යෙදුමෙන් කියවන්න

2. සුජාතජාතකවණ‍්ණනා 352 අට‍්ඨකථා

2. සුජාතජාතකවණ‍්ණනා (352)

2. සුජාත ජාතකය (352)

කිං නු සන‍්තරමානොවාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මතපිතිකං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. සො කිර පිතරි මතෙ පරිදෙවමානො විචරති, සොකං විනොදෙතුං න සක‍්කොති. අථ සත්‍ථා තස‍්ස සොතාපත‍්තිඵලූපනිස‍්සයං දිස‍්වා සාවත්‍ථිං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාසමණං ආදාය තස‍්ස ගෙහං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො තං වන්‍දිත්‍වා නිසින‍්නං “කිං, උපාසක, සොචසී”ති වත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “ආවුසො, පොරාණකපණ‍්ඩිතා පණ‍්ඩිතානං වචනං සුත්‍වා පිතරි කාලකතෙ න සොචිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘කින්නු සන්තරමානොව’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වෙසෙන සේක්, පියා මළ කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. ඒ කෙළෙඹි පුත්‍රයා සිය පියා මළ කල්හි, වැලපෙමින් කල්ගත කරයි. ශෝකය බැහැර කරගැනීමට ඔහු අපොහොසත් විය. මේ අතර බුදුරජාණන් වහන්සේ සෝවාන් වීමට තරම් වූ ඔහුගේ උපනිශ්‍රය සම්පත් දැක, තවත් තෙර කෙනකුන් සමග සැවැත් නුවරට පිඬු පිණිස වැඩ, ඉහත කී කෙළෙඹි පුත්‍රයාගේ නිවෙසට පැමිණ පනවන ලද අසුනක වැඩහුන් සේක. කෙළෙඹි පුත්‍රයා බුදුරදුන් වෙත එළඹ වැඳ, එකත්පස්ව හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු අමතා, ‘උපාසකය, ඔබ ශෝකයෙන් පසු වෙහිදැ’යි ඇසූ සේක. ‘එසේය, ස්වාමීනි,’ උපාසකය, පැරැණි උතුමෝ පඬිවරුන්ගේ බණ අසා සිය පියා මළ කල්හිත්, ශෝක නොකළාහු යැ’යි වදාරා, කෙළෙඹි පුත්‍රයා විසින් ආරාධනා කරන ලදුව, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කුටුම‍්බිකගෙහෙ නිබ‍්බත‍්ති, “සුජාතකුමාරො”තිස‍්ස නාමං කරිංසු. තස‍්ස වයප‍්පත‍්තස‍්ස පිතාමහො කාලමකාසි. අථස‍්ස පිතා පිතු කාලකිරියතො පට‍්ඨාය සොකසමප‍්පිතො ආළාහනං ගන‍්ත්‍වා ආළාහනතො අට‍්ඨීනි ආහරිත්‍වා අත‍්තනො ආරාමෙ මත‍්තිකාථූපං කත්‍වා තානි තත්‍ථ නිදහිත්‍වා ගතගතවෙලාය ථූපං පුප‍්ඵෙහි පූජෙත්‍වා චෙතියං ආවිජ‍්ඣන‍්තො පරිදෙවති, නෙව න‍්හායති න ලිම‍්පති න භුඤ‍්ජති න කම‍්මන‍්තෙ විචාරෙති. තං දිස‍්වා බොධිසත‍්තො “පිතා මෙ අය්‍යකස‍්ස මතකාලතො පට‍්ඨාය සොකාභිභූතො චරති, ඨපෙත්‍වා පන මං අඤ‍්ඤො එතං සඤ‍්ඤාපෙතුං න සක‍්කොති, එකෙන නං උපායෙන නිස‍්සොකං කරිස‍්සාමී”ති බහිගාමෙ එකං මතගොණං දිස‍්වා තිණඤ‍්ච පානීයඤ‍්ච ආහරිත්‍වා තස‍්ස පුරතො ඨපෙත්‍වා “ඛාද, ඛාද, පිව, පිවා”ති ආහ. ආගතාගතා නං දිස‍්වා “සම‍්ම සුජාත, කිං උම‍්මත‍්තකොසි, මතගොණස‍්ස තිණොදකං දෙසී”ති වදන‍්ති. සො න කිඤ‍්චි පටිවදති. අථස‍්ස පිතු සන‍්තිකං ගන‍්ත්‍වා “පුත‍්තො තෙ උම‍්මත‍්තකො ජාතො, මතගොණස‍්ස තිණොදකං දෙතී”ති ආහංසු. තං සුත්‍වා කුටුම‍්බිකස‍්ස පිතුසොකො අපගතො, පුත‍්තසොකො පතිට‍්ඨිතො. සො වෙගෙනාගන‍්ත්‍වා “නනු ත්‍වං, තාත සුජාත, පණ‍්ඩිතොසි, කිංකාරණා මතගොණස‍්ස තිණොදකං දෙසී”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කිසියම් කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු ‘සුජාත’ කුමාරයා නමින් ප්‍රකට විය. ඔහුගේ තරුණ වියේදී, සිය පියාගේ පියා වන මුත්තණුවන් මිය ගියේය. මුත්තාගේ වියෝව පියාට ඉවසිය නොහැක්කක් විය. මුත්තා මළ තැන් පටන්, ශෝකයෙන් පීඩිත වූ පියා, ආදාහන මලුවට නිතර යයි. දිනක් ඔහු ආදාහන මලුවෙන් සිය පියාගේ ඇටකටු ගෙදර ගෙනැවිත්, වත්තේ කොණක මැටිවලින් ස්ථූපයක් සාදා, එහි ඇටකටු තැන්පත් කොට, එතැනට නිතර යමින් ද, මල් පූජා කරමින් ද, සෑය වටේ යමින් ද, වැලපේ. එපමණක් නොව ඔහු කෑම ද, නෑම ද, සැරසීම ද, රැකියාව ද යන මේ සියල්ල අත්හැර දැමුවේය. මේ දුටු බෝසත් තරුණයා, ‘මගේ මුත්තා මළ දා සිට ශෝකයෙන් පීඩිතව හැසිරෙයි. ඔහු දැනුම්පත් කොට, ශෝකයෙන් මුදා ගන්නට, මා හැර අන් කිසිවෙක් සමත් නොවේ. එබැවින් කිසියම් උපායකින්, ඔහුගේ ශෝකය දුරු කරන්නෙමි’යි ඉටා ගත්තේය. මේ අතර අල්ලපු ගමේ, ගොනකු මළ බව දැන ගත්, සුජාත කුමාරයා තණකොළ මිටියක් ද, වතුර භාජනයක් ද, රැගෙන එහි ගොස් තණකොළ, මළ ගොනාගේ මුව ළඟ තබා ‘කන්න කන්න යැ’යි කියයි. අනතුරුව වතුර ගොනාගේ මුවට ළංකොට ‘බොන්න බොන්න යැ’යි කියයි. එතැනට පැමිණි මිනිස්සු එය දැක, ‘යහලු සුජාතයෙනි, කිමෙක් ද, උමතු වූවෙහිද? මළ ගොනකුට දිය හා තණවලින් ඇති කාරිය කුමක්දැ’යි විචාළහ. සුජාත ඊට කිසිදු පිළිතුරක් නොදුන්නේය. ඉන්පසු ඒ මිනිස්සු සුජාතාගේ පියා හමුවේ, පුතාගේ අමුතු ක්‍රියා සියල්ල නො වළහා කීහ. එය අසා සිටි කෙළෙඹියාගේ පීතෘ ශෝකය පහ විය. ඒ වෙනුවට පුත්‍ර ශෝකයක් හට ගත්තේය. අනතුරුව ඔහු වේගයෙන් පුතා ළඟට පැමිණ, ‘පුත්‍ර සුජාතයෙනි, නුඹ පණ්ඩිතයකු නොවේද? කුමන කරුණක් නිසා, මළ ගොනෙකුට තණ හා ජලය දේ දැ’යි, කියා මේ ගාථා දෙක පැවසීය.

“කිං නු සන‍්තරමානොව, ලායිත්‍වා හරිතං තිණං; ඛාද ඛාදාති ලපසි, ගතසත‍්තං ජරග‍්ගවං.

කින්නු සන්තරමානොව ලායිත්‍වා හරිතං තිණං, ඛාද ඛාදති විලපි ගතසත්තං ජරග්ගවං

වහ වහා කොළ පැහැති තණකොළ කපා ගෙනවුත්, පණගිය මහලු ගොනකුට කව, කව යි කියමින් නන්දොඩවනුයේ කුමක් නිසාද?

“න හි අන‍්නෙන පානෙන, මතො ගොණො සමුට‍්ඨහෙ; ත්‍වඤ‍්ච තුච‍්ඡං විලපසි, යථා තං දුම‍්මතී තථා”ති.

නහි අන්නෙන පාණෙන මතො ගොණෙ සමුට්ඨභෙ, ත්‍වඤ්ච තුච්ඡං විලපසි යථා තං දුම්මතී තථා ති

ආහාර පානයෙන් මළ ගොනකු නැගිටුවාලිය නොහැකිය. නුඹ මෝඩයකු මෙන්, තේරුමක් නැති දේකට වැලපෙහි

තත්‍ථ සන‍්තරමානොවාති තුරිතො විය හුත්‍වා. ලායිත්‍වාති ලුනිත්‍වා. ලපසීති විලපසි. ගතසත‍්තං ජරග‍්ගවන‍්ති විගතජීවිතං ජිණ‍්ණගොණං. යථා තන‍්ති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං, යථා දුම‍්මති අප‍්පපඤ‍්ඤො විලපෙය්‍ය, තථා ත්‍වං තුච‍්ඡං විලපසීති.

මෙහි ‘සන්තරමානොව’ යනු ‘නන් දොඩවයි’, යන අර්ථයි. ‘ගතසත්තං ජරග්ගවං’ යනු ‘පහ වූ ජීවිත ඇති, මහලු ගොනකු’, යන අර්ථයි. ‘යථාතං’ යන මෙහි ‘තං’ යනු නිපාතයෙකි. ‘යථා දුම්මති’ යනු ‘මඳ නුවණ ඇත්තෙක් යම් සේ නන්දොඩවයිද? එසේ නැතිදේකට, හිස් දේකට නන්දොඩවයි’, යන අර්ථයි.

තතො බොධිසත‍්තො ද‍්වෙ ගාථා අභාසි –

මෙය අසා සිටි බෝසත් කුමරා, මේ ගාථා දෙක කීවේය.

“තථෙව තිට‍්ඨති සීසං, හත්‍ථපාදා ච වාලධි; සොතා තථෙව තිට‍්ඨන‍්ති, මඤ‍්ඤෙ ගොණො සමුට‍්ඨහෙ.

3. හිස ද අත්-පා ද වලිගය ද පෙර පරිදිම ඇත. කන් දෙක ද පෙර පරිදිමය. එබැවින් ගොනා නැගිටී යැයි, සිතමි.

“නෙවය්‍යකස‍්ස සීසඤ‍්ච, හත්‍ථපාදා ච දිස‍්සරෙ; රුදං මත‍්තිකථූපස‍්මිං, නනු ත්‍වඤ‍්ඤෙව දුම‍්මතී”ති.

4. මුත්තාගේ හිස-අත්-පා යන මේවා නොපෙනේ. එබැවින් නුවණ මඳ වූයේ, මැටි ස්ථූපයකට හඬන ඔබට නොවේද?

තත්‍ථ තථෙවාති යථා පුබ‍්බෙ ඨිතං, තථෙව තිට‍්ඨති. මඤ‍්ඤෙති එතෙසං සීසාදීනං තථෙව ඨිතත‍්තා අයං ගොණො සමුට‍්ඨහෙය්‍යාති මඤ‍්ඤාමි. නෙවය්‍යකස‍්ස සීසඤ‍්චාති අය්‍යකස‍්ස පන සීසඤ‍්ච හත්‍ථපාදා ච න දිස‍්සන‍්ති. “පිට‍්ඨිපාදා න දිස‍්සරෙ”තිපි පාඨො. නනු ත්‍වඤ‍්ඤෙව දුම‍්මතීති අහං තාව සීසාදීනි පස‍්සන‍්තො එවං කරොමි, ත්‍වං පන න කිඤ‍්චි පස‍්සසි, ඣාපිතට‍්ඨානතො අට‍්ඨීනි ආහරිත්‍වා මත‍්තිකාථූපං කත්‍වා පරිදෙවසි. ඉති මං පටිච‍්ච සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන නනු ත්‍වඤ‍්ඤෙව දුම‍්මති. භිජ‍්ජනධම‍්මා නාම සඞ‍්ඛාරා භිජ‍්ජන‍්ති, තත්‍ථ කා පරිදෙවනාති.

මෙහි ‘තථෙව’ යනු ‘පෙර, යම්සේ තිබුණේ ද දැනුදු එසේම තිබේ ය’ යන අර්ථයි. ‘මඤ්ඤෙ’ යනු ‘මුගේ හිස ආදිය, එසේ ම ඇති බැවින් මේ ගොනා නැගිටින්නේ යැයි හඟිමි’, යන අර්ථයි. ‘නෙවය්‍යකස්ස සීසං’ යනු ‘මුත්තාගේ හිස හෝ අත්-පා හෝ නො පෙනේ’ යන අර්ථයි. ‘පිට්ඨිපාදා න දිස්සරෙ’ යනු ද පාඨයකි. ‘නනු ත්‍වඤ්ඤෙව දුම්මති’ යනු ‘මම හිස ආදිය දකිමින් මෙසේ කරමි, ඔබට කිසිවක් නො පෙනේ. දර සෑයෙන් ඇටකැබලි ගෙනවුත්, ස්ථූපයක් සාදාගෙන හඬයි. ඒ අනුව මට වඩා සියදහස් ගුණයෙන්, නුවණ මඳ වූයේ ඔබටයි. නැසෙනසුලු සංස්කාරයෝ බිඳෙති. එහිලා කවර වැලපීම් ද?’ යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තස‍්ස පිතා “මම පුත‍්තො පණ‍්ඩිතො ඉධලොකපරලොකකිච‍්චං ජානාති, මම සඤ‍්ඤාපනත්‍ථාය එතං කම‍්මං අකාසී”ති චින‍්තෙත්‍වා “තාත සුජාතපණ‍්ඩිත, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති මෙ ඤාතා, ඉතො පට‍්ඨාය න සොචිස‍්සාමි, පිතුසොකහරණකපුත‍්තෙන නාම තාදිසෙන භවිතබ‍්බ”න‍්ති වත්‍වා පුත‍්තස‍්ස ථුතිං කරොන‍්තො ආහ –

මේ අසා සිටි බෝසතුන්ගේ පියා, ‘මගේ පුතා පණ්ඩිතයෙකි. මෙලෝ පරලෝ කටයුතු දනී. මා දැනුම්වත් කිරීම සඳහා ඔහු මේ ක්‍රියාව කෙළේ යැ’යි අවබෝධ කොටගෙන, ‘පුත, සුජාත පණ්ඩිතයෙනි, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙකැයි, මා විසින් දැන් අවබෝධ කරගන්නා ලදි. මෙතැන් පටන් ශෝක නොකරන්නෙමි. පියකුගේ ශෝකය දුරුකරන පුතෙක් නම්, ඔබ වැන්නකු විය යුතු යැ’යි, කියා සිය පුතුට ස්තුති කරමින්, මෙසේ කීය.

“ආදිත‍්තං වත මං සන‍්තං, ඝතසිත‍්තංව පාවකං; වාරිනා විය ඔසිඤ‍්චං, සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

5. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශෝකයෙන් දැවුණු මා ඒකාන්තයෙන් පැන් ඉසින්නාක් මෙන් නිවා දැමීය.

“අබ‍්බහී වත මෙ සල‍්ලං, යමාසි හදයස‍්සිතං; යො මෙ සොකපරෙතස‍්ස, පිතුසොකං අපානුදි.

6. යමෙක්, සොවින් පෙළුණු මගේ පීතෘ ශෝකය දුරු කෙළේද? ඔහු ඒකාන්තයෙන්, මා හදෙහි ඇනී තිබූ ශෝක නමැති හුල උදුරා දැමීය.

“සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි, වීතසොකො අනාවිලො; න සොචාමි න රොදාමි, තව සුත්‍වාන මාණව.

7. දරුව, ඔබට ඇහුම්කන් දුන් මම, ඉදිරූ හුල් ඇත්තේ වෙමි. ශෝකය දුරු කෙළෙමි. නොකැළඹෙමි, දුක් නොවෙමි, නොහඬමි.

“එවං කරොන‍්ති සප‍්පඤ‍්ඤා, යෙ හොන‍්ති අනුකම‍්පකා; විනිවත‍්තෙන‍්ති සොකම‍්හා, සුජාතො පිතරං යථා”ති.

8. යම් කෙනෙක් අනුකම්පා දක්වත්ද? අනුන් ශෝකයෙන් වළකන ඒ නුවණැත්තෝ, එසේ කෙරෙති. සුජාත මෙ පියකු වැනිය.

තත්‍ථ නිබ‍්බාපයෙති නිබ‍්බාපයි. දරන‍්ති සොකදරථං. සුජාතො පිතරං යථාති යථා මම පුත‍්තො සුජාතො මං පිතරං සමානං අත‍්තනො සප‍්පඤ‍්ඤතාය සොකම‍්හා විනිවත‍්තයි, එවං අඤ‍්ඤෙපි සප‍්පඤ‍්ඤා සොකම‍්හා විනිවත‍්තයන‍්තීති.

මෙහි ‘නිබ්බාපයෙ’ යනු ‘නිවා දැමීය’, යන අර්ථයි. ‘දරං’ යනු ‘ශෝක පීඩාව’යි. ‘සුජාතො පිතරං යථා’ යනු ‘යම් සේ මගේ පුතා වන සුජාත, සිය නුවණින් පියා වූ මා සොවින් වළකී ද? එසේ අන් නුවණැත්තෝ ද අන් අය සොවින් වළකත්’, යන අර්ථයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කුටුම‍්බිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා සුජාතො අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. කෙළෙඹි පුත්‍රයා දේශනාව අවසානයේදී, සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ, එදා සුජාත නමින් ඉපිද සිටියේ, තමන් වහන්සේ බවද, වදාළ සේක.

සුජාතජාතකවණ‍්ණනා දුතියා.