යෙදුමෙන් කියවන්න

10. සුයොනන්‍දීජාතකවණ‍්ණනා 360 අට‍්ඨකථා

10. සුයොනන්‍දීජාතකවණ‍්ණනා (360)

10. සුසන්‍ධි ජාතකය (360)

වාති ගන්‍ධො තිමිරානන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ “කිං දිස‍්වා”ති වත්‍වා “අලඞ‍්කතමාතුගාම”න‍්ති වුත‍්තෙ “මාතුගාමො නාමෙස භික‍්ඛු න සක‍්කා රක‍්ඛිතුං, පොරාණකපණ‍්ඩිතා සුපණ‍්ණභවනෙ කත්‍වා රක‍්ඛන‍්තාපි රක‍්ඛිතුං නාසක‍්ඛිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘වාතිගන්‍ධො තිමිරානං’ යන මේ ගාථා කොටස දැක්වෙන ජාතක කථාව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කලකිරුණු භික්‍ෂුවක අරබයා වදාළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ ඉහත කී භික්‍ෂුව කැඳවා, ‘මහණ, ඔබගේ කලකිරීම සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේයැ’යි, භික්‍ෂුව උත්තර දුන්නේය. ‘මහණ, කුමක් දැක කලකිරුණෙහිද?’ ‘අබරණින් සැරසුණු කාන්තාවක් දැකීමෙනි.’ ‘මහණ, කාන්තාවෝ වනාහි, රැකීමට නොහැක්කෝය. පැරණි පඬිවරු පවා, ගුරුළු භවනයෙහි තබා රැකීමට උත්සාහ ගත් නමුත්, ස්වකීය භාර්යාවන් ආරක්ෂා කරගන්නට අපොහොසත් වූහ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, ඒ කලකිරුණු භික්‍ෂුවගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං තම‍්බරාජා නාම රජ‍්ජං කාරෙසි. තස‍්ස සුයොනන්‍දී නාම අග‍්ගමහෙසී අහොසි උත‍්තමරූපධරා. තදා බොධිසත‍්තො සුපණ‍්ණයොනියං නිබ‍්බත‍්ති, තස‍්මිං කාලෙ නාගදීපො සෙදුමදීපො නාම අහොසි. බොධිසත‍්තො තස‍්මිං දීපෙ සුපණ‍්ණභවනෙ වසති. සො බාරාණසිං ගන‍්ත්‍වා තම‍්බරාජෙන සද‍්ධිං මාණවකවෙසෙන ජූතං කීළති. තස‍්ස රූපසම‍්පත‍්තිං දිස‍්වා පරිචාරිකා “අම‍්හාකං රඤ‍්ඤා සද‍්ධිං එවරූපො නාම මාණවකො ජූතං කීළතී”ති සුයොනන්‍දියා ආරොචෙසුං. සා සුත්‍වා තං දට‍්ඨුකාමා හුත්‍වා එකදිවසං අලඞ‍්කරිත්‍වා ජූතමණ‍්ඩලං ආගන‍්ත්‍වා පරිචාරිකානං අන‍්තරෙ ඨිතා නං ඔලොකෙසි. සොපි දෙවිං ඔලොකෙසි. ද‍්වෙපි අඤ‍්ඤමඤ‍්ඤං පටිබද‍්ධචිත‍්තා අහෙසුං. සුපණ‍්ණරාජා අත‍්තනො ආනුභාවෙන නගරෙ වාතං සමුට‍්ඨාපෙසි, ගෙහපතනභයෙන රාජනිවෙසනා මනුස‍්සා නික‍්ඛමිංසු. සො අත‍්තනො ආනුභාවෙන අන්‍ධකාරං කත්‍වා දෙවිං ගහෙත්‍වා ආකාසෙන ආගන‍්ත්‍වා නාගදීපෙ අත‍්තනො භවනං පාවිසි සුයොනන්‍දියා ගතට‍්ඨානං ජානන‍්තා නාම නාහෙසුං. සො තාය සද‍්ධිං අභිරමමානො ගන‍්ත්‍වා රඤ‍්ඤා සද‍්ධිං ජූතං කීළති.

පෙර බරණැස් නුවර ‘තම්බ’ නම් රජෙක් රාජ්‍යය කරවීය. ඒ රජතුමාට ‘සුසන්‍ධි’ නම් අගමෙහෙසියක් වූවාය. ඇය උසස් රූපශ්‍රීයෙන් යුක්තය. එකල බෝසත් තෙමේ ගුරුළු ජාතියෙහි ඉපිද සිටියේය. එකල ‘නාගදීපය’, ‘සේරුම දීපය’ නමින් හැඳින්වීය. බෝසත් තෙමේ එම දිවයිනෙහි ගුරුළු භවනයක වාසය කරයි. දිනක් ගුරුළු භවනයෙන් නික්මුණු බෝසත් ගුරුළුරාජයා බරණැසට ගොස් මානවක ස්වරූපයක් මවාගෙන, තම්බ රජු සමග දූකෙළියෙහි යෙදුණේය. ගුරුළු රජුගේ රූප සම්පත්තිය දුටු රාජ සේවිකාවක්, අගමෙහෙසිය වෙත දිවැ ගොස් රජු සමග සූදුකෙළින තුරුණ මානවකයා ගැන, වර්ණනාත්මක විස්තරයක් දේවියට පැවසුවාය. ඒ ඇසූ දේවියට තරුණයා බැලීමට, තද ආසාවක් ඇති විය. එය ඉවසා සිටි දේවිය පසුදිනෙක මානවකයා රජු සමග ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවක් බලා, වස්ත්‍රාභරණයෙන් සැරසී, ක්‍රීඩා මණ්ඩපයට පැමිණ, සෙසු සේවිකාවන් අතර සිටිමින් තරුණ ගුරුළු රජු දෙස බැලුවාය. ඔහු ද ඇය දෙස බැලුවේය. දෙදෙනාම එක බැල්මෙන් ම ඔවුනොවුන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තෝ වූහ. එවිට ගුරුලු රාජයා තමාගේ ආනුභාවයෙන් නුවර පුරා තද සුළඟක් මැවීය. සුළඟේ බරපතලකම නිසා ‘රාජමාලිගය බිමට පාත්වේ’ යැයි සිතූ මිනිස්සු, වහා එයින් ඉවතට පැන ගත්හ. ඒ අතර තම ආනුභාවයෙන් දැඩි අන්ධකාරයක් මැවූ ගුරුළු රාජයා, වහා දේවිය රැගෙන අහසට නැග නාගදීපයෙහි, ස්වකීය භවනයට ගියේය. ‘රාජ දේවිය කොහි ගියාදැ’යි කිසිවෙක් නොදත්හ. එදා සිට ගුරුළු රාජයා ඈ සමග සිත් අලවා වෙසෙමින්, සුපුරුදු ලෙසින් ම රජු සමග දූ කෙළියට බරණැස බලා යයි. එපමණක් නොව, කිසිවක් නොදත්තාක් මෙන් රජු සමග ක්‍රීඩාවෙහි ද යෙදෙයි.

රඤ‍්ඤො පන සග‍්ගො නාම ගන්‍ධබ‍්බො අත්‍ථි, සො දෙවියා ගතට‍්ඨානං අජානන‍්තො තං ගන්‍ධබ‍්බං ආමන‍්තෙත්‍වා “ගච‍්ඡ, තාත, ගන්‍ධබ‍්බ සබ‍්බං ථලජලපථං අනුවිචරිත්‍වා දෙවියා ගතට‍්ඨානං පස‍්සා”ති උය්‍යොජෙසි. සො පරිබ‍්බයං ගහෙත්‍වා ද‍්වාරගාමතො පට‍්ඨාය විචිනන‍්තො කුරුකච‍්ඡං පාපුණි. තදා කුරුකච‍්ඡවාණිජා නාවාය සුවණ‍්ණභූමිං ගච‍්ඡන‍්ති. සො තෙ උපසඞ‍්කමිත්‍වා “අහං ගන්‍ධබ‍්බො නාවාය වෙතනං ඛණ‍්ඩෙත්‍වා තුම‍්හාකං ගන්‍ධබ‍්බං කරිස‍්සාමි, මම‍්පි නෙථා”ති ආහ. තෙ “සාධූ”ති තම‍්පි ආරොපෙත්‍වා නාවං විස‍්සජ‍්ජෙසුං. තෙ සුඛපයාතාය නාවාය තං පක‍්කොසිත්‍වා “ගන්‍ධබ‍්බං නො කරොහී”ති ආහංසු. “අහං චෙ ගන්‍ධබ‍්බං කරෙය්‍යං, මයි පන ගන්‍ධබ‍්බං කරොන‍්තෙ මච‍්ඡා චලිස‍්සන‍්ති, අථ වො නාවො භිජ‍්ජිස‍්සතී”ති. “මනුස‍්සමත‍්තෙ ගන්‍ධබ‍්බං කරොන‍්තෙ මච‍්ඡානං චලනං නාම නත්‍ථි, කරොහී”ති. “තෙන හි මා මය‍්හං කුජ‍්ඣිත්‍ථා”ති වීණං මුච‍්ඡිත්‍වා තන‍්තිස‍්සරෙන ගීතස‍්සරං, ගීතස‍්සරෙන තන‍්තිස‍්සරං අනතික‍්කමිත්‍වා ගන්‍ධබ‍්බං අකාසි. තෙන සද‍්දෙන සම‍්මත‍්තා හුත්‍වා මච‍්ඡා චලිංසු.

බරණැස් රජුට හිතවත් ‘අග්ග’ නම් ගාන්ධර්වයෙක් විය. ‘සිය දේවිය කොහි ගියා දැ’යි, සොයමින් සිටි රජතුමා, දිනක් ඉහත කී ගාන්ධර්වයාට කථාකොට, ‘පුත, යන්න. සියලු ගොඩබිමත් සයුරත් වෙනත් ජලය ඇති ස්ථානත් සොයා බලා, ‘දේවිය කොහි සිටීදැ’යි මට දන්වන්න’ යැයි කියා ඔහු පිටත්කොට යැවීය. රජුගෙන් අවසර ගත් ගාන්ධර්වයා ගමනට අවශ්‍ය සියලු දේ සපයාගෙන, වාසල්දොරටුවේ පටන් සොයමින් ගොස්, ‘භාරු කච්ඡ’ නම් ස්ථානයට පැමිණුනේය. භාරු කච්ඡ යනු වරායකි. එහි සිට නිතර වෙළෙන්දෝ නැව්වලින් ස්වර්ණ භූමියට, එනම් බුරුම දේශයට යති. වරායෙහි සිටි වෙළෙඳුන් වෙත පැමිණි අග්ග, ‘වෙළෙඳුනි, මම ගාන්ධර්වයෙක් වෙමි. මා ද ඔබේ ගමනට සම්බන්ධ කරගනු මැනවි. මම ඔබට සංගීතය සපයන්නෙමි. එබැවින් මාගෙන් මුදල් අය නොකරනු මැනවැ’යි කීය. ඊට එකඟ වූ වෙළෙන්දෝ අග්ගද නැවට නංවාගෙන, නැව දියත් කළහ. වෙළෙන්දෝ නැවෙන් සැප සේ ගමන් කරන අතරේදී, අග්ගට කථා කොට ‘ගාන්ධර්වය, අපට සංගීතය පවත්වනු මැනවැ’යි කීහ. ‘හිතවතුනි, මට සංගීතය දැක්විය හැකිය. එහෙත් සංගීතයට මාලු කැළඹෙති. එසේ වුවහොත් නුඹලාගේ මේ නැව බිඳී යන්නට බැරි නැතැ’යි, අග්ග පැවසීය. මේ අදහස නොපිළිගත් වෙළෙන්දෝ ‘තනි මිනිසකුගේ සංගීතයට මාලුවෝ නොකැළඹෙති. අපට සංගීතය දක්වනු මැනවැ’යි කීහ. ‘එසේ නම් මා හා අමනාප නොවනු මැනවැ’යි කී අග්ග තම වීණාව ඉවතට ගෙන එය සුසර කොට, වීණා නාදයත් ගීත ගායනයත් එකින් එක අභිබවා නොයන පරිද්දෙන් සමව සංගීත ප්‍රසංගය ඇරඹීය. එයින් මත් වූ මාලු රැළ මහත් සේ කලබල කරන්නට පටන් ගත්හ.

අථෙකො මකරො උප‍්පතිත්‍වා නාවාය පතන‍්තො නාවං භින්‍දි. සග‍්ගො ඵලකෙ නිපජ‍්ජිත්‍වා යථාවාතං ගච‍්ඡන‍්තො නාගදීපෙ සුපණ‍්ණභවනස‍්ස නිග්‍රොධරුක‍්ඛස‍්ස සන‍්තිකං පාපුණි. සුයොනන්‍දීපි දෙවී සුපණ‍්ණරාජස‍්ස ජූතං කීළිතුං ගතකාලෙ විමානා ඔතරිත්‍වා වෙලන‍්තෙ විචරන‍්තී සග‍්ගං ගන්‍ධබ‍්බං දිස‍්වා සඤ‍්ජානිත්‍වා “කථං ආගතොසී”ති පුච‍්ඡි. සො සබ‍්බං කථෙසි. “තෙන හි මා භායී”ති තං අස‍්සාසෙත්‍වා බාහාහි පරිග‍්ගහෙත්‍වා විමානං ආරොපෙත්‍වා සයනපිට‍්ඨෙ නිපජ‍්ජාපෙත්‍වා සමස‍්සත්‍ථකාලෙ දිබ‍්බභොජනං දත්‍වා දිබ‍්බගන්‍ධොදකෙන න‍්හාපෙත්‍වා දිබ‍්බවත්‍ථෙහි අච‍්ඡාදෙත්‍වා දිබ‍්බගන්‍ධපුප‍්ඵෙහි අලඞ‍්කරිත්‍වා පුන දිබ‍්බසයනෙ නිපජ‍්ජාපෙසි. එවං දිවසං පරිග‍්ගහමානා සුපණ‍්ණරඤ‍්ඤො ආගමනවෙලාය පටිච‍්ඡාදෙත්‍වා ගතකාලෙ තෙන සද‍්ධිං කිලෙසවසෙන අභිරමි. තතො මාසද‍්ධමාසච‍්චයෙන බාරාණසිවාසිනො වාණිජා දාරුදකගහණත්‍ථාය තස‍්මිං දීපෙ නිග්‍රොධරුක‍්ඛමූලං සම‍්පත‍්තා. සො තෙහි සද‍්ධිං නාවං අභිරුය‍්හ බාරාණසිං ගන‍්ත්‍වා රාජානං දිස‍්වාව තස‍්ස ජූතකීළනවෙලාය වීණං ගහෙත්‍වා රඤ‍්ඤො ගන්‍ධබ‍්බං කරොන‍්තො පඨමං ගාථමාහ –

ඒ අතර සිටි දැවැන්ත මෝරෙක් කරණමක් ගසා නැවට පැන්නේය. එයින්ම නැව බිඳී ගියේය. සුන් වූ නැවෙන් වක් වූ ලෑල්ලක් හසුකොට ගත් අග්ග, එය ආධාර කොටගෙන ලෑල්ල සුළඟට යොමු කරමින් කෙසේ හෝ නාගදීපයට ළඟාවිය. එහි ඒ මේ අත ඇවිදින අග්ග, ගුරුළු භවනය පිහිටා තිබූ විශාල නුග ගස සමීපයට පැමිණුනේය. සුසන්‍ධි දේවිය ද, ගුරුළු රජු භවනයෙන් බැහැර වූ අවස්ථාවල දී වෙරළෙහි ඇවිදින්නට යයි. එසේ විමානයෙන් බැස ඇවිදින ඇවිදින ඇයට අග්ගයා මුණගැසිණි. දුටු පමණින් වහා හඳුනා ගත් ඇය, ඔහු වෙත ගොස් ‘ඔබ මෙහි කෙසේ පැමිණියෙහිදැ’යි ඇසුවාය. අග්ග සියලු විස්තර මුලපටන් ඇයට කීවේය. ‘එසේ නම්, ඔබ බිය නොවන්න. මම ඔබට පිහිට වන්නෙමි’යි කී දේවිය, ඔහු අස්වසා ඔහුගේ දෑත් වැළඳගෙන, විමානයට කැඳවාගෙන ගොස්, යහන මත ඔහු සතපවා විඩා හරින්නට සලස්වා පසුව දිව්‍යභෝජන අනුභව කරවා දිවසුවඳ මුසු ජලයෙන් නහවා, දිවසලු හඳවා දිව්‍යමය සුවඳින් හා මලින් සරසා, දිව යහනක නිදන්නට සැලැස්වූවාය. මේ අයුරින් අග්ගයා පෝෂණය කළ සුසන්‍ධි රාජදේවිය, ගුරුළු රජු පැමිණෙන අවස්ථාවලදී අග්ගයා සඟවා තබන්නටත්, ගුරුළු රජු බැහැර ගිය කල්හි, සැඟවූ තැනින් එළියට ගෙන, ඔහු හා විනෝදයෙන් කෙළිදෙලෙන් කල් ගෙවමින්, අඹුසැමියන් ලෙස ජීවත්වන්නටත් පටන් ගත්තාය. මෙයින් මාස එකහමාරකට පමණ පසුව, බරණැස් නුවර වැසි වෙළෙඳ පිරිසක් දර හා වතුර අවශ්‍යතාවක් නිසා, ඔවුන්ගේ නැවෙන් නාගදීපයට ගොඩබැස්සාහුය. ගුරුළු විමානය සහිත නුගගස සමීපයෙහි හැසිරුණු ඔවන් දුටු අග්ග, ඔවුන් හා කථාකොට මිතුරුව, ඔවුන් සමග එම නැවෙන් බරණැස් නුවරට පැමිණියේය. බරණැසට පැමිණි වහාම රජු හමුවට ගිය අග්ගට, පෙර පරිද්දෙන්ම දූකෙළියෙහි යෙදී සිටින රජවරුන් දෙදෙනා දැකගත හැකිවිය. වීණාවක් රැගෙන ඔවුන් සමීපයට ගිය අග්ග, ඔවුන්ට සංගීත රසය ලබාදෙන අයුරෙන් මෙසේ ගායනා කෙළේය.

“වාති ගන්‍ධො තිමිරානං, කුසමුද‍්දො ච ඝොසවා; දූරෙ ඉතො සුයොනන්‍දී, තම‍්බ කාමා තුදන‍්ති ම”න‍්ති.

වාති ගන්‍ධො තිමිරානං - කුස මුද්දාව ඝොසවා, දූරෙ ඉතොභි සුසන්‍ධි - තම්බකාමා තුදන්ති මන්ති

තම්බ රජතුමනි, මිදෙල්ල මල්වල සුවඳ හමයි. කුඩා සමුදුර ඝෝෂා කරයි. සුසන්‍ධිය මෙයින් බොහෝ ඈතය. (එබැවින්) ආශාවෙන් මා රිදවති.

තත්‍ථ තිමිරානන‍්ති තිමිරරුක‍්ඛපුප‍්ඵානං. තං කිර නිග්‍රොධං පරිවාරෙත්‍වා තිමිරරුක‍්ඛා අත්‍ථි, තෙ සන්‍ධායෙවං වදති. කුසමුද‍්දොති ඛුද‍්දකසමුද‍්දො. ඝොසවාති මහාරවො. තස‍්සෙව නිග්‍රොධස‍්ස සන‍්තිකෙ සමුද‍්දං සන්‍ධායෙවමාහ. ඉතොති ඉමම‍්හා නගරා. තම‍්බාති රාජානං ආලපති. අථ වා තම‍්බකාමාති තම‍්බෙන කාමිතකාමා තම‍්බකාමා නාම. තෙ මං හදයෙ විජ‍්ඣන‍්තීති දීපෙති.

මෙහි ‘තිමිරානං’ යනු ‘මිදෙල්ල මල්ය’ එම නුගරුක පිරිවරා මිදෙල්ල ගස් ඇත. මේ කියන ලද්දේ එයයි. ‘කුසමුද්දො’ යනු ‘දිය සමුදුර’යි. ‘ඝොසවා’ යනු ‘මහා නාදය’යි. මෙයින් ඒ නුග ගස සමීපයේ ඇති මුහුද ගැන කියන ලදි. ‘ඉතො හි’ යනු ‘මේ නගරයෙන්’, යන අර්ථයි. ‘තම්බ’ යනු ‘එසේ රජු අමතයි’ යන අර්ථයි. තවද ‘තම්බකාමා’ යනුවෙන් ගතහොත් ‘තම්බ විසින් කැමති වන ලද බැවින් තම්බකාමා වී යැ’යි, කිය හැකිය. ‘ඒ ඇය මා හද රිදවා යැ’යි දක්වයි.

තං සුත්‍වා සුපණ‍්ණො දුතියං ගාථමාහ –

අග්ගහේ මේ ගීතය අසා සිටි ගුරුළු රාජයා මෙසේ පැවසීය.

“කථං සමුද‍්දමතරි, කථං අද‍්දක‍්ඛි සෙදුමං; කථං තස‍්සා ච තුය‍්හඤ‍්ච, අහු සග‍්ග සමාගමො”ති.

2. අග්ගය, (නුඹ) සමුදුර කෙසේ තරණය කෙළෙහිද? සේරුමදීපය දුටුවේ කෙසේද? ඔබේත් ඇයගේත් එක වීම කෙසේනම් සිදුවීද?

තත්‍ථ සෙදුමන‍්ති සෙදුමදීපං.

මෙහි ‘සෙරුමං’ යනු ‘සේරුම දිවයින’යි.

තතො සග‍්ගො තිස‍්සො ගාථා අභාසි –

ගුරුළු රාජයාට පිළිතුරු දෙන අග්ග, මෙසේ පැවසීය.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; මකරෙහි අභිදා නාවා, ඵලකෙනාහමප‍්ලවිං.

3. භරුකච්ඡා පටුන් ගමින් ගමන් කරන, ධනය සොයන, වෙළෙන්දන්ගේ නැව, මෝරුන් විසින් බිඳ දමන ලදි. මම ලෑල්ලක් සහය කොටගෙන එතෙර වීමි.

“සා මං සණ‍්හෙන මුදුනා, නිච‍්චං චන්‍දනගන්‍ධිනී; අඞ‍්ගෙන උද‍්ධරී භද‍්දා, මාතා පුත‍්තංව ඔරසං.

4. නිරතුරු සඳුන් සුවඳ වහනය වන, ඒ යහපත් තැනැත්තිය, තම පුතා වඩාගන්නා මවක මෙන් සිලිටිව මෘදුව, මා දෑතින් ඔසවා ගත්තාය.

“සා මං අන‍්නෙන පානෙන, වත්‍ථෙන සයනෙන ච; අත‍්තනාපි ච මන්‍දක‍්ඛී, එවං තම‍්බ විජානහී”ති.

5. තම්බ රජතුමනි, මෙසේ දැනගනු මැනවි. ඒ මන්දලෝචනිය ආහාර පානයෙන් ද වස්ත්‍රයෙන් ද යහනින් ද සිය සිරුරෙන් ද මා සැතපුවාය.

තත්‍ථ සා මං සණ‍්හෙන මුදුනාති එවං ඵලකෙන තීරං උත‍්තිණ‍්ණං මං සමුද‍්දතීරෙ විචරන‍්තී සා දිස‍්වා “මා භායී”ති සණ‍්හෙන මුදුනා වචනෙන සමස‍්සාසෙත්‍වාති අත්‍ථො. අඞ‍්ගෙනාති බාහුයුගළං ඉධ “අඞ‍්ගෙනා”ති වුත‍්තං. භද‍්දාති දස‍්සනීයා පාසාදිකා. සා මං අන‍්නෙනාති සා මං එතෙන අන‍්නාදිනා සන‍්තප‍්පෙසීති අත්‍ථො. අත‍්තනාපි චාති න කෙවලං අන‍්නාදීහෙව, අත‍්තනාපි මං අභිරමෙන‍්තී සන‍්තප‍්පෙසීති දීපෙති. මන්‍දක‍්ඛීති මන්‍දදස‍්සනී, මුදුනා ආකාරෙන ඔලොකනසීලාති වුත‍්තං හොති. “මත‍්තක‍්ඛී”තිපි පාඨො, මදමත‍්තෙහි විය අක‍්ඛීහි සමන‍්නාගතාති අත්‍ථො. එවං තම‍්බාති එවං තම‍්බරාජ ජානාහීති.

මෙහි ‘සා මං සණ්හොන මුදුනා’ යනු ‘මෙසේ ලෑල්ලක ආධාරයෙන් ඉවුරට ගොඩ බැස්සා වූ මා දුටු, වෙරළෙහි ඇවිදිමින් සිටි ඇය, බිය නොවන ලෙස සිලිටි මෘදු වචනයෙන් අස්වැසුවාය’ යන අර්ථයි. ‘අංගෙන’ යනුවෙන් ‘බාහු යුවල ගැන’ කියන ලදි. ‘භද්දා’ යනු ‘දැකුම්කලු ප්‍රසාදය එළවනසුලු’ යන අර්ථයි. ‘සා මං අන්නෙන’ යනු ‘ඇය ආහාර පානාදියෙන් මා සන්තර්පණය කළාය’ යන අර්ථයි. ‘අත්තනාපි ච’ යනු ‘හුදෙක් ආහාරපානවලින් පමණක් නොව, සිය සිරුරෙන් ද මා සතුටු කළාය. සන්තර්පණය කළාය’ යන අර්ථයි. ‘මද්දක්ඛී’ යනු ‘චන්‍දලෝචනා’ යන්නයි. ‘මෘදු ලෙස බලනසුලු’ යන අර්ථයි. ‘මත්තක්ඛී’ යනු ද පාඨයකි. ‘රාගයෙන් මත් වූවාක් වැනි ඇස් ඇති, එබඳු ඇස්වලින් යුතු’ යන අර්ථයි. ‘එව තම්බ’ යනු ‘තම්බ රජතුමනි, මෙසේ දැනගනු මැනවි’ යන අර්ථයි.

සුපණ‍්ණො ගන්‍ධබ‍්බස‍්ස කථෙන‍්තස‍්සෙව විප‍්පටිසාරී හුත්‍වා “අහං සුපණ‍්ණභවනෙ වසන‍්තොපි රක‍්ඛිතුං නාසක‍්ඛිං, කිං මෙ තාය දුස‍්සීලායා”ති තං ආනෙත්‍වා රඤ‍්ඤො පටිදත්‍වා පක‍්කාමි, තතො පට‍්ඨාය පුන නාගච‍්ඡීති.

ගුරුළු රාජයා අග්ගනම් වූ මේ ගාන්ධර්වයාගේ කතාව අසා සිට, අතිශයින්ම කලකිරීමට පත්ව ‘මම ගුරුළු විමනක වාසය කොටත්, ඇය රැක ගැනීමට අපොහොසත් වීමි. දුසිල්වත් ඇගෙන් මට කවර නම් ප්‍රයෝජනයක් දැ’යි කල්පනාකොට බලා, වහා ඈ රැගෙන විත් බරණැස් රජුට ම නැවත පවරා දී ආපසු ගියේය. නැවත ඔහු කිසිදිනෙක පෙරළා පැමිණියේ නැත.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා රාජා ආනන්‍දො අහොසි, සුපණ‍්ණරාජා පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. ‘එදා රජු නම්, අනඳ තෙරණුවෝ යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ ගුරුළු රාජයා වූ කලී, ‘මම ම වීමි’යිද වදාළ සේක.

සුයොනන්‍දීජාතකවණ‍්ණනා දසමා.

මණිකුණ‍්ඩලවග‍්ගො පඨමො.

ප්‍රථම මණ්කුණ්ඩල වර්ගය යි.