3. මූසිකජාතකවණ්ණනා 373 අට්ඨකථා
3. මූසිකජාතකවණ්ණනා (373)
3. මූසික ජාතකය (373)
කුහිං ගතා කත්ථ ගතාති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො අජාතසත්තුං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා ථුසජාතකෙ (ජා· 1.4.149 ආදයො) විත්ථාරිතමෙව. ඉධාපි සත්ථා තථෙව රාජානං සකිං පුත්තෙන සද්ධිං කීළමානං සකිං ධම්මං සුණන්තං දිස්වා “තං නිස්සාය රඤ්ඤො භයං උප්පජ්ජිස්සතී”ති ඤත්වා “මහාරාජ, පොරාණකරාජානො ආසඞ්කිතබ්බං ආසඞ්කිත්වා අත්තනො පුත්තං ‘අම්හාකං ධූමකාලෙ රජ්ජං කාරෙතූ’ති එකමන්තෙ අකංසූ”ති වත්වා අතීතං ආහරි.
‘කුහිං ගතා කත්ථ ගතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවෙසෙන සේක්, අජාසත් රජු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘ථූස’ ජාතකයෙහි විස්තර කරන ලදි. මේ ජාතකයට අනුව බුදුරදුන් දම් දෙසද්දී අජාසත් රජතුමා විටෙක තම පුතා සමග සෙල්ලම් කරයි. තවත් විටෙක බණ අසයි. මේ බව දුටු බුදුරජාණන් වහන්සේ ‘කවදා හෝ මේ දරුවා නිසා රජුට බිය උපදවන්නේ යැ’යි දැන, ‘මහරජතුමනි, පැරණි රජවරු සැක කළ යුතු අවස්ථාවන්හි සැක කොට සිය පුතාට, ‘මා මියගිය කල්හි, ආදාහනයෙන් පසුව ඇවිත් රාජ්‍යය බාරගන්න යැ’යි කියා, ඔහු සිය රාජ්‍යයෙන් බැහැරකොට තැබූහ’යි වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තක්කසිලායං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා දිසාපාමොක්ඛාචරියො අහොසි. තස්ස සන්තිකෙ බාරාණසිරඤ්ඤො පුත්තො යවකුමාරො නාම සබ්බසිප්පානි උග්ගණ්හිත්වා අනුයොගං දත්වා ගන්තුකාමො තං ආපුච්ඡි. ආචරියො “පුත්තං නිස්සාය තස්ස අන්තරායො භවිස්සතී”ති අඞ්ගවිජ්ජාවසෙන ඤත්වා “එතමස්ස හරිස්සාමී”ති එකං උපමං උපධාරෙතුං ආරභි. තදා පනස්ස එකො අස්සො අහොසි, තස්ස පාදෙ වණො උට්ඨහි, තං වණානුරක්ඛණත්ථං ගෙහෙයෙව කරිංසු. තස්සාවිදූරෙ එකො උදපානො අත්ථි. අථෙකා මූසිකා ගෙහා නික්ඛමිත්වා අස්සස්ස පාදෙ වණං ඛාදති, අස්සො වාරෙතුං න සක්කොති. සො එකදිවසං වෙදනං අධිවාසෙතුං අසක්කොන්තො මූසිකං ඛාදිතුං ආගතං පාදෙන පහරිත්වා මාරෙත්වා උදපානෙ පාතෙසි. අස්සගොපකා මූසිකං අපස්සන්තා “අඤ්ඤෙසු දිවසෙසු මූසිකා ආගන්ත්වා වණං ඛාදති, ඉදානි න පඤ්ඤායති, කහං නු ඛො ගතා”ති වදිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ තක්ෂිලාවෙහි බමුණු කුලයක ඉපිද, දිසාපාමොක් ආචාර්යවරයා බවට පත්විය. ඔහු ළඟ බොහෝ දරුවෝ උගනිති. ඒ අතර බරණැස් රජුගේ පුත්‍රයා වන ‘යව’ කුමාරයා ද ශිල්ප උගනිති. සියලු ශිල්පශාස්ත්‍ර උගෙන අවසන් කළ කුමරු නිසි අනුයෝග ආචාර්යවරයාට දී සිය රට බලා යාමට අවසර ඉල්ලීය. අංග විද්‍යාවෙහි කෙළ පැමිණි ගුරුතුමා කුමරා පරීක්ෂා කොට බලා, ‘කවදා නමුත් මොහුට මොහුගේ පුතාගෙන් අනතුරක් වන්නේය. එබැවින් එය දුරු කරන්නෙමි’යි සිතා ගමනට අවසර නොදුන්නේය. අනතුරුව කුමරු බේරා ගැනීමට ඇදුරුතුමා කිසියම් උපායක් කල්පනා කරන්නට පටන් ගත්තේය. මේ ඇදුරුතුමාට අශ්වයෙක් සිටී. ඇදුරුතුමා උගේ කකුලේ ඇති තුවාලයක් නිසා, ඌ මඩුවක් ඇතුළේ තබාගෙන උවටැන් කරවයි. මේ මඩුව සමීපයෙහි එක් ළිඳක් විය. මඩුව තුළ හුන් එක් මී පැටික්කියක්, සිය ගුළෙන් නික්ම අවුත් අසුගේ තුවාලය කයි. ඇය මේ තුවාලය කා දැමීම දිගින් දිගටම කළාය. අශ්වයා උත්සාහ කළත්, ඇගෙන් මිදීමට අපහසු විය. එක් දවසක් මී පැටික්කිය අවුත් තුවාලය කන්නට පටන් ගත්තාය. වේදනාව ඉවසිය නොහැකි වූ අශ්වයා ඇයට පයින් වෙර යොදා ගැසීය. ඒ පහරින්ම මියගිය මී පැටික්කිය විසි වී ගොස්, අසල තිබූ ළිඳට වැටුණි. මේ අතර අසු බලාගන්නා අස්ගොව්වෝ මීපැටික්කිය දින කිහිපයකින් දක්නට නොලැබුණු බැවින්, ‘ඇය කොහි ගියාදැ’යි කියමින් ඔවුනොවුන් සමග කථා කරමින් හුන්හ.
බොධිසත්තො තං කාරණං පච්චක්ඛං කත්වා “අඤ්ඤෙ අජානන්තා ‘කහං මූසිකා ගතා’ති වදන්ති, මූසිකාය පන මාරෙත්වා උදපානෙ ඛිත්තභාවං අහමෙව ජානාමී”ති ඉදමෙව කාරණං උපමං කත්වා පඨමං ගාථං බන්ධිත්වා රාජකුමාරස්ස අදාසි. සො අපරං උපමං උපධාරෙන්තො තමෙව අස්සං පරුළ්හවණං නික්ඛමිත්වා එකං යවවත්ථුං ගන්ත්වා “යවං ඛාදිස්සාමී”ති වතිච්ඡිද්දෙන මුඛං පවෙසෙන්තං දිස්වා තමෙව කාරණං උපමං කත්වා දුතියං ගාථං බන්ධිත්වා තස්ස අදාසි. තතියගාථං පන අත්තනො පඤ්ඤාබලෙනෙව බන්ධිත්වා තම්පි තස්ස දත්වා “තාත, ත්වං රජ්ජෙ පතිට්ඨාය සායං න්හානපොක්ඛරණිං ගච්ඡන්තො යාව ධුරසොපානා පඨමං ගාථං සජ්ඣායන්තො ගච්ඡෙය්යාසි, තව නිවසනපාසාදං පවිසන්තො යාව සොපානපාදමූලා දුතියං ගාථං සජ්ඣායන්තො ගච්ඡෙය්යාසි, තතො යාව සොපානමත්ථකා තතියං ගාථං සජ්ඣායන්තො ගච්ඡෙය්යාසී”ති වත්වා පෙසෙසි.
මේ කාරණය තත් වූ පරිද්දෙන් දැනගත්, දිසාපාමොක් ඇදුරුතුමා ‘මේ අස්ගොව්වෝ මී පැටික්කිය කොහි ගියාදැ’යි ප්‍රශ්න කරති. ඇයට වූ දේ මම පමණක් දනිමි’යි සිතා ඒ කාරණය නිමිති කොටගෙන ගාථාවක් රචනා කොට එය රාජකුමාරයාට පාඩම් කරගැනීමට දුන්නේය. එයින් නොනැවතුණු ඇදුරුතුමා, තවත් උපායක් සොයමින් කල් හැරියේය. මේ අතර තුවාලය සුවපත් ව අශ්වයා දිනක් අසල තිබූ යව (බාර්ලි) වත්තක් සමීපයට ගොස් යව කන්නට සිතා වැටේ කපොල්ලකින් ඔලුව ඇතුලට දැමීය. ඒ දුටු ඇදුරුතුමා එය නිමිති කොට, තවත් ගාථාවක් රචනා කොට, එය ද පාඩම් කරගැනීම සඳහා කුමරුට දුන්නේය. ඊට අමතරව තමන්ගේම ප්‍රඥා මහිමයෙන් තවත් ගාථාවක් පද බැඳ, එය ද කුමරුට දී ‘පුත, නුඹ රජයෙහි පිහිටා දරුවන් ද ලැබ, පළමු පුත්‍රයාට සොළොස් වයස වන සමයේ දී කිසියම් දිනෙක ඔබට සැඳෑ කාලයක නාන්න යන්නට සිදුවුවහොත් නාන පොකුණට ගොස්, එහි පඩිපෙළ මුදුනේ සිට, මා දුන් පළමු ගාථාව කියමින් ගමන් කරන්නැ’යි කියා ඇදුරුතුමා උපසේ දුන්නේය. තවද කිසියම් දවසක ස්වකීය සිරියහන් ගබඩාවට යන්නට සිතා උඩුමහල් තලයට ගොඩවෙන තැන දී සැකයක් ඇති වුවහොත්, එහි පියගැටපෙළ මුලසිට මේ ගාථාව කියමින් ගමන් කරන්නැ’යි කියා ඒ සඳහා මේ දෙවන ගාථාව කටපාඩම් කොට තබාගත යුතුයැ’යි ඇදුරුතුමා කුමරුට උපදෙස් දුන්නේය. එයින් ද නො නැවතුණු ඇදුරුතුමා ‘පුත, යහන්ගැබට ඇතුළු වන්නට සූදානම් වන විටෙක දී සැකයක් ඇති වුවහොත්, පියගැට පෙළේ මුදුන්පඩිය මත සිට, ඔබට ද ඇති තෙවන ගාථාව ගායනා කරන්න. එසේ ගායනා කරමින් යහන් ගැබ වෙත පිය නගන්නැ’යි කුමරුට උපදෙස් ලබා දී, සිය රට බලා යන්නට අවසර දුන්නේය.
සො කුමාරො ගන්ත්වා උපරාජා හුත්වා පිතු අච්චයෙන රජ්ජං කාරෙසි, තස්සෙකො පුත්තො ජායි. සො සොළසවස්සකාලෙ රජ්ජලොභෙන “පිතරං මාරෙස්සාමී”ති චින්තෙත්වා උපට්ඨාකෙ ආහ “මය්හං පිතා තරුණො, අහං එතස්ස ධූමකාලං ඔලොකෙන්තො මහල්ලකො භවිස්සාමි ජරාජිණ්ණො, තාදිසෙ කාලෙ ලද්ධෙනපි රජ්ජෙන කො අත්ථො”ති. තෙ ආහංසු “දෙව, න සක්කා පච්චන්තං ගන්ත්වා චොරත්තං කාතුං, තව පිතරං කෙනචි උපායෙන මාරෙත්වා රජ්ජං ගණ්හා”ති. සො “සාධූ”ති අන්තොනිවෙසනෙ රඤ්ඤො සායං න්හානපොක්ඛරණීසමීපං ගන්ත්වා “එත්ථ නං මාරෙස්සාමී”ති ඛග්ගං ගහෙත්වා අට්ඨාසි. රාජා සායං මූසිකං නාම දාසිං “ගන්ත්වා පොක්ඛරණීපිට්ඨිං සොධෙත්වා එහි, න්හායිස්සාමී”ති පෙසෙසි. සා ගන්ත්වා පොක්ඛරණීපිට්ඨිං සොධෙන්තී කුමාරං පස්සි. කුමාරො අත්තනො කම්මස්ස පාකටභාවභයෙන තං ද්විධා ඡින්දිත්වා පොක්ඛරණියං පාතෙසි. රාජා න්හායිතුං අගමාසි. සෙසජනො “අජ්ජාපි මූසිකා දාසී න පුනාගච්ඡති, කුහිං ගතා කත්ථ ගතා”ති ආහ. රාජා –
මෙසේ සිය රටට පැමිණි රාජ කුමාරයා පියරජු සතුටු කොට යුවරජ තනතුර ද ලබාගෙන, රාජ්‍ය කටයුතුවල නිරත වුණි. පසුකලෙක පියරජුගේ ඇවෑමෙන් යුවරජ, මහරජතුමා බවට පත්විය. කලක දී ඔහුට පුතෙක් ද ලැබුණි. පුත් කුමරුට, වයස දහසය වන විට රාජ්‍යයට ලෝභ සිතක් ඇතිවිය. ඒ නිසාම රාජ කුමාරයා තම පියරජු මරා, රාජ්‍යය පැහැර ගන්නට සිතුවේය. එසේ සිතා තමාගේ ආරක්ෂක පුරුෂයන් වෙත ගිය කුමරු ඔවුන් අමතා ‘හිතවතුනි, මගේ පියා තවම තරුණය. ඔහු මැරෙනතෙක් ඔහුගේ ආදාහනය සිදුවනතෙක්, බලා සිටියොත්, මම මහල්ලෙක් වන්නෙමි. නාකි වූ පසු ලැබෙන රජ සැපතින් කවර ප්‍රයෝජනයක්දැ’යි කීවේය. ඒ ඇසූ ආරක්ෂක පුරුෂයෝ ‘කුමරුනි, අපට පසල් දනව්වකට ගොස් සොරකම්කොට අවශ්‍ය දෑ සපයා ගෙන, රාජ්‍යයක් ගොඩනැගීම, කිසිදා කළ නොහැක්කකි. එබැවින් කුමන හෝ උපායකින්, පියරජු මරා රාජ්‍යය ගනු මැනවැ’යි කුමරුට උපදෙස් දුන්හ. ආරක්ෂකයින්ගේ උපදෙස් අකුරට ම ක්‍රියා කිරීමට තීරණය කරගත් රාජ කුමාරයා පියරජු ඝාතනය කිරීමට මාන බලමින් සිටියේය. මේ අතර කිසියම් දිනක රජතුමා, නාන්නට අවශ්‍ය වූ බැවින් රජමාලිගය සමීපයේ ඇති, පොකුණ වෙත යන්නට තීරණය කර ගත්තේය. රජුගේ සාමාන්‍ය සිරිත නම්, ස්නානයට මඟුල් පොකුණට යාමයි. එහෙත් සැඳෑ කලෙක වුවහොත් මාලිගය සමීපයේ වූ පොකුණෙන් ස්නානය කිරීම රජතුමා පුරුද්දක් කොට ගත්තේය. රජු මේ සැන්දෑවේ නාන්නට සූදානම් වන බව දැනගත් රාජකුමාරයා, තමාගේ මනදොළ මුදුන්පත් කරගැනීමට අදිටන්කොට ගෙන, කඩුවක් ද අතෙහි දරා ‘මෙහිදී රජු මරා දමන්නෙමි’යි සිතා, පොකුණ සමීපයෙහි සැඟවී සිටියේය. රාජ මාලිගයෙහි ‘මූසිකා’ නමින් දාසියක් වූවාය. රජතුමා ඇයට කථාකොට ‘මම තව ටිකෙකින් ස්නානය සඳහා පැමිණෙන්නෙමි. නුඹ ගොස් පොකුණ අවට පිරිසිදු කරව’යි කියා, දාසිය පිටත්කොට හැරියේය. අණ ලද සැණින් එහි ගිය මූසිකා නම් වූ දාසිය, පොකුණ අවට පිරිසිදු කරගෙන යනවිට, සැඟව සිටි කුමරුන් දැක්කාය. එවිට ‘තමාගේ මේ ක්‍රියාව ප්‍රකට වේ යැ’යි, යන බියෙන් කුමරු වෙව්ලන්නට පටන් ගත්තේය. එම හේතුවෙන් ඉදිරියට පැන ගත් කුමරු, කඩුව ඇද එයින් දාසියට පහර දී ඇය දෙකට කපා, පොකුණෙහිම ගිල්වීය. මේ අතර රජතුමා නාන්නට එතැනට එමින් සිටියේය. රජු සමග පැමිණි පරිවාර ආරක්ෂක පුරුෂයෝ, ‘පොකුණ පිරිසිදු කිරීමට මෙහි පැමිණි මූසිකාව කොහිදැ’යි, කොතැනට ගියාදැ’යි ප්‍රශ්න කරමින් පොකුණ සමීපයේ සිටියහ. රාජපුරුෂයන් විසින් කියන ලද ‘මූසිකා’ යන වචනය ශ්‍රවණය කළ රජතුමාට, ඔහු පාඩම් කළ ගාථා අතුරෙන් පළමුවැන්න සිහිපත් විය. එබැවින් පොකුණුතෙර සිට රජතුමා එය මෙසේ පැවසීය.
“කුහිං ගතා කත්ථ ගතා, ඉති ලාලප්පතී ජනො; අහමෙවෙකො ජානාමි, උදපානෙ මූසිකා හතා”ති. –
කුහිං ගතා කත්ථ ගතා - ඉති ලාලප්පතී ජනො, අහමෙව එකො ජානාමි - උදපානෙ මූසිකා හතා
ජනයා මූසිකා කොහි ගියාද? කොහි ගියාදැ’යි කථා කරයි. මැරුණු මූසිකාව ළිඳ තුළ යැයි, මම එකහෙළා දනිමි.
පඨමං ගාථං භණන්තො පොක්ඛරණීතීරං අගමාසි.
තත්ථ කුහිං ගතා කත්ථ ගතාති අඤ්ඤමඤ්ඤවෙවචනානි. ඉති ලාලප්පතීති එවං විප්පලපති. ඉති අයං ගාථා “අජානන්තො ජනො මූසිකා දාසී කුහිං ගතාති විප්පලපති, රාජකුමාරෙන ද්විධා ඡින්දිත්වා මූසිකාය පොක්ඛරණියං පාතිතභාවං අහමෙව එකො ජානාමී”ති රඤ්ඤො අජානන්තස්සෙව ඉමමත්ථං දීපෙති.
මෙහි ‘කුහිං ගතා කත්ථගතා’ යන වාක්‍ය දෙක එක හා සමානය. ‘ඉති ලාලප්පති’ යනු ‘මෙසේ දොඩයි’ යන අර්ථයි. මෙසේ මේ ගාථාව නො දන්නා ජනයා ‘මූසිකා දාසිය කොහි ගියාදැ’යි, ඒ ගැන කථා කරයි. ‘කුමරා විසින් මූසිකාව දෙකට කපා පොකුණට හෙළන ලද බව මම එකහෙළා දනිමි’යි, යන අදහස, ඒ ගැන කිසිත් නොදත් රජුගේ කියමනෙන් පැහැදිලි වෙයි.
කුමාරො “මයා කතකම්මං මය්හං පිතරා ඤාත”න්ති භීතො පලායිත්වා තමත්ථං උපට්ඨාකානං ආරොචෙසි. තෙ සත්තට්ඨදිවසච්චයෙන පුන තං ආහංසු “දෙව, සචෙ රාජා ජානෙය්ය, න තුණ්හී භවෙය්ය, තක්කගාහෙන පන තෙන තං වුත්තං භවිස්සති, මාරෙහි න”න්ති. සො පුනෙකදිවසං ඛග්ගහත්ථො සොපානපාදමූලෙ ඨත්වා රඤ්ඤො ආගමනකාලෙ ඉතො චිතො ච පහරණොකාසං ඔලොකෙසි. රාජා –
මේ අතර ‘තමා කළ කර්මය පියරජු විසින් තේරුම් ගන්නා ලදැ’යි බියට පත් කුමාරයා, වහා හුන් තැනින් පලා ගියේය. ස්වකීය ආරක්ෂක පුරුෂයන් වෙත දිවැගිය රාජකුමාරයා, ඔවුන්ට සිදුවූ සියලු දේ නොවළහා පැවසීය. ඒ මොහොතේදී වික්ෂිප්ත වූ රාජ පුරුෂයෝ කිසිත් නො කියා සිට, දින හත අටකට පසු කුමරුට කථාකොට, ‘කුමරුවනි, ඉදින් ඔබේ ක්‍රියාව රජ දැනගත්තේ නම්, කිසිසේත් නිශ්ශබ්ද ව නොසිටී. රජුගේ කියමන, තර්කානුසාරයෙන් ගොතා ගත් එකක් විය යුතුය. එබැවින් කෙසේ හෝ රජු අවසන් කරනු මැනවැ’යි, උපදෙස්දුන්හ. ඒ උපදේශයෙන් නැවත ශක්තිමත් වූ රාජ කුමාරයා, පසුදිනෙක කඩුව ද අතෙහි තබාගෙන රාත්‍රී රජතුමා යහන් ගැබට පිවිසීම සඳහා උඩු මහලට නගින පියගැට පෙළ සමීපයට පැමිණෙන තෙක්, පුල පුලා බලා සිටියේය. කුමරුගේ අදහස පඩිපෙළ මුලදී ම, රජුට පහර දීමටයි. රජතුමා පැමිණෙන තෙක් කුමරු ඒ මේ අත ඇවිදිමින්, නො ඉවසිල්ලෙන් බලා සිටියේය. මේ අතර උඩුමහල් තලයට යන්නට සිතා, පියගැටපෙළ වෙතට පැමිණෙන රජුගේ සිත්හි, සැකයක් උපනි. වහා සිය ගුරුතුමා උගන්වන ලද ගාථාව සිහිපත් කළ රජතුමා, එය මෙසේ පැවසීය.
“යඤ්චෙතං ඉති චීති ච, ගද්රභොව නිවත්තසි; උදපානෙ මූසිකං හන්ත්වා, යවං භක්ඛෙතුමිච්ඡසී”ති. –
2. කොටළුවකු මෙන් ඒ මේ අත බලමින් යම් කාරණයකට පසුබසීද? ළිඳෙහි මූසිකාව මරා දමා, යව (රජු වන මා) කා දමන්නට කැමැත්තෙහිද?
දුතියං ගාථං සජ්ඣායන්තො අගමාසි. අයම්පි ගාථා “යස්මා ත්වං ඉති චීති ච ඉතො චිතො ච පහරණොකාසං ඔලොකෙන්තො ගද්රභොව නිවත්තසි, තස්මා තං ජානාමි ‘පුරිමදිවසෙ පොක්ඛරණියං මූසිකං දාසිං හන්ත්වා අජ්ජ මං යවරාජානං භක්ඛෙතුං මාරෙතුං ඉච්ඡසී’”ති රඤ්ඤො අජානන්තස්සෙව ඉමමත්ථං දීපෙති.
මේ ගාථාව දක්වන අදහස මෙසේය. ‘යම් හෙයකින් නුඹ යම් යම් ආකාරයකින් පහර දීමට අවකාශ සොයමින්, කොටළුවකු මෙන් පසු බසිහිද? ඒ අයුරෙන්ම මම එය දනිමි. පෙර දා මූසිකා නම් වූ දාසිය මරා පොකුණෙහි දමා, යව රජු වන මා කා දමන්නට කැමැත්තෙහිද?’ යනුවෙනි. කිසිත් නො දැන කී, රජුගේ මේ ගාථාවෙන් ඉහත කී අදහස අර්ථවත් වේ.
කුමාරො “දිට්ඨොම්හි පිතරා”ති උත්රස්තො පලායි. සො පුන අඩ්ඪමාසමත්තං අතික්කමිත්වා “රාජානං දබ්බියා පහරිත්වා මාරෙස්සාමී”ති එකං දීඝදණ්ඩකං දබ්බිපහරණං ගහෙත්වා ඔලුම්බිත්වා අට්ඨාසි. රාජා –
රාජ කුමාරයාද ‘පියතුමා විසින් මම තේරුම් ගන්නා ලද්දෙමැ’යි, අතිශයින් බියට පත්වී පලා ගියේය. අඩ මසකට පසු නැවත වතාවක් රජු මරණයට පත් කිරීමට උපක්‍රමයක් කල්පනා කොට දිගටි දණ්ඩක කෙළවරේ සවිකළ යකඩ බෝලයක් අතැතිව උඩුමහල් තලයෙහි රජුගේ යහන් ගැබටත්, පියගැට පෙළෙහි මුදුනටත්, අතර ඒ සමීපයේ පිහිටි බැම්මක එල්ලීගෙන, රජු යහන්ගැබට පැමිණෙන තෙක්, බලා සිටියේය. මේ අතර රාත්‍රියෙහි සැතපීමට තීරණය කළ රජතුමා, පියගැටපෙළ සමීපයට පැමිණියේය. පියගැටපෙළ නගින්නට ආරම්භ කිරීමත් සමග සැකයක් ඇති වූ බැවින්, රජතුමා තෙවන ගාථාවත් ගායනය කරමින්ම සෝපානය මුදුනට නැග්ගේය. තෙවන ගාථාව මෙසේය.
“දහරො චාසි දුම්මෙධ, පඨමුප්පත්තිකො සුසු; දීඝඤ්චෙතං සමාසජ්ජ, න තෙ දස්සාමි ජීවිත”න්ති. –
3. මෝඩය, තෝ ළදරුවෙකි. උපතින් පළමු වයසෙහි සිටි බාලයෙකි. දිග දණ්ඩක් ගෙන පහරදීමට බලා සිටින තට ජීවත්වීමට ඉඩ නො දෙමි.
තතියං ගාථං සජ්ඣායන්තො සොපානපාදමත්ථකං අභිරුහි.
තත්ථ පඨමුප්පත්තිකොති පඨමවයෙන උප්පත්තිතො උපෙතො, පඨමවයෙ ඨිතොති අත්ථො. සුසූති තරුණො. දීඝන්ති දීඝදණ්ඩකං දබ්බිපහරණං. සමාසජ්ජාති ගහෙත්වා, ඔලුම්බිත්වා ඨිතොසීති අත්ථො. අයම්පි ගාථා “දුම්මෙධ, අත්තනො වයං පරිභුඤ්ජිතුං න ලභිස්සසි, න තෙ දානි නිල්ලජ්ජස්ස ජීවිතං දස්සාමි, මාරෙත්වා ඛණ්ඩාඛණ්ඩං ඡින්දිත්වා සූලෙයෙව ආවුණාපෙස්සාමී”ති රඤ්ඤො අජානන්තස්සෙව කුමාරං සන්තජ්ජයමානා ඉමමත්ථං දීපෙති.
‘පඨමුප්පතිතො’ යනු ‘උපතින් පළමු වයසින් යුක්ත වූ, බාල වියේ සිටි’ යන අර්ථයි. ‘සුසූ’ යනු ‘තරුණ’ යන අර්ථයි. ‘දීඝං’ යනු දිග දණ්ඩක සවි කළ ආයුධය, යන අර්ථයි. මේ ගාථාව දක්වන අදහස මෙසේය. ‘මෝඩය, තෝ තගේ ආයු, පරිභෝග කිරීමට ඉඩ නො ලබන්නෙහිය. මම දැන් නිර්ලජ්ජිත වූ තට, ජීවත් වීමට ඉඩ නොදෙන්නෙමි. තා මරවා කෑලිවලට කපා හුල්වල ගස්සවන්නෙමි’ යනුවෙනි. කුමරාට තර්ජනය කරමින් කියන ලද ගාථාවක් වුවත්, රජු විසින් මෙය කියන ලද්දේ, කුමරාගේ කියා ගැන කිසිත් නොදැනය. (ගුරුවරයා උගන්වා තිබූ බැවිනි.)
සො තං දිවසං පලායිතුං අසක්කොන්තො “ජීවිතං මෙ දෙහි, දෙවා”ති රඤ්ඤො පාදමූලෙ නිපජ්ජි. රාජා තං තජ්ජෙත්වා සඞ්ඛලිකාහි බන්ධාපෙත්වා බන්ධනාගාරෙ කාරෙත්වා සෙතච්ඡත්තස්ස හෙට්ඨා අලඞ්කතරාජාසනෙ නිසීදිත්වා “අම්හාකං ආචරියො දිසාපාමොක්ඛො බ්රාහ්මණො ඉමං මය්හං අන්තරායං දිස්වා ඉමා තිස්සො ගාථා අභාසී”ති හට්ඨතුට්ඨො උදානං උදානෙන්තො සෙසගාථා අභාසි –
කුමරාට එදින පලා යා ගත නොහැකි විය. එබැවින් ‘දේවයිනි, මට ජීවිත දානය දෙනු මැනවැ’යි රජුගේ පාමුල, කුමරා වැදහොත්තේය. එවිට කාරණය මැනවින් තේරුම් ගත් රජතුමා, තම පුතාට තර්ජනය කොට මාංචුවලින් දෑත් බැඳ, බන්ධනාගාරයෙහි දම්මවා, එතැනින් පිටත්ව ගොස් සේසත යට වූ අලංකෘත රාජාසනයෙහි වාඩි වී, ‘අපගේ ආචාර්ය වූ දිසාපාමොක් බ්රාහ්මණතුමා, මට මේ උවදුර ඇතිවන බව කල්තියා දැන, මේ ගාථා තුන ඉගැන්වූයේ යැ’යි, තුටු පහටුව උදන් අනමින්, මෙසේ පැවසීය.
“නාන්තලික්ඛභවනෙන, නාඞ්ගපුත්තපිනෙන වා; පුත්තෙන හි පත්ථයිතො, සිලොකෙහි පමොචිතො.
4. පුතා විසින් මම මරණයට සමීප කරන ලද්දෙමි. දේව බලයකින් හෝ, අංගසම පුත්‍රයාගේ හොඳකම නිසා හෝ, නොව මේ ගාථා නිසාම, මරණයෙන් මිදුණෙමි.
“සබ්බං සුතමධීයෙථ, හීනමුක්කට්ඨමජ්ඣිමං; සබ්බස්ස අත්ථං ජානෙය්ය, න ච සබ්බං පයොජයෙ; හොති තාදිසකො කාලො, යත්ථ අත්ථාවහං සුත”න්ති.
5. උසස්-පහත්-මධ්‍යම යන සියල්ල අසා, දැන උගත යුතුය. ඒ හැම දෙයකම අර්ථය දැනගත යුතුය. එහෙත් ඒ සියල්ල පාවිච්චි නොකළ යුතුය. යම්කලෙක ඒ උගත් දේ, යහපත සලසා ද? (කවදා හෝ) එබඳු කාලයක් පැමිණේ.
තත්ථ නාන්තලික්ඛභවනෙනාති අන්තලික්ඛභවනං වුච්චති දිබ්බවිමානං, අහං අජ්ජ අන්තලික්ඛභවනම්පි න ආරුළ්හො, තස්මා අන්තලික්ඛභවනෙනාපි අජ්ජ මරණතො න පමොචිතොම්හි. නාඞ්ගපුත්තපිනෙන වාති අඞ්ගසරික්ඛකෙන වා පුත්තපිනෙනපි න පමොචිතො. පුත්තෙන හි පත්ථයිතොති අහං පන අත්තනො පුත්තෙනෙව අජ්ජ මාරෙතුං පත්ථිතො. සිලොකෙහි පමොචිතොති සොහං ආචරියෙන බන්ධිත්වා දින්නාහි ගාථාහි පමොචිතො.
මෙහි ‘නාන්තලික්ඛභවනෙන’ යනු ‘අන්තරීක්ෂ භවනය සඳහා කියන ලදි. මම අද දෙව් විමනකට, අන්තරීක්ෂ භවනයකට ගොඩවූයේ නැත. එබැවින් අද දින අන්තරීක්ෂ භවනය කරණකොට ගෙන, මරණයෙන් මිදුණේ නොවෙමි’ යන අර්ථයි. ‘නාඞ්ගපුත්තසිරෙන වා’ යනු ‘අංගසම පුතා නිසා නො මිදුණෙමි’ යන අර්ථයි. ‘පුත්තෙන හි පට්ඨයිතො’ යනු ‘මම වනාහි, මගේම පුතා විසින් අද මරණයට සමීප කරන ලද්දේ වෙමි’ යන අර්ථයි. ‘සීලොකෙහි පමොචිතො’ යනු ‘ඒ මම මගේම ගුරුතුමා විසින් රචනාකොට දෙන ලද, ගාථා කරණකොට ගෙන මිදුණේ වෙමි.’ යන අර්ථයි.
සුතන්ති පරියත්තිං. අධීයෙථාති ගණ්හෙය්ය සික්ඛෙය්ය. හීනමුක්කට්ඨමජ්ඣිමන්ති හීනං වා හොතු උත්තමං වා මජ්ඣිමං වා, සබ්බං අධීයිතබ්බමෙවාති දීපෙති. න ච සබ්බං පයොජයෙති හීනං මන්තං වා සිප්පං වා මජ්ඣිමං වා න පයොජයෙ, උත්තමමෙව පයොජයෙය්යාති අත්ථො. යත්ථ අත්ථාවහං සුතන්ති යස්මිං කාලෙ මහොසධපණ්ඩිතස්ස කුම්භකාරකම්මකරණං විය යංකිඤ්චි සික්ඛිතසිප්පං අත්ථාවහං හොති, තාදිසොපි කාලො හොතියෙවාති අත්ථො. අපරභාගෙ රඤ්ඤො අච්චයෙන කුමාරො රජ්ජෙ පතිට්ඨාසි.
‘සුතං’ යනු ‘උගත් දෑ’ යන අර්ථයි. ‘අධීයෙථ’ යනු ‘ඉගෙන ගන්නේය, හික්මෙන්නේ ය’ යන අර්ථයි. ‘හීනමුක්කට්ඨමජ්ඣිම’ යනු ‘උසස්-පහත්-මධ්‍යම යන මේ සියල්ල උගත යුතුම යැ’යි දක්වයි. ‘න ච සබ්බ පයොජයෙ’ යනු ‘පහත් හෝ, මධ්‍යම හෝ මන්ත්‍ර හා ශිල්ප ප්‍රයෝජනයට නොගත යුතුය. උතුම් දේ පමණක් ප්‍රයෝජනයට ගත යුතුය’ යන අර්ථයි. ‘යත්ථ අත්ථාවහං සුකං’ යනු ‘මහෞෂධ පඬිතුමාගේ කුඹල් වැඩ මෙන්, උගත් ශිල්පයෙන් කිසියම් ප්‍රයෝජනයක් වේද? එවැනි කාලයක් එළඹේ ම ය’ යන අදහසයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා දිසාපාමොක්ඛො ආචරියො අහමෙව අහොසි”න්ති.
පසුකලෙක රජතුමා මිය ගියේය. අනතුරුව කුමාරයා රජබවට පත්විය. බුදුහු මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දිසාපාමොක් ඇදුරුතුමා වූයේ මම ම යැ’යි බුදුහු වදාළහ.
මූසිකජාතකවණ්ණනා තතියා.