7. සාළියජාතකවණ්ණනා 367 අට්ඨකථා
7. සාළියජාතකවණ්ණනා (367)
7. සාළිය ජාතකය (367)
ය්වායං සාළියඡාපොතීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො “ආවුසො, දෙවදත්තො තාසකාරකොපි භවිතුං නාසක්ඛී”ති වචනං ආරබ්භ කථෙසි. තදා හි සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මම තාසකාරකොපි භවිතුං නාසක්ඛී”ති වත්වා අතීතං ආහරි.
‘ය්වාහං සාලියජාපො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවෙසෙන සේක්, ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ බුදුන් බියගන්වන්නට අපොහොසත් වී යැ’යි භික්ෂූන් විසින් කියන ලද ප්‍රකාශයක් නිමිතිකොට ගෙන වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් ‘මහණෙනි, දෙව්දත් තෙමේ, දැන් පමණක් නොව, පෙර ද මට බිය උපදවන්නට අසමත් වූයේ යැ’යි වදාරා, මේ අතීත කථාපුවත දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගාමකෙ කුටුම්බිකකුලෙ නිබ්බත්තිත්වා තරුණකාලෙ පංසුකීළකෙහි දාරකෙහි සද්ධිං ගාමද්වාරෙ නිග්රොධරුක්ඛමූලෙ කීළති. තදා එකො දුබ්බලවෙජ්ජො ගාමෙ කිඤ්චි අලභිත්වා නික්ඛමන්තො තං ඨානං පත්වා එකං සප්පං විටපබ්භන්තරෙන සීසං නීහරිත්වා නිද්දායන්තං දිස්වා “මයා ගාමෙ කිඤ්චි න ලද්ධං, ඉමෙ දාරකෙ වඤ්චෙත්වා සප්පෙන ඩංසාපෙත්වා තිකිච්ඡිත්වා කිඤ්චිදෙව ගණ්හිස්සාමී”ති චින්තෙත්වා බොධිසත්තං ආහ “සචෙ සාළියඡාපං පස්සෙය්යාසි, ගණ්හෙය්යාසී”ති. “ආම, ගණ්හෙය්ය”න්ති . “පස්සෙසො විටපබ්භන්තරෙ සයිතො”ති. සො තස්ස සප්පභාවං අජානන්තො රුක්ඛං ආරුය්හ තං ගීවායං ගහෙත්වා “සප්පො”ති ඤත්වා නිවත්තිතුං අදෙන්තො සුග්ගහිතං ගහෙත්වා වෙගෙන ඛිපි. සො ගන්ත්වා වෙජ්ජස්ස ගීවායං පතිතො ගීවං පලිවෙඨෙත්වා “කර කරා”ති ඩංසිත්වා තත්ථෙව නං පාතෙත්වා පලායි. මනුස්සා පරිවාරයිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කිසියම් කුඩා ගමක කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු ලාබාල වියේදී, වැලිකෙළියෙහි නිරත දරුවන් සමග එකතුව, ගම් දොරටුවෙහි නුග ගසක් මුල නිතිපතා සෙල්ලම් කරයි. දිනක් ඒ ගමට පැමිණි එක් දුර්වල වෙදෙක්, ගමෙන් කිසිදු වැඩක් නොලැබුණු තැන, වෙනත් ගමකට යන්නට සිතා, ගම් දොරටුවට පැමිණියේය. එහිදී ළමයින් නුග ගස මුල ක්‍රීඩා කරනු දැක, නුග ගස සමීපයට පැමිණි වෙදා, එහි නැවතී ළමයින්ගේ ක්‍රීඩා බලමින් සිටියේය. අහම්බෙන් නුග ගස දෙස බැලූ වෙදාට එහි වෙළෙප් අතර, හිස පිටතට දමා නිදන නයකු දක්නට ලැබිණි. ඒ දුටු වෙදා ‘මට මේ ගමෙන් කිසිදු වැඩක් ලැබුණේ නැත. එබැවින් මම මේ දරුවන් රවටා සර්පයා ලවා දෂ්ට කරවා, ඔවුන්ට වෙදකම් කොට, මුදලක් උපයා ගන්නෙමි’යි සිතීය. අනතුරුව බෝසත් දරුවාට කථා කළ වෙදා, ‘දරුව, සැළලිහිණි පැටවකු දුටුවොත් අල්ලා ගන්නෙහි දැ’යි ඇසීය. ‘එසේය, අල්වා ගන්නෙමි.’ ‘එසේනම් බලන්න. ඌ අර අතු අතර නිදා සිටී යැ’යි වෙදා සර්පයා පෙන්වීය. අහිංසක දරුවා ඒ සර්පයකු බව නො දැන, ගසට නැග ඌ බෙල්ලෙන් ම අල්ලා ගත්තේය. ළමයා ඌ සර්පයකු බව තේරුම් ගත්තේ, අල්ලා ගැනීමෙන් පසුවය. නයාට ආපසු හිස හරවන්නට ඉඩ නොලැබෙන සේ, තරකොට අල්ලා ගත් දරුවා, ඉතා වේගයෙන් ඌ ඉවතට විසිකොට දැමීය. විසිවී ගිය නයා, වෙදාගේ බෙල්ල මතට වැටුණි. කිපී සිටි නයා, වෙදාගේ බෙල්ල තදින් වෙළාගෙන, ‘කර-කර’ යන හඬින් ගෙල සපා කෑවේය. කපටිවෙදා, එතැනම මැරී වැටුණේය. මේ කලබලය ඇසී මිනිස්සු වහා එතැනට රැස්වූහ.
මහාසත්තො සම්පත්තපරිසාය ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
රැස්වූ පිරිසට කරුණු පැහැදිලි කරමින්, දම් දෙසමින් බෝසත් දරුවා, මෙසේ පැවසීය.
“ය්වායං සාළියඡාපොති, කණ්හසප්පං අගාහයි; තෙන සප්පෙනයං දට්ඨො, හතො පාපානුසාසකො.
ය්වායං සාලිය ඡාපොති - කණ්හ සප්පං අගාහයී, තෙන සප්පෙනයං දට්ඨො - තතො පාපානුසාසකො
ඒ මේ පුද්ගලයා ‘සැළලිහිණි පැටියා යැ’යි කියා කලු සර්පයකු අල්ලා ගන්නට සැලැස්වීය. ඒ පාපී අනුශාසකයා, ඒ සර්පයා විසින්ම දෂ්ට කරන ලදුව මරණයට පත්විය.
“අහන්තාරමහන්තාරං, යො නරො හන්තුමිච්ඡති; එවං සො නිහතො සෙති, යථායං පුරිසො හතො.
අහන්තාර මහන්තාරං යො නරො හන්තු මිච්ඡති, එවං සො නිහතො සෙති - යථායං පුරිසො හතො
යම් මිනිසෙක් කාට හෝ හානියක් කිරීමට, විනාශයක් සිදුකිරීමට තමන් ඉදිරිපත් නොවී, වෙනකකු ලවා කරවීමට කැමැති වේද? මේ මිනිසා නැසුණු පරිද්දෙන් ඔහු විනාශයට පත්වේ.
“අහන්තාරමඝාතෙන්තං , යො නරො හන්තුමිච්ඡති; එවං සො නිහතො සෙති, යථායං පුරිසො හතො.
අහනන්ත මඝාතෙනතං යො නරො හන්තු මිච්ඡති, එවං සො නිහතො සෙති යථායං පුරිසො හතො
යම් මිනිසෙක් කාට හෝ හානියක් කිරීම සඳහා, කවුරුන් හෝ ඝාතනය කිරීම සඳහා, වෙනකෙකු යොදා ගැනීමට කැමැති වේද? ඔහු මේ මිනිසා නැසුණු පරිද්දෙන්, විනාශයට පත්වේ.
“යථා පංසුමුට්ඨිං පුරිසො, පටිවාතං පටික්ඛිපෙ; තමෙව සො රජො හන්ති, තථායං පුරිසො හතො.
යථා පංසුමුට්ඨිං පුරිසො පටිවාතං පටික්ඛිපෙ, තමෙව සො රජො හන්ති තථායං පුරිසො හතො
යම් සේ පුරුෂයෙක් පස් කුඩු මිටක් උඩු සුළඟට දමා ද? එහි දූවිල්ල ඔහුට ම වදී. මේ මිනිසාගේ මරණය මෙනි.
“යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස; තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො”ති.
5. කිසි වැරැද්දක් නැති, පිරිසිදු වූ, කෙලෙස් දුරුකළ, මිනිසකුට යමෙක් ද්වේෂ කෙරේ ද? උඩු සුළඟට විසිකරන ලද සියුම් දුහුවිල්ලක් මෙන්, ඒ පාපය අනුවණයා කරා පෙරළා පැමිණේ.
තත්ථ ය්වායන්ති යො අයං, අයමෙව වා පාඨො. සප්පෙනයන්ති සො අයං තෙන සප්පෙන දට්ඨො. පාපානුසාසකොති පාපකං අනුසාසකො.
මෙහි ‘ය්වායං’ යනු ‘යම් බඳු වූ මොහු’ යන අර්ථයි. නිවැරදි පාඨය මෙයම හෝ විය හැකිය. ‘සප්පෙනයං’ යනු ‘ඒ සර්පයා විසින් මේ මිනිසා දෂ්ට කරන ලදි’ යන අර්ථයි. ‘පාපානුසාසකො’ යනු ‘පවිටු අනුශාසකයෝ’ ය.
අහන්තාරන්ති අපහරන්තං. අහන්තාරන්ති අමාරෙන්තං. සෙතීති මතසයනං සයති. අඝාතෙන්තන්ති අමාරෙන්තං. සුද්ධස්සාති නිරපරාධස්ස. පොසස්සාති සත්තස්ස. අනඞ්ගණස්සාති ඉදම්පි නිරපරාධභාවඤ්ඤෙව සන්ධාය වුත්තං. පච්චෙතීති කම්මසරික්ඛකං හුත්වා පතිඑති.
‘අහන්තාරං’ යනු ‘පහර නොදෙන’ යන අර්ථයි. ‘අහන්තාරං’ යනු ‘නො මරණ’ යන අර්ථයි. ‘සෙති’ යනු ‘මරණ මංචකයේ හෝනේ ය’ යන අර්ථයි. ‘අඝාතෙන්තං’ යනු ‘නො මරණ’ යන අර්ථයි. ‘සුද්ධස්ස’ යනු ‘නිරපරාධ වූ යන අර්ථයි. ‘පොසස්ස’ යනු ‘සත්ත්වයාට’ යන අර්ථයි. ‘අනංගණස්ස’ යන මෙය ද, ‘නිරපරාධ භාවය’ සඳහා ම කියන ලද්දකි. ‘පච්චෙති’ යනු ‘කළ කර්මයට ගැලපෙන ලෙස විපාකය පෙරළා පැමිණේ’ යන අර්ථයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා දුබ්බලවෙජ්ජො දෙවදත්තො අහොසි, පණ්ඩිතදාරකො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දුබල වෙදා නම්, දේවදත්තයා ය. පණ්ඩිත (නුවණැති) දරුවා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
සාළියජාතකවණ්ණනා සත්තමා.