යෙදුමෙන් කියවන්න

8. තචසාරජාතකවණ‍්ණනා 368 අට‍්ඨකථා

8. තචසාරජාතකවණ‍්ණනා (368)

8. තචසාර ජාතකය (368)

අමිත‍්තහත්‍ථත්‍ථගතාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්ඤාපාරමිං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො පඤ‍්ඤවා උපායකුසලොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘අමිත්තහත්‍ථත්‍ථගතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, ප්‍රඥා පාරමිතාව නිමිති කොටගෙන වදාළ සේක. එම අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, තථාගත තෙමේ දැන් පමණක් නොව, පූර්වයේදී ද ප්‍රඥා සම්පන්නයෙක්ව උපාය කුසලතාවයෙන් යුතු, සමතෙක් ව විසී යැයි වදාරා, භික්‍ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ගාමකෙ කුටුම‍්බිකකුලෙ නිබ‍්බත‍්තිත්‍වාති සබ‍්බං පුරිමජාතකනියාමෙනෙව කථෙතබ‍්බං. ඉධ පන වෙජ‍්ජෙ මතෙ ගාමවාසිනො මනුස‍්සා “මනුස‍්සමාරකා”ති තෙ දාරකෙ කුදණ‍්ඩකෙහි බන්‍ධිත්‍වා “රඤ‍්ඤො දස‍්සෙස‍්සාමා”ති බාරාණසිං නයිංසු. බොධිසත‍්තො අන‍්තරාමග‍්ගෙයෙව සෙසදාරකානං ඔවාදං අදාසි “තුම‍්හෙ මා භායථ, රාජානං දිස‍්වාපි අභීතා තුට‍්ඨින්‍ද්‍රියා භවෙය්‍යාථ, රාජා අම‍්හෙහි සද‍්ධිං පඨමතරං කථෙස‍්සති, තතො පට‍්ඨාය අහං ජානිස‍්සාමී”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා කරිංසු. රාජා තෙ අභීතෙ තුට‍්ඨින්‍ද්‍රියෙ දිස‍්වා “ඉමෙ ‘මනුස‍්සමාරකා’ති කුදණ‍්ඩකබද‍්ධා ආනීතා, එවරූපං දුක‍්ඛං පත‍්තාපි න භායන‍්ති, තුට‍්ඨින්‍ද්‍රියායෙව, කිං නු ඛො එතෙසං අසොචනකාරණං, පුච‍්ඡිස‍්සාමි නෙ”ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කුඩා ගමක කෙළෙඹි පවුලක උපන්නේය. ඉතිරි සියල්ල මීට මුලින් කී ජාතකයෙහි ආ පරිද්දෙන් දත යුතුය. මේ ජාතකයට අනුව වෙදා මළ කල්හි, එතැනට රැස්වුණු මිනිස්සු ‘මේ මිනීමරුවන් පිරිසකැ’යි කියා ඒ දරුවන් උණ කෝටු තබා බැඳ, රජුට දැක්වීම පිණිස බරණැසට ගෙන ගියහ. බෝසත් දරුවා අතරමගදීම, සෙසු දරුවන්ට කථාකොට, ‘තෙපි බිය නොවවු. රජු ඉදිරියට ගිය විටත්, අභීතව, සතුටු මුහුණු ඇතිව සිටිවු. රජතුමා පළමුකොට අපට කථා කරන්නේය. එතැන් සිට ඉතිරි කොටස මම බලා ගන්නෙමැ’යි අවවාද දුන්නේය. සෙසු ළමයි ද බෝසත් දරුවාගේ උපදෙස් පිළිගෙන, කී පරිද්දෙන් කටයුතු කළහ. රජතුමා මේ දරුවන් අභීතව, සතුටු මුහුණු ඇතිව සිටිනු දැක, ‘මොවුහු මිනීමරුවෝ යැ’යි කියා උණදඬු තබා බැඳ මෙහි ගෙනෙන ලද්දාහු වුවත්, ඔවුහු බිය නො වෙති. සතුටු මුහුණුවලින් යුක්ත වෙති. එබැවින් මොවුන්ගේ ශෝක නොවීමට හේතුව කවරේද? ඔවුන්ගෙන්ම ඒ ගැන අසා දැන ගන්නෙමි’යි සිතා මෙසේ පැවසීය.

“අමිත‍්තහත්‍ථත්‍ථගතා, තචසාරසමප‍්පිතා; පසන‍්නමුඛවණ‍්ණාත්‍ථ, කස‍්මා තුම‍්හෙ න සොචථා”ති.

අමිත්ත හත්‍ථත්‍ථගතා තචසාර සමප්පිතා, පසන්න මුඛ වණණත්‍ථ - කස්මා තුම්හෙ නසොචථා ති

උණ දඬු තබා බඳිනා ලදුව, සතුරන්ගේ අත්අඩංගුවට පත් වූ නුඹලා ප්‍රසන්න මුහුණු ඇත්තාහු වෙති. තෙපි කුමක් හෙයින් ශෝක නොකරවුද?

තත්‍ථ අමිත‍්තහත්‍ථත්‍ථගතාති කුදණ‍්ඩකෙහි ගීවායං බන්‍ධිත්‍වා ආනෙන‍්තානං අමිත‍්තානං හත්‍ථගතා. තචසාරසමප‍්පිතාති වෙළුදණ‍්ඩකෙහි බද‍්ධත‍්තා එවමාහ. කස‍්මාති “එවරූපං බ්‍යසනං පත‍්තාපි තුම‍්හෙ කිංකාරණා න සොචථා”ති පුච‍්ඡති.

මෙහි ‘අමිත්තහත්‍ථත්‍ථගතා’ යනු ‘බෙල්ලෙහි උණ දඬු තබා බැඳගෙන එන්නා වූ ද, සතුරන්ගේ අත්අඩංගුවට පත් වූ’, යන අර්ථයි. ‘තචසාරසසමප්පිතා’ යනු ‘උණ දඬු තබා බඳින ලද බැවින් මෙසේ කියන ලදි. ‘කස්මා’ යනු ‘මෙබඳු විපතකට වැටීත්, තෙපි කුමන කරුණක් නිසා ශෝක නො කරවුදැ’යි විචාරයි යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තො සෙසගාථා අභාසි –

ඒ අසා බෝසත් දරුවා ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ උත්තර දුන්නේය.

“න සොචනාය පරිදෙවනාය, අත්‍ථොව ලබ‍්භො අපි අප‍්පකොපි; සොචන‍්තමෙනං දුඛිතං විදිත්‍වා, පච‍්චත්‍ථිකා අත‍්තමනා භවන‍්ති.

2. ශෝක කිරීමෙන් ද, හැඬීමෙන් ද, මඳ වූ ප්‍රයෝජනයක්වත් නොලැබේමය. ශෝක වන බව, දුක්වන බව, දත් සතුරෝ, එයින් සතුටු වෙති.

“යතො ච ඛො පණ‍්ඩිතො ආපදාසු, න වෙධතී අත්‍ථවිනිච‍්ඡයඤ‍්ඤූ; පච‍්චත්‍ථිකාස‍්ස දුඛිතා භවන‍්ති, දිස‍්වා මුඛං අවිකාරං පුරාණං.

3. හොඳ නරක තේරුම් ගතහැකි, නුවණැත්තා යම් හෙයකින් ආපදාවලදී කම්පා නොවේද? එසේ හෙයින් ඔහුගේ වෙනසකට පත් නොවූ, පැරණි මුහුණුම දැක, සතුරෝ දුක් වෙති.

“ජප‍්පෙන මන‍්තෙන සුභාසිතෙන, අනුප‍්පදානෙන පවෙණියා වා; යථා යථා යත්‍ථ ලභෙථ අත්‍ථං, තථා තථා තත්‍ථ පරක‍්කමෙය්‍ය.

4. මන්ත්‍ර ජප කිරීමෙන් හෝ, සාකච්ඡා මාර්ගයෙන් හෝ, ප්‍රිය වචන කථා කිරීමෙන් හෝ, වන්දි ගෙවීමෙන් හෝ, පරම්පරාවේ වැදගත්කම කියාපෑමෙන් හෝ යන මේ යම් ආකාරයකින් වැඩක් වේ නම්, ඒ ඒ ආකාරයෙන්, එම අවස්ථාවෙහි යත්න දරන්නේය.

“යතො ච ජානෙය්‍ය අලබ‍්භනෙය්‍යො, මයාව අඤ‍්ඤෙන වා එස අත්‍ථො; අසොචමානො අධිවාසයෙය්‍ය, කම‍්මං දළ‍්හං කින‍්ති කරොමි දානී”ති.

5. මවිසින් හෝ අනෙකකු විසින් හෝ මෙකී අර්ථය නොලැබිය හැකි යැයි යම් හෙයකින් දන්නේ නම් ශෝක නොවී ‘තමා කළ දේ බරපතලය. දැන් කුමක් කරම්දැ’යි, ඉවසන්නේය.

තත්‍ථ අත්‍ථොති වුඩ‍්ඪි. පච‍්චත්‍ථිකා අත‍්තමනාති එතං පුරිසං සොචන‍්තං දුක‍්ඛිතං විදිත්‍වා පච‍්චාමිත‍්තා තුට‍්ඨචිත‍්තා හොන‍්ති. තෙසං තුස‍්සනකාරණං නාම පණ‍්ඩිතෙන කාතුං න වට‍්ටතීති දීපෙති . යතොති යදා. න වෙධතීති චිත‍්තුත්‍රාසභයෙන න කම‍්පති. අත්‍ථවිනිච‍්ඡයඤ‍්ඤූති තස‍්ස තස‍්ස අත්‍ථස‍්ස විනිච‍්ඡයකුසලො.

මෙහි ‘අත්‍ථො’ යනු ‘යහපතක්’ යන අර්ථයි. ‘පච්චත්‍ථිකා අත්තමනා’ යනු ‘මේ මිනිසා ශෝක වන බව, දුක් වන බව, දැන සතුරෝ සතුටු වෙති. ඔවුන් තුටු කිරීම නම්, නුවණැත්තකු විසින් සිදුකිරීම නො වටී යැ’යි දක්වයි. ‘යතො’ යනු ‘යම් දිනක’, යන අර්ථයි. ‘න වෙධතී’ යනු ත්‍රාසයේ හා බියෙන් හිත කම්පා නොවේ’ යන අර්ථයි. ‘අත්‍ථිවිනච්ඡයඤ්ඤු’ යනු ‘ඒ ඒ යහපත් දෑ සම්බන්ධයෙන් විනිශ්චය කරගැනීමේ දක්‍ෂකම් ඇත්තා’ යන අර්ථයි.

ජප‍්පෙනාති මන‍්තපරිජප‍්පනෙන. මන‍්තෙනාති පණ‍්ඩිතෙහි සද‍්ධිං මන‍්තග‍්ගහණෙන. සුභාසිතෙනාති පියවචනෙන. අනුප‍්පදානෙනාති ලඤ‍්ජදානෙන. පවෙණියාති කුලවංසෙන. ඉදං වුත‍්තං හොති – මහාරාජ, පණ‍්ඩිතෙන නාම ආපදාසු උප‍්පන‍්නාසු න සොචිතබ‍්බං න කිලමිතබ‍්බං, ඉමෙසු පන පඤ‍්චසු කාරණෙසු අඤ‍්ඤතරවසෙන පච‍්චාමිත‍්තා ජිනිතබ‍්බා. සචෙ හි සක‍්කොති, මන‍්තං පරිජප‍්පිත්‍වා මුඛබන්‍ධනං කත්‍වාපි තෙ ජිනිතබ‍්බා, තථා අසක‍්කොන‍්තෙන පණ‍්ඩිතෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා එකං උපායං සල‍්ලක‍්ඛෙත්‍වා ජිනිතබ‍්බා, පියවචනං වත‍්තුං සක‍්කොන‍්තෙන පියං වත්‍වාපි තෙ ජිනිතබ‍්බා, තථා අසක‍්කොන‍්තෙන විනිච‍්ඡයාමච‍්චානං ලඤ‍්ජං දත්‍වාපි ජිනිතබ‍්බා, තථා අසක‍්කොන‍්තෙන කුලවංසං කථෙත්‍වා “මයං අසුකපවෙණියා ආගතා, තුම‍්හාකඤ‍්ච අම‍්හාකඤ‍්ච එකොව පුබ‍්බපුරිසො”ති එවං විජ‍්ජමානඤාතිකොටිං ඝටෙත්‍වාපි ජිනිතබ‍්බා එවාති. යථා යථාති එතෙසු පඤ‍්චසු කාරණෙසු යෙන යෙන කාරණෙන යත්‍ථ යත්‍ථ අත‍්තනො වුඩ‍්ඪිං ලභෙය්‍ය. තථා තථාති තෙන තෙන කාරණෙන තත්‍ථ තත්‍ථ පරක‍්කමෙය්‍ය, පරක‍්කමං කත්‍වා පච‍්චත්‍ථිකෙ ජිනෙය්‍යාති අධිප‍්පායො.

‘ජප්පෙන’ යනු ‘මන්ත්‍ර ජප කිරීමෙන්’ යන අර්ථයි. ‘මන්තෙන’ යනු ‘නුවණැත්තන් සමග සාකච්ඡා කිරීමෙන්’ යන අර්ථයි. ‘සුභාසිතෙන’ යනු ‘ප්‍රිය වචනයෙන්’ යන අර්ථයි. ‘අනුප්පදානෙන’ යනු ‘අල්ලස් දීමෙන්’, යන අර්ථයි. ‘පවෙණියා’ යනු ‘කුල වංශය ගැන කීමෙන්’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් ‘මහරජතුමනි, පණ්ඩිතයකු විසින් නම්, විපත හටගත් කල්හි, ශෝක නොවිය යුතුය. අවසිහියෙන් කටයුතු නොකළ යුතුය යනුවෙනි. ඉහත කියන ලද කාරණා පහ අතුරෙන්, එකෙකින් හෝ සතුරෝ දිනිය යුතු වෙති. එසේම හැකිනම්, මන්ත්‍ර මතුරා මුව ගොළුකොට හෝ, ඔවුහු ජයගත යුතු වෙති. එය ද නොහැකි වූ නුවණැත්තා විසින්, ඔවුන් සමග සාකච්ඡා කොට කිසියම් උපායකින් ජයගත යුතු වෙති. මිහිරි වචන කථා කිරීමට හැකියාව ඇත්තකු විසින් නම්, එසේ කිරීමෙන් ඔවුහු ජය ගත යුතු වෙති. එයද නොහැකි නම්, විනිසුරුවන්ට අල්ලස් ලබා දී, ඒ මාර්ගයෙන් ජයගත යුතු වෙති. එය ද නොහැකි නම්, කුලවංශය ගැන කියා එනම්, ‘අපි අසවල් පරම්පරාවේ අය වෙමු. අපිත් ඔබත් එකම පරපුරකට අයිති වෙමු. මෙසේ ඔප්පු කළ හැකි නෑ සබඳකම්, කෙතරම් දුර නෑකම් වුවත්, සම්බන්ධ කොට කියා එයින් ජයගත යුතු වෙති’ යන අර්ථයි. ‘යථා යථා’ යනු ‘මේ කරුණු පහ අතුරෙන්, යම් යම් කරුණකින් යම් යම් තැනක දී තමාට යහපතක් වන්නේ නම්, යන අර්ථයි. ‘තථා තථා’ යනු ‘ඒ ඒ කාරණයෙන් ඒ ඒ තැන දී උත්සාහ කරන්නේය, එසේ උත්සාහ දරා සතුරන් ජය ගන්නේ ය’ යන අර්ථයි.

යතො ච ජානෙය්‍යාති යදා පන ජානෙය්‍ය, මයා වා අඤ‍්ඤෙන වා එස අත්‍ථො අලබ‍්භනෙය්‍යො නානප‍්පකාරෙන වායමිත්‍වාපි න සක‍්කා ලද‍්ධුං, තදා පණ‍්ඩිතො පුරිසො අසොචමානො අකිලමමානො “මයා පුබ‍්බෙ කතකම‍්මං දළ‍්හං ථිරං න සක‍්කා පටිබාහිතුං, ඉදානි කිං සක‍්කා කාතු”න‍්ති අධිවාසයෙය්‍යාති.

‘යතො ච ජානෙය්‍ය’ යනු ‘යම්විටෙක දැන ගන්නේ ද? මවිසින් හෝ, අනෙකකු විසින් මින් වැඩක් නො වන්නේ යැයි, එනම් උත්සාහ කොට ද, මිදීමක් ලැබිය නොහැකි නම්, එකල නුවණැති පුරුෂයෙක් නම්, ඔහු ශෝක නොවී වෙහෙසට පත් නොවී ‘මවිසින් පෙර කළ කර්මය බරපතලය. එය ස්ථිරවම වැළැක්විය නොහැකිය. දැන් කුමක් කරන්නදැ’යි, සිතා ඉවසන්නේය.

රාජා බොධිසත‍්තස‍්ස ධම‍්මකථං සුත්‍වා කම‍්මං සොධෙත්‍වා නිද‍්දොසභාවං ඤත්‍වා කුදණ‍්ඩකෙ හරාපෙත්‍වා මහාසත‍්තස‍්ස මහන‍්තං යසං දත්‍වා අත‍්තනො අත්‍ථධම‍්මඅනුසාසකං අමච‍්චරතනං අකාසි, සෙසදාරකානම‍්පි යසං දත්‍වා ඨානන‍්තරානි අදාසි.

රජතුමා බෝසත් දරුවාගේ මේ දැහැමි කථාව අසා, ඔවුන්ගේ නඩුව පිරිසිදුව විනිශ්චය කොට බලා, දරුවන් නිදොස් බව දැන බැඳ තිබූ උණ දඬු බැහැර කරවා, බෝසතුන්ට මහත් යසඉසුරු දී, රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමති රත්නයක් බවට පත් කෙළේය. සෙසු දරුවන්ට ද යස ඉසුරු දී සුදුසු තනතුරු ද දුන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි “තදා බාරාණසිරාජා ආනන්‍දො අහොසි, දාරකා ථෙරානුථෙරා, පණ‍්ඩිතදාරකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා බරණැස් රජ නම් අනඳ තෙරණුවෝය. දරුවෝ නම් ථෙර, අනුථෙර හිමිවරුය. පණ්ඩිත දරුවා වූ කලී ‘මම ම යැ’යි බුදුහු වදාළහ.

තචසාරජාතකවණ‍්ණනා අට‍්ඨමා.