යෙදුමෙන් කියවන්න

8. චූළධම‍්මපාලජාතකවණ‍්ණනා 358 අට‍්ඨකථා

8. චූළධම‍්මපාලජාතකවණ‍්ණනා (358)

8. චුල්ලධම්මපාල ජාතකය (358)

අහමෙව දූසියා භූනහතාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. අඤ‍්ඤෙසු ජාතකෙසු දෙවදත‍්තො බොධිසත‍්තස‍්ස තාසමත‍්තම‍්පි කාතුං නාසක‍්ඛි, ඉමස‍්මිං පන චූළධම‍්මපාලජාතකෙ බොධිසත‍්තස‍්ස සත‍්තමාසිකකාලෙ හත්‍ථපාදෙ ච සීසඤ‍්ච ඡෙදාපෙත්‍වා අසිමාලකං නාම කාරෙසි. දද‍්දරජාතකෙ (ජා· 1.2.43-44) ගීවං ගහෙත්‍වා මාරෙත්‍වා උද‍්ධනෙ මංසං පචිත්‍වා ඛාදි. ඛන‍්තීවාදීජාතකෙ (ජා· 1.4.49 ආදයො) ද‍්වීහිපි කසාහි පහාරසහස‍්සෙහි තාළාපෙත්‍වා හත්‍ථපාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡෙදාපෙත්‍වා ජටාසු ගහෙත්‍වා කඩ‍්ඪාපෙත්‍වා උත‍්තානකං නිපජ‍්ජාපෙත්‍වා උරෙ පාදෙන පහරිත්‍වා ගතො. බොධිසත‍්තො තං දිවසංයෙව ජීවිතක‍්ඛයං පාපුණි. චූළනන්‍දියජාතකෙපි (ජා· 1.2.143-144) මහාකපිජාතකෙපි (ජා· 1.7.83 ආදයො) මාරෙසියෙව. එවමෙව සො දීඝරත‍්තං වධාය පරිසක‍්කන‍්තො බුද‍්ධකාලෙපි පරිසක‍්කියෙව. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, දෙවදත‍්තො බුද‍්ධානං මාරණත්‍ථමෙව උපායං කරොති, ‘සම‍්මාසම‍්බුද‍්ධං මාරාපෙස‍්සාමී’ති ධනුග‍්ගහෙ පයොජෙසි, සිලං පවිජ‍්ඣි, නාළාගිරිං විස‍්සජ‍්ජාපෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා ‘කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස මය‍්හං වධාය පරිසක‍්කියෙව, ඉදානි පන තාසමත‍්තම‍්පි කාතුං න සක‍්කොති , පුබ‍්බෙ මං චූළධම‍්මපාලකුමාරකාලෙ අත‍්තනො පුත‍්තං සමානං ජීවතක‍්ඛයං පාපෙත්‍වා අසිමාලකං කාරෙසී”ති වත්‍වා අතීතං ආහරි.

‘අහමෙව ලුසියා භුනහතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක්, දෙව්දතුන්ගේ නපුරු ක්‍රියාවක් නිමිති කොටගෙන වදාළ සේක. වෙනත් ජාතක කථාවල දෙව්දත් තෙමේ බෝසතුන්ට තැති ගැනීම් මාත්‍රයක්වත්, ඇති කිරීමට සමත් නොවීය. එහෙත් මේ චුල්ල ධර්මපාල ජාතකයෙහි වනාහි මාස හතක් වයසැති බෝසතුන්ගේ අත්-පා සහ හිස ද, සිඳුවා ‘අසිමාලක’ බවට පත් කෙළේය. ‘දද්දර’ ජාතකයෙහිදී බෝසතුන්ගේ බෙල්ල අඹරවා මරවා මස් ගෙන උඳුනෙහි පිස කෑවේය. ‘ක්‍ෂාන්තිවාදී’ ජාතකයෙහි දී බෝසතුන්ට කසපහර දෙදහසකින් කළවා, අත්-පා-කන්-නාසා කප්පවා ජටාවෙන් ඇද, උඩුබැලි අතට පෙරළා පපුවට පයින් ඇන යන්නට ගියේය. බෝසත් තෙමේ එදාම මරණයට පත්විය. ‘චුල්ල නන්දිය’ ජාතකයේදී ද ‘මහාකපි’ ජාතකයේදී ද, දෙව්දත් බෝසතුන් මරණයට පත් කෙළේය. මෙසේ දෙව්දත් බොහෝකලෙක සිටම බෝසතුන්ට වද දෙමින් අවුත් බුද්ධ කාලයේදී ද, වද දීමට උත්සාහ කෙළේමය. දිනක් දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ බුදුරදුන් මැරීම සඳහා විවිධ උපක්‍රම යොදයි. විටෙක ඒ සඳහා දුනුවායන් යෙදවීය. තවත් විටෙක ගල් පෙරළුවේය. රා පොවා නාලාගිරි ඇතු බුදුරදුන් ඉදිරියට මෙහෙයවී යැ’යි මේ ආදි කථාවන් කරමින් හුන්හ. එවිට එතැනට පැමිණි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, දැන් පමණක් නොව, දෙව්දත් පෙර ද මට වද දීමට උත්සාහ කෙළේමය. එහෙත් මේ භවයේදී මට තැති ගැනීම් මාත්‍රයක්වත් ඇති කිරීමට ඔහු අපොහොසත් විය. එසේ වූ නමුත්, පෙර දෙව්දත් තෙමේ සිය පුතු වන මා ජීවිතක්‍ෂයට පත්කොට ‘අසිමාලක’ තත්ත්වයට ද පත් කෙලේ යැයි මේ අතීත කතාපුවත දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං මහාපතාපෙ නාම රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා චන්‍දාදෙවියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, “ධම‍්මපාලො”තිස‍්ස නාමං කරිංසු. තමෙනං සත‍්තමාසිකකාලෙ මාතා ගන්‍ධොදකෙන න‍්හාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා කීළාපයමානා නිසීදි. රාජා තස‍්සා වසනට‍්ඨානං අගමාසි. සා පුත‍්තං කීළාපයමානා පුත‍්තසිනෙහෙන සමප‍්පිතා හුත්‍වා රාජානං පස‍්සිත්‍වාපි න උට‍්ඨහි. සො චින‍්තෙසි “අයං ඉදානෙව තාව පුත‍්තං නිස‍්සාය මානං කරොති, මං කිස‍්මිඤ‍්චි න මඤ‍්ඤති, පුත‍්තෙ පන වඩ‍්ඪන‍්තෙ මයි ‘මනුස‍්සො’තිපි සඤ‍්ඤං න කරිස‍්සති, ඉදානෙව නං ඝාතෙස‍්සාමී”ති. සො නිවත‍්තිත්‍වා රාජාසනෙ නිසීදිත්‍වා “අත‍්තනො විධානෙන ආගච‍්ඡතූ”ති චොරඝාතකං පක‍්කොසාපෙසි. සො කාසායවත්‍ථනිවත්‍ථො රත‍්තමාලාධරො ඵරසුං අංසෙ ඨපෙත්‍වා උපධානඝටිකං හත්‍ථපාදඨපනදණ‍්ඩකඤ‍්ච ආදාය ආගන‍්ත්‍වා රාජානං වන්‍දිත්‍වා “කිං කරොමි, දෙවා”ති අට‍්ඨාසි. දෙවියා සිරිගබ‍්භං ගන‍්ත්‍වා ධම‍්මපාලං ආනෙහීති. දෙවීපි රඤ‍්ඤො කුජ‍්ඣිත්‍වා නිවත‍්තනභාවං ඤත්‍වා බොධිසත‍්තං උරෙ නිපජ‍්ජාපෙත්‍වා රොදමානා නිසීදි. චොරඝාතකො ගන‍්ත්‍වා තං පිට‍්ඨියං හත්‍ථෙන පහරිත්‍වා හත්‍ථතො කුමාරං අච‍්ඡින්‍දිත්‍වා ආදාය රඤ‍්ඤො සන‍්තිකං ආගන‍්ත්‍වා “කිං කරොමි, දෙවා”ති ආහ. රාජා එකං ඵලකං ආහරාපෙත්‍වා පුරතො නික‍්ඛිපාපෙත්‍වා “ඉධ නං නිපජ‍්ජාපෙහී”ති ආහ. සො තථා අකාසි.

පෙර බරණැස් නුවර ‘මහා ප්‍රතාප’ නම් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අගමෙහෙසිය වන ‘චන්ද්‍රා’ දේවියගේ කුසෙහි ඉපිද ‘ධර්මපාල’ නමින් ප්‍රකට විය. රාජදේවිය සත්මසක් වූ කුමරු සුවඳ දියෙන් නහවා අලංකාරකොට, නළවමින් සිටියාය. මේ අතර දේවිය සිටි යහන්ගැබට රජතුමා පිවිසියේය. දුරු සෙනෙහසින් ඉපිල සිටි රාජදේවිය පුතු නළවමින් හුන් අතර, රජු දුටු නමුත් හුන් තැනින් නොනැගිට්ටාය. මෙය දැඩි සේ සිතට ගත් රජතුමා ‘මැය දැනට ම පුතා නිසා මානයක් උපදවාගෙන සිටින බව පෙනේ. ඇය මා තඹේකට ගණන් නො ගත්තාය. පුතා ළදරු කළ මෙසේ නම්, වැඩුණු කල මා මනුෂ්‍යයෙකු ලෙසවත් ගණන් නොගනු ඇත. එබැවින් දැන්මම මේ කුමරා මරවන්නෙමි’යි සිතුවේය. වහා ආපසු හැරුණු රජතුමා ඉක්මණින් රාජ සභාවට ගොස් සිංහාසනය මත හිඳ වධකයා කැඳවීය. කසාවත් වස්ත්‍ර හැඳ රතු පැහැති මල්දමක් ගෙල පැළඳ කෙටේරියක් උරෙහි එල්ලාගෙන, දංගෙඩියක්ද අත්-පා කැපීමට ආධාර කොටගන්නා දණ්ඩක් ද රැගෙන රජු ඉදිරියෙහි පෙනී සිටි වධකයා, ‘දේවයන් වහන්ස, කුමක් කළ යුතුදැ’යි ඇසීය. ‘වධකය, වහා දේවියගේ සිරියහන් ගැබට ගොස් ධර්මපාල කුමාරයා මෙහි ගෙනෙව’යි රජතුමා නියෝග කෙළේය. මේ අතර රාජදේවිය රජු කිපී ආපසු හැරී ගිය බව තේරුම් ගෙන බියට පත්ව, බෝසතුන් පපුවට තුරුලු කොටගෙන හඬමින් හුන්නාය. රජුගේ අණ පිළිගත් වධකයා වහා ගොස් දේවියට පිටි අතින් පහරක් ගසා, ඇගේ අතින් දරුවා ඇදගෙන විත් රජු ඉදිරියට පමුණුවා ‘දේවයන් වහන්ස, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. අනතුරුව එක් මේසයක් එතැනට ගෙන්වූ රජා, එය තමන් ඉදිරියෙහි තබවා, ඒ මත දරුවා හොවන්නට අණ කෙළේය. වධකයා සියල්ල කී අයුරෙන්ම කෙළේය.

චන්‍දාදෙවී පුත‍්තස‍්ස පච‍්ඡතොව පරිදෙවමානා ආගච‍්ඡි. පුන චොරඝාතකො “කිං කරොමී, දෙවා”ති ආහ. ධම‍්මපාලස‍්ස හත්‍ථෙ ඡින්‍දාති. චන්‍දාදෙවී “මහාරාජ, මම පුත‍්තො සත‍්තමාසිකො බාලකො න කිඤ‍්චි ජානාති, නත්‍ථෙතස‍්ස දොසො, දොසො පන හොන‍්තො මයි භවෙය්‍ය, තස‍්මා මය‍්හං හත්‍ථෙ ඡෙදාපෙහී”ති ඉමමත්‍ථං පකාසෙන‍්තී පඨමං ගාථමාහ –

චන්ද්‍රා දේවිය දරුවා පසුපස වැලපෙමින් පැමිණියාය. ඉක්බිති වධකයා ‘දේවයිනි, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. ‘ධර්මපාලගේ දෙඅත් කපව’යි රජ කීය. මේ අසා සිටි චන්ද්‍රා දේවිය ‘මහරජතුමනි, මගේ පුතා සත්මස් වියැති ළදරුවෙකි. ඔහු කිසිත් නොදනී. මෙය ඔහුගේ වරදක් නොවේ. විශාල වරදක් වුවත් ඊට වගකිව යුත්තේ මා යි. එබැවින් දරුවා වෙනුවට මගේ අත්දෙක සිඳවනු මැනවැ’යි කියමින් මේ ගාථාව ප්‍රකාශ කළාය. කිසිත් නොදනී. මෙය ඔහුගේ වරදක් නොවේ. විශාල වරදක් වුවත් ඊට වගකිව යුත්තේ මා යි. එබැවින් දරුවා වෙනුවට මගේ අත්දෙක සිඳවනු මැනවැ’යි කියමින් මේ ගාථාව ප්‍රකාශ කළාය.

“අහමෙව දූසියා භූනහතා, රඤ‍්ඤො මහාපතාපස‍්ස; එතං මුඤ‍්චතු ධම‍්මපාලං, හත්‍ථෙ මෙ දෙව ඡෙදෙහී”ති.

අහමෙව දුසියා භූනභතා රඤ්ඤො මහා පතාපස්ස, එතං මුඤ්චතු ධම්මපාලං හත්‍ථෙ මෙ දෙවෙ ඡෙදෙහී ති

දේවයිනි, මහාප්‍රතාප රජු වන ඔබතුමාට වරද කෙළේ, අයහපත කෙළේ මම ම ය. මේ ධර්මපාල කුමරුන් මුදනු මැනවි. මගේ අත් සිඳවනු මැනවි.

තත්‍ථ දූසියාති දූසිකා, තුම‍්හෙ දිස‍්වා අනුට‍්ඨහමානා දොසකාරිකාති අත්‍ථො. “දූසිකා”තිපි පාඨො, අයමෙවත්‍ථො. භූනහතාති හතභූනා, හතවුඩ‍්ඪීති අත්‍ථො. රඤ‍්ඤොති ඉදං “දූසියා”ති පදෙන යොජෙතබ‍්බං. අහං රඤ‍්ඤො මහාපතාපස‍්ස අපරාධකාරිකා, නායං කුමාරො, තස‍්මා නිරපරාධං එතං බාලකං මුඤ‍්චතු ධම‍්මපාලං, සචෙපි හත්‍ථෙ ඡෙදාපෙතුකාමො, දොසකාරිකාය හත්‍ථෙ මෙ, දෙව, ඡෙදෙහීති අයමෙත්‍ථ අත්‍ථො.

මෙහි ‘දූසියා’ යනු වරදකාරියයි. එනම් ‘ඔබතුමා දැක නැගී නො සිටීමෙන් වරදක් කළ තැනැත්තිය’ යන අර්ථයි. මීට ‘දූසිකා’ යනුවෙන් ද පාඨයක් ඇත. එහි අර්ථය ඉහත දැක්වූ අර්ථය ම ය. ‘භූනහතා’ යනු ‘අයහපත සිදුකළ’ යන අර්ථයි. මෙහි ‘රඤ්ඤො’ යන පදය ‘දූසියා’ යන වචනය හා යෙදිය යුතුය. මහා ප්‍රතාප රජුට අපරාධ කළ තැනැත්තිය මම වෙමි. මේ කුමරා නොවේ. එබැවින් නිවැරදිකරු වූ මේ ළපටි ධර්මාපල කුමරු මුදවනු මැනව. අත්-පා කපනු කැමැති නම් වැරැදිකාරය වන මගේ අත්-පා කපනු’ යන්න මෙහි අර්ථය යි.

රාජා චොරඝාතකං ඔලොකෙසි. “කිං කරොමි, දෙවා”ති? “පපඤ‍්චං අකත්‍වා හත්‍ථෙ ඡෙදා”ති. තස‍්මිං ඛණෙ චොරඝාතකො තිඛිණඵරසුං ගහෙත්‍වා කුමාරස‍්ස තරුණවංසකළීරෙ විය ද‍්වෙ හත්‍ථෙ ඡින්‍දි. සො ද‍්වීසු හත්‍ථෙසු ඡිජ‍්ජමානෙසු නෙව රොදි න පරිදෙවි, ඛන‍්තිඤ‍්ච මෙත‍්තඤ‍්ච පුරෙචාරිකං කත්‍වා අධිවාසෙසි. චන්‍දා පන දෙවී ඡින‍්නහත්‍ථකොටිං ගහෙත්‍වා උච‍්ඡඞ‍්ගෙ කත්‍වා ලොහිතලිත‍්තා පරිදෙවමානා විචරි. පුන චොරඝාතකො “කිං කරොමි, දෙවා”ති පුච‍්ඡි. “ද‍්වෙපි පාදෙ ඡින්‍දා”ති. තං සුත්‍වා චන්‍දාදෙවී දුතියං ගාථමාහ –

මෙය අසා සිටි වධකයා, තමා දෙස බලා සිටින රජුගෙන් ‘දේවයන් වහන්ස, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. ‘වධකය, පමා නොවී කුමරාගේ අත්දෙක කපව’යි රජතුමා නැවත ද අණ කෙළේය. එවිට වධකයා සිය තියුණු කෙටේරිය ගෙන ළදරු කුමරාගේ උණගොබ වැනි ළපටි දෙඅත් කපා හෙළීය. ළදරුවා තම දෙඅත් කපන කල්හි නොහැඬුවේය. නොවැලපුණේය. ක්‍ෂාන්තිය හා මෛත්‍රිය පෙරටු කොටගෙන සියල්ල ඉවසීය. කැපී වැටුණු අත් කැබැලි උකුලෙහි හොවාගත් රාජදේවිය ලෙයින් නැහැවී සිරුර ඇතිව වැලපෙමින්, ඒ මේ අතර ඇවිද්දාය. නැවත රජු දෙසට හැරුණු වධකයා, ‘දේවයිනි, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. ‘කකුල් දෙක ද කපව’යි රජතුමා අණ කෙළේය. ඒ ඇසූ දේවිය මෙසේ කීවාය.

“අහමෙව දූසියා භූනහතා, රඤ‍්ඤො මහාපතාපස‍්ස; එතං මුඤ‍්චතු ධම‍්මපාලං, පාදෙ මෙ දෙව ඡෙදෙහී”ති.

2. දේවයිනි, මහා ප්‍රතාප රජුනි, ඔබතුමාට වරද කෙළේ, අයහපත කෙළේ මම ම ය. මේ ධර්මපාල කුමරුන් මුදනු මැනවි. ඒ වෙනුවට මගේ පා කප්පවනු මැනවි.

තත්‍ථ අධිප‍්පායො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

[missing trans]

රාජාපි පුන චොරඝාතකං ආණාපෙසි. සො උභොපි පාදෙ ඡින්‍දි. චන්‍දාදෙවී පාදකොටිම‍්පි ගහෙත්‍වා උච‍්ඡඞ‍්ගෙ කත්‍වා ලොහිතලිත‍්තා පරිදෙවමානා “සාමි මහාපතාප, ඡින‍්නහත්‍ථපාදා නාම දාරකා මාතරා පොසෙතබ‍්බා හොන‍්ති, අහං භතිං කත්‍වා මම පුත‍්තකං පොසෙස‍්සාමි, දෙහි මෙ එත”න‍්ති ආහ. චොරඝාතකො “කිං දෙව කතා රාජාණා, නිට‍්ඨිතං මම කිච‍්ච”න‍්ති පුච‍්ඡි. “න තාව නිට‍්ඨිත”න‍්ති. “අථ කිං කරොමි, දෙවා”ති? “සීසමස‍්ස ඡින්‍දා”ති. තං සුත්‍වා චන්‍දාදෙවී තතියං ගාථමාහ –

[missing trans] කකුල් කෙටි තුරුලු කොටගත් චන්ද්‍රා දේවිය වැලපෙමින් ‘ස්වාමීනි, මහා ප්‍රතාප රජතුමනි, මින් පෙර දඬුවම් වශයෙන් ඔබතුමා විසින් අත්-පා කප්පවන ලද දරුවන්, ඔවුන්ගේ මෑණිවරු ගෙන ගොස්, පෝෂණය කරති. එබැවින් ස්වාමීනි, මම කුලීවැඩ කොට හෝ මගේ පුතා පෝෂණය කරන්නෙමි. මට මගේ දරුවා දෙනු මැනවැ’යි කීවාය. එවිට වධකයා ‘දේවයිනි, කී දෙය කෙළෙමි. මගේ වැඩ අවසන් දැ’යි ඇසීය. ‘තව ම අවසන් නැත. ‘දැන් කුමක් කරම්ද?’ ‘මොහුගේ හිස සිඳලව’ රජුගේ මේ නියෝග ඇසූ සැණින් දේවිය මෙසේ කීවාය.

“අහමෙව දූසියා භූනහතා, රඤ‍්ඤො මහාපතාපස‍්ස; එතං මුඤ‍්චතු ධම‍්මපාලං, සීසං මෙ දෙව ඡෙදෙහී”ති.

3. දේවයිනි, මහා ප්‍රතාප රජ වන ඔබතුමාට වරද කෙළේ, අයහපත කෙළේ මම ම ය. මේ ධර්මපාල කුමරුන් මුදනු මැනවි. ඒ වෙනුවට මගේ හිස කප්පවනු මැනවි.

වත්‍වා ච පන අත‍්තනො සීසං උපනෙසි.

මෙසේ කී දේවිය දරුවාගේ හිසට ළංවීය.

පුන චොරඝාතකො “කිං කරොමි, දෙවා”ති පුච‍්ඡි. “සීසමස‍්ස ඡින්‍දා”ති. සො සීසං ඡින්‍දිත්‍වා “කතා, දෙව, රාජාණා”ති පුච‍්ඡි. “න තාව කතා”ති. “අථ කිං කරොමි, දෙවා”ති? “අසිතුණ‍්ඩෙන නං සම‍්පටිච‍්ඡිත්‍වා අසිමාලකං නාම කරොහී”ති. සො තස‍්ස කළෙවරං ආකාසෙ ඛිපිත්‍වා අසිතුණ‍්ඩෙන සම‍්පටිච‍්ඡිත්‍වා අසිමාලකං නාම කත්‍වා මහාතලෙ විප‍්පකිරි. චන්‍දාදෙවී බොධිසත‍්තස‍්ස මංසෙ උච‍්ඡඞ‍්ගෙ කත්‍වා මහාතලෙ රොදමානා පරිදෙවමානා ඉමා ගාථා අභාසි –

නැවත වධකයා ඊළගට කළයුත්ත රජුගෙන් විමසීය. දරුවාගේ හිස ගසා දැමීමට රජුගෙන් අණ ලැබුණි. අණ ඉටුකළ වධකයා දැන් කුමක් කරම්දැ’යි රජුගෙන් ඇසීය. දරුවාගේ කඳ කැබැල්ල කඩුවේ තුඩෙහි අමුණා ‘අසිමාලක’ කරව’යි, රජා වධකයාට අණ කෙළේය. අනතුරුව වධකයා කුමරුගේ කඳ කැබැල්ල කඩු තුඩේ අමුණා උඩ විසි කරමින් ද, නැවත කඩු තුඩෙන් එය පිළිගනිමින් ද, මේ අසිමාලක නම් වූ ක්‍රියාව සිදුකොට, අවසානයේදී සිරුරු කැබැල්ල බිම හෙළීය. චන්ද්‍රා දේවිය කඩුවෙන් කැපී වැටුණු මස් කැබලි සහිත සිරුර, සිය උකුල මත හොවාගෙන, බිම වැටී හඬමින් වැලපෙමින් මෙසේ කීවාය.

“න හි නූනිමස‍්ස රඤ‍්ඤො, මිත‍්තාමච‍්චා ච විජ‍්ජරෙ සුහදා; යෙ න වදන‍්ති රාජානං, මා ඝාතයි ඔරසං පුත‍්තං.

4. ‘තමාගේ ම පුතා නො මරනු මැනවැ’යි රජුට යම් කෙනෙක් නො කියත්ද? එබඳු මිත්‍රයෝ ද, ඇමැතියෝ ද, සුහදයෝ ද, මේ රජුට නැත්තාහු යැයි සිතමි.

“න හි නූනිමස‍්ස රඤ‍්ඤො, ඤාතී මිත‍්තා ච විජ‍්ජරෙ සුහදා; යෙ න වදන‍්ති රාජානං, මා ඝාතයි අත්‍රජං පුත‍්ත”න‍්ති.

5. [missing trans]

තත්‍ථ මිත‍්තාමච‍්චා ච විජ‍්ජරෙ සුහදාති නූන ඉමස‍්ස රඤ‍්ඤො දළ‍්හමිත‍්තා වා සබ‍්බකිච‍්චෙසු සහභාවිනො අමච‍්චා වා මුදුහදයතාය සුහදා වා කෙචි න විජ‍්ජන‍්ති. යෙ න වදන‍්තීති යෙ අධුනා ආගන‍්ත්‍වා “අත‍්තනො පියපුත‍්තං මා ඝාතයී”ති න වදන‍්ති, ඉමං රාජානං පටිසෙධෙන‍්ති, තෙ නත්‍ථියෙවාති මඤ‍්ඤෙ. දුතියගාථායං ඤාතීති ඤාතකා.

මෙහි ‘මිත්තා මච්චා ච විජ්ජරෙ’ යනු ‘ඒකාන්තයෙන් මේ රජුට දැඩි මිත්‍රයෝ හෝ, සියලු කටයුතුවලදී උදව් උපකාර වන ඇමතිවරු හෝ, මෘදු හදවත් ඇති සහෘදයෝ හෝ, කිසිදු කෙනෙක් හෝ නො වෙති’ යන අර්ථයි. ‘යෙ න වදන්ති’ යනු ‘යම්කෙනෙක් මෙවැනි අවස්ථාවක පැමිණ ‘සිය පුතු නො මරනු මැනවැ’යි නො කියද්ද? යමෙක් රජු ඉන් වළකත් ද? එබඳු අය නැතැයි සිතමි. දෙවන ගාථාවේ ‘ඤාති’ යනු ‘නෑයෝ ය.’

ඉමා පන ද‍්වෙ ගාථා වත්‍වා චන්‍දාදෙවී උභොහි හත්‍ථෙහි හදයමංසං ධාරයමානා තතියං ගාථමාහ –

මේ ගාථා දෙක පැවසූ චන්ද්‍රා දේවිය දෑතින්ම සිය පපුව බදාගෙන මේ ගාථාව කීවාය.

“චන්‍දනසාරානුලිත‍්තා, බාහා ඡිජ‍්ජන‍්ති ධම‍්මපාලස‍්ස; දායාදස‍්ස පථබ්‍යා, පාණා මෙ දෙව රුජ‍්ඣන‍්තී”ති.

චන්‍දන සාරානුලිත්තා - බාහා ඡිජ්ජන්ති ධම්මපාලස්ස, දායාදස්ස පඨබ්‍යා - පාණා මෙ දෙවරුජ්ඣන්තීති

මුළු පොළොවට අයිතිය ඇති ධර්මපාල කුමරුගේ සඳුන් කල්කයෙන් අලෙව් දුන්, හස්තයෝ කපනු ලැබෙති. දේවයිනි, මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.

තත්‍ථ දායාදස‍්ස පථබ්‍යාති පිතුසන‍්තකාය චාතුරන‍්තාය පථවියා දායාදස‍්ස ලොහිතචන්‍දනසාරානුලිත‍්තා හත්‍ථා ඡිජ‍්ජන‍්ති, පාදා ඡිජ‍්ජන‍්ති, සීසඤ‍්ච ඡිජ‍්ජති, අසිමාලකොපි කතො, තව වංසං පච‍්ඡින්‍දිත්‍වා ගතොසි දානීති එවමාදීනි විලපන‍්ති එවමාහ. පාණා මෙ දෙව රුජ‍්ඣන‍්තීති දෙව, මය‍්හම‍්පි ඉමං සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තියා ජීවිතං රුජ‍්ඣතීති.

මෙහි ‘දායාදස්ස පඨබ්‍යා’ යනු ‘පියා සන්තක වූ සිව් සයුරු කෙළවර කොට ඇති, මහ පොළොවේ අයිතිය ඇති කුමරුගේ, රත්සඳුන් සාරයෙන් ආලේප කරන ලද හස්තයෝ සිඳ දමනු ලැබෙති. පාදයෝ සිඳ දමනු ලැබෙති. හිස සිඳ දමන ලබයි. අසිමාලකයෙක් කරනු ලැබී ය. ඔබේ කුලය සිඳ දමා ගියෙහි දැ’යි මේ ආදී වශයෙන් වැලපෙමින්, මෙසේ ද කීවාය’ යන අර්ථයි. ‘පාණා මෙ දෙවරුජ්ඣන්ති’ යනු ‘දේවයිනි, මට මේ ශෝකය දරාගත නොහැකි බැවින් ජීවිතය නිරුද්ධ වේ’ යන අර්ථයි.

තස‍්සා එවං පරිදෙවමානාය එව ඩය‍්හමානෙ වෙළුවනෙ වෙළු විය හදයං ඵලි, සා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත‍්තා. රාජාපි පල‍්ලඞ‍්කෙ ඨාතුං අසක‍්කොන‍්තො මහාතලෙ පති, පදරතලං ද‍්විධා භිජ‍්ජි, සො තතොපි භූමියං පති. තතො චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලාපි ඝනපථවී තස‍්ස අගුණං ධාරෙතුං අසක‍්කොන‍්තී භිජ‍්ජිත්‍වා විවරමදාසි, අවීචිතො ජාලා උට‍්ඨාය කුලදත‍්තිකෙන කම‍්බලෙන පරික‍්ඛිපන‍්තී විය තං ගහෙත්‍වා අවීචිම‍්හි ඛිපි. චන්‍දාය ච බොධිසත‍්තස‍්ස ච අමච‍්චා සරීරකිච‍්චං කරිංසු.

මෙසේ වැලපෙන ඇයගේ හදවත ගින්නෙන් දැවෙන උණ වනයක උණ ගසක් මෙන් පැලී ගියේය. ඇය එතැනම වැටී අවසන් හුස්ම හෙළුවා ය. එවිට රජා ද සිය රාජාසනයෙන් බිමට ඇද වැටුණේය. ඉක්බිති දෙලක්‍ෂ සතළිස් දහසක් ඝන වූ බොල් පොළොව රජුගේ දුර්ගුණ උසුලාගත නොහැකිවාක් මෙන්, පැලී විවර විය. අවීචි මහා නිරයෙන් පැමිණි ගිනිදැල්, කුලසන්තක සලුවකින් වටකර ගන්නාක් මෙන් වටකොට ගෙන, රජු අවීචියට ඇද දැමීය. ඉන්පසු ඇමතිවරු චන්ද්‍රාවගේත් බෝසතුන්ගේත් සිරුරු ආදාහනය කළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා දෙවදත‍්තො අහොසි, චන්‍දාදෙවී මහාපජාපතිගොතමී, ධම‍්මපාලකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා රජා නම් දේවදත්තය. චන්ද්‍රා දේවිය නම් මහා ප්‍රජාපතී ගෝතමීය. ධර්මපාල කුමාරයා වූ කලී මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

චූළධම‍්මපාලජාතකවණ‍්ණනා අට‍්ඨමා.