යෙදුමෙන් කියවන්න

3. වෙනසාඛජාතකවණ‍්ණනා 353 අට‍්ඨකථා

3. වෙනසාඛජාතකවණ‍්ණනා (353)

3. වෙනසාඛ ජාතකය (353)

නයිදං නිච‍්චං භවිතබ‍්බන‍්ති ඉදං සත්‍ථා භග‍්ගෙසු සංසුමාරගිරං නිස‍්සාය භෙසකළාවනෙ විහරන‍්තො බොධිරාජකුමාරං ආරබ‍්භ කථෙසි. බොධිරාජකුමාරො නාම උදෙනස‍්ස රඤ‍්ඤො පුත‍්තො තස‍්මිං කාලෙ සංසුමාරගිරෙ වසන‍්තො එකං පරියොදාතසිප‍්පං වඩ‍්ඪකිං පක‍්කොසාපෙත්‍වා අඤ‍්ඤෙහි රාජූහි අසදිසං කත්‍වා කොකනදං නාම පාසාදං කාරාපෙසි. කාරාපෙත්‍වා ච පන “අයං වඩ‍්ඪකී අඤ‍්ඤස‍්සපි රඤ‍්ඤො එවරූපං පාසාදං කරෙය්‍යා”ති මච‍්ඡරායන‍්තො තස‍්ස අක‍්ඛීනි උප‍්පාටාපෙසි. තෙනස‍්ස අක‍්ඛීනං උප‍්පාටිතභාවො භික‍්ඛුසඞ‍්ඝෙ පාකටො ජාතො. තස‍්මා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, බොධිරාජකුමාරො කිර තථාරූපස‍්ස වඩ‍්ඪකිනො අක‍්ඛීනි උප‍්පාටාපෙසි, අහො කක‍්ඛළො ඵරුසො සාහසිකො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස කක‍්ඛළො ඵරුසො සාහසිකොව. න කෙවලඤ‍්ච ඉදානෙව, පුබ‍්බෙපෙස ඛත‍්තියසහස‍්සානං අක‍්ඛීනි උප‍්පාටාපෙත්‍වා මාරෙත්‍වා තෙසං මංසෙන බලිකම‍්මං කාරෙසී”ති වත්‍වා අතීතං ආහරි.

‘නයිදං නිච්චං භවිතබ්බං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ‘භග්ග’ රට ‘සුංසුමාර ගිරියෙහි ‘භේසකලා’ වනයෙහි වාසය කරන සේක්, ‘බෝධිරාජ’ කුමාරයා අරබයා වදාළ සේක. ‘උදේන’ රජුගේ පුතා වන බෝධිරාජ කුමාරයා, එකල සුංසුමාර ගිරියෙහි වාසය කෙළේය. එක්දිනක් මැනවින් ශිල්ප හදාළ වඩුවකු තමා වෙතට කැඳවූ ඔහු කිසිම රජ කෙනෙකුට නැති විදිහේ ප්‍රාසාදයක් තනවා, එය ‘කෝක නද’ නමින් නම් කෙළේය. පහය සෑදීමෙන් අනතුරුව එහි විභූතිය දුටු, බෝධිරාජ කුමාරයා තවත් එවැනි ප්‍රාසාදයක් ඉදි කෙරේය, යන බියෙන් හා ඊර්ෂ්‍යාවෙන් වඩුවාගේ ඇස් උපුටා දැම්මවීය. මේ ක්‍රියාව දින කිහිපයක් ඇතුළත මහා සංඝයා අතර ද ප්‍රකට විය. දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු, බෝධිරාජ කුමාරයාගේ කර්කශ බව, නපුරුකම, සාහසිකත්වය ගැන කථා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ගෙන්, සාකච්ඡා කළ කරුණු ගැන අසා දැන, ‘මහණෙනි, බෝධිරාජ කුමාරයා කර්කශ නපුරු සාහසික පුද්ගලයකු වූයේ, දැන් පමණක් නොවේ. පෙර ද ඔහු දරුණු බිහිසුණු පුද්ගලයෙක්ව, රජවරුන් දහසකගේ ඇස් උගුල්ලවා, ඔවුන්ගේම මසින් බිලිපූජා කරවී යැ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තක‍්කසිලායං දිසාපාමොක‍්ඛො ආචරියො අහොසි. ජම‍්බුදීපතලෙ ඛත‍්තියමාණවා බ්‍රාහ‍්මණමාණවා ච තස‍්සෙව සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හිංසු. බාරාණසිරඤ‍්ඤො පුත‍්තො බ්‍රහ‍්මදත‍්තකුමාරො නාම තස‍්ස සන‍්තිකෙ තයො වෙදෙ උග‍්ගණ‍්හි. සො පන පකතියාපි කක‍්ඛළො ඵරුසො සාහසිකො අහොසි. බොධිසත‍්තො අඞ‍්ගවිජ‍්ජාවසෙන තස‍්ස කක‍්ඛළඵරුසසාහසිකභාවං ඤත්‍වා “තාත, ත්‍වං කක‍්ඛළො ඵරුසො සාහසිකො, ඵරුසෙන නාම ලද‍්ධං ඉස‍්සරියං අචිරට‍්ඨිතිකං හොති, සො ඉස‍්සරියෙ විනට‍්ඨෙ භින‍්නනාවො විය සමුද‍්දෙ පතිට‍්ඨං න ලභති, තස‍්මා මා එවරූපො අහොසී”ති තං ඔවදන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ තක්‍ෂිලාවෙහි දිසාපාමොක් ඇදුරුව, ඉපිද සිටියේය. දඹදිව බොහෝ රාජ කුමාරවරු ද, බමුණු කුමාරවරු ද, එතුමාගෙන් ශිල්ප උගත්හ. ඒ අතර බරණැස් රජුගේ පුත් වූ, බ්‍රහ්මදත්ත කුමාරයාද ඇදුරිඳු වෙතින්, ත්‍රිවේදය උගත්තේය. මේ කුමාරයා ස්වභාවයෙන් ම කර්කශ පරුෂ සාහසික පුද්ගලයකු විය. බෝසත් ඇදුරුතුමා අංග විද්‍යාවට අනුව බලා කුමරාගේ තත්ත්වය ඇති සැටියෙන් තේරුම්ගෙන ‘පුතණුවනි, නුඹ සැබවින්ම කර්කශය. පරුෂය, සාහසිතය. එබන්දකු ගේ ඉසුරුමත් බව වැඩි කලක් නො පවතී. බිඳුණු නැවකට මුහුදේ දී පිහිටක් නැතිවාක් මෙන් යස ඉසුරු අහිමි වූ තැනැත්තාට ද, කිසිදු පිහිටක් නැත. එබැවින් ඔබේ චරිත ලක්‍ෂණ වහා වෙනස් කරගත යුතු යැ’යි අවවාද කරමින්, මෙසේ ද කීය.

“නයිදං නිච‍්චං භවිතබ‍්බං බ්‍රහ‍්මදත‍්ත, ඛෙමං සුභික‍්ඛං සුඛතා ච කායෙ; අත්‍ථච‍්චයෙ මා අහු සම‍්පමූළ‍්හො, භින‍්නප‍්ලවො සාගරස‍්සෙව මජ‍්ඣෙ.

නයිදං නිච්චං භවිතබ්බං බ්‍රහ්මදත්ත, ඛෙමං සුභික්චං සුඛතාව කායෙ, අත්‍ථච්චයෙ මා අහු සම්පමූළ්හො, භින්න පලවො සාගරස්සෙව මජ්ඣෙ

බ්‍රහ්මදත්තය, ක්ෂේමභාවය, සුභික්‍ෂා භාවය, ශරීර සුවතාවය යන මේවා, සැමදා පවතින දේවල් නොවේ. බිඳුන නැවකට මුහුද මැද දී පිහිටක් නැත්තේ යම් සේ ද, වස්තුව අහිමි වූ කල්හි ද, එසේය. එබැවින් මෝඩයෙක් නො වෙව.

යානි කරොති පුරිසො, තානි අත‍්තනි පස‍්සති; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකං; යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵල”න‍්ති.

යානි කරොති පුරිසො තානි අත්තනි පස්සති, කල්‍යාණකාමී කල්‍යාණං පාපකාරීව පාපකං, යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙඵලං

පුරුෂයෙක් යම් දෙයක් කරයි ද, ඔහු ඒවා තමා කෙරෙහිම දකී. යහපත කරන්නා යහපත දකී. අයහපත කරන්නා අයහපත දකී. යම් බඳු බීජයක් වපුරයි ද? එබඳුම ඵලයක් ලබයි.

තත්‍ථ සුඛතා ච කායෙති තාත බ්‍රහ‍්මදත‍්ත, යදෙතං ඛෙමං වා සුභික‍්ඛං වා යා වා එසා සුඛතා කායෙ, ඉදං සබ‍්බං ඉමෙසං සත‍්තානං නිච‍්චං සබ‍්බකාලමෙව න භවති, ඉදං පන අනිච‍්චං හුත්‍වා අභාවධම‍්මං. අත්‍ථච‍්චයෙති සො ත්‍වං අනිච‍්චතාවසෙන ඉස‍්සරියෙ විගතෙ අත‍්තනො අත්‍ථස‍්ස අච‍්චයෙ යථා නාම භින‍්නප‍්ලවො භින‍්නනාවො මනුස‍්සො සාගරමජ‍්ඣෙ පතිට‍්ඨං අලභන‍්තො සම‍්පමූළ‍්හො හොති, එවං මා අහු සම‍්පමූළ‍්හො. තානි අත‍්තනි පස‍්සතීති තෙසං කම‍්මානං විපාකං වින්‍දන‍්තො තානි අත‍්තනි පස‍්සති නාම.

මෙහි ‘සුඛතා ච කායෙ’ යනු ‘පුත බ්‍රහ්මදත්තය’, ක්ෂේම යැ’යි කියා හෝ ‘සුභික්‍ෂ යැ’යි කියා හෝ, කයේ සුව පහසුව කියා හෝ, යමක් වේද? මේ සියල්ල සත්ත්වයන්ට නිරතුරුව හැමකල්හිම, නො ලැබේ. මේවා අනිත්‍ය බැවින්, නැසෙනසුලුය’ යන අර්ථයි. ‘අත්‍ථච්චයෙ’ යනු ‘ඒ ඔබ අනිත්‍යතාවයට අනුව වස්තුව නැති වූ කල්හි, තමාගේ ධනය විනාශ වීමෙන් පසුව, යම් සේ බිඳුන නැවක් ඇති මිනිසෙක් මුහුද මැද දී, පිළිසරණක් නොලැබෙන කල, සිහි එළවා ගත නොහැකි වේද? එසේ සිහි මුළා නොවෙව’, යන අදහසයි. ‘තානි අත්තනි පස්සතී’ යනු ‘ඒ කර්මයන්ගේ විපාක විඳිමින්, ඒවා තමා කෙරෙහිලා බලයි’, යන අර්ථයි.

සො ආචරියං වන්‍දිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා පිතු සිප‍්පං දස‍්සෙත්‍වා ඔපරජ‍්ජෙ පතිට‍්ඨාය පිතු අච‍්චයෙන රජ‍්ජං පාපුණි. තස‍්ස පිඞ‍්ගියො නාම පුරොහිතො අහොසි කක‍්ඛළො ඵරුසො සාහසිකො. සො යසලොභෙන චින‍්තෙසි “යංනූනාහං ඉමිනා රඤ‍්ඤා සකලජම‍්බුදීපෙ සබ‍්බෙ රාජානො ගාහාපෙය්‍යං, එවමෙස එකරාජා භවිස‍්සති, අහම‍්පි එකපුරොහිතො භවිස‍්සාමී”ති. සො තං රාජානං අත‍්තනො කථං ගාහාපෙසි. රාජා මහතියා සෙනාය නගරා නික‍්ඛමිත්‍වා එකස‍්ස රඤ‍්ඤො නගරං රුන්‍ධිත්‍වා තං රාජානං ගණ‍්හි. එතෙනුපායෙන සකලජම‍්බුදීපෙ රජ‍්ජං ගහෙත්‍වා රාජසහස‍්සපරිවුතො “තක‍්කසිලායං රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති අගමාසි. බොධිසත‍්තො නගරං පටිසඞ‍්ඛරිත්‍වා පරෙහි අප‍්පධංසියං අකාසි.

පසුකලෙක ශිල්ප ඉගෙනීම නිමා කළ බ්‍රහ්මදත්ත කුමාරයා, සිය ගුරුවරයාට වැඳ අවසර ගෙන, පෙරළා බරණැසට ගොස්, තම පියරජුට ශිල්ප දක්වා, යුවරජු තනතුර ද ලැබ, පසුව පියාගේ ඇවෑමෙන්, රාජ්‍යත්වයට පත්විය. මේ නව රජතුමාට ‘පිංගිය’ නමින් පුරෝහිතයෙක් විය. ඔහු ද රජු මෙන් ම කර්කශ නපුරු සාහසික පුද්ගලයකු විය. යසඉසුරට ලොල් වූ ඔහු, දිනක් ‘මම මේ රජු ලවා මුළු දඹදිව ම රජවරුන් යටත් කොට, ඔහු මුළු දඹදිව එකම රජු බවට පත් කරන්නෙමි. එවිට මා ද මුළු දඹදිවේ ම, එකම පුරෝහිතයා බවට අත් වේයැ’යි සිතා, තම ‘සිතැඟි රජුට දන්වා සිය මතය ඒත්තු ගැන්වීය. රජතුමා ද, පැකිලීමකින් තොරව එය පිළිගත්තේය. මද කලකට පසු රජතුමා මහත් සේනාවක් ගෙන නික්ම, සමීප රාජ්‍යයේ රජුද, බලය ද අල්ලා ගත්තේය. අනතුරුව බ්‍රහ්මදත්ත රජතුමා, දහසක් පමණ වූ යටත් රජවරුන් ද, කැටුව තක්‍ෂිලා රාජ්‍යය අල්ලා ගැනීමේ අටියෙන් ඒ නුවර බලා පිටත් විය. බෝසත් ඇදුරුතුමා, ඒ වනවිට තක්‍ෂිලා නගරය ප්‍රතිසංස්කරණය කොට, කිසිවකුටත් නොබිඳිය හැකි පරිද්දෙන් ශක්තිමත් කොට තැබුවේය.

බාරාණසිරාජා ගඞ‍්ගානදීතීරෙ මහතො නිග්‍රොධරුක‍්ඛස‍්ස මූලෙ සාණිං පරික‍්ඛිපාපෙත්‍වා උපරි විතානං කාරාපෙත්‍වා සයනං පඤ‍්ඤපෙත්‍වා නිවාසං ගණ‍්හි. සො ජම‍්බුදීපතලෙ සහස‍්සරාජානො ගහෙත්‍වා යුජ‍්ඣමානොපි තක‍්කසිලං ගහෙතුං අසක‍්කොන‍්තො අත‍්තනො පුරොහිතං පුච‍්ඡි “ආචරිය, මයං එත‍්තකෙහි රාජූහි සද‍්ධිං ආගන‍්ත්‍වාපි තක‍්කසිලං ගහෙතුං න සක‍්කොම, කිං නු ඛො කාතබ‍්බ”න‍්ති. “මහාරාජ, සහස‍්සරාජූනං අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා මාරෙත්‍වා කුච‍්ඡිං ඵාලෙත්‍වා පඤ‍්චමධුරමංසං ආදාය ඉමස‍්මිං නිග්‍රොධෙ අධිවත්‍ථාය දෙවතාය බලිකම‍්මං කත්‍වා අන‍්තවට‍්ටීහි රුක‍්ඛං පරික‍්ඛිපිත්‍වා ලොහිතපඤ‍්චඞ‍්ගුලිකානි කරොම, එවං නො ඛිප‍්පමෙව ජයො භවිස‍්සතී”ති. රාජා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා අන‍්තොසාණියං මහාබලෙ මල‍්ලෙ ඨපෙත්‍වා එකමෙකං රාජානං පක‍්කොසාපෙත්‍වා නිප‍්පීළනෙන විසඤ‍්ඤං කාරෙත්‍වා අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා මාරෙත්‍වා මංසං ආදාය කළෙවරානි ගඞ‍්ගායං පවාහෙත්‍වා වුත‍්තප‍්පකාරං බලිකම‍්මං කාරෙත්‍වා බලිභෙරිං ආකොටාපෙත්‍වා යුද‍්ධාය ගතො.

මේ අතර බරණැස් රජතුමා ‘ගංගා’ නදිය ඉවුරෙහි, මහත් වූ නුග ගසක් මුල කඳවුරු බැඳ තිරවලින් වට කරවා, උඩුවියන් බඳවා, යහනක් සකසවා, නවාතැන් ගෙන හුන්නේය. දඹදිව සියලු රජුන් ජය ගත්තත්, තක්‍ෂිලාව යටත්කොට ගැනීමට අපොහොසත් වූ බරණැස් රජතුමා පුරෝහිතයා කැඳවා ‘ඇදුරුතුමනි’, අපි රජවරුන් ඇතුළු විශාල සේනාවක් පිරිවරාගෙන මෙහි පැමිණියත්, තක්‍ෂිලාව අල්ලා ගැනීමට, නොහැකි වූයෙමු. දැන් කුමක් කළ යුතුදැ’යි ඇසීය. ‘මහරජතුමනි, මේ රජවරුන් සියලු දෙනාගේ ඇස් ගලවා මරණයට පත්කොට, ඔවුන්ගේ බඩවල් පලා පංච මධුර මාංස (සිරුරෙහි පස් තැනෙක පිහිටා ඇති මිහිරි රසැති මස්) ගෙන මේ නුග ගසේ හිඳින දේවතාවාට බිලිපූජා කොට, බඩවැල් ගස වටේ ඔතා එම රජදරුවන්ගේ ලේ එකතුකොට, එයින් අත් තෙමා ගසේ කඳෙහි අත් සලකුණු තබා පූජා පවත්වමු. එවිට නොපමාව අපට ජය අත්වන්නේ යැ’යි පුරෝහිතයා පිළිතුරු දුන්නේය. මේ සියල්ල අසා සිටි රජතුමා, බිලි පූජාව සිදුකිරීමට එකඟ විය. පසුව තිරවලින් වටකරන ලද ස්ථානයක, බල ස්ථානයක මල්ල යෝධයන් යොදවා, එක්කෙනා බැගින් රජවරුන් ඇතුළට කැඳවා, නිලයක් අල්ලා සිහිවිසංඥ කොට ඇස් ගලවා මරා, අවශ්‍ය කොටස් ගෙන, ඉතිරි කොටස් නදියේ පාකර හරින්නට, රජතුමා නියෝග කෙළේය. මේ අයුරෙන් පුරෝහිතයාගේ උපදෙස් අනුව බිලිපූජාව සිදුකොට, බිලිපූජා බෙරහඬ පතුරුවා, පූජාවෙන් අනතුරුව යුද්ධය පිණිස සියලුදෙනා නික්මුණහ.

අථස‍්ස අට‍්ටාලකතො එකො යක‍්ඛො ආගන‍්ත්‍වා දක‍්ඛිණක‍්ඛිං උප‍්පාටෙත්‍වා අගමාසි, අථස‍්ස මහතී වෙදනා උප‍්පජ‍්ජි. සො වෙදනාප‍්පත‍්තො ආගන‍්ත්‍වා නිග්‍රොධරුක‍්ඛමූලෙ පඤ‍්ඤත‍්තාසනෙ උත‍්තානකො නිපජ‍්ජි. තස‍්මිං ඛණෙ එකො ගිජ‍්ඣො එකං තිඛිණකොටිකං අට‍්ඨිං ගහෙත්‍වා රුක‍්ඛග‍්ගෙ නිසින‍්නො මංසං ඛාදිත්‍වා අට‍්ඨිං විස‍්සජ‍්ජෙසි, අට‍්ඨිකොටි ආගන‍්ත්‍වා රඤ‍්ඤො වාමක‍්ඛිම‍්හි අයසූලං විය පතිත්‍වා අක‍්ඛිං භින්‍දි. තස‍්මිං ඛණෙ බොධිසත‍්තස‍්ස වචනං සල‍්ලක‍්ඛෙසි. සො “අම‍්හාකං ආචරියො ‘ඉමෙ සත‍්තා බීජානුරූපං ඵලං විය කම‍්මානුරූපං විපාකං අනුභොන‍්තී’ති කථෙන‍්තො ඉදං දිස‍්වා කථෙසි මඤ‍්ඤෙ”ති වත්‍වා විලපන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

මේ අතර හදිසියේම යුද්ධසේනාව වෙත කඩා වැදුණු ‘අජ්ජිසාත’ නම් වූ යකෙක්, රජුගේ දකුණු ඇස උගුල්ලාගෙන, පැන ගියේය. මහත් වූ වේදනාවෙන් පීඩිත වූ රජතුමා, ගමන අතහැර ආපසු පැමිණ, කලින් හුන් නුග ගස මුල පණවන ලද අසුනෙහි උඩු අතට වැද හොත්තේය. මේ මොහොතේදී ම, කිසියම් ගිජුලිහිණියෙක් මස් සහිත වූ එක් පැත්තක තියුණු උලක් ඇති, ඇට කැබෙල්ලක් හොටින් ගෙන, ඉහත කී නුග ගසේ රජුට කෙළින්, ඉහලින් තිබූ අත්තෙක හිඳ, එය කන්නට පටන් ගත්තේය. ටික වේලාවකින් මස් කා අවසන් කළ ගිජුලිහිණියා, මස්කටුව අත්හළේය. යකඩ හුලක් වැනි ඇට කැබෙල්ල, රජුගේ වම් ඇස සුණු විසුණු කරමින්, ඇද වැටුණි. එසැනින් රජුට දිසාපාමොක් ඇදුරුතුමාගේ වචන සිහිවිය. ‘ඒ අපේ ගුරුතුමා ‘බීජයට අනුව ඵලය හටගන්නාක් මෙන්, සත්ත්වයෝ කර්මානුරූපව විපාක විඳිති’යි කියන ලද්දේ, මා වැටී සිටින තත්ත්වය දැක, විය යුතුයැ’යි කියමින්, වැලපුණු රජතුමා මේ ගාථා දෙක පැවසීය.

“ඉදං තදාචරියවචො, පාරාසරියො යදබ්‍රවි; ‘මා සු ත්‍වං අකරි පාපං, යං ත්‍වං පච‍්ඡා කතං තපෙ’.

3. යම් පවක් කරන ලදද? එය පසුතැවීමට හේතුවේ. එකල ‘පාරාසරිය’ (නම් වූ මාගේ ගුරුතුමා) ‘නුඹ පව් නොකරව’යි යමක් කීයේද? මේ වූයේ ඒ ගුරුතුමා කී දේ මය.

“අයමෙව සො පිඞ‍්ගිය වෙනසාඛො, යම‍්හි ඝාතයිං ඛත‍්තියානං සහස‍්සං; අලඞ‍්කතෙ චන්‍දනසාරානුලිත‍්තෙ, තමෙව දුක‍්ඛං පච‍්චාගතං මම”න‍්ති.

4. ‘පිංගිය’ බමුණ, මම සඳුන් කල්ක ආලේප කොට සැරසුණු, රජුන් දහසක් යම් තැනෙක දී, ඝාතනය කෙළෙම් ද? අතු අතර විහිදී ගිය ඒ මේ ගස, මට පිහිටක් නොවීය. ඒ දුක ම ආපසු මා කරා පැමිණියේය.

තත්‍ථ ඉදං තදාචරියවචොති ඉදං තං ආචරියස‍්ස වචනං. පාරාසරියොති තං ගොත‍්තෙන කිත‍්තෙති. පච‍්ඡා කතන‍්ති යං පාපං තයා කතං, පච‍්ඡා තං තපෙය්‍ය කිලමෙය්‍ය, තං මා කරීති ඔවාදං අදාසි, අහං පනස‍්ස වචනං න කරින‍්ති. අයමෙවාති නිග්‍රොධරුක‍්ඛං දස‍්සෙන‍්තො විලපති. වෙනසාඛොති පත්‍ථටසාඛො. යම‍්හි ඝාතයින‍්ති යම‍්හි රුක‍්ඛෙ ඛත‍්තියසහස‍්සං මාරෙසිං. අලඞ‍්කතෙ චන්‍දනසාරානුලිත‍්තෙති රාජාලඞ‍්කාරෙහි අලඞ‍්කතෙ ලොහිතචන්‍දනසාරානුලිත‍්තෙ තෙ ඛත‍්තියෙ යත්‍ථාහං ඝාතෙසිං , අයමෙව සො රුක‍්ඛො ඉදානි මය‍්හං කිඤ‍්චි පරිත‍්තාණං කාතුං න සක‍්කොතීති දීපෙති. තමෙව දුක‍්ඛන‍්ති යං මයා පරෙසං අක‍්ඛිඋප‍්පාටනදුක‍්ඛං කතං, ඉදං මෙ තථෙව පටිආගතං, ඉදානි නො ආචරියස‍්ස වචනං මත්‍ථකං පත‍්තන‍්ති පරිදෙවති.

මෙහි ‘ඉදං තදාචරියවචො’ යනු ‘මේ ඒ ගුරුතුමාගේ වචනය යි’ යන අර්ථයි. ‘පාරාසරියො’ යනු ‘දිසාපාමොක් ඇදුරුතුමාගේ ගෝත්‍ර නාමය යි’ ‘පච්ඡාකතං’ යනු ‘තා විසින් යම් පවක් කරන ලද ද? පසුව එය ම තා තවන්නේය. වෙහෙසෙන්නේය. එබැවින් ඒ පව නො කරවයි අවවාද කෙළේය. මම වනාහි ඔහුගේ අවවාද අනුගමනය නො කෙළෙමි යි’, යන අර්ථයි. ‘අයමෙව’ යනු ‘නුග ගස පෙන්වමින් වැලපෙයි’, යන අර්ථයි. ‘වෙනසාඛො’ යනු ‘පැතිරුණු අතු ඇති’ යන අර්ථයි. ‘යම්හි ඝාතයිං’ යනු ‘යම් ගසක් මුලදී රජුන් දහසක් මැරුවෙම්ද?’ යන අර්ථයි. ‘අලංකතෙ චන්‍දනසාරලිත්තෙ’ යනු ‘රාජාභරණවලින් අලංකාර වූ රත්සඳුන් කල්ක ආලේප කළ, ඒ රජුන් යම්තැනෙක දී මම ඝාතනය කෙළෙම්ද? ඒ මේ ගස, දැන් මට කිසිදු රැකවරණයක් ලබාදීමට, අපොහොසත් වේයැ’යි යන අර්ථයි. ‘තමෙව දුක්ඛං’ යනු මා විසින් අනුන්ගේ ඇස් ගැලවීමෙන්, යම් දුකක් ඇති කරන ලදද? ඒ දුක මා වෙතට, ඒ අයුරෙන්ම පැමිණියේය. ‘දැන් අපගේ ඇදුරුතුමාගේ වචනය මස්තකප්‍රාප්ත වී යැ’යි,

සො එවං පරිදෙවමානො අග‍්ගමහෙසිං අනුස‍්සරිත්‍වා –

සිය අග මෙහෙසිය සිහිපත් වී මෙසේ පැවසුවේය.

“සාමා ච ඛො චන්‍දනලිත‍්තගත‍්තා, ලට‍්ඨීව සොභඤ‍්ජනකස‍්ස උග‍්ගතා; අදිස‍්වා කාලං කරිස‍්සාමි උබ‍්බරිං, තං මෙ ඉතො දුක‍්ඛතරං භවිස‍්සතී”ති. –

5. උඩට නැගුණු මුරුංගා අත්තක් වැනි වූ, මාගේ බිසව, සඳුන් අලෙව් දුන් සිරුරක් ඇත්තීය. ‘උබ්බරි’ නම් වූ ඇය නොදැකම, මම මරණයට පත් වන්නෙමි. එය මට මීට වඩා දුකක් වන්නේය.

ගාථමාහ –

තස‍්සත්‍ථො – මම භරියා සුවණ‍්ණසාමා උබ‍්බරී යථා නාම සිග‍්ගුරුක‍්ඛස‍්ස උජු උග‍්ගතා සාඛා මන්‍දමාලුතෙරිතා කම‍්පමානා සොභති, එවං ඉත්‍ථිවිලාසං කුරුමානා සොභති, තමහං ඉදානි අක‍්ඛීනං භින‍්නත‍්තා උබ‍්බරිං අදිස‍්වාව කාලං කරිස‍්සාමි, තං මෙ තස‍්සා අදස‍්සනං ඉතො මරණදුක‍්ඛතොපි දුක‍්ඛතරං භවිස‍්සතීති.

මගේ රන්වන් බිරිය වන ‘උබ්බරි’ මුරුංග ගසක මන්ද මාරුතයෙන් සැලෙන, ලෙළදෙන ශෝභාවෙන් යුතු මුරුංගා අත්තක් වැනිය. එබඳු නාරි ලාලිත්‍යයෙන් ඇය ශෝභමානය. ඇස් අහිමි වූ බැවින් දැන් මම, ඒ මාගේ උබ්බරි බිසව නොදැකම, මරණයට පත් වන්නෙමි. ඇය දැක ගන්නට බැරිවීම, මට මේ මරණ දුකටත් වඩා, වැඩි දුකක් වන්නේය, යන අදහසයි.

සො එවං විලපන‍්තොව මරිත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති. න නං ඉස‍්සරියලුද‍්ධො පුරොහිතො පරිත‍්තාණං කාතුං සක‍්ඛි, න අත‍්තනො ඉස‍්සරියං. තස‍්මිං මතමත‍්තෙයෙව බලකායො භිජ‍්ජිත්‍වා පලායි.

රජතුමා මෙසේ වැලපෙමින් ම මැරී ගොස් නිරයෙහි උපන්නේය. ඉසුරට අතිශයින් ලොල් වූ පුරෝහිතයා රජු ආරක්‍සා කරගැනීමට අපොහොසත් වුණා පමණක් නොව, සිය ඉසුරුමත් බවද රැකගත නොහැකි වූයේය. රජු මියැදෙනවාත් සමගම යුද්ධ සේනාවද විසිර ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරාජා බොධිරාජකුමාරො අහොසි, පිඞ‍්ගියො දෙවදත‍්තො, දිසාපාමොක‍්ඛාචරියො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා රජතුමා නම්, මෙදා බෝධිරාජ කුමාරයාය. ‘පිංගිය’ නම්, දේවදත්තය. දිසාපාමොක් ඇදුරුතුමා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

වෙනසාඛජාතකවණ‍්ණනා තතියා.