යෙදුමෙන් කියවන්න

2. මිගපොතකජාතකවණ‍්ණනා 372 අට‍්ඨකථා

2. මිගපොතකජාතකවණ‍්ණනා (372)

2. මිගපෝතක ජාතකය (372)

අගාරා පච‍්චුපෙතස‍්සාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මහල‍්ලකං ආරබ‍්භ කථෙසි. සො කිරෙකං දාරකං පබ‍්බාජෙසි. සාමණෙරො තං සක‍්කච‍්චං උපට‍්ඨහිත්‍වා අපරභාගෙ අඵාසුකෙන කාලමකාසි. තස‍්ස කාලකිරියාය මහල‍්ලකො සොකාභිභූතො මහන‍්තෙන සද‍්දෙන පරිදෙවන‍්තො විචරි. භික‍්ඛූ සඤ‍්ඤාපෙතුං අසක‍්කොන‍්තා ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම මහල‍්ලකො සාමණෙරස‍්ස කාලකිරියාය පරිදෙවන‍්තො විචරති, මරණස‍්සතිභාවනාය පරිබාහිරො එසො භවිස‍්සතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස එතස‍්මිං මතෙ පරිදෙවන‍්තො විචරී”ති වත්‍වා අතීතං ආහරි.

‘අගාරා පච්චුජෙතස්ස’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් මහලු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. කිසියම් දිනෙක, ඉහත කී භික්‍ෂුව එක් කුඩා දරුවකු පැවිදිකොට ගත්තේය. ඒ සාමණේරයා තම ගුරුවරයා වන, මහලු භික්‍ෂුවට සකසා උවටැන් කෙළේය. පසුකලෙක කිසියම් අසනීපයක් නිසා කුඩා නම මිය ගියේය. ඔහුගේ මරණය මහලු භික්‍ෂුවට ඉවසුම් නොදෙන්නක් විය. මහත් වූ ශෝකයෙන් පෙළුණු මහලු භික්‍ෂුව, හඬ නගා වැළපෙමින් ඒ මේ අත යයි. ඔහුගේ හිත හදන්නට සෙසු භික්‍ෂූහු උත්සාහ ගත් නමුත්, එය නොහැකි වූහ. දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ඒ ගැන සාකච්ඡා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි, තෙපි කුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නාහුදැ’යි ඇසූ සේක. එවිට භික්‍ෂූහු, ‘ස්වාමීනි, අසවල් මහලු භික්‍ෂුව සාමණේරයාගේ මරණය ඉවසිය නොහී, වැලපෙමින් ඒ මේ අත ඇවිදියි. ස්වාමීනි, ඒ භික්‍ෂුව මරණානුස්සති භාවනාවෙන් පරිබාහිර වූවෙකැ’යි උත්තර දුන්හ. ‘මහණෙනි, ඔහු දැන් පමණක් නොව පෙර ද එසේ මළගමක් ඉවසාගත නොහී, වැළපෙමින් හැසිරුණේ යැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ ඒ හා සම්බන්ධ, මේ අතීත කථාව දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සක‍්කත‍්තං කාරෙසි. තදා එකො කාසිරට‍්ඨවාසී බ්‍රාහ‍්මණො හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඵලාඵලෙහි යාපෙසි. සො එකදිවසං අරඤ‍්ඤෙ එකං මතමාතිකං මිගපොතකං දිස‍්වා අස‍්සමං ආනෙත්‍වා ගොචරං දත්‍වා පොසෙසි. මිගපොතකො වඩ‍්ඪන‍්තො අභිරූපො අහොසි සොභග‍්ගප‍්පත‍්තො. තාපසො තං අත‍්තනො පුත‍්තකං කත්‍වා පරිහරති. එකදිවසං මිගපොතකො බහුං තිණං ඛාදිත්‍වා අජීරකෙන කාලමකාසි. තාපසො “පුත‍්තො මෙ මතො”ති පරිදෙවන‍්තො විචරති. තදා සක‍්කො දෙවරාජා ලොකං පරිග‍්ගණ‍්හන‍්තො තං තාපසං දිස‍්වා “සංවෙජෙස‍්සාමි න”න‍්ති ආගන‍්ත්‍වා ආකාසෙ ඨිතො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ශක්‍රයා ව ඉපිද සිටියේය. එකල එක් කසීරට වැසි පුද්ගලයෙක් හිමාල වනයට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව, ඵලවැලින් යැපෙමින් දිවි ගෙවීය. ඔහු කිසියම් දවසක කැලයේ දී මව මළ එක් මුව පොව්වකු දැක, ඌ අසපුවට ගෙනැවිත් ආහාර කවා පෝෂණය කෙළේය. මුව පැටියා ද ඉතා රූපසම්පන්න ව සෞභාග්‍යයෙන් යුතුව වැඩුණේය. තාපසයා ඌ තමාගේ පුත් තනතුරෙහි ලා කටයුතු කරයි. කිසියම් දවසක පමණ ඉක්මවා තණකොළ කෑ මුවපොව්වා, ඒවා දිරවාගත නොහැකි වී, එයින්ම මරණයට පත්විය. ඒ දුටු තාපසයා ‘මගේ පුතා මළේ යැ’යි, කියමින් වැලපෙමින් ඒ මේ අත හැසිරුණේය. එකල සක්දෙව් රජ ලොව පිරික්සා බලනුයේ, ඉහත කී වැළපෙන තවුසා දුටුවේය. දුකෙන් පෙළෙන ඔහු සංවේගයට පත්කිරීමට කල්පනා කළ ශක්‍රයා වහා අවුත් අහසෙහි සිට මෙසේ පැවසීය.

“අගාරා පච‍්චුපෙතස‍්ස, අනගාරස‍්ස තෙ සතො; සමණස‍්ස න තං සාධු, යං පෙතමනුසොචසී”ති.

අගාරා පච්චුපෙතස්ස - අනාගාරස්ස තෙ සතො, සමණස්ස න තං සාධූ - යං පෙත මනු සොචසී ති

තං සුත්‍වා තාපසො දුතියං ගාථමාහ –

මළගිය කෙනකු වෙනුවෙන් ශෝක කිරීමක් වේ නම්, එය ගිහිගෙයින් වෙන් වී අනගාරික වූ ශ්‍රමණයකුට නුසුදුසුයි. ශක්‍රයාගේ ඒ කියමන ඇසූ තවුසා, මෙසේ කීය.

“සංවාසෙන හවෙ සක‍්ක, මනුස‍්සස‍්ස මිගස‍්ස වා; හදයෙ ජායතෙ පෙමං, න තං සක‍්කා අසොචිතු”න‍්ති.

2. ශක්‍රය, ඒකාන්තයෙන් එකට විසීමෙන් මිනිසකුගේ ද, මුවකුගේ ද හදවත්හි ප්‍රේමය ඇති වේ. එබැවින් ශෝක නොකර ඉන්නට නො පිළිවන.

තත්‍ථ න තං සක‍්කාති තං මනුස‍්සං වා තිරච‍්ඡානං වා න සක‍්කා අසොචිතුං, සොචාමියෙවාහන‍්ති.

මෙහි ‘න තං සත්තා’ යනු ‘ප්‍රේමය මිනිස් වුවත්, තිරිසන් වුවත්, ශෝක නොකර ඉන්නට නො පිළිවන. එබැවින් මම ශෝක කරමි’ යන අර්ථයි.

තතො සක‍්කො ද‍්වෙ ගාථා අභාසි –

ඒ පිළිතුරෙන් පසු ශක්‍රයා මෙසේ පැවසීය.

“මතං මරිස‍්සං රොදන‍්ති, යෙ රුදන‍්ති ලපන‍්ති ච; තස‍්මා ත්‍වං ඉසි මා රොදි, රොදිතං මොඝමාහු සන‍්තො.

3. මළ තැනැත්තාට ද මැරෙන්නාට ද යම් උදවිය හඬති. වැලපෙති. සෘෂිය, එබැවින් නුඹ නො හඬව. සත්පුරුෂයෝ ‘හැඬීම හිස් වැඩෙකැ’යි කියති.

“රොදිතෙන හවෙ බ්‍රහ‍්මෙ, මතො පෙතො සමුට‍්ඨහෙ; සබ‍්බෙ සඞ‍්ගම‍්ම රොදාම, අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඤාතකෙ”ති.

4. බමුණ, ඒකාන්තයෙන් හැඬීමෙන් මළ තැනැත්තා නැවත පණ ලබා නම්, අපි සියලුදෙනා එක්ව, ඔවුනොවුන්ගේ නෑයින් වෙනුවෙන් හඬමු.

තත්‍ථ මරිස‍්සන‍්ති යො ඉදානි මරිස‍්සති, තං. ලපන‍්ති චාති විලපන‍්ති ච. ඉදං වුත‍්තං හොති – යෙ ලොකෙ මතඤ‍්ච මරිස‍්සන‍්තඤ‍්ච රොදන‍්ති, තෙ රුදන‍්ති චෙව විලපන‍්ති ච, තෙසං අස‍්සුපච‍්ඡිජ‍්ජනදිවසො නාම නත්‍ථි. කිංකාරණා? සදාපි මතානඤ‍්ච මරිස‍්සන‍්තානඤ‍්ච අත්‍ථිතාය. තස‍්මා ත්‍වං ඉසි මා රොදි. කිංකාරණා ? රොදිතං මොඝමාහු සන‍්තොති, බුද‍්ධාදයො පන පණ‍්ඩිතා රොදිතං “මොඝ”න‍්ති වදන‍්ති. මතො පෙතොති යො එස මතො පෙතොති වුච‍්චති, යදි සො රොදිතෙන සමුට‍්ඨහෙය්‍ය, එවං සන‍්තෙ කිං නික‍්කම‍්මා අච‍්ඡාම, සබ‍්බෙව සමාගම‍්ම අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඤාතකෙ රොදාම. යස‍්මා පන තෙ රොදිතකාරණා න උට‍්ඨහන‍්ති, තස‍්මා රොදිතස‍්ස මොඝභාවං සාධෙති.

මෙහි ‘මරිස්සං’ යනු ‘යමෙක් දැන් මැරෙන්නේ ද? ඔහුයි’ ‘ලපන්ති ච’ යනු ‘වැලපෙති’ යන අර්ථයි. මින් කියන ලද්දේ මෙයයි. එනම්, ලොව යම් කෙනෙක් මළවුන් හා මැරෙනවුන් උදෙසා හඬද්ද? වැළපෙද්ද? ඔවුන්ගේ කඳුළු වියැළෙන දවසක් නැත. මක්නිසාද? මැරෙන අය සදාකාලික ව ඇති නිසාය. එබැවින් ‘සෘෂිය, නුඹ නො හඬව’ කුමක් නිසාද? සත්පුරුෂයන් ‘හැඬීම හිස් දෙයකැ’යි කියන ලද බැවිනි. බුද්ධාදීහු ‘හැඬීම හිස් ක්‍රියාවෙකැ’යි කියති. ‘මතො පෙතො’ යනු ‘යමෙක් මළේ නම්, ඔහුට ‘ප්‍රේත’ යැකි කියනු ලැබේ. ඉදින් හැඬීම නිසා ඒ මළ තැනැත්තා මළවුන්ගෙන් නැගිටින්නේ නම්, එසේ ඇති කල්හි, කුමක් නිසා උත්සාහ නොකොට ඉවත්ව යමුද? එබැවින් සියලුදෙනා ම එකට එක්ව ඔවුනොවුන්ගේ නෑයින් වෙනුවෙන් හඬමු. යම් හෙයකින් හැඬීම කරණ කොටගෙන ඔවුහු මළවුන්ගෙන් නො නැගිටිත් නම්, හඬන්නාගේ මෝඩකම ම ඉන් ප්‍රකට වේ.’ යන අර්ථයි.

එවං සක‍්කස‍්ස කථෙන‍්තස‍්ස තාපසො “නිරත්‍ථකං රොදිත”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා සක‍්කස‍්ස ථුතිං කරොන‍්තො තිස‍්සො ගාථා අභාසි –

මෙසේ ශක්‍රයා දිගින් දිගට ම කරුණු කියන විට තාපසයා හැඬීමෙහි නිරර්ථක බව තේරුම් ගත්තේය. අනතුරුව ශක්‍රයාට ස්තුති කරමින් තාපසතුමා මෙසේ කීය.

“ආදිත‍්තං වත මං සන‍්තං, ඝතසිත‍්තංව පාවකං; වාරිනා විය ඔසිඤ‍්චං, සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

5. ගිතෙල් ඉසින ලද ගින්නක් දිය ඉස නිවන්නාක් මෙන්, දැවෙන මාගේ සියලු පීඩාවන් නිවා දැමීය.

“අබ‍්බහි වත මෙ සල‍්ලං, යමාසි හදයස‍්සිතං; යො මෙ සොකපරෙතස‍්ස, පුත‍්තසොකං අපානුදි.

6. ශෝකයෙන් පීඩිත වූ මාගේ පුත්‍ර ශෝකය, යමෙක් දුරු කෙළේද? ඔහු මාගේ හදවතෙහි ඇනී තිබූ ශෝක නමැති හුල ද, උදුරා දැමීය.

“සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි, වීතසොකො අනාවිලො; න සොචාමි න රොදාමි, තව සුත්‍වාන වාසවා”ති.

7. සක්රජුනි, ඒ මම ඔබට ඇහුම්කන් දී, උදුරන ලද හුල් ඇත්තේ වෙමි. ශෝකය පහ කෙළෙමි. නො කැළඹෙම්, දුක් නො වෙම්, නො හඬමි.

තත්‍ථ යමාසීති යං මෙ ආසි. හදයස‍්සිතන‍්ති හදයෙ නිස‍්සිතං. අපානුදීති නීහරි. සක‍්කො තාපසස‍්ස ඔවාදං දත්‍වා සකට‍්ඨානමෙව ගතො.

මෙහි ‘යමාසි’ යනු ‘යමක් මා තුළ වීද?’ යන අර්ථයි. ‘හදයනිස්සිතං’ යනු ‘හදවතෙහි පවතින’, යන අර්ථයි. ‘අපානුදි’ යනු ‘බැහැර කෙළේය’ මෙසේ ශක්‍ර තෙමේ තවුසාට අවවාද දී, සිය දෙව්ලොව බලා පෙරළා ගියේය.

සත්‍ථා ඉධං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා තාපසො මහල‍්ලකො අහොසි, මිගො සාමණෙරො, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා තාපසයා නම්, මේ මහලු භික්‍ෂුවය. මුවා නම්, සාමණේරයාය. සක්දෙවිඳු වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

මිගපොතකජාතකවණ‍්ණනා දුතියා.