10. පලාසජාතකවණ්ණනා 370 අට්ඨකථා
10. පලාසජාතකවණ්ණනා (370)
10. පලාස ජාතකය (370)
හංසො පලාසමවචාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කිලෙසනිග්ගහං ආරබ්භ කථෙසි. වත්ථු පඤ්ඤාසජාතකෙ ආවි භවිස්සති. ඉධ පන සත්ථා භික්ඛූ ආමන්තෙත්වා “භික්ඛවෙ, කිලෙසො නාම ආසඞ්කිතබ්බොව, අප්පමත්තකො සමානොපි නිග්රොධගච්ඡො විය විනාසං පාපෙති, පොරාණකපණ්ඩිතාපි ආසඞ්කිතබ්බං ආසඞ්කිංසුයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘හංසො පලාසමවච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී, ක්ලේශ නිග්‍රහයක් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘පඤ්ඤාස’ ජාතකයෙහි දැක්වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා, ‘මහණෙනි, ක්ලේශයන්ම, සැක කළ යුතුමය. මක්නිසාද යත්, ඉතා කුඩා වූ නුග පැලයක් වුවත්, කලකදී විනාශයක් ඇති කරයි. මේ හේතුව නිසා පැරණි පඬිවරු පවා, සැක කළ යුතු දෑ සැක කළාහු ම යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සුවණ්ණහංසයොනියං නිබ්බත්තිත්වා වයප්පත්තො චිත්තකූටපබ්බතෙ සුවණ්ණගුහායං වසන්තො හිමවන්තපදෙසෙ ජාතස්සරෙ සයංජාතසාලිං ඛාදිත්වා ආගච්ඡති. තස්ස ගමනාගමනමග්ගෙ මහාපලාසරුක්ඛො අහොසි. සො ගච්ඡන්තොපි තත්ථ විස්සමිත්වා ගච්ඡති, ආගච්ඡන්තොපි තත්ථ විස්සමිත්වා ආගච්ඡති . අථස්ස තස්මිං රුක්ඛෙ නිබ්බත්තදෙවතාය සද්ධිං විස්සාසො අහොසි. අපරභාගෙ එකා සකුණිකා එකස්මිං නිග්රොධරුක්ඛෙ නිග්රොධපක්කං ඛාදිත්වා ආගන්ත්වා තස්මිං පලාසරුක්ඛෙ නිසීදිත්වා විටපන්තරෙ වච්චං පාතෙසි. තත්ථ නිග්රොධගච්ඡො ජාතො, සො චතුරඞ්ගුලමත්තකාලෙ රත්තඞ්කුරපලාසතාය සොභති. හංසරාජා තං දිස්වා රුක්ඛදෙවතං ආමන්තෙත්වා “සම්ම පලාස, නිග්රොධො නාම යම්හි රුක්ඛෙ ජායති, වඩ්ඪන්තො තං නාසෙති, ඉමස්ස වඩ්ඪිතුං මා දෙති, විමානං තෙ නාසෙස්සති, පටිකච්චෙව නං උද්ධරිත්වා ඡඩ්ඩෙහි, ආසඞ්කිතබ්බයුත්තකං නාම ආසඞ්කිතුං වට්ටතී”ති පලාසදෙවතාය සද්ධිං මන්තෙන්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ස්වර්ණහංස ජාතියෙහි ඉපිද, නිසිවියට එළඹ ‘චිත්‍රකූට’ පර්වතයෙහි රන් ගුහාවක වෙසෙයි. දිනපතා මේ හංසයා හිමාල පෙදෙසෙහි ඉබේ හටගත් විලෙක, ඉබේ හටගත් හැල් අනුභව කොට ආපසු සිය නවාතැනට පැමිණේ. ඌ ගමනාගමනය කරන මාර්ගයෙහි මහා කෑලගසක් විය. හංසයා කෑම සොයා ගමන් කරන විටත්, ආපසු එන ගමනේදීත්, ඒ කෑල ගස උඩ ගිමන් හැරීම පුරුද්දක් කොට ගත්තේය. මේ කෑල ගසේ රුක් දෙවියෙක් වාසය කරයි. හංසයා ටික කලකදී ම, ඒ දෙවියා සමග මිත්‍ර විය. පසු කලෙක එක් කිරිල්ලියක් කිසියම් නුග ගසෙකින් නුග ඵල අනුභව කොට අවුත්, ඉහත කී කෑල ගස මත හිඳ රුක් දෙබලක් අතර වර්චස් හෙලුවාය. එයින් නුග පැලයක් ටික කලක දීම හට ගත්තේය. ඒ නුග පැලය අඟල් හතරක ප්‍රමාණයට වැඩුණු කල්හි, රතුපැහැති දලු හා කොළවලින් ශෝභමාන විය. දිනක් විඩා හැරීම සඳහා එහි පැමිණි හංස රාජයා ඒ නුග පැලය දැක, රුක්දෙවියා අමතා ‘මිත්‍ර පලාස දේවයිනි, මේ ‘නුග’ නම් වූ ගස් වර්ගය, යම් ගසක් මත පැල වුවහොත්, ටික කලෙකින්ම මුල් ගස වනසා දමන වෘක්ෂ විශේෂයකි. එම නිසා මේ නුග පැලයට වැඩෙන්නට ඉඩ නොදෙනු මැනවි. නැතහොත් ඔබේ විමානය විනාශයට පත් වන්නේය. එම නිසා කල් ඇතුවම එය උදුරා ඉවත දමන්න. සැක කටයුතු දේවල් සැමවිටම සැක කළ යුතුම යැ’යි, පලාස දේවතාවාට උපදෙස් දෙමින් මේ ගාථාව කීවේය.
“හංසො පලාසමවච, නිග්රොධො සම්ම ජායති; අඞ්කස්මිං තෙ නිසින්නොව, සො තෙ මම්මානි ඡෙච්ඡතී”ති.
හංසො පලාසමවච - නිග්රොධො සම්මජායති, අංකස්මිං තෙ නිසින්නොව - සො තෙ මම්මානි ඡෙච්ඡතී ති
හංසයා පලාස දෙවියාට මෙසේ කීය. ‘යහලුව, නුග ගසක් පැල වී ඇත. ඒ නුග ගස ඔබේ ඇකයෙහි හිඳ, ඔබේ ම මර්මස්ථාන විනාශ කරන්නේය.
පඨමපාදො පනෙත්ථ අභිසම්බුද්ධෙන හුත්වා සත්ථාරා වුත්තො. පලාසන්ති පලාසදෙවතං. සම්මාති වයස්ස. අඞ්කස්මින්ති විටභියං. සො තෙ මම්මානි ඡෙච්ඡතීති සො තෙ අඞ්කෙ සංවඩ්ඪො සපත්තො විය ජීවිතං ඡින්දිස්සතීති අත්ථො. ජීවිතසඞ්ඛාරා හි ඉධ “මම්මානී”ති වුත්තා.
මෙහි පළමු පාදය බුද්ධත්වයෙන් අනතුරුව බුදුරදුන් විසින් වදාරන ලද්දකි. ‘පලාසං’ යනු ‘පලාස දෙවියාට ආමන්ත්‍රණය කළ බව’යි. ‘සම්ම’ යනු ‘මිත්‍රය’, යන අර්ථයි. ‘අංකස්මිං’ යනු ‘වෙළපෙහි’ යන අර්ථයි. ‘සො තෙ මම්මානි ඡෙච්ඡති’ යනු ‘ඒ නුග ගස ඔබේ ඇකයෙහි (එනම් නුග ගසෙහි වෙළපෙහි) වැඩුණු සතුරකු මෙන්, ජීවිතය සිඳ දමන්නේ ය’, යන අර්ථයි. මෙහි ‘මම්මානි’ යනු ජීවිත සංස්කාරයෝ ය.
තං සුත්වා තස්ස වචනං අගණ්හන්තී පලාසදෙවතා දුතියං ගාථමාහ –
හංසයාගේ මේ වචන අසා සිටියත්, එය ගණනකට නොගත් පලාස දේවතාවා මෙසේ කීය.
“වඩ්ඪතාමෙව නිග්රොධො, පතිට්ඨස්ස භවාමහං; යථා පිතා ච මාතා ච, එවං මෙ සො භවිස්සතී”ති.
2. නුග ගස වැඩේවා! මම එයට මවක මෙන් ද, පියකු මෙන් ද පිහිට වන්නෙමි. එය එසේ වන්නේය.
තස්සත්ථො – සම්ම, න ත්වං ජානාසි වඩ්ඪතමෙව එස, අහමස්ස යථා බාලකාලෙ පුත්තානං මාතාපිතරො පතිට්ඨා හොන්ති, තථා භවිස්සාමි, යථා පන සංවඩ්ඪා පුත්තා පච්ඡා මහල්ලකකාලෙ මාතාපිතූනං පතිට්ඨා හොන්ති, මය්හම්පි පච්ඡා මහල්ලකකාලෙ එවමෙව සො පතිට්ඨො භවිස්සතීති.
‘මිතුර, ඔබ නො දන්නෙහිද? මේ නුග පැලය වැඩුනා වේ. යම් සේ මවුපියවරු ළමා කාලයේ දරුවන්ට පිහිට වෙත් ද? මම නුග පැලයට එසේ පිහිට වෙමි. යම් සේ වැඩුණු දරුවෝ පසු කලෙක මහලු දෙමාපියන්ට පිහිට වෙත්ද? එසේ මේ නුග ගස පසුව මට පිහිට වන්නේය’ යන අදහසයි.
තතො හංසො තතියං ගාථමාහ –
ඉක්බිති හංසයා පිළිතුරු වශයෙන් මෙසේ කීය.
“යං ත්වං අඞ්කස්මිං වඩ්ඪෙසි, ඛීරරුක්ඛං භයානකං; ආමන්ත ඛො තං ගච්ඡාම, වුඩ්ඪි මස්ස න රුච්චතී”ති.
3. ඔබ ඇකයෙහි ලා යම් භයානක වූ, කිරි රුකක් වඩයි ද? මේ ගසේ වැසීම මට රුචි නො වේ. එබැවින් ඔබට කිය යුතු දේ කියා, මම යමි.
තත්ථ යං ත්වන්ති යස්මා ත්වං එතඤ්ච භයදායකත්තෙන භයානකං ඛීරරුක්ඛං සපත්තං විය අඞ්කෙ වඩ්ඪෙසි. ආමන්ත ඛො තන්ති තස්මා මයං තං ආමන්තෙත්වා ජානාපෙත්වා ගච්ඡාම. වුඩ්ඪි මස්සාති අස්ස වුඩ්ඪි මය්හං න රුච්චතීති.
මෙහි ‘යං ත්වං’ යනු ‘යම් හෙයකින් ඔබ බිය ඇතිකරන බැවින් භයානක වූ ‘මේ කිරි ගස සතුරකු මෙන්, ඇකයෙහි ලා වඩයි ද?’ යන අර්ථයි. ‘ආමන්ත ඛො තං’ යනු ‘එබැවින් අපි ඔබ අමතා දැනුම්වත් කොට යමු’ යන අර්ථයි. ‘වුඩ්ඪිමස්ස’ යනු ‘මේ ගසේ වැඩීම, මට රුචි නො වේ’ යන අර්ථයි.
එවඤ්ච පන වත්වා හංසරාජා පක්ඛෙ පසාරෙත්වා චිත්තකූටපබ්බතමෙව ගතො. තතො පට්ඨාය පුන නාගච්ඡි. අපරභාගෙ නිග්රොධො වඩ්ඪිං, තස්මිං එකා රුක්ඛදෙවතාපි නිබ්බත්ති. සො වඩ්ඪන්තො පලාසං භඤ්ජි, සාඛාහි සද්ධිංයෙව දෙවතාය විමානං පති. සා තස්මිං කාලෙ හංසරඤ්ඤො වචනං සල්ලක්ඛෙත්වා “ඉදං අනාගතභයං දිස්වා හංසරාජා කථෙසි , අහං පනස්ස වචනං නාකාසි”න්ති පරිදෙවමානා චතුත්ථං ගාථමාහ –
හංස රාජයා දෙවියාට මෙසේ කියා, පියාපත් විදහා ගෙන චිත්‍රකූට පර්වතය බලා පියෑඹීය. එදා සිට ඔහු නැවත එහි නොපැමිණියේය. පසු කලෙක නුග ගස වඩා වර්ධනය විය. එහි එක් වෘක්ෂ දේවතාවෙක් ද, අධිගෘහිත විය. නුග ගසේ වැඩීමෙන් කෑල ගස බිඳ වැටුණි. අතුත් සමග දෙව් විමන බිම පතිත විය. දේවතාවා එවිට හංස රජුගේ වචන සිහිපත් කොට, ‘මේ අනාගත බිය ගැන හංස රාජයා මට කීවේය. මම වනාහි, ඔහුගේ වචන අනුව ක්‍රියා නො කෙළෙමැ’යි වැලපෙමින් මෙසේ කීය.
“ඉදානි ඛො මං භායෙති, මහානෙරුනිදස්සනං; හංසස්ස අනභිඤ්ඤාය, මහා මෙ භයමාගත”න්ති.
4. දැන් මේ ගස මා බියට පත් කරයි. මහාමේරුව පෙන්වූවාක් මෙන් හංසයා කළ අනතුරු ඇඟවීම, තේරුම් නොගැනීමෙන් මේ මහා බිය මා වෙත පැමිණියේය.
තත්ථ ඉදානි ඛො මං භායෙතීති අයං නිග්රොධො තරුණකාලෙ තොසෙත්වා ඉදානි මං භායාපෙති සන්තාසෙති. මහානෙරුනිදස්සනන්ති සිනෙරුපබ්බතසදිසං මහන්තං හංසරාජස්ස වචනං සුත්වා අජානිත්වා තරුණකාලෙයෙව එතස්ස අනුද්ධටත්තා. මහා මෙ භයමාගතන්ති ඉදානි මය්හං මහන්තං භයං ආගතන්ති පරිදෙවි.
මෙහි ‘ඉදානි ඛො මං භායති’ යනු ‘මේ නුග ගස කුඩා කල මා සතුටුකොට, දැන් මා ත්‍රස්තකොට බිය ගන්වයි’ යන අර්ථයි. ‘මහානෙරුනිදස්සනං’ යනු ‘මහමෙර සේ මහත්කොට කී හංසරජුගේ වචනය අසා, එය තේරුම් නොගෙන, කුඩා කලදීම උදුරා නොදැමීම නිසා යන අර්ථයි. ‘මහා මෙ භයමාගතං’ යනු ‘දැන් මට මේ මහා භය පැමිණියේ යැයි වැලපුණේය’ යන අර්ථයි.
නිග්රොධොපි වඩ්ඪන්තො සබ්බං පලාසං භඤ්ජිත්වා ඛාණුකමත්තමෙව අකාසි. දෙවතාය විමානං සබ්බං අන්තරධායි.
නුග ගස හොඳට ම වැඩුණු විට කෑල ගස මුළුමනින්ම විනාශ වී, කණු කැබැල්ලක් පමණක් ඉතිරි විය. දේවතාවා විමානය සම්පූර්ණයෙන්ම අතහැර දමා අතුරුදහන් විය.
“න තස්ස වුඩ්ඪි කුසලප්පසත්ථා, යො වඩ්ඪමානො ඝසතෙ පතිට්ඨං; තස්සූපරොධං පරිසඞ්කමානො, පතාරයී මූලවධාය ධීරො”ති. –
5. යමෙක් වැඩෙනවිට මුල දී, තමාට ආධාර වූ තැනැත්තා කා දමයිද? නුවණැත්තෝ එබන්දකුගේ වැඩීම, අනුමත නොකරති. එබන්දකුගෙන් වන හානිය ගැන සැක කරන නුවණැත්තා, එම කරදරය මුලිනුපුටා දැමීමට උත්සාහ දරන්නේය.
පඤ්චමා අභිසම්බුද්ධගාථා.
තත්ථ කුසලප්පසත්ථාති කුසලෙහි පසත්ථා. ඝසතෙති ඛාදති, විනාසෙතීති අත්ථො. පතාරයීති පතරති වායමති. ඉදං වුත්තං හොති – භික්ඛවෙ, යො වඩ්ඪමානො අත්තනො පතිට්ඨං නාසෙති, තස්ස වුඩ්ඪි පණ්ඩිතෙහි න පසත්ථා, තස්ස පන අබ්භන්තරස්ස වා බාහිරස්ස වා පරිස්සයස්ස “ඉතො මෙ උපරොධො භවිස්සතී”ති එවං උපරොධං විනාසං පරිසඞ්කමානො වීරො ඤාණසම්පන්නො මූලවධාය පරක්කමතීති.
මෙහි ‘කුසලප්පසත්ථා’ යනු ‘නුවණැත්තන් විසින් පසස්නා ලදි යන අර්ථයි. ‘සසතෙ’ යනු ‘කයි, විනාශ කරයි’ යන අර්ථයි. ‘පතාරයී’ යනු ‘යත්න දරයි, උත්සාහ කරයි’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ‘මහණෙනි, වැඩෙන යමෙක් තමාට මුලදී පිහිට වූ අය නසයිද? එබන්දකුගේ වැඩීම පණ්ඩිතයන් විසින් නො පසස්නා ලදි. අභ්‍යන්තර හෝ වේවා, බාහිර හෝ වේවා, ‘මෙයින් මට විපතක් වන්නේ යැ’යි, මෙසේ ඒ උවදුර සම්බන්ධයෙන් සැක කොට පණ්ඩිත වූ නුවණැත්තා, එය මුලිනුපුටා දැමීමට උත්සාහ දරයි’ යන අර්ථයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ පඤ්චසතා භික්ඛූ අරහත්තං පාපුණිංසු. තදා සුවණ්ණහංසො අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව කෙළවර පන්සියයක් භික්‍ෂහු රහත් බවට පැමිණියහ. අවසානයේ දී එදා ස්වර්ණහංස ව උපන්නේ ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
පලාසජාතකවණ්ණනා දසමා.
වණ්ණාරොහවග්ගො දුතියො.
දෙවෙනි වර්ණාරෝහ වර්ගය යි.