යෙදුමෙන් කියවන්න

9. මිත‍්තවින්‍දකජාතකවණ‍්ණනා 369 අට‍්ඨකථා

9. මිත‍්තවින්‍දකජාතකවණ‍්ණනා (369)

9. මිත්තවින්‍දක ජාතකය (369)

ක්‍යාහං දෙවානමකරන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං දුබ‍්බචභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු මහාමිත‍්තවින්‍දකජාතකෙ (ජා· 1.5.100 ආදයො) ආවි භවිස‍්සති. අයං පන මිත‍්තවින්‍දකො සමුද‍්දෙ ඛිත‍්තො අත්‍රිච‍්ඡො හුත්‍වා පුරතො ගන‍්ත්‍වා නෙරයිකසත‍්තානං පච‍්චනට‍්ඨානං උස‍්සදනිරයං දිස‍්වා “එකං නගර”න‍්ති සඤ‍්ඤාය පවිසිත්‍වා ඛුරචක‍්කං අස‍්සාදෙසි. තදා බොධිසත‍්තො දෙවපුත‍්තො හුත්‍වා උස‍්සදනිරයචාරිකං චරති. සො තං දිස‍්වා පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

‘ක්‍යාහං දෙවානමකරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, එක් අකීකරු භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘මහා මිත්ත වින්‍දක’ ජාතකයෙහි දැක්වේ. මේ මිත්ත වින්‍දකයා වනාහි, මුහුදේ පතිතව අධික ආශාවෙන් යුක්ත වූ බැවින් පෙරටුව ගොස්, නිරයට අයත් සත්ත්වයන් පැසෙන තැනක් වන ‘ඔසුපත්’ නිරය දැක, ‘එය එක් නගරයකැ’යි සිතා, ඒ හැඟීමෙන් එහි පිවිස ‘ඛුර චක්‍රය’ක් ස්පර්ශ කෙළේය. (මෙහි ඛුර චක්‍රය යනු ඉතා තියුණු ලෙස මුවහත් වූ දැළිපිහි වැනි වූ පාරා වළල්ලක ස්වරූපය ඇති ආයුධයකි.) මේ අතර දිව්‍යපුත්‍ර භාවයක් ලබා සිටි බෝසත් තෙමේ, එදින ඔසුපත් නිරයෙහි චාරිකාවක යෙදුනේය. ඔහු දුටු මිත්ත වින්‍දකයා මෙසේ කීය.

“ක්‍යාහං දෙවානමකරං, කිං පාපං පකතං මයා; යං මෙ සිරස‍්මිං ඔහච‍්ච, චක‍්කං භමති මත්‍ථකෙ”ති.

ක්‍යාහං දෙවාන මකරං කීංපාපං පකතං මයා, යං මෙ සිරස්මිං ඕහච්ච චක්කං භමති මත්‍ථකෙ

යම් හේතුවකින් මාගේ හිස මත පිහිටා, චක්‍රයක් කැරකේ ද? මම දෙවියන්ට කළ වරද කුමක්ද? මවිසින් කිනම් පාපයක් කරන ලදද?

තත්‍ථ ක්‍යාහං දෙවානමකරන‍්ති සාමි දෙවපුත‍්ත, කිං නාම අහං දෙවානං අකරිං, කිං මං දෙවා පොථෙන‍්තීති. කිං පාපං පකතං මයාති දුක‍්ඛමහන‍්තතාය වෙදනාප‍්පත‍්තො අත‍්තනා කතං පාපං අසල‍්ලක‍්ඛෙන‍්තො එවමාහ. යං මෙති යෙන පාපෙන මම සිරස‍්මිං ඔහච‍්ච ඔහනිත්‍වා ඉදං ඛුරචක‍්කං මම මත්‍ථකෙ භමති, තං කිං නාමාති?

මෙහි ‘ක්‍යාහං දෙවමකරං’ යනු ‘ස්වාමි දේවපුත්‍රය, මම දෙවියන්ට කුමක් නම් කෙළෙම්ද? දෙවිවරු කුමක් නිසා මා පෙළත් ද?’ යන අර්ථයි. ‘කිං පාපං පකතං මයා’ යනු ‘මහත් වූ දුක නිසා වේදනාවෙන් යුක්තව තමා විසින් කළ පාපය නො දන්නා නිසා මෙසේ කීය’ යන අර්ථයි. ‘යං මෙ’ යනු ‘යම් පාපයක් නිසා මගේ හිස මත වේදනා දෙමින් මේ පාරා වළල්ලක් වැනි වූ ආයුධය මගේ හිස මත කරකැවේද?’ යන අර්ථයි. මෙය කුමක්ද? යන අදහසයි.

තං සුත්‍වා බොධිසත‍්තො දුතියං ගාථමාහ –

ඒ අසා බෝසත් දෙවියා මෙසේ කීය.

“අතික‍්කම‍්ම රමණකං, සදාමත‍්තඤ‍්ච දූභකං; බ්‍රහ‍්මත‍්තරඤ‍්ච පාසාදං, කෙනත්‍ථෙන ඉධාගතො”ති.

2. පළිඟු පහය - රිදී පහය - මැණික් පහය - රන් පහය යන මේවා ඉක්මවා කුමන කරුණක් නිසා මෙහි පැමිණියේද?

තත්‍ථ රමණකන‍්ති ඵලිකපාසාදං. සදාමත‍්තන‍්ති රජතපාසාදං. දූභකන‍්ති මණිපාසාදං. බ්‍රහ‍්මත‍්තරඤ‍්ච පාසාදන‍්ති සුවණ‍්ණපාසාදඤ‍්ච. කෙනත්‍ථෙනාති ත්‍වං එතෙසු රමණකාදීසු චතස‍්සො අට‍්ඨ සොළස ද‍්වත‍්තිංසාති එතා දෙවධීතරො පහාය තෙ පාසාදෙ අතික‍්කමිත්‍වා කෙන කාරණෙන ඉධ ආගතොති.

මෙහි ‘රමණකං’ යනු ‘පළිඟු පහය යි’. ‘දූභකං’ යනු ‘මැණික් පහය’යි. ‘සදා මන්තං’ යනු ‘රිදී පහය’යි. ‘බ්‍රහ්මතරඤ්ච පාසාදං’ යනු රන් පහයයි. ‘කෙනට්ඨෙන’ යනු ‘ඔබ පළිඟු පහය ආදී වූ සිවු ගුණයකින්, අට ගුණයකින්, සොළොස් ගුණයකින්, දෙතිස් ගුණයකින් යුතු වූ දෙවඟනන් ඇති, දෙව්ලෝ අතහැර, ඒ ප්‍රාසාදයන් ඉක්මවා කුමන කරුණක් නිසා, මෙහි පැමිණියේද?’ යන අර්ථයි.

තතො මිත‍්තවින්‍දකො තතියං ගාථමාහ –

ඉක්බිති මිත්තවින්‍දකයා පිළිතුරු දෙමින් මෙසේ කීය.

“ඉතො බහුතරා භොගා, අත්‍ර මඤ‍්ඤෙ භවිස‍්සරෙ; ඉති එතාය සඤ‍්ඤාය, පස‍්ස මං බ්‍යසනං ගත”න‍්ති.

3. මෙහි ලා සම්පත් මීට වඩා බොහෝ වන්නේ යැයි, සිතුවෙමි. මෙසේ මේ හැඟීම නිසා, විපතට පත් මා දෙස බලන්න.

තත්‍ථ ඉතො බහුතරාති ඉමෙසු චතූසු පාසාදෙසු භොගෙහි අතිරෙකතරා භවිස‍්සන‍්ති.

මෙහි ‘ඉතො බහුතරා’ යනු ‘මේ සිවු පහයන්හි සම්පත්වලට වඩා වැඩි සම්පත් ඇත්තේය’ යන අර්ථයි.

තතො බොධිසත‍්තො සෙසගාථා අභාසි –

ඉක්බිති බෝසත් තෙමේ ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ කීය.

“චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමා, අට‍්ඨාහිපි ච සොළස; සොළසාහි ච බාත‍්තිංස, අත්‍රිච‍්ඡං චක‍්කමාසදො; ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස, චක‍්කං භමති මත්‍ථකෙ.

4. සතරක් ඇති තැනින්, අටක් ඇති තැනට ගියේය. එතැනින් දහසයක් ඇති තැනටත්, ඉනුත් තිස්දෙකක් ඇති තැනටත් ගියේය. අධික වූ ආශාව නිසා ම චක්‍රය වෙත පැමිණියේය. තෘෂ්ණාවෙන් පීඩිත වූ මිනිසාගේ හිස මත චක්‍රායුධය කැරකේ.

“උපරිවිසාලා දුප‍්පූරා, ඉච‍්ඡා විසටගාමිනී; යෙ ච තං අනුගිජ‍්ඣන‍්ති, තෙ හොන‍්ති චක‍්කධාරිනො”ති.

5. යම් කෙනෙක් මතු මතු පිරවීමෙන් නිමාවක් දැකිය නොහැකි වූ විශාල වෙහෙසකට පමුණුවන්නා වූ, ආශාවට ගිජුකම් දක්වත් ද? ඔවුහු හිස මත චක්‍රායුධ දරන්නෝ වෙති.

තත්‍ථ උපරිවිසාලාති මිත‍්තවින්‍දක තණ‍්හා නාමෙසා ආසෙවියමානා උපරිවිසාලා හොති පත්‍ථටා, මහාසමුද‍්දො විය දුප‍්පූරා, රූපාදීසු ආරම‍්මණෙසු තං තං ආරම‍්මණං ඉච‍්ඡමානාය ඉච‍්ඡාය පත්‍ථටාය විසටගාමිනී, තස‍්මා යෙ පුරිසා තං එවරූපං තණ‍්හං අනුගිජ‍්ඣන‍්ති, පුනප‍්පුනං ගිද‍්ධා හුත්‍වා ගණ‍්හන‍්ති. තෙ හොන‍්ති චක‍්කධාරිනොති තෙ එතං ඛුරචක‍්කං ධාරෙන‍්තීති වදති.

මෙහි ‘උපරි විසාලා’ යනු ‘මිත්තවින්‍දකය’ මේ තෘෂ්ණාව ඇසුරු කිරීමෙන්, මතු මතු පැතිරීමෙන් විශාලත්වයට පත්වේ. මහසයුර මෙන්, එය පිරවිය නොහැක. රූපාදීන්හි, ඒ ඒ අරමුණු කැමති වන බැවින්, කැමති දෑ පතන බැවින් වෙහෙසට පත් වේ. එබැවින් යම් මනුෂ්‍ය කෙනෙක් මෙබඳු වූ, ඒ තෘෂ්ණාවට අනුව ගිජුකම් දක්වත් ද? නැවත නැවත ගිජුකම නිසා එය ග්‍රහණය කර ගනිත් ද?’ යන අර්ථයි. ‘තෙ හොන්ති චක්කධාරිනො’ යනු ‘ඔවුහු මේ චක්‍රායුධ දරත් යැ’යි දක්වයි.

මිත‍්තවින්‍දකං පන කථෙන‍්තමෙව නිපිසමානං තං ඛුරචක‍්කං භස‍්සි, තෙන සො පුන කථෙතුං නාසක‍්ඛි. දෙවපුත‍්තො අත‍්තනො දෙවට‍්ඨානමෙව ගතො.

මිත්තවින්‍දකයා මෙසේ කථා කරමින් සිටිය දී ඔහු පීඩාවට පත් කරමින් හිස මත කැරකෙන චක්‍රය පහතට කිඳා බැස්සේය. එයින්ම මිත්තවින්‍දකයාට කථා කරගත නොහැකි විය. ඉන්පසු දේව පුත්‍රයා තම දෙව්ලොව බලා පෙරළා ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මිත‍්තවින්‍දකො දුබ‍්බචභික‍්ඛු අහොසි, දෙවපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා මිත්තවින්‍දකයා නම්, මේ අකීකරු භික්‍ෂුව යි. දේවපුත්‍රයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

මිත‍්තවින්‍දකජාතකවණ‍්ණනා නවමා.