1. මණිකුණ්ඩලජාතකවණ්ණනා 351 අට්ඨකථා
1. මණිකුණ්ඩලජාතකවණ්ණනා (351)
1. මණිකුණ්ඩල ජාතකය (351)
ජීනො රථස්සං මණිකුණ්ඩලෙ චාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො අන්තෙපුරෙ සබ්බත්ථසාධකං පදුට්ඨාමච්චං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා විත්ථාරිතමෙව. ඉධ පන බොධිසත්තො බාරාණසිරාජා අහොසි. පදුට්ඨාමච්චො කොසලරාජානං ආනෙත්වා කාසිරජ්ජං ගාහාපෙත්වා බාරාණසිරාජානං බන්ධාපෙත්වා බන්ධනාගාරෙ පක්ඛිපාපෙසි. රාජා ඣානං උප්පාදෙත්වා ආකාසෙ පල්ලඞ්කෙන නිසීදි, චොරරඤ්ඤො සරීරෙ ඩාහො උප්පජ්ජි. සො බාරාණසිරාජානං උපසඞ්කමිත්වා පඨමං ගාථමාහ –
‘ජිනො රථස්සමණිකුණ්ඩලෙ ච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කල්හි, කොසොල් රජුගේ අන්තඃපුරයෙහි සියලු කටයුතු භාර, දුෂ්ට ඇමැතියකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා පුවත මීට ඉහත දක්වන ලදි. මේ ජාතකයට අයත් බෝසත් තෙමේ බරණැස් රජුව ඉපිද සිටියේය. ඉහත කී කොසොල් රජුගේ දුෂ්ට ඇමතියා කොසොල් රජු කැටුව කසීරටට අවුත්, එම රට බලහත්කාරයෙන් අල්වාගෙන, අනතුරුව බරණැස් රජු ද, අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයෙහි සිරකොට තබන්නට සැලැස්වීය. බන්ධනාගාරගත වූ බරණැස් රජතුමා එහිදී ධ්‍යාන වඩා, අහසෙහි පලක් බැඳ වාඩි වී, හුන්නේය. මේ දුටු සතුරු රජු වන කොසොල් රජුගේ සිරුර පුරා, දාහයක් ඇතිවිය. ඔහු වරණ රජු වෙත එළඹ මේ ගාථාව කීවේය.
“ජීනො රථස්සං මණිකුණ්ඩලෙ ච, පුත්තෙ ච දාරෙ ච තථෙව ජීනො; සබ්බෙසු භොගෙසු අසෙසකෙසු, කස්මා න සන්තප්පසි සොකකාලෙ”ති.
ජිනො රථස්ස මණිකුණ්ඩලෙව, පුත්තෙව දාරෙව තථෙව ජිනො, සබ්බෙසු භොගෙසු අසෙසිතෙසු, කස්මා න සන්තප්පසි සොක කාලෙති
රථය, අශ්වයන්, මිණිකොඬොල් අහිමි විය. එසේම දරුවන් ද අඹුවන් ද, අහිමි විය. සියලු සම්පත් ඉතිරි නොකොට හැර ගන්නා ලදි. (මේ හේතූන් නිසා) ශෝක කළයුතු කාලයෙහි, කුමක් නිසා සන්තාපයට පත් නොවෙහිද?
තත්ථ ජීනො රථස්සං මණිකුණ්ඩලෙ චාති මහාරාජ, ත්වං රථඤ්ච අස්සඤ්ච මණිකුණ්ඩලානි ච ජීනො, “ජීනො රථස්සෙ ච මණිකුණ්ඩලෙ චා”තිපි පාඨො. අසෙසකෙසූති නිස්සෙසකෙසු.
මෙහි ‘ජිනො රථස්ස මණිකුණ්ඩලෙ ච’ යනු ‘මහරජතුමනි, ඔබගෙන් (ඔබට අයත්) රථය, අසුන්, මිණිකොඬොල් යන මේවා පැහැර ගන්නා ලද යන අර්ථය. ‘රථෙ ච මණිකුණ්ඩලෙ ච’ යනුවෙන් ද, පාඨයක් ඇත යන අර්ථයි. ‘අසෙසිතෙසු’ යනු ‘ඉතිරි නොකොට’ යන අර්ථයි.
තං සුත්වා බොධිසත්තො ඉමා ද්වෙ ගාථා අභාසි –
මේ ඇසූ බෝසත් රජතුමා මේ ගාථා දෙක, පිළිතුරු වශයෙන් පැවසීය.
“පුබ්බෙව මච්චං විජහන්ති භොගා, මච්චො වා තෙ පුබ්බතරං ජහාති; අසස්සතා භොගිනො කාමකාමි, තස්මා න සොචාමහං සොකකාලෙ.
2. සියල්ල කැමැත්තාණෙනි, සම්පත් පළමුකොට සත්ත්වයා හැර දමයි. ඊටත් පෙරාතුව සත්ත්වයා සම්පත් හැර දමයි. සම්පත් වූ කලී, සැමදා පවතින්නක් නොවෙයි. ඒ නිසා ශෝක කළයුතු කල්හි, මම ශෝක නො කරමි.
“උදෙති ආපූරති වෙති චන්දො, අත්ථං තපෙත්වාන පලෙති සූරියො; විදිතා මයා සත්තුක ලොකධම්මා, තස්මා න සොචාමහං සොකකාලෙ”ති.
3. පසමිතුරාණෙනි, සඳ උදාවෙයි. ක්‍රමයෙන් පිරිපුන් වෙයි. පසුව ගෙවී යයි. හිරු පොළොව ආලෝකවත් කොට බැස යයි. මෙසේ මා විසින් ලෝකධර්මයෝ අවබෝධ කරන ලදහ. එබැවින් ශෝක කළයුතු කාලයෙහි මම ශෝක නො කරමි.
තත්ථ පුබ්බෙව මච්චන්ති මච්චං වා භොගා පුබ්බෙව පඨමතරඤ්ඤෙව විජහන්ති, මච්චො වා තෙ භොගෙ පුබ්බතරං ජහාති. කාමකාමීති චොරරාජානං ආලපති. අම්භො, කාමෙ කාමයමාන කාමකාමි භොගිනො නාම ලොකෙ අසස්සතා, භොගෙසු වා නට්ඨෙසු ජීවමානාව අභොගිනො හොන්ති, භොගෙ වා පහාය සයං නස්සන්ති, තස්මා අහං මහාජනස්ස සොකකාලෙපි න සොචාමීති අත්ථො. විදිතා මයා සත්තුක ලොකධම්මාති චොරරාජානං ආලපති. අම්භො, සත්තුක, මයා ලාභො අලාභො යසො අයසොතිආදයො ලොකධම්මා විදිතා. යථෙව හි චන්දො උදෙති ච පූරති ච පුන ච ඛීයති, යථා ච සූරියො අන්ධකාරං විධමන්තො මහන්තං ආලොකං තපෙත්වාන පුන සායං අත්ථං පලෙති අත්ථං ගච්ඡති න දිස්සති, එවමෙව භොගා උප්පජ්ජන්ති ච නස්සන්ති ච, තත්ථ කිං සොකෙන, තස්මා න සොචාමීති අත්ථො.
මෙහි ‘පුබ්බෙව මච්චං’ යනු ‘සම්පත් මුලදීම, එනම් පළමුකොටම සත්ත්වයා අත්හරී, සත්ත්වයා ද, ඒ සම්පත් ඊටත් කලින් අත්හරී යන අර්ථයි. ‘කාමකාමි’ යනු සතුරු රජු ඇමතීමයි. කාම වස්තූන්ට ආශා කරන්නා ‘කාමකාමි’ නම් වෙයි. වස්තුව නම්, ලොව සදාකල්හි පවතින්නක් නොවෙයි. පොහොසතුන් වස්තුව නැතිවූ කල්හි, ජීවත් වුවත්, දුප්පත්තු වෙති. විටෙක වස්තුව ඉතිරි කොට, මිනිස්සු පරලොව යති. එබැවින් සෙසු අයට, ශෝකය දනවන කාලයක් වුවත්, එම කාලයෙහි මම ‘ශෝක නො කරමි’, යන අර්ථයි. ‘විදිතා මයා සත්තක ලොකධම්මා’ යන මෙය සතුරු රජු අමතා කියන්නකි. පින්වත් පසමිතුරාණෙනි, ලාභ-අලාභ, අයස-යස ආදී ලෝකධර්මයෝ මා විසින් අවබෝධ කරගන්නා ලදහ. යම් සේ සඳ උදාවෙයිද? දිනෙන් දින පිරේද? නැවත දිනෙන් දින ගෙවී යා ද? යම් සේ හිරු, අඳුර දුරු කෙරෙමින් ලොව මහත් වූ ප්‍රදේශයක් ආලෝකවත් කොට, නැවත සවස් වනවිට, අස්තයට යා ද? එනම් නොපෙනී යා ද? එපරිද්දෙන් සම්පත් ඇතිවෙයි. නැතිවෙයි. ඒ ගැන ශෝක කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එබැවින් ශෝක නොකරමි’. යන අර්ථයි.
එවං මහාසත්තො චොරරඤ්ඤො ධම්මං දෙසෙත්වා ඉදානි තමෙව චොරං ගරහන්තො ආහ –
මෙසේ බෝසත්තුමා සතුරු රජුට දහම් දෙසා, නැවත ඔහුගේ ක්‍රියාවට ගරහමින් මෙසේද, කීය.
“අලසො ගිහී කාමභොගී න සාධු, අසඤ්ඤතො පබ්බජිතො න සාධු; රාජා න සාධු අනිසම්මකාරී, යො පණ්ඩිතො කොධනො තං න සාධු.
අලංසා ගිහී කාමභෝගී න සාධූ, අසඤ්ඤතො පබ්බජිතෙන න සාධූ, රාජා න සාධූ අනිසම්මකාරි, යො පණ්ඩිතො කොධනො තං න සාධු
කාමභෝගී අලස ගිහියා හොඳ නැත. අසංවර පැවිද්දා ද හොඳ නැත. අපරීක්ෂාකාරී රජු ද හොඳ නැත. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වෙයි නම්, ඔහු ද හොඳ නැත.
“නිසම්ම ඛත්තියො කයිරා, නානිසම්ම දිසම්පති; නිසම්මකාරිනො රාජ, යසො කිත්ති ච වඩ්ඪතී”ති.
නිසම්ම ඛත්තියො කයිරා, නානි සම්ම දිසම්පති, නිසම්මකාරිතෙ රඤ්ඤා, යසො කිත්ති වඩ්ඪතී
දිසාවන්ට අධිපති රජතුමා, පරීක්ෂාකාරීව ක්‍රියා කළ යුත්තේය. අපරීක්ෂාකාරීව ක්‍රියා නොකළ යුතුය. නුවණින් පිරික්සා බලා කටයුතු කරන රජුගේ යශස ද, කීර්තිය ද වැඩේ.
ඉමා පන ද්වෙ ගාථා හෙට්ඨා විත්ථාරිතායෙව. චොරරාජා බොධිසත්තං ඛමාපෙත්වා රජ්ජං පටිච්ඡාපෙත්වා අත්තනො ජනපදමෙව ගතො.
මේ ගාථා දෙකම මීට ඉහතින් විස්තර කරන ලදි. මේ දේශනාවෙන් පසු සතුරු රජතුමා, බෝසතුන් සමා කරවාගෙන, රජය නැවත ඔහුට පවරා, සිය රටට පෙරළා ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කොසලරාජා ආනන්දො අහොසි, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ දම්දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එකල කොසොල් රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. බරණැස් රජතුමා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
මණිකුණ්ඩලජාතකවණ්ණනා පඨමා.