යෙදුමෙන් කියවන්න

1. වණ‍්ණාරොහජාතකවණ‍්ණනා 361 අට‍්ඨකථා

1. වණ‍්ණාරොහජාතකවණ‍්ණනා (361)

1. වණ්ණාරෝහ ජාතකය (361)

වණ‍්ණාරොහෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ද‍්වෙ අග‍්ගසාවකෙ ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ උභොපි මහාථෙරා “ඉමං අන‍්තොවස‍්සං සුඤ‍්ඤාගාරං අනුබ්‍රූහෙස‍්සාමා”ති සත්‍ථාරං ආපුච‍්ඡිත්‍වා ගණං පහාය සයමෙව පත‍්තචීවරං ආදාය ජෙතවනා නික‍්ඛමිත්‍වා එකං පච‍්චන‍්තගාමං නිස‍්සාය අරඤ‍්ඤෙ විහරිංසු. අඤ‍්ඤතරොපි විඝාසාදපුරිසො ථෙරානං උපට‍්ඨානං කරොන‍්තො තත්‍ථෙව එකමන‍්තෙ වසි. සො ථෙරානං සමග‍්ගවාසං දිස‍්වා “ඉමෙ අතිවිය සමග‍්ගා වසන‍්ති, සක‍්කා නු ඛො එතෙ අඤ‍්ඤමඤ‍්ඤං භින්‍දිතු”න‍්ති චින‍්තෙත්‍වා සාරිපුත‍්තත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා “කිං නු ඛො, භන‍්තෙ, අය්‍යෙන මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙන සද‍්ධිං තුම‍්හාකං කිඤ‍්චි වෙරං අත්‍ථී”ති පුච‍්ඡි. “කිං පනාවුසො”ති. එස, භන‍්තෙ, මම ආගතකාලෙ “සාරිපුත‍්තො නාම ජාතිගොත‍්තකුලපදෙසෙහි වා සුතගන්‍ථපටිවෙධඉද‍්ධීහි වා මයා සද‍්ධිං කිං පහොතී”ති තුම‍්හාකං අගුණමෙව කථෙසීති. ථෙරො සිතං කත්‍වා “ගච‍්ඡ ත්‍වං ආවුසො”ති ආහ.

‘වණ්ණාරොහෙන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, අගසවු දෙනම අරබයා වදාළ සේක. එක් කලෙක ඉහත කී තෙරවරු දෙනම ‘මේ වස් කාලය කැලෑ ප්‍රදේශයක විසිය යුතු යැ’යි කල්පනාකොට, බුදුරදුන් වෙත ගොස් ඊට අවසර ලබාගෙන, භික්‍ෂු ගණයාගෙන් වෙන්ව, තමන්වහන්සේම පා-සිවුරු ගෙන දෙව්රමින් නික්ම, එක් පසල්ගමක ආසන්නයේ වූ කැලෑ පෙදෙසක වස් විසූහ. මේ අතර තෙරවරුන් ඇසුරෙහි උන්වහන්සේට ලැබෙන දැයින් ජීවත් වීමට ඉටාගත් කිසියම් පුරුෂයෙක්, අවසර ලබාගෙන එකී දෙනමට උවටැන් කරමින් එම කැලෑ පෙදෙසෙහිම ජීවත් විය. දින කිහිපයකින්ම තෙරවරුන් දෙනමගේ සමගි සම්පන්න බව මැනවින් තේරුම් ගත්, යට කී උපස්ථායකයා, ‘මේ දෙනම ඉතාම සමගිව වෙසෙති. මා මොවුන් භේදකොට මිතුරුදම සිඳ දැමිය යුතුයැ’යි සිතුවේය. එසේ සිතා සැරියුත් තෙරුන් වෙත එළඹ ‘කිමෙක්ද? ස්වාමීනි, මහ මුගලන් තෙරුන් සමග ඔබේ කිසියම් වෛරයක් අමනාපයක් වේදැ’යි ඇසීය. ‘ඇවැත්නි, එසේ ඇසීමට හේතුව කිමදැ’යි තෙරහු ඇසූහ. ‘ස්වාමීනි, මා උන්වහන්සේ වෙත ගිය කල්හි, ‘ඔය සාරිපුත්ත භික්‍ෂුව ජාති-ගෝත්‍ර-කුල ප්‍රදේශ අතින්ද, සූත්‍රාන්ත දැනුම අතින් ද, අවබෝධයෙන් ද, සෘද්ධි බලයෙන් ද මා අනුව බලන කල්හි, කුමන හැකියාවක් ඇත්තෙක්දැ’යි මුගලන් තෙරුන් වහන්සේ ඔබවහන්සේගේ අගුණම මා සමග, කීහ’යි, ඇබිත්ත තරුණයා පැවසීය. එවිට සැරියුත් තෙරණුවෝ සිනා සී, ‘ඇවැත් තරුණය, දැන් ඔබ මෙතැනින් ගියොත් හොඳ යැ’යි වදාළහ.

සො අපරස‍්මිම‍්පි දිවසෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරම‍්පි උපසඞ‍්කමිත්‍වා තථෙව කථෙසි. සොපි නං සිතං කත්‍වා “ගච‍්ඡ, ත්‍වං, ආවුසො”ති වත්‍වා සාරිපුත‍්තත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා “ආවුසො, එසො විඝාසාදො තුම‍්හාකං සන‍්තිකෙ කිඤ‍්චි කථෙසී”ති පුච‍්ඡි. “ආමාවුසො, මය‍්හම‍්පි සන‍්තිකෙ කථෙසි, ඉමං නීහරිතුං වට‍්ටතී”ති. “සාධු, ආවුසො, නීහරා”ති වුත‍්තෙ ථෙරො “මා ඉධ වසී”ති අච‍්ඡරං පහරිත්‍වා තං නීහරි. තෙ උභොපි සමග‍්ගවාසං වසිත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා පටිසන්‍ථාරං කත්‍වා “සුඛෙන වස‍්සං වසිත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “භන‍්තෙ, එකො විඝාසාදො අම‍්හෙ භින්‍දිතුකාමො හුත්‍වා භින්‍දිතුං අසක‍්කොන‍්තො පලායී”ති වුත‍්තෙ “න ඛො සො, සාරිපුත‍්ත, ඉදානෙව, පුබ‍්බෙපෙස තුම‍්හෙ ‘භින්‍දිස‍්සාමී’ති භින්‍දිතුං අසක‍්කොන‍්තො පලායී”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

එයින් නො නැවතුණු ඇබිත්ත තරුණයා මුගලන් තෙරුන් වෙත එළඹ, ඒ කථාවම පැවසීය. මුගලන් තෙරහු ද සිනා පහළකොට ‘ඇවැත්නි, ඔබ දැන් මෙතනින් ගියොත් හොඳ යැ’යි වදාළහ. අනතුරුව සැරියුත් වෙත වැඩි මහ මුගලන් තෙරහු ‘ඇවැත්නි, ශාරිපුත්‍රය, මේ ඇබිත්තයා ඔබ සමීඵයට පැමිණ කිසිවක් කීයේදැ’යි ඇසූහ. ‘එසේය ඇවැත්නි, මා සමග ද ඔහු යම් යම් දේ කියා ඇත. එබැවින් මොහු මෙතැනින් බැහැර කරන්නට සුදුසු යැ’යි, සැරියුත් තෙරණුවෝ පිළිතුරු වශයෙන් කීහ. මෙසේ දෙනමගේම අනුමැතියෙන් ඉහත කී කේලාම් කීමෙහි යෙදුණු තරුණයා අසුරක් ගසා සැරියුත් තෙරණුවන් විසින් පන්නා දමනු ලැබීය. ඉන්පසු දෙදෙනා වහන්සේම සමගියෙන් වස්වැස ඉන් අනතුරුව බුදුරදුන් සමීපයට ගොස් වැඳ, එකත්පස්ව හුන්හ. බුදුරජාණන් වහන්සේ ඒ දෙනම සමග පිළිසඳර කථාකොට ‘සැප සේ වස් විසූහුදැ’යි විචාළ සේක. එවිට අගසවු දෙනම වස් විසීමේ දී ඇබිත්ත තරුණයාගෙන් තමන් වහන්සේට සිදු වූ ගැහැට, බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළහ. ‘ඇවැත් ශාරිපුත්‍රය, ඔබ දෙදෙනා බිඳවීමට ඔහු ගත්, පළමු උත්සාහය මෙය නොවේ. පෙර ද ඔහු එසේ උත්සාහ කොට, එය බැරි වී අවසානයේ දී පැන ගියේ යැ’යි වදාරා, අගසවු දෙනමගේ ආරාධනයෙන්, මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤෙ රුක‍්ඛදෙවතා අහොසි. තදා සීහො ච බ්‍යග‍්ඝො ච අරඤ‍්ඤෙ පබ‍්බතගුහායං වසන‍්ති. එකො සිඞ‍්ගාලො තෙ උපට‍්ඨහන‍්තො තෙසං විඝාසං ඛාදිත්‍වා මහාකායො හුත්‍වා එකදිවසං චින‍්තෙසි “මයා සීහබ්‍යග‍්ඝානං මංසං න ඛාදිතපුබ‍්බං, මයා ඉමෙ ද‍්වෙ ජනෙ භින්‍දිතුං වට‍්ටති, තතො නෙසං කලහං කත්‍වා මතානං මංසං ඛාදිස‍්සාමී”ති. සො සීහං උපසඞ‍්කමිත්‍වා “කිං, සාමි, තුම‍්හාකං බ්‍යග‍්ඝෙන සද‍්ධිං කිඤ‍්චි වෙරං අත්‍ථී”ති පුච‍්ඡි. “කිං පන, සම‍්මා”ති? එස, භන‍්තෙ, මමාගතකාලෙ “සීහො නාම සරීරවණ‍්ණෙන වා ආරොහපරිණාහෙන වා ජාතිබලවීරියෙහි වා මම කලභාගම‍්පි න පාපුණාතී”ති තුම‍්හාකං අගුණමෙව කථෙසීති. අථ නං සීහො “ගච‍්ඡ ත්‍වං, න සො එවං කථෙස‍්සතී”ති ආහ. බ්‍යග‍්ඝම‍්පි උපසඞ‍්කමිත්‍වා එතෙනෙව උපායෙන කථෙසි. තං සුත්‍වා බ්‍යග‍්ඝොපි සීහං උපසඞ‍්කමිත්‍වා “සම‍්ම, ත්‍වං කිර ඉදඤ‍්චිදඤ‍්ච වදෙසී”ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර ‘බ්‍රහ්මදත්ත’ රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කැලයක රුක් දෙවියෙක්ව උපන්නේය. එකල ඒ කැලයේ ම සිංහයෙක් ද, ව්‍යාඝ්‍රයෙක් ද මිතුරුව පර්වත ගුහාවක විසූහ. එක් සිවලෙක් ඉහත කී සතුන් දෙනොට උපස්ථාන කරමින්, ඔවුන්ගේ ඉඳුල්වලින් යැපෙමින් ජීවත් විය. ඉඳුල් කා ඉතා විශාල වූ කයක් ඇති, මේ සිවලා ‘මා විසින් මින් පෙර සිංහමස් හෝ ව්‍යාඝ්‍ර මස් නොකෑ විරූය. එබැවින් මුන් දෙන්නා එකිනෙකා කොටවා ඔවුන් මළ පසු මස් කන්නෙමැ’යි මෙසේ සිතීය. පසුදිනෙක සිංහයා හමුවට ගිය සිවලා ‘ස්වාමීනි, ව්‍යාඝ්‍රයා ඔබවහන්සේ සමග තරහදැ’යි ඇසීය. එවිට සිංහයා ‘යහලුව, නුඹ එසේ කීයේ මන්දැ’යි ඇසීය. ‘ස්වාමීනි, මා ව්‍යාඝ්‍රයා ළඟට ගියවිට ‘ඔය සිංහයා ශරීර වර්ණයෙන් හෝ, ආරෝහ පරිණාහයෙන් හෝ, ජාතියෙන් බලයෙන් වීර්යයෙන් යන මෙකී ගුණයන් අනුව මා හා සසඳා බලනකල්හි, ඔහුගේ හැකියාව අඩකලාවක් (1/32) පමණවත් නොවටී යැ’යි, ඔබතුමාගේ අගුණම කීවේයැ’යි, සිවලා පැවසීය. එවිට සිංහයා ‘ඔහු කිසිවිටෙක මට එසේ නො කියයි. එබැවින් බොරු නොකියා වහා මෙතැනින් යව’යි කීය. පසුව සිවලා ව්‍යාඝ්‍රයා වෙත ගොස්, ඒ කථාවම ව්‍යාඝ්‍රයාට ද පැවසීය. එය විශ්වාස නොකළ ව්‍යාඝ්‍රයා සිංහයා වෙත එළඹ, ‘මිතුර, ඔබ මට මේ මේ දෑ කීවෙහිදැ’යි විචාරමින් මෙසේ පැවසීය.

“වණ‍්ණාරොහෙන ජාතියා, බලනික‍්කමනෙන ච; සුබාහු න මයා සෙය්‍යො, සුදාඨ ඉති භාසසී”ති.

වණ්ණාරොහෙන ජාතියා බලනික්ක මණෙනච, සුබාහු න මයා සෙය්‍යො - සුදාඨ ඉති භාසසීති

වර්ණයෙන් ද, ආරෝහ සම්පත්තියෙන් ද, ජාතියෙන් ද, බලයෙන් ද, උත්සාහයෙන් ද, මේ ‘සුබාහු’ නම් ව්‍යාඝ්‍රයා මා තරම් උතුම් නොවේ. ‘සුදාඨ’ (මනා වූ දළ ඇත්තාණෙනි) ඔබ එසේ කීවෙහිද? (‘සුබාහු’ යනු ව්‍යාඝ්‍රයාගේ නම වන අතර ‘සුදාඨ’ යනු සිංහයාගේ නමයි)

තත්‍ථ බලනික‍්කමනෙන චාති කායබලෙන චෙව වීරියබලෙන ච. සුබාහු න මයා සෙය්‍යොති අයං සුබාහු නාම බ්‍යග‍්ඝො එතෙහි කාරණෙහි මයා නෙව සදිසො න උත‍්තරිතරොති සච‍්චං කිර ත්‍වං සොභනාහි දාඨාහි සමන‍්නාගත සුදාඨ මිගරාජ, එවං වදෙසීති.

මෙහි ‘බලනික්කමණෙන ච’ යනු ‘කාය බලයෙන් මෙන්ම වීර්යයෙන්’ යන අර්ථයි. ‘සුබාහු න මයා සෙය්‍යො’ යනු මේ සුබාහු නම් ව්‍යාඝ්‍රයා මෙකී කරුණුවලින් මා හා සමාන නොවේ. මා තරම් උසස් ද නොවේ. ශෝභන දළවලින් යුක්ත වූ, මනා වූ දළ ඇති මෘග රාජයාණෙනි, ඔබ මෙසේ කී බව සැබෑවක් ද?

තං සුත්‍වා සුදාඨො සෙසා චතස‍්සො ගාථා අභාසි –

මේ අසා සිටි ‘සුදාඨ’ නම් වූ සිංහයා සෙසු ගාථා සතර ප්‍රකාශ කෙළේය.

“වණ‍්ණාරොහෙන ජාතියා, බලනික‍්කමනෙන ච; සුදාඨො න මයා සෙය්‍යො, සුබාහු ඉති භාසසි.

2. වර්ණයෙන් ද, ආරෝහ සම්පත්තියෙන් ද, ජාතිය-බලය-උත්සාහය යන මෙයින් ද, මේ සුදාඨ නම් සිංහයා මා තරම් උතුම් නොවේ. සුබාහු ඔබ එසේ කීවෙහිද?

“එවං චෙ මං විහරන‍්තං, සුබාහු සම‍්ම දුබ‍්භසි; න දානාහං තයා සද‍්ධිං, සංවාසමභිරොචයෙ.

3. සුබාහු මිත්‍රය, ඉදින් මෙසේ වාසය කරන්නා වූ මට (ඔබ) ද්‍රෝහි වෙහිද? දැන් මම ඔබ සමග එක්ව, විසීම නොකැමැත්තෙමි.

“යො පරෙසං වචනානි, සද‍්දහෙය්‍ය යථාතථං; ඛිප‍්පං භිජ‍්ජෙථ මිත‍්තස‍්මිං, වෙරඤ‍්ච පසවෙ බහුං.

4. යමෙක් අනුන්ගේ වචන සත්‍ය ලෙස ගෙන අදහා ද? (ඔහු) මිත්‍රයා කෙරෙහි වහා බිඳෙන්නේය. වෛරය ද බොහෝ සේ උපදවන්නේ ය.

“න සො මිත‍්තො යො සදා අප‍්පමත‍්තො, භෙදාසඞ‍්කී රන්‍ධමෙවානුපස‍්සී; යස‍්මිඤ‍්ච සෙතී උරසීව පුත‍්තො, ස වෙ මිත‍්තො යො අභෙජ‍්ජො පරෙහී”ති.

න සො මිත්තො යො සදා අප්පමත්තො, භෙදා සංකී රන්‍ධ මෙවානු පස්සී, යසමිඤ්ච සෙති උරසීව පුත්තො, සවෙ මිත්තො සො අභෙජ්ජො පරෙහී

යමෙක් සැමකල්හි නොපමාව මිත්‍රභේදය ගැන සැකයෙන් පසු වේද? (මිත්‍රයාගේ) අඩුපාඩුම දකියි ද? ඔහු මිත්‍රයෙක් නොවේ. යමෙක් අනුන් විසින් නො බිඳිය හැක්කෙක් ව, යමකු කෙරෙහි (නිර්භය ව) ජාත පුත්‍රයකු යන හැඟීමෙන් යුතුව සැතපේද? ඒකාන්තයෙන් ඔහු මිත්‍රයෙකි.

තත්‍ථ සම‍්මාති වයස‍්ස. දුබ‍්භසීති යදි එවං තයා සද‍්ධිං සමග‍්ගවාසං වසන‍්තං මං සිඞ‍්ගාලස‍්ස කථං ගහෙත්‍වා ත්‍වං දුබ‍්භසි හනිතුං ඉච‍්ඡසි, ඉතො දානි පට‍්ඨාය අහං තයා සද‍්ධිං සංවාසං න අභිරොචයෙ. යථාතථන‍්ති තථතො යථාතථං යථාතච‍්ඡං අවිසංවාදකෙන අරියෙන වුත‍්තවචනං සද‍්ධාතබ‍්බං. එවං යො යෙසං කෙසඤ‍්චි පරෙසං වචනානි සද‍්දහෙථාති අත්‍ථො. යො සදා අප‍්පමත‍්තොති යො නිච‍්චං අප‍්පමත‍්තො හුත්‍වා මිත‍්තස‍්ස විස‍්සාසං න දෙති, සො මිත‍්තො නාම න හොතීති අත්‍ථො. භෙදාසඞ‍්කීති “අජ‍්ජ භිජ‍්ජිස‍්සති, ස‍්වෙ භිජ‍්ජිස‍්සතී”ති එවං මිත‍්තස‍්ස භෙදමෙව ආසඞ‍්කති. රන්‍ධමෙවානුපස‍්සීති ඡිද‍්දං විවරමෙව පස‍්සන‍්තො. උරසීව පුත‍්තොති යස‍්මිං මිත‍්තෙ මාතු හදයෙ පුත‍්තො විය නිරාසඞ‍්කො නිබ‍්භයො සෙති.

මෙහි ‘සම්ම’ යනු ‘මිත්‍රය’ යන්නයි. ‘දුබ්භසි’ යනු ‘ඉදින් ඔබ මෙසේ ඔබ සමග එක්ව වසන මට, සිවලකුගේ කථාව පිළිගෙන ද්‍රෝහ කෙරේද? මා නසන්ට කැමති වේද? මේ මොහොතේ පටන් මම ඔබ හා විසීමට නොකැමති වෙමි’ යන අර්ථයි. ‘යථාතථං’ යනු ‘ඇති සැටියෙන්, සත්‍යය පරිද්දෙන්, සත්‍යවාදී වූ උතුමකු විසින් කියන ලද වචනය විශ්වාස කළ යුතුය. මෙසේ ඇතැමෙක් එක එක අයගේ වචන විශ්වාස කරති’ යන අර්ථයි. ‘යො සදා අප්පමත්තො’ යනු ‘යමෙක් නිතර නොපමාව සිය මිතුරාට විශ්වාසය නූපදවයිද? ඔහු මිතුරකු නොවේ’ යන අර්ථයි. ‘භෙදාසංකී’ යනු ‘මිතුරුකම අද බිඳෙන්නේය. හෙට බිඳෙන්නේ යැයි මෙසේ මිතුරාගේ මිතුරුකම බිඳීම ගැන ම සැක කෙරේ’, යන අර්ථයි. ‘රන්‍ධමෙවානුපස්සී’ යනු ‘සිදුරක්, අඩුපාඩුවක් ම බලන්නා’ යන අර්ථයි. ‘උරසීව පුත්තො’ යනු මවකගේ හදවතෙහි සිය පුතා ගැන ඇති හැඟීම මෙන්, යම් මිතුරකු නිසැකව නිර්භය ව සැතපේද?’ යන අර්ථයි.

ඉති ඉමාහි චතූහි ගාථාහි සීහෙන මිත‍්තගුණෙ කථිතෙ බ්‍යග‍්ඝො “මය‍්හං දොසො”ති සීහං ඛමාපෙසි. තෙ තත්‍ථෙව සමග‍්ගවාසං වසිංසු. සිඞ‍්ගාලො පන පලායිත්‍වා අඤ‍්ඤත්‍ථ ගතො.

මෙසේ මේ ගාථා සතරෙන් සිංහයා විසින් මිත්‍ර ගුණයන් වර්ණනා කළ කල්හි, ව්‍යාඝ්‍රයා ‘මගේ වැරැද්දට සමාවන්නැ’යි සිංහයා සමා කරවා ගත්තේය. ඉන්පසු ඔවුහු පෙර සේ ම සමගිව එක්ව විසූහ. සිවලා එතැනින් පැන අන් තැනකට ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ‍්ගාලො විඝාසාදො අහොසි, සීහො සාරිපුත‍්තො, බ්‍යග‍්ඝො මොග‍්ගල‍්ලානො, තං කාරණං පච‍්චක‍්ඛතො දිට‍්ඨා තස‍්මිං වනෙ නිවුත්‍ථරුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා සිවලා නම්, අද ඇබිත්තයාය. සිංහයා නම් සැරියුත් තෙරණුවෝය. ව්‍යාඝ්‍රයා නම් මුගලන් තෙරණුවෝය. ඒ කරුණ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක, ඒ වනයේ ම විසූ වෘක්‍ෂ දේවතාවා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

වණ‍්ණාරොහජාතකවණ‍්ණනා පඨමා.