වාපි ඉස‍්සාය ඔතිණ‍්ණා මරණං උපෙසි, අහඤ‍්ච ඉමා ච රාජකඤ‍්ඤා සබ‍්බෙ තව වචනකරා භවාම, ත්‍වං යථාධිප‍්පායං ඉමං රජ‍්ජං විචාරෙහීති සබ‍්බිස‍්සරියං තස‍්සා අදාසි.

එහි අර්ථය සොඳුරිය සම්බුලාවෙනි, ඉදින් ඔබ රත්රන් රැසෙහි තබා අභිෂේක කරන ලද්දීය. අගමෙහෙසි තනතුරු ලැබීම් වශයෙන් මහත් වූ සම්පත් ලබාද ඊර්ෂ්‍යාවෙන් බැසගත්තාහු මරණයට එළඹෙහි. මමද මේ රාජකන්‍යාවෝද යන සියල්ලෝම ඔබගේ වචනය කරන්නමෝ වෙමු. ඔබ සිතැඟි පරිදි මේ රාජ්‍යය විචාරවයි සියළු සම්පත් ඇයට දුන්නේය.

තතො පට‍්ඨාය උභො සමග‍්ගවාසං වසන‍්තා දානාදීනි පුඤ‍්ඤානි කරිත්‍වා යථාකම‍්මං ගමිංසු. තාපසො ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

එතැන් පටන් දෙදෙනාම සමගිව එකට වසන්නාහු දන් දීම් ආදී පිං කර කම්වූ පරිදි මියපරලොව ගියාහුය. තාපසයා ධ්‍යාන අභිඥා උපදවා බ්‍රහ්මලෝකයට ගියේ වීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි මල‍්ලිකා පතිදෙවතායෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි “තදා සම‍්බුලා මල‍්ලිකා අහොසි, සොත්‍ථිසෙනො කොසලරාජා, පිතා තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද මල්ලිකා දේවිය ස්වාමියා දෙවිකොට සැළකුවේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සම්බුලා දේවිය මල්ලිකා වූවාය. සොත්‍ථිසේන රජු කොසොල් රජු වීය. පියා වූ තාපසයා මම ම වීමි යයි වදාළ සේක.

සම‍්බුලාජාතකවණ‍්ණනා නවමා.