9. සුවණ‍්ණමිගජාතකවණ‍්ණනා 359 අට‍්ඨකථා
9. සුවණ‍්ණමිගජාතකවණ‍්ණනා (359)
9. සුවණ්ණමිග ජාතකය (359)
වික‍්කම රෙ හරිපාදාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාවත්‍ථියං එකං කුලධීතරං ආරබ‍්භ කථෙසි. සා කිර සාවත්‍ථියං ද‍්වින‍්නං අග‍්ගසාවකානං උපට‍්ඨාකකුලස‍්ස ධීතා සද‍්ධා පසන‍්නා බුද‍්ධමාමකා ධම‍්මමාමකා සඞ‍්ඝමාමකා ආචාරසම‍්පන‍්නා පණ‍්ඩිතා දානාදිපුඤ‍්ඤාභිරතා. තං අඤ‍්ඤං සාවත්‍ථියමෙව සමානජාතිකං මිච‍්ඡාදිට‍්ඨිකකුලං වාරෙසි. අථස‍්සා මාතාපිතරො “අම‍්හාකං ධීතා සද‍්ධා පසන‍්නා තීණි රතනානි මමායති දානාදිපුඤ‍්ඤාභිරතා, තුම‍්හෙ මිච‍්ඡාදිට‍්ඨිකා ඉමිස‍්සාපි යථාරුචියා දානං වා දාතුං ධම‍්මං වා සොතුං විහාරං වා ගන‍්තුං සීලං වා රක‍්ඛිතුං උපොසථකම‍්මං වා කාතුං න දස‍්සථ, න මයං තුම‍්හාකං දෙම, අත‍්තනා සදිසං මිච‍්ඡාදිට‍්ඨිකකුලාව කුමාරිකං ගණ‍්හථා”ති ආහංසු. තෙ තෙහි පටික‍්ඛිත‍්තා “තුම‍්හාකං ධීතා අම‍්හාකං ඝරං ගන‍්ත්‍වා යථාධිප‍්පායෙන සබ‍්බමෙතං කරොතු, මයං න වාරෙස‍්සාම, දෙථ නො එත”න‍්ති වත්‍වා “තෙන හි ගණ‍්හථා”ති වුත‍්තා භද‍්දකෙන නක‍්ඛත‍්තෙන මඞ‍්ගලං කත්‍වා තං අත‍්තනො ඝරං නයිංසු. සා වත‍්තාචාරසම‍්පන‍්නා පතිදෙවතා අහොසි, සස‍්සුසසුරසාමිකවත‍්තානි කතානෙව හොන‍්ති.
‘වික්කම රෙ මහමිගා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, සැවැත් නුවර විසූ එක් කුල දුවක් අරබයා වදාළ සේක. සැවැත්නුවර අගසව් දෙනමට උපස්ථාන කරන සැදැහැති පවුලක උපන් ඉහත කී කුලදුව සැදැහැයෙන්ද, පැහැදීමෙන්ද, බුදු බැතියෙන්ද, තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්ද, හැදියාවෙන්ද, බුද්ධිමත් බවින්ද, යුක්තව විසුවාය. දානාදී පින්කම්වල නිරත වූ ඇයට, සැවැත්නුවරම විසූ, එක ම කුලයට අයත්, එහෙත් අන්‍යාගමික පවුලකින් විවාහ යෝජනාවක් ලැබුණි. ඉන්පසු ඇයගේ දෙමව්පියෝ විවාහ යෝජනාව ගෙනා පවුලේ උදවියට ‘හිතවතුනි, අපේ දුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්ය. දානාදි පින්කම්හි, නිතර ඇලී කටයුතු කරයි. ඔබ හැම වෙනත් ආගමකට අයත්ය. එබැවින් අපේ පවුල් දෙක මෙවැනි සම්බන්ධයකට නොගැලපේ. මේ විවාහය සිදුවුවහොත් ඇයට හිතේ හැටියට දන් දෙන්නට හෝ, බණ අසන්නට හෝ, පන්සල් යන්නට හෝ, සිල් ගන්නට හෝ, පොහෝ කටයුතු සිදුකරන්නට හෝ, ඉඩකඩ නො ලැබෙනු ඇත. එබැවින් මේ මඟලට අපි අකැමති වෙමු. වෙනත් ගැලපෙන තැනකින් විවාහ කටයුතු කරගනු මැනවි’යි කීහ. මේ කථාව අසා සිටි විවාහ යෝජනාව ගෙනා පිරිස, ඊට එකඟ නොවී ‘හිතවතුනි, අපට මේ කුමාරිකාව දුන මැනව. ඇයගේ ආගමික නිදහසට අපි කිසිසේත් බාධා නොකරමු. ඇයට රිසි සේ කටයුතු කරන්නට ඉඩ පහසුකම් සලසන්නෙමු. එබැවින් අපට ඔබගේ දියණිය පාවා දෙනු මැනවැ’යි කීහ. මේ ඉල්ලීම ගැන බොහෝදුරට සිතාබැලූ කුමාරියගේ දෙමාපියෝ, යෝජනාවට එකඟ වූහ. ඉන්පසු මනාලයාගේ පාර්ශවයේ උදවිය සුදුසු සුභ නැකැත් යෝගයක් බලා, මඟුල් උත්සවය සිදුකොට, මනාලිය සිය ගමට පෙරහැරකින් කැටුව ගියහ. කුලගෙට පිවිසි මේ කුලකුමරිය වත්පිළිවෙත් සරුව, නැන්දා-මාමා දෙපලට කීකරුව, සිය සැමියා දෙවියකු මෙන් සලකා කටයුතු කළාය.
සා එකදිවසං සාමිකං ආහ – “ඉච‍්ඡාමහං, අය්‍යපුත‍්ත, අම‍්හාකං කුලූපකත්‍ථෙරානං දානං දාතු”න‍්ති. සාධු, භද‍්දෙ, යථාජ‍්ඣාසයෙන දානං දෙහීති. සා ථෙරෙ නිමන‍්තාපෙත්‍වා මහන‍්තං සක‍්කාරං කත්‍වා පණීතභොජනං භොජෙත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා “භන‍්තෙ, ඉමං කුලං මිච‍්ඡාදිට‍්ඨිකං අස‍්සද‍්ධං තිණ‍්ණං රතනානං ගුණං න ජානාති, සාධු, අය්‍යා, යාව ඉමං කුලං තිණ‍්ණං රතනානං ගුණං ජානාති, තාව ඉධෙව භික‍්ඛං ගණ‍්හථා”ති ආහ. ථෙරා අධිවාසෙත්‍වා තත්‍ථ නිබද‍්ධං භුඤ‍්ජන‍්ති. පුන සාමිකං ආහ “අය්‍යපුත‍්ත, ථෙරා ඉධ නිබද‍්ධං ආගච‍්ඡන‍්ති, කිංකාරණා තුම‍්හෙ න පස‍්සථා”ති. “සාධු, පස‍්සිස‍්සාමී”ති. සා පුනදිවසෙ ථෙරානං භත‍්තකිච‍්චපරියොසානෙ තස‍්ස ආරොචෙසි . සො උපසඞ‍්කමිත්‍වා ථෙරෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං නිසීදි. අථස‍්ස ධම‍්මසෙනාපති ධම‍්මකථං කථෙසි. සො ථෙරස‍්ස ධම‍්මකථාය ච ඉරියාපථෙසු ච පසීදිත්‍වා තතො පට‍්ඨාය ථෙරානං ආසනං පඤ‍්ඤපෙති, පානීයං පරිස‍්සාවෙති, අන‍්තරාභත‍්තෙ ධම‍්මකථං සුණාති, තස‍්ස අපරභාගෙ මිච‍්ඡාදිට‍්ඨි භිජ‍්ජි.
දිනෙක සිය සැමියා ඇමතූ ඇය ‘ස්වාමිපුත්‍රය, දන්නා හඳුනන හිමිවරුන්ට අපි දානයක් දෙමුදැ’යි ඇසුවාය. එවිට සැමියා ‘මැනව සොඳුර, ඔබ කැමති හැටියකට දන්දුන මැනවැ’යි සිය බිරිඳ දිරිමත් කෙළේය. අනතුරුව භික්‍ෂූන් වහන්සේට ආරාධනා කළ ඇය, ප්‍රණීත භෝජන සකස්කොට උන්වහන්සේ මැදුරට වඩමවා, සකසා දුන් පිළිගන්වා සැදැහැයෙන් වළඳවා දානයෙන් පසු, එකත්පසෙක හිඳගෙන, භික්‍ෂූන් අමතා ‘ස්වාමීනි, මේ පවුලේ උධවිය අන්‍යාගමිකය. සැදැහැයෙන් තොරය. තෙරුවන් ගුණ නො දනිති. එබැවින් මොවුන් තෙරුවන් ගුණ අවබෝධ කරගන්නා තෙක්, ඔබවහන්සේ මෙහිම දානයට වඩිනු මැනවැ’යි ආරාධනා කළාය. ආරාධනාව පිළිගත් භික්‍ෂූහු, දිනපතා එහිම දන් වැළඳූහ. දිනක් කුමාරිකාව සිය සැමියාට ‘ස්වාමි පුත්‍රය, හිමිවරු මෙහි නිතර දානයට වඩිති. එය බලන්නටවත් ඔබතුමා නො පැමිණෙන්නේ මන්දැ’යි ඇසුවාය. ‘මැනවි සොඳුර, මම හෙට නොවරදවා පැමිණෙන්නෙමි’යි සැමියා පිළිතුරු දුන්නේය. පසුදා තෙරවරුන්ට දන් පිළිගැන්වූ කුමාරිය, භික්‍ෂූන් දන් වළඳා අවසන් වනවාත් සමගම සිය සැමියාට එතැනට පැමිණෙන ලෙස, දැනුම් දුන්නාය. තෙරවරුන් වෙත පැමිණි ඔහු, උන්වහන්සේ සමග පිළිසඳර කථාකොට, එකත්පස්ව හිඳ ගත්තේය. ඉක්බිති දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ, අනුමෝදනා බණ වදාළහ. බණ ඇසූ ඔහු තෙරුන්ගේ බණට ද, උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම්වලටද පැහැදී, එතැන් පටන් දිනපතා භික්‍ෂූන්ට අසුන් පනවයි. පැන් පෙරා දෙයි. දානෙන් පසු අනුමෝදනා බණ ද අසයි. මෙසේ ටික කලෙක දී ම ඔහුගේ මිසදිටු බව පහව ගියේය.
අථෙකදිවසං ථෙරො ද‍්වින‍්නම‍්පි ධම‍්මකථං කථෙන‍්තො සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උභොපි ජයම‍්පතිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. තතො පට‍්ඨාය තස‍්ස මාතාපිතරො ආදිං කත්‍වා අන‍්තමසො දාසකම‍්මකරාපි සබ‍්බෙ මිච‍්ඡාදිට‍්ඨිං භින්‍දිත්‍වා බුද‍්ධධම‍්මසඞ‍්ඝමාමකායෙව ජාතා. අථෙකදිවසං දාරිකා සාමිකං ආහ – “අය්‍යපුත‍්ත, කිං මෙ ඝරාවාසෙන, ඉච‍්ඡාමහං පබ‍්බජිතු”න‍්ති. සො “සාධු භද‍්දෙ, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති මහන‍්තෙන පරිවාරෙන තං භික‍්ඛුනුපස‍්සයං නෙත්‍වා පබ‍්බාජෙත්‍වා සයම‍්පි සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. තං සත්‍ථා පබ‍්බාජෙසි. උභොපි විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා න චිරස‍්සෙව අරහත‍්තං පාපුණිංසු. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකා නාම දහරභික‍්ඛුනී අත‍්තනො චෙව පච‍්චයා ජාතා සාමිකස‍්ස ච, අත‍්තනාපි පබ‍්බජිත්‍වා අරහත‍්තං පත්‍වා තම‍්පි පාපෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව තාව එසා සාමිකං රාගපාසා මොචෙසි, පුබ‍්බෙපෙසා පොරාණකපණ‍්ඩිතෙ පන මරණපාසා මොචෙසී”ති වත්‍වා අතීතං ආහරි.
පසුදිනක අනුමෝදනා බණ දෙසන සැරියුත් තෙරණුවෝ අඹු-සැමි දෙදෙනාට චතුරාර්ය සත්‍යය මාතෘකා කොටගෙන දම් දෙසූහ. දේශනාව අවසානයේදී දෙදෙනාම සෝවාන් ඵලයට පත්වූහ. එතැන් පටන් නිවසේ මව්පියන් ඇතුළුකොට, යටත් පිරිසෙයින් දැසි-දස්-කම්කරුවන් දක්වා සියලු දෙනාම, මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී තෙරුවන් කෙරෙහි මාමකත්වයෙන් යුතුව, ඉමහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට පටන් ගත්හ. දිනක් කුමරිය සැමියා අමතා ‘ස්වාමි පුත්‍රය, මේ ගිහිගෙයි වාසය මම අප්‍රිය කරමි. එබැවින් පැවිදි වීමට කැමැත්තෙමි’යි කීවාය. ‘සොඳුර, ඉතා මැනවි, මම ද පැවිදිවීමට ඉතා කැමැත්තෙන් සිටිමි’යි සැමියා සිය බිරිඳට උත්තර දුන්නේය. පසුදිනෙක ඔහු සිය බිරිඳ මහත් වූ පිරිවරින් කැඳවා ගෙනගොස්, මෙහෙණවරකට පමුණුවා පැවිදි කරවා, තෙමේ ද බුදුරදුන් වෙත ගොස්, උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ ඔහු පැවිදි කරවා, උපසම්පදාවද ලබාදුන් සේක. දෙපලක සිටි ස්වාමි-භාර්යා දෙදෙනා ම, විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් බවට පත්වූහ. දිනක් දම්සභාවට රැස්වූ භික්‍ෂූහු, ඉහත කී රහත් දෙනම ගැන කථා කරමින් ‘ඇවැත්නි, අසවල් තරුණ භික්‍ෂුණිය තමා ද පැවිදි වී, සැමියාට ද පැවිද්ද ලබාගන්නට සලස්වා, තමාද රහත් බවට පත්වී, සිය සැමියාට ද රහත්වීමට උදව් කළායැ’යි ප්‍රකාශ කළහ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කළ කරුණු ගැන භික්‍ෂූන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ඒ ළදරු භික්‍ෂුණිය, මේ භවයේ දී සිය සැමියා කෙලෙසුන්ගෙන් මුදා ගත්තාය. පෙර ඇය ඇයගේ සැමියා මරණයෙන් මුදා ගත්තා යැ’යි වදාරා, මේ අතීත කථා ප්‍රවෘත්තිය දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මිගයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො අභිරූපො අහොසි පාසාදිකො දස‍්සනීයො සුවණ‍්ණවණ‍්ණො ලාඛාරසපරිකම‍්මකතෙහි විය හත්‍ථපාදෙහි රජතදාමසදිසෙහි විසාණෙහි මණිගුළිකපටිභාගෙහි අක‍්ඛීහි රත‍්තකම‍්බලගෙණ‍්ඩුසදිසෙන මුඛෙන සමන‍්නාගතො. භරියාපිස‍්ස තරුණමිගී අභිරූපා අහොසි දස‍්සනීයා. තෙ සමග‍්ගවාසං වසිංසු, අසීතිසහස‍්සචිත්‍රමිගා බොධිසත‍්තං උපට‍්ඨහිංසු. තදා ලුද‍්දකා මිගවීථීසු පාසෙ ඔඩ‍්ඩෙසුං. අථෙකදිවසං බොධිසත‍්තො මිගානං පුරතො ගච‍්ඡන‍්තො පාදෙ පාසෙන බජ‍්ඣිත්‍වා “ඡින්‍දිස‍්සාමි න”න‍්ති ආකඩ‍්ඪි, චම‍්මං ඡිජ‍්ජි, පුන ආකඩ‍්ඪන‍්තස‍්ස මංසං ඡිජ‍්ජි, පුන න‍්හාරු ඡිජ‍්ජි, පාසො අට‍්ඨිමාහච‍්ච අට‍්ඨාසි. සො පාසං ඡින්‍දිතුං අසක‍්කොන‍්තො මරණභයතජ‍්ජිතො බද‍්ධරවං රවි. තං සුත්‍වා භීතො මිගගණො පලායි. භරියා පනස‍්ස පලායිත්‍වා මිගානං අන‍්තරෙ ඔලොකෙන‍්තී තං අදිස‍්වා “ඉදං භයං මය‍්හං පියසාමිකස‍්ස උප‍්පන‍්නං භවිස‍්සතී”ති වෙගෙන තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අස‍්සුමුඛී රොදමානා “සාමි , ත්‍වං මහබ‍්බලො, කිං එතං පාසං සන්‍ධාරෙතුං න සක‍්ඛිස‍්සසි, වෙගං ජනෙත්‍වා ඡින්‍දාහි න”න‍්ති තස‍්ස උස‍්සාහං ජනෙන‍්තී පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ මුව ජාතියෙහි ඉපිද තරුණවියට එළඹ ඉතා දැකුම්කලු, දුටුවන් පැහැදෙන රූප විලාසයකින් යුක්ත මුවෙක් විය. රන්වන් සිරුරක් ඇති, මේ මුවාගේ කකුල් ලාකඩ පිරියම් කළාක් වැනිය. රිදී පැහැති අංතට්ටුවක් ඇති, මේ මුවාගේ ඇස් මැණික්ගල් යුවලක් වැනි විය. රතු පැහැති සේද රෙද්දෙන් තැනූ රෙදි ගුළියක් වැනි මුවක් ඌට තිබුණි. උගේ බිරිඳ වන මුව දෙන ද ඉතා තරුණය. සුරූපී ය. දුටුවන් පහදවන සුලුය. මේ දෙදෙනා ඉතා සමගියෙන් එක්ව විසූහ. අසූ දහසක් පමණ වූ, විසිතුරු මුවෝ රංචුවක් මේ දෙදෙනා පිරිවරකොට ගත්හ. මෙකල ද වැද්දෝ මුව දඩයමෙහි යෙදී සිටියහ. මළපුඩු ද යෙදූහ. එක්දිනක් බෝසත් මුවා, සෙසු මුවන් පිරිවරා ඉදිරියෙන් ගමන් කරන විටකදී, උගේ එක් කකුලක් මළපුඩුවකට හසුවිය. මළපුඩුව කඩා දමන්නට සිතූ මුවා තදින් සිය කකුල ඉවතට ඇද්දේය. එයින් කකුලේ සම ඉරී තුවාල විය. මෙසේ නැවත නැවත ඇදීම නිසා, සම ද මස ද නහර ද කැපී ගොස්, කකුලේ ඇටකටුව දක්වා මළපුඩුව හිර විය. කොපමණ උත්සාහ දැරුවත්, මළපුඩුව කඩාගත නොහැකි වූ තැන මුවා මහහඬින් හැඬීය. ඒ හඬින් බියට පත් මුවෝ වහා එතැනින් පලා ගියහ. මුවන් අතර සිටි මුවදෙන, සිය සැමියා වන මුවරජාට වූ විපත ගැන කිසිවක් නොදැන, දිවයන මුව රංචුවට එකතු වූවාය. මඳ දුරක් දිවගිය ඇය මුව රංචුව තුළ සිය සැමියා නො දැක, ආපසු හැරුණාය. ‘එකත් එකටම විලාප හඬ නගන ලද්දේ මුව රජු විසින් යැ’යි සැක කළ ඇය ඉතා වේගයෙන් සැමියා සොයමින් දිව අවුත්, උගුලට හසු වූ මුවරජු සමීපයට පැමිණියාය. කඳුළු වැගිරෙන ඇස් ඇති ඇය, විලාප හඬ නගමින් ‘ස්වාමීනි, ඔබ මහත් බලසම්පන්න මුව රජෙකි. කුමක් නිසා මේ මළපුඩුව සිඳ දමන්නට නොහැක්කෙහිද? එබැවින් වෙර යොදා එය සිඳිනු මැනවැ’යි, මුව රජුට උත්සාහ ඇති කරවමින්, මේ ගාථාව ප්‍රකාශ කළාය.
“වික‍්කම රෙ හරිපාද, වික‍්කම රෙ මහාමිග; ඡින්‍ද වාරත‍්තිකං පාසං, නාහං එකා වනෙ රමෙ”ති.
වික්කම රෙ මහාමිග වික්කම රෙ හරීපද, ඡින්‍ද ද්වාරත්තිකං පාසං නාහං එකො වනෙ රමෙති
පින්වත් මහා මුවාණෙනි, වීර්ය කරනු මැනව. රන්වන් පා ඇති පින්වතාණෙනි, වීර්යය කරනු මැව. වරමන්ද සිඳිනු මැනව. මට තනිව වනයේ ජීවත්විය නොහැකිය.
තත්‍ථ වික‍්කමාති පරක‍්කම, ආකඩ‍්ඪාති අත්‍ථො. රෙති ආමන‍්තනෙ නිපාතො. හරිපාදාති සුවණ‍්ණපාද. සකලසරීරම‍්පි තස‍්ස සුවණ‍්ණවණ‍්ණං, අයං පන ගාරවෙනෙවමාහ. නාහං එකාති අහං තයා විනා එකිකා වනෙ න රමිස‍්සාමි, තිණොදකං පන අග‍්ගහෙත්‍වා සුස‍්සිත්‍වා මරිස‍්සාමීති දස‍්සෙති.
මෙහි ‘වික්කම’ යනු ‘වීර්යය කරනු මැනව, තදින් අදිනු මැනව’, යන අර්ථයි. ‘රෙ’ යනු ආමන්ත්‍රණයෙහි නිපාතයකි. ‘හරීපදා’ යනු ‘රන්වන් පා ඇත්තාණෙනි, උගේ මුළු සිරුරම රන්වන්ය. මේ තද ඇල්ම නිසා කියන ලද්දකි. ‘නාහං එකා’ යනු ‘මම ඔබෙන් තොරව තනිවම වනයේ නොවසන්නෙමි. තණකොළ නො කා වතුර නො බී වියැලීමට පත්ව මිය යන්නෙමි’යි දක්වයි.
තං සුත්‍වා මිගො දුතියං ගාථමාහ –
මුවැත්තියගේ මේ ඉල්ලීම අසා සිටි මුවා, මෙසේ කීවේය.
“වික‍්කමාමි න පාරෙමි, භූමිං සුම‍්භාමි වෙගසා; දළ‍්හො වාරත‍්තිකො පාසො, පාදං මෙ පරිකන‍්තතී”ති.
2. මම උත්සාහ කරමි. නමුත් නොහැක්කෙමි. වේගයෙන් බිමට ගසමි. වරමන්ද ශක්තිමත්ය. මාගේ පාදය තුවාල වී ඇත.
තත්‍ථ වික‍්කමාමීති භද‍්දෙ, අහං වීරියං කරොමි. න පාරෙමීති පාසං ඡින්‍දිතුං පන න සක‍්කොමීති අත්‍ථො. භූමිං සුම‍්භාමීති අපි නාම ඡිජ‍්ජෙය්‍යාති පාදෙනාපි භූමිං පහරාමි. වෙගසාති වෙගෙන. පරිකන‍්තතීති චම‍්මාදීනි ඡින්‍දන‍්තො සමන‍්තා කන‍්තතීති.
මෙහි ‘වික්කමාමී’ යනු ‘සොඳුර, මම වීර්යය කරමි’ යන අර්ථයි. ‘න පාරෙමි’ යනු ‘මන්ද කැඩීමට නොහැකි වෙමි’, යන අර්ථයි. ‘භූමිං සුම්භාමි’ යනු ‘මන්ද කැඩේ’ යැයි සිතා බිමට පහර දෙමි’ යන අර්ථයි. ‘වෙගසා’ යනු ‘වේගයෙන්’ යන අර්ථයි. ‘පරිකන්තති’ යනු ‘සම ආදිය සිඳීමෙන් ඒ අවට ද තුවාල වේ යන අර්ථයි.
අථ නං මිගී “මා භායි, සාමි, අහං අත‍්තනො බලෙන ලුද‍්දකං යාචිත්‍වා තව ජීවිතං ආහරිස‍්සාමි. සචෙ යාචනාය න සක‍්ඛිස‍්සාමි, මම ජීවිතම‍්පි දත්‍වා තව ජීවිතං ආහරිස‍්සාමී”ති මහාසත‍්තං අස‍්සාසෙත්‍වා ලොහිතලිත‍්තං බොධිසත‍්තං පරිග‍්ගහෙත්‍වා අට‍්ඨාසි. ලුද‍්දකොපි අසිඤ‍්ච සත‍්තිඤ‍්ච ගහෙත්‍වා කප‍්පුට‍්ඨානග‍්ගි විය ආගච‍්ඡති. සා තං දිස‍්වා “සාමි, ලුද‍්දකො ආගච‍්ඡති, අහං අත‍්තනො බලං කරිස‍්සාමි, ත්‍වං මා භායී”ති මිගං අස‍්සාසෙත්‍වා ලුද‍්දකස‍්ස පටිපථං ගන‍්ත්‍වා පටික‍්කමිත්‍වා එකමන‍්තං ඨිතා තං වන්‍දිත්‍වා “සාමි, මම සාමිකො සුවණ‍්ණවණ‍්ණො සීලාචාරසම‍්පන‍්නො, අසීතිසහස‍්සානං මිගානං රාජා”ති බොධිසත‍්තස‍්ස ගුණං කථෙත්‍වා මිගරාජෙ ඨිතෙයෙව අත‍්තනො වධං යාචන‍්තී තතියං ගාථමාහ –
ඉක්බිති මුවැත්තිය මුවාට කථාකොට ‘ස්වාමීනි, මම මාගේ මුළු ශක්තියෙන් ම උත්සාහ ගෙන වැද්දාට යාඥා කොට ඔබට ජීවිත දානය ලබා දෙන්නෙමි. යම් විදියකින් එය කළ නොහැකි වුවහොත්, මාගේ ජීවිතය පූජාකොට ඔබේ ජීවිතය රැක දෙන්නෙමි’යි, බෝසතුන් අස්වසා ලෙයින් තෙත් වූ, සිය සැමියාගේ සිරුර වැළඳගෙන සිටියාය. මේ අතර වැද්දා කඩුවක් ද, උල් ආයුධයක් ද අත්හි දරාගෙන කල්පාවසානයෙහි හටගත් ගින්නක විලාසයෙන් පැමිණෙමින් සිටියේය. ඒ දුටු මුවදෙන සැමියා අමතා ‘ස්වාමීනි, වැද්දා පැමිණෙයි. ඔබතුමා බිය නොවනු මැනව. මම මාගේ බලය පෙන්වන්නෙමි’යි මුවා අස්වසා, වහා වැද්දාගේ ඉදිරියට ගොස්, මඳක් පසෙකට වී එකත්පස්ව හිඳ, වැද්දාට නමස්කාර කොට, ‘ස්වාමීනි, මේ රන්වන් වූ ශීලාචාර මුවරාජයා වූ කලී මාගේ සැමියාය. ඔහු අසූදහසක් මුවන්ගේ රජතුමා යැ’යි කියමින් මුව රජුගේ ගුණ කථනය කොට, කරුණා පෙරදැරිව මුව රජුට අභය දානය දී ඔහු වෙනුවට මා මරා ප්‍රයෝජනයට ගනු මැනවැ’යි කියමින්, මේ ගාථාව කීවාය.
“අත්‍ථරස‍්සු පලාසානි, අසිං නිබ‍්බාහ ලුද‍්දක; පඨමං මං වධිත්‍වාන, හන පච‍්ඡා මහාමිග”න‍්ති.
3. වැද්දාණෙනි, (මස් තැබීමට) කොළ අතුරනු මැනව. කඩුව කොපුවෙන් ඉවතට ගන්න. පළමුව මා මරා පසුව මුව රාජයා මරනු මැනව.
තත්‍ථ පලාසානීති මංසට‍්ඨපනත්‍ථං පලාසපණ‍්ණානි අත්‍ථරස‍්සු. අසිං නිබ‍්බාහාති අසිං කොසතො නීහර.
මෙහි ‘පලාසානි’ යනු ‘මස් තැබීමට කොළ අතුරන්න’ යන අර්ථයි. ‘අසිං නිබ්බාහ’ යනු ‘කඩුව කොපුවෙන් ඉවතට ගන්න’ යන අර්ථයි.
තං සුත්‍වා ලුද‍්දකො “මනුස‍්සභූතා තාව සාමිකස‍්ස අත්‍ථාය අත‍්තනො ජීවිතං න පරිච‍්චජන‍්ති, අයං තිරච‍්ඡානගතා ජීවිතං පරිච‍්චජති, මනුස‍්සභාසාය ච මධුරෙන සරෙන කථෙති, අජ‍්ජ ඉමිස‍්සා ච පතිනො චස‍්සා ජීවිතං දස‍්සාමී”ති පසන‍්නචිත‍්තො චතුත්‍ථං ගාථමාහ –
මුවැත්තියගේ මේ කථාව අසා සිටි වැද්දා, ‘මිනිස් ජාතියෙහි උදවිය, සිය ස්වාමියා වෙනුවෙන් තම ජීවිතය පූජා නොකරති. එහෙත් මේ තිරිසන් සතා එසේ සිය ජීවිතය පරිත්‍යාග කරමින් මනුෂ්‍ය භාෂාවෙන් මිහිරි සරින් කථා කරයි. එබැවින් අද මම මැයට ද, මැයගේ සැමියාට ද ජීවිත දානය දෙමි’යි වැද්දා සිය අදහස මෙසේ පැවසීය.
“න මෙ සුතං වා දිට්ඨං වා, භාසන‍්තිං මානුසිං මිගිං; ත්‍වඤ‍්ච භද‍්දෙ සුඛී හොහි, එසො චාපි මහාමිගො”ති.
4. මුව දෙනක් මිනිස් බසින් කථා කරනු මා දැක නැත. අසා හෝ නැත. සොඳුර, නුඹ ද, මේ මුව රාජයා ද සුවපත් වෙත්වා!
තත්‍ථ සුතං වා දිට‍්ඨං වාති මයා ඉතො පුබ‍්බෙ එවරූපං දිට‍්ඨං වා සුතං වා නත්‍ථි. භාසන‍්තිං මානුසිං මිගින‍්ති අහඤ‍්හි ඉතො පුබ‍්බෙ මානුසිං වාචං භාසන‍්තිං මිගිං නෙව අද‍්දසං න අස‍්සොසිං. යෙසං පන “න මෙ සුතා වා දිට්ඨා වා, භාසන‍්තී මානුසී මිගී”ති පාළි, තෙසං යථාපාළිමෙව අත්‍ථො දිස‍්සති. භද‍්දෙති භද‍්දකෙ පණ‍්ඩිකෙ උපායකුසලෙ. ඉති තං ආලපිත්‍වා පුන “ත්‍වඤ‍්ච එසො චාපි මහාමිගොති ද‍්වෙපි ජනා සුඛී නිද‍්දුක‍්ඛා හොථා”ති තං සමස‍්සාසෙත්‍වා ලුද‍්දකො බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වාසියා චම‍්මපාසං ඡින්‍දිත්‍වා පාදෙ ලග‍්ගපාසකං සණිකං නීහරිත්‍වා න‍්හාරුනා න‍්හාරුං, මංසෙන මංසං, චම‍්මෙන චම‍්මං පටිපාටෙත්‍වා පාදං හත්‍ථෙන පරිමජ‍්ජි. තඞ‍්ඛණඤ‍්ඤෙව මහාසත‍්තස‍්ස පූරිතපාරමිතානුභාවෙන ලුද‍්දකස‍්ස ච මෙත‍්තචිත‍්තානුභාවෙන මිගියා ච මෙත‍්තධම‍්මානුභාවෙන න‍්හාරුමංසචම‍්මානි න‍්හාරුමංසචම‍්මෙහි ඝටයිංසු. බොධිසත‍්තො පන සුඛී නිද‍්දුක‍්ඛො අට‍්ඨාසි.
මෙහි ‘සුතං වා දිට්ඨං වා’ යනු ‘මා විසින් මින් පෙර මෙවැන්නක් දැක හෝ අසා හෝ නැත යන අර්ථයි. ‘භාසන්තිං මානුසිං විහිං’ යනු ‘මම වනාහී මින් පෙර මුවදෙනක මිනිස් බසින් කථා කරනු නොදුටුවෙමි, නොඇසුවෙමි’ යන අර්ථයි. ඇතැම් තැනෙක පෙළෙහි ‘න සුතා වා දිට්ඨා වා භාසන්ති මානුසිං මිගී’ යනුවෙන් දක්නට ලැබේ. ඒ තන්හි පෙළට අනුව අර්ථය දැක්වේ. ‘භද්දෙ’ යනු ‘සොඳුර’, යන අර්ථයි. එනම් පණ්ඩිත වූ, උපායෙහි දක්ෂ වූ, වැද්දා ‘සොඳුර’ යනුවෙන් මුවැත්තියට ඇමතීමයි. ‘ත්‍වඤ්ච එසොචාපි මහාමිගො’ යනු ‘දෙදෙනාම නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා’ යන අර්ථයි. වැද්දා මෙසේ ඇය අස්වසා, බෝසතුන්ගේ සමීපයට ගොස්, සිය වෑයෙන් මළ පුඩුව කපා දමා කකුලේ හිරවී තිබූ වරමන්ද සෙමින් ඉවත්කොට, නහරින් නහර මසින් මස සමෙන් සම සම්බන්ධ වන පරිද්දෙන් සිය අතින් පිරිමැද්දේය. එකෙණෙහිම බෝසතුන්ගේ පූරිත පාරමිතානුභාවයෙන් ද, වැද්දාගේ මෛත්‍රී සිතේ ආනුභාවයෙන්ද, මුවැත්තියගේ කරුණාවේ ආනුභාවයෙන් ද, නහරින් නහර මසින් මස සමෙන් සම එකට සම්බන්ධ විය. සුව වූ බෝසත් තෙමේ, නිදුකින් නැගී සිටියේය.
මිගී බොධිසත‍්තං සුඛිතං දිස‍්වා සොමනස‍්සජාතා ලුද‍්දකස‍්ස අනුමොදනං කරොන‍්තී පඤ‍්චමං ගාථමාහ –
බෝසතුන් සතුටින් නැගී සිටිනු දුටු මුවැත්තිය අතිශයින් සොම්නසට පත්ව වැද්දාට පින් අනුමෝදන් කරමින්, මෙසේ කීවාය.
“එවං ලුද‍්දක නන්‍දස‍්සු, සහ සබ‍්බෙහි ඤාතිභි; යථාහමජ‍්ජ නන්‍දාමි, මුත‍්තං දිස‍්වා මහාමිග”න‍්ති.
5. ‘වැද්දාණෙනි, මිදුණු මුව රාජයා දැක, අද යම්සේ සතුටු වෙම්ද? එසේම ඔබ ද, සියලු නෑයින් සමග සතුටු වනු මැනවි.’
තත්‍ථ ලුද‍්දකාති දාරුණකම‍්මකිරියාය ලද‍්ධනාමවසෙන ආලපති.
මෙහි ‘ලුද්දක’ යනුවෙන් ‘නපුරුකම් නිසා ලැබූ, නමින් ම වැද්දාට අමතයි’ යන අර්ථයි.
බොධිසත‍්තො “අයං ලුද‍්දො මය‍්හං අවස‍්සයො ජාතො, මයාපිස‍්ස අවස‍්සයෙනෙව භවිතුං වටතී”ති ගොචරභූමියං දිට‍්ඨං එකං මණික‍්ඛන්‍ධං තස‍්ස දත්‍වා “සම‍්ම, ඉතො පට‍්ඨාය පාණාතිපාතාදීනි මා කරි, ඉමිනා කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා දාරකෙ පොසෙන‍්තො දානසීලාදීනි පුඤ‍්ඤානි කරොහී”ති තස‍්සොවාදං දත්‍වා අරඤ‍්ඤං පාවිසි.
බෝසත් තෙමේ ‘මේ වැද්දා මට පිහිට විය. මම ද ඔහුට පිහිට වන්නෙමි’යි ගොදුරු සොයා ගිය විටෙක දැක තිබූ, මැණික් ගොඩක් ඔහුට දී ‘මිතුර, මෙතැන් පටන් පණ නැසීම් ආදිය නොකරනු මැනව. මේ මැණික්වලින් ඔබේ පවුල ආරක්ෂා කරමින්, දරුවන් පෝෂණය කරමින්, දාන ශීලාදී පින් කරනු මැනවැ’යි වැද්දාට අවවාද කොට කැලයට යන්නට පිටත් විය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ලුද‍්දකො ඡන‍්නො අහොසි, මිගී දහරභික‍්ඛුනී, මිගරාජා පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා වැද්දා නම් අද ‘ඡන්න භික්‍ෂුව’යි. මුවදෙන නම්, මේ තරුණ භික්‍ෂුණියයි. මුව රාජයා වූ කලී මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සුවණ‍්ණමිගජාතකවණ‍්ණනා නවමා.