5. ඝතජාතකං
736. අඤ්ඤෙ සොචන්ති රොදන්ති අඤ්ඤෙ අස්සුමුඛා ජනා, පසන්නමුඛවණ්ණොසි කස්මා ඝත න සොචසි.
736. ඝත රජතුමනි, සෙස්සෝ ශෝක කරති, හඬති. සෙසු ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තෝ ය. (තෙපි) පහන්මුහුණ ඇත්තහු ය. කවර හෙයින් ශෝක නො කරන්නහු ද?
737. නාබ්හතීතහරො සොකො නානාගතසුඛාවභො, තස්මා ධංක න සොචාමි නත්ථි සොකො දුතීයතා.
737. ධංකය, ශෝකය ගිය දෙය යළි නොගෙනේ නො පැමිණි සැපය ගෙනෙන්නේ නො වේ. එහෙයින් ශෝක නො කරමි. ශෝකයට සහාය නො වෙමි.
738. සොචං පණ්ඩු කිසො හොති භත්තඤ්චස්ස න රුච්චති, අමිත්තා සුමනා හොන්ති සල්ලවිද්ධස්ස න රුප්පතො.
738. ශෝක කරන්නා පඬු පැහැය ඇත්තේ වේ, කෘශ වේ. ඔහුට ආහාරය ප්‍රිය නො වේ. ශෝක නැමැති හුලෙන් විදින ලදුව පෙළෙන කල්හි ඔහුගේ සතුරෝ ප්‍රීත වෙති.
739. ගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, ඨිතං මං නාගමිස්සති එවං දිට්ඨපදො අහං
739. ගමෙහි හෝ ඉදින් වනයේ හෝ වළ තන්හි හෝ ගොඩ තන්හි හෝ සිටින මා වෙත විපත් නො එන්නේ ය. මම ධ්‍යාන දක්නා ලද්දෙම් වෙමි. නැතහොත් අටලෝදහම දන්නා ලද්දෙම් වෙමි.
740. යස්සත්තා නාලමෙකොව සබ්බකාමරසාරහො, සබ්බාපි යඨවී තස්ස න සුඛං ආවහිස්සතීති.
740. යමක්හුගේ සියලු සම්පත් රස එළවන එක් මැ ආත්මය තෙම ධ්‍යාන රස එළවන්නට සමත් නො වේ. එහෙයින් මුළු පොළොව ද ඔහුට (කායික චෛතසික) සුඛය නො එළවන්නේ යි.
5. ඝතජාතකං.
5. ඝත ජාතක යි.
741. එකො අරඤ්ඤෙ ගිරිකන්දරායං පග්ගය්හ පග්ගය්හ සිලං පවෙච්ඡසි, පුනප්පුනං සන්තරමානරූපො කාරණ්ඩිය කො නු තව යිධත්ථො.
741. කාරණ්ඩිය, හුදෙකලාව වනයෙහි වසනුයෙහි යුහුසුලු ස්වභාවයක් ඇති ව නැවත නැවතත් කඳුරැළියෙහි ගල් දමන්නෙහි ය. මෙයින් තොපට කවර ප්‍රයෝජනයෙක් ද?
742. අහං හිමං සාගරසෙවිතන්තං සමං කරිස්සාමි යථාපි පාණිං, විකිරිය සානූනි ච පබ්බතානි ච තස්මා සිලං දරියා පක්ඛිපාමි.
742. මම සයුරෙන් වට වූ මේ මහපොළොව සියලු කඳු හා පර්වත විසුරුවා හැර අල්ල මෙන් සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.
743. නයිමං මහිං අරහති පාණිකප්පං. සමං මනුස්සො කරණායමෙකො, මඤ්ඤාමිමඤ්ඤෙව දරිං ජිගිංසං කාරණ්ඩිය හායසි ජිවලොකං.
743. කාරණ්ඩිය, එක් මිනිසෙක් මේ මහපොළොව අත්ල මෙන් සම කරන්නට නො හැකි වේ යයි සිතමි. තෙපි කඳුරැළිය පිරවීමට යත්න දරන්නහු මැ මේ සත්ත්වලෝකය හරනහු යයි (හෙවත් මරණයට පත්වන්නේ ය) සිතමි.
744. සචෙ අයං භූතධරං න සක්කො සමං මනුස්සො කරණායමෙකො, එවමෙව ත්වං බ්රහ්මෙ ඉමෙ මනුස්සෙ නානාදිට්ඨිකෙ නානයිස්සසි තෙ.
744. බ්‍රාහ්මණය, එක් මනුෂ්‍යයෙක් සතුන් ධරා සිටුනා මේ මහපොළොව සම කරන්නට සමත් නො වේ ද එපරිදි තෙපි ද නානාදෘෂ්ටික වූ මේ මනුෂ්‍යයන් සිල් ගන්නැ යි කියා ඔවා දී තොප වශයට නො පමුණුවන්නහු යි.
745. සඞ්ඛිත්තරූපෙන භවං මමත්ථං අක්ඛාසි කාරණ්ඩිය එවමෙතං යථා න සක්කා පඨවී සමායං කාතුං මනුස්සෙන තථා මනුස්සාති.
745. කාරණ්ඩිය, මිනිසකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නො හැකි ද, එසේ මැ සියලු මනුෂ්‍යයෝ ද හික්මවන්නට නො පිළිවන්හ යි භවත් මාගේ ශුභ සිද්ධිය සලකා ස්වල්ප වශයෙන් මට යමක් කීයේ ද එය එසේ ම ය.
6. කාරණ්ඩියජාතකං.
6. කාරණ්ඩිය ජාතක යි.
746. වන්දාමි තං කුඤ්ජර සට්ඨිහායනං ආරඤ්ඤකං යූථපතිං යසස්සිං, පක්ඛෙහි තං පඤ්ජලිකං කරොමි මා මෙ වධී පුත්තකෙ දුබ්බලාය.
746. හැට අවුරුද්දෙන් බැස යන මද ඇති ඇත් රජුනි, තොප වඳිමි. අරණ්‍යයෙහි ජාතය, යූථපතිය, පිරිවර ඇතියව මාගේ පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
747. වන්දාමි තං කුඤ්ජර එකචාරිං ආරඤ්ඤකං පබ්බතසානුගොචරං, පක්ඛෙහි තං පඤ්ජලිකං කරොමි මා මෙ වධී පුත්තකෙ දුබ්බලායං.
747. හස්තිරාජයා, තොප වඳිමි. එකලා වැ හැසිරෙනුව ආරණ්‍යකය, පර්වත හා කඳු සමීපයන්හි ආහාර සොයනුව, පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
748. වධිස්සාමි තෙ ලටුකිකෙ පුත්තකානි කිං මෙ තුවං කාහසි දුබ්බලාසි, සතං සහස්සානිපි තාදිසීනං වාමෙන පාදෙන පපොථයෙය්ය.
748. කැටකිරිල්ල තීගේ දරුවන් මරන්නෙමි. දුබල වූ තෝ මට කුමක් කරන්නෙහි ද? තී බඳු ලක්ෂයක් වුව ද වම් පයින් (පාගා) සුණුවිසුණු කරන්නෙමි.
749. නහෙව සබ්බත්ථ බලෙන කිච්චං බලං හි බාලස්ස වධාය හොති, කරිස්සාමි තෙ නාගරාජා අනත්ථං යො මෙ වධී පුත්තකෙ දුබ්බලාය.
749. හස්තිරාජයා, හැම තන්හි කාය ශක්තියෙන් ප්‍රයෝජන නැත. අනුවණයාගේ බලය (පර) හිංසාව පිණිස වෙයි. යමෙක් දුබල මාගේ දරුවන් මැරී ද ඒ තොපට විපතක් කරන්නෙමි.
750. කාකඤ්ච පස්ස ලටුකිකං මණ්ඩූකං නීලමක්ඛිකං, එතෙ නාගං අඝාතෙසුං පස්ස වෙරස්ස වෙරිනං. තස්මා වෙරං න කයිරාථ අප්පියෙන ච කෙනචි’ති.
750. කවුඩා කැටකිරිල්ල මැඩියා හා නිලමැස්සා බලව, මොව්හු හස්ති නාගයා මැරූහ. වෛර ඇතියන්ගේ වෛරයේ තරම බලව. එහෙයින්, කිසි කෙනකුන් කෙරෙහි වෛර නො කරව.
7. ලටුකිකජාතකං.
7. ලටුකික ජාතක යි.
751. අහමෙව දූසියා භූනහතා රඤ්ඤො මහාපතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං හත්ථෙ මෙ දෙව ඡෙදෙහි.
751. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්මපාල කුමරුවා මුදවා මාගේ අත් කපන්නේ මැනැවි.
752. අහමෙව දූසියා භූනහතා රඤ්ඤො මහාපතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං පාදෙ මෙ දෙව ඡෙදෙහි.
752. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්මපාල කුමරුවා මුදාවා! මාගේ පා කපව.
753. අහමෙව දූසියා භූනහතා රඤ්ඤො මහාපතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං සීසං මෙ දෙව ඡෙදෙහි.
753. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නසන ලද වැඩ ඇතියෙම් මම් ම ය. මේ ධර්මපාල කුමරුවා මුදාවා! මාගේ හිස සිඳුව.
754. නහනූනිමස්ස රඤ්ඤො මිත්තාමච්චා ච විජ්ජරෙ සුහදා, යෙ න වදන්ති රාජානං මා ඝාතයි ඔරසං පුත්තං.
754. ඖරස පුත්‍රයා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද, (එහෙයින්) මේ රජුට මිතුරෝ ද නෑයෝ ද හිතවත්තු ද ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
755. නහනූනිමස්ස රඤ්ඤො මිත්තා ඤාතී ච විජ්ජරෙ සුහදා, යෙ න වදන්ති රාජානං මා ඝාතයි අත්රජං පුත්තං.
755. පුතා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද (එහෙයින්) මේ රජුට මිතුරෝ නෑයෝ හිතවත්තු ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
756. චන්දනරසානුලිත්තා බාහා ඡිජ්ජන්ති ධම්මපාලස්ස, දායාදස්ස පථව්‍යා පාණා මෙ දෙව රුජ්ඣන්තීති.
756. පොළොවට හිමිකරු වූ ධර්මපාල කුමාරයාගේ සඳුන් කල්ක ගල්වන ලද දෑත කපති. දේවයන් වහන්ස, මාගේ පණ නිරුද්ධ වේ.
8. චුල්ලධම්මපාලජාතකං
8. චුල්ලධම්මපාල ජාතක යි.
757. වික්කම රෙ මහාමිග වික්කම රෙ හරීපද, ඡින්ද වාරත්තිකං පාසං නාහං එකා වනෙ රමෙ.
757. එම්බා මෘගය, මහාමෘගය, වෑයම් කරව. රන්වන් පා ඇති මෘගය වෑයම් කරව, වරපටීන් තැනූ පුඬුව සිඳින්න. එකලා වැ වනයෙහි (වාසයට) මම නො ඇලෙමි.
758. වික්කමාමි න පාරෙමි භූමිං සුම්භාමි වෙගසා, දළ්හො වාරත්තිකො පාසො පාදං මෙ පරිකන්තති.
758. උත්සාහ ගනිමි. පුඬුව සිඳලන්නට නො හැක්කෙමි. වේගයෙන් පොළොවට පහර දෙමි, තද වරපටින් කළ පුඬුව මගේ පා කපයි.
759. අත්ථරස්සු පලාසානි අසිං නිබ්බාහ ලුද්දක, පඨමං මං හනිත්වාන හන පච්ඡා මහාමිගං.
759. වැද්දාණෙනි, මස් තැබීමට කොළ අතුරව. කඩුව කොපුවෙන් ඉවත ගනුව. පළමුව මා මරා පසුව මහාමෘගයා මරව.
760. න මෙ සුතං වා දිට්ඨං වා භාසන්තිං මානුසිං මිගිං, ත්වඤ්ච භද්දෙ සුඛී හොහි එසො චාපි මහාමිගො.
760. මනුෂ්‍ය භාෂාවෙන් කියන (කථාකරන) මුවදෙනක (පිළිබඳ) මා අසා නැත. දකින ලද්දේ ද නැත. සොඳුර, තෝ සුවපත්ව, මහමුවා ද සුවපත් වේවා!
761. එවං ලුද්දක නන්දස්සු සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ නන්දාමි මුත්තං දිස්වා මහාමිගන්ති.
761. වැද්දාණෙනි, පුඬුවෙන් ගැළවුණ මහාමෘගයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, එසේ තෙපි ද තොපගේ නෑයන් සමග සතුටු වේවා!
9. සුවණ්ණමිගජාතකං.
9. සුවණ්ණමිග ජාතක යි.
762. වාති ගන්ධො තිමිරානං කුසමුද්දො ච ඝොසවා, දූරෙ ඉතො හි සුසන්ධි තම්බකාමා තුදන්ති මං
762. තම්බ රජතුමනි, මිදෙල්ලමල්හි සුවඳ හමයි. දිය සයුර ද හඬ නඟයි. සුසන්ධි බිසොව මෙයින් දූර දෙසෙක වසයි. කාම සිතුවිලි මගේ හදවත පෙළයි.
763. කථං සමුද්දමතරි කථං අද්දක්ඛි සෙරුමං, කථං තස්සා ච තුය්හඤ්ච අහු සග්ගසමාගමො.
763. සයුර කෙසේ තරණය කෙළේ ද සේරුම දූපත කෙසේ දුටුවේ ද සග්ගය, ඇගේ ද තාගේ ද සමාගමය හෙවත් එක්වීම කෙසේ වී ද.
764. භරුකච්ඡා පයාතානං වාණිජාන ධනෙසිනං, මකරෙහම්භිදා නාවා ඵලකෙනාහමප්ලවිං.
764. භරුකච්ඡ නැමැති තොටුපලින් පිටත්ව ධන සෙවීමට යන වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරුකඬෙකින් එතෙර ගියෙමි.
765. සා මං සණ්හෙන මුදුනා නිච්චං චන්දනගන්ධිනී, අඞ්කෙන උද්ධරී භද්දා මාතා පුත්තංව ඔරසං.
765. නිතර හමා යන සඳුන් සුවඳැති ඒ භද්‍රාවෝ මුදුමොළොක් බසින් කතා කොට ඖරස පුත්‍රයකු ගන්නා මවක මෙන් මා දෝතින් ගොඩට ගත්හ.
766. සාමං අන්නෙන පාණෙන වත්ථෙන සයනෙන ච, අත්තනාපි ච මද්දක්ඛි එවං තම්බි විජානහීති.
766. තම්බය, ඒ චිත්රලෝචනාවෝ මා ආහාරපානයෙන් ද වස්තුයෙන් හා සයනයෙන් ද පිනවූහ. එපමණක් නොව අභිරමණයෙන් ද මා පිනවූහ. එය මෙසේ දනු මැනැවි.
10. සුසන්ධිජාතකං.
10. සුසන්ධි ජාතක යි.
මණිකුණ්ඩලවග්ගො පඨමො.
පළමුවන මණිකුණ්ඩල වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අථජිනවරොහරිතං තිණකො අථභින්නපලවො උරගොවඝතො, දරියා පුන කුඤ්ජර භූනහතා මිගපුත්තමසග්ගවරෙන දස.
මණිකුණ්ඩල (ජිනවර) ජාතක යැ, සුජාත (හරිත) ජාතක යැ, ධොනසාක (හිනනපලව) ජාතක යැ, උරගජාතක යැ, ඝතජාතක යැ, කාරණ්ඩිය (දිරි) ජාතක යැ, ලටුකික (කුඤ්ජර) ජාතක යැ, චුල්ලධම්මපාල (භූනහත) ජාතක යැ, සුවණ්ණමිග (මිගපුත්ත) ජාතක යැ, සුසන්ධි (සග්ග) ජාතක යැ යි දසයෙක් වේ.