යෙදුමෙන් කියවන්න

5. ඝටජාතකවණ‍්ණනා 355 අට‍්ඨකථා

5. ඝටජාතකවණ‍්ණනා (355)

5. ඝත ජාතකය (355)

අඤ‍්ඤෙ සොචන‍්ති රොදන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරඤ‍්ඤො එකං අමච‍්චං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා කථිතසදිසමෙව. ඉධ පන රාජා අත‍්තනො උපකාරස‍්ස අමච‍්චස‍්ස මහන‍්තං යසං දත්‍වා පරිභෙදකානං කථං ගහෙත්‍වා තං බන්‍ධාපෙත්‍වා බන්‍ධනාගාරෙ පවෙසෙසි. සො තත්‍ථ නිසින‍්නොව සොතාපත‍්තිමග‍්ගං නිබ‍්බත‍්තෙසි. රාජා තස‍්ස ගුණං සල‍්ලක‍්ඛෙත්‍වා මොචාපෙසි. සො ගන්‍ධමාලං ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදි. අථ නං සත්‍ථා “අනත්‍ථො කිර තෙ උප‍්පන‍්නො”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ, අනත්‍ථෙන පන මෙ අත්‍ථො ආගතො, සොතාපත‍්තිමග‍්ගො නිබ‍්බත‍්තො”ති වුත‍්තෙ “න ඛො, උපාසක, ත්‍වඤ‍්ඤෙව අනත්‍ථෙන අත්‍ථං ආහරි, පොරාණකපණ‍්ඩිතාපි ආහරිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘අඤ්ඤෙ සොවන්ති රොදන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කොසොල් රජුගේ එක් ඇමතියකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාපුවත කලින් දක්වන ලද්දකි. එම කථාවට අනුව රජතුමා, තමාට උපකාරී වූ ඇමතිවරයාට මහත් යස-ඉසුරු දී පසුව කේලමුන්ගේ වචන පිළිගෙන ඒ ඇමතිවරයා බන්ධනාගාරගත කරවීය. සිරගෙදර සිටියත්, ඉහත කී ඇමැතිවරයා එකදිගට හිඳගෙන භාවනාකොට, සෝවාන් මාර්ගය ඉපිදවීය. රජතුමා ඔහුගේ ගුණයා හා තත්ත්වය ගැන සලකා බන්ධනාගාරයෙන් ඔහු නිදහස් කෙළේය. නිදහස ලැබූ ඔහු මල්-සුවඳ ආදිය ගෙන බුදුරදුන් හමුවට ගොස්, උන්වහන්සේට නමස්කාර කොට, හිඳ ගත්තේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ‘ඔබට කරදරයක් වූයේ නොවේ දැ’යි, ඇසූ සේක. ‘ස්වාමීනි, එසේය, නමුත් එයින් මට යහපතක් සිදුවිය. මම එහිදී සෝවාන් මාර්ගය උපදවා ගතිමි.’ ‘උපාසකය, විපතින් සැපතක් උපදවා ගත්තේ ඔබ පමණක් නොවේ. පෙර පඬිවරු පවා එසේ කළහ’යි, දේශනාකොට වදාළ බුදුහු, ඇමැතිවරයාගේ අයැදුමින් මේ අතීත කථාව දේශනා කළහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, “ඝටකුමාරො”තිස‍්ස නාමං කරිංසු. සො අපරෙන සමයෙන තක‍්කසිලායං උග‍්ගහිතසිප‍්පො ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තස‍්ස අන‍්තෙපුරෙ එකො අමච‍්චො දුබ‍්භි. සො තං පච‍්චක‍්ඛතො ඤත්‍වා රට‍්ඨා පබ‍්බාජෙසි. තදා සාවත්‍ථියං ධඞ‍්කරාජා නාම රජ‍්ජං කාරෙසි. සො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං උපට‍්ඨහිත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙන අත‍්තනො වචනං ගාහාපෙත්‍වා බාරාණසිරජ‍්ජං ගණ‍්හාපෙසි. සොපි රජ‍්ජං ගහෙත්‍වා බොධිසත‍්තං සඞ‍්ඛලිකාහි බන්‍ධාපෙත්‍වා බන්‍ධනාගාරං පවෙසෙසි. බොධිසත‍්තො ඣානං නිබ‍්බත‍්තෙත්‍වා ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදි, ධඞ‍්කස‍්ස සරීරෙ ඩාහො උප‍්පජ‍්ජි. සො ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස සුවණ‍්ණාදාසඵුල‍්ලපදුමසස‍්සිරිකං මුඛං දිස‍්වා බොධිසත‍්තං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමෙ අග මෙහෙසියගේ කුසෙහි රජුට පුත්ව උපන්නේය. ඔහු ‘ඝත’ කුමාරයා යැයි ප්‍රසිද්ධ විය. මේ කුමරා පසුකලෙක තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන, සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්විය. දැහැමින් රාජ්‍යය විචාළ ඔහුගේ රාජ සභාවට අයත්, එක් ඇමැතිවරයෙක් කිසියම් ද්‍රෝහී ක්‍රියාවක් කෙළේය. ඔහු ගැනත් ඔහුගේ ක්‍රියාව ගැනත් විමසා, මැනවින් අවබෝධ කොටගත් රජතුමා, ඔහු රටින් පිටුවහල් කෙළේය. මෙකල සැවැත්නුවර ‘ධංක’ නම් රජෙක් රාජ්‍යය කරවීය. නෙරපන ලද ඇමැතිවරයා ‘ධංක’ රජුගේ ළඟට ගොස්, ඔහු පහදවාගෙන එහි සේවය කරන්නට පටන් ගත්තේය. බරණැස් රජු ගැන ගතු කේලාම් කියා, බරණැස් රාජ්‍යය ආක්‍රමණය කිරීමට ධංක රජු කැමති කරවා ගත් මේ ද්‍රෝශී ඇමැතිවරයා ටික කලකින්ම, බරණැස් රජු අල්ලා යටත්කොට ගෙන, රාජ්‍යය ද පැහැරගෙන බෝසත් රජුට මාංචු දමා, බන්ධනාගාරගත කරවීය. එහිදී බෝසත් රජතුමා භාවනාකොට ධ්‍යාන උපදවා ගෙන අහසෙහි පලක් බැඳ වාඩිවී හුන්නේය. මෙය දුටු ධංක රජුගේ ඇඟ පුරා දැවිල්ලක් ඇතිවිය. බෝසතුන්ගේ ඉදිරියට ගිය ධංක රජතුමා රන් කැඩපතෙක තබන ලද පිපුණු රත් පියුමක් වැනි වූ බෝසත් රජුගේ මුහුණ බලා එතුමාගෙන් මෙසේ ප්‍රශ්න කෙළේය.

“අඤ‍්ඤෙ සොචන‍්ති රොදන‍්ති, අඤ‍්ඤෙ අස‍්සුමුඛා ජනා; පසන‍්නමුඛවණ‍්ණොසි, කස‍්මා ඝට න සොචසී”ති.

අඤ්ඤෙ සොචන්ති රොදන්ති - අඤ්ඤෙ අස්සුඛොජනා, පසණ්ණ මුඛ වණ්ණෙසි - තස්මා පවිත න සොචසීති

ඝත රජතුමනි, වෙනත් අය (මෙවැනි අවස්ථාවන්හි ද) ශෝක කෙරෙති. හඬති. තවත් අය කඳුළු පිරි මුහුණින් කල් ගෙවති. ඔබගේ මුහුණේ ස්වභාවය ප්‍රසන්නය. කුමක් නිසා ශෝක නොකරහිද?

තත්‍ථ අඤ‍්ඤෙති තං ඨපෙත්‍වා සෙසමනුස‍්සා.

මෙහි ‘අඤ්ඤෙ’ යනු ‘ඔබ හැර සෙසු මිනිස්සු’ යන අර්ථයි.

අථස‍්ස බොධිසත‍්තො අසොචනකාරණං කථෙන‍්තො චතස‍්සො ගාථා අභාසි –

මීට පිළිතුරු සපයන බෝසත් රජතුමා, ශෝක නොකිරීමේ හේතු මෙසේ දැක්වීය.

“නාබ‍්භතීතහරො සොකො, නානාගතසුඛාවහො; තස‍්මා ධඞ‍්ක න සොචාමි, නත්‍ථි සොකෙ දුතීයතා.

2. ධංක රජතුමනි, ශෝකය වූ කලී, නැති වූ දෙය නැවත ලබාදෙන්නක් නොවේ. තමා වෙත නොපැමිණි සැපයක්, ළඟාකොට දෙන්නක් ද නොවේ. ශෝකයෙහි සහායක බවක් නැත. එබැවින් ශෝක නොකරමි.

“සොචං පණ‍්ඩු කිසො හොති, භත‍්තඤ‍්චස‍්ස න රුච‍්චති; අමිත‍්තා සුමනා හොන‍්ති, සල‍්ලවිද‍්ධස‍්ස රුප‍්පතො.

3. ශෝක කරන්නා පඬු පැහැ වේ. ඔහුට ආහාර රුචිය ද නැතිවේ. ශෝක නමැති හුලෙන් පීඩාවට පත් ඔහු ගැන, සතුරෝ සතුටු වෙති.

“ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ, නින‍්නෙ වා යදි වා ථලෙ; ඨිතං මං නාගමිස‍්සති, එවං දිට‍්ඨපදො අහං.

4. ගමේ හෝ කැලයේ හෝ, බෑවුමක හෝ සමතලා බිමක හෝ සිටි මා වෙතට ඉහත කී විපත් නොපැමිණේද? එවැනි උසස් තැනකට මම පත්වීමි.

“යස‍්සත‍්තා නාලමෙකොව, සබ‍්බකාමරසාහරො; සබ‍්බාපි පථවී තස‍්ස, න සුඛං ආවහිස‍්සතී”ති.

5. යමකුගේ හුදු ආත්මය, සියලු කැමැති රසයන් ගෙනදීමට ප්‍රමාණවත් නොවේද? මුළු පොළොවද, ඔහුට සැප ගෙන නොදේ.

තත්‍ථ නාබ‍්භතීතහරොති නාබ‍්භතීතාහාරො, අයමෙව වා පාඨො. සොකො නාම අබ‍්භතීතං අතික‍්කන‍්තං නිරුද‍්ධං අත්‍ථඞ‍්ගතං පුන නාහරති. දුතීයතාති සහායතා. අතීතාහරණෙන වා අනාගතාහරණෙන වා සොකො නාම කස‍්සචි සහායො න හොති, තෙනාපි කාරණෙනාහං න සොචාමීති වදති. සොචන‍්ති සොචන‍්තො. සල‍්ලවිද‍්ධස‍්ස රුප‍්පතොති සොකසල‍්ලෙන විද‍්ධස‍්ස තෙනෙව ඝට‍්ටියමානස‍්ස “දිට‍්ඨා වත නො පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨී”ති අමිත‍්තා සුමනා හොන‍්තීති අත්‍ථො.

මෙහි ‘නාබ්භතීතහරො’ යනු ‘නැති වූ දෙය ලබාදෙන්නක් නොවේ’ යන අර්ථයි. ‘නාබ්භතීතාහරො’ යනුවෙන් ද පාඨයක් ඇත. ශෝකය නම්, නැති වූ දෙය, ඉක්මගිය දෙය, නිරුද්ධ වූ අස්ථංගත වූ දෙය, නැවත ළංකොට නොදේ. ‘දුතීයතා’ යනු සහාය බවක්, එනම් නැති වූවක් ලබාදීමට හෝ, නො පැමිණි යමක් පමුණුවාලීමට හෝ, ශෝකය කිසිවකුට සහාය නොවෙයි. ඒ කරුණ නිසා මම ශෝක නොකරමි’යි, කියයි. ‘සොචං’ යනු ‘ශෝක කරන්නා’ ය. ‘සල්ලවිද්ධස්ස රුප්පතො’ යනු ‘ශෝක හුලෙන් පීඩාවට පත් තැනැත්තා ගැන, එයින් පෙළෙන්නා ගැන ඔහුගේ සතුරෝ, ‘අපගේ පසමිතුරා පිටුදැක්කෙමු’යි සතුටු වෙති’ යන අර්ථයි.

ඨිතං මං නාගමිස‍්සතීති සම‍්ම ධඞ‍්කරාජ, එතෙසු ගාමාදීසු යත්‍ථ කත්‍ථචි ඨිතං මං පණ‍්ඩුකිසභාවාදිකං සොකමූලකං බ්‍යසනං න ආගමිස‍්සති. එවං දිට‍්ඨපදොති යථා තං බ්‍යසනං නාගච‍්ඡති, එවං මයා ඣානපදං දිට‍්ඨං. “අට‍්ඨලොකධම‍්මපද”න‍්තිපි වදන‍්තියෙව . පාළියං පන “න මත‍්තං නාගමිස‍්සතී”ති ලිඛිතං, තං අට‍්ඨකථායං නත්‍ථි. පරියොසානගාථාය ඉච‍්ඡිතපත්‍ථිතත්‍ථෙන ඣානසුඛසඞ‍්ඛාතං සබ‍්බකාමරසං ආහරතීති සබ‍්බකාමරසාහරො. ඉදං වුත‍්තං හොති – යස‍්ස රඤ‍්ඤො පහාය අඤ‍්ඤසහායෙ අත‍්තාව එකො සබ‍්බකාමරසාහරො නාලං, සබ‍්බං ඣානසුඛසඞ‍්ඛාතං කාමරසං ආහරිතුං අසමත්‍ථො, තස‍්ස රඤ‍්ඤො සබ‍්බාපි පථවී න සුඛං ආවහිස‍්සති. කාමාතුරස‍්ස හි සුඛං නාම නත්‍ථි, යො පන කිලෙසදරථරහිතං ඣානසුඛං ආහරිතුං සමත්‍ථො, සො රාජා සුඛී හොතීති. යො පනෙතාය ගාථාය “යස‍්සත්‍ථා නාලමෙකො”තිපි පාඨො, තස‍්සත්‍ථො න දිස‍්සති.

‘ඨිතං මං නාගමිස්සති’ යනු ‘යහලු ධංක රජතුමනි, මේ ගම් ආදී වූ යම්කිසි තැනෙක සිටියා වූ මා කරා, පඬුපැහැ ගැන්වීමක් හෝ, කෙට්ටු වීමක් හෝ මේ ආදී වූ ශෝකය මුල්කොට ගත් විපතක් නොපැමිණෙන්නේය න අර්ථයි. ‘එවං දිට්ඨ පදො’ යනු ‘යම් සේ එබඳු විපතක් නොපැමිණෙන්නේද? එලෙස මා විසින් ධ්‍යාන වඩන ලදි. ‘මෙය අටලෝ දම් වැඩීමකි’යි ද ඇතමෙක් කියති’ යන අර්ථයි. පෙළෙහි ‘නමත්තං නාගමිස්සති’ යනුවෙන් ගාථා පාදයක් දක්නට ඇතත් අට්ඨකථාවල එබන්දක් නැත. අවසන් ගාථාවෙහි කැමැති වන ලද, පතන ලද, ධ්‍යාන සුඛ සංඛ්‍යාත සියලු කාමරස ලබාදේ යන අර්ථයෙන් ‘සබ්බකාම රසාගරො’ යන්න යොදා ඇත. ඉන් කියන ලද්දේ මෙයයි. එනම් යම් රජකුට අන් යහලුවන් හැර තමාගේ හුදු ආත්මය, සියලු කැමැති රස ලබාදීමට ප්‍රමාණවත් නොවේද? ධ්‍යාන සුඛ සංඛ්‍යාත සියලු කාම රස ලබාදීමට අසමත්ද? ඒ රජුට මුලු පොළොවම ලැබුණත් සැපත ළං නොවේ. කාමයෙන් ආතුර වූ පුද්ගලයාට සැපයක් නම් නැත. යමෙක් වනාහී කෙලෙස් දැවිල්ලෙන් තොර ධ්‍යාන සුවය උපදවා ගැනීමට සමත් වේද? ඒ රජ, සැප ඇත්තෙක් වේ’ යන අර්ථයි. මේ ගාථාවේ ‘යස්සත්‍ථා නාලමෙකොති’ යනුවෙන් ද පාඨයක් ඇතත්, ඊට අර්ථයක් ඇති බවක් නො පෙනේ.

ඉති ධඞ‍්කො ඉමා චතස‍්සො ගාථා සුත්‍වා බොධිසත‍්තං ඛමාපෙත්‍වා රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා පක‍්කාමි. බොධිසත‍්තොපි රජ‍්ජං අමච‍්චානං පටිනිය්‍යාදෙත්‍වා හිමවන‍්තපදෙසං ගන‍්ත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසතුන්ගේ මේ අදහසක් අසා සිටි ධංක රජතුමා, බෝසතුන් සමා කරවාගෙන, රාජ්‍යය නැවත ඔහුටම පවරා දී, සිය රට බලා ගියේය. බෝසත් රජතුමා ද සිය රජය ඇමතිවරුන්ට පාවා දී, හිමාලයට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්‍යානයෙන් නො පිරිහී ජීවත්ව සිට, කෙළවර මැරී බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ධඞ‍්කරාජා ආනන්‍දො අහොසි, ඝටරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. තවද එදා ධංක රජතුමා නම්, ආනන්ද තෙරුන් වහන්සේය. ඝත රජතුමා වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ඝටජාතකවණ‍්ණනා පඤ‍්චමා.