යෙදුමෙන් කියවන්න

6. කොරණ‍්ඩියජාතකවණ‍්ණනා 356 අට‍්ඨකථා

6. කොරණ‍්ඩියජාතකවණ‍්ණනා (356)

6. කාරණ්ඩිය ජාතකය (356)

එකො අරඤ‍්ඤෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධම‍්මසෙනාපතිං ආරබ‍්භ කථෙසි. ථෙරො කිර ආගතාගතානං දුස‍්සීලානං මිගලුද‍්දකමච‍්ඡබන්‍ධාදීනං දිට‍්ඨදිට‍්ඨානඤ‍්ඤෙව “සීලං ගණ‍්හථ, සීලං ගණ‍්හථා”ති සීලං දෙති. තෙ ථෙරෙ ගරුභාවෙන තස‍්ස කථං භින්‍දිතුං අසක‍්කොන‍්තා සීලං ගණ‍්හන‍්ති, ගහෙත්‍වා ච පන න රක‍්ඛන‍්ති, අත‍්තනො අත‍්තනො කම‍්මමෙව කරොන‍්ති. ථෙරො සද‍්ධිවිහාරිකෙ ආමන‍්තෙත්‍වා “ආවුසො, ඉමෙ මනුස‍්සා මම සන‍්තිකෙ සීලං ගණ‍්හිංසු, ගණ‍්හිත්‍වා ච පන න රක‍්ඛන‍්තී”ති ආහ. “භන‍්තෙ, තුම‍්හෙ එතෙසං අරුචියා සීලං දෙථ, එතෙ තුම‍්හාකං කථං භින්‍දිතුං අසක‍්කොන‍්තා ගණ‍්හන‍්ති, තුම‍්හෙ ඉතො පට‍්ඨාය එවරූපානං සීලං මා අදත්‍ථා”ති. ථෙරො අනත‍්තමනො අහොසි. තං පවත‍්තිං සුත්‍වා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, සාරිපුත‍්තත්‍ථෙරො කිර දිට‍්ඨදිට‍්ඨානඤ‍්ඤෙව සීලං දෙතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස දිට‍්ඨදිට‍්ඨානං අයාචන‍්තානඤ‍්ඤෙව සීලං දෙතී”ති වත්‍වා අතීතං ආහරි.

‘එකො අරඤ්ඤෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, දම් සෙනෙවි සැරියුත් තෙරුන් අරබයා වදාළ සේක. සැරියුත් තෙරණුවෝ වනාහි තමන් වහන්සේ වෙතට පැමිණි මුව වැද්දන්, මාලු මරන්නන් ඇතුලු දුටු දුටු අයට ‘තෙපි සිල් ගනිවු’ යැයි කියමින් ඔවුන්ට සිල් දෙති. තෙරණුවන්ට ඇති ගෞරවය නිසාත්, උන්වහන්සේගේ වචනය ප්‍රතික්‍ෂේප කිරීමට නොකැමති නිසාත්, ඒ උදවිය සිල් ගනිති. එහෙත් සිල් ආරක්‍ෂා නොකොට තම තමන්ගේ පුරුදු කටයුතුවල ම නිරත වෙති. තෙරණුවෝ තම සද්ධි විහාරික භික්‍ෂූන් අමතා ‘ඇවැත්නි, මේ මිනිස්සු මා වෙතින් සිල් ගත්හ. එහෙත් ‘ගත් සිල් නොරකිති’යි කීහ. එවිට භික්‍ෂූහු ‘ස්වාමීනි, අකැමැති අයට සිල් නොදෙනු මැනවි. ඔවුහු ඔබවහන්සේගේ කථාව ඉක්මවා යන්නට නොකැමැති නිසා, සිල් ගනිති. එබැවින් මෙතැන් පටන් එවැනි අයට සිල් නොදෙනු මැනවැ’යි ඉල්ලා සිටියහ. මෙයින් සැරියුත් තෙරණුවෝ නොසතුටු සිත් ඇත්තෝ වූහ. දම් සභාවෙහි දී භික්‍ෂූහු මේ ගැන සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුහු භික්‍ෂූන්ගෙන් සාකච්ඡා කරමින් හුන් කරුණු ගැන අසා දැන, ‘මහණෙනි, සැරියුත් තෙර මෙබඳු දෑ දැන් පමණක් නොව, පෙර ද කෙළේ යැ’යි වදාරා, මේ අතීත කථාපුවත ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං දිසාපාමොක‍්ඛස‍්ස ආචරියස‍්ස ජෙට‍්ඨන‍්තෙවාසිකො කොරණ‍්ඩියො නාම අහොසි. තදා සො ආචරියො දිට‍්ඨදිට‍්ඨානං කෙවට‍්ටාදීනං අයාචන‍්තානඤ‍්ඤෙව “සීලං ගණ‍්හථ, සීලං ගණ‍්හථා”ති සීලං දෙති. තෙ ගහෙත්‍වාපි න රක‍්ඛන‍්ති ආචරියො තමත්‍ථං අන‍්තෙවාසිකානං ආරොචෙසි. අන‍්තෙවාසිකා “භන‍්තෙ, තුම‍්හෙ එතෙසං අරුචියා සීලං දෙථ, තස‍්මා භින්‍දන‍්ති, ඉතො දානි පට‍්ඨාය යාචන‍්තානඤ‍්ඤෙව දදෙය්‍යාථ, මා අයාචන‍්තාන”න‍්ති වදිංසු. සො විප‍්පටිසාරී අහොසි, එවං සන‍්තෙපි දිට‍්ඨදිට‍්ඨානං සීලං දෙතියෙව.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද නිසිවියට එළඹ, තක්ෂිලාවේ දිසාපාමොක් ඇදුරුතුමාගේ ප්‍රධාන අන්තේවාසිකයා විය. ‘කාරණ්ඩිය’ යනු බෝසතුන්ගේ එකල නාමය’යි. දිසාපාමොක් ඇදුරුතුමා කෙවුල් ආදී වූ දුටු දුටු අයට ඔවුන්ගේ ඉල්ලීමකින් තොරවම, ‘සිල් ගනිවු, සිල් ගනිවු’ යැයි කියමින් ඔවුන්ට සිල් දෙති. ඔවුහු ද සිල් ගත්තත් ආරක්ෂා නොකෙරෙති. ඇදුරුතුමා මේ බව සිය ගෝලයන්ට කීය. එවිට ගෝලයෝ ‘ස්වාමීනි, ඔබතුමා ඔවුන්ගේ අකමැත්ත පිට සිල්දෙයි. ඔවුන් සිල් බිඳින්නේ ඒ නිසාවෙනි. එබැවින් අද පටන් ඉල්ලා සිටින අයට පමණක් සිල් දෙනු මැනවි. නොඉල්ලන අයට නොදෙනු මැනවැ’යි කීහ. මේ කථාවෙන් ගුරුවරයාගේ සිත කලකිරුණේය. එසේ වුවත්, දුටු දුටු අයට සිල් දෙන එක නැවැත්තුවේ නැත.

අථෙකදිවසං එකස‍්මා ගාමා මනුස‍්සා ආගන‍්ත්‍වා බ්‍රාහ‍්මණවාචනකත්‍ථාය ආචරියං නිමන‍්තයිංසු. සො කොරණ‍්ඩියමාණවං පක‍්කොසිත්‍වා “තාත, අහං න ගච‍්ඡාමි, ත්‍වං ඉමෙ පඤ‍්චසතෙ මාණවෙ ගහෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා වාචනකානි සම‍්පටිච‍්ඡිත්‍වා අම‍්හාකං දින‍්නකොට‍්ඨාසං ආහරා”ති පෙසෙසි. සො ගන‍්ත්‍වා පටිනිවත‍්තන‍්තො අන‍්තරාමග‍්ගෙ එකං කන්‍දරං දිස‍්වා චින‍්තෙසි “අම‍්හාකං ආචරියො දිට‍්ඨදිට‍්ඨානං අයාචන‍්තානඤ‍්ඤෙව සීලං දෙති, ඉතො දානි පට‍්ඨාය යථා යාචන‍්තානඤ‍්ඤෙව දෙති, තථා නං කරිස‍්සාමී”ති. සො තෙසු මාණවෙසු සුඛනිසින‍්නෙසු උට‍්ඨාය මහන‍්තං මහන‍්තං සෙලං උක‍්ඛිපිත්‍වා කන්‍දරායං ඛිපි, පුනප‍්පුනං ඛිපියෙව. අථ නං තෙ මාණවා උට‍්ඨාය “ආචරිය, කිං කරොසී”ති ආහංසු. සො න කිඤ‍්චි කථෙසි, තෙ වෙගෙන ගන‍්ත්‍වා ආචරියස‍්ස ආරොචෙසුං. ආචරියො ආගන‍්ත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

එක්දිනක් කිසියම් ගමකින් ඇදුරුතුමා වෙත පැමිණි මිනිස්සු කණ්ඩායමක් බ්‍රාහ්මණ පාඨ කියවා ගැනීම සඳහා ආරාධනා කළහ. එවිට ඇදුරුතුමා කාරණ්ඩිය නම් වූ සිය ප්‍රධාන ගෝලයා කැඳවා ‘පුත, බ්‍රාහ්මණ පාඨ කියවන ගෙදරට යන්නට මට ඉඩයක් නැත. නුඹ මේ පන්සියයක් මානවකයන් රැගෙන එහි ගොස්, ගිය කාරිය නිමවා නුඹලාට ලැබෙන දෑ ද, අපට දෙන්නට කියා දුන් දෑ ද, රැගෙන එව’යි කීය. මෙසේ සිය ගුරුවරයාගේ නියෝගය අනුව පිරිස ද කැටුව පිටත්ව ගිය කාරණ්ඩිය මානවකයා, ගිය කටයුතු නිමවා ආපසු එන ගමනේ දී, එක් දිය කඳුරක් දැක ‘අපේ ගුරුතුමා ඉල්ලීමකින් තොරව දුටු දුටු අයට සිල් දෙයි. එහෙත් අද පටන් ඉල්ලන අයට පමණක් සිල් දෙන්නට වැඩ සලස්වන්නෙමි’යි සිතා, සුවසේ වාඩිවී හුන් සිය මිතුරු පිරිස අතරින් නැගිට ගොස් විශාල ගල්ගෙඩියක් ඔසවා දියකඳුරට විසිකෙළේය. නැවත නැවතත් නො නවත්වා මේ ක්‍රියාව දිගටම කරගෙන ගියේය. මේ දුටු සෙසු මානවකයෝ ‘ඇදුරුතුමනි, ඔබ මේ කුමක් කෙරෙහිදැ’යි දෙටු ශිෂ්‍ය නායකයාගෙන් විමසූහ. ඔහු ඊට කිසිදු උත්තරයක් නොදුන්නේය. එවිට ශිෂ්‍ය පිරිස වහා ගොස්, දිසාපාමොක් ඇදුරුතුමා හමුවී, සියලු විස්තර එතුමාට දැනුම් දී, එතුමන් සමග කාරණ්ඩිය ගල විසිකරන තැනට පැමිණියහ. දිසාපාමොක් ඇදුරුතුමා වහා කාරණ්ඩිය වෙත ගොස්, ඔහුට කථා කරමින් මෙසේ පැවසීය.

“එකො අරඤ‍්ඤෙ ගිරිකන්‍දරායං, පග‍්ගය‍්හ පග‍්ගය‍්හ සිලං පවෙච‍්ඡසි; පුනප‍්පුනං සන‍්තරමානරූපො, කොරණ‍්ඩිය කො නු තව යිධත්‍ථො”ති.

එකො අරඤ්ඤෙ ගිරිකන්‍දරායං, පග්ගය්හ පග්ගය්හ සීලං පවෙජ්ඣසී, පුනප්පුනං සන්තරමානරූපො, කාරණ්ඩිය කොනු තවයිධත්‍ථො ති,

කාරණ්ඩිය, නුඹ කැලයෙහි තනිවම ගල් රැගෙන ගිරි කඳුරට විසිකරහි. මෙය වහ වහා නැවත නැවත කරන බව පෙනේ. මෙයින් නුඹට ඇති ප්‍රයෝජනය කවරේද?

තත්‍ථ කො නු තව යිධත්‍ථොති කො නු තව ඉධ කන්‍දරායං සිලාඛිපනෙන අත්‍ථො.

මෙහි ‘කොනු තවයිධත්‍ථො’ යනු ‘ගිරි කඳුරට ගල් විසිකිරීමෙන් නුඹට ඇති ප්‍රයෝජනය කවරේද?’ යන අර්ථයි.

සො තස‍්ස වචනං සුත්‍වා ආචරියං පබොධෙතුකාමො දුතියං ගාථමාහ –

ඒ අසා සිටි කාරණ්ඩිය, ගුරුවරයාට එතුමාගේ අඩුපාඩු පෙන්වා දෙන අටියෙන් මෙසේ කීය.

“අහඤ‍්හිමං සාගරසෙවිතන‍්තං, සමං කරිස‍්සාමි යථාපි පාණි; විකිරිය සානූනි ච පබ‍්බතානි ච, තස‍්මා සිලං දරියා පක‍්ඛිපාමී”ති.

2. මම වනාහි සයුර විසින් සේවනය කරන ලද මේ පොළොව, කඳු හා පර්වත ද, බිඳහෙළා අත්ල මෙන් සම කරන්නෙමි. එම නිසා ගිරිකඳුරට ගල් විසි කරමි.

තත්‍ථ අහඤ‍්හිමන‍්ති අහඤ‍්හි ඉමං මහාපථවිං. සාගරසෙවිතන‍්තන‍්ති සාගරෙහි සෙවිතං චාතුරන‍්තං. යථාපි පාණීති හත්‍ථතලං විය සමං කරිස‍්සාමි. විකිරියාති විකිරිත්‍වා. සානූනි ච පබ‍්බතානි චාති පංසුපබ‍්බතෙ ච සිලාපබ‍්බතෙ ච.

මෙහි ‘අහංහිමං’ යනු ‘මම වනාහි මේ මහපොළොව’ යන අර්ථයි. ‘සාගරසෙවිතන්නං’ යනු ‘සිව් සයුරු කෙළවර කොට ඇති සාගරයන් විසින් සෙව්නා ලද’, යන අර්ථයි. ‘යථාපිපාණි’ යනු ‘අත්ල මෙන් සම කරන්නෙමි’, යන අර්ථයි. ‘විකිරිය’ යනු ‘බිඳ හෙළා’ යන අර්ථයි. ‘සානුනි ච පබ්බතානි ච’ යනු ‘පස්කඳු හා ගල් පර්වත’ යන අර්ථයි.

තං සුත්‍වා බ්‍රාහ‍්මණො තතියං ගාථමාහ –

කාරණ්ඩියගේ මේ පිළිතුර අසා සිටි දිසාපාමොක් ඇදුරුතුමා නැවත මෙසේ කීවේය.

“නයිමං මහිං අරහති පාණිකප‍්පං, සමං මනුස‍්සො කරණාය මෙකො; මඤ‍්ඤාමිමඤ‍්ඤෙව දරිං ජිගීසං, කොරණ‍්ඩිය හාහසි ජීවලොක”න‍්ති.

3. කාරණ්ඩිය, මිනිසෙක් තනිව ම මේ මහපොළොව අත්ල මෙන් සම කිරීමට ප්‍රමාණවත් නොවේ. දැදුර වෙනුවෙන් ගන්නා මේ උත්සාහයටම, ජීව ලෝකය අත්හරින්නට සිදුවේයැයි හඟිමි.

තත්‍ථ කරණාය මෙකොති කරණාය එකො කාතුං න සක‍්කොතීති දීපෙති. මඤ‍්ඤාමිමඤ‍්ඤෙව දරිං ජිගීසන‍්ති අහං මඤ‍්ඤාමි තිට‍්ඨතු පථවී, ඉමඤ‍්ඤෙව එකං දරිං ජිගීසං පූරණත්‍ථාය වායමන‍්තො සිලා පරියෙසන‍්තො උපායං විචිනන‍්තොව ත්‍වං ඉමං ජීවලොකං හාහසි ජහිස‍්සසි, මරිස‍්සසීති අත්‍ථො.

මෙහි ‘කරණායමෙකො’ යනු ‘තනිව සිදු කිරීමයි. එසේ කිරීමට නොහැකි වේ යැයි දක්වයි. ‘මඤ්ඤාමිමඤ්ඤෙව දරිං ජිංගිසං’ යනු ‘පොළොව තිබුණාවේ, මේ එකම කඳුරැළිය පිරවීමට දරන වෙහෙස වෙනුවෙන් උත්සාහ කිරීමෙන්, එනම් ගල් සොයමින්, උපායයන් සිතමින්ම ඔබ මේ ජීව ලෝකය අත්හරින්නෙහිය. මරණයට පත්වන්නෙහිය’ යන අර්ථයි.

තං සුත්‍වා මාණවො චතුත්‍ථං ගාථමාහ –

මේ කථාව අසා සිටි කාරණ්ඩිය මානවකයා මෙසේ පැවසීය.

“සචෙ අයං භූතධරං න සක‍්කා, සමං මනුස‍්සො කරණාය මෙකො; එවමෙව ත්‍වං බ්‍රහ‍්මෙ ඉමෙ මනුස‍්සෙ, නානාදිට‍්ඨිකෙ නානයිස‍්සසි තෙ”ති.

4. බ්‍රාහ්මණතුමනි, ඉදින් මේ එක මිනිසෙක් පොළොව සම කිරීමට සමත් නොවේද? එපරිද්දෙන් ඔබ ද නානා දෘෂ්ටිගත ඒ මේ මිනිසුන් ග්‍රහණයට නොගන්නෙහිය.

තස‍්සත්‍ථො – සචෙ අයං එකො මනුස‍්සො ඉමං භූතධරං පථවිං සමං කාතුං න සක‍්කා න සමත්‍ථො, එවමෙව ත්‍වං ඉමෙ දුස‍්සීලමනුස‍්සෙ නානාදිට‍්ඨිකෙ නානයිස‍්සසි, තෙ එවං “සීලං ගණ‍්හථ, සීලං ගණ‍්හථා”ති වදන‍්තො අත‍්තනො වසං න ආනයිස‍්සසි, පණ‍්ඩිතපුරිසායෙව හි පාණාතිපාතං “අකුසල”න‍්ති ගරහන‍්ති. සංසාරමොචකාදයො පනෙත්‍ථ කුසලසඤ‍්ඤිනො, තෙ ත්‍වං කථං ආනයිස‍්සසි, තස‍්මා දිට‍්ඨදිට‍්ඨානං සීලං අදත්‍වා යාචන‍්තානඤ‍්ඤෙව දෙහීති.

ඉදින් මේ එක මිනිසෙක් ‘භූත ධර’ නම් වූ මේ මහපොළොව සම කරන්නට අපොහොසත් වේද? සමත් නොවේද? එපරිද්දෙන් ම ඔබ, නානා දෘෂ්ටිගත මේ දුසිල් මිනිසුන් ග්‍රහණය කොට නොගන්නෙහිය. මේ අයුරින් ‘සිල් ගනිවු’ යැයි කියමින් තමාගේ වසඟයට නොගන්නෙහිය. පණ්ඩිත පුරුෂයෝ ම ‘ප්‍රාණඝාතය අකුසල් යැ’යි ගරහති. මෙහිදී සසරින් මිදනු කැමැති අය, කුසල් හැඟීම් ඇත්තාහු නම් වෙති. එසේ නොවන අය, ඔබ කෙසේ නම් අවනත කරගන්නෙහිද? එබැවින් දුටු දුටු අයට සිල් නොදී ඉල්ලන අයට පමණක් සිල් දෙනු මැනවි’ යන අර්ථයි.

තං සුත්‍වා ආචරියො “යුත‍්තං වදති කොරණ‍්ඩියො, ඉදානි න එවරූපං කරිස‍්සාමී”ති අත‍්තනො විරද‍්ධභාවං ඤත්‍වා පඤ‍්චමං ගාථමාහ –

මේ අසා සිටි ඇදුරුතුමා ‘මේ කාරණ්ඩිය සුදුස්සක්ම කියා යැ’යි, කල්පනාකොට එවක් පටන් එසේ නොකරන්නට අදිටන්කොට ගෙන, එසේම ඊට තමාගේ එකඟත්වය ප්‍රකාශ කරමින් මෙසේ පැවසුවේය.

“සංඛිත‍්තරූපෙන භවං මමත්‍ථං, අක‍්ඛාසි කොරණ‍්ඩිය එවමෙතං; යථා න සක‍්කා පථවී සමායං, කත‍්තුං මනුස‍්සෙන තථා මනුස‍්සා”ති.

5. කාරණ්ඩිය, එය එසේමය. මිනිසකු විසින් මේ පොළොව සම කරනු ලැබිය නොහෙන්නේ යම් සේද මිනිසුන් යහපත් කිරීමද එසේය. පින්වත් ඔබ මට යහපතක්ම කීවෙහිය.

තත්‍ථ සමායන‍්ති සමං අයං. එවං ආචරියො මාණවස‍්ස ථුතිං අකාසි, සොපි නං බොධෙත්‍වා සයං ඝරං නෙසි.

මෙහි ‘සමායං’ යනු ‘සම කිරීමට’ යන අර්ථයි. මෙසේ ඇදුරුතුමා සිය ගෝලයා වන මානවකයාට ස්තුති කළේය. ගෝලයා ද ගුරුවරයාට කරුණු අවබෝධ කරවා නිවෙසට කැඳවාගෙන ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රාහ‍්මණො සාරිපුත‍්තො අහොසි, කොරණ‍්ඩියමාණවො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද, එදා ඇදුරුතුමා නම් සාරිපුත්ත තෙරණුවෝය. කාරණ්ඩිය පඬිතුමා වූ කලී ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කොරණ‍්ඩියජාතකවණ‍්ණනා ඡට‍්ඨා.