යෙදුමෙන් කියවන්න

8. පණ‍්ඩරනාගරාජජාතකවණ‍්ණනා 518 අට‍්ඨකථා

8. පණ‍්ඩරනාගරාජජාතකවණ‍්ණනා (518)

8. පණ්ඩරක ජාතකය (518)

විකිණ‍්ණවාචන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මුසාවාදං කත්‍වා දෙවදත‍්තස‍්ස පථවිප‍්පවෙසනං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා භික‍්ඛූහි තස‍්ස අවණ‍්ණෙ කථිතෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො මුසාවාදං කත්‍වා පථවිං පවිට‍්ඨොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

විකිණ්ණ වාචං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මුසාවාද අකුසල කර්මය කොට දෙව්දත්ගේ පොළොවෙහි පිවිසීම අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා විසින් ඔහුගේ අගුණ කී කල්හි මහණෙනි, දෙව්දත් බොරු කියා පොළොවෙහි පිවිසියේ දැන් පමණක් නොවේ. පෙරද පිවිසියේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ පඤ‍්චසතවාණිජා නාවාය සමුද‍්දං පක‍්ඛන්‍දිත්‍වා සත‍්තමෙ දිවසෙ අතීරදස‍්සනියා නාවාය සමුද‍්දපිට‍්ඨෙ භින‍්නාය ඨපෙත්‍වා එකං අවසෙසා මච‍්ඡකච‍්ඡපභක‍්ඛා අහෙසුං, එකො පන වාතවෙගෙන කරම‍්පියපට‍්ටනං නාම පාපුණි. සො සමුද‍්දතො උත‍්තරිත්‍වා නග‍්ගභොගො තස‍්මිං පට‍්ටනෙයෙව භික‍්ඛාය චරි. තමෙනං මනුස‍්සා “අයං සමණො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො”ති සම‍්භාවෙත්‍වා සක‍්කාරං කරිංසු. සො “ලද‍්ධො මෙ ජීවිකූපායො”ති තෙසු නිවාසනපාරුපනං දෙන‍්තෙසුපි න ඉච‍්ඡි. තෙ “නත්‍ථි ඉතො උත‍්තරි අප‍්පිච‍්ඡො සමණො”ති භිය්‍යො භිය්‍යො පසීදිත්‍වා තස‍්ස අස‍්සමපදං කත්‍වා තත්‍ථ නං නිවාසාපෙසුං. සො “කරම‍්පියඅචෙලො”ති පඤ‍්ඤායි. තස‍්ස තත්‍ථ වසන‍්තස‍්ස මහාලාභසක‍්කාරො උදපාදි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි පන්සියයක් වෙළෙන්දෝ නැවෙන් මුහුදට පැමිණ සත්වන දවස්හි තෙරක් නොදක්නේ මුහුද මත නැව බිඳුන කල්හි එකෙකු හැර සෙස්සෝ මසුන් කැසබුවන් ආදීන් විසින් කෑවෝ වූවාහුය. එක් අයෙක් වාත වේගයෙන් කදම්බිය නම් පටුනට පැමිණියේය. හෙතෙම මුහුදින් ගොඩට විත් නග්න වේශයෙන් ඒ පටුන්හි අහර පිණිස හැසිරුනේය. මිනිස්සු ඒ මේ තැනැත්තා දැක මේ ශ්‍රමණයා අල්පේච්ඡ වූයේය. ලද යෙින් සතුටු වන්නෙකැයි සලකා සත්කාර කළාහුය. හෙතෙම මට ජීවත්වීමේ උපායයක් ලැබුනේ යයි ඔවුන් හැඳ පෙරවීමට වස්ත්‍ර දෙන කල්හිද නොකැමති වීය. ඔවුහු මෙයට වඩා උතුම් අල්පේච්ඡ ශ්‍රමණයෙක් නැතැයි බෙහෙවින් පැහැදී ඔහුට අසපුවක් කර එහි ඔහු වාසය කරවූහ. හෙතෙම කදම්බිය අචේලකයායි ප්‍රකට වීය. එහි වසන්නා වූ ඔහුට මහා ලාභ සත්කාර උපන්නේය.

එකො නාගරාජාපිස‍්ස සුපණ‍්ණරාජා ච උපට‍්ඨානං ආගච‍්ඡන‍්ති. තෙසු නාගරාජා නාමෙන පණ‍්ඩරො නාම. අථෙකදිවසං සුපණ‍්ණරාජා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො එවමාහ – “භන‍්තෙ, අම‍්හාකං ඤාතකා නාගෙ ගණ‍්හන‍්තා බහූ විනස‍්සන‍්ති, එතෙසං නාගානං ගහණනියාමං මයං න ජානාම, ගුය‍්හකාරණං කිර තෙසං අත්‍ථි, සක‍්කුණෙය්‍යාථ නු ඛො තුම‍්හෙ එතෙ පියායමානා විය තං කාරණං පුච‍්ඡිතු”න‍්ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සුපණ‍්ණරාජෙ වන්‍දිත්‍වා පක‍්කන‍්තෙ නාගරාජස‍්ස ආගතකාලෙ වන්‍දිත්‍වා නිසින‍්නං නාගරාජානං පුච‍්ඡි – “නාගරාජ, සුපණ‍්ණා කිර තුම‍්හෙ ගණ‍්හන‍්තා බහූ විනස‍්සන‍්ති, තුම‍්හෙ ගණ‍්හන‍්තා කථං ගණ‍්හිතුං න සක‍්කොන‍්තී”ති. භන‍්තෙ, ඉදං අම‍්හාකං ගුය‍්හං රහස‍්සං, මයා ඉමං කථෙන‍්තෙන ඤාතිසඞ‍්ඝස‍්ස මරණං ආහටං හොතීති. කිං පන ත්‍වං, ආවුසො, “අයං අඤ‍්ඤස‍්ස කථෙස‍්සතී”ති එවංසඤ‍්ඤී හොසි, නාහං අඤ‍්ඤස‍්ස කථෙස‍්සාමි, අත‍්තනා පන ජානිතුකාමතාය පුච‍්ඡාමි, ත්‍වං මය‍්හං සද‍්දහිත්‍වා නිබ‍්භයො හුත්‍වා කථෙහීති. නාගරාජා “න කථෙස‍්සාමි, භන‍්තෙ”ති වන්‍දිත්‍වා පක‍්කාමි. පුනදිවසෙපි පුච‍්ඡි, තථාපිස‍්ස න කථෙසි.

එක් නාග රාජයෙක්ද එක් ගුරුළු රාජයෙක්ද ඔහුට උපස්ථාන පිණිස පැමිණෙත්. ඔවුන් අතර නා රජු පණ්ඩරක නම් වේ. ඉක්බිති එක් දවසක් ගුරුළු රජු ඔහු වෙත පැමිණ වැඳ එකත්පස්ව හුන්නේ මෙසේ කීවේය. ස්වාමීනි, අපගේ නෑදෑයෝ නාගයන් ගන්නෝ බොහෝ දෙනෙක් විනාශ වෙති. මේ නාගයන් ගන්නා වූ ක්‍රමය අපි නොදනිමු. මොවුන් පිළිබඳව රහසිගත කරුණක් ඇත. නුඹවහන්සේ ප්‍රිය වූවන් වැනි මොවුන් වෙතින් ඒ කරුණ විමසන්නට හැකිවන්නෙහිය. හෙතෙම මැනවයි පිළිගෙන ගුරුළු රජු වැඳ ගිය කල්හි වැඳ හුන්නා වූ නා රජුගෙන් මෙසේ විචාළේය. නාරජතුමනි, ඔබලා අල්ලා ගන්නා වූ ගුරුළෝ බොහොමයක් දෙනා විනාශ වෙති. තෙපි ගන්නාහු කෙසේ නම් ගන්නට නොහැකි වෙත් දැයි විමසීය. ස්වාමීනි, මෙය අපගේ සැඟවුන රහසෙකි. මෙය කියන්නා වූ මා විසින් මගේ ඤාති සමූහයාට මරණය ගෙන ආවේ වෙයි. ඇවැත්නි, කිම ඔබ මේ කරුණ අනිකෙකුට කියන්නේය යයි මෙසේ හැගීම් ඇත්තේ වීය. මම අනිකෙකුට නොකියමි. තමා විසින් දනු කැමැත්තෙන් විමසමි. ඔබ මා අදහා බිය රහිත වී කියව යයි කීවේය. නා රජු “නොකියමි ස්වාමීනි” යයි කියා වැඳ ගියේය. දෙවන දවස්හිද විචාළේය. එසේම එදිනද ඔහුට නොකීවේය.

අථ නං තතියදිවසෙ ආගන‍්ත්‍වා නිසින‍්නං, “නාගරාජ, අජ‍්ජ තතියො දිවසො, මම පුච‍්ඡන‍්තස‍්ස කිමත්‍ථං න කථෙසී”ති ආහ. “තුම‍්හෙ අඤ‍්ඤස‍්ස ආචික‍්ඛිස‍්සථා”ති භයෙන, භන‍්තෙති. කස‍්සචි න කථෙස‍්සාමි, නිබ‍්භයො කථෙහීති. “තෙන හි, භන‍්තෙ, අඤ‍්ඤස‍්ස මා කථයිත්‍ථා”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා, “භන‍්තෙ, මයං මහන‍්තෙ මහන‍්තෙ පාසාණෙ ගිලිත්‍වා භාරියා හුත්‍වා නිපජ‍්ජිත්‍වා සුපණ‍්ණානං ආගමනකාලෙ මුඛං නිබ‍්බාහෙත්‍වා දන‍්තෙ විවරිත්‍වා සුපණ‍්ණෙ ඩංසිතුං අච‍්ඡාම, තෙ ආගන‍්ත්‍වා අම‍්හාකං සීසං ගණ‍්හන‍්ති, තෙසං අම‍්හෙ ගරුභාරෙ හුත්‍වා නිපන‍්නෙ උද‍්ධරිතුං වායමන‍්තානඤ‍්ඤෙව උදකං ඔත්‍ථරති. තෙ සීදන‍්තා අන‍්තොඋදකෙයෙව මරන‍්ති, ඉමිනා කාරණෙන බහූ සුපණ‍්ණා විනස‍්සන‍්ති, තෙසං අම‍්හෙ ගණ‍්හන‍්තානං කිං සීසෙන ගහිතෙන, බාලා නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා අම‍්හෙ හෙට‍්ඨාසීසකෙ කත්‍වා ගහිතං ගොචරං මුඛෙන ඡඩ‍්ඩාපෙත්‍වා ලහුකෙ කත්‍වා ගන‍්තුං සක‍්කොන‍්තී”ති සො අත‍්තනො රහස‍්සකාරණං තස‍්ස දුස‍්සීලස‍්ස කථෙසි.

ඉක්බිති තෙවන දවස්හි පැමිණ සිටි නාරජුට කියනුයේ, නා රජුනි, විමසන්නා වූ මගේ අද තෙවන දවසයි. කුමක් නිසා නොකියෙහිදැයි විමසීය. ස්වාමීනි, තෙපි අනිකෙකුට කියන්නෙහුය යන බියෙන් යයි කීවේය. කිසිවෙකුට නොකියන්නෙමුය. බිය නැතිව කියවයි කීවේය. ස්වාමීනි, එසේ නම් අනිකෙකුට නොකියව යයි ප්‍රතිඥා ගෙන ස්වාමීනි අපි මහත් වූ ගල් ගිල බර ඇත්තෝ වී වැදහෙව ගුරුළන් පැමිණෙන කල්හි මුහුණ දල්වා දත් විවර කර ගුරුළන් දෂ්ට කරන්නට කැමති වෙමු. ඔවුහු අවුත් අපගේ හිස් අල්ලා ගනිත්. බොහෝ බර ඇතිව හොත්තා වූ අප ඔසවන්නට වෑයම් කරන්නා වූ ඔවුන් ජලයට වැටෙයි. ඔවුහු ජලය තුළදීම මරණයට පත් වෙති. මේ කරුණින් බොහෝ ගුරුළෝ නැසෙත්. අප ගන්නා වූ ඔවුන් හිසෙන් ගැනීමෙන් කවර ප්‍රයෝජනයක්ද? ඔවුහු මෝඩයෝය. අප නගුටින් ගෙන හිස යටිකුරු කොට ගන්නා ලද්දේ ගොදුරු කරගත් ගල මුඛයෙන් හෙළා සැහැල්ලු කර යන්නට හැකි වෙත් යයි මෙසේ තමාගේ රහස්‍ය වූ කරුණ ඒ දුශ්ශීලයාට කීවේය.

අථ තස‍්මිං පක‍්කන‍්තෙ සුපණ‍්ණරාජා ආගන‍්ත්‍වා කරම‍්පියඅචෙලං වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, පුච‍්ඡිතං තෙ නාගරාජස‍්ස ගුය‍්හකාරණ”න‍්ති ආහ. සො “ආමාවුසො”ති වත්‍වා සබ‍්බං තෙන කථිතනියාමෙනෙව කථෙසි. තං සුත්‍වා සුපණ‍්ණො “නාගරාජෙන අයුත‍්තං කතං, ඤාතීනං නාම නස‍්සනනියාමො පරස‍්ස න කථෙතබ‍්බො, හොතු, අජ‍්ජෙව මයා සුපණ‍්ණවාතං කත්‍වා පඨමං එතමෙව ගහෙතුං වට‍්ටතී”ති සුපණ‍්ණවාතං කත්‍වා පණ‍්ඩරනාගරාජානං නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා හෙට‍්ඨාසීසං කත්‍වා ගහිතගොචරං ඡඩ‍්ඩාපෙත්‍වා උප‍්පතිත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. පණ‍්ඩරො ආකාසෙ හෙට‍්ඨාසීසකං ඔලම‍්බන‍්තො “මයාව මම දුක‍්ඛං ආභත”න‍්ති පරිදෙවන‍්තො ආහ –

ඉක්බිති ඔහු ගියකල්හි ගුරුළු රජු අවුත් කදම්බිය අචේලකයාට වැඳ ස්වාමීනි, ඒ නාරජුගේ රහස්‍ය කරුණ කිම විමසන ලදදැයි කීවේය. හෙතෙම ඇවැත්නි, එසේ යයි කියා සියල්ල ඔහු විසින් කියන ලද අයුරින්ම කීවේය. ගුරුළා ඒ අසා “නාරජු විසින් අයුත්තක් කරන ලදි. නෑදෑයන් නැසෙන ක්‍රමය අනුන්ට නොකිව යුතුය. වේවා! මවිසින් අදම පියාපත් සුළඟ කර පළමුව ඔහුම ගන්නට වටී යයි සිතීය. හෙතෙම පියාපත් සුළඟ ඇතිකර (මුහුදුදිය දෙබෑ කර) පණ්ඩරක නාරජු නගුටෙන් ගෙන හිස යටිකුරු කර ගන්නාද ගොදුර හෙළවා ඉගිලී අහසට පැන නැංගේය. පණ්ඩරක නාගයා හිස යටිකුරු කර අහසෙහි එල්බෙන්නේම මවිසින් මගේ දුක ගෙන එන ලදැයි හඬමින් මෙසේ කීවේය.

“විකිණ‍්ණවාචං අනිගුය‍්හමන‍්තං, අසඤ‍්ඤතං අපරිචක‍්ඛිතාරං; භයං තමන්‍වෙති සයං අබොධං, නාගං යථා පණ‍්ඩරකං සුපණ‍්ණො.

විකිණ්ණවාචං අනිගුය්හ මන්තං, අසඤ්ඤතං අපරිචක්ඛීතාරං, භයං තමන්‍වෙති සයං අබොධං, නාගං යථා පණ්ඩකරං සුපණ්ණො

1. විසුරුණු වචන ඇති නොසඟවන ලද මන්ත්‍රණ ඇති සන්සුන් බැවින් තොර වූ කිවයුතු නොකිවයුතු පුද්ගලයා නොදන්නා වූ නුවණ නැති පුද්ගලයා වෙත තමා විසින්ම කරන ලද භය පැමිණෙයි. ගුරුළා පණ්ඩරක නාගයා වෙත පැමිණියේ යම් සේද එසේය.

“යො ගුය‍්හමන‍්තං පරිරක‍්ඛණෙය්‍යං, මොහා නරො සංසති හාසමානො; තං භින‍්නමන‍්තං භයමන්‍වෙති ඛිප‍්පං, නාගං යථා පණ‍්ඩරකං සුපණ‍්ණො.

2. යම් මිනිසෙක් රැකිය යුතු රහස් මන්ත්‍රණය මෝඩකම නිසා රැකිය නොහැකි පුද්ගලයාට කියනුයේ බිඳුන මන්ත්‍රණ ඇති ඔහු වෙත වහා බිය පැමිණේ. ගුරුළා පණ්ඩරක නාගයා වෙත පැමිණියේ යම් සේද එසේය.

“නානුමිත‍්තො ගරුං අත්‍ථං, ගුය‍්හං වෙදිතුමරහති; සුමිත‍්තො ච අසම‍්බුද‍්ධං, සම‍්බුද‍්ධං වා අනත්‍ථවා.

3. අනුව පැවතීම් පමණකින් මිතුරු වූ තැනැත්තා බැරෑරුම් වූ රහස් කරුණ දැනගන්නට සුදුසු නොවේ. නුවණින් තොර සුහද මිතුරාද අනර්ථකාරී නුවණ ඇත්තාද එසේම වෙයි.

“විස‍්සාසමාපජ‍්ජිමහං අචෙලං, සමණො අයං සම‍්මතො භාවිතත‍්තො; තස‍්සාහමක‍්ඛිං විවරිං ගුය‍්හමත්‍ථං, අතීතමත්‍ථො කපණං රුදාමි.

4. මම මේ අචේලකයා පිළිගත් ශ්‍රමණයෙක් යයිද වඩනා ලද ඉඳුරන් ඇත්තෙකැයිද සිතා විශ්වාසයට පැමිණියෙමි. මම ඔහුට රහසිගත කරුණ විවෘත කර කීවෙමි. දැන් ඉක්මගිය යහපත ඇත්තෙම් බැගෑපත්ව හඬමි.

“තස‍්සාහං පරමං බ්‍රහ‍්මෙ ගුය‍්හං, වාචං හිමං නාසක‍්ඛිං සංයමෙතුං; තප‍්පක‍්ඛතො හි භයමාගතං මමං, අතීතමත්‍ථො කපණං රුදාමි.

5. සුපර්ණය, පළමුකොට මේ සැඟවිය යුතු වචනය ඔහුට සඟවන්නට නොපොහොසත් වීමි. ඔහුගේ පැත්තෙන් මට බිය පැමිණියේය. දැන් ඉක්මගිය යහපත ඇත්තෙම් බැගෑපත්ව හඬමි.

“යො වෙ නරො සුහදං මඤ‍්ඤමානො, ගුය‍්හමත්‍ථං සංසති දුක‍්කුලීනෙ; දොසා භයා අථවා රාගරත‍්තා, පල‍්ලත්‍ථිතො බාලො අසංසයං සො.

6. ඉදින් යම් මිනිසෙක් මොහු හිතවතෙකැයි සිතමින් පහත් කුලිකයෙකුට ද්වේෂයෙන්-බියෙන් හෝ රාගයෙන් රහසිගත කරුණ ප්‍රකාශ කරයිද ඒ මෝඩයා සැක රහිතවම පෙරළා විනාශයට පමුණුවන්නේමය.

“තිරොක‍්ඛවාචො අසතං පවිට‍්ඨො, යො සඞ‍්ගතීසු මුදීරෙති වාක්‍යං; ආසීවිසො දුම‍්මුඛොත්‍යාහු තං නරං, ආරා ආරා සංයමෙ තාදිසම‍්හා.

7. පිළිසන් වචන ඇති, අසත්පුරුෂයන් අතර ගිය, සැඟවිය යුතු වචනය සභා මැද කියයිද ඒ මිනිසා නපුරු කට ඇති සර්පයෙකු යැයි කියත්. එවැන්නන් කෙරෙන් දුරින් දුරින්ම දුරුවන්නේය.

“අන‍්නං පානං කාසිකචන්‍දනඤ‍්ච, මනාපිත්‍ථියො මාලමුච‍්ඡාදනඤ‍්ච; ඔහාය ගච‍්ඡාමසෙ සබ‍්බකාමෙ, සුපණ‍්ණ පාණූපගතාව ත්‍යම‍්හා”ති.

ආහාර ද පානයන් ද කසීසළු ද සඳුන් ද මනවඩන ස්ත්‍රීන් ද මල්මාලා ද ඇඟ ඉලීම් ද්‍රව්‍යයන් ද යන සියළු කාම සම්පත් අත්හැර යන්නෙමු. සුපර්ණය, දිවිහිමියෙන් ඔබ වෙත පැමිණියෙමි. අපට පිහිට වෙව.

තත්‍ථ විකිණ‍්ණවාචන‍්ති පත්‍ථටවචනං. අනිගුය‍්හමන‍්තන‍්ති අප‍්පටිච‍්ඡන‍්නමන‍්තං. අසඤ‍්ඤතන‍්ති කායද‍්වාරාදීනි රක‍්ඛිතුං අසක‍්කොන‍්තං. අපරිචක‍්ඛිතාරන‍්ති “අයං මයා කථිතමන‍්තං රක‍්ඛිතුං සක‍්ඛිස‍්සති, න සක‍්ඛිස‍්සතී”ති පුග‍්ගලං ඔලොකෙතුං උපපරික‍්ඛිතුං අසක‍්කොන‍්තං. භයං තමන්‍වෙතීති තං ඉමෙහි චතූහි අඞ‍්ගෙහි සමන‍්නාගතං අබොධං දුප‍්පඤ‍්ඤං පුග‍්ගලං සයංකතමෙව භයං අන්‍වෙති, යථා මං පණ‍්ඩරකනාගං සුපණ‍්ණො අන්‍වාගතොති. සංසති හාසමානොති රක‍්ඛිතුං අසමත්‍ථස‍්ස පාපපුරිසස‍්ස හාසමානො කථෙති. නානුමිත‍්තොති අනුවත‍්තනමත‍්තෙන යො මිත‍්තො, න හදයෙන, සො ගුය‍්හං අත්‍ථං ජානිතුං නාරහතීති පරිදෙවති. අසම‍්බුද‍්ධන‍්ති අසම‍්බුද‍්ධන‍්තො අජානන‍්තො, අප‍්පඤ‍්ඤොති අත්‍ථො. සම‍්බුද‍්ධන‍්ති සම‍්බුද‍්ධන‍්තො ජානන‍්තො, සප‍්පඤ‍්ඤොති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – “යොපි සුහදයො මිත‍්තො වා අමිත‍්තො වා අප‍්පඤ‍්ඤො සප‍්පඤ‍්ඤොපි වා යො අනත්‍ථවා අනත්‍ථචරො, සොපි ගුය‍්හං වෙදිතුං නාරහතෙ”ති.

එහි විකිණ්ණවාචං යනු විසිරුණ වචන ඇති. අනිගුය්හ මන්තං යනු නොපිළිසන් මන්ත්‍රණ ඇති. අසඤ්ඤතං යනු කය ආදී දොරටු රැකීමට නොහැකි වූ. අපරිචක්ඛිතාරං යනු මෙතෙමේ මවිසින් කියන ලද මන්ත්‍රණය රකින්නට හැකි වන්නේද නොහැකිවන්නේදැයි පුද්ගලයෙකු බලන්නට පරීක්‍ෂා කරන්නට නොහැකි වන. භයං තමන්‍වෙති යනු මේ සිව් අංශයන්ගෙන් යුක්ත වූ. අබොධං යනු නුවණ නැති පුද්ගලයෙකු තමාට කරන ලද භය පැමිණෙයි. යම්සේ පණ්ඩරක නාගයා වූ මා වෙත සුපර්ණයා පැමිණියේද එසේය. සංසති භාසමානො යනු රැකීමට අසමත් පවිටු පුරුෂයාට. භාසමානො මෙසේ කියයි. නානුමිත්තො යනු අනුව පවත්නා වූ මිත්‍රයා සමග යම් මිත්‍රයෙක් හදවතින් මිත්‍ර නොවේද, හෙතෙම රහසිගත කරුණු දැනගන්නට නුසුදුසු යයි හඬයි. අසම්බුද්ධං යනු අනවබෝධයෙන් යුක්ත වූයේ නොදන්නේ නුවණ නැත්තේ යයි අර්ථයි. සම්බුද්ධං යනු මනාව අවබෝධ කරන්නේ දන්නේ. නුවණ සහිත වූයේ යන අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. යම් ප්‍රිය වූ සිතැති මිතුරා නුවණ නැත්තේ හෝ නුවණ ඇත්තේ හෝ වේද යමෙක් අනර්ථය ඇති කරන්නේ හෝ අනර්ථය පිණිස හැසිරෙන්නේ හෝ වේද ඔහුද.

සමණො අයන‍්ති අයං සමණොති ච ලොකසම‍්මතොති ච භාවිතත‍්තොති ච මඤ‍්ඤමානො අහං එතස‍්මිං විස‍්සාසමාපජ‍්ජිං. අක‍්ඛින‍්ති කථෙසිං. අතීතමත්‍ථොති අතීතත්‍ථො, අතික‍්කන‍්තත්‍ථො හුත්‍වා ඉදානි කපණං රුදාමීති පරිදෙවති. තස‍්සාති තස‍්ස අචෙලකස‍්ස. බ්‍රහ‍්මෙති සුපණ‍්ණං ආලපති. සංයමෙතුන‍්ති ඉමං ගුය‍්හවාචං රහස‍්සකාරණං රක‍්ඛිතුං නාසක‍්ඛිං. තප‍්පක‍්ඛතො හීති ඉදානි ඉදං භයං මම තස‍්ස අචෙලකස‍්ස පක‍්ඛතො කොට‍්ඨාසතො සන‍්තිකා ආගතං, ඉති අතීතත්‍ථො කපණං රුදාමීති. සුහදන‍්ති “සුහදො මම අය”න‍්ති මඤ‍්ඤමානො. දුක‍්කුලීනෙති අකුලජෙ නීචෙ. දොසාති එතෙහි දොසාදීහි කාරණෙහි යො එවරූපං ගුය‍්හං සංසති, සො බාලො අසංසයං පල‍්ලත්‍ථිතො පරිවත‍්තෙත්‍වා පාපිතො, හතොයෙව නාමාති අත්‍ථො.

අයං යනු මෙතෙම මහණෙකියි හෝ ලොව පිළිගත් අයෙකියි හෝ වඩනා ලද සිත් ඇත්තේ යයි හෝ සිතමින් මම මොහුගේ විශ්වාසයට පැමිණියෙමි. අක්ඛිං යනු කීවෙමි. අතීතමත්‍ථො යනු ඉක්මුණු ප්‍රයෝජන ඇත්තේ. ඉක්මුණු ප්‍රතිඵල ඇත්තේ වී. දැන් කපණං රුදාමි යනු වැලපෙයි. තස්ස යනු ඒ අචේලකයාට. බ්‍රහ්මෙ යනු සුපර්ණයා අමතයි. සංයමෙතුං යනු මේ රහස් වචනය. රහසිගත කරු රකින්නට නොහැකි වීමි. තප්පක්ඛතො හි යනු දැන් මේ මගේ බිය ඒ අචේලක තවුසාගේ පාර්ශ්වයෙන් කොටසින් සමීපයෙන් පැමිණියේ යයි ඉක්මුණු කරුණු ඇතිව බැගෑපත්ව හඬමි යනුයි. සුහදං යනු මෙතෙම මගේ ප්‍රිය හිතවතෙකැයි සිතමින්. දුක්කුලීනො යනු පහත් කුලයෙහි. නීච කුලයෙහි. දොසා යනු මේ ද්වේශ ආදී කරුණුවලින් යමෙක් මෙබඳු වූ රහස ප්‍රකාශ කරයිද? සොබාලො අසංසයං පල්ලත්‍ථිකො පෙරළා පවිටා විසින් නසන ලද්දේ නමැයි යන අර්ථය.

තිරොක‍්ඛවාචොති අත‍්තනො යං වාචං කථෙතුකාමො, තස‍්සා තිරොක‍්ඛකතත‍්තා පටිච‍්ඡන‍්නවාචො. අසතං පවිට‍්ඨොති අසප‍්පුරිසානං අන‍්තරං පවිට‍්ඨො අසප‍්පුරිසෙසු පරියාපන‍්නො. සඞ‍්ගතීසු මුදීරෙතීති යො එවරූපො පරෙසං රහස‍්සං සුත්‍වාව පරිසමජ‍්ඣෙසු “අසුකෙන අසුකං නාම කතං වා වුත‍්තං වා”ති වාක්‍යං උදීරෙති, තං නරං “ආසීවිසො දුම‍්මුඛො පූතිමුඛො”ති ආහු, තාදිසම‍්හා පුරිසා ආරා ආරා සංයමෙ, දූරතො දූරතොව විරමෙය්‍ය, පරිවජ‍්ජෙය්‍ය නන‍්ති අත්‍ථො. මාලමුච‍්ඡාදනඤ‍්චාති මාලඤ‍්ච දිබ‍්බං චතුජ‍්ජාතියගන්‍ධඤ‍්ච උච‍්ඡාදනඤ‍්ච. ඔහායාති එතෙ දිබ‍්බඅන‍්නාදයො සබ‍්බකාමෙ අජ‍්ජ මයං ඔහාය ඡඩ‍්ඩෙත්‍වා ගමිස‍්සාම. සුපණ‍්ණ, පාණූපගතාව ත්‍යම‍්හාති, භො සුපණ‍්ණ, පාණෙහි උපගතාව තෙ අම‍්හා, සරණං නො හොහීති.

තිරොක්ඛවාචො යනු තමා යම් වචනයක් කියනු කැමැත්තේද එයට හරස් කළ බැවින් පිළිසන් වචන ඇත්තේ. අසතං පවිට්ඨො යනු අසත්පුරුෂයන් අතරට පිවිසියේ. අසත්පුරුෂයන් අතරෙහි පිළිපන්නේ. සංගතීසු මුදීරෙති යනු මෙබඳු වූ යමෙක් අනුන්ගේ රහසක් අසාද පිරිස මැද අසවලා විසින් අසවල් දෙය කරන ලදැයි හෝ කියන ලදැයි හෝ යන වචනය කියයිද ඒ මිනිසා සර්පයෙකැයිද දුර්මුඛයෙකැයිද කුණු වූ කට ඇතියෙකැයිද කියත්. එවැනි පුරුෂයා වෙතින් ආරා ආරා සංයමෙ ඔහු දුරින්ම දුරුකර නොඇලිය යුතුය. අත්හල යුතුය යන අර්ථයි. මාලච්ඡාදනඤ්ච යනු මල්මාලාද දිව්‍යමය සිව්දෑ සුවඳද ඇඟ ගැල්වීමද ඔහාය යනු මේ දිව්‍යමය ආහාර ආදී සියළු කාම වස්තූන් අද මම අත්හැර බැහැර කර යන්නෙමු. සුපණ්ණ පාණූපගතාව ත්‍යාම්හා යනු එම්බා සුපර්ණය, දිවිහිමි කර ඔබ වෙත පැමිණියේ වෙමි. ඔබ අපට පිහිට වෙහි යනුයි.

එවං පණ‍්ඩරකො ආකාසෙ හෙට‍්ඨාසීසකො ඔලම‍්බන‍්තො අට‍්ඨහි ගාථාහි පරිදෙවි. සුපණ‍්ණො තස‍්ස පරිදෙවනසද‍්දං සුත්‍වා, “නාගරාජ අත‍්තනො රහස‍්සං අචෙලකස‍්ස කථෙත්‍වා ඉදානි කිමත්‍ථං පරිදෙවසී”ති තං ගරහිත්‍වා ගාථමාහ –

පණ්ඩරක තෙමේ යටිකුරු වූ හිස් ඇතිව එල්බෙන්නේ මෙසේ ගාථා අටකින් වැළපුනේය. සුපර්ණ ඔහුගේ වැළපීම් ශබ්දය අසා නාරජතුමනි, තමාගේ රහස අචේලකයාට කියා දැන් කුමක් නිසා වැලපෙන්නේ දැයි ඔහුට නින්දා කර.

“කො නීධ තිණ‍්ණං ගරහං උපෙති, අස‍්මිංධ ලොකෙ පාණභූ නාගරාජ; සමණො සුපණ‍්ණො අථවා ත්‍වමෙව, කිංකාරණා පණ‍්ඩරකග‍්ගහීතො”ති.

8. ප්‍රාණියෙකු වූ නාරජුනි, මෙලොව ශ්‍රමණයාද සුපර්ණයාද එසේම ඔබද යන තිදෙනා අතරින් කවරෙක් නින්දාවට පැමිණේද? කුමන හේතුවකින් (මවිසින්) පණ්ඩරකයා ගන්නා ලදද (ඒ කරුණින් තමාට නින්දා කටයුතුය.)

තත්‍ථ කො නීධාති ඉධ අම‍්හෙසු තීසු ජනෙසු කො නු. අස‍්මිංධාති එත්‍ථ ඉධාති නිපාතමත‍්තං, අස‍්මිං ලොකෙති අත්‍ථො. පාණභූති පාණභූතො. අථවා ත්‍වමෙවාති උදාහු ත්‍වංයෙව. තත්‍ථ සමණං තාව මා ගරහ, සො හි උපායෙන තං රහස‍්සං පුච‍්ඡි. සුපණ‍්ණම‍්පි මා ගරහ, අහඤ‍්හි තව පච‍්චත්‍ථිකොව. පණ‍්ඩරකග‍්ගහීතොති, සම‍්ම පණ‍්ඩරක, “අහං කිංකාරණා සුපණ‍්ණෙන ගහිතො”ති චින‍්තෙත්‍වා ච පන අත‍්තානමෙව ගරහ, තයා හි රහස‍්සං කථෙන‍්තෙන අත‍්තනාව අත‍්තනො අනත්‍ථො කතොති අයමෙත්‍ථ අධිප‍්පායො.

එහි කොනීධ යනු මෙහිලා අප තිදෙනා අතර කවරෙක් ඇත්ද? අසමිං ඉධ යන මෙහි ඉධ යනු නිපාතයක් පමණි. මෙලොව යන අර්ථයි. පාණභූ යනු ප්‍රාණියෙකු වූ. අථවා තවෙව යනු නැතහොත් ඔබගේම. එහි ශ්‍රමණයා වූ කලී නින්දා නොකරව. ඔහු උපක්‍රමයෙන් රහස විචාළේය. ගුරුළාටද නින්දා නොකරව. මම වූ කලී ඔබගේ සතුරායි. පණ්ඩරකග්ගහීතො යනු යහළුව පණ්ඩරකය, කවර කරුණින් මම ගුරුළා විසින් ගන්නා ලද්දෙම්දැයි සිතා තමාටම නින්දා කරව. රහස කියන්නා වූ ඔබ විසින්ම තමාට අවැඩ කරන ලදි. මෙහි අදහස මෙයයි.

තං සුත්‍වා පණ‍්ඩරකො ඉතරං ගාථමාහ –

එය අසා පණ්ඩරකයා ගාථාවක් කීවේය.

“සමණොති මෙ සම‍්මතත‍්තො අහොසි, පියො ච මෙ මනසා භාවිතත‍්තො; තස‍්සාහමක‍්ඛිං විවරිං ගුය‍්හමත්‍ථං, අතීතමත්‍ථො කපණං රුදාමී”ති.

9. ඔහු ශ්‍රමණයෙකැයි මා විසින් සම්මත කරන ලද්දේ විය. මට ප්‍රිය වූවෙක් විය. මනසින් වඩන ලද්දේය. මම ඔහුට රහස් කරුණ විවෘත කර කීවෙමි. දැන් ඉක්මගිය යහපත ඇත්තේ බැගෑපත්ව හඬමි යනුයි.

තත්‍ථ සම‍්මතත‍්තොති සො සමණො මය‍්හං “සප‍්පුරිසො අය”න‍්ති සම‍්මතභාවො අහොසි. භාවිතත‍්තොති සම‍්භාවිතභාවො ච මෙ අහොසීති.

එහි සම්මතත්තො යනු ඒ ශ්‍රමණයා මෙතෙම සත්පුරුෂයෙකැයි මවිසින් පිළිගත් ස්වභාව ඇත්තේ වීය. භාවිතත්තො යනු මවිසින් සම්භාවනාවට පත් කළ ස්වභාව ඇත්තේද වීය.

තතො සුපණ‍්ණො චතස‍්සො ගාථා අභාසි –

අනතුරුව සුපර්ණයා ගාථා සතරක් කීවේය.

“න චත්‍ථි සත‍්තො අමරො පථබ්‍යා, පඤ‍්ඤාවිධා නත්‍ථි න නින්‍දිතබ‍්බා; සච‍්චෙන ධම‍්මෙන ධිතියා දමෙන, අලබ‍්භමබ්‍යාහරතී නරො ඉධ.

10. මේ මිහිමත නොමැරෙන සත්ත්වයෙක් නම් නැත. ලොව ප්‍රඥාවන්තයෝ ඇත්තාහ. එහෙයින් තවුසන් හට නින්දා නොකරව. සත්‍යයෙන්ද ධර්මයෙන්ද ප්‍රඥාවෙන්ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද මිනිසා මෙලොව නොලැබිය හැකි දේ ලබන්නට සුදුසු වෙයි.

“මාතා පිතා පරමා බන්‍ධවානං, නාස‍්ස තතියො අනුකම‍්පකත්‍ථි; තෙසම‍්පි ගුය‍්හං පරමං න සංසෙ, මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො.

11. නෑදෑයන් අතර මවද පියාද උතුම් වෙති. මොහුට (මොවුන්ගෙන්) තෙවැන්නෙක් නැත. මන්ත්‍රණයෙහි බිඳීම ගැන සැක කරමින් අතිශයින් රහසිගත දෙය ඔවුන්ටද නොකියන්නේය.

“මාතා පිතා භගිනී භාතරො ච, සහායා වා යස‍්ස හොන‍්ති සපක‍්ඛා; තෙසම‍්පි ගුය‍්හං පරමං න සංසෙ, මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො.

12. යමෙකුට මවද පියාද සොහොයුරියද සොහොවුරාද යහළුවෝද යන මොවුහු සිය පාර්ශ්වයෙහි වූවෝද මන්ත්‍රණයෙහි බිඳීම ගැන සැක කරමින් අතිශයින් රහසිගත දෙය ඔවුන්ටද නොකියන්නේය.

“භරියා චෙ පුරිසං වජ‍්ජා, කොමාරී පියභාණිනී; පුත‍්තරූපයසූපෙතා, ඤාතිසඞ‍්ඝපුරක‍්ඛතා; තස‍්සාපි ගුය‍්හං පරමං න සංසෙ, මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො”ති.

13. ඉදින් තරුණ වියෙහි පසුව ප්‍රියතෙපුල් පවසන පුත්‍රයන්ගෙන්ද රූපත් බැවින්ද යුත් ඤාති සමූහයා විසින් පෙරටු කරන (පිරිවරන) ලද බිරිඳ පුරුෂයාට (රහස් කියවයි) කියන්නීද මන්ත්‍රණය බිඳීම ගැන සැක කරනුයේ අතිශයින් රහසිගත දෙය ඇයටද නොකියන්නේය.

තත්‍ථ අමරොති අමරණසභාවො සත‍්තො නාම නත්‍ථි. පඤ‍්ඤාවිධා නත්‍ථීති න-කාරො පදසන්‍ධිකරො, පඤ‍්ඤාවිධා අත්‍ථීති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – නාගරාජ , ලොකෙ අමරොපි නත්‍ථි, පඤ‍්ඤාවිධාපි අත්‍ථි, සා අඤ‍්ඤෙසං පඤ‍්ඤාකොට‍්ඨාසසඞ‍්ඛාතා පඤ‍්ඤාවිධා අත‍්තනො ජීවිතහෙතු න නින්‍දිතබ‍්බාති. අථ වා පඤ‍්ඤාවිධාති පඤ‍්ඤාසදිසා න නින්‍දිතබ‍්බා නාම අඤ‍්ඤා ධම‍්මජාති නත්‍ථි, තං කස‍්මා නින්‍දසීති. යෙසං පන “පඤ‍්ඤාවිධානම‍්පි න නින්‍දිතබ‍්බ”න‍්තිපි පාඨො, තෙසං උජුකමෙව. සච‍්චෙනාතිආදීසු වචීසච‍්චෙන ච සුචරිතධම‍්මෙන ච පඤ‍්ඤාසඞ‍්ඛාතාය ධිතියා ච ඉන්‍ද්‍රියදමෙන ච අලබ‍්භං දුල‍්ලභං අට‍්ඨසමාපත‍්තිමග‍්ගඵලනිබ‍්බානසඞ‍්ඛාතම‍්පි විසෙසං අබ්‍යාහරති ආවහති තං නිප‍්ඵාදෙති නරො ඉධ, තස‍්මා නාරහසි අචෙලං නින්‍දිතුං, අත‍්තානමෙව ගරහ. අචෙලෙන හි අත‍්තනො පඤ‍්ඤවන‍්තතාය උපායකුසලතාය ච වඤ‍්චෙත්‍වා ත්‍වං රහස‍්සං ගුය‍්හං මන‍්තං පුච‍්ඡිතොති අත්‍ථො.

එහි අමරො යනු නොමැරෙන ස්වභාවයෙන් යුත් සත්ත්වයෙක් නම් නැත. පඤ්ඤාවිධා නත්‍ථි යන මෙහි ‘න’කාරය පද ගැලපීම කරන්නේ වෙයි. ප්‍රඥාව හා සමාන වූවක් ඇතැයි යන අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. නාගරාජය, ලොව නොමැරෙන්නෙක් නම් නැත. ලොව ප්‍රඥාවන්තයෝ ඇත. අනිකුන්ගේ ප්‍රඥා කොටස් සංඛ්‍යාත ප්‍රඥාවන්තයෝ තමාගේ ජීවිතය හේතුකොට ගෙනද නින්දා නොකටයුතුය යනුයි. තවද පඤ්ඤාවිධා යනු ප්‍රඥාව හා සමාන නින්දා නොකට යුතු අන් කවර ධර්ම කොට්ඨාශයක් හෝ නැත. කුමක් හෙයින් ඔහුට නින්දා කරහිද? යම් තැනක පඤ්ඤාවිධම්පි න නින්‍දිතබ්බං යනුද පෙළ වේ. තෙසං උජුකම්වෙ සච්චෙන ආදීන්හි මිනිස් තෙමේ වාක් සත්‍යයෙන්ද, සුසිරිත් දහමින්ද, ප්‍රඥා සංඛ්‍යාත වූ ප්‍රඥාවෙන්ද ඉන්‍ද්‍රිය දමනයෙන්ද නොලැබිය හැකි දුකසේ ලැබිය හැකි අෂ්ට සමාපත්ති මාර්ගඵල නිවන් සංඛ්‍යාත වූ විශේෂ වූ අධිගමයක් කැඳවයි එහි උපදවයි. එහෙයින් මෙහිලා අචේලකයා කෙරෙහි නින්දා කරන්නට නුසුදුසුය. තමාට නින්දා කරව. අචේලකයා විසින් තමාගේ නුවණ ඇති බැවින්ද උපායෙහි දක්‍ෂ බව නිසාද ඔබ රවටා ඇතුලත සැඟවුන රහස විමසන ලද්දේය යන අර්ථයි.

පරමාති එතෙ උභො බන්‍ධවානං උත‍්තමබන්‍ධවා නාම. නාස‍්ස තතියොති අස‍්ස පුග‍්ගලස‍්ස මාතාපිතූහි අඤ‍්ඤො තතියො සත‍්තො අනුකම‍්පකො නාම නත්‍ථි, මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො පණ‍්ඩිතො තෙසං මාතාපිතූනම‍්පි පරමං ගුය‍්හං න සංසෙය්‍ය, ත්‍වං පන මාතාපිතූනම‍්පි අකථෙතබ‍්බං අචෙලකස‍්ස කථෙසීති අත්‍ථො. සහායා වාති සුහදයමිත‍්තා වා. සපක‍්ඛාති පෙත‍්තෙය්‍යමාතුලපිතුච‍්ඡාදයො සමානපක‍්ඛා ඤාතයො. තෙසම‍්පීති එතෙසම‍්පි ඤාතිමිත‍්තානං න කථෙය්‍ය, ත්‍වං පන අචෙලකස‍්ස කථෙසි, අත‍්තනොව කුජ‍්ඣස‍්සූති දීපෙති. භරියා චෙති කොමාරී පියභාණිනී පුත‍්තෙහි ච රූපෙන ච යසෙන ච උපෙතා එවරූපා භරියාපි චෙ “ආචික‍්ඛාහි මෙ තව ගුය‍්හ”න‍්ති වදෙය්‍ය, තස‍්සාපි න සංසෙය්‍ය.

පරමා යනු මේ දෙදෙනා බැඳීම් ඇත්තවුන් අතර උතුම්ම බැඳීම් ඇත්තෝ නම් වෙති. නාස්ස තතියො යනු මේ පුද්ගලයාට මව්පියන්ගෙන් අන්‍ය වූ අනුකම්පා කරන්නා වූ තෙවන සත්ත්වයෙක් නම් නැත. මනතස්ස භෙදං පරිසංඛමානො පණ්ඩිතයා ඔවුන්ගේ මව්පියවරුන්ටද අතිශයින් රහසිගත දෙය නොකියන්නේය. ඔබ වනාහි මව්පියන්ටද නොකිව යුතු දෙය අචේලකයාට කීවේයයි අර්ථයි. සහායා වා යනු හිතැති මිතුරෝ හෝ. සපක්ඛා යනු පියවරු හෝ මාමාවරු නැන්දාවරු මවගේ සොහොයුරි ආදීහු සමාන පාර්ශ්ව ඇති නෑදෑයෝයි. තෙසම්පි අචේලකයාට කීවෙහිය. තමාටම කිපෙවයි දක්වයි. භරියා ච යනු තරුණ වයසෙහි සිටි ප්‍රියතෙපුල් කථාකරන දූපුතුන්ගෙන් යුත් රූපයෙන්ද යසසින්ද යුක්ත වූ මෙබඳු භාර්යාවද ඔබගේ රහස මට කියව යයි කියන්නේද ඇයටද නොකියන්නේය.

තතො පරා –

ඉනිඳු අන්‍ය වූවෝ නම්.

“න ගුය‍්හමත්‍ථං විවරෙය්‍ය, රක‍්ඛෙය්‍ය නං යථා නිධිං; න හි පාතුකතො සාධු, ගුය‍්හො අත්‍ථො පජානතා.

15. සැඟවිය යුත්ත ප්‍රසිද්ධ නොකරන්නේය. එය නිධානයක් මෙන් රක්නේය. දන්නා තැනැත්තා විසින් සැඟවිය යුතු කරුණ ප්‍රකට කරන ලද්දේ නොමැනවි.

“ථියා ගුය‍්හං න සංසෙය්‍ය, අමිත‍්තස‍්ස ච පණ‍්ඩිතො; යො චාමිසෙන සංහීරො, හදයත්‍ථෙනො ච යො නරො.

16. පණ්ඩිතයා ස්ත්‍රියට රහස නොකියන්නේය. සතුරාටද නොකියන්නේය. යමෙක් ප්‍රත්‍යයන් හේතුකොට ගෙන එකතු වෙයිද යම් මිනිසෙක් හදවතෙහි සොර සිත සහිත වීද ඔහුටද නොකියන්නේය.

“ගුය‍්හමත්‍ථං අසම‍්බුද‍්ධං, සම‍්බොධයති යො නරො; මන‍්තභෙදභයා තස‍්ස, දාසභූතො තිතික‍්ඛති.

17. යම් මිනිසෙක් සැඟවිය යුතු කරුණ නොදන්නා තැනැත්තාට දන්වන්නේද මන්ත්‍රණය බිඳීමේ බියෙන් ඔහුට දාසයෙක් වී හෝ ඉවසයි.

“යාවන‍්තො පුරිසස‍්සත්‍ථං, ගුය‍්හං ජානන‍්ති මන‍්තිනං; තාවන‍්තො තස‍්ස උබ‍්බෙගා, තස‍්මා ගුය‍්හං න විස‍්සජෙ;

18. යම්තාක් පුරුෂයා විසින් මන්ත්‍රණය කරන ලද රහස් කරුණ දනිත්ද ඒ තාක් ඔහුට තැතිගැනීම ඇතිවෙයි. එනිසා රහස නොමුදන්නේය.

“විවිච‍්ච භාසෙය්‍ය දිවා රහස‍්සං, රත‍්තිං ගිරං නාතිවෙලං පමුඤ‍්චෙ; උපස‍්සුතිකා හි සුණන‍්ති මන‍්තං, තස‍්මා මන‍්තො ඛිප‍්පමුපෙති භෙද”න‍්ති. –

19. දවල් කාලයෙහි විවේකයට පත්ව රහස කිවයුතුය. රාත්‍රී කාලයෙහි වචනය බොහෝ වේලාවක් නොකියන්නේය. සමීපයෙහි සිටියෝ මන්ත්‍රණය අසත්ද ඒ නිසා මන්ත්‍රණය මහා බිඳීමට පැමිණේ.

පඤ‍්ච ගාථා උමඞ‍්ගජාතකෙ පඤ‍්චපණ‍්ඩිතපඤ‍්හෙ ආවි භවිස‍්සන‍්ති.

මෙම ගාථා පහ උම්මග්ග ජාතකයෙහි පඤ්ච පණ්ඩිත ප්‍රශ්නයෙහි ප්‍රකට වන්නේය.

තතො පරාසු –

අනතුරු ගාථාවන්හි

“යථාපි අස‍්ස නගරං මහන‍්තං, අද‍්වාරකං ආයසං භද‍්දසාලං; සමන‍්තඛාතාපරිඛාඋපෙතං , එවම‍්පි මෙ තෙ ඉධ ගුය‍්හමන‍්තා.

20. දොරවල් නැති සොඳුරු ශාලා ඇති හාත්පස කණින ලද දිය අගල්වලින් යුක්ත වූ අයෝමය මහත් වූ නගරයක් යම්සේ වේද මේ ලෝකයෙහි සැඟවිය යුතු මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝ එසේ යයි මට වැටහේ.

“යෙ ගුය‍්හමන‍්තා අවිකිණ‍්ණවාචා, දළ‍්හා සදත්‍ථෙසු නරා දුජිව‍්හ; ආරා අමිත‍්තා බ්‍යවජන‍්ති තෙහි, ආසීවිසා වා රිව සත‍්තුසඞ‍්ඝා”ති. –

21. දිව දෙකක් ඇති නාගය, යමෙක් රහස් මන්ත්‍රණ ඇති නොවිසුරුණු වචන ඇති, යහපතෙහි දැඩිව ඇළුණු මිනිස්සු වෙත්ද සතුරෝ ඔවුන්ගෙන් දුරින්ම දුරු වෙත්. සත්ව සමූහයා සර්පයන් වෙතින් ඉවත් වන්නාක් මෙනි.

ද‍්වීසු ගාථාසු භද‍්දසාලන‍්ති ආපණාදීහි සාලාහි සම‍්පන‍්නං. සමන‍්තඛාතාපරිඛාඋපෙතන‍්ති සමන‍්තඛාතාහි තීහි පරිඛාහි උපගතං. එවම‍්පි මෙති එවම‍්පි මය‍්හං තෙ පුරිසා ඛායන‍්ති. කතරෙ? යෙ ඉධ ගුය‍්හමන‍්තා. ඉදං වුත‍්තං හොති – යථා අද‍්වාරකස‍්ස අයොමයනගරස‍්ස මනුස‍්සානං උපභොගපරිභොගො අන‍්තොව හොති, න අබ‍්භන‍්තරිමා බහි නික‍්ඛමන‍්ති, න බාහිරා අන‍්තො පවිසන‍්ති, අපරාපරං සඤ‍්චාරො ඡිජ‍්ජති, ගුය‍්හමන‍්තා පුරිසා එවරූපා හොන‍්ති, අත‍්තනො ගුය‍්හං අත‍්තනො අන‍්තොයෙව ජීරාපෙන‍්ති, න අඤ‍්ඤස‍්ස කථෙන‍්තීති. දළ‍්හා සදත්‍ථෙසූති අත‍්තනො අත්‍ථෙසු ථිරා. දුජිව‍්හාති පණ‍්ඩරකනාගං ආලපති. බ්‍යවජන‍්තීති පටික‍්කමන‍්ති. ආසීවිසා වා රිව සත‍්තුසඞ‍්ඝාති එත්‍ථ වාති නිපාතමත‍්තං, ආසීවිසා සත‍්තුසඞ‍්ඝා රිවාති අත්‍ථො. යථා ආසීවිසතො සත‍්තුසඞ‍්ඝා ජීවිතුකාමා මනුස‍්සා ආරා පටික‍්කමන‍්ති, එවං තෙහි ගුය‍්හමන‍්තෙහි නරෙහි ආරා අමිත‍්තා පටික‍්කමන‍්ති, උපගන‍්තුං ඔකාසං න ලභන‍්තීති වුත‍්තං හොති.

ගාථා දෙකෙහි භද්දසාලං යනු වෙළෙදසැල් ආදී වූ ශාලාවන්ගෙන් යුක්ත වූ. සමන්ත ධාතා පරිඛා උපෙතං යනු හාත්පස කණින ලද දිය අගල්වලින් යුක්ත වූ. එවම්පි මෙ යනු මේ ලෝකයෙහි රහස් මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝද මෙබන්දෝ යයි මට වැටහෙත්. මෙය කියන ලද්දේ වෙයි. යම් සේ අයෝමය නගරයක මිනිසුන්ගේ උපයෝග පරිභෝග වස්තුව ඇතුළතම වෙයි. ඇතුළත වූවෝ පිටතට නොනික්මෙත්. පිටත වූවෝ ඇතුළට නොපිවිසෙත්. ඔබිනොබ හැසිරීම සිඳෙයි. රහස් ඇති පුරුෂයෝ මෙසේ වෙති. තමාගේ රහස් ඇතුළතම දිරවත්. අනිකෙකුට නොකියත් යනුයි. දළ්හා සදත්‍ථෙසු යනු තමාගේ අභිවෘද්ධියෙහි ස්ථිර වූවාහු. දුජිව්හා යනු පණ්ඩරක නාගයා අමතයි. බ්‍යවජන්ති යනු බැහැර වෙති. ආසි විසාවා රිව සත්ත සංගා යනු මෙහි වා යනු නිපාතයක් පමණි. සත්ත්ව සමූහයා විෂ සහිත සර්පයන් හරින්නාක් මෙන් යන අර්ථයි. යම්සේ ජීවත්වනු කැමති මිනිස්සු සත්ත්ව සමූහයෝ විෂ සහිත සර්පයන් හරින්නාක් මෙන් යන අර්ථයි. යම්සේ ජීවත්වනු කැමති මිනිස්සු සත්ත්ව සමූහයෝ විෂ සහිත සර්පයන් කෙරෙන් බැහැර වෙත්ද, මෙසේ ඒ රහස් මන්ත්‍රණ ඇති මිනිසුන්ගෙන් පසමිතුරෝ දුරින්ම බැහැර වෙත්. වෙත එළඹෙන්නට අවකාශ නොලබත් යයි කියන ලද්දේ වෙයි.

එවං සුපණ‍්ණෙන ධම‍්මෙ කථිතෙ පණ‍්ඩරකො ආහ –

සුපර්ණයා විසින් මෙසේ ධර්මය කී කල්හි පණ්ඩරක නාගයා කියනුයේ,

“හිත්‍වා ඝරං පබ‍්බජිතො අචෙලො, නග‍්ගො මුණ‍්ඩො චරති ඝාසහෙතු; තම‍්හි නු ඛො විවරිං ගුය‍්හමත්‍ථං, අත්‍ථා ච ධම‍්මා ච අපග‍්ගතාම‍්හා.

22. ගිහිගෙය අතහැර පැවිදි වූ නිර්වස්ත්‍ර වූ නග්න වූ හිස මුඩු කළ මහණතෙම ආහාර පිණිස හැසිරෙයි. මම ඔහු කෙරෙහි රහස එළිදරව් කළෙමි. එහෙයින් අර්ථයෙන්ද ධර්මයෙන්ද පිරිහුනේ වෙමි.

“කථංකරො හොති සුපණ‍්ණරාජ, කිංසීලො කෙන වතෙන වත‍්තං; සමණො චරං හිත්‍වා මමායිතානි, කථංකරො සග‍්ගමුපෙති ඨාන”න‍්ති.

23. සුපර්ණ රාජය කෙලෙස කටයුතු කරනුයේ කවර සීලයකින් යුක්ත වූයේ කවර ව්‍රතයකින් යුක්ත වන්නේ මමත්වයෙන් සලකන ලද දේ හැර හැසිරෙමින් ශ්‍රමණයෙක් වේද කවර ලෙසකින් කටයුතු කරනුයේ ස්වර්ගයට පැමිණේදැයි කීවේය.

තත්‍ථ ඝාසහෙතූති නිස‍්සිරිකො කුච‍්ඡිපූරණත්‍ථාය ඛාදනීයභොජනීයෙ පරියෙසන‍්තො චරති. අපග‍්ගතාම‍්හාති අපගතා පරිහීනාම‍්හා. කථංකරොති ඉදං නාගරාජා තස‍්ස නග‍්ගස‍්ස සමණභාවං ඤත්‍වා සමණපටිපත‍්තිං පුච‍්ඡන‍්තො ආහ. තත්‍ථ කිංසීලොති කතරෙන ආචාරෙන සමන‍්නාගතො. කෙන වතෙනාති කතරෙන වතසමාදානෙන වත‍්තන‍්තො. සමණො චරන‍්ති පබ‍්බජ‍්ජාය චරන‍්තො තණ‍්හාමමායිතානි හිත්‍වා කථං සමිතපාපසමණො නාම හොති. සග‍්ගන‍්ති කථං කරොන‍්තො ච සුට‍්ඨු අග‍්ගං දෙවනගරං සො සමණො උපෙතීති.

එහි ඝාස හෙතු යනු සම්පතින් තොර වූයේ කුස පිරවීම සඳහා කෑම්-බීම් සොයමින් හැසිරෙයි. අපාගතම්හ යනු පහ වූවාහු. පිරිහුණෝ වෙමු. කථං කරො යනු නෙරපූ නග්න වූවහුගේ මේ ශ්‍රමණ බව දැන ශ්‍රමණ ප්‍රතිපත්තිය විමසමින් මෙසේ කීවේය. එහි කිං සීලො යනු කවර හැසීරිමෙකින් යුක්ත වූයේ. කෙන වතෙන යනු කවර ව්‍රත සමාදානයකින් පවතින්නේ. සමණො චරං යනු පැවිද්දෙහි හැසිරෙමින් තෘෂ්ණා ආදී මමත්වයෙන් යුත් අදහස් අතැර කෙසේ නම් සමනය කරන ලද පව් ඇති ශ්‍රමණයෙක් නම් වේද? සග්ගං යනු කවර ලෙසකින් කටයුතු කරන්නේ මොනවට ශ්‍රේෂ්ඨ වූ දේව නගරයට ඒ ශ්‍රමණයා පැමිණේද යනුයි.

සුපණ‍්ණො ආහ –

සුපර්ණයා මෙසේ කීවේය.

“හිරියා තිතික‍්ඛාය දමෙනුපෙතො, අක‍්කොධනො පෙසුණියං පහාය; සමණො චරං හිත්‍වා මමායිතානි, එවංකරො සග‍්ගමුපෙති ඨාන”න‍්ති.

24. ලජ්ජාවෙන්ද ඉවසීමෙන්ද ඉන්‍ද්‍රිය දමනයෙන්ද ක්‍ෂාන්තියෙන්ද යුක්ත වූ ක්‍රෝධ රහිත තැනැත්තා කේලාම් වචනය අතැර මමත්වය අත්හැර හැසිරෙන්නා වූ ශ්‍රමණයා මෙසේ කරනුයේ ස්වර්ගයට පැමිණේ.

තත්‍ථ හිරියාති, සම‍්ම නාගරාජ, අජ‍්ඣත‍්තබහිද‍්ධාසමුට‍්ඨානෙහි හිරොත‍්තප‍්පෙහි තිතික‍්ඛාසඞ‍්ඛාතාය අධිවාසනඛන‍්තියා ඉන්‍ද්‍රියදමෙන ච උපෙතො අකුජ‍්ඣනසීලො පිසුණවාචං පහාය තණ‍්හාමමායිතානි ච හිත්‍වා පබ‍්බජ‍්ජාය චරන‍්තො සමණො නාම හොති, එවංකරොයෙව ච එතානි හිරීආදීනි කුසලානි කරොන‍්තො සග‍්ගමුපෙති ඨානන‍්ති.

එහි හිරියා යනු යහළු නාරජතුමනි, ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් හටගත් ලජ්ජා-බිය යන මෙයින් ඉවසීම් සංඛ්‍යාත වූ අධිවාසන ක්‍ෂාන්තියෙන්ද ඉන්‍ද්‍රිය දමනයෙන්ද යුක්ත වූයේ නොකිපෙන සුළු වූයේ කේලාම් කීම හැර තෘෂ්ණා වශයෙන් මමායනය කිරීමද හැර පැවිද්දෙහි හැසිරෙන්නේ ශ්‍රමණයෙක් වෙයි. මෙසේ කරන්නේම මේ ලජ්ජා ආදිය කරන්නේ ස්වර්ග ස්ථානයට පැමිණේ යනුයි.

ඉදං සුපණ‍්ණරාජස‍්ස ධම‍්මකථං සුත්‍වා පණ‍්ඩරකො ජීවිතං යාචන‍්තො ගාථමාහ –

සුපර්ණ රජුගේ මේ දැහැමි කථාව අසා පණ්ඩරකයා ජීවිතය යදිමින්,

“මාතාව පුත‍්තං තරුණං තනුජ‍්ජං, සම‍්ඵස‍්සතා සබ‍්බගත‍්තං ඵරෙති; එවම‍්පි මෙ ත්‍වං පාතුරහු දිජින්‍ද, මාතාව පුත‍්තං අනුකම‍්පමානො”ති.

25. යම් සේ මවක් සිය සිරුරෙන් උපන් තරුණ පුත්‍රයා බලා සිරුර පුරා ඒ පුත් සෙනෙහස පැතිරේද, පක්‍ෂිරාජය, පුතුට අනුකම්පා කරන මවක මෙන් මෙසේ ඔබ මට පහල විය යන ගාථාව කීවේය.

තස‍්සත්‍ථො – යථා මාතා තනුජං අත‍්තනො සරීරජාතං තරුණං පුත‍්තං සම‍්ඵස‍්සතං දිස‍්වා තං උරෙ නිපජ‍්ජාපෙත්‍වා ථඤ‍්ඤං පායෙන‍්තී පුත‍්තසම‍්ඵස‍්සෙන සබ‍්බං අත‍්තනො ගත‍්තං ඵරෙති, නපි මාතා පුත‍්තතො භායති නපි පුත‍්තො මාතිතො, එවම‍්පි මෙ ත්‍වං පාතුරහු පාතුභූතො දිජින්‍ද දිජරාජ, තස‍්මා මාතාව පුත‍්තං මුදුකෙන හදයෙන අනුකම‍්පමානො මං පස‍්ස, ජීවිතං මෙ දෙහීති.

එහි අර්ථය යම්සේ මව තනුජං තමාගේ සිරුරෙහි වැඩුන තරුණ පුතෙකු සමපස්ස දැක ඔහු ඇකයෙහි හොවා කිරි පොවන්නී පුතු ස්පර්ශ කිරීමෙන් තමාගේ මුළු සිරුරම එරෙති මව පුතාගෙන් බිය නොවේ. පුතුද මවගෙන් බිය නොවේ. එවම්පි මෙ ත්‍වං පාතුරහු පහළ වීය. දිජින්‍ද යනු පක්‍ෂි රජතුමනි, ඔබද මව මෙන් පුතෙකුට මොළොක් වූ හදවතින් අනුකම්පා කරමින් මා බලව. මගේ ජීවිතය දෙවයි යනුවෙනි.

අථස‍්ස සුපණ‍්ණො ජීවිතං දෙන‍්තො ඉතරං ගාථමාහ –

ඉක්බිති සුපර්ණයා ජීවිතය දෙමින් අනික් ගාථාව කීවේය.

“හන්‍දජ‍්ජ ත්‍වං මුඤ‍්ච වධා දුජිව‍්හ, තයො හි පුත‍්තා න හි අඤ‍්ඤො අත්‍ථි; අන‍්තෙවාසී දින‍්නකො අත්‍රජො ච, රජ‍්ජස‍්සු පුත‍්තඤ‍්ඤතරො මෙ අහොසී”ති.

26. දෙදිවක් ඇති නාගය, එසේනම් ඔබ අද මරණයෙන් මිදෙව. පුත්‍රයෝ තිදෙනෙකි. අනිකෙක් නැත. අතවැසි, අනුන් විසින් දෙන ලද තමාට දාව උපන් යනුවෙනි. මට එක් පුතෙක් වී යයි සතුටු වෙව.

තත්‍ථ මුඤ‍්චාති මුච‍්ච, අයමෙව වා පාඨො. දුජිව‍්හාති තං ආලපති. අඤ‍්ඤොති අඤ‍්ඤො චතුත්‍ථො පුත‍්තො නාම නත්‍ථි. අන‍්තෙවාසීති සිප‍්පං වා උග‍්ගණ‍්හමානො පඤ‍්හං වා සුණන‍්තො සන‍්තිකෙ නිවුත්‍ථො. දින‍්නකොති “අයං තෙ පුත‍්තො හොතූ”ති පරෙහි දින‍්නො. රජ‍්ජස‍්සූති අභිරමස‍්සු. අඤ‍්ඤතරොති තීසු පුත‍්තෙසු අඤ‍්ඤතරො අන‍්තෙවාසී පුත‍්තො මෙ ත්‍වං ජාතොති දීපෙති.

එහි මුච්චා යනු මුඤ්ච යනු මෙයම පෙළ වෙයි. දුජිව්හ යනු ඔහු අමතයි. අන්‍ය වූ සිව්වෙනි පුතෙක් නම් නැත. අන්තෙවාසී ශිල්ප ඉගෙනමින් හෝ ප්‍රශ්න අසමින් හෝ සමීපයෙහි වාසය කරන. දින්නකො යනු මෙතෙම ඔබගේ පුතු වේවායි අනුන් විසින් දෙන ලද. රජස්සු යනු ඇලුම් කරව. අඤ්ඤතරො යනු පුතුන් තිදෙනා අතර එකෙකු වූ අන්තේවාසී පුත්‍රයා ඔබට උපන්නේ යයි දක්වයි.

එවඤ‍්ච පන වත්‍වා ආකාසා ඔතරිත්‍වා තං භූමියං පතිට‍්ඨාපෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ද‍්වෙ ගාථා අභාසි –

මෙසේද කියා අහසින් බැස ඔහු භූමියෙහි පිහිටුවීය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථා දෙකක් වදාළ සේක.

“ඉච‍්චෙව වාක්‍යං විසජ‍්ජී සුපණ‍්ණො, භුම්‍යං පතිට‍්ඨාය දිජො දුජිව‍්හං; මුත‍්තජ‍්ජ ත්‍වං සබ‍්බභයාතිවත‍්තො, ථලූදකෙ හොහි මයාභිගුත‍්තො.

27. සුපර්ණයා නම් වූ පක්‍ෂියා මෙම වාක්‍යය කියා දෙදිවක් ඇති නාගයා නිදහස් කළේය. තෙමේද බිම සිට “ඔබ අද මිදුනේය. සියළු බියෙන් ඉක්මවා සිටියේය. ගොඩද දියෙහිද මවිසින් රක්නා ලද්දේ වෙහිය.

“ආතඞ‍්කිනං යථා කුසලො භිසක‍්කො, පිපාසිතානං රහදොව සීතො; වෙස‍්මං යථා හිමසීතට‍්ටිතානං, එවම‍්පි තෙ සරණමහං භවාමී”ති.

දක්‍ෂ වෛද්‍යවරයෙක් රෝගියෙකුට යම්සේද පවසින් යුක්ත අයෙකුට සිසිල් ජලාශයක් යම්සේද හිම කාලයෙහි සීතලෙන් පීඩාවට පත් වූවෙහුකුට නිවසක් යම්සේද මෙසේ මම ඔබට පිහිට වෙමි යනුවෙනි.

තත්‍ථ ඉච‍්චෙව වාක්‍යන‍්ති ඉති එවං වචනං වත්‍වා තං නාගරාජං විස‍්සජ‍්ජි. භුම්‍යන‍්ති සො සයම‍්පි භූමියං පතිට‍්ඨාය දිජො තං දුජිව‍්හං සමස‍්සාසෙන‍්තො මුත‍්තො අජ‍්ජ ත්‍වං ඉතො පට‍්ඨාය සබ‍්බභයානි අතිවත‍්තො ථලෙ ච උදකෙ ච මයා අභිගුත‍්තො රක‍්ඛිතො හොහීති ආහ. ආතඞ‍්කිනන‍්ති ගිලානානං. එවම‍්පි තෙති එවං අහං තව සරණං භවාමි.

එහි ඉච්චෙව වාක්‍යං යනු මෙසේ මෙබඳු වූ වචනයක් කියා ඒ නාරජු විස්සජ්ජි නිදහස් කළේය. භුම්‍යං යනු ඒ පක්‍ෂියාද තෙමේ බිම පිහිටා ඒ දෙදිවක් ඇති සර්පයා අස්වසමින් “අද ඔබ මිදුනේය. මෙතැන් පටන් සියළු බිය ඉක්මුණේය. හොඬහිද ජලයෙහිද මවිසින් මැනවින් ගෝපනය කරන ලද්දෙක් ආරක්ෂා කරන ලද්දෙක් වෙහි යයි කීවේය. ආතංකිනං යනු ගිලනුන්ට. එවම්පි තෙ මම මෙසේ ඔබට පිහිට සරණ වෙමි. ඔබ යවයි ඔහු පිටත්කර හැරීය.

ගච‍්ඡ ත්‍වන‍්ති උය්‍යොජෙසි. සො නාගරාජා නාගභවනං පාවිසි. ඉතරොපි සුපණ‍්ණභවනං ගන‍්ත්‍වා “මයා පණ‍්ඩරකනාගො සපථං කත්‍වා සද‍්දහාපෙත්‍වා විස‍්සජ‍්ජිතො, කීදිසං නු ඛො මයි තස‍්ස හදයං, වීමංසිස‍්සාමි න”න‍්ති නාගභවනං ගන‍්ත්‍වා සුපණ‍්ණවාතං අකාසි. තං දිස‍්වා නාගො “සුපණ‍්ණරාජා මං ගහෙතුං ආගතො භවිස‍්සතී”ති මඤ‍්ඤමානො බ්‍යාමසහස‍්සමත‍්තං අත‍්තභාවං මාපෙත්‍වා පාසාණෙ ච වාලුකඤ‍්ච ගිලිත්‍වා භාරියො හුත්‍වා නඞ‍්ගුට‍්ඨං හෙට‍්ඨාකත්‍වා භොගමත්‍ථකෙ ඵණං ධාරයමානො නිපජ‍්ජිත්‍වා සුපණ‍්ණරාජානං ඩංසිතුකාමො විය අහොසි. තං දිස‍්වා සුපණ‍්ණො ඉතරං ගාථමාහ –

[missing trans]

“සන්‍ධිං කත්‍වා අමිත‍්තෙන, අණ‍්ඩජෙන ජලාබුජ; විවරිය දාඨං සෙසි, කුතො තං භයමාගත”න‍්ති.

[missing trans]

තං සුත්‍වා නාගරාජා තිස‍්සො ගාථා අභාසි –

[missing trans]

“සඞ‍්කෙථෙව අමිත‍්තස‍්මිං, මිත‍්තස‍්මිම‍්පි න විස‍්සසෙ; අභයා භයමුප‍්පන‍්නං, අපි මූලානි කන‍්තති.

[missing trans]

“කථං නු විස‍්සසෙ ත්‍යම‍්හි, යෙනාසි කලහො කතො; නිච‍්චයත‍්තෙන ඨාතබ‍්බං, සො දිසබ‍්භි න රජ‍්ජති.

[missing trans]

“විස‍්සාසයෙ න ච තං විස‍්සයෙය්‍ය, අසඞ‍්කිතො සඞ‍්කිතො ච භවෙය්‍ය; තථා තථා විඤ‍්ඤූ පරක‍්කමෙය්‍ය, යථා යථා භාවං පරො න ජඤ‍්ඤා”ති.

[missing trans]

තත්‍ථ අභයාති අභයට‍්ඨානභූතා මිත‍්තම‍්හා භයං උප‍්පන‍්නං ජීවිතසඞ‍්ඛාතානි මූලානෙව කන‍්තති. ත්‍යම‍්හීති තස‍්මිං. යෙනාසීති යෙන සද‍්ධිං කලහො කතො අහොසි. නිච‍්චයත‍්තෙනාති නිච‍්චපටියත‍්තෙන. සො දිසබ‍්භි න රජ‍්ජතීති යො නිච‍්චයත‍්තෙන අභිතිට‍්ඨති, සො අත‍්තනො සත‍්තූහි සද‍්ධිං විස‍්සාසවසෙන න රජ‍්ජති, තතො තෙසං යථාකාමකරණීයො න හොතීති අත්‍ථො. විස‍්සාසයෙති පරං අත‍්තනි විස‍්සාසයෙ, තං පන සයං න විස‍්සසෙය්‍ය. පරෙන අසඞ‍්කිතො අත‍්තනා ච සො සඞ‍්කිතො භවෙය්‍ය. භාවං පරොති යථා යථා පණ‍්ඩිතො පරක‍්කමති, තථා තථා තස‍්ස පරො භාවං න ජානාති, තස‍්මා පණ‍්ඩිතෙන වීරියං කාතබ‍්බමෙවාති දීපෙති.

[missing trans]

ඉති තෙ අඤ‍්ඤමඤ‍්ඤං සල‍්ලපිත්‍වා සමග‍්ගා සම‍්මොදමානා උභොපි අචෙලකස‍්ස අස‍්සමං අගමිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

[missing trans]

“තෙ දෙවවණ‍්ණා සුඛුමාලරූපා, උභො සමා සුජයා පුඤ‍්ඤඛන්‍ධා; උපාගමුං කරම‍්පියං අචෙලං, මිස‍්සීභූතා අස‍්සවාහාව නාගා”ති.

[missing trans]

තත්‍ථ සමාති සමානරූපා සදිසසණ‍්ඨානා හුත්‍වා. සුජයාති සුවයා පරිසුද‍්ධා, අයමෙව වා පාඨො. පුඤ‍්ඤඛන්‍ධාති කතකුසලතාය පුඤ‍්ඤක‍්ඛන්‍ධා විය. මිස‍්සීභූතාති හත්‍ථෙන හත්‍ථං ගහෙත්‍වා කායමිස‍්සීභාවං උපගතා. අස‍්සවාහාව නාගාති ධුරෙ යුත‍්තකා රථවාහා ද‍්වෙ අස‍්සා විය පුරිසනාගා තස‍්ස අස‍්සමං අගමිංසු.

[missing trans]

ගන‍්ත්‍වා ච පන සුපණ‍්ණරාජා චින‍්තෙසි – “අයං නාගරාජා අචෙලකස‍්ස ජීවිතං න දස‍්සති, එතං දුස‍්සීලං න වන්‍දිස‍්සාමී”ති. සො බහි ඨත්‍වා නාගරාජානමෙව තස‍්ස සන‍්තිකං පෙසෙසි. තං සන්‍ධාය සත්‍ථා ඉතරං ගාථමාහ.

ගුරුළු රජු ගොස්ද මෙසේ සිතුවේය. මේ නාරජු අචේලකයාට ජීවිතය නොදෙන්නේය. මෙම දුස්සීලයා නොවඳින්නෙමියි හෙතෙම පිටත සිට නා රජු ඔහු සමීපයට යැවීය. එය අරභයා ශාස්තෲන් වහන්සේ වෙනත් ගාථාවක් වදාළ සේක.

“තතො හවෙ පණ‍්ඩරකො අචෙලං, සයමෙවුපාගම‍්ම ඉදං අවොච; මුත‍්තජ‍්ජහං සබ‍්බභයාතිවත‍්තො, න හි නූන තුය‍්හං මනසො පියම‍්හා”ති.

29. අනතුරුව පණ්ඩරකයා අචේලක වෙත තෙමේම එළඹ මෙය කීවේය. අද මම සියළු බිය ඉක්ම සිටියේ මිදුනේ වෙමි. ඒකාන්තයෙන් මම නුඹගේ සිතට ප්‍රියයෙක් නොවෙමි, යනුවෙනි.

තත්‍ථ පියම‍්හාති දුස‍්සීලනග‍්ගභොග‍්ගමුසාවාදි නූන මයං තව මනසො න පියා අහුම‍්හාති පරිභාසි.

එහි පියම්හ යනු දුස්සීල වූ නිර්වස්ත්‍ර වූ තාපසය, බොරු කියන තැනැත්ත, ඒකාන්තයෙන් අපි ඔබගේ සිතට අප්‍රිය වූවෝ වෙමු යයි අපහාස කළේය.

තතො අචෙලො ඉතරං ගාථමාහ –

අනතුරුව අචේලකයා වෙනත් ගාථාවක් කීවේය.

“පියො හි මෙ ආසි සුපණ‍්ණරාජා, අසංසයං පණ‍්ඩරකෙන සච‍්චං; සො රාගරත‍්තොව අකාසිමෙතං, පාපකම‍්මං සම‍්පජානො න මොහා”ති.

30. ගුරුළු රජු පණ්ඩරක නාගයාට වඩා නිසැකවම මට ප්‍රිය වූවෙහිය. එය ඇත්තයි. ඒ මම රාගයෙන් රත් වී දැන දැනම මේ පවිටු ක්‍රියාව කළෙමි. මුළාවෙන් නොවේ යනුවෙනි.

තත්‍ථ පණ‍්ඩරකෙනාති තයා පණ‍්ඩරකෙන සො මම පියතරො අහොසි, සච‍්චමෙතං. සොති සො අහං තස‍්මිං සුපණ‍්ණෙ රාගෙන රත‍්තො හුත්‍වා එතං පාපකම‍්මං ජානන‍්තොව අකාසිං, න මොහෙන අජානන‍්තොති.

එහි පණ්ඩරකෙන යනු ඒ ගුරුළා පණ්ඩරක නාගයාට වඩා මට අතිශයින් ප්‍රිය වීය. මෙය සත්‍යයකි. සො යනු මම ඒ ගුරුළා පිළිබඳව රාගයෙන් රත් වී දැන දැනම මේ පවිටු ක්‍රියාව කළෙමි. මුළාවෙන් නොදැන නොවේ.

තං සුත්‍වා නාගරාජා ද‍්වෙ ගාථා අභාසි –

ඒ අසා නා රජු ගාථා දෙකක් කීවේය.

“න මෙ පියං අප‍්පියං වාපි හොති, සම‍්පස‍්සතො ලොකමිමං පරඤ‍්ච; සුසඤ‍්ඤතානඤ‍්හි වියඤ‍්ජනෙන, අසඤ‍්ඤතො ලොකමිමං චරාසි.

31. මෙලොවද පරලොවද මනාව බලන්නෙකුට මොහු මට ප්‍රියය අප්‍රියයි යන්නක් නොවේ. නොසංසිඳුන ඔබ මනාව සංයත වූවෙකුගේ ස්වරූපයෙන් මෙලොව හැසිරෙහිය.

“අරියාවකාසොසි අනරියොවාසි, අසඤ‍්ඤතො සඤ‍්ඤතසන‍්නිකාසො; කණ‍්හාභිජාතිකොසි අනරියරූපො, පාපං බහුං දුච‍්චරිතං අචාරී”ති.

32. උතුමෙකුට සමාන ස්වභාව ඇත්තෙහිය. නමුත් පහත් වූවෙක් වෙහිය. සන්සුන් අයෙකුට සමාන වූයේ නමුදු නොසන්සුන් වූවක් වෙහිය. කළුපැහැ ඇති පවිටු ස්වභාව ඇත්තෙහිය. අනාර්ය වූ ස්වභාව ඇත්තෙහිය. පවිටු වූ බොහෝ දුසිරිතෙහි හැසිරුනෙහිය.

තත්‍ථ න මෙති අම‍්භො දුස‍්සීලනග‍්ගමුසාවාදි පබ‍්බජිතස‍්ස හි ඉමඤ‍්ච පරඤ‍්ච ලොකං සම‍්පස‍්සතො පියං වා මෙ අප‍්පියං වාපි මෙති න හොති, ත්‍වං පන සුසඤ‍්ඤතානං සීලවන‍්තානං බ්‍යඤ‍්ජනෙන පබ‍්බජිතලිඞ‍්ගෙන අසඤ‍්ඤතො හුත්‍වා ඉමං ලොකං වඤ‍්චෙන‍්තො චරසි. අරියාවකාසොසීති අරියපටිරූපකොසි. අසඤ‍්ඤතොති කායාදීහි අසඤ‍්ඤතොසි. කණ‍්හාභිජාතිකොති කාළකසභාවො. අනරියරූපොති අහිරිකසභාවො. අචාරීති අකාසි.

එහි නමෙ යනු එම්බා දුශ්ශීලය, නිර්වස්ත්‍ර වූව. බොරු කියන තැනැත්ත. මෙලොවත් පරලොවත් දක්නා වූ පැවිද්දාට මොහු මට ප්‍රිය වේ. මොහු මට අප්‍රිය වේ යන අදහසක් ඇති නොවේ. ඔබ මනාව සංසුන් සිල්වතුන්ගේ ස්වරූපයෙන් පැවිද්දෙකුගේ ස්වභාවයෙන් හැසිරෙමින් නොසන්සිඳුන අයෙක් වී මෙලොව රවටමින් හැසිරෙහිය. අරියාවකාසොසි යනු උතුමෙකු ලෙස හැසිරෙන ප්‍රතිරූපකයෙක් වෙහිය. අසඤ්ඤතො යනු කය ආදියෙන් නොසන්සුන් වූවෙක් වෙහිය. කණ්හාභිජාතිකො යනු පවිටු ස්වරූප ඇතියේ. අනනරිය රූපො ලජ්ජා රහිත ස්වභාව ඇතියේ. අචාරි යනු කළෙහිය.

ඉති තං ගරහිත්‍වා ඉදානි අභිසපන‍්තො ඉමං ගාථමාහ –

මෙසේ ඔහුට නින්දා කර දැන් ශාප කරමින් මේ ගාථාව කීවේය.

“අදුට‍්ඨස‍්ස තුවං දුබ‍්භි, දුබ‍්භී ච පිසුණො චසි; එතෙන සච‍්චවජ‍්ජෙන, මුද‍්ධා තෙ ඵලතු සත‍්තධා”ති.

33. ද්‍රෝහී වූ ඔබ ද්‍රෝහී නොවූවහුට ද්‍රෝහ කළේ වෙහිය. කේලාම් කියන්නේද වෙහි. මේ සත්‍ය වචනය කරණකොට ගෙන ඔබගේ හිස සත්කඩකට පැලේවා.

තස‍්සත්‍ථො – අම‍්භො දුබ‍්භි ත්‍වං අදුට‍්ඨස‍්ස මිත‍්තස‍්ස දුබ‍්භී චාසි, පිසුණො චාසි, එතෙන සච‍්චවජ‍්ජෙන මුද‍්ධා තෙ සත‍්තධා ඵලතූති.

එහි අර්ථය, එම්බා අචේලකය, ඔබ ද්‍රෝහී නොවූ මිත්‍රයාට ද්‍රෝහී වූවෙහිය. කේලාම් කියන්නේද වෙහි. මේ සත්‍ය වචනය කරණකොට ගෙන ඔබගේ හිස සත්කඩකට පැලේවා යනුයි.

ඉති නාගරාජස‍්ස සපන‍්තස‍්සෙව අචෙලකස‍්ස සීසං සත‍්තධා ඵලි. නිසින‍්නට‍්ඨානෙයෙවස‍්ස භූමි විවරං අදාසි. සො පථවිං පවිසිත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්ති, නාගරාජසුපණ‍්ණරාජානොපි අත‍්තනො භවනමෙව අගමිංසු. සත්‍ථා තස‍්ස පථවිං පවිට‍්ඨභාවං පකාසෙන‍්තො ඔසානගාථමාහ –

නාරජු මෙසේ ශාප කරනවිටම අචේලකයාගේ හිස සත්කඩකට පැළුනේය. ඔහු හුන් තන්හිම පොළොවෙහි විවරයක් දුන්නේය. හෙතෙම පොළොවට පිවිස අවීචියෙහි උපන්නේය. නාරජුද ගුරුළු රජුද තමාගේ භවනයටම ගියාහුය. ශාස්තෲන් වහන්සේ ඔහු පොළොවට පිවිසි බව ප්‍රකාශ කරමින් අවසාන ගාථාව වදාළ සේක.

“තස‍්මා හි මිත‍්තානං න දුබ‍්භිතබ‍්බං, මිත‍්තදුබ‍්භා පාපියො නත්‍ථි අඤ‍්ඤො; ආසිත‍්තසත‍්තො නිහතො පථබ්‍යා, ඉන්‍දස‍්ස වාක්‍යෙන හි සංවරො හතො”ති.

34. මිතුද්‍රෝහී වීම හා සමාන අන් පවිටු වූවක් නැත. එනිසා මිතුරන්ට ද්‍රෝහී නොවිය යුතුය. පොළොවෙහි ඉසින ලද විෂ ඇති සර්පයා විසින් ශාප කරන ලද ඔහු නාරජුගේ වචනය නිසා සංවරයෙහි පිහිටමියි ප්‍රතිඥා කරන ලද්දේ නැසුනේය.

තත්‍ථ තස‍්මාති යස‍්මා මිත‍්තදුබ‍්භිකම‍්මස‍්ස ඵරුසො විපාකො, තස‍්මා. ආසිත‍්තසත‍්තොති ආසිත‍්තවිසෙන සත‍්තො. ඉන්‍දස‍්සාති නාගින්‍දස‍්ස වාක්‍යෙන. සංවරොති “අහං සංවරෙ ඨිතොස‍්මී”ති පටිඤ‍්ඤාය එවං පඤ‍්ඤාතො ආජීවකො හතොති.

එහි තස්මා යනු යම් හෙයකින් මිත්‍රද්‍රෝහී කාර්යයෙහි දරුණු විපාක ඇත්තේද එහෙයිනි. ආසිත්ත සත්තො යනු ඉසින ලද විෂ ඇති සත්ත්ව තෙමේ. ඉන්‍දස්ස යනු නාරජුගේ වාක්‍යෙන සංවරො යනු මම සංවර බැව්හි සිටියේ වෙමියි ප්‍රතිඥාව සමගම පෙනී සිට ආජීවකයා නැසුනේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො මුසාවාදං කත්‍වා පථවිං පවිට‍්ඨොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අචෙලකො දෙවදත‍්තො අහොසි, නාගරාජා සාරිපුත‍්තො, සුපණ‍්ණරාජා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. දෙව්දත් පෙරද බොරු කියා පොළොවෙහි පිවිසියේයයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි අචේලක තාපසයා දෙව්දත් වීය. නාරජු සැරියුත් තෙර වීය. ගුරුළු රජු වනාහි මම ම වීමි යයි වදාළ සේක.

පණ‍්ඩරනාගරාජජාතකවණ‍්ණනා අට‍්ඨමා.