යෙදුමෙන් කියවන්න

6. ගුම‍්බියජාතකවණ‍්ණනා 366 අට‍්ඨකථා

6. ගුම‍්බියජාතකවණ‍්ණනා (366)

6. ගුම්බිය ජාතකය (366)

මධුවණ‍්ණං මධුරසන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කිං දිස‍්වා”ති වත්‍වා “අලඞ‍්කතමාතුගාම”න‍්ති වුත‍්තෙ “භික‍්ඛු ඉමෙ පඤ‍්ච කාමගුණා නාම එකෙන ගුම‍්බියෙන යක‍්ඛෙන හලාහලවිසං පක‍්ඛිපිත්‍වා මග‍්ගෙ ඨපිතමධුසදිසා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘මධුවණ්ණං මධුරසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වෙසෙන සේක්, කලකිරුණු එක් භික්‍ෂු නමක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂු නම කැඳ වූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔබ කළකිරුණෙහිය යන්න සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේ ය.’ ‘කුමක් දැක කළකිරුණෙහිද?’ ‘අබරණින් සැරසුණු කාන්තාවක් දැකීමෙනි.’ ‘මහණ, මේ පංචකාම ගුණ වනාහි, ගුම්බිය නම් වූ යක්‍ෂයකු විසින් හලාහල විෂ යොදා මහමග තබන ලද, මධු පටලයක් (මීවදයක්) වැනි යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ එය විස්තර කරදෙන ලෙස ඉල්ලා සිටී. එම භික්‍ෂුවගේ ම අයැදුමෙන් මේ අතීත කථා පුවත වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සත්‍ථවාහකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො බාරාණසිතො පඤ‍්චහි සකටසතෙහි භණ‍්ඩං ආදාය වොහාරත්‍ථාය ගච‍්ඡන‍්තො මහාවත‍්තනිඅටවිද‍්වාරං පත්‍වා සත්‍ථකෙ සන‍්නිපාතාපෙත්‍වා “අම‍්භො, ඉමස‍්මිං මග‍්ගෙ විසපණ‍්ණපුප‍්ඵඵලාදීනි අත්‍ථි, තුම‍්හෙ කිඤ‍්චි අඛාදිතපුබ‍්බං ඛාදන‍්තා මං අපුච‍්ඡිත්‍වා මා ඛාදිත්‍ථ, අමනුස‍්සාපි විසං පක‍්ඛිපිත්‍වා භත‍්තපුටමධුකඵලානි මග‍්ගෙ ඨපෙන‍්ති, තානිපි මං අනාපුච‍්ඡිත්‍වා මා ඛාදිත්‍ථා”ති ඔවාදං දත්‍වා මග‍්ගං පටිපජ‍්ජි. අථෙකො ගුම‍්බියො නාම යක‍්ඛො අටවියා මජ‍්ඣට‍්ඨානෙ මග‍්ගෙ පණ‍්ණානි අත්‍ථරිත්‍වා හලාහලවිසසංයුත‍්තානි මධුපිණ‍්ඩානි ඨපෙත්‍වා සයං මග‍්ගසාමන‍්තෙ මධුං ගණ‍්හන‍්තො විය රුක‍්ඛෙ කොට‍්ටෙන‍්තො විචරති. අජානන‍්තා “පුඤ‍්ඤත්‍ථාය ඨපිතානි භවිස‍්සන‍්තී”ති ඛාදිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණන‍්ති. අමනුස‍්සා ආගන‍්ත්‍වා තෙ ඛාදන‍්ති. බොධිසත‍්තස‍්ස සත්‍ථකමනුස‍්සාපි තානි දිස‍්වා එකච‍්චෙ ලොලජාතිකා අධිවාසෙතුං අසක‍්කොන‍්තා ඛාදිංසු, පණ‍්ඩිතජාතිකා “පුච‍්ඡිත්‍වා ඛාදිස‍්සාමා”ති ගහෙත්‍වා අට‍්ඨංසු. බොධිසත‍්තො තෙ දිස‍්වා හත්‍ථගතානි ඡඩ‍්ඩාපෙසි, යෙහි පඨමතරං ඛාදිතානි, තෙ මරිංසු. යෙහි අඩ‍්ඪඛාදිතානි, තෙසං වමනවිරෙචනං දත්‍වා වන‍්තකාලෙ චතුමධුරං අදාසි. ඉති තෙ තස‍්ස ආනුභාවෙන ජීවිතං පටිලභිංසු. බොධිසත‍්තො සොත්‍ථිනා ඉච‍්ඡිතට‍්ඨානං ගන‍්ත්‍වා භණ‍්ඩං විස‍්සජ‍්ජෙත්‍වා අත‍්තනො ගෙහමෙව අගමාසි. තමත්‍ථං කථෙන‍්තො සත්‍ථා ඉමා අභිසම‍්බුද‍්ධගාථා අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ගැල්වලින් වෙළෙඳාම් කරන වෙළෙඳ කුලයක උපන්නේය. තරුණ වියට පත්වූ බෝසත් තෙමේ කිසියම් සුදුසු දිනයක පන්සියයක් ගැල්වල බඩු පුරවාගෙන, පිරිස ද සමග වෙළෙඳාම සඳහා බරණැස් නුවරින් පිටත්විය. ප්‍රධාන මාර්ගයෙහි බොහේා දුරක් ගමන් කළ එතුමා, ප්‍රධාන මාර්ගයෙන් කැලෑ මගකට පිවිසෙන දොරටුවක් වෙත පැමිණ, එහිදී සියලු ගැල් නවත්වා පිරිස තමා ළඟට කැඳවීය. අනතුරුව බෝසත් තෙමේ, තම අනුචර පිරිස අමතා ‘පින්වතුනි, මේ මාර්ගය ඉතා බිහිසුණුය. මෙහි තැනින් තැන, විෂ සහිත කොළ-මල්-ගෙඩි ආදිය එමට ඇත. එහෙත් තෙපි මීට පෙර නොකෑවිරූ යමක් වේ නම් මගෙන් ඒ ගැන නො විමසා, අනුභව නො කරවු. එපමණක් නොව අමනුෂ්‍යයෝ විෂ යෙදූ බත් මුල්, දඬුවැල් බෑ, ගෙඩි වර්ග මග තන්හි තන්හි තබති. එවැන්නක් දුටහොත්, මගෙන් නාසා අනුභව නොකරවු යැ’යි අවවාද දී මගට පිළිපන්නේය. ඉක්බිති එක් ‘ගුම්බිය’ නම් යකෙක් මේ කැලෑබද මාර්ගයේ මැදට වන්නට තැන තැන පාර අද්දර, කොළපත් එලා, ඒ මත හලාහල විෂ යොදන ලද මීවද තබා, තෙමේ ඒ පෙනෙන මානයේ ගසක් ළඟට වී ‘මීයක් කැඩීමට ගසකට කොටන මිනිසකු මෙන්, ගසට කොටමින් සිටියේය. මේ කිසිත් නොදත් මිනිස්සු ‘පින් පිණිස තබන ලද ආහාර විය යුතු යැ’යි සිතා, ඒවා රිසි සේ භුක්ති විඳිති. ටික වේලාවකින් ඒ ආහාර අනුභව කළ සියලුදෙනා මැරී වැටෙති. අමනුෂ්‍යයෝ වටවී මළ මිනී බුදිති. බෝසතුන්ගේ ගැල් සාත්තුවේ ගැල්කරුවෝ ද, ඉහත කී ආකාරයේ මග දෙපස තැනින් තැන තබා තිබුණු ආහාර දුටුවාහුය. කරත්ත නවත්වා, එතැනට රැස් වූ, ඒ ගැල්කරුවන් අතරින් සමහර කෑදර මිනිස්සු දුටුමතින් ආශාව පාලනය කොටගත නොහැකිව. වහා පැන ඒවා කා දැමූහ. එතැන සිටි නුවණැති මිනිස්සු, ‘අසා බලා දැනගෙන ම අනුභව කරන්නෙමු යැ’යි කියා බෝසතුන් වෙත ඒවා රැගෙන ගියහ. බෝසත් තෙමේ ඔවුන් දුටු විගසම අත්වල තිබූ ආහාර වහා ඉවත දමන ලෙස අණ කෙළේය. ආහාර අනුභව කළ පිරිස අතුරෙන් මුළුමනින් ගිල දැමූ උදවිය, ඉක්මණින්ම ජීවිතක්‍ෂයට පත්වූහ. කොටසක් ආහාරයට ගත් උදවියට වමනය කරවීමෙන් හා විරේක කරවීමෙන් අනතුරුව, චතුමධුර කන්නට දී, ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට බෝසත්තුමා සමත් විය. මෙසේ එතුමාගේ ආනුභාවයෙන් බොහෝ අය ජීවිත ලාභය ලැබූහ. අනතුරුව බෝසත් තෙමේ වෙනත් කරදරයකින් තොරව, යහතින් බලාපොරොත්තු වූ ස්ථානයට ළඟා වී, එහිදී බඩු විකුණා, සියලු කටයුතු නිමාකොට, සුවසේ පෙරළා සිය නිවෙස වෙත පැමිණියේය. මේ කරුණ පැහැදිලිකොට වදාළ බුදුරජාණන් වහන්සේ, පහත එන ගාථා දේශනා කළ සේක.

“මධුවණ‍්ණං මධුරසං, මධුගන්‍ධං විසං අහු; ගුම‍්බියො ඝාසමෙසානො, අරඤ‍්ඤෙ ඔදහී විසං.

මධුවණ්ණං මධුරසං - මධු ගන්‍ධං විසං අහූ, ගුම්මියො ඝාසමෙසානො - අරඤ්ඤෙ ඔදහී විසං

මීපැණි පැහැය ඇති, මීපැණි වැනි රස ඇති, මීපැණ මෙන් සුවඳ ඇති විෂ වර්ගය වීය. ගුම්බිය යකා තමාට අහර සොයමින් කැලයෙහි විෂ තැබීය.

“මධු ඉති මඤ‍්ඤමානා, යෙ තං විසමඛාදිසුං; තෙසං තං කටුකං ආසි, මරණං තෙනුපාගමුං.

2. ඒ ‘මීවද යැ’යි සිතූ යම් කෙනෙක් වෙත්ද? ඔවුහු ඒ විෂ කෑහ. ඒ විෂ ඔවුන්ට කටුක විය. ඒ විෂෙන්ම මරණයට පත්වූහ.

“යෙ ච ඛො පටිසඞ‍්ඛාය, විසං තං පරිවජ‍්ජයුං; තෙ ආතුරෙසු සුඛිතා, ඩය‍්හමානෙසු නිබ‍්බුතා.

3. ලෙඩවූවන් අතුරෙන්, දැවෙන්නන් අතුරෙන්, යම් කෙනෙක් ඒ විෂ ප්‍රතික්‍ෂේප කළාහුද? ඔවුහු නිදුක් වූහ. නිවුණාහ.

“එවමෙව මනුස‍්සෙසු, විසං කාමා සමොහිතා; ආමිසං බන්‍ධනඤ‍්චෙතං, මච‍්චුවෙසො ගුහාසයො.

4. එපරිද්දෙන් මිනිසුන් කෙරෙහි ඇති, කාම සම්පත් විෂ නම් වේ. එබැවින් කාම සම්පත් යනු, විෂ මුසු අහරකි. බන්ධනයකි. කාමාශක්ත පුද්ගලයා වනාහි, මාරයාට වසඟව ශරීරය නමැති ගුහාවෙහි, සයනය කරන්නෙකි.

“එවමෙව ඉමෙ කාමෙ, ආතුරා පරිචාරිකෙ; යෙ සදා පරිවජ‍්ජෙන‍්ති, සඞ‍්ගං ලොකෙ උපච‍්චගු”න‍්ති.

5. එපරිද්දෙන් කෙලෙසුන්ගෙන් ආතුර වූ, යම් කෙනෙක් වෙත්ද? ඔවුහු පිරිවර සහිත මේ පංචකාමයන් හැමකල්හි, දුරු කෙරෙති. ඔවුහු ලෝකයෙහි ඇලුම් ඉක්ම වූ අය වෙති.

තත්‍ථ ගුම‍්බියොති තස‍්මිං වනගුම‍්බෙ විචරණෙන එවංලද‍්ධනාමො යක‍්ඛො. ඝාසමෙසානොති “තං විසං ඛාදිත්‍වා මතෙ ඛාදිස‍්සාමී”ති එවං අත‍්තනො ඝාසං පරියෙසන‍්තො. ඔදහීති තං මධුනා සමානවණ‍්ණගන්‍ධරසං විසං නික‍්ඛිපි. කටුකං ආසීති තිඛිණං අහොසි. මරණං තෙනුපාගමුන‍්ති තෙන විසෙන තෙ සත‍්තා මරණං උපගතා.

මෙහි ‘ගුම්බියො’ යනු ‘ඒ වන ලැහැබෙහි සැරිසරන බැවින් ඒ නම ලැබූ යකෙකි’ යන අර්ථයි. ‘ඝාසමෙසානො’ යනු ‘ඒ විෂ කා මළවුන් ආහාරයට ගන්නෙමි’යි මෙසේ සිය අහස සොයන්නා වූ’ යන අර්ථයි. ‘ඔදහී’ යනු පැහැයෙන් - සුවඳින් - රසයෙන් මී හා සමාන කොට විෂ යෙදුවේය’ යන අර්ථයි. ‘කටුකං ආසි’ යනු තියුණු විය’ යන අර්ථයි. ‘මරණං තෙනුපාගමුං’ යනු ඒ සත්ත්වයෝ ඒ විෂ කරණකොට ගෙන, මරණයට පැමිණියාහුය’ යන අර්ථයි.

ආතුරෙසූති විසවෙගෙන ආසන‍්නමරණෙසු. ඩය‍්හමානෙසූති විසතෙජෙනෙව ඩය‍්හමානෙසු. විසං කාමා සමොහිතාති යථා තස‍්මිං වත‍්තනිමහාමග‍්ගෙ විසං සමොහිතං නික‍්ඛිත‍්තං, එවං මනුස‍්සෙසුපි යෙ එතෙ රූපාදයො පඤ‍්ච වත්‍ථුකාමා තත්‍ථ තත්‍ථ සමොහිතා නික‍්ඛිත‍්තා, තෙ “විස”න‍්ති වෙදිතබ‍්බා. ආමිසං බන්‍ධනඤ‍්චෙතන‍්ති එතෙ පඤ‍්ච කාමගුණා නාම එවං ඉමස‍්ස මච‍්ඡභූතස‍්ස ලොකස‍්ස මාරබාලිසිකෙන පක‍්ඛිත‍්තං ආමිසඤ‍්චෙව , භවාභවතො නික‍්ඛමිතුං අප‍්පදානෙන අන්‍දුආදිප‍්පභෙදං නානප‍්පකාරං බන්‍ධනඤ‍්ච. මච‍්චුවෙසො ගුහාසයොති සරීරගුහාය වසනකො මරණමච‍්චුවෙසො.

‘ආතුරෙසු’ යනු විෂ වේගයෙන් මරණාසන්න වූවන් අතුරෙන්, යන අර්ථයි. ‘දය්හමානෙසු’ යනු ‘විෂ සැරෙන් දැවෙනවුන් අතුරෙන්’ යන අර්ථයි. ‘විසං කාමා සමොහිතා’ යනු ‘ඒ මහා මාර්ගයෙහි විෂ යොදා තබන ලද දෑ යම් සේද? මිනිසුන් විෂයෙහි ඇති රූපාදී වූ පස්වැදෑරුම් වස්තු කාමයන් ද එසේය. ඒවා ද ඒ ඒ තැන දමන ලද විෂ මුසු අහර වැනි යැයි දත යුතුය’ යන අර්ථයි. ‘ආමිසං බන්‍ධනඤ්චතං’ යනු ‘මේ පස්කම් ගුණ නම්, මාරයා නම් වූ බිලී වැද්දා විසින් දමන ලද ආහාර ද, භවයෙන් නික්මෙන්නට නොදෙන පිණිස යෙදූ දම්වැල් වැනි, නන් වැදෑරුම් බැඳුම් ද යන අර්ථයි. ‘මච්චුවසො ගුහාසයො’ යනු ‘ශරීර නමැති ගුහාවේ වසන බැවින්, මරණ නමැති මාරයාට වසඟව වෙසේ’ යන අර්ථයි.

එවමෙව ඉමෙ කාමෙති යථා වත‍්තනිමහාමග‍්ගෙ විසං නික‍්ඛිත‍්තං, එවං තත්‍ථ තත්‍ථ නික‍්ඛිත‍්තෙ ඉමෙ කාමෙ. ආතුරාති එකන‍්තමරණධම‍්මතාය ආතුරා ආසන‍්නමරණා පණ‍්ඩිතමනුස‍්සා. පරිචාරිකෙති කිලෙසපරිචාරිකෙ කිලෙසබන්‍ධකෙ. යෙ සදා පරිවජ‍්ජෙන‍්තීති යෙ වුත‍්තප‍්පකාරා පණ‍්ඩිතපුරිසා නිච‍්චං එවරූපෙ කාමෙ වජ‍්ජෙන‍්ති. සඞ‍්ගං ලොකෙති ලොකෙ සඞ‍්ගනට‍්ඨෙන “සඞ‍්ග”න‍්ති ලද‍්ධනාමං රාගාදිභෙදං කිලෙසජාතං. උපච‍්චගුන‍්ති අතීතා නාමාති වෙදිතබ‍්බා, අතික‍්කමන‍්තීති වා අත්‍ථො.

‘එවමෙව ඉමෙ කාමෙ’ යනු ‘මහමග තබන ලද විස මුසු අහර යම්සේ ද, ඒ ඒ තැන ඇති රූපාදී කාම වස්තූන් ද එසේ ය’ යන අර්ථයි. ‘ආතුරා’ යනු ‘මරණය ඒකාන්ත ධර්මයක් වන බැවින් එයින් ආතුර වූ මරණය ආසන්න එකෙකැයි දත් පණ්ඩිත මිනිස්සු යන අර්ථයි. ‘පරිචාරිකෙ’ යනු ‘කෙලෙස් පිරිවරා ඇති අරමුණු, කෙලෙස් බැඳුම් යන අර්ථයි. ‘යෙ සදා පරිවජ්ජෙන්ති’ යනු ‘යට කියන ලද ආකාරයේ පණ්ඩිත මිනිස්සු නිරතුරුව, මෙබඳු කාමයන් බැහැර කෙරෙති’ යන අර්ථයි. ‘සංගං ලොකෙ’ යනු ‘ලොවෙහි ඇලුම් ඇතිකරන බැවින් ‘සංග’ නම් වූ කෙලෙස්වලින් හටගත්, රාගාදී ප්‍රභේදයන්, යන අර්ථයි. ‘උපච්චගුං’ යනු ‘ඉක්මෙව්වාහු වෙති’යි දතයුතුය. ‘ඉක්මවති’ යන වචනය ද, මෙහිලා අර්ථවත් වේ.

සත්‍ථා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා සත්‍ථවාහො අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මෙසේ සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුහු ‘එදා සාත්තු නායකයා වූයේ මම ම යැ’යි වදාළහ.

ගුම‍්බියජාතකවණ‍්ණනා ඡට‍්ඨා.