යෙදුමෙන් කියවන්න

7. ලටුකිකජාතකවණ‍්ණනා 357 අට‍්ඨකථා

7. ලටුකිකජාතකවණ‍්ණනා (357)

7. ලටුකික ජාතකය (357)

වන්‍දාමි තං කුඤ‍්ජර සට‍්ඨිහායනන‍්ති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි දිවසෙ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දෙවදත‍්තො කක‍්ඛළො ඵරුසො සාහසිකො, සත‍්තෙසු කරුණාමත‍්තම‍්පිස‍්ස නත්‍ථී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස නික‍්කරුණොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘චන්‍දාමි තං කුඤ්ජර සට්ඨිහාය නං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙව්දතුන් අරබයා වදාළ සේක. එක් දවසක දම්සභාවට රැස් වූ භික්‍ෂූහු ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙව්දතුන් අරබයා වදාළ සේක. එක් දවසක දම්සභාවට රැස් වූ භික්‍ෂූහු දෙව්දත් තෙරුන්ගේ කර්කශ බව, නපුරුකම, සාහසිකත්වය ගැන හා සතුන් කෙරෙහි කරුණා මාත්‍රයක්වත් ඔහු තුළ නැති එක ගැන කථා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන්ගේ කථාව සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, දෙව්දත් අකරුණාවන්තයෙක් වූයේ දැන් මතු නොවේ. පෙරද ඔහු කරුණාව නැත්තෙක් වූයේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හත්‍ථියොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පාසාදිකො මහාකායො අසීතිසහස‍්සවාරණපරිවාරො යූථපති හුත්‍වා හිමවන‍්තපදෙසෙ විහාසි. තදා එකා ලටුකිකා සකුණිකා හත්‍ථීනං විචරණට‍්ඨානෙ අණ‍්ඩානි නික‍්ඛිපි, තානි පරිණතානි භින්‍දිත්‍වා සකුණපොතකා නික‍්ඛමිංසු. තෙසු අවිරුළ‍්හපක‍්ඛෙසු උප‍්පතිතුං අසක‍්කොන‍්තෙසුයෙව මහාසත‍්තො අසීතිසහස‍්සවාරණපරිවුතො ගොචරාය චරන‍්තො තං පදෙසං පත‍්තො. තං දිස‍්වා ලටුකිකා චින‍්තෙසි “අයං හත්‍ථිරාජා මම පොතකෙ මද‍්දිත්‍වා මාරෙස‍්සති, හන්‍ද නං පුත‍්තකානං පරිත‍්තාණත්‍ථාය ධම‍්මිකාරක‍්ඛං යාචාමී”ති. සා උභො පක‍්ඛෙ එකතො කත්‍වා තස‍්ස පුරතො ඨත්‍වා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ඇත් කුලයක ඉපිද තරුණ වියට පැමිණි කල්හි, ප්‍රසාදය එළවන රූපශ්‍රීයෙන් යුතු ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත වූවෙක් විය. ඇතුන් අසූදහසක් පිරිවරකොට ඇති මේ හස්ති රාජයා උන් සියලුදෙනාගේ නායකයා වී, හිමාල වනපෙතෙහි වාසය කෙළේය. මෙකල එක් කැට කිරිල්ලක් ඇතුන් ගමන් කරන මාර්ගය සමීපයෙහි බිම, කූඩුවක් සකසා එහි බිත්තර කිහිපයක් දැම්මාය. ටික දවසකින් මේරූ බිත්තර බිඳගෙන කුරුලු පැටව් නික්මුණහ. පියාපත් නොවැඩුණු උන්ට පියඹා යන්නට නොහැකිය. පැටවුන් සිටි පෙදෙසින් ගමන් කරමින් සිටියේය. සිය පිරිවර සමග ඇත්රාජයා ඒ පෙදෙසට ළංවනු දුටු කැටකිරිල්ල, ‘මේ ඇත් රජා මාගේ දරුවන් තළා මරා දමන්නට බැරි නැත. එබැවින් මම මගේ දරුවන් රැකගැනීම සඳහා, දැහැමි රැකවරණයක් ඇත් රජුගෙන් ඉල්ලා සිටිමි’යි තීරණය කොටගෙන, සිය පියාපත් දෙක එක්කොට ඇත් රජුට නමස්කාර කොට, ඔහු ඉදිරියේ සිට මෙසේ කීවාය.

“වන්‍දාමි තං කුඤ‍්ජර සට‍්ඨිහායනං, ආරඤ‍්ඤකං යූථපතිං යසස‍්සිං; පක‍්ඛෙහි තං පඤ‍්ජලිකං කරොමි, මා මෙ වධී පුත‍්තකෙ දුබ‍්බලායා”ති.

වන්‍දාමි තං කුඤ්ජර සට්ඨිභාය නං, ආරඤ්ඤකං යූථපතිං යසස්සිං, පක්ඛෙභි තං පඤ්ජලිකං කරොමි, මා මෙ වධී පුත්තකෙ දුබ්බලායා ති

ඇත් රජුනි, මම ඔබට වඳිමි. කැලයෙහි උපන්, දැනුම් තේරුම් ඇති, ඇත්රැළට නායක වූ, යශස් ඇත්තා වූ ඔබට, පියාපත්වලින් නමස්කාර කරමි. දුර්වල තැනැත්තියක වූ මාගේ දරුවන්ට හිංසා නොකරනු මැනවි.

තත්‍ථ සට‍්ඨිහායනන‍්ති සට‍්ඨිවස‍්සකාලෙ හායනබලං. යසස‍්සින‍්ති පරිවාරසම‍්පන‍්නං. පක‍්ඛෙහි තං පඤ‍්චලිකං කරොමීති අහං පක‍්ඛෙහි තං අඤ‍්ජලිකං කරොමීති අත්‍ථො.

මෙහි ‘සට්ඨිහායනං’ යනු වසර සැටකින් ගෙවන බලයක් ඇති, යන අර්ථයි. ‘යසස්සිං’ යනු ‘පිරිවර සහිත’, යන අර්ථයි. ‘පක්ඛෙහි තං පඤ්ජලිකං’ යනු ‘මම පියාපත්වලින් ඔබට නමස්කාර කරමි’ යන අර්ථයි.

මහාසත‍්තො “මා චින‍්තයි ලටුකිකෙ, අහං තෙ පුත‍්තකෙ රක‍්ඛිස‍්සාමී”ති සකුණපොතකානං උපරි ඨත්‍වා අසීතියා හත්‍ථිසහස‍්සෙසු ගතෙසු ලටුකිකං ආමන‍්තෙත්‍වා “ලටුකිකෙ අම‍්හාකං පච‍්ඡතො එකො එකචාරිකො හත්‍ථී ආගච‍්ඡති, සො අම‍්හාකං වචනං න කරිස‍්සති, තස‍්මිං ආගතෙ තම‍්පි යාචිත්‍වා පුත‍්තකානං සොත්‍ථිභාවං කරෙය්‍යාසී”ති වත්‍වා පක‍්කාමි. සාපි තස‍්ස පච‍්චුග‍්ගමනං කත්‍වා උභොහි පක‍්ඛෙහි අඤ‍්ජලිං කත්‍වා දුතියං ගාථමාහ –

බෝසත් ඇතා ‘කැට කිරිල්ල, බිය නොවනු මැනවි. මම ඔබේ දරුවන් රකින්නෙමි’යි කියා කුරුලු කූඩුව කෙළින් සිටගෙන, එය කකුල් සතරට මැදිකොට ගෙන, ඇත් රැලේ සෙසු සතුන් දෑලෙන් දෙපසින් පිටත්කොට යැවීය. අනතුරුව කැටකිරිල්ල අමතා ‘අපගේ ඇත් රැළට පිටුපසින් එක් තනි අලියෙක් පැමිණේ. ඌ අපේ වචනය අනුගමනය නොකරයි. ඌ මෙතැනට පැමිණි කල්හි, ඌට ද යාඥාකොට, දරුවන් ආරක්ෂා කර ගන්නැ’යි උපදෙස් දුන් ඇත්රාජයා, සිය පිරිවරත් සමග එතැනින් පිටව ගියේය. ටික වේලාවකට පසු සිය කුරුලු කූඩුව දෙසට තනි අලියා එනු දුටු කැට කිරිල්ල, උගේ ඉදිරියට පෙරගමන් කොට පියාපත් දෙක එක්කොට, ඌට නමස්කාරකොට මෙසේ කීවාය.

“වන්‍දාමි තං කුඤ‍්ජර එකචාරිං, ආරඤ‍්ඤකං පබ‍්බතසානුගොචරං; පක‍්ඛෙහි තං පඤ‍්ජලිකං කරොමි, මා මෙ වධී පුත‍්තකෙ දුබ‍්බලායා”ති.

2. ඇතාණෙනි, මම ඔබට වඳිමි. කැලයෙහි උපන්, තනිව හැසිරෙන. පර්වත සානුවෙහි ගොදුරු ගන්නා ඔබට, පියාපත්වලින් නමස්කාර කරමි. දුබල තැනැත්තියක වූ මාගේ දරුවන්ට හිංසා නොකරනු මැනව.

තත්‍ථ පබ‍්බතසානුගොචරන‍්ති ඝනසෙලපබ‍්බතෙසු ච පංසුපබ‍්බතෙසු ච ගොචරං ගණ‍්හන‍්තං.

මෙහි ‘පබ්බතසානුගොචරං’ යනු ‘ගල් පර්වතවල ද, පස් පර්වතවලද ගොදුරු ගන්නා වූ’, යන අර්ථයි.

සො තස‍්සා වචනං සුත්‍වා තතියං ගාථමාහ –

කැට කිරිල්ලගේ ආයාචනය අසා, තනි අලියා මෙසේ ඇයට උත්තර දුන්නේය.

“වධිස‍්සාමි තෙ ලටුකිකෙ පුත‍්තකානි, කිං මෙ තුවං කාහසි දුබ‍්බලාසි; සතං සහස‍්සානිපි තාදිසීනං, වාමෙන පාදෙන පපොථයෙය්‍ය”න‍්ති.

3. කැට කිරිල්ල, තිගේ දරුවන් මම විනාශ කොට දමන්නෙමි. තී දුබල ය. එසේ වූ තී මට කුමක් කරන්නෙහි? තී වැනි ලක්‍ෂයක් වුවත් මම මගේ වම් පයින් පොඩිකොට දමන්නෙමි.

තත්‍ථ වධිස‍්සාමි තෙති ත්‍වං කස‍්මා මම විචරණමග‍්ගෙ පුත‍්තකානි ඨපෙසි, යස‍්මා ඨපෙසි, තස‍්මා වධිස‍්සාමි තෙ පුත‍්තකානීති වදති. කිං මෙ තුවං කාහසීති මය‍්හං මහාථාමස‍්ස ත්‍වං දුබ‍්බලා කිං කරිස‍්සසි. පපොථයෙය්‍යන‍්ති අහං තාදිසානං ලටුකිකානං සතසහස‍්සම‍්පි වාමෙන පාදෙන සඤ‍්චුණ‍්ණෙය්‍යං, දක‍්ඛිණපාදෙන පන කථාව නත්‍ථීති.

මෙහි ‘වයිස්සාමි තෙ’ යනු ‘තී කුමක් නිසා මගේ ගමන්මගෙහි තිගේ දරුවන් තැබුවෙහිද? එබැවින් තිගේ දරුවන් විනාශ කරන්නෙමි’යි කීය’, යන අර්ථයි. ‘කිං මෙ තුවං කාහසි’ යනු ‘මහත් බලැති මට දුබල තී කුමක් කරන්නෙහිද? යන අර්ථයි. ‘පපොථයෙය්‍යං’ යනු ‘මම වනාහි තී වැනි කැට කිරිල්ලන් ලක්‍ෂයක් වුවත්, වම් පයින් කුඩුකොට දමන්නෙමි. දකුණු පය ගැන කවර කථාද?’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා සො තස‍්සා පුත‍්තකෙ පාදෙන සඤ‍්චුණ‍්ණෙත්‍වා මුත‍්තෙන පවාහෙත්‍වා නදන‍්තොව පක‍්කාමි. ලටුකිකා රුක‍්ඛසාඛාය නිලීයිත්‍වා “ඉදානි තාව වාරණ නදන‍්තො ගච‍්ඡසි, කතිපාහෙනෙව මෙ කිරියං පස‍්සිස‍්සසි, කායබලතො ඤාණබලස‍්ස මහන‍්තභාවං න ජානාසි, හොතු, ජානාපෙස‍්සාමි න”න‍්ති තං සන‍්තජ‍්ජයමානාව චතුත්‍ථං ගාථමාහ –

මේ අතර එතැනින් වහා ඉවතට පැන ගත් කැට කිරිල්ල, ගසෙක අත්තක හිඳ, ‘තනි අලියෝ, දැන් නුඹ ගර්ජනා කරමින් යව, නමුත් කිහිප දවසකින් නුඹට මාගේ තරම බලාගත හැකිය. කාය බලයට වඩා ඤාණ බලය මහත් බව තට පෙන්වන්නෙමි’යි අලියාට තර්ජනය කරමින් මෙසේ කීවාය.

“න හෙව සබ‍්බත්‍ථ බලෙන කිච‍්චං, බලඤ‍්හි බාලස‍්ස වධාය හොති; කරිස‍්සාමි තෙ නාගරාජා අනත්‍ථං, යො මෙ වධී පුත‍්තකෙ දුබ‍්බලායා”ති.

නහෙව සබ්බත්‍ථ බලෙන කිච්චං, බලං හි බාලස්ස වධාය හොති, කරිස්සාමි තෙ නාගරාජා අනත්‍ථං, යො මෙවධී පුත්තකෙ දුබ්බලායා

සෑම තැනක දී ම ශරීර ශක්තියෙන් ප්‍රයෝජනයක් නැත. කුඩා සතකුගේ වුවත් බලය නපුරක් කිරීමට ප්‍රමාණවත්ය. ඇත්රජුනි, දුබල වූ මාගේ දරුවන්ට, යමෙක් හිංසා කෙළෙහිද? ඒ නුඹට මම අනර්ථයක් කරන්නෙමි.

තත්‍ථ බලෙනාති කායබලෙන. අනත්‍ථන‍්ති අවුඩ‍්ඪිං. යො මෙති යො ත්‍වං මම දුබ‍්බලාය පුත‍්තකෙ වධී ඝාතෙසි.

මෙහි ‘බලෙන’ යනු ‘කාය බලයෙන්’, යන අර්ථයි. ‘අනත්‍ථං’ යනු ‘හානියක්’ යන අර්ථයි. ‘යො මෙ’ යනු ‘යම්බඳු වූ තෝ, දුබල වූ මගේ දරුවන්ට හිංසා කෙළෙහිද? මැරුවෙහිද? යන අර්ථයි.

සා එවං වත්‍වා කතිපාහං එකං කාකං උපට‍්ඨහිත්‍වා තෙන තුට‍්ඨෙන “කිං තෙ කරොමී”ති වුත‍්තා “සාමි, අඤ‍්ඤං මෙ කාතබ‍්බං නත්‍ථි, එකස‍්ස පන එකචාරිකවාරණස‍්ස තුණ‍්ඩෙන පහරිත්‍වා තුම‍්හෙහි අක‍්ඛීනි භින‍්නානි පච‍්චාසීසාමී”ති ආහ. සා තෙන “සාධූ”ති සම‍්පටිච‍්ඡිතා එකං නීලමක‍්ඛිකං උපට‍්ඨහි. තායපි “කිං තෙ, කරොමී”ති වුත‍්තා “ඉමිනා කාකෙන එකචාරිකවාරණස‍්ස අක‍්ඛීසු භින‍්නෙසු තුම‍්හෙහි තත්‍ථ ආසාටිකං පාතෙතුං ඉච‍්ඡාමී”ති වත්‍වා තායපි “සාධූ”ති වුත‍්තෙ එකං මණ‍්ඩූකං උපට‍්ඨහිත්‍වා තෙන “කිං තෙ, කරොමී”ති වුත‍්තා “යදා එකචාරිකවාරණො අන්‍ධො හුත්‍වා පානීයං පරියෙසති, තදා පබ‍්බතමත්‍ථකෙ ඨිතො සද‍්දං කත්‍වා තස‍්මිං පබ‍්බතමත්‍ථකං අභිරුහන‍්තෙ ඔතරිත්‍වා පපාතෙ සද‍්දං කරෙය්‍යාථ, අහං තුම‍්හාකං සන‍්තිකා එත‍්තකං පච‍්චාසීසාමී”ති ආහ. සොපි තස‍්සා වචනං “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

මෙසේ අලියාට තර්ජනය කළ කැට කිරිල්ල, දින කිහිපයක් ඇතුළත දී එක් කපුටකුට උවටැන්කොට ඌ හා මිතුරු වූවාය. කැට කිරිල්ල කෙරෙහි පැහැදුණු කපුටා ‘නුඹට මා විසින් කළ යුතු උදව්ව කුමක්දැ’යි, ඇසීය. ‘ස්වාමීනි, අසවල් තනි අලියාට, ඔබේ හොටෙන් ඇන ඇස්දෙක අන්ධ කරන්නෙහි නම්, මම ඔබට ආශිර්වාද කරන්නෙමි. මට ඔබෙන් වෙන කිසිදු උපකාරයක් අවශ්‍ය නොවේ යැ’යි, කැට කිරිල්ල කපුටාට පැවසුවාය. ඒ කාරිය ඉටුකිරීමට කපුටා ඇයට පොරොන්දු විය. ඊළඟට එක් නිල් මැස්සකුට උවටැන් කළ, කැට කිරිල්ල ඈ කෙරෙහි පැහැදුණු නිලමැස්සාගෙන් ද ඉල්ලීමක් කළාය. ඒ අන්ධ වූ අලියාගේ ඇස්වල ඉහඳ තබන ලෙසටය. නිලමැස්සා ද ඊට කැමැත්තා පල කෙළේය. උගෙන් සමුගත් කැට කිරිල්ල එක් මැඩියකුට උවටැන් කොට උගේ සිත් දිනාගෙන, අන්ධ අලියා පැන් සොයා ඉබාගාතේ යනවිට, ඌට ඉදිරියෙන් නාද කරමින් පර්වත මුදුනක් වෙත අලියා කැඳවාගෙන ගොස්, පර්වත මුදුනට අලියා පැමිණි පසු, පර්වතයේ ප්‍රපාතයට ලම්භකව සිට හඬ නගන මෙන්, මැඩියාගෙන් ඉල්ලා සිටියාය. මැඩියා ද ඊට එකඟ විය.

අථෙකදිවසං කාකො වාරණස‍්ස ද‍්වෙපි අක‍්ඛීනි තුණ‍්ඩෙන භින්‍දි, නීලමක‍්ඛිකා ආසාටිකං පාතෙසි. සො පුළවෙහි ඛජ‍්ජන‍්තො වෙදනාප‍්පත‍්තො පිපාසාභිභූතො පානීයං පරියෙසමානො විචරි. තස‍්මිං කාලෙ මණ‍්ඩූකො පබ‍්බතමත්‍ථකෙ ඨත්‍වා සද‍්දමකාසි. වාරණො “එත්‍ථ පානීයං භවිස‍්සතී”ති පබ‍්බතමත්‍ථකං අභිරුහි. අථ මණ‍්ඩූකො ඔතරිත්‍වා පපාතෙ ඨත්‍වා සද‍්දමකාසි. වාරණො “එත්‍ථ පානීයං භවිස‍්සතී”ති පපාතාභිමුඛො ගච‍්ඡන‍්තො පරිගළිත්‍වා පබ‍්බතපාදෙ පතිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණි. ලටුකිකා තස‍්ස මතභාවං ඤත්‍වා “දිට‍්ඨා මෙ පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨී”ති හට‍්ඨතුට‍්ඨා තස‍්ස ඛන්‍ධෙ චඞ‍්කමිත්‍වා යථාකම‍්මං ගතා.

ඉක්බිති තමා බාරගත් කටයුත්ත ඉටු කිරීමට ඉඩ හසර බලමින් සිටි කපුටා කිසියම් දිනෙක රැක සිට, අලියාගේ ඇස් දෙකට කොටා ඌ අන්ධ කෙළේය. නිලමැස්සා අන්ධ වූ ඇස් මත ඉහඳ තැබීය. පණුවන් කෑමෙන් හටගත් වේදනාවෙන් මැඩුණු අලියා පිපාසාවෙන් පීඩිත ව පැන් සොයමින්, ඒ මේ අත ඇවිද්දේය. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් මැඩියා පර්වතයේ සිට හඬ තැලීය. මැඩියන් ඇත්තේ ජලාශ අසල වන බැවින්, අලියා එහි පැන් ඇති බව නිශ්චය කොටගෙන පර්වතයට නගින්නට පටන් ගත්තේය. පැන් ගැන ආසාවෙන් ම අලියා පර්වත මුදුනට ළඟා විය. එවිට මැඩියා පර්වත මුදුණින් ප්‍රපාතය දෙසට නැඹුරු වී, නැවත නාද කෙළේය. අන්ධ අලියා ප්‍රපාතයට අභිමුඛව පා තබනවාත් සමගම, ප්‍රපාතයට පෙරළී ගොස් පර්වත පාදයට වැටී ජීවිතක්‍ෂයට පත්විය. ඌ මළ බව දුටු කැට කිරිල්ල, තම පසමිතුරු පිටුදැකීම ගැන තුටු පහටුව අලියාගේ ඇඟ මත නැගී සක්මන් කරන්නට පටන් ගත්තාය. මේ සිද්ධියෙන් ටික කලකට පසුව කැට කිරිල්ලද මිය ගියාය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, කෙනචි සද‍්ධිං වෙරං නාම කාතබ‍්බං, එවං බලසම‍්පන‍්නම‍්පි වාරණං ඉමෙ චත‍්තාරො ජනා එකතො හුත්‍වා වාරණස‍්ස ජීවිතක‍්ඛයං පාපෙසු”න‍්ති –

බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, කිසිවිටෙක කිසිවකු සමග වෛර නොකළ යුතුය. මෙසේ සත්තු හතරදෙනෙක් එකට එකතු වී මෙබඳු බලසම්පන්න ඇතකු මරණයට පත් කළහ’යි වදාළ සේක.

“කාකඤ‍්ච පස‍්ස ලටුකිකං, මණ‍්ඩූකං නීලමක‍්ඛිකං; එතෙ නාගං අඝාතෙසුං, පස‍්ස වෙරස‍්ස වෙරිනං; තස‍්මා හි වෙරං න කයිරාථ, අප‍්පියෙනපි කෙනචී”ති. –

කාකඤ්ච පස්ස ලටුකිකං මණ්ඩුකං නිලමක්ඛිකං, එතෙ නාගං අඝාතෙසුං යස්ස වෙරස්ස වෙරිනං, තස්මා න කයිරාථ අප්පියෙනපි කෙනචි

ඉමං අභිසම‍්බුද‍්ධගාථං වත්‍වා ජාතකං සමොධානෙසි.

බලන්න, කවුඩෙක් ද, කැට කිරිල්ලක් ද, මැඩියෙක් ද, නිල මැස්සෙක් ද, යන මොවුහු ඇතකු මැරූහ. වෛරීන්ගේ වෛරයක හැටි බලන්න. එබැවින් අප්‍රිය වූ කිසිවකු සමග හෝ වෛර නොකරමු. බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාව දේශනාකොට ජාතකය නිමවා වදාළ සේක.

තත්‍ථ පස‍්සාති අනියාමිතාලපනමෙතං, භික‍්ඛූ පන සන්‍ධාය වුත‍්තත‍්තා පස‍්සථ භික‍්ඛවෙති වුත‍්තං හොති. එතෙති එතෙ චත‍්තාරො එකතො හුත්‍වා. අඝාතෙසුන‍්ති තං වධිංසු. පස‍්ස වෙරස‍්ස වෙරිනන‍්ති පස‍්සථ වෙරිකානං වෙරස‍්ස ගතින‍්ති අත්‍ථො.

මෙහි ‘පස්ස’ යනු ‘අනියම් ඇමතුමකි. එහෙත් භික්‍ෂූන් සඳහා දේශිත බැවින් ‘මහණෙනි, බලවු’ යන්න මෙහි අර්ථයි. ‘එතෙ’ යනු ‘මේ සතරදෙනා එකතු වී’ යන අර්ථයි. ‘අඝාතෙසුං’ යනු ‘ඌ මැරූහ’, යන අර්ථයි. ‘පස්ස වෙරස්ස වෙරිනං’ යනු වෛරීන්ගේ වෛරයක ස්වභාවය බලවු’ යන අර්ථයි.

තදා එකචාරිකහත්‍ථී දෙවදත‍්තො අහොසි, යූථපති පන අහමෙව අහොසින‍්ති.

එදා තනි අලියා නම්, දේවදත්තය. ඇත්රංචුවේ නායක ඇත්රාජයා වූ කලී මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

ලටුකිකජාතකවණ‍්ණනා සත‍්තමා.