යෙදුමෙන් කියවන්න

2. සීලවීමංසජාතකවණ‍්ණනා 362 අට‍්ඨකථා

2. සීලවීමංසජාතකවණ‍්ණනා (362)

2. සීලවීමංස ජාතකය (362)

සීලං සෙය්‍යොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං සීලවීමංසකබ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. තං කිර රාජා “එස සීලසම‍්පන‍්නො”ති අඤ‍්ඤෙහි බ්‍රාහ‍්මණෙහි අතිරෙකං කත්‍වා පස‍්සති. සො චින‍්තෙසි “කිං නු ඛො මං රාජා ‘සීලසම‍්පන‍්නො’ති අඤ‍්ඤෙහි අතිරෙකං කත්‍වා පස‍්සති, උදාහු ‘සුතධරයුත‍්තො’ති, වීමංසිස‍්සාමි තාව සීලස‍්ස වා සුතස‍්ස වා මහන‍්තභාව”න‍්ති. සො එකදිවසං හෙරඤ‍්ඤිකඵලකතො කහාපණං ගණ‍්හි. හෙරඤ‍්ඤිකො ගරුභාවෙන න කිඤ‍්චි ආහ, දුතියවාරෙපි න කිඤ‍්චි ආහ. තතියවාරෙ පන තං “විලොපඛාදකො”ති ගාහාපෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙත්‍වා “කිං ඉමිනා කත”න‍්ති වුත‍්තෙ “කුටුම‍්බං විලුම‍්පතී”ති ආහ. “සච‍්චං කිර , බ්‍රාහ‍්මණා”ති? “න, මහාරාජ, කුටුම‍්බං විලුම‍්පාමි, මය‍්හං පන ‘සීලං නු ඛො මහන‍්තං, සුතං නු ඛො’ති කුක‍්කුච‍්චං අහොසි, ස‍්වාහං ‘එතෙසු කතරං නු ඛො මහන‍්ත’න‍්ති වීමංසන‍්තො තයො වාරෙ කහාපණං ගණ‍්හිං, තං මං එස බන්‍ධාපෙත්‍වා තුම‍්හාකං දස‍්සෙති. ඉදානි මෙ සුතතො සීලස‍්ස මහන‍්තභාවො ඤාතො, න මෙ ඝරාවාසෙනත්‍ථො, පබ‍්බජිස‍්සාමහ”න‍්ති පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා ඝරද‍්වාරං අනොලොකෙත්‍වාව ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචි. තස‍්ස සත්‍ථා පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච දාපෙසි. සො අචිරූපසම‍්පන‍්නො විපස‍්සනං විපස‍්සිත්‍වා අග‍්ගඵලෙ පතිට‍්ඨහි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකබ්‍රාහ‍්මණො අත‍්තනො සීලං වීමංසිත්‍වා පබ‍්බජිතො විපස‍්සිත්‍වා අරහත‍්තං පත‍්තො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානි අයමෙව, පුබ‍්බෙ පණ‍්ඩිතාපි සීලං වීමංසිත්‍වා පබ‍්බජිත්‍වා අත‍්තනො පතිට‍්ඨං කරිංසුයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘සීල සෙය්‍යො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, සිල් විමසන එක් බ්‍රාහ්මණයකු අරබයා වදාළ සේක. රටේ රජතුමා ඉහත කී බමුණා සිල්වතෙකැ යි යන හැඟීම නිසා, සෙසු බමුණන් ඉක්මවා ඔහුට සලකයි. බමුණා රජුගේ මේ සැලකිල්ල ගැන වෙසෙසින් කල්පනා කොට, ‘මේ රජතුමා මා සිල්වතකු කොට සිතා සලකා ද? එසේ නැතහොත් මා උගතකු යැයි කල්පනාකොට සලකා ද? පළමුකොට මේ ගැන විමසා බලා මා තුල සීලය අධිකද? නැතහොත් උගත්කම අධිකදැ’යි, දැන ගන්නෙමි’යි අදිටන් කර ගත්තේය. මෙසේ සිතූ බමුණා එක් දවසක් කහවණු හා රන්මසු වෙළෙන්දෙකුගේ මේසය මතින් කහවණුවක් ගත්තේය. ඒ වෙළෙන්දා ද ගෞරවය නිසා කිසිවක් නොකීය. තවත් වරෙක බමුණා එය ම කළ ද, වෙළෙන්දා එවර ද නිශ්ශබ්ද විය. තෙවන වර බමුණා කහවණුව ගන්නවාත් සමගම වෙළෙන්දා, ‘මේ මං පහරන සොරෙකැයි’ ඔහු අල්වාගෙන රජුට දක්වා, පසෙකට වී බලා සිටියේය. එවිට රජතුමා ‘මොහු කළ වරද කුමක්දැ’යි ඇසීය. ‘මොහු මා සතු වස්තුව පැහැර ගත්තේ යැ’යි වෙළෙන්දා පිළිතුරු දුන්නේය. ‘බමුණ, මේ කථාව සත්‍යයක්ද?’ ‘මහරජතුමනි, මම මොහු සතු වස්තුව පැහැර නොගත්තෙමි. මට, මා තුළ සීලය අධිකද? නැතහොත් දැනුම අධිකදැ’යි කුකුසක් ඇතිවිය. එබැවින් මම ඒ ගැන විමසමින් තුන්වරක් මොහුගෙන් කහවණුව බැගින් ගත්තෙමි. තෙවනවර මොහු මා අල්වාගෙන, ඔබතුමාට දැක්වීය. දැන් මා විසින් උගත්කමට වඩා සීලයේ මහත් බව තේරුම් ගන්නා ලදි.’ මෙසේ උත්තර දුන් බමුණා ‘මට දැන් මේ ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. එබැවින් පැවිදි වන්නෙමි’යි රජුගෙන් පැවිද්දට අනුමැතිය ලබාගෙන, සිය ගෙදර දෙසවත් නො බලා ම දෙව්රමට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුහු ඔහුට පැවිද්ද ද උපසම්පදාව ද දෙවූහ. උපසම්පදාවෙන් නොබෝ කලෙකින්ම විදසුන් වැඩූ ඔහු රහත්ඵලයෙහි පිහිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් දම්සභාවට රැස් වූ භික්‍ෂූහු දිනක් සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන ඔවුන්ගෙන් අසා දැ, ‘මහණෙනි, මේ භික්‍ෂුව පමණක් නොව, පෙර විසූ පඬිවරු ද, සීලය ගැන හොඳින් විමසා බලා දැන, පැවිදි ව තමාට යහපතක් ම සිදුකර ගත්තාහු යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසිං ආගන‍්ත්‍වා රාජානං පස‍්සි. රාජා තස‍්ස පුරොහිතට‍්ඨානං අදාසි. සො පඤ‍්ච සීලානි රක‍්ඛති. රාජාපි නං “සීලවා”ති ගරුං කත්‍වා පස‍්සි. සො චින‍්තෙසි “කිං නු ඛො රාජා ‘සීලවා’ති මං ගරුං කත්‍වා පස‍්සති, උදාහු ‘සුතධරයුත‍්තො’”ති. සබ‍්බං පච‍්චුප‍්පන‍්නවත්‍ථුසදිසමෙව. ඉධ පන සො බ්‍රාහ‍්මණො “ඉදානි මෙ සුතතො සීලස‍්ස මහන‍්තභාවො ඤාතො”ති වත්‍වා ඉමා පඤ‍්ච ගාථා අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක උපන්නේය. නිසි වියට පත් වූ ඔහු තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප ශාස්ත්‍ර උගෙන නිමවා, බරණැසට පෙරළා පැමිණ, රජතුමා බැහැදැක්කේය. ඔහු කෙරෙහි පැහැදුණු රජතුමා ඔහුට පුරෝහිත තනතුර දුන්නේය. මේ බමුණු තරුණයා නිති පන්සිල් රකියි. රජතුමා ද ඔහුගේ සිල්වත්කම නිසා, වැඩිපුර ඔහුට සලකයි. ගෞරව දක්වයි. දිනක් මේ බමුණු තරුණයා ‘කිමෙක් ද? රජතුමා සිල්වත්කමට මට සලකා ද? නැතහොත් මගේ උගත්කමට මේ ඔහුගේ ගෞරව දැක්වීමක්දැ’යි, මෙසේ සිතුවේය. ඉතිරි සියලු විස්තර මෙහිම, වර්තමාන කථාවට අනුව දත යුතුය. අතීත කථාවට අනුව මේ බ්‍රාහ්මණ තරුණයා ‘උගත්කමට වඩා සීලයේ මහන්තත්වය, මා විසින් අවබෝධ කරගන්නා ලදැ’යි මේ ගාථා ප්‍රකාශ කෙළේය.

“සීලං සෙය්‍යො සුතං සෙය්‍යො, ඉති මෙ සංසයො අහු; සීලමෙව සුතා සෙය්‍යො, ඉති මෙ නත්‍ථි සංසයො.

සීලං සෙය්‍යො සුතං සෙය්‍යො - ඉති මෙ සංසයො අහූ, සීලමෙව සුතා සෙය්‍යො ඉති මෙ නත්‍ථි සංසයො

සීලය උතුම් ද? උගත්කම උතුම්ද, යන මේ ගැන මට සැකයක් ඇතිවිය. උගත්කමට වඩා සීලයම උතුම්ය. දැන් මට සැකයක් නැත.

“මොඝා ජාති ච වණ‍්ණො ච, සීලමෙව කිරුත‍්තමං; සීලෙන අනුපෙතස‍්ස, සුතෙනත්‍ථො න විජ‍්ජති.

මොඝා ජාති ච වණ්ණෙ ච සීලමෙව කිරුත්තමං, සීලෙන අනුපෙතස්ස සුතෙනත්‍ථො න විජ්ජති

ජාතිය-කුලය යන මේවා නිශ්ඵල ය. ශීලය ම උතුම්ය. ශීලයෙන් තොර පුද්ගලයාගේ උගත්කමෙන් වැඩක් නැත.

“ඛත‍්තියො ච අධම‍්මට‍්ඨො, වෙස‍්සො චාධම‍්මනිස‍්සිතො; තෙ පරිච‍්චජ‍්ජුභො ලොකෙ, උපපජ‍්ජන‍්ති දුග‍්ගතිං.

ඛත්තියොච අධම්මට්ඨො වෙස්සො ත්‍වා ධම්ම නිස්සිතො, තෙ පරිච්චජුහො ලොකෙ උප්පජ්ජන්ති දුග්ගතිං

අධර්මයෙන් පිහිටි ක්‍ෂත්‍රියාද, අධර්මය ඇසුරු කරන වෛශ්‍යයා ද යන දෙදෙනා ම දෙලොව අතහැර දුගතියෙහි උපදිත්.

“ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා, සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා; ඉධ ධම‍්මං චරිත්‍වාන, භවන‍්ති තිදිවෙ සමා.

ඛත්තියා බ්‍රාහ්මණ වෙස්සා සුද්දා චණ්ඩාල පුක්කුසා, ඉධ ධම්මං චරිත්‍වාන භවන්ති තිදිවෙ සමා

ක්‍ෂත්‍රියයෝ ද, බමුණෝ ද, වෛශ්‍යයෝ ද, ක්‍ෂුද්‍රයෝ ද, චණ්ඩාලයෝ ද, කසල ශෝධකයෝ ද යන මොවුහු මෙලොව දහම් හි හැසිර, දෙව්ලොව සමව උපදිත්.

“න වෙදා සම‍්පරායාය, න ජාති නාපි බන්‍ධවා; සකඤ‍්ච සීලං සංසුද‍්ධං, සම‍්පරායාය සුඛාය චා”ති.

න වෙදා සම්පරායාය - න ජාති පිබන්‍ධවා, සකඤ්ච සීලං සංසුද්ධං සම්පරාය සුඛා වහන්ති

පරලෝ සැප පිණිස උගත්කම ද, ජාතිය ද, නෑයෝ ද, හේතු නොවේ. තම පිරිසිදු ශීලයම පරලෝ සැප ගෙන දේ.

තත්‍ථ සීලමෙව සුතා සෙය්‍යොති සුතපරියත‍්තිතො සතගුණෙන සහස‍්සගුණෙන සීලමෙව උත‍්තරිතරන‍්ති. එවඤ‍්ච පන වත්‍වා සීලං නාමෙතං එකවිධං සංවරවසෙන, දුවිධං චාරිත‍්තවාරිත‍්තවසෙන, තිවිධං කායිකවාචසිකමානසිකවසෙන, චතුබ‍්බිධං පාතිමොක‍්ඛසංවරඉන්‍ද්‍රියසංවරආජීවපාරිසුද‍්ධිපච‍්චයසන‍්නිස‍්සිතවසෙනාති මාතිකං ඨපෙත්‍වා විත්‍ථාරෙන‍්තො සීලස‍්ස වණ‍්ණං අභාසි.

මෙහි ‘සීලමෙව සුතා සෙය්‍යො’ යනු ‘උගත් ධර්මයට වඩා ශීලයම සිය-දහස් ගුණයෙන් උත්තරීතර ය. මෙසේ ද කියා ශීලය වූ කලී, සංවර ශීලය වශයෙන්, එක් වැදෑරුම් ද, චාරිත්‍ර-වාරිත්‍ර වශයෙන්, දෙ වැදෑරුම් ද, කායික-වාචසික-මානසික වශයෙන්, තෙ වැදෑරුම් ද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ඉන්‍ද්‍රිය සංවර ශීලය - ආජීව පාරිශුද්ධ ශීලය - ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය වශයෙන්, සිව් වැදෑරුම් ද වේ යැයි මාතෘකා තබා, විස්තර කරමින් ශීල වර්ණනාව දේශනා කෙළේය’ යන අර්ථයි.

මොඝාති අඵලා තුච‍්ඡා. ජාතීති ඛත‍්තියකුලාදීසු නිබ‍්බත‍්ති. වණ‍්ණොති සරීරවණ‍්ණො අභිරූපභාවො. යා හි යස‍්මා සීලරහිතස‍්ස ජාතිසම‍්පදා වා වණ‍්ණසම‍්පදා වා සග‍්ගසුඛං දාතුං න සක‍්කොති, තස‍්මා උභයම‍්පි තං “මොඝ”න‍්ති ආහ. සීලමෙව කිරාති අනුස‍්සවවසෙන වදති, න පන සයං ජානාති. අනුපෙතස‍්සාති අනුපගතස‍්ස. සුතෙනත්‍ථො න විජ‍්ජතීති සීලරහිතස‍්ස සුතපරියත‍්තිමත‍්තෙන ඉධලොකෙ වා පරලොකෙ වා කාචි වඩ‍්ඪි නාම නත්‍ථි.

‘මොඝා’ යනු ‘නිශ්ඵල, හිස් යන අර්ථයි. ‘ජාති’ යනු ක්‍ෂත්‍රිය ආදී කුලවල ඉපදීමයි. ‘වණ්ණො’ යනු ‘ශරීර වර්ණය හා රූමත්කම යි. යම් හෙයකින් දුස්සීලයාගේ යම් බඳු ජාති සම්පත්තියක් හෝ, වර්ණ සම්පත්තියක් හෝ, දෙව්සැප ලබාදීමට ප්‍රමාණවත් නොවේද? එබැවින් ඒ දෙකම හිස් යැයි දේශනා කෙළේය,’ යන අර්ථයි. ‘සීලමෙව කිර’ යනු ‘අසා පුරුද්දෙන් කියයි. නමුත් තෙමේ එය නොදනී’ යන අර්ථයි. ‘අනුපෙතස්ස’ යනු ‘යුක්ත නොවූ පුද්ගලයාට’ යන අර්ථයි. ‘සුතෙ නත්‍ථො න විජ්ජති’ යනු ‘ඒ දුස්සීලයෝ දෙව්ලොවත් මිනිස්ලොවත් යන දෙලොවම අතහැර දුගතියෙහි උපදිත් යන අර්ථයි.

තතො පරා ද‍්වෙ ගාථා ජාතියා මොඝභාවදස‍්සනත්‍ථං වුත‍්තා. තත්‍ථ තෙ පරිච‍්චජ‍්ජුභො ලොකෙති තෙ දුස‍්සීලා දෙවලොකඤ‍්ච මනුස‍්සලොකඤ‍්චාති උභොපි ලොකෙ පරිච‍්චජිත්‍වා දුග‍්ගතිං උපපජ‍්ජන‍්ති. චණ‍්ඩාලපුක‍්කුසාති ඡවඡඩ‍්ඩකචණ‍්ඩාලා ච පුප‍්ඵඡඩ‍්ඩකපුක‍්කුසා ච. භවන‍්ති තිදිවෙ සමාති එතෙ සබ‍්බෙපි සීලානුභාවෙන දෙවලොකෙ නිබ‍්බත‍්තා සමා හොන‍්ති නිබ‍්බිසෙසා, දෙවාත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති.

[missing trans] ‘චණ්ඩාල පුක්කුසා’ යනු ‘මිනී අදින චණ්ඩාලයෝ ද, පර මල් ඉවත ලද පුක්කුසයෝ ද’ යන අර්ථයි. ‘භවන්ති තිදිවෙසමා’ යනු ‘මේ සියලු දෙනාම ශීලයෙහි ආනුභාවයෙන් දෙව්ලොව හටගත් බැවින් සමව උපදිත්. ඔවුහු අවිශේෂයෙන් දෙවිවරු ගණයට වැටෙත්.

පඤ‍්චමගාථා සබ‍්බෙසම‍්පි සුතාදීනං මොඝභාවදස‍්සනත්‍ථං වුත‍්තා. තස‍්සත්‍ථො – මහාරාජ, එතෙ වෙදාදයො ඨපෙත්‍වා ඉධලොකෙ යසමත‍්තදානං සම‍්පරායෙ දුතියෙ වා තතියෙ වා භවෙ යසං වා සුඛං වා දාතුං නාම න සක‍්කොන‍්ති, පරිසුද‍්ධං පන අත‍්තනො සීලමෙව තං දාතුං සක‍්කොතීති.

පස්වැනි ගාථාව වනාහි, උගත්කම් ආදී සියල්ලේ හිස්බව දැක්වීමට කියන ලදි. මෙහි අර්ථය මෙසේය. මහරජතුමනි, මේ උගත්කම් ආදිය, මෙලොව යසස් මාත්‍රයක් හැර, පරලොව දෙවන හෝ තෙවන හෝ භවයක දී යසස් සම්පත් හෝ සැප ලබාදීමට අපොහොසත් වේ. එබැවින් තමාගේ පිරිසිදු ශීලය ම ඊට ප්‍රමාණවත් වේ.

එවං මහාසත‍්තො සීලගුණෙ ථොමෙත්‍වා රාජානං පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා තං දිවසමෙව හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසත් තෙමේ ශීලයෙහි ගුණ වර්ණනාකොට, රජුගෙන් පැවිද්දට අවසර ද ලබාගෙන, එදිනම හිමාලයට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව අභිඥාවන් ද, සමාපත්තිද, උපදවාගෙන ජීවත්ව සිට, දිවි කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සීලං වීමංසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිතො අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමාකොට, ‘එදා ශීලය විමසා බලා සෘෂි පැවිද්දෙන් පැවිදි වූයේ මම ම වීමි’යි කියා වදාළ සේක.

සීලවීමංසජාතකවණ‍්ණනා දුතියා.