යෙදුමෙන් කියවන්න

2. වණ‍්ණාරොහවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

2. වණ්ණාරෝහ වර්‍ගය

767. වණ‍්ණරොහෙන ජාතියා බලනික‍්කමණෙන ච, සුබාහු න මයා සෙය්‍යො සුදාඨ ඉති භාසසි.

767. සුදාඨයෙනි, (තෙපි) ශරීරවර්‍ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද සුබාහු නම් ව්‍යාඝ්‍රයා මට වඩා උසස් නො වේ යයි කියවු ද?

768. වණ‍්ණරොහෙන ජාතියා බලනික‍්කමණෙන ච, සුදාඨො න මයා සෙය්‍යො සුබාහු ඉති භාසති.

768. එම්බා සුබාහු, (තෙපි) ශරීරවර්‍ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද සුදාඨ මට වඩා උසස් නො වේ යයි කියවු ද?

769. එවඤ‍්චෙ මං විහරන‍්තං සුබාහු සම‍්ම දුබ‍්භසි, නදානාහං තයා සද‍්ධිං සංවාසමභිරොචයෙ.

769. සගය, සුබාහු මෙසේ තා හා සමග වැවසන මා හිවලාගේ බස් පිළිගෙන නසනු කැමැත්තහු ය. මෙතැන් පටන් මම තා සමග වසනු නො කැමැත්තෙමි.

770. යො පරෙසං වචනානි සද‍්දහෙථ යථාතථං, ඛිප‍්පං භිජ‍්ජෙථ මිත‍්තස‍්මිං වෙරඤ‍්ච පසවෙ බහුං.

770. යමෙක් මෙරමාගේ මිථ්‍යාවචනයන් තථ්‍ය ලෙස හදහා ගනී ද හේ මිතුරා කෙරෙහි වහා බිඳෙන්නේ යැ. බොහෝ වූ වෛරය ද දනවන්නේ යැ.

771. න සො මිත‍්තො යො සදා අප‍්පමත‍්තො භෙදාසඞ‍්කි රන්‍ධමෙවානුපස‍්සී, යස‍්මිඤ‍්ච සෙති උරසීව පුත‍්තො ස චෙ මිත‍්තො යො අභෙජ‍්ජො පරෙහීති.

771. යමෙක් හැමදා නො පමාව මිත්‍රභේදයෙහි සැක ඇත්තේ ද මිත්‍රයාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්‍රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නොහැකි වේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙක් වේ.

1. වණ‍්ණාරොහජාතකං.

1. වණ්ණාරෝහ ජාතක යි.

772. සීලං සෙය්‍යො සුතං සෙය්‍යො ඉති මෙ සංසයො අහූ, සීලමෙව සුතා සෙය්‍යො ඉති මෙ නත්‍ථි සංසයො.

772. සීලය ශ්‍රේෂ්ඨ වේ ද ශ්‍රැතය ශ්‍රේෂ්ඨ වේ දැ? යි මට සැකයෙක් විය. ශ්‍රැතයට වඩා ශීලය මැ ශ්‍රේෂ්ඨ වේ යන මෙහි (දැන්) සැකයෙක් මට නැත.

773. මොඝා ජාති ච වණ‍්ණො ච සීලමෙව කිරුත‍්තමං, සීලෙන අනුපෙතස‍්ස සුතෙනත්‍ථො න විජ‍්ජති.

773. ක්‍ෂත්‍රියාදි ජාති ද ශරීර වර්‍ණ ද තුච්ඡ යැ. සීලය ම උතුම් වේ. සීලයෙන් යුක්ත නො වූවහුගේ ශ්‍රැතයෙන් ප්‍රයෝජනයෙක් නැත.

774. ඛත‍්තියො ච අධම‍්මට‍්ඨො වෙස‍්සො චාධම‍්මනිස‍්සිතො, තෙ පරිච‍්චජ‍්ජජුභො ලොකෙ උපපජ‍්ජන‍්ති දුග‍්ගතිං.

774. අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රියයා ද අධර්‍මය ඇසුරු කළ වෛශ්‍යයා ද යන දෙදෙන දෙව්මිනිස් දෙලොව හැර දුගතියෙහි උපදිති.

775. ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා, ඉධ ධම‍්මං චරිත්‍වාන භවන‍්ති තිදිවෙ සමා.

775. ක්‍ෂත්‍රිය යැ බ්‍රාහ්මණ යැ වෛශ්‍ය යැ ශුද්‍ර යැ චණ්ඩාල යැ බබුරු යැ යන කුලයන්හි උපන්නේ මෙලොව පින්කම් කොට දෙව්ලොව දී සම වෙති.

776. න දො සංපරායාය න ජාති නොපි බන්‍ධවා, සකඤ‍්ච සීලං සංසුද‍්ධං සම‍්පරායසුඛාවහන‍්ති.

776. වේදයෝ ද ජාතිය ද නෑයෝ ද පරලොව සුව පිණිස නො වෙත්. තමාගේ පිරිසුදු සීලය මෙලොව පරලොව සුව පිණිස වේ.

2. සීලවීමංස ජාතකං.

2. සීලවීමංස ජාතක යි.

777. හිරිං තරන‍්තං විජිගුච‍්ඡමානං තවාහමස‍්මිං ඉති භාසමානං, සෙය්‍යානි කම‍්මානි අනාදියන‍්තං. නෙසො මමන‍්ති ඉති තං විජඤ‍්ඤා.

777. ලජ්ජාව දුරු කරන මිතුරුබව පිළිකුල් කරන මම ඔබගේ මිත්‍රයෙක්මි යි වචන මාත්‍රයෙන් කියන, දෙමි කරමි යන ප්‍රතිඥාව අනුව ක්‍රියා නො කරන මේ පුද්ගල මාගේ මිත්‍රයෙක් නො වේ යයි ඔහු දැනගන්නේ ය.

778. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන‍්තං භාසමානං පරිජානන‍්ති පණ‍්ඩිතා.

778. යමක් කරන්නේ ද එය මැ කියන්නේ ය. යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය, නො කරන දැය කියන ඔහු පඬිවරු හඳුනති.

779. න සො මිත‍්තො යො සදා අප‍්පමත‍්තො භෙදාසඞ‍්කි රන්‍ධමෙවානුපස‍්සී, යස‍්මිඤ‍්ච සෙති උරසීව පුත‍්තො ස වෙ මිත‍්තො යො අභෙජ‍්ජො පරෙහි.

779. යමෙක් හැමදා නො පමා වැ මිත්‍රභේදයෙහි සැක ඇත්තේ ද මිතුරාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්‍රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නො හේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙකි.

780. පාමොජ‍්ජකරණං ඨානං පසංසාවහනං සුඛං. ඵලානිසංසො භාවෙති වහන‍්තො පොරිසං ධුරං.

780. දාන සීල භාවනාදි පුරුෂයාට අයත් පුණ්‍යක්‍රියා කිරීමට වෑයම් කරන, ඵලය හා ආනිශංසය විඳිනු රිසි පුද්ගලයා සතුටට හේතුවන පැසැසුම් ගෙන දෙන සැපය දියුණු කරයි.

781. පවිවෙකරසං පීත්‍වා රසං උපසමස‍්ස ච, නිද‍්දරො හොති නිප‍්පාපො ධම‍්මපීතිරසං පිව’න‍්ති.

781. දහම්රස පානය කරන්නේ ත්‍රිවිධ විවේකරසය ද (කාය විවෙක, චිත්තවිවේක, උපධිවිවෙක) කෙලෙස් සන්හිඳුවාලීමෙන් ව්‍යුපශමසුඛය ද පීඩා නැතියෙක් ද පව් නැතියෙක් ද වේ.

3. හිරිජාතකං.

3. හිරි ජාතක යි.

782. කො නු සන‍්තම‍්හි පජ‍්ජොතෙ අග‍්ගිපරියෙසනං චරං, අද‍්දක‍්ඛි රත‍්තිං ඛජ‍්ජොතං ජාතවෙදං අමඤ‍්ඤථ.

782. කවරෙක්, දැල්වෙන ගිනි ඇති කල ගිනි සොයා ඇවිදිනුයේ රාත්‍රියේ කණමැදිරියකු දැක ගිනීය යි සිතා ද,

783. ස‍්වාස‍්ස ගොමයචුණ‍්ණානි අභිමත්‍ථං තිණානි ච, විපරීතාය සඤ‍්ඤාය නාසක‍්ඛි පජ‍්ජලෙතවෙ.

783. හෙතෙම කණමැදිරියා මතුයෙහි ගොමරිටි තණරොඩු එකතු කොට වැරදි කල්පනාවෙන් ගිනි පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට නොහැකි වී ද,

784. එවම‍්පි අනුපායෙන අත්‍ථං න ලභතෙ මගො, විසාණතො ගවං දොහං යත්‍ථ ඛීරං න වින්‍දති.

784. එපරිදි පිළිවෙළ වරදවාගෙන සොයන අඥානයා ප්‍රයෝජන නො ලබයි. ගවහඟින් කිරි දොවන්නා කිරි නොලබන්නාක් මෙනි.

785. විවිධෙහි උපායෙහි අත්‍ථං පප‍්පොන‍්ති මාණවා, නිග‍්ගහෙන අමිත‍්තානං මිත‍්තානං පග‍්ගහෙන ච.

785. නොයෙක් ක්‍රමයන්ගෙන් මිනිස්සු දියුණුවට පැමිණෙත්. සතුරන්ට නිග්‍රහ කිරීමෙන් ද මිතුරන්ට සංග්‍රහ කිරීමෙන් ද,

786. සෙණිමොක‍්ඛො පලාභෙන වල‍්ලභානං නයෙන ච, ජගතිං ජගතීපාලා ආවසන‍්ති වසුන්‍ධරන‍්ති.

786. සේනාවට ප්‍රධාන ඇමතියන් ලැබීමෙන් ද විශ්වාස කටයුතු ඇමතියන්ගේ උපක්‍රමයන්ගෙන් ද යන උපායයන්ගෙන් පොළොව අයිති කරගෙන රජවරු වෙසෙති.

4. ඛජ‍්ජොපණකපඤ‍්හො.

4. ඛජ්ජොපණක ප්‍රශ්නය.

787. ධුත‍්තොම‍්භි සම‍්ම සුමුඛ ජූතෙ අක‍්ඛපරාජිතො, හරෙහි අම‍්බපක‍්කානි විරියන‍්තෙ භක‍්ඛයාමසෙ.

787. යහළු සුමුඛය, (මම) දූ කෙළියෙන් පැරැදුණු ධූර්‍තයෙක්මි. අඹපල හෙළාලව. තොපගේ වීර්‍ය්‍යය අනුභව කරමු. තොපෙගේ වීර්‍ය්‍යයෙන් උපන් අඹ පල අනුභව කරමු යී සේයි.

788. අලිකං වත මං සම‍්ම අභූතෙන පසංසසි, කො තෙ සුතො වා දිට‍්ඨො වා සුමුඛො නාම මක‍්කටො.

788. යහළුව, නැති ගුණයෙන් මා පසස්නෙහි එය එකැතින් මුසා යැ. වානරයා සුන්‍දර මුහුණු ඇත්තෙකැ යි කවර තැනෙකැ තා විසින් අසන ලද ද දක්නා ලද හෝ වේ ද?

789. අජ‍්ජාපි මෙ ත්‍වං මනසි යං මං ත්‍වං අහිතුණ‍්ඩික, ධඤ‍්ඤාපණං පවිසිත්‍වා මත‍්තො ඡාතං හනාසි මං.

789. අහිතුණ්ඩිකය, මත් වූ තෙපි සයින් පෙළුණු මා ධාන්‍යාපණයට ඇතුළු කොට යම් හෙයෙකින් (උණපත්තෙන්) පහර දුන්නෙහි ද එය අද දක්වා මා සිත්හි පවතී.

790. තාහං සරං දුක‍්ඛසෙය්‍යං අපි රජ‍්ජම‍්පි කාරයෙ, නෙවාහං යාචිතො දජ‍්ජං තථා හි භයතජ‍්ජිතො.

790. (ඉදින් තෙපි බරණැස් රජය ගෙනැදී) මා ලවා රජය කරවන්නහු වී නමුදු ධාන්‍යාපණයෙහි ඒ දුක්ඛශයනය සිහි කරන මම තොප විසින් අයදනා ලද්දෙම් එක් අඹපලයකුදු නො දෙමි. එසේ මැ යි. තොප විසින් මම බියෙන් තැති ගන්වන ලදිමි.

791. යඤ‍්ච ජඤ‍්ඤා කුලෙජාතං ගබ‍්භෙ තිත‍්තං අමච‍්ඡරිං, තෙන සඛිඤ‍්ච මිත‍්තඤ‍්ච ධීරො සන්‍ධාතුමරහතී’ති.

791. ප්‍රාඥ තෙම යමකුත් පූජ්‍යකුලයෙහි උපනෙකැ මවුකුස හෝ (සරසා පිළියෙළ කරන ලද) යහන් ගැබ්හි තෘප්තයෙකැ නොමසුරෙකැ යි දන්නේ ද ඔහු හා සමග යහළු බව ද මිතුරු බව ද ඝටනාවට නිසි වේ.

5. අහිතුණ‍්ඩිකජාතකං.

5. අහිතුණ්ඩික ජාතක යි.

792. මධුවණ‍්ණං මධුරසං මධුගන්‍ධං විසං අහූ, ගුම‍්බියො ඝාසමෙසානො අරඤ‍්ඤෙ ඔදහී විසං.

792. මී වැනි පැහැය ඇති මී වැනි රස ඇති මී වැනි සුවඳ ඇති විෂයෙක් විය. ගුම්බිය නමැති යකෙක් ආහාර සොයනුයේ වනයෙහි විෂ බහාලී ය.

793. මධු ඉති මඤ‍්ඤමානා යෙ තං විසමසායිසුං, තෙසං තං කටුකං ආසි මරණං තෙනුපාගමුං.

793. මී යයි සිතා යම් කෙනෙක් එය කෑවෝ ද ඔවුන්ට එය කටුක විය. එයින් ඔව්හු මළහ.

794. යෙ ච ඛො පටිසඞ‍්ඛාය විසං තං පරිවජ‍්ජයුං, තෙ ආතුරෙසු සුඛිතා ඩය‍්හමානෙසු නිබ‍්බුතා.

794. යම් කෙනෙක් නුවණින් සලකා බලා ඒ විෂ වර්‍ජනය කළෝ ද ඔව්හු මරණාසන්න වූවන් අතරේ සුවපත් වූහ. විෂ තෙදින් දැවෙනුවන් අතුරෙහි නිවියහ.

795. එවමෙව මනුස‍්සෙසු විසං කාමා සමොහිතා, ආමිසං බන්‍ධනං චෙතං මච‍්චුවසො ගුහාසයො.

795. එපරිදි පංචකාමයෝ මිනිසුන් අතුරෙ ඒ ඒ තැනැ තබා ලූ විෂයකැ යි දතයුත්තාහ. මේ පංචකාම ආමිෂ ද බන්‍ධන ද වෙයි. තෙල පංචකාමය ශරීරය නැමැති ගුහායෙහි වෙසෙන මාරයා මැ යි.

796. එවමෙව ඉමෙ කාමෙ ආතුරා පරිචාරකෙ, යෙ සදා පරිවජ‍්ජෙන‍්ති සඞ‍්ගං ලොකෙ උපච‍්චගුන‍්ති.

796. එපරිදි කෙලෙස් පරිචාරකයන් ඇති මේ පංවකාමයන් මරණාසන්න නුවණැති යම් පුරුෂ කෙනෙක් හැම කල්හි දුරු කෙරෙත් ද ඔහු ලෝකයෙහි සඞ්ග සඞ්ඛ්‍යාත රාගාදි කෙලෙසුන් ඉක්මවා ගියාහු වෙත්.

6. ගුම‍්බියජාතකං.

6. ගුම්බිය ජාතක යි.

797. ය‍්වායං සාළියඡාපොති කණ‍්හසප‍්පං අගාහයි, තෙන සප‍්පෙනයං දට‍්ඨො හතො පාපානුසාසකො.

797. දුෂ්ට වෛද්‍යවරයෙක් සැළලිහිණි පැටියෙකැ යි (කියා) බාලයකු ලවා නයකු ගැන්වී ද මේ ලාමක අනුසාසකයා ඒ සර්‍පයා විසින් ඩසින ලදුව මළේ ය.

798. අහනන‍්තමහන‍්තාරං යො නරො හන‍්තුමිච‍්ඡිති, එවං සො නිහතො සෙති යථායං පුරිසො හතො.

798. යම් මිනිසෙක් (අනුන්) නොපහරන නො මරන කෙනකු නසන්නට කැමැති වේ ද හේ මේ පුරුෂයා මළේ යම්සේ ද එසේ නටුයේ මරණශය්‍යායෙන් හෝනේ ය.

799. අහනන‍්තමඝාතෙන‍්තං යො නරො හන‍්තුමිච‍්ඡති, එවං සො නිහතො සෙති යථායං පුරිසො හතො.

799. යම් මිනිසෙක් (අනුන්) නොපහරන නො මරන කෙනකු මරන්නට කැමැති වේ ද හේ මේ පුරුෂයා මළේ යම්සේ ද එසේ නැසුණේ හෝනේ ය.

800. යථා පංසුමුට‍්ඨිං පුරිසො පටිවාතං පටික‍්ඛිපෙ, තමෙව සො රජො හන‍්ති තථායං පුරිසො හතො.

800. යම්සේ පුරුෂයෙක් පස්මිටක් උඩුසුළඟට දමා ද, එ රජස් ඔහු මැ පහරනේ ද එසේ මේ පුරුෂයා ද නැසුණේ ය.

801. යො අප‍්පදුට‍්ඨස‍්ස නරස‍්ස දුස‍්සති සුද‍්ධස‍්ස පොසස‍්ස අනඞ‍්ගණස‍්ස, තමෙව බාලං පච‍්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත‍්තොති.

801. යමෙක් නිරපරාධ වූ නිකෙලෙස් වූ පුරුෂයාට ද්වේෂ කෙරේ ද උඩුසුළඟට දැමූ දූලි ලෙසින් අපරාධ කළ එ මැ අනුවණයා කරා පාපය පෙරළා එන්නේ ය.

7. සාළියජාතකං.

7. සාළිය ජාතක යි.

802. අමිත‍්තහත්‍ථත්‍ථගතා තචසාරසමප‍්පිතා, පසන‍්නමුඛවණ‍්ණත්‍ථ කස‍්මා තුම‍්හෙ න සොචථ.

802. සතුරන් අතට පත් වැ හුණ දඬුවක බඳනා ලද තෙපි ප්‍රියමනාප මුහුණ ඇත්තහු ය. කවර හෙයින් තෙපි ශෝක නො කරවු ද?

803. න සොචනාය පරිදෙවනාය අත්‍ථො ච ලබ‍්භා අපි අප‍්පකොපි, සොචන‍්තමෙනං දුඛිතං විදිත්‍වා පච‍්චත්‍ථිකා අත‍්තමනා භවන‍්ති.

803. ශෝක වීමෙන් ද හැඬීමෙන් ද මද වූ හෝ ප්‍රයෝජනයක් ලද නො හැකි ය. දුක්ඛිත වූ එහෙයින් මැ ශෝක කරන මොහු දැනගත් සතුරෝ සතුටු වෙති.

804. යතො ච ඛො පණ‍්ඩිතො ආපදාසු න වෙධති අත්‍ථවිනිච‍්ඡයඤ‍්ඤු, පච‍්චත්‍ථිකාස‍්ස දුඛිතා භවන‍්ති දිස‍්වා මුඛං අවිකාරං පුරාණං.

804. අර්‍ත්‍ථ විනිශ්චය දන්නා නුවණැත්තා යම්හෙයකින් විපතෙහි දී නොසැලේ ද එහෙයින්, විකෘත නො වූ පළමු පැවැති මුහුණ දක්නා සතුරෝ දුකට පත් වෙති.

805. ජප‍්පෙන මන‍්තෙන සුභාසිතෙන අනුප‍්පදානෙන පවෙණියා වා යථා යථා යත්‍ථ ලභෙථ අත්‍ථං තථා තථා තත්‍ථ පරක‍්කමෙය්‍ය.

805. මන්ත්‍ර ජප කිරීමෙන් ද සාකච්ඡාවෙන් ද ප්‍රියවචනයෙන් ද අල්ලස් දීමෙන් ද ප්‍රවේණි කථායෙන් දැ යි යම් යම් පරිද්දෙකින් යම් තැනෙකැ ප්‍රයෝජනයෙක් ලැබේ ද එහි ලා ඒ ඒ අයුරින් වෑයම් කරන්නේ ය.

806. යතො ච ජානෙය්‍ය අලබ‍්භනෙය්‍යො මයාව අඤ‍්ඤෙන වා එස අත්‍ථො, අසොචමානො අධිවාසයෙය්‍ය කම‍්මං දළ‍්හං කින‍්ති කාරොමිදානීති.

806. මා විසින් හෝ අන් කෙනකුන් විසින් හෝ තෙල අර්‍ත්‍ථ ලබන්නට නො හැකි යයි යම් හෙයකින් දනී නම් දැඩි කර්‍මයෙකැ දැන් කුමක් කෙරෙම් දැ යි ශෝක නො කෙරෙමින් ඉවසන්නේ යි.

8. තචසාරජාතකං.

8. තචසාර ජාතක යි.

807. ක්‍යාහං දෙවානමකරං කිං පාපං පකතං මයා, යම‍්මෙ සිරස‍්මිං ඔභච‍්ච චක‍්කං භමති මත්‍ථකෙ.

807. යම් හෙයෙකින් මගේ හිස පැහැර චක්‍රය මස්තකයෙහි බමා ද එබඳු කවර වරදක් මම දෙවියන්ට කෙළෙම් ද මා විසින් කවර පාපයක් කරන ලද ද?

808. අතික‍්කම‍්ම රමණකං සදාමත‍්තඤ‍්ච දූභකං, බ්‍රහ‍්මතරඤ‍්ච පාසාදං කෙනට‍්ඨෙන ඉධාගතො.

808. පළිඟු රිදී මැණික් සහ රුවන් යන ප්‍රාසාදයන් ඉක්ම කවර හෙයෙකින් මෙහි ආයෙහි ද?

809. ඉතො බහුතරා භොගා අත්‍ර මඤ‍්ඤෙ භවිස‍්සරෙ, ඉති එතාය සඤ‍්ඤාය පස‍්ස මං ව්‍යසනං ගතං.

809. මේ සතර පහයෙහි සම්පතට වඩා මෙහි බොහෝ ඇති වනැ යි මේ හැඟීමෙන් විපතට පත් මා බලව.

810. චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමා අට‍්ඨකාහි ච සොළස, සොළසාහි ච බත‍්තිංස අත්‍රිච‍්ඡං චක‍්කමාසදො. ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස චක‍්කං භමති මත්‍ථකෙ.

810. සතර දෙනකුන්ගෙන් නො සතුටු ව අටදෙනකුන් ළඟට ගියේ යැ. අට දෙනකුන්ගෙනුදු නො සතුටු ව සොළොස් දෙනකුන් ළඟට ගියේ ය. සොළොස් දෙනකුන්ගෙනුදු නොසතුටු ව දෙතිස් දෙනකුන් ළඟට ගියේ ය. අධික අධිකය පතන්නේ උරචක්‍රයට පැමිණියේ ය. තණ්හායෙන් නැසුණ පුරුෂයා මතැ උරචක්‍රය බමා.

811. උපරි විසාලා දුප‍්පූරා ඉච‍්ඡා විසදගාමිනී, යො තං අනුගිජ‍්ඣන‍්ති තෙ හොන‍්ති චක‍්කධාරිනො’ති.

811. මතු මත්තෙහි විශාල වූ පුරවන්නට නො හැකි තෘෂ්ණා තොමෝ (රූපාදි අරමුණෙහි) පැතිර පවත්නී ය. යම් කෙනෙක් ඒ තෘෂ්ණාව පුනපුනා ගිජු වැ ගනිත් ද ඔහු චක්‍රධාරී වෙති.

9. මිත‍්තවින්‍දකජාතකං.

9. මිත්තවින්‍දක ජාතක යි.

812. හංසො පලාසමවච නිග්‍රොධො සම‍්ම ජායති, අඞ‍්කස‍්මිං තෙ නිසින‍්නොව සො තෙ මම‍්මානි ඡෙච‍්ඡති.

812. හංසයා පලාස දෙවියාට මෙසේ කී ය: යහළුව, නුගරුකෙක් හටගනී. ඒ නුගරුක තොපගේ අඞ්ක සඞ්ඛ්‍යාත වෙලෙප්හි හුන්නේ මැ තොපගේ මර්‍මයන් සිඳුනේ යැ.

813. වඩ‍්ඪතුමෙව නිග්‍රොධො පතිට‍්ඨස‍්ස භවාමහං, යථා පිතා ච මාතා ච එවමෙසො භවිස‍්සති.

813. නුගරුක වැඩේවා. මේ රුකට මම පියකු මෙන් හෝ මවක මෙන් හෝ පිහිට වෙමි. තෙල තැනැත්තේ මහලු මාපියනට දරුවකු මෙන් පිහිට වන්නේ යැ.

814. යං ත්‍වං අඞ‍්කස‍්මි වඩ‍්ඪෙසි ඛීරරුක‍්ඛං භයානකං, ආමන‍්ත ඛො තං ගච‍්ඡාම වුඩ‍්ඪිමස‍්ස න රුච‍්චති.

814. යම් හෙයෙකින් තෙපි බිය ගෙන දෙන කිරිගස ඇකයේ වඩවු ද (එහෙයින්) තොප අමතා යම්හ. මේ නුග රුක්හි වර්ධනය මට රුස්නේ නො වෙයි.

815. ඉදානි ඛො මං භායති මහානෙරු නිදස‍්සනං, හංසස‍්ස අනභිඤ‍්ඤාය මහා මෙ භයමාගතං.

815. (බාල කල්හි මා තුටු කළ මේ නුගරුක) දැන් (වැඩීගියෙ) මා බිය පත් කරයි. හංසයාගේ මහමෙර බඳු වචනය අසා නො දැන මට මහබියෙක් ආයේ ය.

816. න තස‍්ස වුඩ‍්ඪි කුසලප‍්පසත්‍ථා යො වඩ‍්ඪමානො ඝසතෙ පතිට‍්ඨං, තස‍්සූපරොධං පරිසඞ‍්කමානො පතාරයී මූලවධාය ධීරොති.

816. යමෙක් වැඩෙනුයේ තමහට වූ මූල ප්‍රතිෂ්ඨාව නසා ද ඔහුගේ ඒ වැඩීම නුවණැත්තන් විසින් නො පසස්නා ලද ය ඔහුගෙන් වන විනාශය යයි සැක කරන නුවණැත්තේ මුලිනුපුටන්නට වෑයම් කරන්නේ ය.

10. පලාසජාතකං

10. පලාස ජාතක යි.

වණ‍්ණාරොහවග‍්ගො දුතියො.

දෙවැනි වණ්ණාරෝහ වර්‍ග යි.