යෙදුමෙන් කියවන්න

5. අහිතුණ‍්ඩිකජාතකවණ‍්ණනා 365 අට‍්ඨකථා

5. අහිතුණ‍්ඩිකජාතකවණ‍්ණනා (365)

5. අහිතුණ්ඩික ජාතකය (365)

ධුත‍්තොම‍්හීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මහල‍්ලකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා සාලූකජාතකෙ (ජා· 1.3.106 ආදයො) විත්‍ථාරිතං. ඉධාපි සො මහල‍්ලකො එකං ගාමදාරකං පබ‍්බාජෙත්‍වා අක‍්කොසති පහරති. දාරකො පලායිත්‍වා විබ‍්භමි. දුතියම‍්පි නං පබ‍්බාජෙත්‍වා තථෙවාකාසි. දුතියම‍්පි විබ‍්භමිත්‍වා පුන යාචියමානො ඔලොකෙතුම‍්පි න ඉච‍්ඡි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම මහල‍්ලකො අත‍්තනො සාමණෙරෙන සහාපි විනාපි වත‍්තිතුං න සක‍්කොති, ඉතරො තස‍්ස දොසං දිස‍්වා පුන ඔලොකෙතුම‍්පි න ඉච‍්ඡි, සුහදයො කුමාරකො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස සාමණෙරො සුහදයොව, සකිං දොසං දිස‍්වා පුන ඔලොකෙතුම‍්පි න ඉච‍්ඡී”ති වත්‍වා අතීතං ආහරි.

‘ධුත්තොම්හි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි, එක් මහලු භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘සාලක ජාතකයෙහි විස්තර කරන ලදි. මේ ජාතකයට අනුව ඒ මහලු භික්‍ෂුව එක් ගමෙක කුඩා දරුවකු මහණ කොටගෙන නිකරුණේ ඔහුට බනියි. පහරදෙයි. දිනක් ඒ කරදරයෙන් මිදීමට සිතූ සාමණේර නම, අරමෙන් පලාගොස් සිවුරු හැරියේය. මහලු භික්‍ෂුව දෙවන වර ද, දරුවා කැඳවාගෙන ඇවිත් නැවත පැවිදි කෙළේය. එහෙත් ගුරුවරයාගේ රළු පරළුකම් නිම වූයේ නැත. එබැවින් සාමණේර නම දෙවන වතාවට ද සිවුරු හැර ගියේය. මහතෙර නම නැවත වතාවක් දරුවා සොයා ගොස් ඔහුට පැවිදි වනු සඳහා ආයාචනා කළ ද, ඔහු මහලු තෙරුන් දෙස බලන්නටවත් කැමති නොවීය. පසුදිනෙක දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු මේ ප්‍රවෘත්තිය මාතෘකා කොටගෙන සාකච්ඡා කරමින්, ‘ඇවැත්නි, කුඩා දරුවා යහපත් තැනැත්තෙකි. එහෙත් මේ මහලු තෙර නම සාමණේරයා ඇතුවත් නැතුවත්, වසන්නට අපොහොසත් තැනැත්තෙකැ’යි ප්‍රකාශ කළහ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ගෙන්, ඔවුන් සාකච්ඡා කළ කරුණු අසා දැන, ‘මහණෙනි, ඔය මහලු භික්‍ෂුව දැන් පමණක් නොව, පෙර ද එබඳු ම ගති සිරිත් ඇත්තෙක් ව විසී යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ධඤ‍්ඤවාණිජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ධඤ‍්ඤවික‍්කයෙන ජීවිකං කප‍්පෙසි. අථෙකො අහිතුණ‍්ඩිකො මක‍්කටං ගහෙත්‍වා සික‍්ඛාපෙත්‍වා අහිං කීළාපෙන‍්තො බාරාණසියං උස‍්සවෙ ඝුට‍්ඨෙ තං මක‍්කටං ධඤ‍්ඤවාණිජකස‍්ස සන‍්තිකෙ ඨපෙත්‍වා අහිං කීළාපෙන‍්තො සත‍්ත දිවසානි විචරි. සොපි වාණිජො මක‍්කටස‍්ස ඛාදනීයං භොජනීයං අදාසි. අහිතුණ‍්ඩිකො සත‍්තමෙ දිවසෙ උස‍්සවකීළනතො ආගන‍්ත්‍වා තං මක‍්කටං වෙළුපෙසිකාය තික‍්ඛත‍්තුං පහරිත්‍වා තං ආදාය උය්‍යානං ගන‍්ත්‍වා බන්‍ධිත්‍වා නිද‍්දං ඔක‍්කමි. මක‍්කටො බන්‍ධනං මොචෙත්‍වා අම‍්බරුක‍්ඛං ආරුය‍්හ අම‍්බානි ඛාදන‍්තො නිසීදි. සො පබුද‍්ධො රුක‍්ඛෙ මක‍්කටං දිස‍්වා “එතං මයා උපලාපෙත්‍වා ගහෙතුං වට‍්ටතී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ධාන්‍ය වර්ග විකුණන වෙළෙඳ පවුලක ඉපිද, තරුණවියට පත්ව වෙළෙඳාමෙන් ජීවිකාව ගෙන ගියේය. මේ අතර එක් අහිගුණ්ඨිකයෙක් නයි නැටවීමට අමතරව වඳුරකු අල්වාගෙන, මැනවින් පුරුදු කරවා සතුන් දෙදෙනා නැටවීමෙන් ජීවිකාව කෙළේය. මේ සමයෙහි බරණැස් නුවර සැණකෙළි උත්සවයක් ආරම්භ විය. ඉහත කී නයි නටවන්නා බෝසත් වෙළෙඳතුමා හමුවට පැමිණ, වඳුරා වෙළෙන්දාගේ භාරයේ තබා, නයා ද රැගෙන උත්සවයට නයි නටවන්නට ගියේය. අහිගුණ්ඨිකයා සතියක්ම නයි නටවමින් ඒ මේ අත සැරිසැරුවේය. වෙළෙන්දා ද වඳුරාට ඇති තරම් කෑම-බීම දුන්නේය. දින හතකට පසු අහිගුණ්ඨිකයා හොඳටම මත් වී පැමිණ, නිකරුණේ වඳුරාට උණ පතුරකින් තුන්විටක් තැළීය. අනතුරුව වඳුරා ද, රැගෙන උයනකට ගිය ඔහු වඳුරා එහි ගසෙක බැඳ, නින්දට වන්නේය. වඳුරා ද කෙසේ හෝ බැඳුමෙන් මිදී අඹ ගසකට නැග, අඹ කමින් අත්තක වාඩිවී හුන්නේය. ටික වේලාවකින් නින්දෙන් ඇහැරුණු අහිගුණ්ඨිකයා වටපිට බලා, වඳුරා අඹ අත්තක හිඳිනු දැක, ‘මූ නළවා චාටුවෙන් අල්ලා ගත යුතුයැ’යි, සිතා වඳුරා සමග කථා කරමින් මෙසේ කීය.

“ධුත‍්තොම‍්හි සම‍්ම සුමුඛ, ජූතෙ අක‍්ඛපරාජිතො; හරෙහි අම‍්බපක‍්කානි, වීරියං තෙ භක‍්ඛයාමසෙ”ති.

ධුත්තොම්හි සම්ම සුමුඛ - ජූතෙ අක්ඛ පරාජිතො, භරෙහි අම්බ පක්කානි - විරියන්තෙ භක්ඛයමසෙ

ලස්සන මුහුණක් ඇති මිත්‍රය, මම සූදු කාරයෙක්මි. සූදුවෙන් පැරදුනෙමි. අඹ බිමට හෙළන්න. උඹේ මහන්සියෙන් උපයාගත් දේ අනුභව කරමු.

තත්‍ථ අක‍්ඛපරාජිතොති අක‍්ඛෙහි පරාජිතො. හරෙහීති පාතෙහි. අයමෙව වා පාඨො.

මෙහි ‘අක්ඛපරාජිතො’ යනු ‘දූ කෙළියෙන් පැරදුනෙමි’ යන අර්ථයි. ‘හරෙහි’ යනු ‘හෙළන්න’ යන අර්ථයි. ‘පාතෙහි’ යනුවෙන්ද පාඨයක් ඇත.

තං සුත්‍වා මක‍්කටො සෙසගාථා අභාසි –

අහිගුණ්ඨිකයාගේ කථාව ඇසූ වඳුරා මෙසේ කීය.

“අලිකං වත මං සම‍්ම, අභූතෙන පසංසසි; කො තෙ සුතො වා දිට‍්ඨො වා, සුමුඛො නාම මක‍්කටො.

2. මිත්‍රය, ඔබ මට නැති ගුණ කියා ප්‍රශංසා කරහි, ඒකාන්තයෙන් ඕවා බොරුය. ‘වඳුරකුට ලස්සන මුහුණක් ඇතැයි, ඔබ දැක තිබේද? කවරකුගෙන් හෝ අසා තිබේද?

“අජ‍්ජාපි මෙ තං මනසි, යං මං ත්‍වං අහිතුණ‍්ඩික; ධඤ‍්ඤාපණං පවිසිත්‍වා, මත‍්තො ඡාතං හනාසි මං.

3. නයි නටවන්නාණෙනි, මත් වූ ඔබ බඩගින්නෙන් සිටි මා, ධාන්‍ය කඩයකට දමා, කුමට මට තැළුවෙහිද? එයි දැනුදු මගේ සිතේ පවතී.

“තාහං සරං දුක‍්ඛසෙය්‍යං, අපි රජ‍්ජම‍්පි කාරයෙ; නෙවාහං යාචිතො දජ‍්ජං, තථා හි භයතජ‍්ජිතො.

4. ඒ දුක් විඳීම සිහිකරන මම, එසේම බියට පත්කරන ලද මම, රාජ්‍යත්වයෙහි තබන බව කීවත්, ඔබට අඹ නො දෙමි. තොප විසින් මම බියෙන් තැති ගන්වන ලදිමි.

“යඤ‍්ච ජඤ‍්ඤා කුලෙ ජාතං, ගබ‍්භෙ තිත‍්තං අමච‍්ඡරිං; තෙන සඛිඤ‍්ච මිත‍්තඤ‍්ච, ධීරො සන්‍ධාතුමරහතී”ති.

5. උසස් කුලයක උපන්, යහන් ගැබක තෘප්තිමත්ව වෙසෙන, මසුරුකම් නැති, යමකු ගැන දන්නේද? ඔහු හා සමග හිතවත්කමක්, මිත්‍රත්වයක් ඇතිකර ගැනීම ගැටීමට හේතු වේ.

තත්‍ථ අලිකං වතාති මුසා වත. අභූතෙනාති අවිජ‍්ජමානෙන. කො තෙති ක්‍ව තයා. සුමුඛොති සුන්‍දරමුඛො. අහිතුණ‍්ඩිකාති තං ආලපති. “අහිකොණ‍්ඩිකා”තිපි පාඨො. ඡාතන‍්ති ජිඝච‍්ඡාභිභූතං දුබ‍්බලං කපණං. හනාසීති වෙළුපෙසිකාය තික‍්ඛත‍්තුං පහරසි. තාහන‍්ති තං අහං. සරන‍්ති සරන‍්තො. දුක‍්ඛසෙය්‍යන‍්ති තස‍්මිං ආපණෙ දුක‍්ඛසයනං. අපි රජ‍්ජම‍්පි කාරයෙති සචෙපි බාරාණසිරජ‍්ජං ගහෙත්‍වා මය‍්හං දත්‍වා මං රජ‍්ජං කාරෙය්‍යාසි, එවම‍්පි තං නෙවාහං යාචිතො දජ‍්ජං, තං එකම‍්පි අම‍්බපක‍්කං අහං තයා යාචිතො න දදෙය්‍යං. කිංකාරණා? තථා හි භයතජ‍්ජිතොති, තථා හි අහං තයා භයෙන තජ‍්ජිතොති අත්‍ථො.

‘අලිකං වත’ යනු ‘ඒකාන්තයෙන් බොරුවකි’, යන්නය. ‘අභූතෙන’ යනු ‘නැති දැයින්’, යන අර්ථයි. ‘කො තෙ’ යනු ‘ඔබ විසින් කොහිදී, යන අර්ථයි. ‘සුමුඛො’ යනු ‘සුන්දර මුහුණක් ඇති’ යන අර්ථයි. ‘අහිතුණ්ඩික’ යනු ‘එනමින් ඔහු අමතයි’ යන අර්ථයි. ‘අහිගුණ්ඩික’ යනුද පාඨයකි. ‘ජාතං’ යනු ‘බඩසයින් පෙළුණු, දුබල වූ, අසරණ වූ’ යන අර්ථයි. ‘හනාසි’ යනු ‘උණ පතුරෙන් තුන්විටක් ගැසුවෙහි’ යන අර්ථයි. ‘තාහං’ යනු ‘මම ඔබට’ යන අර්ථයි. ‘සරං’ යනු ‘සිහිකරමින්’ යන අර්ථයි. ‘දුක්ඛ සෙය්‍යං’ යනු ‘ඒ කඩයෙහි දුකසේ නිදීම’, ‘අපිරජ්ජම්පි කාරයෙ’ යනු ‘ඉදින් බරණැස් රාජ්‍යය අල්වාගෙන, එය මට දී, මා රාජ්‍යත්වයට පත් කරන්නෙහි නමුත්, ‘ඒ ඔබට’ යන අර්ථයි. ‘නෙවාහං යාචිතො දජ්ජං’ යනු ‘ඔබ ඉල්ලා සිටියත් මම ඔබට එක අඹ ගෙඩියක්වත් නොදෙන්නෙමි’ යන අර්ථයි. මක්නිසාද? ‘තථා හි භයතජ්ජිතො’ යනු ‘මම තා විසින් බියට පත්කරන ලද්දෙක් වන බැවිනි’ යන අර්ථයි.

ගබ‍්භෙ තිත‍්තන‍්ති සුභොජනරසෙන මාතුකුච‍්ඡියංයෙව අලඞ‍්කතපටියත‍්තෙ සයනගබ‍්භෙයෙව වා තිත‍්තං භොගාසාය අකපණං. සඛිඤ‍්ච මිත‍්තඤ‍්චාති සඛිභාවඤ‍්ච මිත‍්තභාවඤ‍්ච තථාරූපෙන කුලජාතෙන තිත‍්තෙන අකපණෙන අමච‍්ඡරිනා සද‍්ධිං පණ‍්ඩිතො සන්‍ධාතුං පුන ඝටෙතුං අරහති, තයා පන කපණෙන අහිතුණ‍්ඩිකෙන සද‍්ධිං කො මිත‍්තභාවං පුන ඝටෙතුන‍්ති අත්‍ථො. එවඤ‍්ච පන වත්‍වා වානරො වනං සහසා පාවිසි.

‘ගබ්භෙ තිත්තං’ යනු ‘රස අහරින් ද, මවු කුසක වැනි අලංකාර කරන ලද, යහන් ගැබෙක තෘප්තිමත්ව, සම්පත් පරිභෝගයෙන් පොහොසත් ව, යන අර්ථයි. ‘සඛිඤ්ච මිත්තඤ්ච’ යනු ‘යහලුකමෙන් යුතු, නොමසුරු තැනැත්තකු සමග මිතුරුකමක් ඇතිකර ගැනීමට, සම්බන්ධවීමට පණ්ඩිතයෙක් කැමතිය’ යන අර්ථයි. ‘අරහ’ යනු දිළිඳු අහිගුණ්ඨිකයෙකු වූ තා සමග නැවත කවරෙක් නම් මිත්‍ර සම්බන්ධයක් ඇතිකර ගනීද? යන අර්ථයි. වඳුරා මෙසේ ද කියා වහා වන වදුලට පැන ගත්තේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අහිතුණ‍්ඩිකො මහල‍්ලකො අහොසි, මක‍්කටො සාමණෙරො, ධඤ‍්ඤවාණිජො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා අහිගුණ්ඨිකයා නම් මෙදා මේ මහලු තෙර නම ය. වඳුරා නම් සාමණේරයාය. ධාන්‍ය වෙළෙඳා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අහිතුණ‍්ඩිකජාතකවණ‍්ණනා පඤ‍්චමා.