4. චූළධනුග‍්ගහජාතකවණ‍්ණනා 374 අට‍්ඨකථා
4. චූළධනුග‍්ගහජාතකවණ‍්ණනා (374)
4. චුල්ලධනුග්ගහ ජාතකය (374)
සබ‍්බං භණ‍්ඩන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. තෙන භික‍්ඛුනා “පුරාණදුතියිකා මං, භන‍්තෙ, උක‍්කණ‍්ඨාපෙතී”ති වුත‍්තෙ සත්‍ථා “එසා භික‍්ඛු, ඉත්‍ථී න ඉදානෙව තුය‍්හං අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි තෙ එතං නිස‍්සාය අසිනා සීසං ඡින‍්න”න‍්ති වත්‍වා භික‍්ඛූහි යාචිතො අතීතං ආහරි.
‘සබ්බං භණ්ඩං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ගිහි කල බිරිය විසින් පොළඹවන ලද භික්‍ෂුවක අරබයා වදාළ සේක. බුදුරදුන් හමුවේදී, ඒ භික්‍ෂුව විසින්ම ‘ස්වාමීනි, මා මහණකමට කළකිුරණේ මාගේ ගිහි කල භාර්යාව නිසා යැ’යි කී කල්හි, බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔය ස්ත්‍රිය ඔබට අනර්ථය සිදුකෙළේ දැන් පමණක් නොවේ. පෙර ද ඔබ ඇය නිසා කඩුපතින් ගෙල සිඳගත්තෙහි යැ’යි වදාරා සෙසු භික්‍ෂූන්ගේ අයැදුමෙන්, මේ අතීත කථා පුවත දේශනා කොට වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සක‍්කත‍්තං කාරෙසි. තදා එකො බාරාණසිවාසී බ්‍රාහ‍්මණමාණවො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා ධනුකම‍්මෙ නිප‍්ඵත‍්තිං පත‍්තො චූළධනුග‍්ගහපණ‍්ඩිතො නාම අහොසි. අථස‍්ස ආචරියො “අයං මයා සදිසං සිප‍්පං උග‍්ගණ‍්හී”ති අත‍්තනො ධීතරං අදාසි. සො තං ගහෙත්‍වා “බාරාණසිං ගමිස‍්සාමී”ති මග‍්ගං පටිපජ‍්ජි. අන‍්තරාමග‍්ගෙ එකො වාරණො එකං පදෙසං සුඤ‍්ඤමකාසි, තං ඨානං අභිරුහිතුං න කොචි උස‍්සහි. චූළධනුග‍්ගහපණ‍්ඩිතො මනුස‍්සානං වාරෙන‍්තානඤ‍්ඤෙව භරියං ගහෙත්‍වා අටවිමුඛං අභිරුහි. අථස‍්ස අටවිමජ‍්ඣෙ වාරණො උට‍්ඨහි, සො තං කුම‍්භෙ සරෙන විජ‍්ඣි. සරො විනිවිජ‍්ඣිත්‍වා පච‍්ඡාභාගෙන නික‍්ඛමි. වාරණො තත්‍ථෙව පති, ධනුග‍්ගහපණ‍්ඩිතො තං ඨානං ඛෙමං කත්‍වා පුරතො අඤ‍්ඤං අටවිං පාපුණි. තත්‍ථාපි පඤ‍්ඤාස චොරා මග‍්ගං හනන‍්ති. තම‍්පි සො මනුස‍්සෙහි වාරියමානො අභිරුය‍්හ තෙසං චොරානං මිගෙ වධිත්‍වා මග‍්ගසමීපෙ මංසං පචිත්‍වා ඛාදන‍්තානං ඨිතට‍්ඨානං පාපුණි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ශක්‍ර ව උපන්නේය. එකල බරණැස් නුවර වැසි එක් බ්‍රාහ්මණ තරුණයෙක් තක්‍ෂිලාවට ගොස් එහි දී සියලු ශිල්ප උගෙන දුනු ශිල්පයෙහි කෙළ පැමිණ නිමාවට පත්වී ‘චුල්ල ධනුග්ගහ පණ්ඩිතයා යැ’යි ප්‍රසිද්ධ විය. ඔහුගේ ආචාර්යතුමා කිසියම් දවසක ‘මේ තරුණයා මා වැනිම දක්‍ෂයෙකි. සියලු ශිල්ප මා මෙන් ම උගත්තේය. එබැවින් මොහුට මාගේ දියණිය පාවා දිය යුතු යැ’යි කල්පනාකොට එසේ කෙළේය. මේ බමුණු කුමරාද ඇයත් රැගෙන බරණැසට යනු සඳහා ගුරුතුමාගෙන් අවසර ද ගෙන මගට පිළිපන්නේය. මේ ගමනේ දී දිගු කැලෑබද ප්‍රදේශ දෙකක් පසුකළ යුතු විය. මෙසේ මහමග ගමන් කරන මේ තරුණ යුවල පළමුවන කැලෑබද ප්‍රදේශය ආසන්නයේ ම ඇති ගමට පැමිණියහ. මේ කැලෑ ප්‍රදේශයේ ඉතා දරුණු චණ්ඩ හස්තිරාජයෙක් වෙසේ. ඌ ඒ මුළු පළාතම වනසයි. එබැවින් කිසිකෙනෙක් ඒ මගින් ගමන් කරන්නට එඩිතර නොවෙති. චුල්ල ධනුග්ගහ පඬිතුමා ඒ කැලෑ පෙදෙසට ළංවනවිට, ගමේ මිනිස්සු චණ්ඩි හස්තිරාජයා සහ උගේ කෙරුවාවන් ගැන කියා, ඔවුන් වළක්වන්නට උත්සාහ ගත්හ. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගත් බමුණු කුමරා, සිය බිරිය ද කැටුව කැලෑ මගට පිවිසුණේය. කැලෑ මගේ මැදක් තැන් යනවිට, ඇත් රාජයා හඬ නගා ගෙන ඔවුන් ඉදිරියට පැන්නේය. ධනුග්ගහ කුමරු එකම හීයකින් ඇතුගේ කුම්භස්ථලයට විද්දේය. ඊතලය ඇතා විනිවිද ගොස් උගේ පසුපසින් නිකුත් විය. ඇතා එතැනම මැරී වැටුණේය. මෙසේ ඇතුගෙන් ගැලවුණු ධනුග්ගහ පඬිතුමා, වන පියස කෙළවර කොට, තවත් ගමකට පිවිසුණි. මේ ගමෙන් අනතුරුව ඇත්තේ තවත් විශාල කැලෑ ප්‍රදේශයකි. මේ කැලයෙහි පනහක් පමණ වූ සොරු කණ්ඩායමක් මං පැහැරීම් කරති. මෙකී ගමේ මිනිස්සු ද ධනුග්ගහ කුමාරයාත් එම කුමාරියත් දැක, වහා ළඟට අවුත්, මේ කැලෑබද මාර්ගයෙන් නොයන ලෙසත්, කැලෑවේ මංපහරණ සොරුන් වෙසෙන බවත්, ඔවුන් ඉතා බිහිසුණු බවත්, තරුණ යුවලට පැහැදිලි කොට දුන්හ. එහෙත් ඒ කිසිවක් නොසැලකූ ධනුග්ගහ කුමරා බිරියද කැටුව වනයට ඇතුළු විය. ඒ වනගත මාර්ගයෙහි කිසියම් තැනෙක රැස්වූ, ඉහත කී සොරු කන්ඩායම, එක් මුවකු මරා ගින්නෙන් පුලුස්සමින් කකා හුන්හ. අනුක්‍රමයෙන් තරුණ යුවල එතැනට පැමිණියහ.
තදා තං චොරා අලඞ‍්කතපටියත‍්තාය භරියාය සද‍්ධිං ආගච‍්ඡන‍්තං දිස‍්වා “ගණ‍්හිස‍්සාම න”න‍්ති උස‍්සාහං කරිංසු. චොරජෙට‍්ඨකො පුරිසලක‍්ඛණකුසලො, සො තං ඔලොකෙත්‍වාව “උත‍්තමපුරිසො අය”න‍්ති ඤත්‍වා එකස‍්සපි උට‍්ඨහිතුං නාදාසි. ධනුග‍්ගහපණ‍්ඩිතො “ගච‍්ඡ ‘අම‍්හාකම‍්පි එකං මංසසූලං දෙථා’ති වත්‍වා මංසං ආහරා”ති තෙසං සන‍්තිකං භරියං පෙසෙසි. සා ගන‍්ත්‍වා “එකං කිර මංසසූලං දෙථා”ති ආහ. චොරජෙට‍්ඨකො “අනග‍්ඝො පුරිසො”ති මංසසූලං දාපෙසි. චොරා “අම‍්හෙහි කිර පක‍්කං ඛාදිත”න‍්ති අපක‍්කමංසසූලං අදංසු. ධනුග‍්ගහො අත‍්තානං සම‍්භාවෙත්‍වා “මය‍්හං අපක‍්කමංසසූලං දදන‍්තී”ති චොරානං කුජ‍්ඣි. චොරා “කිං අයමෙවෙකො පුරිසො, මයං ඉත්‍ථියො”ති කුජ‍්ඣිත්‍වා උට‍්ඨහිංසු. ධනුග‍්ගහො එකූනපඤ‍්ඤාස ජනෙ එකූනපඤ‍්ඤාසකණ‍්ඩෙහි විජ‍්ඣිත්‍වා පාතෙසි. චොරජෙට‍්ඨකං විජ‍්ඣිතුං කණ‍්ඩං නාහොසි. තස‍්ස කිර කණ‍්ඩනාළියං සමපණ‍්ණාසයෙව කණ‍්ඩානි. තෙසු එකෙන වාරණං විජ‍්ඣි, එකූනපඤ‍්ඤාසකණ‍්ඩෙහි චොරෙ විජ‍්ඣිත්‍වා චොරජෙට‍්ඨකං පාතෙත්‍වා තස‍්ස උරෙ නිසින‍්නො “සීසමස‍්ස ඡින්‍දිස‍්සාමී”ති භරියාය හත්‍ථතො අසිං ආහරාපෙසි. සා තඞ‍්ඛණඤ‍්ඤෙව චොරජෙට‍්ඨකෙ ලොභං කත්‍වා චොරස‍්ස හත්‍ථෙ ථරුං, සාමිකස‍්ස හත්‍ථෙ ධාරං ඨපෙසි. චොරො ථරුදණ‍්ඩං පරාමසිත්‍වා අසිං නීහරිත්‍වා ධනුග‍්ගහස‍්ස සීසං ඡින්‍දි.
ඒ දුටු සොරු ‘ස්වර්ණාභරණයෙන් සැරසුණු ඒ යුවල අල්ලා ගන්නෙමු’යි කියා ඊට උත්සාහවත් වූහ. සොර නායකයා අංග ලක්‍ෂණ විද්‍යාවෙහි දක්‍ෂයෙකි. ඔහු කුමරු දුටු පමණින්ම, ‘මේ උථ්තම පුරුෂයෙකි’යි තේරුම් ගත්තේය. එබැවින් තම රැළේ එක ද සොරකුටවත් නැගිටින්නට ඉඩ නොදී, නැවත හිඳගන්නා ලෙස, ඔවුන්ට අතින් සන් කෙළේය. මේ අතර ධනුග්ගහ කුමාරයාද, ගමන් විඩාව නිසාම ගසක් මුල වාඩි වී ‘දැන් දැන් බඩගින්න අධිකය. එබැවින් සොඳුර, ඔබ ගොස් අපට ද එක් මස් පෙත්තක් සොරුන්ගෙන් ඉල්ලාගෙන එව’යි කියා බිරිය සොරුන් වෙත පිටත් කෙළේය. කුමරිය සොරුන් වෙත ගොස්, ඔවුන්ගෙන් එක් මස්පෙත්තක් ඉල්ලුවා ය. එවිට සොර නායකයා ‘මැයගේ ස්වාමියා උතුම් පුරුෂයෙකි. එබැවින් ඔවුන්ට මස් පෙත්තක් දෙව’යි සොරුන් අණ කෙළේය. එවිට සොරු පිළිස්සූ මස් අප විසින් කන ලදි. එබැවින් මෙය ගන්නැ’යි කියා නො පිසූ මස් වැදැල්ලක් කුමරියට දුන්හ. මහත් අභිමානයෙන් යුතු පුරුෂයකු වූ ධනුග්ගහ තරුණයා ‘මට නොපිසූ මස් එවන ලදැ’යි සොරුන් කෙරෙහි කිපුණේය. ඒ දුටු සොරු ‘නුඹ මෙහි සිටින එකම පුරුෂයා කොට සිතහිද? කිමෙක්ද? අපි ගෑණු දැ’යි කියා කලබල වී නැගී සිටියහ. ධනුග්ගහ තරුණයා තම ඉදිරියට සටනට එන ඒ ඒ සොරාට එක එක ඊතලය බැගින් ගෙන, විද මැරීය. මෙසේ සොරු හතළිස් නව දෙනෙක් ඊපහර කා මැරී වැටුණහ. සොර නායකයා විද මැරීම සඳහා ධනුග්ගහ ළඟ ඊයක් නොවීය. ඔහුගේ හිවුරෙහි තිබුණේ ඊතල පනහක් පමණි. ඉන් එකෙකින් ඇතාට විදින ලදි. ඉතිරිව තිබුණේ ඊතල හතළිස් නවයකි. සොරුන් හතළිස් නවදෙනා මරා දමන ලද්දේ, ඒවා උපයෝගී කොට ගෙනය. විද මැරීමට ඊතලයක් නොමැති බැවින් ධනුග්ගහ කුමරු වහා පැන, සොරදෙටුවාට පහර දී, ඔහු බිම හෙළීය. සොරුගේ පපුව මත හිඳගත් ධනුග්ගහ කුමරු සොර දෙටුවාගේ හිස සිඳ දැමීම සඳහා කුමරියගෙන් කඩුව ඉල්ලීය. මීට කලින් එනම් දුන්නෙන් සටන් වැදීමට පෙරම කුමරු විසින් සිය කඩුපත කොපුවත් සමගම, කුමරිය අතට දී තිබුණි. ධනුග්ගහ කුමරු තමාගෙන් කඩුව ඉල්ලූ නමුත්, සොරදෙටුවා කෙරෙහි ආල සිතක් ඇති කොටගත් කුමරිය, කොපුව සහිත කඩුව සිය දෑතට ගෙන, කඩුවේ මිට සොර නායකයා දෙසටත්, කඩුපත තම සැමියා දෙසටත්, හරවා කඩුව කොපුවත් සමගම පිරිනැමුවාය. ඉන් ප්‍රයෝජන ගත් සොර නායකයා වහා කඩුමිට අතට ගෙන, කඩුව ඉවතට ඇද, එක පහරින්ම ධනුග්ගහ කුමරුගේ හිස සිඳ දැමීය.
සො තං ඝාතෙත්‍වා ඉත්‍ථිං ආදාය ගච‍්ඡන‍්තො ජාතිගොත‍්තං පුච‍්ඡි. සා “තක‍්කසිලායං දිසාපාමොක‍්ඛාචරියස‍්ස ධීතාම‍්හී”ති ආහ. “කථං ත්‍වං ඉමිනා ලද‍්ධා”ති. මය‍්හං පිතා “අයං මයා සදිසං කත්‍වා සිප‍්පං සික‍්ඛී”ති තුස‍්සිත්‍වා ඉමස‍්ස මං අදාසි, සාහං තයි සිනෙහං කත්‍වා අත‍්තනො කුලදත‍්තියං සාමිකං මාරාපෙසින‍්ති. චොරජෙට‍්ඨකො “කුලදත‍්තියං තාවෙසා සාමිකං මාරෙසි, අඤ‍්ඤං පනෙකං දිස‍්වා මම‍්පි එවමෙවං කරිස‍්සති, ඉමං ඡඩ‍්ඩෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ එකං කුන‍්නදිං උත‍්තානතලං තඞ‍්ඛණොදකපූරං දිස‍්වා “භද‍්දෙ, ඉමිස‍්සං නදියං සුසුමාරා කක‍්ඛළා, කිං කරොමා”ති ආහ. “සාමි, සබ‍්බං ආභරණභණ‍්ඩං මම උත‍්තරාසඞ‍්ගෙන භණ‍්ඩිකං කත්‍වා පරතීරං නෙත්‍වා පුන ආගන‍්ත්‍වා මං ගහෙත්‍වා ගච‍්ඡා”ති. සො “සාධූ”ති සබ‍්බං ආභරණභණ‍්ඩං ආදාය නදිං ඔතරිත්‍වා තරන‍්තො විය පරතීරං පත්‍වා තං ඡඩ‍්ඩෙත්‍වා පායාසි. සා තං දිස‍්වා “සාමි, කිං මං ඡඩ‍්ඩෙත්‍වා විය ගච‍්ඡසි, කස‍්මා එවං කරොසි, එහි මම‍්පි ආදාය ගච‍්ඡා”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තී පඨමං ගාථමාහ –
කුමරු ඝාතනය කළ සොර නායකයා, කඩුව ද කුමරිය ද ගෙන, යන්නට පිටත් විය. මෙසේ ගමන් කරන අතරේ දී, සොර නායකයා කුමරියගෙන් ජාතිය ද, ගෝත්‍රය ද, වෙනත් විස්තර ද ඇසීය. ඇය ඒ සියල්ල නොවළහා පැවසුවාය. එවිට සොර නායකයා ‘කුමරිය, ඔබේ පියා විසින් ඔබ ධනුග්ගහ කුමරුට පාවා දෙන ලද්දේ කුමරුගේ කුමන විශේෂයක් දුටු නිසාදැ’යි ප්‍රශ්න කෙළේය. ‘මගේ පියා’ තමා හා ධනුග්ගහ කුමරු දුනු ශිල්පය අතින් එක හා සමානයැයි ද, වෙනත් ශිල්ප ඉගෙනීම අතින් ද තමා හා සම මට්ටමේ දක්‍ෂයෙකැ’යි ද කියා, තම දියණිය වන මා ඔහුට පාවා දුන්නේය. එසේ ධනුග්ගහ කුමරු, පියාගෙන් මට ලැබුණු සැමියා වුවත්, ඔබතුමා කෙරෙහි මා තුළ ඇතිවූ සෙනෙහස නිසා, මගේ සැමියා මැරවීමි’යි, කුමරිය උත්තර දුන්නාය. මේ ඇසූ සොර නායකයා මහත් කලබලයට පත්ව, ‘මැය කුල පරම්පරාවෙන් තමාට හිමි වූ සැමියා මැර වූ එකියකි. එහෙව් ඈ අනෙකකු දැක මට ද ඒ ටික කරන්නටන බැරි නැත. එබැවින් මැය අත්හැර දැමීම වඩාත් යෝග්‍ය යැ’යි සිතා, ඊට උපක්‍රමයක් කල්පනා කරමින් ම ගමන් කෙළේය. මේ යන අතරමගදී, ඔවුහු දෙදෙනා ක්‍රමයෙන් නොගැඹුරු කුඩා නදියක් වෙතට අවතීර්ණ වූහ. ඒ නදියේ කිසියම් තැනෙක, හෑරුණු වලවල් සහිත ස්ථානයක් දුටු සොර නායකයා ‘සොඳුර, මේ දියෙහි බොහෝ කිඹුල්ලු වෙති. උන් ඉතා නපුරුය. අපි දැන් එගොඩට කෙසේ හෝ යා යුතු වෙමු. එබැවින් කුමක් කරමුදැ’යි කුමරියගෙන් ඇසීය.
“සබ‍්බං භණ‍්ඩං සමාදාය, පාරං තිණ‍්ණොසි බ්‍රාහ‍්මණ; පච‍්චාගච‍්ඡ ලහුං ඛිප‍්පං, මම‍්පි තාරෙහි දානිතො”ති.
‘හිමියනි, ඔබ මාගේ සියලු ආභරණ ගලවා මගේම උතුරු සළුවේ ඔතා, ඒවාද රැගෙන කෙසේ හෝ එගොඩට යනු.
තත්‍ථ ලහුං ඛිප‍්පන‍්ති ලහුං පච‍්චාගච‍්ඡ, ඛිප‍්පං මම‍්පි තාරෙහි දානි ඉතොති අත්‍ථො.
මෙහි ‘ලහුංඛිප්පං’ යනු වහා ආපසු එන්න. දැන් මෙතනින් ඉක්මණින් මා ද එගොඩ කරන්න’ යන අර්ථයි.
චොරො තං සුත්‍වා පරතීරෙ ඨිතොයෙව දුතියං ගාථමාහ –
කුමරියගේ ඉල්ලීමට පිළිතුරු වශයෙන් එගොඩ සිට සොරා මෙසේ පැවසීය.
“අසන්‍ථුතං මං චිරසන්‍ථුතෙන, නිමීනි භොතී අධුවං ධුවෙන; මයාපි භොතී නිමිනෙය්‍ය අඤ‍්ඤං, ඉතො අහං දූරතරං ගමිස‍්ස”න‍්ති.
2. පින්වතිය, ඇසුර පත් නොවූ මා, දිගුකලක් ඇසුරුකළ තැනැත්තකු බවටත්, අස්ථිර වූ මා, ස්ථිර සැමියකු බවටත් පත් කළාය. තී අනිකකු නිසා මා ද වෙනස් කරන්නීය. එබැවින් මම මෙතැනින් ඉතා ඈතට යන්නෙමි.
සා හෙට‍්ඨා වුත‍්තත්‍ථායෙව –
ඉහත සඳහන් ගාථාවට මීට පෙර අර්ථ සපයා ඇත.
චොරො පන “ඉතො අහං දූරතරං ගමිස‍්සං, තිට‍්ඨ ත්‍ව”න‍්ති වත්‍වා තස‍්සා විරවන‍්තියාව ආභරණභණ‍්ඩිකං ආදාය පලාතො. තතො සා බාලා අත්‍රිච‍්ඡතාය එවරූපං බ්‍යසනං පත‍්තා අනාථා හුත්‍වා අවිදූරෙ එකං එළගලාගුම‍්බං උපගන‍්ත්‍වා රොදමානා නිසීදි. තස‍්මිං ඛණෙ සක‍්කො දෙවරාජා ලොකං ඔලොකෙන‍්තො තං අත්‍රිච‍්ඡතාහතං සාමිකා ච ජාරා ච පරිහීනං රොදමානං දිස‍්වා “එතං නිග‍්ගණ‍්හිත්‍වා ලජ‍්ජාපෙත්‍වා ආගමිස‍්සාමී”ති මාතලිඤ‍්ච පඤ‍්චසිඛඤ‍්ච ආදාය තත්‍ථ ගන‍්ත්‍වා නදීතීරෙ ඨත්‍වා “මාතලි, ත්‍වං මච‍්ඡො භව, පඤ‍්චසිඛ ත්‍වං සකුණො භව, අහං පන සිඞ‍්ගාලො හුත්‍වා මුඛෙන මංසපිණ‍්ඩං ගහෙත්‍වා එතිස‍්සා සම‍්මුඛට‍්ඨානං ගමිස‍්සාමි, ත්‍වං මයි තත්‍ථ ගතෙ උදකතො උල‍්ලඞ‍්ඝිත්‍වා මම පුරතො පත, අථාහං මුඛෙන ගහිතමංසපිණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා මච‍්ඡං ගහෙතුං පක‍්ඛන්‍දිස‍්සාමි, තස‍්මිං ඛණෙ ත්‍වං, පඤ‍්චසිඛ, තං මංසපිණ‍්ඩං ගහෙත්‍වා ආකාසෙ උප‍්පත, ත්‍වං මාතලි, උදකෙ පතා”ති ආණාපෙසි. “සාධු, දෙවා”ති, මාතලි, මච‍්ඡො අහොසි, පඤ‍්චසිඛො සකුණො අහොසි. සක‍්කො සිඞ‍්ගාලො හුත්‍වා මංසපිණ‍්ඩං මුඛෙනාදාය තස‍්සා සම‍්මුඛට‍්ඨානං අගමාසි. මච‍්ඡො උදකා උප‍්පතිත්‍වා සිඞ‍්ගාලස‍්ස පුරතො පති. සො මුඛෙන ගහිතමංසපිණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා මච‍්ඡස‍්සත්‍ථාය පක‍්ඛන්‍දි. මච‍්ඡො උප‍්පතිත්‍වා උදකෙ පති, සකුණො මංසපිණ‍්ඩං ගහෙත්‍වා ආකාසෙ උප‍්පති, සිඞ‍්ගාලො උභොපි අලභිත්‍වා එළගලාගුම‍්බං ඔලොකෙන‍්තො දුම‍්මුඛො නිසීදි. සා තං දිස‍්වා “අයං අත්‍රිච‍්ඡතාහතො නෙව මංසං, න මච‍්ඡං ලභී”ති කුටං භින්‍දන‍්තී විය මහාහසිතං හසි. තං සුත්‍වා සිඞ‍්ගාලො තතියං ගාථමාහ –
මෙසේ කී සොරා ‘මම මෙතැනිනුත් තවත් ඉතා ඈතට යන්නෙමි. නුඹ ඔතැනම සිටුව’ යි කියා, ඇය මහ හඬින් හඬද්දීම, ආභරණ පොදියත් රැගෙන පලා ගියේය. ඉක්බිති දැඩි ආශාවෙන් යුතු අනුවණ තැනැත්තියක් වූ ඇය මෙබඳු වූ මහත් විපතකට පත්ව අනාථ වූ නුදුරෙහි වූ එක් තෝර ගස් මණ්ඩියක වාඩි වී හඬමින් හුන්නාය. මේ මොහොතෙහි ලොව පරීක්‍ෂා කරන ශක්‍රයා, දැඩි ආශාව නිසා විනාශයට පත්වූ, සැමියාගෙන් ද, සොර නායකයාගෙන්ද පිරිහුණු කුමරිය හඬමින් හිඳිනු දැක, ‘මැයට නිග්‍රහකොට ලැජ්ජාවට පත්කර ආ යුතු යැ’යි සිතා, මාතලී දිව්‍ය පුත්‍රයාටද, පංචශිඛ දිව්‍ය පුත්‍රයාටද යන දෙදෙනාට කථාකොට ඔවුනුදු කැටුව, ඉහත කී නදීතෙරට පැමිණියේය. එහිදී සක්දෙවිඳු දෙව්පුතුන් අමතා ‘මාතලිය, නුඹ මාලුවෙක් වෙව. පංචශිඛ, නුඹ කුරුල්ලෙක් වෙව. මම සිවලෙක් වී කටින් මස් කැබැල්ලක් ගෙන ගංතෙර හිඳින අර ගැහැණිය සමීපයෙන් ගමන් කරන්නෙමි. මාතලිය, මාලුවෙක් වූ නුඹ, මා එසේ ගමන් කරන විට, ගංදියෙන් උඩට පැන, මට ඉදිරියෙන් බිමට වැටෙව. එවිට මම කටින් ගත් මස් පිඬ ඉවත දමා, නුඹ අල්ලා ගන්නට පනින්නෙමි. නුඹ ඊට පෙර නැවත උඩ පැන ගඟට වැටෙව. පංචශිඛ, කුරුල්ලෙක් වූ නුඹ මා ඉවත දමන ලද මස් පිඬ රැගෙන වහා අහසට පැන ගනුව’යි මෙසේ උපදෙස් දුන්නේය. දේව පුත්‍රයෝ ද, සිය නායකතුමාගේ අණ, ඒ අයුරින් ම ඉටුකිරීමට භාර ගත්හ. සිවලෙක් බවට පත්වූ සක්රජ මස්වැදැල්ලක් කටින් ඩැහැගෙන, හඬන කුමරිය හමුවට යන්නට පටන් ගත්තේය. මේ අතර ගංදියේ හුන් මාලුවෙක් කුමරියටත් සිවලාටත් අතර තැනකට, එක්වරම පැන්නේය. මාලුවා දුටු හිවලා වහා කටින් ගත් මස් කැබැල්ල ඉවත හෙළා, මාලුවාට පැන්නේය. ඒත් සමගම මාලුවා තවත් පිම්මකින් නැවත නදියටම පැන ගත්තේය. මේ අතර කොහේදෝ සිට පැමිණි කුරුල්ලෙක්, ගිලිහුණු මස් කැබැල්ල ඩැහැගෙන අහසට පියෑඹීය. ආහාර දෙකම අහිමි වූ සිවලා, කුමරිය හුන් තෝරගස් යායෙහි ම දුක් මුසු මුහුණින් යුතුව, ඉවත බලාගෙන හුන්නේය. සියල්ල මුල සිට බලා හුන් කුමාරිය, ‘අධික ආශාව නිසා, මේ සිවලා නැසුණි. ඌට කටේ තිබූ මස් කෑල්ල ද, බිමට වැටුණු මාලුවා ද යන ආහාර දෙකම අහිමි වී යැ’යි, කළගෙඩියක් පොළොවේ ගසා බිඳන්නාක් මෙන්, මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තාය. ඇගේ සිනාහඬ අසා සිටි සිවලා මෙසේ කීය.
“කායං එළගලාගුම‍්බෙ, කරොති අහුහාසියං; නයීධ නච‍්චගීතං වා, තාළං වා සුසමාහිතං; අනම‍්හිකාලෙ සුසොණි, කින‍්නු ජග‍්ඝසි සොභනෙ”ති.
3. තෝර ගස් ලැහැබෙහි මහ හඬින් සිනාසෙන මැය කවරියක්ද? මැනවින් යෙදූ නැටුමක් හෝ ගීතයක් හෝ තාල වාදනයක් හෝ මෙහි නැත. මනා වූ උකුලුතලයක් ඇති ශෝභන තැනැත්තිය, හැඬිය යුතු විටෙක, කුමක් නිසා මහ හඬින් සිනාසෙහිද?
තත්‍ථ කායන‍්ති කා අයං. එළගලාගුම‍්බෙති කම‍්බොජිගුම‍්බෙ. අහුහාසියන‍්ති දන‍්තවිදංසකං මහාහසිතං වුච‍්චති, තං කා එසා එතස‍්මිං ගුම‍්බෙ කරොතීති පුච‍්ඡති. නයීධ නච‍්චගීතං වාති ඉමස‍්මිං ඨානෙ කස‍්සචි නච‍්චන‍්තස‍්ස නච‍්චං වා ගායන‍්තස‍්ස ගීතං වා හත්‍ථෙ සුසමාහිතෙ කත්‍වා වාදෙන‍්තස‍්ස සුසමාහිතං හත්‍ථතාළං වා නත්‍ථි, කං දිස‍්වා ත්‍වං හසෙය්‍යාසීති දීපෙති. අනම‍්හිකාලෙති රොදනකාලෙ. සුසොණීති සුන්‍දරසොණි. කිං නු ජග‍්ඝසීති කෙන කාරණෙන ත්‍වං රොදිතුං යුත‍්තකාලෙ අරොදමානාව මහාහසිතං හසසි. සොභනෙති තං පසංසන‍්තො ආලපති.
මෙහි ‘කායං’ යනු ‘මැය කවරියක්ද?’ යන අර්ථයි. ‘එළාගළාගුම්බෙ’ ‘තෝර ගස් ලැහැබක’ යන අර්ථයි. ‘අහුහාසියං’ යනුවෙන් ‘දත් විදහා මහහඬින් සිනාසීමට’ කියනු ලැබේ. එනම්, ‘මේ ලැහැබෙහි මහ හඬින් සිනාසෙන ඇය කවරියක්දැ’යි විචාරයි යන අර්ථයි. ‘නයිධ නච්චංවා’ යනු ‘මෙතැන කිසියම් නැට්ටුවකුගේ නැටුමක් හෝ ගායකයකුගේ ගැයුමක් හෝ වාදකයෙකුගේ අතෙහි තබා මැනවින් වයන වාදනයක් හෝ නැත’ යන අර්ථයි. ‘සුසමාහිතං’ යනු ‘යමක් දැක ඔබ සිනාසෙහිද? එබඳු තාල වාදනයක් නැත’ යන අර්ථයි. ‘අනම්හි කාලෙ’ යනු ‘හැඬිය යුතු කාලයෙහි’ යන අර්ථයි. ‘සුස්සොණි’ යනු සුන්දර උකුලක් ඇති තැනැත්තිය’, යන අර්ථයි. ‘කින්නු ජග්ඝසි’ යනු හැඬිය යුතු කල, ඔබ කරුණ කරුණක් නිසා නොහඬා, මහ හඬින් සිනාසෙහිද? යන අර්ථයි. ‘සොභනෙ’ යනු ‘පැසසීමෙන් යුතුව ඇය අමතයි’ යන අර්ථයි.
තං සුත්‍වා සා චතුත්‍ථං ගාථමාහ –
සිවලාගේ කථාව අසා හුන් කුමරිය, මෙසේ පැවසුවාය.
“සිඞ‍්ගාල බාල දුම‍්මෙධ, අප‍්පපඤ‍්ඤොසි ජම‍්බුක; ජීනො මච‍්ඡඤ‍්ච පෙසිඤ‍්ච, කපණො විය ඣායසී”ති.
4. අනුවණ සිවල, මෝඩ කැණහිල, තෝ අඥානයෙකි. මාලුවාත්, මස් කැබැල්ලත් යන දෙකම අහිමි විය. දැන් අසරණයෙක්ව කල්පනා කරයි.
තත්‍ථ ජීනොති ජානිප‍්පත‍්තො හුත්‍වා. පෙසින‍්ති මංසපෙසිං. කපණො විය ඣායසීති සහස‍්සභණ‍්ඩිකං පරාජිතො කපණො විය ඣායසි සොචසි චින‍්තෙසි.
මෙහි ‘ජිනො’ යනු ‘හානියට පත් වී’ යන අර්ථයි. ‘පෙසිඤ්ච’ යනු ‘මස් පෙත්තක්’ යන අර්ථයි. ‘කපණො විය ඣායසී’ යනු ‘දහසින් බැඳි පියල්ලක් පැරදුණු අසරණයකු මෙන් කල්පනා කරයි, ශෝක කරයි, සිතමින් සිටී යන අර්ථයි.
තතො සිඞ‍්ගාලො පඤ‍්චමං ගාථමාහ –
කුමරියගේ ප්‍රකාශයට සිවලා මෙසේ උත්තර දුන්නේය.
“සුදස‍්සං වජ‍්ජමඤ‍්ඤෙසං, අත‍්තනො පන දුද‍්දසං; ජීනා පතිඤ‍්ච ජාරඤ‍්ච, මඤ‍්ඤෙ ත්‍වඤ‍්ඤෙව ඣායසී”ති.
5. අනුන්ගේ වරද හොඳින් පෙනේ. තම වරද නො පෙනේ. සැමියාගෙන් ද, සොර සැමියාගෙන් ද පිරිහුණු තී මටත් වඩා ශෝක කරහි.
තත්‍ථ ත්‍වඤ‍්ඤෙව ඣායසීති පාපධම‍්මෙ දුස‍්සීලෙ අහං තාව මම ගොචරං න ලභිස‍්සාමි, ත්‍වං පන අත්‍රිච‍්ඡතාය හතා තංමුහුත‍්තදිට‍්ඨකෙ චොරෙ පටිබද‍්ධචිත‍්තා හුත්‍වා තඤ‍්ච ජාරං කුලදත‍්තියඤ‍්ච පතිං ජීනා, මං උපාදාය සතගුණෙන සහස‍්සගුණෙන කපණතරා හුත්‍වා ඣායසි රොදසි පරිදෙවසීති ලජ‍්ජාපෙත්‍වා විප‍්පකාරං පාපෙන‍්තො මහාසත‍්තො එවමාහ.
‘මම්පි ත්‍වඤ්ඤෙව ඣායසී’ යනු ‘පවිටු හැසිරීම් ඇති දුස්සීල තැනැත්තිය, මට නැති වූයේ ගොදුර පමණකි. තී අධික ආශාව නිසා නැසුණි. තී අහම්බෙන් දුටු සොරකු කෙරෙහි, පිළිබඳ සිත් ඇති වී, ඒ සොර සැමියා නිසා, කුල දහමින් ලැබුණු සැමියාගෙන් පිරිහුණි. දැන් මට වඩා සිය-දහස් ගුණයෙන් අන්ත අසරණ වී කල්පනා කරයි. හඬයි. වැලපේ යැ’යි, ලැජ්ජාවට පත්කොට, ඇය විහිළුවට ලක් කරමින් බෝසත් තෙමේ, ඉහත සඳහන් අදහස ප්‍රකාශ කෙළේය’ යන අර්ථයි.
සා තස‍්ස වචනං සුත්‍වා ගාථමාහ –
ඊළඟට සිවලාට පිළිතුරු දෙමින් කුමරිය මෙසේ කීවාය.
“එවමෙතං මිගරාජ, යථා භාසසි ජම‍්බුක; සා නූනාහං ඉතො ගන‍්ත්‍වා, භත‍්තු හෙස‍්සං වසානුගා”ති.
6. මෘගරාජ වූ සිවලාණෙනි, ඔබ යමක් කීවෙහිද? එය එසේමය. ඒකාන්තයෙන් එසේ වූ මම, මෙතැනින් ගොස් සැමියකුට අවනතව වෙසෙන්නෙමි.
තත්‍ථ නූනාති එකංසත්‍ථෙ නිපාතො. සා අහං ඉතො ගන‍්ත්‍වා පුන අඤ‍්ඤං භත‍්තාරං ලභිත්‍වා එකංසෙනෙව තස‍්ස භත‍්තු වසානුගා වසවත‍්තිනී භවිස‍්සාමීති.
මෙහි ‘නූන’ යනු ඒකාන්ත අර්ථයෙහි නිපාතයකි. ඒ මම මෙතැනින් පිටත්ව ගොස්, නැවත වෙනත් සැමියකු ලැබ, ඒකාන්ත වශයෙන්ම ඔහුගේ වසඟයට පත්ව, ඔහුට අවනතව, වාසය කරන්නෙමි’ යන අර්ථයි.
අථස‍්සා අනාචාරාය දුස‍්සීලාය වචනං සුත්‍වා සක‍්කො දෙවරාජා ඔසානගාථමාහ –
ඉක්බිති අනාචාරී වූ දුසිල් තැනැත්තියක් වූ, ඇයගේ කථාව අසා සක්දෙව් රජ, මේ අවසාන ගාථාව පැවසීය.
“යො හරෙ මත‍්තිකං ථාලං, කංසථාලම‍්පි සො හරෙ; කතංයෙව තයා පාපං, පුනපෙවං කරිස‍්සසී”ති.
7. මැටි කලයක් සොරකම් කළ යමෙක්, රන් තලියක් වුවත් සොරකම් කරන්නේය. තී විසින් පව්කරන ලදි. නැවත ද තී එයම කරන්නීය.
තස‍්සත්‍ථො – අනාචාරෙ කිං කථෙසි, යො මත‍්තිකං ථාලං හරති, සුවණ‍්ණථාලරජතථාලාදිප‍්පභෙදං කංසථාලම‍්පි සො හරතෙව, ඉදඤ‍්ච තයා පාපං කතමෙව, න සක‍්කා තව සද‍්ධාතුං, සා ත්‍වං පුනපි එවං කරිස‍්සසියෙවාති. එවං සො තං ලජ‍්ජාපෙත්‍වා විප‍්පකාරං පාපෙත්‍වා සකට‍්ඨානමෙව අගමාසි.
‘අශීලාචාර තී කුමක් කියහිද? මැටි තලියක් සොරකම්කොට පුරුදු වූ යමෙක්, රන්තලී, රිදී තලි ආදී වූ වටිනා දෑ, සොරකම් කෙරේමය. තී විසින් මේ පව කරන ලදි. එබැවින් තී විශ්වාස කිරීමට නොහැකිය. නැවතත් තී මෙවැනි දෑ කරන්නීම යැයි මෙසේ සක් දෙවිඳු ඇයට පැවසීය’ යන අර්ථයි. මෙසේ ශක්‍රයා ඇය ලජ්ජාවට පමුණුවා, විහිළුවකට පත්කොට, ස්වකීය දෙව්ලොව බලා පිටත්ව ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, කළකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා ධනුග‍්ගහො උක‍්කණ‍්ඨිතභික‍්ඛු අහොසි, සා ඉත්‍ථී පුරාණදුතියිකා, සක‍්කො දෙවරාජා පන අහමෙව අහොසින‍්ති.
එදා ධනුග්ගහ නම්, මේ කළකිරුණු භික්‍ෂුවය. ඒ කුමරිය නම් මේ පුරාණ භාර්යාවය. සක්දෙව් රජ වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
චූළධනුග‍්ගහජාතකවණ‍්ණනා චතුත්‍ථා.