යෙදුමෙන් කියවන්න

1. දීඝීතිකොසලජාතකවණ‍්ණනා 371 අට‍්ඨකථා

1. දීඝීතිකොසලජාතකවණ‍්ණනා (371)

1. දීඝිති කෝසල ජාතකය (371)

එවංභූතස‍්ස තෙ රාජාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසම‍්බකෙ භණ‍්ඩනකාරකෙ ආරබ‍්භ කථෙසි. තෙසඤ‍්හි ජෙතවනං ආගන‍්ත්‍වා ඛමාපනකාලෙ සත්‍ථා තෙ ආමන‍්තෙත්‍වා “භික‍්ඛවෙ, තුම‍්හෙ මය‍්හං ඔරසා මුඛතො ජාතා පුත‍්තා නාම, පුත‍්තෙහි ච පිතරා දින‍්නං ඔවාදං භින්‍දිතුං න වට‍්ටති, තුම‍්හෙ පන මම ඔවාදං න කරිත්‍ථ, පොරාණකපණ‍්ඩිතා අත‍්තනො මාතාපිතරො ඝාතෙත්‍වා රජ‍්ජං ගහෙත්‍වා ඨිතචොරෙපි අරඤ‍්ඤෙ හත්‍ථපථං ආගතෙ මාතාපිතූහි දින‍්නං ඔවාදං න භින්‍දිස‍්සාමාති න මාරයිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

‘එවං භූතස්ස තෙ රාජා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, කොසඹෑ නුවර විසූ කලහකාරී භික්‍ෂු පිරිසක් අරබයා වදාළ සේක. පසුව ඒ භික්‍ෂු පිරිස දෙව්රමට විත් බුදුරදුන්ට වැඳ සමාකරවා ගත් කල්හි, බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා ‘මහණෙනි, ඔබ හැම මාගේ මුඛයෙන් හටගත් ඖරස පුත්‍රයෝ ය. දරුවන් විසින් කිසිදා පියාගේ අවවාද බිඳ දැමීමට නුසුදුසුය. එසේ වුවත් ඔබ හැමදෙනා මාගේ අවවාද නො පිළිපැද්දාහුය. පැරණි පඬිවරු, සිය දෙමාපියන් නසා, රජය පැහැර ගත්, සොරා කැලයේදී අතට පත් වුවත්, සිය දෙමාපියන් දුන් අවවාද බිඳීමට නොහැකි බැවින් සතුරාට අභය දානය දුන්හ’ යි වදාරා මේ අතීත කථා පුවත වදාළ සේක.

ඉමස‍්මිං පන ජාතකෙ ද‍්වෙපි වත්‍ථූනි. සඞ‍්ඝභෙදකක‍්ඛන්‍ධකෙ විත්‍ථාරතො ආවි භවිස‍්සන‍්ති. සො පන දීඝාවුකුමාරො අරඤ‍්ඤෙ අත‍්තනො අඞ‍්කෙ නිපන‍්නං බාරාණසිරාජානං චූළාය ගහෙත්‍වා “ඉදානි මය‍්හං මාතාපිතුඝාතකං චොරං ඛණ‍්ඩාඛණ‍්ඩං කත්‍වා ඡින්‍දිස‍්සාමී”ති අසිං උක‍්ඛිපන‍්තො තස‍්මිං ඛණෙ මාතාපිතූහි දින‍්නං ඔවාදං සරිත්‍වා “ජීවිතං චජන‍්තොපි තෙසං ඔවාදං න භින්‍දිස‍්සාමි, කෙවලං ඉමං තජ‍්ජෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා පඨමං ගාථමාහ –

මේ ජාතකයෙහි වර්තමාන කථා වස්තුවත්, අතීත කථා වස්තුවත්, යන දෙකම, ‘සංඝභේදක’ ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ. ඊට අනුව ඒ ‘දීඝාවු’ කුමාරයා කැලයේ දී තමාගේ උකුල මත වැද හෙව නිදන, බරණැස් රජුගේ කෙස්වැටියෙන් අල්ලාගෙන, ‘දැන් මාගේ දෙමාපියන් ඝාතනය කල සොරා කෑලි දාහතරකට කපා මරණයට පත් කරන්නෙමි’යි කඩුව එසවීය. එකෙණෙහි ම තම මවුපියන් තමාට දුන් අවවාද කුමරුට සිහිපත් විය. ‘ජීවිතය ගියත් මවුපියන්ගේ අවවාද නොබිඳින්නෙමි’යි ඉටා ගත් කුමරු, ‘එහෙත් මොහුට තර්ජනය කරන්නෙමැ’යි සිතා රජුට මෙසේ කීය.

“එවංභූතස‍්ස තෙ රාජ, ආගතස‍්ස වසෙ මම; අත්‍ථි නු කොචි පරියායො, යො තං දුක‍්ඛා පමොචයෙ”ති.

එවං භූතස්ස තෙ රාජ - ආගතස්ස වසෙ මමං, අත්‍ථි නු කොචි පරියායො - යො තං දුක්ඛා පමොචයෙ

රාජය, මගේ වසඟයට පැමිණ මේ තත්ත්වයට පත්වූ, තට මේ දුකෙන් මිදීමට යම්කිසි හේතුවක් ඇත්නම්, එය කියව.

තත්‍ථ වසෙ මමාති මම වසං ආගතස‍්ස. පරියායොති කාරණං.

මෙහි ‘වසෙ මමං’ යනු ‘මගේ වසඟයට පැමිණි’ යන අර්ථයි. ‘පරියායො’ යනු ‘කාරණයකි’ න අර්ථයි.

තතො රාජා දුතියං ගාථමාහ –

ඉක්බිති රජතුමා, කුමරුට මෙසේ පැවසීය.

“එවංභූතස‍්ස මෙ තාත, ආගතස‍්ස වසෙ තව; නත්‍ථි නො කොචි පරියායො, යො මං දුක‍්ඛා පමොචයෙ”ති.

2. පුත, ඔබේ වසඟයට පැමිණ, මේ තත්ත්වයට පත්වූ මට, මේ දුකෙන් මිදීමට කිසිදු හේතුවක් නැත.

තත්‍ථ නොති නිපාතමත්‍ථං, නත්‍ථි කොචි පරියායො, යො මං එතස‍්මා දුක‍්ඛා පමොචයෙති අත්‍ථො.

මෙහි ‘නො’ යනු නිපාතයක් පමණි. ‘මා මේ දුකෙන් මුදවාලීමට කිසිදු හේතුවක් නැත’ යන අර්ථයි.

තතො බොධිසත‍්තො අවසෙසගාථා අභාසි –

අනතුරුව බෝසත් තෙමේ, රජුට මේ අදහස් පැවසීය.

“නාඤ‍්ඤං සුචරිතං රාජ, නාඤ‍්ඤං රාජ සුභාසිතං; තායතෙ මරණකාලෙ, එවමෙවිතරං ධනං.

3. මරණ මොහොත ළංවූ විට, සුචරිතය හැර අන් සරණක් නැත. සුභාෂිතය හැර අන් පිහිටක් නැත. ඉන් ධාන්‍ය වූ ධනය වනාහි, ධනය ම පමණි.

“අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ; යෙ ච තං උපනය‍්හන‍්ති, වෙරං තෙසං න සම‍්මති.

4. මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරදවීය, මාගේ දේ පැහැර ගත්තේ යැයි, යමකු ගැන යම් කෙනෙක් වෛර බඳිත්ද? ඔවුන්ගේ ඒ වෛරය නො සන්සිඳේ.

“අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ; යෙ ච තං නුපනය‍්හන‍්ති, වෙරං තෙසූපසම‍්මති.

5. මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරදවීය, මගේ දේ පැහැර ගත්තේයැයි යමකු ගැන යම් කෙනෙක් වෛර නොබඳිත්ද? ඔවුන්ගේ ඒ වෛරය සන්සිඳේ.

“න හි වෙරෙන වෙරානි, සම‍්මන‍්තීධ කුදාචනං; අවෙරෙන ච සම‍්මන‍්ති, එස ධම‍්මො සනන‍්තනො”න‍්ති.

6. මෙලොව වෛරයෙන් වෛරය කිසිකලෙකත් නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ. මෙය සදාකාලික දහමකි.

තත්‍ථ නාඤ‍්ඤං සුචරිතන‍්ති නාඤ‍්ඤං සුචරිතා, අයමෙව වා පාඨො, ඨපෙත්‍වා සුචරිතං අඤ‍්ඤං න පස‍්සාමීති අත්‍ථො. ඉධ “සුචරිත”න‍්තිපි “සුභාසිත”න‍්තිපි මාතාපිතූහි දින‍්නං ඔවාදංයෙව සන්‍ධායාහ. එවමෙවාති නිරත්‍ථකමෙව. ඉදං වුත‍්තං හොති – මහාරාජ, අඤ‍්ඤත්‍ර ඔවාදානුසිට‍්ඨිසඞ‍්ඛාතා සුචරිතසුභාසිතා මරණකාලෙ තායිතුං රක‍්ඛිතුං සමත්‍ථො නාම අඤ‍්ඤො නත්‍ථි, යං එතං ඉතරං ධනං, තං එවමෙව නිරත්‍ථකමෙව හොති, ත්‍වඤ‍්හි ඉදානි මය‍්හං කොටිසතසහස‍්සමත‍්තම‍්පි ධනං දදන‍්තො ජීවිතං න ලභෙය්‍යාසි, තස‍්මා වෙදිතබ‍්බමෙතං “ධනතො සුචරිතසුභාසිතමෙව උත‍්තරිතර”න‍්ති.

මෙහි ‘නාඤ්ඤං සුචරිතං’ යනු ‘සුචරිතය හැර අන් යමක් නොදකිමි’ යන අර්ථයි. ‘නාඤ්ඤං සුචරිතා’ යන මෙයම පාඨය හෝ විය හැකි ය. මෙහි ‘සුචරිත යැයි ද, සුභාෂිත යැයි ද කියන ලද්දේ මවුපියන් විසින් දෙන ලද අවවාද සඳහාය’ යන අර්ථයි. ‘එවමෙව’ යනු ‘නිරර්ථකය’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් ‘මහරජ, අවවාද අනුශාසනා සංඛ්‍යාත සුචරිතය හා සුභාෂිතය හැර, මරණ මොහොතට ළං වූවකුට පිහිටවන, රැකවරණය දෙන, අන් කිසිවක් නැත. ඉන් අන්‍ය වූ ධනය යන යමක් වේ නම්, එය ධනයම පමණි. එනම් එය නිරර්ථක දෙයක්ම වේ. ඔබ වනාහි, දැන් මට කෝටි ලක්ෂයක පමණ ධනයක් දුන්නත්, ඉන් ජීවිතය නො ලබන්නෙහිය. එබැවින් ධනයට වඩා, සුචරිතයම සුභාෂිතයම උත්තරීතර යැ’යි, දත යුතුය.

සෙසගාථාසුපි අයං සඞ‍්ඛෙපත්‍ථො – මහාරාජ, යෙ පුරිසා “අයං මං අක‍්කොසි, අයං මං පහරි, අයං මං අජිනි, අයං මම සන‍්තකං අහාසී”ති එවං වෙරං උපනය‍්හන‍්ති බන්‍ධිත්‍වා විය හදයෙ ඨපෙන‍්ති, තෙසං වෙරං න උපසම‍්මති. යෙ ච පනෙතං න උපනය‍්හන‍්ති හදයෙ න ඨපෙන‍්ති, තෙසං වූපසම‍්මති. වෙරානි හි න කදාචි වෙරෙන සම‍්මන‍්ති, අවෙරෙනෙව පන සම‍්මන‍්ති. එස ධම‍්මො සනන‍්තනොති එසො පොරාණකො ධම‍්මො චිරකාලප‍්පවත‍්තො සභාවොති.

සෙසු ගාථාවන්හි අර්ථය සැකෙවින් මෙසේය. ‘මහරජ, යම් කෙනෙක් මොහු මට බැන්නේය. පහර දුන්නේය. මා පැරදවීය. මා සන්තක දේ පැහැර ගත්තේ යැ’යි මෙසේ වෛරය සිත තබා ගනිත්ද, වෛර බැඳ ගනිත්ද? ඔවුන්ගේ ඒ වෛරය නොසන්සිඳේ. යම් කෙනෙක් එසේ වෛර බැඳ නොගනිත්ද? වෛරය සිත්හි තබා නො ගනිත්ද? ඔවුන්ගේ ඒ වෛරය සන්සිඳේ. වෛරයෙන් වෛරය කිසිදා නො සන්සිඳේ. අවෛරයෙන්ම සන්සිඳේ’ යන අර්ථයි. ‘එසධම්මො සනන්තනො’ යනු ‘මෙය පුරාණ දහමකි. බොහෝ කලක සිට පැවතෙන ස්වභාවයකි.’ යන අදහසයි.

එවඤ‍්ච පන වත්‍වා බොධිසත‍්තො “අහං, මහාරාජ, තයි න දුබ‍්භාමි, ත්‍වං පන මං මාරෙහී”ති තස‍්ස හත්‍ථෙ අසිං ඨපෙසි. රාජාපි “නාහං තයි දුබ‍්භාමී”ති සපථං කත්‍වා තෙන සද‍්ධිං නගරං ගන‍්ත්‍වා තං අමච‍්චානං දස‍්සෙත්‍වා “අයං, භණෙ, කොසලරඤ‍්ඤො පුත‍්තො දීඝාවුකුමාරො නාම, ඉමිනා මය‍්හං ජීවිතං දින‍්නං, න ලබ‍්භා ඉමං කිඤ‍්චි කාතු”න‍්ති වත්‍වා අත‍්තනො ධීතරං දත්‍වා පිතු සන‍්තකෙ රජ‍්ජෙ පතිට‍්ඨාපෙසි. තතො පට‍්ඨාය උභොපි සමග‍්ගා සම‍්මොදමානා රජ‍්ජං කාරෙසුං.

මෙසේ කියූ බෝසත් තෙමේ, ‘මහරජ, මම ඔබට ද්වේෂ නොකෙරෙමි. ඔබතුමා මා මරනු මැනවැ’යි කියා, රජුගේ අතෙහි කඩුව තැබීය. එවිට රජතුමා ද ‘පුත, මම ද ඔබට ද්වේෂ නො කෙරෙමි’යි, දිවුරා පොරොන්දු වී, කුමරුත් කැටුව නුවරට ගොස්, ඇමතියන් රැස් කොට ඔවුන්ට කුමරු පෙන්වා, ‘හිතවතුනි, මේ කොසොල් රජුගේ පුත් දීඝාවු කුමාරයාය. මොහු විසින් මට ජීවිත දානය දෙන ලදි. මොහුගෙන් කිසිදු පීඩාවක් නො ලැබීමි’යි කියා, තම දියණිය කුමරුට පාවා දී කුමරු පියසන්තක රාජ්‍යයෙහි පිහිට වීය. එතැන් පටන් මේ දෙදෙනා ම, සමගිව සතුටු සිතින් යුතුව රාජ්‍යය විචාළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, දීඝාවුකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ දම් දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දෙමාපියෝ නම්, මෙදා මහාරාජ කුලය (සුද්ධෝදන රජතුමා හා මහාමායා බිසව) ය. දීඝාවු කුමාරයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

දීඝීතිකොසලජාතකවණ‍්ණනා පඨමා.