4. උරගජාතකවණ‍්ණනා 354 අට‍්ඨකථා
4. උරගජාතකවණ‍්ණනා (354)
4. උරග ජාතකය (354)
උරගොව තචං ජිණ‍්ණන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මතපුත‍්තකං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පන මතභරියමතපිතිකවත්‍ථුසදිසමෙව. ඉධාපි තථෙව සත්‍ථා තස‍්ස නිවෙසනං ගන‍්ත්‍වා තං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසින‍්නං “කිං, ආවුසො, සොචසී”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ , පුත‍්තස‍්ස මෙ මතකාලතො පට‍්ඨාය සොචාමී”ති වුත‍්තෙ “ආවුසො, භිජ‍්ජනධම‍්මං නාම භිජ‍්ජති, නස‍්සනධම‍්මං නාම නස‍්සති, තඤ‍්ච ඛො න එකස‍්මිංයෙව කුලෙ, නාපි එකස‍්මිඤ‍්ඤෙව ගාමෙ, අථ ඛො අපරිමාණෙසු චක‍්කවාළෙසු තීසු භවෙසු අමරණධම‍්මො නාම නත්‍ථි, තබ‍්භාවෙනෙව ඨාතුං සමත්‍ථො එකසඞ‍්ඛාරොපි සස‍්සතො නාම නත්‍ථි, සබ‍්බෙ සත‍්තා මරණධම‍්මා, සබ‍්බෙ සඞ‍්ඛාරා භිජ‍්ජනධම‍්මා, පොරාණකපණ‍්ඩිතාපි පුත‍්තෙ මතෙ ‘මරණධම‍්මං මතං, නස‍්සනධම‍්මං නට‍්ඨ’න‍්ති න සොචිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
‘උරගොව තචං ජිණ්ණං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, පුතා මළ කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, මීට ඉහත දී දක්වන ලද, බිරිය මළ තැනැත්තාගේ හා පියා මළ තැනැත්තාගේ කථා වස්තු හා සමානය. මේ කථා පුවතේ දීද, බුදුරජාණන් වහන්සේ කලින් දක්වන ලද කථාවල දී මෙන්, කෙළෙඹි පුත්‍රයාගේ නිවෙසට වැඩ, පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. එහිදී කෙළෙඹි පුත්‍රයා බුදුරදුන් වෙත පැමිණ උන්වහන්සේට නමස්කාර කොට, එකත්පස්ව හිඳගත්තේය. එවිට බුදුරජාණන් වහන්සේ, ඔහු අමතා ‘කිමෙක්ද ඇවැත්නි, ඔබ ශෝක කරහිදැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේය. මාගේ පුතා මළ දා පටන් ශෝක කරමි.’ ‘ඇවැත්නි, බිඳෙන දේවල්, කවදා නමුත් බිඳේ. නැසෙන දේවල් ද, කෙසේ හෝ නැසේ. මෙය එකකුට පමණක්, එක ගමකට පමණක් සිදුවන්නක් නොවේ. අප්‍රමාණ චක්‍රවාළවල, තුන් භවයන්හි නොමැරෙන, විනාශ නොවන, කිසිවක් නැත. ස්වකීය ස්වභාවයෙන් පවතින්නට හැකියාව ඇති, ස්ථිර වූ එකදු සංස්කාර ධර්මයක් නම් නැත. සියලු සත්ත්වයෝ මරණ ස්වභාවකොට ඇත්තාහ. සංස්කාරයෝ නැසෙනසුලු වෙති. මෙය මැනවින් තේරුම් ගත් පැරැණි පඬිවරු පවා, දරුවන් මළ කල්හි, ‘නැසෙන දේවල්, කවදා නමුත් නැසේ යැ’යි, දැන ශෝක කළාහු යැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ, කෙළෙඹි පුත්‍රයාගේ ආරාධනාවෙන්, මේ අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර, දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බාරාණසියං ද‍්වාරගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා කසිකම‍්මෙන ජීවිකං කප‍්පෙසි. තස‍්ස පුත‍්තො ච ධීතා චාති ද‍්වෙ දාරකා අහෙසුං. සො පුත‍්තස‍්ස වයප‍්පත‍්තස‍්ස සමානකුලතො කුමාරිකං ආහරිත්‍වා අදාසි, ඉති තෙ දාසියා සද‍්ධිං ඡ ජනා අහෙසුං – බොධිසත‍්තො, භරියා, පුත‍්තො, ධීතා, සුණිසා, දාසීති. තෙ සමග‍්ගා සම‍්මොදමානා පියසංවාසා අහෙසුං. බොධිසත‍්තො සෙසානං පඤ‍්චන‍්නං එවං ඔවාදං දෙති “තුම‍්හෙ යථාලද‍්ධනියාමෙනෙව දානං දෙථ, සීලං රක‍්ඛථ, උපොසථකම‍්මං කරොථ, මරණස‍්සතිං භාවෙථ, තුම‍්හාකං මරණභාවං සල‍්ලක‍්ඛෙථ, ඉමෙසඤ‍්හි සත‍්තානං මරණං ධුවං, ජීවිතං අද‍්ධුවං, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා ඛයවයධම‍්මිනොව, රත‍්තිඤ‍්ච දිවා ච අප‍්පමත‍්තා හොථා”ති. තෙ “සාධූ”ති ඔවාදං සම‍්පටිච‍්ඡිත්‍වා අප‍්පමත‍්තා මරණස‍්සතිං භාවෙන‍්ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බරණැස් නුවර වාසල් දොරටුව සමීපයේ, බමුණු කුලයක ඉපිද යුග දිවියට ඇතුළත්ව, ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වූයේය. ඔහුට පුතෙක් ද දුවක් ද වශයෙන් දරුවෝ දෙදෙනෙකි. සිය පුත්‍රයා තරුණයකු බවට පත් වූ කල්හි, බෝසත් තෙමේ ඔහුට සමාන කුලයකින් බිරියක ගෙනැවිත්, පාවා දුන්නේය. මෙසේ බෝසතුන්ගේ පවුලේ ජීවත් වූ පිරිස ගෙදර සිටි දාසියත් ඇතුළුව, හයදෙනෙක් වූහ. ඔවුහු සියලු දෙනා ඉතා සතුටින් එකිනෙකාට ප්‍රියමනාපව, විසූහ. සිරිතක් වශයෙන් බෝසත් තුමා පවුලේ සෙසු අයට, දන් දීමටත් සිල් රැකීමටත් පොහෝ කටයුතු කිරීමටත්, නිතර උපදෙස් දෙයි. ඊට අමතරව, මරණය සියල්ලටම උරුම ධර්මයක් බවත්, ඒ ගැන සලකා, හැකි සෑම විටම ‘මරණානුස්සති’ය වැඩිය යුතු බවත්, ලොව සියලු සතුන්ගේ මරණය ස්ථිර එකක් වන අතර, ජීවිතය අස්ථිර බවත්, තම පවුලේ අයට කියාදුන් බෝසත්තුමා, සියලු සංස්කාර අනිත්‍ය වන බැවින් ද, ඒවා ගෙවෙන-විනාශවන ස්වභාවයෙන් යුක්ත වන බැවින් ද, ‘සෑම දෙනා දිවා රෑ නො පමා ව කටයුතු කළ යුතුයැ’යි අනුශාසනා කෙළේය. පවුලේ සෙසු උදවිය, බෝසතුන්ගේ අවවාද පිළිගෙන, අප්‍රමාදීව මරණානුස්සති භාවනාව වඩති.
අථෙකදිවසං බොධිසත‍්තො පුත‍්තෙන සද‍්ධිං ඛෙත‍්තං ගන‍්ත්‍වා කසති. පුත‍්තො කචවරං සඞ‍්කඩ‍්ඪිත්‍වා ඣාපෙති. තස‍්සාවිදූරෙ එකස‍්මිං වම‍්මිකෙ ආසීවිසො අත්‍ථි. ධූමො තස‍්ස අක‍්ඛීනි පහරි. සො කුද‍්ධො නික‍්ඛමිත්‍වා “ඉමං නිස‍්සාය මය‍්හං භය”න‍්ති චතස‍්සො දාඨා නිමුජ‍්ජාපෙන‍්තො තං ඩංසි, සො පරිවත‍්තිත්‍වා පතිතො. බොධිසත‍්තො පරිවත‍්තිත්‍වා තං පතිතං දිස‍්වා ගොණෙ ඨපෙත්‍වා ගන‍්ත්‍වා තස‍්ස මතභාවං ඤත්‍වා තං උක‍්ඛිපිත්‍වා එකස‍්මිං රුක‍්ඛමූලෙ නිපජ‍්ජාපෙත්‍වා පාරුපිත්‍වා නෙව රොදි න පරිදෙවි – “භිජ‍්ජනධම‍්මං පන භින‍්නං, මරණධම‍්මං මතං, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා මරණනිප‍්ඵත‍්තිකා”ති අනිච‍්චභාවමෙව සල‍්ලක‍්ඛෙත්‍වා කසි. සො ඛෙත‍්තසමීපෙන ගච‍්ඡන‍්තං එකං පටිවිස‍්සකං පුරිසං දිස‍්වා “තාත, ගෙහං ගච‍්ඡසී”ති පුච‍්ඡිත්‍වා “ආමා”ති වුත‍්තෙ තෙන හි අම‍්හාකම‍්පි ඝරං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණිං වදෙය්‍යාසි “අජ‍්ජ කිර පුබ‍්බෙ විය ද‍්වින‍්නං භත‍්තං අනාහරිත්‍වා එකස‍්සෙවාහාරං ආහරෙය්‍යාථ, පුබ‍්බෙ ච එකිකාව දාසී ආහාරං ආහරති, අජ‍්ජ පන චත‍්තාරොපි ජනා සුද‍්ධවත්‍ථනිවත්‍ථා ගන්‍ධපුප‍්ඵහත්‍ථා ආගච‍්ඡෙය්‍යාථා”ති. සො “සාධූ”ති ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණියා තථෙව කථෙසි. කෙන තෙ, තාත, ඉමං සාසනං දින‍්නන‍්ති. බ්‍රාහ‍්මණෙන , අය්‍යෙති. සා “පුත‍්තො මෙ මතො”ති අඤ‍්ඤාසි, කම‍්පනමත‍්තම‍්පිස‍්සා නාහොසි. එවං සුභාවිතචිත‍්තා සුද‍්ධවත්‍ථනිවත්‍ථා ගන්‍ධපුප‍්ඵහත්‍ථා දාසිං පන ආහාරං ආහරාපෙත්‍වා සෙසෙහි සද‍්ධිං ඛෙත‍්තං අගමාසි. එකස‍්සපි රොදිතං වා පරිදෙවිතං වා නාහොසි.
ඉක්බිති එක් දවසක් බෝසත් තෙමේ, සිය පුතු සමග කුඹුරට ගොස් සීසායි. පියා සීසාන අතරතුර, පුතා, කුණු එකතුකොට ඒවා පුළුස්සන්නට පටන් ගත්තේය. එම ගිනිගොඩට නුදුරෙන් තිබූ, තුඹසක නාගයෙක් ජීවත් වෙයි. දුමෙන් වේදනාවට පත් නයා තරහෙන් කිපී, තුඹසින් නික්ම අවුත් ‘මා වේදනාවට පත්කළ තැනැත්තා මොහු යැ’යි යන හැඟීමෙන්, දළ සතරම වදින සේ බමුණු කුමාරයාට දෂ්ට කෙළේය. එසැණින් ඔහු මැරී වැටුනේය. කරකැවී බිම ඇදවැටුණු සිය පුතා දුටු බෝසත් තෙමේ, වහා ගොනුන් අතහැර දමා පුතු වෙතට දිවැ ගොස් බලා, පුතා මරණයට පත් වී ඇති බව තේරුම් ගෙන, ඔහු සිය දෑතින් ඔසවා ගෙන, කිසියම් ගසක් මුල බිම හොවා, වස්ත්‍රයකින් වසා දැමීය. බෝසත්තුමා මේ සියල්ල සිදු කළත්, නොහැඬීය. නොවැලපුනේය. බිඳෙන දේවල්, කවදා නමුත් බිඳේ. මැරෙන අය ද මැරෙති. සියලු සංස්කාරයෝ මරණය උරුම කොට ඇත්තාහුයැ’යි යන අනිත්‍යභාවයම සලකා, නැවත කුඹුර සීසාන්නට පටන් ගත්තේය. කුඹුර සී සාමින් සිටි බෝසත්තුමාට, ඒ අසලින් ගමන් කරන අසල්වැසියකු දක්නට ලැබුණි. ඔහුට කථා කළ, බෝසත් තෙමේ ‘පුතණුවනි, නුඹ අපගේ ගෙවල් පැත්තට යන්නෙහිදැ’යි ඇසීය. ‘එසේය, පියාණෙනි’ ‘එසේ නම්, අපේ ගෙදරට ගොස්, මාගේ බිරිඳ වන බැමිණියට ‘අද කුඹුරට කෑම ගෙනෙනා විට, පෙර මෙන් දෙදෙනෙකුට නොව, එක් අයකුට පමණක් ආහාර ගෙනෙන්නැ’යි කියනු මැනවි. එපමණක් නොව වෙනදා මෙන් කෑම අතට දී, දාසිය පමණක් නොඑවා, සතර දෙනාම සුදුවත් හැඳ, සුවඳ-මල් ගත් අත් ඇතිව, පැමිණෙන්නට කියනු මැනවැ’යි, බෝසත් තෙමේ තම අසල්වැසියාගෙන් ඉල්ලා සිටියේය. අසල්වැසියාද ‘යහපතැ’යි කියා පිළිගෙන බෝසත් බමුණුතුමාගේ ගෙදරට ගොස්, බමුණා කී පරිද්දෙන් ම සියලු දෑ කෙළේය. එවිට බැමිණිය කථා කරමින් ‘පුත, මේ පණිවුඩය නුඹට දුන්නේ කවුදැ’යි ඇසුවාය. ‘උත්තමාවිය, පණිවුඩකරු ඔබේ සැමියා යැ’යි අසල්වැසියා පිළිතුරු දුන්නේය. මෙයින්ම බැමිණිය සිය පුත්‍රයා මියගිය බව තේරුම් ගත්තාය. නමුත් ඒ ගැන ඇයට කම්පන මාත්‍රයක්වත්, ඇති නොවීය. මෙසේ වඩනා ලද සිත් ඇති ඇය, සුදුවත් හැඳ සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව, ආහාරද සකසාගෙන සෙසු අය ද කැටුව, කුඹුර වෙත ගියාය. මේ සිව්දෙනා අතුරෙන් අඬන-වැළපෙන එක් අයකුවත්, කිසිවකුට දැකගත නොහැකි විය.
බොධිසත‍්තො පුත‍්තස‍්ස නිපන‍්නඡායායමෙව නිසීදිත්‍වා භුඤ‍්ජි. භුත‍්තාවසානෙ සබ‍්බෙපි දාරූනි උද‍්ධරිත්‍වා තං චිතකං ආරොපෙත්‍වා ගන්‍ධපුප‍්ඵෙහි පූජෙත්‍වා ඣාපෙසුං. එකස‍්ස ච එකබින්‍දුපි අස‍්සු නාහොසි, සබ‍්බෙපි සුභාවිතමරණස‍්සතිනො හොන‍්ති. තෙසං සීලතෙජෙන සක‍්කස‍්ස ආසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො “කො නු ඛො මං ඨානා චාවෙතුකාමො”ති උපධාරෙන‍්තො තෙසං ගුණතෙජෙන උණ‍්හභාවං ඤත්‍වා පසන‍්නමානසො හුත්‍වා “මයා එතෙසං සන‍්තිකං ගන‍්ත්‍වා සීහනාදං නදාපෙත්‍වා සීහනාදපරියොසානෙ එතෙසං නිවෙසනං සත‍්තරතනපරිපුණ‍්ණං කත්‍වා ආගන‍්තුං වට‍්ටතී”ති වෙගෙන තත්‍ථ ගන‍්ත්‍වා ආළාහනපස‍්සෙ ඨිතො “තාත, කිං කරොථා”ති ආහ. “එකං මනුස‍්සං ඣාපෙම, සාමී”ති. “න තුම‍්හෙ මනුස‍්සං ඣාපෙස‍්සථ, එකං පන මිගං මාරෙත්‍වා පචථ මඤ‍්ඤෙ”ති. “නත්‍ථෙතං සාමි, මනුස‍්සමෙව ඣාපෙමා”ති. “තෙන හි වෙරිමනුස‍්සො වො භවිස‍්සතී”ති. අථ නං බොධිසත‍්තො “ඔරසපුත‍්තො නො සාමි, න වෙරිකො”ති ආහ. “තෙන හි වො අප‍්පියපුත‍්තො භවිස‍්සතී”ති? “අතිවිය පියපුත‍්තො, සාමී”ති. “අථ කස‍්මා න රොදසී”ති? සො අරොදනකාරණං කථෙන‍්තො පඨමං ගාථමාහ –
බෝසත් බමුණා සිය පුත්‍රයාගේ මළසිරුර හොවා ඇති, ගස් සෙවනෙහිම හිඳ, ආහාර අනුභව කෙළේය. ආහාර ගැනීමෙන් අනතුරුව, සියලු දෙනාම එකතු වී දරගොඩ ගසා චිතකයක් සකස්කොට, මළසිරුර එහි තබා, සුවඳ-මල් ආදියෙන් පූජා පවත්වා, සිරුර ආදාහනය කළහ. කිසිදු කෙනකුගේ ඇස්වල එකදු කඳුලු බිංදුවක්වත් නොවීය. ඒ සියලු දෙනාම, මරණානුස්සති භාවනාව පුරුදු පුහුණු කළ අය බැවිනි. මේ අතර මේ පස්දෙනාගේ ශීල තේජසින් සක්දෙවිඳුගේ අසුන රත් විය. ‘සිය අසුන උණු වූයේ කුමක් නිසාද? මා මෙතැනින් පහ කරන්නට උත්සාහ ගනුයේ කවරෙක්දැ’යි විමසන, ශක්‍රයා ඉහත කී බ්‍රාහ්මණ පවුලේ ඇත්තන්ගේ සිල් තෙදින්, එසේ වූ බව තේරුම්ගෙන, පැහැදුණු මනසින් යුතුව, ඔවුන් හමුවට යන්නටත්, ඔවුන් ඉදිරියේ ශ්‍රේෂ්ඨ දේශනාවක් පවත්වන්නටත් පමණක් නොව, ඔවුන්ගේ නිවෙස සත්රුවනින් පුරවන්නටත්, අදිටන් කරගත්තේය. එසේ කිරීම ඉතා යෝග්‍ය කටයුත්තක් යැ’යි සැලකූ, සක්දෙව් රජ වහා ගොස් ආදාහනය සිදුවන ස්ථානයේ පසෙකට වී බලා සිට, බමුණුතුමා සමීපයට විත් ‘පුත්‍රයා, ඔබ කුමක් කෙරෙහිදැ’යි ඇසුවේය. ‘ස්වාමීනි, මිනියක් දවමු’යි බමුණා කීය. ‘ඔබ මේ දවන්නේ මිනිසකු නොව ඔබ විසින් මරණ ලද සතකු යැ’යි සිතා සිටියෙමි.’ ‘නැත ස්වාමීනි, මම මිනිසකු ම ආදාහන කරමි.’ ‘එසේ වී නම් මේ ඔබේ තරහකාරයකු විය යුතුය.’ ‘නැත ස්වාමීනි, මේ මගේම අතිජාත පුත්‍රයා ය.’ ‘එසේ නම් ඔහු අප්‍රිය පුත්‍රයකු විය යුතුය.’ ‘නැත ස්වාමීනි, මේ මාගේ ප්‍රාණ ප්‍රිය එකම පුතාය’ ‘එසේ නම් ඔබ නොහඬන්නේ මන්ද?’ ‘සක්දෙවිඳුගේ මේ පැනයට පිළිතුරු දෙන බෝසත් බමුණා නොහැඬීමට හේතුව දක්වමින් මෙසේ කීය.
“උරගොව තචං ජිණ‍්ණං, හිත්‍වා ගච‍්ඡති සං තනුං; එවං සරීරෙ නිබ්භොගෙ, පෙතෙ කාලකතෙ සති.
උරගොව තචං ජිණ්ණං භිත්‍වා ගච්ඡති සංතනුං, එවං සරීරෙ නිබ්භොගෙ පෙතෙ කාලකතො සති
දිරූ හැව හැරයන උරගයකු මෙන්, සත්ත්වයා සිය සිරුර හැර යයි. මෙසේ ශරීරයේ ජීවිතින්‍ද්‍රිය හැරගිය කල්හි, මෙලොව හළ කල්හි, කලුරිය කළ කල්හි,
“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස්මා එතං න සොචාමි, ගතො සො තස‍්ස යා ගතී”ති.
ඩය්හමනිනා න ජානාති - ඤාතීනං පරිදෙවිතං, තස්මා එතං නසොචාමි - ගතො යො තස්ස යාගති
සොහොනේ ගින්නෙන් දැවෙන සත්ත්වයා නෑයින්ගේ වැලපීම් ගැන, කිසිත් නො දනී. එබැවින් මොහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම් සේද? එසේ ඔහු ගියේය.
තත්‍ථ සං තනුන‍්ති අත‍්තනො සරීරං. නිබ‍්භොගෙති ජීවිතින්‍ද්‍රියස‍්ස අභාවෙන භොගරහිතෙ. පෙතෙති පරලොකං පටිගතෙ. කාලකතෙති කතකාලෙ, මතෙති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – සාමි, මම පුත‍්තො යථා නාම උරගො ජිණ‍්ණතචං නිච‍්ඡින්‍දිත්‍වා අනොලොකෙත්‍වා අනපෙක‍්ඛො ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡෙය්‍ය, එවං අත‍්තනො සරීරං ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡති, තස‍්ස ජීවිතින්‍ද්‍රියරහිතෙ සරීරෙ එවං නිබ‍්භොගෙ තස‍්මිඤ‍්ච මෙ පුත‍්තෙ පෙතෙ පුන පටිගතෙ මරණකාලං කත්‍වා ඨිතෙ සති කො කාරුඤ‍්ඤෙන වා පරිදෙවෙන වා අත්‍ථො. අයඤ‍්හි යථා සූලෙහි විජ‍්ඣිත්‍වා ඩය‍්හමානො සුඛදුක‍්ඛං න ජානාති, එවං ඤාතීනං පරිදෙවිතම‍්පි න ජානාති, තෙන කාරණෙනාහං එතං න සොචාමි. යා තස‍්ස අත‍්තනො ගති, තං සො ගතොති.
මෙහි ‘සංතනුං’ යනු ‘සිය සිරුර යි’ ‘නිබ්භොගෙ’ යනු ‘ජීවිතින්‍ද්‍රිය නැති කල්හි භෝග රහිත කල්හි’, යන අර්ථයි. ‘පෙතෙ’ යනු ‘පරලොවට පෙරළා ගිය කල්හි’, යන අර්ථයි. ‘කාලකතෙ’ යනු ‘වැඩ කළ කාලය අවසන් වූ කල්හි’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් ‘ස්වාමීනි, දිරූ හැව ඉවත දමා, ඒ දෙසවත් නොබලා, ඒ ගැන අපේක්‍ෂා රහිතව, අත්හැර දමා යන උරගයකු මෙන්, මගේ පුතා සිය සිරුර හැරදමා යයි. ඔහුගේ සිරුරෙහි ජීවිතින්‍ද්‍රිය රහිත වූ කල්හි, එනම් නිර්භෝග වූ කල්හි, ඒ මගේ පුතා මෙලොවෙන්, පරලොවට පෙරළා ගිය කල්හි, මළ කල්හි, ඒ ගැන කම්පා වීමෙන් හෝ වැලපීමෙන් කවර ප්‍රයෝජනයක්ද?’ යන අර්ථයි. ‘උලකින් අනිමින් දවනු ලබන ඔහුගේ සිරුරට, සැප දුක් නො දැනේ. එසේම සිය නෑයින්ගේ වැලපීම් ගැනද, නොදනී. මම, මේ කරුණු අනුව ඔහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම්සේද? ඔහු ඒ අනුව ගියේය’, යන අර්ථයි.
සක‍්කො බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා බ්‍රාහ‍්මණිං පුච‍්ඡි “අම‍්ම, තුය‍්හං සො කිං හොතී”ති? “දස මාසෙ කුච‍්ඡිනා පරිහරිත්‍වා ථඤ‍්ඤං පායෙත්‍වා හත්‍ථපාදෙ සණ‍්ඨපෙත්‍වා වඩ‍්ඪිතපුත‍්තො මෙ, සාමී”ති. “අම‍්ම, පිතා තාව පුරිසභාවෙන මා රොදතු, මාතු හදයං පන මුදුකං හොති, ත්‍වං කස‍්මා න රොදසී”ති? සා අරොදනකාරණං කථෙන‍්තී –
ශක්‍රයා බෝසතුන්ගේ වචන අසා සිට, බැමිණිය දෙසට හැරී ‘මෑණියනි, මළ තැනැත්තා, ඔබගේ කවුද?’ ‘ස්වාමීනි, දසමසක් කුසේ තබා රැකගත් පසුව, කිරි පොවා, අත්-පා-මුහුණ-කට ආදිය පවා සකසා, හදා වැඩූ මගේම පුතාය.’ ‘මෑණියනි, දරුවාගේ පියා පුරුෂයකු බැවින් නො හැඬුවාවේ. එහෙත් මවු කෙනකුගේ හදවත මෘදුය. එබැවින් ඔබ නොහඬන්නේ කුමක් නිසාද? සක්දෙවිඳුගේ මේ පැනයට පිළිතුරු දෙන බමුණු මාතාව, මෙසේ කීවාය.
“අනව‍්හිතො තතො ආගා, අනනුඤ‍්ඤාතො ඉතො ගතො; යථාගතො තථා ගතො, තත්‍ථ කා පරිදෙවනා.
3. කැඳවීමෙකින් තොරව ඔහු මෙහි ආවේය. නොදන්වා මෙහෙන් ගියේය. පැමිණියේ යම් සේද? එසේ ගියේය. එහි ලා කුමන වැලපීම් ද?
“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස්මා එතං න සොචාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. – ගාථාද‍්වයමාහ –
4. සොහොනේ ගින්නෙන් දැවෙන සත්ත්වයා නෑයින්ගේ වැලපීම් ගැන, කිසිත් නො දනී. එබැවින් මොහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම් සේද? එසේ ඔහු ගියේය.
තත්‍ථ අනව‍්හිතොති අයං තාත මයා පරලොකතො අනව‍්හිතො අයාචිතො. ආගාති අම‍්හාකං ගෙහං ආගතො. ඉතොති ඉතො මනුස‍්සලොකතො ගච‍්ඡන‍්තොපි මයා අනනුඤ‍්ඤාතොව ගතො. යථාගතොති ආගච‍්ඡන‍්තොපි යථා අත‍්තනොව රුචියා ආගතො, ගච‍්ඡන‍්තොපි තථෙව ගතො. තත්‍ථාති තස‍්මිං තස‍්ස ඉතො ගමනෙ කා පරිදෙවනා. ඩය‍්හමානොති ගාථා වුත‍්තනයෙන වෙදිතබ‍්බා.
මෙහි ‘අනව්හිතො’ යනු ‘පුතණුවනි, මා විසින් මොහු පරලොව සිට මෙහි කැඳවන ලද්දකු නො වේ’, යන අර්ථයි. ‘ආග’ යනු ‘අපේ ගෙට පැමිණියේය’, යන අර්ථයි. ‘ඉතො’ යනු ‘මේ මිනිස්ලොවින් පිටව යනවිටද, මගේ අනුදැනීමකින් තොරවම ගියේය’, යන අර්ථයි. ‘යතාගතො’ යනු ‘මෙලොවට එනවිට තමාගේ කැමැත්තෙන් පැමිණියේ යම් සේද? එසේම පෙරළා ගියේය. ‘තත්‍ථ’ යනු ‘ඔහුගේ පරලොව ගමන ගැන, කුමට වැලපීම් ද?’ යන අර්ථයි.
සක‍්කො බ්‍රාහ‍්මණියා කථං සුත්‍වා තස‍්ස භගිනිං පුච‍්ඡි “අම‍්ම, තුය‍්හං සො කිං හොතී”ති? “භාතා මෙ, සාමී”ති. “අම‍්ම, භගිනියො නාම භාතූසු සිනෙහා හොන‍්ති, ත්‍වං කස‍්මා න රොදසී”ති? සා අරොදනකාරණං කථෙන‍්තී –
මින් අනතුරුව ශක්‍රයා මළ තැනැත්තාගේ, සොයුරිය අමතා ‘දියණියනි, මේ මරණකාරයා, ඔබේ කවුද?’ ‘ස්වාමීනි, ඒ මගේ සොයුරාය.’ ‘දියණියනි, සොයුරියෝ නම්, සිය සොයුරන් කෙරෙහි අතිශයින් හිතේසිවන්ත වෙති. එබැවින් ඔබ කුමක් නිසා, නො හඬා ද?’ ඇය ශක්‍රයාගේ එම පැනයට පිළිතුරු දෙමින් මෙසේ කීවාය.
“සචෙ රොදෙ කිසා අස‍්සං, තස‍්සා මෙ කිං ඵලං සියා; ඤාතිමිත‍්තසුහජ‍්ජානං, භිය්‍යො නො අරතී සියා.
5. හැඬීමෙන් කෙට්ටු වේ. මගේ හැඬීමෙන් (ඔහුට) ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? අපගේ නෑයින්-මිතුරන්-සහෘදයින් ගැන, නොඇල්ම වර්ධනය කිරීම වඩාත් සුදුසු ය.
ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස්මා එතං න සොචාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. – ගාථාද‍්වයමාහ –
6. සොහොනේ ගින්නෙන් දැවෙන සත්ත්වයා නෑයින්ගේ වැලපීම් ගැන, කිසිත් නො දනී. එබැවින් මොහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම් සේද? එසේ ඔහු ගියේය.
තත්‍ථ සචෙති යදි අහං භාතරි මතෙ රොදෙය්‍යං, කිසසරීරා අස‍්සං. භාතු පන මෙ තප‍්පච‍්චයා වුඩ‍්ඪි නාම නත්‍ථීති දස‍්සෙති. තස‍්සා මෙති තස‍්සා මය‍්හං රොදන‍්තියා කිං ඵලං කො ආනිසංසො භවෙය්‍ය. මය‍්හං අවුද‍්ධි පන පඤ‍්ඤායතීති දීපෙති. ඤාතිමිත‍්තසුහජ‍්ජානන‍්ති ඤාතිමිත‍්තසුහදානං . අයමෙව වා පාඨො. භිය්‍යො නොති යෙ අම‍්හාකං ඤාතී ච මිත‍්තා ච සුහදයා ච, තෙසං අධිකතරා අරති සියා.
මෙහි ‘සචෙ’ යනු ‘ඉදින් මම සොයුරා මළ කල්හි, හඬන්නෙම් නම්, මගේ සිරුර කෘශ වන්නේය. මගේ හැඬීමෙන් සොයුරාට වැඩක් නම්, නොවන්නේ යැ’යි කරුණු දක්වයි. ‘තස්සා මෙ’ යනුවෙන් ‘ඒ මගේ හැඬීමෙන් කවර ප්‍රයෝජනයක්ද? කුමන ආනිසංසයක් වන්නේද? ඉන් සිදුවන්නේ අවැඩක් පමණකි’යි දක්වයි. ‘ඤාතිමිත්තා සුභජ්ජානං’ යනු ‘ඤාති-මිත්‍ර-සුහදයන්ගේ’ යන අර්ථයි. ‘ඤාතිමිත්තසුහජ්ජානං’ යනුද පාඨයකි. ‘භීයෙන නො’ යනු ‘අපගේ යම් ඤාති-මිත්‍ර-සුහද කෙනෙක් හෝ ඊට වැඩි කෙනෙක් හෝ වෙද්ද? ඔවුන් කෙරෙහි, නො ඇල්ම වඩන්නේය’, යන අර්ථයි.
සක‍්කො භගිනියා කථං සුත්‍වා භරියං පුච‍්ඡි “අම‍්ම, තුය‍්හං සො කිං හොතී”ති? “පති මෙ, සාමී”ති. “ඉත්‍ථියො නාම පතිම‍්හි මතෙ විධවා හොන‍්ති අනාථා, ත්‍වං කස‍්මා න රොදසී”ති. සාපිස‍්ස අරොදනකාරණං කථෙන‍්තී –
ඉක්බිති ශක්‍රයා නැගණියගේ කථාව ඇසීමෙන් පසු මළ බමුණු තරුණයාගේ බිරිය වෙත එළඹ ‘දියණියනි, මරණකරු ඔබගේ කවුද?’ ‘ස්වාමීනි, ඒ මාගේ සැමියාය’. ‘ස්ත්‍රීහු, සැමියා මල කල්හි, වැන්දඹුවෝ වෙති. ඉතින් අනාථ වූ ඔබ කුමක් නිසා හඬා ද? ඇය ද, නො හැඬීමට කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
“යථාපි දාරකො චන්‍දං, ගච‍්ඡන‍්තමනුරොදති; එවංසම‍්පදමෙවෙතං, යො පෙතමනුසොචති.
7. යම් සේ ළදරුවෙක් බැස යන සඳට හඬාද? යමෙක් මළ තැනැත්තකු අනුව ශෝක කෙරේද? මේ දෙක ම එක හා සමාන ය.
“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස්මා එතං න සොචාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. – ගාථාද‍්වයමාහ –
8. සොහොනේ ගින්නෙන් දැවෙන සත්ත්වයා නෑයින්ගේ වැලපීම් ගැන, කිසිත් නො දනී. එබැවින් මොහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම් සේද? එසේ ඔහු ගියේය.
තස‍්සත්‍ථො – යථා නාම යත්‍ථ කත්‍ථචි යුත‍්තායුත‍්තං ලබ‍්භනීයාලබ‍්භනීයං අජානන‍්තො බාලදාරකො මාතු උච‍්ඡඞ‍්ගෙ නිසින‍්නො පුණ‍්ණමාසියං පුණ‍්ණං චන්‍දං ආකාසෙ ගච‍්ඡන‍්තං දිස‍්වා “අම‍්ම, චන්‍දං මෙ දෙහි, අම‍්ම, චන්‍දං මෙ දෙහී”ති පුනප‍්පුනං රොදති, එවංසම‍්පදමෙවෙතං, එවංනිප‍්ඵත‍්තිකමෙව එතං තස‍්ස රුණ‍්ණං හොති, යො පෙතං කාලකතං අනුසොචති. ඉතොපි ච බාලතරං. කිංකාරණා? සො හි විජ‍්ජමානචන්‍දං අනුරොදති, මය‍්හං පන පති මතො එතරහි අවිජ‍්ජමානො සූලෙහි විජ‍්ඣිත්‍වා ඩය‍්හමානොපි න කිඤ‍්චි ජානාතීති.
යම් සේ කිසි තැනෙක වෙසෙන, සුදුසු නුසුදුසුකම් හා ලැබියහැකි බව හෝ, නොලැබිය හැකි බව, නොදත් ළදරුවෙක් මවගේ ඇකයේ හිඳ, පුන්පෝදා පුන්සඳ අහසේ බැස යනු බලා, ‘මෑණියනි, මට සඳ ඕනෑ යැ’යි පුන පුනා කියමින් හඬයිද? යමෙක් මළ තැනැත්තකු වෙනුවෙන් ශෝක කරයිද? හඬයිද? ඔහුගේ හැඬීමත් එවැනිම තත්ත්වයකි. (දෙදෙනාගේම හැඬීම එක හා සමානය.) මගේ සැමියා මියගොස්ය. දැන් අපට ඔහු නොපෙනේ. ඔහුගේ සිරුර උල්වලින් අනිමින් දවනු ලැබූවත්, ඒ කිසිවක් ගැන ඔහු නො දනී, යන අර්ථයි.
සක‍්කො භරියාය වචනං සුත්‍වා දාසිං පුච‍්ඡි “අම‍්ම, තුය‍්හං සො කිං හොතී”ති? “අය්‍යො මෙ, සාමී”ති. “නනු ත්‍වං ඉමිනා පීළෙත්‍වා පොථෙත්‍වා පරිභුත‍්තා භවිස‍්සසි, තස‍්මා “සුමුත‍්තා අහ”න‍්ති න රොදසී”ති. ‘සාමි, මා එවං අවච, න එතං එතස‍්ස අනුච‍්ඡවිකං, ඛන‍්තිමෙත‍්තානුද‍්දයසම‍්පන‍්නො මෙ අය්‍යපුත‍්තො, උරෙ සංවඩ‍්ඪිතපුත‍්තො විය අහොසී’ති. “අථ කස‍්මා න රොදසී”ති? සාපිස‍්ස අරොදනකාරණං කථෙන‍්තී –
බිරිඳගේ මේ කථාව අසා සිටි ශක්‍රයා, දාසිය වෙතට හැරී ‘මෑණියනි, මේ මියගිය තැනැත්තා ඔබගේ කවුදැ’යි ඇසීය. ‘උතුමාණෙනි, ඔහු මාගේ ස්වාමියෙකි.’ ‘එසේනම් ඔබ ඔහුගෙන් පීඩාවට, පහරදීමට ලක් වූ තැනැත්තියක් විය යුතුය. ඒ හේතුව නිසා ‘මොහු මළ එක හොඳ යැ’යි සිතා නොහඬයිද?’ ‘ස්වාමීනි, එසේ නොකියනු මැනව, ඔබ කියූ කාරණය මොහුට නුසුදුසුය. මාගේ ආර්යපුත්‍රයා, ක්‍ෂාන්ති-මෛත්‍රී-දයා යන මේ ගුණාංගයන්ගෙන් පරිපූර්ණ අයෙකි. හරියට මගේ කුසෙන් වැදූ පුතකු වැනිය.’ ‘එසේ නම් කුමක් නිසා නොහඬා දැ’යි සක්දෙවිඳු ප්‍රශ්න කෙළේය. ඊට උත්තර සපයන දාසිය, තමාගේ නොහැඬීමේ හේතුව, මෙසේ ප්‍රකාශ කළාය.
“යථාපි උදකකුම‍්භො, භින‍්නො අප‍්පටිසන්‍ධියො; එවංසම‍්පදමෙවෙතං, යො පෙතමනුසොචති.
9. බිඳුන කළයක් යළි සන්ධි කළ නොහැකි වන්නේ යම්සේද? මළ කෙනකු වෙනුවෙන් ශෝක කිරීමද එසේය.
“ඩය‍්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස්මා එතං න සොචාමි, ගතො සො තස‍්ස යා ගතී”ති. – ගාථාද‍්වයමාහ –
10. සොහොනේ ගින්නෙන් දැවෙන සත්ත්වයා නෑයින්ගේ වැලපීම් ගැන, කිසිත් නො දනී. එබැවින් මොහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම් සේද? එසේ ඔහු ගියේය.
තස‍්සත්‍ථො – යථා නාම උදකකුම‍්භො උක‍්ඛිපියමානො පතිත්‍වා සත‍්තධා භින‍්නො පුන තානි කපාලානි පටිපාටියා ඨපෙත්‍වා සංවිදහිත්‍වා පටිපාකතිකං කාතුං න සක‍්කොති, යො පෙතමනුසොචති, තස‍්සපි එතමනුසොචනං එවංනිප‍්ඵත‍්තිකමෙව හොති, මතස‍්ස පුන ජීවාපෙතුං අසක‍්කුණෙය්‍යත‍්තා ඉද‍්ධිමතො වා ඉද‍්ධානුභාවෙන භින‍්නං කුම‍්භං සංවිදහිත්‍වා උදකස‍්ස පූරෙතුං සක‍්කා භවෙය්‍ය, කාලකතො පන ඉද‍්ධිබලෙනාපි න සක‍්කා පටිපාකතිතං කාතුන‍්ති. ඉතරා ගාථා වුත‍්තත්‍ථායෙව.
ඔසවාගෙන යනු ලබන දිය කළයක් බිම වැටී, සත්කඩකට බිඳුණි. නැවත එහි කැබලි පිළිවෙලින් තබා සන්ධිකොට, කලින් තිබූ තත්ත්වයට පත්කළ නොහැකිය. යමෙක් මළ කෙනකු වෙනුවෙන් ශෝක කෙරේද? ඔහුගේ ශෝක කිරීමද, එබඳුම වේ. ශෝක කිරීමෙන් මළ තැනැත්තා නැවත ජීවත් කරවීමට නොහැකි වන නිසා, මෙසේ කියන ලදි. සෘද්ධිමතකු සිය ආනුභාවයෙන්, බිඳුනු කළය ප්‍රකෘතිමත් කොට, නැවත දිය පිරවීමට හැකිකම, ලබාදුන්නේ වී නමුත්, සෘද්ධි බලයෙන්වත් මළ තැනැත්තකු යළි ජීවත් කරවිය නොහැකිය. 2-4-6-8-10 යන ගාථාවන්හි අර්ථය අංක දෙක ගාථාව යටතේ දක්වන ලදි.
සක‍්කො සබ‍්බෙසං ධම‍්මකථං සුත්‍වා පසීදිත්‍වා “තුම‍්හෙහි අප‍්පමත‍්තෙහි මරණස‍්සති භාවිතා, තුම‍්හෙ ඉතො පට‍්ඨාය සහත්‍ථෙන කම‍්මං මා කරිත්‍ථ, අහං, සක‍්කො දෙවරාජා, අහං වො ගෙහෙ සත‍්ත රතනානි අපරිමාණානි කරිස‍්සාමි, තුම‍්හෙ දානං දෙථ , සීලං රක‍්ඛථ, උපොසථකම‍්මං කරොථ, අප‍්පමත‍්තා හොථා”ති තෙසං ඔවාදං දත්‍වා ගෙහං අපරිමිතධනං කත්‍වා පක‍්කාමි.
ශක්‍රයා සියලු දෙනාගේ දැහැමි කථා අසා, පැහැදී ‘ඔබ සැමදෙනා විසින් අප්‍රමාදීව, ‘මරණානුස්සති’ භාවනාව වඩන ලද බව පෙනේ. මෙතැන් පටන් ඔබ සැමදෙනා සියතින් වැඩ නොකරනු මැනවි, මම වූ කලී සක්දෙවිඳු වෙමි. මම නුඹලාගේ ගෙයි අප්‍රමාණ සත්රුවන් ගොඩ ගසන්නෙමි. එයින් නුඹලා දන් දෙවු, සිල් රකිවු, පොහෝදා සමාදන් වෙවු, අප්‍රමාදීව කටයුතු කරවු’ යැයි ඔවුන්ට අවවාද දී, කී අයුරින්ම සියලු කටයුතු සිද්ධකොට පෙරලා දෙව්ලොවට ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කුටුම‍්බිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා දාසී ඛුජ‍්ජුත‍්තරා අහොසි, ධීතා උප‍්පලවණ‍්ණා, පුත‍්තො රාහුලො, මාතා ඛෙමා, බ්‍රාහ‍්මණො පන අහමෙව අහොසින‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍ය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, කෙළෙඹි පුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා දාසිය නම් ‘ඛුජ්ජුත්තරා’ උවැසිය ය. බමුණු දියණිය නම්, ‘උත්පලවණ්ණා’ ය. අකාලයේ මියගිය පුත්‍රයා නම්, ‘රාහුල’ කුමාරයාය. බමුණු මාතාව නම් ‘ඛේමා’ය. බ්‍රාහ්මණ පියතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
උරගජාතකවණ‍්ණනා චතුත්‍ථා.